Skip to main content

දඩයම


 Kinn's pov


මම කණ්ණාඩියෙන් මගේ බෙල්ල දිහා බලාගෙන ඉද්දි මට පේනවා තද රතු පාටට දත් සලකුණක් එක්ක ලේ බිංදුවක් ගලාගෙන ඇවිල්ලා ඒ වටේම ඉදිමිලා දම් පාට මලානික කහ පාටකට හැරිගෙන එනවා වගෙ.


මම මගේ ප්‍රධාන ආරක්ෂකයා බිග්ට බෙල්ල ඇල කරලා දුන්නෙ කපු පුළුන් කෑල්ලකින් බෙල්ල පිරිසිදු කරන්න කියලා ඉල්ලන ගමන්.

"කිං සර්, ඇත්තටම ඔයා  ඒ වගේ මනුස්සයෙක් ආරක්ෂකයා විදියට ගන්නද හදන්නෙ?" 

බිග් මගේ තුවාලය දෙස බලා හූල්ලන ගමන් කිවේය.


 " හෙට වෙනකන් ඉන්න, ඔයාට මේ කරපු දේට මම ඔය අපතයව අල්ලලා මරලා  දානවා."

"එහෙම කලොත් ඉස්සෙල්ලම තාත්තා ඔයාව මරයි."  

මම වෙන පැත්තක් බලන ගමන් බිග්ට කිව්වා.

“ඒ උනාට  සර්, මරනවා කිව්වෙ ලැජ්ජ කරනව වගේ දෙයක්.අනික ඌ ඔයා දෙපාරක්ම කොහෙද මන්දා නොදන්න තැන් වල දාල ගිහිල්ලා , ඒ මදිවට බෙල්ලත් හපා කාලා.කොහොමද ඔයා මේ වගේ කැලෑ සතෙක්ව මෙල්ල කරන්නෙ?


කරච්චලේ අහන් ඉන්න බැරි තැන ඔරවලා බැලුවම කට වහගෙන නැවත තුවාලෙ පිරිසිදු කරන්න ගත්තෙය.

ඇත්තටම  ඒ වේසිගෙ පුතා බොඩිගාඩ් කෙනෙක් කරගන්න මට ඕන කමක් නෑ.තාත්තට තමයි ඕන වෙලා තියෙන්නේ.

එයා සිසීටීවි වලින් දැකලා තියෙනවා ,

දවස් තුනක් මාව කිඩ්නැප් කරලා වද දුන්න අවජාතකයොන්ගෙන් මාව දවස් දෙකේම බේරගත්තෙ මේ  කොල්ලා කියලා .

 

ඇත්තටම ඌ කැමැත්තෙන් ආවා නෙවෙයි.මම් ගෙවන්නම් කිව්ව නිසයි උදව් කරේ.ඒ වෙලාවෙ සල්ලි තිබුනෙ නැති නිසා මගේ වටිනම වොච් එක ඌට දෙන්න උනා.


 "ඉස්සෙල්ලාම ගිහිල්ලා ඒ කොල්ලව හොයාගන්න.අර අවජාතකයො ආයෙ ඔයාව හොයන් එන්න කලින්.ඒ කොල්ලා අපිට වටිනවා.වැරදි අතකට හැරුනොත් අපි අමාරුවෙ වැටෙනවා"

තාත්තා කිව්ව දේවල් මගේ ඔලුවෙ දෝංකාර දෙන්න ගත්තා.ඔව් එයා ඒ අතින් හරි.ඒ වගේ ස්පීඩ් වැඩ්ඩෙක් නම් අර පොන්නයොන්ට අල්ලගන්න අමාරු වෙයි.


මැර කල්ලියේ මිනිස්සුනෙගේ කැඩුනු ලේ වැක්කෙරෙන බොඩී කන්දක් ගොඩගහල තියෙන එක බලන්නම වටින වැඩක්.

 හැබැයි මගේ බෙල්ලට කර දේට නම් පලිය ගන්න ඉක්මනින් ඌව හොයාගන්න ඕන.

අවජාතකයා...කවුරුත් මට මෙහෙම කරලා නෑ.





 


















"මොන බෝයිෆ්‍රෙන්ඩ්ද ඔයාගෙ බෙල්ල කෑවෙ ප්ලාස්ටර් ගහගෙන ඉන්න තරම් දරුණුවට "

 

ෆැකල්ටියේ බිල්ඩින් එක යට මගේ මිනිස්සු එක්ක වාඩිවෙලා ඉද්දි මිව් සිනාවන්නට විය.

 

 "උඹ මකබෑවියන්!" ගහන්න බැරි තරහට දත්මිටි කන ගමන් මම මිව්ට කෑගැසුවෙමි.


සාමාන්‍යයෙන් මම යුනිවසිටි එකට තනියෙන් යන්නෙ.ඒත් දැන් ඒක සේෆ් නැති නිසා මගේ බොඩිගාඩ්ලා මට ප්‍රශ්නයක්ද කියලා බලන්න මගෙත් එක්ක එනවා.


"ක්ලාස් ඉවර උනාම එන්න, මම වෙනදා තැනම ඉන්නම්" බිග් කිවේය.


 "හරී. මම දුන්න ඇඩ්‍රස් එකට ගිහිල්ලා බලන්න අමතක කරන්න එපා, ජොම් තමයි නම!"


 බිග් ආපහු යන්න කලින් මම ආයෙම මතක් කලෙමි.


 "මොන මගුලක්  ගැනද  ඒ කිව්වෙ?"

 ටේ මගේ පැත්තට හැරෙන ගමන් ඇහුවේය.


"තාත්තා කිව්වා මට කෙනෙක් හොයන්න කියලා ."


 " බාල පවුලත් එක්ක ආයෙ ප්‍රශ්නයක්ද?

 ඔයා ගිහිල්ලා දවස් තුනයි. මට කියන්න එපා ඔයාව ආයෙත් කිඩ්නැප් කරා කියලා?"


 ටේ මගේ කම්මුලෙන් අල්ලගෙන මගේ ඔලුව දෙපැත්තට හරව හරවා මගේ තැලුන තැන්,තුවාල බලන්න ගත්තේය.

 

 "ඔව්, ඒ උනාට  මම හොයන කෙනා බාල  පවුලට අයිති කෙනෙක් නෙවෙයි.

 ඒ මිනිහා තමයි මට මේක දුන්නේ."


 මම තරහින් පුපුරමින් දත්මිටි කාගෙන බෙල්ලෙ තිබ්බ ප්ලාස්ටර් ටික හෙමිහිට ගැලෙව්වෙ 

 තුවාල කැලැළ පෙන්නන්න.

යාළුවන්ට හුස්ම ගන්නත් අමතක වෙලා වගේ බලන්නට විය.


"ෂිට්...!"


