(කින් දේ ජා වු )
මා කකුල් හරස් කර දෑත් සෝෆාව මත තබා වාඩිවි මකර කැටයම් කොටා ඇති ලී දොර දෙස බලා සිටියෙ නුරුරේදිම යුද්දයක් ඇති කිරීමට සිටිනා චන්ඩියා පැමිණෙන තුරුයි.
"එයා ඇවිල්ලා"
බිග් විශාල දොර විවර කර නිවේදනය කලේය.කුතුහලයෙන් වටපිට බලමින් උස රුවක් ඇතුලු විය.තද නිළ ඇදුමට ,සුදු කමිසයට යටින් කොටා ඇති පච්චය දෙස මට දෙවරක් බැලීමට තරම් කැපී පෙනෙන අලංකාර එකක් විය.ඔහුගෙ දැස් නිවස වටපිටාවෙ එහෙ මෙහේ කඩිනමින් දුවන්නට විය.
"වාඩිවෙන්න"
බි ඔහුගෙ උරහිසෙන් තල්ලු කර බලහත්කාරයෙන් මා ඉදිරියෙහි වු සෝෆාවෙ වාඩිකරවු පසු කිසිවෙකුත් කතා නොකල අතර කාමරය පුරා දැඩි නිහැඩියාවකින් පිරී යද්දි අපි එකිනෙකා දෙස බලා උන්නෙමු.
"ඔයාට මොනවද ඕනෙ ?"
ඔහු සිහින් හඩින් විමසද්දි ඔහුගෙ දෑස් වල පෙරදා තිබූ විශ්වාසවන්ත බව චකිතයකට හැරවිනි.ඔහු පිටිපසින් වුන් කලු පැහැති මුහුණු ආවරණ පැලද වුන් ආරක්ෂකයාට ඔරවාගෙන සිටි අතර ඔහු සිටියෙ බියකින් බව පැහැදිලිවම කිව හැකිය.
"ඇවිල්ලා මම වෙනුවෙන් වැඩ කරන්න "
මම ඔහු දෙස බලාගෙනම කීවෙමි.
"මට බෑ "
ඔහු රළුව පැවසීය.
"හහ්....ඔයා මම හිතුවට වඩා හිතුවක්කාරයිනෙ "
මම සිනාසෙමින් ඔහුගේ ස්වභාවය දෙස බලා හැසිරීම නිගමනය කිරීමට උත්සාහ කලෙමි.
පෝර්ශ් මුරණ්ඩු ගති ඇති ආක්‍රමණශීලී අයෙකි.ඔහු ඔහුහේ අභ්‍යන්තර හැගීම් අන් අයගෙන් සැගවීමට උත්සාහ දරන බවක් ඔහුගෙන් පෙනේ..මම තාමත් වයස අවුරුදු විසි ගනන්වල අයෙකු වුවත් මිනිසුන් දෙස බලා ඔවුන් කවරාකාරයෙ අයෙකුද යන්න පැවසීමට ඉගෙන ගතිමි.
"ඇයි ...ඇයි ඔයා මෙහෙම කරන්නෙ ?"
"හහ්...මම මොකද්ද කරේ ?"
මම කට කොනින් සිනාසෙමින් ඇසුවෙමි.
"ඔයා මගෙ ලග ඉන්න අයට කරදර කරලා හැමදේම අවුල් කරනවා, ඔයා මගෙ පස්සෙන් පන්නලා මෙ හැමදේම කරන්නෙ මම ඔයාට වැඩකරන්න ඕන නිසාද ?"
"අහ්... ඔව් මම එහෙම කරා "
"තමුසෙ මම වැඩ කල තැන පවා විනාස කරලා දැම්ම නිසා මාව අස් කලා "
"ඔයා මාව රැවැට්ටුව නිසා පාඩමක් උගන්නන්න ඕන වුනේ මට"
මම ඇහිබැමි ඔසවා කීවෙමි.
"මගෙ වටෙ ඉන්න අයට කරදර කරන්න එපා..."
"මම එහෙම නොකලොත් ? ඔයා මගෙ ලග වැඩ කරන්න එනවද ?"
ඒක හරියට උගුලක් වගේ.මොකද පෝර්ශ් වගෙ කෙනෙක් බලෙන් පාවිච්චි කරන්න හැදුවොත් කවදාවත් කැමති වෙන්නෙ නැ.
මාව වැරදිය තේරුම ගන්න එපා, මම ඔහුට ඒත්තු ගැන්විමට උත්සාහ කලේ ඔහු සමග කටයුතු කිරීම ඉතා අපහසු බැවිනි.මම ඔහුව ගැනීමට මෙතරම් දුරක් යන්නෙ ඔහු මට අමාරු කාලයක් ලබා දුන් නිසා ඔහුට පාඩමක් ඉගැන්වීමට අවැසි නිසාවෙනි.
