Skip to main content

විසි අටවන පරිච්ඡේදය: මරණයට අභිමුඛව...

        විසි අටවන පරිච්ඡේදය: මරණයට අභිමුඛව...

යම් ආකාරයක නුපුරුදු සුවඳක් දැනුණු ෂෙන් ච්‍යාඕ එම ගන්ධයෙන් මඳක් කෝපයට පත් වූ අතර, එහෙයින් ඔහු තම අත තිබූ උණ ලීය වහා අත්හැර ඉතා ඉක්මනින් ප්‍රතිචාර දැක්වී ය. මේ නිසා සෙවණැලි මාරුවේ තවත් උපක්‍රමයක් මඟින්, පෙර සිටි ස්ථානයෙන් බොහෝ දුරක් ඈතට යාමට ඔහුට හැකි වී තිබුණි.

මෙය 'සෙවණැලි මාරුව' ලෙස හැඳින්වුව ද, තත්වාකාරයෙන්  පවසනවානම් එය දීප්තිමත් සැහැල්ලු කුසලතාවක් පමණි. එනිසා ෂෙන් ච්‍යාඕගේ අතින් ගිලිහී ගිය උණ ලීය ඉරිතලා යාමට ගත වූයේ ඉතාමත් සුළු කාලයකි. ඉරිතලා ගිය එහි සුන් බුන් කැබලි ඉතා වේගයෙන් ඔහු දෙසට පැමිණෙමින් තිබුණි!

තව ස්වල්පයක් හස්තය පසුපසට විණි නම් ඔහුට ද උණ ලීයට අත් වූ ඉරණම ම අත් වන්නට ඇති බව නිසැක ය.

උණ සැරයටිය සුණුවිසුණු වී යාමට ගත වූයේ ඉතා සුලු කාලයකි. නමුත් ෂෙන් ච්‍යාඕගේ චලනය නවත්වාලීමට එයට හැකි වූයේ නැත. මොහොතකටවත් නතර වීමට ප්‍රමාද නොවූ ඔහු හමා යන මාරුතයක් මෙන් වේගයෙන් පෙර සිටගෙන සිටි ගස පිහිටි දෙසට පසුබසින්නට වූ අතර ඒ සමඟම ඔහුගේ දෑත් ද ඔසවා ගත්තේ ය. ක්ෂණයකින් ඔහු දෙසට පැමිණෙමින් තිබූ උණ ලී කැබලි බිම පුරා විසිර ගියේ කිසියම් නොපෙනෙන බාධකයකට හසු වූවාක් මෙනි.

“මෙතරම් කාලයක් මම කොහෙද හිටියේ? කවද ඉඳලද අපේ සටන්කාමී ලෝකයේ මේ වගේ ප්‍රවීණයෙක් හිටියේ?” සුවඳැති සුළඟට මුසු වූ සිනහ දහරාවක් සමඟ ධවල පැහැ වස්ත්‍රවලින් සැරසි කාන්තාවක් හුඕ ෂිජින් අසළ ප්‍රාදූර්භූත විය.

ඇය අතිශයින් රූමත් ය. ඇගේ ධවල පැහැ වස්ත්‍ර සහ සේද පටි සුළඟට හසු වී ලෙළ දෙමින් තිබුණේ ආදි යුගයේ සිතුවම් වලින් ඉවත් වූ අමරණීය චරිත සිහි ගන්වමිනි.දිලිසෙන සහිත ඇස් යුගළ ආකර්ෂණීය විය; කටහඬ කෙතරම් සියුම් සහ මිහිරිද යත් එය ඇසෙන විට අස්ථි පවා සැහැල්ලු වන්නාක් මෙන් දැනෙනු ඇත.

එහෙත් ඇය කෙතරම් වශීකෘත වන රූ සපුවකින් සිටිය ද එයින් බියන් යන්මයිට බලපෑමක් වූයේ නැත. වශී වී සිටින බවට සලකුණකුදු නොවූ ඔහුගේ මුහුණ ඊට පටහැනිව වඩාත් ගාම්භීර හා තැතිගන්වන පෙනුමකින් යුක්ත විය.

රුහිරු විලක් මැද බිම වැතිර සිටි හුඕ ෂිජින් සුලු මොහොතකට පෙර තම විනාශය ඉතා ආසන්න බව සිතූ නමුත් ඇයගේ මෙම දර්ශනයත් සමඟම උද්දාමයට පත් වන්නට විය. නමුත් බියන් යන්මෙයි ක්‍රියාවන් ඊට ප්‍රතිවිරුද්ධ විය. “නිකාය නායක! නිකාය නායක,  මට උදව් කරන්න! උන් මාව මරන්න හදනවා!”

සැඩ දිය පහරකට හසු වී මරණයට මුහුණ දුන් අයෙකු හට  පාවෙන දර කැබැල්ලක් හමු වූවාක් මෙන්, තත්වයක සිටි ඔහු ඇය දෙසට පැන, හඬා වැළපෙන්නට වූයේ නිමේශයකිනි. ඔහුට සැබැවින්ම ඇවැසි වූයේ කාන්තාවගේ පාදවල එල්ලී ආයාචනා කිරීමට ය. වාසනාවකට මෙන්, තවමත් ඔහුගේ සංවේදන හැකියාව මුළුමනින්ම විනාශ වී ගොස් තිබුණේ නැත. එහෙයින් එවැනි මුග්ධ ක්‍රියාවක් නොකළ ඔහු ආයාසයෙන් යුක්තව එයින් වැළකී සිටි අතර, එවැනි අතිශයෝක්ති ක්‍රියාවන් නොකර වාචිකව පමණක් උදව් ඉල්ලා හඬා වැටුණි.

නමුත් ඔහු දෙස බැල්මක් හෙලීමටවත් උනන්දු නොවූ එම කාන්තාව ෂෙන් ච්‍යාඕ සහ බියන් යන්මෙයි වෙත බැල්ම හෙලූ අතර අනතුරුව යැන් වුෂි වෙත දෑස් යොමු කර, ආචාර කරමින් සිනාසෙන්නට වූයේ, “ යැන්-ලන් [1] මම ඔබව අවසාන වරට දැකලා දැන් අවුරුදු දහයකටත් වඩා වැඩියි. අවුරුදු දහයක් ගෙවිලා ගියේ කොහොමද කියලා හිතාගන්නවත් බැහැ. ඒත් ඔබනම් වෙනදා වගේම තවමත් කඩවසම්. ඇත්තටම ඔබ මාව වශී කළා! ”

යැන් වුෂි කතා කළේ නැත. ඒ වෙනුවට කතා කළේ බියන් යන්මෙයි ය, “හුඕ ෂිජින් මගේ සේවකයාව මැරුවා. නිකාය නායක යුවාන් කතා කරන ආකාරය බැලුවම පේන්නේ එහෙම දෙයක් වෙලා නැහැ වගේ. ඔබ එය වුණේ නැහැ වගේ මවාපාන්නද හදන්නේ?

