(පෝර්ශ් දේ ජාවු )
පිහිනුම් තටාකය කෙලවරට වී සිතමින් සිටියද අද තිබූ විභාගය ගැන නම් මට කල්පනා නොවූ තරම් විය.මම තවමත් ජීවතුන් අතර සිටියද මට හැගුනේ මම දියේ ගිලී මිය යාමට ආසන්නව ඇති සෙයිනි.
මම පෙර දින පටන් සිතමින් කල් ගෙවූයෙ මා අතින් මිය ගිය මාළුන් පිලිබදවයි. ඉදිරියේදි කුමක් සිදුවේද යන්න තවමත් අවිනිශ්චිත වුවද කුමක් සිදු වුවත් මම තවමත් එයට මුහුණ දීමට සූදානම් නොමැත.
මෙ මොහොතෙ මටත් අවශ්‍ය වන්නෙ ආගන්තුක දියරයට සංවේදීව මිය ගිය මාළුන් දෙදෙනා මෙන් මටත් දියේ ගිලී මියයාමටයි.
(එලිසබෙත් ,සෙබස්තියන් කියන්නෙ පෝර්ශ් චූ කරපු නිසා මැරුණ මාළු දෙන්නගෙ නම් 😂💔)
"මොකෝ මචන් අවුලෙන් වගේ?"
තටාකයේ පිහිනමින් සිටි ජොම් ,මා අසලටවී ඇන තියාගෙන වාඩි ව සිටි ටෙම් සහ මා සමග එකතු වු අතර ඔවුන් දෙදෙනා මගෙන් පිලිතුරක් බලාපොරොත්තුවෙන් අස්ථීර ලෙස බලාගෙන සිටියහ.
පෙර සිදුවූ සිදුවීම් නිසා ජොම්ගේ සෞක්‍ය තත්වය තවමත් අයහපත් නිසා ඔහුට පිහිනුම් විභාගය සදහා සහභාගි වීමට නොහැකි වු නිසා මහාචාර්ය වරයා සදහා ලිඛිත වාර්තාවක් ඉදිරිපත් කිරීමට සිදුවේ.
"මොන මගුලක්ද බන්.මගෙ වෙලාව හොදනැද්ද මන්දා. මම දැක්කා මහාචාර්යතුමා උඹෙ ලකුනු අඩු කරනවා."
මම ගැඹුරු හුස්මක් ගත් අතර ඔවුන් එයින් තවත් පුදුමයට පත් වූයෙ මම සාමාන්‍යයෙන් මගෙ හැගීම් පිටතට නොපෙන්වන නිසාවෙනි. නමුත් මේ අවස්ථාවේ මම බොහෝ සෙයින් මානසිකව පීඩනයට පත්ව සිටිමි.
"මම ඇත්තටම ලොකු ප්‍රශ්නෙක ඉන්නෙ බන්."
තටාකයෙන් ඉහලට විත් ජොම් අසලින් වාඩිවෙන ගමන් මම කීවෙමි.
"මට කියහන්කො. මොනවහරි දෙයක් හිතට වද දෙනවද ? සමහරවිට මට උදව් කරන්න පුළුවන් වෙයි. "
ටෙම් තවමත් වතුරෙ පාවෙමින් සිටි අතර එය දැකීමෙන් මා තවත් පීඩාවට පත් වූයෙ මන්ද ඒ අවජාතකයා දමා සිටි තැඹිලි පැහැ පිහිනුම් තොප්පිය පෙර දින මිය ගිය මාළුන් මට සිහි කරයි.
මොන හුත්තක්ද...
බැරිවෙලාහරි මගෙ අතින් වෙන කෙනෙකුගේ මාළුන් මැරුණෙ නම් මට කෙසේ හෝ සමාව ගත හැකි නමුත් මේ මිය ගිය මාළුන් මාෆියා පවුලෙ ආදරණීය වැඩිමහල් පුතාගෙනෙ. උන් මට වෙඩි තියයිද ?
"මම දැන් මොකද කරන්නෙ ?"
මම සාංකාවෙන් දෑතින්ම මුහුණ වසා පිරිමදින්නට වු අතර පලමු වරට මගේ මෙවන් හැසිරීමක් දුට මිතුරන් දෙදෙනා කිසිවක් සිතාගත නොහැකිව බලා සිටියහ.
"මොකද්ද ඒ මාෆියා පකයා කරේ ? මම ඌට හොද පාඩමක් උගන්නන්නම්. "
ජොම් බරපතල ලෙස කීවද ටෙම් ඔහුට වතුර ඉසිමින් බෙරිහන් දෙන්නට විය.
"ඕහෝයි..උඹ දිහා බලලා හිටපන්කො අවලමෝ.කට විතරයි උඹෙ. "
"
ඔව් උඹට හරි ආතල්නෙ.බලපන් උන් මට කරල තියෙන දේ. "
ඒ ගැන මතක් කරන විටත් කොතරම් කේන්තිද කිවහොත් එය ජොම්ගේ මුහුණෙන් හොදින්ම පෙනේ.ඔහුට සියල්ලම පැහැදිලි කලද කින්ට ජොම්ගෙ නම කීම ගැන මම තවමත් පසුතැවිලි වුවද ජොම් තවමත් කේන්තියෙන් පුපුරමින් සිටියි.
මේ පකයා ආපහු සාමාන්‍ය තත්වයට පත් වුණෙ මෙ මාසෙ පුරාවටම මම දිවා ආහාරය දීමට පොරොන්දු වූ නිසාවෙනි.
මම මාෆියා නිවසේ රැකියාවක් කරන බවක් ඔවුන් දෙදෙනාම දන්නා සේම මගේ තීරණ ගැන බොහො සෙයින් වද වුවද මගේ නිවසේ ප්‍රශ්න සහ කින්ගෙ තර්ජන පිලිබද පැහැදිලි කල පසු මෙම අවජාතකයයන් දෙදෙනා සන්සුන් වුවද මගේ තීරණය ගැන නම් සතුටු වූයෙ නැත.
කෙසේ වුවද රැකියාවෙන් මට ලැබුණු දීමනාව නම් මට බොහෝ වාසි සහගත විය.
"ටෙම් උඹෙ ඔය විකාර තොප්පිය ගලවන්න පුළුවන්ද ඉස්සෙල්ලම? "
මම සියුම් ලෙස ඇසුවෙ තවමත් වතුරෙ පාවෙන ටෙම් දකින සැම විටම මට මියගිය මාළු මතක් කරවන නිසාවෙනි.
"මොකක් ? මම මේ මට ගැලපෙනම පාට හොයාගන්න උත්සාහ කරන්නෙ.එතකොට මට විභාගෙදි වැඩියෙන් ලකුණු ගන්න පුළුවන්."
තොප්පිය ගැලවීමට පෙර එසෙ කී ටෙම් පැමිණ මා අසලින් වාඩිවිය.
"උඹ හොදින්ද බන් ?"
ටෙම් නැවත් ඇසුවේය.
"මම එලිසබෙත්වයි සෙබස්තියන්වයි මැරුවා. "
දෑස් වසා ගැඹුරින් හුස්මක් ගෙන මම කීවෙමි.
"මල මගුලයි පෝර්ශ්. උඹ නම් අපතයෙක්. උඹ රස්සාවට ගිය පලවෙනි දවසෙම ඌ මිනිස්සු මරන්න අණ කලාද උඹට ? පොලිසියට කෝල් කරමු උන්ව අත්තඩංගුවට ගන්න කියලා. "
ජොම් කෑගැසුවෙය.
"ඕහ් ශිට්..මට ඉන්නනේ මිනීමරු යාළුවෙක්.මිනීමරුවා..."
