Skip to main content

අසූව වන පරිච්​ජේදය | විවාහ ගිවිසගැනීමේ ත්‍යාගය

මේ එකිනෙකට විරුද්ධ වූ ප්‍රහාරයන් තහනම් පළතුරෙහි රසය එක් වරක් හෝ ලබා ගත් පසු එය කෙරෙහි වූ ආශාව තව තව වැඩිවී අපිරිමිත ආශාවක් වන තුරුම පැවතියේ ය.

 ඔවුන් අදුර මධ්‍යයේ එකිනෙකාගේ සීමාව අතික්‍රමණය කළෝ ය. ඔවුන්ගේ ආලය තව තවත් ගැඔුරු වෙන්නට සිපගැනීම් වලට ඔවුන්ගේ කුසගිනි නිවාලන්නට නොහැකි වූයේ ය. ආශාව මුළුමනින් පාහේ ඔවුන්ව නිරුවත් කර දැමුවේ ය. සැම අවස්ථවෙකදිම එකිනෙකාගේ ඇසුර මත සිටීම හා මෘදු ව එකිනෙකාට ඇලී ගැලී සිටීම පෙම්වතුන්ට ඉතාමත් විෂේශිත වූයේ ය.

රාජකීය බන්ධනාගාරය තුළ බොහෝ ඇස් සහ සවන් පැවතුණු හෙයින් ඔවුන'තර වූ නිහඬ වන්දියක් ලෙස හාදුවක් සිමා කරන්නට පුළුවන.

අවසානයේ හාදුව අවසන්කළ ෂ්‍යාඕ චීයේ පැවසුවේ ය, "ඔබ කොහෙද ගියේ?"

ශෙන් ස'චුආන් පහසුවෙන් තම අසුන්ගැනීමේ ඉරියවුවට පිවිසෙද්දී ඔහුඟේ කලවා ෂ්‍යාඕ චීයේගේ පාදවල දෙපසට රෑටා ගියේ ය. ඔහු තමා හුස්ම ගැනීම මන්දගාමී කරන්නට යම් කාලයක් ගත කළේ ය. ඔහුගේ අඬක් වැසී ගිය අනුරාගි දෑස් වලින් යුතුව හේ පිළිතුරු දුන්නේ ය. "මුදල් ගණනය කරන්න."

ෂ්‍යාඕ චීයේ ඔහුව මිරිකා හැරියේ ය "ඔබ මුදල් ගණනය කිරීමෙන් පැනලා ආවද?"

ෂ්‍යාඕ චීයේ ඔහුව මිරිකා හැරියේ ය "ඔබ මුදල් ගණනය කිරීමෙන් පැනලා ආවද?"

ශෙන් ස'චුආන් කෙදිරිල්ලක් සේ සිනහ හඬ නැගුවේ ය. "ඔබේ දැඩි හස්තයෙන් තමයි මම පැනලා යන්නේ."

ශෙන් ස'චුආන් ගේ සිනහවට පසු ෂ්‍යාඕ චීයේට නොසන්සුන් බවක් හැගුණේ ය. ඔහු ශෙන් ස'චුආන්ගේ නිකට ඔසවා තබාගෙන රඳවාගනිමින් පැවසුවේ ය. "ඔබ ඔබේ රැවටීම දිගටම කරගෙන යන්නකෝ."

ශෙන් ස'චුආන්ගේ උරහිස් ඔහුගේ ඉවත් කරන ලද කරපටි අතරින් පෙනුනු අතර

අවසන් වරට සිදු කළ කුරිරු සපාකෑම් සලකුණු තවමත් මැකී ගොස් නොතිබුණි. ඒවා ගණනකට නොගෙන, ශෙන් ස'චුආන් තම සපා කෑ තොල් තෙත් කරමින්. "මට ඔබ එක්ක යමක් සාකච්ඡා කරන්න ඕනේ" හේ කීවේ ය.

ෂ්‍යාඕ චීයේ ඔහුව ඔසවාගෙන මෙසේ පැවසුවේ ය, "මොනතරම් අහම්බයක්ද. මටත් ඔබ එක්ක සාකච්ජා කරන්න දෙයක් තියෙනවා."

