Skip to main content

15.අපි සෝෆා බෙඩ් එකක නිදාගත්තා..

ඒ දෙන්න ටික වෙලාවකට කලින් අස් කරලා ඉවර කරපු පුංචි රෙස්ට් රූම් එකේ හිටගත්තා. සෝෆා බෙඩ් එකකුයි ඇඳුම් දාන්න පුටුවකුයි ඇරෙන්න  ඒකෙ වැඩි දෙයක් තිබුණෙ නෑ . ඒකේ බඩු කවුරුහරි වගකිවයුත්තෙක් චෙක් කරන්ම වටිනවා.

හේ යූ "....."

ෂිඒ චිංචෙං "......"

හේ යූ ෆෝන් එක පැත්තකට විසික් කරලා ෂිඒ චිංචෙං දිහාවට හැරුණා. 

" ඔයා වයසයි. ඇයි ඔයා රෙස්ට් කරන්නේ නැත්තෙ ?"

" මට සීට් එකක් හරි ඇදක් හරි දෙන්න ඕනෙ වගේ පේනවද?" ෂිඒ චිංචෙං බුම්මාගත්තා.

හේ යූ ගොඩක් වෙලා  ඉඳන් මහන්සියෙන් හිටියේ. ඒ නිසා එයාට ඕනි වුණේ නැහැ ෂිඒ චිංචෙං එක්ක වාද කරලා තව මහන්සි වෙන්න.

" අමතක කරන්න , මේ සෝෆා බෙඩ් එක ඒ තරම් පුංචි නෑ. මම නිදාගන්නකොට ඔයාට කරදර කරන්නේ නැහැ ,කමක් නෑ නේද?"

හේ යු කිසිම දවසක වෙන  කවුරුවත් එක්කවත් නිදාගෙන නැහැ. එයාගේ මතයට අනුව ඇඳ කියන්නේ විවේක ගන්න තැනක්, ඒත් ෂිඒ චිංචෙං  ඊට වඩා වෙනස්. විවාහ වුණ පිරිමියෙක්ට කාත් එක්ක හරි ඇඳ බෙදා ගන්න කොට අමුතු හැගීම්  එනවා.

ඒ නිසා ෂිඒ චිංචෙං ටිකක් ඇඹරුනා.

" මට නිදි මත නැහැ. මම වාඩිවෙලා ඉන්නම්"

ඒත් එයාගෙ මූණ ටිකක් සුදුමැලි වෙලා, එයා හිටගෙන හිටියත්  මූණෙ තිබුණ වෙහෙසකර බව එයාගෙ ඇස් දෙකෙන්  හංගන්න පුළුවන් වුණේ නැහැ.

" මම ඔයාව කන්නේ නැහැ, ඉතිං මොනවටද ඔයා බය ? ඔයාට බයයිද මට රෑ පිස්සු හැදිලා ඔයාව මහ රෑ මරයි කියලා?" හේ යු කිව්වා.

" මොන ලබ්බක් ගැනද තමුසෙ මේ කියවන්නේ..?" ෂිඒ චිංචෙං.

මේ පිස්සු කොල්ලා ටිකක් සංවේදීයි.

ෂිඒ චිංචෙං ටත් නිදිමතයි. සතෙක්ගෙ උනත් ශක්තිය නැති වෙලා යන තරමට දවස ගොඩක් කලබල වුණා. එයාට හේ යු එක්ක  වාද කරන්න තවත් ශක්තිය තිබුණෙ නැහැ. ඉතිං එයා බර හුස්මක් එක්ක " එහෙනම් නිදාගමු"  කිව්වා.

එයා කතා කරලා කරලා ඉවර උනාට පස්සේ , සෝෆා ඇඳ උඩ දිගාවෙලා බිත්තියට මූණ දාලා පැත්තකින් නිදාගත්තා. ටික වෙලාවකට පස්සෙ එයාට දැනුනා ඇඳේ අනිත් පැත්ත ටිකක් එබෙනවා, තමන්ට ටිකක් කිට්ටුවෙන් ඇලවුණ හේ යූ ගෙ සද්දෙ එයාට ඇහුණා. 

ෂිඒ චිංචෙං ට තාමත් ටිකක් අපහසුතාවයක් දැනෙනවා. ඇඳේ අනිත් පැත්තෙ  නිදාගෙන ඉන්න කෙනාට කැමැත්තක් නැහැ. විශේෂයෙන්ම හේ යූ කියන්නේ තරුණ, ජීවයෙන් පිරුණු කෙනෙක්. ඒ දෙන්නා , ඒ දෙන්නට  කිට්ටුවෙන් නොහිටියත් මේ පොඩි ඉඩකඩේ ෂිඒ චිංචෙං ට එයාගෙ හුස්ම වැටෙන හැටි වගේම ඇගේ උණුහුම දැනෙනවා. ඒ වගේම වටපිටාවේ කිසිම සද්දයක් නැති උනත් හේ යූ ගේ සැහැල්ලු හුස්ම සද්දේ එයාට පැහැදිලිව ඇහෙනවා. 

ෂිඒ චිංචෙං ට නිදාගන්න බැරි වුණා.

