Skip to main content

හැට හයවන පරිච්ජේදය | වර්ෂාව නිමාවිය.

this pic 🥺🌹🥺🌹

 

රාජකීය මාළිගයට ප්‍රවේශවීම හා පිටවීම දැඩි ලෙස සීමා කර තිබුණි, එමනිසා වැන්දඹු අධිරාජිණිය හායි ලියැංයී සහ අනෙකුත් වයෝවෘද්‍ර අමාත්‍යාදීන්ට මහා ලේකම් කාර්යාල පරිශ්‍රයේ ​විවේක ගන්නට ඉඩ සලසා දුන්නේ ය.  පිටත සහ ඇතුලත සිටි සියල්ලෝ ම පසුවූයේ දැඩි කණස්සල්ලකිනි.

ලී ජ්‍යැංහෙන් ගේ නිදන කුටිය දිනපතා පිරිසිදු කිරීම සිදු කරන ලද්දේ අමතර ප්‍රවේශමෙන් යුතුව වන අතර, සේවය කරන නපුංසකයන් සහ මාලිගාවේ සේවිකාවන් සියල්ලන්ම අධිරාජිනිය විසින්ම පත් කරන ලදී.  ඔවුන් ඇතුළු වන සහ පිටවන සෑම අවස්ථාවකම ඔවුන් පිරිසිදු ඇඳුම් මාරු කළ යුතුය.  විවේක කාලයේදී අනවසරයෙන් පිටතට යාමට පවා ඔවුන්ට අවසර දුන්නේ නැත.  මූ රූ ලී ජ්‍යංහෙන් දෙස බලා සිටියා ය, ඇ සේවකයන් කිසිවකු විශ්වාස නොකළා ය.  ඇය පෞද්ගලිකව ඖෂධ පරීක්‍ෂා කර එය ලී ජ්‍යංහෙන්ට පෙව්වා ය.  ඇය ආහාර ගන්නා විට හෝ නිදා ගන්නා විට පවා, ඇය කිසි විටෙකත් ලී ජ්‍යංහෙන් ගේ නිදන කාමරයෙන් පිටව ගියේ නැත.

ලී ජ්‍යැෆහන් සිහිසුන් ව විඥානය අහිමිවසිටි අතර පසුව , රාජකීය වෛද්‍ය විද්‍යාලය තුලද නොසන්සුන් තත්වයක් හට ගත්තේ ය , ඔවුන් ඖෂධ සටහන් වලදි හා පිළියෙල කිරීමේදී අතිශය ප්‍රවේශම් සහගත වුවෝ ය. ඒ සෑම අයෙක්ම ඒ වන විටත් බිජු කටු මත ඇවිදිමින් (1.) , තමාගේ ජීවිතය කුමන වේලාවක අවසන් වේදෝයි සිතමින් එයට සූදානම් වෙමින් සිටිය හ. බිය ජනක අදුරු වටපිටාවක් ඔවුන් වටා නිර්මාණය වී තිබුණෝ ය. ඔවුන් සෑම කෙනෙකුම තම දෙමාපියන් අහිමි වූවාක් මෙන් සම්පූර්ණයෙන්ම දුක්ඛිත ප්‍රකාශයන් මුහු​ණේ දවටාගෙන සිටියෝ ය.

රාජකීය වෛද්‍ය විද්‍යාලයේ පිරිමීන් මාළිගාවෙන් පිටත චූදු හි ඖෂධීය කටයුතු පිළිබඳ අධීක්ෂණ කළෝ ය. දැනටමත් ආසාධනය වූ පුද්ගලයන් හැර , ආපදාවට ලක්වූ පුදේශයන්හී වාසය කළ සියළුම නිවැසියන්ට ​ඖෂධ ලබා ගන්නට සිදුවී තිබුණි. ආදායම් අමාත්‍යාංශ නිළදරයන් හා රාජකීය ආරක්ෂකයන් ආධාර බෙදා හරින්නට සහාය විය.  ඔවුන් ජාඕ සූයි පන්සලෙන් පිටත කැඳ සහ ඖෂධ පැල්පතක් පිහිටුවා, කාලසටහනට අනුව සෑම දිනකම ඖෂධීය කසාය සහ බත් කැඳ පිළිගැන්වූ හ.

හැන් ජීන් ෂී හොංෂුආන් අසනීප වූ රාතුියේම දොලොං වීදියෙන් පිටතට පැමිණියේ ය. විවිධ නගර දොරටුවල මුර සංචාරයේ යෙදෙන මුවාවෙන්, අෂ්ඨ මහා පුහුණු අංශ පොදු අපවහන වළවල් හෑරීමේ කාරණය සම්පූර්ණයෙන්ම රාජකීය හමුදාව වෙත යොමු කරන ලදී. නමුත්  රාජකීය හමුදා  පිරිසෙන් අඩක් ෆෙං කඳුකරයේ අණක් බලාපොරොත්තුවෙන් සිටි අතර, දැන්, ඔවුන්ට කිසිසේත් ඇතුල්වීමට නොහැකි විය.  ෂ්‍යාඕ චීයේ ට එතරම් ප්‍රභූ නිළදරයන්  නොසිටියේ ය.  වාසනාවකට මෙන්, වැඩ අමාත්‍යාංශයෙන් තවමත් ඉවත් කර ගැනීමට නොහැකි වූ සමහර අයවලුන් සිටියහ.  රාජකීය ආරක්‍ෂකයින් දුසිම් ගනණක් හා එක්ව, සියලු දෙනාම වර්ෂාව නොතකා ශ්‍රම බලය යොදවමින් ප්‍රධාන වීදි හතරක් හාරන්නට සමත් වූවෝ ය.

