Skip to main content

දසවන පරිච්ඡේදය |හුවමාරුව












(කින්: දේජා වු)


මගෙ මෝඩ සහෝදරයා පිට් වෙනුවට පෝර්ශ් ගෙන යාම නම් සිනහ උපදවන්නක් විය.

එක් අයෙක් බාල්දි පෙරගන්නෙක් වු අතර අනෙකා සම්පූර්ණයෙන්ම පිස්සෙක්.දෙදෙනා එක්ව සිටීම කෙසේදැයි මවාගැනීමම සිනහ ගෙන දෙන්නක් විය.


'ඒ උනත් හොදම වැඩෙ තමයි පෝර්ශ්ට තර්ක කරන්නවත් වෙලාවක් හම්බවුනෙ නැති එක.'


"ම්ම්ම්ම් , මිස්ටර් කින් අද රෑට පෝර්ශ්ට වැඩ කරන්න පුළුවන් වෙයිද ?"


"ඇයි එහෙම ඇහුවෙ?"

ටේ සහ මිව් සමග ඔන්ලයින් ක්‍රීඩා කරන අතරම මම ඇසුවෙමි.


"ඇත්තටම , අද මගෙ නිවාඩු දවස."

මගෙ  ඇස් මගහරිමින් පිට් මෘදුව මිමුණුවේය.


"අහ්, එහෙනම් ඇයි ඔයා තවත් මෙතන ඉන්නෙ ?"

පරිගණකයෙන් මදක් ඇස් ඉවත් කර පිට් දෙස බලමින් මම කීවෙමි.


"අද මෙහාට මිස්ටර් වේගාස් එක්ක මිස්ටර් මැකාවු එනවා කියලා දැනගත්තම මිස්ටර් කුන් මට කිව්වා එයාලට මොකක්හරි විහිලුවක් කරන්න ඕන කියලා.මට බෑ කියන්න බැරි නිසයි මම ආයෙ ආවෙ."


පිට් වෙහෙසකර ලෙස කී අතර මම හුස්මක් පිට කරමින් ඔහු දෙස බැලුවෙමි.


"ඔයා දැන් ගිහිල්ලා විවේක ගන්න."


මට ඇත්තටම සිනා ගියේ පිට් හිස නවා ආචාර කලත් පෝර්ශ්ට නම් මේ වගේ විනීත හැසිරීමක් නොතිබුන බවක් සිහිවීමෙනි.


"ඔයාට වෙන පනිවිඩ මොකුත් නැ නේද මිස්ටර් කින්?"


මම නැති බවක් හැගවීමට හිස වැනුවෙ පෝර්ශ් සිටිනවාට වඩා මෙතැන කොතරම් නිහඩද යන්න සිතමිනි.

අර නිකමා පෝර්ශ්ව එක්කන් ගිය එක ගැන මෆ ඇත්තටම සහනයක් දැනුනේ ඝෝෂාව මදකට හෝ පහව යාම සහනයක් වු නිසාවෙනි.


"මිස්ටර් කින්, මම බිග් එනකන් ඉන්නද ?"


"ඕන නෑ පිට්.මට මෙතන වැඩ ටික බලාගන්න පුළුවන්.ඔයා යන්න."


පිට් ආචාර කර පිටව ගිය පසු මම ගැඹුරු හුස්මක් ගෙන පුටුවට හේත්තු වුණෙ අද දවස ගැන සිතමිනි.

'මගෙ තරහ පාලනය කරගන්න බැරුව පෝර්ශ්ට කනට ගැහුවත් ඇත්තටම මෙච්චර තදට මගෙ මිනිස්සුන්ට සැලකුවෙ පලවෙනි වතාවට.ඒ ගැන ඇත්තටම මගෙ හිතට හරි නෑ වගෙ.'


'පෝර්ශ් වගෙ කෙනෙක් මගෙ මිනිස්සු එක්ක මෙච්චර ප්‍රශ්න ඇති කරගන්න එක නම් විශ්වාස කරන්නත් අමාරුයි.හැමවෙලාවෙම එයා ප්‍රශ්න ඇති කරනවා වුනත් මුලින්ම එයාලා පෝර්ශ්ට කරදර නොකර ඉන්නව නම් එහෙම වෙන එකක් නැති වෙයි.පෝර්ශ් කොහොමටවත් අනිත් අයට ඕන විදියට ඔලුව නවන කෙනෙක් නම් නෙවෙයි.