එයා හැමදාම පවුලක් ආරක්ෂා කළ කෙනෙක් වුණා. එයා ගොඩක් තරුණ කාලෙදි  ෂිඒ ෂිඒ එයාගෙ ළඟින් නිදා ගත්තා. ඊට පස්සේ එයාලග නිදා ගත්තෙ ලී රෞච්‍යු. එයාගෙ සීමාවට ඇතුළු වෙන්න ඉඩ දෙන්න පුළුවන් වුණේ එයා විශ්වාස කරන්න ඕනේ උන කාන්තාවන්ට විතරයි.

ඒත් අවුරුදු  දහඅටක් දහනවයක් වෙන කොල්ලෙක්ගෙ ඇගෙන් එන ෆීලින්ග් එක හරිම වෙනස්. ඒ සමාන හෝමෝන සහ පුරුෂාධිපත්‍ය නිසා ෂිඒ චිංචෙංට අපහාසුතාවක් දැනුනා. හේ යූ ගෙන් එන ආක්‍රමණශීලී හැඟීම එයාට දරාගන්න බැරි තරම් බර උනා.

ඒ නිසා එයා ආයෙත් ඇස් වහගෙන ඇඳේ කෙළවරට ගියා.

තවපාරක් එහාට උනා.

ආයෙත්..

" ඔයා තව ටිකක් එහාට උනොතින් බිම නිදා ගන්න පුළුවන් වේවි" එකපාරටම එයාගෙ පිටිපස්සෙන් තද කටහඬක් ඇහුනා.

හේ යූ එකපාරටම නැගිටලා  ෂිඒ චිංචෙං  මොකුත් කරන්න කලින් තමන්ගේ අත් දෙක උස්සලා එයාගෙ ඔලුවට තද කළා. එයාගෙ ඇගෙන් බාගයක්ම ෂිඒ චිංචෙං ගෙ ඇග උඩට වැටුන. නව යොවුන් වියේ සුවඳ  සාහසික විදිහට ෂිඒ චිංචෙං ට ඉක්මනින්ම දැනුනා.

ෂිඒ චිංචෙං එයාගෙ පීච් මල් වගේ ඇස්දෙක ලොකු කරලා " තමුසේ මොනවද කරන්නේ ?"

ෂිඒ චිංචෙං ඈතින් ඉන්න ගත්ත උත්සාහය හේ යූ වැරදි විදියට තේරුම් අරගෙන තිබ්බේ, හේ යූ හිතුවේ ෂිඒ චිංචෙං මෙහෙම කරන්නේ තමන් ලෙඩෙක් නිසා කියලයි. ඒ නිසා හේ යු පොඩි මැර පෙනුමක් අරන් එයාගෙ ඇඟ තව ටිකක් පල්ලෙහාට තද කළා , එයාගෙ තොල් දෙක ෂිඒ චිංචෙං ගෙ බෙල්ලේ පැත්තකට තද කළා. 

" මට සනීප නැහැ , මට ඔයාව මරන්න ඕනේ ඔයාව සයිලන්ට් කරන්න. ඔයාට දැන් පැනලා යන්න ඕනෙද ?" හේ යූ මෘදු විදියට මෙහෙම  කියනකොට එයාගෙ තොල් යටින් දත් පේළිය ලාවට පෙනුනා.

උබෙ අම්මට…

හේ යූ අසනීප උනාම කොහෙත්ම මෙහෙම නෙමෙයි .  හිතාමතා මේ නෙහොබිනා වැඩේ කරන බව  ෂිඒ චිංචෙං දැනගෙන හිටියා . ඒ නිසා එයාගෙ කටහඩ දරුණු සහ කුරිරු උනා.

"තමුසෙ බහිනවා මගෙන් බිමට මුලින්ම" 

" මම ෆෝන් එක හොයන්න යන්නේ" හේ යූ ඇගෙන් බැස්සෙ නැහ, ඒ වෙනුවට තව ටිකක් තද කළා.

එයා ඇත්තටම  ෆෝන් එක ගත්තත් නැතත් ෂිඒ චිංචෙං ට මේ ආරක්ෂිත දුර කැඩුන එක දරාගන්න බැරි වුණා. හේ යූ එයාට ගොඩක් ලං වෙලා හිටියා වගේම එයාගෙ හුස්ම ඒ කොල්ලාගෙ උණුහුමින් පිරිලා ගියා.

ෂිඒ චිංචෙං ට ලොකු අපහසුව දැනුන නිසා මූණෙ තදගතියක් මවාගත්ත  ආරක්ෂා වෙන්න. එයා මුලින්ම කළේ කෙලින් වෙලා හේ යු ගේ මැණික් කටුවෙන් අල්ලගත්ත එක. චීටාවෙක් වගේ එයාගෙ ඇග නැවිලා, උරහිස් සමනලයෙක් වගේ ඇදිලා තිබුණ. වචනයක්වත් කතා කරන්නැතුව හේ යූ ව එයාගෙ යටින් බලහත්කාරයෙන්  තදකරගත්තේ පාඩමක් උගන්නන්නයි.

"....."

"ඔයා මොනවද කරන්නේ ? මට බය නැද්ද ?" හේ යු ඇහුවා.

" ඇයි මම තමුසෙට බය වෙන්න? මම උඹට උගන්නන්නම් අවංක වෙන්න"

"...."

හේ යූ කියවන එක නතර කළා.

