පැන් ලින් මානසික පීඩනයෙන් යුතුව ජනේලය අසල වූ සෝපාවේ වාඩිවි සිටියේ ඇදුම් මාරු කරගැනීමෙන් පසු ව ය. වරදකාරි හැගීම් යුතු වූ ෆෙයි ෂී ඔහු ඉදිරිපස හිදගෙන කතා කරන්නට උත්සහ කළ මුත් වචන ඔහුගේ තොල් අතරේ මිදී ඇතිවාක් සේ දැනෙන්නට විය.
"ඔබ කිසිම දෙයක් පවසන්න අවශ්‍ය නැහැ." පැන් ලින් ජනේලයෙන් පිටත තිබූ හොඳින් ආලෝකමත් කළ ගණිකා මඩම දෙස බැලුවේ ය. "ඔහු වගේ පහත් අයෙක් මුණගැහීම මගේ අවාසනාවක්."
ෆෙයි ෂී පවසන්නට විය, "ඔහු අතිශය පටු මනසක් ඇති පහත් අයෙක් බව ඔබ දන්නවා. එහෙනම් ඇයි ඔහු වගේ කෙනෙක් එක්ක කෝප ගත්තේ? චෙංජී , ඒක වටින්නේ නැත. "
පෑන් ලින් තමාටම උපහාසාත්මක සිනහවක් පිට කරගත්තේ ය. "අපේ පැන් වංශය මෙතරම් කණගාටුදායක තත්වයකට වැටිලා ද? එක ආහාර වේලක් වෙනුවෙන් මගේ සදාචාරාත්මක හැසිරීම් නැති වෙන්න පුළුවන්. ඒත් ඔහුට මට මෙහෙම සමච්චල් කරන්න දෙනවට වඩා මැරෙනවා සැපයි."
ඔහු ශෝකයෙන් සිටින ආකාරය දුටු ෆෙයි ෂි මේ දිනවල සමාජ නින්දා අපහාස ඔහුට සැබවින්ම රිදවා ඇති බව හේ දැන සිටියේය. ෆෙයි ෂි අලසයෙකු වුවද, ඔහු බොහෝ දුරට සැහැල්ලුවෙන් සිටි අයෙකි. ඔහු සනසන්නට විය , "හරිත කඳු පවතින තාක් කල්, උදුන් දල්වන්න දර හිඟයක් ඇති වේවි කියලා බිය වෙන්න අවශ්‍ය නැහැ - ජීවිතය ඇති තැන, බලාපොරොත්තුවක් තියෙනවා. උතුමාණෝ තවම ආඥාවක් වත් නිකුත් කරලා නැහැ ! චෙංජී, වංශාධිපතිතුමා එහෙම කිව්වේ නැද්ද? ගෞරවනීය පෑන් රාජ්‍ය තුනක ප්‍රවීණ අමාත්‍යවරයෙක්. ඔහු තවමත් උතුමාණන්ගේ හදවතේ යම් බරක් උසුලනවා. "
අනෙක් පැත්තෙන්, ගූ ජින් තිරය එසවූ අතර, ෂ්‍යාඕ චීයේ ඇතුල් වෙන්නට ඉදිරියට නැමුණේ ය. ෆෙයි ෂි සහ පැන් ලින් එක්ව ඔහුට ගෞරවාචාර කළහ.
ෂ්‍යාඕ චීයේ ඔහුගේ අත එසැවී ය, "මහත්වරුනි, ගෞරව කරන්න ඕනේ නැහැ. ගෞරවනීය පැන්, කරුණාකරලා අසුන් ගන්න."
පැන් ලින් අසුන් ගෙන ෂ්‍යාඕ චීයේ ට පැවසුවේ ය, "මම අද රාත්‍රියේ ඔබතුමාගේ විනෝද උත්සවය විනාශ කළා විතරක් නෙමෙයි, මම ඔබතුමාට මත්පැන් රස විඳින්න තියෙන අවස්ථාවත් අහිමි කළා. මට පහර දෙන්න සුදුසුයි. "
ෂ්‍යාඕ චීයේ ඇත්තටම එය ගණනකට ගත්තේ නැත. ඔහු වාඩි වී සිටියදී ගු ජින් ඔහුට තේ පැන් පිළිගැන්වීය. ඔහු උගුරු කිහිපයක් පානය කර මෙසේ පැවසීය: "මම ඔබතුමාගේ දක්ෂතා ගැන බොහෝ කලක ඉදන් අහලා තියෙනවා, ඒත මට කිසිම වෙලාවක සංවාදයක් ආරම්භ කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. අද රෑ අපිව මෙතනට ගෙනාවේ දෛවය සහ වාසනාව කියලා කියන්නත් පුළුවන්."
මෙය ඇසූ ෆෙයි ෂි සිනහවකින් යුතුව පැන් ලින්ට සිය දෑසින් සංඥාවක් කළේ ය.
පැන් ලින් ඉක්මනින් හිස නැමුවේය. ෂ්‍යාඕ චීයේ ඔහුට නැවත අසුන් ගන්නා ලෙස අතින් සංඥා කළේ ය, "මම තමයි පොදු වළවල් හෑරීමේ කර්තව්‍යය කළේ, ඒ නිසා එ්ක දැනෙන ආකාරය මම හොඳින් දන්නවා. දොංලොං වීදියේ පොදු වළවල් ආරම්භයේ ඉඳන්ම පරණ ඒවා වුනත්, ගෞරවනීය පැන් වැඩ අමාත්‍ය ධුරය භාර ගන්න පෙර අහම්බයෙන් හාරලා තිබෙනවා. මේ කාරණයේ තේරුමක් නැති කරුණු බොහොමයක් තියෙනවා. ඔබ මගෙන් ඇසුවොත්, මෙවර ජල මට්ටම ඉහළ යාමේ වරද ගෙූරවනීය පැන් මත පටවන්න අවශ්‍ය නැහැ."
