Skip to main content

චං කං මානසික රෝහලේ සිද්ධියෙන් පස්සේ ෂිඒ ෂුඒ කැම්පස් එකේ නමගිය කථිකාචාර්ය කෙනෙක් වුණා.

එයා දේශන ශාලාවට ආයෙත් එනකොට එකම එක ශිෂ්‍යයෙක්වත් පරක්කු උනේ වත්, කලින් ගියේවත් නැහැ. ඔක්කොම දේශන ශාලා පිරිල තිබුණ අනෙක් ක්ලාස් වලින් ආපු ශිෂ්‍යයන්ගෙනුත්. ඒ වගේම පර්ෆෝමන්ස් ක්ලාස් එකේ සීනීයර්ස්ල පවා ඒක බලන්න ආවා. හැමෝටම ඕනෙ උනේ සයිකෝ කිලර් කෙනෙක්ගෙ අතින් බේරිලා පැනලා ආපු නමගිය කෙනාව බලන්නයි.



ෂිඒ ෂුඒ ගේ ෆොටෝ එකක් ප්‍රින්ට් කරලා නේවාසිකාගාරයෙන් දොරේ එල්ලලා තිබ්බොත් , නේවාසිකාගාරෙ ඔක්කොම කට්ටිය එයාලගෙ විෂයයන්  ෆේල් වෙන එකක් නැහැ කියලා තවත් දරුණු කටකතාවක්  පැතිරිලා තිබුණා.


ඒත් ෂිඒ ෂුඒ ඒක දැනගෙන හිටියේ නැහැ. තමන්ගේ නැටුම් ශාස්ත්‍ර දේශනය පංතිය පෙර නොවූ ලෙස ජනප්‍රිය වීමට හේතුව විදිහට  ඇය  දැඩි ලෙස  විශ්වාස කළේ  තමන්ගේ පන්තිය ඉතා සිත්ගන්නාසුලු වීම කියලයි.


" දෙවියනේ , මම කොච්චර හොඳ ටීචර් කෙනෙක් ද" තමන්ගෙ ශිෂ්‍යයන්ගේ ගෙදර වැඩ අරගෙන යන හේ යූ ට ෂිඒ ෂුඒ  හරි සතුටින් කිව්වා. 

" ඒත් හේ යූ , ඔයා හොඳින්ද ? කැම්පස් එකෙන් ඔයාට වෝඩ් එකක් දෙන්නයි යන්නේ. ගින්නට  දුවගෙන යන ඔයාගෙ ඔලමොට්ටල වැඩේ අනුකරණය කරන්න වටින්නේ නැති උනත් , ඩිරෙක්ටර්  කිව්වා ඔයාට ධෛර්යවන්ත හොද හිතක් තියෙනවා කියලා "

" බොහොම හොඳින් , මේ වෝඩ් එක මගේ පේරන්ට්ස්ලටත් එක්ක තමයි" හේ යූ හිනා උනා.


හේ ජිවෙයි සහ ලූ ජිෂු මේ සිද්දිය ගැන දැනගෙන හිටිය. තමන්ගේ පුතා හොඳින් බව දැනගත්තට එයාලා එයාල ආපහු ආවෙ නැහැ. විශේෂයෙන් ලූ ජිෂු , එයා නිතරම අමුත්තන්ට හිනාවෙලා විහිළු කර කර කතා කරනවා. එයාව නොදන්න අය හිතන්නේ එයා විහිලු කරන,  සුහද කෙනෙක් කියලයි.


කොහොම වුණත් එයාව ගොඩක් කාලයක් තිස්සේ දන්න ෂිඒ චිංචෙං සහ ෂිඒ ෂුඒ වගේ අය එයාගේ මේ කරුණාව සහ සුහද බව බොරුවක් කියලා පැහැදිලිවම දැනගෙන හිටියා.


නමුත් ඒත් එක්කම එයා කැම්පස් එකේ බලධාරීන්ට කතාකරලා,  හේ යූ ට සුභ පතන ලෙස කැම්පස් එකට බලපෑම් කරන්න කියලා පාලන මණ්ඩලයට කියලා තිබුණා.


ඒත් ඇත්තටම හේ යූ අනවශ්‍ය  වර්ණනා කොහොමටවත් ගණන් ගත්තේ නැහැ.


ෂිඒ ෂුඒ ගොළු උනා. හේ යූ ගැන එයාට කනගාටුවක් දැනුණා. හේ පවුලේ කටයුතු ගැන තවදුරටත් කතා කරන්න ඇයට අවශ්‍ය නොවූ අතර  වෙනත් සිත්ගන්නාසුලු මාතෘකාවක් ගැන ඉක්මනින් සොයාබැලුවා.

" අහ්, ඒ ගැන කිව්වොත් සිකුරාදා ස්කූල් එකේ උත්සවයක් තියෙනවා. ඔයා පහුගිය දවස් වල අවුලෙන්නේ හිටියේ , පොඩි බ්‍රේක් එකක් අරන් යාලුවෝ එක්ක සතුටු වෙන්න  මේක අවස්ථාවක් කරගන්න. ඔයාට ඕනෙද මේකෙට ඇවිල්ලා පාර්ටිසිපේට් කරන්න?"


