Skip to main content

හතරවන පරිච්ඡේදය | ශිඑ යුන්

චෝ ෆෙයි වයස අවුරුදු දාහතරක් වූ තවමත් එතරම් ලෝකය පිලිබද බොහෝ දේ දැක නොතිබුණත්, ඇගේ මුළු ජීවිත කාලයට, මෙම නාදුනන්නා විසින් දක්වන ලද තරමේ චිංගොන් හැකියාවක් මින්පෙර කිසිවෙකු තුලින් දැක නොතිබුණි.

ඔහුගේ දෙපා ගැටුණු තැන එක දිය බිඳක්වත් කැළඹුණේ නැත. ඔහු සැහැල්ලු ආත්මයක් මෙන් පාවී ගිය නමුත් ඔහුගේ පියවර අතිශයින්ම නිරවද්‍ය විය. දියෙන් තව තවත් නූල් මතු වෙද්දීත් ඔහු හිතාමතාම ඒවා මග හරින බවක් පෙනුනේ නැත, නමුත් එම එකදු නූලකටවත් ඔහුගේ ඇඳුම්වල දාරයක් හෝ ඉරා ගැනීමට නොහැකි විය.

“මොහු මිනිසෙක්ද ? අවතාරයක්ද ?” මවිතයට පත් චෝ ෆෙයි සිතුවාය.

කෙසේ වෙතත්, ඇයව වටකරගත් නූල් ප්‍රමාණය භයානක ලෙස වැඩිවීමත් සමග චෝ ෆෙයි සිතුවේ , ‘ නූල් වලට හසුවී කැබලි වලට  කැඩී යනවාට වඩා අදුරේ අවතාරයක් පසුපස යාම වඩා හොද බවයි’. ගැඹුරු හුස්මක් ගත් ඇය කළු ඇඳගත් අද්භූත රූපය පසුපස හඹා ගියාය.

ඒ වන විටත් ඉරී ගිය, තෙතබරිත වූ ඇදුමින් චෝ ෆෙයිටත් වඩා කාලකණ්ණි පෙනුමින් සිටි ලී ෂෙන්ට, මේ ජ්‍යෙෂ්ඨය කවුරුන්ද ? කියා ආචාරශීලීව ඇසීමට තරම් සිහිය තිබුණි..

"මගේ නම ශිඑ." කළු හැඳගත් මිනිසා තමා දෙසට තුන් පැත්තකින් එන නූල්වලින් වැළකීම සඳහා සිරුර මදක් හරවා ගත්තේය. මෙම චලනය, සරල වුවද, ලාලිත්‍යයකින් ක්‍රියාත්මක විය . ඔහු සොරෙකුගේ තද ඇඳුම වෙනුවට සාමාන්‍ය ඇඳුම් ඇඳ සිටියේ නම්, ඔහුගේ ඇදුම් වල අත් අලංකාර ලෙස සෙලවීමට ඉඩ තිබුණි.

ශිඑ යුන් ලී ෂෙන්ග් දෙස මොහොතක් බලා කම්මැලි සිනහවක් පෑවේය.

“මට ඡේශ්ඨ කියා අමතන්න එපා, ඒකෙන් මම වයසට ගිහින් වගේ දැනෙනවා”

අඳුරු ආලෝකයේ ඔහුගේ මුහුණ දෙස වඩාත් පැහැදිලිව බැලූ ලී ෂෙන් දුටුවේ මේ ඔවුන්ට වඩා එතරම් වයසින් වැඩි නොවන තරුණයෙකු බවයි .ඔහුට අධෛර්‍යමත් අවාසනාවන්න බවක් දැනුණි. රාත්‍රියේ ප්‍රථම භාගයේදී, ලෝකය තම දෙපාමුල බව ඔහුට විශ්වාසයෙන් දැනී තිබූ අතර, ඔහුට අවශ්‍ය නම් ඔහුට පෘථිවියේ කෙළවරට වුව යා හැකිව තිබුණි,නමුත් දැන්.....

කලු හැදගත් අමුත්තාගේ යෞවනය ගැන චෝ ෆෙයිද මදක් කම්පනයට පත් වුවද, ලී ෂෙන්ට තරම් අවමානයක් , මදිකමක් ඇයට දැනුනේ නැත. ඇය ඔහු පසුපස යද්දී, ඔහුගේ පියවර හොඳින් නිරීක්ෂණය කළාය.ශිඒ යුන් ජලයේ සැගවුණු රකුසාගේ රහස් හොඳින් දන්නා අයෙකු සේ ඉදිරියට පසුපසට නැවෙමින් , පැද්දෙමින් නූල් මගහරින අයුරු දුටු චෝ ෆෙයි විමසුවාය.. . මොනවද මේ නූල් ?”

"මේක ‘චිආන් ජි’ කියලා හඳුන්වන නූල් යන්ත්‍ර වර්ගයකි. ඇත්තටම මමත් ඒ ගැන කියවලා තියෙන්නේ පොත් වලින් විතරයි. ඔබ දෙපලට පින්සිදු වන්නට අද එය සියැසින්ම අත්විදින්න මට ලැබුණා.” ශිඑ යුන් හඩ අවධි කලේය.පැරැන්නන් ද එම නම ඇති විෂ වර්ගයක් භාවිතා කලා බොහෝ කලකට පෙර....”

