Skip to main content

14. අපි රහස් ගැනයි පරණ දේවල් ගැනයි කතා කළා

 " ෂිඒ චිංචෙං , ඇයි ඔයා මාත් එක්ක ගිනි ගන්න තැනට දුවගෙන ආවේ?"


අවසානයේ ෂිඒ ෂිඒ ව සන්සුන් කිරීමට සමත් වීමෙන් පසුව ඇයව කීකරු ලෙස කුඩා බංකුවක වාඩිකර ජිවිත ගලවාගත් පිරිස සමග විවේක ගැනීමට ඉඩකඩ ලබා දුන්නේය. හේ යූ සහ ෂිඒ චිංචෙං හට ගිනි නිවීම් අංශයේ ප්‍රධානියා දැඩි ලෙස අවවාද කළ අතර එය අවසාන වීමෙන් පසුව ඔවුන් දෙදෙනා ඉවතට ඇවිද ගියේය. හේ යූ ඔහුගේ ඇස් කොනෙන් සිගරැට් එකක් දල්වාගෙන සිටී ෂිඒ චිංචෙං දෙස බැල්මක් හෙළුවේය. ෂිඒ චිංචෙං පෙර සිදු කළ ක්‍රියාවට හේතුව කුමක්දැයි ඔහුට හොයා ගත නොහැකි බව අවබෝධ වීම හේතුවෙන් ඔහු මෙම පැනය විමසා සිටියේය. 



" ඔයා ගියපු පැත්තට ඒ වෙනකොට ගින්දර පැතිරිලා තිබුණේ නැහැ " ෂිඒ චිංචෙං දුම් වැටියෙන් දුම්  ඇද එය සෙමෙන් පිට කළේය . අවසානයේ ඔහුට සම්පූර්ණ සුවයක් දැනෙන්නට වූයේය.


 ඔහුගේ ඇඟිලි අතර ගිනි අඟුරු දැල්වෙමින්  සහ නිවෙමින් තිබූ අතර එහි අළු හිම කැටි මෙන් පහළට ඇද වැටුණේය.


" ඔයාගේ කන්ඩිෂන් එක ගැන කියන්න මට"ෂිඒ චිංචෙං අළු ඉවත් කර ඉදිරිය බැලුවේය. " කවද්ද ඒක පටන් ගත්තෙ ?"


ඔහු විමසන්නෙ රුධිර ප්‍රේරණය පිළිබඳවය.

"ඔයා ගිහිං ටික කාලෙකට පස්සේ , මම ප්‍රයිවට් හොස්පිටල් එකකට ගියා තවත් ටෙස්ට් එකකට, මම  තවත් පේෂන්ට් කෙනෙක් නිසා මේක අහම්බෙන් හොයා ගත්තෙ. ඇමක් විදියට මම ලේ පාවිච්චි කරනකොට ඒගොල්ල මට ඇහුම්කන් දෙනවා, ඔයා මේ ගැන දැනගෙන හිටියා ද?"


"ඔව්" ෂිඒ චිංචෙං මෘදු ලෙස කැස්ස පිටකළ අතර තවත් දුම් උගුරක් ලබා ගත්තේ හැකිතරම් උදාසීන අයුරින් මෙය විස්තර කිරීමට උත්සාහ කරමින් ය. 


" රුධිර ප්‍රේරණය කියන්නේ මනෝ විද්‍යාත්මක ඉබෝලා රෝගයේ විකෘති ප්‍රභේදයක් , ඔයා මේක ගැන කාටවත් කියලා නැහැ නේද?"


හේ යූ සිනාසුන අතර ඔහුගේ දෑස් තරමක් අඳුරු විය . " ඔයා තමයි මේක දන්න එකම කෙනා "


"......."


"මට කවදක හරි මේ ගැන දන්න හැමෝම සයිලන්ට්  කරන්න ඕනේ උනොත් , මට කරන්න තියෙන එකම දේ ඔයාව ඉවරයක් කරන එක විතරයි"


ෂිඒ චිංචෙං  තම දෑස් ඔහු වෙතට යොමු කළේය. " මම කැමතියි ඔයා ඒක ට්‍රයි කරනවා බලන්න"


පොලිස් නිලධාරියා ෂිඒ චිංචෙං හට ලබාදුන් දුම්වැටිය ඔහුගේ රුචිකත්වයට  ගැලපුනේ නැත. එය අධික ලෙස ව්‍යාජ වූ අතර සැබැවින්ම එහි අඩංගු වූයේ මෙන්තෝල් රස කළ කරලකි,  ෂිඒ චිංචෙන්ට දුම්පානය කරන අතරතුර කිහිප වරක් හුස්ම හිර වීමට එය හේතු විය. මදක් කෝපයට පත් ඔහු එය ඉවතට විසිකර දැමූවේය. 


" කාටවත්ම කියන්න එපා මේ ගැන , අඩුම ගානේ ඔයාගෙ ඩොක්ටර්ට වත්"


" මම ඒ තරම් මෝඩ නැහැ ෂිඒ චිංචෙං " හේ යූ මෘදු ලෙස පැවසුවේය. ඔහු සැබැවින්ම ඉතා ධනවත් තරුණයෙක් විය. බොහෝ දේ පසු කර ඇතත් ඔහු තවමත් කණ්ඩායම අතර වඩාත් කැපී පෙනෙන ලෙස හැඳ පැළඳ සිටි අතර දරාගත නොහැකි තරම් කඩවසම් සහ පිරිසිදු විය. ඔහු දෙස හොරෙන් බලමින්  සිටි මුදවාගත් පුද්ගලයින් රාශියක් ඒ අසල විය.


" සයිකොලොජිකල් ඉබෝලා කියන්නේ දැනට ගොඩාක් දුර්ලභ  ආබාධයක්. මානසික ලෙඩ්ඩුන්ට මං කියන දේ අහන්න බලකරන්න පුළුවන් මේ හැකියාවත් එක්ක, මට සාමකාමී ජීවිතයක් ගත කරන එක ගැන අමතක කරලා දාන්න පුළුවන්"


" ඒත් ෂිඒ චිංචෙං ,  මේක මතක තියාගන්න"


ඔහු හදිසියේම ෂිඒ චිංචෙං තාමා වෙතට ඇදගත් අතර ,  උදාසීන ආමන්ඩ් දෙනෙත් හරහා ඔහුව සෙමෙන් නිරීක්ෂණය කළේය.