සිව්වන දින වන විට සියල්ලෝම වෙහෙසට පත්ව දුර්වල ව සිටිය හ. චෙන් යැං, ' චිංචිං, ච්‍යාඕ ත්‍යැන්යා සහ ගූ ජින් ආපසු පැමිණයේ බිත්තියට පිටදී කෙටි නින්දක් ලබා ගන්නට ය.  දිං තාඕ සහ ෂ්‍යාඕ වූ තරුණයන් වූහ.  විවිධ ග'' ලා ඔවුන්ව රැකබලා ගත් අතර ඔවුන් නිදා ගන්නා විට කොට්ටයක් ලෙස තමන්ගේ දෙපා දිගහැර ඉන්නටද ඔවුන් කටයුතු කළෝ ය. දිං තාඕට බුරුසුවේ තීන්ත ලෙවකන්නට නොහැකි වූ නිසා ඔහුගේ කුඩා සටහන් පොතේ සටහන් තැබීමද නතර ව ගියේ ය.  දින කිහිපයක් පමණක් ගත වූ අතර, ඔවුන් සෑම කෙනෙකුටම අපිරිසිදු හා ජරාජීර්ණ හිඟන්නන් සේ පෙනෙන්නට පටන් ගත්තේ ය.

ෂ්‍යාඕ චීයේ මේ දිනවල එතරම් නිදාගත්තේ නැහැ. ඔහු​ට අලුයම උදා වීමටත් පෙර මිනිසුන්ට කානු හාරන්නට උදව් වන්නට සිදුවූ අතර , ඔහු දවස පුරාම කාර්යබහුල වු අතර විවේක ගන්නට තරම් කාලයක් ඉතිරිව තිබුණේ නැත. රාත්‍රියේදී, ෂාඕ සූයිපන්සලට පැමිණි ඔහුට ,ශෙන් ස'චුආන් දෙස බලා ඉන්නට සිදුවිය.

ශෙන් ස'චුආන්ට දින කිහිපයකට පෙර අවදියෙන් හා පැහැදිලි මනසකින් යුතුව සිටීමට හැකි වූ නමුත් පසුව ඔහුගේ උණ අඩු නොවූ අතර ඔහුට දරුණු ලෙස වමනය ඇති විය. නමුත් කුසට අහරක් නොමැතිව සිටි ඔහුට හැකි වූයේ වමනය කරමින් සිටින්නට පමණකි. ඔහු​ට ඖෂධ පොවා අවසන මධ්‍යම රාත්‍රියෙදී , ඔහු ඒ සියල්ල වමාරා පිටතට දැමුවේ ය. ඉතින්, ෂ්‍යාඕ චීයේ නැවත පැමිණි පසු, ඔහු ශෙන් ස'චුආන්ව වැළඳ ගනී.  ඔහු බිත්තියට හේත්තු වී ශෙන් ස'චුආන්ට ඔහුගේ පපුවට හෝ උරහිසට මුහුණ ලා වැතිරෙන්නට ඉඩ දුන් අතර , ශෙන් ස'චුආන්ට වමනය ඇතිවන සෑම අවස්ථාවකදීම ඔහු ඔහුගේ පිට මෘදු ලෙස පිරිමැද්දේ ය.

රාත්‍රියේ, සියල්ල නිහඬ වූ විට, ෂාඕ සූයි පන්සල ලෞකික ලෝකයෙන් වෙන් ව ගිය පාළු දූපතක් මෙන් විය.  වර්ෂාව නතර වී ඇති අතර, ඝන, තීන්ත වැනි රාත්‍රිය පෙනෙන සෑම දෙයක්ම වසාගත් නිසා කුරුල්ලන්ගෙන් නාඳුනන ශබ්දයන් නැඟුනේ ය.

ශෙන් ස'චුආන් ගේ හුස්ම ගැනීම බර විය. ඔහු හදිසියේම කැස්සට පටන් ගත්තේය, ඔහුගේ පපුව දරුණු ලෙස ගැහෙන්නට විය.  ෂ්‍යාඕ චීයේ ඔහුගේ සැහැල්ලු නින්දෙන් අවදි වූයේ ය.  ඔහු ශෙන් ස'චුආන් ගේ පිට ආවරණය කර, වෙහෙසබරව තම දෙපා දෙපසට සෙළවූයේ ඔහුව නළවන්නාක් සේය.

"ලන්ජෞ."  ෂ්‍යාඕ චීයේ ඔහුව පොළඹවා ගන්නට උත්සහ දැරුවේ ය.  "ලන්ජෞ ඉන්නේ කොහෙද?"

ශෙන් ස'චුආන් අසාධ්‍ය හා දුර්වල ලෙස පෙනුනි. වමනය කරන්නට වන ඔක්කාරය ඔහුගේ උගුරේ සිරව තිබුණි.  ඔහු දෑස් අඩක් විවර කර පවසන්නට විය. "මෙතන ඉන්නවා..." යනුවෙන් රළු බැරූඬි හඬින් පිළිතුරු දුන්නේය.

