Skip to main content

දවසන පරිච්ඡේදය |හුවමාරුව (¡¡ කොටස)

 ....විශ්ව විද්‍යාලයේදී......

















අද සදුදා නිසා මම මගෙ යාලුවො එක්කන් විශ්ව විද්‍යාලයේ පුරුදු තැනම වාඩිවෙලා ඉන්න අතරේ ටේ ඇවිල්ලා අපිව පීඨයේ උත්සවයක් කියලා එක්කගෙන යන්න වුණා.


විශ්ව විද්‍යාලයේ සිදු කරන කිසිම වැඩසටහනක් සදහා මම කිසිම දිනක සහභාගි නොවුණා වගේම අඩුම 'මූන් ස්ටාර්' තරගයටවත් මම සහභාගි වුණේ නැහෑ ජේෂ්ඨයන් කොච්චර ඇවටිලි කරත්.


"ටයිම් මාව මෙතන්ට එක පාරක් එක්කගෙන ඇවිල්ලා තියෙනවා .ඉතිං මෙතන කෑම හොද නිසා මේ අවුරුදු තුනම මෙතන්ට ආවා."

ටේ කෑම දෙස බැල්මක් හෙලමින් කීය.


අපි තුන්දෙනා කට වහගෙන ටේගෙ පස්සෙන් ආවෙ කවුරුත් සෙනග පිරිලා ඉන්න මෙ වගෙ තැන් වලට කැමති නැති නිසා.මට මතක විදියට නම් මම කවදාවත් මාකට් එකක් වගෙ තැනකන නම් ගිහිල්ලා නෑ.


මෙතන විනෝද වෙන එකම කෙනා ටේ වෙද්දි මම සහ අනෙක් දෙන්නා හිටගෙන බලාන හිටියෙ හොදටම කලකිරීමෙන්.විශේශයෙන්ම මේ අපි ලගින් යන මිනිස්සු බලන විදිය මට නම හරිම කරදරයක්.


"ටේ උඹ තාම විකාර කරලා ඉවර නැද්ද?"

 මම කිව්වෙ ලොකු කලකිරීමකින්.


"පොඩ්ඩක් ඉන්න.මට මේක ඕන."

ටේ පොඩි එකෙක් වගෙ හුරතල් වෙවි කිව්වත් උට විනෝද වෙන්න නම් මේක එච්චර හොද වෙලාවක් නෙවෙයි කියලා අපි හැමෝම දන්නවනෙ.


"අහ්...මෙන්න ඔයා කැමති රසකැවිලි තියෙනවා."


මිව් එකපාරටම කියලා රසකැවිලි කඩේ අනෙක් පැත්තට ගියත් එක්කම ටේත් ඒ පස්සෙන් ගිහිල්ලා කැවිලි තෝරන්න ගත් අතර මූණට මූණ බලාගත්ත ටයිම් සහ මම හුස්මක් හෙළුවෙ ඇත්තටම මම කේන්තියෙන් ඉන්න නිසා.


"මිව්...එයාව අවුස්සන එක නවත්තන්න.ඕක ඉක්මනින් ඉවර කරලා මෙතනින් යමු."


ඇත්තටම මට මේ කෑම කිසිම දෙයක් කන්න හිතෙන්නෙ නෑ.අමුතුවෙන් රස ඇති කියලා මට හිතෙන්නෙ නෑ ඒවයෙ.


"අයියෝ බන්..උට පොඩ්ඩක් ඉන්න දියන්."

මිව් ඒහෙම කිව්වත් සමහර වෙලාවට මට හිතාගන්න බෑ කොයි එකාට ඇත්තටම ටේගෙ කොල්ලා කියලා.


"පොඩ්ඩක් ඉන්න.අර මිනිහව මට දැකලා පුරුදුයි වගෙ."

මගෙ යාලුවෙක් එහෙම කිව්වත් මම ඒ ගැන වැඩි අවදානය දුන්නෙ නෑ.

"උඹ ඉතිං උඹෙ කොල්ලගෙ පෙනුම තියෙන උන් නිතරම වගෙ දකිනවනෙ ."

මිව් කියනවත් එක්කම ටයිම් ඒ දිහා බැලුවේය.

"මම ඉන්නෙ මෙතන තාම"

ටයිම් උත්තර දුන්නේය.


"නෑ නෑ..අර මිනිහා, ඒ ඔයාගෙ බොඩිගාඩ් නෙවෙයිද කින්?"