මුලදි කේන්ති ගියත් දැන් පෝර්ශ් අවුස්සලා ගන්නෙ වෙනම ආතල් එකක්.මට බලන්න ඕනෙ මම ප්‍රධානියා විදියට මගෙ බලය පාවිච්චි කරන වෙලාවට පෝර්ශ් හැසිරෙන්නෙ කොහොමද කියලා.'


'පෝර්ශ්ගෙ මූන දකින හැම වෙලාවෙම මට හිතෙන්නෙ එයා හරිම ආකර්ෂණීයයි කියලා.

හොදට නඩත්තු කරන ඇගක් එක්ක කඩවසම් මූණක්...

සාමාන්‍යයෙන් මම කැමති විදිය නෙවෙයි ඒ..,

මම කැමති කෙට්ටු, පහසුවෙන් නැවෙන සුළු ,ඒත් ඇදේදි දක්ෂ වෙන අයට.ඒ වුනත් මෙ දවස්වල පෝර්ශ් විශේශයෙන් ආකර්ෂණීය වෙන්න අරගෙන.'


'මූ මගෙ ඉස්සරහ කලිසම ගැලෙව්වත් එක්ක'

මම කොහොම වුණත් කැමති පිරිමි අයට මිසක් ගැහැණු අයට නෙවෙයිනෙ.

ඊයෙ රෑ පෝර්ශ් බීලා ඇවිල්ලා සෝෆාවෙ වැටිලා හිටිය මොහොතෙ ඉදන්ම මට එයාව මතක් වෙන එක නවත්තන්න බෑ.ඇත්තටම මම එයාට මොකුත් කලෙ නෑ.එහෙම කලා නම් ඒකෙ කිසිම විනෝදයක් නෑනෙ...

හැබැයි ඉතිං කරන්න චාන්ස් එකක් හම්බෞනොත් මම කැමති පෝස්ට් ඇහැරන් ඉන්නවට..'


හ..හාඅ...හා...!!!

මම කොච්චර හිනාවුනාද කියනව නම් ඇස් වලින් කදුලුත් එන තරම්ම මම හිනාවෙලා.


"මිස්ටර් කින්, මාර්ශ් ඇවිල්ලා "


පිටතින් ඇසුන හඩත් සමහ මම කළු පැහැති රාත්‍රි ඇදුමක් ඇගට දා ගෙන නැවතත් සෝෆාව මතට ගොස් ටීවි බලන්නට ගතිමි.

හොද මනෝභාවයක් සමග ඇතුලට පැමිණි තරුණයා මා සමග සිනාවක් සමග මගෙ දෑත් වල වෙළුණි.


"අයි මිස් යූ"


ඔහු මගෙ කම්මුල සිපගමින් කියූ අතර මම ඔහුගෙ ඔළුව පහත් කර මගෙ පපුවෙන් තබා ඉන වටා අතක් යවා අල්ලා ගතිමි.

මේ තමයි මම කැමති විදිය.සරාගි, වැඩි සැපක් දෙන, හුරතල් නමුත් ශක්තිමත් කොල්ලො.


"මම ඉස්සෙල්ලම ඇග සෝදගන්න ඕන.මම ඉක්මනින් එන්නම් පී'කින් "


එහෙම කිව්ව මාර්ශ් නානකාමරයට යන්න ගියේය.මාර්ශ් මගේ පෙම්වතා නොවන අතර ඔහු හුදෙක්ම මගෙ විනෝදය උදෙසා පාවිච්චි කරන තාවකාලිකව අයෙකු පමණකි.මම කෙටිකාලීන සබදතා පමණක් පවත්වන්නෙ බරපතල දේවලට අකමැති නිසාවෙන් වගේම විශේශයෙන් මට ලේසියෙන්ම දේවල් එපාවෙන නිසා මම බරපතල වෙන්න කැමති නැහැ.ඉතිං මම නිතරම මගෙ ලිංගික සහකාරයව වෙනස් කරන්න තීරණය කරලයි තියෙන්නේ.