" මේ හැමදෙයක්ම ඇත්තටම දැක්ක එකම ඇස් දෙක තමයි ඔයාගෙ මේ ඇස් දෙක"


ඔහු ඉතා සමීප වූ බැවින් ඔහුගේ ඇහි පිහාටු ෂිඒ චිංචෙං ගේ ඇහිපිහාටු සමග ගැටීමට තරම් ආසන්න විය. ඔහුගේ පහත්  සන්සුන් ස්වරය ෂිඒ චිංචෙං ගේ සවනතට කොදුරන ලද්දේ ය. මෙම අවුල් වියවුල් මධ්‍යයේ ඔහුට අවශ්‍ය වූවේ මෙය මෙම පුද්ගලයාට පමණක් ඇසීමට සැලැස්වීමට ය.


එය කෙඳිරිගෑමක් මෙන් වුවද එහෙත් එහි තර්ජනයක්ද ගැබ්විය.


" ඔයාගේ මේ කට තමයි ඇත්ත කියන්න පුළුවන් එකම කට"


ඉක්බිති ඔහුගේ බැල්ම ෂිඒ චිංචෙංගේ මුව දෙසට යොමු වූයේ එයට එම සිහින් දෙතොල් ආලිංගනය කරමින් එහි දිගින් දිගටම යමක් සෙවීමට හැකියාව ඇත්තාක් මෙනි. ඔහුගේ දෙනෙත් අතිශයින්ම මෘදු විය, නමුත් ඒවාගේ ගැබ්ව පැවති තර්ජනය නම් කිසිසේත් ම ලඝු කළ හැක්කක් නොවීය.


මේ අතරතුර ෂිඒ චිංචෙං බේරාගත් තුවාලකරුවන් සඳහා ගිනි නිවන භටයින් විසින් සකස් කරන ලද කමිසයක් ඇදගත්තේය.


හේ යූ ඔහු ඉදිරියෙන් සිටගත් අතර ෂිඒ චිංචෙං ගෙ කරපටිය සකස් කරන අයුරින් ඔහුගේ මුහුණ දෙස බලාසිටියේය. ඔහු මෙය සිදු කරන ආකාරය පිටස්තරයන්ට ඉතා ආචාරශීලී බවක් පෙනෙන්නට තිබුණද මේ සදහා වන වන්දිය ඉතා විශාල බව දැන සිටියේ ෂිඒ චිංචෙං සහ හේ යූ පමණි. ෂිඒ චිංචෙං ගෙ කමිසය සකස් කිරීමේදී හේ යූ විශාල බලයක් යෙදූ අතර පළමුව නිහඩව ඔහුගේ කර පටිය තද කළේ යම් අයුරක තර්ජනයක් සහ බලහත්කාරයක් සමගින්ය.


ඔහු තම ඇඳුම් සකස් කර අවසන් වූ පසුව , ඔහු අසාමාන්‍ය ලෙස මෘදු  සහ විනීත අයුරින් සිනාසුනේ ය. " ඒ නිසා මේ රහස ගැන …"


"ඒක ඔයාගේ කටින් පිට නොකොළොත් හොඳයි "


" ඒක හොඳට තද කරලා පරිස්සමින් එහෙ තියාගන්න ,එළියට වැටෙන්න දෙන්න එපා "


"ඔයා මට තර්ජනය කරනවා ද ?" ෂිඒ චිංචෙං දැඩිව විමසීය.


"මම එච්චර නිර්භීත නෑ.මේක රිමයින්ඩර් එකක් විතරයි , මට ඕනේ නෝමල් ලයිෆ් එකක් ගෙනියන්න"  හේ යූ ගේ දෑත් ෂිඒ චිංචෙං ගේ කමිස කර පටියෙන් පහළට ලිස්සා ගියේය.


ෂිඒ චිංචෙං ට මෙම මානසික රෝගියා මත කාලය නාස්ති කිරීමට කරදර වීමට අවශ්‍ය නොවීය.


හේ යූ ඇයි මේ තරම් දුර යන්න කරදර උනේ? 


හේ  යූ ගේ රෝගය ගැන අන් අයට පැවසීමට ඔහු සැබැවින්ම සැලසුම් කර තිබුණේ නම් , ආරම්භයේදී එය කිසිවකුට හෙළි නොකරන ලෙස ඔහුට නොපවසනු ඇත.

එහෙත් හේ යූ ඒ අයුරින්  වේවිදැයි සිහි නොකළේය. හේ යූ , ෂිඒ චිංචෙං ව එතරම් විශ්වාස නොකළේය.


මේ වන විට හේ යූ හට දැනී තිබුණේ ෂිඒ චිංචෙං ඔහුට තර්ජනයක් වී ඇති බව පමණකි. යම් දෙයක් දරුණු ලෙස සිදුකර  ඔහුව ප්‍රාණ ඇපකරුවකු බවට ඇද දැමීම  වඩාත් සුදුසුය. මේ ආකාරයෙන් ඔහුගේ රහස හෙළි කිරීමට ඔහුට නොහැකි වනු ඇත.

ෂිඒ චිංචෙං ඔහු දෙස බැලුවේය. " ඔයා කිව්ව ඔයාට සාමාන්‍ය ජීවිතයක් විතරයි  ඕනේ කියලා. එහෙම  තියෙද්දී ඇයි ඔයා රිස්ක් එකක් ගත්තේ වෙලාව නැතුවත්, ගිනි ගන්න තැනට ගිහිල්ලා ඔයාගෙ බ්ලඩ් ටොක්සීන් පාවිච්චි කරලා ඒ ලෙඩ්ඩුන්ව බේරගන්න?"


" මොකද කියනවනම් ' වට් යූ වෝන්ට්' සහ 'වට් යූ  ආ '  කියන්නේ දෙකක්". හේ යූ සිනාසුනේය. " මට සාමාන්‍ය කෙනෙක් වෙන්න ඕනේ, ඒත් මම කොහොමත් පිස්සෙක්"


" මම කට්ටියව බේරගන්න ඇතුලට ගියා. මුලින්ම ගින්දර තාම ඒ පැත්තට පැතිරිලා තිබ්බේ නැති නිසා වෙලාව තියෙනවා කියලා මම දැනගෙන හිටියා. ඊළඟට , ඔයාට මතකද මම කියපු එක  ඔයාට? මිනිස්සුන්ට කවදාවත් එකිනෙකාව තේරුම්ගන්න වත් අනුකම්පා කරන්න වත් පුළුවන් වෙන එකක් නැහ. සම්පූර්ණයෙන්ම වෙනස් විශේෂ දෙකක් වගේ. මට දැනෙනවා ඔය හැමෝම එක්ක කම්පෙයාර් කරද්දී එයාලා මගේ මගේ නෑදෑයො වගේ. මම එයාලගෙන් වෙනස් වෙන එකම විදිහ මම එයාලට වඩා හොඳට රඟපානවා "


"එයාලගෙ ජීවිේ ජීවිත වැදගත් නැහැ කියලා මමත් හිතුවොත් , වෙන කවුද එයාලව ජීවත්වෙන හුස්ම ගන්න මිනිස්සු විදිහට සලකන්නේ? " හේ යූ නොසැලකිලිමත් ලෙස පැවසුවේය. 