"බෑ.. මට සිකුරාද කරන්න වැඩක් තියනවා"


" ඉතිං .."  ෂිඒ ෂුඒ කණගාටු වෙන බවක් පේන්න තිබ්බා. " අයියෝ අපරාදේ , මාත් එක්ක ඔයාට එන්න පුළුවන් ද අහන්නයි මම හිතාගෙන හිටියේ "


" ඔයාට යන්න ඕනෙද ?" හේ යූ ගේ නොසැලකිලිමත් බැල්ම එයාගෙ මූණට වැටුණා.


" මට යන්න වෙනවා " ෂිඒ ෂුඒ නරියෙකුගේ විශාල හිසක් මේසේ පිටිපස්සෙන් එළියට අරගෙන ඊට පස්සේ හිම වගේ සුදු වල්ගේ හොයන්න උනා. " බලන්න"


" මේ මොකක්ද ?"


" වල්ග නවයෙ නරියෙක්ගෙ ෆිගර් එකක්. කැම්පස් එකෙන් ඒක ලෑස්ති කළා . හැම ප්‍රධාන ටීචර් කෙනෙක්ම ප්‍රධාන බෝනික්කෙක්ට අඳින්න කෙනෙක් යවන්න ඕනේ. මම හරිම අන්ලකී. මම හිර වෙනවා විතරක් නෙමෙයි මහ එපාම කරපු ඇක්ටිවිටි එකක් ලැබුණේ"


"අනෙක් අය කොච්චර මෝඩ වුණත් සාමාන්‍යයෙන් හොඳ ලක් එකක් තියනවා. ඔයාගෙ IQ ලෙවල් එක E වෙලත් ඔයා කොහොමද අන්ලකී උනේ" හේ යූ බර හුස්මක් ගත්තා. " එයාලා ඔයාව කොහෙටද යැව්වෙ ? "


" නෙවර්ලෑන්ඩ්, කලින් සෙන්ට්‍රල් ලේක් එක" ෂිඒ ෂුඒ හේ යු ගෙ විහිලුව ගනන් ගන්නේ නැතිව මූණ හදාගත්තා.


" එතනට කියන්නේ ෆැන්ටසි අයිලන්ඩ් කියලා. එත් ඇත්තටම ඒක පොඩි දූපතක්. ළමයි ඒකේ ලයිට් වැල් එල්ලා ස්ටාර් ප්‍රොජෙක්ෂන් කරනවා. වෙනදා වගේම තමයි. අවාසනාවකට ඒක ගොඩාක් දුරයි.. මේ අවුරුද්දේ ඒ ඔක්කොම කැන්සල් කරන්නයි යන්නේ. ඒත් ඩිරෙක්ටර්  හිතුවේ ඒක සම්ප්‍රදායික ප්‍රොජෙක්ට් එකක් කියලා. ඒ නිසා ඒක නැවතුණා.."


එයා තමන්ගේ විසිතුරු ඇඳුමෙ වලිගේ කලකිරීමෙන්  විසිකරලා එයාගෙ පුටුවට ඇදගෙන වැටුණා .


හේ යු එයා මේසෙට විසිකරපු හිම සුදු පාට වලිගය අරගෙන ඒක දිහා කල්පනාකාරී විදිහට මොහොතක් බලාගෙන හිටියා. මොකුත් වැඩිය කිව්වේ නැති වුණාට හිතට අදහස් ආවා.


ඇසපිය ගහන වේගයෙන් සිකුරාදා උදා උනා.


බේක් කරපු කේක් වල මිහිරි ක්‍රීම් සුවඳ බේකින් කාමරෙන් හමාගෙන ආවා.


හේ යු අවන් එක ඇරලා හදල ඉවර කරපු කේක් සුදු පාට ඉටි කොළ උඩ තියලා පෙට්ටි වලට අසුරගත්තා. ඊට පස්සේ එයා නැන්දගෙන් ණයට ඉල්ලගත්ත බේකින් කාමරේ අස් කරලා එළියට ආවා.


ගාර්ඩන් පාර්ටි එක හොදටම යනවා.


සෙල්ලම් කරන්න වෙලාවක් නෑ කියපු හේ යූ , ෂිඒ ෂුඒ ආසම මැන්ගෝ මූස් එක්ක විප් ක්‍රීම් එකක් අරගෙන එක අතක් සාක්කුවේ දාගෙන කැම්පස් එක වටේ සැහැල්ලුවෙන් ඇවිද්දා.


එයා එක ගේම් එකක් සෙල්ලං කරල සෙල්ලම් බලු පැටියෙක්ව දිනුවා. සුදු පාට ඒ බලු පැටියා හිනාවෙන දේව දූතයෙක් වගේ , උගෙ ඇස් එයා දිහා බලන් ඉන්න රවුම් චොක්ලට් බෝල දෙකක් වගේ.


"අර.."


එයාට එහා පැත්තේ හිටපු ගෑණු ළමයි අත් වලින් කට වහගෙන සැරින් සැරේ කතා කළාට සමහර කියපු දේවල් එයාට ඇහුණා.


