Skip to main content

හැත්තෑ තුන්වන පරිච්ජේදය : ප්‍රධානය කිරීම.

 ❤️❤️❤️


ෂ්‍යාඔ චීයේ රාජකීය ආඥාව පිළි නොගත්තේ ය. ෆූමන් ඔහුට එතරම් වැඩිදුර ඒත්තු ගන්වන්නට නොගිය අතර වහාම නැවතත් මාළිගයට ගොස් ඔහුගේ වාර්ථාව සකස් කරන්නට විය.

සම්පූර්ණ කතාන්දරයම ඇසීමෙන් පසු , ලී ජ්‍යන්හෙං සිය පාදයකට වාරු වෙමින් පවසන්නට විය., " ඔහුට වුවමනා විදිහට ස්වර්ගයේ පුත්‍රයාගේ අණ නොතකාහරින්න පුළුවන් ද? මම ඔහුට ත්‍යාගයක් දෙනවා නම් , ඔහු දණ නමා එය පිළිගත යුතුයි! ආපසු යන්න!"

එය මනා ලෙස අවබෝධ කරගැනීමෙන් අනතුරුව , ෆූමන් අශ්වයා පිට නැගී නැවතත් ෂ්‍යාඔ චියේගේ නිවහනට පැමිණියේ ය . ෂ්‍යාඕ චීයේ තවමත් දණගසාගෙන සිටිනවා දුටු ඔහු , රාජකීය ආඥාව අතැතිව ඒත්තු ගන්වන්නට විය. "ආණ්ඩුකාර සේනාධිපතිතුමා , ආණ්ඩුකාර සේනාධිපතිතුමා! ඇයි මෙහෙම කරන්නේ? අපි පහළට ගොස් බඩගා යමින් පොදු වලවල් හෑරුවේ මේ වෙනුවෙන් ද?"

අමනාපය මුසු වූ මුහුණකින් යුතුව ෂ්‍යාඕ චියේ පවසන්නට විය, "මට මේ වංශවත් නිළය අවශ්‍ය නැහැ. ඔබේ සුසුම් පොද මම වෙනුවෙන් නාස්ති කරන්න එපා."

ෆූමන් වඩාත් කනස්සල්ලටත් බලපොරොත්තු සුන්වත් සිටි අතර ඔහු තම පාදය ඔහු සි ස්ථානයට ගෙන ගියේ ය. නමුත් ඔහුට ෂ්‍යාඕ චීයේ වෙනුවෙන් රාජකීය ආඥාව පිලිගැනීමට නොහැකි ය. ඔහුට හැකිවූයේ කාලය සමඟ සෙල්ලම් කිරීම පමණකි.

"එහෙනම් ඔහුට දණගසාගෙන ඉන්න ඉඩ දෙන්න!" පසුව , මාළිහයේ දී ඔහුගේ පිළිතුර ඇසී ලී ජ්‍යන්හෙං මහත් කෝපයට පත් විය. "ඔහුට ඒ ත්‍යාගය ලබා දෙන්න මම ලේකම් කාර්‍යාලයේ වැඩිහිටියා ටත් බැණ වැදුනා. ඒත් ඔහු එය නෑසුණා සේඉන්නවා. ඔහුට දණගසාගෙනම ඉන්න දෙන්න!"

ඉතිං යටත් සේවකයා හා පාලකයා – එක් අයෙකු මාළිගය තුලත් අනෙකා ඉන් පිටතත් –සම්පූර්ණ අවහිරකාරි තත්වයකට පත්ව සිටියෝ ය..

වර්තමානය වන විට , ඒ වසන්තයේ තුන්වන චන්ද්‍ර මාසයේ සමය වූ අතර, බිම පුරා ශීතල හිම වැතිරී වසාගෙන තිබුණේ ය. ෂ්‍යාඕ චීයේ සිය වත සෘජුව පිහිටන සේ දණගසාගෙන හිදි අතර , ලී ජ්‍යන්හෙං තම නියෝගය අවලංගු කරන තෙක් සිටීමට අදිටන් කර ගත්තේ ය. සමහර විට , ඔහුට ආඥාව පිළිගෙන මෙම කාරණය මීට වඩා පහසු ආකාරයකට හසුරවන්නට හැකියාව තිබුණි. නමුත් ඔහු එයට කැමැත්තක් දැක්වඋයේ නැත.

