“අන්තිමට ඔයා ඇහැරුනා
එහෙනම්”
“මේ මොකද? මට යන්න දෙන්න! මන් ඔයාට කිසිම වරදක් කරලා නෑනෙ. ඇයි මෙහෙම මට
රිද්දන්නෙ? කරුණාකරලා මට යන්න
දෙන්න! ඔයා මට දැන් යන්න
දුන්නොත් මන් මේ ගැන පොලිසියටවත් ,වෙන කාටවත් කියන්නෙ නෑ.”
“කට වහපන්”
“මට බයයි, ඇත්තටම මට බයයි! ඇයි මම ක්ලාන්ත වුනේ? තමුන් මට මොනවද කලේ? “
“.........”
“ආහ්.... මට මතකයි මන් අන්තිමට
ව්‍යායාම ශාලාවෙන් වතුර බිව්වා””අනේ දෙවියනේ! තමුන් මට මාංචු දැම්මද?
තමුන්ට මගෙන් මොනවද ඕනෙ?
“.........”
“කරුණාකරලා මේ අහන්න,
ඔයාගෙ අරමුණ මොකක් වුනත් මට විශ්වාසයි අපිට
සහයෝගයෙන් සාකච්ඡා කරලා විසදගන්න පුළුවන් කියලා. ඕනම සම්බන්ධතාවයක් ආරම්භ කරන්න ඕනෙ හොද
සන්නිවේදනයකින්. අපිට ඒ ගැන කතා කරන්න පුළුවන්...”
“ඔයාට කතා කරන්න ඕනෙ
මොනවා ගැනද?”
“Grammy සම්මානලාභී කෘති අනිවාර්‍යයෙන්ම හොදම සංගීතය නියෝජනය කරනවාද? මත්ද්‍රව්‍ය භාවිතයට සම්බන්ධ කලාකරුවන්ගේ
පසුබිම ගැන ඔයා මොනවද හිතන්නේ? ඒ විතරක් නෙවෙයි, විශ්ව විද්‍යාලවල සුළු ජනවාර්ගික සමතුලිතතාවක් නො
තිබීමත් අසාධාරනයි නේද?ගැටුම් වලදී යොවුන් වියේ පසුවණ තරුණයින්ට පොලිසියෙන්
වෙඩි තියනවා කියලා දන්නවා නේද? ඔයා හිතන්නේ ඒක
සාධාරණයි කියලද? ම්ම්ම් තව....”
“කට වහනවා, ඔය විකාර කියවිල්ල නවත්තනවා”
“බෑ! එහෙම බෑ! මාව පැහැරගෙන
ආවේ තමුසෙනේ. මම කෑගහන්න ඕනෙ තමයි. තමුසෙට මාත්
එක්ක කතා කරන්න ඕනෙ නැත්නම්,
මගේ කට වහලා දානවා, ඇයි එහෙම කරන්න බැරි? තමුන් කව්ද කියනවා මට! මාව පිටසක්වලයෙක් පැහැරගෙන ආවා වෙන්න බෑනෙ”
“ඔයා මාව දන්නෑ, ඒත් මන් ඔයාව දන්නවා”
“වාව් නියමයිනෙ! මන් එච්චර ප්‍රසිද්ධයිද?