 ටයිම්, ටේ එක්ක මීව් එකපාරටම කෑගැසුවෝය.


උදේ ඉදන් තුවාලෙ අල්ලන හැම වතාවකම දැනුන වේදනාවට අර අවජාතකයා ගැන මට දැනෙන්නෙ 

වෛරයක්.බොඩිගාඩ් කෙනෙක් වෙන්න කැමති උනත් නැතත් මට වැඩක් නැ මට ඕන උට හොදට දෙකක් අනින්න මෙ කර වැඩේට.


මම සිද්දවුන හැමදේම මේ තුන්කට්ටුවට කිව්වෙ හයිස්කූල් කාලෙ ඉදන්ම යාලුවො කියලා හිටියෙ මේ තුන්දෙනා විතරක් නිසා.ඒ නිසා මම ගැන හැමදේම වගෙ මේගොල්ල දැනගෙන හිටියෙ.

මගෙ තාත්ත ගැන ගොඩක් අය දන්න නිසා අදුරන කීප දෙනෙක් ඇරෙන්න ඉස්කෝලෙ අනිත් ලමයි මගෙ ලගටවත් එන්න බයයි.

තුන්දෙනාම කලකිරීමෙන් වගේ මගේ දිහා බලන් හිටියෙ ඇයි කියලා මම් දන්නෑ.සමහරවිට මම නොදැනම එයාල මට  වෛර කරන්න අරගෙන්ද දන්නෑ ?.


"විද්‍යා පීඨයේ ජෝම් කියලා එකෙක්ව දන්නවද උඹලා "


හොද වෙලාවට ඒ වේසිගෙ පුතා යුනිවසිටි යුනිෆොම් එක ඇදන් හිටියෙ.යුනිවසිටි බැජ් එකයි පීඨෙ නමයි බලාගන්න පුළුවන් උනා මට.

 

"නෑ.මම හිතන්නෙ එහෙම නමක් තියෙන කෙනෙක් මම දන්නෑ " මෙව් උත්තර දෙන ගමන් බැලුවෙ ටෙ ,ටොම් දිහා.

ඒ ලව් බර්ඩ්ලා හිස් බැල්මකින් බලන් හිටියහ.



ඔව්, මට කාගෙන් ඇහුවත් මෙව්ගෙන් නම් උත්තරයක් හම්බවෙන්නෙ නෑ.එයා පොත්ගුල්ලෙක් වගේ.පිස්සුවෙන් වගේ පාඩම් වැඩ කරන්නෙ.අඩුම එකපාරක්වත් ක්ලාස් කට් කරලා නෑ.ඒ නිසාම ක්ලාස් එකේ උඩින්ම ඉන්න කෙනෙක්.

මට නම් හිතාගන්න බැ අපි කොහොම යාලුවො උනාද කියලා.

 මට පවුලේ වැඩ නිසා යුනිවසිටි එන්න බැරි උනාම හැම වෙලාවෙම වගේ උදව් කරන්නෙ මෙව්.අනිත් දෙන්නා ටේ ,ටොම් කතාකරල වැඩක් නෑ උන් දෙන්නා අලුත බැන්ද ජෝඩුව වගේ මෙලෝ සිහියක් නෑ.සමහර වෙලාවට මේ නාඩගම් බලන් ඉදල මට කේන්තිත් යනවා.

 

"එන්න, පේපර් බෙදනවා.මේක ඉවර උනාම අපි ඔය මනුස්සයව හොයන්න ට්‍රයි කරමු.


ක්ලාස් එකෙන් පස්සෙ හොයමු කිව්ව මෙව් ඇර ටෙ ,ටොම් එක්ක මට විතරක් යන්න උනා.

ඉස්සෙල්ලම ලයිබ්‍රිටය ගිහිල්ලා පස්සෙ විද්‍යා පීඨයට ගියත් මේක මම ආව පලවෙනිම පාර නිසා 

කොහෙන් පටන්ගන්නද කියලා හිතාගන්න බෑ.


 "ඒයි පී'ටයිම්, ඔයා මොකද මෙහේ කරන්නේ?"


ස්පෝර්ට්ස් සයන්ස් ක්ලබ් යුනිෆොම් ඇදන් හිටිය කොල්ලෙක් අපේ ලගට ඇවිල්ලා ටයිම්ගෙන් ඇහුවේය.

 "අනේ මින් , හොද වෙලාවට ඔයාව හම්බඋනේ.මෙහෙ එන්නකො මට දෙයක් දැනගන්න තියෙනවා."

 ටයිම් අලුත් කොල්ලගෙ උරහිසෙන් අත දාගෙන කියද්දි කොල්ලා ගැස්සිලා ගියත්,


 "ඒයි, ඇයි ඔයාල ඔච්චරටම ලගින් ඉන්නෙ"

ටයිම්ගෙ ශර්ට් එකෙ කොලර් එකෙන් මිරිකගෙන ටෙ සැකෙන් වගෙ ඇහුවේය.


"බබා, අපි දෙන්නා අදුරනවා. එයාගේ තාත්තා අපිට  වැඩ කරන කෙනෙක්.


මෙච්චර වෙලා ඔරවගෙන හිටිය ටේ ටයිම්ගෙ හිනාවත් එක්ක ලාවට වගෙ කට කොනෙන් හිනා වෙලා කමිසය අතෑරියේය.


 "ඉතින්, ප්‍රසිද්ධ ගැන්සියේ සාමාජිකයො මෙහෙ මොකද කරන්නෙ?"

මින් ඒක ඇහුවෙ මගේ දිහා බලන්.


 "අහ් අපි මේ ජෝම් කියලා කෙනෙක්ව හොයනවා. ඔයා දන්නවද එහෙම කෙනෙක්ව?"


ආ ඔව්.මම් එහෙම කෙනෙක්ව නම් දන්නවා.ඒත් ඌ දැන් කොහේ ඉන්නවද කියලා නම් මම දන්නෑ 

ඒත් ඇයි ඔයාලා එයාව හොයන්නෙ, මොකද්ද ප්‍රශ්නේ ?


“ආහ් අපි මෙතන්ට ආවෙ පොඩි ගනුදෙණුවක් බේරගන්න "

ඔහ්, ම්ම්ම්ම් මම  දන්නෑ එයා කොහෙ ඉන්නවද කියලා නම් හැබැයි එයාගෙ යාලුවා ටෙම්ව නම් ටිකකටබ්කලින් දැක්කා ජොම් නම් හිටියෙ නැ.දැන් නම් ඒගොල්ලා ගෙදර යන්න ඇති.


ඒකත් එහෙමද, ඔයා ආයෙ උන්ව දැක්කොත් කියන්න කෙනෙක් එයාව හොයනවා කියලා.කවුද කියලා ඇහුවොත් උගෙ අප්පා කියහන්.


 "ඕයි මින්, යමන්."


