Skip to main content

16.ඒත් අපි වෙන් වෙනකන්ම ආගිව් කර කර හිටියා..

ඉන්වෙස්ටිගේශන්  එක යන අතරතුරේ හේ යූ වගේම ෂිඒ චිංචෙංනුත් දෙන්නට දෙන්න ගණන් ගන්නැතිව හිටියා.  

ඉන්වෙස්ටිගේශන් එක ඉවර උනාට පස්සේ ෂිඒ චිංචෙං , ෂිඒ ෂුඒ ව ටැක්සි එකකින් ගෙදර එක්කගෙන ගියා. ෂිඒ ෂුඒ ට හේ යූ එනකන් ඉන්න ඕනේ උනත් ෂිඒ චිංචෙං  ඒකට ඉඩ දුන්නේ නැහැ. වචනයක්වත් කතා කරන්නේ නැතුව එයා ෂිඒ ෂුඒ ව  ඔලුවෙන් අල්ලලා ටැක්සි එකට  තල්ලු කළා.

හේ යූ හරිම සන්සුන විදියට කණුවකට හේත්තු වෙලා අත් දෙක පිටිපස්සට කරගෙන බලාගෙන හිටිය. එයා වචනයක් වත් කිව්වේ නැහැ වගේම කිසිම විරුද්ධ බවක් පෙන්නුවෙත් නැහැ. හරියට අතෑරලා දාපු බව දන්නවා උනත් ඉස්සරහට යන්න බැරි බල්ලෙක් වගේ. ෂිඒ ෂුඒ ගෙ හිතට ඒක ලොකු බරක් වගේම අපහසුවක් උනා.

" හේ යූ… අයියා අපි එයා එනකම් ඉන්න ඕන නේද?"

" නගින්න.."

" ඒත්…."

" නගිනවා!"

" හේ යූ… එහෙනම් ගෙදර ගිහින් මට කතා කරන්න " ෂිඒ ෂුඒ කිව්වා.

" ඔයා කතා කරලා ඉවරද? අපි යමු "

ෂිඒ ෂුඒ ට තව කියන්න ඕනේ වුනත් හේ යූ කතා කරන්නෙ නැතුව ඔලුව වැනුවේ තව කතා කරන්න එපා කියලා සංඥාවක් විදියට.

ෂිඒ ෂුඒ කාර් එකට නැග්ගට පස්සේ හේ යූ එයාට අත වනලා කාර් එක යන විදිහ බලාගෙන හිටියා.

ෂිඒ ෂුඒ එයාගෙ සීට් එකට හේත්තු වෙලා බර හුස්මක් පිට කළා.

" අයියා.. ඔය දෙන්නට මොකද වෙලා තියෙන්නේ ? " 

එයා ෂිඒ ෂුඒ ට අවදානයක් දෙන්න කරදර වෙන්නේ නැතුව කාර් එකේ ඉස්සර සීට් එකේ වාඩිවෙලා හිටියා. චෙන් මෑන් එයාට දීපු සිගරට් එක අරගෙන පත්තුකරන්නයි හැදුවේ. ඒත් ෂිඒ ෂුඒත් එතන වාඩි වෙලා ඉන්න බව මතක් වුන නිසා එයා ඒ අදහස අත්හැරලා දැම්මා. එයා සිගරට් එක හපන ගමන් කාර් එකේ ඇරපු වින්ඩෝව් එක උඩ වැලමිට තියාගත්ත. හිස් බැල්මකින්  එළිය බැලුවේ  රෑට පේන නගරය  දිහා බලන්නයි.

" හේ යූ වැරදීමකින් ඔයාට කේන්ති යන දෙයක් කියන්න ඇති … " ෂිඒ ෂුඒ මිමිණුවා.

"....."

