(පෝර්ශ් දේ ජාවු )
තීරපඤ්ඤකූල් නිවසට ඇතුලු වීමට පෙර රන් ආලෙපිත ගේට්ටුව ඉදිරියේ සිට බොහෝ වේලාවක් මම කල්පනා කරමින් සිටියෙ මගෙ ජිවිතය පිලිබද ගත් තීරණය නිවැරදිද යන්නයි.
මා දුටු ගේට්ටුව ඉදිරියේ සිටි මුරකරු මගේ නම අසා යතුරු පැදිය රථගාලෙහි නවතන ලෙසට ඉගිකර කීවේය.
මේ විශාල මන්දිරයෙ සෑම අස්සක් මුල්ලකම සිටිනා කළු ඇදුමින් සැරසුන ආරක්ෂකයන් දෙස බලා හීල්ලීම හැර වෙනන්කිසිවක් කිරීමට ඉතුරුව නැත.
එයාල වෙනුවෙන් වැඩ කරන්න මෙච්චර මිනිස්සු මොකටද ?
නිතරම මේ තරම් ශක්තිමත් මිනිසුන් කැටුව සිටීමට ඔවුන් කරන්නෙ කවරාකාරයෙ ව්‍යාපාරයක්දැයි මට ගැටලුවකි.
කිසිම මිත්‍රශීලී හො හිතවත්කමක් නැති මුහුණු ගංගාවක් මා කාමරයට ඇතුලු වත්ම මා පිලිගන්නට මෙන් බලා සිටියෝය.
ඔවුන් අතරින් සමහරක් මා දෙස නොසැලකිල්ලෙන් බලා සිටියද තවත් පිරිසක් ඉතා ඕනෑකමින් මා දෙස දෑස් යොමා සිටියහ.ඔවුන් දෙස නැවත වරක් හැරී බලා පිරිස අතරෙන් මගේ මාර්ගය හදාගෙන මම ඉදිරියට ආවෙමි.
"ඔහ්..ඔයා දැනටමත් ඇවිල්ලනෙ.මගෙත් එක්ක එන්න."
මම දොර අසලට යත්ම පී චෑන් එක් අතකින් ලිපිගොනුවක්ද අනෙක් අතෙන් කෝපි කෝප්පයක්ද සමග පැමිණ මාව පිලිගත්තේය.
කාමර කීපයක් පසුකර පැමිණි ස්ථානය මින් පෙර නොදුටු නුපුරුදු ස්ථානයක් විය.
එහි වටපිටාව නිහඩ ,නිශ්ශබ්ද, බියජනක එකක් විය.
"එන්න ඇතුලට "
ප්‍රොජෙක්ටර්, මේස ,පුටු සියල්ලම පිලිවෙලකට සකසා තිබූ රැස්වීම් ශාලාවක් වැනි කාමරයකට පී චෑන් පසුපසින් මම ඇතුලු වුණෙමි.
"ඒයි තමුන්ගෙ ජේෂ්ඨයන්ට ගරු කරන්න ඉගෙනගෙන ඉන්නවා "
පෙට්ටි කීපයක් මේසය මත තබමින් සිටි අයෙකු මට කිවෙය.
"අහ් sawadee..khap "*
(ආයුබෝවන් )
දෑත් එක්කර කීවද මම තාමත් මෙම පරිසරයෙ නුහුරු බව නිසා පීඩනයට පත්ව සිටිමි.
"හේයි ,ඇත්තද ඊයෙ ඔයා බිග් එක්ක රණ්ඩු වුණා කියන කතාව ?"
පී චෑන් ඇසුවේය.
"එයා තමයි මුලින්ම පටන්ගත්තෙ "
"කරුනාකරලා අපේ මිනිස්සු එක්ක රණ්ඩු ඇති කරගන්නෙ නැතුව අඩුම එයාල එක්ක එකතු වෙන්න බලන්න.
පෝර්ශ් , මිස්ටර් කින්ට කරදර ඇති කරන්න එපා."
ඔහුගෙ නම පවා ඇසූ පමණින් මගේ මනෝභාවය සම්පූර්ණයෙන්ම වෙනස් විය.චෑන් එය කීවෙ ඔහු සුරලොවින් බට සුරදූතයෙක් ලෙස සලකමිනි.
"ඉස්සෙල්ලම මෙතනින් වාඩිවෙන්න "
පී චෑන් පුටුවක් පෙන්වූ අතර මම ගොස් එහි වාඩිවීමි.
"මේ තුවක්කුවකුයි පිහියයි.මිස්ටර් කින් එක්ක එලියට යද්දි ඔයා මේ දෙකම අරගෙන යන්න.