ෂෙන් සෙචුවාන් ෂියාඕ චියේගේ බැල්මෙන් කෙතරම් පිළිස්සී ගියා ද යත්, ඔහුගේ මුව වියළී ගියේය. ඔහු පැවසුවේ ය. "මේ වසරේ හමුදා සැපයුම් ජුඒෂි වලින් යවන්න කලින් අප්‍රේල් වෙනකල් බලාගෙන ඉන්න වෙනවා. මම ණයට හරි ඊසානදිග පාලම් මාර්ගය භාවිතා කරන්න වෙනවා."

ෂ්‍යාඕ චීයේට ඔහු සිදු කරන්නට යන්නේ කුමක්දැයි දැනගැනීමට තවත් මදක් සිතන්නට සිදුවූයේ ය. "ඊසානදිග පාලම් මාර්ගය හරහා ගමන් කරන හමුදා සැපයුම් පුද්ගලිකව ලිබෙයි සන්නද්ධ අශ්වාරෝහක හමුදාව විසින්මවි ගෙන යන්නේ. මඟ දිගේ පරීක්ෂණ මුරපොලවල් නැහැ. ඔබට රිදී ප්‍රවාහනය කරන්න එය භාවිතා කළ පුළුවන්, නමුත් ඒ සියල්ලම මගේ වැඩිමහල් සහෝදරයාගේ අනුමැතියට යටත් වෙනවා."

"ඒත් මේ මුදල් මට අයිති නම්, පරම්පරාගත කුමාරයා ස්වභාවිකවම එයට එකඟ නොවේවි

"ඒත් මේ මුදල් මට අයිති නම්, පරම්පරාගත කුමාරයා ස්වභාවිකවම එයට එකඟ නොවේවි. නමුත් මේ මුදල ඔබේ නම්, පරම්පරාගත කුමාරයා නිසැකවම එකඟ වෙනවා." ශෙන් ස'චුආන් ඔහුගේ නිකට මඳක් එසවූයේ ය. "මෙන්න මගේ විවාහ ගිවිස ගැනීමේ ත්‍යාගය. දෙවන තරුණ ස්වාමීනි, ඒවා මම වෙනුවෙන් තියා ගන්න "

"විවාහා ගිවාසගැනීමේ ත්‍යාගයට දෙන්නේ මෙච්චරයි ද?" ආහාර පෙට්ටිය ​ස්පර්ශ කරන්නට සිය දෑතක් නිදහස් කර ගනිද්දී ෂ්‍යාඕ චීයේ සිනහ හඬ නැගුවේ ය. " නරක ගනුදෙණුවක්."

ශෙන් ස'චුආන් සමච්චල් සහගත ලෙස සිනහවක් පෑවේ ය. "පුළුස්සපු මාළු තියෙනවා"

ඒ සමඟම, ඔහු වහාම විවාහ ගිවිස ගැනීමේ ත්‍යාගය පිළාබඳ අමතක කර පෙට්ටිය තුළට ආහාර කූරු දමා ගත්තේය. ෂ්‍යාඕ චීයේ ඔහු ආහාර ගන්නා අයුරු බලා සිටියේ ය. ඇසිපිය හෙලන සැණින් බත් පිඟානෙන් අඬක් අවසන් වූ අතර මාළුවා නැවත පිඟානට වැටෙන විට එහි ඉතිරිව තිබුණේ ඇටකටු කැබලි පමණකි.

ඇත්ත වශයෙන්ම ෂ්‍යාඕ චීයේ මත්ස්‍යයන් ආහාරයට ගන්නට ප්‍රිය නොකළේ ය. ඔහුට තම මව කුඩා කලදීම අහිමි වූ අතර , ඔහුගේ නිවසේ සිටි පාලිකාවන් ඔහුව සුරතල් කළේවත් නරක් කළේ වත් නැත. අෂ්ඨ මහා වංශවල දරුවන් මෙන් හේ බොළඳ නොවී ය. ඔහුට තමා වෙනුවෙන් බලා ගන්නට පාලිකාවත් සේවිකාවනුත් සිටියද , ඔහු ආහාර කූරු අල්ලා ගන්නා ආකාරය ඉගෙනගත්විට තනිවම ආහාර ගන්නට හුරු වූයේ ය. ඔහු ශක්තිමත් විය, ඔහුට ක්‍රීඩා කරන්නට ඕනැතරම් භාළු්ඩද එහි තිබුණේ ය. ඉතිං ඔහු කිසිවිටෙකත් තම කාලය මාළු වල කටු ඉවත් කරනුනට ගත කළේ නැතිවා සේම ඒ ගැන තැකීමක් ද නොකළේ ය. ප්‍රමාණවත් වාර ගණනක් හුස්ම හිරවීමෙන් අනතුරුව ඔහු ඒවා අනුභව කළේ නැත.