අන්තිම වචනෙත් එක්ක මම ඉක්මනින් ඔලුව උස්සලා බැලුවේ ටේ බලාගෙන දින්න දිහාව.ඒ පෝර්ශ්  ,

මම හිතන්නෙ එයා යාලුවො එනකන් බලන් ඉන්නවා ඇත්තෙ.

මූනට එකපාරටම ආව හිනාව එක්කම මට හිතුනෙ දැන් නම් කොහොමටවත් මට කම්මැලි වෙන එකක් නෑ කියලා.


"කින් කොහෙද උඹ යන්නෙ ?"

පෝර්ශ් දිහාට ඇවිදගෙන යද්දි ටේ ඇහුවත් මම නැවතුනෙ නෑ.

"ඔයාලා යන්න.මට පොඩි කතාවක් තියෙනවා."

 

 ටයිම් මගෙ පස්සෙන් එනවා කියලා දැනුනත් මම ගනන් ගත්තෙ නැතුව දිගටම ආවෙ මගෙ ඉස්සරහ ඉන්න රූපෙ මගෙ අවදානය සම්පූර්ණයෙන්ම දිනාගෙන තිබුනැ නිසා.

 පෝර්ශ් තාමත් මාව දැකලා නැති නිසා මම තවත් ඒ දිහාට ලං උණා.


"මං හිතුවෙ උඹට බත් කන්න ඕන වෙලා කියලා.මොන මගුලකටද මාව මෙතන්ට ඇදගෙන ආවෙ ?"

ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් එකක් අතේ තියන් ඉන්න එයාගෙ යාලුවටද කොහෙද  පෝර්ශ් කිව්වෙ.



මූ යාලුවන්ට කෑම අරගෙන දෙන්නද හදන්නෙ? මම නම් කවදාවත් හිතුවෙ නෑ මූ වගෙ එකෙක් එහෙම කරයි කියලා.

මම තවත් ඉස්සරහට ලං වෙනවත් එක්කම අඩියක් ඉස්සරහට තිබ්බ පෝර්ශ් මාව දැකලා එහෙම්ම නැවතිලා එකපාරටම පුදුමෙන් වගෙ බලන් ඉදලා ඇහිබැමි අකුලගෙන බලන් හිටියෙ සැකෙන් වගෙ.


"ඇයි ඔයා නැවතුනෙ?"

පෝර්ශ්ගේ යාලුවා මගෙ දිහා බලන ගමන් ගොත ගගහා ඇහුවෙ පෝර්ශ්ගෙන්.


"හායි"

මම සාමාන්‍ය විදියටම සුභ පැතුවත් පෝර්ශ් මාව නොදන්න විදියට සාක්කුවට අත් දාගෙන වෙන දිහාවකට යන්න හැරුණත් යාලුවො කෑගහන්න විය.


"උඹ කොහෙද යන්න හදන්නෙ?"

 

දිගටම යන්න ගත්ත පෝර්ශ් මාව පහු කරලා යන්න හදද්දි මම අතින් අල්ලගෙන කතාකරන්න ගත්තා.

"ඉන්න.ඇයි මෙච්චර හදිසි ?"


ඉක්මනින් මම අත ගසලා දැම්ම පෝර්ශ් කෙලින්ම බැලුවේ මගේ මූණ දිහා.


"තමුසෙට මොන හුත්තක්ද ඕන ?"


පෝර්ශ් තරහෙන් කෑගහද්දි වටපිට මිනිස්සු කුතුහලයෙන් බලන්නට විය.


"ගිහිල්ලා මට බොන්න මොනවාහරි අරගෙන එන්න."

මම සන්සුන් විදියට කිව්වෙ පෝර්ශ්ට කරදර කරන්නම හිතාගෙනමයි.

"මට බෑ...අද මම නිවාඩු."


"මේ කවුද පෝර්ශ් ?"

පෝර්ශ්ගේ යාලුවො කිසිම දෙයක් හිතාගන්න බැරුව ඇහුවෙ මගෙ දිහා බලන ගමන්මයි.


"මට බොන්න මොනවාහරි අරගෙන එන්න."

මම ආයෙම කිව්වත් උත්තර දුන්නෙ පෝර්ශ්ගෙ යාලුවා.

"එයා මොකටද ඔයාට බීම අරගෙන දෙන්නෙ?"


උත්තර දෙනවත් එක්කම මම උගෙ මූණ දිහා බැලුවේ මේ  බිග් කිව්ව කරදරකාර වෙන්න ඇති කියලා හිතන ගමනුයි.

