Skip to main content

තේරීම (¡¡ කොටස ) | පස්වන පරිච්ඡේදය

 ඔයා හොදින්ද ?"

පි'චැන් පෝර්ශ්ගෙන් අසන අතර ඔහුව නැවත රැගෙන ගොස් සෝෆාවෙ වාඩි කරවීය.


"ඔයාගෙ තාත්තා කිව්වෙ එයාව ඔයගෙ ආරක්ෂකයා කරගන්න කියලා මිසක් මරලා දාන්න කියලා නෙවෙයි "

 

 


( පෝර්ශ් දේජා වූ )


මම ගැඹුරින් ආශ්වාස කල අතර මෙම පවතින තත්වය හමුවෙ ඔහුගේ ස්තීර බැල්ම තවත් මාව කම්පනයට පත් කරයි.

මා දෙස බිය උපදවන ලෙස බලා සිටි මරණයේ දූතයෙකු පෙන් පෙනෙනා පුද්ගලයාගෙ බැල්මෙන් අනිච්ඡානුගවම මගෙ හුස්ම සිර වන්නට විය.මා වටා සියල්ල නිශ්චල වීගෙන එන මෙන් දැනුනු අතර මා ඉදිරියේ සිටි පුද්ගලයා පෙර වුන් කෙනාට වඩා වෙනස් අයෙකු විය.

කවුරුන් හෝ මාව නැවතත් සෝෆාව වෙත රැගෙන ආ අතර , මගේ බෙල්ල හිරිවැටී ඇති බවක් දැනුනි.ඔහුගේ දිගු ඇගිලි වලට සිරවූ වේදනාව මට දැනුනේ දියේ ගිලී මිය යාමට ආසන්නව හුස්ම සිරවන ලෙසයි.


"කින් සහ ඔයා අතරෙ සිද්ද වුණෙ මොනවද කියලා මම දන්නෙ නෑ , ඒත් ඒ වෙනුවෙන් මම සමාව ඉල්ලනවා. "


 ගැඹුරු හඩ පැමිනි දෙස බැලීමට උත්සාහ කලද මට හැගුනේ මගේ විඤ්ඤාණය ශරීරයෙන් වෙන්වී පවෙන බවකි.සිදුවූ කිසිවක් වටහා ගත නොහැකි අතර මෙ මොහොතේ මා දන්නෙ නිහඩ , බිය උපදවන් සුලු මැදි වියේ පුද්ගලයෙකු මා ඉදිරියේ වාඩි වී ඇති බව පමණි.

 

"ඉස්සෙල්ලම මේක බීලා ඉන්න "

නොනැවතීම පැවති කැස්ස හේතුවෙන් උගුර වියලී වේදනාකාරි වු නිසා මම ප්‍රතික්ෂේප නොකර ජලය පන්ය කල අතර එය ගල යන විට දෑස් වසාගත්තේ උගුරට සහනයක් දැනුන නිසාවෙනි.

 

"මට ආරංචි වුණා ඔයා මට වැඩ කරන්න කැමති නෑ කියලා ?"


 මම නැවතත් හිස එසවූයේ ඉදිරියේ සිටින පුද්ගලයා කව්රුන්දැන් දැකගැනීමටයි ඔහු වාඩිවී සිටින ආකාරය සහ කතකරන ආකරය අනුව පෙනෙන්නේ මෙහි වඩාත්ම බලවත් සහ ගෞරවනීයම පුද්ගලයා ඔහු බවයි.මම හිතන්නෙ මේ කින්ගෙ තාත්තා.

 

"නෑ "

මම අපහසුවෙන් වුවද ගොරෝසු ලෙස පිලිතුර දුනිමි.

 

 " ඇයි ?"

ඔහු සැනෙකින් ඇසුවේය.


"මට මගේ ජීවිතේ අවුල් කරගන්න ඕන නෑ.ඒක ගොඩක් අවදානම් වගේම මහ පටලැවිල්ලක්."