මන් හැමදාම උත්සහ කරන්නේ ප්‍රසිද්ධ වෙන්න. මන් වැඩියෙන්ම කැමති
බොහෝ මිනිසුන් ගැවසෙන සුපිරි වෙළදසැල්,ජිම්,පාපැදි වීදි, කැෆේ වගේ තැන්වලට යන්න. ඒ වගේ තැන්වල හොදට
එළීය තියන නිසා මගෙ මූණ හොදට පේනවා.ඒත් බාර්වල එහෙම බෑ. ළග ඉන්න කෙනාවත් නොපෙනෙන තරම් අදුරුයිනෙ. ඉතින් මාව කවදාවත්
කාටවත් අඳුරගන්න බෑ. තව ගෑණූ අය වැඩියෙන් ඉන්න හින්දා මන් නිතරම ෂොපින් මෝල් වලට
යනවා. ඕහ්...මාව වැරදියට තේරුම්
ගන්න එපා. මන් ඒවගේ ජරා මිනිහෙක් නෙවෙයි. ගොඩක් ගෑණු අය ගැවසෙන තැන්වලට ගියාම මාව
අදුරගන්න පුළුවන් අය වැඩියෙන් ඉන්න පුළුවන්.මොකද මන් රගපාන” Soap Opera” ( රූපවාහිනී හෝ ගුවන්විදුලි නාට්‍ය මාලාවක්,සාමාන්‍යයෙන් එකම චරිත සමූහයකගේ ජීවිතයේ දෛනික
සිදුවීම් ඇතුලත් වේ.උදා; කෝපිකඩේ ) දවල් කාලේ විකාශනය වෙන නිසා වගේම ප්‍රේක්ෂකයන් මූලික
වශයෙන්ම ගෘහණියන් නිසා.”
“.......”
“ඇයි ඔයා මොනවත් කියන්නෙ
නැත්තෙ? මන් නළුවෙක් වුනාට මිත්‍රශීලී
කෙනෙක්, අනිත් එක මන් මහලොකු
වත්කමක්වත්,ලොකු ප්‍රසිද්ධියක්වත්
නැති සාමාන්‍ය කෙනෙක්නෙ. අපි ආපහු මාතෘකාවට එමු. ඔයා මාව දන්නෙ කොහොමද? මන් ඉන්න නැනී මේරි පෙන්නන්නෙ හවසට විතරයි. මන් හිතුවෙ නෑ ඔයා වගේ
තරුණ කොල්ලෙක් ඒකට කැමති වෙයි කියලා. ඒකෙ වේඩ් ගැන මොකද හිතන්නේ? වේඩ්ගෙ චරිතෙ කරන්නෙ මමනෙ. මම ඔයාට රහසක්
කියන්නම්, මන් වේඩ්ගෙ අයියගෙන් ගුටිකන සීන් එක කරලා
ඉවරකළා විතරයි.ඒ මිනිහා මේරිව අතෑරලා කලින් බිරිදගේ සහෝදරිය එක්ක.......”
“මට තමුන්ගේ ටීවී සීරීස්
ගැන ගැන කතාකරන්න ඕන් නෑ”
“එහෙනම් මොනවා ගැනද
දෙවියනේ මන් කතාකරන්න ඕනෙ? හොදයි, නැනී මේරි එකට අමතරව මන් වෙළද දැන්වීම් වලටත්
යනවා. ඔයා ඒවා දැකලා තියෙනවද?
එළීමහන් බාබ්කියු හදන් එක එහෙම නැත්තන් පිගන්
හෝදන එක? ඒවා එච්චර ආකර්ශණීය නෑනෙ, ඔයා දැක්කද මගෙ යට ඇදුම් දැන්වීම? ඔයා ඒක නම් බලලා වගේ, මට ඔයාගෙ මූණ බැලුවම ඒක කියන්න පුළුවන්. ඒක තමයි මගෙ සරාගීම
ඡායාරූප එකතුව. නිෂ්පාදකතුමා තදින්ම කිව්වේ හොඳ සෞඛ්‍යමත් හැඟීමකින් ඉන්න ඕනේ කියලා...”
“ඇයි මෙච්චර මේ වල්පල්
කියවන්නෙ? මන් දන්න විදියට
මිනිස්සු මෙහෙම ඉවරයක් නැතුව කියවන්නේ කලබල වුනාම, නේද?”
“මාව හදුනාගත් පළවෙනි
රසිකයා මේ විදියට හමුවීම ගැන මන් ඇත්තටම ටිකක් කලබල වෙලා ඉන්නෙ, ඒක නෙවෙයි අපි... මේ කොහෙද ඉන්නෙ?”
“කොහේ ඉන්නවා කියලද
හිතන්නේ?”