පෙරදි කොතරම් පහර කා තුවාලව සිටියද, මට හැකි උපරිම වැර යොදා මුහුණට පහර දුන්නෙමි.
"ශිට්...උන් ෆිල්ම් වල වගේ ඇත්ත ජීවිතෙත් මෙ දේවල් කරනවද ? ශීයා පෝර්ශ් . උඹ ඒක නවත්තන්න ඕනෙ. "
පුදුමයෙන් කෑගැසු ටෙම් එකවරම බිරාන්ත වි මා දෙස බලා මදක් දුරට වන්නට විය.
"ඒ මිනිස්සු නේද අනෙ දෙවියනේ ..ශිට්.. "
ජොම් කොදුරන්නට වු අතර අඩවැඩියාව වැඩි වන්නට පෙර මම ඔහුව නැවැත්වුවෙමි.
"ඒ මිනිස්සු නෙවෙයි බන් "
".... "
දෙදෙනාම බිරාන්ත වි නිශ්ශබ්දව මා දෙස බලාසින්නට විය.
"ඒ මාළු දෙන්නෙක් "
දෙදෙනාම කම්පනයෙන් කට ඇර බලා සිට මද වෙලාවකින් සෙමින් හුස්මක් ගෙන සන්සුන් විය.
"මොන හුත්තක්ද බන් උඹ කියන්නෙ? තව පොඩ්ඩෙන් මට පපුවෙ අමාරු හැදෙනවා. මොකද්ද නම කිව්වෙ... එලි...මොකද්ද ? "
ජොම් ඇසුවේය.
"ඔව්.එ මාළුන්ගෙ නම්.මම හිතන්නෙ ඌ මාව මරයි වගෙ."
මම මගෙ රැකියාවෙ පලමු දිනම සිදුවු සියලු අකරතැබ්බ ඔවුන්ට කි අතර උන් සිනාසෙන්නට විය.නමුත් සිනාසීමට තරම් තත්වයක් නොවුයෙ මම තවමත් මානසිකව පීඩාවට පත්ව ඇති නිසාවෙනි.
ඌ මට අද කතා කරයිද ?මම අවුල්ජාලයකට පත්වි ඇති අතර කුමක් සිදුවේද යන්න සිතාගැනීමට පවා අපහසු තත්වයකට පත්වි සිටිමි.ටෙම් පුන පුනා කීවද රැකියාවෙන් ඉවත් වෙන ලෙසට මම ඉවත් වුවහොත් මීට වඩා ගැටලු රාශියකට මුහුණ දීමට සිදු වනු ඇත.
මම දැනටමත් වසරක කොන්ත්‍රාත්තුවක් අත්සන් කර ඇති අතර එය කඩ කර ආපසු ගෙවීමට මුදල් සොයන්නෙ කොහෙන්ද?
පෙනී යන ලෙසට රස්සවෙන්නිවත් වී කිරීමට වෙන කිසිවකුත් නැති නිසා සමාව ඉල්ලා දෙන දඩුවමක් භාරගැනීම හැර වෙනත් විකල්පයක් නොමැත.
තටාකයෙන් ඉවතට විත් ඇදුම් මාරු කර මගෙ දුරකතනය ගන්නා විටත් නමක් නොදන්නා අංකයකින් මගහැරුනු ඇමතුම් අටක් තිබූ අතර එය නමක් නොමැති වුවද කින්ගේ අංකය බව අදුරාගැනීම අපහසු වූයෙ නැත.
අනාගතය ගැන සිතමින් ළත වෙනවා හැර වෙන කිසිවක් කිරීමට ඉතුරුව නැති නිසා සහ මෙම ප්‍රශ්න හමුවේ පලා ගොස් පලක් නොවන නිසාත් ටෙම් කියු ලෙසට සියල්ලටම මුහුණ දිය යුතුව තිබේ.
හරියටම සවස හය වන විට යතුරු පැදිය නවතා හෙල්මටය ගලවා ඉවත් කලේ මාව ආරක්ෂා කර දෙන මෙන් සියලු දෙවියන් යාඥා කරමිනි.
මම පොලවට අඩිය තබනවාත් සමගම ආරක්ෂකයෙකු විත් මට කතාකලේය.
"මිස්ටර් කින් ඔයාට කතාකරා. "
ගැඹුරු හුස්මක් ගන්නා අතර මම සිතූයේ හූල්ලන විට ජීතය කෙටි වන බව කීවේ කවුද යන්නයි.මන්ද එය සත්‍යක් වන බැවිනි.මම දැන් මගෙ මරණය පෙනෙන මානයෙ සිටිමි.
මම සෙමින් ඉතා ආයාසයෙන් පඩිපෙල නැග ඉදිරියේ වූ විශාල ලී දොර දෙස බලා සෙමින් ඇතුලට යන විටත් කාමරය මීයට පිම්බාක් මෙන් ඉතා නිශ්ශබ්ද විය.
කින් තනිව නොවූ අතර එහි ඔහුගෙ වැඩිමල් සොයුරාත් කෝපයෙන් දෑත් බැද සිටි අතර ඔහුගේ කෝපාන්විත දෑස් මගෑරියද කින්ගේ දෑසෙන් නම් මට ගැලවීමක් නොවුනි.
ඒ මම කියලා දැනටමත් උන් දන්නවා වගෙ...
"මිනීමරුවා...ඇයි උඹ මගෙ මාළුන්ව මැරුවෙ..? "
".... "
මම කිසිවක් නොකියා පිටතට පැනීමට ආසන්නව තිබූ සම්භාව්‍ය වදන් ගිලගත්තේ කතා කිරීමට පවා මට මහන්සි නිසාවෙනි.
"අනෙ..මට එ ගැන කණගාටුයි.."
කින් සාමාන්‍ය හඩින් කීවද පැහැදිලිවම එය මා වෙත කෙරූ සමච්චලයක් විය.
"..."
මම තවමත් කිසිවක් කීමට වෙහෙස නොවී මුනිවත රැක්කෙමි.
"තමුන් කියන්නෙ තමුන් ඒක කලෙ නෑ කියලද ?"
කින් ඇහිබැමි හකුල්ලමින් කෑගැසුවේය.
"කොහොමද තමුසෙ නොවෙන්නෙ ආඅ.සීසීටීවි වල පැහැදිලිවම තියෙනවනෙ.මම මුලින් හිතුවෙ තමුසෙ වරදක් කරපු පලවෙනි වතාව මේක කියලා .ඒත් මට දැන් නම් හොදටම කේන්තියි.තමුසෙ හිතුවෙ කොහෙ ඉදන් ඒ වැඩෙ කරනවා කියලද ?"
ඛුන් කියාගෙන ගියේය.
මල හුත්තයි...
ඔහු අයිපෑඩ් එකක් ගෙන මම කල වැඩේ පෙන්වන්නට පටන්ගත් අතර මම අත තියාගෙන උන් තැන විශාල කර මට පෙන්වන අතර නහය පුම්බමින් මා දෙස බලා සිටියේය.
"මට සමාවෙන්න "
මෙ ප්‍රශ්නය පහසුවෙන් විසදෙන බවක් නොපෙනෙන්නට තිබූ නිසා සිදුවු දෙයට සමාව ඉල්ලීමට මම තීරණය කලෙමි.
"එයාලා තමුසෙට කරපු වරද මොකද්ද ? මම එයාලට ගොඩක් ආදරේ කලා..."
ඛුන්ගේ බෙරිහන්දීම ඉකින්බිදීමක් බවට පත් වි ඔහුගෙ දෑස් රත් පැහැ ගැනිවී ඉදිමී ඇති අතර හැගීම් විරහිත අයෙකුද කෝපයෙන් මා දෙස බලා සිටින්නට විය .