" ග' ඔයා මට රිද්දනවා , ඔයා ඒක දන්නවා නේ" ටික වෙලාවකට පස්සෙ හේ යු මෘදු විදියට කිව්වා.  

ෂිඒ චිංචෙං කරදර වුණේ හේ යූ ගෙ මානසික ලෙඩේ නිසා හේ යු ගෙන් ඈත්වෙලා ඉන්න ඕනි නිසා නෙමෙයි, පිරිමි එයාට් ඕනාට වඩා ළං වෙන එක ගැනයි කියලා තේරුම් ගත්තු හේ යූ තවත් එයාට  විරුද්ධ වුණේ නැහැ. ෂිඒ චිංචෙං ට තමන්ගේ අත් තදකරලා තමන්ව යටත් කරගන්න ඉඩදුන්නේ තමන්ගේ ඇස් වලින් එයාගෙ ප්‍රතිබිම්බය පේන විදියටයි. 

" හරි හරි . මම අවංක වෙන්නම්. මම ඔයාගෙන් මගෙ ෆෝන් එක ඉල්ලන්නේ කොහොමද?" හේ යු ගේ කටහඬ වගේම හැසිරීම මෘදු වුණා.

ෂිඒ චිංචෙං තමන්ව පීඩාවට පත්වුණු එක ගැන හරිම නොසතුටින් හිටියේ . ඒත් තමන්ට යටවෙලා ඉන්න කොල්ලත් පිරිමියෙක් කියලා දැක්කම එයාට තව දුරටත් අපහසුවක් දැනුනේ නැහැ. හැමදේකටම පස්සේ එයත් පිරිමියෙක්.  තවත් පිරිමියෙක් ඉස්සරහ තමන්ව  යටත්වෙන, ආක්‍රමණය වෙන  කිසිම හැඟීමකට එයා කැමති නැහැ.

ෂිඒ චිංචෙං තවත් හේ යූ එක්ක කතා කරන්න කරදර උනේ නැහැ . එයා නැගිටලා හේ යූ වෙනුවෙන් ෆෝන් එක හොයා ගත්ත. 

එයා හේ යූ ට ෆෝන් එක දුන්නා.

" තැන්ක් යූ " හේ යූ ෆෝන් එක අරගෙන ඔලුව පාත් කරලා ඒකේ ස්ක්‍රීන් එක ඔන් කළා. 

" ඩොක්ටර් ෂිඒ . අපි දෙන්නම පිරිමි. අපේ සෙක්ශුවල් ඔරියන්ටේශන් එකේ වැරැද්දකුත් නැහැ. ඇයි ඔයා ඔච්චර කලබල වෙන්නේ. ඔයා කවදාවත් තව මිනිහෙක් එක්ක එකම ඇඳේ නිදාගෙන නැද්ද ?"

" මට තනියම ඉදලයි පුරුදු " ෂිඒ චිංචෙං  දැඩි රළු හඩකින් කිව්වා.

හේ යූ ෆෝන් එක දිහා බලාගෙනම හිනා උනා. එයාගෙ දිග ඇහි පිහාටු එයාගෙ හුස්මත් එක්කම යන්තමට ගැහෙනවා, ස්ක්‍රීන් එකේ එළියට ඒවා හිම තට්ටුවකින් වැහිලා වගේ.

" ඉතිං ඔයා නෑනගෙනුත් වෙනම නිදගන්නද පුරුදු වෙලා හිටියේ"  හේ යු උපහාසෙන් වගේ කිව්වා.

ෂිඒ චිංචෙං දැනගෙන හිටියා අද මානසික ලෙඩ්ඩු දිහා බලනකොට එයාට දුකක් දැනුන බව. එයා සැහැල්ලුවෙන් ඉන්නවා වගේ පෙන්නුවා වුණත්  එයා ඇත්තටම හිටියේ නරක මූඩ් එකක. 

හේ යූත් නරක මූඩ් එකක හිටිය වුනත් , ඒ කලකිරීම නැති කරන්න ෂිඒ චිංචෙං ට කුණු කන්දක් වෙන්න වගකීමක් වත්  බැඳීමක් වත් තිබුනෙ නෑ.

ඒ ඇරත් හේ යූ හිටියෙත් හොඳ මූඩ් එකක නෙමෙයි.

ෂිඒ චිංචෙං එයා දිහා මූණ තවත් නපුරු කරලා බැලුවේ තරවටු කරන්න වගේ.

" නිදාගන්න, මට ආයෙ කරදර කරන්න එපා " 

ඒ අනුව අනිත් පැත්තට හැරිලා ඇඳට ගියා.

තමන් නිදා ගන්න යන බව එයා කිව්වත්, ෂිඒ චිංචෙං ට ඇත්තටම තාමත් අපහසු කාලයක් උනා. හේ යූ ගොඩක් සරල වුණා. හේ යු  තරුණයෙක් නිසා එයා  විවේක ගන්න හිතුවේ නැතිව සුවපහසු විදියට වැතිරිලා හිටියා. එයා සද්දයක් නැතුව  ෂිඒ චිංචෙං  දිහා ටික වෙලාවක් බලාගෙන හිටිය. මේ මනුස්සයා තාත්තා කෙනෙක් වගේ තමන්ට පුතෙක් වගේ සලකන එක හේ යූට පුදුමයක් උනා.