අඔම් කියන මිනිහා මින්ව එක්කන් යන්න ආව නිසා ඌට යන්න දීලා අපි කෙලින්ම ජොම්ගෙ ඇඩ්‍රස් එක හොයන් යන්න පිටත් උනේ ඌ අදවත් ගෙදර ඉන්නවද බලන්න.


මට තියෙන ප්‍රශ්නෙ එහා ගෙදර ගෑනි කිව්වෙ ජොම් කියලා කෙනෙක් නෑ කියලා.අනික මේ ගෙදර දැන් කාලෙක ඉදම් වහලා දාල කියලා.කොහොමහරි ගේ ඇතුල බලන්න කියලා හිතන් ගේ වටේ ඇවිදිද්දි මට දුරකතනය නාද විය.

 

"ඔව්..තාත්තේ මම එන්නම්."

පෝන් එක සාක්කුවට දාන ගමන් දිග හුස්මක් අරගෙන මම ආපහු හැරිලා බැලුවෙ කිසිම මනුස්ස පරානයක් නැති ගෙදර දිහා.

මම උබව හොයාගන්නම්කො කොහොමහරි.


තාත්තා කෝල් කරේ අනිවාරෙන් මමත් ඉන්න ඕන මොකක්හරි වැදගත් වැඩකට වෙන්න ඇති.

දැනට උඹ බේරුනා කියලා හිතාගනින්කො.මේ වැඩේ ඉවර උනාම මම ආයෙ එන්නම්කො උඹව හොයාගෙන.බලමුකො බේරෙන්නෙ කොහොමද කියලා මගෙන්.

ජස්ට් වෙයිට් මයි බෝයි,අයිම් කමින්ග් ෆො යු.

--------------------------  ------------------------ --------------

"තෑන්ක් යූ කූන් විකන්"

රෑ කෑමෙන් පස්සෙ ඇවිල්ලා හිටියෙ අමුත්තන් දොර ලගට ඇරලවන්න ගිහිල්ලා එද්දි මට සහ මුලු ස්ටාෆ් එකටම හදිසි මීටින් එකක් තියෙනවා කියලා කිව්ව නිසා ගෙදර මැද තියෙන මේන් හෝල් එකට යමන් මම කල්පනා කරේ හදිසියෙම මොකද කියලා.මම යද්දි මගෙ මිනිස්සු ටික දවල් තරු පෙනිලා වගේ ගල් ගැහිලා බලන් ඉන්නවා.


 "මේක ඔයාලට සාමාන්‍ය දෙයක් වගේද?!"

තාත්තා මේසෙට තඩිබාන ගමන් කෑහද්දි ආරක්ෂකයන්  ගල්ගැසි මෙන් බලන් සිටිති.


 "මේ මාසෙට කින්ට දෙපාරක් ඇටෑක් කරා.ඒ මදිවට කිඩ්නැප් කරා.තමුසෙලාට මේක ජෝක් එකක් වගේද  ? නැත්නම් හිතන් ඉන්නෙ  ආතල එකක් කියලද ?" 

මම කට වහන් බලන් හිටියෙ තාත්තා තරහින් කෑගහන ගමන් සිගරට් එකක් පත්තු කරගෙන දුම පිඹින ගමන් තරහ පාලනයක කරන්න ට්‍රයි කරන දිහා.

ඉදිකටුවක් වැටුනත් ඇහෙන තරම් නිශ්ශබ්දතාවක් මුලු හෝල් එක පුරාම පැතිරිලා ගියා.ගාඩ්ලා හැමෝම ඔලුව නවාගෙන හැමදේම අහගෙන හිටියෙ කතාකරන්න තරම් නිර්භීත කවුරුත් නැති නිසා.මේ වෙලාවෙ  කතාකරන එක සුදුසු නැති නිසා මමත් සුදු කවිච්චියෙ වාඩිවෙලා කූල් වතුර එකක් තොලගාන්න ගත්තේ මේවගෙ දේවල් නිතරම අහලා දැකලා පුරුදු නිසා.


"තමුන්ලා ඔක්කොම කින්ගෙ බොඩිගාඩ්ලා වෙලත් ආයෙ ආයෙම එකම දේ වෙන්න දෙනවද ?" 


 තාත්තා මෙච්චර තරහ ගන්නෙ ඇයි කියලා මට තේරෙනවා.සමහරවිට මේ මාසෙ එයාගෙ හවුල්කාරයො නිසා ස්ට්‍රෙස් වෙලා ඇති.

මම මාට්ටු උනාම මගෙ අයියා කුන්, මල්ලි කිම්ගෙත් කිසිම වෙනසක් නැ.

මේ වගේ කම්පනය වෙන දේවල් නිතරම උනාම

සාමාන්‍යයෙන් ඒකට පුරුදු වෙනවා.එහෙම උනාම කොච්චර කරත් ගානක් නෑ.

හැබැයි දහ පාරකට වඩා කිඩ්නැප් කරාම ඇති වෙන කම්පනයට කුන්ට පිස්සු හැදුන එක සාදාරනයි.


"පීට්! අවජාතකයා! 

මගෙ පුතාගේ චීෆ් බොඩිගාඩ් නේද උඹ ඇයි මෙහෙම වෙන්න ඉඩ දුන්නෙ? මීට පස්සෙ උඹ මොකක් කරන්නද හිතන් ඉන්නෙ ?

පිට්ගෙ මූණ රතු වෙලා ඉදිමිලා.හිතුවා වගේම තාත්තගෙ අත් පාරවල් , කම්මුල් රත්වෙන්න දීලා වගේ.


 "මට සමාවෙන්න සර්. ඊලග පාර මම උපරිම උත්සහ කරන්නම්" 

පීට් ස්ථිරවම කිව්වා.


 "මට තමුන්ලගෙන් නිදහසට හේතු අහලා එපා වෙලා තියෙන්නේ! බලපන් මගේ පුතාගේ තුවාල"


මේක හිතාමතාම වෙන්න ඉඩ දුන්නා නෙවෙයි කියලා අපි දන්නවා ඒත් දිගින් දිගටම මෙහෙම උනාමයි තාත්තා බාරදෙන වැඩ හරියට නොකරමයි තාත්තගෙ පීඩනය වැඩි වෙනවා.අනිවාරෙන්ම මේක කරලා තියෙන්නේ අපි එක්ක තරග කරන අයවත් ණයකාරයොවත් නෙවෙයි මොකද මාෆියා බොස්ගෙ පුතාට ඇටෑක් කරන්න තරම් හයියක් ඒ කාටවත් නෑ.අපි දන්නෙ මේක කරන්න ඇත්තෙ අපිට ගොඩක්ම සමීප කෙනෙක් කියලා විතරයි.

