Skip to main content

06.තව මඟුලක්.

 

මෙම තරුණිය වැඩි සැලකිල්ලක් දක්වන්නේ පිරිමියාගේ ආදායම ගැන බව ෂිඒ චිංචෙං පැමිණීමට පෙර සිටම දැන සිටියේය.අනපේක්ෂිත ලෙස ෂිඒ චිංචෙංගේ වැටුප එතරම් ඉහළ නොවන බව පැවසුවත් ගැහැණු ළමයාට ෂිඒ චිංචෙං ගැන තිබූ උනන්දුවෙහි අඩුවක් නොවුනි.

"ප්‍රොෆෙසර් ෂිඒ,ඔයා නම් හරි නිහතමානී.මේ දවස් වල ඔහොම අවංක මිනිස්සු හොයාගන්න නැහැ".

"....."

"ප්‍රොෆෙසර් ෂිඒටත් හොඳ ටේස්ට් එකක් තියෙනවා නේද.හොඳ චොයිසස් තියෙන මනුස්සයෙක්,එහෙම නේද"?.

"නෑ,මම..".

"ඔයාගේ ඇඳුම් දිහා බැලුවහම ඒක කියන්න පුළුවන්".

"...."

බායි ජිං පැහැදිලි කරන තුරුම ඔහු ව්‍යාකූල වී සිටියේය.

"ප්‍රොෆෙසර් ෂිඒ,ඔයා ඇඳන් ඉන්න ටී ෂර්ට් එක අපේ බ්‍රෑන්ඩ් එකේ එකක්.මුළු හූජෞ වලටම ආව ඕකෙන් සාම්පල් පහක් විතර".

මෙම දිනයේ අසාමාන්‍ය වාතාවරණයට හේතුව හේ යූ ගෙන් ණයට ගත් කමිසය බව ෂිඒ චිංචෙං අවසානයේ වටහා ගත්තේය.

ෂිඒ චිංචෙං දැරියගේ වදන් පිළිබඳ මොහොතක් කල්පනා කළේය.පසුව ඔහු සිහිපත් කළේ හේ යූ ගේ අවතක්සේරුවයි.

"ඒක ආපහු ඕනි නැහැ.මට අනික් අය ඇන්ද ඒව ඇඳලා පුරුදු නැහැ.ඔයා ඒව ඇන්දට පස්සෙ ඔයාට ඒව විසික් කරන්න පුලුවන්.ඒව පරණයි".

"....."

යකාගේ සල්ලිකාරයෝ.

බායි ජිං සිනාසුනාය.

"ප්‍රොෆෙසර් ෂිඒ,මාත් එක්ක අවංක වෙන්න.ඔය වගේ ටීෂර්ට් එකක් ගන්න සාමාන්‍ය මනුස්සයෙක්ගේ අවුරුද්දක පඩියෙන් භාගයක්වත් ඕනි.ඔය වගේ ඇඳුමක් ගන්න පුළුවන් ටික දෙනෙක්ට විතරයි".

"ඔයාට වැරදීමක් වෙලා.මේක මම යාළුවෙක්ගෙන් ඉල්ල ගත්තේ".

"ඉල්ල ගත්තා".බායි ජිංගේ දෑස් විශාල විය.

පසුව බායි ජිංගේ කතාබහ සැලකිය යුතු ලෙස අඩු වූ අතර මෙම දිනයේ ස්භාවය නැවතත් යාතාර්ථවාදී වූයේ බායි ජිං ඔහුගේ කමිසය පිළිබඳ සැබෑ තත්වය දැනගත් පසුවය.

ඔහු පිළිබඳ බායි ජිංගේ තිබූ උනන්දුව ක්‍රමයෙන් පහළ බසින්නට විය.ඇය හා ඡායාරූපයක් ගැනීමට බල කිරීමෙන් පසු ඇය කැමරාව සකසා අතුරුපසෙහි පින්තූරයක් ලබා ගනිමින් කැමරාව තමා වෙත හරවා ගත්තේ තමන්ගේ ඡායාරූපයක් ගැනීමටය.වරින් වර සේවාදායකයන් කිහිප දෙනෙකුගෙන්  පැමිණි පණිවිඩ වලට හඬ පණිවිඩයක් යැවීමට ඇය කිසිසේත්ම පසුබට නොවූවාය.

"මිසිස් ජං,කලබල වෙන්න එපා.අපි ඔයා වෙනුවෙන් ලිමිටඩ් බෑග් එක ඕඩර් කරා.මට තැන්ක්‍යු ගිෆ්ට්ස් එවන්න එපා.මම කොහොමද ඔයාට ඒවට සළකන්නේ".

"මිස්ටර් වන්ග්,ඔයා කලින් පාර ඕඩර් කරපු කිට් එක ඇවිත්,ඔයාට කවද්ද ඒක ගන්න එන්න පුළුවන්.ඔව්,අපි කලින්ම ඒක ඔයාගේ සයිස් එකට හැඳුවා.හැබැයි ඉස්සරහ සෙන්ටිමීටර දෙකක් විතර ෆිට්.කරදර වෙන්න එපා.මම ඒ ඔක්කොම ලියල තියෙන්නේ".

අහාර වේල අවසන් වූ පසු ෂිඒ චිංචෙං බිල ගෙවා දමා බායි ජිං දෙස බැලුවේය.ගැහැණු ළමයා තමාගේ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවකගේ වයසට සමාන විය.ලී නැන්දාගේ පෙරැත්තය නොවන්නට මෙවැනි විකාර ගමනකට ඔහු නිසැකයෙන්ම සහභාගි නොවන්නේය.