චෝ ෆෙයිගේ කන් වෙව්ලන්නට විය. මෙම පුද්ගලයා කතා කරන ආකාරය ඇයට අමුතු ලෙස හුරුපුරුදුය .ප්‍රධාන කරුණ ඉස්මතු කර කතාකිරීම් හරියටම ඇගේ අසනීප පියාට සමාන විය.

 

චිආන් ජි ක්‍රියාත්මක වුනාම ජලයෙන් නූල් රාශියක් මතු වෙනවා මේ වගේ. ඒත් ඒක නෙවෙයි මේකෙ තියෙන භයානකම දේ.මීට පසුව තවත් යාන්ත්‍රණයක් ක්‍රිරියාත්මක වෙනවා.ඒක සම්පුර්ණයෙන්ම සක්‍රිය වෙන්න කලින් අපි ඉක්මනින් මෙතනින් පිටත්ව යාම හොඳයි. ගඟ මැද්දෙ තියෙන කුඩා මණ්ඩපය බලන්න....යමෙක් එහි ජීවත් වන නිසා, මගක් තිබිය යුතුයි ... " ශිඑ යුන් ගේ කතාව ඔහුගේ චලනයන්හි වේගයට බලපෑවේ නැත. ඔහු කතා කරමින් පවා, ඒ වන විටත් චෝ ෆෙයිව සහ ලී ෂෙන්ව නූල් අතරින් පිටතට ගෙනැවිත් තිබූ අතර ඔවුන් මණ්ඩපය අසලට පැමිණ සිටියහ.

චෝ ෆෙයි ඇය  පසුකර ආ මාරාන්තික කෙළවර දෙස බැලීමට හිස හරවා බැලුවාය, "ඒක සම්පූර්ණයෙන්ම සක්‍රිය වුනොත් කුමක් වේවිද?....”

චෝ ෆෙයි තම වාක්‍ය ඛණ්ඩය අවසන් කිරීමටත් පෙර මණ්ඩපය වටා තිබූ සෑම ගල් කැටයමක්ම කිසිඳු අනතුරු ඇඟවීමකින් තොරව හදිසියේම පහළට ගිලී ගියේය. ඉදිරියෙන් සිටි ශිඑ යුන්ට පවා අඩියක් පසුපසට ගැනීමටවත් වෙලාවක් තිබුණේ නැත. ඔහු ඒත් සමඟම තම අතේ තිබූ දීප්තිමත් පර්වතය ඉහළට ඔසවමින් අහසට පැන්නේය. දීප්තිමත් පර්වතය දෑතින් ගෙන මැද ගුවනේ කැරකෙමින් තමා ට පිටුපසින් තිබූ ගලක් මතට ඔහු ආරක්ෂිතව ගොඩ බැස්සේය. ඔහු අත දිගු කර චෝ ෆෙයිගේ උරහිසෙන් අල්ලා, ඇයව ඔහුගේ පිටුපසට ඇද්දේය.... නමුත් ඇය නොසැලී සිටියාය.

ඇයට ආහාර ගන්නා කූරු යුගලයක් දෑතින් අල්ලා ගැනීමට හැකි වූ දා සිටම, චෝ ෆෙයිට ලී ජින්රොන් විසින් බැණ වදිමින් සටන් කලාවන් පුහුණු කළ අතර, එය ඇයට හොඳ ශක්තිමත් පදනමක්විය. එබැවින් ඇයගේ මනස සැතපුම් ගණනක් ඈතින් සිටියද යමෙකුට සැහැල්ලුවෙන් එලෙස ඇදගෙන යාම තරමක් අපහසු විය .ඇගේ මනස සම්පූර්ණයෙන්ම අවදියෙන් අවට පරිසරය වෙත යොමු වී තිබෙන විට  ශිඑ යුන්ගේ හදිසි ඇදගෙන යාමෙන් චෝ ෆෙයි විමතියට පත් නොවූවත්, ඇයව මවිතයට පත් කළේ ඔහුගේ අතේ තිබූ අනපේක්ෂිත දුර්වලතාවයයි.

යමෙක් කුමන සටන් කලාවක් ප්‍රගුණ කළත්, එය ශක්තිය හෝ කඩිසර බව හෝ කෙනෙකුගේ දක්ෂතාවල ගැඹුර මත පුරෝකථනය කළත්, කෙනෙකුගේ අත්වල ස්පර්ශයෙන් ඔහුගේ ශක්තිය පිලිබද යම් දුරකට වටහා ගත හැකිය.පුදුමයට කරුණ නම්, ශිඑ යුන්ගේ දෑත් සටන්කරුවෙකුගේ මෙන් නොවී දුර්වල හා කැපී පෙනෙන විද්වතෙකුගේ දෑත් මෙන් වීමයි.

