Skip to main content

විසි හයවන පරිච්ඡේදය|"මම ඔට්ටු අල්ලනවා ඔබගේ කණිෂ්ඨ සහෝදර යූට, ඔබ මීටත් වඩා මුදු මොළොක් විදිහට සැලකුවා කියලා."

ඔහුව මෙම ව්‍යාකූලත්වයට ඇද දමා තිබුණේ යැන් වුෂි විසිනි. නමුත්, ඔහු නිසා ඇති වූ කරදරයක් නොමැති වුවද, ෂෙන් ච්‍යාඕ ද ෂිඑ ෂියන්ව හමුවීමට කැමති වනු ඇත.

ෂිඑ ෂියන්‍ යනු පුරසාරම් දොඩවන්නෙකු නොවන බව ඔහුට පැවසිය හැකි වූයේ ලෝකයේ දැන් පවතින තත්ත්වය ගැන ඔහු විසින් මීට මොහොතකට පෙර ශාලාවේදී කළ කතාවෙන් පමණි.

ෂෙන් ච්‍යාඕ කතා කළේ ය, “මහත්මයාගේ දක්ෂ විචාරය නිසා මටත් බොහෝ දැනුම ලැබුණා. මගේ සටන් කලාව ගැනත් උපදෙස් ටිකක් ලබාගෙන සතුටු වෙන්න පුලුවන් වේවිද?”

කාරුණික වචනවලට සවන් දුන් කිසිවෙකු පිළිකුල් කිරීමකට බඳුන් නොවනු ඇත. මුලදී ෂෙන් ච්‍යාඕ ගැන හිතකර මතයක් නොතිබූ ෂිඑ ෂියන්ට ද තවදුරටත් අඳුරු මුහුණක් හෙළීමට  නොහැකි විය. යැන් වුෂි තමාගේ තරඟය වනු ඇතැයි ඔහු අපේක්ෂාවෙන් සිටි නමුත් දැන් තරඟය වූයේ කිසිවෙකුත් අසා නොතිබූ මෙම පුද්ගලයා ය. එම නිසා ඔහු දිනුවත් නැතත් ඔහුගේ කීර්තිය හීන වනු ඇත. එබැවින් ඔහු සීතල ලෙස පිළිතුරු දුන්නේ ය, “ඔබේ ප්‍රශංසාවට ස්තූතියි. නමුත් මට මගේ ස්වාමියා වෙනුවෙන් වැඩ කීපයක් කරන්න තියෙනවා. ඒ නිසා මට වෙලාවක් නැහැ.”

යැන් වුෂි උපහාසයෙන් මෙන් යෝජනා කළේ ය, “ඔබට මාත් එක්ක සටන් කරන්න ඕන නේද? ඔබ මුලින්ම ඔහුට විරුද්ධව දිනුවොත් මම ඔබ සමඟ සටන් කරනවා.”

ලින්චුවන් ආයතනය ප්‍රසිද්ධ කොන්ෆියුෂියානු නිකායක් වූ අතර, සමකාලීන සටන් කලාකරුවන් අතරින් රුයන් ක'හුයි තෙවන ස්ථානයට පත් විය. එසේනම් ඔහුගේ ගෝලයෙකු වූ, ෂිඑ ෂියන් කෙතරම් දක්ෂ විය හැකිද?

අතීතයේදී ෂෙන් ච්‍යාඕ සිය කාලයෙන් වැඩි කාලයක් ගත කළේ ෂුඅන්දු කන්දේ වන අතර බාහිර ලෝකයට පය තැබුවේ කලාතුරකිනි. එහි හොඳ පැත්ත වූයේ යමෙකුට ඔහු ලෝකෝත්තර යැයි පැවසිය හැකි වීමයි. නමුත් එහි නරක පස වූයේ , ලෝකයේ සිදුවන වෙනස්කම් පිළිබඳ ඔහුගේ නොදැනුවත්කම හේතුවෙන් ෂුඅන්දු කන්දේ කුමන්ත්‍රණයට තුඩු දුන් බීජය ෂුඅන්දු කන්ද තුළ රෝපණය වී තිබීමයි. දැන්, ඔහු ලෞකික ලෝකයේ ගමන් කරමින් සිටින අතර, සියලු වර්ගවල මිනිසුන් සමඟ සම්බන්ධ වීම නොවැළැක්විය හැකි විය. ඔහුට ඔහුගේ සටන් කලාවෙන් අඩකට වඩා අහිමි වී තිබූ අතර, එය ඔහුට එක රැයකින් සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කළ හැකි දෙයක් නොවී ය. කුටිය තුළට වී ඒ ගැන කල්පනා කිරීමෙන් පමණක් ඔහුට එය නැවත ලබා ගත නොහැකි ය.

එම නිසා, යැන් වුෂි ගිනිදැල් අවුස්සන බව ඔහු පැහැදිලිවම දැන සිටිය ද, යළිත් පවසා සිටියේ ය, "අදක්ෂ මට ෂිඑ මහත්මයගෙන් යම් මගපෙන්වීමක් ලැබෙනවානම් මම ඒක අගය අගය කරලා සලකන්නම්."