"එය ඉවත් කරන්න. එයින් අසනීපය අඩු වෙලා යාවි."  ෂ්‍යාඕ චීයේ පැවසුවේය, "ඔබ සුවය ලැබුවම, මේ දෙවන තරුණ ස්වාමියා ඔබව අශ්වයන් පදින්න එක්කගෙන යන්නම්."

ශෙන් ස'චුආන් සිය හිස ෂ්‍යාඕ චියේගේ උරහිස මත තබාගෙන "හ්ම්"  හඬ පිට කළේය.

"මේක ඇත්තටම දරුවෙක් ව වැළදගන්නා ඉරියව්වක්."  ෂ්‍යාඕ චීයේ සිය අත්ල ශෙන් ස'චුආන්ගේ පිට දිගේ මෘදුව ගෙන ගියේ ය, මේ මොහොතේ ළෙංගතු භාවය වඩාත් තීවෘ විය. ඔහු පැවසුවේ ය., "මම කලින් අසනීප වුනාම , මගේ මව මාව මේ විදිහට තියා ගත්තා. හොඳයි , මම අද ඔබව මේ විදියට වැළදගෙන ඉන්නකොට ඔබ මට මොනවා කියලද ආමන්ත්‍රණය කරන්නේ?"

ශෙන් ස'චුආන් ෂ්‍යාඕ ෂියාඕ චියේගේ කොපුලක් සිපගෙන නැවතත් මුහුණ සගවාගත්තේ ය. බොහෝ වේලාවකට පසු ඔහු ගොළු හඬින් පවසන්නට විය. "පියාණන් කියලා"

ඔහු සිනාසෙමින් අසන්නට විය.  "ස්පර්ශ කළාද?" යැයි අසද්දී ඔහුගේ ළයපුරා වෙව්ලුමක් පැතිරෙන්නට විය.

ශෙන් ස'චුආන් කැස්ස පිටකල අතර එයට පිළිතුරු දුන්නේ නැත.

ෂ්‍යාඕ චීයේ පවසන්නට විය, “මම අතීතයේදී අශ්වයන් හීලෑ කරද්දී , මම ඔවුන් එක්කම ආහාර අරං ඔවුන් එක්කම නිදාගත්තා. ලං තාඕ ෂුඒ ජින් ඒ කාලෙ පැටවෙක්, අපි වර්ෂාව මැද්දේ අතුරුදහන් වෙලා හිටියා. අපි උණුසුම බෙදාගන්න එකිනෙකාට මේ විදිහට ළංවෙලා හිටියා. ඌට මේ ගැන දැනටමත් අමතක වෙලා ඇති.”

ශෙන් ස'චුආන් ඔහුගේ නිදිබර හඩට සවන් දුන්නේ ය.

ෂ්‍යාඕ චීයේ පවසන්නට විය , “මේක අමතක කරන්න එපා. ඔබ ස්පර්ශ කළොත් , ඔබ මෙය මතක තබාගෙන අනාගතයෙදි මට ආපසු ගෙවන්න වේවි.”

ශෙන් ස'චුආන්ට කතා කරන්නට අවැසි විය. ඔහු සිය මුව විර කළද හඩක් නොනැගුණි. ෂ්‍යාඕ චීයේ ශෙන් ස'චුආන්ගේ තෙත් හිසකෙස් ඉවත් කරන්නට ඇගිල්ලක් එසවූඅතර ඔහුගේ සුදුමැලි මුහුණේ පැත්තක් ඔහුට දකින්නට ලැබුණේ ය.

අනේ, ලන්ජෞ.”

ෂ්‍යාඕ චීයේ නිහඩව මිමිණීය, ඒ මිමිණුම් අතරේම ශෙන් ස'චුආන් නින්දට වැටුනේ ය. ඔහු යම් ආකාරයක වේදනාත්මක සහ ප්‍රීතියක අද්දර ගිලී සිටි අතර , ඔහුගේ මනස අධික ලෙස වෙහෙසට පත්ව තිබුණේ ය. ඔහු වේදනාවේ ගැඹුරු කටුක හා මිහිරි රසය  හේ විඳගත්තේ ය.

ෂ්‍යාඕ චීයේ දීප්තිමත් උදාහිරු වැන්න. එමෙන්ම ඔහු තණ බිමෙන් හමන සිහිල් සුළගක් සේද විය. ඔහු ජනකාව අතර කැපී පෙනුනේ ය. ශෙන් ස'චුආන්ට නම්,  අදුරු ශීතල වර්ෂාව සහිත දිනයේ දුන් අත් ලේන්සුව සගවා ගැනීම උද්‍යා්ගිමත් සිහිනයක් මෙන් බඳු විය. මේ සිහිනයේ දී , ලී දසදහසක් ඉක්මවන තරම් තණ බිමක දුවමින් සිටි අශ්වයෝත් පැහැදිලි අහස හරහා පියාසර කරන කුරුල්ලන් ද විය.  අවසානයේ දී මේ සියල්ලම විස්තර කළ නොහැකි අන්දමේ දසුනක් මැවී ය—නමුත් ඒ කිසිවක් ඔහුට විස්තරාත්මකව පවසන්නට නොහැකි වනු ඇත.