ඔයා තුවක්කුවක් පාවිච්චි කරන්න දන්නව නේද ?"
පී චෑන් ඇසූ අතර මම ඔලුව වැනුවෙමි.
ටයිකුන්ඩෝ ඇරුනම තුවක්කු සමග කාලය ගතකල නිසා මේක මට කජු කනවා වගේ වැඩක්නෙ.
"මිස්ටර් කින් ආරක්ෂා කරන එක තමයි ඔයාගෙ රාජකාරිය.ඒක මොනම වෙලාවකවත් අමතක කරන්න එපා...
මොනවා වුණත් ඔයා එයාව ආරක්ෂා කරන්න ඕනෙ."
එසෙ කියමින් පී චෑන් තුවක්කුව සහ පිහිය කලු පැහැති පෙට්ටියක දමා මට ලබා දුන්නේය.
"ඒත් බැරිවෙලාවත් හදිසියෙම මට කාටහරි වෙඩි තියන්න වුණොත් ? මාව හිරේ යයිද ?"
ඔහු මට තුවක්කුව සෙල්ලම් බඩුවක් ලෙස ලබා දුන්නත් හදිසියෙම කිසිවෙකු හො මියගියහොත් කින් මා වෙනුවෙන් හිරේ යයිද ?
"මෙතනදි මිනිස්සුන්ට වෙන හැමදේම නීතියට පිටින් වෙන දේවල් "
ඔහු දැන් පැහැදිලිවම කීවේ මිස්ටර් කෝර්න් දැනටමත් මේ සියල්ල මිලදීගෙන ඇති බවක්ද ?
මෙච්චර ?
මෙතරම් බලවත් වීමට ඔවුන් කරන්නෙ මොනවද ?
"අඩුමගානෙ මිස්ටර් කින්ව ආරක්ෂා කරන්න ඕන කාගෙන්ද කියලවත් මට කියන්න "
"හැමෝගෙන්ම ...එයාට රිද්දන්න උත්සාහ කරන හැමෝගෙන්ම..."
වාව්...මේක....ම්ම්ම්ම්
"එයගෙ ණයකාරයන්ගෙන්, පලිගන්න බලන් ඉන්න අයගෙන්....එ වගෙ ගොඩක් අයගෙන්.."
වෝහ්...මේක මරුනෙ..
මට ඉදිරියට මිහුණ දීමට ඇති සතුරන් විස්තර කිරීමට මෙය නම් කදිම ක්‍රමයක්.ඇත්තටම මට පුදුම මෙහි නිවැසියක් කරන්නෙ කවරාකාරයෙ ව්‍යාපාරයක්ද යන්නයි.මුලදී,මම එක් අහිංසකයෙකු බේරා ගැනීමට උත්සාහ කල නමුත් දැන් ඔහුගේ පවුල් පසුබිම නිසා මට බොහෝ කරදර වලට මුහුණ දීමට සිදුවී ඇත.
"මේ පවුල කැසීනෝ සහ නීති විරෝධී ණය ගනුදෙනු වගේ ව්‍යාපාර කීපයක්ම පවත්වගෙන යනවා "
ඇසීමටත් පෙරම පී චෑන් කීවේ මා සිතූ දෙය තේරුම් ගත් අයුරිනි.
මේ මිනිහට හිත් කියවන්න පුළුවන්ද?
මම ඌට බැන්නොත් ඇහෙයිද දන්නෑ ?
"මගේ මූන දිහා බලන් නොඉද ගිහිල්ලා තමුන්ගෙ වැඩක් කරන්න..මිස්ටර් කින් විශ්ව විද්‍යාලයෙ ඉදන් දැනටමත් ගෙදර ඇවිල්ලා ඇති.ගිහිල්ලා එයාව බලන්න "
මම අකමැත්තෙන් ඔලුව වනා අත තිබූ පෙට්ටියද පසෙකින් තැබුවෙමි.
"හරි..එයාගෙ කාමරෙ කොහෙද තියෙන්නේ ?"
"මිස්ටර් කින් තමුන්ගෙ යාලුවෙක් නෙවෙයි.ඒ නිසා ඔය විදියට කතා කරන එක නවත්තන්න."
ගැඹුරු හඩක් ඇසුනු අතර ඇසි හීනි කර බැලු විය දුටුවෙ ,
බිග්...
තෝ තාම දන්නෙ නැද්ද දහ වෙනි රාම රජතුමා* වහල්භාවය අහෝසි කරා කියලා ?