"ඔයාගෙ මිනිස්සුන්ට හොදට හැසිරෙන විදිය කියලා දෙනවා.හහ්...මම දැන් යනවා හැබැයි මම තමුසෙ දිහා ඇහැ ගහගෙනයි ඉන්නෙ..හැමෝම යමු මා එක්ක."
මාෆියා පවුලේ වැඩිමල් පුතා දකින සෑම විටම පිටතට පැනීමට දගලන සීනාව ආයාසයෙන් දරාගැනීමට සිදුව ඇත. මම ඔහුව මුලින්ම දුටු අවස්ථාව කොතරම් පීඩාකාරි එකක් වුවද මට සිතුනේ ඔහු මෝඩ, මන්දබුද්ධික අයෙකු ලෙසයි
බැන්ග්....
විශාල ලී දොරක් වැසුනු අතර මට පෙනුනෙ ඔවුන් අවමගුල් පෙරහැරකට සහභාගි වීමට යන පිරිසක් ලෙසයි.
ආපසු හැරි බලන විට ආරක්ෂකයින් වැඩි පිරිසක් පිටව ගොස් ඉතිරිව සිටියේ කීපදෙනෙක් වූ නිසා මම සැනසුම් සුසුමක් හෙලුවෙමි.නමුත් මම තවමත් ගැටලුවක ඉන්න බවක් මට නොහැගුනි.
මම හිස හරවා බලන විට නෙත ගැටුනේ තවමත් මා දෙස නොසතුට පිරුනු මුහුණකින් ඉතා ඕනෑකමින් මා දෙස බලා සිටින කින්වයි.
"තමුන්ට ඒ ගැන කිසිම පසුතැවීමක් නැද්ද ? "
අත් පපුව ඉදිරියෙන් බැද වාඩිවි සිටියද ඔහුගෙ මුහුණෙ කෝපයෙන් සිටින සේයාවක් පැහැදිලිවම පෙනෙන්නට තිබුණි.
"....."
ආපසු හැරීමට පෙර මම මදක් හෝ හිස නමා ආචාර කලේ සමාව ඉල්ලීමටයි.
"ඇයි නානකාමරය පාවිච්චි නොකලෙ ? මේ වගෙ විකාර වැඩ කරන්නෙ නෙවෙයි තමුන්ට රස්සාව දුන්නෙ. "
"ඇත්තටම මම දැනගෙන හිටියෙ නෑ ඒක මාලු පොකුණක් කියලා.ඒක සම්පූර්ණයෙන්ම කලු පාටට තිබුන නිසා මම හිතුවෙ ඒක හිස් ඇති කියලා."
මම පිලිතුරු දුන් අතර පෙර සිදුවීමෙහි දරදඩු ගතිය මදක් පහව ගොස් ඇති නිසා මම ඔහුට ඉදිරියේ සෝෆාවෙන් වාඩි වුණෙමි.
"කවුද කිව්වෙ තමුන්ට වාඩිවෙන්න පුළුවන් කියලා? "
සෝෆාවෙහි මෘදු කොට්ටය මගේ පස්සෙ ස්පර්ශ වීමටත් පෙර කින් කෑගසන්නට වූ අතර ඔහුගෙ කොල පැහැති දෑස් කෝපයෙන් දිලෙසිමින් තිබුණි.
"මට මහන්සි. "
මම සාමාන්‍ය පරිදි පිලිතුරු දුන්නෙමි.
මූට පිස්සුද මන්ද ? මට පොඩ්ඩක් වාඩිවෙන්න විතරයි ඕන වුණේ.දැනටමත් සෝෆාවෙ ඇලිලා තියෙන මගෙ පස්ස මු කොහොමද නවත්තන්නෙ ?
"ඇත්තටම මට තමුසෙට කියන්න කුනුහරුප මදි.මාළෙ ගැන උනත් තමුසෙට මහ විකාර හේතුනෙ නිදහසට කියන්න තියෙන්නෙ.අනික තමුසෙ හැමවෙලාවෙම මගෙත් එක්ක හැසිරෙන විදිය....නැගිටපන්..මේක තමුසෙට වාඩිවෙන්න තියෙන සෝෆාවක් නෙවෙයි.."
කින් යටිගිරියෙන් කෑගසමින් බැනවදින්නට විය.
"අනෙ හුත්ත..මූ කවුරු කියලද දන්නෑ හිතන් ඉන්නෙ.."
මම සැපපහසු කුඩා කවිච්චියෙන් නැගිටීමට පෙර කොදුරගත්තෙමි.වටපිට බලන විට මට තේරුණෙ ඔහුගෙ ආරක්ෂකයන් කිසිවෙකු වාඩිවි නොමැති බව වුවත් මේ විකාර දේවසභා ක්‍රමය මට නම් ඇත්තටම හිසේ රුදාව ඇති කරන්නක් විය.
එතකොට මම මොකෙද්ද ?
මම වගෙ මිනිස්සුන්ට මහන්සි නෑ කියලද මූ හිතන් ඉන්නෙ?
"එතකොට මේ අනිත් දේ "
මේසය ලගට ගිය කින් ලියවිලි ගොනු කීපයක් ගෙන මගෙ මුහුණට දමා ගැසුවේ ඒවා මුළු කාමරය පුරාම විසිර යන ලෙසටයි.
කාට උනත් මෙහෙම කරන්න ඌට තියෙන්නේ මොන අයිතියක් ද? ...මමද ඔහු දෙස කෝපයෙන් බලාසිටියෙමි.
"මොන මගුලක්ද කින්.?"
ඔහුට දෙවනි නොවන හඩකින් මම ඇසුවෙමි.
"මට ඔය විදියට කතාකරන්න එපා.උඹ දන්නවද මොන හුත්තක්ද උඹ කරලා තියෙන්නේ කියලා ?"
කින් මගෙ දෙසට ඇවිද එන්නට වුවද මට පිටිපස්සට යන්න විදියක් නොවීය.
උඹ හිතන් ඉන්නෙ උඹට විතරක් කේන්ති කියලද ? හිතන්නෙපා මම උඹට ඔලුව නවාගෙන ඉදයි කියලා ...
"මම මොකද්ද කලේ? මොන හුත්තක්ද මම කරලා තියෙන්නේ ?"
"පෝර්ශ් ,උඹට මෙහෙම කෑගහන්න කොහෙන් ආව හයියක්ද?"
"ඇයි මම කාටවත් බය වෙන්න ඕන.මම හැමවෙලාවෙම මෙහෙමයි."
මම අවංකවම කීවෙමි.ඉදිරිය අවිනිශ්චිත වුවද මම කින් දෙස බලාගෙනම සිටියෙමි.
"තමුන්ට තියෙන්නේ හරි නිර්භීත කටක්නෙ.හහ්..."
කින් මගෙ පපුවට අත තියලා තල්ලු කල අතර කොතරම් වේගයකින්ද කිවහොත් මම පිටුපසට ට්ගල්ලු වී ගොස් පිටුපස වූ බිත්තියේ වැදුනි.
දැන් නම් මූ මගෙ යකා අවුස්සන්න හදන්නෙ..
ඔහ්.හුකපන් කින්..
තවදුරටත් ඉවසිය නොහැකි තැන මම ඔහුව සෝෆාවට වැටෙන ලෙස මගෙන් ඉවතට තල්ලු කලෙමි.
"පෝර්ශ් "
ඔහු ආපසු හැරි මගේ මැණික් කටුව තදින් අල්ලා ඇද්ද අතර මගෙ සමබරතාවය නැතිවී ගිය අතර මාව ඇද සෝෆාවට දමා මගේ උඩ වාඩඩිවී මාව තදකර අල්ලා ගත්තේය.කුමක් සිදුවේද නොදැන මම මැදිහත්ව බලා සිටියෙමි.