"මම ඔයාට ටැක්සි එකක් කතා කරලා දෙන්නම්".

"හරි හරි,තෑන්ක් යූ".බායි ජිං නොසැලකිලිමත් ලෙස පැවසුවාය.

නමුත් මෙම වීදිය ෂැංහයි නගරයේ කාර්‍යයබහුලම වීදි වලින් එකකි විය.ඒ වන විටත් සැන්ධෑ භාගය වූ අතර එම නිසා විදීය වැඩි කාර්‍යයබහුලත්වයක් උපයා ගෙන තිබුණි.හෝරා භාගයක් ගෙවෙන තුරුත් එකඳු හිස් කුලී රියක් හෝ දැකගන්නට නොවුනේය.

ෂිඒ චිංචෙං මතින් බර හුස්මක් ගැලවී ගියේය.

"ඔයාට කමක් නැත්තම්,අපි තව ටිකක් ඉස්සරහට යමු.ඉස්සරහ හංදිය ගාවින් ටැක්සි එකක් ගන්න ලේසි වෙයි".

"අහ්.ඒකට කමක් නැහැ.හැබැයි මට අටට ලයිව් එකක් කරන්න තියෙනවා.වෙලාව සෙට් කරලා තියෙන්නේ,ඒක මිස් උනොත් ෆෑන්ස්ලා අවුල් ගනියි.ඒක ඔයාට ප්‍රශ්නයක් නැහැ නේද".

ෂිඒ චිංචෙං ප්‍රවාහ මෘදුකාංග(streaming software)භාවිතා නොකළේය.නමුත් ෂිඒ ෂිඒ ඒවා භාවිතා කළ නිසා බායි ජිං පවසන දේ පිළිබඳ ඔහු අඩු වැඩි වශයෙන් තේරුම් ගත්තේය.ඔහු අහම්බෙන් ඇසුවේ,

"ඔබත් ලයිව් ස්ට්‍රීමර් කෙනෙක්ද"?

"ඔව්,මම ගොඩක් මහන්සි වෙනවා.ඉක්මනට හරි පස්සේ හරි මම ටොප් ස්ට්‍රීමර් කෙනෙක් වෙනවා".

ෂිඒ චිංචෙං ඇය දෙස බලා හිස වැනුවේය."ඒක හොඳයි.හීනයක් තියාගන්න එක නරක නැහැ.අපි ඉස්සරහට යමු".

"තැන්ක් යූ,ඔයා එච්චර පොහොසත් නැති වුනත් ඔයා හැන්ඩ්සම් නේ".බායි ජිං ඔහුගේ අතේ එල්ලෙමින් සිනාවක් පෑවාය."මම කැම් එක පොඩ්ඩක් ඔයාගේ පැත්තට හැරෙව්වට කමක් නැද්ද,ලස්සන පිරිමි දකින්න හැමෝම කැමතීනේ".

"ඔයාගේ කැමැත්තක්".

මිනිත්තු කිහිපයකට පසු ෂිඒ චිංචෙං ඔහුම පැවසූ "ඔයාගේ කැමැත්තක්" පිළිබඳ පසුතැවිලි විය.

කාලයාගේ ඇවෑමෙන් සැබවින්ම ඔහු කාලයෙන් බැහැර පුද්ගලයෙකු ලෙස දිස්වුණි. දැන් කාලායේ තරුණ තරුණියන් භාවිතා කරන සජීවී ප්‍රවාහ එසේ වනු ඇතැයි ඔහු අනුමාන නොකළේය.බායි ජිං තම ගමන් මල්ලෙන් රෝස පැහැති සෙල්ෆි ස්ටික් එකක් ගෙන එය එහා මෙහා වනන්නට විය.ඇගේ මුවින් පිටවුනු කිසිවක් ඔහුට නොතේරෙන තරමට එය විකාරයක් ලෙස ඔහුට පෙනුනි.

"මේ හූජෞ වල බිසීම ලේන් එක.හොඳ ලුක් එකක් තියෙන ගර්ල්ස්ලා වගේම බෝයිස්ලත් ඉන්නවා වගේ.ආ.අර මනුස්සයා අරන් යන බෑග් එක පේනවාද.ඒක හොඳ කොපියක්.දන්නවනේ.මට දැක්ක ගමන් අඳුරගන්න පුළුවන්.ඔරිජිනල් එක මොනවගේද කියලා දැනගන්න ඕනිනම් මාව ෆලෝ කරන්න".

"ආහ්,මේ අද මට මීට් වුනු හැන්ඩ්සම් ප්‍රොෆෙසර් කෙනෙක්.

එයාට හොඳ චොයිස් එකක් තියෙනවා.අවුරුද්දකට ඩොලර් මිලියනයක් විතර හම්බකරනවා.බලන්නකෝ එයාගේ ටීෂර්ට් එක දිහා.අහ් එයා තමයි මට අද ඩිනර් එක අරන් දුන්නේ.දැන් එයා මාව ගෙදර එක්කන් යනවා.ඕඔහ්..ඔයාලගේ විශ් එකට තෑන්ක්ස්".

ඇය බිහිරිද?ෂිඒ චිංචෙං ඇයව ප්‍රතික්ෂේප කිරීමට සැරසෙන විට ඇය කැමරාව හරවා සජීවී ප්‍රවාහය මියුට් කළාය.

