Skip to main content

විසි තුන්වන පරිච්ඡේදය: ඔහු කෙතරම් ශක්තිමත්ද?

ෂෙන් ච්‍යාඕට දැනුණේ ඔහු බොහෝ කාලයක් පුරා නිදා සිටි බවකි. නමුත් ඔහු සම්පූර්ණයෙන්ම සිහිසුන් වී තිබුණේ ද නැත. අඩුම තරමින් තමාගේ කන අසළ උස් හඬින් කතා කරන මිනිසුන්ගේ හඬවල් සහ ඔවුන් ඉදිරියට ඇදෙමින් පවතින බව, ඔහුගේ සිරුර යට රෝද කැරකෙමින් තිබූ බව ආදී යම් යම් සංවේදන කඩින් කඩ දැනීමේ හැකියාව ඔහුට තවමත් ඉතිරි වී තිබුණි.

ඔහු ක්ලාන්ත වී තිබුණත්, ඔහු තුළ වූ අභ්‍යන්තර චී කිසි විටෙකත් සංසරණය වීම නතර වී තිබුණේ නැත. සූර්යවාදය පුහුණු වීමේ ප්‍රයෝජනය දැන් හෙළිදරව් වී තිබුණි. ඔහු නොදැනුවත්වම ඔහුගේ ශරීරයේ තුවාල ක්‍රමයෙන් සුව වෙමින් තිබුණි.

ප්‍රතිකාර ක්‍රියාවලිය අතිශයින් මන්දගාමී වූවත්, ෂෙන් ච්‍යාඕ අවදි වන විට, එම දුක්ඛිත වූ ඔක්කාරය පිළිබඳ හැඟීම් සියල්ල අතුරුදන් වී තිබුණි. මේ දින කිහිපයේම සිහියක් නැතිව නිදමින් සිටි නිසා අවදි වූ පසුවත් සිහිනයක් තුළ සිටින්නාක් මෙන් සිටි ඔහු ඇස් මදක් විවෘත කළේ ය. ඔහු තම හිස දෑතින්ම වසාගෙන කෙටි කාලයක් නිශ්චලව සිටියේ සිදු වූයේ කුමක්දැයි සිතමින් සිටින ආකාරයකිනි.

වටපිට බැලූ ඔහු තමන් මේ මොහොතේ සිටින්නේ ප්‍රවාහන මැදිරියක බව සොයා ගත්තේ ය. එහෙත් මේ මොහොතේ මැදිරිය නැවතී තිබූ නිසා ඔහුට පිටතින් තිබුණේ කුමක්දැයි කිව නොහැකි විය.

ෂෙන් ච්‍යාඕ ප්‍රවේශමෙන් සිහිපත් කළේ ය.ඔහු සිහිසුන් වීමට පෙර යැන් වුෂි සමඟ සටන් කරමින් සිටි නිසා ඔහුව රැගෙන එන්නට ඇත්තේ යැන් වුෂි විය යුතු ය.

ඔහු ඒ ගැන දැඩි ලෙස කල්පනාවේ නිමග්මව සිටියදී මැදිරියේ තිර රෙද්ද අතකින් එසවී තිබූ අතර ඊට පිටුපසින් යැන් වුෂිගේ මුහුණ හෙළිදරව් විය.

"ඔබ අවදි වුණා ද?"

මෙම එක් වාක්‍යයෙන් පමණක් ෂෙන් ච්‍යාඕගේ හිසකෙස් නැඟී යාමට ආසන්න විය.

ඔහුට යැන් වුෂි සමඟ සමීප සබඳතාවයක් ඇතැයි පැවසිය නොහැකි වුව ද, මිනිසාගේ ස්වභාවය සහ ඔහු කටයුතු කරන ආකාරය ගැන යම් අවබෝධයක් මේ වන විට ඔහුට ලැබී තිබුණි. ඔහු දෙස කෙසේ බැලුවත්, තමාට ඉදිරිපසින් සිටි පුද්ගලයාට එම මුහුණම තිබූ බව නොවේ නම්, ෂෙන් ච්‍යාඕට සිතෙනු ඇත්තේ ඔහුට කිසියම් අවතාරයක් වැසී ඇති බව ය.

මක්නිසාද යත්, සියල්ලන්ම බියට පත් වන්නා වූ, හැසිරීම එතරම් විකෘති සහ චංචල වූ, අනුන්ට සමච්චල් කිරීම සහ සමච්චලයට ලක් කිරීමෙන් සතුටට පත් වූ අසුර පරමාධිපතියා මෙතරම් මුදු මොළොක් ස්වරයෙන් කතා කරනු ඇතැයි ඔහු කිසිවිටෙකත් බලාපොරොත්තු වී තිබුණේ නැති හෙයිනි.

ෂෙන් ච්‍යාඕ මදක් පසුබට විය, "නිකාය නායක යැන්... මොනවහරි දෙයක් වුණාද?"