ඕනෑම සමාජයක ප්‍රජාවක ධාර්මික සභාවක හෝ නපුරු සංවිධානයක, ඔවුන් කුමන ආකාරයේ පුද්ගලයින් වුවද ඔවුන් සියලු දෙනාටම අවශ්‍ය වූයේ තම වර්ගයා සමග සිටීමය.


කුමක් නිසාද යත් හුදෙකලාව කෙනෙකු උමතු කරවන බැවිනි.


හේ යූ නිශ්චිතවම මෙවැනි පුද්ගලයකු විය. ඔහුගේ අසනීපය කුමක්දැයි තේරුම් ගත හැකි කිසිවෙකු කිසිවෙකු සිටියේ නැති අතර අනෙක් පුද්ගලයින්ට හැකි වූයේ ඔහු ගේ විස්තර වලට සවන් දීම සහ ඔහු මතුපිටින් හෙළි කළ වේදනාව දැකීමට පමණි. ඔහු හා සමානය රෝගයට ගොදුරු වූ පුද්ගලයින් තිදෙනා ම ඒ වන විටත් මිය ගොස් සිටියහ.


ඔහුට හැකි වූ එකම දෙය වූයේ සමාන  ප්‍රජාවන්ට ඇතුළු වී ඔහුව ලෝකයට සම්බන්ධ කළ හැකි පාවෙන පාලමක් සොයා ගැනීමට උත්සාහ කිරීම පමණකි.


නමුත් ඒ සමගම , හේ යූ ඉතා භයානක පුද්ගලයෙක් විය. මන්දයත් ඔහුට තම ඥාතීන්ගේ  සිත් මෝහනය  කළ හැකි බැවිනි. ඔහුගේ රුධිරය මානසික රෝගීන් හට ත්‍යාගයක් වූ අතර ඔහුගේ වචන ඔවුන්ට අකීකරු විය නොහැකි නියෝග විය.


ඔහුට කැමැත්තක් ඇත්නම් , අපරාධ සිදු කිරීම සඳහා ඔහුගේ හැකියාව භාවිතා කළ හැකිය.


එබැවින් මේ පිළිබඳ වෙනත් පුද්ගලයින් දැනගන්නවාට ඔහු අකමැති වීම අරුමයක් නොවේ.


තවද, මෙය පිළිබඳව දැනගෙන සිටින එකම පුද්ගලයා ෂිඒ චිංචෙං වූ බැවින් ඔහුගේ කට වසා තැබීමට අවශ්‍ය වීම  පුදුමයට කරුණක් නොවීය. 

" නෑදෑකම ඔයාට ඒතරම්ම වැදගත් ද ? ඔයාගෙ ජීවිතේ ගැන පවා නොසැලකිලිමත් වෙන්න තරම් ඒක වැදගත්ද ?" ෂිඒ චිංචෙං විමසුවේය.


"ඩොක්ටර්,  ඔයාට අපිව තේරුම් ගන්න බෑ. ඔයා ආලෝකෙ හිටගෙන ඉන්නේ.ඉතිං  අදුරු රෑ කියන්නෙ ඔයාට දකින්න පුළුවන් දෙයක් නෙමෙයි " හේ යූ දැඩි ස්වරයෙන් පැවසුවේය.


"....." ෂිඒ චිංචෙං සුසුම් හෙලුවේය. ඔහුට තවදුරටත් මේ පිළිබඳව සාකච්ඡා කිරීමට අවශ්‍ය නොවීය.


" අන්තිම ප්‍රශ්නේ, ඔයාට බ්ල්ඩ් ටොක්සීන් තියනවා නම්, ඇයි කලින් එක ජ්‍යං  ලාන්පෙයි ට පාවිච්චි කළේ නැත්තෙ?"


" ඒක අස්ථායි නිසයි" හේ යූ පැවසුවේය.

" මගේ ලේ වලට ලෙඩ්ඩුන්ව තවත් පිස්සු වට්ටන්න පුළුවන් සම්භාවිතාවක්  තියෙනවා. මේ වගේ වෙලාවකදී මට ඔට්ටු අල්ලන්න පුළුවන් කමක් නැහැ ඔයා වගේ" 


මෙම අවස්ථාවේ දී ඔහු හදිසියේම මොහොතකට නතර විය.

" ඔයා ඇත්තටම පුදුම මනුස්සයෙක්. වෙන එකෙක් ඔයාව අල්ලගෙන ඉද්දිත් ඔයාට සින්ඩරෙල්ලා  ගැන කියන්න පුළුවන්කමක් තිබුණා. මෙච්චර ලොකු ගේමක් ගහනකොට මට ඒක තේරෙන්නේ නැති වෙයි කියලා බය හිතුණේ නැද්ද ?" 


" මම ඒ ගේම් එක ගත්තෙ ඔයා ටිකක් ඒකට දක්ෂයි  කියලා මට හිතුණ නිසා" ෂිඒ චිංචෙං සැහැල්ලුවෙන් පැවසුවේය. " ඒවගේම ගිය සැරේ ඔයාගේ රූම් එකට ගියාම ඇඳුම් මාරු කරන්න ඔයාට කියන්න ඕනේ උනේ සින්ඩරෙල්ලා ගැන නෙමෙයිද ?"


හේයූ මොහොතකට නිශ්ශබ්ද වූ අතර අවසානේ උපහාසයෙන් හිස පහත් කළේය. ෂිඒ චිංචෙං ද ඔහුගේ අත නලලට තද කළේය.  අනතුරකින් තම ජීවිත ගලවා ගැනීමත් සමග ඇතිවූ සැහැල්ලුවක් සහ පහසුවක් ඔවුන් දෙදෙනාට අවසානයේ ගම්‍ය වූයේ මෙම අවස්ථාවේ දී පමණි. 


සැබෑවකි, මොවුන් දෙදෙනාට එම සිද්ධිය තවමත්  මතකයෙන් ගිලිහී ගොස් නොමැත. අනපේක්ෂිත ලෙස කාලයාගේ ඇවෑමෙන් පොලිසිය ඇමැතීම සඳහා එය ඔවුන්ගේ රහස් කේතය බවට පත්ව ඇත.   