ෂ්‍යාඕ චීයේ ඔහු දෙස බලා පවසන්නට විය "ඒවගේ සුවඳ හොඳයි ද? පේන විදාහට , ඒ හේජෞ වල සූපවේදියෙක් වෙන්න ඕනේ , රාජකීය මාළිගයේ සූපවේදියෙක් ව කුලියට ගන්නවට වඩා අපහසු දෙයක්." ශෙන් ස'චුආන් මත්ස්‍ය අස්ථි කැබලි වලින් වෙන් කර එහි වූ මාංශය ආහාර කූරුවලින් ගෙන ෂ්‍යාඕ චීයේට කැවී ය. ෂ්‍යාඕ චීයේ එය රස බලා අදහස් දක්වන්නට වූයේ ය. "නරක නෑ."

ඇති තරම් ආහාර ගත් ශෙන් ස'චුආන් , තම අාහාර බදුනත් ආහාර කූරුත් නිසි ලෙස කැන්පත් කරමින් පැවසුවේ ය

ඇති තරම් ආහාර ගත් ශෙන් ස'චුආන් , තම අාහාර බදුනත් ආහාර කූරුත් නිසි ලෙස කැන්පත් කරමින් පැවසුවේ ය. "ඔබට මම එක්ක සාකච්ජා කරන්න තියෙන්නේ මොනවද?"

ෂ්‍යාඕ චීයේ ඔහුට අත්පිස්නාවක් දෙමින් පවසන්නට විය. " කලින් ෂියැන්යුන් ගැන කරපු පරික්ෂණයේදි තොරතුරක් මගහැරිලා තියෙනවා. වසර කිහිපයකට කලින් ෂුඒ ෂ්‍යුජුඕ ෂියැන්යුන් වලව්වෙන් පුද්ගලයින් කණ්ඩායමක් මිල දී ගෙන ඔවුන්ව තමන්ගේ නිවසේ තබාගෙන තියෙනවා. මට බය ෂී හොංෂුආන්වත් මේ කාරණය ගරන දන්නවද කියන එකයි."

අපේක්ෂා කළ පරිදිම , ශෙන් ස'චුආන්ගේ ප්‍රකාශනයේ වෙනසක් ඇති වූයේ ය. ඔහු කිවේ ය. "ඔහු ගණිකාවන් පුද්ගලිකව තබාගෙන හදාගන්න කෙනෙ​ක් නෙමෙයි. මේ වගේ දෙයක් ඖහුආ මණ්ඩපයෙවත් නැති තරම්. මේ දෙය අසාමාන්‍ය වැඩියි."

"ඒක හරි. ඒක අසාමාන්‍යයි. " ෂ්‍යාඕ චීයේ පුටුවේ පිටුපසට හේත්තු විය. "ෂියැන්යුන් මට විරුද්ධව බොරු චෝදනාවක් කරන්න හේතුව මෙතන ඇති කියලා මට විශ්වාසයක් තියෙනවා."

"ඔහු වසර කිහිපයකට පෙර ඔවුන්ව මිලට ගත්තා." ශෙන් ස'චුආන් ටිකෙන් ටික ඔහුගේ ඇහිබැමි රැලි කළේය. "ඇත්ත වශයෙන්ම ෂියන්යුන් ඔහුගේ පාලනයට නතු කර ගන්න නම්, මේ පියවර බොහෝ කලින් සැලසුම් කරලා තියෙන්න ඕනේ."