පැව් ලින්ගේ හදවත උණුසුම් රුල්ලකින් පිරී ගියේ ය. ඔහු පවසන්නට විය,
"අවුරුදු කිහිපයකට කලින් මගේ පියා විශේෂයෙන් යමෙකුට ඉදිකිරීම් සැළැස්මක පිටපතක් සකස් කරන්න කියා ඉල්පා සිටියා. නමුත් එදා චොබෞ හමුදා පරාජයට පත් වුන නිසා රාජකීය භාණ්ඩාගාරයට මුදල් හිඟවුණා. ආදායම් අමාත්‍යාංශය මුදල් වෙන් කිරීම ප්‍රතික්ෂේප කළ නිසා මේ කාරණය මේ විදිහටම තිබුණා. කවුද දැනගෙන හිටියේ... හාහ්!"
"තවමත් එහෙම දෙයක් තියෙනවා කියලා හිතෙනවා." ෂ්‍යාඕ චීයේ තේ බදුන එහි පියනෙන් ආවරණය කළේය. "නමුත් වෙයි හුඅයිගූ අධිරාජ්‍යයා ඉදිරියේ මේ ගැන වචනයක්වත් සඳහන් කළේ නැහැ. ඔබේ පවුල් දෙකම එකිනෙකා සමඟ හොඳ සබඳතාවක් පවත්වාගෙන ඉන්නවා නේද?"
පැන් ලින් කිසිවක් නොපැවසූ අතර, ෆෙයි ෂි යුහුසුළුව මෙසේ පැවසී ය, "වංශාධිපතිතුමනී, ඇයි වෙයි හුඅයිගූ සියල්ල අවුල් කරන්න උත්සහ කරන්නේ? ඒ සේරම ඉහළ පෙළේ නිලධාරියෙක් වෙන්න අවශ්‍ය නිසයි. ඔහු මේ වසර පුරාම ඒක ඉවසගෙන හිටියා, අන්තිමට ප්‍රමාණවත් තරම් සුදුසුකම් සපරාගෙන මේ වසරේ පරීක්ෂණයට නියමිත වේලාවට පැමිණියා. ඔහු තමන්ව නියෝජ්‍ය ලේකම් ලෙස උසස් කළ හැකි පරිදි ඇගයීම ඉදිරිපත් කරන තෙක් බලා ඉන්නවා ; මේ ඔහුට අනාගතයේ දී රාජකීය උසාවියේ අනෙක් අය මෙන් ලේකම් කාර්යාලයේ වැඩිහිටි හායිට එරෙහිව නැගී සිටින්න එයින් ඉඩ ලැබෙන නිසයි. මේ මොහොතේ පොදු කාණු වළවල් වැසී යාවී කියලා කිසිවක් බලාපොරොත්තු වුනේ නැහැ. ඇත්ත වශයෙන්ම, ඔහු එයින් ඉවත් වෙන්න මාර්ග ගැන සිතා බලන්නයි ඕනේ. ඔහු මේ වෙනුවෙන් කොහෙත්ම වගකීම් බාරගන්නේ නැහැ."
"මම හිතුවේ නැහැ ඔහු ඒ වගේ පුද්ගලයෙක් වේවි කියලා." ෂ්‍යාඕ චීයේ මදක් විමතියෙන් බලා සිටියේය. "මේ වසරවල ආදායම් අමාත්‍යාංශයේ ගිණුම් දෝෂ රහිතව පැහැදිලි ව තිබෙන ආකාරය දැකලා , මම මුලින් හිතුවේ මේ වසරේ උසස්වීම ලැබෙන්නේ වෙයි හුඅයිගූට කියලයි. ඒත් ඔහු මෙතරම් නිර්ලජ්ජිත විදිහට පුද්ගලික ලාභ ප්‍රයෝජන සොයන තුච්ඡ පුද්ගලයක් බව කවුද දන්නේ? ගෞරවනීය පෑන් ට සිදු වූ දෙය සැබවින්ම අවාසනාවන්ත යි."
ඔහුගේ වචනවල අගය කිරීමේ ඉඟිය ඇසූ ෆෙයි ශී ට ධෛර්යය උපදවාගෙන මෙය පවසා නොඉන්නට නොහැකි විය., "පසුගිය කාලයේ සෑම අයෙක්ම තොරතුරු පිළිබඳව බොහෝ දුරට සමීප වුණා. වංශාධිපතිතුමනී , චෙංජී සහ මම බොහෝ මිනිසුන්ගෙන් විමසුවා, උතුමාණන් විසින් අධිකරණ අමාත්‍යාංශයට ලබා දුන් දඬුවම කුමක්ද කියලා අපි තවමත් දන්නේ නැහැ. උතුමාට දඩුවම් නියම වුනොත්... ඔහුව චූදු වලින් පිටමං කරයි ද?"
හදවත මුවඟටම එන්නා සේ පැන් ලින් ෂ්‍යාඕ චියේ දෙස බලා සිටියේ ය.
ෂ්‍යාඕ චීයේ තම අසුනේ තදින් වාඩි වී තම මාපටැඟිල්ලි මුදුව කරකවමින් සිටියේය. ඔහු තම තමන්ගේ ආසනවල කෙළවරට ආ විට ඔහු පවසන්නට විය, "ඒ ගැන කියන්න අමාරුයි. අධිරාජ්‍යයා මම ගැනත් ඉන්නේ දෙගිඩියාවෙන් බව පේනවා."
