Skip to main content

නව වන පරිච්ඡේදය | වෙහෙස වීම (¡¡ කොටස)



 උස් හඩකින් කවුරුන් හෝ කෑගසනු ඇසුනද ආපන ශාලාවෙහි වු ඝෝශාකාරි බව නිසා කිසිවෙකුටත් එය හරිහැටි ඇසුනු බවක් නම් පෙනෙන්නට නොතිබුණි.

මෙවරත් වරද මා අත බව මා දැනන් සිටියත් පෙර පරිදිම සියල්ලම ආරම්භ කරන්නෙ ඔවුන් විසිනුයි.

'ඉතිං මම කොහොමද මේවා බලන් ඉන්නෙ?'


"හැමෝම.හැමෝම ඕක නවත්තනවා....දැන්ම මේ විකාර නැවැත්තුවෙ නැත්නම් මම උඹලා ඔක්කොටම නඩු දානවා.."


කෑම උයන වයසක කාන්තාව කෑගසන්නට වූ අතර තවත් ආරක්ෂකයන් කීපදෙනෙක් අපි එකිනාගෙන් ඉවතට අදින්නට විය.


"උඹ තමයි ඉස්සෙල්ලම මේක පටන්ගත්තෙ පිස්සු හුත්තා."


මම ඒ අවජාතකයට කෑගසන අතර මට දැනුනෙ කවුරුන් හෝ මාව එතැනින් ඉවතට ඇදගෙන යන බවකි.ඒ අතර මම ඔවුන්ගෙන් ගැලවීමට උත්සාහ දැරුවද උන් මාව තවත් තදින් අල්ලාගෙන යන්නට විය.උන් යන්නෙ දෙවනි මහලට වු බැවින් යන්නෙ කොහේදැයි මම හොදින්ම දැන සිටියෙමි.

කින්ගෙ කාමරයෙ දොර දකිත්ම මගෙ සිතෙහි වු කෝපය සුනු විසුනුව යන්නට විය.


අයෙකු දොර විවෘත කල අතර මාව ඇතුලට ඇදගෙන ගියේය.

"මිස්ටර් කින්, ඔයාගෙ ආරක්ෂකයා ආයෙම ආරක්ෂකයො  ප්‍රශ්නයක් දාගෙන."


ඇහිබැමි රැලි කරමින් මම හිස හරවා බැලුවෙ සිතේ සැකයෙනි.


"ඕහ්..ඔයා විනාඩියක් විතර ඇති එලියට ගිහිල්ලා."

කින් වෙහෙසකර හඩකින් මිමුණුවේය.


"ඒත් මුලින්ම ඌ තමයි පටන්ගත්තෙ."


තර්ක කරන අතර මම නැවතත් බැලුවෙ තවමත් මා දෙස නොබලාම කල්පනා කරන කින් අවජාතකයා දෙසයි.


"අඩුම ගානෙ ඔයාට එකම දවසක්වත් හොදට හැසිරෙන්නෙ බැරිද පෝර්ශ් ?"


මා දිහාට ඇගිල්ල දිගු කරමින් කින් කිව්වේ අනෙක් ආරක්ෂකයන් ගැන මොහොතකටවත් අවදානයක් නොදීමයි.


"ඇයි ඒක ඔයාගෙ මිනිස්සුන්ගෙනුත් අහන්නෙ නැත්තෙ?"


'ඇයි එයා මට විතරක් වැරදි පටවන්නෙ.උන් තමයි ඉස්සෙල්ලම පටන්ගත්තෙත් ඒ මදිවට මගෙ මුණටත් ගැහුවා.'


"පෝර්ශ්, මට එකම දේ ආයෙ ආයෙම කියන්න ඉඩ තියන්නෙපා.මම පැහැදිලිවම ඔයාට කියලා තියෙනවා ප්‍රශ්න ඇතිකරගන්න එපා කියලා .විශේශයෙන්ම මගේ මිනිස්සු එක්කන්."


කින් කෑගසන අතර කලකිරීමෙන් මම බලා සිටියෙමි.


"හරි..හරි..ඔයා ඔයාගෙ අයගෙ පැත්තම ගන්න.කොහොමත් ඔයා එයාලා ගැන හැරි සැලකිලිමත්නෙ.නේද ?"


'හැම හුත්තටම මම වැරදි නෑනෙ.මොනවාහරි ලබ්බක් උන ගමන් කෑගහන්නෙ මට.නොකර දේකට බනිද්දි නම් මම බලන් ඉන්නෙ නෑ.'