“ම්ම්ම් මේක ලස්සන ලොකු
ඇදක්, මේ කාමරයත් සුඛෝපභෝගී
එකක්. මේ තැන අනිවාර්‍යයෙන්ම මිළ අධික තැනක්......පොඩ්ඩක් ඉන්න! ඔයා මගෙ රසිකයෙක් නෙවෙයි නේද? ඔයාට කව්රුහරි මෙතනට මාව ගේන්න කිව්වෙ ෂූටින්
එකකට නේද? මේක ප්ලෑන් කරලා කරපු දෙයක්
වෙන්න ඕනේ…”
“වැරදියි”
“එහෙමද?......එහෙනම් මේක.... මං කියන දේ සමහරවිට මෝඩ කතාවක් වෙන්නත්
පුළුවන්....මේක පෙම්වතුන්ගේ ලැගුම්හලක්ද?”
“නැහැ, ඇයි ඔයා මේ ඒවගේ තැනක් කියලා හිතන්නෙ?”
“මොකද, මගෙ අත්දෙක මාංචු දාලා ඇදේ ගැටගහලනෙ තියෙන්නෙ,
එවුනත් ඒක රිදෙන්නෙ නෑ. ඒවා ඇතුලතින් හරිම මෘදුයි.මේවා සාමාන්‍යයෙන්
තියෙන්නේ පෙම්වතුන්ගේ ලැගුම්හල්වල. ටිකක් ඉන්න! මං හිතන්නෙ මට තේරුණා.
ඔයා ඇත්තටම මගෙ
රසිකයෙක්! ඒත් පොඩ්ඩ්ක් ඕනවාට වඩා වැඩියි. කියන්න, ඔයා මට පිස්සුවෙන් වගේ
කැමතියි නේද? ඒකද මෙහෙම කලේ? ඔයා මෙච්චර දුර යන්න ඕනෙ නෑනෙ, මං කලිනුත් කීවා වගේ මන් හුගක් මිත්‍රශීලී
කෙනෙක්, ඔයා ඇවිත් මගෙන් බීමක්
ඉල්ලුවනම් මං අනිවාර්‍යයෙන්ම ඔයා එක්ක එනවා. අනිත් එක ඔයා ගොඩක් කඩවසම් කොල්ලෙක්, බැලූ බැල්මට උගතෙක් වගේ,ඇදුම් පැළදුම් වුනත් සෑහෙන්න වටින ඒවා වෙන්න
ඇති. ඔය වෙළද නාමය මන්
දන්නවා. එහෙමවෙලත් ඇයි මාව
පැහැරගත්තෙ? කොහොමවුනත් ඔයා වගේ
කෙනෙක් මට මේතරම් කැමති එක ගැන මට ටිකක් ආඩම්බරයි. ඒත් තමන් ආදරේ කරන කෙනෙක් මෙහෙම ඇදක ගැටගහලා
තියන එකනම් එච්චර හොද නෑ නේද? ඔයා
මං ගැන ඔත්තු බලනවා ද?
ඔයාට මාත් එක්ක ෆොටෝ එකක් ගන්න ඕනෙ
කියලා අහන්න හිතුනේ නැද්ද?”
“.....ඔයා මන් හිතුවට වඩා ටිකක් වෙනස්”
“මොකද්ද? මම වේඩ්ගේ චරිතයට වඩා කෙට්ටුයිද? අක්කත් කිව්වා එහෙම. කැමරාවෙන් කෙනෙක්ගෙ සැබෑ පෙනුමම නෙවෙයිනෙ
පෙනෙන්නේ. මට තේරුණා, මේක පෙම්වතුන්ගේ ලැගුම්හලක් නෙවෙයි වගේ,එහෙම තැනක ගෘහ භාණ්ඩ මෙච්චර උසස් විදියට
තියෙයි කියලා හිතන්න අමාරුයි.ඔයා පොහොසත් කෙනෙක්නෙ,අනිවාර්‍යයෙන් මේ තරුපහේ හෝටලයක් වෙන්න ඇති”
“මේ
හෝටලයක් නෙවෙයි,
මේ මගෙ ගෙදර”
“ගෙදර! ඔයාගේ ගෙදර? එක අතකට පුදුමෙකුත් නෑ, මේ වගේ මිළ අධික ඇදුම් අදින කෙනෙකුට මේ වගේ ගෙයක්
තියනෙක. මට මේක කියන්න,
ඔයා ව්‍යාපාරිකයෙක් ද?”