" අයියා ..එයාට වැඩිය බනින්න එපා. එයා වෙලාවකට ටිකක් අමුතු උනාට එයාගේ ගතිගුණ තාම හොඳයි. මට වෙච්ච දේවල් අහන්න ලැබුණා . එයා නැත්නම් ඔයාලට වෙලාවට මාව හොයාගන්න බැරුව මීට වඩා නරක දෙයක් මට වෙන්න තිබුන…. "

" එයා එක්ක ? " ෂිඒ චිංචෙං  අන්තිමට කට ඇරියෙ සිගරට් එක එයාගේ ඇඟිලි අස්සේ තියාගෙන. එයාගෙ කටහඬ ගැඹුරු වගේම සීතල උනා..

" එයාගෙන් ඈත් වෙලා ඉන්න. මුළු දවසෙම  ඔයා මොනවද  එයත් එක්ක කරන්නේ?"

" ඒත් එයා ඇත්තටම හොඳයි. එයා මට හොඳින් සලකනවා , ඒ වගේම ඔයාටත් රෙස්පෙක්ට් කරනවා.." ෂිඒ ෂුඒ ට හිතට පොඩි වැරැද්දක් වගේ  දැනුනා. 

ෂිඒ චිංචෙං මොකුත් කියාගන්න බැරුව   මූණ සුදුමැලි වෙලා ගියා.

එයා හොද කෙනෙක්!

එයා කොහොමටවත් හොඳ කෙනෙක් නෙමෙයි ! 

නිකන් මිනිස්සු ඉස්සරහා රඟපානවා විතරයි. හේ යු ගෙ ලෙඩේ ගැන ෂිඒ ෂුඒ ට කියන්න පුළුවන්කමක් එයාට තිබුණෙ නැහැ. ෂිඒ ෂුඒ දැකලා තිබුණේ හේ යු හොඳ මිනිහෙක් වගේ  මෘදු සහ ගෞරවනීය විදිහට ඉන්නවා විතරයි. හේ යු කතා කරන විදිහ නිසා එයා විදවපු ලෙඩේ ඒවට වැහිලා තිබුණා. ඒ වගේම තමන්ගෙම නංගි උනත් මේවා විශ්වාස කරන්නේ නැති නිසා එයාට කරන්න පුළුවන් දේ මෙච්චරයි.

" අයියා.."

" කට වහන්න"

ෂිඒ ෂුඒ ට කට වහගන්න වුණා.

මේක පවුලේ සාමාජිකයන්ගේ අතර දෙයක්.  ආයෙත් ජීවිතේට මේ වගේ දේවල් එන එකක් නැහැ කියලා එක්කෙනෙක් විශ්වාස කරන එක තමයි ව්‍යසනයකින් පස්සේ ලැබෙන ප්‍රතිඵලය වෙන්නේ . ඒගොල්ලො හොඳින් ජීවත් වෙන්නත්, හොදින්  කතා කරන්නත්  කරුණාවන්ත වෙන්නත් ගන්නවා.

ඒකේ ප්‍රතිඵලය වෙන්නේ කරදරේ උනුහුම ඉවර පස්සේ, තාත්තා තාත්තා විදිහටම ඉන්නවා වගේම විනය පොඩ්ඩක්වත් වෙනස් නොවී කලින් විදිහටම තියෙන එකයි. 

ෂිඒ ෂුඒ ගෙ හිතට බරක් දැනෙන එක වලක්වගන්න බැරි වුණා. කවුද මේ මෙයාව එයාගෙ අයියා කලේ ?

ඒත් ඇත්තම දේ තමයි එයා ඒකට කැමති නැත්තන් වෙන කවුරු කැමති වෙයිද? 

මෙහෙම හිතෙන ගමන් පිටිපස්සේ සීට් එකේ ඉදගෙනම ෂිඒ චිංචෙං ව බදාගත්තා . සමහර දේවල් වළක්වන්න බැහැ ..