ෆෙයි ෂි වහා පවසන්නට විය, "රාජකීය ආඥාව නිකුත් නොකරන තාක්, දේවල් හරවන්න තවමත් අවස්ථාවක් තියෙනවා. ඔබතුමා සැබවින්ම දැන් ස්වර්ග පුත්‍රයාගේ අභ්‍යන්තර ඇමති කවයේ නිලධාරියෙක්! ඔබතුමාට මේ ප්රශ්නය සම්බන්ධයෙන් උතුමාණන්ට යහපත් ආකාරයේ වදන් කිහිපයක් පවසන්ල හැකි වේවි කියලා මම බලාපොරොත්තු වෙනවා."
"මම ඔහු වෙනුවෙන් හොඳ වදන් පවසන්නේ නැහැ." දෙදෙනාගේම ඉරියව් වෙනස් වන බව දුටු ෂ්යාශ් චියේ පසුබට නොවී පවසන්නට විය, "මම ඇත්ත පමණයි කතා කරන්නේ. ගෞරවනීය උතුමා දක්ධයි වගේම රාජ්‍යයට දායකත්වයක් ලබා දීලා තියෙනවා. ඔහු යම් යම් සුළු වැරදි කර තිබුණත් ඒවා දඬුවම් කරන්නවත් පිටුවහල් කරන්නවත් සුදුසු ඒවා නෙවෙයි. මම හෙට මාළිගාවට ඇතුළු වුනාට පස්සේ නැවත උතුමාණන්ට කතා කරන්නම්. සියල්ල හොඳින් සිදුවුනොත් , සමාව දින හතරක් ඇතුළත ඔබේ නිවසට පැමිණෙන්න ඕනේ."
පැන් ලින් නැඟී සිටින විට ඔහු තම දෑස් රතු වන තරමට සතුටට පත් ව සිටියේ ය. ඔහු තම සීමාව ඉක්මවා ගොස් ෂ්‍යාඕ චීයේ ව ස්පර්ශ කිරීමට නිර්භීත නොවූ අතර, ඔහුට හැකි වූයේ තමාගේම අත් අල්ලාගෙන සහල් පැළ සිටුවන්නාක් මෙන් තදින් දණින් වැටී ආචාර කරන්නටයි , "බොහෝම ස්තූතියි... අපේ ජීවිත බේරාගත්තට ඔබතුමාට බොහෝ පින්!"
"ගු ජින්, ඉක්මන් කරන්න, උප අමාත්‍යවරයාට නැගිටින්න උදව් කරන්න." ෂ්‍යාඕ චීයේ සිනහවකින් යුතුව පැවසුවේ, "මම කරන්න ඕනේ මේ දෙය තමයි. ඔබතුමා එය හදවතට ගන්න ඕනෙ නැහැ. ඔබ අද ආපසු යනකොට, ගෞරවනීය පැන් ට හොඳින් විවේක ගන්න ලෙස පවසන්න. අනාගතයේ දී ගෞරවනීය අමාත්‍යවරයට තවමත් අවශ්‍ය රාජ්යකීයමය සහ රාජ්‍ය කටයුතු ඕනෑ තරම් තිබේවි."
අවංකව හා විවෘතව කතා කළ ෆෙයි ෂි කීයේ ය, "අනාගතයේදී අපට ඔබතුමා වෙනුවෙන් කළ හැකි යමක් ඇත්නම්, කරුණාකරලා වචනය පමණක් පවසන්න! චෙංජී, අපි යමු. අපි ආපසු ගොස් එතුමාට මේ ශුභාරංචිය පවසන්න ඕනේ!"
පෑන් ලින් නැවතත් ඔහුට ස්තුති කරමින් ෂ්‍යාඕ චීයේට අවංකව පවසන්නට විය, "අනාගතයේදී මට ඔබතුමාට උපකාර කරන්න හැකි නම් මට දන්වන්න! ලිබෙයි දුර වැඩියි; මට ඒ වෙනුවෙන් ඔබට උදව් කළ නොහැකි වේවි කියලා මට බයයි. නමුත් මෙ චූදු පවතින තාක් කල්, පැන් චෙංජී වන මම, ඔබතුමාගේ වචනය දෙන තාක්කල් මගේ උපරිමය කරන්නම්!"
ෂ්‍යාඕ චීයේ පවසන්නට, "ආගන්තුකගෙක් වගේ හැසිරෙන්න එපා. කොහෙජමවුනත්, චූදු වල පොදු වළවල් වෙනුවෙන් සැලැස්මක් සකසන්න ගෞරවනීය පෑන් කෙනෙකු සොයාගෙන තිබුණ බව ඔබ කලින් සඳහන් කළා. ඒ වගේම පොදු වළවල් පිළිසකර කිරීම ගැනත් මම කරදර වෙනවා. ඒ නිසා මට ඔබතුමාට කරදර කරන්න පුළුවන්ද ගෞරවනීය පැන් ගෙන් විමසන්න මට සැලැස්මක් බලන්න දෙන්න පුළුවන්ද කියලා."
පැන් ලින් පවසන්නට විය, "අහන්න වුවමනා නැ. මම ආපසු නිවසට ගියහම මම ඒවා ඔබතුමාගේ නිවසට භාර දෙන්න මම අයෙක්ව එවන්වනම්.
ෂ්‍යාඕ චීයේ ඔහුව තවදුරටක් සනසාලමින් ගූ ජින් ඔවුන්ව බෝට්ටුවෙන් පිටත් කර හරින අයුරු බලා සිටියේය. ඔහු බෝට්ටුවේ සිට පීපාවාද්ය භාණ්ඩයේ සංගීතයට මඳ වේලාවක් සවන් දී ආපසු හැරී දිං තාඕ ට පවසන්නට විය. "ඔබ කැමති දෙයක් කන්න. කෝකියාට කියන්න පිසලා දෙන්න කියලා. ඔබ ආහාර ගෙන අවසන් වුනාට පස්සේ, පැණිරස හා සැර කෑම ටිකක් පිළියෙළ කරලා , පසුව මාළු ටිකක් ප්‍රවේශමෙන් පුළුස්සලා ඔබේ තරුණ ස්වාමි ශෙන්ට භාර දෙන්න. වෙන කාටවත් ම දැනගන්න තියන්න එපා."