" ඒ තමයි මිස්ටර් හේ.. අර ගිනි ටීචර්ව බේරගත්තේ.. එයා ෆොටෝ වල ඉන්නවාට වඩා ගොඩාක් ලස්සනයි " 


" මොනතරම් මෝඩයෙක්ද. එයා ජූනියර් කෙනෙක්. එයා 1001 පංතියෙන් නර්තනය සහ අධ්‍යක්ෂණයට "


" අහ්.. මේ චූටි අයියා හරිම උසයි .. 6' 1"  වගේ එයා පෙන්නේ…නෑ එයා 6'3"කට කිට්ටුයි  වගේ පේන්නේ "


" මගෙ යාළුවෙක් ඉන්නවා එයාගෙ පන්තියේ ඉන්න. ඒ ගර්ල් මට කිව්වා හේ යු ගෙ පවුල ගොඩක් පෝසත් , හේ යූ  ලස්සනයි වගේම එයාගෙ ලකුණුත් ගොඩක් හොඳයි කියලා"


" සීනියර් වෙයි දොංහෙන් වගේ නේද ඒ? " 


" හයියෝ , වෙයි දොංහෙන් කියන්නේ කිසිම ගුණයක් නැති මිනිහෙක් . ඒකගෙ  ලොකුකම අහස උසට. මලකටත් වඩා සිවුමැලියි. ඇයි ඔයා එයාට සීනියර් කියන්නේ? එයාට සීනියර් අක්කා කියන්න.  ගිය සතියේ පහේ පන්තියේ පර්ෆෝමන්ස් ක්ලාස් එකේ  එයා ගියා ආදරේ කියන්න ගර්ල්ට. ඔයා දන්නවද එයා කිව්ව දේ ?"


"මොකක්ද ?"


" ඔයාට ? ඔයා අඩුම ගානේ කණ්නාඩියකින් බලලා නැද්ද ? ඔයාට ඕනෙ මම ඔයාට ස්කින් කෙයාර් ප්‍රඩක්ට් ටිකක් අරන් දෙන්නද?"


"...."


" ඒත් හේ යු වෙනස්, එයා ගොඩාක් මෘදු යි ඒ වගේම හරිම ආචාරශීලීයි . එයා අඩුම ගානේ මිනිස්සුන්ට හයියෙන් කතා කරන්නෙවත් නැහැ. මේ, ඇත්තටම එයා ජීවිතේට රිස්ක් එකක් ගත්තා ද ෂිඒ මිස්ව බේරගන්න ඒ වෙලාවෙ. ඔයා කොහෙන්ද මේ වගේ හොඳ කොල්ලෙක් හොයා ගන්නෙ? "


හේ යූ ට, එයාලා කතා  කරන්නේ තමන් ගැන කියලා ඇහුනම එයාලා දිහා  බලලා හිනා උනා. " එයාට අපි කියන එක ඇහුණා "

කියලා ගෑනු ළමයි දෙන්නා රහසින් කියලා ලැජ්ජාවෙන් යන්න කියා.



හේ යූ එයාගෙ හිනාව වගේම අඳුරු පෙනුම පාලනය කරගත්තා.


එයා ෂිඒ චිංචෙං ට කියපුවා ගනන් නොගෙන ඉන්න තිබ්බා .


කොහොමද කිසිම කෙනෙක් එයාට කැමති නැති වෙන්නේ?


ඒ උනාට වුණාට එයාට කැම්පස් එකේ ඉන්න මේ ගෑනු ළමයි ගැන කැමැත්තක් තිබුණෙ නැහැ  එක්කෙනෙක් හැර..


  

එයාට ඕන වුණ දේ ඒක විතරයි.


ඒ වෙලාවේ එයාගෙ සාක්කුවෙ තිබුණ ෆෝන් එක දෙපාරක් රින්ග් උන නිසා හේ යූ ඒක බලන්න එළියට ගත්තා .


" බොස් , ඔයාට ඇත්තටම කඹ පාලම කපන්න ඕනෙද ? "


මේ පණිවිඩය ආවේ දෙවැනි වසරේ ඉන්න , එළිමහන් ක්‍රීඩා සමාජයේ සීනීයර් කෙනෙක්ගෙන්.


නෙවර්ලෑන්ඩ්  දූපත තිබුණේ හූ ජො කැම්පස් එකේ විල මැදට වෙන්න. මේ දූපතේ මැද එළිමහන් ක්‍රීඩා සමාජයේ කෑම්ප් එක තිබුණ.  සාමාන්‍යයෙන් ඒකෙ දේවල් ගැන හොයල බැලුවේ ඒ කතා කරපු කෙනයි.


" මේ කඹ පාලම දිරලා . ඒක නඩත්තු කරන එක භයානකයි . ඒ නිසා ඒක කපල දාල අලුතෙන්ම හදන එක ලේසියි " හේ යු රිප්ලයි කළා.


" ඒත් ඩීන් මේ අවුරුද්දේ මුල සේවකයෝ අරගෙන තිබුණා ඒක මේන්ටේන් කරන්න . නෙවර්ලෑන්ඩ් දූපත් අපේ ක්ල්බ් එකට බලාගන්න දීලා තියෙන්නේ. ඒක මෙච්චර ඉක්මනට කැඩිලා ගියොතින් අපේ ක්ලබ් එකෙන් ගෙවන්න වේවි.. ඒක පාවෙන පොඩි පාලමක් උනාට ඒක අලුත් වැඩියා කරන්න 3000කට වඩා ගානක් යනවා" 


මේ පණිවිඩය යැව්වට පස්සෙ සීනියර් අයියගෙ ෆෝන් එක හදිස්සියේම රින්ග් උනා.