"සමාවෙන්න අයියේ,ජීවත් වෙන එක ලේසි නැහැ.සෝ ප්ලීස්,".

පුහු සතුටක් පෙන්වමින් මවන ලද ආටෝප අරූඪ කරමින් නරඹන්නන් ලබා ගැනීමට ඔවුන් වෙහෙසෙන්නේ මන්දැයි ෂිඒ චිංචෙං හට නොවැටහුනේය.

කොහොම නමුත් ඔහුට කුඩා දැරියක් හා වාද කිරීමට අවශ්‍ය නොවුනි.

ඊළඟට ඔවුන්ට මුණගැසුනු පුද්ගලයා නොවන්නට මෙම දිනය මෙතරම්ම විකාර සහගත සහ උදාසීන ලෙස අවසන් වීමට තිබුණි.

ඉදිරියෙන් වූ තුන්මං හංදියේ අනපේක්ෂිත අමුත්තා පෙනී සිටියේය.

ෂිඒ චිංචෙං සහා බායි ජිං කුලී රථයක් සොයමින් විනාඩි දහයකටත් වඩා මහපාරේ රස්තියාදු වෙමින් සිටියහ.වාරයේ ඉහළ පෙළේ සුඛෝපභෝගී භාණ්ඩ තම රසිකයන්ට හඳුන්වාදෙමින් බායි ජිං ඒ වනවිටත් කාර්‍යයබහුල විය.

සංවාදය අතරතුර බායි ජිං හදිස්සියේ දුටුවේ සෙල්ෆි කැමරාව පිටුපස නොපහන් ලෙස එහෙට මෙහෙට චලනය වන චායාවකි.

මුලදී ඇය ඒ පිළිබඳ නොතැකුවත් ඉතා වේගයෙන් එය ඇගේ දිශාවට ළඟා විය.ඇය ප්‍රතිචාර දක්වන විට විරූපි මිනිසාගේ මුහුණ කැමරාව මත පතිත විය.

බායි ජිං මොහොතකට තුෂ්නිම්භූතව කෑ ගසුවේ කටින් පිටවුණු විලාපය නවතාගත නොහැකිවය.

ඔහු දුගඳ හමන මහල්ලෙකි.කඩමලු වී ගිය වැරහැලි විවිධ ප්‍රමාණයේ සිදුරු වලින් අබලන් ව ගොස් තිබුණි.ඔහු පිටුපසින් කකුලක් කොර කහ පැහැති බල්ලෙකු බායි ජිං දෙසට වේගයෙන් බිරුවේය.

"දුවේ,දුවේ.මම අන්තිමට ඔයාව හොයාගත්තා"!.

"අනේ,ඒයි..ඔහේට මොකක්ද වෙලා තියෙන්නේ,අහකට යනවා.කවුද ඔයාගේ දුව".

"නෑ නෑ දුවේ,ඔයාට මේ වයසක තාත්තව අඳුරගන්න බැරි වුනාද"?.මහළු මිනිසාගේ කොපුල් දිගේ කඳුලු පාරක් ගාලා වැටුණි.ඔහුගේ වෙවුලන දෑත් ඉඳිරියට ඇඳුනේ බායි ජිංව වැළඳ ගැනීමටයි.

බායි ජිං බොහෝ සෙයින් තැති ගත්තාය.දුරකථන සජීවි ප්‍රවාහය පවා විසන්ධි කර නොතිබුණි."පිස්සෙක්ද ඕයි තමුසේ,මකබෑවියන්".

"දෝණි,උබ කොහොමද මාව අඳුරගන්නේ නැත්තේ".

මහළු මිනිසාගේ දෑසින් කඳුලු වැගිරුණු අතර බායි ජිං දෙසට විහිදුනු ඔහුගේ දෑඟිලි ගිනිපෙල්ලෙන් එළියට අඳින අඟුරු මෙන් වෙව්ලන්නට විය.

"මට උඹ නැතුව පාළුයි දෝණි.මේ වයසක තාත්තට දෝණි නැතුව පාළුයි".

ඔහු උච්චාරණය පැහැදිලි චීන බස වූ අතර පැහැදිලිවම බායි ජිංගේ පියා මොහු වීම විහිළුවක් ලෙස පෙනුනි.ෂිඒ චිංචෙං සිදුවෙමින් පවතින තත්වය වටහා ගත් අතර බායි ජිං ඔහුගේ පිටුපසට ඇදගත්තේය."කමක් නෑ.ඔයා මගේ පිටිපස්සෙන් ඉන්න".

බායි ජිං බොහෝසෙයින් කම්පනයට පත් විය."හම්මෝ,ඒ මිනිහා භායානකයි.කොහොමද මේ වගේ එකෙක් පාරේ ඉබාගාතේ යන්නේ,පොලීසියෙන් මේවා හොයන්නේ බලන්නේ නැද්ද,අහ්හ්?.

ඇගේ මුවෙන් වචන ගිලිහීමටත් පෙර ඇය දෙපයින් උඩ පනිමින් කෑ ගැසුවේ මහළු මිනිසා පසුපස පැමිණි කහ පැහැති බල්ලා ඇගේ කකුල් පාමුළ ඉව කරන නිසාය.

"උදව්….මේ බල්ලා මාව හපන්න හදන්නේ.ඌට මොකද වෙලා තියෙන්නේ.ඌට කරපටියක් නැද්ද"?.