හේ යූ ඇත්තටම  සැලකිලිමත් වෙන , හොද සදාචාර සම්පන්න කෙනෙක් නම් එයාගෙ අයියා හැමතිස්සෙම හේ යු ගෙන් ඈත්වෙලා ඉන්න කියන්නේ ඇයි කියලා ෂිඒ ෂුඒ  දැනගෙන හිටියේ නැහැ. ඒක අයියටත් සමහර වෙලාවට  කරදරයක් බව පේන්න තිබුණ. ඇත්තටම ඒක අභිරහසක් ..

" අහ්.. හරි " ෂිඒ ෂුඒ  ටික වෙලාවකට පස්සෙ කිව්වා .

ෂිඒ චිංචෙං,  එයාට අවධානෙ දෙන්න  කරදර උනේ නැහැ. 

" ඔයාට මොනවා හරි කියන්න ඕනේ නම් කියන්න..මගුල"  ඒ වගේම මෙහෙමයි එයාගෙ අයියට දැන් කියන්න ඕනේ උනේ කියලා ෂිඒ ෂුඒ දැනගෙන හිටියා.

" මට දැන් කතා කළා… එයා..මොකද උනේ කියලා ඇහුවා.. මම "  ෂිඒ ෂුඒ  පරිස්සමින් කිව්වා. 

ෂිඒ චිංචෙං 'එයා' කියන්නේ කවුද කියලා ඇහුවේ නැහැත්තේ  'එයා' කියන්නේ 'එයා' බව දෙන්නම පිළිගත්ත වගේ නිසා.

" ඔයා මොනවද එයාට කිව්වේ ? " ෂිඒ චිංචෙං ඇහුවා.

" මම මොනව කියන්නද ? මම කිව්වා මොකුත් නැහැ කියලා.. මම එයත් එක්ක වැඩිය කතා කළේ නැහැ " 

" අයියා .. ඔයා හොඳ මූඩ් එකකද ඉන්නෙ  ? " ෂිඒ ෂුඒ ටික වෙලාවකින් ඇහුවා.

" ඔයා හිතෙනවද ඒක නිසා මට හොද මූඩ් එකක් එයි කියලා ?" 

සීට් එකේ පිටිපස්සට වෙලා ඔළුව හේත්තු කරගන්න එක ඇරෙන්න ෂිඒ ෂුඒ ට වෙන කරන්න දෙයක් තිබුණෙ නැහැ . පූස් පැටියෙක් වගේ සීට් එකේ අයිනට ගුලිවෙලා, හුරතල් විදිහට තමන්ගේ  සහෝදරයගේ අවධානය  ගන්න එයා උත්සහ කළා ' ඉතින් මං දිහා බලන්න , ඔයා හොද මූඩ් එකක කියලා ඔයා හිතන්නේ නැද්ද ? මම හොදින් ඉන්න එකට හිනායනවද?

" ඔය වගේ ඩේන්ජරස් තැන්වලට ආයෙත් යන්න එපා " ෂිඒ චිංචෙං ගෙ කටහඩ අන්තිමේදී පොඩ්ඩක් සැහැල්ලු වෙලා තිබුණා.

" හරි, මම දන්නවා ඒක" ෂිඒ ෂුඒ  හරි ඉක්මනට උත්තර දුන්නා.

.

.

.


ඊළඟ දවසේ නිව්ස් වල හෙඩ්ලයින් එක උනේ චං කං හොස්පිටල් එක.

එදා වහලය උඩට යන්න උන හැමෝම පොලිසියට සාක්ෂි ගොඩක් දීලා තිබුණ නිසා ජ්‍යං ලාන්පෙයි මැරුණු එක වගේම ගිණිතියපු සිද්ධිය පිටිපස්සේ මේ ගෑනු කෙනාගේ හැංගුන අතීතයක් තියෙන බව පැහැදිලි වුණා. අවුරුදු විස්සකටත් වැඩි කාලයක් හිරවෙලා මැරෙනවාටත් වඩා අන්ත ජීවිතයක් ගත කරලා තිබුණා. ඒත් ලියැං ජිචෙං දැනටමත් මැරිලා ඉවරයි . ලියැං ජොන්කැං එයාගෙ මල්ලිටත් කලින් මැරිලා තිබුණා. මේ සිද්ධිය ගැන දන්න ඉහළ පෝස්ට් වල හිටපු ගොඩක් අය ඒ ගින්නෙන් මැරිලා තිබුනා.