ෂ්‍යාඕ චීයේ යනු යම් ආකාරයක පොළංඹවාගන්නෙක් විය. ඔහු පැවසූ සෑම  “අනේ, ලන්ජෞ” යන වදනක්ම හැගීම්වලින් යුතුව පවසන ලද්දේ විය.  ඔහු විහිළුසහග කිසිත් නුරුස්නා ස්වභාවයක් තිබුණද ඔහුගේ ස්ථිර නොසැල භාවය හා එය කදිමට ගැලපුණේ ය. ඔහු ශෙන් ස'චුආන් වෙත මුමුණද්දී ඔහු නිහතමානී විය, නමුත් ඔහු ශෙන් ස'චුආන් වෙනුවෙන් තම දෑත් විවර කළ විට ඔහු අසමසම විශ්වාසවන්ත අයෙක් විය.

ශෙන් ස'චුආන් විරුද්ධ වීමට තරම් බල රහිත විය.  ඒ ගැඹුරු සහ නිහතමානී හාදු ඔහුව රවටා දැමූ අතර , ඔහුගේ ආරක්ෂක බාධකය අත්හැර  ඔහු ෂ්‍යාඕ චීයේ සමග සමීප සබඳතා පවත්වා අයහපත් අයෙකු බවට පත් වන තුරු ම, ඔහු මේ වේදනාසහගත තත්ත්වය මධ්‍යයේ ෂ්‍යාඕ චීයේ මත යැපෙන්නට පටන් ගන්නා තෙක් ම පැටිලිලි සහගත මනසකින් යුතුව සිටියේ ය.

ශෙන් ස'චුආන් ගේ වමනය සහගත බව මඳ වේලාවකට පසුව අඩු වී තිබිණි. ෂ්‍යාඕ චීයේ ඔහුට ඖෂධ මදින් මද පෙව්වේ ය.  ශෙන් ස'චුආන් ඔහුගේ උදාසීන නින්දෙන් අවදි නොවන ලකුණු පෙන්නුම් කරන සෑම අවස්ථාවකම, ෂ්‍යාඕ චීයේ එම වැකිය “ ලන්ජෞ කොහෙද?” යි නැවතත් නැවතත් පවසනු ඇත, එය ශෙන් ස'චුආන්ව නැවත නැවත ගෙන ඒමට තරම් එහි බලයක් ගැබ්ව තිබුණා සේය.

ශෙන් ස'චුආන් නිදා ගන්නා විට ෂ්‍යාඕ චියේ මුලින් ඔහුව වැළඳ ගත්තේය.  නමුත් පසු දින කිහිපය තුළ කිහිප දෙනෙක්ම එකිනෙක මිය ගිය අතර, අවශ්‍ය සෑම විටකම හේ ශෙන් ස'චුආන්ගේ හුස්ම ගැනීමට ඔහු සවන් දුන් නිසා ඔහු තවදුරටත් රාත්‍රියේ නිදා ගන්නට එඩිතර වූයේ නැත.

නමවන දිනයේදී, වර්ෂා නවාතැනේ තවත් මිනිසුන් දෙදෙනෙක් මිය ගියේ ය. ඔවුන් ඒ මෘතදේහ බිම තබන්න නොහැකි නිසා මෙන්ම පුළුස්සන්නටද නොහැකි වූ නිසා  ෂ්‍යාඕ චීයේ ඒවා ​පිටතට බැහැර කිරීමේ කාරිය ග' දිංචිං වෙත පැවරුවේ ය.

' දිංචිං මළ සිරුරු වර්ගකර ගෙන යන්නට නායකත්වය දුන් අතර, ච්‍යාඕ ත්‍යැන්යා උදුන අසල වාඩිවී එය දැල්වෙන්නට පවන් ගසමින් හිටියේ ය. ඔහු ඖෂධ පිළිබඳ බලන අතරේ , ඔහුගේ මනසට යම් කාර්ණා ටිකක් පැමිණෙන්නට විය.

ප්‍රතිරා සෙනෙවිතුමා ඖෂධ පොවන්න බලාගෙන ඉන්නවා.” ෂ්‍යාඕවූ අසලට පැමිණ විමසුවේ ය. “ඒවා සූදානම් ද?”

වළවල් දැනටමත් හාරා තියෙන නිසා අද හදිසියක් නැහැ.  ප්‍රතිරාජසෙනෙවිතුමාට ඉන්න ච්‍යාඕ ත්‍යැන්යා දර කැබලී දෙකක් එකතු කළේ නාසය සහ මුව වසාගෙන සිටි අත්ලේන්සුව පසෙකට දමමිනි. “ආණ්ඩුකාරාධිපති සෙනෙවිතුමා ගැන විමසිල්ලෙන් ඉන්න.  ඔහු හැමදාම මගේ ස්වාමියා ළඟ ඉන්නවා.  ඔහුටආසාදනය වුනොත් , අපට ඔහුට දෙන්න ඉතුරු ඖෂධ නැති වේවි. ”

යොංයී පාලනය සමයෙදී ලුඕෂ්‍යා තැන්නේ මේ වගේ වසංගතයක් පැතිරිලා තියෙනවා. උතුමාණෝ තමක්ගේ මිනිසුන්ය එය හසුරවන්න මඟ පෑදුවා. ඒ නිසා කාටවත් ආසාධනය වුනේ නැහැ.” ෂ්‍යාඕවූ බිම වාඩිවී පවසන්නට විය. ඔහු පැවසුවේ ය. “ෂ්‍යාඕ වංශයට ස්වර්ගයේ වරම තියෙන බව ලීබෙයි වල විවිධ සහෝදරවරු  පවසනවා මට ඇහුණා.  ඒ වගේ ශරීරය සෞඛ්‍යයක් සාමාන්‍ය මනුෂ්‍යයෙකුට තියෙන්න බැහැ.”