“එහෙම කියන්න පුළුවන්,
ඇයි එහෙම ඇහුවෙ?”
“හහ්!...මන් හිතුවා.අහින්සකයෙක් වගේ
මවාපාන්න හදන්න එපා බොරුවට, මන් දන්නවා ඔයාට දැන්
ඕනෙ මාත් එක්ක සෙක්ස් කරන්න කියලා. ගොඩක් වෙලාවට මේවගේ දේවල් වෙන්නේ නිළියන්ට
වුනත්, ඉදලා හිටලා පිරිමි අයටත් මෙහෙම වෙනවා, මන් හොදටම මේ ගැන හොදටම දන්නවා. ඔයා දැන් කියාවි ‘මන් කියන් දේ අහලා මන් කියන විදියට ඉන්න,මට ඔයාට ඕනෙම දෙයක් දෙන්න පුළුවන් ,එහෙම නැතුව මෙතන මට විරුද්ධ වුනොත් මට පුළුවන්
උබව ඉවරයක් කරලම දාන්න’
කියලා. එහෙම නේද?
මම ඒක කියපු
හැටි කොහොමද? ඒ විදිහටම කිව්වා නේද?”
“මොන
විදිහට ද?”
“ඔයා කියන්න ලෑස්ති වුණ විදිහට.”
“ඇයි මන් දැන් ඔහොම
කියන්න ඕනෙ?”
“තමුන් අනාගත තරුවක්
පැහැරගත්තා! තරුවක් කියනෙක ටිකක් අහංකාරයි වගේ වුනත් මන් කැමතියි ඒ වචනෙ පාවිච්චි කරන්න. තමුන් මන් ගැන පිස්සු
වැටුන රසිකයෙක් නෙවෙයි නම්, ඇයි මාව මෙහෙම තමුන්ගෙ
ගෙදර ඇදේ ගැටගහගෙන ඉන්නෙ? මන් කොහෙත්ම එකගවෙන්නෑ
තමුන් දැන් මට කරන්න හදන් දේට. එහෙම වුනොත් තමුන් මාව දූෂණය කරනවද? තමුන් සමලිංගිකයෙක් ද? ද්විලිංගිකයෙක්ද? නැත්නම්, තමුන් මේ
වෙනකල් කැමති වුණේ ගෑණුන්ට විතරයි, ඒත් මාව දැක්කම තමුන්ට
බලාගෙන ඉන්න බැරි වුණා ද? තමුන් මාව පැහැරගන්න තීරණය කලේ
ඇයි? පේන විදිහට තමුසේට උත්තර දෙන්න ඕනෙ නෑ වගේ. තමුන්ගෙ
මූණෙන් පේන්නේ කරදරේකට පත් වුණ දුක්බර පෙනුමක් එහෙනම්, තමුන් විෂම ලිංගිකයෙක්
වෙන්න ඇති කියලා මම අනුමාන කරන්නම්. සල්ලි බලය පාවිච්චි කරලා මාව පැහැරගෙන ඇවිත්
බළහත්කාරයෙන් හරි මාව ලබාගන්න තරම් මට හිතාගන්න බෑ තමුන් ඇයි මට මෙච්චරම කැමති
කියලා? තමුසෙට
මොනවාද ඕනේ?”
“ම..මම”
“තමුන්ට ඒක කරන්න ඕනෙමද?
ඕනෙමද? එහෙම හිතන්න පුළුවන්නම් කියන්නත් ධෛර්‍ය තියෙන්න
එපැයි, කියනවා ඉතින් කෑ ගහලා”
“ආහ්...නවත්තනවා ඕක”
“ඇයි මට නවත්තන්න
කියන්නේ? මොකද තරහ ගියාද?