"අනිත් අය එලියට යන්න."

කින් කිවේය.


"මොන හුත්තක්ද මෙ "

මම කෑගසමින් සෝෆාව බිත්තියේ වදින්නම පයින් ගැසුවෙමි.


"පෝර්ශ්.

මගේ ඉවසීමෙ සීමාව පන්නන්නෙපා. "


ඇගිල්ල මා දෙසට දිගු කරමින් කින් කිවෙය.

'ඔන්න මම දන්න කින් ආපහු ඇවිල්ලා.'


"ඔයා එච්චරටම මෝඩද ? ඒක පටන්ගත්තෙ උන් කියලා මම කොච්චර කිව්වත් ඇයි ඔයා පිලිගන්නෙ නැත්තෙ? මේ විදියටද ප්‍රධානියෙක් එයාගෙ මිනිස්සුන්ට සලකන්නෙ ?"


මම කියවන අතරෙ කින් මගෙ කමිසයෙ කොලරයෙන් අල්ලා මගෙ මූණට පහරක් ගැසුවේය.ඔහුගෙ මුහුණෙ පෙනුම පෙර සේම වූ අතර මම කිසිවිටෙකත් බය නොවේ.

මමත් එලෙසටම ඔහු දෙස බැලුවෙමි.


අප දෙදෙනා එකිනෙකාට පහර දීමට සූදානම් වන විටම කවුරුන් හෝ විත් කින්ට කතාකලේය.


"මිස්ටර් කින්, දෙවැනි පවුලෙ අය ඇවිල්ලා."


පණිවිඩය කියූ තරුණයා පිටව ගිය පසු කෝපය පාලනය කර ගැනීමට ගැඹුරින් හුස්මක් ගත් කින් මා දෙස බැලුවේය.

"තමුසෙ කට වහගෙනෙ හිටියෙ නැත්නම් මම උඹව මරනවා.දෙයියන් පල්ලා මම කියන්නෙ ඊලග පාර නම උඹව මරලා දානවා."


ඇදුම් සැකසමින්  මට ගෙරවූ ඔහු පිටව ගියේය.


"මේසෙ උඩ තියෙන ලියවිලි ටිකත් අරගෙන මගෙ පස්සෙන් එනවා."


කින් හඩ පාලනය කරමින් කීවද එහි නොකියූ තර්ජනයක් ගැබ්ව තිබුනි.

මම බිත්තියට පහර දුන්නෙ ට මගේ තරහව පාලනය කර ගත නොහැකි තැනයි.කොතරම් පහර දුන්නද මට වේදනාවක් නොදැනුනේ කින් ගැන වූ තරහව තව තවත් තවත් වැඩි කරමිනුයි.

'ඌ හිතන් ඉන්න මම උගෙ තර්ජන වලට බය වෙයි කියලද ?අවලමා.'

මම මොහොතක් දෑස් වස සන්සුන් වීමට උත්සාහ කලෙමි.පසුව ලියවිලිද රැගෙන පහලට එන විටත් කින් මැදිවියෙ පුද්ගලයන් දෙදෙනෙකුට සහ තරුණයෙකුට ආචාර කරමින් සිටියේය.


"අද ඔයාගෙ තාත්තා නැද්ද ?"


ගැඹුරු හඩින් ඇසු ප්‍රශ්නයට පිලිතුරු ලෙස කින් හිස සොලවා ,

"තව පැයකින් විතර තාත්තා ඒයි.ඔයාලා කෑම කාලද ?"


කින් ආචාරශීලී ලෙස කතාකලේය.

'මොන හුත්තක්ද.මට තාම හිතාගන්න බැ.කින්ගෙ මූන දකින හැම වෙලාවෙම මම තරහෙන් වෙව්ලනවා.ඒ මදිවට මේ මූසල වටපිටාව නම් මහ විකාරයක්.'


"කරුණාකරලා පොඩ්ඩක් ඉන්න.මම ලියවිලි ටික අරගෙන එන්නම්."


අමුත්තන්ට එසෙ කියු කින් මා දෙස බැලුවේය.සිදුවන දෙය තේරුම් ගත නොහැකිව ඇහිබැමි රැලි කර බලාගෙනම මම ලියවිලි කින් අසල වු මේසය මතට දැම්මෙමි.