චෝ ෆෙයිගේ සිත පුරා විවිධ සැක සංකා මතු වූ නමුත් ඇයට ඒවා ගැන සිතීමට වෙලාවක් තිබුණේ නැත. මුළු ශීමෝ ගංගාවම නොසන්සුන්ව ගලන්නට පටන් ගත් අතර, ජල මතුපිට දැවැන්ත සුළියක් නිර්මාණය විය, සහ බිහිසුණු නූල් තර්ජනාත්මකව උස් කෙඳිරිලි මාලාවක් නිකුත් කළේය. ශිඑ යුන් හිස සොලවමින් ඔහුගේ මාර්ගයේ නතර විය.

ලී ශෙන් ගේ ස්වරය වෙව්ලා ගියේයඒ..එ මොකක්ද?”

ඇසුණු ලොමු ඩැහැ ගැන්වෙන හඬ නිසා චෝ ෆෙයි ඇගේ හිස හරවා බැලුවාය, ගං ඉවුරේ එක් පැත්තක වූ දැවැන්ත ගල් ජලයට උඩින් සහ පහළින් රැලි ගැසී, ඒ තුලින් ඔවුන් තලා දැමීමට මෙන් නූල්වලින් දැවැන්ත දැලක් උඩින් නිර්මාණය වී ඇති අයුරු ඇය දුටුවාය.ඔවුන් තිදෙනාම නොසන්සුන්ව ගලන දිය පහරවල් තුළ සිටගෙන සිටියේ ඔවුන්ගේ ලෝකය තමන් වටා කඩා වැටෙන ආකාරය බලා සිටින අවාසනාවන්ත කුහුඹුවන් තිදෙනෙකු මෙන් ය.

ඉදිරි ගමන ඔවුන්ගේ ඇස් ඉදිරිපිටම අතුරුදහන් වීමත්, පිටුපස මාර්ගය ඉවත් වීමත්සමඟ, ලී ෂෙන් මළමිනියක් මෙන් සුදුමැලි විය.ඔහුගේ කටහඩේ වෙව්ලුම දෙගුණයකින් ඉහළ ගියේය: ඒක යන්ත්‍රයක් නිසා, අක්‍රිය කරන්න ක්‍රමයකුත් තිබිය යුතුයි නේද ?”

ශිඑ යුන් නැවතී සන්සුන්ව කල්පනා කළේය. "හ්ම්, මට හිතන්න දෙන්න..."

ලී ෂෙන්ට දැනුනේ ඔහු පිස්සු වැටෙන්නට ආසන්න බවයි. ‘ මේක හිත හිත කාළෙ නාස්ති කරන්න පුලුවන් වෙලාවක්ද ? ඔබට පිස්සු හැදිලද?”

චෝ ෆෙයි කෙසේවත් ඇගේ මරණය බලාපොරොත්තුවෙන් සිටියේ නැත. වචනයක්වත් නොකියා ඇය තම වක් අසිපත එළියට ගෙන බලහත්කාරයෙන් එක් නූලකට පහරක් ගැසුවාය.

 

ලී ෂෙන් කෑගැසුවේය: "ඔබ මොකද කරන්නේ, ෆෙඉ?"

ඇගේ ඒ පහරින් ගිනි පුපුරු විසිවිය.නමුත්පහරින් නූලට කිසිදු හානියක් නොවී, නූල පරිපූර්ණව තිබූ අතර, ඇගේ අසිපත් තලයෙහි ඉරිතැලීමක් දිස් විය. චෝ ෆෙයිගේ පහරට ප්‍රතිචාර වශයෙන්, ඇය වටා තිබූ නූල් ප්‍රචණ්ඩ ලෙස වෙව්ලමින්, කන් පැලෙන ලෝහමය කෙඳිරිලි හඬක් ඇති කළේය. මේ මහා ගංගා මෘගයා තනියම ව්‍යර්ථ කිරීමට උත්සාහ කළ මේ නූගත් තරුණියට ඔවුන් සමච්චල් කරන බවක් පෙනෙන්නට තිබුණි.

ඔවුන්ගේ පාදවලට යටින් ඇති ගල්, හිසට ඉහළින් ඇති දැවැන්ත නූල් දැල සමඟ සමගාමීව චලනය විය, ඔවුන් වටා ඇති අඳුරු ජලය තර්ජනාත්මක ලෙස දිස්විය. ලී ෂෙන්ගේ දණහිසට පහළින් ඔහුගේ පාද දෙක ජලයෙන් යට විය. ජලය ඇටමිදුලු පවා මිදෙන ත්‍රමට අදික ශීතල විය. ලී ෂෙන්ගේ මනස හිස් වූ අතර, ඔහුගේ හිස තුළ තනි සිතුවිල්ලක් පාවී ගියේය. ‘මම මෙහි නෑවිත් සිටිය යුතුව තිබුණා

ශිඑ යුන් යන්ත්‍රයෙන් නිකුත් වන ශබ්ද කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින් සිටියේ අවට ඇසෙන වෙනත් කිසිදු හඬකට අවදානය යොමු නොකරමිනි. චෝ ෆෙයි තවත් නූලකට පහර දීමට සැරසෙන විට, ඔහු හදිසියේම එක් නූලක් පෙන්වමින් කෑගැසුවේය. "ඒක ඉලක්ක කරන්න!"