" 5000 යුආන් .. පේ පෑල් ලැබී ඇත"


" ප්ලීස් අයියා, ඒක හොඳින් කපලා දාන්න " හේ යු ගෙන් තව පණිවිඩයක් ආවා .


 " ….." සීනියර් අයියා.


ධනවාදයට ඒ වගේ සරල සහ සෘජු සන්නිවේදන ක්‍රම තිබුණා .


උද්‍යාන සාදයෙ කාලසටහනට අනුව "වල්ග නවයේ නරියා" හංස බෝට්ටු තොටුපලේ ළමයි එනකම් බලාගෙන ඉන්න ඕනේ. ඒ වගේම නෙවර්ලෑන්ඩ් දූපතට කියන්න අවශ්‍ය අය  ඇරලවන්න ඕනේ.


මැරුණු ගස් අතු වගේම කොළ ගොඩවල් පිරුණු වැව් ඉවුර දිගේ හේ යූ ඉස්සරහට ඇවිදගෙන ගියා. වල්ග නවයෙ  නරියාගේ ඇඳුම ඇඳගෙන බෝට්ටු ව අල්ලගන්න එන ළමයි එනකන් බලාගෙන ඉන්න ෂිඒ ෂුඒ ව එයා දැක්කා.


සුදු පාට නරියා බෝට්ටුවේ සංසුන්ව වාඩිවෙලා හිටියා. එයාගෙ වල්ග නවයෙන් එකක් වැව මතුපිටට වැටිලා බෝට්ටුව පැද්දෙන කොට රවුමට කැරකුනා.


එයා සුදු නරියා ළගට ගියා. කැඩුණු කොල එයාගෙ කකුලට පෑගිලා සද්ද ඇතිකළත් වල්ග නවයේ නරියාගෙ අවදානේ වෙනදේක තිබුන නිසා ඉවුරේ ඉන්නකම් නරියාට ඒක ඇහුණේ නැහැ .


" ෂිඒ ෂුඒ "

වර්ග නවයේ නරියා හංස බෝට්ටුවෙන් ආපහු හැරිලා බලන්න කලින් ටිකක් තුෂ්නිම්භූත වෙලා හිටියා.


" ඔයා මම ඒවි කියලා හිතුවේ නෑ නේද ?" හේ යූ හිනාවුණා.


" ඇත්තටම, ඔයාව එවපු මේ තැන ගොඩක් ඈතින්  තියෙන්නෙ. මමත් ආවෙ නැත්තම් රෙජිස්ටර් වෙන්න වෙන කිසිම කෙනෙක් එන එකක් නෑ මේ අපායට. ඔයාට වේලි වේලි දවසෙම වාඩිවෙලා ඉන්න පුළුවන් " හේ යූ වටපිට බලලා කිව්වා.


වල්ග නවයේ නරියා එයා දිහා නිශ්ශබ්දව බලාගෙන හිටියේ  එයා කියන දේට එකඟ නැහැ වගේ පෙනුමකින්.


" තව කවුද ඔයාට අනුකම්පා කරන එයි කියලා හිතෙන්නේ? ඔයාගේ අයියා ?"


"......"


 " ඔයාගේ අයියට මෙන්සස් හැදෙන්න කිට්ටුයි. ගැලපෙන කෙනෙක් එක්ක ඩේට් එහෙකට යන්න එයාට බල කරන්න ඕනේ. එයා කෙල්ලොත් එක්ක  තරහෙන් ඉන්නෙ මුළු දවසම. සන්සුන් වෙන්න වයිෆ්ගෙ බේත් බොනවානම් හොදයි. ඉතින් මම හිතන්නේ නෑ එයාට ඔයා ගැන හොයන්න එච්චර වෙලාවක් ඇති කියලා " හේ යු කිව්වා.


"....." වල්ග නවයේ නරියා


" හරි, මම ඔයත් එක්ක ඉන්නම් , එහෙනම් යමු නෙවර්ලෑන්ඩ් වලට" හේ යූ හෙමීට බෝට්ටුවට නැග්ගා.


ඒක "ප්‍රධාන වැව" උනත්, කැම්පස් එකේ වැවක් නිසා ඒක එච්චර ලොකු නැහැ. හංස බෝට්ටුව විනාඩි දෙකකටත් වඩා අඩු කාලයක් පැද්දට පස්සේ ඒ දෙන්නා නෙවර්ලෑන්ඩ් එකේ " ක්ෂේම දූපත" ට ආවා.


ඒ දූපත ඇත්තටම සීතල සහ පාලු දූපතක්. දූවිලි තට්ටුවකින් වැහුන  කඳවුරු භූමියේ කූඩාරම් කීපයක් තැන තැන තිබුණා වගේම විදුලි පහන් වැල් කීපයක් එල්ලලා තිබුණා. අවුරුද්දේ මේ කාලේ මදුරුවො ගොඩක් හිටියා වගේම කැම්පස් එකේ පළවෙනි මාසේ  එළිමහන් ක්‍රීඩා සමාජයෙන්  කිසිම ඉවෙන්ට් එකක් සංවිධානය කරලා තිබුණේ නැහැ.


" ඔයාගේ වැඩේ ගැන බලමු , කොහෙටද යන්න ඕනෙ?"


"...." වල්ග නවයේ නරියා ඔලුව වනල එයාට මග පෙන්නුවා.