කින් බලා සිටියෙ මම නැවත් වරදක් කරාක් මෙනි.අමුත්තන්ගෙ මුහුණු වල කිසිම ප්‍රතිචාරයක් නොවු නිසා මම නැවත කින් දෙස බැලුවෙමි.

'මම උඹට වෛර කරනවා.'


"කැම අරගෙන ආවා."

එසේ කියූ ගෘහ සේවිකාව සංඥා කලාය.කුතුහලයෙන් සේවිකාව දෙස බලා සිටින විට අනෙකුත් ආරක්ෂකයන් මාව ඉදිරියට තල්ලු කලේ ඒවා කින්ට ගෙනැවිත් දෙන ලෙස කියමිනි.

කියූ ලෙසට මම සේවිකාවගෙන් බන්දේසිය ගෙන විත් මේසයෙන් තියා ඉවත් වන්නට සූදානම් වන විට පෙර ලෙසම මාව සෙලවා,


"ඔය කෑම මිස්ටර් කින්ට පිලිගන්වන්න"


මම දැස් වසාගෙන නැවතත් සංසුන්  වීමට උත්සාහ කලෙමි.මගෙ දිහා බැලුව කින්,


"වැඩිහිටියන්ට තේ දෙන්න, වේගාස්ට පැණි රස දෙයක්, මට ඇමරිකානො එකක් දෙන්න."


අතෙහි වු ලියවිලි පරීක්ෂා කරමින් කින් මෘදු හඩකින් කීවේය.ඔහුගෙ ඇමරිකානො කෝප්පය ඔහු ඉදිරියෙන් තියන අතර මම කින්ගෙ මුණ දෙස බලද්දි යටපත්ව තිබූ තරහව නැවත ඉස්මතු වන්නට විය.උණු ඇමරිකානො කෝප්පය මේසයෙන් තියෙන මුවාවෙන් සිතාමතාම මම කින්ගෙ අතට එයින් බිංදු කීපයක් හැලුවෙමි.


"ශිට්."


කලබලයෙන් අත ඉවතට ගන්නා අතර අතෙහි වු ලියවිලි සියල්ල අවුල් විනි.කෝපයෙන් පුපුරමින් මා දෙස බලා සිටි කින් අමුත්තන් දෙස හිස හරවා බලන විට ඔවුන් ගල් ගැසී බලා සිටියහ.


"මොන හුත්තක්ද තමුසෙ කරේ ?"


"මට සමාවෙන්න මම හිතලා කරේ නෑ."


සිතෙහි වූ තරහව නිසා එවැන්නක් කලද ඇත්තටම මෙ මොහොතේදි මම ඒ ගැන පසුතැවෙමි.


"තමුසෙ ඇත්තටම මගෙ ඉවසීම මනිනවද ?"

කින්ගෙ හඩ දෝංකාර දෙන්නට වු අතර ඇස් නැවතත් අදුරු වන්නට විය.


"මට සමාවෙන්න.මේක මගේ මාසික දීමනාවට බලපානවද ?"

මම කුතුහලයෙන් අසද්දි මුළු ශාලාව පුරාම සිනාහඩක් පැතිර යන්නට විය .


"වෝ..හ්..මේ ගෙදර අය එයාලගෙ ආරක්ෂකයන්ට හොදටම උගන්නලා තියෙනවා වගෙ.ඔයා කින්ට එච්චරටම ගරු කරනවද ? හ..හ..හා...."


මුළු ශාලාව පුරා ඒ හඩ පැතිරෙද්දි කින් පුටුවෙන් නැගිට සිනාවී අමුත්තන්ට ආචාර කර ආචාරශීලී ලෙස කතාකරන්න විය.


"මම මගෙ ඇදුම් මාරු කරගන්න ඕන.වැඩි වෙලාවක් නොයා තාත්තා එයි.ඔයාලා මෙ ලියවිලි ටික බලන්න.කරුණාකරල...මට සමාවෙන්න ."


"තමුසෙ ...මගෙත් එක්ක එනවා.."


නැවතත් කින්ගෙ කාමරයට ගොස් දොර වහනවාත් සමගම කින් මගෙ කනට පහරක් ගැසූ අතර එය කෙතරම් ප්‍රභලද කිවහොත් කිසිවක් සිතීමටත් පෙර මම එතනම බිම වැටුණි.


ඒත් සමගම තොල් කෙලවරෙන් දැනුන ලේ රස නිසා හිස පහලට හරවත්ම ආයෙමත් කින් මගෙ කමිසයෙන් ඇද සෝෆාව මතට ඇද දැමුවේය.