කිසිම පැහැදිලි සාක්ශියක් නැති නිසා තාත්තට මොකුත් කරගන්න විදියක් නෑ.තාත්තගෙ පැත්තේ නෑදෑයොද නැත්නම් අපෙ හුව්ල්කාරයෙක් විදියට ඉන්න බාල පවුලද? 

අපේ පවුලෙ විස්තර ගත්තොත් අපි ප්‍රධාන පවුල.ඒ වගේම ගොඩ කාලයක් ඉදලා අපි බිස්නස් කරන්නෙ.මගේ සීයට පුතාල තින්දෙනෙක් හිටියා.ලොකු පුතා තමයි මගේ තාත්තා.සීයා මගෙ තාත්තට කැසිනෝ ව්‍යාපාරයක් එක්කම ලොකූ බූදලයක් ලියලා දුන්නා.

අනිත් සහෝදර සහෝදරියො ජෙකානට් සහ කු කිම් ඊලග පරම්පරාවෙ දරුවන්ටත් තරගයක් ඇති කරන්න තරම් ලොකූ බලයක් තියෙ උප සභාපතුවරු උනා.


 "මට සමාවෙන්න සර්, නමුත් අපි ඔබතුමා කිව්ව විදියට සාක්ෂි එකතු කරන්න උත්සාහ කළා."


 "බාල පවුල අපිට ඇටෑක් කරන්න තව කල්ලියක් කුලියට ගත්ත බව දැනගන්න ලැබුනා"

 බිග් පැහැදිලි කරන්න හැදුවා.


 "තමුන් කියන්න හදන්නේ අපි උන්ට වඩා මෝඩයි කියලද?"


බිග් ඔලුව පහතට එල්ලගෙන කියන්න හැදුව ඉතුරු ටික ගිලගත්තා.


"අපිට මොකුත් කරන්න බැරුව නෙවෙයිනෙ, යනවා ගිහිල්ලා ජෙකාන්ට විරුද්දව සාක්ශි හොයාගෙන ඌව අයින් කරලා දානවා."


මෙහෙම ගියොත් මේක සර්කල් එකක් විදියට දිගටම ගහගෙන මරාගෙන ඉවරයක් නැතුව යයි.මේ දේවල් වලට මට පැටලෙන්න ඕන නෑ.


"ආයෙමත් මගෙ පුතෙක්ට මෙ වගේ දෙයක් උනොත් මම තමුන්ලා ඔක්කොම අයින් කරලා දානවා."

මගෙ දිහාට හැරෙන ගමන් තාත්තා කෑගැහුවා.

 

"කින් මම ඔයාට හොයන්න කිව්ව කෙනාට මොකද වුනේ?

මම් කරේ ඔලුව හෙල්ලුව එක විතරයි මට තාම හොයාගන්න බැරි උන නිසා.දැන් නම් තාත්තට ඕන කොහොමහරි ඒ අවජාතකයව හොයාගන.


 මම ඉක්මනින් අලුත් කැසිනො එකක් ඕපන් කරනවා.ඔයාල දන්නවනෙ කොහොමත් බාල පවුල නිකන් ඉන්නෙ නැ මේ ගැන දැනගත්තම.


 "කින් සහෝදරයා ,ඔයාට මගෙන් උදව්වක් ඕනද ?

මගේ හිතේ දෙගිඩියාවක් තියෙන්නේ ඌ ගොඩක් දක්ෂ නිසා එක්කො දැනටමත් වෙන කාටහරි වැඩ කරනවද දන්නෑ කියලා.

තාත්තගේ ලේකම් පේ'චෑන් ඒ ගැන ගොඩක් හිතනවා වගේ.එයාට මාව බේරගත්ත කොල්ලා හොයාගන්න මට උදව් කරන්න ඕනෙ වගේම  කොච්චර ගානක් වියදම් උනත් ගෙවන්න දෙපාරක් හිතන්නෙ නෑ.


 "මම ඒක ගැන බලාගන්නම් පි'චෑන් මට ටික කාලයක් දෙන්නකො" 

චෑන් ඔලුව වනන ගමන් තාත්තා දිහා බලන් හිටියා.


"ඒයි ඔයා මම නැතුව ආතල් ගන්නවද ?"

ඒ  චියර්ෆුල් වොයිස් එක නිසා සම්පූර්ණයෙන්ම ස්ට්‍රෙස්ෆුල් වටපිටාව නැති වෙලාගියා.මම වගේම පෙනුමක් තියෙන මගෙ අයියා බැලූ බැල්මට අපි සම වයසෙ වගේ පෙනුනට එයා මට වඩා අවුරුදු  තුනක් වැඩිමල්.ඒ නිතරම හිනාවෙලා ඉන්න මගෙ අයියා කුන්.


 "මම මේ නිකන් ආවේ." මම නොරිස්සුමෙන් වගෙ කිව්වෙ අපි ඒ තරම් සමීප නෑ වගේම නිතරම විහිලු කරන නිසා.අනික මාව කිඩ්නැප් කර දවසෙ ඉදන් මම් කුන්ව දැක්කෙ නෑ.



 "අඩුම තරමේ හොද දෙයක් කතා කරන්න බැරිද "  

තාත්තා අපි දෙන්නගෙම උගුරු දණ්ඩ කපලා දාන්න කලින්.


"ඔයාට හරි ලස්සන සිහිවටන තියෙනවනෙ" 

මගේ නිකටෙන් අල්ලගෙම මූණ එහාට මෙහාට හරවන ගමන් තුවාල දිහා බලන් කුන් කිව්වා.මේක නම් වදයක්.

"ආහ් ! තමුසෙට ඕන දිහාක යනවා මට පාඩුවෙ ඉන්න දීලා"

මම කුන්ගෙ අත තල්ලුකරල දාලා කෑගැහුවා.


කුන් හිනා වෙවී සෝෆා එකෙන් වාඩි වෙලා ටිවි බලන්න ගත්තා.

තාත්තා කුන් දිහා හිස් බැල්මක් බලලා ඔලුව වැනුවා.මගෙ අයියා ඉන්නෙ අමුතුම ලෝකෙකෙ.එයාව කීප වතාවක්ම කිඩ්නැප් කරලා කරදර කර නිසා මානසිකව බලපෑමක් ඇති වෙලා තියෙනවා .ඒ කාලෙ පවුලෙ එකම දරුවා එයා නිසා උරුමක්කාරයා විදියට මේ දේවල් වෙලා තියෙනවා.


"පුළුවන් තරම් ඉක්මන්ට මාව මුණගැහෙන්න අර අවජාතකයව එක්කන් එනවා"

එකපාරටම තාත්තා තරහින් කිව්වම මට කතාකරගන්න තරම් හයියක් තිබුනෙ නැති නිසා මම හිස සෙලෙව්වෙමි.


 "කව්ද?"  

ටිවි එක දිහා බලාගෙනම කුන් ඇහුවේය.