මෙම සිදුවීම සිදුවූයේ  හේ යූට වයස අවුරුදු අටක් හෝ නවයක් පමණ වන විට ය.


වෛද්‍ය ප්‍රතිකාරවල  මූලික රෙගුලාසි පසෙක ලා හේ යූ පිටතට ගොස් පරිසරයෙහි ගැවසිය යුතු බව  ෂිඒ චිංචෙං හට එදින හැඟී ගියේය. බොහෝ වෛද්‍යවරුන් විශ්වාස කළේ මානසික රෝගීන්ට  ප්‍රතිකාර කිරීම සදහා ඖෂධ වලට ප්‍රමුඛත්වය දිය යුතු බව වුවත් ෂිඒ චිංචෙං වෙනත් මතයක් දරන්නෙක් විය. ඔහු විශ්වාස කළේ රෝගියෙකුගේ මානසික රෝගය ඔවුන්ගේ වටපිටාවට ප්‍රතික්‍රියාවක් බවත්, මානසික රෝගුයෙකු හුදෙකලා පුද්ගලයකු ලෙස නොසලකා ඔවුන් සමාජයෙන් කොන් නොකළ යුතු බවය. එම නිසා මානසික රෝගයකට එරෙහි සටනේදී තීරණාත්මක ප්‍රතිඵල ලබා ගැනීමට ඖෂධ වලට ක්‍රමයක් නොතිබුණි.  රෝගියෙකුට සුවය ලැබිය හැකිද නොහැකිද යන්න පිළිබඳ යතුර ඔහු සමාජය හා පවුල සමග සම්බන්ධ කළ  පාලම නැවත ගොඩනැගීම තුළ වීය.


එනිසා ඔහු  තම නිර්දේශ ලූ ජිෂු වෙත ලබා දුන්නේය.


ලූ මහත්මිය කලබලකාරී ව්‍යාපාරික ඇමතුමක් ලබා ගනිමින් සිටියාය. ඇය ෂිඒ චිංචෙං දෙස බලා ඔහුට ලැජ්ජා සහගත සිනහවක් පෑවාය.

" මට වෙලාවක් නැහැ , ඩොක්ටර් ෂිඒ එයාව අරගෙන යන්නේ නැත්තේ ඇයි?"


"එයා ඔයාගේ පුතා " ෂිඒ චිංචෙං බලහත්කාරයෙන් තම කෝපය මැඩ ගත්තේය.


" මම ඔයාගේ සැලරි වැඩි කරන්නම්" ව්‍යාපාර ගැන පමණක් කථා කිරීමට පුරුදුව සිටී ලූ මහත්මිය හිස ඔසවා බැලීමටවත් උත්සාහ නොකළාය.


"...."


ඉන්පසු ලූ ජිෂු ඇගේ දුරකතනය රැගෙන නිශ්ඵල කතාබහකින් යුතුව අහංකාර සුළි කුණාටුවක් මෙන් පිටව ගියාය. එය කෙසේද යත් ඇය ප්‍රථමයෙන් ව්‍යාපාරිකයෙකු වූ අතර දෙවනුව මවක් වූවාක් මෙන් විය. මෙම ස්ථූල ධනවත් කාන්තාව " මිස්ටර් ජෑන්ග්,මිස්ටර් ලී" ලෙස දුරකථනයෙන් අමතන විට මුල සිට අවසානය දක්වාම නිතරම සිනහවකින් සිටියාය. ඇගේ බැල්ම එක වරක්වත් ෂිඒ චිංචෙං දෙසට යොමු නොවීය.


ෂිඒ චිංචෙං ආපසු හැරී හේයූ දෙස බැලුවේ ය. හේයූ මේ වන විටත් මෙවැනි මව්පුතු සම්බන්ධතාවයකට හුරුපුරුදු වී ඇති බවක් පෙනෙන්නට තිබූ අතර ඔහු තම මවගේ ක්‍රියාවන් ගැන එතරම් සැලකිල්ලක් නොදැක්වීය. සෝපාව මත හිද රන්වන් කහ පැහැති දොඩම් ගෙඩියක්  ලෙලි ගලවමින් සිටි හේයූ හිස ඔසවා බැලීමටවත් මහන්සි නොගත්තේය.


එම දොඩම් ගෙඩිය ඔහුගේ අත්ලට වඩා විශාල වූ අතර ලෙලි ගසමින් සිටි අතරතුර හේයූ ට තම ග්‍රහණය අහිමි වූ අතර එය බිම වැටී තේ මෙසේ යටට  පෙරළී ගියේය. ඔහු සෝපාවෙන් පැන එය ඇහිද ගැනීමට ඉදිරියට ගියේය.

" ඔයා බිම වැටිච්ච දෙයක් කන්න ද හදන්නේ ?" තම හදවත මෘදු වන්නේ මන්දැයි අවිශ්වාසයෙන් ෂිඒ චිංචෙං සුසුමක් පිට කළේය. ඔහු හේයූ සහ නත්තල් ඇපල් ගෙඩිය පසුකර ගොස් දූවිලි සහිත දොඩම් ගෙඩිය අතට ගත්තේය.


" මම ඔයාව හෙට පාක් එකට එක්කගෙන යන්නම්"


ෂිඒ චිංචෙං පසුදා ඔහුගේ කුඩා සොහොයුරිය සහ හේ යූ විනෝද උයනට රැගෙන ගියේය. ෂිඒ ෂිඒ මෘදු සහ නිතර සිනහවකින් යුක්ත වූ අතර කුඩා පිරිමි ළමයා බලා ගැනීමට දක්ෂ විය. එහි ප්‍රතිඵලයක් ලෙස හේ යූ ගේ තත්ත්වය සැලකිය යුතු ලෙස වැඩි දියුණු වූ බවක් පෙනෙන්නට විය.


නමුත් ඔවුන්  ආපසු යන මඟ දී හදිසියේම වැස්සක් වැටෙන්නට විය.


අවසානේ ඔවුන් කුලී රථයක් ලබා ගැනීමට සමත් වන විට, ඔවුන් තිදෙනා ඒ වන විටත්  තෙත් වී සිටියහ. කෙසේ වෙතත් , හේ පවුලේ බංගලාව නගරයට තරමක් පිටතින් පිහිටි බැවින් ෂිඒ චිංචෙං පළමුව   දරුවන් දෙදෙනා ඔහුගේ වෛද්‍ය විද්‍යාල නේවාසිකාගාරය ට  රැගෙන  ආවේය.