හේ යු ට තිබුණේ වෙලාවක් ලැබුන ගමන්ම වෙඩින් ඩ්‍රෙස් එකක් හොයාගෙන ඒක එයාට  අඳින්න බල කරන එකයි. එයා ඒක ඇන්දොත් සමහරවිට මුළු ජීවිත කාලෙම හේ යූ ඉස්සරහ එයාට ඔලුව උස්සගෙන ඉන්න බැරි වේවි .

හේ යූ මේ ගැන කල්පනා කර කර ඉන්නකොට එයාට කම්මැලි හිතුන නිසා ශොපින් සයිට් එකක් ෆෝන් එකෙන් ඕපන් කරගෙන ' වෙඩින් ඩ්‍රෙස්' කියලා ටයිප් කලා. 

පේන්න තිබුණ විලාසිතා හැම එකක්ම නෝමල්, හරිම ලස්සන, වැදගත් ඒවා. ඒත් ඒවයෙන් ඕනෙ ප්‍රතිපල ගන්න පුළුවන් බවක් පේන්න තිබුණෙ නැහැ.

හේ යූ ටික වෙලාවක් කල්පනා කරලා එයාගෙ බෝල ඇස් වලින් ෂිඒ චිංචෙං ගෙ පස්ස දිහා බැලුවා. ඊට පස්සේ ඇස් දෙක පාත්කරලා තව වචනයක් එකතු කළා, " යට ඇදුම්"

ආපු ප්‍රතිඵල හරිම රසවත් !

සිල්ක් කළු පටි , සුදු පාට ලේස් පටි, ගැටගහන පටි, සෙක්සි අයිටම්, බාගෙට වහන ඒවා ..එක එක වර්ගයේ ස්ටයිල් ගොඩාක් තිබුණ . මේවා බලාගෙන පහළට යනකොට හේ යූ ගෙ ඇහි බැමත් උඩ ගියා.

ඒක හිත ඇදිලා යන දෙයක් , ආස දෙයක් බලනකොට මිනිස්සුන්ගේ සිතිවිලි වලට සීමාවක් නැහැ . 

මේක නියම වැඩක් කියලා හේ යූ ට තේරුණාම එයා ෂිඒ චිංචෙං ගෙ පස්ස එක්ක කම්පෙයාර් කරලා බලන්න ගත්තා. කවදහරි දවසක ෂිඒ චිංචෙංව තමන් ළග බැදලා තියලා මේ වගේ ඇඳුමක් අන්දලා බලනවා කියලා හිතුවම හේ යූ ගෙ නිදිමත නැති වුණා.

හේ යු පුංචි කාලෙදි ෂිඒ චිංචෙං ට ටිකක් බය උනා . ඒත් පිරිමින්ට තමන්ගේ ඉස්සරහ තියෙන කන්ද ගොඩාක් උසට වගේ අභියෝගයක් වගේ පේන්නේ එයාලා පුංචි කාලෙදි විතරයි. එයාලා වයසින් ලොකු වෙනකොට වැඩියෙන්ම ඕනේ වෙන්නේ ඒ කන්ද බිදලා දාන්න. ඒ වගේම ඒ කන්ද විනාශ කරලා  දැම්මට පස්සේ තරුණ එයාලට හිතෙන්නේ ඇත්තටම ඒගොල්ලො ලොකු වෙලා වගේම  එයාලා ආස කරපු දේ දිනාගත්ත කියල. 

ෂිඒ චිංචෙං එක්ක එකට එක දේවල් කරන එක හේ යූ ට සතුටක් වගේ දැනුනේ මේ නිසයි.

හේ යූ කොයිතරම් නම් මේකෙ ගිලිලා හිටියද කියනවනම් ෆෝන් එක සයිලන්ට් කරන්න ඇත්තටම අමතක වෙලා එයා වීඩියෝ එකකුත් ප්ලේ කරා.

" මේ සරාගී මංගල ඇදුම සැබවින්ම අති සුන්දරයි. ඔබේ මංගල රාත්‍රියේ දී එය පැලදුවහොත් ඔබේ ස්වාමි පුරුෂයාට තමාව පාලනය කර ගැනීමට නොහැකි වනු ඇත.." වර්ග මීටර් 10කට ත් වඩා පොඩි කාමරේ ඇතුලේ  ගෑනු ළමයෙක්ගේ කටහඩ ඇහුනා.

හේ යූ "...."

ෂිඒ චිංචෙං "...."

හේ යූ හිතුවේ ෂිඒ චිංචෙට නින්ද ගිහිල්ලා කියලයි.

ඒත් අවාසනාවකට එයා නිදි නැහැ, ෂිඒ චිංචෙං  අනිත් පැත්ත හැරිලා හේ යූ දිහා රවලා බැලුවා. ඒ බැල්ම කලින් සැරේ එකට දෙවැනි වුණේ නැහැ. ඒක හරියට හේ යු ගේ හිතට කඩුවකින් කොටන්න යනවා වගේ.

" තමුසේ මොනවද කරන්නේ ?"

ඔක්කොම ඇහුන නිසා හේ යූ ටත් මොකුත් හංගන්න ඕන වුණේ නැහැ .