 "අපි කින්ට අලුත් බොඩිගාඩ් කෙනෙක්  හොයනවා." 

තාත්තා උත්තර දුනි.


 "එතකොට මට මොකද වෙන්නෙ?" 

කුන් තාත්තා දිහාත් පස්සෙ  මගෙ දිහාත් හැරිලා බැලුවේය.


 "ඔයා මොකද්ද කියන්නෙ? ඔයාට දැනටමත් පීට් ඉන්නන්නෙ."  

තාත්තා පීට් දිහා බලන ගමන් කිව්වේය.


"නෑහ්, ඒක මෝඩ වැඩක්, මට ඕන ස්මාර්ට් කෙනෙක්"  

කුන් කීවේ ඇස් එහෙ මෙහෙ කරකවන ගමන්.


දැනට ටිකක් එයා එක්ක ඉන්න, ඔයාට ආයෙ මොනවාහරි උනොත් මම අලුත් කෙනෙක් හොයල දෙන්නම්.

මේක නම් හොදම සාක්ශියක් අයියා මේ ගෙදර ඉන්න නරකම ලමයා කියලා කියන්න පුළුවන්.හැමෝම හිතන්නෙ එයා පොඩි එකා විදියට ඉන්න නිදහස තියෙනවා කියලා.හැබැයි අපෙ පවුලෙ එහෙම නෑ.


"මං ගැන මොකද කියන්නෙ?"  

ඒ කටහඩ මගේම අනුරුවකින්.ඒ මගෙ මල්ලි කිම්.


 "තමුසෙ කොහෙද මෙච්චර දවස් හිටියේ?" 

මම කිම් දිහා බලාගෙනම ඇහුවෙමි.


 "මේකයි, මට හදිසියෙම ගෙදර  යන පාර මතක් වුනානෙ." කිම් හිනා වෙවි කිව්ව.

කිම් ගෙදර එන්නෙ කලාතුරකින්.එයා කවදාවත් ගෙදර ඉන්නෙ නෑනෙ මේකව කිඩ්නැප් කරත් ගෙදර මිනිස්සු දැනගන්න එකක් නෑ මාස ගානක් යනකම්.


"අද කුණාටුවක් එයි වගේ.මොකද මේ තුන්දෙනාම අද ගෙදර ?"

තාත්තා එහෙම කිව්වත් කවදාවත් තිබුනෙ නැති අමුතු සතුටක් එයාගෙ කටහඩෙ තිබුණා.


ඔයා මොකද ආපහු එන්න හිතුවෙ?මම හිතන් හිටියෙ මෙ ගෙදර පුතාලා දෙන්නෙක් විතරයි කියලා.මම විහිලුවෙන් කිව්ව.


"තාත්තෙ මෙ බලන්නකො ඔයාගෙ මහ ලොකු දෙවනි පුතා කියන කතාව.එයා කොහොමද මට මේ විදියට කතා කරන්නෙ ?" 

කිම් දොස් තියන්න ගත්තා

"දැන් ඕක නවත්තන්න ඔයාල නිසා දැනටමත් මට හොදටම මහන්සි "

තාත්තා ලොකු හුස්මක් අරගෙන් එක දිගට ටිවි චැනල් මාරු කරේ අපෙ විකාර විහිලු අහන් ඉන්නවට වඩා වෙන වැඩකට අවදානෙ දෙන්න වෙන්න ඇති .

"අහ්, ඔයාල තුන්දෙනාම අද මෙහාට ආව එක හොදයි.හෙට මගෙත් එක්ක ෆැක්ටරියට එන්න.අකවුන්ට්ස් චෙක් කරන්න තියෙනවා."


 “ඇයි ඔයාගෙ සෙකට්‍රිලා මදිද ?"

මම කිව්වෙ දැනටමත් තාත්තට සෙකට්‍රිලා එක්කෙනෙක්ට වඩා ඉන්නව කියලා දන්න නිසා.


මේ ෆැක්ටරියෙ අනාගත අයිතිකාරයො ඔයාලා.ඔයාලා මේ දේවල් හරියට උනන්දුවෙන් බලගන්නෙ නැත්තම් ඒවා හසුරවන්න දැනගන්නෙ කොහොමද ? විශේශයෙන් කිම් ඔයා, අඩුම නිදාගන්නවත් ගෙදර එන්න පුරුදු වෙන්න...

එහෙම කියලා තාත්තා අපිව දාලා කාමරෙන් එලියට ගියේය.


"මගුල මට ආයෙ නෑවිත් ඉන්න තිබුණෙ.කිම් මුමුණන්න ගත්තේය 


ඔව් ඔව් නෑවිත් ඉන්න තිබුනෙ.මේ ඔක්කොම ඔයාගෙ වැරදි.කුන් උත්තර දුනි.


"ඔයා පවුලෙ වැඩිමලා ,තාම ඔයාට හොදම බෙනිෆිට්ස් තියෙනවා , තාත්තට බිස්නස් මැනේජ් කරන්න උදව් කරේ ඔයා විතරනෙ !" කිම් තරහෙන් කෑහැසුවේය.

 "ඔහොයි... කට වහගනින්,උඹ උඹේ විකාර යාලුවො එක්ක සෙල්ලම් කරන්න යද්දි මම තමයි තාත්තට උදව් කරේ"

 

මේ දෙන්නා මගෙ සහෝදරයොද කියලා හිතාගන්න බැරුව මම් බලන් හිටිය.  කුන්ගෙ මේ ලදරු වැඩ නිසා ගොඩක් වෙලාවම මම මෙ පවුලෙ වැඩිමලා කියලා සමහර අය වැරදියට හිතන් ඉන්නවා.

කුන්ට දැනටමත් ව්‍යාපාර පරිපාලන උපාධියක් තියෙනවා වගේම අවුරුදු දෙකක් විතර තාත්තට බිස්නස් බැලන්ස් කරන්න උදව් කරා.පස්සෙ දහ ගමනක් විතර කිඩ්නැප් උන නිසා එයා මේ දේවල් වලින් ඈත් වෙලා විවේක ගන්න තීරණය කරා.

කිම් ගැන කිව්වොත් එයත් වෙන යුනිවසිටි එකක  ව්‍යාපාර ගැන අධ්‍යනය කරන ගමන් ඉන්නෙ.කොහොමහරි එයා ෆේල් නොවී ඉන්න තාක් අපි ඒ ගැන ඉස්කෝලෙන් අහන්නෙ නෑ.

 මේ අයියා මලෝ යුද්දෙ මැදින් එහාට ගිහිල්ලා මම බොඩිගාඩ්ලා එක්ක කතා කරන්න ගත්තෙ අපේ මෙහෙයුම කරන්න විදියක් ගැන.