මිහිරි ලෙස සිනාසෙමින් සිටි යුවාන් ෂුෂුගේ දෑස් එහා මෙහා යන්නට වූයේ වටපිටාව පිරික්සන්නාක් මෙනි, “ ඇත්තෙන්ම හූඕ ෂීජිං අයිති වෙන්නේ අපේ සමඟි නිකායට. නමුත් ඔහු යටත් වෙන්නේ සැං ජින්ග්සිංගේ අණට. ඒකට මාත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. අද මම ආවේ නිකාය නායකතුමාත් එක්ක වැදගත් කාරණාවක් සාකච්ඡා කරන්න. නිකාය නායක යැන් මගේ ඉල්ලීමට එකඟ නම්, ඔහු ගැන මට කිසි ප්‍රශ්නයක් නැහැ. ඔබ කැමති විදිහට ඔහුට කැමති දෙයක් කරන්න මගෙන් බාධාවක් නැහැ."

හුඕ ෂිජින්ගේ මුහුණේ ඉරියව් දරුණු ලෙස වෙනස් විය.

එයට ප්‍රතිචාර දැක්වූ බියන් යන්මෙයිගේ වචන උපහාසාත්මක විය, “නිකාය නායක යුවාන්ගේ වචන ටිකක් හදවතක් නැති වචන වගේ නැද්ද? ඔවුන් කියන්නේ 'වරක් පෙම්වතියක් නම්, සැමවිටම පෙම්වතෙක්' කියලා. ඔබ කොහොම කිව්වත්, සැන් ජින්ෂින් එක්ක ඔබට තිබෙන්නේ තරමක් ගැඹුරු සම්බන්ධයක්. ඒ නිසා ඔබ සහ ඔහුගේ ගෝලයා අතරත් යම් ආකාරයක ඥාති සම්බන්ධයක් තිබෙනවා. ඔබ ඔහුගේ ජීවිතය හෝ මරණය ගැනවත් තැකීමක් කළේ නැහැ කියලා ආරංචියක් ලැබුණොත්, ඒකෙන් ඔබේ අනෙක් ගෝලයන්ගේත් බලාපොරොත්තු සුන් වේවි!”

යුවාන් ෂුෂු ද මදකුදු හැරුණේවත් නැත: “වෙන කෙනෙක්ට ඔහුගේ ජීවිතය අවශ්‍ය වුණානම්, ඇත්තටම මම ඔහුව ඔවුන්ට ලබාගන්න ඉඩ දෙන්නේ නැහැ. නමුත් අවශ්‍ය වන්නේ යැන්-ලැන්ග්ට නම්, මම ඔබ වෙනුවෙන් ඒ දේ කරන්න අවශ්‍යයි!"

යැන් වුෂි වෙතට බැල්ම හෙලූ ඇගේ දෑස්වල දිස් වූයේ නිමක් නැති මුදු මොළොක් බවක් සහ සෙනෙහසකි. "අපි අවුරුදු දහයක් තිස්සේ එකිනෙකාව දැකලා නැහැ, ඇත්තටම ඔබ මාත් එක්ක කතා කරන්න කැමති නැද්ද?"

වෙනත් කාන්තාවක් මේ ආකාරයෙන් ක්‍රියා කළේ නම්, ඇය සහ ඔහුගේ ගුරුතුමා අතර යම් ආකාරයක ඉතිහාසයක් තිබෙන්නට ඇති බව බියන් යන්මෙයි වුව ද විශ්වාස කරන්නට ඇත. නමුත් සමගි නිකායට සහ පවිත්‍ර චන්ද්‍ර නිකායට එකම සම්භවයක් ඇති බැවින් මෙම කාන්තාව කතා කරන වචන මෙන් ම ඇගේ ප්‍රකාශයන් පවා යම් කිසි මායාවක් රැගෙන යන බව ඔහු හොඳින් දැන සිටියේ ය.

ඒ ගැන දැන සිටියා වුව ද, ඇගේ කටහඬ ඇසෙන විට හෝ ඇගේ සිනහව දුටු සෑම විටම, බියන් යන්මෙයි තවමත් එයින් යම් කිසි කම්පනයක් හා පීඩාවක් දැනෙන්නට විය. එබැවින් ඔහුට කළ හැකි වූයේ ඇය දෙස නොබලා සිටීමට බල කරගැනීම පමණි.

අවසානයේදී යැන් වුෂි තම කටහඬ අවදි කළේ ය, "ඇත්තටම බොහෝ කාලෙකට කලින් ඉඳලාම මට ඔබට කියන්න අවශ්‍ය වුන දෙයක් තිබෙනවා.”

"කියන්න, යැන් ලන්," යුවාන් ෂුෂු පැවසුවේ ඇගේ දෑස්වලින් සිනාසෙමිනි.

“ඔබට සුරංගනාවියක් මෙන් ඉන්න අවශ්‍යයි නම්, ඒ වගේ අප්‍රසන්න ඇඳුම් අඳින්න එපා. වෙනත් පිරිමින්නම් ඒකට කැමති වේවි. ඒත් මටනම් ඒක දැක්කාම අසනීප ගතියක් දැනෙනවා. ඊළඟ වතාවේ එද්දි මගේ ආහාර රුචිය නරක් වෙන්නේ නැති වෙන්න ඔබේ මුහුණත් වසාගෙන එන්න පුලුවන්නම් ඊටත් වඩා හොඳයි. ”

බියන් යන්මෙයි සහ ෂෙන් චියාඕ: "..."

යුවාන් ෂුෂු: "..."

බියන් යන්මෙයි සිටියේ සිනහව නවත්වා ගැනීමට අපහසු තත්වයක ය.

යුවාන් ෂුෂුගේ මුහුණ කෝපයෙන් රත් පැහැ විය. ඇය යැන් වුෂි දෙස බැලුවේ ඔහු ඒ වන විටත් මිය ගිය මිනිසෙකු ලෙසිනි.

කෙසේ වෙතත්, එම කෝපය තිබුණේ සුළු මොහොතකට පමණි. නැවතත් සිනහවකින් මුව සරසාගත් ඇය, “යැන්-ලන් හරි. මම ආපහු ගිය ගමන් මගේ විලාසිතාව වෙනස් කරනවා. ඔබ සතුටින්නම් මම ඔබ කැමති විදිහට ඕනෑම දෙයක් වෙනස් කරනවා." පැවසී ය.

ඇහිබැම ඉහළට එසවූ ඔහු යළිත් පවසන්නට විය, “අවුරුදු දහයක් ගියත් ඔබනම් වෙනස් වෙලා නැහැ. තාමත් වෙනදා වගේම කුහකයි.”

එය නොඇසුණ බවක් මවා පෑ යුවාන් ෂුෂු මෘදු ලෙස යෝජනා කළා ය, “අපිට නිස්කලංක තැනකට ගිහින් කතා කරන්න පුලුවන් වේවිද? එහෙම වුනොත් මට ඔබට ඒ සියල්ලම විස්තරාත්මකව කියන්න පුලුවන්.”