තන්තායි හූත් සැඩියි වගේම ශක්තිමත්. ඔහුට ඒ විදිහට අසනීප වුනේ නැද්ද?” ච්‍යාඕ ත්‍යැන්යා ඇසීය. “පරිස්සම් වීමත් වැඩි අවධානයක් යොමු කිරීමත් හානි දායක දෙයක් වෙන්නේ නැහැ. ඔබඅද උදෑසන ඖෂධ පානය කළා ද?”

ඔව්, මම කළා.” ෂ්‍යාඕවූ අවංකව පිළිතුරු දුන්නේ ය.

තන්තායි හූ ට කොහොමද?” ච්‍යාඕ ත්‍යැන්යා ඔහුගේ හිරිවැටුණු කකුල් චලනය කළේ ය.

ඔහුට ඊයේ ඉදන් වමනය ගියේ නැහැ .” ෂ්‍යාඕ වූ පැවසුවේ ය. “එ් ඔහු ශක්තිමත් නිසා බව චෙන්-ග"' පැවසුවා, සහ අපි නියමිත වේලාවට ආසාදනය ගැන සොයා ගත්ත නිසා.  ඔහුටත් ඕන තරම් බෙහෙත් දෙනවා.  ඊට අමතරව, රාජකීය වෛද්‍යවරයා ඔහුව බලාගන්න ඔහු අසලම ඉන්නවා.  ඔහු හොඳින් ඉඳිවි! ”

"ඔහු අවදි වෙන්න  කලිනු අපිට අපේ ආරක්ෂකයින්ට වැටෙන්න දෙන්න බැහැ."  ෂ්‍යාඕවූ විජිණිපත විසි කරන විට ංච්‍යාඕ ත්‍යැන්යාගේ මනසෙහි යමක් ඇති බව පෙනෙන්නට තිබුණි.  “මම වෙනුවෙන් ගින්දර ගැන බලන්න.  මට ඔවුන් සමඟ සාකච්ඡා කරන්න බරපතල කාරණාවක් තියෙනවා. ”

එසේ පවසමින් ඔහු දෙපයින් නැගිට වර්ෂා සෙවන දෙසට ගියේය.

ච්‍යාඕ ත්‍යැන්යා ඇතුලට පිවිසෙද්දී එහි වූ තිරය මදක් පසෙකට විය. එහි ඇතුළත අදුරු වූ අතර තෙත් බවක් තිබුනේ නැත. එහි සයනයද වියළි විය. මාළිගයේ සේවකයෙකු සෑම දිනකම ඒවා පිරිසිදු කළේ ය. ෂ්‍යාඕ චීයේ තන්කායි හූ සමග කතා කරන හඩ ඇසුණු නිසා ඔහුමද වේලාවක් පිටතට වී සිටියේ ය.

ෂ්‍යාඕ චීයේ ඔහුගේ හිස පසෙකට හරවා පවසන්නට විය, “මොකක්ද කාරණය?”

ච්‍යාඕ ත්‍යැන්යා ඔහුගේ වස්ත්‍රය සකසාගෙන බංකුව පසෙකින් අසුන් ගත්තේ ය.

ෂ්‍යාඕ චීයේ සන්සුන් හා මෘදු වතකින් යුතුව ච්‍යාඕ ත්‍යැන්යා දෙස බලා හිඳින අතරේම සිය අස්ථි මුදුව කරකරවන්නට විය.

ච්‍යාඕ ත්‍යැන්යා පවසන්නට විය, “ රාජකීය වෛද්‍ය විදුහලේත් රාජකීය ආරක්ෂකයනුත් සතුව මේ වසංගතය ගැන තොරතුරු තියෙනවා. ඔබ ඒක ගැන බැලුවද?”

ෂ්‍යාඕ චීයේ හිස සැලීය.

දන්චෙං නගරයේ පැතිරීමට හේතුව ඔබ දන්නවාද?  ෂ්‍යාඕ... ආණ්ඩුකාරධිපති සෙනෙවිතුමා සෙනෙවිතුමනී.”  ච්‍යාඕ ත්‍යැන්යා දෙවන ෂ්‍යාඕ යැයි පැවසීමට ගොස් තමාවම නිවැරදි කරගත්තේ ය.  “මගේ ස්වාමියා රෝගාතුර වෙන්න කලින්, ඔහු මෙතැන රාජකීය ආරක්ෂකයන්ගේ වාර්තා පරීක්‍ෂා කරලා යම් යම් කරුණු සටහන් කර ගන්න කියලා මට විශේෂයෙන් ම පැවරුවා.  මම මේ දවස් කිහිපයම මේ රෝගය ගැන කල්පනා කර කර හිටියා, ඒත් ස්වාමියා තාම ඇහැරිලා නැති නිසා මට මේ ගැන කතා කරන්න පුළුවන් ඔබ එක්ක විතරයි.