"තමුසෙ හිතන් ඉන්නෙ මොනවා කරනවා කියලද කින්?"

මම කෑගැසුවද කින් ඒ වන විටත් මගෙ අත් ඔලුවට උඩින් සිටින සෙ තදින් අල්ලාගෙන සිටියේය.


"තමුසෙගෙ විකාර වැඩ අපි තනියෙන් ඉන්න වෙලාවට මට ඉවසන් ඉන්න පුළුවන්.ඒ උනත් මේ ගමන තමුසෙ දැගලුවා වැඩියි.ඒ මදිවට අර මිනිස්සු ඉස්සරහ මට ලැජ්ජ කරත් එක්ක.ඉන්නවා මම ඔහේට හොද පාඩමක් උගන්නනම්..."


මම දිගටම ඇඹරෙමින් උන් නිසා සෝෆාවෙන් නැගිට ගැනීමට හැකි වුවද කින් එකවරම මගෙ අත තදින් අල්ලා මම බිත්තියට තදින් අල්ලාගත්තේය.

මම කින් දිහා බලාගෙන කියවන්නට ගත්තේ තවත් කිසිවක් සිරකරගෙන සිටිම අපහාස වු නිසාවෙනි.


"හරි එහෙනම්, ඔයාට කැමති විදියක් කරන්න ,දඩුවම් කරන්න ,බනින්න...ඒත් ඔයා එකපාරක් වත් මට ඇහුම්කන් දෙන්න උත්සාහ කලාද? ඔයා හොදටම දන්නවා රණ්ඩුව පටන්ගත්තෙ ඔයාගෙ මිනිස්සු කියලා.ඒ හැමදේම දැන දැනම ඔයා හැමදාම මට දොස් කොයනවා.ඔයා කවුද කියලා මම හොදටම දන්නවා.මම මෙ ගෙදර මගෙ තැනත් දන්නවා.ඔයා මේ කරපු දේවල් එක්ක තවත් මම ඔයාට ඔලුව නවාගෙන ඉදියි කියලා හිතනව නම් හීනෙන් තමයි..."


එකදිගටම කියවා අවසානයෙ සන්සුන් වීමට මම ගැඹුරින් හුස්මක් පිටකලෙමි.

'මම හැමවෙලාවෙම හරි නැතුව ඇති ඒ උනත් උන් මට කරදර කරලත් මේ විදියට ගැලවිලා ඉන්න එකට මම ඇත්තටම වෛර කරනවා.'

සියල්ලක්ම කරන්නෙ ඔවුන් වුවද අවසානයෙ දඩුවම් විදිමට සිදුවන්නෙ මට.


"මොන විදියට හේතු තිබුණත් ඔයාට අයිතියක් නෑ මේ විදියට මට අකීකරු වෙන්න.

මම තමුන්ගෙ ප්‍රධානියා.තමුන්ගෙ රාජකාරිය මම කියන දේවල් කරන එක."


"ඔයා මේ විදියට කරලා තවත් මම ඔයාට කීකරු වෙයි කියලා බලාපොරොත්තු වෙනවද ?"


"තමුසෙට එහෙම බැරිනම් පලයන්.හැබැයි තමුසෙ ඉන්නවා නම් හරියට හැසිරෙන්න ඉගෙනගන්නවා."


තරහව පාලනයකින් තොරව කෑගැසු කින් මගෙ අත ගසා දමා මාව දොර දෙසට තල්ලු කලෙය.


'මේ මෝඩ හුත්තා තාම මම කියන දෙයක් අහන්නෙ නෑනෙ.'

මම එලියට විත් හැකි උපරිම වෙර යොදා දොර වසා දැමුවෙ කින් සමග කතා කරන සෑම විටම කෝපය ඇවිස්සී මගෙ කාලයද නාස්ති වන බැවිනි.


තවත් එහි සිටිය නොහැකි බැවින් පිටත ගෙවත්තට විත් සිගරට් පෙට්ටිය ගෙන ඉන් එකක් දලවාගෙන අසල වු බිත්තියකට වාරු දි සිටගත්තෙමි.

ඇත්තවශයෙන්ම මම රැකියාවෙන් ඉවත්වීමට අවශ්‍ය වුවද හිස මත පැටවි ඇති ණය ගෙවාගැනීමට ක්‍රමයක් නොවූ නිසා අකමැත්තෙන් හෝ සිටීමට සිදුවෙ.