ජ්‍යං ලාන්පෙයි  ඇවිලුව ගින්නෙන්  පව්කාරයෝ ඔක්කොම  විනාස වෙලා තිබුණා.

හේ යූ කිව්වා වගේම ජ්‍යං ලාන්පෙයි ගෙ කැතම ෆොටෝ එකක් පත්තර වල දාන්න තෝරගෙන තිබුණා. ඒත් ඒ ෆොටෝ එකේ වුණත් එයා ගේ  ආකර්ශනය එහෙමම පෙනුනා. මැරුණු ගෑනු කෙනා පත්තරේ පිටු වලින් කෙලින් බලාගෙන හිටියා, එයාගෙ ඇස් ටිකක් බර  වගේම  අවුලෙන් වගේ පේන්න තිබුන …

" ජ්‍යං ලාන්පෙයි යනු ඇගේ සැබෑ නාමය නොවිය හැක . ලිපි ගොනු වෙනස් කිරීම හේතුවෙන් ඇගේ තොරතුරු වසන් වී ඇත.  ඇගේ දේහය ජානමය වශයෙන් සංසන්දනය කිරීමට පොලීසිය උත්සාහ දරමින් පවතී. නමුත් බොහෝ කාලයක් ගත වී ඇති බැවින් ප්‍රතිඵල නිගමනයකට ඒමට ප්‍රමාණවත් නොවනු ඇත.  මේ පිළිබද තොරතුරක් දන්නේ නම් අදාල අංශයට තොරතුරු ලබාදෙන්න .. දුර: 136xxxxxx" නිව්ස් රිපෝර්ටර් එයාගෙ ෆොටෝ එක යටින් ලියලා තිබුණ.

හේ යූ පත්තරයේ වහල දැම්ම.

මානසික රෝහල් ගැන වගේම මානසික ලෙඩ්ඩු ගැන ළගකදී මිනිස්සු අතර කතාබහ වැඩියි. මොන වගේ පෙනුමක් තිබ්බත් එයාල මේ ගැන කතා කළේ සමාජ විද්‍යාව , වෛද්‍ය විද්‍යාව ගැන එක්ස්පර්ට්ල වගේ.

ගොඩාක්  මිනිස්සු මානසික ලෙඩ්ඩු ගැන කතා කළේ "අපි" වෙනුවට  "එයාලා" කියලයි. 

ඒත් මානසික රෝග හැදෙන්නේ කොහොමද ?

ෂිඒ චිංචෙං එයාට කලින් කියපු දෙයක් හේ යු ට මතක් උනා.

" සාමාන්‍ය මිනිස්සු එයාලා  ජීවත් වෙන අසාමාන්‍ය පරිසරයට දක්වන රිඇක්ශන් එක තමයි ගොඩක්ම මානසික ලෙඩ වෙන්නේ. ඩිප්‍රෙශන්, ඩිසෝඩර්, .. මේ වගෙ ලෙඩ්ඩුන්ට එයාල ජීවත් වෙන පරිසරයේ අසාමාන්‍ය දේවල්  එකක් හෝ ඊට වැඩියෙන් තියෙන්න පුළුවන්. උදාහරණයක් විදියට බුලි කරන එක, සයිබර් අපරාධ , කාන්තාවන්ට කරන ලිංගික අපරාධ, අසාමාන්‍ය සමාජ සම්බන්ධතා වගේ දේවල්. මෙන්න මේ වගේ  වටපිටාවන් තමයි එයාලට මූණ දෙන්න වෙන මානසික ආබාධ වලට වැරදිකාරයා වෙන්නේ .. ඒවගේම ඒ හේතු පවුලෙන් , ඔෆිස් එකෙන් සමාජෙන් වගේම 'අපෙන්' එන්නත් පුළුවන් .."