" මම ශොපිං කරනවා" හේ යූ යන්තම් හිනා වෙලා කිව්වා.

" වෙඩින් ඩ්‍රෙස් වලට ශොපිං කරන්න?"

" මම ගන්නේ නැත්නම් ඒවා බලන්නේ නෑනේ"

" වෙඩින්ග් ඩ්‍රෙස් බලනවා.. කවුද ඕක අදින්න යන්නේ" ෂිඒ චිංචෙං ටත් මේක කරදරයක් වෙලා තිබ්බ නිසා උපහාසෙට වගේ ඇහුවා.

හේ යූ ඇස් දෙක ලොකු කරන් ටික වෙලාවක් කල්පනා කලා. 'මම මේක අන්දන්න යන්නේ මෙයාට කිව්වොත් මාව මෙතැනම මරලා දායි ද' හේ යු හිතුවා. 

පොලිසියේ ඇතුලේ කෙනෙක් මරලා දාන එක ඒ තරම් හොඳ හොද දෙයක් නෙවෙයි. 

" මේක ඔයාට  ඒ තරම් අදාල දෙයක් නෙමෙයි වගේ නේද ?" හේ යූ කිව්වා.

" ඔයාගේ ෆෝන් එක ඕෆ් කරන්න. මේ වගේ විකාර බලන එක නවත්තන්න. ඔයා තාම පොඩියි. මේ වයසෙදි මේ වගේ දේවල් බලන්න හේතුවක් නැහැ " ෂිඒ චිංචෙං තදින් කිව්වා.

එයාගෙ කටහඬ වගේම ඇස් දෙකත්  ටිකක් නපුරු වුනා.

ඇයි එයා හේ යූ ගැන මෙච්චර කරදර වෙන්නේ ?

දෙන්න අතර තිබ්බ සම්බන්ධ මොකක්ද ?

හේ යූ ට එයාව තව පොඩ්ඩක් අවුස්සන්න හිතුනා.

හේ යූ එයාගෙ පීච් මල් වගේ ඇස් දිහා බලාගෙන ටික වෙලාවක් සද්ද නැතුව හිටිය.

" ෂිඒ ගා' ඔයා මං ගැන කරදර වෙන්න ඕනේ නැහැ . මම කෙනෙක්ව හොයාගන්නම් ඉක්මනට" හෙමින් ඒත් ටිකක් උපහාසෙන් හිනාවෙලා කිව්වා. මේ හිනාව ඇතුලේ  ගොඩාක් දේවල් තිබුන.

හේ යූ ටික වෙලාවකින් මෙහෙමත් කිව්වා.

" ඒ කාලෙදි මට ඔයාගෙන් ඉගෙන ගන්න වේවි. ඔයා මට වඩා වැඩිමල්, බැඳලා ඩිවෝස් උන කෙනෙක්. ඔයාට හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා.  කොහොමද ගෑනු ළමයින්ට හොදට සලකන්නේ කියලා දන්නවා. මම ප්‍රොෆෙසර් ෂිඒ ගෙන් උපදෙස් ගන්නම් . ඒ නිසා මතක තියාගන්න මට ඇඩ්වයිස් දෙන්න"

මේ වෙලාවෙදී හේ යු ගෙ ඇස් දිලිසුනා. ඒ වගේම කටහඩේ අවඣාව වගේම නපුරුකම උපරිමේටම තිබුන.

" ඒත මට කුතුහලයක් දැනෙන තව දෙයක් තියෙනවා. ඔයා කිව්වා නෑනයි ඔයයි බැඳලා ගොඩක් කල් කියලා. ඒත් ළමයි නැත්තේ මොකද එයාට ?"

ෂිඒ චිංචෙං මූණ ඇදවෙලා ගියා..

මුළු දවසෙම හැමෝගෙම ඉස්සරහ හරිම හොද මනුස්සයෙක් වගේ හැසිරුණු  පිරිමි ළමයා මේ වෙලාවේ ආපහු තමන්ගේ ගුහාවට රිංග ගත්ත නපුරු සතෙක් වගේ වුණා. තමන්ගේ මිනිස් වෙස්මූණ ගලොල දාලා ඇප්‍රිකොට් ඇස් වලින් කම්මැලි විදියට බලාගෙන හිටියා. 

" ඔයාට ඒක නතර කරන්න ඕනේ වුණා වෙන්න බෑ. නේද?" 

කිසිම සද්දයක් නැතුව තප්පර දෙක තුනක් ඉන්න ඇති. හේ යු ව බෙල්ලෙන් ඇදල අරගෙන බිමට දැම්මේ කොට්ට ඇතිරිලි එක්කමයි. ඔක්කොම බිමට ඇදලා දාලා හේ යූ ව පනපිටින් වලලයි ඕනේ උනේ.

ෂිඒ චිංචෙං  කේන්ති ගස්සන්න හේ යූ ට ඕනේ වුණත් මෙච්චර කේන්ති ගස්සන්න ඕනේ වුණේ නැහැ.

ෂිඒ චිංචෙං ට හොදටම යකා නැගලා.

එයා සෙක්ස් වලට කැමති නැහැ වගේම ස්තාවර මතයක් තිබුන . එහෙම වෙලත් මේ පිස්සා මොන මඟුලක් ගැනද කියවන්නෙ ?