“ඔබ දරුණු විදිහට තුවාල වෙලා දින ගණනාවක් සිහිසුන් වෙලා හිටියා. වාසනාවට, සූර්යවාදයේ අභ්‍යන්තර චී ශක්තිය ඔබගේ ශරීරයේ ක්‍රියාත්මක වෙලා ඔබේ මෙරීඩියන් ආරක්ෂා කළා. තව දින කිහිපයක විවේකයකින් ඔබ සුව වේවි. අපි දැන් යින්ග් ප්‍රාන්තයට ඇතුළු වුණා. මට නවතින්න තානායමක් හමු වුණා. එන්න.”

ඔහු ඉදිරියට පැමිණ පහතට නැමී, ෂෙන් ච්‍යාඕව තම දෑතට ගෙන පපුව සමීපයට ළං කොට ගනිමින් ඔසවා ගත්තේ ය.

ෂෙන් ච්‍යාඕට දැනුණේ ඔහුගේ රුධිරය සීතල වී යන බවකි. එක්වරම හැරී පැන යාමට සිතුණත් අවාසනාවකට මෙන්, ඔහු දින ගණනාවක් සිහිසුන්ව සිට අවදි වී තිබූ නිසා ඔහුගේ ශරීරය තවමත් ප්‍රතිරෝධය දැක්විය නොහැකි තරම් දුර්වල විය. එම නිසා ඔහුට හැකි වූයේ අනෙක් පුද්ගලයාට ඔහුගේ ගමන යාමට ඉඩ ලබා දීම පමණි.

මෘදු සිනහවක් පෑ යැන් වුෂි ෂෙන් ච්‍යාඕගේ අවතාරයක් දුටුවාක් වැනි ප්‍රකාශය නොතකමින් ඔහුව තානායම තුළ අභ්‍යන්තරය දක්වාම රැගෙන ගියේ ය. ඔහු විවේකාගාරයේ සිට පසුපස මිදුල දක්වාම ඇවිද ගියේ අන් අයට අවශ්‍ය පරිදි තමා වටා රොක් වීමට ඉඩ හසර සලසමිනි.ඔවුන්ට මඟ පෙන්වන සේවකයා පවා ආපසු හැරී බැලුවේ ය.කෙසේ වෙතත්, ඔහු ඒ කිසිවක් ගැන සැලකිලිමත් නොවී පෙර පරිදිම ගමන් කරමින් සිටියේ ය.

“මහත්මයා දන්නවද? මේක තමයි ලස්සනම මළුව. අපේ තානායමේ විතරක් නෙවෙයි, මුළු යින්ග් ප්‍රාන්ත නගරය පුරාම තිබෙන ලස්සනම මළුව මේක. බොන්සායි සහ ජලය දිහා බලන්න. සුඛෝපභෝගී මන්දිරවල තිබෙන මළු සමඟ සංසන්දනය කළත් ඒවා අතරෙ වැඩි වෙනසක් නැහැ.ඔබට වසන්ත දර්ශන භුක්ති විඳින්න අවශ්‍ය වුණොත්,ගම්බද ප්‍රදේශවලට ගිහින් කඳු තරණය කරන්න ඕනෙ නැහැ. ඔබ කළ යුත්තේ මේ මළුවේ රැඳී සිටීම පමණයි. එවිට ඔබට අපේ නගරයේ සියලුම වසන්ත දර්ශන බලන්න පුලුවන්!"

සේවකයා ඇත්තෙන්ම ඉතා දක්ෂ විය.අවාසනාවන්ත ලෙස, ෂෙන් ච්‍යාඕට එම දර්ශන දැකීමට නොහැකි වූ අතර, පුද්ගලයා විස්තර කරන අලංකාරය ඔහුට දැනීමට ද නොහැකි විය. මෙම ස්ථානය කුලියට දීමට සැලකිය යුතු මුදලක් වැය විය හැකි බව සේවකයාගේ ආකල්පයෙන්ම ඔහුට අනුමාන කළ හැකි විය.

අනෙක් අතට, යැන් වුෂි තරමක් උනන්දු වූ බවක් පෙනෙන්නට තිබුණි. ඔහු සේවකයාට 'කට වහන්න'යැයි අණ කළේ නැත. ඔහු ඒ පිළිබඳව සම්පූර්ණයෙන්ම විස්තර කරන ලෙස පවා ඔහුගෙන් ඉල්ලා සිටි අතර පේළි කිහිපයකට වරක් අදහස් දැක්වීමක් ද සිදු කළේ ය. එයින් සේවකයා තවත් දිරිමත් විය. නොනවත්වා කතා කරමින් සිටි ඔහු එම මුළු මළුවම සහ එහි ඇති සෑම කුඩා දෙයක්ම හඳුන්වා දුන්නේ ය.

වැඩුණු මිනිසෙක් දෑතින් ඔසවාගෙන සිටිය ද යැන් වුෂි හට වෙහෙසක් නොදැණුනු අතර ඊට පටහැනිව ඔහුට මළුව වටාම ඇවිදීමේ මනෝභාවයක් පවා ඇති වී තිබුණි.මෙය දැකීමෙන් පසු සේවකයාට ඔහු කෙරෙහි ඇති වූ ගෞරවය තවත් වර්ධනය විය.