මම සෝෆාවෙ වැතිර සිටි අතර කින් මාව පහලට කර තදින් අල්ලා සිටියේය.
ඔහු කොතරම් කෝපයෙන් ද කිවහොත් තියුණු ලෙස මා දෙස බලා සිටිමින් දත්මිටිද කන්නට විය.
ඔහු මගෙ අත මිරිකා සිටි ආකාරය මට ඉතා වේදනාකාරි විය.
මම ඔහුව තල්ලු කර දැමීමට කොතරම් උත්සාහ දැරුවද ඵලක් නොවුනේ ඔහු කෝපයෙන් සිටින විට වෙනදාට වඩා ඔහුගෙ ශක්තිය මෙලෙසට බොහෝ සෙයින් වැඩි වන බැවිනි.ඔහුගෙ ශක්තිය තවත් තියුණු ලෙස වැඩි වන්නට විය .
"මම උඹට කලින්ම අනතුරු ඇගෙව්වා.උඹ දන්නවද අද කරපු වැරැද්ද මොකද්ද කියලා ? "
මම වචනයකුදු නොකියා කින් දෙස බලා සිටින විට මට හැගුණෙ ඔහුගෙ කොල පැහැති දෑස් කෝපයෙන් දිලිසෙන විට කොතරම් අලංකාරද කියායි...
මොකක්..මොන මගුලක්ද ඒ ...
"මකබෑවියන් උඹ.උඹ හිතන්නෙ මේක විහිලුවක් කියලද ? මොකද්ද උඹ මගෙ වාර්තාවට කලේ? ඒක මුල ඉදලම වැරදි ."
කින් වචනයක් පාසාම කෝපයෙන් දත් මිටිකන හඩ මුළු කාමරය පුරාම ඇසෙන්නට විය.
"මගෙන් එහාට වෙන්න.මට හුස්ම ගන්න බෑ ."
මම එහාට මෙහාට හැරෙමින් දැගලුවෙ මගෙ අත ගලවා ගැනීමට වුවද ඔහු ඇග උඩ සිටි ආකාරයට මට සෙලවීමටවත් නොහැකි විය.
ඔහුගෙ මුහුණට ඉතා ආසන්නව සිටි නිසා කොතරම් කෝපයකින් ඉන්නවද කියලා මට දැකගන්නට හැකිවිනි.
රැලි ගැහුණු ඇහිබැම අතරින් කොල පැහැති තියුණු ඇස් වල වියරුව කස පුපුරන්නාක් මෙන් විය.
"අද මම උඹව මරනවා."
ඔහු මගෙ මැණික් කටුව අසලින් තවත් තද කර අල්ලාගෙන මගෙ ඇගට බර වන්නට විය.ඔහුගෙ මුහුණ මගෙ මුහුණට අගලක් තරම් දුරට ලං කල අතර මාව හදිසියෙම කලබල වුණි.
ඔහු සමග තව දුරටත් සටන් කරීමට තරම් ශක්තියක් මට ඉතුරුව නොතිබුණද මම තවමත් උත්සාහ කලේ ඔහුට යටත් නොවී සිටීමටයි.
අත සිරකර තිබීම නිසා හටගත් වේදනාව ඉහලට ගමන් කර මට හුස්ම ගැනීම පවා අපහසු වන්නට විය.
කීපවතාවක්ම පහර දුන්නද ඔහුගෙන් ගැලවෙන්නට නොහැකි වු අතර අවසානයෙ කින් මාව අතැර සෝෆාවෙ අනෙක් කෙලවරට ගියේය.
මම ඉක්මනින් නැගිට ඇදුම්කන උගුරු දණ්ඩ අතරින් අපහසුවෙන් හුස්ම ගත්තෙමි.
මොනව උනත්, මට මේක අතාරින්න ඕන නෑ.ආපහු අපි ශ්ක්තිය උරගාල බලමු.මෙ දැන්ම...
"මගුල..තමුසෙ එක්ක මට මේක තවත් කරන්න බෑ..."
මා දෙස නොබලාම සෝෆාවෙ පිටුපසට තදින් පහරදෙමින් කින් බෙරුහන් දුන්නේය.
"ඔහ්..ඇත්තටම ? මෙහාට එන්න එහෙනම්.අපි බලමුකො තමුසෙ කොහොමද මගෙත් එක්ක හැප්පෙන්නෙ කියලා "
කින් කොච්චර ශක්තිමත් කෙනෙක්ද කියලා මම දැනටමත් දන්නවා වුණත් මම හිතුවෙ මම පොඩ්ඩක් මහන්සි වුණොත් මට සටන්කරන්න පුළුවන් වෙයි කියලා.
"උඹලා වගෙ මිනිස්සු හිතන්නෙ උඹලා ගැනම විතරයි "
ඔහුගේ කේන්තිය මහන්සියක් බවට පත්වන තුරුම කින් හූල්ලමින් සිටියේය.
"මම විතරක් නෙවෙයි .ඔයත් එහෙමයි.තමන් ගැන විතරයිනෙ හිතන්නෙ."
මම කෑගැසුවේ නලල දෙපස තදින් අල්ලාගෙන සිටින කින් දෙස බලමිනි.
"මට බය කවදාකහරි මගෙ අතින් තමුසෙ මැරෙයි කියලා. "
ඌ කෙදිරුවත් ඇත්තටම මම ඒක ගනන් ගත්තෙ නම් නෑ.ඔහු කිසිවක් නොකියා සිටි නිසා මම ආපසු හැරුනේ කාමරයෙන් පිටවීමටයි.
නැත්නම් මූ එක්ක හිටියොත් මට පිස්සු හැදිලයි නවතින්නෙ
ඒ නිසා මට ඉක්මනින් කාමරයෙන් පිටතට යාමට අවැසි වුණද, හදිසියෙම ....
"කවුද තමුසෙට යන්න කියලා අවසර දුන්නෙ ?"
හඩ ඇසෙනවාත් සමග මම යාමට ගිය ගමන නවතා බැලුවෙමි.
ඒ ගමන් මොන මගුලක් වෙලාද ?
"ඔයාට තවත් මොනවද ඕන?"
"යනවා ගිහිල්ලා ඇදුම් මාරු කරගෙන එනවා.මට එලියට යන්න ඕන."
"මොන ඇදුම්ද ?"
මම පුදුමයෙන් ඇසුවෙමි.
"මට එලියට යන්න ඕන උනත් මට තමුසෙව මේ විදියට එක්කන් යන්න බෑ. "
කින් ඇහිබැම හකුලුවමින් මගෙ හිසේ සිට දෙපතුලටම තියුණු බැල්මක් හෙලමින් කීවේය.
මම අද ගෙදර ගිහිල්ලා ඇදුම් මාරු කරගෙන ආවෙ.මේ කලු ටීශට් එකයි කලිසමයි තමයි මට තිබුණ හොදම ඇදුම.
"මට මේවා මාරු කරන්න ඕන නෑ."
පපුව ඉදිරියෙන් දෑත් හරස්කර බැදගනිමින් මම කීවෙමි.
"තමුන්
ගැලපෙන
ඇදුමක්
ඇදගන්නම
ඕනෙ..."
ඔහු ගැඹුරු හඩකින් වචනයෙන් වචනය කීවේ ඉතා අවධාරණයෙනි.
"එහෙනම් මට යන්න බෑ."