"ලන්ජෞ මොනවද කිව්වේ?"

"මෙම රෝගයේ මූලාරම්භයේ පටන් ම අසාමාන්‍ය දෙයක් ඇති බව ඔහු පැවසුවා."  ච්‍යාඕ ත්‍යැන්යා ඔහුගේ වැලමිට දණහිස මත තබා දිං තාඕ ව කැඳවන්නට අසුරක් ගැසීය.  “දංචෙන් වල වසංගතය ගැන ප්‍රතිරාජසෙනෙවිතුමාට  විස්තර සහිතව පවසන්න.  ඔබට හොදට ඡායාරූප මතක තබාගන්න පුළුවන්;  ඔබට තාම මතකයි නේද?"

දිං තාඕ මොහොතක් කල්පනා කර පවසන්නට පටන් ගත්කේ ය, “යොංයී පාලන ස​මයේ වර්ෂයකදි දන්චෙං නගරයේ පිපිරීමක් වෙලා තියෙනවා. ඒ ගිම්හාන කාලය. රාජකීය වෛද්‍ය විද්‍යාලය රය පරික්ෂා කරන්න රාජකීය ආරක්ෂයන් සමග නියෝජිතයෙක්ව යවලා තිබෙනවා.  ඔවුන් හොයාගත්තා මේ වසංගතය පැතිරීමේ යම් අමුතු දෙයක් තියෙන බව. යම්කිසි විමර්ෂණයකට පස්සේ , ඔවුන්ට හොයගෙනුන ලැබුණා පිපිරිම සිදුවුන තැනට පිටුපස සොහෙනේ කන්දක් තියෙන බව. ඒවා ජරාජීර්ණ වෙලා අප්‍රසන්න තත්වයකට පත්වෙලා තිබුණා. මීට පෙර එය කිසිවෙකුත් පිරිසිදු කරලා තිබුණේ නැහැ. වසන්තය ආරම්භ වෙන්න කලින් එහි විසි කල මළ සිරුරු එය කුණු වන තුරුම පෙඟී තිබුණා.  ආපනශාලාවක් පවා ඉදිරිපස පවත්වාගෙන ගිහින් තිබුණා.  ඒ වන විට කාලගුණය උණුසුම් නිසා මැස්සන් හැම තැනම පිරී හිටියා. ආපනශාලා හිමියා තමයි මුලින්ම රෝගාතූර වුනේ.  මුලදී, කිසිවෙක් ඒ ගැන අවධානය යොමු කළේ නැහැ;  ඔහු පවා ඒ සෙම්ප්‍රතිශ්‍යාව වෙන්න ඇති කියලා සැක කළා. ඔහු ඖෂධත් ගන්නා අකරේ තමන්ගේ ව්‍යාපාරය සිදු කරගෙන ගියා.  අනේ , දෙවියනේ!  ඒ බියපු ආහාර අලෙවි කළාට පස්සෙ හැම අයෙක්ම අසනීප වෙන්න පටන් ගත්තා.  චන්චෙං වල ප්‍රාන්ත යමෙන් අය වැරදි දෙයක් සිදුවෙන්න ඇති කියලා තේරුම් ගත්තේ එවිටයි."

සොහොන් කන්දක්, හහ්? එතැනට ඕනැම විදිහක මිනිසුන් ඇද දමනවා. සමහරවිට එයින් එහෙකට වන සතෙක්වත් හපා කන්න ඇති. අහම්බයෙන්, ඒක ඒ වන විටත් නරක් වී තියෙන්න ඇති, ඊට පස්සේ එවායෙහි මැස්සන් වහන්නත් ඇති. මිනිසුන් එයට ඕනැවට වඩා සමීප වීම නිසා ස්වභාවිකවම ආසාදනය වෙන්න ඇති” රාජකීය වෛද්‍යවරයා තමාගේ භාණ්ඩ නැවත ඇසුරුම් කරනා අතරේ පවසන්නට විය. “ඒ කාලේ කාටවත් පහසු වුණේ නැහැ.  දන්චෙං වසර භාගයකට මුද්‍රා තැබුවා වගේම බොහෝ මිනිසුන් මිය ගියා.  අපි ඒක කලින් හදුනාගත්නිසයි  මේ වතාවේ අපි වාසනාවන්ත වුනේ , දැන් අපට අත්දැකීමක් තියෙනවා.  ඒ නිසා තමයි අපිට නියමිත වේලාවට පූර්වාරක්ෂා ක්‍රියාමාර්ග ගන්න පුළුවන් වුණේ.”