චෝ ෆෙයි , ශිඑ යුන්ගේ උපදෙස් නොදැනුවත්වම පාහේ අනුගමනය කරමින්, ඇගේ වක් අසිපත ඉහළට ගෙන, ඇය මීට පෙර ලී ෂෙන් සමග සටනේදී යොදා ගත් දකුණු කඳුකරයට පහර දීමේ පියවරම යෙදුවාය.

ඇගේ තලය මීදුම අතරින් ගොස් නූලේ ගැටුණු අතර වසර දහයකට වැඩි කාලයක් චෝෆෙයි විසින් භාවිතකල වක් අසිපත , ලෝහගැටෙන ඝෝෂාවක් සමග කැඩී, එහි තුඩ ගඟට වැටී එහි ඉතිරි අසිපත් කොටස පුරා ඉරිතැලීම් ජාලයක් පැතිර ගියේය.

එම නූල චෝ ෆෙයිගේ පහර දීමෙන් දෙපසට පැද්දුණු අතර, විශාල වට ප්‍රමාණයකින් යුත් ගලක් තිදෙනා ඉදිරිපිටම හදිසියේම ජලයෙන් මතු විය. පහළට ගමන් කරන නූල් හා ඊට සමගාමීව ඉහළට ගමන් කරමින් තිබූ ඔවුන් නැගී සිටි දැවැන්ත ගල යන දෙකම, ඔවුන් තිදෙනාටම කෙටි විවේකයක් ලබාදෙමින් නතර විය.

ඔවුන් තිදෙනාම හුස්මක් ඉහලට අදිමින් නිහඬව නූල් සහ ගල් අතර ඇති වූ සියුම් සමතුලිතතාවය දෙස දෑස් දල්වාගෙන බලා සිටියේය. අවසානයේදී, ශිඑ යුන් පළමුව කතා කළේය, "අඩුම තරමින් මගේ අනුමානය එක්වරකට හෝ නිවැරදි වුනා."

චෝ ෆෙයිගේ වක් අසිපත ඝට්ටනයක් සමග කැඩී ගල් මත වැටී ජලයට පෙරළී ගියේය. ඇයට දැනුනේ සියලු ශක්තිය තම දෑතින් ඉවත් වූවාක් මෙනි.

ලී ෂෙන් බියට පත්විය ,ඔබට මොකක්ද  වුනේ? ඔබ හොදින් නේද ?

චෝ ෆෙයි වෙහෙසට පත්ව බියෙන් සිටියද, ඇය එය පෙන්වීමට අකමැති වූවාය, තවමත් වීරකමක් කලාක් මෙන් ඇයට සියුම් ආඩම්බරයක් දැනුණි.

ශිඑ යුන් නොසැලකිලිමත් ලෙස තම ඇදුම සකස් කර ගනිමින් සිනහවක් පෑවේය.දැන් කලබල වෙන්න ඕනෙ නැහැ, මෙතරම් විශාල කලබලයක් අනිවාර්‍යයෙන්ම බළකොටුවාසීන්ව මේදෙසට ගෙන්වාගනීවි

ශිඑ යුන් සැහැල්ලු සිනහව එලෙසම තබාගනිමින් ඔහු අසල සිටි, අසාමාන්‍ය ලෙස දක්ෂතා ඇති තරුණිය දෙස හොඳින් බැලුවේය. .මෙම ජල ශාක ආත්මයක් මෙන් පෙනෙන කෙල්ල ඇත්තෙන්ම ආකර්ශනීය බව හදිසියේම ඔහුට දැනුනි. ඇගේ ආමන්ඩ් හැඩැති ඇස් සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා ටිකක් දිගු වූ අතර කෙළවර අලංකාර ලෙස වක්‍ර විය. ඇය දෑස් විශාල කර බලන විට, ඇගේ බැල්මේ පැහැදිලි බව නිසා ඇය ටිකක් අහිංසක බවක් පෙනෙන්නට තිබුණත්, ඇය දෑස් පහත් කරන විට, ඇය තුලින් නපුරු බවක් පෙනෙන්නට තිබුණි.

ශිඑ යුන් ඇසුවේය , "ඔබේ නම ෆෙයි?”

චෝ ෆෙයි පිළිතුරු දීමට පෙර, අවසානයේ තම හුස්ම අල්ලා ගැනීමට හැකි වූ ලී ශෙන් හඩ අවදි කලේය . "මේ මගේ බාල ඥාති සහෝදරිය, ඒක ඇයගේ අන්වර්ථ නාමයයි, අපි ඇයව ගෙදර හඳුන්වන්නේ එලෙසයි.

ආගන්තුකයෙකු විසින් තවදුරටත් ඇසීම අශික්ෂිත බව වටහාගත් ශිඑ යුන් මහත්මා විලාසයෙන් සිනහවකින් පමණක් පිලිතුරු දුන්නේය. ලී ෂෙන් ඔහුගේ දෑත් එකට බැඳගෙන ශිඑ යුන් දෙසට වැඳ වැටුණේය.ශිඑ සහෝදරයා ඔබේ උදව්වට බොහෝම ස්තූතියි. අපිට අද දිවි ගලවා ගන්න හැකි වුවහොත්, ඔබේ කරුණාව කිසිදා අමතක නොවීවි.අනාගතයේදී ඔබට කවදා හෝ අපගේ සහය අවශ්‍ය නම්, දුෂ්කරතා හෝ අනතුර කුමක් වුවත් අපි එය ලබා දීමට වග බලා ගන්නෙමු.”