"මේ නිසා ෂියැන්යුන් ඔහුගේ පාලනයට යටත් වෙන්නේ ඇයි? සමහර ඉත්තෝ , හුගක් ඉක්මනින් රෝපණය කළොත්ත්, ඔවුන්ට හරි වෙලාවට ටපනී ඉන්න නොහැකි වේවි. ෂියැන්යුන් ව හසුරුවා ගැනීම ඔහු ඒවගේ පියවරක් ගන්නේ නැති වේවි කියලයි ම​ට හැගෙන්නේ." ෂ්‍යාඕ චීයේ තම සිතුවිලි නිරාකරණය කළේය. "ඔබේ ඝාතන කුමන්ත්‍රණය නම් ඔහුට කලින් අනාවැකි කිව හැකි දෙයක් නෙමෙයි. ඒ නිසා පසුකාලීන දේවල් වලින් ඔහුට ආරක්ෂා වෙන්න අපහසු වේවි."

ෂ්‍යාඕ චීයේ මේ පැටලිලි සහගත අවුල් ජාලාවල හෝඩුවාවන් එකිනෙක ලිහා බැලුවේ ය. ඔහුගේ වෘකයෙකුගේ වැනි බුද්ධිය ඔහුට පැවසුවේ මේ කාරණය එතරම් සරල නොවන බවයි.

"පෙර සූදානම." ශෙන් ස'චුආන් ෂ්‍යාඕ චීයේ ගේ මුහුණ නිවැරදි කළේ ය, "ඔබ නිවැරදියි. ෂියැන්යුන්ගේ රූකඩ නූල ඔබ එක්ක සම්බන්ධ කරන්න විශේෂයෙන්ම අදහස් නොකළත් ෂියන්යුන් කළේ ඒ ව්‍යාජ සාක්ෂි පෙන්වීමේ අවස්ථාව තමන්ගේ අරමුණට යන්න පාවිච්චි කළ එකයි. අනිත් අතට ඔහු ෂියැන්යුන්ව ඒතරම් ඉක්මනින් ඉක්මනට පිටතට වීසි කළා කියන්නේ ඔහු​ට ෂියැන්යුන්ව එතරම් වැදගත් වෙන්නේ නැහැ කියන එකයි. මෙතැන ඔහු ඒ පුද්ගලයන් මිළදී ගන්න තවත් හේතුවක් තියෙන්න ඇති , ඒවගේම ෂියැන්යුන් කියන්නේ මේ හේතුවට අහම්බෙන් ගෑවුන ඉත්තෙක් විතරයි. ඒ විතරක් නෙමෙයි, ඇය ඔහුට ඉවත් කරනකල් ඉවසගෙන ඉන්න බැරි වුන ඉත්තෙක්."

"එහෙම නම්, ඔහු ඒ පුද්ගලයින් මිලදී ගැනීමේ යතුර..." ෂ්‍යාඕ චීයේ ද සිටියේ එකම සිතිවිල්ලේ ගිලීගෙනය.

"... ඉන්නේ ඔහු මිලදී ගත් පුද්ගලයින් කණ්ඩායම අතර වෙන්න ඕනේ." ශෙන් ස'චුආන් සිය වාක්‍යය මෘදු ලෙස සම්පූර්ණ කළේය.

දෙදෙනාම එකිනෙකා දෙස බැලු අතර, දෙදෙනා නැවතත් ප්‍රෙහේලිකාවක අතරමං වූවෝ ය. ෂියැන්යුන් වලව්ව ගණිකා මඩමක් විය. ෂුඒ ෂ්‍යුජුඕ ට එතරම් වැදගත් වන පුද්ගලයෙක් ගණිකා නිවාසයක සිටිය හැක්කේ කොහොම ද?