" මෙන්ටල් පේශන්ට් ල ආයෙත් හිටපු තත්වෙට ගේන්න නම් මම හිතන්නේ නැහැ එයාලව හිර කරලා තියන්න ඕනෙ වෙයි කියලා. ඒත් එයාලට අපිත් එක්ක සමාජයේ සාමාන්‍ය මිනිස්සු වගේ ජීවත් වෙන්න ඉඩ දෙන්න ඕනේ "

"   ලොක් කරලා දානවා කියන්නේ හිරකාරයන්ට සුදුසු  දෙයක් .. ඒත් දැනටමත් ඕනවට වඩා දුක් විඳිල ඉන්න ලෙඩ්ඩුන්ට එහෙම කරන එක සුදුසු නෑ"

හේ යු , ෂිඒ චිංචෙං ට කමැති නැහැ. ඒත්  එයා කියපු මේ වචන වලට එකග උනා.

ෂිඒ චිංචෙන්ට  මේ තරම් ලොකු කාලයක් හේ යූ ලඟින් ඉන්න ලැබුණේ එයාගෙ මෙ නිවැරැදි දර්ශනය නිසයි. අඩුම තරමින් ෂිඒ චිංචෙං තමන්ට පණ තියෙන මනුස්සයෙකුට වගේ සැලකූව බව හේ යුට දැනුනා.

ඉතිං ඊයෙ වගේ දෙයක් සිද්ධ වුණාට පස්සේ , තමන් සීමාව ඉක්මවා ගිහිල්ලා ඇත්තටම ෂිඒ චිංචෙං ව කේන්ති ගස්සපු බව එයා තේරුම් ගත්තම එයා අඩුම තරමින් එළියට ගිහිල්ලා සමාව ගන්න කැමැත්තකින් හිටියා.

ඒත් ෂිඒ චිංචෙං එයාගෙ බොරු රඟපෑම්  දැකලා තියෙන නිසා , ඉතිං සමාව ගන්න එකක් ඒ වගේම බොරුවක් කියලා හිතලා බියර් කෑන් එකක් මූණට විසික් කළා.

මේ ගැන හිතෙනකොට හේ යූ ගේ මූඩ් එක ගොඩාක් අවුල් වුණා. සීතල දාඩිය බිංදු කම්මුල් දිගේ ගලාගෙන යද්දී එයා ඇස් දෙක වහගෙන උපරිම උත්සහ කළේ මේ ලැජ්ජ හිතෙන හැගීම අමතක කරල දාන්න.

" අවුලක් නෑ..ඒ ගැන ආයෙත් හිතන්න එපා."

අඩුම තරමේ ෂිඒ චිංචෙං එයාට බියර් විසික් කරලා බැනලා එලවගත්ත එක විතරයි කළේ, අනෙක් මිනිස්සු වගේ එයාගේ මානසික ලෙඩේට සතෙක්ට වගේ සැලකුවේ නෑ. 

එයා චං කන්ග් වගේ මානසික රෝහලක හිටිය නම් එයාගේ තත්වෙ දැනට වඩා ගොඩක් බරපතළ වෙන්න තිබ්බා.

ජ්‍යං ලාන්පෙයි අවුරුදු විස්සක් එහෙ ඉඳලා තියනවා , එයාගෙ තත්වය අඩු වෙලා හරි වැඩි වෙලා හරි තියනවද? එයා මේ පාරෙ නොයා යුතුව තිබ්බා.

" පොඩි මහත්තයා .. ඔයා කියපු දේවල් ඔක්කොම කරල ඉවරයි "

එයාගෙ බෙඩ් රූම් එකේ දොරට තට්ටු කරලා පණිවිඩයක් කියන්න වයසක ජාඕ ඇතුළට ආවේ අවසර ලැබුණට පස්සෙයි. කහ බලු පැටියා බයෙන් පරිස්සමට නැට්ට වැනුවා.