චෝ ෆෙයිගේ ච්‍යංචොන් නිකායට ආවේණික ‘ කදුකරයට පහර දීම ‘ තුලින් , සියලුම නූල් සම්බන්ද තාක්ෂණය බළකොටුවට ච්‍යංචොන් නිකායෙන් ලැබී ඇති බවත්, චෝ ෆෙයි හා ලී ශෙන් දෙදෙනා නිකායේ ගෝලයන් බවත් ශිඑ යුන් උපකල්පනය කළේය. ලී ශෙන්ගේ ස්වරය ගෞරවනීය වුවත්, ඔහු තවමත් තමා ගැන කල්පනාකාරී වන බව දුටු ශිඑ යුන් ඔහුගේ සම්පූර්ණ නම හෙළි කිරීමට තීරණය කළේය: මගේ නම ශිඑ යුන්. මම ඔබේ ගෞරවනීය බළකොටුවට ලිපියක් භාර දීමටයි පැමිණීයෙ. මෙහි පැමිණි පසු, මට මගක් සොයාගත නොහැකි වුනු නිසයි, මම මෙම මාර්ගය තෝරාගත්තේ , මම ආවෙ කිසිම අයහපත් චේතනාවකින් නෙවෙයි.

ලී ෂෙන් පිළිතුරු දුන්නේය.ඔබේ ලිපිය භාර දීමට අවශ්‍ය කාටද?

ශිඑ යුන් ප්‍රතිචාර දැක්වීමට පෙර, තර්ජනාත්මක නූල් සෙමින් සෙමින් සෙමින් ජලය යටින් බැස යන විට ගඟ දෙපස පහන් ආලෝකය දැල්වීය. යූ මහල්ලා සහ ලී ජින්‍ රොන් අවසානයේ පැමිණියහ.

ලී ජින්රොන් ගඟ අසලට දිව යන විට භීතියෙන් ඇවිළී සිටියාය. ඇය දුටු දර්ශනයෙන් ඇයට තම දෙපා පණ නැතිවී යන බවක් දැණුනි.යන්ත්‍රය නතර කරන ලෙස නියෝග කරන විටත් දරුවන් දෙදෙනා ජීවතුන් අතර සිටින බවට ඇය එතරම් බලාපොරොත්තු තබා තිබුණේ නැත. එහෙත් ඇය එය පෙන්වීමට අකමැති වූ අතර, ඔවුන්ව තමා විසින්ම සොයාගැනීමට පැමිණීයාය. දඩබ්බරයන් දෙදෙනා නිර්පද්‍රිතව ගඟ මැද සිටගෙන සිටිනු දුටු විට, ඇගේ දෑස් රතු වූ අතර, සැබවින්ම ඇගේ හුස්ම හිර විය.

ශිමෝ නදියේ සිදු වූ කෙස් පැලෙන දර්ශනය ගැන ලී යාන් තවමත් සම්පූර්ණයෙන්ම නොදැන සිටියාය. එක් අයෙකු දැඩි කරදරයකට පත් වීමට නියමිත බව දැන සිටි ඇය, ලී ජින්රොං පසුපස හඹා ගියාය.

 යූ මහල්ලා තම උඩු රැවුල කරකවමින් , ගග මැදට වී ලැජ්ජාවට පත්ව සිටි දරුවන් දෙදෙනා දෙස බැලුවේය, අලුත් පරම්පරාව පැරණි පරම්පරාවන් ඉක්මවා යනවා, සෑම පරම්පරාවක්ම පෙර පරම්පරාවට වඩා ශක්තිමත් ය.මේ පුංචි වීරයෝ දෙන්නා ඇත්තටම කදිමයි.”

නැන්දා!සහ අම්මා!ලෙස ලී ෂෙන් සහ චෝ ෆෙයි එක්වරම කෑ ගැසූහ.මරණයෙන් යන්තම් බේරී, ඔවුන් නිහතමානීව ඔවුන්ගේ දඬුවම් බලාපොරොත්තුවෙන් සිටියහ.ලී ජින් රොන් ගේ හදවත දරුණු කෝපයකින් යුතුව නැවතත් ඇගේ පපුවට තදින් පතිත විය. ඉඩ ලැබුනේ නම්, ඇය ඔවුන්ගේ හිස් දෙක ගඟේ ඔබනු ඇත.

කෙසේ වෙතත්, ඔවුන් අතරේ පිටස්තරයෙකු සිටීම නිසා ඇය මදක් සංයමයෙන් සිටියාය.ලී ජින් රොන් ශිඑ යුන් ගේ ඉහල සිට පහලට නෙත් යොමමින් ඔවුන් වෙතට සමීප වූවාය. තරුණයා කඩවසම් වූ අතර ගෞරවනීය බවක් තිබුණි.