ෂෙන් ච්‍යාඕගේ ශරීරයට දැඩි විවේකයක් අවශ්‍ය විය. බොහෝ වේලාවක් අවදිව සිටි ඔහු යලිත් තෙහෙට්ටුවට පත් වී තිබූ අතර යැන් වුෂිගේ තුරුලේ රැඳී සිටියේ නින්ද යාමට ආසන්න තත්වයකින් ය.

අවසානයේදී සේවකයා පිටත්ව යාමට තරම් සංවේදී විය.යැන් වුෂි ෂෙන් ච්‍යාඕව නිදන කාමරයට රැගෙන ගොස් ජනේලය අසල තිබූ උණ බම්බු යහන මත ඔහුව තැබුවේ ය.

උණ බම්බු යහන ඝන, සිනිඳු ලොම් ඇතිරිල්ලකින් වැසී තිබුණි. ඔහු වැතිර සිටි සැණින් ඔහුගේ අස්ථි සියල්ල සැනසිල්ලට පත් වූ අයුරු ෂෙන් ච්‍යාඕට දැනෙන්නට විය.

එහෙත් යැන් වුෂි යන්නට ඉක්මන් වූයේ නැත. ඒ වෙනුවට, ඔහු ෂෙන් ච්‍යාඕ අසල වාඩි විය.

ෂෙන් ච්‍යාඕ ඇසුවේ ය, “මෙවර නිකාය නායක යැන් කුලියට ගත්ත මළුවේ තිබෙන්නේ එක නිදන කාමරයක් පමණයිද?”

යැන් වුෂි දේවල් සැහැල්ලුවෙන් ගන්නා බවක් පෙනෙන්නට තිබුණි, “ඇත්තටම තවත් තිබෙනවා.නමුත් මළුවම කුලියට ගත්තේ මම නිසා මට ඕනෑම තැනක වාඩිවෙන්න පුළුවන්. ඔබ දින කිහිපයක් නිදාගෙන හිටියා. ගමන පුරාවටම ඔබව රැකබලා ගත්තේ මම. ඒත් ඔබ මට ස්තුති කරන්නේවත් නැහැ; ඒ වෙනුවට ඔබ මාතෘකාව වෙනස් කිරීමට පවා උත්සාහ කරනවා. එහෙනම් ෂුවාන්දු කන්දේ නිකාය නායකයා හැදී වැඩුණු ආකාරය මෙයද?”

ඒ ඔබ අමුතු විදිහට හැසිරෙන නිසා’යැයි පැවසීමට ෂෙන් ච්‍යාඕට සිත් විය.

ඒ ගැන කල්පනාවේ නිමග්නව සිටින විට ඔහුට දකින්නට ලැබුණේ තමන් දෙසට පැමිණෙමින් තිබූ හස්තයකි. අනෙක් පුද්ගලයාගේ හස්තය එක්වරම ඔහු වෙත ළඟා වී තිබූ අතර එමඟින් රැලි වැටී තිබූ ඔහුගේ වස්ත්‍ර කර පටිය පිළිවෙළට සකස් කොට ද තිබුණි. එයින් ෂෙන් ච්‍යාඕ බියපත් විය. පෙරදී ඔහු සිටියේ යම් පුදුමයකින් වුවත් මේ වතාවේ දී, ඔහු සැබවින්ම භීතියට පත් විය.

ඔහු නින්දෙන් අවදි වන විට යැන් වුෂි ඔහුගේ ස්වභාවය සම්පූර්ණයෙන්ම වෙනස් කර ඇති බව දැකීම ඔහුට අදහාගත නොහැකි දෙයක් විය.

අනෙක් පුද්ගලයා කුමන උපායක් යොදන්නේ දැයි සිතාගැනීමට ඔහුට නොහැකි විය.

"නිකාය නායක යැන්, කරුණාකරලා මට විහිළු කරන එක නවත්වන්න."

ඔබ එය විහිළුවක් විදිහට හඳුන්වන්නේ කොහොමද?පිටත ඉන්න අය පැත්තකින් තියමු. පවිත්‍ර චන්ද්‍ර නිකායේ ඉන්න ශ්‍රාවකයන් කී දෙනෙක් මම මේ වගේ මිත්‍රශීලී, ප්‍රසන්න ආකාරයකින් ඔවුන්ට සලකනවා බලන්න කැමත්තෙන් ඉන්නවද කියලා ඔබ දන්නවාද?කලාතුරකින් කෙනෙක්ට ලස්සනට සලකන්න ඕනේ. ඒත් අනෙක් අයනම්, බැගෑපත්ව වැඳ වැටිලා ඉල්ලුවත් මගෙන් ඒ සැලකීම ලබාගන්න බැහැ!”

ෂෙන් ච්‍යාඕගේ මුව තිගැස්සුණි.

“නැත්නම් මම සිහිසුන්ව ඉද්දී නොදැනුවත්වම අහම්බෙන් නිකාය නායක යැන්ට අමනාප වෙන දෙයක් සිද්ධ වුණාද? එහෙමනම් නිකාය නායක යැන්ගෙන් මම සමාව ඉල්ලනවා.මෙතන ඉන්න බලවත්ම පුද්ගලයා නිකාය නායක යැන් නිසා කරුණාකරලා අන්ධයෙකුට කරදර නොකරන්න.”