"තමුසේ" ෂිඒ චිංචෙං එයා දිහා ඔරවලා බැලුවා.

" තමුසේ තාම පොඩි එකෙක්"

කතා කරල ඉවර වෙලා, එයා එතනින් නැගිටලා ඇඳුම් හදාගෙන යන්න ගියේ දොරත් තදින් වද්දගෙන.

ෂිඒ චිංචෙං සිගරට් එකක් බොන්න පොලිස් ස්ටේෂන් එකේ පෝච් එක පැත්තට ගියා.

තමන්ගෙ ඉස්සරහ ලී රෞච්‍යු නම කියනවට ෂිඒ චිංචෙං කැමති නැහැ. ඒත් හේ යු ඇන්නේ එයාට ගොඩාක් රිදෙන තැනකට.

ෂිඒ චිංචෙං ආලින්දයේ උළුවහු කණුවකට හේත්තු වෙලා හිටියා. එයාගෙ ඇදුම් වගේම කොණ්ඩෙත් අවුල් වෙලා. එයාගෙ සෘජු සූක්ෂම  පෙනුමත් බිදිලා ගිහිල්ලා තිබුණ. සිගරට් බොන නිසා එයාගෙ වටේ නිල් පාට මීදුමකින් වැහිලා. ඇස් ටිකක් ලේ පාටට හැරිලා, ඇහිබැම අස්සේ පොඩි කම්මැලි ගතියකුත්  තිබුණ. එයාගෙ වේලිච්ච තොල් වලින් සිගරට් එකේ කඩදාසිය හැපුවා. ඇස් දෙක හිස් වෙලා තිබුණේ කලාතුරකින් දකින්න හම්බෙන මනස්කාන්ත ලස්සනක් පේන විදියට.

එතන පහු කරගෙන ගියපු පොලිස් ඔෆිසර් කෙනෙක්ට එයා දිහා නොබලා ඉන්න බැරි වුණා . ටික වෙලාවකට පස්සෙ තරුණ ඔෆිසර් කෙනෙක්  ළඟට ගිහිල්ලා සීතල බියර් ටින් එකක් එයාට දුන්නා.

" හේයි, ඔයා බෑඩ් මූඩ් එකකද ඉන්නේ? මට තේරෙනවා , මේ රෑ විතරයි .. අහ් ෂිඒ ග' . ඇයි ඔයා මෙහේ ?"

ෂිඒ චිංචෙං එයාගෙ සිහියට ආපහු ඇවිල්ලා තරුණ ඔෆිසර් දිහා බැලුව.

" චෙන් මෑන්…"

චෙන් මෑන් කියන්නේ ෂිඒ චිංචෙං අඳුරන කෙනෙක්.

චෙන් මෑන් ගෙ හරි නම ඇත්තටම චෙන් යාන්. ඒත් එයා කරන හැම දේකදිම එයා වේගවත් නිසා එයාගෙ පවුලේ අයට ඕනෙවුනා එයාව ටිකක් සන්සුන් කරන්න. ඉතින් එයාල විහිළුවට චෙන් මෑන් කියන නම තිබ්බා. ටිකෙන් ටික පස්සෙ හැමෝම එයාට චෙන් යාන් වෙනුවට චෙන් මෑන් කියන්න ගත්තා. එයාගෙ අයිඩෙන්ටිටි කාර්ඩ් එකේ තිබුනෙ චෙන් යාන් වෙනුවට චෙන් මෑන් කියලයි.

ෂිඒ චිංචෙං, චෙන් මෑන්ව එයාගෙ අයියා හරහා අඳුරගෙන හිටියා. එයාගෙ අයියත් පොලිස් ඔෆිසර්  කෙනෙක් වගේම ෂිඒ චිංචෙං ගෙ තාත්තගේ ගෝලයෙක් වුණා. ඒත් එයාව පස්සේ කාලෙක මරලා දාල තිබුන. චෙන් මෑනුත් එයාගෙ අයියට විශ්ව විද්‍යාල  විභාගයට තිබුණු ජොබ් එකම කරන්න පටන් අරගෙන හෙමීට පහළ මට්ටමේ ඉඳලා ඉහළට එනවා. ෂිඒ චිංචෙං  කීප සැරයක්ම එයාව පොලිස් ස්ටේෂන් එකේදී හම්බෙලා තිබුණා.

"ෂිඒ ග' ඇයි ඔයත් මේ කේස් එකට ඉන්වෝල්ව් උනේ?" චෙන් මෑන් ඒ ෂිඒ චිංචෙං කියලා අදුරගත්තතම එයා ටිකක් ස්ලෝ උනා. ෂිඒ ගාවට ගිහිල්ලා බියර් කෑන් එක ඇහැරලා ඒක එයාට දුන්නා.

" ඒක දිග කතාවක් " ෂිඒ චිංචෙං බර හුස්මක් පිටකළා. එයාගෙ සිගරට් එක හපලා සීතල බියර් එක බිව්වේ චෙන් මෑන් ට ස්තුති කරන්න පොඩ්ඩක් ඔලුව පාත්කරලයි.

" ෂිඒ ග' ඔයාට සීතලයිද? මගේ ඇඳුමක් දෙන්න ද ?" ෂිඒ චිංචෙං ඒ ගැන පැහැදිලි කරන්න උවමනාවක් නැති බව දැක්කම චෙන් මෑන් පොඩ්ඩක් වෙලා ඉඳලා ආයෙත් මෙහෙම ඇහුවා . 

