(පෝර්ශ් දේ ජාවු )
"ඔයා සාස්තර කියනවද ?"
මම නොදැනුවත්වම මගේ මුවින් පිට වුවද මුලු කාමරයේම සිටියවූවන් මා දෙස හාස්‍යජනක ලෙස බලන්නට විය.හේයි...මම නිකමට කිව්වෙ.
"තමුන්ගෙ හැසීරීම ගැන මීට වඩා සැලකිලිමත් උනොත් හොදයි.මිස්ටර් කෝර්න් කියන්නෙ ඔයාගෙ ප්‍රධානියා.ගරු කරලා කතාකරන්න පුරුදු වෙන්න.
හේයි, මේ ලේකම්ට මොනව වෙලාද ? ඇයි මගේ දිහා මෙ තරම් කුරිරු විදියට බලන් ඉන්නෙ.මේකා නම් මාර දූතයෙක්.
"හහා, එහෙනම් ඒ එක්කම හෙට වැඩ පටන්ගන්නකො "
මිස්ටර් කෝර්න් සිනාසෙමින් කීය.
"හහ් ? හෙට ? ඉක්මන් වැඩි නේ?"
"ඇයි ඔයා බලන් ඉන්නෙ ඔයාගෙ තාත්තා ඇවිල්ල රිබන් පටිය කපනකම්ද ?"
පෙර පරිදිම කින්ගේ රළු හඩෙන් මට බාදා කල අතර රවමින් මා දෙස බලා නැවත සිටියාක් මෙන් හොද මුහුණක් මවාගෙන වෙනතක් බලාගත්තේය
.මට නම් ඔලුවෙ අං දෙකක් ඇති යකෙක්ට වඩා වෙනසක් ඔහුගෙ නැහැ.
"තොට හෙන ගහපන් "
ඔහු දෙස තියුනු ලෙස බලාගෙන මම පහත් හඩින් මිමුණුවේමි.
"චැන් , පෝර්ශ්ව එයාගෙ කාමරේට එක්කන් යන්න.මට හිසරදෙ වගෙ.පොඩ්ඩක් විවේක ගන්න යනවා "
කෝර්න් මහතා , මා කින් සහ චෑන් නම් මිනිසා සමග කාමරයේ දමා පිටව ගිය පසු මම මගෙ ප්‍රශ්න සියල්ලක්ම ගිලගත්තෙමි. චෑන්ගෙ මුහුණ දෙස බලන විට ඔහු මට වඩා වසර ගනනාවක් වැඩිමල් බවට සැකයක් නැ.මම ඔහු පසුපසින් මගේ අඩිය ඉක්මන් කලෙමි.
"ඔයා මාව කොහෙද මේ එක්කම් යන්නෙ ?"
මම මගේ නිවසේ ඔප්පුව සිරුරට තද කර අල්ලාගෙන සිටියෙමි.මේ නිවස ඉතා විශාල එකක් වු අතර ශාලාවක්, භෝජන ශාලාවක්, පුහුණු ස්ථානයක් , ආදිය බොහෝ ස්ථාන ඇතත් අපි තවමත් ඇවිදිමින් සිටින අතර එහි කෙලවරක් තවම දුටුවෙ නැත.
"මම ඔයාගෙ කාමරේට ඔයාව එක්කන් යන්නෙ "
ඇවිදීම නවතා මා දෙසට හැරෙමින් ඔහු කීය.
"මොන කාමරේද ?"
"ඔයාගෙ "
"ඇයි මට කාමරයක් ? මම ආපහු ගෙදර යන්න ඕන.මට ගෙදර ඉදන් කාල සටහන අනුව වැඩ කරන්න බැරිද ? "
ඔවුන් මා වෙනුවෙන් සූදානම් කල කාමරයද පෙර මෙන්ම තවත් ආගන්තුක බවක් පෙනෙන්නට විය.
ඔවුන් ව්‍යාජ වු කලාකරුවන්ද ?ආරක්ෂකයා යන වචනය සම්පූර්ණයෙන්ම මාව රවටා ඇත.
"මෙතන තව ගොඩක් අය ඉන්නවා.උදේ වැඩ මුරය ඉවර උනාම ඔයාට කින් එක්ක ඉගෙනගන්න යන්න පුළුවන්.ඔයා දන්න විදියට එයාගෙ පාඩම් වලට උදව් කරන්න.... "
"හේයි, කවුද කිව්වෙ මම එහෙම කරනවා කියලා ?"
"ඔයත් කින්ගෙ විශ්ව විද්‍යාලයේම නේද ?
"මම දන්නෙ නැ"
ඇත්තටම ඒ වගේ පෙනුත්ත් ඇයි මම එහෙම කරන්නෙ .