"හරි එහෙනම් දැන් එයා කොහෙද ඉන්නෙ ?"
මා නැවතත් ඇසූයෙ ඔහුගෙ නම නොපවසා සිටීමට උපරිම උත්සාහ කරමිනි.
"දෙවනි මහලේ වම් පැත්තෙ තියෙන කෙලවරේම කාමරය "
"අහ් තමුසෙ මිස්ටර් කින්ට මොනවාහරි අනතුර්‍රක් කරන්න උත්සාහ කරොත් ජීවත්වෙලා ඉන්නවට වඩා මැරෙන එක හොදයි "
මා දෙස තියුණුව බලා සිට එලෙස කියූ තරුණ කොල්ලාගෙ හඩේ පැහැදිලිවම ගැබ්ව තිබුණෙ තර්ජනාත්මක බවකි.
එක් දිනකදි මෙතරම් තර්ජන ගර්ජන වලට මුහුණ දීමට සිදු වේ යැයි මා කිසිම දිනක බලාපොරොත්තු නොවු අතර ඔවුන් සලකන්න්නෙ මා දම්වැල් දමා සිරකල බල්ලෙකු ලෙසටයි.
මේ මිනිස්සුන්ට මොකද්ද වෙලා තියෙන්නේ ?මට පෙනෙන්නෙ මා වටා අරක්ගෙන ඇති සොම්බි කන්ඩායමක් මෙනි.තවද විශේශයෙන්ම පී චෑන්ගේ හැගීම් රහිත මුහුණ මා දෙස බලා සිටි ආකාරය මා අපහසුතාවයට පත් කරන්නක් විය.
පී චෑන් කියු පරිදෙ දෙවනි මහලට පැමිණෙන විටත් විශාල ආරක්ෂකයින් පිරිසක් දැනටමත් එහි යොදවා තිබූ අතර ඔවුන් මා දෙස නුපුරුදු බැල්මක් හෙලන්නට විය.පැවසූ පරිදි මගේ කාමරය සොයා යන විට මට සිහි වූයෙ මෙය පෙර දිනකදි මා රැගෙන ආ කාමරයම බවත් කාමරය ඉදිරියට පැමිණෙන විට එහි සෝෆාවෙ වාඩි වි සිටි අයෙකු මට කතාකරන්න විය.
"හොද වෙලාවට ඔයා ආවෙ.මිස්ටර් කින්ට ඔයාව හම්බවෙන්න ඕන වෙලා තිබුනා "
ඔහුගේ නම ඇසෙන විටත් කෝපයෙන් වෙව්ලන්න විය.මෙම ස්තානයේ ඕනෑවටත් වඩා ආරක්ෂකයින් යොදා ඇති අතර මට හැගුනෙ මෙහි යම් නීති විරෝධී කර්මාන්ත ශාලවක් ඇති බවටයි.එසේ සිතමින් මම තනිව සිනාසි කාමරය තුලට යාමට සැරසෙන විට එහි වූ අයෙකු හදිසියෙම මාව නැවැතිවීය.
"ඔයාගෙ ආයුධ මෙතනින් තියල යන්න "
මම ඇස් හීනි කර ඔහු දෙස බලා ඔහු කියු දෙය නොසලකා යාමට සැරසුනෙමි.
"ඕනවට වඩා කරදර වෙන්නෙපා.මට එයාට මොකුත් කරන්න ඕන නැ.එහෙනම් මම පෙට්ටිය අරගෙන ඇවිල්ලා පිස්තෝලය ඒක ඇතුලට දාගන්නම්.සතුටුද ? "
"බෑ.ඒවා මෙතනින් තියන්න.ඒ වගේම මිස්ටර් කින්ට ගොඩක් වෙලා බලන් ඉන්න ඉඩ තියන්නෙපා "
සුසුමක් හෙලා මා අත වූ ආයුධ පෙට්ටිය ඔහුට බාරදී දොර ඇරගෙන කාමරය තුලට යනවාත් සමගම ඒ තුල වූ හිනා හඩ සහ කෑගැහිල්ල හදිසියෙම නැවතුනි.
"තට්ටු කරලා එන්න දන්නෙ නැද්ද ?"
සුපුරුදු හඩකින් රළුව කියූ අතර හිස මදක් ඇලකර එ දෙස බලන විට දුටු දෙයින් මට සිනා පහල විය.වෙනදා ඇද සිටි කලු පැහැති ඇදුම් වෙනුවට ඔහු අද ඇද සිටියේ විශ්ව විද්‍යාල නිළ ඇදුමයි.