"මට ඉවසන්න පුලුවන් මේ තරම් කල් විතරයි කියලා ඔබ දන්නවාද?"

“යැන්-ලන්, ඔබට ඇත්තටම තිබෙන්නේ වානේ හදවතක්. ඔබව ආකර්ෂණය කරගන්න නම් අවශ්‍ය වෙන්නේ කුමන ආකාරයක කාන්තාවක් ද කියලා මම කල්පනා කරන්නේ. එදා මම ඔබව පොළඹවන්න පුළුවන් හැම විදිහකින්ම උත්සාහ කළා, ඒත් තාමත් ඔබ මාත් එක්ක රැයක් ගත කරන්න එකඟ වුණේ නැහැ. මම පිරිමින්ට ආකර්ශනීය කෙනෙක් නෙවෙයි කියලයි මම හිතුවේ!" සුසුම්ලමින් සිටි යුවාන් ෂුෂු පැවසුවා ය. "චී රාජ්‍යයට විරුද්ධව ෂෝ රාජ්‍යය යුද්ධයක් ආරම්භ කරන්න යනවා කියලා යැන් ලන් දන්නවද?"

"ඉතින් මොකද?"

යුවාන් ෂුෂු තවදුරටත් කියා සිටියේ, “සූර්‍ය චන්ද්‍ර නිකාය ප්‍රසිද්ධව තිබුණු කාලේ, ලින්චුවන් ආයතනය වගේ නිකායන් ගැන කවුරුත් අහලාවත් තිබුණේ නැහැ. අපේ සූර්ය චන්ද්‍ර නිකාය කැඩිලා නිසා දැන් තියෙන්නෙ කොටියා නැති උනාම වඳුරෙක් කන්ද රජකරනවා වගේ තත්වෙක. නිකාය වැටුණු එකෙන් ප්‍රයෝජන අරගෙන ඒ හැමෝම ඉහළට ආවා. පවිත්‍ර චන්ද්‍ර නිකායයි, සමගි නිකායයි අවංකව එකට වැඩ කළානම්, වයසක තට්ට බූරු ෂුඑටිංටයි ඒ මහලු පෙඩන් රුයන් ක'හුයිටයි අපිත් එක්ක සමාන වෙන්න පුලුවන් වේවිද? ”

කිසිදු අදහසක් ප්‍රකාශ නොකළ යැන් වුෂි නිහඬව සිටියේ ය.

යුවාන් ෂුෂු සිතුවේ ඇයගේ මායාව වෙනත් කිසිවෙකුට වළක්වාලිය නොහැකි බව ය. නමුත් ශක්තිමත් සටන් බලයක් පමණක් නොව යක්ෂ නිකායට ද අයත් වූ යැන් වුෂිට මුහුණ දෙන විට, ඇගේ මායාව කෙතරම් දීප්තිමත් වුවද, එයින් පලක් වූයේ නැත.

ඇය තුළ හට ගත් වෛරය වර්ධනය වීමට පටන් ගත් නමුත් ඇගේ ප්‍රකාශය පෙර පරිදිම නිශ්චල විය: “ෂෝ අධිරාජ්‍යයාට විරුද්ධ සටන අත් හරින්න යැන්-ලන් එකඟ වෙනවනම්, මම ඔබ වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න කැමතියි!”

"එහෙනම් යටත් වෙන්න."

පුදුමයට පත් වූ යුවාන් ෂුෂු ක්ෂණිකව ඇසී ය, "මොකක්ද?"

යැන් වුෂි පැහැදිලි කළේ ය, “ඕනෑම දෙයක් කරන්න කැමතියි කියලා ඔබ කිව්වේ නැද්ද? 'සමඟි' නිකායේ නම ඉවත් කරගෙන ඔබේ නිකායත් පවිත්‍ර චන්ද්‍ර නිකායට ඒකාබද්ධ කරන්න පුලුවන් නම්, චී රාජ්‍යයට විරුද්ධව සටන නවත්තන්න කියලා ෂෝ අධිරාජ්‍යයාව ඒත්තු ගන්වන්න මට පුලුවන්."

යුවාන් ෂුෂුගේ මුහුණේ තිබූ සිනහව වියැකී යන්නට විය. “යැන්-ලන්, ඔබ මෙතරම් ආක්‍රමණශීලී වෙන්නේ ඇයි? ලින්චුවන් ආයතනය, ෂෝ සහ චී අතර යුද්ධයක් දකින්න ආසාවෙන් ඉන්නෙ. එහෙම වුණොත්, ඒකෙන් වෙන්නේ කිසිම වියදමක් නැතිව අපි විහින්ම දක්ෂිණ චෙන් රාජ්‍යයට වාසියක් ගන්න ඉඩ දෙන එක. ඔබ ෂෝ අධිරාජ්‍යයාව නවත්තන්න එකඟ වෙනවනම්, හන් ප්‍රාන්තයට උතුරින් සහ ෂුඕ ප්‍රාන්තයෙන් ඉඩම් ෂෝ රාජ්‍යය දෙන පැවරෙන විදිහට චී අධිරාජ්‍යයාව පොළඹවාගන්න මම උත්සාහ කරන්නම්. එහෙම කොහොමද? ”

“හන් ප්‍රාන්තයටයි ෂූඕ ප්‍රාන්තයට උතුරින් මහා තියෙන්නෙ මහා ප්‍රාකාරය. මට නිවැරදිව මතක නම්, ඒ ප්‍රදේශය මායිම් වෙන්නේ තුජුගේ දේශයට.”

යුවාන් ෂුෂු සිනාසෙමින් පැවසුවා ය, “මෙතරම් විශාල ඉඩමක් පිරිනමලත් ෂෝ අධිරාජ්‍යයා ඒක ප්‍රතික්ෂේප කරනවා කියලා මට කියන්න එපා!”

"චී කියන්නේ සටන්කාමී ලෝකයේ ඉන්න මැස්සෙක් තරම් දෙයක් පමණයි, ෂෝ අධිරාජ්‍යයා විශාල දෙයක් වෙනුවට කුඩා දෙයක් හොයලා කුඩා ප්‍රතිලාභයකට කැමති වෙන්නේ ඇයි?"

ඔහු කාලය ගත කළේ අනෙක් පුද්ගලයා සමඟ තර්ක කිරීමට පමණි.යැන් වුෂිට සමඟි නිකාය සමඟ කිසිසේත්ම සහයෝගයෙන් කටයුතු කිරීමට අදහසක් නැති බව වටහාගැනීමට මේ මොහොත වනතුරුම තර්ක කරමින් සිටි යුවාන් ෂුෂුට ද අවසානයේ වැටහුණි. ඔහු ඇය සමඟ වඳුරා පමණක් විය.