මට කරුණාකරලා දැන්වත් කියනවද ඇයි මාව
පැහැරගත්තෙ කියලා?”
“ඒක දැනගත්තා කියලා
වෙනසක් වෙනවාද?”
“
ඔව්, මට ඒක දැනගන්න ඕනෙ”
“මම...මම ගොඩක් කල් ඉදන් ඔයා
දිහා බලාගෙන හිටියා”
“කොච්චර කල් ඉදන්ද?
මොන දැන්වීම දැක්කට පස්සෙද?”
“දැන්වීමකින් නෙවෙයි එකොළහ වසරෙ ඉදන්. ඔයාට
මාව මතක නෑ.”
“මොනවා! එතකොට අපි ඉස්කෝලෙ
යාළුවොද? ඒකවෙන්න පුලුවන්,
මන් ඒකාලෙ හැමෝම ආදරේ කරන කඩවසම් කෙනෙක්නෙ. මං
ක්‍රීඩාවලට දුර්වල වුනත් ගැහැණු ළමයි මන් ගැන පිස්සු වැටිලා හිටපු නිසාම සමවයස්
කොල්ලො ගොඩක් මන් එක්ක තරහෙන් හිටියෙ. ඒකාලෙ,මට මතකයි මට සංගීත ගුරුවරියක් කිව්වා මට අනාගතයෙදි
නළුවෙක් වෙන්න පුළුවන් වෙයි කියලත්, එයා කිව්වා හරියටම හරි. අහ්, මට එයාව
මඟහැරුණානේ. මම තාමත් ඒ තරම් ප්‍රසිද්ධ නොවුණත්, දවසක…
ඔහ්, මම මාතෘකාවෙන් පිට පනිනවා. ඉතින් ඔයා කව්ද?
සොරි, මට ඔයාව මතක නෑනෙ!”
“ඔයාට මතක නැතුවැති. මම මිටියි, ලස්සන මුහුණක් තිබුනෙ නෑ, මම පන්තියෙ හිටිය මෝඩම,කැතම කෙනා. මාව මතක ටික දෙනෙක්ට විතරයි.”
“පොඩ්ඩක් ඉන්න, මට ඔයාව මතකයි වගේ... මට ඔයාගෙ නමනම් මතක නෑ, කොහොමහරි ඔයා ලොකුම ලොකු කණ්ණාඩියක් දැම්මා
නේද? ලොකු
නළලක් තිබ්බේ, වෙන කිසිම දෙයක් කරගන්න බැරි, රචනා ලියන්න
විතරක් දක්ෂ කෙනා.”
“.....ම්ම්ම් ඒ මං”
“දෙවියනේ! ඔයා සම්පූර්ණයෙන්ම
වෙනස් කෙනෙක් වෙලානෙ! දැන් ඔයා ඉස්සරට වඩා උසයි ,කඩවසම්. සමහරවිට ඒ මම මෙතන ඇලවෙලා ඉඳගෙන ඔයා දිහා බලන
හින්දද දන්නේ නෑ. ඔයා මුහුණට සැත්කමක් කලාද? දැන් තඩි කණ්ණාඩි දාන්නෙ නෑ නේද?මට මතකයි ඔයා ඉස්සර කණ්ණාඩි ගලවනකොට ඔයාගෙ ඇස්
හරිම අමුතුයි, මං කියන්නෙ ඔයා කොච්චර
කැතටද හිටියේ කියලා නෙවේ,
දැන් ඔයා කොච්චර හොද විදියට වෙනස් වෙලාද කියලා.”
“ස්තූතියි”
“ඔයා කඩවසම් පොහොසත්
කෙනෙක්නෙ දැන්. නියමයි ඔයාට ඒක කරන්න පුළුවන් කියලා, මම දැනගෙන හිටියා.