"මට බෑ."

ආයෙම උත්තර දුන්න පෝර්ශ් එතනින් යන්න හැදුවත් මම ආයෙ අතින් අල්ලගෙන කතාකරන්න ගත්තා.

"පෝර්ශ් මාව මෙතන තරහ ගස්සන්න හදන්න එපා."


මට මානසික ලෙඩක්ද මන්දා? පෝර්ශ් එක්ක මේ විදියට හැමවෙලාවෙම රණ්ඩු කරන එක මට පොඩ්ඩක්වත් වදයක් නෙවෙයි.ඇත්ත මම ඒකට කැමති.ඒ වගෙම පෝර්ශ්ටත් ඒක වදයක් වගේ පේන්නෙත් නෑ.

එයා මගෙ අත ගසලා ආපහු යන්නයි හැදුවෙ.


"ඔයා ඇයි මගෙ යාළුවට අණ දෙන්නෙ?"

මුගේ යාලුවොත් මූ වගේමයි කියලා හිතන ගමන් මම ආයෙ කටහඩ ආව දිහා බැලුවෙ මොන වගෙ පෙනුමක් තියෙන කෙනෙක්ද කියලා දැනගන්න.

කට වගේම තමයි පෙනුමත් මාර ගති.


"කවුද පෝර්ශ්ට කරදර කරන්න තරම් හයියක් තියෙන්නේ.මම දෙන්නද ඕකට චොප්ප වෙන්න ?"


ඒ කටහඩයි පෙනුමයි හොදට  පුරුදුයි.මේ පෝර්ශ් නම ණයට ගත්ත යාලුව වෙන්න ඕන.ජොම්?


"මම තමුසෙට කිව්වෙ?කන් ඇහෙන්නෙ නැද්ද ?"

මම ආයෙමත් පෝර්ශ්ට කිව්වෙ මූනෙ ඉදන් බෙල්ල ලග ප්ලාස්ටර් එක ලගට එනකම් බලන ගමන්.

 

"මොකාද මූ?"

ජොම් ඇහුවෙ.

"කින් "

පෝර්ශ් උත්තර දුනි.


මගෙ නම ඇහුනත් එක්කම මගෙ දිහාට හැරුනේ මූණෙ ඇදුන බයක් එක්කම.

"ඉක්මනින් මට බොන්න මොනවාහරි අරගෙන එනවා...."

මම කෑගහවත් එක්කම පෝර්ශ් ඇස් තදින් වහගත්තෙ තරහ පාලනය කරගන්න.


"හරි..හරි..කෑනොගහ ඉන්නවා.මම අරගෙන එන්නම්."

උත්තර දුන්න පෝර්ශ් එතනින් ගිය නිසා මම සෙනග අඩු ඇතකින් වාඩිවෙද්දිම ටයිම් මගෙ  ලගට විත් වාඩිවුණි.


"පෝර්ශ්ගෙ අර යාලුවා මාර ගතිනෙ."

ටයිම් කියද්දි මම උට විහිලු කරන්න ගත්තෙ හිනාවෙන ගමන්.

"උඹ ඔය කවුරු ගැනද කියන්නෙ?"


"අර ජොම් නේද?"

ටයිම් ඇහුවේ කුතුහලයෙන් නිසා මම පැහැදිලි කරන්න ගත්තා.


"උඹ අහන්නෙ අර ෆ්‍රෙන්ච් ෆයිස් අතෙ තියන් ඉන්න එකා නම් , මම මෑන්ව දන්නවා.හැබැයි අර රතු පාට ජූස් එකක් උරන කෙනා නම් , මම උගෙ නම දන්නෙ නෑ."


"ඔය රතු ජූස් එක බොනවා වෙනුවට මිනිහට වෙන මොකුත් උරන්න බැරි වෙයිද දන්නෑ ."

ටයිම් කිව්වෙ මූනට කපටි හිනාවකුත් මවාගන්න ගමන්.


"ඌට කියලා වෙන වෙන ඒවා උරවගන්න ගන්න කලින් උඹෙ ගෑනිගෙ කකුල් උරලා ඉදපන්."

මම කියලා ඉවර වෙනත් එක්කම ටයිම් ඉක්මනින්  මූන වෙනස් කරගත්තේ ටේ කෑම ගොඩකුත් උස්සන් අපි ඉන්න තැනට ආව නිසා.

විනාඩි කීපයක් බලන් හිටියත් තාම බීන එක නම් ලැබුනෙ නෑ.


