Skip to main content

Posts

හැට පස්වන පරිච්ජේදය | මුලා කිරීම.

කට්ටිය අහලා තිබ්බා Erha Manhua update වෙන්නේ නැහැ කියලා. නැ. මේක update වෙන්නේ සතියට පාරයි. ඒ කියන්නේ Artist දෙන විදිහට තමයි මම දෙන්නේ. එහෙමනම් ආයෙත් එනකං! ❤️❤️❤️ පෙර පරිච්ඡේදය | සියලුම පරිච්ඡේද | පසු පරිච්ජේදය  

හැත්තෑ අටවන පරිච්ජේදය : පෞද්ගලික සේවා.

    පැන් ලින් මානසික පීඩනයෙන් යුතුව ජනේලය අසල වූ සෝපාවේ වාඩිවි සි​ටියේ ඇදුම් මාරු කරගැනීමෙන් පසු ව ය. වරදකාරි හැගීම් යුතු වූ ෆෙයි ෂී ඔහු ඉදිරිපස හිදගෙන කතා කරන්නට උත්සහ කළ මුත් වචන ඔහුගේ තොල් අතරේ මිදී ඇතිවාක් සේ දැනෙන්නට විය. " ඔබ කිසිම දෙයක් පවසන්න අවශ්‍ය නැහැ." පැන් ලින් ​ජනේලයෙන් පිටත තිබූ හොඳින් ආලෝකමත් කළ ගණිකා මඩම දෙස බැලුවේ ය. "ඔහු වගේ පහත් අයෙක් මුණගැහීම මගේ අවාසනාවක්." ෆෙයි ෂී පවසන්නට විය , " ඔහු අතිශය පටු මනසක් ඇති පහත් අ​යෙක් බව ඔබ දන්නවා. එහෙනම් ඇයි ඔහු වගේ කෙනෙක් එක්ක කෝප ගත්තේ ? චෙංජී , ඒක වටින්නේ නැත. " පෑන් ලින් තමාටම උපහාසාත්මක සිනහවක් පිට කරගත්තේ ය. "අපේ පැන් වංශය මෙතරම් කණගාටුදායක තත්වයකට වැටිලා ද ? එක ආහාර වේලක් වෙනුවෙන් මගේ සදාචාරාත්මක හැසිරීම් නැති වෙන්න පුළුවන්. ඒත් ඔහුට මට මෙහෙම සමච්චල් කරන්න දෙනවට වඩා මැරෙනවා සැපයි." ඔහු ශෝකයෙන් සිටින ආකාරය දුටු ෆෙයි ෂි මේ දිනවල සමාජ නින්දා අපහාස ඔහුට සැබවින්ම රිදවා ඇති බව හේ දැන සිටියේය. ෆෙයි ෂි අලසයෙකු වුවද , ඔහු බොහෝ දුරට සැහැල්ලුවෙන් සිටි අයෙකි. ඔහු සනසන්නට විය , " හරි...