බායි ජිං වේගයෙන් දිව යමින් කඩිමුඩියේ ඇගේ ජංගම දුරකථනය ඇඳ ගත්තේ පොලීසියට ඇමතුමක් ගැනීමටය.

ඇය සම්බන්ධයෙන් ගත් කළ,මෙම මහළු මිනිසා හා කහ පැහැති නකුටු බල්ලා ඇයව ඕනවටත් වඩා භිය ගැන්වූ අතර ඔවුන් සියල්ලන්ම අත්තඩංගුවට ගත යුතුය.උන් ඇයව බිය ගන්වමින් ඇගේ සජීවී විකාශයට බාධා කළ බව කියන්නට උවමනා නොවේ,...ඉන්න..ඉන්න,මඟුලයි,ඇගේ සජිවී විකාශය……..

බායි ජිං හදිසියේ වටහා ගත්තේ ඇගේ සජීවී ප්‍රකාශය ඇය තවමත් ක්‍රියා විරහිත නොකෙරූ බවයි.ඇය එය බැලීමට කලබලයෙන් තම දුරකතනය අල්ලා ගත්තාය.

තප්පර කිහිපයකින් ඇය ඇසිපිය සලන්නට වූයේ අවිශ්වාසයෙනි.

ඇගේ සාමාන්‍ය සජීවි විකාශයක් නැරඹුවේ රසිකයන් විස්සක් හෝ තිහක් පමණි.නමුත් මෙහි විකාරරූපි වාතාවරණය යටතේ එහි සංඛාව විනාඩි කිහිපයක් තුළ තුන්සියයක් දක්වා වැඩි විය.

තිරයේ පුද්ගලයන් සංඛාව වේගයෙන් ඉහළ ගියේ දුරකතන තිරය ඔන්ලයින් පණිවිඩ වලින් වැසී යද්දීය.

"ෂිට්,මොන කෙහෙම්මලක්ද ඒ",

"මට පේන්නේ ඒ ඉන්න තැනැක්වත් නැති පිස්සෙක් වගේ,ඔයා හොඳින්ද?කැමරාව හරියට ෆෝකස් කරන්න.අපිට වෙන දේ බලන්න ඕනි".

"වාව් නියමයි.මේ අපේ ගෙවල් ළඟමයි".

"ඒ නාකී පාදඩයා සිරාවටම අස්සේ රිංගන්න එනවද?ඌට ඇත්තටම ඕනි මෙයාව බදාගන්න.ඉක්මනට පොලීසියට කතා කරන්න".

හයිඩ්‍රජන් බැලූනයක් ඉහළ නඟිනවාක් මෙන් ඉහළට ගිය රොකට්ටුවක් සජීවී තිරය මත පුපුරා ගියේය.ස්ට්‍රීමින් ගිෆ්ට්ස්!

බායි ජිං තිගැස්සුනු අතර එම විප්ලවයෙන් ඇය වහා වහා අවදි වුනේය.

තාමා සිදු කළ යුත්තේ කුමක්දැයි බායි ජිං හදිස්සියේම වටහා ගත්තාය.ඇගේ කොණ්ඩය පටුපසට කළ නිවැරදිව සකස් කරගත් ඇය කැමරාව ඔසවා ගනිමින් දිව ගියේ ෂිඒ චිංචෙංගේ වදනකදු නොතකමිනි.

"පරිස්සම් වෙන්න".

මොහොතකට පෙර කම්පාවට පත් වූ තරුණිය මුහුණ ඔපදමමින් අනතුර ගැන හෝ මායිම් නොකර නාකි මිනිසා අසළට දිව යාවි යැයි ෂිඒ චිංචෙං බලාපොරොත්තු නොවූවේය.

කෙසේ වෙතත් ඇගේ මිලාධික අත් බෑගය ඔහුගේ ශරීරයේ යන්තමින් හෝ ස්පර්ශ නොකිරීමට ඇය වගබලා ගත්තාය.

"හොඳට බලනවා,ඔහේගේ ප්‍රනවුසින් වෙනස්.ඔයා කොහොමද මගේ ඩැඩා වෙන්නේ!.ඒයි නාකියා.තමුසේ වලත්තයෙක්,තමුසෙට ඕනේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න නේද?තමුන් හිතන්නේ මට තේරෙන්නෑ කියලද?වයසක මිනිස්සුන්ට අගෞරව කරන්න එපා".

තරමක් තිගැස්සුනු මහළු මිනිසා පියවර කිහිපයක් පසුපසට ගියේ නිරායාසයෙනි.

මේ වන විටත් තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් පැතිකඩක් ගෙන තිබුණි.මහලු මිනිසා හට කිනම් ආකාරයක හෝ විකෘති සිතිවිල්ලක් නැති බව ෂිඒ චිංචෙං වටහා ගත්තේය.හොඳින් නිරීක්ෂණය කරන්නෙකුට ඔහුගේ දෑස් තුළ ගැබ්ව ඇති වේදනාව පැහැදිලිව දැක ගත හැකි විය.එය ස්භාවයෙන්ම ව්‍යාජ නොවූවක් විය.

ෂිඒ චිංචෙංගේ නළල් තලය මත රැළි කිහිපයක් ඇඳී ගියේය.

" බායි මෙනෙවිය,ඔය ලයිව් එක ඕෆ් කරන්න පුලුවන්ද?මේ මනුස්සයාට ටිකක් අමාරුයි වගේ.එයාට වැරදීමක් වෙන්න ඇති.මුලින්ම කාට හරි ඔෆිසර් කෙනෙක්ට කතා කරමු".