සමහර දාට ඒ අය මාව හොයන් එනවා වගේම මම කැමති මාව දන්න , ඇදේදි දක්ෂ කෙනෙක් ඉන්නව නම් මම එයාලව තෝරගන්නවා වගේම හොදට ගෙවන්නත් පුළුවන් .

ඉතිං මේ දවස්වල මගෙ සෙල්ලම් බඩුව මාර්ශ් ඒ වගෙම එයා ටිකක් ප්‍රසිද්ද කෙනෙක් .

..

...

....

.....

....

...

..

.


"ආ...හ්..අ..ම්...ආ...ආ...හ්...."


මා ඉදිරියේ වු නිරුවත් සිරුර තවත් මගේ හැගීම් අවදි කරන්නට වූ අතර තදින් ගැටෙන අපේ නිරුවත් සිරුරු සමග කෙදිරිලි මුළු කාමරය පුරා පැතිරෙන්නට විය.

සෙක්ස් කියන්නෙ ජීවිතේ විදින්න තියෙන දේවල් වලින් හොදම ක්‍රමයක්.ඒක අභියෝගයක් එක්කම ලැබෙන සැහැල්ලුවක්.


"පී'කින්න්න්...ආ..හ්..හපන්න එපාආඅ..ආහ්..

මට හෙට ෂූට් එකක් තියෙනවා.."


කාමාශාවන් කුපිත කරවන හඩකින් මාර්ශ් කොදුරන්නට වූ අතර මම බෙල්ල සපාකෑම නවතා ඇදුම් වලට වැහෙන තැන්  උරන්නට ගතිමි.


එකවරම මා තුල වූ ගැහිම් අතුරුදහන් වන්නට වූයෙ පෝර්ශ් මතකයට නැගීමත් සමගයි.පෙරදී පෝර්ශ් සමග මෙ ලෙසටම සිටි ආකාරය සිහි වීමත් සමග මගෙ කොදු ඇටපෙල දිගේ සිහින් හිරියක් මෙන් ගමන් කරන්න විය.

පෝර්ශ්ගෙ සුවද පවා මත් වන සුලු එකක් විය.

පෝර්ශ්ගෙ හම මගෙ දත් අතර හිරවුණ මොහොතේ පෝර්ශ්ගෙ හුස්ම පවා මොහොතකට නැවතුන හැටි සහ ඔහුගෙ කෙදිරිල්ල සිහි වීමෙන් නැවතත් මගෙ හැගීම් ඇවිස්සෙන්නට විය.

පෝර්ශ් මගෙ විදියෙ නොවුනත් එයා වෙනම ලෙවල් එකක කාමෝද්දීපකයක් වගේ.


පැයකින් මාර්ශ් පැමිණි රාජකාරි නිම වූ අතර මගෙ බෙල්ල වටෙ අත් යවන ගමන්ම ඔහුගෙ හඩ අවදිකරන්න විය.


"පී'කින් ඇයි අද මෙච්චර රළු?


"ඉතිං මම සාමාන්‍යයෙන් එහෙම නැද්ද ?"

මාර්ශ් ඇද සිටි මිල අධික කලිසමට උඩින් පස්සට පහරක් ගසමින් මම ඇසුවෙමි.


"එහෙම තමයි.ඒ උනත් අද වෙනදට වඩා වැඩ්යි.මම ඒකට කැමති."


සාමාන්‍යයෙන් මම කලාතුරකින් මගෙ කාමරය තව කෙනෙක් එක්ක බෙදාගන්නෙ.ඒ නිසා වැඩ අවසන් වු වහාම මගෙ ආරක්ෂකයන් ඔහුව නිවසට ඇරලවන අතර මාර්ශ් නැවතත් කම්මුල සිපගෙන කාමරයෙන් පිටව ගියේය.


වට දෙකක් අවසානයෙ තෙහෙට්ටුවක් දැනුනද මට තවත් මගෙ සිතුවිලි පාලනයකින් තොර විය.මම කැමති පිරිමින්ට වගේම සලකන්න ඕනෙ කොහොමද කියලත් මම හොදහැටි දැනගෙන සිටියද අද දවස ඊට හාත්පසින්ම වෙනස් එකක් විය.