ඔහුගේ සටහන් පොත බෑගයේ තබාගෙන ම දිං තාඕ දිව ගියේය. චෙන් යැං පිටුපසින් පැමිණ නිහඩ ස්වරයෙන් ෂ්‍යාඕ චියේට පැවසුවේ ය, "ස්වාමීනි, ෂුඒ ෂ්‍යුයි වැඩි වෙලාවක් ඇතුලත නොඳිවී; ඔහු තවමත් යාඕ වෙන්යූ දකින්න බලාගෙන ඉන්නවා. අපි මේක අවසන් කරනවද?"
"ඔව්. ඇත්ත වශයෙන්ම, අපි අවසන් කරනවා. " ෂ්‍යාඕ චීයේ හිම මෙන් ශීතල දෑසින් ආපසු හැරී බැලුවේ ය, "ෂඅඒ ෂ්‍යුජුඕ චුආන්චෙං සේද ප්‍රශ්නයෙදි මා වෙනුවෙන් කාල බෝම්බයක් සවි කෙරුවා. ඒකට මට ඔහුට විශාල ත්‍යාගයක් දෙන්න වෙනවා. තවත් විශිෂ්ට මත්පැන් භාජන කිහිපයක් පිරිනමන්න කියලා සේවකයාට පවසන්න. මේ ෂුඒ ෂ්යුයී අපට හුගක් ප්‍රයෝජනවත් වේවි. "
◈ ◈ ◈
කොං ච්‍යු ගේ භාරයට පත් වූ බන්ධනාගාරය දැඩි ලෙස නිරීක්ෂණය කරන ලද අතර, ෂී හොංෂුආන් ට කිසිදු තොරතුරක් යැවීමට නොහැකි විය. ඔහු මේ ලෝකයෙන් හුදෙකලා වූවක් වැන්න. ඔහු බලා සිටින තරමට ඔහු කනස්සල්ලට පත් විය. එක් රාත්‍රියකදි අවදි වූ පසු, ඔහු ජනේල නොමැති කාමරයක ට මාරු කර හුදෙකලා ව රඳවා තිබෙන අයුරු දකින්නට ලැබුනේ ය.
"ඇයි එකපාරටම තැන වෙනස් කළේ?" ෂී හොංෂුආන් තරබාරු වූ නිසා ඔහුට කැමති තරම් නිදහසේ හිදින්නට නොහැකි විය. ඔහුට කළ හැකි වූයේ මදක් නැමී තම ආහාර බෙදා දුන් පාලකයාට "අයියේ! මහත්මයා ! අඩුම ගානේ මට මොනවා හරි කියන්න.." වැනිදේ පැවසීම පමණකි.
ඒ පාලිකයා ඔහුගේ අදන් ගණන් නොගෙන පිළුණු වූ බත් සහ ඉතුරු වූ සුප් එක ඇතුළට තල්ලු කරන්නට පියන විවෘත කර ඔහු අත වූ බන්දේසිය ද රැගෙන පිටව ගියේය.
"අයියෝ, යාලුවා, කරුණාකරලා ටිකක් ඉන්නකෝ!" ෂී හොංෂුආන් සිය හඬ අවදි කළේය. "තවමත් මගේ සාක්කුවේ රිදී කාසි ටිකක් තියෙනවා. ඔබ මේ දින කිහිපයේ වෙහෙස මහන්සි වෙලා වැඩ කරන ආකාරය දෙස බලද්දී, මත්පැන් ටිකක් මිලදී ගන්න එය නොගන්නේ ඇයි? ඒක ඔබට කරන මම ගෞරවය කිරීමක් විදිහට සලකන්න!
පාලකයා නැවත හැරී ඔහුට කෙල විසී කළේ ය.
තුෂ්නිම්භූත වූ ෂී හොංෂුආන් තම ආහාර වේල පවා නොගෙන පිදුරු පැදුර මත වාඩි විය. ඔහු බලා සිටි මේ දින කිහිපය තුළ ඔහුට හොඳින් නිදා ගැනීමටවත් නොහැකි විය. ඔහු එය විවිධ කෝණවලින් සිතා බැලූ නමුත්, සියල්ල වැරදී ගිය තැන කුමක්දැයි ඔහුට වටහාගන්නට නොහැකි. කාලය ගත වන තරමට ඔහුට දැනුණේ අවිනිශ්චිතභාවයකි. අනෙකෙකුගේ අභිමතයට යටත් වීමේ රසය සරලවම ලෙස ගැනීමට අපහසු ය.
මේ කාමරය තෙත් වූ අතර, වාතාශ්‍රය සඳහා නාලිකා හෝ ආලෝකය ලැබීමට ජනේල නොතිබුණි. ෂී හොංෂුආන් ට සාමාන්‍යයෙන් උණ බම්බු පැදුරු මත නිදා ගැනීම දුෂ්කර වනු ඇත, දැන් එය ඔහුට වධහිංසාවකි. ඔහුගේ පිටේ වූ දද නැවතත් පැරී තිබුණු අතර, ඔහුට සීරීමට අවශ්‍ය වුවද ඔහුට එයට ළඟා වීමට නොහැකි විය.
පසුව, ෂී හොංෂුආන්ට ට ඇතුල් වන ස්ථානයේ චලනයක් ඇසුනි. දොර මන්දගාමී ලෙස විවර වූ අතර, ශෙන් ස'චුආනු ඇතුලට පැමිණියේ ය. ඔහුට පිටුපසින්, ත්‍රිකෝණාකාර මුහුණක් සහිත තරුණයෙකු ලෙස වෙස්වළාගෙන සිටි ච්‍යාඕ ත්‍යැන්යා පහන දැල්වීය.