කෙසේ හෝ බායි ජිං ඔහුව ගනන් ගත යුත්තේ ඇයි?සැබවින්ම ඇය ඔහුගේ එකඳු වචනයකුදු නොතැකුවාය.තිරය හරහා ප්‍රේක්ෂකයන් නැඟී එන දෙස වශීකෘතව බලා සිටි ඇය මහලු මිනිසාගේ දුර්ගන්ධය හෝ නොතකමින් ඔහුගේ මුහුණට සමීප විය.

"හොඳට බලන්න,හැමෝම".සෙල්ෆි සැරැටිය භාවිතා කරමින් ඇය මහලු මිනිසා හා තමන්ව දුරකතන තිරය තුළ පැහැදිලිව පෙනෙන ලෙස දුරකතනය සකසා ගත්තාය."මෝඩ නාකියා,මං දිහා හොඳට බලනවා,දැන් ඔහේ දිහා බලනවා.කම්පෙයා කරලා බලනවා.මම වගේ කෙනෙක් ඔහේගේ දුව වෙන්න පුලුවන්ද?ඔහේගේ කඩමලු ඇඳුමුයි ඉදිමුණු මූණ දිහයි බලනවා.තමුසේ තාමත් කියන්නේ තමුන් රස්තියාදුකාරයෙක් නෙමේ කියලද"?.

මහලු මිනිසා තරමක් ව්‍යාකූල වූ අතර ඇගේ මඟපෙන්වීම අනුගමනය කරමින් දුරකතන තිරය දිගේ ඇස් ගෙන ගියේය.

ඔහු තිරය මත වූ පුද්ගලයන් දෙදෙනා දෙස අසරණව බලා සිටියේය.ඔහු එතරම්ම කාලකණ්ණි ලෙස දිස් වූ බව වටහාගත් වහාම ඔහු ආපසු හැරුණේ හැකි ඉක්මනින් එතැනින් ඈත් වීමටය.

නමුත් ඔහු ගැළවීමක සේයාවෙන් හෝ බොහෝ සෙයින් දුරස් විය.බායි ජිං වේගයෙන් ඔහු පසුපස හබා ආවාය.

මේක හොඳම හොඳ අවස්ථාවක්,

"හැමෝම බලන්න..මේක හොඳ නාඩගමක් නේ.ඒ මනුස්සයා පිස්සු වගේ රඟපානවා.හොඳට බලන් ඉන්න මං මුගේ වෙස් මූණ ගළවන හැටි".

මහළු මිනිසා කැමරා කාචය මත රාමු කිරීමට ඇය කෑ ගසමින් ඔහු පසුපස වැටුණි.

"ඒයී,මෙහේ එනවා.මම තමුන්ගේ දුව කියලා නෙමේද කීවේ,හූජෞ වගේ ලොකු නගරෙකට ඇවිත් ඔය වගේ නාඩගමක් නටන්න තරම් ඔහේ නිර්භීතයි.හොඳට බලනවා තමුසෙගේ ගඳ ගහන පෙනුම දිහා..මෙහෙ එනවා".

මහළු මිනිසාගේ දෑස් අප්‍රාණික හා ව්‍යාකූල වූ අතර ඔහුගෙන් දිස් වුනේ මලානික ස්වරූපයකි.

ෂිඒ චිංචෙංගේ දෑස් මහළු මිනිසා මතට වැටුණි.නරක මානසිකත්වයකින් පෙලීම විනා ඔහු කිසිසේත්ම මෙහි රස්තියාදු වීමට නොපැමිණි බව ෂිඒ චිංචෙං හට විශ්වාස විය.එය,අවතැන් වූ මිනිසෙකු චීනයේ අර්ධයක් දෙස බලමින් ජියැංනන්හි වැස්ස හා මීදුම ගැන තෘප්තිමත් වන්නාක් මෙන් විය."සෙවීම"යන වචනය ඔහුගේ ඇටමිදුළු පාසාම කා වැදී තිබුණි.ඒ පිළිබඳ ගැඹුරින් බලන විට ඔහුට වටිනා යමක් අහිමී වී ඇති බවත් ඔහුගේ මුළු ශක්තියෙන්ම එය සොයාගැනීමට වෙහෙසෙන බවත් පෙනේ.

එහෙත් බායි ජිං හට එහි වැදගැම්මක් නොවීය.ඇය වසර භාගයක් තිස්සේ සජීවී ප්‍රවාහයක් මෙහෙය වූවත් ඇයට නරඹන්නන් අතළොස්සක්වත් ආකර්ෂණය කරගැනීමට නොහැකි විය.නමුත් තම ගිණුම පවත්වාගෙන යාමට වෙහෙස මහන්සි වී කාර්‍යයක් ඉටු කරන තම යෙහෙළියන් පිළිබඳව ඇය සතු වූයේ නිමැක් නොමැති රීර්ශ්‍යාවකි.

වරක් ඇයට නරඹන්නන් උපයා ගැනීමට නොහැකි වූ කල ඇය සුප්‍රසිද්ධ සජීවි ප්‍රවාහ මෙහෙයවන්නන්ගේ පළකිරීම් පහළින් ඉතා විකෘති අදහස් පළ කළාය.

"තමුන් ඇයි ඔය බොරු කරන්නේ,ඔය වගේ නිස්කලංක ෆ්‍රන්ට් එකක් දැම්මට ඔය සිටි එකේම නේද,ඔය ඇත්තටම ගොවි ජීවිතය නෙමෙයි".