ෂිඑ ෂියන්, ෂෙන් ච්‍යාඕ කවුදැයි යන්න දැන නොසිටි අතර, එහෙයින් ෂෙන් ච්‍යාඕගේ අනන්‍යතාවය, තත්වය සහ සටන් කලාවන් වරක් ඔහුගේ ස්වාමියාගේ මට්ටමට සමාන මට්ටමක පැවති බව ඔහු දැන සිටියේ නැත. තමාගේ ආත්ම දමනය කෙතරම් යහපත් වුවත්, යැන් වුෂි විසින් නැවත නැවතත් කුපිත කරවීමෙන් පසු අවසානයේදී ඔහුගේ එම ආත්ම දමනය බිඳී ගොස් තිබූ අතර කෝපය දලු ලා වැඩෙන්නට ආරම්භ වී තිබුණි.

ශරීරය අභ්‍යන්තරයෙන්ම උදාසීන බවක් දැනුණු ඔහුට, “හොඳයි, මම ඔබට මගේ මග පෙන්වීම පෙන්වන්නම්!” යනුවෙන් උපහාසයට ලක් නොකර සිටීමට නොහැකි විය.

කතා කර අවසන් වූ වහාම ඔහු ෂෙන් ච්‍යාඕ දෙසට දිව ගියේ ය. එය අහඹු පියවරක් නොවී ය. ඔහුගේ ඇඟිලි මදක් නැමුණු අතර, හස්තය විදුලියක් මෙන් වේගයෙන් ගමන් කළේ ය. යමෙකු එය සමීපව බැලුවේ නම්, චලනය ඊටත් වඩා අලංකාර විය. එය බොහෝ දුරට ප්ලම් මල් පිපීම හෝ රූපලාවන්‍ය ශිල්පිනියකගේ අතින් සුවඳ කුඩු ඉසින්නාක් මෙන් විය. එය කෙබඳු වී ද යත්, වෘක්ෂයන් දහසක් මත වූ පුෂ්පයෝ සර සර හඬ නඟමින් වේගවත්ව පිබිදුණු සේ ය.

ලින්චුවන් ආයතනයේ සටන් කලා විලාසය බොහෝ සරල සහ චාම් වූවකි. එය 'ශ්‍රේෂ්ඨ කලාවන් සඟවා ගනී' යන මූලධර්මය අනුගමනය කළ අතර, 'ස්වර්ණ විනාශය' හැර අනෙක් සියල්ල දැන් ෂිඑ ෂියන් විසින් භාවිතා කරමින් සිටී. එය නැරඹීමටම වටින තරම් විස්මයජනක දසුනක් වූ අතර, ලින්චුවන් ආයතනයේ පැවති සටන් කලාවන් අතුරින් සංකීර්ණත්වය සහ වේගය මත පැවති එකම සටන් කලා කට්ටලය ද එය විය.ෂිඑ ෂියන් විසින් සටන්කාමී ලෝකයේ නමක් ඇති කර ගැනීමට භාවිතා කර තිබුණේ ද එයයි.

මෙම පියවරේ සාර්ථකත්වය පිළිබඳව ෂිඑ ෂියන් හට දැඩි විශ්වාසයක් තිබූ අතර, ෂෙන් ච්‍යාඕ හට දැඩි පහරක් එල්ල කිරීමට ද ඔහු සැලසුම් කොට තිබුණේ නැත. ඔහුට අවශ්‍ය වූයේ ෂෙන් ච්‍යාඕගේ දෙඅත් බිද දමා, බාග විට අනාගතයේදී ඔහු ලබාගත හැකිව තිබෙන්නා වූ කුඩා ජයග්‍රහණයන් පවා ලබා ගැනීමෙන් ඔහුව වැලැක්වීමට ය

නමුත්, ඔහුගේ ඇඟිලි තුඩුවලට ෂෙන් ච්‍යාඕගේ අත් ස්පර්ශ කළ හැකි වූයේ යන්තම් පමණි! ප්‍රහාරය මඟ හැරී තිබුණි. මෙය ඔහු බලාපොරොත්තු නොවූ දෙයකි.

පුදුමයට පත් වූ ඔහුගේ හුස්ම සිර වූවාක් මෙන් වූ අතර තවත් උත්සාහයක් සඳහා ඔහු ඉදිරියට ගියේ ය.

ඔහුට නැවතත් මග හැරිණි.!

ඒ අතිශය විශිෂ්ඨ වූ චලනයන් ද්විත්වයකි. පළමු වරට ෂෙන් ච්‍යාඕගේ තිබූ අන්ධ වාසනාවක් නිසා එය මඟ හැරීමට හැකි විය හැකි වුව ද, දෙවන වරට වාසනාවන්ත වීමට ක්‍රමයක් තිබුණේ නැත.