ෂිඒ චිංචෙං ගේ නේවාසිකාගාරය හේ යූ ගේ වර්තමාන නේවාසිකාගාරයට සමාන වූ පුද්ගලයින්  හතර දෙනකුගේ කාමරයක් විය.


" ග' ගා ,ඔයාගෙ පතොක් මල් පිපෙනවා

ෂිඒ ෂිඒ ඇතුලට ගිය විගස ෂිඒ චිංචෙං ගේ මේසය මතට කඩා පැන්නේ ඇය එහි හිමිකාරිය අයුරින්ය. 

" වාව්,හරිම ලස්සනයි " ඇය එහි බිත්තර හැඩති බඳුන තුළ  කහ මල් රවුමකින් ඔටුනු පළඳින ලද බෝල පතොක් ගස් දෙස බලමින් විචිත්‍රවත් ලෙස සිනාසෙමින් පැවසුවාය.


පැහැදිලිවම ඇය තම සහෝදරයාගේ නේවාසිකාගාරයට ගිය පළමු අවස්ථාව නොවුනාය.


ෂිඒ චිංචෙං ඔවුන් දෙදෙනාට උණුසුම් ඉඟුරු තේ වත්කර කිසිදු ගැටුමක් ඇති නොවන අයුරින් දරුවන්ගේ අත් වලට ඒවා ලබා දුන්නේ ය.

"උණුවෙන්ම බොන්න ඒක "


ෂිඒ ෂිඒ  කුළුබඩු ආහාර වලට ඉතා ප්‍රිය වූවාය. ඉඟුරු තේ කෝප්පය අතට ලැබුණු විගස ඇය එය තොල ගාන්නට වූ අතර ඉතා ඉක්මනින් උණුසුම් ඉඟුරු තේ  අතුරුදහන් විය. නමුත් හේ යූ ගේ තත්ත්වය එසේ නොවීය. අධික සැර රසයෙන් යුත් ආහාර අනුභව කිරීමට මෙම තරුණ ස්වාමියාට නොහැකි  බැවින් ඔහු හිස පහත් කර කෝප්පය අල්ලාගෙන සිටියේය. ඔහුට එක උගුරක්වත් පානය කිරීමට නොහැකි විය.


ෂිඒ චිංචෙං තම දෑත් සේදීමට නාන කාමරයට ගියේය . මෙම තේ  කෝප්පයට ය කුමක් කළ යුතු දැයි  හේ යූ සිතමින් සිටින විට ඔවුහු අසල වූ  ෂිඒ ෂිඒ සැනසුම් සුසුමක් හෙළුවාය. 

" ඒක ගොඩක් හොදයි "

"...." ඇය දෙසට හැරී ,හේ යූ සන්සුන් ඉරියව්වකින් ඇයව නිරීක්ෂණය කලේය.

ඔහුගේ බැල්ම දැනුණු ෂිඒ ෂිඒ ද හැරී ඔහු අත වූ කෝප්පය දෙස බලා සිනාසුනාය.

" ඔයා ඒකට අකමැති නම් ….."

"නෑ, මම ඒකට ගොඩක් ආසයි " හේ යූ සිහින් කටහඬින් පැවසුවේය.


"වෙන්න බෑ, ඔයා මෙච්චර වෙලා ගිහිල්ලත් බීලා තියෙන්නේ පොඩ්ඩයි නේ"

" මම ඒකට කැමති නිසා තමයි මට ඒක බොන්න බැරි " හේ යූ සිනාසුනේය.


"ඔහ්…" ඇගේ මුහුණින් එය තේරුම් ගිය බවක් හැගවුණු අතර ෂිඒ ෂිඒ ඉවත බැලීමට සූදානම් විය.

"මෙන්න" හේ යූ බොහෝ වේලාවක්  දීමට තබාගෙන සිටී කෝප්පය ඇයට ලබා දුන්නේ ය.


" අහ්, ඒත් මම හිතුවේ ඔයා ඒකට ආසයි කියලා "


"ඔයාට ඒක ඕනේ නම් මම දෙන්නම් ඔයාට "

කුඩා මෝඩයාගෙ දෙනෙත් විසල් වූ අතර ස්තුතියිපූර්වකව  ඉඟුරු තේ කෝප්පය ඇය පිළිගත්තාය.


" ඉක්මනට බොන්න , අපිට ඔයාගේ අයියට දැනගන්න ඉඩ තියන්න බැහැ මගේ එකත් ඔයාට දුන්නා කියලා. නැත්තං එයා ආයෙත් ඔයාට බනීවි " හේ යූ සන්සුන්ව ඇයට මතක් කිරීමට අමතක නොකළේය.


" අහ්..ම්ම්" ෂිඒ ෂිඒ ඉතා අහිංසක තැනැත්තියක් වූවාය. ඇයව පැහැර ගත් තැනැත්තාට ඇගේ කප්පම් මුදල ගණන් කිරීමට ඇය උදව් කලාය. ස්තුතියි පූර්වකව උණුසුම් ඉඟුරු තේ උගුරක් පානය  කළ ඇය  කහින්නට විය.

හේ යූ සිනහසෙමින් ඇගේ පිටට තට්ටු කළේය.


" මම හරි ආසයි ඉඟුරු තේ බොන්න" ඇගේ ශක්තිය ඇය නැවත ලබාගත්තාය.  තවමත් උණුසුම් කෝප්පය වටා තම දෑත් රඳවා ගනිමින් ඇය හේ යූ ට පැවසුවාය. ඇගේ දෙනෙත් මුදු දීප්තියකින් පිරී තිබුණි.

" මම පුංචි කාලේ අපි ජීවත් වුණේ පුංචි ගෙදරක. එළියෙ හිම වැටෙන කොට අපිට හීතලෙන් ආරක්ෂා වෙන්න මොකුත් තිබුනෙ නැහැ. මගේ අයියා මට මෙහෙම හදලා දෙනවා"

එය පැහැදිලිවම වේදනාවෙන් පිරුණු දුෂ්කර අත්දැකීමක් වුවද ඇය එය පවසන විට ඇගේ දෙනෙත් දීප්තියෙන් බබලන්නට විය. එය අතීතයේ සිදු වූ මිහිරි සිදුවීමක් මතක් වූ අයුරින් දිස් විය.


ෂිඒ චිංචෙං තම දෑත් සෝදා නැවත පැමිණිය පසු තම ඇදෙහි එකිනෙකා  අසල වාඩි වී සිටින දරුවන් දෙදෙනා දෙස බැලීය.