කලකිරීමෙන් අසල වූ ගලකට පයින් ගසා පැලී තිබූ තොල සෙමින් පිරිමැද්දෙමි.

'අවජාතකයා උඹ...මට මෙහෙම කරන්න තරම් හයියක්....'


අතට අහුවන දේ එහා මෙහා විසිකරමින් මම කෝපට පිට කිරීමට උත්සාහ දරන අතර දෙවැනි සිගරට්ටුවත් දල්වා ගතිමි.


අවට කිසිවෙක් සිටීදෝ හැරී වටපිට බලන අතර දැක්කේ විකට කතා පොතක් ඇතැතිව සිටි කොලු ගැටයෙකු බිරාන්ත වී මා දෙස බලා සිටින ආකාරයයි.

"මොනවද උඹ බලන් ඉන්නෙ ? උඹෙ ඇස් උගුල්ලලා දාන්න කලින් පලයන් මෙතනින්."


තරහව පාලනය කර ගත නොහැකිව මම බැන වැදුනු අතර ඔහු ඉක්මනින් ආපසු හැරි දිව ගියේය.පෙනුමෙන් මධ්‍යම පාසල් වයසෙ අයෙක් වු අතර මම සිතුවෙ කව්රුන් හෝ සේවකයෙකුගෙ දරුවෙක් කියායි.


දෙවැනි සිගරට්ටුව අවසාන් වූ නිසා තින්වෙනි සිගරට්ටුවත් දල්වා මම සන්සුන් වීමට උත්සාහ කර අතර එහි බාගයක්වත් අවසන් වීමට පෙර කවුරුන් හෝ නැවතත් මට කතාකරන්න විය.


"පෝර්ශ් ,මිස්ටර් කින් ඔයාට කතාකරා."


සුසුමක් හෙලමින් තවමත් අවසන් කර නොතිබූ සිගරට්ටුව බිම දමා පාගා එය නිවා දැමුවේ කින්ගේ මූන සිහි කරමිනි.

මා සොයා ආ තරුණයාගෙ පසුපසින් ගොස් ශාලාවට ඇතුලු වන විටත් මිස්ටර් කෝර්න්,කින් ආහ සියලුම අමුත්තන් එකම බැල්මකින් මා දෙස බලා සිටියහ.ඒ අතර ටික වෙලවකට පෙරදි වත්තෙ සිටි පිරිමි ලමයා එහි සිටි අමුත්තෙකුගෙ තුරුලෙ බයේ හඩමින් සිටියේය.


"තාත්තෙ..මේ මිනිහා..මෙයා තමයි මගෙ ඇස් දෙක  ගලෝනවා කිව්වෙ..."


සියල්ලන්ම මගෙ දිහාට නැවත හැරිණි.


"ඒක ඇත්තද පෝර්ශ් ?

ඔයා මැකාවුට එහෙම කිව්වද ?"


මිස්ටර් කෝර්න්ගෙ හඩ බරපතල විය.


"සමාවෙන්න "

ඔවුන් සමග තර්ක කිරීමට නොහැකි බැවින් මම හිස නමාගෙනම සිටියෙමි.


"උඹට කොහෙන්ද එච්චර හයියක් මගෙ දරුවට එහෙම කියන්න තරම්?"

දරුවාගෙ පියා යැයි සිතිය හැකි පුද්ගලයා රලු හඩකින් කීවේය.


නිහඩවම සියල්ල අසා අවසානයෙ මම දෑත් එක් කර නැවත වරක් සමාව ඉල්ලා සිටියෙමි.


"සමාවෙන්න ."


"තමුසෙගෙ කටහඩේ කිසිම පසුතැවීමක් නෑනෙ.තමුසෙ මෙ ගැන ඇත්තටම පසුතැවෙනවද ?"


උගෙ කෑගැහිල්ලට මගෙ කේන්තිය තවත් වැඩි වන්නට විය.


"හරි හරි දැන් නවත්තන්න.පෝර්ශ් දැනටමත් සමාව අරගෙනනෙ තියෙන්නේ.

පෝර්ශ් ඔයාට යන්න පුළුවන්."

මිස්ටර් කෝර්න් සන්සුන් ලෙස කීවෙය.


"එච්චරද ඒ උනත් ඌ මැකාවුට රිද්දන්න හැදුවෙ."

නාකියා නැවතත් කෑගැහුවේය.


"මට මගෙ මිනිස්සු ගැන බලාගන්න පුළුවන්.