" මම මුදාගැනීමේ මධ්‍යස්ථානය කට්ටියට කතා කළා.. ඒවගේම මිස්ටර් හේ ටත් කතා කළා එයා මට කරන්න කියපු දේවල් ගැන. ජුඇං ජීච්‍යං අපේ සුවපත් කරන මධ්‍යස්ථානෙක තාවකාලිකව නතර කළා. එයාව වැන්පිං යවන එකක් නැහැ."

" හරී.. ඔයාගෙ වැඩ වලට තෑන්ක්ස්" හේ යු කිව්වා.

ජුඇං ජීච්‍යං වාසනාවන්ත උනා. එයා පල්ලෙහා තට්ටුවේ හිටපු නිසා ගිනි නිවන භටයින්ට පලවෙනි අවස්ථාවෙන්ම බේරගන්න පුලුවන් උනා. කොහොම වුණත් එයාල හම්බෙන එක එයාගේ දෛවය වුණා. ඒ නිසා මේ සිද්ධියෙන් පස්සේ හේ යු ට එයාව තනි කරන්න අදහසක් තිබ්බෙ නෑ..

ඒවගේම ෂිඒ ෂුඒත් ඒ කෙනා ගැන හොයලා බලනවා.

චං කං ගින්නට සම්බන්ධ  ඔක්කොම අයට සතියක නිවාඩුවක් හම්බ වුණා සනීප වෙන්න.

' කාටවත් මාත් එක්ක ඉන්න ඕනේ නෑ කියලා ෂිඒ චිංචෙං කිව්වා නේද?  මාත් එක්ක කාට හරි මාසෙකට වඩා ඉන්න පුළුවන් වුනොත් මගේ සර්නේම් එක දාගන්නවා කියලා එයා කිව්වා නේද?' හේ යූ හිතුවා.

හොදයි .. ඒනිසා එයාට ෂිඒ ෂුඒ එක්ක ඉන්න වෙනවා.

එයාට ඕනෙ වුණේ ෂිඒ චිංචෙංට සමීප කෙනා එක්ක ඉන්න වගේම එයාගේ නංගිව එයාගෙන් ඈත් කරන්නයි.  මේ කාලේ වෙනකොට ෂිඒ චිංචෙං  අවාසනාවන්ත විදිහට තමන්ගෙ නම හේ චිංචෙං කියලා වෙනස් කරන්න වෙලා තියේවි. එයා ඒක කොහොම බාරගනීවිද කියලා දන්නේ නැහැ.

මේ ගැන හිතෙනකොට හේ යූ ට පොඩි සතුටක් පවා දැනුනා.

_ඒ අරුමපුදුම සහ ගල්පෙනුමක් තියෙන මූණ… තමන් කවදාවත් දැකල තිබ්බෙ නැති පෙනුමක් හේ යූ, ෂිඒ චිංචෙංට පෙන්නාවිද?

ඒ නිසා හේ යූ සති ඇතැයි නිවාඩුවට පස්සේ ඉක්මනින්ම කැම්පස් එකට ගියා.

ෂිඒ චිංචෙං ගෙ ආදරණීය නංගිට තමන්ගේ ආදරය ආදරේ ප්‍රකාශ කරලා ෂිඒ චිංචෙංට කම්මුල් පාරක් දෙන්න හේ යූ ලෑස්ති වුණා.

.

.

.

කුඩා නිවසක ටෙරසය මත

එලියේ තිබුණ විදුලි පහන් දීප්තිමත් වගේම අදුරු වුණේ නැහැ. ඔහුගෙ පැත්තට පියාඹගෙන එන කණාමැදිරියන් කීප දෙනෙක්ගෙන් වටවුන ආලෝකය ටෙරස් එකේ දොරට පිටුපාලා  තිබුණු සිනිදු පුටුවට වැටුණේ තෙත සුදු කොණ්ඩ වැස්මක් වගේ.