හේ යු ට අනෙක් කෙනාගේ ඇඳුම දිහා බැලුවම විනෝදයක් දැනුනා. " මේ තරම් රස්නෙ දවසක ඕක දවසෙම ඇඳගෙන ඉන්නකොට පිච්චෙනවා වගේ දැනෙන්නේ නැද්ද ? මට ඒක ගලවන්න පුළුවන් ද?"


එයා ලඟට ඇවිල්ලා අත් දික් කරන බව  දැකපු වල්ග නවයේ නරියා නොසැලකිලිමත්ව අඩියක් පස්සට ගත්තා.


" ඔයාට ඕනෙ නැද්ද ?"


එයා ඔලුව වැනුවා.


" අහ් ඔව් එහෙනම් දාගෙන ඉන්නකෝ. ඔයාට රස්නෙ උනාම මට අඬාගෙන එන්න එපා "


වල්ග නවයේ නරියා  නොසැලකිලිමත් විදිහට එයාගෙ හිම සුදු පාද අතෑරලා අත්දෙක බැදගත්ත ඉරියව්වකට ආවා.


" කියන්න එපා , ඒක හරිම ලස්සනයි . ඔය විදිහට ඉන්න. ඊට පස්සේ අයියා සර්විස් ශීට් එකේ ඔයාට සම්පූර්ණ  ලකුණු දේවි"  හේ යු එයා දිහා බැලුවා


"....."


" ඉස්සරහට යමු "


ලියාපදිංචි කරන තැන නෙවර්ලෑන්ඩ් එකේ මැදට වෙන්න තිබුණා . එතන පුංචි සරල මේසයක් සහ පුටුවක් ලෑස්ති කරලා තිබුණා.

වල්ග නවයේ නරියා  නිහඩවම ගහකට හේත්තුවෙලා ඈත බලාගත්තා.


හේ යූ රෙජිස්ටර් වෙලා ඉවර වෙලා ආපහු හැරුණා. එයාට  සතුටක් දැනුන වගේම ෂිඒ ෂුඒ ට ඒ ඔලුව දාගෙන ඉන්න එක ටිකක් බර ඇති කියලා හිතුවා. විහිළු කරන්න එයාගෙ තියෙන ආසාව නිසා ෂිඒ ෂුඒ ට ඒක එයාට ගලවන්න දෙන්න ඕනෙ නැති තරමටම හේ යු ට ඒක ගලවන්න ඕනෙ වුණා.


ඉතිං වල්ග නවයේ නරියා අහක බලාගෙන ඉන්නවා දැක්කම එයාට ක්ෂණිකව ආපු අදහසට හෙමීට එයාගෙ ළගට ගිහිල්ලා  අත් දෙක උස්සලා ඒක ගැලෙව්වා..


හිනාවෙලා " ෂිඒ ෂුඒ …"


"...."


මේ මොකද්ද ?


ඒ ඇත්තටම අඳුරු විදිහට බලාගෙන ඉන්න ෂිඒ චිංචෙං !


හේ යූ "..."


ෂිඒ චිංචෙං "...."


ප්‍රොෆෙසර් ෂිඒ ගෙ දෙතොල් කීපසැරයක් ඇරිලා වැහුනා. ගොඩක් වෙලාවකට පස්සේ අන්තිමේදී එයා අත උස්සලා නළලට වැටිලා තිබුන අවුල් උන කොණ්ඩේ හැදුවා. බයිනෙත්තුවක් වගේ  එයාගෙ ඇස් හේ යු ගෙත් ඈත් වුණේ නැහැ. 


" තමුසෙට ලෙඩක්ද ?" 


හේ යූ ඒ ෂිඒ චිංචෙං බව දැක්ක වෙලාවෙම එයාගෙ මූණ මැලවුනා. " නෑ, ඇදුම ඇඳගෙන ඉන්නේ ඔයා කියලා ඇයි මට කිව්වෙ නැත්තෙ?"


ෂිඒ චිංචෙං නරි ඔලුව හේ යු ගේ අතට විසින් කරලා නළල රැලි කරන් ඇඳුමෙන් එළියට ආවා. හැමතිස්සෙම නිවැරදි දේ වගේම විමසිල්ලෙන් වැඩකරන ප්‍රොෆෙසර් ෂිඒ අවුල් කොණ්ඩෙත් එක්ක මේ ඇඳුමෙන් හේ යූ ඉස්සරහ එළියට එනඑක දුර්ලභ දෙයක් වුණා.


" මම තමුසෙට කියන්න? මග දිගට කියපු විකාර කතා .. ඕකට මුද්දරේ ගහලා මෙතනින් එළියට යනවා"


 "කෝ ෂිඒ ෂුඒ " හේ යු එයා දිහා අකමැත්තෙන් බැලුවා.


" එයාට හොඳටම උණ , මට එයා වෙනුවට යන්න පුලුවන්ද ඇහුවා.. මුලු දවසෙම බ්ලයින්ඩ් ඩේට් නිසා බිසී වෙලා වයිෆ් ගෙ බේත් බොන්න වෙන්නේ කාටද ?" 


"........"


හේ යු ෂිඒ චිංචෙංගෙ තියුණු බැල්ම දැක්කා. එයා කියපු දේවල් මතක්වෙලා හිනා උනා.