දැන් කින් ඔහු ගැන මගෙ අදහස් වෙන්ස් කර ඇතත් මට ඒ ගැන සිතීමට් අවැසි නැත.


"ඔයාගේ ජීවිතේට තර්ජන එන්න ගත්තෙ ඔයා මුලින්ම කින්ව බේරගත්ත දවසෙ.ඒගොල්ල කින්ට කලා වගෙ ඔයාට නොකර ඉදීවිද ?මම හිතන්නෙ ඊට වඩා දේවල් කරන්න ඉඩ තියෙනවා ."


ඔහුගෙ දැස් මා දෙසටම් යොමු කර් සන්සුන් ස්වර්යෙන් ඔහු කීය.


"ඔයා අදහස් කරන්න හදන්නෙ මොකද්ද ?"

 

මම අපිට ඇහුවෙ මගෙ ජීවිතේ අනතුරෙ වෙන්නෙ කොහොමද කියලා .ඒ මිනිස්සු මට මොනව කරන්නද ? ඇත්තටම අද මගෙ ජීවිතේ මෙ විදියට අපායක් වෙලා තියෙන්නේ කින් නිසා .


 රට පුරා ඉන්න හොදම බොක්සින් ශූරයන් එක්ක සටන් කරලා දිනලා තියන ඔය වගේ විශිෂ්ට කෙනෙක් , ඇත්තටම ඔයා හිතනවද කොහොමවත් ඔයාට යන්න දේවි කියලා ?"


 මොනවා ගැනද මේ කියන්නෙ කියලා මම දන්නෙ නෑ.කවුද කවදාවත් මට යන්න නොදෙන්නෙ ?කොහොමහරි මම දන්නව මේ මට ඒත්තු ගන්නන්න උත්සාහ කරන බවක් නම්.


 "නෑ... මම තාමත් ඒක කරන්න ඕන නෑ."


 "මට ආරංචි වුණා ඔයා ආතීගෙ බෑනා කියලා ඇත්තද ?"


 "ඔයා එකඟ නම්, ඔයාගෙ ජීවිතය ආරක්ෂිතයි "


"මට එයගෙන් වැඩක් නැ.ගිහිල්ලා එයාව මරලා දාන්න්.ඔයා මෙ විදියට මට ඒත්තු ගන්න්න්න උත්සාහ කරනව නම් අමතක කරලා දාන්න්.මොකද ඒකෙන් වැඩක් වෙන්නෙ නෑ.


 "හොඳයි, ඔයා⁣ගෙ ජීවිතය අවුලෙන් අවුලට යයි ඔයා මේක පිලිගන්නෙ නැති නිසා ."


ඔහු සැහුල්ලුවෙන් සෝෆාවට බරවී වාඩි විය මට තාමත් සිහි වන්නෙ මාව මේ තැනට පත් කල මගේ මාමා සහ කින්.මේ හැමදේම ඒ දෙන්නා නිසයි.


 "ඔයා මට සමාව දෙනවා නම් , කරුනාකරලා කින්ට කියන්න ආයෙමත් මගෙ වටේට ඉන්න මිනිස්සුන්ට කරදර කරන්න එපා කියලා ."


නමුත් ඊලගට ඇසුනු වචන කීපයෙන් මම ක්ෂණිකව හැරී බැලුවෙමි.


"කින් ඒක නොකලත් වෙන කෙනෙක් හරි කරයි.ඒ වෙද්දි ඔයාට මීට වඩා අමාරු වෙයි.මට ආරංචි වුණා ඔයාට මල්ලි කෙනෙකුත් ඉන්නවා කියලා "


"මගෙ මල්ලිව මේ දේවල් වලට පටලගන්න එපා. "


"නෑ... මම ඒ වගේ දේවල් කරන්නෙ නෑ "


කින්ගේ මෙන්ම මහලු මිනිසාගෙ විශිෂ්ට සිනහව මම සිතනා දෙය නිවැරදි බව මට පසක් කරන්නක්  මෙන් විය.


"....