ඊළග දවසේ, අපි ඔත්තු බලන ගමන් ඉද්දි අසල්වැසි මිනිස්සු කිව්වෙ මෙහේ ජොම් කියලා කෙනෙක් නෑ කියලා.ඇත්තටම මම පොඩ්ඩක් කලබල වූයෙමි.


 "ඇත්තටම මිස්ටර් කින් අපි මුළු රෑම රූට් එකේ හිටියෙ.ඒ උනත් එ ස්ටාෆ් එකෙ අය කිව්වෙ ජොම් කියලා කෙනෙක් එහෙ වැඩ කරන්නෙ නැ කියලා."

හිස් බැල්මෙන් ටිවි එක දිහා බලන් ඉද්දි මට මතක් උනේ එයාගෙ නම්බර් එක මගෙ ලග තියෙනවා නේද කියලා .මම ඉක්මනින් නැගිටලා තාත්තා සොයා දුවන්න ගත්තෙමි.


 "තාත්තෙ මට ඔයාගෙ ෆෝන් එක දෙන්නකො "

මම ඉක්මනින් කියලා ෆෝන් එක උදුරගෙන නම්බර් එක හොයන්න ගත්තෙ තාත්තා දිහා හොරෙන් බලන ගමන්.කොහොමහරි තාත්තා මොකුත් කියන්න කලින් මට සොයාගැනීම හැකි විය.

 

 "ඒයි, මොකක්ද වෙන්නේ?"


 මම දොර ලගට යද්දි තාත්තගෙ හඩ ඇසුනි.

"මම් දඩයම් කරන්න යනවා තාත්තේ,ඔයා කිව්ව විදියට ."


"මොකක්? ඔයා තාම එයාව හොයාගෙන නැද්ද? 

ඇස් ලොකු කරලා බලන් තාත්තා නැවත ඇසුවේය


 "ඌ සාමාන්‍ය කොල්ලෙක් නෙවෙයි තාත්තේ. මට යන්න වෙනවා, බායි."

තාත්තගෙ උත්තරේ ඇහුනෙ නැතත් මම ඉක්මනින් එතනින් ඇවිල්ලා තාත්තගෙ ෆෝන් එකෙන් ගත්ත නම්බර් එකට කෝල් කරලා මම බලන් හිටියෙ ඒ පුරුදු කටහඩ ඇහෙනකන්.


 "හෙලෝ?"


 "හෙලෝ."


 මම සෞම්‍යව කතාකරා. , මට ජයග්‍රාහී හිනාවක් ආවෙ ප්ලැන් එක හරිගිය නිසා.


 "කවුද මේ?"


 "මේ ජෝම්ද?"

ඒක කිව්ව ගමන්ම කෝල් එක කට උනා.දැන් නම් මට හොදටම ශුවර් මම හිතුවා හරි කියලා.උට කොහොමද එච්චර හයියක් මාව රවට්ටන්න.


"බිග් ගිහිල්ලා ජොම්ව අරගෙන එන්න, දෙවනි වසරේ ස්පෝට්ස් සයන්ස් ස්ටුඩන්ට් කෙනෙක්"


 සිද්ද උන දේවල් මගෙ ඔලුවෙ මැවිලා පේනෙන්නට විය.කාටවත් මා එක්ක සෙල්ලම් කරන්න බෑ.

මොකද මම කින් !


 මම ආරක්ෂකයන්ට  ඌව හොයාගන්න වැඩෙ බාරදීලා කිම් ,කුන් එක්ක ෆැක්ටරිය බලන්න යන්න ආවෙමු.

අපි පිටත් උන වෙලාවෙ ඉදම් ඒ දෙන්නගෙ වැඩෙ නිදාගන්න එක සමහරවිට ඒ තාත්තගෙ බැනුම් වලින් බේරෙන්න හිතාගෙන වෙන්න ඇති.

අපි ගමන් කර අධි සුඛෝපභෝගී රථය නැවතුනේ 

තීරපඤ්ඤකූල් හි අනුබද්ධිත චෝක්ලට් ෆැක්ටරිය ඉස්සරහ.මේ ෆැක්ටරිය වහලා දාන්න තීරණය කරල තිබුනෙ දිගින් දිගටම පාඩු ලැබුව නිසා  ඒත් තාත්තට ඕන වුණා මේක දිගටම කරගෙන යන්න.මොකද මේ ඩෙසර්ට් හවුස් එක තාත්තට ගොඩක්ම දැනෙන්නෙ මේකෙ ලෝගෝ එකේ ඉන්න පිරිමි ළමයි තුන්දෙනා එයාගෙ පුතාලා තුන්දෙනාව  සංඛෙතවත් කරන නිසා.

අපි තුන්දෙනාම කලු ඇදුම් ඇදන් ගියේ ඕනර්'ස් සන්ස් කියලා ගැම්මෙන්.


මම ඉස්සෙල්ලම බලන්න ආවෙ ගිණුම් අංශයේ ආදයම් වියදම් බලන්න.ඊලගට නිශ්පාදන දෙපාර්තමේන්තුවට, විකුණුම් වල කිසිම වැඩිදියුණුවක් නම් මම දකින්නෙ නෑ ඒත් මේක එච්චරටම නරකත් නෑ.


 කැසිනෝ වලට සම්බන්ද වුණත් මේ චොක්ලට් ෆැක්ටරිය අපේ පිරිසිදුම බිස්නස් එකක්.

අපි තුවක්කු, නීති විරෝධී ආයුධ, සූදු පොල වගේ නීති විරෝධී දේවල් ගොඩක් කරත් ඒ හැමදේම පාලනය කරන්නෙ තාත්තා.මට ඒ දේවල් වලට සම්බන්ද වෙන්න අදහසක් නෑ.මට මෙ ෆැක්ටරිය විතරක් හොදටම ඇති.


 "කාල ඉවර උනාම, ඔයා පුළුවන්ද ඔයාගෙ ආරක්ෂකයෙක්ට කෙනෙක්ට කියන්න මාව තැනකට ඇරලවන්න කියලා, මගෙ මිනිස්සු හැමෝම මිශන් එකක ඉන්නෙ "

මගේ දිහා පුදුමෙන් බලන් හිටිය කුන්ගෙන් මම ඇහුවා.


 "ඇයි? ඔයා කොහෙද යන්නේ?"

"මට හුකන මීයෙක්ව අල්ලන්න තියෙනවා"

මම බොරු හිනාවක් දාගෙන කීවෙමි.


(පසුව)

පිට් , කලු පාට වෑන් එක බිල්ඩින් එකක් ඉස්සරහින් නැවැත්තුනි.

 

 "අපි යමු වැනිස්ටා එකෙන් කන්න.ඒකෙ පෙනුම විශිෂ්ටයි.වාඩිවෙලා ඉන්න ගමන්ම කලබල උන අවුරුදු තුනක බබෙක් වගෙ කුන් කීවේය.