ඇගේ මුහුණේ තිබූ සිනහව දැන් සම්පූර්ණයෙන්ම පහව ගොස් තිබුණි. “යැන්-ලන්, මම හිතුවේ නැහැ මෙතරම්  කාලෙකට පස්සෙත් ඔබ මේ තරම් අහංකාර වෙලා ඇති කියලා.වසර දහයකට කලින් ඔබට කුයි යුවන් නිසා තුවාල වුණා. දැන්, කුයි යුවන් මිය ගිහින් නිසා ඔබ හිතනවද වර්තමාන සටන්කාමී ලෝකේ හොඳම කෙනා ඔබ කියලා?"

“මම ලෝකයේ හොඳම කෙනාද කියලා මම දන්නේ නැහැ, නමුත් මම ඔබට වඩා හොඳයි. සමහර වෙලාවට මටත් ඒක ටිකක් අමුතුයි වගේ. සැන් ජින්ෂින් වගේ අභිලාෂකාමී මිනිසෙක්, ඔහු ඔබ වෙනුවට නොගත්තේ ඇයි, ඒ වෙනුවට ඔබේ සල්ලාලයෙකු ලෙස සිටීමට ඉල්ලා අස් වූයේ ඇයි? ”

යුවාන් ෂුෂු සිනාසෙමින් පැවසුවා ය, “ඔබ හිතන්නේ ඒක අමුතු දෙයක් කියලද? එහෙනම් ඇයි එය ඔබම උත්සාහ කරලා බලන්නේ නැත්තේ? එහෙම නැත්නම් ඔබ කතා කරන්න පමණක් දන්න නමුත් ඇඳේ සිටින සියල්ලන්ම පෙන්විය හැකි වර්ගයකි."

පැහැදිලිවම ඇය යැන් වුෂි නිසා කෝපයට පත් වී තිබුණි. කටහඬ මැකී යන්නටත් ප්‍රථම ඇගේ වස්ත්‍ර දෑත් පිම්බී තිබුණි. ඊළඟ මොහොතේ යැන් වුෂි සහ ෂෙන් ච්‍යාඕ දෙසට සිහින් විනිවිද පෙනෙන ඉඳිකටු දුසිමක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ඇදී ගියේ ය!

ඒවා සුළි කුණාටුවකටත් වඩා වේගයෙන් වා තලය කපා දමමින් ඉදිරියට ගමන් කරමින් තිබූ අතර පියවි ඇසට නොපෙනෙන තරම් වේගවත් විය!

මේ ඉඳිකටුවලින් යැන් වුෂිව තුවාල කිරීමට හැකි වේ යැයි සිතීමට තරම් යුවාන් ෂුෂු කිසිවිටෙකත් මුග්ධ වූයේ නැත. ඒ අතරතුරම අවතාරයක් මෙන් වාතයේ පැද්දෙන්නාක් මෙන් සිටි ඇයගේ දෑත්වල කළු කඩු යුගලයක් ද දිස් විය. යැන් වුෂිගේ වම සහ දකුණ යන දෙපසම අවහිර කරමින් කඩු ආවරණයක් දිස් වූ අතර එහි ආලෝකය දීප්තිමත් විය!

මායාව සහ ද්විත්ව ධ්‍යානවේදය සඳහා ප්‍රසිද්ධම නිකාය වන්නේ සමඟි නිකාය බව පිළිගත යුතු ය. නමුත් නිකායේ ප්‍රධානියා ලෙස යුවාන් ෂුෂුගේ ශක්තිය කිසි විටෙකත් පහත් කොට සැලකීමට හැකි වූයේ නැත. කාන්තාවක් වූ නිසාත්, කලාතුරකින් අන් අය ඉදිරියේ තම කුසලතා ප්‍රදර්ශනය කළ නිසාත්, සමකාලීන සටන් කලාකරුවන්ගේ හොඳම දස දෙනා අතර සිටින ඇය දෙවන ස්ථානයේ සිට අවසාන ස්ථානය දක්වා ශ්‍රේණිගත වී තිබුණි. නමුත්, යැන් වුෂිට එරෙහි සටනෙන් පමණක්, ඇගේ සැබෑ ශක්තිය මිනිසුන් සිතුවාටත් වඩා විශාල බව පැහැදිලිව පෙනෙන්නට තිබුණි.

යැන් වුෂිගේ වර්තමාන සටන් කලාවන් සමඟ කිසිදු අවාසියක සලකුණක් නොපෙන්වමින් චලනයන් දුසිමක් හෝ දුසිම් කිහිපයක් හුවමාරු කර ගැනීමට හැකි වීමෙන් ම යුවාන් ෂුෂු කෙතරම් විශාල ලෙස අවතක්සේරු කර තිබුණි ද යන්න පැහැදිලි විය.

මෙය සටන් විශාරදයන් දෙදෙනෙකු අතර ඇති වූ පුදුමාකාර හා දැඩි සටනකි. බාධා කිරීමට ඉඩක් නොමැති බව බියන් යන්මෙයි ද වටහාගෙන තිබුණි. නමුත් නිරීක්ෂණය කිරීමට සහ අධ්‍යයනය කිරීමට ඔහුගේ ග්‍රහණයෙන් එවැනි අවස්ථාවක් ලබා දීමට ඔහුට අවශ්‍ය නොවීය. එහි දීප්තියෙන් විස්මයට පත් වූ ඔහු පරාර්ථකාමී බවට පත්වීමට තරම් සටනේ සම්පූර්ණයෙන්ම ගිලී සිටියේය.

මෙය ජීවිතය බේරාගැනීමට ලැබූ දුර්ලභ අවස්ථාවක් බව වටහා ගත් හුඕ ෂිජින් ඔහුගේ සිරුරේ තිබූ බරපතල තුවාල ද නොසලකා පලා යාමට තීරණය කළේ ය.

කෙසේ වෙතත්, ඔහු තම සැහැල්ලු කුසලතාව යොදාගෙන පියවර කිහිපයක් යාමටත් මත්තෙන් පිටුපසින් ඇසුණේ සුළඟ තියුණු ලෙස නාද වන්නාක් මෙන් ශබ්දයකි. එය මග හරවාගැනීමට තම ශරීරයේ පසෙකට හරවාගැනීමට අවශ්‍ය වන වුව ද, ඒ වන විටත් ඔහු ප්‍රමාද වැඩි ය. සැහැල්ලු සීතලක් ඔහුගේ පිට මත පැතිරී යන්නට වූයේ නිමේෂයකිනි. ප්‍රතීක ක්‍රියාවක් ලෙස ඔහුගේ දෑස් ක්ෂණිකව පහළ දෙසට යොමු විය.

ලේ තැවරී තිබූ ගසක අත්තක් ඔහුගේ පිට පසාරු කරගෙන කෙලින්ම ඔහුගේ හදවත සිදුරු කර තිබුණි. එහි කෙළවරේ කුඩා මස් කැබලි පවා තිබුණි. ඒවා ඔහුගේ හදවතේ මාංශ කැබලි විය!