ලූ වංශය පාලනය කරන ලද්දේ ඉහලින් සිටි චීදොං හී චී වංශය වන අතර බ්‍යැෂ්‍යා ආක්‍රමණියන් විසින් ඔවුන්ව ආක්‍රමණය කළෝ ය. ලී ජ්‍යැන්හෙං විසින් ලූ පිංයන් ව පාගා දමා තම ඉල්ලයක සපුරාලෘම පහසු කර ගත්තේ ය. මන්දයත් , ලූ වංශය චී වංශය හා ෂ්‍යාඕ වංශය සමඟ සබඳතාවයක් නොතිබූ බැවිණි. බ්‍යැන්ෂ්‍යා සේනාංකයේ භටයන් විසි දහසකගේ ඇදුම් පැළදුම් හා ආහාර පාන සියල්ලම රාජකීය අධිකරණයේ පාලනයට නතු විය.  ඔවුන්ට හමුදා බිම් පවා තිබුණේ නැත. එසේ නොවුනොත්, ලූ වංශයට සෑම වසරකම ගෙවීම් ඉල්ලා සිටීමට තරම් පහත වැටීමට හෝ ඔවුන්ගේ පවුලේ දේපළ සහ ඉඩකඩම් විකිණීමට තරම් දුප්පත් වීමට සිදු නොවනු ඇත.

අතීතයේ දී , අගනුවරට පැමිණ තම වාර්ථා සකස් කරන ලූ ගුන්බායි ව, කිසිවිටක බැරෑරුම් ලෙස සැළකුවේ නැත. එවැනි නිර්භීතකමක් ඇත්තේ අගනුවර සිටින කුමන සාමාන්‍ය නිලධාරියාටද?  ඔවුන් තමන්ට අවශ්‍ය කොරකුරු සියල්ලම ඉහළ නිළදාරීන්ගෙන් සපයා ගත්හ. ෂියන්දේ අධිරාජ්‍යයා මිටියදී, ලූ ගඅන්බායි ව ඔහූගේ ශාලාවේ දකින්නට ලැබුණේ ද කලාතුරකිනි. මෙය හුදෙක් ඔහු කැමති වීම හෝ පිළිකුල් වැනි කුඩා දෙයක් පිළිබඳ කාරණයක් නොව, ඒ චීදොංහී හමුදා බලයේ සමතුලිතතාවය ගැන පිළිබඳ වූ දෙයෙකි.

ෂ්‍යාඕ සහ චී දෙදෙනාම දේශසීමා මායිම්වල ස්ථානගතව සිටි ශ්‍රේෂ්ඨ රණ සෙන්පතියෝ වූහ.  හුආ වංශයට ලීබෙයි කුමරුගෙන් පමණක් ආරක්ෂා වෙන්නට අවැසි නම් ෂ්‍යාඕ චීයේ ව චූදු වල සිරකර තබන්නම් මෙතරම් කරදරය වෙන්නට සිදු වූයේ ඇයි?  මක්නිසාද යත්, ලිබෙයි මහා අණදෙන හමුදාවේ එකම ප්‍රමුඛ බලවේගය වූයේ ෂ්‍යාඕ වංශය වූ බැවිණි.  ෂ්‍යාඕ වංශය පාලනය කළ හැකි වෙනත් විලංගුවක් මුළු භූමියේම නොතිබූ අතර, ඔවුන්ට හැකි වූයේ ෂ්‍යාඕ චීයේ ව බැඳ දමා ඔහුව කූඩු කර ලිබෙයි සන්නද්ධ අශ්වාරෝහක හමුදාව මැඩපැවැත්වීම  පමණකි.  චී ශීයූ සහ ලූ පිංයන් නම් සෙන්පතියන් දෙදෙනාම චීදොං සතුව සිටි අතර, ඔවුන් ඒ දිනවල එකිනෙකා හා සිටියෝ ය.  නමුත් චී ශීයූ අවසානයේ පංච අණදෙන නිලධාරියා යන පදවි නාමයෙන් පිදුම් ලැබුවේ ඇයි?  මේ සියල්ල සිදුවූයේ ලූ පිංයන් සහ ෂ්‍යාඕ ෆංෂූ එකිනෙකා හා සමීප මිත්‍රත්වයක් ගොඩනඟාගෙන සිටි නිසාත්, ඔවුන් හා නෑදෑකමක් ඇතිවී තිබුණ නිසා ය.(1.)