මම දොර දෙසට අත දිගුකර සිතාමතාම දොරට තට්ටු කලෙමි.
"ඔන්න එහෙනම් මම තට්ටු කරා..."
කින්ගෙ විශ්ව විද්‍යාල මිතුරන් යැයි මම සිතු තරුණයන් දෙස බලමින් මම කීවෙමි.
ඉහල සිට පහලටත් පහල සිට ඉහලත් මා දෙස විපරමින් බැලූ ඔහුගෙ මිතුරන් කින් අසලට ගොස් කතාකරන්න විය.
"මේ කවුද බං ?"
"මගේ අලුත් ආරක්ෂකයා "
කින් ඔවුනට පිලිතුරු දෙන අතර මගේ හිසේ සිට පාදාන්තය දක්වාම බලන්නට විය .
"මොකක් ?"
මම ඇසුවෙමි.
නමුත් ඔහු කිසිවක් නොකියා දෑත් බැද රළු ලෙස මා දෙස බලා සිටියේය.
"උඹට හොදටම විශ්වාසද මේ ආරක්ෂකයෙක් කියලා ? මෙයා උඹෙ තාත්තා වගේනෙ "
මා දෙස බලා සිනා සෙමින් එකෙකු කියන්නට විය.
කින් කිසිවක් නොකියා මා දෙස රවා බලන්නට විය.
"ගිහිල්ලා අපිට කන්න මොනවාහරි අරගෙන එනවා "
ඔහු හිතාමතාම මාව ව්‍යාකූල කිරීමට මෙන් පැවසීය.කෑම ? මොන කෑමක්ද ?
"එයා අන්දමන්ද වෙලා වගෙ"
කින්ගෙ යාලුවෙක් කීවෙ මට ඔහුව නෑසුනාක් යැයි සිතමිනි.
හේයි..මම මේ උඹල ඉස්සරහම තමයි ඉන්නෙ.
"මම කිව්වෙ අපිට කෑම අරගෙන එන්න කියලා.දැන්ම පහලට යනවා...."
මෙවර නම් එය පැහැදිලිවම අණ කිරීමක් වු අතර ඔහුගෙ හඩෙහි අදුරු බව නිසා මගේ කලකිරීම තවත් වැඩි වන්නට විය.
අනේ පකයො තොට මාව වහල් වැඩ කරන එකෙක් වගේද පේන්නෙ..?දෙවියන්ගෙ නාමෙන් මම උඹේ වහලෙක් නෙවෙයි.
"මම වැඩකාරයෙක් නෙවෙයි."
කින්ගෙ මිතුරන් දෙස බලමින් මම කෑගැසුවෙමි.
"වෝ....හ්....මෙන්න චණ්ඩියෙන් ඇවිල්ලා "
කින්ගෙ මිතුරෙකු කීය.
"පෝර්ශ් මට එකම ආයෙ ආයෙ කියන්න ඉඩ තියන්නෙපා.දැන්ම පහලට ගිහිල්ලා කෑම මොනවාහරි අරගෙන එනවා "
කින් ඔහුගේ කේන්තිය සැගවීමට උපරිම උත්සාහ කරමින් කියූ අතර මම ගැඹුරින් හුස්මක් ගෙන නැවත පෙරලා ඔහුට කෑගැසුවෙමි.
"මම මොකටද ඔයාට කෑම අරගෙන එන්න පහලට යන්නෙ? ඕන නම් ඔයාම ගිහිල්ලා ගන්නකො. "
"පෝර්ශ් "
ඔහු ලගට යාමට තරම් මම නිර්භීත නොවු නමුත් මෙ වේසිගෙ පුතා සෝෆාවෙ වාඩිවි සිට එකවරම පැමිණ මගෙ අත තදින් අල්ලා ගත් අතර ඔහු පෙනුම පෙර දින තරහ පාලනය කරගත නොහැකිවූ ලෙසටම මා දෙස බලා සිටියේය..
"උඹ මගෙ ඉවසීම කොච්චරද බලනවද පෝර්ශ් ?"
කෝපයෙන් දත්මිටි කමින් කින් කියු අතර ඔහුගෙ ඇස් කේන්තියෙන් වෙව්ලන්නට විය.මම ඉක්මනින් ඔහුව තල්ලු කර ඔහු සිර කරතිබූ මගෙ අත ගලවා ගත්තෙමි.
"දන්නවා "
කාමරයෙන් පිටවීමට පෙර මම ඔහුට ඔරවගෙනම කීවෙමි.ඇත්තටම මට මේ වගෙ මිනිස්සුන්ව පේන්න බෑ.කිසිම කමකට නැති උන්.