ෂී හොංෂුආන් ඔහුගේ පාද චලනය කිරීමට වෙහෙසුනේ ය, "මොකද වෙන්නේ? ඇයි මාව මෙතන හිරකරගෙන ඉන්නේ? මේක කොං ච්‍යු ගේ අදහසක් ද? සිර මැදිරියේ මේ වගේ කාමරයක් තියෙනවා කියලා මම කවදාවත් අහලා නැහැ!"
"ඔබ දිගු කලක් බන්ධනාගාරයේ රැඳී සිටින වැරදිකරුවෙක් නෙමෙයි, එබැවින් ඔබ මෙම ස්ථානය ගැන නොදැන සිටීම නිවැරදියි." ශෙන් ස'චුආනි ඔහුගේ සළුව ගලවා ච්‍යාඕ ත්‍යැන්යා අතට දී, ෂී හොංෂුආන් ට පැවසුවේ ය, "මෙහි ආහාර මිනිස් පරිභෝජනයට සුදුසු නැහැ. මම විශේෂයෙන් කෑම වර්ග කිහිපයක් සකස් කරලා තියෙනවා. ආහාර ගන්න, අපි කතා කරමු."
ඔහුගේ එක් අතක එල්ලා තිබූ සළුව සමඟින්, ච්‍යාඕ ත්‍යැන්යා අනෙක් අතින් කෑම පෙට්ටිය විවෘත කර, ඔවුන් මෙහි එන අතරමගදී කලින් මිලදී ගත් ප්‍රණීත ආහාර පිළිගැන්වීය.
ෂී හොංෂුආන් පිදුරු පැදුර මත හිඳගෙන නිශ්ශබ්දව ච්‍යාඕ ත්යැන්යාගේ ගේ චලනයන් දෙස බලා සිටි අතර ඔහු හදිසියේම සිනාසෙන්නට විය. ඔහුගේ මුඑුණ ඉක්මනින් ශීතල ස්වරූපයන් ගත්තේ ය, "මේක සමුගැනීමේ රාත්‍රී භෝජන සංග්‍රහයක් වගේ පේන්නේ" යැයි ඔහු පැවසීය.
"මේ නඩුව මරණ දණ්ඩනයට සුදුසු නැහැ, ඒ නිසා ඔබ බිය වන්නේ ඇයි?" ශෙන් ස'චුආන් ච්‍යාඕ ත්‍යැන්යා පිරිසිදු කර තිබූ බංකුව මත වාඩි විය. ෂී හොංෂුආන් ඔහුගේ ආහාර කූරු නොසෙල්වී ඇති බව ඔහු දුටු විට, ඔහු ච්‍යාඕ ත්‍යැන්යා තවත් ආහාර කූරු යුගලයක් පිටතට ගන්නා අයුරු දුටුවේ ය. ඉන්පසුව, ්ඔහු මත්පැන් උගුරක් ගන්නා අතරේ තම ආහාරයට පිඟන් කිහිපයක් තෝරා ගත්තේය.
ෂී හොංෂුආන් ඔහුගේ ආහාර කූරු ගත්තේ් ඉන් පසුවය.
ශෙන් ස'චුආන් ආහාර කූරු පසෙක තබා ඔහු දෙස බැලුවේ ය. ඔහු සිනාමුසු මුහුණින් පැවසුවේ ය. "අපි සහෝදරයෝ. ඔබ මගෙන් මෙතරම් ආරක්ෂා වෙන්නෙ මොනවටද? "
ෂී හොංෂුආන් තැම්බූ ඇඹරු රෝල් තෝරාගෙන තම බදුනට දැමුවේ ය. කුසගිනි නිවී ගිය පසු ඔහු පැවසුවේ ය. "කාලයයි වටින්නේ. ඔබ මගේ තැන සිටියා නම්, ඔබ ඒ විදිහටම ක්‍රියා කරන්නේ නැද්ද? ඒ කාරණය සිදු වුනේ කොහොමද? ඔබ ෂී දාන් ව දැක්කද?"
ශෙන් ස'චුආන් තම මත්පැන් බදුන අවසන් කර ච්‍යාඕ ත්‍යැන්යා වෙත හිස නැමුවේය. ච්‍යාඕ ත්‍යැන්යා ද්වාරය හාර ඒ පුද්ලයාව ඇතුළට කැදවාගෙන ආවේ ය.
"දෙවන තරුණ ස්වාමියා !" ෂී දාන් ඇතුළට කඩා පැන්නේය. ඔහු ෂී හොංෂුආන්ව දුටු විට හිස පහත් කර පවසන්නට විය, "ඔබ හුගක් දුක් විඳලා!"
ඔහුගේ හස්තය වාරු කරගත් ෂී හොංෂුආන් අවසන් මත්පැන් බිංදුව ද පානය කර පවනන්නට වූයෙ ය, "නැගිටින්න! ඔබ තමන්වම මෝඩයෙක් බවට පත් කරගන්න එපා! මගේ නිර්මාතෘ හමුවෙන්න මට තවම කාලය ඇවිත් නැහැ!"
ඔහුගේ මුහුණ පිසදමාගත් ෂී දාන් පවසන්නට විය, "දෙවැනි තරුණ ස්වාමියා නිවසේ නොසිටි මේ දින කිහිපය තුළ දි, මම දැනටමත් විවිධ ප්‍රදේශවල සාප්පු හිමියන්ට ඔවුන්ගේ ගිණුම් පරිස්සමින් කළමනාකරණය කරන ලෙස දන්වා තිබෙනවා. මම ඔවුන්ට අවුල් කරන්න ඉඩ දෙන්නෙ නැහැ. නමුත් ඔබ වංශයේ කුළුණයි. අපට තවමත් ඔබ පෞද්ගලිකව කටයුතු භාර ගන්න අවශ්‍යයි. "
ෂී හොංෂුආන් නිහඬව තම ආහාර අනුභව කළේ ය. බොහෝ වේලාවකට පසු ව ඔහු පැවසුවේ ය. "එහි තත්ත්වය මට කියන්න."