බලන්න, ඔබේ නිවස මගේ නිවසට වඩා විශාලයි,ඔබේ ඇදුම් මට වඩා මිළ අධිකයි ,මම දන්නවා ජීවිතේ ගුණාත්මක බව මනින්න හොඳම සාධකය මේක
නෙවෙයි කියලා. මුදල්වලට වඩා වටින ගොඩක් දේවල් තියෙනවා, මුදල්, රූප ස්වභාවය, ආදරය,
වෙලින් චීන අවන්හල...”
“ඒ කැෆේ එක කිසිම වැඩකට
නෑ.”
“ඉස්සර හොද නෑ, ඒත් දැන් එතන දියණූ වෙලා. කෑමවල
රසත් හොඳයි, ඒ විතරක් නෙවෙයි එයාලා හැමදාම නොමිලේ මත්පැන් දෙනවා දැන්. ඔයා ආයෙත්
එතනට් ගිහින් ම ඒක බලන්න. වෙලාව තියන වෙලාවක අපි දෙන්නා එතනට යමුද?”
“මට බෑ, මන් යන්නෙ නෑ”
“ඔයා දැන් පොහොසත් නිසාද
යන්න බෑ කියන්නෙ? නැත්නම්
වෙන මොකක්හරි ද? මට මතකයි එකපාරක් එමී ඔයාට කිව්වා එයා එනකම්
ඔයාට ඒ කැෆේ එකේ ඉන්න කියලා. එයා ඔයා එනකල් බලාගෙන හිටියා.
ඒත් ඔයාට එන්න බැරි වුණා නේද?
ඔයා එයාව ප්‍රතික්ශේප කලාද?එහෙම නැත්තන් එයාම පස්සෙ එයාගෙ යෝජනාව ගැන
පසුතැවිලි වුනාද?”
“මන් ගියෙ නෑ”
“ඒ ඇයි? එමිත් ඔයා වගේම ලැජ්ජාකාරියක්, එහෙමවෙලත් එයා ඔයාගෙන් කැමැත්ත අහන්න තරම්
නිර්භීත වුණා, ඒත් ඔයා....”
“ඔයා කොහොමද ඒක දන්නෙ?”
“එයා ඔයා ගැන උනන්දු වුන
බව දැකපු හින්දා, එයාට ඔයාගෙන් අහන්න කියලා ධෛර්‍යමත් කලේ මම.”
“මන් එමීට කැමති වුනේ නෑ”
“ආ...ඇයි ඒ? ඔයා මට කැමති නිසාද? ඇත්තට? බලන්න ඔයාගෙ
මූණ දිහා! ඇත්තටම? ඒකනම් වෙන්න බෑ! ඔයා
ඒ කාළේ මාත් එක්ක වචනයක්වත් කතා කළේ නෑ! මන් දකින දකින හැමෝම එක්ක කතා කරනවා, ඔයාටත් එහෙමයි. ඒත් ඔයා කවදාවත් මට උත්තර දීලා නෑ.මන් හිතුවෙ ඒ ඔයා මට
අකමැති නිසා කියලා. ඔයා වගේ අය සාමාන්‍යයෙන් මම වගේ කඩවසම් කොල්ලෝ එක්ක තරහයිනේ.”
“මං මිනිස්සු එක්ක
කතාකරලා සම්බන්ධකම් හදාගන්න දක්ශ නෑ.”
“මන් ඇත්තටම ඔයා එක්ක
කතාකරන්න කැමතී, ඒත් අපිට ඒක මීට වඩා
වෙනස් විදිහකට කරන්න බැරි ඇයි?”
“කොහොමද?”
“බලන්න, ඔයා මට මත්ද්‍රව්‍ය දීලා මත්කරලා, පැහැරගෙන ඇවිත් දැන් ඇදේ මාංචු දාලා හිරකරලා.