යැන් වුෂි එක්වරම සිනහවක් පෑවේ ය, “ෂෙන් ච්‍යාඕ! ඔහ්, ෂෙන් ච්‍යාඕ! සියල්ලන්ම කියනවා ඔබ කාරුණික, අවංක කෙනෙක් කියලා. ඒත් මම දකින විදිහට , ඒක සම්පූර්ණ බොරුවක්. තමන්ගේ අන්ධකමින් ප්‍රයෝජන අරගෙන අනෙක් අයව නිතරම කපලා දාන්නේ මොන වගේ අවංක මිනිහෙක්ද?"

තොල් තදකරගත් ෂෙන් ච්‍යාඕ කිසිවක් පවසූයේ නැත.

යැන් වුෂි තම දකුණු අත භාවිතා කරමින් ෂෙන් ච්‍යාඕගේ නාඩි ස්පන්දනය ලබා ගත්තේ ය. දෙවැන්නා වෙව්ලන්නට වූ නමුත් මඟ හැරියේ ද නැත.ඔහු අසාර්ථක වූවා ද නැතහොත් ඔහුට එසේ කිරීමට අදහසක් නොතිබුනේ ද යන්න කීමට අපහසු විය.

"ඔබට තවමත් පෙනෙන්නේ නැද්ද?"

ෂෙන් ච්‍යාඕ හිස වැනුවේ ය, “සමහරවිට මට සිහිය නැතිවෙන්න කලින් මගේ අභ්‍යන්තර චී ශක්තිය වෙහෙස වුණ නිසා වෙන්න ඇති. මගේ ඇස් තවමත් අඳුරුයි. පිළිස්සෙනවා වගේ. බොහෝ දුරට තව දින කිහිපයක් ගත වේවි.”

“ඉක්මන් වෙන්න අවශ්‍ය නැහැ. මෙතැන ඉඳන් උතුරු ෂෝ වලට තවමත් බොහෝ දුරයි. අපි යන්නේ ප්‍රවාහන මැදිරියක. ඒ නිසා ඔබට සුවය ලබාගන්න කාලය තියෙනවා."

ෂෙන් ච්‍යාඕට ප්‍රහේලිකාවක් ඇති විය, "උතුරු ෂෝ වලට?"

"ඇයි? ඔබට යන්න ඕන නැද්ද?"

මෙම පැනය සම්පූර්ණයෙන්ම අනවශ්‍ය වූ පැනයකි.

පුද්ගලයන් දෙදෙනාගේ නිකායන්, ඔවුන්ගේ අතීතය, ඔවුන්ගේ ස්වභාවයන්, ඔවුන්ගේ හැසිරීම් සහ පෞරුෂයන් අතර සමානකම් තිබුණේ නැත.යැන් වුෂි වැනි අතිශයින් උඩඟු සහ අහංකාර අයෙකුට, මෙවැනි තත්වයකට වැටී සිටි ෂෙන් ච්‍යාඕ කෙරෙහි තවමත් සන්සුන්ව සිටීමට හැකි වූයේ මන්දැයි ඔහුට තේරුම් ගත නොහැකි විය. ඔහුව එහා මෙහා ගෙන යමින් සිටියා පමණක් නොව, ෂෙන් ච්‍යාඕට වීදි හරහා පෙළපාලි යාමට පවා බල කෙරුනි. අවසානයේදී, ඔහු ෂුඅන්දු කන්දේ සිටි නිකාය නායකයා බව යමෙකු හඳුනා ගතහොත්, එය නිසැකවම ඕපාදූප බොහොමයක් ආකර්ෂණය කරගනු ඇති බව නිසැක ය.

සිහි කිරීමටවත් අවශ්‍ය නොවූ කටුක අත්දැකීම් මත නැවත නැවතත් රැඳී සිටින ෂෙන් ච්‍යාඕ වැන්නවුන් සෑම විටම සිටිනු ඇත.ලොව ප්‍රමුඛතම දාඕවාදී නිකායේ නිකාය නායකයා ලෙස ඔහුට සටන් කලාව සහ තනතුර යන දෙකම අහිමි වී තිබූ අතර ඔහුගේ කනිෂ්ඨ සටන් සොහොයුරා විසින් ඔහුව පාවා දී තිබුණි.ඔහු තම හදවතින්ම සහ ආත්මයෙන්ම ආරක්ෂා කළ සෑම දෙයක්ම ඔවුන්ගේ දෝෂ දර්ශනයට ද ලක් වී තිබුණි. සියල්ලන්ම සිතුවේ ඔහු කළ දේ වැරදි බවයි. එය, කුඩා කල සිටම ඔහු තුළ තිබූ විශ්වාසයන් සහ පරමාදර්ශ සියල්ල මුළුමනින්ම යටපත් වූවාක් මෙන් හැඟීමකි.