"හරි මේ තියෙන්නේ... ඔයා සතියෙ දවස්වල මෙතන නිදාගන්න.සහ මෙතන නිතරම ප්‍රශ්න ඇති කරගන්න එපා.මේ මිනිස්සු සමගියෙන් ඉන්න සහ නිශ්ශබ්දතාවට කැමති."
පි'චැන් මා දෙස බලාගෙන කිවේය.උඹල එක්ක අපායත් මෙ වගෙ ඇති.මම කිසිවෙකුටත් මා දෙස මෙලෙස බැලීමට ඉඩ නොතබන නමුත් මෙය නිවසක්ද සිරගෙයක්ද යන්න මට ගැටලුවකි.ඔවුන් ඇයි මෙතරම් උද්දච්ච ?
"ඒත් මට රාජකාරි නැති දවස්වල මම මෙතන නිදාගන්න්නෙ නැ ."
"ඕන එකක් "
ඔහු එකහෙලාම පැවසූ අතර එය මට වඩාත් කරදරකාරි විය.ඔහුගෙ ඔහුනට බෝමයක් විසි කිරීමට සිතුණි.
හෙන ගහපන්.
"පි චෑන් ඔයා කොහෙද යන්නෙ ?
මම නැගිටල කෑගහන්න හැදුවා විතරයි ......මට මගෙ කට නවත්තන්න බෑ.දෙවියනේ මගෙ කට...
"මිස්ටර් .."
අහංකාර ලේකම්වරයා මා දෙස නොබලාම හිස පහත් කරේ සැකය පිරි නෙතිත් මා දෙස බලා සිටි රූපයටයි.මම හිතුවෙ මේ කින්ගෙ නිවුන් සොයුරෙක් කියා වුවද දුරට ඔහු සාමාන්‍ය ලෙස පෙනුනත් දැන් යම් වරදක් ඇති බව මට හැගේ.
"කවුද ? "
පැමිණි පුද්ගලයා මා දෙසට ඇගිල්ල දිගු කර ඇසුවේයා. ඔහු තරහින් සිටි අතර දීප්තිමත් පෙනුමකින් හෙබි ඔහු පසුපස ආරක්ෂකයින් කීපදෙනෙක්ද විය.
"කින්ගෙ නව ප්‍රදාන ආරක්ෂකයා...මේ පෝර්ශ්.ඔහුව නිර්දේශ කලේ ඔබේ සහෝදරයා මිස්ටර් කින්..."
චෑන් පිලිතුරු දෙන අතර මම ඇහිබැමි ඔසවා ඔහු දෙස සැලකිල්ලෙන් බැලුවෙමි.මා සිතූ පරිදි ඔහු කින්ගෙ සොයුරායි.ඔහුටත් කින් මෙන්ම විකාරරූපි පෙනුමක් ඇත.
"ශා නියමයිනෙ...ඒක මරු..ඔයාටත් ටැටූ එකක් තියෙනවා.ඒක බය හිතෙනවා."
මගේ අතට සියුම් පහරක් එල්ල කරමින් ඔහු කෑගැසුවේය.එයින් මා තිග්ස්සී ගිය අතර ඔහු එකවරම මගෙ අතින් ඇද පච්ච රටාව අද්‍යනය කරන්නට විය.
"ඒක හරිම සිසිල්...මටත් මේ වගේ එකක් ඕන.ඒක...ඒක..නියමයි.භයංකාරයි. යාලුවනෙ අපි හෙට යමු.මම ඒකට කැමතියි."
ආරක්ෂකයන්ගේ කලකිරුණු ස්වභාවය මට හොදින්ම පෙනුණි.මේ අපතයා නම් ඇත්තටම විකාරයක්.
"ඛුන්...."
මාව තවත් ඇවිදීමට රැගෙන යාමට පෙර චෑන් සුසුම් හෙලන්නට විය.
මෙම වුවිසල් මන්දිරයේ දොරවල් දුසිමක් පමණ පේළි ලෙස පිහිටා තිබූ අතර තවද මා දුටුවේ නැවුම්, පිරිසිදු ආවරණය කර ඇති කදිම දැව කොටස්.
මේ මිනිස්සු විශේශයෙන්ම කැමතියි,
ලස්සන දේවල් ලබාගන්න.පි'චෑන් යතුරු අගුල කරකවා දොර විවෘත කලේය.එහි ඇතුලත තරමක් විශාල වූ අතර එය සාමාන්‍ය ශිෂ්‍යය නේවාසික කාමරයක් මෙන් කුඩා නාන කාමරයක් යකඩ ඇදක් සහිත මෙට්ටයක් වු නමුත් කොට්ටයක් හෝ ඇතිරිලි නොවුනි.