ඔහු කියු පරිදි පහලට ආවද මේ විශාල නිවසේ කුස්සියක් සොයාගැනීම මට හිසරදයක් ඇති කරන්න වගෙ.
මගදි හමුවූ ආරක්ෂකයන් අමුතු ලෙස බැලූවද මා ගනනකට නොගෙන ඔවුන්ගෙන් නොඅසා ගියේ මෙ අවස්ථාවේ මා සිටින්නෙ යහපත් මනෝභාවයකින් නොවන නිසාවෙනි.
පඩිපෙල දිගේ පහලට පැමිණ වටපිට ඇවිද බැලුවද මට තේරුණෙ එකම තැනක් වටා ඇවිද ඇති බවයි.
"ඔයා කොහෙටද යන්න හදන්නෙ ?"
කලු ඇදුමින් සැරසි සිටි අයෙකු විත් මගෙන් ඇසීය.
"කුස්සියට "
"මෙතනින් දිගටම ගිහිල්ලා වමට හැරෙන්න"
කුස්සියට යන ආකාරය ඔහු පැවසු පසු මම යාමට හැරුනේ ඔහුට ස්තූතී වත් නොකරමයි.මන්ද මම තවමත් සිටින්නෙ කලකිරීමෙනි.
පැවසු පරිදි දිගටම ඇවිද ආ මම අවසානයේදි කුස්සියට පැමිණි අතර එහි දැනටමත් ගෘහ සේවකයකන් හතර දෙනෙකු වැඩ වල නිරතව සිටියහ .ඔවුන්ගෙන් අයෙකු මා දෙස හැරි කතාකලේය.
"එන්න , ඇවිල්ලා මොනවාහරි කන්න "
මිත්‍රශීලී සිනාවක් සමගින් ඇය කීවාය.
"මට කෑම ටිකක් ගන්න ඕන "
සාමාන්‍ය පරිදි මම කීවද ඇය පෙනුමෙන් වඩා වැඩිමහල් අයෙකු ලෙස මට තේරුණි.
"ඔයා කින් මහත්තයගෙ යාලුවෙක්ද "
ඇය බොහොම ගෞරවයෙන් ඇසුවාය.
"න්...නෑ.මම..කින්ගෙ...මම එයාගෙ අලුත් ආරක්ෂකයා."
නැවතත් සාමාන්‍ය ලෙස ඔහුගෙ නම කී නිසාදෝ ඉදිරියේ සිටි කාන්තාව ඇහිබැම හකුලා බැලුවාය.
"ඔහ්..කින් මහත්තයගෙ ආරක්ෂකයෙක්ද ? ඒත් ඇයි ඔයා තාම ඇදුම් මාරුකරගෙන නැත්තෙ ? "
"මම මෙතන්ට ආවෙ කෑම මොනවාහරි අරගෙන යන්න "
ඇයගෙ ප්‍රශ්න වලට උත්තර බැදීමට අවශ්‍ය නොමැති නිසා මම ගහනනකට නොගෙන කීවෙමි.
"පොඩ්ඩක් ඉන්න.කින් මහත්තයගෙ යාලුවො ඇවිල්ලා නේද ? "
ඔව් යැයි මම ඔලුව සොලවා කී අතර කාන්තාව සුළු කෑම ජාති කීපයක් බන්දේසියක තබා දුන්නාය.
"ආහ්, මේ පීරිසිය කින් මහත්තයට දෙන්න.තව එයාට කියන්න නැන්දා එයා වෙනුවෙනම විශේශයෙන් හැදුවෙ කියලා "
එසෙ කියා ඇය නැවත වැඩෙහි නිරත වන්නට ගත්තාය.
ඇයි මෙ ගෘහ සේවකයන්ට බැරි එයාලට මේවා ගෙනිහිල්ලා දෙන්න ? මොකටද මම මේවා කරන්නෙ.
විශාල බන්දේසියද රැගෙන යන ගමන් මම තනිව කල්පනා කලෙමි.
මම මේවට කෙල ගහන්නද ?
මුගෙ මිනිස්සු මෙ ගෙදර හැම කොනකම ඉදන් බලන් ඉන්න නිසා ඒකෙන් වැඩක් වෙන එකක් නැ මම හිතන්නෙ.
හැබැයි කවදාකහරි මගෙ පලිය මම උඹෙන් ගන්නවමයි කින්...
"මට මෙ දොර ඇරල දෙන්න..j."
❤️❤️❤️
ReplyDelete❤️
ReplyDelete