Skip to main content

Posts

Showing posts from May, 2025

එකසිය විසි හතරවන පරිච්ජේදය | ඔට්ටුව දමා තිබේ!

අරැණෝදයේ පළමු දීප්තිය අහසේ දර්ශන වන්නට පටන් ගත්තේ ය.  සියල්ලටම පසු විශාරදයෙකු වු යූ ෂ්‍යාඕසායි ට එතරම් වෙලා දරාගෙන සිටින්නට තරම් මානසිකත්වයක් නොතිබුණි. එමනිසා ශෙන් ස'චුආන් චෙන් යැං ලවා යූ ෂ්‍යාඔසායි ව විවෙක ගැනීම සඳහා පිටතට රැගෙන.ගියේ ය. ඔවුන්ට ඕනෑම විටක ඉතිරි කරුණු කාරණා වෙනත් දිනයක සාකච්ජා කළ හැකිය. මෙම ප්‍රශ්නය බලෙන් තමා මත පටන් ගන්නට උත්සහ නොකළ ෂ්‍යාඕසායි සෙන් යූ විසින් ශෙන් ස'චුආන් තෙට ලියු ලිපිය මේසය මත තබා පිටවන්නට වූයේ ය.  ෂ්‍යාඕ චීයේ ස්නානය කිරීමට පිටත්ව ගිය අතරේ ශෙන් ස'චුආන් සෙන් යූ ලියූ ලිපිය එහි වූපන්දම් ආලෝකයෙන් කියැවූයේ ය. අංගනයේ වූ උදෑසය හිරු එළියට කාමරයට ද එබිකම් කළේ ය. ශෙන් ස'චුආන් බ්‍යන්ඩුන් අණදෙන සේනාංක වලට අයත් කොටස කියැවූයේ ය. ඔහු මද වෙලාවක් බපා සිටිමුත් ෂ්‍යාඕ චීයේ තවමත් පැමිණ තිබුණේ නැත. හේ ලිපිය පසෙක.තබා , උණබට තිරය ඔසවමින් අභ්‍යන්තරයේ වූ පටු කොටස දිගේ ඇවිද ගියේ ය. ඉන්පසු හේ තිරය වටා කරකෑවී ගොස් බැල්මක් හෙළුවේ ය. ෂ්‍යාඔ චීයේ ස්නාන තටාකය තුළම සිටියේ තද නිනදක ය. ටම් යම් කරුණු කාරණා පිළිබඳ මෙනෙහි කරමින් සිටි ෂ්‍යාඔ චීයේ ට මද වෙහෙසකර බවක් දැනුණා , නම...

එකසිය විසි පස්වන පරිච්ජේදය | මෙං සහ යූ

  එකසිය විසි පස්වන පරිච්ජේදය | මෙං සහ යූ සයවන මාසය ගෙවී යන්නට එතරම් කාලයක් ඉතිරිව තිබුණේ නැත. සීජෞ හී බලකොටු හමුදා සේනාංක දැනටමත් ස්ථාවර වෙන්නට පටන් ගෙන තිබුණු අතර , ෂ්‍යාඕ චීයේ ට සිය උතුරු දෙසට යෑමේ ගමන සිදු කරගෙන ඉන්න යන්නට ද කාලය එළැඹ තිබුණි. ඔහු ජොංබෝ වල සිටි මාස දෙකක කාලය තුළ එක් පෞද්ගලික ලිපියක්වත් ලීබෙයි වෙත යවා නොතිබුණ අතර , ඒ හා සමානවම ලීබෙයි ද ඔහුට එකඳු ලිපියක් හෝ එව්වේද නැත!. දෙපාර්ශවයම යම් ආකාරයක නිහඬ අවබෝධයකට පැමිණ තිබෙන බව පෙනෙන්නට තිබේ. මෙං දඬයම් කරන්නට වැඩි වැඩියෙන් කාලය මිඩංගු කරන්නට පටන් ගත්තේ ය. ඌ පියාසර කරන්නේ උතුරු දෙසට බව ෂ්‍යාඕ චීයේ දැන සිටියේ ය. ඔහු අද අංගනයේ සිටගෙන ඈතින් බරස යන හිරු දෙස බලා සිටියේ ය. ශෙන් ස'චුආන් ඔහු පිටුපස වූ ද්වාර රාමුවට මෘදු ලෙස තට්ටු කරන ශබ්දය නිසා ඔහු පියවි සිහියට පැමිණෙන්නට විය. ෂ්‍යාඕ චීයේ ශෙන් ස'චුආන් දෙස බලා සිටියේ සන්ධ්‍යා යාමයේ අවසාන හිරුරැස් යටිනි. ශෙන් ස'චුආන් ට දැනුනේ ෂ්‍යාඕ චීයේ නැවතත් ටිකක් උසින් වැඩී තිබෙන බවයි. ඔහුගේ ඒ පළල් උරහිස් බැසයන සන්ධ්‍යා  හිරුරැසින් බරවී තිබුණේ ය; ඔහු මීට වසර හයකට පෙර සිටියාට වඩ...