හුඕ ෂිජින්ගේ දෑස් එළියට පනින්නට තරම් විසල් විය. ඔහු තවමත් සිටියේ බියන් යන්මෙයිගේ සේවකයාගේ මුහුණේ සම ඔහුගේ මුහුණට සවි කරගෙන ය. එම නිසා, ඒ දර්ශනය නැරඹීම බොහෝ සේ බියජනක විය. තමා මේ ආකාරයෙන් මිය යනු ඇතැයි ඔහුට අදහාගත නොහැකි වූවාක් මෙන් පෙනුමෙන් ඔහුගෙන් දිස් විය. ආපසු හැරී තම සතුරා සිහිපත් කිරීමට උත්සාහ කළ නමුත්, චලනය වූ වහාම ඔහුගේ මුඛයෙන් විශාල රුධිර ප්‍රමාණයක් පිට විය. ඉදිරියට වැටුණු ඔහු, පසුව දර කැබැල්ලක් මෙන් නිශ්චල විය.

කළ හැකි සියලුම නපුරු ක්‍රියා කළ, මිනිසුන්ගේ ඇස් හමුවේ ජීවමාන යක්ෂයෙකු බඳු වූ හුඕ ෂිජින්ගේ අවසන් විනිශ්චය මෙම ස්ථානයේදී හමු වී තිබුණි.

ඔහුට එම සත්‍යය පිළිගැනීමට අපහසු වූ බවක් ඔහුගේ මුහුණෙන් පෙනෙන්නට තිබුණි. මළ සිරුරේ දෑස් විවර වී තිබුණේ ඔහු තවමත් වෙනත් ලෝකයක අරගලයක යෙදී සිටින්නාක් මෙනි.

මිනිසෙක් ඝාතනය කර තිබූ නමුත් ෂෙන් ච්‍යාඕගේ මුහුණේ කිසිදු සතුටක ලකුණක් නොතිබුණි.යැන් වුෂි සහ යුවාන් ෂුෂු අතර වූ සටනට බැල්මක්වත් නොහෙලූ ඔහු සෙමෙන් සෙමෙන් වාඩි විය. විවේක ගැනීමට දෑස් පියාගත් ඔහු නොදැනුවත්වම නින්දට වැටී තිබුණි.

……

පිටස්තරයෙකුගේ ඇස් හමුවේ, යුවාන් ෂුෂු නිකායේ ප්‍රධානියා වීමට හේතුව අන් කිසිවක් නොව, සැන් ජින්ෂින් සමඟ ඇති ඇගේ සම්බන්ධයට අමතරව, සුන්දරත්වය හොඳින් ප්‍රයෝජනයට ගෙන ද්විත්ව ධ්‍යානවේදයේ යෙදීමයි. කුයි යුවන්ගේ ගෝලයා වූ පසුකාලීන පුද්ගලයා ඇයට නිකායේ නායක තනතුර ලබා ගැනීමට සහාය වූ අතර උපකාර ද කළේ ය. පසුව ඔහු කැමැත්තෙන්ම ඇය යටතේ සේවය කිරීමට පත් වූ අතර, සමඟි නිකායේ වැඩිමහල්ලෙකු ලෙස පමණක් සේවය කළේ ය.

කෙසේ වෙතත්, මේ ආකාරයෙන් සිතූ සියලුම මිනිසුන්ට, යුවාන් ෂුෂුට එරෙහිව සටන් කිරීමට අවස්ථාවක් ලැබුණේ නම්, ඔවුන් කෙතරම් හාස්‍යජනක ලෙස වරදවා වටහාගෙන ඇත්දැයි ඔවුන්ටම වැටහෙනු ඇත.

ඇයට තිබුණේ පිරිමියෙකු සමඟ ඇති සම්බන්ධය පමණක් නම් වනාන්තරයක ගස් තරම් ප්‍රබල සටන් ශිල්පීන් එකිනෙකාට එරෙහිව නිරතුරුව රැවටීම් සිදු කරගන්නා සමඟි නිකායේ නිකාය නායකවරිය වීමට මේ කාන්තාවට හැකියාවක් නොලැබෙනු ඇත.

දුර්වල හා මෘදු කාන්තාවක ලෙස පිටස්තර මිනිසුන් අතර සිටින්නට කැමති වූ නිසාවෙන් යුවාන් ෂුෂු ද කිසි විටෙකත් ඔවුන්ගේ වැරදි, නිවැරදි නොකළ අතර ඒ වෙනුවට ඇය එය තම සතුරන් රැවටීමට එය භාවිතා කළා ය.

නමුත් සැන් ජින්ෂින් සමඟ තිබූ අනියම් සබඳතාවය නිසා ඔහුගේ සහයෝගයෙන් ඇය නිකායේ ප්‍රධානියා බවට පත් වූ නමුත් සත්‍ය වූකලී එතරම් සරල කාරණයක් නොවන බවත් සමඟි නිකායේ තත්වය ඊට වඩා සංකීර්ණ බවත් යැන් වුෂි දැන සිටියේ ය. යුවාන් ෂුෂු සහ සැන් ජින්ෂින් සිටියේ අන්‍යෝන්‍ය ඉවසීමේ එකම මට්ටමක ය. ඔවුන් එකිනෙකාව නොරුස්සනා තත්වයක් පැවතුණි. මෙවර ද, බියන් යන්මෙයිව  සොයා යන ලෙස සැන් ජින්ෂින් විසින් හුඕ ෂිජින්ට පවසා තිබුණ ද සැන් ජින්ෂින් විසින් එය යුවාන් ෂුෂුට නොපවසන්නට ඇති බව නිසැක ය. එනිසා, හුඕ ෂිජින් උපකාර ඉල්ලමින් කළ වැළපීමට යුවාන් ෂුෂු විසින් දක්වන ලද ඇල්මැරුණු පිළිතුරු දීම පුදුමයක් වූයේ නැත.

වසර දහයකට පෙර ද යැන් වුෂි, ඇයත් සම‍ඟ සටන් කොට තිබුණි. ඒ අවස්ථාවේදී ද යැන් වුෂි හට වාසිය ලැබී තිබුණ ද එය වූකලී ස්වල්ප මොහොතකට පමණක් සීමා වී තිබුණකි. අවුරුදු දහයකට පසු, එනම් වර්තමානයේ දී ඔහුගේ සටන් බලය විශාල ලෙස වැඩි වී තිබූ නමුත් ඔහු මෙන්ම යුවාන් ෂියුෂියුගේ තත්වය ද පෙර පැවති තත්වයට වඩා වෙනස් වී පවතිනු ඇත.