වැනිස්ටා කියන්නෙ රටේ ටොප් නොච් රෙස්ටුරන්ට් එකක් නිසා කෑම වල ගනන් වැඩි.අපි ගන්න කෑම අපි ඉන්න උසට සමාන්තර වටිනාකමක් දෙනවා බිල්ඩින් එකේ ඉහල තට්ටු වලදි.


අපි කාර් එකෙන් බැස්ස ගමන් කුන් කොහෙදො දුවන්න ගත්තේය.මමත් ඒ ගිය පස්සෙන්ම දුවන්න ඇවිදින්න ගත්තෙ කිම් මගෙ පස්සෙන් එනවද කියලා බලන ගමන්.


"ඒයි, සෙකන්ඩ් ෆැමිලි ."


හුරුපුරුදු මූණු දෙකක් ඉස්සරහ නතර උන කුන් 

වේගස්ටයි එයාගෙ මල්ලි මැකාවුටයි කතාකලේය.


 "හෙලෝ කින් අයියා."

මැකාවු මගෙ දිහ බලන් කිවේය.


 "මම මුලින්ම මෙතන්ට ආවත් ඔයා හෙලෝ කියන්නෙ කින්ට විතරද?"

ඇස් කරකව කරකව කුන් දොස් තියන්න විය.


 "ඔව්.කින් අයියා? ඔයා මෙහාට ආවෙ කන්නද ?"

"ඔව්" 

එයා මට විතරක් මෙහෙම කතාකරන එක අසාමාන්‍ය දෙයක් නෙවෙයි.වේගාස් ,කිම්  නිතරම රණ්ඩු කරගත්තත් මමයි මැකාවුයි කවදාවත් ඒවට පැටලෙන්න යන්නෙ නෑ.


"කිම් ඔයාට වෙන කොහෙටහරි යන්න බැරිද එකපාරටම මෙතන පරිසරය ටිකක් අප්‍රසන්න වෙන්න පටන්ගෙන වගේනෙ..."

වේගාස් කිම්ට විහිලු කරන්න ගත්තත් මම දන්නවා ඌ නිකන් ඉන්නෙ නම් නැ කියලා.


"ලොකු අයියේ ඔයා කතාකරා වැඩි නැද්ද , කින් මැකාවු එක්ක කතාකරද්දි නම් මෙතන හරි ප්‍රසන්න විදියට තිබුණා දැන් එකපාරටම  අමුතු මූසල පෙනුමක් ඇවිල්ලා.

 කිම් පටන්ගත්තා.


"අපිට පේනවා ඔයාලගෙ පවුලෙ අයගෙ මැනර්ස්  කොහොමද කියලා "

"එතකොට ප්‍රධාන පවුලෙ ?"

වේගාස් අතාරින පාටක් නෑ වගෙ


 "ඒයි ඔය ඇති."

මේ දෙන්න මෙතන යුද්දයක් පටන්ගන්න කලින් මම මැද්දට ඇවිල්ලා නතරකරන්න බැලුවා.

"ඔයාගෙ අයියා තමයි ඉස්සෙල්ලම අපි ඉන්න තැනට ආවෙ." ඇහි බැමි උස්ස උස්ස වේගාස් කිවේය.


 "ඇයි මට  තමුන්ලා එක්ක කතා කරන්න බැරි?"

කුන් දත්මිටි කන ගමන් ඇහුවෙ ආයෙත් වාග් ප්‍රහාරෙකට ලැස්ති වෙන ගමන්.


 "අපි යමු!"

මම එතනින් යන්න හැරුනෙ පොඩි ළමයි වගෙ රණ්ඩු කරන අයියගෙයි මල්ලිගෙයි අත් වලින් ඇදගෙන.


"අයියෙ ඔයාට කටකලියාවක් දාන්න ඕන"

අපි ආපහු හැරිලා එද්දි මැකාවු වේගාස්ට කෑගහනවා ඇහුනි.

අවසානෙට අපි කෑම කන්න තෝරගත්තේ චාම් ජපන් රෙස්ටොරන්ට් එකක්.

කුන් චෝදනා කරන අතරෙ මම එයාලට ඉස්සරහ පුටුවෙන් වාඩි වීමි.


 "ඇයි ඔයා අපිව නැවැත්තුවේ?"


 "ඔයාලා රණ්ඩු කරන්න පටන් ගත්තොත් ඒක පවුලට හොඳ නැ."


 "නමුත් එයාලා තමයි ඉස්සෙල්ලම පටන් ගත්තෙ."


කුන් දොස් අහන්න අකමැති පොඩි ලමයෙක් වගෙ අත් දෙකෙන් කන් වහගත්තේය.අපේ තාත්තට ඇරෙන්න මේ උද්දච්ච කොල්ලට දොස් කියන්න කාටවත් බෑ.ඒක එයාගෙ වරදකුත් නෙවෙයි එයාට හරි වැරදි කියලා දෙන්න අම්මා නැනි නිසා හොදටම නරක් වෙලා.තාත්තා වැඩියෙන්ම ආදරේ කුන්ට උනාට ඒ ගැන මට කිසිම් ඉරිසියාවක් නැ.


 "ඒ වගේම එයාලගෙ මෝඩ විහිලු වලට අහුවෙන්න ඔයාලගෙ වයස කීයද ?" 

බාල පවුල අපිට ඇටෑක් කරන්න බලන් ඉන්න බව දැනගෙන හිටියත් , එයාල ඉස්සෙල්ලම ට්‍රයි කරන්නෙ මගෙ සහෝදරයන්ට කරදර කරන්න වගේ.


 "ඔයා මගේ සහෝදරයද  නැත්තම් උගෙද?"

කුන් තවමත් විකාර කියවනවා උනත්  මම වැඩි ගනන්ගන්න ගියෙ නැ.

"ඔව් ඔය වගෙ ඇන කොටාගන්න ගියෙ නැත්නම් මම දෙන්නගෙම සහෝදරයා තමයි.

අපි තුන්දෙනා මොහොතකට නිශ්ශබ්ද වෙලා කෑම කාලනිවර උනාම සාප්පුවට ඇවිදින්න යන අතරෙ අපෙ ගාඩ්ලා පිටිපස්සෙන් ආවෙ අපේ බෑග් , වෙන වෙන දේවල් අරගෙන යන්න.

මගෙ සහෝදරයා ඩොලර් මිලියනයක වොච් එකක් තෝරන ගමන් ඉද්දි එතන හිටිය මිනිස්සු අතරෙන් එක් කෙනෙක් අපෙ දිහාට දුවගෙන එන්න ගත්තේය.


 "මහත්තයා! කරුණාකරලා මට උදව් කරන්න!"

ඇග පුරාම තැලිම් ,තුවාල තිබුණ අපිරිසිදු කමිසයක් ඇදන් උන් මැදිවියේ මනුස්සයෙක් තරමක් හයියෙන් කෑගහන්න ගත්තේය.