කවුරුන් හෝ භාවිතා කල ඇදුම් අල්මාරියක් තිබුන අතර එය සම්පූර්ණයෙන්ම කසිකබල් ලෙස හෝ වදගත් යමක් ලෙස නොපෙනුණි.තවද බිත්තියට සවිකර ඇති වායුසමන යන්ත්‍රයක්ද එහි කෙලවරක විය.
"මේ තැන හොදයිද ? "
මම හැඩුම් ස්වරයෙන් ඇසුවෙමි.මා සිතා සිටියෙ එය චිත්‍රපට වල මෙන් පරණ දුහුවිලි වැදී ගිය තවත් එක නිදන කාමරයක් පමණක් බවයි.
මම එය තුලට පැමිණ මගෙ ලිපිගොනුව ඇද මත තබා වායුසමන යන්ත්‍රය දැමුවෙමි.
"ඔයා වාසනාවන්තයි.කලින් හිටිය කෙනාට අඩුම වායුසමන යන්ත්‍රයක්වත් තිබුණා."
චෑන් කීය.
"මේ කාමරෙ අයිතිකාරයා කොහෙද ගියෙ ?"
මම සිහින් හඩින් ඇසීමි
"මැරුණා..."
ඔහුගේ වදන් වලින් මා පුදුමයෙන් තිගැස්සුනද රහසෙන් ඔහු දෙස බලා සිටියේ ඔහු මට මියගිය අයෙකුගෙ කාමරයක් ලබා දී කිසිවක් නොදන්නා සේ හැසිරෙන ආකාරය දෙසයි.
ඒක මොන වගේද දන්නෑ !!!
ෂිට් , මම හොල්මන් වලට බයයිත් එක්ක.මම චෑන් කියු දේවල් අමතක කරන්නට උත්සාහ දැරුවෙමි වායුගෝලය එතරම් බියජනක නොවන නිසා එය බිය විය යුතු නොවේ.මගෙ වැඩ මුරය අවසානයෙ මෙ තැන නිදානොගෙන සිටීමට සිතා ගත්තෙමි නුමුත් චෑන් යතුර ගෙන මට පිටතට පැමිණෙන ලෙස සන් කලේය.
"බිග් "
පී'චෑන් යමෙකුට අමතා මට සමච්චලයට මෙන් සිනා වන්නට විය.හහ්...මෙසේ කිරීමෙන් ඔවුන් තෘප්තිමත් වනවාද?
ආරක්ෂකයින් දෙදෙනාගේම මුහුණෙ සිනාවක් තිබූ අතර එසේ සිනාවීමෙ නීතියකුත් තිබේද ?
"ඔව් පී'චෑන් "
ඔහු මා අසලට විත් මා දෙස බලන්නට වූ අතර පෙර දින මට මරණ තර්ජණ කල වූවන් අතර ඔහුද විය.
විනාඩියක් ඉන්න !
"ඔයාට පුළුවන්ද පෝර්ශ් එක්ක නිවස බලන්න යන්න.මට ප්‍රධානිතුමාව හමු වෙන්න ඕන."
"බෑ, අයියේ, වෙන කාටහරි කියන්න. "
ඔහු මා දෙස පිලිකුලෙන් බැලූ අතර මමද එලෙසම බලා සිටියේ ඔහු මා හට අකමැති වුවද මා එය ගනනට නොගන්නා බැවිනි.
"මේ මගෙ මිනිස්සුද ?"
මම සිහින් හඩින් ඇසුවද ඔහු එකවරම මා දෙස බලා රළු ස්වරයෙන් කෑගැසීය
"මොනවද තමුන් බලන් ඉන්නෙ ? මකබෑවියන් "
"තමුන් නව ආරක්ෂක ප්‍රධානියා වුණ එක ගැන ඔය තරම් උදදච්ච වෙන්න එපා මොකද මම නම් ඒක පිලිගන්නෙ නෑ "
ඔහු පියවර තබා මා දෙසට තවත් ලං වූ නමුත් මම පසුබට නොවී බලා සිටියේ ඔහු ඊලගට කරන්න සූදානම් වන්නෙ කුමක්ද කියායි.
"මම වගේ අය තමුන් වගේ කෙනෙක්ට ඔලුව පහත් කරලා ගරු කරන්නෙ නම් නෑ.ඒ නිසා වැඩිය ඉදිමෙන්න එපා "
"එහෙනම් ඔයා මොක්ද්ද කරන්න හිතන් ඉන්නෙ ?"
මම කට කොනින් සිනාවෙමින් නිහඩ ස්වරයෙන් කීවෙමි
"හහ්..තමුන් වගේ මිනිස්සු මෙතනට අයිති නැ "
"ඒත් මම මෙහෙ ඉන්නවා "
මම ඔහුට හැගීම් විරහිතව සෘජුවම අහියෝග කලේ ඔහුව බිද දැමීමටයි.