"ඔය දෙන්න බීලා ඉවරයි ද?"


දරුවන් දෙදෙනා  තම රහස් හුවමාරු කරගනිමින් එකිනෙකා  දෙස බැලුවේය. හේ යූ සන්සුන්ව සිටි අතර ෂිඒ ෂිඒ  මදක් කලබලයෙන් හිස වැනුවාය. නමුත් ඇය හිස වැනූ විට අධික ලෙස තේ පානය කිරීම හේතුවෙන් මුවින් කුඩා ශබ්දයක් පිටවීම වළක්වා ගැනීමට නොහැකි විය.


ෂිඒ චිංචෙං තවදුරටත් ඔවුන් දෙස අවධානය යොමු නොකළ අතර ඇඳුම් මාරු කිරීම සඳහා  තම අල්මාරිය දෙසට යාමට හැරුණේය.  කුඩා දැරියගේ  බොක්සිං පන්තිය පිහිටා තිබුණේ වෛද්‍ය විද්‍යාලය ආසන්නයේය. සෑමවිටම පංතිය අවසාන‍යේම ඇය දහඩියෙන් නැහැවී සිටි අතර ෂිඒ චිංචෙං  ඇය වෙනුවෙන් ඇඳුම් කට්ටල කිහිපයක් සූදානම් කර තිබුණේය. එබැවින් ඇයට මෙහි පැමිණ ඇඳුම් මාරු කර ගැනීම පහසු විය. එම ඇඳුම් මෙම අවස්ථාවේ ද ඉතා ප්‍රයෝජනවත් විය. 

" ඔයාට බෙලා ද සින්ඩරෙල්ලා ද ඕනෙ?"

වැඩිමල් සොහොයුරා අල්මාරිය අසල ගැවසෙමින්  සිටියද ඔහුගේ මුවින් පිට වූයේ සුරංගනාකතා වල සඳහන් කුමරියන්  දෙදෙනෙකුගේ නම් දෙකකි . 


" මට බෙලා ඕනෙ" කුඩා දැරිය ඉතා ප්‍රීතියට පත් විය.

ෂිඒ චිංචෙං  ඇයට ලා කහ පැහැති ඇඳුමක් ලබා දුන්නේ ය. ෂිඒ ෂිඒ සතුටින් ඝෝෂා කරමින් ඇගේ ඇඳුම ද රැගෙන නානකාමරයට ඇඳුම් මාරු කිරීමට දිව ගියාය.

ෂිඒ ෂිඒ  පිටව ගිය පසු, හේ යූ තෙත් ඇදුමෙන් ඇද අසල හිටගෙන සිටියේය. 


" ඔයා මේක අදින්නේ නැත්තේ ..?"


හේ යූ ට ලබාදුන් ඇඳුම ගෙන දිගහැර බැලුවේය. " ඩොක්ටර් ෂිඒ ඔයාට වැරදිලා .."


"නෑ.."


හේ යූ මොහොතකට ගල් ගැසී ගියේය. අනතුරුව සෙමෙන් හිස එස වූ අතර ඔහුගේ දෙනෙත් තරමක් සිහින් වූයේ ඔහුගේ වතද අදුරු කරමින්ය.

" ඔයා මට දුන්නේ ගවුමක්"

වඩා වැදගත් දෙය නම් එය නිල් පැහැති සින්ඩරෙල්ලා කුමරියගේ ඇඳුමක් වීමය.


එය හිතා මතා කළ දෙයක් ද යන්නට පැහැදිලි නොවූ නමුත් හේ යූ ගේ කෝපය සහිත මුහුණ දුටු ෂිඒ චිංචෙං සැබැවින්ම මද සිනහවක් පෑවේය. කෙසේ වුවත් ඔහුගේ සීතල මුහුණේ සිනහවක් නැගෙන විට ද  ඔහු එය උපහාසයට  කළේ ද නැතහොත්  අවංක ව ද කියා පැවසීම දුෂ්කර විය.


" ඔයාට තෝරන්න ලැබෙන්නේ නැහැ . ඔයාගේ සයිස් එකෙන් මං ගාව තියෙන්නේ මේක විතරයි "


"මං හිතන්නේ මට ඔයාගේ ෂර්ට් එකක් අඳින්න පුළුවන් " හේ යූ පැවසුවේය.

ෂිඒ චිංචෙං තම දෑස්  හරස් කර බැඳ ඇඳේ ඉනිමගට තම පිට හේතු කර ගත්තේය.


" චූටි යක් පැටියෝ..මගේ ඇඳුම් ඔයාට ගොඩක් ලොකු වැඩියි"


"...."


"ඔයාට ඒක අඳින්න ඕනේ නැද්ද ? එහෙනම් ඇදුම් නැතුව ඔයාට යන්න වෙන්නෙ "


"..."


පිටතින් වර්ශාව නොකඩවා ඇද හැලුනු අතර එහි හඬ අතීත සංවාදයේ පසුබිම් සංගීතය බවට පත්විය.



.



චං කං මානසික රෝහලෙහි ගින්න කෙමෙන් පාලනයට නතු විය. ගිනි නිවන භටයින් තවදුරටත්  ඇතුළු වූ අතර පොලිස් නිලධාරීන් පරීක්ෂණ වල නිරතවිය . ෂිඒ චිංචෙං සහ හේ යූ එකිනෙකාගේ දෑසෙහි අතීතයේ මතකයන්හි චායාවන් දකිමින් බැල්මක් හුවමාරු කරගත්හ.


" එදා ඔයා මට  මුකුත් නැති වුණේ නැහැ කියලා පවා කිවා. ඒ ප්‍රින්සෙස් ගෙ ඇදුමේ සාක්කුවේ ටොෆි තිබුණ කියලා කිව්වා.  ඔයා  මට සාක්කු බලන්න කියලා මානසිකව ඇගෙව්වා. ඒත් ඔයා මට කිව්වේ එදා ඔයා මට දුන්නේ වස මම ඒක කෑවෙ නෑ කියලයි. ඒ ගැන හිතන කොට දැන් ඇත්තටම ඔයා ඒ කාලේ යක්සයෙක්" හේ යූ පැවසුවේය.


"මට ඕව මතක නැහැ " මෙසේ පවසමින්  ෂිඒ චිංචෙං යන්නට හැරුනේය.


" ඔයා බොරු කියන්නෙ " හේ යූ ඔහුගේ මාර්ගය අවහිර කිරිමට තම අත ඔසවා ෂිඒ චිංචෙං ට  පිටුපසින් වූ විශාල ගසට හේතු කළේය.