සමඟි නිකාය ද ෆීනික්ස් ඝාතන ක්‍රමවල මූලික වාර්තා ප්‍රගුණ කළ නිකායකි. යුවාන් ෂුෂුගේ ප්‍රගතිය දැනට එකොළොස්වන අදියරේ සිටින යැන් වුෂිගේ ප්‍රගතිය හා සැසඳිය නොහැකි බව සත්‍යයක් වුව ද ඇය ද අවම වශයෙන් දහවන අදියරට පැමිණ තිබුණි. සූර්ය චන්ද්‍ර නිකාය බිඳී ගිය විට සමගි නිකාය විසින් ‍'සහජීවන පුස්තකය' උදුරා ගැනීමට ඉක්මන් වූ බව නොකියාම බැරි ය [2]. එහි ද්විත්ව ධ්‍යානවේදී තාක්ෂණය සඳහන් වී තිබූ අතර, ඔවුන් ඔවුන්ගේ නිකාය නාමය ලබාගෙන තිබුණේ ද එය මාර්ගයෙන් විය. කෙසේ වෙතත්, එම පුස්තකයේ සඳහන් වී තිබුණේ එම කරුණු පමණක් නොවී ය. එහි, අභ්‍යන්තර චී ශක්තිය, කඩු ශිල්ප ආදිය ප්‍රගුණ කිරීම සඳහා පැවති භාවනා ක්‍රම ද අඩංගුව තිබූ බව දැන සිටියේ ස්වල්ප දෙනෙක් පමණි.

යුවාන් ෂුෂුගේ ආයුධය කඩු යුගලයක් වූ අතර, එහි ආභාෂය උරුම වී තිබුණේ ද 'සහජීවන පුස්තකයේ' ඇති පුද්ගලයන් දෙදෙනෙකුගේ කඩු කලා කට්ටලයකින් ය. මුලදී, මෙම සටන් කලා කට්ටලයට පුරුෂයෙකු සහ කාන්තාවක් සහයෝගයෙන් කටයුතු කිරීමට සහ සතුරන් වළක්වා ගැනීම සඳහා තම කඩු භාවිතා කිරීමට අවශ්‍ය වූ නමුත්, හිතාමතාම එහි ප්‍රතිවිරුද්ධ දෙය කළ යුවාන් ෂුෂු වුසින් කඩු කලා කට්ටල දෙකම ප්‍රගුණ කරන ලදි.

එවැනි කාන්තාවක් සමඟ කටයුතු කිරීම පැහැදිලිවම පහසු කාරණයක් වූයේ නැත.

යුවාන් ෂුෂු ද යැන් වුෂිට එරෙහිව මුහුණ දීමේ දී නොසැලකිලිමත් ලෙස ක්‍රියා කිරීමට එඩිතර වූයේ නැත. ඇය ෆීනික්ස් ඝාතන මූලධර්මවල දසවන අදියරෙහි පරිපූර්ණ මට්ටමට සම්ප්‍රාප්ත වී තිබුණි. ඇගේ කඩු දෙක කළු ආලෝකයේ කිරණ දෙකක් බවට පත් වී තිබූ අතර එය ලෝකයේ ඇති සෑම දෙයක්ම ගිල ගන්නවාක් මෙන් දිස් වන්නට තිබුණි. ඇය වටා කේන්ද්‍රගත වූ කුණාටුව දියෙන් මතු වූ මකරෙකු මෙන් භ්‍රමණය වන්නට විය. එය වේගයෙන් වර්ධනය වූ අතර ඉතා ඉක්මනින් වලාකුළු නොපෙනී යන්නට විය. එක වළාක්වත් නොමැති වූ ආකාශයට සියලු ආලෝකය අහිමි වී ගොස් තිබූ අතර, යැන් වුෂි පවා එම කුණාටුව මඟින් වට වී තිබුණි!

බියන් යන්මෙයි හට ඔවුන්ගේ චලනයන් සොයා ගැනීමට පවා නොහැකි විය. ඔහු කෙතරම් අහංකාර එස හැසිරුණි ද යන්න ඔහුට වැටහී ගියේ මේ මොහොතේදී ය. ඔහු වරක් තමා පළමු පෙළ සටන් විශේෂඥයෙකු ලෙස හුවා දක්වා තිබූන ද, ඇත්තෙන්ම, ඊට ඉහළින් තවත් ස්ථරයක් තිබී ඇත. මහන්සි නොවුනහොත් මිය යාමට පෙර පළමු පෙළ තබා සටන් විශාරදයෙකු වීමටවත් නොහැකි වනු ඇත.

සිය ගණනක් සොල්දාදුවන්ගේ නිමක් නැති ඝෝෂාකාරී හඬින් මිනිසුන්ගේ කන් බිහිරි කරවමින් නැගෙනහිර දෙසින් ගමන් කරන යක්ෂ සේනාවක් පරිද්දෙන් කළු අන්ධකාරය ගුවන් ගැබ සිසාරා ව්‍යාප්ත වන්නට විය.

යුවාන් ෂුෂුගේ අභ්‍යන්තර චී ප්‍රවාගය මධ්‍යයේ ස්ථාවරව සිටීමට නොහැකි වූ බියන් යන්මෙයි හට එය අවහිර කිරීම සඳහා ඔහුගේම අභ්‍යන්තර චී ශක්තිය භාවිතා කිරීමට සිදු විය. පසුබසිමින් සිටි ඔහුට සිහි වූයේ මීට මොහොතකට පෙර දී, යුවාන් ෂුෂුගේ ජයග්‍රහණයට ඇගේ සුන්දරත්වය සහ ඇය පිටුපස සිටි මිනිසා හේතු වූ බව තමන් විසින් සිහිපත් කළ ආකාරය ය. මින් ඉදිරියටනම් එසේ සිතන්නට ඔහු එඩිතර වූයේ නැත.

කිසිම අවාසියක් නොපෙන්වා, යැන් වුෂිට එරෙහිව එරෙහිව සටන් කළ හැකි මිනිසුන් බොහෝ ප්‍රමාණයක් මේ ලෝකයේ සිටියේ නැත.

කෙසේ වෙතත්, පුද්ගලයෙකුගේ අභ්‍යන්තරය දැන සිටියේ තමන්ම පමණි. සටන් කවය තුළ සිටි යුවාන් ෂුෂු සිටියේ බියන් යන්මෙයි සිතූ තරම් සැහැල්ලු ලෙස නොවී ය.

ඇය ඒ වන විටත් ඇගේ අභ්‍යන්තර චී ශක්තිය උපරිමයෙන් පරිභෝජනය කොට තිබුණි. ඇගේ දෑත්වල තිබූ කඩු, ඝන වස්තූන්ගේ සිට ඡායාරූපවලට මාරු වෙමින් පැවතිණි. තව ද ඒවා, ඇගේ අත අතහැර තමන් කැමති ස්ථානවලට ගොස් ඔවුන්ගේ හැඩතල ලබා ගන්නට විය. නමුත් යැන් වුෂි වටා ඇය විසින් සිදු කළ කිසිදු ප්‍රහාරයක් බිඳ දැමීමට නොහැකි වූ අදෘශ්‍යමාන ප්‍රාකාරයක් වැනි ආකර්ශනීය බලවේගයක් ඇති බවක් පෙනෙන්නට තිබුණි. යුවාන් ෂුෂුගේ කඩු යුගල ද එයින් ඇද ගත්තාක් මෙන් සිහින් සුසුමක් පිට කරන්නාක් පරිද්දෙන් දිස් විය.