වඩාත් කණගාටුදායකම කරුණ වූයේ ඔහුගේ දෑස් පෙනීම ද අහිමිව යාම යි. මේ හේතුවෙන් ඔහුට රැයෙහි සහ දහවලෙහි වෙනසක් තිබුණේ නැත. සේදීම සහ උදෑසනේදී ඇඳුම් හැඳගැනීම වැනි කුඩා දේවල් හැරෙන්නට, නුහුරු නුපුරුදු පරිසරයක සිටින විටදී ඔහුට සංචාරයක් සඳහා අවශ්‍ය වූයේ අමතර පියවරවල් කිහිපයක් ගැනීම පමණි.

සතුරෙකුට මුහුණ දෙන විටදී ඔහුගේ කන් පමණක් තිබීම හා සසඳන විට, මෙම සුළු කාරණාවන් ෂෙන් ච්‍යාඕව වඩාත් කලකිරවීමට පත් කොට තිබුණි.

යැන් වුෂිට මේ ආකාරයේ පරාජිත මානසිකත්වයක් තේරුම් ගත නොහැකි වූ අතර ඔහු එසේ කිරීමට උනන්දු වූයේ ද නැත. ඔහු සැබවින්ම උනන්දු වූයේ ෂෙන් ච්‍යාඕ නම් මෙම පුද්ගලයා පිළිබඳව ය.

තම සියලු සටන් කලාවන් අහිමි වී, අනුන්ගේ ජීවිත පවා පහසුවෙන්ම නැති කිරීමට හැකියාව තිබූ අයෙකුගේ සිට සියලු ආකාරයේ මිනිසුන්ගෙන් හිරිහැරයට ලක්වන දුර්වලයෙකු බවට පත් වුවහොත්, සටන් කලාකරුවෙකුට පවා එය දරාගැනීමට නොහැකි විය යුතු ය. එවැනි කාලයකදී ඔවුන් සාම්ප්‍රදායික බවට පත් නොවුණද, එයින් ඔවුන් අවම වශයෙන් කාංසාවට සහ මානසික අවපීඩනයට පත් වනු ඇති අතර අවම වශයෙන් යටත් හෝ වනු ඇත.

මෙතරම් සෞම්‍ය සහ මෘදු ලෙස පෙනුණු මෙම පුද්ගලයා සම්බන්ධයෙන් ගත් කල, මෙතරම් සන්සුන්ව සිටීමට හැකි වීමට තරම් කටුක අස්ථියක් ඔහු තුළ තිබුණේ කෙසේද?

ෂෙන් ච්‍යාඕ හිස වනමින් පැවසුවේ ය, “එහෙනම්, නිකාය නායක යැන්ගේ ගමනට නැවතත් කරදර කරන්න සිදු වීම ගැන ඇත්තෙන්ම මට කණගාටුයි.”

යැන් වුෂි සිතුවේ ඔහුට උතුරු ෂෝ වෙත යාමට අවශ්‍ය නොවනු ඇති බවයි. ඔහු ප්‍රතික්ෂේප කරනු ඇතැයි හෝ විරෝධයක් මතු කරනු ඇතැයි ඔහු බලාපොරොත්තු විය. කෙසේ වෙතත්, ෂෙන් ච්‍යාඕගේ අනුකූලතාවය ඔහුට පුදුමයක් විය. ඔහු උපායාත්මක ලෙස යෝජනා කළේ ය, “නැත්නම් ඔබට ෂුඅන්දු කන්දට ආපහු යන්නත් පුලුවන්. ෂුඅන්දු නගරයේ තැනක් හොයාගෙන අනෙක් සටන් සහෝදරයන් සහ වැඩිහිටියන් හමුවෙන්න අවස්ථාවක් එනකල් ඉන්න. සමහරවිට ඔවුන්ට, යූ අයිට වඩා වෙනස් මත තියෙන්න පුලුවන්. ඔවුන් ඔබට නිකාය නායක තනතුර නැවත ලබාගන්න පවා සහය වේවි.

යැන් වුෂි, ඔහු සහ ෂුඅන්දු කන්ද අතර ඇති වෛරය ඇවිස්සීමට ප්‍රයත්න දරමින් බොහෝ විට ගිනිදැල් අවුස්සමින් සිටි බව ෂෙන් ච්‍යාඕ හොඳින්ම දැන සිටියේ ය. නමුත් ඔහු තවමත් හිස වනමින් ඔහුගේ පැනයට පිළිතුරු දුන්නේ ය, “මගේ සටන් කලාව දැන් අසාර්ථකයි. අනික මම පැරදුනේ කුන්'යට. මම ආපසු ගියත් නැවත ෂුඅන්දු කන්දට නායකත්වය දෙන්න මට මුහුණක් නැහැ. යූ අයි දැනටමත් තාවකාලික නිකාය නායකයා නිසා ඔහු නිකාය පාලනය කරාවි. මම ගියොත් අන්තිමට මාව ප්‍රාණ ඇපකාරයෙක් වෙනවා. මම ඔවුන්ගෙන් ඈත් වෙලා ඉන්න එක හොඳයි. එවිට මට සමහර දේවල් පැහැදිලි කරන්න පුලුවන්.”