"ඔයාට මතක නැද්ද? ඔයාට මතක නැත්තං  ඔයා සින්ඩරෙල්ලා ගෙ ටොෆි ගැන කියලා ඔයාගේ සාක්කුවෙ තියෙන ඔයාගෙ ෆෝන් එක ගැන මට ඇගෙව්වේ ඇයි ජ්‍යං ලාන්පෙයි ට අහු වෙලා ඉන්නකොට" හේ යූ තම දෑස් කුඩා කර පැවසීය.


ෂිඒ චිංචෙං  කිසිවිටෙක පසු බසින්නේ නැත. " අහම්බෙන් උනේ" 


හේ යූ කෝපයෙන් ඇවිලී ගියේය.


පෙර දින ෂිඒ චිංචෙං ව  තම නවාතැනට ගෙන ගොස් මාරු කිරීම සඳහා ටී ශර්ට් එකක් ලබාදුන් අවස්තාවේද  ඔහු පහසුවෙන් මෙය මග හැර ගිය බවක් ඔහුට දැනුනේය. නමුත් දැන් ඔහුට පැයක කාලයක් පමණක් ලැබුණද, ෂිඒ චිංචෙං ට ඇඳීමට සරාගී ලේස් පටි සහිත මංගල ඇඳුමක්ද  මේස් ද ඔහු මිලදී ගත යුතුය. නමුත් ඔහු එය ප්‍රතික්ෂේප කළහොත්  ඔහුට මාංචු දමා ඔහුව ඇඳ මතට විසි කර එය කිරීම සදහා ඔහුට බල කළ යුතුය. ෂිඒ චිංචෙං සැබැවින්ම ඉතා නිර්ලජ්ජිත පුද්ගලයකු වූ බැවින් ඔහුට හොදින් අවමන් කිරීම සඳහා මෙයට වඩා අඩු යමක් ප්‍රමාණවත් නොවනු ඇත. 


" ඔයාට මතක නැද්ද ?"


ඔහු කථා කිරීම සඳහා හිස පහත් කළේය.


" එහෙනම් ඔයා ආයෙ කවදාවත් නොතෙමෙන්න පරිස්සම් වෙන්න" හේ යූ මෘදු ලෙස පවසන විට ඔහුගේ දෑස් ෂිඒ චිංචෙං ගේ දෙනෙත් වලින් ඉවතට ගියේය.


" නැත්නම් ඔයාට ඊළඟ පාර අඳින්න දෙන්නේ මම ටී ෂර්ට් එකක් නොවෙන්න පුළුවන් "


" අවුලක් ගන්න එපා යක් පැටියෝ.ඔයාට ආයෙ චාන්ස් එකක් ලැබෙන්නේ නෑ. මම තෙමුනොත් මට  හෙළුවෙන් යන්න පුළුවන් "


හේ යූ ගේ තර්ජනය හමුවේ ෂිඒ චිංචෙං තම අත ඔසවා  හේ යූ ගේ කම්මුලකට තට්ටු කළේය. 


" හෙළුවෙන් .."  පෙර අවස්ථාවේදී ගිනි ගිනිගන්නා ස්ථානයට දිවගිය පිස්සන් දෙදෙනා මොවුන් බව ඒ අසලින් ඇවිදිමින් සිටී පොලිස් නිලධාරියකු හදුනාගත්තේය. 

"ඔයාලා ආයෙත් හෙලුවෙන් යන්න එතෙන්ට!  ඒක කොච්චර භයානක ද!නෑ , ඉන්න.. මම කිව්වේ ඔයාලා හෙළුවෙන් නොවුනොත් ආයෙ එහෙට යන්න බෑ කියලයි "

පොලිස් නිලධාරියා වහාම පැවසුවේය.


" ඔව්, මම එයාට කිව්වා විතරයි දැන්. එහෙම නේද ෂිඒ ග'ගා "

හේ යූ උණුසුම් ලෙස සිනාසුන අතර ඔහුගේ දෙනෙක් මෘදු  විය.


" ඇයි ඔයා එයාට බනින්නෙ?  ඔයා මුලින්ම ගින්නට දුවපු නිසා ඔයාගෙ ෂිඒ ග'ගා විතරයි නේද පස්සෙන් දුවගෙන ආවේ?" 

පොලිස් නිලධාරියාව ඔවුන් දෙස බලා සිටියේය.

" අහ්. අමතක උනා. ඔයාලගෙ තුවාල වලට බේත් කලාද ? ඔයාලට වෙලාව තියෙනවා නම් අපිත් එක්ක පොලිස්ටේෂන්  එකට එනවද ? ගොඩාක් දේවල් තියෙනවා අද රෑ විසදගන්න "


එකවර හැසිරවීමට නොහැකි තරම් පිරිසක් සිටි බැවින් අදාල සාක්ෂි කරුවන් පොලිස් රථවලින් පොලිස් ස්ථානයට කණ්ඩායම් වශයෙන් රැගෙන ගියේය. එසේම ඔවුන් පොලිස් ස්තානයේ  විවේක කාමර  කිහිපයත් ද පිරිසිදු කර තිබුණේය. එබැවින් තමත්  කටඋත්තර ලබා නොදුන් පිරිසට රාත්‍රිය එහි ගත කිරීමට  හැකිවිය.


ෂිඒ ෂිඒ ද ෂිඒ චිංචෙං සහ අනෙකුත් පිරිසගෙන්  පසුව පැමිණියාය.

ඇය ගැහැණු ළමයෙකු වූ බැවින් ඇයව හෙදියක් සමග රැඳවූ අතර හේ යූ ට සහ ෂිඒ චිංචෙං ට යාබද කාමරයේ ලබා දුන්නේය.


ෂිඒ ෂිඒ කෙටි නින්දක් ගැනීමට යාමට පෙර ඇය බොහෝ දුරට සන්සුන් වී සිටියාය. ඇය ඒ මුළු කාලය පුරාම සිහිසුන්ව සිටි බැවින් ද අධික රුධිර නොදුටු බැවින් ද ඇය කළබල නොවූ අතර මේ වන විටත් කලබලයට පත්ව සිටී හෙදිය අස්වසමින් සිටියාය.


"දැන් හරි ඔක්කොම , ඔයා ඇත්තටම ගොඩක් වාසනාවන්තයි මේ වගේ දේකින් බේරෙන්න. අපි මුලින්ම චුට්ටක් රෙස්ට් කරමු. අපේ වාරේ ආවම පොලීසිය ඇවිත් අපිට කතා කරාවි "


" මට නින්ද යන්නෙ නෑ ….."