ෂී දාන් පිළිතුරු දුන්නේ ය. "ඔහුගේ මහරජතුමාට කාරණය සම්බන්ධයෙන් වගකීම ඉටු කරන්න අවශ්‍යයි, ආදායම් අමාත්‍යාංශය සහ වැඩ අමාත්‍යාංශය යන දෙකටම දොස් පවරන්න අවශ්‍ය නැහැ. දැනට, පැන් ෂියන්ජිඒගේ වැඩ දැනටමත් අත්හිටුවා තියෙනවා , ඔහුට දැනටමත් කස පහර ලැබී තියෙනවා. තත්වය යහපත් නොවන හට වැටහුණා, මම ෂුඒගෙන් අයින්න පවා පිටවුණා, නමුත් ඔහු ඔහුගේ රාජකාරි කටයුතුවල කාර්යබහුල වුණ නිසා මට ඔහුව දකින්න නොහැකි වුණා.
"යැංචිං ඔබව දැක්කෙ නැද්ද?" ෂී හොංෂුආන් හදිසියේම තම ආහාර කූරු ඉවතට විසි කර මඳක් පටු වූ දෑසින් ෂී දාන් දෙස බැලුවේය. "ඔබ ඇත්තම ද කියන්නේ?"
ඔහුගේ අවිශ්වාසනීය ස්වභාවය දුටු ෂීඉදාන් ඉක්මනින් පවසන්නට විය, "දෙවන තරුණ ස්වාමිනි, මේක බොරු වෙන්න කොහොමද? ඔබ සත්‍ය අසත්‍ය බව දැන ගන්නත් නිදහස් වෙන එක නෙමෙයි ද? එවැනි කාරණා සම්බන්ධයෙන් මම ඔබව රවට්ටන්න නිර්භීත වන්නේ කොහොම ද?! මේ උතුමාණන්ගේ පොදු සමාව නිකුත් කිරීමට සමාන දෙයක් නෙමෙයි ද? අධිකරණ සමාලෝචන උසාවිය අධිකරණ අමාත්‍යාංශය සමඟ සම්බන්ධ වෙලා පසුගිය පැරණි නඩු සියල්ලම අවසන් කරන්නයි යන්නේ. ගෞරවනීය ෂුඒ ට කොං ච්යුත් සහ අනෙකුත් අයත් සමඟ ලිපිගොනු හුවමාරු කරගන්න වෙනවා. මම ඔහුගේ ගමන් රථය අවහිර කරන්න එඩිතර වුනෙ නැ, ඒ නිසා මට ඔහුව හමුවීමට අවස්ථාවක් ලැබුණෙත් නැහැ."
ෂී දාන් එය මේ ආකාරයෙන් පැහැදිලි කළ විට පමණක් ෂී හොංෂ්ගුආන් ඔහුව අඩු වැඩි වශයෙන් විශ්වාස කළේය. ඔහු මෙසේ කීවේය, "මෙවැනි කාල වකවානුවකදී කොටු වීමට ලැබීම මොනතරම් අවාසනාවක්ද... ලලන්ජෞ, හරියටම රජතුමාව මාලිගාවෙන් පිටව යන්න පොළඹවා ගත්තේ කවුද? මේ කාරණය සම්බන්ධයෙන් මාලිගාවෙන් තවමත් යාවත්කාලීන කිරීමක් නැද්ද? "
"අධිරාජ්‍යයා වටා බොහො මිනිසුන් පිරිසක් ඉන්නවා. ඒ නිසා අනුමාන කරන්න." ශෙන් ස'චුආන් පැවසීය. "නමුත් උතුමාණෝ විමර්ශනය කරන්න මැලිකමක් දක්වන බව පැහැදිලියි. ඔහු පැහැදිලිවම අනෙක් පාර්ශවය ආරක්ෂා කරන්න සිතනවා. "
"මූ රූට තමයි අධිරාජ්‍යයාට මෙතරම් දුරට ආරක්ෂා කරවන්න පුළුවන් වෙන්නේ නම්." ෂී හොංෂුආන් ඔහුගේ හස්තය තද කළේය. "ඒ බාල්ලි* අනුකම්පා විරහිතයි. ඇය එහෙම කරන්න හේතුවක් තියෙන්න ඕනෙ. ඔබ පරිස්සම් විය යුතුයි... ඇය රාජකීය උරුමකරුවෙකු සමඟ ගැබ් නොගෙන තිරය පිටුපස ඉදන් පාලනය කරන්න සිංහාසනය දෙස බලා ඉන්නවා වෙන්න පුළුවන්! "
"ඇය ෂුඒ ෂ්‍යුජුඕ ගේ කඳවුරේ සිටින නිසා, ඇය පහසුවෙන්ම ගැබ් ගනීවිදැයි මට සැකයි." නැවත වරක්, ශෙන් ස'චුආන් අතීතය ගෙන ආවේය. "ඔබ ඇගයීම් කාර්යාංශයට මාරු කිරීම තමයි ෂුඒ ෂ්‍යුජුඕ ගේ අදහස වුනේ. මූ රූ ට ඔබට හානියක් කරන්න අවශ්‍ය වුනේ ඒ නිසා නම්... මට තවදුරටත් ෂුඒ ෂ්‍යුජුඕ සිතන දේ ලබා ගන්න බැහැ."