"ඒක ඇත්ත.  නමුත් චූදු වල පුපුරා යාම සිදු වූයේ කොහොම ද?"  ච්‍යාඕ ත්‍යැන්යා පැවසුවේ ය, “දොංලොං වීදියේ පහත් ප්‍රදේශය ඇත්ත වශයෙන්ම අපද්‍රව්‍යවලට යටවී තිබුණා. අපේක්ෂා කරන්න පුළුවන් යමෙකු අසනීප වීම ගැන විතරයි.  නමුත් දොංලොං වීදියේ මිනීමැරුම් නඩු නැහැ.  මම අවංක වෙන්නම්.  ආණ්ඩුකාරධිපති සෙනෙවිතුමා සෙනෙවිතුමනී, කරුණාකරලා අමනාප වෙන්න එපා, නමුත් ලිංගාශ්‍රිත රෝග ආසාදනය වීම නම් දොංලොං වීදියේදී අපේක්ෂා කළ යුතු දෙයක් .  ඒ වෙනුවට අපට දන්චෙං වල වසංගත රෝගයක් පැතිරීම මේ වතාවේ එතරම් අමුතු දෙයක් වෙන්නේ ඇයි? ”

අධිරාජ්‍ය වෛද්‍යවරයා උපායශීලීව පිටතට යන්නට නිදහසට කරුණක් සොයා ගත්තේය.

"දන්චෙං වසංගතය පැතිරීම ගැන නිශ්චිත පැහැදිලි කිරීමක් නැහැ."  චෙන් යැං මොහොතක් කල්පනා කර, පසුව දිගටම පවසන්නට විය, "මේ පාර කඩා වැටීමක් එක්ක තද වර්ෂාපතනයක් තියෙනවා, හැමෝම ජලයේ යටවෙලා ඉන්නවා, සමහරවිට..."

"මෙතැන වසංගත රෝග ඕනැවට වඩා තියෙනවා."  ච්‍යාඕ ත්‍යැන්යා පැවසුවේ ය “උදාහරණයක් විදිහට, ඒ කාලේ  ලුඕෂ්‍යා තැන්නේ පැතිරීම මී අණ වසංගතයකි;  ඒ නිසා හේජෞ වලට එ් වසංගතය පැතිරීම කිසිසේත් සිදු වෙන්නෙ නැහැ.  විවිධ රටවල තත්වයන් වෙනස් නිසා අපට ඒවා එකට එකතු කරන්නත් බැහැ. ඒ නිහතමානී සේවකයා ගැඹුරින් සැක කරන පුද්ගලයෙක් වන අතර, අවංක පුද්ගලයෙක් විදිහට කතා කරන්නේ නැහැ.  මම හිතන්නේ මේ රෝගය දොංලොං වීදියෙන් ආරම්භ වූවක් නෙමෙයි, නමුත්-"

ච්‍යාඕ ත්‍යැන්යා ඔහුගේ මාපටැඟිල්ල ඔසවා වහලය පෙන්වීය.

වියන යට නිහඬ විය.  අසල සිටි අය අඩු වැඩි වශයෙන් සුදුමැලි ව සිටියහ.

ච්‍යාඕ ත්‍යැන්යා මද සිනහවක් පිට කර පවසන්නට විය, “එය අහම්බයක් නෙමෙයි ද?  නභෝගත සත්වයෝ මරණීය ලෝකයට බැසීමෙන් පසු අවාසනාවන්ත තත්ත්වයකට මුහුණ දුන්නා. වළේ වැටෙනවට බයේ ළිඳකට පනින එක නිෂ්ථල දෙයක්. (2.) මේ දින කිහිපය තුළ, මාලිගාව අපට කිසිදු නියෝගයක් එවලා නැහැ. ආණ්ඩුකාරධිපති සෙනෙවිතුමා සෙනෙවිතුමනී, පොදු කාණුව අවහිර වෙන්නෙ නැතිව, ජල මට්ටම පහත වැටී තිබෙනවා.  නමුත් මේක ආරම්භය පමණක් බව මට පෙනෙන්නේ ඇයි? ”

"ස්වර්ග මාලිගාවේ ජීවත් වන සෑම කෙනෙක්ම අමරණීය අයයි."  ෂ්‍යාඕ චීයේ මන්දගාමී ලෙස පැවසීය.  “මේ අමරණීයයන් ඔවුන්ගේ ජීවිත අගය කරනවා.  ඔවුන් ඒ වෙනුවෙන් මේ ආකාරයෙන් සෙල්ලම් කරන්න එඩිතර නොවේවි.  ඔබ පවසන ආකාරයේ හැකියාවක් ඇති, මංමුලා සහගත පුද්ගලයෙක් තම කඹයේ කෙළවර අල්ලාගෙන තමා සතු සියල්ලම  එකවර වීසි කරවි."

"මම ඒ ගැන දන්නේ නැහැ."  ච්‍යාඕ ත්‍යැන්යා පැවසීය.  “උත්සව අධ්‍යක්ෂක කාර්යාලයට දැන් යාමන් විසිහතර පාලනය කළ හැකි ප්‍රධාන ලීගයේ නපුංසකයෝ නැහැ. අධීක්‍ෂණයකින් තොරව දේවල් ඉතිරි වන අවුල් සහගත තත්ත්වයන් අතර බොහෝ කරුණු රැදෙනවා. යම් කිසි දෙයක් ඇතුලට ගෙනෙන කෙනෙක් ඇත්තටම ඉන්නවා නම්, ඔහුට එය හරහා යන්න හැකි වේවි.  අපේ රාජකීය හමුදාව සහ රාජකීය ආරක්‍ෂකයන් සියල්ලම පිටතින් පැමිණෙන සොල්දාදුවන්. අභ්‍යන්තරයේ සිදුවන දේ ගැන අපට කළ හැකි දෙයක් නැහැ.  නමුත් මේ කාරණය සම්බන්ධයෙන් අපි පූර්වාරක්ෂාව ගත යුතුයි වගේම ප්‍රවේශම් වෙන්නත් වුවමනා බව මට හිතෙනවා."