ෂිඑ ෂියන් මුග්ධයෙකු නොවී ය. ෂෙන් ච්‍යාඕ යනු තමාට පෙනෙන තරම් දුර්වල හා රැවටෙන සුලු අයෙකු නොවූ බව ඔහුට ද වැටහුණි.

වඩාත් බරපතල වූ ඔහු, ඔහුගේ ආයුධය පවා පිටතට ගත්තේ ය. එය ජේඩ් පාලකයකි. ජේඩ් වලින් සාදන ලද නමුත් එය අතිශය දුර්ලභ ගුණයෙන් යුත් ජේඩ් කෑල්ලක් විය. එහි වර්ණය රක්ත වර්ණ ජේඩ් වලටත් වඩා දීප්තිමත් වූ අතර යමෙකුට එයින් රුධිරය වැගිරෙනු දැකිය හැකි විය. ෂිඑ ෂියන් විසින් මෙම ජේඩ් පාලකය, ඔහුගේ අභ්‍යන්තර චී වලින් පුරවන්නේ නම්, එයින් පහර ලබන ඕනෑම අයෙකුගේ අස්ථි බිඳී යනු ඇත.

කෙසේ වෙතත්, මේ වන විට ෂිඑ ෂියන් උගුලට හසු වී හමාර ය. ඔහුගේ රක්ත පාලකය හට ෂෙන් ච්‍යාඕ වෙත පහර දීමට නොහැකි වූවා පමණක් නොව, එයට ඔහු වෙත සමීප වීමටවත් නොහැකි විය. අනෙක් පුද්ගලයාව ස්පර්ශ කිරීමට සූදානම් වූ සෑම විටෙකම, ඔහුගේ පාලකය පසෙකට තල්ලු කරන්නා වූ අභ්‍යන්තර චී ප්‍රවාහයක් සෑම විටම ඒ අවට තිබුණි.

ෂිඑ ෂියන්ට තවත් දැඩි ලෙස තමාගේ බලය පෙන්වීමට අවශ්‍ය විය. පාලකයා වටා වූ රක්ත වර්ණ ආලෝකය හදිසියේම තවත් දීප්තිමත් විය!

එය, මාර්ගය දිගේ කෑගසන සුළි කුණාටු රැගෙන ගිය අතර, විසිල් හඬ සහ වර්ෂාව ෂෙන් ච්‍යාඕ වෙත පතිත විය!

එය සෑදූ සෑම කොක්කක්ම* සහ පහරක්ම පාහේ අහස සහ පොළොව ඉරා දැමිය හැකි අතර, එහි චලනයන් මඟින් ඉහළට ගෙන එන වායු ධාරාව ෂෙන් ච්‍යාඕ වටා ස්ථරයෙන් ස්ථරය ඔතා තිබුණි. නමුත්, ඒවාට ඔහු වටා කැරකෙන්නට හැකි වූයේ ඔහුගේ ශරීරයෙන් අඟල් තුනක් දුරින් පමණි. තවත් ඉදිරියට යාමට නොහැකි විය!

ෂිඑ ෂියන් ඇත්තෙන්ම පුදුමයට පත් විය. මොහොතකට පෙර ෂෙන් ච්‍යාඕගේ ප්‍රහාර දුටු විට, ඔහු සිතුවේ ෂෙන් ච්‍යාඕගේ ශක්තිය පිළිබඳව ඔහුට යම් අදහසක් ලැබී තිබුණු බවයි. නමුත් ඔහුගේ සැබෑ ශක්තිය ඔහු අපේක්ෂා කර තිබුණාටත් වඩා බොහෝ එහා ගිය එකක් වනු ඇතැයි ඔහු බලාපොරොත්තු වූයේ නැත.!

ඔහුගේ අපැහැදිලි වූ පෙනීම පැහැදිලි කරගැනීමටවත් ෂෙන් ච්‍යාඕ උත්සාහ කළේ නැත. දෑස් පියාගත් ඔහු ශ්‍රවණේන්ද්‍රියන්ගෙන් සවන් දුන්නේ ය.

ෂිඑ ෂියන් ඔහු වෙතට පැමිණ, ඔහුගේ රක්ත පාලකයෙන් ෂෙන් ච්‍යාඕ වටා තිබූ අභ්‍යන්තර චී ශක්තිය දෙකඩ කර, පසුව ඔහුට ඉහළින් පහර දීමට පැන්නේ ය.ඔහු එම ජේඩ් පාලකය අවහිර කළ නියමිත වේලාවේදීම ෂෙන් ච්‍යාඕ ද තම උණ ලී සැරයටිය එසවී ය.

ආයුධ දෙකක් එකිනෙක ගැටුණත්, පුදුමයට කරුණක් ලෙස උණ බම්බු පොල්ල කැඩී ගියේ නැත!

මෙම කෙටි කාලය තුළදී, මෙම පුද්ගලයින් දෙදෙනා දැනටමත් චලනයන් දුසිම් කිහිපයක් හුවමාරු කරගෙන තිබුණි.