"ඇයි මමම? ඇයි ඔයා මට මෙච්චර නරක විදියට සලකන්නෙ ?
"මොකද මම වගේ කෙනෙක්ට දෙයක් ඕන උනොත්, කොහොමහරි ලබාගන්නවා "
එය කියා මම විරිත්තනවිට ඔහු මා දෙස බලා සිටියේය.මම දන්නවා ඒ වචන ආත්මාර්ථකාමී , නමුත් ඇත්ත ඒකයි.මොකද මගෙ තාත්තට ඒ තරම් බලයක් තියෙන නිසා මම හැදුනෙ ඒ වගෙ සැපපහසු වටපිටාවක.මට යමක් අවශ්‍ය වු විට එය මා වෙනුවෙන් සූදානම් කරනවා.
ඒ වගේම ලබාගන්න අමාරු දෙයක් වෙනුවෙන් මහන්සි වෙන එක එය අයිති කරගැනීමෙ උනන්දුව වැඩි කරනවා හැරියට මෙ මොහොත වගෙ.
"ඇයි මම ඔයා කියන විදියට වැඩ කරන්නෙ ?"
"මම ඔයාට කියන්නම්, මම වගෙ කෙනෙක් අමනාප උනොත් ඔයා හිතන්නෙ ඔයාට මොනවා වෙයි කියලද ?"
"තමුන් කවුරු කියලද හිතන් ඉන්නෙ මෙච්චර ආත්මාර්ථකාමී විදියට කතාකරන්න ?"
පෝර්ශ් එකපාරටම නැගිට්ටත් මගෙ ආරක්ෂකයන් සියලු දෙනා ඔහුව වටකරගත් විට ඔහුගෙ දෑස් බියෙන් නැවත සෝෆාව දෙසට යොමු වෙය.ඔහු කොතරම් ශක්තිමත් වුවද කම් නැත.මෙය මගේ ස්ථානය බැවින් ඔහු කලබල ඇති කිරීමට එඩිතර නොවේ.තවද ඔහු වටකරගත් ආරක්ෂකයින් දස දෙනා දකින විට ඕනෑම අයෙකු බියවීම ස්වභාවික දෙයකි.
"පෝර්ශ් මම දන්නවා ඔයා බල කරනවට කැමති නෑ කියලා.ඒත් ඔයා හොද කෙනෙක් ,මට ඕන වුනේ සැහැල්ලුවෙන් කරන්න.
මම මගේ ආකල්ප වෙනස් කර බරපතල ලෙස පැවසුවෙමි.
"මට ඒක කරන්න බෑ "
ඔහු නැවත මුරණ්ඩු ලෙස කීය.
"හැමෝම එලියට යන්න"
මගේ ආරක්ෂකයින් පිටත් කර තනිව සාකච්ඡා කිරීමට සිතුවෙ ඔවුන් සිටින විට මගේ යෝජනාව ඉදිරිපත් කිරීම ඔවුන් දැන නොගතයුතු නිසාවෙනි.
"ඒත් කින් කින්...."
බිග් විරුද්ධ වුවත් ඉවත් වන ලෙස මම දෑසින් අණ කලෙමි.
"හේයි..තමුන්..., කින්ට ආයෙම රිද්දුවොත් මම අනිවාරෙන් තමුන්ව මරනවා"
කාමරයෙන් පිට වීමට පෙර බිග් පෝර්ශ් දෙස බලා අනතුරු ඇගවුවේය.කලකීරීමට පත් පෝර්ශ් අසල වූ සෝෆාවට පයින් ගසමින් ශාප තියන්නට විය.
"ඇත්තටම තමුසෙයි ,තමුසෙගෙ මේ ජරාවයි...."
"හේයි , මම ඇත්තටම ඔයාගෙ නිර්භීතකමට කැමති "
මම හිස වනමින් කීවෙමි.
"මම ආයෙත් කියන්නම්, මම ඕන ඇත්තටම ඔයා මම වෙනුවෙන් වැඩ කරන්න .ඒ වගෙම ඔයාම කියන්න ඔයාට කොච්චර දීමනාවක් ඕනද කියලා ."
පෝර්ශ්ට මුදල් අවශ්‍ය බැවින් ඔහු මෙය පහසුවෙන් පිලිගනී යැයි මම සිතුවෙමි.
".....මාසෙකට මිලියනක්, ඔයාට පුළුවන් ද?"