අපි කම්පියුස් වෙලා බලන් ඉද්දි ඒ මනුස්සයා මගෙ ගාඩ්ලා අතරෙන් පැනගෙන ඇවිල්ලා මගෙ අතෙන් අල්ලගත්තාත් ආරක්ෂකයන් ඉක්මනින් ඇවිල්ලා ඒ මනුස්සයා ඇදගෙන එලියට යන්න විය.නළල රැලි කරගෙන තාමත් ශොක් වෙලා අපි බලන් හිටියෙ මේ අමුතු මනුස්සයා දිහා.


 "මහත්තයා, මම කියන දේ අහන්න,අනෙ කරුණාකරලා, මට යන්න දෙන්න."

ගාඩ්ලා ඒ මිනිහා ඇදගෙන යද්දි  බිම බලාගෙන කියවන්න විය.


 "යන්න දෙන්න."

මම කියද්දි මගේ මිනිස්සු උට යන්න දෙන්න කලින් මගෙ  දෙස බලන්න විය.

 ඒ මනුස්සයා සැහැල්ලුවෙන්, බලාපොරොත්තුවක් එක්ක මගෙ දිහා බලන් හිටිය.ආයෙත් මගෙ දිහාට දුවන් එන්න ලෙස්ති උනත් මගෙ මිනිස්සු එයාව නැවැත්වූහ.


 "ඔතන ඉදන්ම කතා කරන්න. ළඟට එන්න එපා."


 "මම ඔයාව දන්නවා,කරුණාකරලා මං  වෙනුවෙන් ඔයාගෙ තාත්තාට කතා කරන්න."


ඒකට නම් මම ටිකක් කලබල උනා.සමහර විට මෙයා පිස්සු නාකි මනුස්සයෙක් වගේ පෙනුන නිසා මම කෙයා නොකර ඉන්න තිබුණි.


 "ඔයාට වැරදිලා මාමේ, මෙයා ඇනකින්."

මේ මනුස්සයා මම කුන් කියලා හිතාගෙන කතාකරන නිසා කිම් හයියෙන් හිනාවෙලා කිවෙමි.


"ඔයාලා තුන්දෙනාට මට උදව් කරන්න පුළුවන් ද? මගේ නම තී. මම ඉස්සර අවුරුදු දහයකට කලින් මම් ඔයාගෙ තාත්තා ලග වැඩකරා.

 දැන් මම එයාට ණයයි.."


 "ඔයා සූදුවෙන් ණය වුනාද?"

එක නිතර අහන සුපුරුදු කතාවක්නෙ ඉතිං.


 "ඒත් මම ඔයාලගෙ තාත්තාගෙ ගොඩක් කල් හිටිය පාට්නර්  කෙනෙක් ."

මෙ මනුස්සයා දිගටම හේතු කියන්න විය.


 "මෙන්න මම ඒකට ගෙවනවා."

අයි මීන්, වොච් එකට මිස මේ මනුස්සයගෙ ණය නෙවෙයි.මම මගෙ කාඩ් එක හිටිය සේවකයෙක්ට මගෙ කාඩ් එක දුන්න.


 “ඒත් මම මිලියන පහක් ණයයි, එයා මට කිව්වා දවස් තුනක් ඇතුළත ගෙවන්න කියලා.. නැත්තන්...."


 "ඔයාව මරලා මුහුදට දායි."

මම ඒ මිනිහගෙ මූනෙ තියෙන බය රසවිදිමින් හිනාවුනෙමි.මම ඊලගට මගෙ අවදානෙ දුන්නෙ ටික වෙලාවකට කලින් ගත්තා වටින ඔරලෝසුව දිහාට.


ඒ වගේ දෙයත් තාම සිද්ද වෙලා නැති වුණත් දිගටම මේ වගේ දේවල් උනොත් නම් ඉස්සරහට එහෙම වෙන්නත් ඉඩ තියෙනවා.මම තාත්ත ගැන හොදට දන්නවනෙ.


ඔයාට පේනවනෙ, ඒක දවස් තුනකින් ගෙවන්න බෑනෙ.. මම අනිවාරෙන්ම ආපහු ගෙවනවා.

 මගේ ණය වුනත්, මට තව ටික කාලයක් ඕනේ.   කරුණාකරලා මට ඔයාගෙ තාත්තත් එක්ක කතා කරන්න උදව් කරන්න. "

 

 "මට අයිස්ක්‍රීම් කන්න ඕන, ඔයා යන දිහාක යන්න."


මම ඒ මිනිහව ගනන් නොගෙන සහෝදරයො දෙන්නට කියද්දි ඌ ආයෙ අපෙ දිහාට එන්න හැදුවත් මගේ මිනිස්සු ලේසියෙන්ම ඌව නැවැත්වූහ.

තාත්තා කොහොමත් දන්නව කැසිනෝ වලට අපි තුන්දෙනා සම්බන්ද වෙන්නෙ නෑ කියලා .


 "සර් මට උදව් කරන්න!"

 මේ නාකි මිනිහා තාමත් කෑගහනවා.


මේ වගේ මිනිස්සු හිතන්නෙ අපි එක්ක කතා කරලා හැමදේම හොදින් විසදන්න පුළුවන් කියලා.ඒකයි උන්ට වරදින්නෙ.ඇයි එහෙම නැතුව උන් පැනල යන්නෙ නැත්තෙ? ඔහ් පැනලා ගියාට වැඩක් නෑ තාත්තා මොන ලෝකෙන්හරි උන්ව හොයාගන්න බව දන්නවා.

මම පොඩ්ඩක එහෙ මෙහෙ ඇවිදලා ආපහු යන්න වෙලාවත් හරි නිසා ශොප් එක ඉස්සරහට ඇවිල්ලා බලන් හිටියෙ අපේ කෙනෙක්  මාව ගන්න එනකම්.


ටික වෙලාවක් බලන් ඉද්දි මගෙ ඇස් දිව්වෙ හුරුපුරුදු රූපයක් දිහාට.ඔව් එදා මට උදව් කර කොල්ලගෙ වගේ බයික් එකක් පාර්ක් එකේ පැත්තකින් නවත්තලා තියෙනවා.එතකොටම මම දැක්කෙ ඒ බලාපොරොත්තු උන කොල්ලා වයසක මිනිහෙක්ව ඇදගෙන එනවා.

දවස් ගානක් හෙව්ව ඒ රූපෙ දකිද්දි මගෙ ඇස් හීනෙ වෙලා ලාවට විරිත්තුනේ මේ වෙලාවෙ කරන්න ඕන දේ මම දන්න නිසා.


අහ් මෙච්චර ලකී උනාම,

වට් ශුඩ් අයි ඩු?

ලෙට්ස් ගෝ හන්ටින්..






















Comments

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-