සෝෆාව මත වාඩිවි සිටි කින් මා දෙසට ඇවිදගෙන ආවද මෙවර ඔහු කිසිවක් කිරීමට පෙර මම ඔහුට සෙලවිය නොහැකි ලෙස සිරකර අල්ලා ගතිමි.
නමුත් ඔහු මගෙ මැණික් කටුව තද කර අල්ලා මාව තල්ලු කර අතර අගුල කරකවා දොර විවෘත කර මාව පිටතට තල්ලු කලද මම නොසෙල්වි ඔහුට බලා සිටියෙමි.
"ඔයා මොනවද කරන්න හදන්නෙ ?"
මම ඉක්මනින් අත් ඇද්දෙ ඔහුගෙ දැඩි ග්‍රහණය ඉතා වේදනාකාරි වූ බැවිනි.
"තමුන් මම කියන විදියට වැඩේ කරනවද ? නැත්නම් එලියෙ ඉන්න මිනිස්සුන්ට කියලා ඇදගෙන යන්නද ?"
ඔහු මගෙ මූණටම බෙරිහන් දෙන්නට විය.
කින් නැවතත් මගෙ අතින් තදින් අල්ලා දොර දෙසට ගොස් එය විවෘත කර මාවද දොරෙන් පිටතද ඇද්දේය.පිටත සිටි ආරක්ෂකයන් නිසැකවම ඇතුලත වෙන දේ හොරෙන් අසා සිටියා වුවද කින්ගෙ හදිසි පැමිණීමත් සමග ඔවුන් එහා මෙහා ඇවිදිමින් සහ පොත් කියවමින් සිටි බවට මවාපාන්නට විය.
"තමුන්ට ඇවිදන් යන්න පුළුවන් ද ? නැත්නම් මම අණ කරන්නද තමුන්ව ඇදන් යන්න කියලා ? "
එය ඇසු සැනින් ඔවුන් බොහෝ අපේක්ෂාවෙන් බලා සිටි අතර මම කින්ගෙ ග්‍රහණයෙන් අත ගලාවෙන පිලිතුරු දුනිමි.
"හරි..හරි..මම එන්නම්.."
සිතින් දෙහි කපමින් මම ඔහු පසුපසින් ඇවිදන් යන්නට වීමි.
ඇත්තටම ජන්මෙන්ම මේ වගේ ආධිපත්‍යය පතුරන් ඉන්න උන් නම් සාමාන්‍ය මිනිස්සු වෙන්න බෑ...
මට මූට දෙකක් ඇනගන්න පුළුවන් වුණා නම්...
"තාත්තා ආපහු ආවද ?"
පහල මහලේ කාමරයක් අසල නැවතුනු ඔහු ඒ අසල වූ ආරක්ෂකයෙකුගෙන් ඇසුවේය.
එය අවසන් වනවාත් සමගම කින් මගේ අතින් ඇදන් ගෙයේ මිස්ටර් කෝර්න් සහ පී'චෑන් අසුන් ගෙන සිටි විශාල මේසයක් වෙතටයි.
අවට බලන විට මට හැගුනේ මෙය මිස්ටර් කෝර්න්ගෙ කාර්‍යාලය විය යුතු බවයි.
"මොකද ?"
මහ හඩින් සිනා වීමට පෙර මිස්ටර් කෝර්න් ඇසුවේය.
කින්ගෙ අත ගසා දමා මම මිස්ටර් කෝර්න්ට සහ පී'චැන්ට මද සිනාවක් සමගින් ආචාර කලෙමි.
"තාත්තෙ, මෙයා මේ ඇදුමෙන් එලියට එනවට මම කැමති නෑ..."
කින් අශිෂ්ඨ ලෙස ඔහුගෙ පියාට කොදුරා කීවේය.
"ඔහ්...මට ආරංචි වුණා ඊයෙ ඔයා මගෙ ගෙදර ගිනිතියන්න හැදුවා කියලා ."
සුසුම් හෙලමින් ඔහු කීවද මම පිලිතුරු නොදී සිටියෙමි.
"තාත්තේ , මේ වගෙ කිසිම කමකට නැති ඇදුම් ඇදගෙන මගෙත් එක්ක එනවට මම කැමති නෑ.ඔයා දන්නවනෙ මිස්ටර් කීර්ත් එක්ක අද මට වැදගත් සාකච්ඡාවක් තියෙනවා.."
කින් කියන විට මිස්ටර් කෝර්න් මගේ හිසෙ සිට දෙපතුල දක්වාම විනිවිද බැල්මක් හෙලන්නට විය.
"මම වයසට නොගිහිල්ලම මැරුණොත් ඔයා නිසාම තමයි ඒ.ඔයාලා මට පුදුම වදයක්නෙ දෙන්නෙ "
මිස්ටර් කෝර්න් අවලාද තබමින් ඔහුගෙ නලල පිරිමදින්නට විය.
"පෝර්ශ්...ඔයාට ගෙදර ඉන්න වෙලාවෙදි ඕන ඇදුමක් ඇදන් ඉන්න පුළුවන් වුණත් එලියට යද්දි නිළ ඇදුම අදින්න ඕන කියලා අපේ ගිවිසුමේදි මම කිව්වා."
මිස්ටර් කෝර්න් මා දෙස බලමින් කියන තුරුත් ගිවිසුමෙ එවැන්නක් තිබුණාද යන්න මට සම්පූර්ණයෙන්ම අමතකව තිබුණි.
එහෙනම් ඉතිං කරන්න දෙයක් නැ...
මුගේ තාත්තා එක්ක ගිවිසුමක් නොතිබුණා නම් මම කීයටවත් මේ අවජාතකයා කියන දේවල් නම් අහන්නෙ නෑ මම.
"හරි එහෙනම්, තමුන්ගෙ ඇදුම් මාරු කරගෙන හවස දෙකට මම එනකම් ගෙදර ඉස්සරහ ඉන්න."
කින් සාමාන්‍ය හඩින් කීවද ඔහුගෙ මුහුණේ හැගීම් නම් කියා සිටියේ වෙනත් දෙයකි.
මම වගේ අන්තර්වතික කෙනෙකු සමග මෙතරම් වෙලා කතාකිරීම ඔහුට වේදනාකාරි අත්දැකීමක් වන්නට ඇති බව සිතමින් මම ඔහුට කොදුරමින් දොස් කියමින් සිටියෙමි.
වේසිගෙ පුතා උඹ අදට දිනුවා කියලා හිතාගනින්කො...!
පී'චෑන් මට නිළ ඇදුම් ලබා දුන් පසු කෙලින්ම මගේ කාමරයට ගොස් මුහුණ සෝදා ඇදුම් මාරු කර ගත්තෙමි.
පෙර භවයකදි මම කින් මරා ඇති අතර එය කර්මාණුරූපීව මම ඔහුගෙ ආරක්ෂකයා බවට පත් කර පවු ගෙවීමට සලස්වා ඇති බව සිතමින් මම පිටතට ආවෙමි.
නමුත් මට මගෙ පිස්තෝලය අමතක වි තිබූ අතර පී'චෑන්ගෙ අණට අනුව නැවත ගොස් එය රැගෙන එන්නට විය.
නියමිත වෙලාවට කින් එන තුරු මම ගේට්ටුව අසල එහා මෙහා ඇවිදිමින් සිටියද නුපුරුදු ඇදුම් මට අපහසු වූ අතර සමහර ආරක්ෂකයන් මදෙස පුදුමයෙන් බැලූ අතර සමහරක් සරදම් කරමින් සිනා සෙන්නට විය.
වැඩි වෙලාවක් ගත වීමට පෙර නිල් පැහැති ඇදුමකින් සැරසී පැමිණි කින් මගෙ හිසේ සිට දෙපතුල දක්වාම බලා කට කොනින් සිනාවක් පා නිවස ඉදිරියේ නවතා තිබූ සුඛෝපභෝගී සෙඩාන් රථයට නැග්ගේය.