ඒත් ඔයා මේ වැඩේ බාරගත්තොත් මම ඔයාට මාසෙකට පනස්දාහ ගානෙ ගෙවන්නම්.ඒක ඔයාට පහසුවක් වේවි.නැත්නම් ඔයාටයි මල්ලිටයි ඉස්සරහට අමාරු කාලයක් කරගන්නද ඕන ?."

 

ඉවසිය නොහැකි පීඩාකාරි වදන් , මා දෙස දුර්වල ලෙස බලා සිටින කිසිදු සලකුණක් නොමැති ,කියවීමට අපහසු ඇස් පවසනා දෙයට ප්‍රතිලෝමව සමානුපාතික බවක් පෙනුණි.

 

 "මගෙ මල්ලි මෙ දෙවල් වලට කැමති නැ.මල්ලි දුක් වෙනවට අකමැති නිසා මට මේක කරන්න ඕන නැ."

මම අවංකකම කීවේ කිසිම වරදක් නොමැතිවද මම සහ මා වටා පිරිස නිරතුරුවම ගැටුම් වලට මුහුන දීමට සිදුවන නිසා .

 

"ඔයා වගෙ දක්ෂයෙක් ලේසියෙන්ම මැරෙන්නෙ නෑ.ඔයා හිතනවද මල්ලිට හොද ජීවිතයක් ගත කරන්නෙ කොහොමද කියලා.ජීවිතේ සහ මරණය ගැන හිතන්න කලින් මම ඔයාට තව යෝජනාවක් ගේන්නම්.ඔයා ඒකට එකග නම් මම පොරොන්දු වෙන්නම් ඔයාගෙ මල්ලි උපාධිය දක්වාම ඉහලම පෙලේ පාසලකට යවලා කරදරයක් නොවි හොදින් බලාගන්නව කියලා ."

 

මට සිතාගත නොහැක්කෙ ඔහුගෙ යෝජනව පෙරට වඩා ප්‍රභල ඇයිද යන්නයි.ඒත් ඇයි මේ මිනිස්සුන්ට මාව මේ තරම් අවශ්‍ය ? ඒ මට හොද ආත්මාරක්ෂක උපක්‍රම සහ සටන් කලා හැකියාවක් තියෙන නිසාද ?


 "මට ඇත්තටම ඔයාව ඕන නිසා මේ යෝජනාව පිලිගන්න.ඔයාට මගෙන් මොනවාහරි තව ඉල්ලන්න තියෙනවාද ?"


"...."

ඔහු දෑත් විහිදා සංඥා කලේ අවැසි දෙයක් වේ නම් පවසන ලෙසයි.


"මට මගේ ගෙදර ආපහු ඕන "

 මොකද ඒක ආපහු ගෙවාගන්න බැරි බව මම දන්නවා වගේම මම ඒක කිව්වෙ මොකද කියලත් මම හොදින්ම දන්නවා.කොහොම වුනත් ඔහුගෙ ප්‍රතිචාරය මාව පුදුමයට පත් කලේය.


 "ඔව්...මට දැන්ම ඒක ඔයාට ආපහු දෙන්න පුළුවන්."


මට මෙය අදහාගත නොහැකි සේම චකිතයක්ද ඇති වූයෙ ඉල්ලීම පහසුවෙන් පිලිගත් බියජනක ලෙස පෙනෙන නමුදු කරුණාවන්ත පුද්ගලයා ගැන මා වරදවා තේරුම් නොගත්තේ නම්, ඔහු මට බෙහෙවින් ආදරය කරන බවයි.


 "ඔයාට තව මොනවා හරි ඕන දෙයක් තියෙනවාද?"

"ම්ගෙ පඩිය පනස්දහසක් නෙවෙයි.මම ඉල්ලුවෙ බාට් මිලියනයක් ?"


"වාව්...ඒක ගනන් වැඩිනෙ.අසූ දාහක් පිලිගන්න කැමති ද?