ලී ජින් රොන් තම දෑත් එකට තබා ශිඑ යුන්ට ආචාර කලාය ඔබේ උපකාරයට බොහෝ ස්තූතියි. මම ඔබව ඇමතිය යුත්තේ කෙසේද? ”

ශිඑ යුන් නැවතත් තමාව හඳුන්වා දී සිනහවක් පෑවේය, ජ්‍යේෂ්ඨයෙකුට එතරම් ආචාරශීලී වීමට අවශ්‍ය නැහැ. මම මෙතන පසුකරයමිනුයි සිටියේ , ඇත්ත වශයෙන්ම, මම වඩි දෙයක් කලේ නැහැ. තරුණියගේ කඩු හරඹයටයි බොහෝ ණයගැති වියයුත්තේ.”

ශිඑ යුන් ගේ ගෞරවනීය බව හා ආචාරශීලී බව හමුවේ වුවත් ලී ජින් රොන්ට තවදුරටත් ඔහු පිලිබද විස්තර ඇවිස්සීමට සිත් විය. "මේ කොටසේ කඳු පමණක් තිබෙන නිසා , අපේ ගෝලයන් බොහෝ දුරට නොකඩවාම මේ දෙසට අවදානය දෙන්නේ නැහැ. ඔබ නිසැකවම රාත්‍රියේ ගඟට පැමිණියේ ගංගා දර්ශනය භුක්ති විඳීමට විය යුතුයි? "

ඒ වන විට, ලී ෂෙන්ගේ භීතිය පහව ගොස් ඔහු හොද සිහියට පැමිණ සිටියේය.ඔහුට ලී ජින්රොන්ගේ ස්වරයෙන් කිව හැක්කේ ඔවුන්ගේ අනපේක්ෂිත ආගන්තුකයා ගැන ඇයට සැක සහිත බවයි.ඔහු නැන්දණියට ඇති වරදවා වටහාගැනීම් දුරු කිරීමට උත්සාහ කලේය."නැන්දා, ශිඑ අයියණ්ඩි පැමිණියේ අපට මඟ පෙන්වීමට..."

ලී ජින්රෝන්ගේ සීතල බැල්ම ලී ෂෙන්ව නිහඩ කිරීමට සමත් වූ අතර ලී ශෙන් තම බැල්ම චෝ ෆෙයි දෙස හැරවීය. නමුත් චෝ ෆෙයි ඊටත් වඩා කතා කිරීමට මැලි වූවාය.

ලී ජින්‍ රොන් තමා පැවසූ දෙයින් අපේක්ශිත පිළිතුරක් නොලැබුණු නිසා ඇය නැවත ශිඑ යුන් ඇමතුවාය."ඇත්තටම, ඔබේ උපකාරය නිසා හතලිස් අටේ බළකොටුවේ සියලු දෙනා නිසැකවම ඔබට නැවත ප්‍රතිඋපකාර කිරීමට බැදී සිටිනවා, ඔබට අපෙන් වියයුත්තක් තිබේ නම් අපට හැකි සෑම අයුරකින්ම අපිට උපකාර කල හැකියි."

ශිඑ යුන් මුලින් සිතුවේ අද රාත්රියේ තමාට ඇදහිය නොහැකි තරම් නරක දිනයක් බවයි. ඒ නිසා ඔහු ජින් රොන්ගේ වචන සමග පුදුමයට පත් විය, වාසනාව අවසානයේ පැමිණ තිබේද?

ලී ශෙන් හා චෝ ෆෙයි , ච්‍යංචොන් නිකායේ ගෝලයන් බව පෙරදී ශිඑ යුන් උපකල්පනය කර තිබුණි.ඔවුන් මේ කාන්තාවට ‘නැන්දා’ සහ ‘අම්මා’ යැයි කියනු ඇසූවිට ඔහු සිතුවේ ඇය කරුණාවන්ත ඡේයශ්ඨ කාන්තාවක් බවයි.ඇය , රාත්‍රියේදී සිහි කිරීමෙන් පවා කුඩා දරුවන් අඬවන්නට සමත් ජනප්‍රවාදගත ලී ජින්රොන්බව ඔහුගේ සිතට කිසි සේත් නොපැමිණියේය.

හතලිස් අටේ බලකොටුවෙහි ලී ස්වාමිදුව හැර වෙනත් කෙනෙකුට තම කාර්යය ගැන පැවසීමෙන් හානියක් නොවන බව තීරණය කළ ශිඑ යුන් අවංකවම කතා කලේය."යමෙක් මට ලබාදුන් ලිපියක් භාරදීමටයි මා මෙහි පැමිනියේ. හතලිස් අටේ බලකොටුවට මෙතරම් ඉහළ ආරක්ෂාවක් ඇතැයි මමසිතුවේ නැහැ. මෙවන් අශෝභන ලෙස සොයාගත් මග හැරුණුකොට මට වෙනත් විකල්පයක් තිබුනේ නැහැ. ඔබතුමිය මට දොස් නොකියාවි කියා සිතනවා මම”

විශ්වාසදායක නොවන, බාහිර පුද්ගලයින්ට හතලිස් අටේ බළකොටුවට ඇතුළු විය නොහැකි බව සත්යයකි. ඔහු ඇය සමඟ අවංකව සිටින බව වැටහුණු, ලී ජින් රොන් ශිඑ යුන් ඇමතුවාය, "එය එතරම් දෙයක් නොවේ, කරුණාකර ඔබට ලිපිය ලබා දීමට අවශ්‍ය කාටද කියන්න? මට ඔබ වෙනුවෙන් ඒ තැනැත්තා මෙහි ගෙන්වා ගත හැකියි. "

ශිඑ යුන් පිළිතුරු දුන්නේය. “ ගන්ටැන් සාමිවරයා [1] තවමත් හතලිස් අටේ බළකොටුවේ සිටිනවද?”