ඒ සිනිදු පුටුවේ මිනිහෙක්  වාඩිවෙලා හිටියා.

පිටිපස්ස පැහැදිලි පේන්න තිබුණෙ නැහැ. දොර තල්ලු කරගෙන ඇතුලට ආපු සේවකයාට දකින්න ලැබුණේ පුටුවට හේත්තු වෙලා ඉන්න මනුස්සයගෙ වැලමිටෙන් බාගයක් විතරයි.

" ඔයා ඇත්තටම ද කියන්නේ ? ඒ පිස්සු හැදුනු ලෙඩ්ඩු ටික එච්චර පොඩි වෙලාවකින් පැනල ගියාද ?"

" ඔව්.. චීෆ් ඩුආන් "

" නියමයි …"  චීෆ් ඩුආන් කියන නමින් හදුන්වන  පුටුවේ  වාඩි වෙලා හිටපු කෙනා හීන් හිනාවක් දැම්මා .

" එයාලා එක එක්කෙනාට උදව් කර ගත්තද ? චං කං කියන්නේ මෙන්ටල් හොස්පිටල් එකක් මිසක් ළමයින්ට උගන්නන්න නර්සරි එකක් නෙමෙයි..මේක ඇත්තටම අසාමාන්‍ය දෙයක්"

සේවකයගේ ඔලුව දිගේ සීතල දාඩිය ගලාගෙන ගියා. 

" චීෆ් ඩුආන්, චං කං වල නිරීක්ෂණය කැමරා මුලදිම කැඩිලා ගියා . ගින්නෙන් පස්සේ ඔක්කොම විනාශ වෙලා ගියා. අපි ඒ වෙලාවේ රෙකෝඩ්ස් ආයෙත් ගන්න ට්‍රයි කළා..ඒත් ඒල ඇත්තටම …"

" ලියැං ජිචෙං ගෙ කුණු ගොඩෙන් වැඩකට ඇති රෙකෝඩ්ස් ගන්න පුළුවන් වෙයි කියලා මම බලාපොරොත්තු උනේ නෑ "

චීෆ් ඩුආන් පොඩ්ඩක් නතර වුණා.

" පොලිසියෙන් මොනාහරි නිව්ස් තියෙනවද ? "

" දෙයක් තියනවා. සමහර ලෙඩ්ඩු කියලා තියෙනවා ලෙඩෙක් එයාලට යතුරු දීලා අනිත් දොරවල් අරින්න උදවු කරන්න  කිව්වා කියලා .  ඒත් එයාලගෙන් තව විස්තර ගන්න ක්‍රමයක්  අපිට නැහැ "

" එයා ඒගොල්ලන්ට යතුරු දීලා දොරවල් අරින්න කියලා ඉල්ලලා.ඉතින් එයාලා ඒක අහලා ද ? " චීෆ් ඩුආන් ගෙ මූණ ලිහිල් උනා.

"......"

" ඒක ගින්නක්. ජීවිත් වෙනවද මැරෙනවද වගේ වෙලාවක "

" චීෆ් ඩුආන්.. ඒ කියන්නේ…" සේවකයා ඇඹරෙන්න ගත්තා.

පුටුවෙ වාඩි වෙලා හිටපු කෙනා ආයෙත් උත්තර දුන්නේ නැහැ. අඳුරු ආලෝකය එයාගෙ ඉස්සර නොසැලකිල්ලෙන් අමුණලා තිබුණු  කඩදාසිය එළිය කළා. ඒක එයා කුරුටුගානවා.

ඒකේ වචන දෙකයි තිබුණේ . ඒත් ඒක රවුම් කරලා ඉස්සරහින් ප්‍රශ්නාර්ථ ලකුණක් දාල තිබණා.

බ්ල්ඩ්  ගූ


Comments

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-