ඔහු සිනාසෙමින් පවසන විට මා නිරුත්තර විය.පෙරදී සොම්නසින් පිරීතිබු පරිසරය නැවත සන්සුන් වන්නට විය.මට හැගුනෙ මා ඉදිරියේ සිටිනා මේ ප්‍රභාමත් මිනිසා මගේම තාත්තද කියලා.ඔහුගෙ උච්චාරණ විලාශය සහ හැඩරුව ,ඇස් තාතගේ සහ මගේ මල්ලිගේ රැව සිතේ මැවුනේ මෙ මිනිසාගෙ කාරුනික කම නිසාවෙනි.

මට මතකයි මම තාත්තගෙ සොහොන ඉදිරියේදි පොරොන්දු උනා මල්ලිට කරදරයක් නොවී බලාගන්නවා කියලා.නමුත් දැන් තාත්තගෙන් උරුමන්වුණ ගෙදරවත් අපිට නැ.

ඔහු පැවසූ දේ ගැන සිතමින් ඔහුගේ දෑස් දෙස බැලුවෙ මට තවත් අවශ්‍යතා කීපයක් ගැන සාකච්ඡා කිරීමටයි.


 "මම ඒ හැමෝගෙම නායකයා වෙන්න ඕන "

 ප්‍රධාන ආරක්ෂකයා යමක පැවසීමට සූදානම් වුවද කින්ගේ පියා ඔහු වැලැක්වීය.


"හා.හ්..හා..කොහොමත් එහෙම කරන්න තමයි මම හිතන් හිටියෙ "


සියල්ලටම වඩා ප්‍රධාන ආරක්ෂකයා කෝපයෙන් සිටි අතර කට කොනෙන් සමච්චලයට සිනාවන්නට විය..හහ් ..මෙ ජයග්‍රහණයෙන් සෑහීමකට පත් නොවී කොහොමද ? 

 

"අනිත් දේ තමයි මට ඔය වගේ විකාර ඇදුම් අදින්න බෑ.මට සාමාන්‍ය විදියට ඇදුම ඇදන් ඉන්න ඕන ?"

 

"මොන විදියෙ රස්සාවක්ද ඔයා කරන්න හිතන් ඉන්නෙ ? ආරක්ෂකයෙක්ද නැත්නම් සමාගම් සභාපතුවරයෙක්ද ? හහාඅ...මම ඒකට කැමති ."


ඔහු මා දෙස බලමින් මහ හඩින් සිනා වන්නට වු අතර එය කෙතරම් සැහැල්ලුවෙන්ද කිවහොත් මම  හිත හදාගෙන නැවත ඇසුවෙමි.

 

"ඉතිං ..මට එහෙම ඉන්න පුළුවන් ද ?"


 "ඔව්..නමුත් ගෙදරදි විතරයි .මොකද පිටතදි හැමෝවම එක වගේ පේන්න ඉද්දි ඒක හොදයිනෙ. "

"ම්ම්ම්ම්...."

"හරියටම කිව්වොත් ඒ වෙලාවෙ වගේද ?


එතකොට තමයි මතක් උනේ ආරක්ෂකයෙක් වෙනව කිව්වෙ කින්ගෙ ආරක්ෂකයෙක් වෙන එකද ?

 

"කින් මාව මැරුවොත් ?"


"මම මොනම වෙලාවකවත් එයාට එහෙම කරන්න ඉඩ තියන්නෙ නෑ "

 

"මම කොහොමද විශ්වාස කරන්නෙ ඔයා මගේ මල්ලිව ආරක්ෂා කරන එක සහ මගේ නිවස ආයෙ දෙනවා කිව්ව පොරොන්දුව ඉෂ්ට කරයි කියලා."

 

"හහ්...ඔයා දැනටමත් දැනගන්න ඇති මම මොන වගේ කෙනෙක්ද කියලා .මෙ වෙනතාක් මම පොරොන්දු කඩ කරලා මගෙ ගෞරවයට හානියක් කරගෙන නෑ.ඉතිං තව මොනවද මම කියන්න ඕන ?"