මම සාමාන්‍යයෙන් කැමති තදින් හපන වෙලාවට රතු පැහැති ද්‍රාවණය ,ලේ..එලියට ගලනවා දකින්න උනත් අද ඒ ආශාව වෙන කවරදාකටත් වඩා තදින් දැනෙන්නට විය.

හිස තදින් සොලවමින් මම උත්සාහ කලේ හිස පුරා  හොල්මන් කරන හැගීම් ඉවත් කිරීමටයි.

'සමහරවිට මම හිතනවා වැඩි ඇති.හෙට හොද විවේකයක් ගත්තයින් පස්සෙ ආයෙම පරණ කින් වෙන්න පුළුවන් වෙයි.'

.

.


(පසුදා උදෑසන)

.

.

.

උදෑසන මිතුරන් මගෙ ගෙදර පාඩම් කරන්නට කියා පැමිණි නමුත් ඔවුන්ට අවශ්‍ය වන්නෙ ගේම් ගැසීමට සහ විනෝද වීමටයි.උන් විත් කෑගහන හඩ මගෙ කාමරයට පවා ඇහෙන්නට විය.


"ශිට් කින්...උඹ ආපහු ඒක කරලා."

ටයින් මාව තල්ලු කරන ගමන් කීවේය.


"මොකද්ද ?"

උන් එක්කම ගේම් එකට එකතු වෙන ගමන් මම ඇසීමි.


"මට උඹෙ බොඩිගාඩ් කෙනෙක්ගෙන් ආරංචි උනා උඹ ආයෙම නොන්ග් මාර්ශ් ආයෙම ගෙන්නගත්තා කියලා."

ටේ හඩ අඩුකරමින් කීවෙ ටයිම්ට ඇහෙයිදෝ කියා වු බය නිසාවෙනි.


"ඉතිං මොකද?"


"උඹ දන්නවනෙ මටත් ඌව ඕන කියලා."

එය අවසන් වන්වත් සමගම ටේ කෑගහන්නට විය.

"ඔයාට මොනවද ඕන කිව්වෙ ටයිම්?"


ඉක්මනින් ටේ දිහාට හැරුන ටයිම් මගෙ පරිගනකය පෙන්වන්න විය.

"වීරයෙක්.මටත් අලුත් කෙනෙක් ඕනෙ කිව්වෙ

"

"අලුත් එකෙක්.ඉතිං එහෙනම් සල්ලි දීලා ගන්නවකො."

ඒ උත්තර දුන්නෙ ටේ.


'මේ ඩබලගෙ සම්බන්දෙට දැන් අවුරුදු හතරක් විතර.මේ වගෙ අපතයෙක් එක්ක මෙච්චර කල් හිටිය එකට මට ටේ ගැන අනුකම්පාත් හිතෙනවා.'

ඊලගට කිසිම ආයෙම කිසිම ගානක් නැති ටයිම් උගෙ ෆෝන් එකෙන් ලස්සන ඇස් තියෙන කොල්ලෙක්ගෙ පින්තූර කීපයක් පෙන්නන්න විය.ඇග සහ පෙනුමෙ විදියට නම් ඒ උසස් පාසල් සිසුවෙකු විය යුතුයි.

හරියටම කිව්වොත් මගෙ විදියෙ කොල්ලෙක්.ටයිම් සහ මට තියෙන්නේ එකම විදියෙ රුචියක්.


"මට ඕනෙ නෑ."

ඇහිබැමි උස්ස්සමින් මම ටයිම්ට කියන විට ටේ ඇහිබැමි හකුලගත්තේය .


"ඔයාට විශ්වාසද ? මේ කොල්ලව ඔයාට එපා කියලා ?"

කපටි බැල්මක් සමගින් ටයිම් නැවතත් ඇසුවේය.


"අවජාතකයා...මට ටේ ගැන දුකයි."

මම ටයිම්ගෙ කනට කෙදිරුවත් ඌ කරේ ඔලුව හොල්ලන එක විතරයි .

ඇත්තටම ටේ එයාගෙ හස්බන්ඩ්ගෙ විකාර මනමාලකම් ගැන දැන දැනත් ගානකට නොගෙන ඉන්නවා වගේම සමහර වෙලාවට ඌත් ඒවට එකතු වෙනව ඉතිං.(ත්‍රීසම් 😱)


"ඒහ් මම උඹලට කරන්න කිව්ව වැඩේ කරාද?"