" ඕකේ.. සීතල නැහැ , රස්නෙ දවස සීතල වෙන්න බැහැනේ" 

" දැනටමත් කොළ වැටෙන කාලෙ.."

ෂිඒ චිංචෙං ට කේන්ති ගියා චෙන් මෑන් ඕනවට වඩා ළග කැරකෙන නිසා . 

" යන්න. බියර් එකත තෑන්ක්ස් .. මූඩ් එකක් නෑ මට දැන්"

" ඇත්තටම මුකුත් නැද්ද ?"

"ඇත්තටම නැහැ "

චෙන් මෑන් හෙමින් අඩියක් පස්සට අරගෙන යන්න ගියා.

" ඉන්න" ෂිඒ චිංචෙං හදිස්සියෙම ආයෙත් කතා කළා එයාට .

" ආපහු එන්න"

චෙන් මෑන් ඉක්මනට ආයෙත් ආවා .  මේ දෙන්නා ගොඩාක් කල් ඉදලා හොඳට අඳුරන වගේම පොඩි කාලේ ඉදන්ම ආශ්‍රය කරලා තියෙනවා. ඉතිං  ෂිඒ චිංචෙං එයා එක්ක පරිස්සමෙන් වැඩ කලේ නෑ. මේ නිසා චෙන් මෑන් ව ළගට ඇදලා අරගෙන එයාගෙ යුනිෆෝම් එකේ තිබුණ සිගරට් පැකට් එක ගත්තා.

චෙන් මෑන් සිගරට් බොන්නේ නැහැ. පොලිස් ස්ටේෂන් එකෙ සිගරට් බොන්නෙ නැති අය කිහිප දෙනෙක් හිටියත් සිගරැට් පැකට් එකක් පොකට් එකේ තියාගන්න එක වෙන යුනිට් එක්ක වැඩ කරද්දි ලේසි වුනා.

"යන්න දැන්" ෂිඒ චිංචෙං චෙන් මෑන්ගෙන් සිගරට් එකක් අරගෙන එයාගෙ උරහිසට තට්ටු කරල කිව්වා.

" අහ්.. ඔයා ඉස්සර වැඩිය සිගරට් බිව්වේ නැහැ  ග' . දැන් ඔයා සිගරට් බොනවා වැඩියි"

ෂිඒ චිංචෙං එයාව ආයෙත් ගණන් ගත්තේ නැතුව  සිගරට් එක බොන්න කනුවට හේත්තු වුණා. 

ටික වෙලාවකට පස්සෙ ආයෙත් පිටිපස්සෙන් අඩි සද්දයක් ඇහුණා.

" ඔයා රෑ  වැඩට යන්නේ නැද්ද ?" ෂිඒ චිංචෙං නොඉවසිලිලෙන් ඇහුවා.

" මම මොකද්ද  කරන්න ඕනේ "

"....."

ෂිඒ චිංචෙං ඔලුව හරවලා බැලුවා. චෙන් මෑන් ගිහින් ආයෙත් එනවා වෙනුවට හේ යූ ඇවිල්ල තිබුනේ.

හේ යූ කියලා දැක්ක ගමන් ෂිඒ චිංචෙං ගෙ ඇස් දෙක සීතල වුනා. එයා මොකුත්ම කියන්න නැතුව අහක බලා ගත්තා.

හේ යූ සද්දෙ නැතුව ටික වෙලාවක් එයා ගාව හිටගෙන හිටියා.

" ඩොක්ටර් ෂිඒ ..සොරි" අකමැත්තෙන් වගේ කිව්වා.

" සොරි ඔයා ගැනයි නෑනෑ ගැනයි.."

ෂිඒ චිංචෙං  තද කරගෙන හිටපු ගින්න මේ වෙලාවෙ පුපුරලා ගියා. හේ යූ මෝඩ වෙලා ආයෙත් යකාව ඇවිස්සුවා. ෂිඒ ගෙ සන්සුන් ගතිය නිසා හැමතිස්සෙම සීමාවෙන් ඈතින්  හිටියා.

ඒත් මේ සමාව ගත්ත විදිහ එයාගේ කේන්තිය තවත් අවුස්සන විදිහේ විහිළුවක් වගේ වුණා. හේ යූ මේ තරම් විනීත විදිහට කතා කළේ නැත්නම් එයා ඒක දරාගෙන ඉන්නවා. ඒත් හේ යු ගෙ අමුතු සමාව ඉල්ලීම එයාව තවත් කේන්ති ගැස්සුවා. මොකද ඒකෙන් කියවෙන්නේ හේ යු අවංකවම මේක කළේ නෑ කියන එකයි. 

මේ වෙලාවේ ෂිඒ ගෙ කේන්තිය උපරිම උනා. චෙන් මෑන් එයාට දීලා ගියපු බියර් කෑන් එක හේ යු ගේ මූණට විසික් කළා.

" තමුසේ මොනවටද දුක් වෙන්නේ ?"

අයිස් වගේ සීතල බියර් බිංදු වැක්කෙරුනට ඒක ෂිඒ ගෙ කටහඬ  තරම් සීතල වුණේ නැහැ.