එයා හිනාවෙලා කිව්වා.
"හරි ශෝක් , මම මේ වෙලාවෙ ඔයාට දෙන්න ඕන මොනවද "
"මම යථාර්ථය ගැන හිතුවා,ඔයාට මාව ඕනෙම නම් ,මම හිතන්නෙ මාසෙකට මිලියනයක්. පාපන්දු ක්‍රීඩකයෙක් මාසෙකට මිලියන දහයක් උපයනවා.ඒ නිසා මම හිතන විදියට මිලියනය නිවැරදි "
ඔහු වාඩිවි සිටි ඉරියව්ව වෙනස් කර වඩා සැහැල්ලුවෙන් ,සුවපහසුව අසුනට හේත්තු විය.
හ්ම්ම්ම්....දැන් එයා හිතනවා ඇති සාකච්ඡා කරගන්න පුළුවන් වෙයි කියලා .
"ඒත් ඔයා පාපන්දු ක්‍රීඩකයෙක් නෙවෙයිනෙ.ඔයා හිතාගෙන ඇති මාසයක් මෙතන වැඩ කරලා ගෙදර නිදහස් කරගෙන පැනලා යන්න."
ඔහු හැරී බලන විට මුහුණෙ තිබූ නොසැලකිලිමත් පුදුම සහගත භාව ප්‍රකාශනය ගැන මම පුදුම නොවෙමි.මොකද මම හැමදේම කියවන්න පුළුවන්.මේ වෙලාවෙ මගෙත් එක්ක පැටලෙන්න නම් හිතන්නවත් එපා..!
"එහෙනම්...මට බෑ..."
"මට පුදුමයි ඔයා සමාජශාලාවක දවසට බාට් තුන්සිය පනහක පඩියෙන් ගෙදර බේරගන්න කොච්චර කල් සල්ලි එකතු කරන්නද ?ම්ම්ම්ම් අවුරුදු දහයක්...නැත්නම් හතලිහක්..? මට නම් හිතාගන්න බෑ කොච්චර කලයක් යයිද කියලා ."
මම දැනටමත් ජයග්‍රහණය කර ඇති බව හැහේ.
"මට මගේම ක්‍රමයක් තියෙනවා "
"ඔයාගෙ ක්‍රමයක්..?"
මම නියවමින් ඇමතුමක් ගත්තේ දැනටමත් පෝර්ශ්ගෙ නව රැකියා ස්ථානය ඉදිරියේ සිටිනා මගේ ආරක්ෂකයන්ටයි.
"ඉවරයක් කරන්න "
එය ඇසුනු පෝර්ශ් පුදුමයෙන් මෙන් මා දෙස බලා,
"මොකද්ද තමුන් කරන්නෙ ?"
"ඉවසලා ඉන්න "
මම සෝෆාවෙන් නැගිට කාමරයෙ කෙලවරට ගොස් කෝපි කෝප්පයක් සාදන අතර ඔරලෝසුව දෙස බැලුවෙමි.කාමරය සම්පූර්ණයෙන් නිශ්ශබ්ද වු අතර ඔහු තවමත් දුරකතනය දෙස බලාගෙන පෙර ස්තානයෙම වාඩිවී සිටියි.
රීඊඊඊඊංංංංංං
(පෝර්ශ්ගෙ දුරකතනය නාද විය)
"ඔව් පී'Q "
"මම ඔයාව ජොබ් එකෙන් අයින් කරනවා"
දුරකතනයෙන් ඇසුන ශබ්දය මට පවා ඇසුන තරමට හඩ උස් විය.නැගිටීමට පෙර මහත් කම්පිත සිනාවක් පෑ අතර ඔහුගෙ සිරුර අත් මිට මෙලවී වෙව්ලන්නට විය.ඔහුගෙ රෞද්‍ර දෑස් මා දෙසට යොමු වන දෙස බලා මම සිනාසීමි.
"මකබෑවියන් කින්."
ඔහු කෑගසමින් ඔහුගෙ දුරකතනයෙන් දමා ගැසූ අතර මට එය මගහැරිමට අවැසි වූයෙ නැත.දුරකතනය මගේ ඇහිබැම කෙලවර වැදී ලේ ගලා ආ අතර ඇති වු කෝපය පාලනය කර ගැනීමට නොහැකිව මා ඔහු දෙසට දිව ගොස් එක් අතකින් ගෙල සිර කරගෙනම බිත්තිය දෙසට ඔහුගේ සිරුර තද කලෙමි.ඔහු සිදුවු දෙය ගැන පුදුමයට පත් ඇති බවක් පෙනෙන්නට වු අතර මගෙන් මිදීමට උත්සාහ දරයි.නමුත් අද අනෙකුත් දින වලට වඩා මට ශක්තියක් දැනෙන අතර මගේ කොපය තවත් ඉහල යයි.