මෙම නම තරුණ ගෝලයන්ට බැලූ බැල්මට නුහුරු විය. නමුත් චෝ ෆෙයිට ඇගේ හදවත ගැහෙන බව දැනුනි. ඇයට මේ ගැන හොඳ හැඟීමක් තිබුණේ නැත.

ලී ජින් රෝං ඇවිදීම නතර කළාය. ඇය ශිඑ යුන් දෙස නොබලාම බොහෝ කලකට පසු මෘදු ස්වරයෙන් කතා කලාය. "ඔහු හතලිස් අටේ බලකොටුවේ හි සිටින බව ඔබට කීවේ කවුද?

ශිඑ යුන් පිළිතුරු දුන්නේය: "ලිපිය යැවීමට මට භාර දුන් පුද්ගලයා."

ලී ජින්රොන් කියවිය නොහැකි බැල්මකින් ඔහු දෙසට හැරුනි "ඒ පුද්ගලයා ඔබට බොරු කියනවා නම් කුමක්ද කරන්නේ ?"

ශිඑ යුන් සිතුවේ හතලිස් අටේ බලකොටුව සහ තක්කඩි උතුරු රාජවංශයේ අධිරාජ්‍යයා දිවුරුම් දුන් සතුරන් වූ බැවින්, දකුණු රාජවංශයේ වැදගත් චරිතයක් වූ ඔහුට ලිපිය භාර දුන් තැනැත්තාට පෞද්ගලික හේතු තිබිය හැකි බවයි. ඔහු සත්‍යය කතා කිරීමට තීරණය කළේය.ඔහු මට අතිශයින්ම වැදගත් දෙයක් භාර දුන්නා. ඔහු මට බොරු කියනවානම් ඔහු එතරම් වටිනා දෙයක් මට ලබා නොදේවි.”

ලී ජින් රොන් විමසුවාය. ඒ පුද්ගලයා ඔබට තව මොනවද කිව්වේ?”

ශිඑ යුන් මොහොතක් කල්පනා කලේය. ආහ්, ඔහු මීට වසර ගණනාවකට පෙර ගෞරවනීය ලී ස්වාමිදුව සමඟ යම් වැරදි වැටහීමක් ඇති කරගෙන , කොහොමවුනත් , මේක එතරම් විශාල ප්‍රශ්නයක් නොවන නිසා, කාර්යබහුල ලී ස්වාමිදුවට මෙයින් කරදර නොකිරීමට කැමතියි”

චෝ ෆෙයි , "...."

ලී ෂෙන් ,  "..."

තමා අවට සිටි ගෝලයන් අතර නොසන්සුන්කාරී නිශ්ශබ්දතාවයක් ඇතිවන විට තමා වැරදි දෙයක් පැවසූ බව ශිඑ යුන්ට වැටහුනේය. ඔහුගේ හදවත හදිසියේම වේගයෙන් ගැහෙන්නට වූ අතර, ඔහුගේ මනසෙහි සිතිවිල්ලක් මතු විය. ඔහු මේ කාරුණික හා මෘදුජ්‍යෙෂ්ඨයා දෙසට අවිශ්වාසයෙන් හැරුණේය.

ලී ජින්‍ රොන් අඩ සිනහවකින් ඔහු දෙස බලා සිටියාය. "ලියං ෂාඕ මා සමඟ ඇති කරගත් ‘වැරදි වැටහීම’ කුමක්දැයි ඔබට හරියටම කීවේ නැද්ද?"

ශිඑ යුන් , "..."

කෙනෙකුගේ අවාසනාව ශ්‍රේණිගත කළ හැකි නම්, පිට පිට තුන් වතාවක් ප්‍රථම ස්ථානය ලබා ගැනීමට තරම් අවාසනාවන්ත බවක් ඔහුට තිබෙන්නට ඇතැයි ශිඑ යුන් ට හැඟී ගියේය.

"ලියං ෂාඕගේ නම මා ඉදිරියේ  සඳහන් කිරීමම පමණක් ප්‍රමාණවත් මට ඔබව එක පහරකින් මරා දැමීමට." ලී ජින්රොන්ගේ මුහුණේ සිනහව අතුරුදහන් විය. සෑම වචනයක්ම අවධාරණය කරමින් ඇය කතා කලාය. ඒත්, ඔබ මගේ දුව සහ බෑණනුවන් බේරාගත් නිසා, අපි සමබරයි. නුඹ ගෙනා 'ඇන්පිං ටෝකනය' භාර දෙන්න, මම ඔබට නිදහසේ යන්න දෙන්නම්."