මුලදී, ෂැන් ෂිචියන් මෙම සටන ගැන එතරම් සැලකිලිමත් නොවී සිටි නමුත් දැන් ඔහුට ඔහුගේ කනිෂ්ඨ සටන් සහෝදරයා ගැන කරදර නොවී සිටීමට නොහැකි විය. ෂිඑ ෂියන්ට ශබ්දයකින් වුවද බාධාවක් වනු ඇතැයි බිය වූ ඔහු ශබ්දයක්වත් පිට නොකර ඔවුන් දෙදෙනාගේ චලනයන් දෙස බලා සිටියේ හුස්ම පවා නතර කොටගෙන ය. හුස්ම ගැනීම මන්දගාමී කළ ඔහු ඇසිපිය පවා හෙලුවේ නැත.

ඊට හාත්පසින්ම වෙනස් ලෙස, යැන් වුෂි තවමත් විවේකයෙන් සිටි අතර දෑත් පිටුපසට බැඳගෙන, සංදර්ශනය රස විඳිමින් සිටි ඔහුගේ මුහුණ තෘප්තියෙන් පිරී තිබුණි.

ලින්චුවන් ආයතනයේ සටන් කලාව බොහෝ දුරට ගැඹුරු ලෙස හැඳින්විය හැකි, ආකර්ශනීය ශෛලියකින් යුක්ත වූවක් වූව ද, මේ මොහොතේදී ෂිඑ ෂියන්ගේ ප්‍රහාර සටන් වදින තරමට තව තවත් දරුණු වෙමින් පැවතිණි. අවසානයේදී, ඔහුගේ චලනයන් සම්පූර්ණයෙන්ම නිර්දය බවට පත් විය. ඔහු සටන්කාමී ලෝකයේ පෙනී සිටි දා සිට පසුබෑමක් අත්විඳ තිබුණේ කලාතුරකිනි. අත්විඳ තිබුණා වුවද, එය වෙනත් ජ්‍යෙෂ්ඨයින්ට සහ ප්‍රවීණයන්ට එරෙහිව වූ අතර ඔවුන්ගෙන් සමහරෙකු සුපිරි දස දෙනාට පවා ශ්‍රේණිගත වී තිබුණි.එම මිනිසුන්ට පරාජය වීම ලැජ්ජාවක් නොවේ, නමුත් දැන් ඔහු ඉදිරිපිට සිටින පුද්ගලයා සම්බන්ධයෙන් කිවහොත්, ෂිඑ ෂියන් ඔහු ගැන අසා නොතිබුණා පමණක් නොව, ඔහු අන්ධයෙකු පවා විය!

පරාජය වීම තබා ජයග්‍රහණය දෙපසට දෝලනය වෙමින් පැවතීම පවා ෂිඑ ෂියන්ට පිළිගත නොහැකි විය.

දෙදෙනාම තම ගමන් බිමන් ගැන කල්පනාකාරී විය. ඒ නිසා පාර මැද සටන් කළත්, ඔවුන් හිතාමතාම ඔවුන්ගේ සටන් කවය කුඩාවට තබා ගත් හ.ෂිඑ ෂියන් යනු ටිකක් අහංකාර පුද්ගලයෙකු වූ නමුත් ඔහුට ඔවුන් වටා සිටින අහිංසක මිනිසුන්ව පටලවා ගැනීමට අවශ්‍යතාවයක් නොවී ය. වට සිය ගණනකට පසු, ශරීරයෙන් ඉවතට ගලා ගිය අභ්‍යන්තර චී ශක්තියත් සමඟ ෂෙන් ච්‍යාඕට ශක්තියේ අඩු වීමක් දැනෙන්නට විය. මේ සටන දිගටම පැවතුනහොත් එය ඔහුට අවාසියකි. මේ අනුව, උණ බම්බු සැරයටිය පහළට ගත් ඔහු, සිය දෑත් දිග හැර ඉහළට නැගුණු අතර, ඔහුව දිස් වූයේ පොළොවට බැස ආ අමරණීයෙකු විලස ය. මැද ගුවනේ රැඳී සිටි ඔහු ප්‍රතිවාදියා දෙසට අත්ල දිගු කොට එයින් පහර දෙන්නට විය.

ෂිඑ ෂියන් ද සමීපව අනුගමනය කළේ ය.ඔහු එක් අතකින් අත්ල පහරක් එල්ල කළ අතර අනෙක් අතින් ජේඩ් පාලකය මඟින් ක්ෂ්ණිකව පහර දුන්නේ ය. ඔවුන් මැද ගුවනේදී අත්ලෙන් අත්ල සටන් කළ අතර දෙදෙනාම මඳක් වෙව්ලන්නට වූහ.ඊට පසු, ඔවුන් එකවරම තම අභ්‍යන්තර චි ශක්තීන් ඉවත් කර සෙමෙන් බිමට බැස්සෝ ය.

ෂිඑ ෂියන්ගේ, මළමිනියක් දුටුවාක් මෙන් වූ දරුණු මුහුණ දුටු ෂැන් ෂිචියන් ඉක්මන් වී ඇසුවේ ය, “කනිෂ්ඨ සහෝදරයා, ඔබ හොඳින්ද?”