ෂී හොංෂුආන් චී හුයිලියන් පැහැරගත් දිනයේ, ශෙන් ස'චුආන් ද ඔහු ඇගයීම් කාර්යාංශයට ඇතුළු වීම ෂුඒ ෂ්‍යුජුඕ ගේ අදහසක් බව සඳහන් කර තිබුණි. දැන් ඔහු එය මාස භාගයකට පසු නැවත ගෙන ආ බැවින්, ඔහුගේ වදන්වල ඇඟවුම වෙනස් ස්වරූපයක් ඉසිළුවේ ය.
ෂී හොංෂුආන් මඳ වේලාවක් ඒ පිඵිබදව කල්පනා කර, පසුව පැවසුවේ ය. "අපි මේ කාරණා දැනට පැත්තකින් තියමු. ලන්ජෞ, ප්‍රමුඛතාවය වෙන්නේ මාව මෙතැනින් ඉවත් කරන එකයි. වෙයි හුඅයිගු මොකක් ද කිව්වේ? ඔහුට කොයිතරම් අවශ්‍යද? මම ඔහුට ඕනැ තරම් දෙන්නම්! "
ශෙන් ස'චුආන් ඇඟිලි හතරක් දිගු කළේය.
ෂී හොංෂුආන් පැවසුවේ ය , "ලක්ෂ හතරක්?"
ශෙන් ස'චුආන් චලනය නොවීය.
ෂී හොංෂුආන් මේසය මතට බර දී නැගී සිටියේය. ඔහු කෑගැසුවේ ය "මිලියන හතරක්?!"
මේසය මත තිබූ පිඟන් කෝප්ප සහ භාජන එකිනෙක ගැටුණි. ලාම්පුව යට සිටි ෂී හොංෂුආන් ගේ ප්රකාශනය ක්‍රමයෙන් ම්ලේච්ඡ අදුරුස්වභාවයක් ගත්තේ ය. ඔහු අනතුරු ඇඟවීමකින් තොරව වයින් කෝප්පය විසි කළේය, "හොඳයි, වෙයි හුඅයිගු... හොඳින් ක්‍රීඩා කළා, වෙයි වංශය! ඉතින් මිලියන හතරක්..."
ඔහු දරුණු ලෙස සිනාසෙන්නට විය.
"මේ දජෞ වල නම්පූර්ණ හමුදා වියදමට සමානයි. චොංබෝ නැවත ගොඩනැගීමේ වියදම තරම්ම අධිකයි! මෙච්චර මුදලක්. හෙණ ගහපන්. ඔහු ඒවා ලබා ගන්නේ කොහොම ද? ඒක ඇත්තටම රිදී කන්දක්. එය බටහිරින් වෙනම ප්‍රවාහනය කරන්න වසර භාගයක් ගතවේවි! ප්‍රදේශ හරහා මුදල් රැගෙන යන මේ කාල සීමාව තුළ විවිධ අවසරපත් සහ මුරපොලවල් අල්ලස් දෙන්නත් ද මුදල් වැය වෙනවා! මුදල් චුදු වලට ආවත්, ඔහු එය ගබඩා කරන්නේ කොහේද? මෙතරම් මුදලක් සැඟවීමට ක්‍රමයක් නැහැ! "
"ඔහු දැන් කරන්නේ මේ තරම් ඕනෑවට වඩා ඉල්ලා හිදිමින් ඔබව ඉරා දමන එකයි, ඉතින් ඔහු ඔච්චර ගණන් ගන්නේ ඇයි? රාජකීය ආරක්ෂකයෝ දැනට ඇත්ත වශයෙන්ම වෙයි වංශයේ ෂොංබෝ වලට දැනටමත් ඔවුන්ගේ ඇස් තියෙන බව ප්‍රවෘත්තිය ලැබිලා තිබෙනවා. ඒ ගැන සිතන්න. වෙයි හුඅයිගූට දැනට ඔහුගේ අතේ ආදායම් අමාත්‍යාංශය තියෙනවා. ඔහු චොංබෞ හි ප්‍රාන්ත හය ඉවත් කරන්න සමත් වුනොත්, මේ මුදල සැබවින්ම හමුදා වියදම් සඳහා යොදවාවි. වෙයි වංශයට ඔවුන්ගේම භටයන් සිටින විට, සහ ... අධිරාජිනිය එක්ක ... එවිට ෂී වංශය ඔවුන්ගේ අනුකම්පාවට යටත් වේවි."
ෂී හොංෂුආන් එක්වරම හිස ඔසවා ශෙන් ස'චුආන් දෙස බැලුවේ ය, "ඔබ එදා ඔවුන් එක්ක එකතු වෙන්න කියලා මට උපදෙස් දෙනකොට අද මෙහෙම වෙයි කියලා ඔයා හිතුවද? ලන්ජෞ! මේ මිනිස්සු ඔක්කොම වෘකයන් සහ ව්‍යාලයන්; ඔවුන් සියල්ලෝම සෑහීමකට පත්විය නොහැකි කරම් කෑදර ය.ගි. ඔවුන් අපව ඔවුන්ගේ අතේ තියාගන්න මොහොතෙ ම, ඔබටත් මටත් මේ ජීවිත කාලය තුළ නැවත කිසි දිනෙක අපගේ දෙපයින් නැගී ඉන්න නොහැකි වේවි!"