"ඔහු සත්‍යය වසන් කරන්නත් සෑම කෙනෙකුම ඒ සිදුවීමෙන් ඉවතට විසි කරන්නත් දස දෙනෙකුට වඩා මිල දී ගත්තා, එකකොට ඔහු මිලදී ගන්න අදහස් කළේ කාවද කියලා කිසිවෙකුට කියන්න බැහැ. ෂියැන්යුනුත් පිළිතුර නොදන්න බවට සැකයක් නැහැ." ෂ්‍යාඕ චීයේ පැවසීය. "මට ෂුඒ ෂ්‍යූයි ලවා මේ කාරණය ගැන නැවත විමර්ශනය කරන්න සිද්ධවෙනවා. ෂුඒ වාසස්ථානයේ ඔහුගේ තත්වය ඔහුට වාසස්ථානයට ඕනැම වෙලාවක වෙන්න වීමට ඉඩ සලසනවා. ෂුඒ ෂ්‍යුජුඕ ට පිටස්තර පුද්ගලයින්ට ඇතුල් වෙන්න බාධා කරන්නත් ප්‍රතික්ෂේප කරන්නත් පුළුවන් වේවි. නමුත් ඔහුට අනිවාර්යයෙන්ම ෂුඑ් ෂ්‍යුජුඕ ට එය සිදු කරන්න බැහැ. "

මේ තොරතුරු ඇත්ත වශයෙන්ම වැදගත් විය, නමුත් ශෙන් ස'චුආන්ට දැනට එය හඳුනාගත නොහැකි විය. ඔහු මෙවරත් ෂී හොංෂුආන්ව දැලට හසු කර ගත්තේ ෂී හොංෂුආන් තම ග්‍රහණයේ තබාගෙන සිටි ෂුඒ ෂ්‍යුජුඕ ගැන ඔහුට භීතියක් තිබුණ නිසාය. කාලයාගේ ඇවෑමෙන් වඩාත් පැහැදිලි හා තේරුම්ගත හැකි වීම වෙනුවට, මේ පුද්ගලයා, ඊට විරුද්ධව, වඩ වඩාත් අපැහැදිලි සහ කියවිය නොහැකි අයෙක් වූයේ ය.

"... තව කල් තියෙනවා." ෂෙන් සෙචුවාන් තමා ගැනම උසස් ලෙස කල්පනා කරන බවක් පෙනෙන්නට තිබුණි. "අපි ඕනෑවට වඩා කනස්සල්ලට පත් වුනොත් ඒ වෙලාවෙදිම අපව ඉවත් කරලා දමාවි, රයින් පහසුවෙන්ම අපව අවාසිදායක තත්ත්වයකට පත් වේවි. ඔහු තම පියවර අරගෙන නැති නිසා , එයින් අදහස් වෙන්නේ එය තවම කාලය ඇවිත් නැකුව ඇති කියන එකයි. ඒ වගේම මේක අපට ප්‍රයෝජන ගන්න පුළුවන් අවස්ථාවක්. මේ වෙලාවේ, ඔහු එළිමහනේ ඉන්නවා, අපි අඳුරේ සැඟවී ඉන්නවා. අපි හෝඩුවාවන් අනුගමනය කරනවා නම් අපි අනිවාර්යයෙන්ම තීරණාත්මක තොරතුරු කිහිපයක් සොයා ගන්න ඕනේ... ෂී හොංෂුුආන් මේ වසර පුරාම ෂුඒ ෂ්‍යුජුඕ එක්ක මිත්‍රශීලීව ඉදලා තියෙනවා. ෂුඒ ෂ්‍යුජුඕ ඒ ගණිකාවන් මිලදී ගැනීම් ගැන ඔහු නොදැනුවත් වුනත් , අන් අය නොදන්නා දෙයක් ඔහු දැනුවත් වෙන්නත් පුළුවන්. මම පසුව ඔහුව නැවතත් පරීක්ෂා කරන්නම්. "

"මෙච්චර කිවට පස්සෙත් , ඔබ තවමත් මේ දෙවන තරුණ ස්වාමියාට විස්තර ලබා දෙන්න ඉඩ දුන්නේ නැහැ." ෂ්‍යාඕ චීයේ ඔහුට තමාගෙන් ඉවත්වන්නට ඉඩ දුන්නේ නැත. "ඔබ ඔහුට රිදී කාසී කීයක් වංචා කළාද?"

ශෙන් ස'චුආන් සිතිවිලි වලින් මිදී මෘදුව සිය දෙතොල් තද කර ගත්තේය. ඔහු කලින් කළ ආකාරයටම ඇඟිලි හතරක් එසවූයේ ය.