"තමුන් වගේ අය කවදාවත් පකශපාති වෙන්නෑ, අවංකත් නෑ.තමුන් වගේ උන් තමයි කවදාකහරි ප්‍රධානිතුමාට ද්‍රෝහී වෙලා පාවලා දෙන්නෙ.ඒ නිසා මම තමුන්ට මෙතන ඉන්න දෙන්නෙ නෑ "
"මම නැවතුනොත් ..එතකොට ඔයා තරහින් පුපුරලා මැරෙයිද ?"
මම ඔහු දෙසට බරවි තවත් අවධාරණ ස්වරයෙන් පැවසු අතර ඔහුට කෝපය පාලනය කල නොහැකිව වෙව්ලන ඈත් ඔසවා මට පහර දීමට සූදානම් විය.
"ඒත් මට සමාවෙන්න , ඔයා තවම දන්නෙ නැද්ද මම කවුද කියලා ?
මම ඔයාගෙ ලොක්කටට අවශ්‍යම කෙනා.ඉතිං තමුන් කොහොමද මෙච්චර ලේසියෙන් මට ගහන්න එන්නෙ ?"
ඔහුට තව දුරටත් එලෙස සිටීමටම ඉඩ හැර ඔහුගෙන් දුරට යත්ම ඔහු මට පහර දීමට පටන් ගත්තද ආපසු හැරී මා පා පහරක් දුන්නෙ ඔහු උදව්වට අසල ඇති බිත්තියද අල්ලා ගැනීමට පෙරයි.පසුව ඔහුට ලිස්සා යාමට ඉඩ නොතියා පාදයක් උගේ පපුවට උඩින් දමා තද කලෙමි.
"ශිට්..."
"ඒ මනුස්සයට අලුත් ආරක්ෂකයෙක් ඕන වුණ එක පුදුමයක් නැ.උඹලා දුර්වල ගේ කුරුල්ලො වගේනෙ "
මා කියා අවසන්වනවාත් සමගම ඔහු මගේ කකුල තල්ලු කර නැවත් පහර දීමට උත්සාහ කලද ඔහුට පෙර ක්‍රියාත්මක වු මම ඔහුගේ අත් තදින් මිරිකා මුහුණ පොලොවට තද කලෙමි.
පසුව මගෙ දනහිස් ආදාරයෙන් ඔහුව තදකර තබා බොහෝ සැහැල්ලුවෙන් සාක්කුවෙන් සිගරට් එකක් ගෙන එය පත්තු කර උරන්නට ගත්තෙමි
"මට යන්න දීපන් වේසිගෙ පුත.මම උඹව අනිවාරෙන් මරනවා..."
ඔහු කෑගහන්නට විය.
"තවත් දැගලුවොත් උඹ මැරෙයි "
මම සිගරට් එක අවසන් වනතුරු ඔහුව සිරකර තබා ගත් අතර අවසන් වු පසු මා ඔහුගෙන් ඉවත් වි ඔහුට යාමට ඉඩ දුන්නෙමි.මම මදක් පසුපසට වී මේ උමතු මිනිසාට පිටවීමට ඉඩ දුන්නෙ මෙවන් අයෙකුට මෙය හොද පාඩමක් වේ යැයි සිතායි.
නමුත් මට වැරදී ඇයි බවක් පෙනුනෙ පිටුපසින් ඇසුන අඩි ශබ්දය නිසා ආපසු හැරී බලන විටයි.බිග් තරමක් විශාල ලීයක් රැගෙන විත් පහර දීමට සූදානම් වුවද මම එය වලකා නැවතත් මුවින් ලේ දමන තුරු පහර දුන්නෙ පෙර සිදුවීමෙන් ඔහු පාඩමක් ඉගෙන ගෙන නැති බව පෙනුන නිසාවෙනි.
මා කෝපය පාලනය කර ගත නොහැකිව පහර දුන් අතර පිටුපසින් ඇසුන හඩ නොමැති නම් බිග් මිය යන තුරුම පහර දීමට ඉඩ තිබුණි.
"ඕක නවත්තන්න.ඔයා මොකද්ද මෙ කරන්නෙ ?"
හදිසියේම පැමිණි ආරක්ෂකයින් කීපදෙනුකු මාව සිරකර අල්ලා ගත් අතර ඔවුන් මාව ඇදගෙන යන්නට විය.බිග් තවමත් කලබලයෙන් සහ කෝපයෙන් වැතිර සිටියෙ තැලුණ ගෝවා ගෙඩියක් මෙනි.