එලෙස පවසමින්, සිනහසෙමින් සිටි ඔහු,“මේ තත්‍වයට මම වැටිලා තියෙන්නේ කාලීන දේවල් ගැන මගේ නොදැනුවත්කමත්, මිනිස් මනස ගැන ඇති නොසැලකිල්ලත් නිසා කියලා නිකාය නායක යැන් එක් වරක් කිව්වා නේද? නිකාය නායක යැන් උතුරු ෂෝ රාජ්‍යයේ වැදගත් තනතුරක් දරනවා. ඒ නිසා මම ඔබව අනුගමනය කළොත්, තවත් වැරදි නොකර ඉන්න සහ කරපු වැරදි නැවත නොකර ඉන්න පුලුවන් වෙන විදිහට බොහෝ දේවල් ඉගෙනගන්න අනිවාර්යයෙන්ම පුලුවන්. ඒක මට ලැබුණු ආශීර්වාදයක් වේවි. ” ලෙස පැවසුවේ ය.

යැන් වුෂි ඔහුගේ ඇහිබැම ඉහළට ඔසවා මෙසේ ඇසී ය, “එහෙනම්, තුජුයේ ජනතාව එක්ක යූ අයිගේ සහයෝගීතාව ගැන ඔබ තවදුරටත් සැලකිලිමත් වෙන්නේ නැද්ද?”

ෂෙන් ච්‍යාඕ ඔහුගේම හිස පිරිමැදගනිමින් පැවසී ය, “ඒ පිටුපස සැගවුණු කතා බොහොමයක් තිබෙනවා.නිකාය නායක යැන්ටත් ඒ ගැන කියන්න පුළුවන් වේවි කියලා මම විශ්වාස කරනවා. පරාජයෙන් පස්සේ හු ලුගු ඉවත්ව ගියා. වසර විස්සකට වැඩි කාලයක් ඔහු ගැන කිසිම ආරංචියක් තිබුණේ නැහැ.කුන්'ය හුලුගුගේ නියෝගය යටතේ සටන්කාමී ලෝකයේ පෙනී හිටියා. ඔහු පෙනී ඉන්න හේතුව මට අභියෝග කිරීමට පමණක් වීම තරම් සරල දෙයක් වෙන්න බැහැ.යූ අයි එක්ක ඔහුගේ සහයෝගීතාවය පිටුපස ගැඹුරු කුමන්ත්‍රණයක් තියෙන්න ඕනෙ. නිකාය නායක යැන් මීට කලින් කුන්'ය එක්ක සටන් කරලා තියෙනවා කියලා මට ආරංචි වුණා. ඔබේ මතය අනුව, ඔහු නොසැලකිලිමත් පුද්ගලයෙක් කියලා ඔබ සිතනවද?"

යැන් වුෂි ඔහුගෙන් සත්‍යය වසන් කළේ නැත, “ඔහුගේ දක්ෂතාවය නරක නැහැ.ප්‍රමාණවත් කාලයක් ලබා දුන්නොත්, ඔහු තවත් හු ලුගු කෙනෙක් වෙන්නත් පුලුවන්. අපේ සටන්වලදී, ඔහු බොහෝ දේවල් කළත්, මට එරෙහිව ජයග්‍රහණය කරන්න බැරි වුණත්, ඔහු පැහැදිලිවම උපක්‍රමයක් හෝ දෙකක් මඟින් පසුබැස්සා. ඔහු ඔහුගේ සියලු උත්සාහයන් දරුවේ නැත්තේ ඇයි කියලා මම දන්නේ නැහැ. ඒ නිසා මම ඔහුට කිහිප වතාවක් උපහාස කරන්න පවා උත්සාහ කළත් ඔහු ඒ විදිහටම හිටියා. අවසානයේදී, ඔහුට තවදුරටත් මාව ඉවසගන්න බැරි වුණ නිසා නැවතත් ෂියොන්ග්නුවලට ගියා."

එයින් පැහැදිලි වූයේ කුන්‍'ය ඇත්තෙන්ම අධිමාන්නිත, මොළයක් නැති අයෙකු නම්, ඔහු යැන් වුෂි සමඟ නොගැලපෙන බව හොඳින්ම දැන සිටියත්, එක වරක් හෝ උපරිම උත්සාහයක් නොගෙන මෙතරම් කාලයක් නොඉවසා සිටින්නේ නොමැති වනු ඇති බවයි.

ඒ ගැන කල්පනා කරමින් සිටි ෂෙන් ච්‍යාඕගේ ඇහි බැම මඳක් රැලි වැටුණි.

බොහෝ දේ සම්බන්ධ වීමට පටන්ගෙන ඇති අතර, සත්‍යය වසන් වී තිබුණි. මේ මොහොතේ සත්‍ය,අසත්‍ය වෙන් කරලීමට තරම් ප්‍රමාණවත් පැහැදිලි බවක් තිබුණේ නැත. එය දැවැන්ත නූල් බෝලයක් බඳු විය.සෑම දෙයක්ම සම්පූර්ණයෙන්ම අවුල් සහගත විය. ඔහුට තවමත් එම නූල් බෝලයේ අවසානය ග්‍රහණය කර ගැනීමට නොහැකි වී ඇති අතර ඒ හේතුවෙන් බොහෝ පැති සම්බන්ධයෙන් ප්‍රහේලිකාවක් ඇති වී ඇත.