ඔහු පසුපසින් ගොස් මම බලා සිටියේ මම අසුන් ගන්නෙ කොහේදැයි කියායි. මන්ද දැනටමත් ශාප් නම් අයෙකු එහි රියදුරු අසුනෙ සිටි නිසාවෙනි.
නමුත් පෙර දිනවල වෙනත් ආරක්ෂකයන් සමග පිටතට යන විට කින් රියදුරු අසුනෙ වාඩි වන නිසා මම පිටතට වී එහා මෙහා යමින් සිතුයෙ වාඩිවිය යුත්තේ කොහෙදැයි යන්නයි.
"ඇයි තමුන් තාම එලියෙ ඉන්නෙ ? තවත් මොනවද බලන් ඉන්නෙ ? "
මේ වෙලාවෙ මට කින්ගේ මූනට පහරක් ගැසීමට අවශ්‍ය වුවද කල හැකි එකම දේ වූයේ මෝටර් රථයට නැග හැකි උපරිමයෙන් දොර වසා දැමීමයි.
කින් එකවරම හැරී රෞද්‍ර ලෙස බැලුවද මමද ඔහුට නොදෙවැනි ලෙස බලා සිටියේ ඔහුට හැකි තරම් දුරින් කෙලවරට වි දොර ආසන්නයෙන්මයි.
මෝටර් රථය නිහඩ බවින් ගිලී ඇති අතර කිසිවෙකුටත් කතා කරෙ නැත.කින් වටපිටවත් නොබලාම කකුල් හරස් කර වාඩිවී ඔහුගෙ අයි පෑඩයෙ කුමක් හො රාජකාරියක නිරතව සිටීයි.
ඒ අතර මට මතක් වූයෙ පෙරදිනකදී පිට් කියූ දෙයකි. සහෝදරයන් තිදෙනාගෙන් හොදම කෙනා කින් බව ඔහු කියා සිටිය අතර මට හැගුනේද ඔහු නිවැරදි බවයි.මන්ද මේ ඇදුමට ඕනෑම අයෙකුගෙ සිත් ඇදගන්නා තරම් දර්ශනීය බවක් ඔහුගෙන් පෙනේ.
සුදු පැහැති කමිසය සහ ඇගට තදට මසා ලේන්සුවක්ද සමග ඇති තද නිල් කෝට් එක ,ඇගේ හැඩයට ඇති කලිසම සහ ඔපදමා ඇති සපත්තු සමග පිලිවෙලකට සකස් කල කොන්ඩය සමග සියල්ලම අංග සම්පූර්ණ ලෙස තිබුණද විශ්වාස කල නොහැකි වුවද මෙ සියල්ල පැරණි වෙලාසිතා වේ.
"මොනවා දිහාද ඔච්චර බලන් ඉන්නෙ ?"
කින් මගෙ දිහා නොබලාම අහද්දි මම ඉක්මනින් ජනේලයෙන් එලිය බලාගත්තෙමි.
'මම බලන් හිටියෙ පිට් කිව්වෙ ඇත්තද කියලා දැනගන්න විතරයි.වෙන දෙයකට නෙවෙයි'
අමාරුවෙන් කෙල ගිලගන්න ගමන් මම මටම කොදුරාගත්තෙමි.
අවසානයේ සුඛෝපභෝගි රථය නැවතුනේ තරු පන්ති හෝටලයක් ඉදිරියේ වු අතර මම දිනපතා මෙය පහු කර ගියද කිසිදාක මෙයට ඇතුලු වීමට හැකි වේ යැයි නොසිතුවෙ එය ආසන්නයට යාමට තරම්වත් වත්කමක් නොතිබු නිසාවෙනි.
කින්ට මෙතන තියෙන රාජකාරිය කවරාකාරයෙ එකක්ද යන්න නොදැන සිටියද ඔහු වටපිට බලන ගමන් අප තිදෙනාට කීවේ ඔහු පසුපසින් පැමිණෙන ලෙසයි.
උඩ තට්ටුවට යාම සදහා විදුලි සෝෆානයට නැගගත් අතර එහි දොර විවර වූ අති සුඛෝපභෝගී බාර් එක දුටු සැනින් මගෙ ඇස් අදහා ගත නොහැකිව බලා සිටියෙමි.
පසුබිම් වාදනය සමග කින්ගෙ ගමන ඉතා තේජවන්ත ලෙස පෙනුන අතර ඉදිරියට ගිය ඔහු කවුරුන් හෝ කෙනෙකුට ආචාර කලේය.
මෙතන සිටියවුන් සියල්ලක්ම විධිමත් ලෙස ඇද පැලද සිටි අතර පිරිමින් ටයි කෝට් දමාගෙනද කාන්තාවන් දිග ගවුම් ඇද ඒවා කෙලවරකින් අලාගෙන සිටියෙ පැටලී වැටේවිදෝ කියා සිතාගෙන විය හැක.
මම වට පිට ඇවිදිමින් සිතුවෙ පෝසත් මිනිසුන්ට බීමට අවැසි වු විට එන්නෙ මෙවන් තැන් වලටදැයි කියායි.
"ඔයා මිස්ටර් කින් දිහා ඇහැ ගහගෙන ඉන්න.මොනම හේතුවකටවත් ඇස් අහකට ගන්නෙපා."
මගෙ ලගට ඇවිදන් ආ ශාර්ප් කීවේය.
"එතකොට ඔයා ? "
"මමත් එයා දිහා බලාගෙන තමයි ඉන්නෙ..තමුන්, ආයෙත් විකාර වැඩ නම් කරන්න එපා."
ඔහු මට අනතුරු ඇගෙව්වද මම ගණනකට නොගෙන පිරිස අතරින් ඉඩකඩ ඇති ස්ථානයකට ඇවිදන් ආවෙ මට පැවරූ රාජකාරි කිරීමටයි.
කෙසෙ හෝ බාර් එක ඉදිරියෙ අසුන්ගත් අතර එය සුවිශේෂ ලෙස සකසා තිබු සේම එහෙ බොහෝමයක් සිටියේ කාන්තාවන් වෙ.
එහි මා දෙස බලා සිටි කාන්තාවන් දෙස බලා සිනා වෙමින් මමද පැනි බැල්මක් දැමු අතර ටික වේලාවකින් එහි බීම රැගෙන ආ වේටර්වරයා මා දෙස බලමින් සිනාසෙමින් උන් කාන්තාවන් පෙන්වූවේය.
මම හිස නමා මද සිනාවක් පාමින් බීම වීදුරුව ගෙන සම්පූර්ණයෙන්ම හිස් කරන අතර මට හැගුනේ පෝසත් මිනිසුන්ගෙ සාන්ද්‍ර බීම ඉතා රසවත් බවයි.
තරුණිය ඉතා ආකර්ෂණීය වු අතර තුන්වන බීම වීදුරුවත් මම හිස් කලෙමි.මම මීට පෙර කිසිදාක රස නොබලා තිබූ තරම්ම ඒවා එකිනෙකට වෙනස් රසයකින් යුක්ත විය.
"මට ඔයත් එක්ක වාඩිවෙන්න පුළුවන්ද?"
තරුණ කාන්තාවක් ආචාර කර අත දිගු කරමින් කීවේ ඇගෙ නම ප්‍රීම් කියායි.
"පෝර්ශ් "
ඇය දිගු කර අත අල්වාගනිමින් මම ඇගෙව්වේ මමද ඇය ගැන උනන්දු වන බවයි.මන්ද මම දිගුකාලීනව සමාජ ශාලාවක සේවය කර ඇති නිසා මෙවන් අවස්ථා වලදි කල යුත්තේ කුමක්ද කියා හොදින්ම දැන් සිටියෙමි.