අද ඇය එසේ බැණ වැඳුනානම් හෙට ඇය මෙසේ බැණ වදින්නීය.

"ගෑනියක් මහන්සියෙන් හම්බ කරපු සල්ලි වලින් ලක්සරි විලා එකක් ගන්න පිරිමියෙක්,අපි එයාගෙන් ගන්න හැම ලිප්ස්ටික් එකක් ගානේම ඒ යකා ඒකගේ මන්දිරේට ගඩොල් බදිනවා.ඔය බඩු ගන්න ගෑනුන්ට මොලේ නැද්ද".

අනිද්දා දින ඇය නැවතත් බහින් බස් වූවාය.

"දවස පුරාම ගෙනිගෙඩි ඇඳබාන ඔහේ වගේ කෙනෙක්ට මොඩර්න් ලේඩි කෙනෙක්ගේ දියුණුව ගැනයි විශ්වාසය ගැනයි මොනවද කියන්න තියෙන්නේ,ඔහෙත් බ්‍ර්‍රෝඩ්කාස්ටර් කෙනෙක් නේද?,තමුසෙ හෙම්බත් වුනත්,එක එක බැනුම් ඇහුවත් තමුසේ කරන්නේ සල්ලි කඹුරන එකනේ.මොනවා ගැනද ඔහේට ඔච්චර අඳෝනා කියන්න තියෙන්නේ".

ආවරණයට යටින් වූ ජංගම දුරකථනයෙහි ඇගේ දෑඟිලි එහා  මෙහා යන විට ඇය හෙළි කළ කුරිරු මුහුණ කිසිවෙකුත් නොදැක්කාය.

වේගයෙන් දිවෙන උමං මං තුළත්,කලබලකාරී සංකීර්ණ වූ ගොඩනැඟිලි මතත්,සෑම චිත්තාකර්ශනීයයි දේවල් මධ්‍යයේත්,කඩදාසි මුදල් කොළ වල ප්‍රහර්ෂය තුළත්,ඇය වෙහෙස මහන්සි වී රැකියාවෙහි නිරත වන ලොක්කන් සමඟ සුහදශීලි අඩි උස සපත්තු පැළඳි සින්ඩරෙල්ලාවක් විය.

මැඩම් චෙන් සහ මැඩම් ලී හට ප්‍රවේශ ශාලාවෙන් පිටවීමට ආචාර කරන විට ඇය ඇගේ ඉරියව් පවත්වාගැනීමට වෙහෙසුනාය.ඔවුන් ගමන් ගත් දෙස බල  කවදා හෝ තමන් මෙලෙස ගමන් කරන විට කවුනටරයේ වැඩ කරන අහංකාරම කෙල්ල මේ විදිහට නැමෙනවා බලන්න ඇය කී වතාවක් ආසා කළාදැයි කිසිවෙකුත් නොදත්තෝය

ඇයට මුදල් අවශ්‍ය විය.ඇය ඊර්ශ්‍යා කරන තරමටම ඇයට ප්‍රසිද්ධ වීමට අවශ්‍ය විය.

එකී උමතුව හමුවේ ඇය සිතුවිලි  මනසින් බැහැරට වැටුණි.

වැටෙන්නට තැනක් හෝ නොමැති මහළු මිනිසාගේ වෙව්ලන දෙතොල් හා වියපත් දෑස් තුළ නැඟෙන කඳුළු ඇය නොදැක්කාය.

"ඔහේගේ දුව හූජෞ වල කියලද කියන්නේ?'ඔයාගේ දුව',තමුසේ වගේ නාකි කුණුගොඩක් කසාඳ බැඳලද නැද්ද කියලා කවුද දන්නේ?බොරුවට පිස්සෙක් වගේ කතා හදාගෙන ගෑනුන්ට කරදර කරනවා.ඔහේ හැංඟිලා ඉන්නේ මොකාටද?දැන් ටිකකට කලින් තමුසෙ මගේ ඇගේ නඟින්න ආව නේද.ඔහොම ඉන්නවා..ඔයාව පේන්නේ කොහොමද කියලා හැමෝටම බලන්න දෙමු,මෙහෙ එනවා"..

"නෑ..එපා..එපා…"

මහළු මිනිසා බොහෝ සෙයින් බියට පත් විය.වියපත් ගෙල හැකිළී යන විට ඔහු සෙමෙන් කුදු ගැසුණි.අපැහැදිලි මිමිණීමක් සමඟ මුසු වුණු අතදරුවෙකුගේ වැනි අදෝනාවක් ඔහුගේ දෙතොල් මතින් ගැළවී ගියේය.

"මට සමාවෙන්න,මට වැරදීමක් වෙලා".

"මොකක්ද මිනිහෝ කියන්නේ!!සමාවෙන්න,සමාවෙන්න කීවට ඇති වැඩේ මොකක්ද?මෙහෙ එනවා.ඇවිත් තමුසෙගෙ ඇඳුම් දිහා බලනවා.අඩුම තරමේ තමුන් මහ පාරේ මිනිස්සු භය කරන්න එනවනම් පොඩ්ඩක් හොඳට ඇඳගෙන එනවා".