" මට තමුසෙගෙ සමාවෙන් වැඩක් නැහැ. තමුසෙගෙ වෙස් මුහුණ අනෙක් අය ඉස්සරහ හොදයි. ඒත් ඒක මගේ ඉස්සරහ වැඩක් නැහැ. තමුසේ මොන වගේද කියලා මම දැකලා නැද්ද? "

"..." හේ යූ වචනයක් වත් කිව්වේ නැහැ. ජීවිතේ පලවෙනි වතාවට කෙනෙක් එයාගෙ මූනට බියර් විසික් කරලා තිබුණත්  එයාට  ඒ වෙනුවෙන් දෙයක් කරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ.

" ඒ වගේම නෑනා ගැන කියවන එක නවත්තන්න. එයයි මමයි දැනටම ඩිවෝස් වෙලා ඉන්නේ. ඩිවෝස් එක නැතත් මම ඔයාගේ අයියාවත් එයා ඔයාගෙ නෑනවත් නෙමෙයි. මට එපා වෙලා ඉන්නේ තමුසෙව අද රෑ දැකලම. මම තමුසෙට අයියා නෙමෙයි. ආයේ මට පේන්න එන්න එපා ! " ෂිඒ චිංචෙං දරුණු විදිහට කිව්ව.

" මම මොනවද කරන්න ඕනේ ඔයාට ? , මම කියපු දේවල් වෙනුවෙන්" හේ යූ ටික වෙලාවක් සද්ද නැතුව ඉඳලා වචනයෙන් වචනය මෙහෙම ඇහුවා .

එයාගෙ  කළු පාට ඇහිබැමෙන් වතුර බිංදු වැක්කෙරෙනවා.  හේ යූ ඇත්තටම පිස්සෙක්. ටික වෙලාවකින් හිනාවක් ආරූඪ කරගත්තා කොහොමහරි. ඒක මෘදු වගේම භයානකයි වගේ පෙනුණා. 

" නැත්තම් දණ ගහලා ඔයාගෙන් සමාව ගන්න ඕනෙද අවංකයි කියලා පෙන්නන්න? " 

" තමුසේ මුකුත් කරන්න ඕනේ නැහැ " ෂිඒ චිංචෙං හේ යු ගෙ ඇස් දිහා බලාගෙනම හිස් බියර් කෑන් එක පොඩි කරලා කුණු කූඩෙට විසි කළා.

" හේ යු මේක මතක තියාගන්න. මගේ ෆැමිලි ලයිෆ් එක ෆේල් උනත් ඒකට විහිලු කරන එක ඔයාට අයිති දෙයක් නෙමෙයි. මොකද ඔයා අනෙක් අයටත් මේ වගේ කුහක විදිහට සලකනවා නම් ඔයාට ඇත්තටම කැමති කෙනෙක් ඉන්න විදිහක් නැහැ.. කිව්වා නේද කෙනෙක්ගෙන් කැමැත්ත අහන්න යන්නේ කියලා..ට්‍රයි කරලා බලන්න"

"....."

" තමුසේ කැමති කාටද කියලා මට වැඩක් නැහැ. එයාට තමුසෙ එක්ක මාසයක් ඉන්න පුළුවන් වුනොත් මම තමුසෙගෙ සර්නේම් එක දා ගන්නම්.."

 


පරිවර්තක සටහන් :

  1. ග' කියන්නේ අයියා කියන එකට

  2. Chen Man නමේ Man කියන එකෙන් අදහස් වෙන්නේ 'හෙමින්' කියන එකයි

👉තුන් වෙනියත් ආවා ඔන්න. 

👉ෂිඒ ට වෙඩින් ඩ්‍රෙස් එකක් අන්දලා හැඩබලන හේ යු ගේ හීනේ කවදක හරි හැබෑ වෙයිද ?

ගොඩ කාලෙකට පස්සේ කොටසක් අරගෙන ආවේ. ලියන ස්ටයිල් එකත් මේ චැප්ටර් එකත් එක්ක වෙනස් වෙන්න පටන් ගන්නවා. වෙනස් කරන්න මූලිකම හේතුව වුණේ මේක මොඩර්න් නවල් එකක් වගේම මේකේ දෙබස් පුළුවන් තරම් නැචුරල් විදියටම ගන්න ඕනෙ උන නිසයි.ෂිඒ සහ හේ යූ ගෙ අනාගත වටපිටාව එක්ක මේ විදිය ගොඩක් ගැලපෙයි කියලා හිතෙනවා. කලින් කොටස් ටිකත් හෙමීට එඩිට් කරන්න හිතාගෙන ඉන්නේ. 

රසික පරිවර්තන ගැන පහුගිය කාලේ උන කතා බහ නිසා ඇත්තටම කලකිරීමකින් හිටියේ. කොහොම උනත් මීට්බන්ගෙ පොත වලට ගොඩාක් ආසකරන ෆෑන් කෙනෙක් විදියට ඉස්සරහටත් පුළුවන් හැම වෙලාවෙම කොටසක් අරගෙන එන්නම්.

සියලු පරිච්ඡේද


Comments

  1. Is that a kink

    ReplyDelete
  2. I meant the wedding dress
    Oh anyway both of them look like crazy to be honest

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-