මිව් එකපාරටම කතාකරන්න ගත්ත නිසා අපි ඒ දිහා බැලුවත් ඌ හැමදාම කතාකරන්නෙ මොකක්හරි බිස්නස් එකක් ගැන නිසා ටයිම් හැමදාම ඌ එක්ක රන්ඩු .


"ඔය මගුල නවත්තලා අදවත් අපිත් එක්ක සෙල්ලම් කරන්න වරෙන්කො ."

ටයිම් කිව්වත් මිව් ගානක් නොගෙන දිගටම ලැප් එක දිහාම බලාගෙන වැඩ.මගෙ යාළුවො එකිනෙකාට වෙනස් ගති ලක්ෂණ තිබුණත් එයාලටම ආවේණික චරිතයක් තිබුණා.


ටේ ගැන කිව්වොත් සුඛෝපභෝගී හෝටල් ජාලයක අයිතිකාරයෙක්.

ඊලගට මිව් කර්මාන්තශාලා කීපයක් වගේම ප්‍රධාන පෙලේ පෞද්ගලික පාසල් කීපයක්ම අයිති.

ඒ නිසා අපිට ඕන වෙලාවට හරි ලේසියෙන් ඉස්කෝලෙ මාරු කරන්න පුළුවන්.


"මේ කොල්ලනෙ, උඹලට බඩගිනි නැද්ද ?"


මගෙ මිනිසුන් කවුරුන් හෝ ඉන්නවද බලන්න දොර දිහාට යන අතර ටෙ ඇසුවේය.


"ඔයාගෙ ගාඩ්ලා කොහෙද ?"


"යමු අපි ගිහිල්ලා කාල එමු."


මම උත්තර දුන්නත් ටේ ආයෙම හැරිලා බැලුවේ කෑම අරගෙන එන්න යනව කවුරුන් හෝ සිටීදැයි කියායි.

කවුරුන් හෝ දුටු ටේ ඔහුට කතාකරන්න විය.


"හේයි "

එසේ කියු ඔහු කාමරයෙන් පිටතට ගොස් විනාඩි කීපයක් ගතවුනද නැවත නාව නිසා මම පිටතට යාමට සැරසෙන විටම ඔහු රවාගත් මුහුණක් සමගින් කාමරයට ඇතුලු විය.


"හේයි..,ටේ ඔයා හොදින්ද ?"

මම ඇහුවේ පරිගණකයෙන් ඇස් ඉවතට නොගෙනමයි.


"මම දැක්කා එලියෙ ඔයාගෙ අලුත් බොඩිගාඩ්ව මම එයාගෙන් ඇහුව අපිට බොන්න මොකුත් අරගෙන එන්න පුළුවන්ද කියලා.ඒත් ඌ තවත් ඔයාගෙ බොඩිගාඩ් නෙවෙයි කියලා ගස්සගෙන ගියා."

සෝෆාව උඩ වාඩිවෙලා ඔරවගෙන කියවන ටේ දැක්කම හිනා නොවී ඉන්න එක නම් අමාරුයි.


"ඔයා දන්නවනෙ ඌ ගැන "

ටේට උත්තර දෙන ගමන් මම කාමරයෙන් පිටතට එද්දිම දැක්කෙ පෝර්ශ් වෙන කාමරයක් දිහාට යන වා කියලා.

"පෝර්ශ් ,

මෙහෙ එන්න"


"මට බැහැ."

කේන්තියෙන්ම මගෙ දෙහාට හැරිලා ඔළුව නැමුව පෝර්ශ් එකවරම පිලිතුරු දුන්නේය.


උත්තර දුන් විදිය සහ පෝර්ශ්ගෙ මූණේ පෙනුමට සිනහ ගෙන දෙන්නක් විය.

'අනෙ අම්මපා මුට එක දවසක් මට ගරු කරලා කතාකරන්න බෑනෙ.'


"මම කිව්වෙ මෙහාට එන්න කියලා."

අණ කරන වෙලාවෙදි පෝර්ශ්ට කේන්ති යන බවක් දැන දැනම සිතෙන් සිනහ වෙමින් මම බැරෑරුම් ලෙස ඔහුට කතාකලෙමි.