දුරකතන තිරය මත සිදුවන විප්ලවයෙහි සැබෑ පැතිකඩ නොදත් ප්‍රේක්ෂකයින් අත්පොළසන් නැඟුවේ"ළඟින්නට තැනක් නැති පිස්සෙක්ගේ අතවර වලට එරෙහිව පළිගන්න වීරවරියටයි".තිරය හරහා බැලූන් ඉහළට ඇඳෙන විට,ඇයට තෑගි බෝග ගලා එනවිට,ඇගේ මොලේ ඉදිමී තිබුණි.

වියපත් මිනිසා බොහෝ සෙයින් භීතියට පත් විය.තම මානසික පීඩාව හමුවේ තම දියණියයැයි වෙනත් කෙනෙකු වටහා වටහාගෙන ඇති බව වැටහී යන විට ඔහුට අවැසි වුයේ හැකි ඉක්මනින් එතනින් පැන යාමටයි.ඔහුගේ මහළු හදවත තුනී අසරණබවකින් වෙළී ගියේය.කැමරාව ඔහු පසුපස හඹා එන විට ඔහුගේ දෙඅතින්ම හිස බදාගෙන ඇඳ වැටුණේ 'යුක්තියෙන්' පළා යෑමට සැරසෙන අසරණ වූ බල්ලෙකු මෙනි.ඔහු සැබවින්ම ඔහු අසළ සිටි දඩාවතේ යන බලු කුක්කට බෙහෙවින් සමාන විය.

"කරුණාකරල,වීඩියෝ කරන්න එපා.මං ඔයාට වැඳ වැටෙන්නම්.මට වැරදිලා.මම රැවටුණා ඔයා මගෙ දුව කියලා..කරුණාකරලා.ඔහොම කරන්න එපා"....

වැරහැලි වී ගිය ආයිත්තම් යටින් ඔහුගේ මුළු සිරුරම වෙව්ලන්නට විය.

කැමරාව ඉදිරියේ ඔහුගේ මුවත්,ඔහුගේ දුප්පත් වස්ත්‍රත් වසා ගැනීමට ඔහු දුබල වෑයමක යෙදුනි.අවසානයේ,ඔහු සඟාවා ගත යුත්තේ කුමක්දැයි ඔහු නොදත්තේය.ඔහුගේ මුහුණ අත් පා රෙදි සියල්ලන්ම අපිරිමිත ලෙස අපිරිසිදු සහ ලැජ්ජාසහගත විය.ඔහු බායි ජිංගේ දෙපා ඉදිරිපිට දණ නමමින් සජිවී ප්‍රවාහය නවතන ලෙස වැඳ වැටෙන විට ඔහුගේ රළු කම්මුල් හරහා උණු කඳුලා ගංඟාවක් පේළීයට පොළොව මතට ඇඳ වැටුණි.

"අනේ නෝනා..මට යන්න දෙන්න…"

"මම".බායි ජිං හදිසියේම යමක් කියන්නට සැරසෙන විට ඇගේ සෙල්ෆි සැරැටිය උඳුරා ගත්තේය.

කිසිඳු වැදගැම්මකින් තොරව දුරකතනය උඳුරා ගත් සැනින් ෂිඒ චිංචෙං සෙල්ෆි සැරැටිය පසෙකට විසි කළේය.

"ඒයි,ඔයා මොකක්ද කරන්නේ"?.

"තමුසේ මොකක්ද කරන්නේ,මම ඔයාට කලිනුත් කීවා මේ මනුස්සයාට මානසික ලෙඩක් තියෙනවා,එයාට කරදර කරන්න එපා කියලා.තමුසේ බීරිද,නැත්තම් මොළේ නැද්ද"?.

ෂිඒ චිංචෙං සජීවී ප්‍රවාහය බලහත්කාරයෙන් ක්‍රියා විරහිත් කළේය.

බායි ජිංගේ මුහුණ ක්ෂණිකව රෝස පැහැයෙන් රතු පැහැයටත්,රතු පැහැයෙන් දම් පැහැයටත්,දම් පැහැයෙන් කොළ පැහැයටත් හැරුණේ දීප්තිමත් වර්ණ විහිඳුවන කැරකෙන පහන් කූඩුවක් මතකයට ගෙනෙමිනි.ඇය ඇගේ අඩි උස සපත්තු පොළොවේ හප්පමිනි පැහැදිලි හඬින් ෂිඒ චිංචෙං හට කෑ ගැසුවාය.

"තමුසෙට මොකද?මගේ ෆෝන් එක ආපහු දෙනවා.ලයිව් එක මගේ වැඩක්.තමුසෙ දන්නැද්ද මට සල්ලි හම්බකරන්න ඕන.මටත් කවදහරි සෙලිබ්‍රිටි කෙනෙක් වෙන්න ඕනි"!

"ඔයාට ඕනි මොනවද කියන එකෙන් මට ඇති වැඩේ මොකක්ද"?.ෂිඒ චිංචෙංගේ ප්‍රකාශය බොහෝ සෙයින් සීතල විය.ඔහු කරුණාවන්ත ලෙස තරවටු කළේ එකඳු ඇහිපිල්ලමක් හෝ නොසොළ්වමිනි."ඒත් මිසිස් බායි,ඔයාට ලැජ්ජාවක් කියලා දෙයක් නැද්ද?ඔයාට පේන්නේ නැද්ද එයා ඉන්න තත්වේ?මේක වැරදි කියලා දැන දැනත් ඔයා ඒකම කරනවා.ඔයාගේ ඔය වැඩ අනික් අයට කොච්චර වදයක්ද කියලා දැන දැනත් ඔයා ඔයාට කැමති ඕනි මඟුලක් කරනවා.මනුස්සයෙක්ගේ වේදනාව තමුන්ට විව්ස් ගන්න පාවිච්චි කරනවා,මොකද ඒ තමුන්ගේ වේදනාව නෙමේනේ.ලැජ්ජවක් නැද්ද?තමුසෙට හිතක් පපුවක් නැද්ද"?.