 

ඔහු ස්ථීර හඩින් කීවේය.මෙය දේපල අයිතිවාසිකමක් නොවූවත් ඔහු අසල නිහඩව වාඩිවි සිටිනා කින් අවජාතකයට වඩා ඔහුගෙ පියා විශ්වාසවන්ත ලෙස පෙනෙන්නට විය.


මම තවමත් සියල්ල විශ්ලේෂණය කරමින් සෙවූවේ මෙම රැකියාව භාර නොගෙන සිටීමට හේතුවකි.


 "ඔයාගෙ මල්ලි සනසන්නයි ආරක්ෂා කරන්නයි ඔයාගෙ ජීවිතේ කැප කරනවා නම් ඒක අවදානම්..ඒ නිසා මේක කරන්න "

 

 "... ...මට තව හිතන්න ඕන."


මට මෙ දේවල් ගැන හිතන්න තව ටික කාලයක් ඕන.මෙ වෙලාවෙ මම ආතතියට පත්ව සිටින අතර මෙය පිලිගැනීමට මට අවශ්‍ය නැතත් පිලිගැනීමට මා පොළඹවයි.චේ හොදින් කාල බීලා සතුටින් ඉන්නවා මට බලන්න ඕන.නමුත් දැන් මට සිහි වෙන්නෙ ඔහු දුකින් අඩමින් කල් ගෙවන ආකාරයයි.මෙලෙස තීරණ ගැනීම වඩාත්ම අපහසු විය.


 "ඔයා මට උත්තරයක් දෙන්නෙ සලස්වනවද ?."


මම මගේ හිත හදාගන්න කලින් මට මතක් උනෙ මගෙ මාමා.ඔහුව අමතක කල යුතු වුවද අඩුම ඔහු විතරයි මගේ තාත්තාගෙ සහෝදරයා.


"මට තව දෙයක් ඉල්ලන්න පුළුවන් ද? ..."


 ඔහු මට කියන ලෙස සන් කළේය.


"ඔයාට පුළුවන් නම් මගෙ මාමගෙ ණය ගන්න එක ටිකක් පරක්කු කරන්න පුළුවන් ? "


 "අනිවාර්යෙන්ම."


 සිනාසෙමින් ඔහු කීවේය.


 "හෙට..... හෙට මම උත්තරයක් දෙන්නම්."


අනතුරුව මම යතුරූ පැදිය රැගෙන ආපසු පැමිණෙන අතර නැවත් නැවතත් හිස වටා සියලු ප්‍රශ්න කැරකෙන්නට විය.මම කල යුත්තේ කුමක්ද ?

මම තෝරගන්න දෙයින් අනාගතය වෙනස් වනු ඇත.මම එකග නම් මගෙ මල්ලිගෙ ජීවිතේ මීට වඩා යහපත් එකක් වනු ඇත.නමුත් මම නෑ කිව්වොත් , මට අලුත් රැකියාවක් සොයා නිවස බේරා ගත යුතුය.ආති සමග බැදීම් ඉවත් කල පසු සියල්ල අපිට දුශ්කර විය.අහෝ...මා තෝරා ගත යුත්තේ කුමක්ද ?



 [ කුන් කෝර්න් සහ කුන් චෑන් අතර සංවාදය ] 


(කුන් චෑන් යනු කුන් කෝර්න්ගේ ලේකම් වේ.)


 "ඇයි ඔයා එයාට එච්චර ගානක් දෙන්න කැමති උනෙ ? එයා ඉල්ලනවා වැඩියිනෙ.  විශිෂ්ට මිනිසුන්ට තියෙන්නේ එකම විකල්පයක් විතරයි නෙවෙයි කියලා පෙන්නන්න. ”


 “මමත් මුලින් හිතුවේ එහෙමයි. ඒක අමාරුයි නම්, මම කැමති නෑ එයාට නරක දෙයක් වෙනවට."


"ඉතින්, මොකක් නිසාද?"


 "මොකද මම දන්නවා පෝර්ශ් කියන්නෙ කාගෙ  පුතාද කියලා...."






Comments

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-