ඔහු සුසුම්ලමින් පැවසුවේ ය, නිකාය නායකතුමා කියපු දේ ඇත්ත. ලෝකයේ වර්තමාන තත්ත්වය ගැන මම දැනගෙන හිටියේ අඩුවෙන්. මට ඉතා පටු අදහස් තිබුණත් පහතටම වැටීම ගැන මම දැන් ඉන්නේ ආත්ම තෘප්තියෙන්. යූ අයි කරපු දේ ගැන කියනවනම්, මමත් ඒකට වගකියන්න ඕනෙ. මගේ නොදැනුවත්කම නිසයි ඔවුන් මේ දේවල් කරන්නේ කියලා මට හිතාගන්න බැරි වුනේ.”

යැන් වුෂි උපහාසයට ලක් කළේ ය,ඔබට මේ වගේ මානසිකත්වයක් ලැබුණේ කොහෙන්ද? ස්ථිර ශක්තියක් තියෙන තාක්කල් සෑම කුමන්ත්‍රණයක්ම විනාශ වෙනවා. ඔබ ප්‍රමාණවත් තරම් ශක්තිමත් වුණාම ඔය සියල්ලන්වම මැරුවත් ලොකු ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ. ඒ පුද්ගලයින් ඔබව පාවලා දෙන්න තරම් එඩිතරයි නම්, ඔබත් ඔවුන්ට ඒ ආකාරයෙන් සලකන්න ඕනෙ.ඔවුන්ගේ චේතනාව තේරුම් ගිහිල්ලත්, ඔබ ඔවුන්ට සමාව දෙන්න උත්සාහ කරනවා කියලානම් මට කියන්න එපා."

ෂෙන් ච්‍යාඕට ඔහුගේ “වැඩකට නැත්නම් ඔවුන්ව මරා දමන්න” යන ආකල්පය කෙරෙහි තරමක් බලාපොරොත්තු විරහිත බවක් දැනුණි. “ඔබ කියපු දෙයිනුත් පැහැදිලි වෙනවා, යූ අයිට ෂුඅන්දු කන්ද පාලනය කරන්න පුලුවන් නිසා, මගේ සියලුම සටන් සහෝදරයන් සහ නිකාය වැඩිහිටියන් ඔහුට භාර දිය යුතුයි කියලා. එහෙම කරන්න මමත් එකඟ වෙනවා. හැමදාම මට කරුණාවන්ත වුණ මගේ ජ්‍යෙෂ්ඨ සටන් සහෝදරයා පවා මට වඩා නිකාය නායකයෙකු ලෙස කනිෂ්ඨ යූ සහෝදරයාව බොහෝ සුදුසුයි කියලා හිතනවා.ඉතින් මම ඔවුන් සියල්ලන්වම මරා දාන්න ඕනෙද? මේ මිනිස්සු ෂුඅන්දු කන්දේ කුළුණු සහ මුල්ගල් වගේ. ඔවුන් නැති වුනොත් ෂුඅන්දු කන්ද තවමත් නිකායක් විදිහට හඳුන්වන්නේ කොහොමද? ”

යැන් වුෂි ද්වේෂසහගතව මෙන් පැවසුවේ ය, “ඔබට අනාගතයේදී ඔබේ සටන් කලාව නැවත ලබාගන්න පුලුවන් වුනත්, නිකාය නායක තනතුර ආපහු ලබාගන්න පුලුවන් වුනත්, ඔබේ සටන් සහෝදර සහෝදරියන් එක්ක තියෙන ඔබේ මිත්‍රත්වය ආපහු කවදාවත් පෙර තිබුණු තත්වයටම යන්නෙ නැහැ. ඔවුන්ගේ පාවාදීම ඔබේ උගුරේ හිර වුණු මාළු අස්ථියක් වගේ ඔබව හොල්මන් කරාවි.එයින් ගොඩ එන්න ඔබට කවදාවත් නොහැකි වේවි.ඔවුන් ගැන හිතුවොත්, ඔවුන් කළ දේට ඔබ ඔවුන්ට සමාව දුන්නත්, ඔබට ගැටලුවක් නැහැ කියලා ඔවුන් විශ්වාස කරයි කියලා ඔබ සිතනවද? ”

කතා කරන අතරම ඔහු තව තවත් සමීප විය. ඔහුගේ උණුසුම් හුස්ම දැන් ෂෙන් ච්‍යාඕගේ මුහුණ ස්පර්ශ කරන තරම් සමීප වී තිබුණි.

අපහසුවක් දැනුණු ෂෙන් ච්‍යාඕ හිස හරවා ගත්තේ ය. “හැම කෙනෙක්ගේම සිතේ නපුරු චේතනා තිබෙනවා. එකම වෙනස වෙන්නේ ඒක ක්‍රියාත්මක කරනවද, නැද්ද යන්න පමණයි. මේ තරම් දරුණු විවේචනයක් කරන්න අවශ්‍ය නැහැ.”