විශාල ලී දොරක් විවෘත වූ අතර බිග් සහ මා එ කාමරය තුලට රැගෙන ගියද රූපවාහිනී දුරස්ත පාලකයක් අත තබා සන්සුන්ව සිටින පුද්ගලයා දැකීමෙන් අප සිටින්නෙ කොහේදැයි සොයා ගැනීමට අපහසු වූයේ නැත.
"එයාලා රන්ඩු වුණා මිස්ටර් කින් "
එක් ආරක්ෂකයෙකු පැවසූ අතර මම ඔහුගෙ අත ගසා ඉවත් උනෙමි.මොහොතක් හැරී මා දෙස බැලූ කින් නැවත ඉදිරියෙහි වූ රූපවාහිනිය බලන්නට වූයෙ කිසිවක් නොවූ පරිද්දෙනි.
"මිස්ටර් කින් , මූ තමයි මුලින්ම මට කොක්ක දැම්මෙ "
බිග් හිස ඔසවා ගොතගසමින් කියන්නට විය.යකො මූ මට ගහන්න ආවා මදිවට දැන් බොරුත් කියනවා අවලමා.
"තමුන් තාම රස්සාව කරන්න පටන්ගෙනවත් නෑ නේද ? රන්ඩු කරලා එපා වෙන්නෙ නැද්ද ? "
ආපසු හැරි බැලීමටවත් වෙහෙස නොවි ඔහු සිහින් හඩකින් කීවේය.
"හහ්...මොලේ නැති උන්.."
බඩට අත තබා වේදනාව යටපත් කිරීමට වෙහෙසක් ගන්නා බිග් දෙස බලමින් මම කීවෙමි.මම ඔවුන්ගෙ කිසිම දේකට බය නොවෙ.
"ෂිට්."
ඔහු මුමුණන්නට වූ අතර මම දිගටම ඔහු දෙස බලා සිටියෙමි.
"ටක්"
වීදුරු මේසය මතට දුරස්ථ පාලකය තිබු හඩ දෙසට මා දෑස් යොමු කල අතර වාඩි වි සිටි කින් නැගිට හදිසියෙම මා දෙසට එන්නට විය.ඔහු මා ඉදිරියෙන් නතර වු අතර මා පහසු ලෙස කකුල් තබාගත්තෙමි.ඔහු මා දෙස ඇග කිලිපොළා යන ලෙස සීතල බැල්මක් හෙළු අතර මම නොසැලී ඔහු දෙස බලා සිටියෙමි.
පෙරදිනදී ඔහි මගේ ගෙල සිර කර මරා දැමීමට උතසාහ කල අයුරු මට සිහි වූ අතර නැවත එවැන්නකට මුහුණ දීමට තරම් මම නිර්භීත නොවුනෙමි. ශක්තිමත්ව සිටීමට කෙතරම් උත්සාහ දැරුවද කියවීමට අපහසු ඔහුගේ දෑස් දෙස බලන විට මගෙ සිතේ බියක් ඇති බව අකමැත්තෙන් වුවද පිලිගැනීමට මට සිදුවේ.ඔහු දෙස බලා සිටින විට හුස්ම හිරවී යන බවක් මට දැනෙන්නට විය.
"මම කැමති නැ මගෙ තැන අවුල් ජාලවක් වෙනවට.අනික මේක ඔයාට ලැජ්ජ නැතුව ඕන ඕන විදියට විකාර කරන්න පුළුවන් විදියෙ තැනක් නෙවෙයි."
"ඒත් මම මොකුත් කරෙ නෑ.ඔයාගෙ මිනිස්සු තමයි මුලින්ම මේක පටන්ගත්තෙ "
කින් මාව විශ්වාස කල බවක් නොපෙනුනු අතර ඔහු බිග් දෙස බැල්මක් හෙලා නැවත මා දෙස බලන්නට විය.
"මම තමුන්ට කලින් අනතුරු අගවලා තියෙද්දිත් තමුසෙ අහන්න්නෙ නෑනෙ.දන්නවද මම දෙන දඩුවම් මොනවද කියලා "
ඔහු සන්සුන්ව පැවසූ දෙය මා වටා දෝංකාර දෙන්නට වූ අතර ඔහුගෙ ඇගිලි සලකුණු තවමත් පැහැලිව ඇති මගෙ රත් පැහැ ගැන්වි තිබූ ගෙල දෙසට ඔහුගේ දෑස් යොමු වූ ටිට මට නැවත හුස්ම හිරවනවාක් මෙන් දැණුනි.
"..."
" තමුන් ඉන්න තැන අමතක කරන්න එපා. මගෙත් එක්ක කතා කරද්දි හරියට වචන පාවිච්චි කරන්න් ඉගෙන ගන්න "
" ඇයි දැන් මම මේවා අහන්න ඕන?"