ඇයි ඔයාට බැරි වුණේ මට හෙලෝ කියලා මාව පැහැරගන්න? අඩුම තරමේ මට නාගෙන
ඇදුම් මාරු කරගන්න දෙන්න... මට මීට වඩා පිරිසිදු, මේ වගේ දේකට සුදුසු
ඇඳුමක් ඇඳගන්න පුළුවන්නේ. මේ කිළිටි වුනු ව්‍යායාම ඇදුමෙන් මාව මෙහෙම හිරකරලා තියනෙක කොහෙත්ම
ආදරණීය නෑ”
“ඔයාට ඕනේ ආදරණීය හැසිරීමක් ද?”
“ඇත්තටම, නැතුව? ඒ ගැන හිතලා
බලන්න. ඔයා මට ඔයාගෙ හිතේ තියෙන්නේ මොන වගේ හැඟීමක් ද කියලා පෙන්නුවා, ඔයා මට කැමතියි, ඔයාට ඕනේ මාත් එක්ක ඒක කරන්න,
ඔයා අඩුම තරමේ මාව පැහැරගන්නවත් පසුබට වුණේ නෑ. ආදරේ වෙනුවෙන් මේ
තරම් දෙයක්? ආදරණීය මරණයක්. ප්‍රේම සම්බන්ධතාන් එක්
විදියකට ව්‍යාපාරයක් වුනත් ඔයා ඒකට දක්ශ නෑ . ඒත් මම දක්ශයි. දැන්වත් අපි හරි දේ කරන්න ඕනේ.”
“මොකක් වගේද?”
“උදාහරණේකට, ඔයා මට කොච්චර කැමතීද? ඔයා ඇයි මට කැමති? මම කරපු ආදරණීයම දේ මොකක්ද? ඔයා මගේ
ටෙලිකතා බලලා තියෙනවාද? ඔයාට පුළුවන් මම ඒවාගේ මොන කොටස්
වලද රඟපාන්නේ කියලා කියන්න.ඔයා නැනී මේරි බලන්න අකමැති වුනත් , ඔයාට මාව බලන්න පුළුවන්නේ. එතකොට මටත් පුළුවන් ඔයාට, නළුවෙක් විදිහට මට අත් විදින්න සිද්ධ වුණු මානසික
පීඩනය, දුක, සතුට ගැන, මගේ ඉස්කෝලේ කාළේ ගැන, රූගත කරද්දි ලැබුණු
අත්දැකීම් ගැන කියන්න... ඒ වගේම මම ඔයා ගැන හිතන්නේ මොනවාද කියලාත්. ඔයාම ඒක තීරණය
කරන්න. ඔයා මොනවාද හිතන්නේ?
ඒක මට පැහැදිලි නෑ. මම
මුලින්ම සන්සුන් වෙන්න ඕනේ. සේරටම කළින්, මම ඔයාත් එක්ක කතා
කරන්න හදපු එක වතාවකවත් ඔයා මට උත්තර දුන්නේ නෑ. මං මොනවාහරි ඇහුවම ඔයා කළේ ඒක මගහැරලා යන එක
විතරයි. මන් හිතාගෙන හිටියෙ ඒ ඔයා මට වෛර කරනවා ඇති කියලා.
මං හුගක් කළකිරුණා ඒ
ගැන....”
“කළකිරුණා?”
“ම්ම්ම්... මන් ඔයාට සමීප වෙන්න
හැදුවත්, ඔයා
මට කැමති නෑ වගේ පෙනුණ නිසා මම ඒක අතෑරලා දැම්මා.”
“ඔයා
එහෙම හිතන්න ඇති කියලා මම කවදාවත් හිතුවෙ නෑ.”
“ඒකයි මන් එමීට කිව්වෙ
ඔයාගෙන් අහන්න කියලා. මම හිතුවා ඒකෙන් ඔයා සතුටු වෙයි කියලා. මං මහ මෝඩයෙක් නේද?
මමම ඇවිත්
ඔයාගෙන් ඇහුවානම් ඉවරයි.”
“මම මේ... මම නිකන්...”
“මට තවමත් ඒකට අවස්ථාව
තියෙනවාද?”
“මොකක්?”