යැන් වුෂි තමාට පහර දුන් පිහාටුවන් වන් සැහැල්ලු අත්ල ප්‍රහාරය දුටු ඇය වහාම යළිත් තම කඩු යුගලය ලබා ගත්තා ය. කෙසේ වෙතත්, අනෙක් පුද්ගලයා, ඇය කඩුවෙන් තැබූ නොපෙනෙන ලෙස පෙනෙන තිරය මඟ හැර ක්ෂණයකින් ඇය ඉදිරියේ පෙනී සිටියේ ය. යුවාන් ෂුෂු හට එම ප්‍රහාරය ඇගේ අලංකාර වූ සියුම් හස්තයෙන් ලබාගැනීම හැර වෙනත් විකල්පයක් ඉතිරිව තිබුණේ නැත.

ඔවුන්ගේ අත්ලවල් ගැටුණු අතර, පුපුරන සුලු ඝෝෂාව මධ්‍යයේ දී තිරය හදිසියේම අතුරුදහන් විය. යුවාන් ෂුෂු ඉක්මනින් පසුබැස ගියා ය. ඇගේ රූපය සරුංගලයක් මෙන් පසුපසට පා වෙමින් ද, ජලයේ ඇති මුල් නැති පැලෑටියක් මෙන් සුළඟේ පැද්දෙමින් ද තිබුණි. පියවර දහයකට පමණ පසු ඇගේ දෙපා යළිත් පොළොව සමඟ තදින් ස්පර්ශ වී තිබුණි.

කිසිවක් සිදු නොවූවාක් මෙන් මිහිරි ලෙස සිනාසෙමින් ඇය, “ඇත්තටම යැන් ලන් මේ දස අවුරුදු භාවනාව අපතේ යන්න ඉඩ දීලා නැහැ. මම සටන අතරතුර හිටියේ මරණය අතරමැද වගේ. මගේ පුංචි හදවත දැන් හොඳටම ගැහෙනවා!"

යැන් වුෂි ද සිටි තැනම සිටගෙන සිටියේ ඇයව දඩයම් කිරීමට ඔහුට සැලසුමක් තිබුණේ නැති හෙයිනි. ඇත්තටම ඔහු හට යුවාන් ෂුෂුව මරා දැමීමේ අභිප්‍රායක් තිබුණේ නම්, නිසැකවම ඔහුට එය කිරීමට හැකි වනු ඇත. එහෙත් සටන වූකලී ජීවිතයත් මරණයත් අතර අරගලයක් වන අතර ඔහුට ද ඒ සඳහා මිලක් ගෙවීමට සිදුවනු ඇත. ඊට අමතරව, යුවාන් ෂුෂුගේ මරණය පවිත්‍ර චන්ද්‍ර නිකායට ප්‍රතිලාභ ලබා දෙනවාට වඩා සමඟි නිකායේ අනෙකුත් පුද්ගලයින්ට ප්‍රයෝජනවත් දෙයක් වනු ඇත.

යුවාන් ෂුෂු ද මෙම කාරණය පැහැදිලිව දැන සිටි නිසා පිටත්ව යාමට ඉක්මන් නොවී ය.

නමුත් හුඕ ෂිජින්ගේ මළ සිරුර දෙස බැලූ ඇගේ ඉරියව් අවසානයේදී  වෙනස් විය. "මිනිසුන් විසින් සුනඛයෙකුට පහර දුන්නත් ඊට පෙර පවා හිමිකරු කවුදැයි පරීක්ෂා කරනවා. සාපේක්ෂව ගත්තොත් හුඕ ෂිජින් කියන්නේ අපේ නිකායේ ඉහළ තනතුරක් දරන කෙනෙක්. යැන් ලන්ගේ මිනිසා ඔහුව එහෙම මරලා දාන්නේ කොහොමද?"

හුඕ ෂිජින්ව ඝාතනය කළේ බියන් යන්මෙයි විසින් නොවුනත්, යැන් වුෂි සිටි බැවින්, වැඩි ගෞරවයක් නොදැක්වූ බියන් යන්මෙයි ඇයට මෙසේ පැවසී ය, “හුඕ ෂිජින් මගේ සේවකයාව මැරුවා, එහෙනම් ඔහුව මරන්න හොඳයිද? මේ වසර ගණනාව පුරාම, සමඟි නිකායේ අය, පවිත්‍ර චන්ද්‍ර නිකායේ ගෝලයන් බොහෝ දෙනෙක්ව ඝාතනය කරා. නිකායේ නායක යුවාන්, ඇයි අපි අපේ හැම ණයක්ම එකතු කරන්නේ නැත්තේ?”

කෙසේ වෙතත්, එය අසා සිටි යුවාන් ෂුෂු එය ඇසීමෙන් පසු සිනහවකින් මුව සරසා ගන්නට විය, "ඔබ එය පැවසූ ආකාරය අනුව විනිශ්චය කරොත්, ඔහුව මරා දැමූ කෙනා ඔබ වෙන්න බැහැ."

කාන්තාවගේ ආකල්පය මද වේලාවකින් වෙනස් වූ අතර, ඇය වහාම ඇගේ සහජ බුද්ධිය මත ක්‍රියා කළා ය. එක් තත්පරයකදී සිනහවෙන් හා මිහිරි ලෙස කතා කරමින් සිටි ඇය, ඊළඟ තත්පරයේදී, අඩක් අවසන් වූ වාක්‍යයත් සමඟ, ඒ වන විටත් ෂෙන් ච්‍යාඕගේ ගෙල දෙසට ගමන් කරමින් තිබුණි!

ෂෙන් ච්‍යාඕ බොහෝ සේ වෙහෙසට පත් වී තිබූ අතර, හුඕ ෂිජින් ඝාතනය කිරීමෙන් පසු සිටියේ ගස් සෙවණේ නින්දට වැටෙන තරමට වෙහෙසට පත් වී ය.

නමුත් සටන් කලාකරුවෙකු පැවති ඔහුගේ බුද්ධිය සහ අනතුර පිළිබඳ දැනුවත්භාවය තබා ගැනීමට ඔහු සැලකිලිමත් වී තිබුණි. යුවාන් ෂුෂු තමන් වෙත පැමිණි වහාම ඔහුට එය දැනී තිබුණි. සාමාන්‍ය පුද්ගලයෙක් නම්,  සාමාන්‍යයෙන් ප්‍රතිචාර දක්වන්නේ මුලින්ම ඇස් විවෘත කොට පසුව තත්වය ගැන දැනගත් පසුව ය. නමුත් ඇස් විවෘත කිරීමටත් පෙර වහාම ප්‍රතිචාර දැක්වූ ෂෙන් ච්‍යාඕ ඔහුට පිටුපසින් ඇති ගස අල්ලා ගත්තේ ය. එය පිටුපසට වූ ඔහු එහි කඳ ආවරණයක් ලෙස භාවිතා කළේ ය.