"ඔයාට අයිතියක් නෑ මට අණ කරන්න.මම ඔයාගෙ ආරක්ෂකයා නෙවෙයිනෙ."


මම ගැඹුරු හුස්මක් පිටකලේ ඔහු සාමග වාද කිරීමෙන් ඵලක් නොවන බව දන්නා නිසාවෙනි.ඒ නිසාමයි ඔහු මෙතරම් සිත්ගන්නා සුළු.


"ඇත්තටම ? ආහ් හරි එහෙනම්."

පෝර්ශ් දෙසට ඇවිදගෙන ගිය මම අපි අතර පරතරය අඩියක් පමණ වන විට නැවතුණෙමි.


"ඔයා මට බල කරන්නද හදන්නෙ? මම ඔයාට කිව්වනෙ මම තවදුරටත් ඔයාගෙ ආරක්ෂකයෙක් නෙවෙයි කියලා."

හැගීම් විරහිත අයෙක් ලෙස ඔහු කතාකරන්නට විය.

සුපුරුදු විදියටම කිසිම බයක් නැති ඇස් තිබුණත් ඔහුට විහිළු කරන එක නම් මම නවත්තන්න හිතලා නෑ.

මම මගෙ ඇස් ඔහුගෙ මුහුණෙ සිට පහලට ගෙන ගිය අතරෙ මම දැක්කෙ බෙල්ලෙ අලවල තියෙන ප්ලාස්ටර් එක.ඒක පැහැදිලිවම ඊයෙ හම්බවුණ දඩුවම වහගන්න ගැහුව එකක්.


"ගිහිල්ලා අපිට කන්න මොනවාහරි අරගෙන එන්න."

පුළුවන් තරම් සන්සුන් විදියට කීවෙමි.


"ඇයි මට කියන්නෙ.ඔයාට අතපය තියෙන්නෙ.ඔයාම ගිහිල්ලා ගන්නකො."


"මට ඕන නෑ.ගිහිල්ලා දැන්ම අරගෙන වරෙන්."


කින්ඩියට හිනාවෙන ගමන් එතනින් යන්න හැරුණ පෝර්ශ්ට මම කෑගැසුවෙමි.


"මට බෑ."

ඔහු නැවත මුරණ්ඩු ලෙස කීවේය.


"දැන්ම , මේ දැන්ම පල්ලෙහට ගිහිල්ලා අරගෙන එනවා.මට ආයෙ කියන්න ඉඩ තියන්නෙපා පෝර්ශ් ."


ඇත්තටම මට පොඩ්ඩක්වත් තරහ ගිහිල්ලා නෙවෙයි හිටියෙ.මට ඕන උනේ පෝශ්ගේ  රිඇක්ට් එකත් එක්ක පොඩි ආතල් එකක් ගන්න විතරයි .


"ඔයාගෙ ආරක්ෂකයෙක්ට කියාගන්න."

ආපිට පෝර්ශ් කෑගැහුවේය.


"දැන්ම පහලට යනවා."


"මිස්ටර් කින් මොකක්හරි ප්‍රශ්නයක්ද?

පෝර්ශ් ආපහු මොනවාහරි කරලද?"

පී'චෑන්, අපේ ලේකම් අපි හිටිය තැනට එන ගමන් ඇහුවේ පෝර්ශ් දෙස බැරෑරුම් ලෙස බලමිනුයි.


"එතකොට ආයෙමත් මමද ?"

"යනවා ගිහිල්ලා කිව්ව දේ කරනවා "

අලස ලෙස පිලිතුරු දුන් පෝර්ශ්ට නැවත මම කෑගැසුවෙමි.


"යන්න දැන්ම ගිහිල්ලා මිස්ටර් කින් කිව්ව දේ කරන්න."

එතැනින් පිටවූ පෝර්ශ් පහලට යන අතර ශාප කරන්නට විය.


මට පෙනුන විදියට නම් පෝර්ශ් කාට අකීකරු උනත් පී'චෑන්ගෙ අණට කීකරුයි වගේම එයා කිව්ව දෙ එකපාරින්ම කරන්න වුණා. 