" අමතක කරන්න, මම එහෙම කිව්වේ නැහැ "


එයාලා පොලීසියේදී වෙන් උනාට පස්සේ හම්බුන පළවෙනි අවස්ථාව මේක. මුලදි දැනුන තිගැස්ම ට පස්සේ  අවට වාතාවරණය ටිකක් අවුල් වුණා.


එයා හැමතිස්සෙම  සන්සුන්ව ඉන්න කෙනෙක්. ඒත් එදා එයා ඇත්තටම ලොකු හිත් වේදනාවකින් හිටිය වෙලාවක හේ යූ එයාගෙ හරිම තැනට තුවාල කළා. ඒ නිසා එයාගේ සිහිය නැති වෙලා  හේ යූ එක්ක වාද කළා. එහෙම නැත්නම් එයාගෙ පෞරුෂයක් එක්ක ඇත්තටම එහෙම දෙයක් සිද්ධ වෙන එකක් නැහැ. අවුරුදු දහතුනක්  බාල කොල්ලෙක් එක්ක වාද කරන්න එනවද..


ෂිඒ චිංචෙංගෙ අවුල් වෙලා තිබුන  කොණ්ඩෙ හදමින් හිටපු අත, හේ යූ ආයෙත් එයාගෙන් සමාව ඉල්ලපු වෙලාවෙ නතර වුණා. අවට තිබුණ අවුල් වාතාවරණය වෙනස් කරන්න එයා  මෘදු කට හඬින් කතා කළා  "අමතක කරන්න ..ඔයා අද බිසී නැද්ද ?"


".. හ්ම්ම්ම්ම්..ඔයා කොහොමද දන්නෙ ?"


" ෂිඒ ෂුඒ කිව්වා එයා ඔයාගෙන් ඇහුවා කියලා. එයා ඔයාට එයා වෙනුවෙන් ඒක කරන්න කියන්නයි හැදුවේ. ඒත් ඔයා අද බිසී  කියලා කිව්වට පස්සේ ආයෙත් ඔයා ගෙන් අහන්න එයාට ශක්තියක් තිබ්බේ නෑ"


"......."


හේ යු ටික වෙලාවක් ෂිඒ චිංචෙං ට උත්තර නොදී  සද්ද නැතුව හිටිය. නරි ඔලුව සහ ඇදුම පැත්තකින් තියලා එයාට ඇහුන දේ තේරුම් ගන්න වගේ  ටික වෙලාවක් නළලට අත තියාගෙන ඉඳලා ආයෙත් ඇවිදිගෙන ගියා. 


" අද එළියට  යනකොට කහ කැලැන්ඩරේ බලන්නයි තිබුණ"


කොහොම වුණත් හේ යු ආයෙත් පොඩි වාසනාවක් එක්ක නෙවර්ලෑන්ඩ් දූපතේ  තොටුපොළට එනකොට දැක්කේ හංස බෝට්ටුව දැනටමත් වැවේ එහා පැත්තෙ ගැට ගහලා , පුංචි බෝට්ටුව පැද්දි පැද්දී තියනවා කියලයි.  


ෂිඒ ෂුඒ ගෙන් කැමැත්ත අහන්න ඕනේ නිසා දූපතට එන්න පුළුවන් හැම ක්‍රමයක්ම නැති කරන්න කියලා සීනියර්  අයියගෙන් ඉල්ලපු බව එයාට එතකොටයි මතක් උනේ.


තමන්ගෙ කකුලට තමන්ම වෙඩි තියාගන්න  එක හොඳම උදාහරණය !


හේ යු ගෙ ඇහිබැම අග පොඩ්ඩක් ඇඹරුනා.


" මොකද වෙන්නේ ?"


 ඔයාගේ පිටිපස්සෙන් අඩි සද්දයක් ඇහුනාට එයාට පිටිපස්ස හැරිලා බලන්න ඕනේ වුණේ නැහැ.  දූපතේ ඉන්න අනෙක් එකම එක්කෙනා ෂිඒ චිංචෙං. එයා මුලින්ම ප්ලෑන් කළේ ආදරේ ගැන ගෑනු ලමයෙකුයි පිරිමි ලමයෙකුයි දූපතේ තනි වෙන එකයි. 



එයා ඒ ගැන හිතෙන තරමටම , එයාගෙ තරහ තවත් වැඩි උනා. අත් දෙක පිටිපස්සට කරලා මැද හරියේ තියෙන ගහක ගැටගහලා ෂිඒ චිංචෙං මැරෙනකන් වධ දෙන්න ආසාවක් පවා එයාට ආවා. ෂිඒ චිංචෙං සුදුමැලි වෙලා තණකොළ ගොඩේ මැරෙනකම්ම මුළු රෑ පුරාම එයා වධ දේවී.

කොහොම වුණත් මෙහෙට කව්රුවත් එන එකක් නෑ , මේ මිනිහව මෙතනම මරන්න පුළුවන් නම් හොඳයි.  ඒ නිසා එයා ගොඩක් මහන්සියෙන් සුද්ද කරපු ඉඩම අපතේ යන එකක් නැහැ. 

කවුද ඔයාට කිව්වේ මගේ ප්ලෑන් විනාස කරන්න ?


ෂිඒ චිංචෙං  එයාගේ පෙනුම අයින් කළාට පස්සෙ , එයාගේ මුළු ඇඟම සීතල වෙලා වගේ පේන්න තිබුණා. එයා හේ යු ගෙ ළඟට එනකොට බේත් සහ විෂබීජ නාශක වල අමුතු සුවඳ හේ යු ට දැනෙන්න ගත්තා.