"මෙතන හරි රස්නෙයිනෙ.අපි තවත් බකන් ඉන්නෙ මොකටද?"

අත් වලින් මූනට පවන් ගහන ගමන් ටේ කොදුරන්න ගත්ත නිසා ටයිම් උත්තර දෙන ගමන් වතුර බෝතලය ගන්නට විය.

"ඔව් ගොඩක් රස්නෙයි නම් තමයි "


බීම ර්ක අරගෙන එනකන් වාඩිවෙලා ඉන්න අතරෙ බීම ගේන්න ගිය දෙන්නා මොනවාහරි අරගෙන එනවා පෙනුනත් මොනවද කියලා පැහැදිලිව පෙනුනෙ නෑ.

"නම් රායි...එළවළු සුප්"

 

"ඔයා කින්ගෙ සෞක්‍ය ගැන සෑහෙන්න වද වෙනවා වගේනෙ."

ටයිම් කීවේ බීම දිහා බලන ගමන් .


"දැන් ඔයාගෙ බීම එක හම්බවුනානෙ.මම යන්න ඕන."


"ඉන්න."

බීම ගෙනල්ල දීලා ආපිට යන්න හැරුණ පෝර්ශ්ට මම ආයෙම කතා කලා.


"ඕක බොනවා."

එහෙම කියලා ඌ ඉස්සරහින් තිබ්බෙ අරගෙන ආව බීම එක.


"මට එපා.මම එලවළු වලට කැමති නෑ."

ඌ මූන හකුලගෙන අනිත්පැත්ත හැරුණි.


"ඔයා දැන්වත් මගෙ යාලුවට කරදර කරන එක නවත්තනවද ? අපි යමු පෝර්ශ් තව ප්‍රැක්ටිස් කරන්න ඕන නේද ?"


පෝර්ශ්ගෙ යාළුවා කියනවත් එක්කම මගෙ අවදානය ඒ ගැන යොමු උන නිසා මම ආයෙ කතාකරන්න ගත්තේ ඒ ගැන.

"ප්‍රැක්ටිස් , මොනවද?"


"තමුසෙට ඒවගෙන් වැඩක් නෑනෙ."


"ඔහ්... මට නිකන් දැනගන්න විතරයි ඇහුවෙ."

පෝර්ශ් වෙනුවට උත්තර දුන්නෙ උගේ යාළුවා වෙද්දි පෝර්ශ් තාමත් හිටියෙ අනෙක් පැත්ත බලාගෙන.


"ඒයි.."

මම ආපහු කතා කරේ පෝර්ශ්ට.


"දැන්වත් මට යන්න දෙනවද ? මම යන්න ඕන."


ඒත් එක්කම පෝර්ශ්ගෙ කටකාර යාලුවා පෝර්ශ් දිහාට හැරුණේ ඇමතුමක් ගන්න අතරමයි.

"ඕහ් ෂිට්...පී ආම් අපි දැම්ම එනවා.පෝර්ශ් දැනටමත් පූල් එක වටේ මිනිස්සු පිරිලලු."


"දැම්ම යන්න එපා.ඉස්සෙල්ලම මේක බීල ඉන්නවා."

මම පෝර්ශ්ට බල කරලම කිව්වෙ මොක්ද මම දන්නවා අනිවාරෙන් මේකට මොනවාහරි දාල තියෙනවා කියලා.මොකද මූ එච්චර ඉක්මනින් මට නැවෙන කෙනෙක් නෙවෙයිනෙ.මෙහෙම හැසිරෙන්න මොකක්හරි හේතුවක් තියෙන්නම ඕන.


"අහ්...මේ මොන හුත්තක්ද?"


එහෙම කිව්ව පෝර්ශ්ගෙ යාළුවා ජොම් බීම එක අරගෙන බොන්න ගද්දි පෝර්ශ් එක්ක අනිත් යාළුවා බය වෙලා බලාගෙන හිටියෙ ජොම් කරන දේ දිහා.එයාලා ජොම්ව නවත්තන්න හැදුවත් ඒ වෙද්දි පරක්කුයි.

බීම උගුරක් ගත්ත ජොම් ආපිටම ඒක එලියට දැම්මත් වැටුනෙ ලගම හිටිය මනුස්සයගෙ ඇගට.ඒ අවාසනාවන්ත මිනිහා උනේ මිව්.


"ඕයී... හුකනවනෙ ඉතිං..මගෙ ශර්ට් එක."