ඇසිපිය හෙලන සැණින්, කඳේ සීරීම් සලකුණක් මතු විය!

එය සිදු වූයේ යුවාන් ෂුෂුගේ හස්තයෙන් නොව ඇගේ අභ්‍යන්තර චී ශක්තිය විසිනි. පැහැදිලිවම, ෂෙන් ච්‍යාඕ  තත්පර භාගයකින් ප්‍රමාද වූයේ නම්, ගස වෙනුවට ඔහුගේ බෙල්ලේ මෙම සලකුණ දිස්වනු ඇත.

පළමු ප්‍රහාරය මඟහැරිය හැකි වුව ද දෙවනි ප්‍රහාරය මඟහැරවීමට ෂෙන් ච්‍යාඕ හට හැකි වූයේ නැත. ඔහු හුස්ම ගැනීමටත් පෙර, යුවාන් ෂුෂුගේ දෙවන අත්ල ප්‍රහාරය පැමිණෙමින් තිබුණි.

ෂෙන් ච්‍යාඕ හට ඒ වන විටත් තම උණ ලී සැරයටිය අහිමි වී ගොස් තිබූ අතර වෙනත් ආයුධයක් ඉතිරිව තිබුණේ නැත. පැන යාමට ද කාලය ප්‍රමාණවත් නොවී ය. එය අවහිර කිරීමට තිබුණේ ඔහුගේම දෑත් පමණි. කෙසේ වෙතත්, ඔහුට ඉතිරිව තිබුණේ ඔහුගේ සටන් ශක්තියෙන් අඩක් පමණි. සාමාන්‍ය ප්‍රවීණයෙකු හැසිරවීමට එය ප්‍රමාණවත් වන්නට ඇති විය හැකි නමුත් යුවාන් ෂුෂු වැනි ඉහළ මට්ටමේ සටන් කලාකරුවෙකුට මුහුණ දෙන විට, අවාසිය ඉතා ප්‍රබල විය.

ඔවුන් එකිනෙකාට එරෙහිව සම්බන්ධ වූ මොහොතේ දී ෂෙන් ච්‍යාඕ වහාම පියවර කිහිපයක් පසුබැස්සේ ය. පස්වැනි පියවරේදී ඔහුගේ පිට ගසක හැපී තිබූ අතර එහෙයින් පසුබැසීම නැවතී තිබුණි. ඔහුගේ මුහුණ මාරාන්තික ලෙස සුදුමැලි විය. මන්ද, මුවින් පිටවීම වළක්වා ගැනීම සඳහා ඔහු විශාල ප්‍රයත්නයක් දැරූ නිසාවෙනි.

කෙසේ වෙතත්, එය දැනටමත් යුවාන් ෂුෂුගේ අපේක්ෂාවන්ට වඩා බෙහෙවින් ඉහළ තත්වයක පැවතුණි. හුඕ ෂිජින් කෙතරම් අප්‍රසන්න වුවත්, ඔහු තවමත් සමගි නිකායේ ගෝලයෙකි. නිකාය නායිකාව ලෙස ඇයට ඔහු වෙනුවෙන් පෙනී සිටීමට සිදු විය. මුලදී, ඇය සිතුවේ ෂෙන් ච්‍යාඕව අවසන් කිරීමට පියවර දෙකක් පමණක් ප්‍රමාණවත් වනු ඇති බව ය. නමුත් ඇයව පුදුමයට පත් කරමින්, අනෙක් පුද්ගලයා ඇයගේ ප්‍රහාරයක් දරාගැනීමට සමත් වී තිබුණි.

තුන්වන ප්‍රහාරය පැමිණෙන විට, ෂෙන් ච්‍යාඕ හට පසුබැසීමට තැනක් ඉතිරිව තිබුණේ නැත. ඔහුට හැකි වූයේ දෑස් පියාගෙන තම මරණය පැමිණෙන තුරු බලා සිටීම පමණි.

යුවාන් ෂුෂු විසින් ප්‍රථම ප්‍රහාරය එල්ල කරන විටදී ද යැන් වුෂි හට අවශ්‍යනම් එම ප්‍රහාරය නැවැත්වීමට හැකියාව බොහෝ සේ තිබුණි. නමුත් ඔහු මැදිහත් වූයේ නැති අතර ඒ වෙනුවට නිශ්චල ලෙස බලා සිටීම පමණක් සිදු කළේ ය. එනිසා මෙවර ව්‍යතිරේකයක් වනු ඇතැයි කියලා ෂෙන් ච්‍යාඕ සිතුවේ නැත.

                           *********************



කර්තෘගේ සටහන්:

යැන් වුෂි: මාව එක වචනයකින් විස්තර කරන්න.

වැඩිමහල් ගෝලයා වූ බියන් යන්මෙයි: නියමයි.

ලාබාලතම ගෝලයා  වූ යූ ෂෙන්ග්‍යාන්: කඩවසම්.

ෂෙන් ච්‍යාඕ: …හොඳයි.

යැන් වුෂි [තෘප්තිමත්]: මාව වචන දෙකකින් විස්තර කරන්න.

වැඩිමහල් ගෝලයා වූ බියන් යන්මෙයි: ඉතා සිසිල්.

ලාබාලතම ගෝලයා වූ යූ ෂෙන්ග්‍යාන්: ඉතා කඩවසම්.

ෂෙන් ච්‍යාඕ: ආයුබෝවන්.

යැන් වුෂි:

ඉංග්‍රීසි පරිවර්තකගේ සටහන්:

[1] Yan-lang:  එය කාන්තාවන් සහ ඔවුන්ගේ ස්වාමිපුරුෂයන් හෝ පෙම්වතුන් අතර බහුලව භාවිතා වන වචනයකි.

[2] Harmony Sect (සමඟි නිකාය) : මෙහි මුල් චීන වචනය He Huan (හ'හුආන්) වේ, එහි තේරුම "එකට සිටීම සතුටක්", එය ලිංගිකත්වය සඳහා ව්‍යංගාර්ථවත් පදයකි. මම එය කෙටි වූ නිසාත් වඩා හොඳ ශබ්දයක් ඇති නිසාත් එය Harmony ලෙස පරිවර්තනය කළෙමි.

PS
(සිංහල පරිවර්තනයේදී මෙය සමඟිය ලෙස හඳුන්වා ඇත.) සහජීවන පුස්තකයේ ඇති 'සහජීවන' පදය ද එයට සමාන පදයකි. මෙම වචන දෙක ම ඉංග්‍රීසි පරිවර්තනයේ සඳහන් වූයේ 'Harmony' ලෙස ය.

Comments

  1. A'Qiao ට මොකක් වෙයිද

    ReplyDelete
  2. Yuan shushu ට කැමති නෑ මන්

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-