ශිඑ යුන් පියවරක් පසුපසට තැබුවේය. ඔහු තවමත් මේ තත්වයන් යටතේත් සිනාසීමට සමත් වූ අතර, සන්සුන්ව ලී ජින්රොං ගෙන් විමසුවේය, එහෙනම් මේ ජ්‍යෙෂ් ඨයා ඇත්තටම උතුරු රාජවංශයේ  ප්‍රබන්ධ කතාවල එන බිය උපදවන ලී ස්වාමිදුව.අද ඔබව හමුවීමට හැකිවීම විශාල ගෞරවයක්. මම ඔබේ අණට අකීකරු නොවෙමි. නමුත් ඔබ ඇන්පිං ටෝකනයට කරන්නේ කුමක්දැයි මට විමසිය හැකිද, මම එය ඔබට භාර දිය යුතුද? ”

ලී ජින් රොන් ඇය හිටගෙන සිටි ලිහිල් ගලක් මත ඇගේ පාදය ගැසූ අතර, එය ක්ෂණිකව කුඩු වී ගියේය.

ශිඑ යුන් හිස වැනුවේය, "ඇත්තටම. වැඩිහිටි ලියැං අභාවප්‍රාප්ත වුණා.එයා මැරෙන්න කලින් මට ඇන්පිං ටෝකනය භාර දුන්නා. මම එය කෙලින්ම ගංටැන් සාමිවරයාගේ අතටම භාර දෙන බවට ඉහළම අහසට සහ නිරයේ ගැඹුරටමදිවුරුම් දුන්නා. එය තුන්වන පුද්ගලයෙකු අතට පත්වීමට මම ඉඩ දෙන්නේ නැහැ.

'වැඩිහිටි ලියැංගේ අභාවප්‍රාප්ත වීම ' ලී ජින්රොන්ව තත්පරයකට මවිතයට පත් කළ අතර, ඇයට ඒවා විශ්වාස කළ නොහැකි බවක් පෙනෙන්නට තිබුණි. මෙම කෙටි පැකිලීමේ මොහොත ශිඑ යුන්හට ඔහුගේ පියවර ගැනීමට හොදම කාළය විය. එක්වරම අහසට පැන හුළඟක් මෙන් ඈතට පාවී ගිය ඔහු තත්පරයකටත් අඩු කාලයකදී මීටර ගණනාවක් ගමන් කර තිබුණි!

ලී ජින්රොන්ග් කෝපයෙන් කෑගැසුවාය: "ඔහුව අල්ලගන්න!"

ලී ජින්රොන්ග්ගේ දිගු අත් ඇය කතා කරන විට සෙලවීය. ඇය තවමත් සමස්ත තත්වය ගැන ව්‍යාකූලව සිටියද, ඇගේ මව ශිඑ යුන්ව එක පහරකින් මරා දමන ආකාරය ඇයට සරලව බලා සිටිය නොහැකි බව චෝ ෆෙයිට දැණුනි. එහි ප්‍රතිවිපාක ගැන පසුව සිතා බැලිය හැකි බව තීරණය කළ ඇය වියරු පියවරක් ඉදිරියට තැබුවාය.

ලී ෂෙන් ඉක්මනින් ඇයව පසුපසට  ඇද්දේය. චෝ ෆෙයි විරෝධය දැක්වීමට පෙර, ලී ෂෙන් කෙඳිරිගාමින් දුර්වල ලෙස "නැන්දා, මම..." යනුවෙන් කෑගසනවා ඇයට ඇසුණි.

ලී ශෙන් මඳක් පැද්දෙමින්, වහා බිම ඇද වැටුණි.

ලී ශෙන් ගේ හදිසියේ රග දැක්වුණු රංගන කුසලතාවයන් හමුවේ චෝ ෆෙයි මවිතයට පත්වූවාය. ඇය ඔහුත් සමඟම පාහේ බිම වැටුණාය.

පරිවර්තන සටහන්...

ගන්ටැන් සාමිවරයා [1] - පුරාණ චීනයේ මිනිසුන්ට ඔවුන්ගේ සැබෑ නම්, පසුව අන්වර්ථ නාම මෙන්ම නිල නාමයන්ද තිබුණි. මෙහිදී, චෝ ෆෙයිගේ පියාගේ නම චෝ යීටෑන් ය, ඔහුගේ අන්වර්ථ නාමය චෝ කන් ය, සහ ඔහුගේ නිල නාමය ගන්ටැන් ය.



Comments

  1. අවුරුදු 14යි? 🥲 වෙනස් නේද මේකත් ඩ්‍රාමා එකට වඩා?

    ReplyDelete
  2. 😎❤️ හැබැයි අනිත් ටිකනම් කියවද්දි ඩ්‍රාමා එකමයි මැවිලා පේන්නෙ. ❤️

    ReplyDelete
  3. Ane me kThawe kotas 4k when tharaida thawama upload karala thiyenne? Nathnam thawa thinawda? Mata anith ewa open wenne nane

    Kohoma unath... lasanai kathawa.. ♥️♥️

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-