පෝර්ශ් ඔයා දැන් යන්න."


මම ශාලාවෙන් පිටතට ආවද තවමත් නාකි මිනිහා බනිමින් සිටියේය.


මම නැවතත් ගෙවත්තට යාමට සැරසෙන විට පිටුපසින් සුපුරුදු හඩක් ඇසුණි.


"මගේ කාමරේට යමු."


'මොන වෙලාවෙද කින් මගෙ පස්සෙන් ආවෙ.මම දැක්කෙත් නැ.ඌ මාව උගෙ කාමරේට ඇදගෙන යද්දිවත් මම කිසිම දෙයක් හිතාගන්න බැරුවයි හිටියෙ.'

මේ කාමරයට එන සෑම විටම නැවතත් මගේ පීඩනය වැඩි වන්නට විය.


හයියෙන් හූල්ලන ගමන් කින් මේසය දෙසට ඇවිද ගියේය.


"ඔයා මෙහාට ආව පලවෙනි දවසෙම මගෙ ගෙදර ගිනි තියලා අපේ මාළුත් මැරුවා.දෙවනි දවසෙ බීලා වෙරි වෙලා මාව කරදරේක පැටලුවා.දැන් අද ඔයා මගෙ ඔලුවට අත හේදුවා වගේ මගෙ මල්ලිට තර්ජනය දෙවනි පවුලෙ අය ඉස්සරහ මට ලැජ්ජා කලා.

අනේ දෙවියනේ පෝර්ශ්, දවස් තුනකට ඔයා පුදුම කරදර ගොඩක්නෙ ගෙනල්ලා තියෙන්නේ.මට තේරෙන්නෑ ඔයාට මොනවා කියන්නද කියලා."


'අනෙ උඹ හිතන් ඉන්නෙ උඹට විතරක් මෙහෙම පිආඋ හැදිල ඉන්නව කියලද.මටත් අමාරුයි මෙ දේවල්.අනේ හුකපන්.මටත් මහන්සි මේ විකාර එක්ක.මට ආයෙ ඇහැරෙන්නෙ නැති නින්දකට යන්න ඕන.'


"ඉතිං දැන් ඔයා ඒකට මොකද්ද කරන්න හදන්නෙ?"


"ඔයාගෙ දෙමව්පියෝ හොද පුරුදු කියලා දේවල් උගන්නලාම නැද්ද ? අඩුම ගානෙ ඔයාට එක පාරක්වත් මට ගරු කරලා කතාකරන්නම බැරිද ?"


තවදුරත් කේන්තියක් නොතිබුණු කින්ගෙ මුහුණෙ වෙහෙසකර බවක් පෙනෙන්නට විය.


"ඔයාගෙ මිනිස්සු මම ගැන හිතන් ඉන්න විදිය ගැන ඔයා මොනවහරි කලොත් මම ඒ ගැන පස්සෙ හිතලා බලන්නම්."


"ඉතිං දැම් ඔයා කැරලි ගහන්නද හදන්නෙ?"

කින් සිනාසෙමින් ඇසුවෙය.


"ඔව් ඇත්තවශයෙන්ම.මොකද් කිව්වොත් ඔයා ආත්මාර්ථකාමී ,අනිත් අයට ඇහුම්කන් දෙන්නෙ නැති මෝඩ බූරුවෙක් නිසා."


"ඒත් ඔයයි මුලින්ම මාව තරහ ගැස්සුවෙ."


"ඔයාට තරහ ගන්න තරම්ම මම මොනවද කරේ? ඔයා තවමත් ඔයාගෙ වැරදි ප්‍රතික්ෂේප කරන පිස්සු බූරුවෙක්.මම කවදාවත් ඔයා වගෙ අමනයෙක්ට කීකරු වෙන්නෙ නෑ."

මම කියලා අවසන් වෙත්ම කින් වාඩිවි සිටි තැනින් නැගිට මගෙ දිහාට එන්නට ගත්තේය.


"දැන් ඔය කියෙව්වා ඇති පෝර්ශ්."

එසෙ කියා කින් මාව සෝෆාවට තල්ලු කර මට නැගිටීමට නොහැකි වන ලෙසට මාව තදින් අල්ලාගත්තේය.


"මොන හුත්තක්ද මෙ කරන්න හදන්නෙ?"

මම ඌව තල්ලු කර නැගිටීමට උත්සාහ කලද තවත් මාව තදින් අල්ලා ගත්තේය.