හේ යු ට ඒ සුවඳ දරා ගන්න බැරි වුණා , එයා සන්සුන් වෙලා අපරාධයක් කරන්න තිබ්බ ආසාව නතර කරගෙන  ඔලුව හරවලා බැලුවා.

" මම දන්නේ නැහැ බෝට්ටුව අනිත් පැත්තට ගියේ ඇයි කියලා "


" කන්ට්‍රෝල් රූම් එකෙන් කන්ට්‍රෝල් කරනවා වෙන්න පුළුවන්ද? " ෂිඒ චිංචෙං  අත් දෙක  කලිසම් සාක්කුවට දාගෙන ටික වෙලාවක් කල්පනා කළේ කිසිම හැඟීමක් නැතුවයි

 " කමක් නැහැ , තාමත් පාවෙන කඹ පාලම තියනවනේ . එන්න මාත් එක්ක"


විනාඩි 5කට පස්සෙ …


දැනටමත් වැවේ සම්පූර්ණයෙන්ම ගිලිලා තියෙන පාවෙන කඹ පාලම දිහා ෂිඒ චිංචෙං නිහඬව බලාගෙන හිටියේ මලා වගේ සංකීර්ණ පෙනුමක් එක්ක. 


" කඹ පාලමත් කැඩිලා "


" අහ්.. අවාසනාව. මම හිතන්නේ කවුරුහරි අපිත් එක්ක සෙල්ලම් කරනවා" හේ යු සන්සුන් බව මතුපිටින්  මවාපෑවත් , එයා හදවතින් අදුරු උනා..

පුදුමයක් ද? ඒක බලාපොරොත්තු වුණේ නැද්ද ? තව ටික වෙලාවකට පස්සෙ ඒගොල්ලෝ ෆෝන් වලට සිග්නල් පවා නැති බවත් හොයාගනීවි.  


එයා ප්ලෑන් කළේ ෂිඒ ෂුඒ එක්ක මධ්‍යම රාත්‍රිය වෙනකන් දූපතේ ඉන්න . ඒ නිසා එයා ප්‍රවේශ විභාගෙට පාවිච්චි කරපු සංඥා  බාධා ක්‍රමය උත්සාහ කළා.


නෑ, ඒක ප්‍රවේශ විභාගයට  පාවිච්චි කළ එකට වඩා හොඳයි කියලා මම කියන්න ඕනේ . මොකද මේක මම ම තමයි ප්‍රෝග්‍රෑම් කළේ.


එයා මේකට හරිම දක්ෂයි. එයාට කම්මැලි උනාම  පරිගණක පද්ධති හැක් කරන්නයි සංඥා බාධා ඇති කරන්නයි එයාගෙ අවධානය දුන්නා. 


වැඩසටහන කඩාකප්පල් කරන්න  අනෙක් අයගෙ ෆයර්වෝල් වලට විරුද්ධව තරඟයක් දෙන්න එයාගෙ හැකියාවන් ගලපගන්න ඕනේ වුණා. එයාගෙ ලෙඩේ වගේම වේදනාව මගහැර ගන්න ඒක හොදින් වැඩ කළා. අවුරුදු කීපයක් පුරුදු කරපු එකේ අතුරු ප්‍රතිඵලයක් විදිහට එයා අහම්බෙන්  ඉතා බිහිසුණු ප්‍රබල  හැකර් කෙනෙක් වුණා. 


ඇත්තටම එයා සීනියර් අයියට කිව්වේ නැහෑ මේක එයාම දාපු බාධාවක් කියලා . එයා සීනියර්  අයියගෙන් ඉල්ලුවේ මේ උපකරණය ක්‍රියාත්මක කරලා ෂිඒ ෂුඒ ගෙ කටහඬ අහසටවත් පොළවටවත් ඇහෙන්න නැති වෙන්න ගඟෙන් එහා පැත්තට වෙලා බලාගෙන ඉන්න කියලයි . නෙවර්ලෑන්ඩ් වලට යන්න ඕනෙ කෙනෙක් ආපු ගමන්ම එයා කියන්න ඕනේ මෙහෙ හරිම කම්මැලි නිසා තාවකාලිකව වහලා තියනවා කියලයි.


මුලින්ම එයා හිතුවේ මේක තනියම ආදරේ ප්‍රකාශ කරන්න බාධාවක් නැති ප්ලෑන් එකක් කියලා.


ඒ නිසා එයා සීනියර් අයියට ස්තීරවම කියලා තිබ්බා.


" මතක තියාගන්න , වෙරළට වෙලා බලාගෙන ඉදලා රෑ 12 උනාම බෝට්ටුව පැදගෙන එන්න "


" හරී, ලොක්කා"


" මැදදී අපි පිටින් උදව් ඉල්ලන තරමට අපිව ගණන් ගන්නෙ නැතිව ඉන්න ඕනේ. මම එයා ඉස්සරහ පොඩි වැඩ ටිකක් දානවා. නැත්නම් එයා සැක කරාවි "


" ඒකට කමක් නෑ  ලොක්කා"


ලොක්කා දැන් ෂිඒ චිංචෙං ගෙ සිහින් උස පිට දිහා බලද්දී පොඩි ඔළුවේ කැක්කුමක් ආවා. 