ෂ්‍යාඕ චීයේ වහා ඒ ඇඟිලි තුඩු දැඩිව ග්‍රහණය කරගත්තේ කිසිඳු හැඟීමකින් තොරවය. "අනර්ඝයි. එය වටිනවා. එය ඔබේ විවාහ ගිවිස ගැනීමේ ත්‍යාගය ලෙස තියාගන්න , ඉක්මන් කරන්න."

​ශෙන් ස'චුආන් කීවේ ය, "ඔබ එකපාරටම පැනලා කැමති වෙන්න කලින් ඒ ගැන තව ටිකක් හොයලා බලන්න. මිලියන හතරක් ටිකක් පරණ මදි වගේ."

ෂ්‍යාඕ චීයේ පැවසුවේ ය. "හරිම ත්‍යාගශීලී අයෙක්. ආරම්භක මුදල පටන් ගන්නෙම මිලියන හතරකින්?"

"මෙතරම් මුදලක් උපයා ගන්න පුළුවන් ඔබ වගේ කෙනෙක් ට නම් , මේ දෙවන තරුණ ස්වාමියා ඔබ කොයිතරම් මුදලක් දුන්නත් භාර ගනීවි."

ඔහු ගැන සතුටු වූ ශෙන් ස'චුආන් පැවසුවේ ය, "මම ඔහුට කිව්වා වෙයි හුඅයිගූට රිදී මිලියන හතරක් අවශ්‍ය බව. ඔහුගේ පැත්තෙන් කිසිසේත්ම පැකිලීමක්වත් අකමැත්තක් නොතිබුණි. එයින් පේන්නේ මිලියන හතරක් ෂී වංශයට සාගරයේ දිය බිඳුවක් පමණයි කියන එකයි."

අද රාත්‍රියේ ඔහු කොතරම් සතුටින් සිටිනවාද යන්න දුටු ෂ්‍යාඕ චීයේ ෂුඒ ෂ්‍යුජුඕ ගේ කාරණය ගැන වැඩිදුර සඳහන් කළේ නැත. ඔහු පද්දන්නට ඔහුගේ දෙපා සෙලවූයේ ය, "ෂී වංශයට කොපමණ මුදලක් තියෙනවද කියලා හරියටම දන්නේ ෂී වංශය විතරයි. අනෙක් සේරටම පෙනෙන්නේ ඔවුන් ක්‍රියාත්මක කරන ලුණු ලේවාය සහ තඹ පතල් විතරවි. ඔවුන්ගේ ව්‍යාපාර වල ප්‍රමාණය මුළු අධිරාජ්‍යයට පමණක් සීමා නොවී විදේශ රටවලටත් විහිදෙනවා. සාමාන්‍ය ධනවත් තරුණ ස්වාමිවරුන් ගණිකා මඩම්වලට සහ සූදු පොළවල්වලට දීමෙන් ක්‍රීඩා කරවනවා, නමුත් ෂී හොංෂුආන් ගේ විනෝදය ගැන අදහස තමයි ගණිකා මඩම් සහ සූදු පොළවල් පවත්වාගෙන යෑම. දොංලොං වීදියේ තිබුණ තැරැව්කාර නිවස ඔහුගේ ව්‍යාපාර වෙළදපොලත් වෙනවා. එහි අභ්‍යන්තර ගණුදෙණුවලට හුඟක් රාජකීය උසාවි වැඩිහිටියන් සම්බන්ධ වෙනවා , ඔවුන් සියල්ලන්ම ඔහුගේ ව්‍යාපාර ක්ෂේත්‍ර පරදුවට තබලා තියෙනවා. එබැවින් ඔහුට මුහුණ දීම හැර වෙනත් විකල්පයක් නැහැ. මෙවර එය මිලියන හතරක් , නමුත් ඊළඟ වතාවේ එය කොපමණ වේවිද? ඊසානදිග පාලම් මාර්ගය සෑම වසරකම දෙවරක් පමණක් විවෘත වෙනවා. රිදී ප්‍රමාණය සඟවා වියදම් කරන්නේ කොහොමද කියලා යන්න ඔබ ඉතා හොඳින් සිතා බලන්න ඕනේ ප්‍රශ්නයක් නේද? "