පපුව මත අතක් තබා ගත් ෂිඑ ෂියන් නළල රැලි කළේ ය. ඉන්පසු සෙමින් හිස වැනුවේ ය.නැවතත් ෂෙන් ච්‍යාඕ දෙස බැලූ ඔහු "අනෙක් අයව පහත් කරලා බැලීම මගේ වරදක්." ලෙසින් පැවසුවත් ඔහුගේ දෑස්වල ලියවී තිබුණේ පැවසූ දෙයට සාපේක්ෂව වෙනස්ම වූ හැඟීමකි.

ෂෙන් ච්‍යාඕ පිළිතුරු දුන්නේ ය, “ෂිඑ මහත්මයා නිහතමානී වැඩියි. මටත් තුවාලයි.”

තරමක් කලකිරුණු පෙනුමකින් යුක්ත වූ ෂෙන් ච්‍යාඕ පැවසුවේ ය, “මේ ලෝකයේ අසංඛ්‍යාත දක්ෂතා වගේම  ප්‍රවීණයොත් ගොඩ දෙනෙක් හැංගිලා ඉන්නවා.මම, මං ගැන ඕනෑවට වඩා හිතුවා. මම ඒ තරම් උඩඟු විදිහට කතා නොකර ඉන්න තිබුණා.”

නැවතත් යැන් වුෂි දෙස බැලූ ඔහු පැවසුවේ ය, “නිකාය නායක යැන් කියපු දේ හරි. මට ඔබේ මිනිසාට එරෙහිවවවත් ජයග්‍රහණය කරන්න බැහැ.ඉතින් කොහොමද මම ඔබත් එක්ක සටන් කරන්න තරම් සුදුසු වෙන්නේ? ”

ඉන්පසු තම දෑත් එකතු කොට ආචාර කළ ඔහු ෂෙන් ච්‍යාඕ දෙසට තවත් බැල්මකුදු නොහෙළා පිටත්ව ගියේ ය.

“හේයි! හේයි!” ෂැන් ෂිචියන් විසින් ඔහුව ඇමතීමට උත්සාහ කළ නමුදු තම හිස පිටුපසට හරවා බැලීම පවා ප්‍රතික්ෂේප කළ ෂිඑ ෂියන් පිටුපස නොබලා ඉදිරියට ගියේ ය. එය දුටු ෂැන් ෂිචියන්ට ද, ඔහු පසුපස හඹා යෑම හැර වෙනත් විකල්පයක් නොතිබුණි.පියවර කිහිපයක් ඈතට ගමන් කළ ඔහුට යමක් මතක් වූවාක් මෙන්, එක්වරම නැවතී සිටි අතර පසුව ෂෙන් ච්‍යාඕ වෙත හැරී දෑත් එක් කොට ආචර කොට, සමාව අයැදීමේ සිනහවකින් යුක්තව තම කනිෂ්ඨ සටන් සහෝදරයා පසුපස හඹා ගියේ ය.

ෂෙන් ච්‍යාඕගේ තත්වය ද යහපත් නොවූ බව පෙනෙන්නට තිබුණි.ෂිඑ ෂියන් යනු රුයන් ක'හුයිගේ සාඩම්බර ගෝලයා ය. ලින්චුවන් ආයතනයේ මීළඟ නිකාය නායකයා වන්නේ ද ඔහු ය. ඔහුගේ සටන් කලාව තවමත් සුපිරිම දස දෙනාගේ මට්ටම සමඟ සැසඳිය නොහැකි වුව ද, තිබූ වෙනස එතරම් විශාල නැත. සටන් ශක්තියෙන් අඩක් පමණක් සහ රෝගී ශරීරයක් තිබූ ෂෙන් ච්‍යාඕට ජයග්‍රහණය කළ හැකි වුව ද, ඔහුට ඒ සඳහා විශාල දුෂ්කරතාවයක් අත් විඳින්නට විය.

ෂිඑ ෂියන්ගේ අභ්‍යන්තර චී ශක්තිය මඳක් කැළඹී තිබූ නමුත්, තම මුවින් රුධිරය පිට කරමින් සිටි ෂෙන් ච්‍යාඕගේ තත්ත්වය ද ඊට වඩා යහපත් වූයේ නැත.

පසෙක සිටි යැන් වුෂි සුසුමක් හෙලී ය, “හොඳයි, අපිට අද වසන්තයේ පිපුණු මල්වල දර්ශනය බලන්න යන්න බැරි වෙයි වගේ!”

පසුතැවිල්ල ප්‍රකාශ කරන අතරම, ෂෙන් ච්‍යාඕව තම දෑතින් ඔසවා ගත් ඔහු, තානායම දෙසට ගමන් කළේ ය.

නළල රැලි කොට ගත් ෂෙන් ච්‍යාඕ අරගල කිරීමට උත්සාහ කළේ ය, "නිකාය නායක යැන්, මට තනිවම ඇවිදින්න පුළුවන්..."