"එදා, ඔවුන් සමඟ එකතු වෙලා යාඕ වංශය පන්නා දමන්නැයි මම ඔබට උපදෙස් දුන්නම, ඔබ පසුබට වුනා. යාඕ වංශය මුලදී ඔබට අන් අයට අනතුරු ඇඟවීමක් ලෙස දඬුවම් කරන්න හොඳ ඉලක්කයක් වෙන්න තිබුණා. ඔබට අවස්ථාව මග හැරිලා, ඒනිසා අද තත්වය අපේක්ෂා කරන්න තිබ්බා. ෂී හොංෂුආන්, ඔබ ඔවුන්ට පයින් නොගැහුවොත්, ඔවුන් ඔබව ඉවරයක් කරලා දාන්න උත්සහ කරාවි." වැළපෙන්නක් මෙන්, ශෙන් ස'චුආන් පවසන්නට විය, "මේ තත්වය හැම වෙලාවෙම හුගක් වේගයෙන් වෙනස් වෙමින් තියෙනවා. සෑම කෙනෙකුටම එකිනෙකා සමඟ තර්කානුකූලව කතා කළ හැකි දශක කිහිපයකට පෙර එය තවදුරටත් සමාන වෙන්නෙ නැහැ. අෂ්ඨ මහා වංශය කියන්නේ එක් වංශයක් වැටෙන විට තවත් වංශයක් නැඟී එන තැනක්. එය ඇතුළතින් පහතට ඇද දමනවා. ඔබට දිගු කලකට පෙරමයි අන් අයව ගිල දමලා රජු බව ප්‍රකාශ කරන්න තිබුණේ. "
ෂී හොංෂුආන්ගේ ගේ හුස්ම ගැනීම තරමක් වේගවත් විය. මේ මොහොතේම ඔහු තම නොසැලකිල්ල ගැන පසුතැවිලි විය. ඔහු දැල්වෙන ඉටිපන්දම් එළියට මුහුණ දෙන විට ඔහුගේ අත්ල දහඩියෙන් තෙත් වී ගියේ ය, "ලන්ජෞ... මම මේ වතාවේ එළියට එනකොට, අනාගත සැලසුම් වලදී මම ඔබේ උපදෙස් පිළිපදින්නම්! දැනටමත් මේ තත්ත්වයට පැමිණිලා නිසා , ඒ මිලියන හතර ලබා ගන්න ක්‍රමයක් ගැන අපි මුලින්ම සිතන්න ඕනේ."
"මිලියන හතරක් හුඟක් වැඩියි." ශෙන් ස'චුආන් පැවසීය. "ජ්යැන් චිංශන් ගේ ඇස්වලින් බේරීමට තරම් මුදලක් ජුඒෂි හරහා ගමන් කරවන්න ක්‍රමයක් නැහැ. තව ටිකක් ඉවසන්න. මම වෙයි හුඅයිගූ සමඟ සාකච්ඡා කරන්න යන්නම්."
මේ අවස්ථාවේදී බලා සිටීම හැර වෙනත් විකල්පයක් නොවීය. තමාව පාලනය කරගත් ෂී හොංෂුආන් පැවසුවේ ය, "ඉක්මන් කිරීම වඩාත් හොඳයි. රාජකීය අධිකරණයේ තත්වය ඉතා වේගයෙන් වෙනස් වෙනවා. ඊටත් වඩා, අධිරාජ්‍යයා අවිනිශ්චිතතාවයෙන් පෙලෙනවා වගේම පැහැදිපි මනසක් නැහැ. දෙවන ෂ්‍යාඕ හරි මූ රූ හරි ඔහුව පොලඹවා ගෙන ඔහුව දිනා ගත්තොත් , ඇත්තටම ප්‍රමාද වැඩි වේවි."
ශෙන් ස'චුආන් වැඩි වේලාවක් රැඳී සිටීම නුසුදුසු විය. ඔහු තම සළුව පැළඳ සිටි විට, ඔහු අමනාපයෙන් මෙන් ඇසුවේය, "ආ හරි. ඔබ සිරමැදිරියෙනෙ ඉන්නෙ, එතකොට චී හුයිලියන් ගැන මොනවද කියන්න පුළුවන්? ඔහුත් වැදගත්, ඒ නිසා කාටවත් ඔහුව දකින්න ඉඩ තියන්න එපා.
ෂී හොංෂුආන් යමක් පැවසීමට සූදානම් වූ නමුත් ඔහු තත්පරයකින් ඔහුගේ අදහස වෙනස් කළේය. ඔහු ශෙන් ස'චුආන්ට පවසන විට ඔහුගේ කටහඬ මෘදු වූයේ ය, "ඔබ කලබල වෙන්න එපා. චී හුයිලියන් බඩගින්නේ මැරෙන්නේ නැහැ. මට ඔහුව බලාගන්න කෙනෙක් හම්බුනා. ඒ ස්ථානය හොඳින් සැඟවී තියෙනවා. මම මෙතනින් ගියාම ඔහුව ආපහු ඔබ භාර දෙන්නම්."
දෑස් කොනෙහි සිනහවක ඉඟියක් සමඟින් ශෙන් ස'චුආන් අර්ධ වශයෙන් හිස පිටුපසට හරවා ගත්තේ එහි වූ අඳුරු ආලෝකය යටතේ ය. ඔහු තම සළුව නිසි ලෙස සකසා ගනිද්දී , ඔහු මෘදු ලෙස පැවසුවේ ය, "නිසැකවම"
ෂී හොංෂුආන් ගේ රෝම කෙලින් වෙන්නට සලස්වමින් ශීතල සුළගක් බිතු අතරින් ඇති ඉරිතැලීම හරහා ලිස්සා ආවේ ය. ඔහුව සැනසීමට තවත් වචන කිහිපයක් කීමට අවශ්‍ය වු ඔහු තම දෑත් අතුල්ලමින් සිටි නමුත් ශෙන් ස'චුආන් ඒ වන විටත් ද්වාරයෙන් පිටතට ගොස් තිබුණි.
_____________________________________
අසරණ ෂුඒ ෂ්‍යුජුඕ : මම කොහොමද ඕයි මිලියන හතරක් හොයාගන්නේ? ලන්ජෞ!!!!!
❤️❤️❤️
ReplyDelete