"කිසිම කෙනෙක් ෂී වංශයේ මුදල් සුරක්ෂිතාගාරය බිඳ දමලා නැහැ , ඒ නිසා මුදල් ඇතුළට දමා තිබීම වඩාත් ආරක්ෂිතයි. ඒ මුදල් දැන් කොහොම වියදම් කළත්, රාජකීය අධිකරණයේ ඇස්වලින් ගැලවීම දුෂ්කර යි. ඔබේ විසිදහසකටත් අධික ශක්තිමත් රාජකීය හමුදාවේ ගිණුම් දැනටමත් පරීක්ෂා කර අනුක්‍රමික අනුපිළිවෙලට තුන් වරක් පරීක්ෂා කරන්න සිදුවෙලා තියෙනවා. මේ මුදල් සම්භාරය වියදම් කරලා සම්පූර්ණයෙන් බැහැර නොකළොත් දෙවන තරුණ ස්වාමියාට නඩු විභාගයක් වෙනුවෙන් බන්ධනාගාරයේ සිඑගත වෙලා බලාගෙන ඉන්න වෙයි."

ඔහුගේ කුතුහලය අවුස්සමින්, ෂ්‍යාඕ චීයේ පැවසුවේ ය "මුදල් වියදම් කරනවා නේද? ක්‍රීඩා කිරීමත් විනෝදයත් වීම හැම වෙන දෙයක් තියෙනවද?... එසේත් නැතිනම් ඔබ එය ජොංබෞ වෙනුවෙන් ඉතුරු කරන්න සූදානම් වෙනව ද?"

"දැනට මුදල් පාවිච්චි කරන්න හිතන්නෙ නැහැ." වෙලාව ආසන්න බව දුටු ශෙන් ස'චුආන් එක් අතකින් තම සළුව තද කළේය. "දෙවන තරුණ ස්වාමියා නිවසේ කටයුතු හසුරුවන්නේ නැහැ, ඒ නිසා තේ, සහල්, තෙල් සහ ලුණු වගේ දෛනික ආහාර ද්‍රව්‍ය කොතරම් වටිනවාද කියලා ඔබ දන්නේ කොහොමද? අනාගතයේදී මුදල් වෙනුවෙන් බොහෝ ප්‍රයෝජන තියේවි , එබැවින් ඒවා අතේ තබා ගන්න එකෙන් හානියක් නැහැ , අපට කාලය එක්ක ඒ සියසේරමල්ල වියදම් කළ නොහැකි වුනත් , ඕනෑම හදිසි අවස්ථාවක් වෙනුවෙන් සූදානම් වෙලා ඉන්න එක වඩා හොඳයි. "

ඔවුන් දෙදෙනාම පැහැදිලිවම ෂී හොංෂුආන් ගේ නිවසේ මූල්‍ය හා වත්කම් ගැන මෙවැනි බැරෑරුම් පිළිසඳර සමඟ සාකච්ඡා කරන්නට රැස්වෙමින් ඔහුට වංචා කිරීමට සූදානම්ව සිටියහ. ෂ්‍යාඕ චීයේ තවමත් කයිලිං ගඟට ආපසු යන්ක සිදු ව තිබූ අතර, තවත් වදන් කිහිපයක් පැවසීමෙන් පසු ඔහුට පිටව යන්නට සිදු විය. ඔහු ශෙන් ස'චුආන් දකින්න​ට නිදහස් කාලය ලැබුණු විගස වේගයෙන් දිව ගිය අතර, දැන්, දෙවැන්නාව පෝෂණය කළ ඔහුට තවදුරටත් අසුන්ගෙන සිටීය නොහැකි විය.

ෂ්‍යාඕ චීයේ තම අශ්වයා පිට නැඟීමට හැරෙන විට, ඔහු තවත් දෙයක් සිහිපත් කළේ ය, "පරීක්ෂාව මේ දින දෙක තුළ සිදුවේවි. මහා ලේකම් කාර්යාලය දැනටමත් ජොංබෙී වල ප්‍රාන්ත හය වෙනුවෙන් පළාත් පරිපාලන නියෝජිතවරයෙක් වෙනුවෙන් අපේක්ෂකයෙක් වයෝජනා කරලා තියෙනවා. ජුඒෂි වල ජ්‍යැං චිංෂන් රාජකීය නියෝග මත චූදු වලට වාර්තා කිරීමට ඉක්මන් වෙලා තියෙන්නේ. මගේ අනුමානය නම් ඒ ඔහු වෙන්න ඇති."