"මොන විකාරයක්ද තමුසේ මේ කරන්නේ?මට උගන්නන්න තමුසෙ මගෙ තාත්තද?තමුසෙ ඇවිත් මගෙ එක ඩේට් එක්කට ආපු මිනිහෙක් විතරයි.ඒ හින්දා තමුසෙ මේකේන් ඈත් වෙලා ඉන්නවා".කෝපයෙන් ඇවිලී ගිය බායි ජිං දුරකතනය ගැනීමට ඉක්මන් වූවාය.

නමුත් ෂිඒ චිංචෙංගේ කෝපය හමුවේ ඇගේ කෝපය අබ ඇටයක් තරම් විය.ඔහුgay පහත් බැල්මෙහි ගැබ්ව තිබුනේ දැලි පිහි තලයක තරම් තියුණු බවකි.

"ඔයාගේ පැත්තෙන් බලද්දි අසරණ මිනිස්සුන්ගේ ජීවිතේවත් ගෞරවේවත් ඔයාගේ ඔය බලන අය තරම් වටින්නේ නැහැ.ඔයා මහ අමුතු කෙනෙක්".

"තමුසෙ කොහොමද මට බනින්නේ කාළකන්ණි හිඟන්නා".

බායි ජිං ඔහුට පහර දීමට උත්සුක වීමට තරම් ඇය කිපී තිබුණාය.

නමුත් ෂිඒ චිංචෙං ඇගේ මැණික් කටුවෙන් අඹරා කැරකැවූ විට,ඇය වේදනාවෙන් කැ  ගසන්නට විය.

"යන්න දෙනවා.නැත්තම් මම පොලීසියට කතා කරනවා…උදව් කරන්න"..

ඒ වන විට වීදීයේ බොහෝ සෙනඟක් නොසිටියත්,ඔවුන්ගේ උස් හඬ හමුවේ දැනටමත් ඔවුන් අවට ප්‍රේක්ෂක පිරිසක් ලැඟුම් ගෙන තිබුණි.ෂිඒ චිංචෙං ඒ ගැන තැකීමක් නොකළේය.මුල සිටම ඔහුට අනෙකුන්ගේ බැල්ම වාතය හා වෙනසක් නොවුනි.ඔහු බලාපොරොත්තු නොවූ දෙය නම් සෙනඟ මැදින් ඇඳුණු ගැහැණියකගේ උස් හඬය.

"අයියෝ..?මොකක්ද ඒ වයසක මනුස්සයාට වුනේ"?.

ෂිඒ චිංචෙංගේ දෑස් ක්ෂණයකින් පහතට එල්ල විය.

ඇතැම් විට ඔහු මානසික රෝගියෙකු වූ නිසා හෝ තම දියණිය යැයි වරදවා වටහා ගෙන බායි ජිං වැනි කෙනෙකුගෙන් බැට කෑමට සිදු වූ නිසා හෝ විය,ඔහු අත්විඳි අප්‍රසන්න සිදුවීම් මාලාව ඔහුගේ හදවතට දරා ගත නොහැකි මට්ටමකින් අවසන් විය.නිල් පැහැයට හැරුණු තොල් සමඟ සුදුමැලි මුහුණින් තම පපුවෙහි දෑත හොවාගත් ඔහු බිම ඇඳ වැටෙන විට සිහින් කෙඳිරිල්ලක් පැලුණු දෙතොල් හරහා වා තලයට මුසු විය.


              • _________________________•

සමාවෙන්න ඕනේ පරක්කු වුනාට....

               •_________________________ •

චූ වන්නිං :- ෂිඒ ගැන මට සතුටුයි..මොනවා           
                    වුනත් ඒ විදිහට මම කැමති.

මෝ රන්    :-හොඳයි...මේක අභිරහසක්
                     වගේ

තෂියන් ජුන් :- මන්නේ කියන්නේ.මේ
                              හැමදේම ඇත්තටම වෙන
                             දේවල් වගේ නෙමේ....

                   He Yu                    Xie Qingcheng

Main Couple :- HeXie


Comments

  1. Harima lassanai... 😍😍🥰🥰❤️❤️

    ReplyDelete
  2. This is the best novel I have ever read.♥

    ReplyDelete
  3. Iiilaga chapter ekath ikmamata denna.... 😍😍😘

    ReplyDelete
  4. 💖💖💖💖

    ReplyDelete
  5. බලාගෙන ඉන්නවා

    ReplyDelete
  6. Iilaga chapter eka kawadada denne.... Balaagena inno.... ❤️😍😍😍

    ReplyDelete
    Replies
    1. Exm nisa prkku wei...english translation ek oni nm mt fb mg ekk dnn..😯😯😯....

      Delete
  7. Meke English translation eka ganne kohomada? Harima lassanai kathava

    ReplyDelete
    Replies
    1. Can you pm me?(FB/ Instagram/twitter) Because I can't paste it here.
      Even if I paste the link here you will not be able to get it due to blog settings.

      If you are not using any social media, my email is here, me.euterpemuse@gmail.com

      Delete
  8. Meke English translation eka ganne kohomada? Harima lassanai kathava

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-