යැන් වුෂි කෙඳිරියක් විලස සෙමෙන් සහ සිත් වශී කරගන්නා ආකාරයෙන් ඇසුවේ ය, “ඔහ්? ඉතින් ඒ කියන්නේ ඔබේ හිතෙත් නරක චේතනා තිබෙනවා කියලාද? ඔබේ නපුරු චේතනා මොනවාද? ඇයි ඔබ මට ඒවා ගැන කියන්නේ නැත්තේ?"

ෂෙන් ච්‍යාඕට පසුබැසීමට අවශ්‍ය වූ නමුත් අතක් පැමිණ ඔහුගේ ඉණ වටා එතී අවහිර කොට තිබුණි. වෙනත් විකල්පයක් නොමැති වූ ඔහු මදක් පිටුපසට නැඹුරු විය.

ඔහුටත් නොදැනීම, ඔහු දැනටමත් කෙළවරට තල්ලු වී තිබූ අතර, ඔහුගේ පිටුපස බිත්තියට තදින් තද වී තිබුණි.  පිටුපසින් සිතුවමක් එල්ලා තිබෙන්නට ඇති බව ඔහුට සිතුණේ එහි කෙළවරේ රෝලරය ඔහුගේ උරහිස් තලවලට පහළින් දැඩි ලෙස රිදවමින් තිබූ නිසා ය.

"ආ-ච්‍යාඕ, ඔබේ නපුරු චේතනා මොනවාද? මට කියන්න."

මෙම "ආ ච්‍යාඕ" ආමන්ත්‍රණය ෂෙන් ච්‍යාඕගේ ඇස්වලට කඳුලු ගෙන ආ නමුත්, ඔහුගේ මුහුණෙන් විස්මය දිස් වීමටත් පෙර, අනෙක් පුද්ගලයාගේ ගැඹුරු කටහඬට ඔහු එසැණින් ආකර්ෂණය වී තිබුණි. තුෂ්නිම්භූත වූ සිතින් ඔහු තම මුව විවර කොට පිළිතුරු දෙන්නට විය.

"මම…"

ටක් ටක් ටක්!

පිටතින් තට්ටු කරන හඬක් පැමිණුනි.

එයින් ෂෙන් ච්‍යාඕ මදක් තිගැස්සී ගිය අතර පසුව ඔහු එක්වරම සන්සුන් විය.

"ඔබ මට මායාව [1] භාවිතා කළාද?!"

“මේකට කියන්නේ 'අසුර වශිය' කියලා. පවිත්‍ර චන්ද්‍ර නිකායත් සූර්ය සඳු නිකාය තුනෙන් එකක්.ඒ නිසා මම සමගි නිකාය දන්න හැමදේම දන්නවා. ඒ මෝඩ ගෑණු ළමයා බයි රොන්ගේගේ දක්ෂතාවය තවමත් පරිපූර්ණ නැහැ. ඔබ නිතර නිතර සවන් දුන්නොත්, ඊළඟ වතාවේ ඔබ ඇගේ උගුල්වලට එතරම් පහසුවෙන් හසු වෙන්නේ නැති වේවි."

නිකාය නායක යැන් තම උපක්‍රමය හෙළිදරව් කළ ද අවම වශයෙන් ලැජ්ජාවටවත් පත් වූයේ නැත. ඇත්තෙන්ම, ඔහු එතරම් උච්ච ස්වරයකින් කතා කළේ ෂෙන් ච්‍යාඕට එය භාවිතා කිරීමට හැකිවීම ගෞරවයක් ලෙස සලකමිනි..

ෂෙන් ච්‍යාඕ වැනි නිහතමානී අයෙකුට යැන් වුෂිගේ වචන සමඟ තර්ක කිරීමට හැකි වූයේ කෙසේද? ඔහු කෙතරම් කෝපයට පත් වූවා ද කිවහොත්, ඔහු සිනාසෙන්නට ද පටන් ගත්තේය, "ඉතින් නිකාය නායක යැන් කියන්නේ, ඒ වෙනුවට මම ඔබට ස්තූති කරන්න ඕනෙ කියලද?"

යැන් වුෂි අදහස් දක්වමින් පැවසී ය, ඇත්තෙන්ම ඔබ හරි. මට ස්තුති කරන්න.”



පරිවර්තක සටහන්

[1]මායාව (魅术 Mei Shu):  වඩාත් අර්ථාන්විත පරිවර්තිත අර්ථය ලෙස මිනිසුන්ව පොළඹවා ගැනීමේ/ඇදගැනීමේ/වශීකරවීමා හැකියාවක් ඇති කලාවක් ලෙස හැඳින්විය හැක.


Comments

  1. ❤️❤️❤️

    ReplyDelete
  2. 🥺🥺🥺🥺🥺

    ReplyDelete
  3. Meka nam maru ane.... Hithaganna ba mona weida kiyala... 🤭🤭

    ReplyDelete
  4. මට නිකං කිචි කිචි වගේ 🙂👉👈

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-