"ඔයාට දඩුවම් කරන්න ."


කියා අවසන් වත්ම කින් මගේ මූණට බර වුණ නිසා මම අහක බලාගත්තෙ කල යුත්තේ කුමක්ද කියා සිතාගත නොහැකිවයි.

'මොන හුත්තක්ද මූ කරන්නෙ'


මගෙ කන ලගින් දැනුන උණුසුම් සුසුම් වලට මාව ගැස්සෙන්නට විය.මම ගැලවීමට කොතරම් උත්සාහ දැරුවද තවත් මාව කින්ගෙ දෑත් වලට සිරවූ අතර ඔහු මගේ කම්මුල් දිගෙ  පහලට ගොස් බෙල්ල ලග නැවතුනි.

මම සිතුවෙ කින් මෙ විකාරය නැවතීමට යන බවයි.නමුත් මට වැරදුනි.

ගෙල ලගින් නැවතුනු ඔහු මගෙ උගුරු දණ්ඩ අසලින් සිපගන්නට විය.

මගෙ ඇගේ හිරිගඩු පිපෙන්නට ගත් අතර මගෙ හුස්ම සහ ඔහුගෙ හුස්ම එකට මිශව යන්නාක් මෙන් දැනෙන්නට විය.


"ඔයා මොනවද මේ ක..ර..න්නෙ..?ම..ට.. යන්න දෙ..න්න..."


කිසිවක් සිතාගත නොහැකිව මම ගල්ගැසි සිටියද කින් නම් අගලකින්වත් ඔහුගෙ ඉරියව්ව වෙනස් නොකලේය.

ඔහු දිගටම මගෙ ගෙල සිපගත්තේ එක් දශමයක් හෝ මගහැරීමට වේ යැයි ලෝභකමින් මෙනි.

නොනවත්වාම උරහිස දක්වාම සිපගන්නට ගත් අතර මෙය මගේ හුස්ම හිර කරන්නට මෙන් විය.


මගෙ මුළු ගෙලම ඔහුගෙ කෙල වලින් තෙත් කර අවසන් කරන තුරුම ඔහු නොනැවතුනු අතර කින්ගෙ හුස්ම හඩට මගෙ කොදු ඇට පෙල දිගේ හිරියක් ගමන් කරන්නාක් මෙන් දැනුණි.

කුමක් වුවද සිදුවන දේ කුමක්ද යන්න තේරුම් ගැනීමට හැකි තරම් සිහියක් මට නොතිබු අතර මගෙ සිතුවිලි සියල්ල පඹගාලක් මෙන් පටලැවි තිබුණි.

එකපාරටම මගෙ බෙල්ලෙ එක් පසකින් තද වේදනාවක් දැනෙන්නට විය.


"ආහ් රිදෙනවා..හුකනවනෙ ඉතිං."


කින් අවජාතකයා එකදිගටම මාව සපාකන්නට ගත් අතර දිගු වෙලාවක් ඔහු එම කාර්‍යයෙ යෙදි සිටි අතර තල්ලු කිරීමට උත්සාහ කලද ඉන් ඵලක් නොවුනි.


"කින්.."


උපරිම වෙර යොදා ගෑහැසු අතර ඔහු මාව අතැර දමා නැගිට පසු මම බෙල්ල අල්ලා බැලු අතර මට දැනුනෙ සපා ඇති තැන් වලින් ලේ ගලන බවකි.


"මොන මගුලක්ද මෙ කරේ? උඹ බල්ලෙක්ද ?"

මම පුදුමෙන් කෑගැසුවද කට කොනින් හිනාවු කින් නැවත මේසය වෙතට ගියේය.


"මම ඔයාට ඔයාගෙ බෙහෙත් වල රස පොඩ්ඩක් බලන්න දුන්නා විතරයි ."


"හෙන ගහපන්"


මේසයෙහි වු මල් පෝච්චිය ගෙන කින්ට පහර දීමට සූදානම් වුවද කින් මාව නැවැවීය.


"ඕක කරන්නෙපා.මොකද කවුද දන්නෙ මම ඊලගට ඔයාට මම මොනව කරයිද කියලා."


මම නැවට්ග මල් පෝච්චිය මේසය මතට අතහැරියෙමි.

ඒ සමගම දොර විවර වන හඩ ඇසුනි.


"තමුසෙ දොරට තට්ටු කරලා එන්න දන්නෙ නැද්ද ?"