වටපිට බැලුව මම තනියෙන් හිනාවුණෙ පෝර්ශ් ගැන මතක් උන නිසා.එයා සාමාන්‍යයෙන් හැගීම් කාටවත් පෙන්නන්නෙ නැති වුණත් මගෙ හැසීමට කේන්ති නොගෙන ඉන්න එක නම් සෑහෙන්න අමාරුයි.කොච්චර උත්සාහ කරත් කේන්ති පාලනය කරගන්න ඒක එයාට කරගන්න බෑ.විශේශයෙන්ම එයා ඒ විදියට හැසිරෙන්නෙ මගෙත් එක්ක විතරයි .


ආපහු කාමරයට ඇවිල්ලා ගේම් ප්ලෙ කරන්න පුටුවෙ අරගෙන වාඩිවෙන්න පස්ස තියන්නත් කලින් කවුරුන් හෝ දොරට තඩිබාන හඩක් ඇසෙන්නට විය.


'වාව්..දැන් එයා දොරට තට්ටු කරලා එන්නත් දන්නවනෙ.'

" ඇතුලට එන්න "

මම කිවෙමි.


කිසිවෙකුත් ඇතුලට නොආ නිසා මම නලල රැලි කරගෙනම ඒ දෙස බැලුවේ.


"ඇතුලට එන්න."

ටේ ආයෙම කිව්වේ කවුරුන් හෝ පිටත සිටී නම් සිතායි.කිසිම ප්‍රතිචාරයක් නොවු නිසා ටේ දොර ඇර බලන අතර කෑගහන්න විය.


"මේක නම් හිතාගන්නත් බෑ."


ඒත් එක්කම හැමෝම පුදුමෙන් බැලුවෙ හේතුව සොයාගැනීමටයි.

කෑම ගේන්න කියූ පුද්ගලයාගෙ සලකුණක්වත් නොතිබු අතර කෑම බන්දේසිය පමණක් බිම තබා ගොස් තිබුණි.

බන්දේසිය අතට ගත් ටේ එය මේසය මත තබා කතාකරන්න ගත්තේය.


"ඔයාගෙ බොඩිගාඩ් නම් මාරයිනෙ කින්.එයාට මෙච්චර හොද පෙනුමකුයි ඇගකුයි තිබුණත් තියෙන්නේ මහම මහ නරක හැසිරීම්නෙ."

ටේ තවත් කතාකරන්න කලින් ටයිම් ඔහුව නැවැවීය.


"ඒයි...එක පැත්තක් ගන්න.ඔයා ඌට බනිනවද නැත්නම් ගුණ වයනවද ?"


මාළු මැරුණ සිද්දියෙදි ඇත්තටම මමත් හිතුවෙ පොකුණට චූ කරේ ටයිම් කියලා නිසා මම ඒ ගැන ටේට කිව්වම ටේ ඒ වෙලාවෙම ටයිම්ට කතාකරලා හොදටම බැන්නත් අවසානෙට බලද්දි ඒකත් කරලා තියෙන්නේ පෝර්ශ්.


"මම විහිලුවක්නෙ කරේ."

ටේ කිව්වෙ එයාගෙ හස්බන් ටයිම්ට වතුර වීදුරුවක් අරගෙන දෙන ගමනුයි.


"විහිලු මගෙ පස්ස.මම දන්නවා ඔයා මොනවද හිතන්නෙ කියලා."

ටේට එහෙම කිව්ව ටයිම් ආයෙම මගෙත් එක්ක ගේම් ප්ලේ කරන්න වාඩිවුණි.


ටේ තාමත් මිව් එක්ක කාපට් එක උඩ වාඩි වෙලා බලාගෙන.මිව් උගෙ ඇදුම් ගැනවත් නොහිත බිම පෙරලිලා ලැප් එකෙන් වැඩ.ඌ විශ්ව විද්‍යාලයේ ගුරුවරු වෙනුවෙන් විස්තර හොයනවලු.මට මූ ගැන ඇත්තටම අවුල් පොඩ්ඩක් අපිත් එක්ක නිදහසෙ ඉන්න කිව්වත් ඌ අපිටත් හරොයන්න තවමත් වැඩ කරන එක නවත්තලා නෑ.

Comments

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-