"මම ඔහුගේ නම සහ කීර්තිය ගැන බොහෝ කලක ඉදන් අහලා තියෙනවා. ඔහු මීට වසර හයකට පෙර ජුඒෂි නගර දහතුන වෙනුවෙන් ආධාර සහන ප්‍රයත්නයන් හසුරුවන විට ඔහු ධෛර්යයමත් ව සහ දූරදර්ශී බව ප්‍රදර්ශනය කළ ආකාරය මට සිහිපත් වෙනවා." මේ අවස්ථාවේදී, ශෙන් ස'චුආන් ට සිහිපත් වුයේ මේ පුද්ගලයා ෂුඒ ෂ්‍යුජුඕ සමඟ ද හොඳ සබඳතාවක් ඇති බවත්, උපකාර නොකර සිටින්නට නොහැකි වූ බවත් ය.

"ෂුඒ ෂ්‍යුජුඕ එක්ක ඔහුගේ පෞද්ගලික මිත්‍රත්වය හොඳ වුනත්, එයින් අදහස් වෙන්නේ ඔහු ෂුඒ ෂ්‍යුජුඕ ගේ කඳවුරේ සිටින බව නෙමෙයි. ඔහු අගනුවරට ඇතුළු වුනාම, ඔහුව ග්‍රහණය කර ගන්න උත්සාහයක් දරන්න ඔබට ඔහුව මුණගැහෙන්න පුළුවන් නේ. ඔහු උතුම් වංශයකින් පැවත එන්නෙක් නෙමෙයි වගේම ඔහු සහය වෙනුවෙන් ගෞරවනීය වංශ මත රඳා පවතින්නෙත් නැහැ. කාලය ආවම අපට ඔහුව භාවිතා කළ හැකිද නැද්ද යන්න ඔබටම තීරණය කරන්න පුළුවන්." ශෙන් ස'චුආන් පඩිපෙළ මත සිටගෙන සිටිනු දුටු ෂ්‍යාඕ චීයේ ඔහුගෙන් සමුගැනීම වෙනුවෙන් හස්තයක් ඔසවා වැනුවේ ය.

​ශෙන් ස'චුආන් ඔහුට සවන් දෘමට සූදානම් ව සිටියේ ය. ෂ්‍යාඕ චීයේ කිසිවක් නොපවසනු ඇතැයි ඔහු අපේක්ෂා නොකළ අතර හේ තම හිසකෙස් තම අත්ලෙන් පිරිමැද්දේය. ලන් තාඕ ෂුඒ ජින් ඌගේ කුර එසවීමත් සමඟ ඉදිරියට දිව ගියේ ය. ග' චිංචිං ද්වාරය විවෘත කළ අතර ෂ්‍යාඕ චීයේ රාත්‍රිය හරහා ඈතට ඇදීගොස් නොපෙනී ගියේ ය.

__________________________________

2080 words

මට හිතුනා ලන්ජෞ ඔහොම්ම කුප්ප වැඩක් කරයි කියලා?

ලන්ජෞ : 🖐🏼4️ 😏

ෂුඒ ෂ්‍යුජුඕ : මිලියන හතරක්!!! 🤯

ෂ්‍යාඕ චීයේ : හරිම ත්‍යාගශීලියි නේ. දෑවැද්ද පටන් ගන්නෙම මිලියන හතරෙන් ❤️🥺

දෑවැද්ද පටන් ගන්නෙම මිලියන හතරෙන් ❤️🥺



 

Comments

  1. අනේ අනේ ලන්ජෞ ..
    මං හිතුවා මේක මේ කරන්නෙ මොකක් හරි කුප්ප වැඩක් තමා කියලා. හරිනෙ ඉතින් ස අන්ටම හරියනෝ. මරු ජෝඩුව

    ReplyDelete
    Replies
    1. ඒකනේ මම ආස මේ ජෝඩුව​ට 😘❤️

      Delete
  2. ❤️❤️❤️

    ReplyDelete
  3. ♥️♥️♥️♥️

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-