ප්‍රශ්නයක් නැත්තෙ කොහොමද? ලොකු ප්‍රශ්නයක් තියෙනවා ….


" ඉන්න එහාපැත්තෙ මනුස්සයෙක් ඉන්නවා" ෂිඒ චිංචෙං නෙවර්ලෑන්ඩ් ඉවුර දිගේ අඩක් ඇවිදගෙන ගිහින් එහා පැත්තේ මුර කරන   සීනියර්ව දැක්කා. 

" මම එයාට කතා කරන්නම්"


" ඔයා එයාට කතා කරලා තේරුමක් නැහැ " හේ යූ බර හුස්ම පිට කරන ගමන් එයාගෙ අවසාන බලාපොරොත්තුව අල්ලගත්තා.

" මම ඒක කරන්නම්"


" ඇයි ? මම වැඩක් නැද්ද ? " ෂිඒ චිංචෙං 


" මම ඔයාට ගරු කරනවා , වයසක අයට ගරු කරනවා , මම තරුණ අයට ආදරේ කරනවා , හරි ද? "


හේ යු ට දැන් කොච්චර කේන්ති ගිහින්  තියෙනවද කියනවනම් ෂිඒ චිංචෙං එක්ක විකාර කතා කරන්න කරදර උනේ නැහැ.


විනාඩි 15කට පස්සේ…


එයා ගහකට හේත්තු වුණා , එයාගෙ උගුර වේලිලා ගිහින්..


" ඔයාගේ පුත්‍ර භක්තිය පෙන්නලා ඉවර නිසා ඔයාට තව හයිය ඉතුරු ඉතුරුවෙලා තියෙනවා ද ?" ෂිඒ චිංචෙං  නොසැලකිලිමත් විදිහට ඇහුවා.


අලුතෙන් වැඩිහිටියන් බවට  පත් වුණ පිරිමි ළමයින්ට විශේෂයෙන්ම ඉහළ ආත්ම අභිමානයක් තියෙනවා. ඔයාලට ඒක කරන්න බෑ කියලා අනෙක් අය කියන දේට එයාලට ඇහුම්කන් දෙන්න බැහැ. හේ යුන්ට ඒක ඇත්තටම පැහැදිලි කරන්න බැහැ , ඒ නිසා එයා ගහට හේත්තු වෙලා අනිත් පැත්ත බලා ගත්තේ හරියට ෂිඒ චිංචෙං දිහා බලන්නවත් ඕනෙ නෑ වගේ. 


හේ යු ටික  වෙලාවක් හිටගෙන ඉඳලා, එයාට ඒ ගැන හිතෙන තරමට තරහ වැඩි වෙනවා . එයා නැමුණු කොළ අතු අහකට විසි කරලා කැලේ පැත්තට යන්න හැරුණා.


" ඔයා කොහෙද යන්නෙ ?" ෂිඒ චිංචෙං 


" මම කෑම්ප් එකට යනවා වතුර බොන්න.."  පිරිමි ළමයගේ කටහඬ ගොරෝසු වුණා.


ටික දුරක් එහාට  ඇවිදගෙන ගියාට පස්සෙ හේ යු එයාගෙ තවත් ෆෝන් එකක් එලියට අරගෙන කම්මැලි මූණෙන් මැසේජ් එකක් යැව්වා.


" වැරැද්දක් වෙලා. ප්ලීස් අපිට යන්න දෙන්න"


සීනියර් අයියා ඉක්මනට රිප්ලයි කළා.


" නියමයි. මිස්ටර් හේ! මේ මැසේජ් එකත් බොරු නේද?"


 

 තත්පර කීපය ගියා.


"මිස්ටර් හේ ! මට මතකයි , ඔයා මට කලින් කිව්වා ඔයා මොනවා කිව්වත් ප්‍රශ්නයක් නැහැ,  මට එයාලට යන්න ඉඩදෙන්න එපා කියලා. මම මගේ වැඩේ කරන්නම්, බය වෙන්න එපා. මම ඔයාලාව 12 පහු උනාම ගන්න එන්නම්. ඒ වගේම කවුරුහරි ආවොත් නෙවර්ලෑන්ඩ් එක ළගට මම එයාලට කොහොමටවත් එක්කගෙන එන්නේ නෑ. ඒ නිසා කලබල වෙන්න එපා. දෙන්නත් එක්ක ජොලියෙ කාලේ ගතකරන්න" 


"......" හේ යු


මොනාද එයාට මේ පාළු දූපතේ සතුටු වෙන්න තියෙන්නේ ?


ෂිඒ චිංචෙං එක්ක?


මිනී මැරීම නීති විරෝධී  උනේ නැත්තම් එයාට  ෂිඒ චිංචෙං ට මුලු රෑම කරදර කරලා එයාව පිදුරු ගොඩට විසිකරන්න තිබුණ. ඒත් දැන් එයා සතුටු වෙන්නේ කා එක්කද ?


  

 

 





!--LikeBtn.com BEGIN-->

Comments

  1. Thank you sudu ayya😍❤️

    ReplyDelete
  2. Your translation is perfect. I really like it.

    ReplyDelete
  3. මේක මරු 🤩

    ReplyDelete
  4. ඊළඟ කොටස....... 🥺🤧

    ReplyDelete
  5. අම්මොහ් මරු.. ❤️

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-