"ඔයාට නිදාගන්න බැරි නම් මම ඔයාට සිංදුවක් කියන්නද ?..... අත හරින්න.. අතහරින්න…ලේන්සුව අතහරින්න"


" මේ වගේ විකාර සින්දු කියන්න එපා "


" මම දන්නෙ නෑ ඒ සිංදුව කොහොම ඔළුවට ආවා ද කියලා. මට දැනුනෙ මම සිහිය නැතිව ඉන්න වෙලාවේ  කවුරුහරි ඒක මං ගාව ඉදම් කිව්වා කියලා. හරි එහෙනම් මම වෙන සිංදුවක් කියන්නම්.. 

නිල් අහසේ විශ්ව ගගේ.. ශ්වේත් නැවක් පා වෙන්නේ…" ෂිඒ ෂිඒ  නොසැලකිලිමත් ලෙස  පැවසුවාය.


"....." හෙදිය.


" මම පොඩ්ඩක් අවුල් ගියා. සොරි..ඇත්තටම සොරි..මම ඔයාට විහිලුවක් කරන්නද?"ෂිඒ ෂිඒ කලබල වූ බවක් පෙනෙන්නට විය.


ෂිඒ චිංචෙං සහ හේ යූ  විවේක කාමරයට වෙත යොමු කරන ලද්දේය.

" ඔය දෙන්නට මෙතන නිදා ගන්න පුළුවන් . කන්ඩිෂන් එක නම් ඒ තරම් හොඳ නැහැ , ඒත් ඉන්න වෙනවා. ඔයාලට මොනාහරි ඕනෙ නම් ඕනම වෙලාවක අපිට කියන්න. ඔයාලගේ වාරේ ආවම කවුරුහරි ඇවිල්ලා ඔයාලට කියාවි"  තවත් බොහෝ සාක්ෂිකරුවන්  සිටි බැවින් කුඩා පොලිස් නිලධාරියා ඉක්මනින් පිටව යාමට පෙර කලබලයෙන් පැහැදිලි කළේය.


ෂිඒ චිංචෙං සහ හේ යු එක්ව විවේක කාමරයේ දොර විවෘත කළවිට එහි සැකැස්ම දැකීමෙන්  තුෂ්ණිම්භූත විය.


මෙය සැබැවින්ම අවසන් මොහොතේ සකස් කළ විවේක කාමරයක් විය..


මෙම කාමරේ පැවතියේ එකම එක සෝෆා ඇදක් පමණි.


කොහොමද ඒගොල්ලො නිදාගන්නෙ ??   








කුඩා රඟහල:

චරිත කාඩ්පත

 හේ යූ

ලිංගය: පිරිමි

වයස: 19

උස: 189 cm

කැමතිම වර්ණය: කළු

අකමැති වර්ණ: දම්, රෝස, නිල්, සුදු

කැමතිම කෑම: විශේෂ කිසිවක් නැත

අකමැති කෑම: අකමැති බොහෝ දේ ඇත, විශේෂයෙන් කුළුබඩු

කැමතිම  සතුන්: සීතල-ලේ සහිත සතුන්

අකමැති සත්තු: බොහෝ මිනිසුන්

ඔබ කැමති කෙනෙක් ඉන්නවද : ඔව් 

උපමාව:

හේ යූ හට  ඉතා කඩවසම් ඉතාම සුන්දර මුහුණක්  පැවැති බැවින් ඔහු පාසල් යන වයසේදී  වරක් එක් පිරිමි සිසුවෙකුගේ හිරිහැරයට ලක් විය. එහි අවසාන ප්‍රතිඵලය වූයේ මෙම සිසුවාගේ පාදය හේ යූ විසින් කඩා දැමීමය. ෂිඒ චිංචෙං විසින් පෙරදිනක කුමරියකගේ ඇඳුම් ලබා දුන් විට ඔහුටද එම අරමුණ ඇතිදැයි හේ යූ දැන සිටියේ නැත. මේ නරක දොස්තරට අවශ්‍ය වූයේ ඔහුව ගැහැනු දරුවකු කිරීමට ද?  එබැවින් ඔහු ඒ පිළිබඳව බොහෝ වේලාවක් කල්පනා කළේය.  අන් අය ඔහුව ස්ත්‍රීකරණය කරන විට හේ යූ ඔවුන්ට වෛර කළේ ය.  ඔහු 189cm දක්වා වර්ධනය වූ පසු එම පුද්ගලයින් ඔවුන් කිව යුතු හා නොකළ යුතු දේවල් ඉගෙන ගෙන තිබීම ඉතා වාසනාවක් විය. ඉන්පසු කිසි දිනක පිරිමියෙකු අතින් ඔහුගේ මුහුණට කරදරයක් නොවීය.

හේ යූ : ෂිඒ චිංචෙං  ඇත්තටම එදා ඔයා මාව ගෑණු ළමෙක් කරන්නද හැදුවේ?

ෂිඒ චිංචෙං : ඇත්තටම මං ගාව පිරිමි ළමයෙක්ට හරියන ඇඳුම් තිබුණෙ නැහැ.

හේ යූ : ඔයා හැදුවේ මාව කෙල්ලෙක් කරන්න, බලාගෙන ඉන්න ඔයාව ඇදක තියලා මාංචු දාලා වෙඩින්ග් ඩ්‍රෙස් එකක් අදින්න බල කරනකම්.

 ෂිඒ ෂිඒ  : මට දෙයක් අහන්න පුලුවන්ද?  ඇයි ඒක වෙඩින්ග් ඩ්‍රෙස් එකක් වෙන්න ඕනෙ?

හේ යූ : ලොකු මිනිස්සුන්ට ප්‍රින්සෙස් කෙනෙක්ගේ ඇඳුම් වෙඩින්ග් ඩ්‍රෙස් එකක් වගෙ නෙමෙයිද?

ෂිඒ ෂිඒ : …..

ෂිඒ චිංචෙං :  (උපහාසයෙන්) පොඩි යකා, ඇදට යන්න ලෑස්ති වෙන්න..හීනෙන් ඕන දෙයක් වෙන්න පුළුවන් 

 

පරිවර්තක සටහන් : 

කාලෙකින් ඔන්න චැප්ටර් එකක් ගෙනාවා.. හේ යූ ගේ ආසාව හැබෑ වේවිද?

ස්තුතියි : මියුස් යූටර්පි 

Comments

  1. I have read English translations of this novel too but Sinhala translation is just awesome 💚💜

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-