ඔව් කෑගහන ගමන් නැගිට්ට ඒ අපතයා උගෙ අත් පිහදැම්මෙ මගෙ ශර්ට් එකෙන්.


"ඕයි පෝර්ශ් , මොන ජහ ජරාවක්ද උඹ මේකට දැම්මෙ?"

ජොම් කට පිහදන ගමන් අහද්දි පෝර්ශ් උගෙ යාලුවො දිහා බැලුවේ මූන කසන ගමන්.


'මම ඕක කලින්ම දැනන් හිටියෙ.'


"අනේ හුත්ත.මගෙ ශර්ට් එකත් ඉවයි.මූනත් ඉවරයි."

මිව් තවත් කෑගහන්න ගද්දි තව එකෙක් පෝර්ශ්ගෙ අතින් ඇද්දි ඉක්මනින් එතනින් අරගෙන යන්න.


"සමාවෙන්න .මේ ලග නම් වතුර නෑ.

ටෙම් මාව අදින එක නතර කරපන්කො පොඩ්ඩක්.

මට පුළුවන් පූල් එකෙන් හෝදලා දෙන්න ඔයා කැමති නම්."

පෝර්ශ් කිව්වම වෙන කරන්න දෙයක් නැති නිසාම මිව්ට කැමති වෙන්න වුණා.


"ඔයාල මෙතන ඉ න.මම එයාල එක්ක ගිහිල්ලා එන්නම්."

මිව් කියද්දි මම ඔලුව වනන්න හැදුවත් මට ආයෙ අදහසක් ආව නිසා මම මිව්ව නැවැත්තුවා.

"ඉන්න  , අපි හැමෝම යමු.නැගිටින්න ."


ටේ කුතුහලයෙන් වගේ බලන් හිටියත් ඉක්මනින් එයාගෙ බඩු අරගෙන මගෙ පස්සෙන් එන්න ගත්තත් මම පෝර්ශ් දිහාට ලං වෙන්න ගත්තෙ කනට කොදුරන ගමන්මයි.

"තමුසෙට ඉදල හිටලවත් මගෙත් එක්ක හොදින් ඉන්නම බැරිද?මම ඔයාට ගෙවන්නම්."



"හහ්..තමුන්ට පිස්සුද? අපෙ පස්සෙන් එන්නෙපා.දැන්වත් මට කරදර කරන එක නවත්තන්න."

පෝර්ශ් උත්තර දුන්නෙ දත්මිටි කන ගමන්.


"ඇයි බැරි ?ඔයාට පුළුවන් කියලා මම දන්නවා."

මම සෙල්ලක්කාර විදියට කයද්දි පෝර්ශ් මගෙන් ඈත් උන විදියට දැක්කම නම් හිනා නොවී ඉන්නම බෑ.

වැඩි දුරක් තිබුණෙ නැති නිසා මෙ වෙද්දිත් අපි පූල් එක ලගට ඇවිල්ලා තිබුණා.


මිව් නිතරම පිරිසිදුවට ඉන්න එකානෙ.පොඩ්ඩක් දාඩිය දැම්මත් ඇදුම් මාරු කරන එකානෙ.උගෙ ඇදුම ජාරා කර අවලමා එක්කම නාන කාමරය දිහාට මිව් ඇවිදන් යන්න ගත්තා.


පූල් එකේ කොල්ලො පනින දිහා බලන් අපි තුන් දෙනා පැත්තකට වෙලා හිටියත් වෙටේ බලන් හිටිය අය කෑගහන සද්දෙට මට නම් එපා වෙලා හිටියෙ.

අර කිව්ව වගෙ මම මෙ වගෙ දේවල් වලට සහභාගි නොවුනත් විශ්ව විද්‍යාලය මේ වගෙ වැඩ එක්ක හරිම කාර්‍යබහුලයි වගෙ පෙනුනෙ නම්.

මම සිතුවිලි අතරෙ හිර වෙලා ඉන්න වෙලාවෙ ටයිම් කතාකරලා පූල් එක දිහා පෙන්නද්දි දැක්කෙ සුපුරුදු රූපයක්.

ටැටූ එක නිසා හිටිය කෙනාව අදුරගන්න මට අමාරු උනේ නම් නෑ.

ස්විමින් ට්‍රන්ක් එකක් විතරක් ඇදලා හිටිය නිසා සිනිදු හම එක්ක වතුරෙන් තෙත් වෙලා තිබුණ ඇගයි කැපිලා පේන එකක් වුණා.