"අපේ නම් සමානයි වගෙ..අපි ඩ්‍රින්ක් එකක් ගමු."
ඇය සිනාසෙමින් බීම ඇනවුම් කරන අතර මම දත් විලිස්සමින් බලා සිටියෙ ඇගෙ සුරූපී මුහුණ සහ පිරිපුන් ශරීරය දෙසයි.
'අද නම් හොද දවසක් වගෙ පෝර්ශ් .අඩුම තරමෙ අද හිස් අතින් ගෙදර යන්න නැති වෙයි.'
ඒත්...ඇයි මට හිතෙන්නෙ මොනවාහරි අමතක වුණා කියලා...
ආහ්...ඕන හුත්තක් කරගත්තාවෙ...
'ඔක්කොටම වඩා මගෙ ඉස්සරහ තියෙන බීම ගැන මම උනන්දුයි'
මම තරුණිය දුන් බීම වීදුරු එකින් එක හිස් කල අතර ඇය නොනවත්වාම තවත් බීම ලබා දුන්නාය.
මගෙ ඇග හිරිවැටුනාක් මෙන් දැනෙන්නට වුවද මම වඩාත්ම කැමති වූයෙ සුරූපි තරුණියක් ලගින් සිට බීම ගැනීමටයි.
මගේ හිස බමන්නාක් මෙන් දැනෙන්නට වූ අතර යමක් අමතක වු බවක් හැහුනද කිසිවක් මතකයට ආවෙ නැත.
"පෝර්ශ් උඹ අවජාතකයා ..මොකද්ද උඹ මෙ කරන්නෙ?"
කින්ගේ තවත් ආරක්ෂකයෙකු කෑගසමින් මගෙ අතින් ඇද්ද නිසා ඔහු දෙස බැලීමට ඒ දෙසට හැරුනෙමි.
"ඇයි ?"
මම ආපිටම කේන්තියෙන් ඇසූ අතර මෙතෙක් මා අසල සිටි කාන්තාව බිරාන්ත වී මා දෙස බලා සිටියාය.
"මිස්ටර් කින්....ටොයිලට් එක ඇතුලේ ප්‍රශ්නයක්."
ශිට්..
අමතකව තිබුණ දෙය සිහිවූ සැනින් මගෙ ඇස් එලියට පනින්නට තරම් විශාල විය.
මල හුත්තයි...
"ඉතිං ඇයි තමුසෙ ගිහිල්ලා එයාට උදව් කරන්නෙ නැතුව මෙතන බකන් ඉන්නෙ? "
වාඩි වි සිටි තැනින් නැගිට පය ඉක්මන් කර මෙ අපතයා පසුපසින් යන ගමන් ඇසුවද මගේ වටෙ ඇති දේවල් කැරකෙනවාක් මෙන් මට පෙනෙන්නට විය.
"මම ආවෙ උඹට කතාකරන්න"
ඌ දුවන ගමන් කී අතර කිසිවක් පැහැදිලිව නොපෙනුනද ඔහුගේ චායාව පසුපස දුවමින් සිටියදි හදිසියෙම එහි වු මේසයක හැපි ඇද වැටුණු අතර එහි සිටියවුන් පුදුමයෙන් බලා සිටියද මම නැවතත් නැගිට කින් සොයා යන්නට ගතිමි.
නානකාමරයට ඇතුලු වනවාත් සමගම මම දැක්කෙ නාදුනන පුද්ගලයන් තුන්දෙනෙකු විසින් කින්ව අල්ලාගෙන පහර දෙන ආකාරය සහ අනෙකුත් ආරක්ෂකයන්ද දැනටමත් සටන් කරමින් සිටි.
මම ඉක්මනින් පැන විත් කින්ට පහරදෙමින් සිටි පුද්ගලයාට පහර දීමට තැත් කලද මගෙ සමබරතාවය බිද වැටි මගෙ පහර වැදුනේ කින්ගේ
පපුව අසලටයි.
"උහ්..මොනවද තමුන් කරන්නෙ ?"
කෝපයෙන් පුපුරමින් හෑරි බැලූ කින් නැවතත් පිරිස සමග සටන් කරන්නට විය.
වැඩි වෙලාවක් ගත වීමට මත්තෙන් මම පිරිස මැද්දට විත් එකෙකුගෙ ඔලුවෙන් අල්ලා පහර දී ඔහුව බිම දැමු අතර එහි සිටියෙ තුන්දෙනෙකු වුවද මට හය දෙනෙකු ලෙස පෙනෙන්නට විය.
මම ඔලුව මදක් සොලවා සන්සුන් වීමට උත්සාහ ගත් අතර නැවතත් පහර දී තිබුණේ කින්ටයි.
ඔහු නැවතත් හැරී කෑගසන්නට විය.
"උඹ බීලද ඉන්නෙ මිනිහො ?"
ඔහුගෙ කටහඩින් තේරුණේ කේන්තියෙන් පිපිරීමට ආසන්නව ඇති සෙයකි.
"නෑ නෑ.."
මම හිස සොලවා කීවද මට පෙනුනේ කින් අසල ඔහුගේ නිවුන් සොයුරෙකු සිටින බවකි.
"ශාර්ප් හැමදේම හරිගස්සන්න."
සටන අවසානයෙ කින් කියු අතර සියල්ල සකසන තුරු මම බලා සිටි අතර අවසානයේදි කින්ගෙ හෙන්චයියන් මෝටර් රථයට දැමීමට උදව් කර මමද ඊට නැග ගතිමි.
රෞද්‍ර මුහුණ මවාගෙන සිටි කින් කිසිවෙකුත් සමග කතා කිරීමට වෙහෙස වූයෙ නැත.මට හැගුනේ පෙරදි මගෙන් අත්වැරදීමකින් පපුවට වැදුන පා පහර සැලකිය යුතු තරම් ප්‍රභල එකක් වු නිසා ඔහු කේන්තියෙන් සිටින බවයි.
මගෙ හිස හිරි වැටුනාක් මෙන් දැනෙන්න්ට ගත් අතර නැවත යථා සිහියට ගැනීමට හිසට පහර දීමට සිතේ.අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන බිවු ඇල්කොහොල් පෙරට වඩා දැන් තීව්‍ර ලෙස ක්‍රියා කිරීම ආරම්භ කර ඇති අතර නිවැරදි සිහියෙ සිටිය නොහැකි තරම් අපහසුවක් දැනෙන්නට විය.
පෙරදී මීට වඩා බීමත්ව සිටියද මෙතරම් අපහසුවක් නොදැනුන අතර කාන්තාව ලබා දුන් බීම ඒවාට වඩා සැර එකක් වන්නට ඇතැයි මට හැගුණි.
'මමත් මෝඩයෙක් වගෙ ඔක්කොම බිව්වනෙ'
නැවත නිවසට පැමිණියද කින් කිසිවක් නොකියාම ඔහුගෙ කාමරයට ගියද මම බලා සිටියෙ ඔහු බෙරිහන් දෙමින් ඔහුගෙ කාමරයට කතා කරන තුරුයි.
නමුත් කිසිදු හඩක් නොනැගුනු තැන මත් ගතිය සහ කරකැවිල්ල සමග ඉදිරියට ගොස් දොර අරිනවාත් සමග සුපුරුදු පරිදි මා අපේක්ෂාවෙන් ඔහු බලා සිටියේය.
"මට...සමාවෙන්න.."
ඔහු කෑගැසීමට ප්‍රථම මම කීවේ වරද මගෙ බව හොදින්ම දන්නා නිසාවෙනි.