ලී ජ්‍යැන්හෙං මාලිගාවෙන් පිටව ගියේ ඇයි?  ඒ විනෝදය සඳහා පමණක්ද?  ඔහු ඝාතන තැතකට මුහුණ දී වැඩි කාලයක් ගතව තිබුණේ නැත.  ඔහු නිර්භීත මිනිසෙක් ද නොවීය, එසේ නම් ඔහු හොර රහසේ පිටතට යාමට එඩිතර වන්නේ කෙසේද?  කවුරුන් හෝ ඔහුව ඒ සඳහා යොමු කරනවා නම් මිස.

ෂ්‍යාඕ චීයේ එ් ගැන නිහඬව කල්පනා කළේය.

ඔහුගේ බුද්ධිය ඔහුට පැවසුවේ ඒ වැන්දඹු අධිරාජිණිය නම් අධිරාජිනිය වැන්දඹුවක් නොවන බවයි.  මක්නිසාද යත් ලී ජ්‍යැන්හෙං දැනටමත් ඇයට පුත්‍ර ගෞරවය දැක්වීමේ සලකුණු පෙන්නුම් කරමින් සිටි බැවිනි.  මේ මොහොත ඇයට හරියටම නැවත පැමිණෙන්නට ඇති අවස්ථාව විය. ඇයි ලී ජ්‍යැන්හෙං ගේ මරණය කිසිසේත්ම නොඉවසනු ඇත.

ෂී හොංෂුආන් වර්තමානයේ දී ශෙන් ස'චුආන් සමඟ සෑම දෙයක්ම සාකච්ඡා කරනු ඇත.  මෙවර අවාසනාවන්ත හමුවීම ඔහු කිසිදා බලාපොරොත්තු නොවූ දෙයකි.  දැන් ඔහු තවමත් ඇඳ මත වැතිර සිටියේ ඔහුගේ ජීවිකා අග්‍රයේ එල්ලීගෙනය.  ඉතින් ලී ජ්‍යැන්හෙං උසිගන්වමින් ඖහුආ මණ්ඩපය නිසැක ලෙසම නියම මොහොතේ කඩාවැටීමට සැලැස්වූ  තැනැත්තා කවුද?

මෙහි තව සිටින්නේ කවරෙක් ද?

මෙවර එහි අභිප්‍රාය වූයේ ලී ජ්‍යැන්හෙං බිය ගැන්වීම නොව, ලී ජ්‍යැන්හෙං සැබෑ ලෙසම මරා දමන්නට ය.  නමුත් ලී ජ්‍යැන්හෙං මිය ගියහොත් එයින් ප්‍රයෝජන ලැබෙන්නේ කාටද?

නැවත වරක් තිර රෙද්ද ඔසවනු ලැබුවේ ය. රාජකීය වෛද්‍යවරයා තම හිස ඇතුළට තල්ලු කර ප්‍රීතියෙන් පැවසුවේ ය. “ආණ්ඩුකාරධිපති සෙනෙවිතුමා සෙනෙවිතුමනී, ගෞරවනීය විනිසුරුතුමා අවදි වුනා!”

ෂ්‍යාඕ චීයේ ඉක්මනින්ම දෙපයින් නැඟිට, පියගැට කිහිපයකින් පඩිපෙළ බැස ගොස් නිවසට ඇතුළු විය.  දින ගණනක සිට තද නින්දක සිටි ශෙන් ස'චුආන්ගේ දෑස් අඩක් විවර වී තිබිණි.  ෂ්‍යාඕ චීයේ මෘදු ලෙස ඇඳ අසල නැමී වකුටු වී ඔහු දෙස බලා සිටියේය.

ශෙන් ස'චුආන්  ඔහුගේ ඇඟිල්ල ඔසවා ෂ්‍යාඕ චීයේ ගේ ඇහිබැම සහ දෑස් දුර්වල ලෙස පිරිමැද්දේය.  ෂ්‍යාඕ චීයේ ඔහුගේ අත අල්ලා තම කොපුලක් මතට තද කළේය.

"ඉතිං ස්පර්ශ කරන්න." ෂ්‍යාඕ චීයේ ඔහු වෙතට ළං වී රළු හඩින් සිනහවක් පෑවේ ය. "මම ඔබට ස්පර්ශ කරන්න ඉඩ දෙන්නම්"

අරුත් පැහැදිලි කිරීම

1.) ඉතාමත් ප්‍රවේශමෙන් කටයුතු කරනවා.

2.) කුඩා අනතුරකට බිය වී එයටත් වඩා අනතුරු දායක දෙයකට මුහුණ දෙන්නට වීම.

____________________________________

කියවන හැමෝටම ආදරෙයි. 🌹🌹🌹

#සංයැන්

 

Comments

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-