කින් දොර දිහාට හැරෙමින් කීවද එහි සිටියෙ ඔහුගේ සහෝදරයා තන්කුන්...


"මම ඒක වෙලාවට කරන්නම්"

උත්තර දෙන අතර ඔහු පිට් කින් දෙසට තල්ලු කලේය.

"මිස්ටර් කුන් "

පිට් මිමුණුවේය.


"මොකද්ද වුණෙ ?"


"මට තියෙනවා ගනුදෙනුවක්.මම ඔයාගෙ කෙනාට ගොඩක් කැමති."

ඒ අපතයා මා දෙසට හැරෙමින් කී අතර කින් කට කොනින් යාන්තමින් සිනාවෙන්නට විය.


"ඒ උනත් මම හිතුවෙ එයා ඔයාගෙ මැරුව නිසා ඔයා එයාට කැමති නැ කියලා ?"


"හරි එයා මම වෙනුවෙන් මැකවුට ගහයි.ඒ නිසා මම ඒකට සමාව දෙනවා."

කින්ට කියු තන්කුන් මගෙ  දිහා බලමින් සිනාවෙන්නට විය.


'මොන විකාරයක්ද මෙ වෙන්නෙ?'


"එන්න පෝර්ශ් ,මම ඔයාව මගේ කාමරේට එක්කන් යන්නම්."


මගෙ අතින් බලෙන්ම අල්ලාගත් ඔහු මාව ඇදගෙන යන්නට විය.

"මිස්ටර් කුන්.කරුණාකරලා මේ විකාර කරන එක නවත්තන්නකො."


පිට් කීවද තන්කුන්ගෙ ඇස් ජයග්‍රාහී බැල්මකින් දිලිසෙන්නට විය.

"මම විකාර කරන්නෙ නෑ.මම උඹට කිව්වා මැකාවුට කනට පාරක් ගහන්න කියලා.ඒත් උඹට ඒ වගෙ දෙයක්වත් කරගන්න පනක් නෑ."


මගෙ අතින් ඇදගෙන කාමරෙන් පිටතට යන ගමන් ඔහු පිට්ව කින් දෙසට තල්ලු කලේය.


"මෙන්න මේක ඔයා තියාගන්න."

ඔහු මට කලින් ආරක්ෂකයාගෙ ටී ෂර්ටයක් දුන්නද මම තවමත් සිදු වූයෙ කුමක්ද යන්න සිටගෙන කල්පනා කරමින් සිටිටෙමි.


"ඔයාට මේ ගැන හොදටම විශ්වාසද මිස්ටර් කුන්?"

පිට් කින්ගෙ සොයුරාගෙන් ඇසුවෙ මුහුණෙ සගවාගත් සිනහවක්ද සමගිනි.එවිටයි මට එකවරම සිහිවූයේ මේ මොහොතෙ මෙතන සිටින්නෙ ඇයි කියා.මම සිතුවෙ ඔහු නිවාඩුවකට ගිය බවයි.


"ඔව් අනිවාරෙන්ම.පෝර්ශ් මම වෙනුවෙන් මැකාවුට ගහයි...ඒ වගේම ඔයා...

පොඩ්ඩක්වත් බයවෙන්නෙපා.මම ඔයා ලගින්ම ඉන්නවා."

මුලින් පිට් දෙස බලා කී කුන් අවසන් වැකිය මා දෙස බලමින් කීවේය.

අවසානයෙ මාවත් අතින් ඇදගෙනම කාමරයෙන් පිටතට ආවේය.


"පොඩ්ඩක් ඉන්න."

කින් කෑගැසුවේය.


"නෑ.ඔයාට බෑ මාව නවත්තන්න.මම ඔයාගෙ අයියා.අනිවාරෙන් ඔයා මම කියන දේ අහන්න ඕන."


"නෑ නෑ එයාව අරගෙන යන්න.මම ඔයාගෙන් එයාව ගන්නෙ නෑ."

කින් මගෙ දෙස බලා සිනහ වෙමින් කි අතර පිට්ද එලෙසටම සිනහ වන්නට විය.


'මොන හුත්තක්ද දෙවියනේ මෙ වෙන්නෙ.අද නම් පුදුම පීඩනයක්.'


"මිස්ටර් කින් මොකද්ද අපි දැන් කරන්නෙ?"

ඒ පිට්ගෙ හඩ විය.


"හ්ම්ම්.අපිට බලාගෙන ඉන්න තමයි තියෙන්නේ ඉතිං "

Comments

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-