මම ඔහුට බාදා කල අතර ඔහු මා දෙසට අඩියක් තැබූ අතම මා වහාම පිටුපසට අඩියක් තැබුවෙමි.
"මම තමුන්ට අනතුරු ඇගෙව්වා "
"ඔයා සෑහීමකට පත් වෙන්නෙ නැත්නම් මාව අයින් කරනවද ?"
"හහ්...මම ඔයා එහෙම ලේසියෙන් පන්නන්නෙ නෑ.මට ඇති වෙනකම් තමුන් ඉන්න ඕන "
ඔහු නැවත මවෙත සමීප වන්නට වූ අතර මට අපහසුවක් දැනුනද එය නොපෙන්වා සිටීමට උත්සාහ දැරූයේ තවමත් ඔහු කෙරේ මා සිතෙහි වු බිය නිසාවෙනි.
"ඔයා මොනවද කරන්න හදන්නෙ...?"
මම මදක් සැකයෙන් ගොතගසමින් ඇසුවෙමි.
"හෙට වෙලාවට එන්න."
ඔහු සිනාසෙමින් සෙමෙන් මිමුණුවේය.ඔහු ඉවත් වත්ම මම ඉක්මනින් කෙල ගිල ගත්තෙ අමාරුවෙනි.
"පකයා "
ඔහු දෙස බලා මම සෙමින් ශාප කලේ ඇත්තටම මම ඔහුට වෛර කරන නිසාවෙනි.
ඔහු එක බැල්මකින් අනෙක් අයව යටපත් කර තම ආධිපත්‍යයට නතු කරගන්නා අතර මට තවදුරටත් මෙය දාරගත නොහැක.මට හදිසියෙම සිහියට නැගුනේ මා අත්සන් තැබූ ගිවිසුමයි.
මම ගත්ත තීරණය හරිද වැරදිද ?
ආරක්ෂක කුටිය ඉදිරියේ නවතා තිබු යතුරු පැදිය ලගට යාමට පෙර මගේ කාමරයෙ තැබු ලියකියවිලි රැගෙන ඉක්මනින් ආපසු මිතුරාගෙ නේවාසිකාගාරය වෙත ආයේ චේව රැගෙන යාමටයි.
ගිය පසු මට මුහුන දීමට තවත් ගැටලුවක් ඇති සේම නිවස බේරාගත් ආකාරය පෝර්චේට පැහැදිලි කරන්නෙ කෙසේද යන්න මට තාම සිතාගත නොහැකිය.
"හේයි...ඔයා කොහොමද ආපහු අපේ ගෙදර ගත්තේ?"
නිවසට අඩිය තැබීමටත් පෙරම චේ විමසන්නට විය.
"අහ් ඒක..මම ජේඩ්ගෙන් ණයක් ගත්තා "
මම බොරු කීවේ තවමත් ඇත්ත කීමට මා සූදානම් නොවන නිසා සහ එය දැනගත් විට චේ කේන්ති ගැනීමට ඉඩ ඇති නිසාවෙනි.
මම ඔහුගෙන් ඉවතට ගොස් විදුලි බුලුලු දල්වා තැන තැන විසිරී තිබු දේවල් පිලිවෙලකට සැකසිමට ගත්තේ නිවසින් පිටව ගිය පසු නැවත නොආ නිසාවෙනි.
"හේයි..."
ඔහු පහත් හඩින් කියු අතර දෑත් බැදගෙන බලා සිටියද මා ඔහුව ගනනට නොගෙන දිගටම වැඩ කරන බව අගවන්නට විමි.
"මොකද?"
මම එය නොසලකා හැරීමට උත්සාහ දැරූයේ විනාශයක් අතලග බව ඉවෙන් මෙන් දැනුන නිසාවෙනි.
"දැන් ඉතිං අපි දෙන්න විතරයි මෙහේ ඉන්නෙ "
මම සුසුමක් හෙලා නැවත පිරිසිදු කරන්නට ගත්තෙමි.
"මම දන්නවා අපි දෙන්නා කොච්චර සමීපද කියලා .ඒ වගේම අයියා කවදාවත් මට බොරු කියන්නෙත් නැ කියලා මම දන්නවා ."
මම දෑස් වසා දිගු හුස්මක් ගෙන චේ දෙස බැලුවෙ කතා කීරීමට වචන එක් කරන අතරයි.මම වචන ගොතන්නට උත්සාහ දැරූයෙ ඔහු ඒ පිලිබද කේන්ති නොගන්නා අයුරිනි.
"ඇයි...ඇයි අයියා ඒක භාරගත්තෙ ? "
බලාපොරොත්තු සුන් වූ වෙව්ලන හඩකින් ඔහු කියන්නට විය.