"උඹ මොන මගුලක් කරනවා කියලද හිතන් ඉන්නෙ?"
කින්ගෙ හඩ කාමරය පුරා දෝංකාර දෙන්නට වු අතර මම කන හෙමින් අතගෑවෙ කන් අඩි පුපුරාවිදෝ වු බිය නිසාවෙනි.
"සමාවෙන්න ...මම.."
කියන්නට ගිය සියල්ල මගින් නවතා හිසෙහි වු කරකැවිල්ල සමග මා ඉදිරියේ බලා සිටින රූපයෙ හැඩ සිතින් වර්ණනා කරන්නට පටන් ග්තිමි.
'පලල් උරහිස් වලට ගානටම මැච් වෙන කෝට් කමිසය, තද කලිසමට කැපිලා පේන දිග කකුල්...'
එකවරම මට දැනුනේ ඇස් පියවී ගොස් ඇග පුර විදුලු සැරක් වදින්නාක් මෙනි.
'ඕහ් ශිට්..මෙ හිර ඇදුම මගෙ හුස්ම හිර කරන්න වගෙ'
මම බොත්තම් ගලවමින් ඇදුම් ඉවත් කිරීමට පටම් ගත්තෙමි.කලු පැහැති කලිසමද ගලවා ඉවත් කල පසු ඉතුරු වූයෙ යට කලිසම පමණකි.
කින් බලා සිටියද මම ගණනකට නොගත්තෙ දෙදෙනාම පිරිමින් නිසා ගැටලුවක් ඇති නොවන නිසාවෙනි.
'කොහොම උනත් මට සීයට දාහක් ශුවර් මම පට්ට සෙක්සි කියලා '
"මොන විකාරයක්ද තමුන් කරන්නෙ මෙ?"
රෞද්‍ර දෑස් මගෙ සෑම ඉරියව්වක් දෙසම බලා සිටියද මම ඇදුම් සියල්ල ඉවත් කරන තුරු නොනැවතුනෙමි.
තව දුරටත් ශරීරය දරා සිටීමට නොහැකි බව තේරුම් ගිය නිසා කින් පෙර දාක වාඩිවීමට තහනම් කල සෝෆාවටම මම බර වී වාඩි වීමි.
"මම පොඩ්ඩක් වාඩි වෙනවා.මගෙ ඔලුව රිදෙනවා ."
"තමුසෙට අඩුමගානෙ පසුතැවීමක්වත් නැද්ද මෙ ගැන?"
ඔහුගෙ හඩෙ පෙර තිබූ ප්‍රාණවත් බව වියැකි ගොස් කොදුරන්නට වු නිසා මම හැරී කින් දෙස බැලුවෙමි.
ආපසු හැරි බලන විට දුටුවෙ කින් තවමත් මගෙ දෙස බලමින් ඇසි පිය ගසන අතර ඔහුගෙ මුහුණෙ පෙර තිබූ කෝපය පහව ගොස් ඇති බවක් පෙනෙන්නට තිබුණි.මම සිතුයේ ඔහු පෙර පරිදිම බැන වැදීමට සූදානම් වන බවක් වුවත් සිදු වූයේ වෙනත් දෙයකි.
"මොනවා දිහාද ඔයා බලන් ඉන්නෙ?"
මම මෘදුව ඇසුවද ඔහු තවමත් පිලිමයක් ලෙස මා දෙස බලා සිටියි.
පිලිතුරක් නොලැබුනු තැන මම සිතුවෙ ඔහුගෙ පැනයට පිලිතුරක් බලාපොරොත්තුවෙන් බලා සිටිනවා යැයි කියායි.
"අර්‍රර්‍ර...මට සමාවෙන්න..ඒත් මට මෙ වෙලාවෙ කරකැවිල්ල වගෙ."
"ඔයාට ගොඩක්ම රස්නෙයි නම් ඔක්කොම ගලවලා දාන්න.තමුසෙට ඇත්තටම හොද පෙනුමක් තියෙනවනෙ."
ඔහුගෙ වචන වලට මම කට කොනින් සිනාවූයේ ඔහු ඇත්තටම මාව අගයනවාදෝ කියා සිතාගත නොහැකිවයි.
"මම ඔක්කොම ගැලෙව්වට කමක් නැද්ද ? ඇයි ඔයා ඕක කලින් නොකිව්වෙ?"
මම කලු පැහැති කෝට් එක ගලවා බැද තිබූ ටයි පටියද ඉවත් කර සුදු පැහැති කමිසයද ඉවත් කලෙමි.
කින් සිටින නිසා ඇදුම් ගැලවීම මදක් ලැජ්ජාශිලී දෙයක් වුවද මෙ ඇදුම් ඇත්ත වශයෙන්ම ඇද සිටීමට ඉතා අපහසු ඒවා විය.
සියල්ලම අවසන් වන තුරුත් කින් නිශ්ශබ්දව මා දෙස දෑස් යොමා සිටියේය.
ඇයි මූ අද මෙච්චර කරුණාවන්ත වෙන්නෙ?
"මටත් ඔයාව පාවිච්චි කරන්න පුළුවන්..."
මගේ ලගට ලං වන අතර කොදුරමින් ඔහු කීවේය.
මූ කොයි වෙලාවෙද මෙච්චර ලගට ආවෙ?
ඔහුගෙ තියුණු මුහුණ ඉතා ආසන්නයෙන්ම සිටි නිසා මම ඉක්මනින් වෙනතක් බලාගත්තෙමි.
"හහ්... මොකද්ද මාව පාවිච්චි කරනවා කියන්නෙ? කොහොමද මාව පාවිච්චි කරන්න හදන්නෙ? මම තවත් නම් කෝපි මැෂින් එක පාවිච්චි කරන්න නම් යන්නෙ නෑ..."
පෙර සිදුවීම නිසා කෝපි යන්ත්‍රය තවත් මගෙ මනසේ හොල්මන් කරන්නට විය.
'අද මම මත් වෙලා ඉන්න නිසා කොහොමටවත් කෝපි හදන්න නම බෑ'
"ම්ම්ම්...ඔයාට ආයෙ එහෙම කියන්න තරම් මම නිර්භීත නෑ."
කින් පිලිතුරු දුන්නේය.
තත්පර කීපයක් දෑස් වසා නැවත විවර කරන විට කින් තවත් මගෙ ලගට පැමිණ සිටි අතර එය ඔහුගෙ හුස්ම පවා මගෙ ඇගෙ වදින තරමටම ලං විය.
ඔහුගෙ ඇස් දෙස බලා සිටින විට මම එහිම අතරමං වු අතර වෙනතක් බැලීමට නොහැකි තරමටම ඒවා ආකර්ෂණීය විය.
මට මගෙ මුහුණෙන් තද උණුසුමක් දැනෙන්නට වු අතර මම දෑතින්ම මුහුණ පිරිමැද්දෙමි.
අපොයි...මගෙ ඇග රත් වෙනවා...ගොඩක් රස්නෙයි..මේක නම් මහ වදයක්..මොක්ද්ද මෙ වෙන්නෙ..
"ඒ ගැන හිතුවම....ඇත්තටම ඒක මගෙ වරදක්.."
මම හෙමීට හූල්ලමින් කී අතර ඊලග මිනිත්තුවෙ සියල්ලම අදුරු වී ගිය අතර සිදුවූ කිසිවක් මම දන්නෙ නැත.
************************************************
අද සම්පූර්ණ චැප්ටර් එකම දුන්නා.අනිත් ඒවා ටිකක් පරක්කු වෙයි හොදේ 🌚
❤️❤️❤️❤️
ReplyDelete