"ඔබ නැවතත් දැඟලුවොත් අපි ආපහු ගිය ගමන් මම ඔබට තොල් කෝප්ප විදිහට කවන්නම්."

ෂෙන් ච්‍යාඕ: "..."

සමහර විට, යැන් වුෂි නිකාය නායකයෙකුට වඩා තක්කඩියෙකු හෝ මැරයෙකු ලෙස හොඳ වනු ඇතැයි ඔහුට හැඟුණි.

***

යමෙක් නිතර නිතර තුවාල වනවානම්, ඔවුන් තුවාලවලට පුරුදු වනු ඇත.

ආපසු පැමිණි පසු ෂෙන් ච්‍යාඕ යළිත් නින්දට වැටුණි. ඔහු නැවත අවදි වන විට, පිටත පරිසරය අඳුරු වී තිබුණි. උණුසුම් ප්ලම් සුවඳක් කාමරය පුරා සිහින් ලෙස පැතිරෙමින් තිබුණි. ඉටිපන්දම් දැල්ලක් දිලිසෙමින් තිබූ අතර යැන් වුෂි පෙනෙන තෙක් මානයක සිටියේ නැත.

තම සැරයටිය සොයා ගත් ඔහු සපත්තු යුගළ දමාගෙන ඇඳෙන් බැස පිටත කාමරයේ සීනුව නාද කළේ ය. දැනටමත් ඔහු මෙම චලනවලට පුරුදුව සිටි ප්‍රවීණයෙකු වී තිබුණි. ඔහු දෙස සමීපව නොබැලුවා නම් ඔහුගේ දෑස්වල ගැටලුවක් ඇති බව අනෙක් පුද්ගලයන්ට පවා කිසිසේත් පැවසිය නොහැකි වනු ඇත.

මද වේලාවකින් පිටත සිටි කෙනෙක් දොරට තට්ටු කරන හඬ ඔහුට ඇසුණි.

ෂෙන් ච්‍යාඕගෙන් අවසර ලැබුණු පසු,සේවකයා විසින් දොර තල්ලු කෙරුණු අතර, අවධානයෙන් යුක්තව සිනහවක් පෑ ඔහු විමසුවේ ය, "මහත්මයා, ඔබට යමක් අවශ්‍යද?"

ෂෙන් ච්‍යාඕ ඇසුවේ ය, "දැන් වෙලාව කීයද?"

"දැන් හවස හයට විතර ඇති."

"කුස්සියේ තාම කෑම තියෙනවද?"

“ඔව් තියෙනවා. ඔබ කැමති දෙයක් තියෙනවනම්, මට කියන්න.ළිප තවමත් තියෙනවා. අපිට ඕන වෙලාවක උයන්න පුළුවන්!”

"එහෙනම් කරුණාකරලා මට කොන්ජි බඳුනක් එක්ක අතුරු කෑම ටිකක් එවන්න පුළුවන්ද?"

සේවකයා ඔහුගේ ඉල්ලීම පිළිගත්තේ ය. ෂෙන් ච්‍යාඕ හට වෙනත් පැවසිය යුතු කිසිවක් නොතිබූ බව දුටු ඔහු පිටත්ව යාමට සූදානම් වූ නමුත් ෂෙන් ච්‍යාඕ ඔහුව නැවතත් නවත්වාලූවේ ය, තව සංකීර්ණ කෑම ටිකක් හදන්න පුළුවන් නම්, කරුණාකරලා මට බිළාල කන් බඳුනකුයි, [1] පදම් කරපු ගව මාංශ බඳුනකුයි ගෙනෙන්න පුලුවන් ද?"

“ඔබ විනීත වැඩියි මහත්මයා.අමුත්තන්ට අවශ්‍ය නම්, අපි ඒවා වසර පුරාම වුණත් සූදානම් කරනවා! මම එයාලට කියන්නම් දැන්ම පිඟන් ටික හදලා එවන්න කියලා.පොඩ්ඩක් ඉන්න!”

ෂෙන් ච්‍යාඕ හිස වැනුවේ ය, "ඔබේ කරදරයට ස්තූතියි."

මෙම කෑම වර්ග සියල්ලම සෑදීම පහසු විය. පදම් කළ ගව මාංශ යනු සීතල හා සරල කෑමකි. ඔවුන්ට එය පෙති කපා ගැනීමට පමණක් අවශ්‍ය වූ අතර බිළාල කන්, නැවුම් පිටි ගුලියකින් සාදා බඳුනක තම්බාගත යුතු ආහාරයකි. කොන්ජි සහ කුඩා කෑම වර්ග ඊටත් වඩා සරල විය. පැයකටත් වඩා අඩු කාලයකදී ඒ වන විටත් පිඟන් කෝප්ප කාමරයට ගෙනවිත් තිබුණි.