"ම්ම්ම්...මට ඒක පිලිගන්න උනා "
මම සෙමින් කෙදිරුවෙමි.
"ඇයි ඔයා එහෙම කරේ ?"
කේන්තිය මුසු දුකකින් ඔහු මාව තදින් අල්ලා ගන්න ගමන් කීවේය.
"පෝර්චේ...මම මෙ හැමදේම කරන්නෙ ඔයා වෙනුවෙන්."
"ඔයා ඇත්තටම මම වෙනුවෙන් නම් කරන්නෙ අයියේ මම කිව්ව දේවල් අහන්න තිබුනනෙ "
අමාරුවෙන් වචන ගැටහසාගත් චේ තොල් තද කරගත් අතර ඔහුගෙ කම්මුල් දිගේ කදුලු කැට ගලන්නට විය.මගේ හදවත වේදනා දෙන්නට වූ අතර මට ඒ ගැන මහත් අපහසුවක් දැනුනි.
" අපිට ඉන්නෙ අපි දෙන්න විතරයි.අයියා එයාල ලග වැඩ කරන්න ගිහිල්ලා මොනවහරි උනොත් ඔයාට ? එතකොට මට කවුද ඉන්නෙ ?"
චේගේ කම්මුල් දිගේ කදුලු වැගිරෙන්න සේම ඔහුගෙ වචන මගේ හදවතට වඩාත් වේදනාවක් වන්නට වූයේ මගේ තීරණයට සියල්ලන්ට වඩා වෛර කරන්නේ මම ලොව වඩාත්ම ආදරය කරන පුද්ගලයා වීම නිසාවෙනි.
"මට සමාවෙන්න ඒත් මම ඔයාට පොරොන්දු වෙනවා හොදින් ඉන්නවා කියලා "
මෘදුව පවසමින් ඔහුගෙ හිසට අත තැබූවද ඔහු එය ගසා ඉවත් කලේය.
"හැබැයි ඔයාට මොනවාහරි නරක දෙයක් උනොත් මම ඔයා එක්ක තරහ වෙනවා.ආයෙ කවදාවත් සමාවක් දෙන එකක් නම් නෑ "
ඔය එය කියා අවසන් වීමටත් පෙර මම ඔහුව මගෙ දෑත් අතරට සිර කර ගත්තෙමි.
සාමාන්‍යයෙන් චේ මෙලෙස ඔහුගෙ හැගීම් පිටතට නොපෙන්වන අයෙකු සේම ඔහු කිසිදාක මෙතරම් දුර්වලව සිට නැත. අපි මින් පෙර කිසිදිනක මෙතරම් හොදින් සමීපව කතා කල නොමැති වුවද ,අප දෙදෙනාම හොදින් දැන සිටියා අපිට සිටින්නෙ අප පමණක් බවත් , කොතරම් අපි ගැන සැලකිලිමත්ද සහ එකිනෙකාට කොතරම් ආදරය බවත් .මන්ද මොලොව ඔහුට මමත් මට ඔහු පමණක් බවත් නිසාවෙනි.
"මම පොරොන්දු වෙනවා ,මම එහෙම ලේසියෙන් මැරෙන්නෙ නෑ කියලා "
චේ එක් අතකින් මගේ ඇදුම තදින් අල්ලා සිටි අතර අනෙක් අතින් මගෙ පිටට පහර දෙන්නට විය.
"අයියේ පොරොන්දු වෙන්න...ඔයා ඔයාගෙ වචනෙ රකිනවා කියලා "
හැඩුම් අතරින් වෙව්ලමින් චේ අසන්නට විය.ඒ වන විටත් මගෙ උරහිස කදුලු වලින් තෙත්වි තිබිණි.ඔහු තවමත් ඉකිබිදිමින් සිටියද ඔහුව මෙලස දැකීම මට තවත් හද පාරවන්නක් විය.නමුත් මම මගේ හැගීම් යටපත් කිරීමට දැඩි ලෙස උත්සාහ දැරූයේ ඔහු ඉදිරියේ දුර්වල බවක් පෙන්වීමට නොහැකි නිසාවෙනි.
"චේ...මම කවදාවත් ඔයාව දාල යන්නෙ නෑ.මාව විශ්වාස කරන්න "
පෙරටත් වඩා තදින් මම ඔහුව වැලදගත්තෙ මගේ හැගීම් ඔහුට දැනීමට ඉඩ හැරීමටයි.මා කීවේ ඇත්තක් මෙන්ම මා කිසිදිනක මට නරකක් සිදු වීමට ඉඩ නොතබා ආරක්ෂා වන්නෙ චේට සිටින්නේ මා පමණක් බව හොදින් සිහි තබා ගනිමිනි.
"............"