"මම තමුන්ට වැදගත් විදියට කතා කරා "
භයානක ලෙස මා පැවසූ අතරම මම ඔහු දෙස කෙතරම් කෝඔඅයෙන් බලා සිටියද යන්න මම නොදනිමි.නමුත් මා තල්ලු කරමින් ඔහු පණුවෙකු සෙ නලියමින් සිටි සේම ඔහුගෙ දෑස් වල වූ ගැහෙන බිය මම දුටිමි.මම මගෙ දැඩි ග්‍රහණය ලිහිල් කල නමුදු සම්පූර්ණයෙන් අතහැරියෙ නැත.
[*කැස්ස ]
"තමුන් මාව විහිලුවකට අරගෙන විකාර නොකරා නම් මම තරහ ගන්නෙ නෑ "
"මම මොනවද කරෙ ?"
"තමුන් වෙන මනුස්සයෙක්ගෙ නමක් කිව්ව , මාව හපලා බෙල්ල තුවාල කරා, මාව මගෑරියා....ඔඅයා මේ දේවල් නොකරා නම් මටත් මෙහෙම කරන්න ඕන නැ ඔයාට.
ඔයා මුල ඉදන්ම මාව තරහ ගැස්සුවා.මම යුනිවසිටි එක පුරාවටමයි, තමුන් වැඩ කර සමාජ ශාලාවෙයි හෙව්වෙ ජොම් කියලා කෙනෙක්.ඒත් එහෙම කෙනෙක් හොයාගන්න බැරු වුණා.ඒ වගේම මේ දේවල් මගෙ තත්වයට හානියක් වුනත් මම ඔයාව හොයාගන්න හැම දෙයක්ම කරා."
"මට ඕන දෙයක් කරන්න මට අයිතියක් තියෙනවා.තමුන්ට ඕන විදියට හැමදේම වෙයි කියලා හිතන්න එපා..මොනතරම් මෝඩද .."
ඔහුගෙ අවලාද වලින් මගේ කෝපය තව දුරටත් වැඩි වන අතර මට නොදැනීම මම ඔහුගෙ සිරුර බිත්තියට තද කර ඉහලට ඔසවා ඇත.මගෙන් ඉවත් වීමට ඔහු කෙතරම් උත්සාහ දැරුවද ඵලක් නැත.ඔහුගෙ හුස්ම හිරවී මිය ගියද මටකම් නැත.
"ඉපදුන දවසෙ ඉදන් කිසිම කෙනෙක් මට මෙ විදියට සලකලා නැ "
මම තදින් දත්මිටි කමින් කෑගැසු අතර ඔහුගේ ගෙල සිරකර තිබූ අත ගෙල පොඩිවී යන තරමට වෙව්ලන්නට විය.
"කුන් කින්.... කුන් කින්... ඕක නවත්තන්න... "
ඔවුන් කාමරයට ඇතුලු වූයෙ කුමන මොහොතේ දැයි මම නොදනිමි.පී'චැන් පැමිණ මගේ අත ඉවත් කර ගත් අතර පෝර්ශ්ගේ සිරුර අප්‍රාණික ලෙස බිම වැටුණි.ඔහු ඉතා අපහසුවෙන් හුස්ම ගන්නා අතර මහ හඩින් කහින්නට වූයේ මිය යාමට ආසන්න අයෙකු ලෙසයි.
"මොන මගුලක්ද ඔයා කරන්නෙ ?"
පිටිපසින් තාත්තගෙ හඩ ඇසීමත් සමග වෙව්ලමින් තිබූ අත දැඩි ග්‍රහණයෙන් මුදවා හඩ ආ දෙස බැලුවෙමි
"ඔයා හොදින්ද ?"
පි'චැන් පෝර්ශ්ගෙන් අසන අතර ඔහුව නැවත රැගෙන ගොස් සෝෆාවෙ වාඩි කරවීය.
"ඔයාගෙ තාත්තා කිව්වෙ එයාව ඔයගෙ ආරක්ෂකයා කරගන්න කියලා මිසක් මරලා දාන්න කියලා නෙවෙයි "
[අද චැප්ටර් එක පොඩ්ඩයි 😁👉👈
හොරෙම්ම කියෝලා යනවා නේත 😕💔]
Waiting for next.
ReplyDeleteThank youuuuuuu ❤️ 😍😍😍😍😍
ReplyDelete❤️❤️❤️❤️❤️❤️
ReplyDelete