කොන්ජි බඳුන අතට ගත් ෂෙන් ච්‍යාඕ එය සෙමින් තොලගාන්නට විය. උගුරු කිහිපයක් මුවට ගන්නා විට යමෙක් නැවතත් දොර තල්ලු කරන හඬ ඇසුණි.

බැලීම සඳහා වෙහෙස වීමටවත් ඔහුට අවශ්‍ය නොවී ය. පියවර හඬින් පමණක්, පැමිණි පුදගලයා කවුරුන්ද යන්න ඔහු දැන සිටියේ ය.

එය ප්‍රසන්න වූත්, සිසිල් වූත් රාත්‍රියකි. යැන් වුෂි සීතල වාතාශ්‍රය සමඟ ඇතුළට ගොස් මේසය අසලින් වාඩි විය.

“ගමන පුරාම ඔබ ගත්තේ සාමාන්‍ය කොන්ජි, අතුරු කෑම වර්ග වගේ සරල කෑම විතරයි. ඒ කියන්නේ, බළල් කන් බඳුනයි, ගව මාංශ බඳුනයි ඇණවුම් කළේ මටද? ”

ෂෙන් ච්‍යාඕ පිළිතුරු දුන්නේ සිනහවකින් පමණි. යැන් වුෂි නිවැරැදි ය.යැන් වුෂි ඉක්මනින්ම ආපසු එනු ඇතැයි සිතූ නිසා ඔහු තවත් කෑම වර්ග දෙකක් ඇණවුම් කළේ ය.

යැන් වුෂි ඔහුට විහිළු කළේ ය, “ඔබත් මමත් අහම්බෙන් එකිනෙකා මුණගැහුණු ආගන්තුකයන් විතරයි. අපි මිතුරන්ට වඩා සතුරන් වගේ කිව්වොත් හරි.ඒත් ඔබ මේ වගේ සුළු කාරණා සම්බන්ධයෙන් පවා එතරම් සැලකිලිමත්. මම ඔට්ටු අල්ලනවා ඔබගෙ කණිෂ්ඨ සහෝදර යූට, ඔබ මීටත් වඩා මුදු මොළොක් විදිහට සැලකුවා කියලා.මම හරි නේද?"

පාත්‍රය බිම තැබූ ෂෙන් ච්‍යාඕ කටුක සිනහවක් පෑවේ ය, “මට කතා කරන්න අවශ්‍ය නැති මාතෘකා ගෙන එන එක... නිකාය නායක යැන් අනෙක් අයගේ වේදනාකාරී ස්ථාන ස්පර්ශ කරන්න ඇත්තටම දක්ෂයි!”

"මම හිතුවේ ඔබව කොච්චර පාවලා දුන්නත් ඔබ කලින් වගේම ඒ දේවල්වලට සලකන්නේ ඔබ ගොඩක් නූගත්, මුග්ධයෙක් නිසා කියලා!"

ඔහු නැවතත් ඔහුගේ මනුෂ්‍යයන්-උපත්-නපුරු න්‍යායේ මතයන් පැවසීම ආරම්භ කිරීමට යන බව දැන සිටි ෂෙන් ච්‍යාඕ, තම මුව වසා ගත් අතර තවදුරටත් කතා කළේ නැත.

කෙසේ වෙතත්, තමන් වෙනුවෙන් මධ්‍යම රාත්‍රියේ කෙටි කෑම පිළියෙළ කළ ෂෙන් ච්‍යාඕ ගැන යැන් වුෂි සතුටක් ලැබූ බවක් පෙනෙන්නට තිබුණි. හදිසියේම මාතෘකාව වෙනස් කළ ඔහු සිනහවකින් සුසුම්ලමින් පැවසුවේ ය, "ආ ච්‍යාඕ, ඔබ හරිම මෘදුයි. ඒ වගේම සැලකිලිමත්. දවසක ඔබ ඔබේ පෙම්වතිය සොයා ගත්තොත්, ඔබ ඒ පුද්ගලයාට මීටත් වඩා අවධානයෙන් සලකයි නේද? ඔබ කැමති වෙන තරමට වාසනාවන්ත කෙනෙක් ඉන්නවනම් ඒ කෙනා ඒ වගේ ආශීර්වාදයක් ලබන්න ජීවිත කිහිපයක්ම ධ්‍යානවේදය පුහුණු කරලා වෙන්න ඕනෙ! ”

'ච්‍යාඕ' යන වචනය, ඔහුගේ අතපය පවා හිරිවැටෙන විදුලියක් සේ ෂෙන් ච්‍යාඕව කම්පනයට පත් කළේ ය. නිකාය නායකතුමණි, “කරුණාකරලා නැවත ඒ වගේ විහිළු කරන්න එපා. මම දාඕ ආගමට හැරුණු දවසේ මම තීරණය කළා මගේ මුළු ජීවිත කාලයම කාවවත් විවාහ කරගන්නේ නැහැ කියලා.”