එකිනෙකට තුරුලු වී දිගු වෙලාවකින් චේ හිස ඔසවා බලන විට ඔහුගේ දෑස් රත් පැහැයට හැරි ඉදිමි තිබිණි.මම මගේ තොල් තදින් සපා හැඩුම් සිර කර ගැනීමට උත්සාහ දැරූයේ මගේ සහෝදරයා මෙලෙස දැකීමට මම කිසිදාක බලාපොරොත්තු නොවූ නිසාවෙනි
"අයියා ඇත්තටම ඒ රස්සාව කරන්න ඕනද ?"
"හ්ම්ම්ම් "
මම හිස වැනුවෙමි
"ඔයා මැරුණොත්, මම ඔයාගෙ මිනිය හාරලා ශාප කරනවා, ඔයා වෙනුවෙන් පූජාවන් පුච්චන්නෙත් නෑ* , ඔයා වෙනුවෙන් කිසිම පිනක් නොකර දෙවනි පාරටත් බඩගින්නෙම මැරෙන්න දෙනවා "
නිමක් නොමැතිව තර්ජනය කරන ඔහුගේ බැරෑරුම් මුහුණ දුටු විට මට සිනාවක්ද නැගුනි.
"මම දන්නවා, මම හැමවෙලාවෙම කියන්නෙ මම එච්චර ලේසියෙන් මැරෙන්නෙ නැ කියලා.ඔයා කරදර වෙන්න ඕන නෑ.මම ජීවත් වෙලා වැඩ කරලා සල්ලි හොයන්නම් එතකොට ඔයාට විශ්ව විද්‍යාලේකට ගිහිල්ලා කැමති විදියට ඉගෙන ගන්න පුළුවන්."
මල්ලිගෙ හිස හිස අතගාමින් මම කීවෙමි.
"කරුනාකරලා මට පොරොන්දු වෙන්න.
ඔව් කියන්න "
"ඔව් "
"එහෙනම් අද මට තව ගේම් අරගන්න පුළුවන්ද ?"
"ඕහ් ශිට් "
මම හිස වනමින් කෑගැසුවෙමි.ඔහු මෙසේ කතා කලද තවමත් චේගෙ ඇස් වලින් කදුලු ගලයි.මම හෙමින් ඔහුගෙ හිස අතගාමින් පොරොන්දු උනේ නැවත මෙලෙස අඩවන්නෙ නැති අතර ඔහු වෙනුවෙන් ඕනෑම දෙයක් කරන බවටයි.
කොච්චර අමාරු උනත් අතාරින්නෙ නැතුව ,ලේසියෙන්ම නොමැරී ඉන්න මම පොරොන්දු වුනෙමි.
...
..
....
[බ්‍රහස්පතින්දා]
හෙහ්...
මේක අමාරුයි.
මගේ හවස පන්ති අවසන් වීටමටත් පෙර සිය වෙනි පාරටත් මම හිල්ලුවෙමි.
පනති අවසානයෙ මම ආවේ පෙරදිනදී මා පැමිණි විශාල නිවස වෙතටයි.
මෙතැන් සිට මට නිතර පාහෙ මෙහි පැමිනීමට සිදුවෙ.
ඇතුලට යාමට පෙර මම යතුරු පැදියේ වට තුනක් පැද්දෙ කින්ට මුහුණ දීමට අවශ්‍ය ධෛර්ය එක් කිරීමටයි.
මෙතැන් සිට මගේ දෛවය පෙර මෙන් පහසු එකක් නොවන බව මම දැන සිටියෙමි.
හෙහ්..අවසානයේ මා ගත් තීරණය හරිද ? වැරදිද ?
***************************
A/N
*මම ඔයා වෙනුවෙන් කිසිම පූජාවක් පුච්චන්නෙ නෑ -
අපේ රටේ මලගිය අයට පැන් වඩලා පින් දෙනවා වගේ තායිලන්තෙ වගේ රටවල මැරුන අයට පාවිච්චියට ගන්න පුළුවන් දේවල් පුච්චනවා.එයාල විශ්වාස කරනවා ඒවා මැරුන කෙනාට ප්‍රයෝජනවත් වෙයි කියලා.
උදා - කින්පෝර්ශ් ඩ්‍රාමා එකේ පිට් මැරුනා කියලා හිතන් තන්කුන් සල්ලි ,ඇදුම්....වගේ දේවල් පිච්චුවා මතක ඇති නේද.ඒ ගැන තමයි මෙතන කියලා තියෙන්නේ.
ඒ චැප්ටරේ දිග!!!🥺❤
ReplyDeleteඅක්කේ 🥺
DeleteThank youuuuuuu ❤️ ❤️ 😍😍
ReplyDelete🙈❤
Delete