“මම ඇත්තටමයි කිව්වෙ. අපි යමු වේලින් කැෆේ
එකට. මාව
විශ්වාස කරන්න. ඒක ඇත්තටම ඉස්සරට වඩා
හොදයි. මතකද? ඒ කාලෙ ඉස්කෝලෙ ජෝඩු වැඩිහරියක් ගියෙ එතනටනෙ. ඔයා දැන් පොහොසත් නිසා
ඒවගේ තැන්වල ගැවසෙන්න කැමති නැති බව මම දන්නවා. ඒක ගැටලුවක් නෑ. ඊලග දවසෙ ඔයා
කැමති තැනකට යමු”
“ඔයා...ඒ කියන්නෙ”
“බලන්නකො ඔයා දිහා දැන්
හරියට පොඩි ළමයෙක් වගේ. මං නැගිටිනකොට හිටපු නපුරු මිනිහා පළාතකවත් නෑ දැන්”
“ඒ
කොහොමද?”
“විශේෂයක්
නෑ. නිකන් කතා කරමු. ඔයාට මාත් එක්ක කතා
කරන්න ඕනෙ නැද්ද? ඒක නෙවෙයි, මට දෙයක් දැනගන්න ඕනෙ. ඔයා මේ වගේ පෝසත් වුණේ කොහොමද? ඔයා මාත් එක්ක ආදර සම්බන්ධතාවයක් පටන් ගන්නවාද? නැත්නම් මාව දිගටම මෙහෙම බැදලා හිරකරලා තියාගන්නවා ද?”
“මටත් ඔයාගෙන් දැනගන්න
ඕනෙ, කවදා ඉදන්ද මෙහෙම
කටකාරයෙක් වුනේ කියලා?”
“මං ඉස්සරත් මෙහෙමයි,
ඔයා ඉතින් කවදාවත් මාත් එක්ක කතාවට වැටිලා
නෑනෙ. ඉතින් ඔයා මං ගැන
දන්නේ නෑ තමයි. මේකෙන් ඔයාට මාව එපා වුණාද?”
“මට එපාවෙලා නෑ.”
“අපි එකිනෙකා හොදින් අදුරගෙන තීරණයක් ගමු. ඔයා
මොකක්ද හිතන්නේ? හැරත්, මං හුගක් කියෝනවා කියලා
හිතන්නෙ නැතුව හොඳට අහගෙන ඉන්න. එතකොට ඔයාට මගෙ කටහඩ කොයි තරම් ආකර්ශණීයද කියලා
දැනෙයි. වෙළඳ දැන්වීමේ අධ්‍යක්ෂකතුමා කිව්වෙත් එහෙමයි. ඉතින් එයා මගෙන් අහුවා මටම
ඇවිත් හඬ පටිගත කරන්නත් පුළුවන්ද කියලා. මම මේ පුරාජේරු කියවනවා නෙවෙයි. මම මගේ
ගැන විස්තර කරනවා විතරයි.”
“ඕන දෙයක්. ඔයාට... මම
මොනවා ද කරන්න ඕනේ?”
“මේ මාංචු ලිහන්න එහෙනම්,
අපි කන්න මොනවාහරිත් ගෙනත්, නිදහසේ මේ ගැන කතාකරමු. මේක අපේ පළවෙනි දවස වේවි.”
____නිමි _____
hrima lssanai ��
ReplyDelete❤❤❤
ReplyDeleteහරිම ලස්සනයි 🥺❤
ReplyDeleteLassanai ❤❤❤❤
ReplyDeletelassana kathawak ❤️
ReplyDeletekathawa lassnai
ReplyDeleteLassanai
ReplyDeleteLassanaii ♥️
ReplyDeleteThank you ♥️
Woh 🤣 මාර හමුවීමක් හැබැයි 🌝 ලස්සනයි guys 🌚❤️🌼✨
ReplyDeleteHarima lassanai akke.... ❤️❤️❤️😍😍
ReplyDeleteලස්සනයී😍😍😍
ReplyDeleteපට්ට 🖤
ReplyDelete❤❤
ReplyDelete