“දාඕවාදී නිකායන්වල දාඕවාදී හවුල්කරුවන් කියලා දෙයක් නැද්ද? හොඳයි, කවුරුහරි දෙන්නෙක් දාඕවාදී හවුල්කරුවන් වුණත්, ඔවුන්ට මංගල උත්සව වගේ ලෞකික ආචාර ධර්ම අනිවාර්යයෙන්ම කරන්න ඕනෙ නැහැ නේද? ඔබට දැන් කොහොමත් ෂුඅන්දු කන්දට ආපහු යන්නත් බැහැ, ඉතින් මාත් එක්ක පවිත්‍ර චන්ද්‍ර නිකායට ආපහු එන්නේ නැත්තේ ඇයි? ඔබ මගේ ගෝලයෙක් වෙන්න අකමැති නම්, මට ඔබට වෙන 'තනතුරක්' දෙන්න පුලුවන්!”

ඔහුට සවන් දෙමින් සිටි ෂෙන් ච්‍යාඕට ඔහුගේ හිසකෙස් නැඟී  සිටි බවක් දැනුණි. ඔහුගේ ඉරියව්වේ පවා සුළු වෙනසක් පවා ඇති විය.

අනපේක්ෂිත හැසිරීම් රටාවට අමතරව, සියලු සමාජ සම්මුතීන් සහමුලින්ම නොසලකා හරිමින් ක්‍රියා කරන මෙම පුද්ගලයා සෑම විටම ආවේගය මත ක්‍රියා කළ බව සිතූ ෂෙන් ච්‍යාඕට ඔහු බරපතලද නැද්ද යන්න පැවසිය නොහැකි විය. නළල රැලි ගන්වාගත් ඔහු පිළිතුරු දුන්නේ ය, "නිකාය නායක යැන් [2] මට තියෙන අසීමිත ඇල්ම මම අගය කරනවා...."

ඔහු 'අසීමිත ඇල්ම' යන වචන පැවසූ විගසම, පසෙක සිටි යැන් වුෂි ගොරවන හඬක් පිට කළ අතර, ෂෙන් ච්‍යාඕ වහාම ඔහුගේ මුඛය වසා ගත්තේ ය.

යැන් වුෂිට තවදුරටත් එය රඳවාගෙන සිටීමට අපහසු වූ අතර ඔහු උස් හඬින් සිනාසෙන්නට විය. සින්හවෙන් මියැදෙන තරමටම ඔහු සිනහ විය. උදරයට දෑත් තද කොට ගත් ඔහු ෂෙන් ච්‍යාඕට සමච්චල් කළේ ය, “කෙනෙකුගේ බඩ පිරුණට පස්සෙ හිනාවෙන්න දෙයක් තියෙන එක හරියට කෑමෙන් පස්සේ කෙටි ආහාරයක් ගන්නවා වගේ. ආ ච්‍යාඕගේ රසකාරකත් එක්ක, ප්‍රීතිය මට දරාගන්න බැරි තරම්!"

මේ මොහොත වන විට, තමා නැවතත් රැවටීමට ලක් වී ඇති බව ෂෙන් ච්‍යාඕට නොවැටහෙන්නේ කෙසේද? තදින් දෙතොල් තද කරගත් ඔහු දෑස් පියා ගත්තේ ය. අනෙක් පුද්ගලයා කුමක් කීවත් තවත් වචනයක් හෝ පැවසීම ඔහු ප්‍රතික්ෂේප කළේ ය.

     


                      

පරිවර්තකගේ සටහන්:

[1] බිළාල කන්: සැබෑ බළල් කන් නොවේ. ඒවා බළලුන්ගේ කන්වල හැඩයට සමාන පිටිවලින් සෑදූ "නූඩ්ල්ස්" වර්ගයකි.

[2] අසීමිත ඇල්ම: මිනිසුන්ව ආචාරශීලී ලෙස ප්‍රතික්ෂේප කිරීමට සම්මත ආරම්භයකි.

*කොක්කක් ලෙස හැඳින්වූයේ එය විසින් වටාපිටාවේ තිබූ සියලු දේවල් ඇද ගැනීමට සිදු කළා වූ චලන ආකාරයකි.


Notice 

බිසී කාලයක් නිසා මේක update වෙන්න පරක්කු වෙයි..🤧 ඒත් මගින් නවත්තන්නෙ නෑ.. අනිවාර්යයෙන් ආවම ඔක්කොම චැපි එකට දානෝ.. කියවපු හැමෝටම ටැම්කෝ...🥺❤️ පරක්කු වෙන එකට සමාවෙන්නෝ 🤧

Comments

  1. අම්මෝ.... යැන් වූෂි නම් මහ පැණියෙක්

    ReplyDelete
  2. Yan Wushi හනේ
    එයත් ටිකක් Wuxian වගේ appa

    ReplyDelete
  3. මේ කතාව කම්මැලි කියලා හිතුවේ,ඒත් හරි ලස්සනයි ,යැන් වූෂි ,ඒ මනුස්සයා නම් ඇත්තටම හිතාගන්න බෑ

    ReplyDelete
  4. some one pls tell me where is the chapter 27? I read 26 and then there was 28.. where is the 27th ?

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-