ඉර එලිය පෝර්ශ්ගෙ මූණට වැටිලා තිබුණ නිසා කඩවසම් මුහුණ, පිරුනු තොල් ,රිජු නහය එක්ක වෙනම ලෝකයක් මැවෙන්න ගත්තෙ මම හිටිය තැනත් අමතක කරවමින්.

එයා තෙත කොන්ඩෙ පිටිපස්සට කරල හදද්දි තවත් කඩවසම්.තවත් හොදට බලාගෙන යද්දියි මට තේරුණෙ සික්ස් පැක් එක්ක හොදට නඩත්තු කරන නියම ඇගක් එක්ක සිහින් ඉගක් පෝර්ශ්ට තියෙනවා කියලා.

වටපිට බලද්දි පෙනුනෙ මේ දර්ශනය දිහා බලන් ඉන්න එකම කෙනා මම විතරක්ම නෙවෙයි කියලා.

පෝර්ශ් දිහා මෙ විදියට බලන් ඉන්න එක සුදුසු දෙයක් නෙවෙයි කියලා මම දන්නවා වුණත් මගෙ ඇස් එයාගෙන් අහකට ගන්න එක නම් මට ලේසි වුණෙ නැ.


"හේයි කින්, මම අර අපතයගෙ නම් ටෙම් කියලා හොයාගත්තා.මම මිනිහා ගැන බලාගන්නම්.උඹට ප්‍රශ්නයක් නෑනෙ?"

ටයිම් කියවගෙන ගියත් මට ඒකට අවදානය යොමු කරන්න උවමනාවක් නොතිබුනෙ මගෙ අවදානය සම්පූර්ණයෙන්ම වෙන කෙනෙක් ලග නැවතිලා තිබුණ නිසා.


"හා.හා.හා....මම ටේට කියන්නම්කො."

වතුරට පනින්න සූදානම් වෙලා ඉන්න කඩවසම් රූපෙ දිහා බලාගෙනම මම ටයිම්ට විහිලුවට කීවෙමි.

ඒ වෙලාවෙදි නරඹන්නන්ගෙ උද්යෝගය වැඩි නිසා කෑගහන සද්දෙත් වැඩි වෙලයි තිබුණෙ.

මිනිස්සු එක්ක රණ්ඩු කරනවා ඇරෙන්න පෝර්ශ් මේ වගෙ දෙයක් කරනවා දැක්ක පලවෙනි වතාව මේක.මම දැනගෙන හිටියෙ නෑ ඇත්තටම පෝර්ශ් මේ වගෙ ඉසව් වලට සම්බන්ද වෙනවා කියල නම්.

තරග ආරම්භයට විසිල් එක වදිනවත් එක්කම පූල් එකට පැන්න පෝර්ශ් අනිත් අයට ලගටවත් එන්න බැරි තරම් වේගයෙන් පීනගෙන ගියේ.

 හිනා වෙවී බලන් හිටියත්  ඇයි මම  මේ තරම්ම පෝර්ශ්ට ආකර්ෂණය වුණෙ කියලා මම දන්නෙ නෑ.

තරගය අවසාන වෙන්න ඔන්න මෙන්න තුබුණ වෙලාවෙ එලියට ආව මිව් අපිවත් ඇදගෙන එතනින් එලියට ආවෙ බැන බැනමයි.

"මොන හුත්තක්ද ? මම ගෙදර යනවා."


ඒ වෙද්දිත් පෝර්ශ් පූල් එකෙන් එලියට ආවත් අපි ආපහු ර්න්න පිටත් වෙලයි තිබුණෙ.

ටේ එක්ක අද මාර්කට් එකට ආව එක ගැන මට ඇත්තටම සතුටුයි.නැත්නම් පෝර්ශ්ව මේ විදියට දකින්න ලැබෙන්නෙ නෑනෙ.

ඇරත් මේ මම කැමතිම විදිය 😉.


______________________________

ඊලග චැප්ටර් එක දෙන්න පොඩ්ඩක් පරක්කු වෙයි 🥺  ලැප් එකෙ ප්‍රශ්නයක් නිසා ට්‍රාන්ස්ලේශන් එක කරන්න විදියක් නෑ.පුළුවන් විදියට දෙන්න බලන්නම් ❤


Comments

  1. ilaga kotasa denne kawadd 😒😕

    ReplyDelete
  2. 11weni kotasath dannako

    ReplyDelete
  3. ඉතුරු කොටස් ටික දෙන්නකෝ 🥺

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-