ලූ වංශය පක්ෂ තුන අතර බල සමතුලිතතාවයේ ඉත්තෙකු පමණක් විය.

බ්‍යැන්ජුන් සේනාංකයේ ලූ වංශයේ තත්ත්වය තීරණාත්මක විය;  එය රාජකීය අධිකරණය විසින් ඔවුන්ට පවරන ලද භාරදූර වගකීමක් විය.  එහෙත් එසේ වුව ද අධිරාජ්‍ය අධිකරණය ත්‍යාගශීලීව ඔවුන්ට තනතුරු හා නිලතල ප්‍රදානය කළේ නැත.  මෙයින් අදහස් කළේ ලූ වංශය ඔවුන්ගේ පාලනයේ තබා ගෙන චී වංශයට රාජකීය අධිකරණය විසින් ලු වංශය පාලනය කරන්නට ඉඩ දුන් බවයි. ලු වංශය විදේශීය සතුරන් සමඟ සටන් කිරීමට භාවිතා කරන ආයුධයක් පමණක් විය හැකිය;  ඔවුන්ට දේශසීමාවල හමුදා බලය සහිත ඉහළ පෙළේ පළාත් නිලධාරීන් විය නොහැකි වූ අතර , එහි ප්‍රතිඵලයක් ලෙස, ඔවුන්ට ලිබෙයිහි දෙවන කුමරු වූවද ඔවුන්ට ක්‍රමයක් ​නොමැති වනු ඇත.

වර්ථමානයේ, ලූ ගුඅන්බායිට හමුදා භාවිතය සඳහා චී ජූයින් ගෙන් උපදෙස් ලබා ගැනීමටත්, මුදල් පරිහරණය සඳහා චූදු හි යුද අමාත්‍යාංශය සහ ආදායම් අමාත්‍යාංශයෙන් උපදෙස් ලබා ගැනීමටත් සිදු විය.  ලු ගුඅන්බායි බියන්ජුන් සේනාංකයේ ආරක්‍ෂාව භාර අණදෙන නිලධාරියා විය.  චී ජූයින් අධිකාරී බලය පැවරීමේදී ත්‍යාගශීලී නොවී, අවදානම් අවස්ථාවලදී හමුදාවන් යොදවන්නට  ස්වාධින බල වරප්‍රසාදය ඔහුට ලබා දුන්නේ නම්, ඔහු දැනට සිටින තත්වයට වඩා මහත් දුෂ්කරතාවයකට පත්වනු නියතය.

මේ වතාවේ ලී ජ්‍යැන්හෙං ලූ පිංයන්ට තනතුරකට උසස්වීමක් ලබා දී තිබුණි. එනමුත් එය සැබෑවටම උසස්වීමක් නොවුනේ ය. මේ අනුව, ලූ වංශයට මරණය දක්වාම කුසගින්වෙන් පෙළෙමින් ගවයන් රුළක් සේ බ්‍යැන්ජුව් අණ​දෙන සේනාංකය සඳහාම වැඩ කරන්නට සිදුවෙයි. ඔවුන්ගේ කීර්තිය මතුපිටින් පෙනෙන පරිඳි ඉහළට ගොස් තිබුණත් එය ඇත්ත වශයෙන්ම මහත් අපහාසයක් විය. ලූ වංශයෙහි හි වත්මන් දුෂ්කරතාවලින් අඩක් ෂ්‍යාඕ වංශය සමඟ සම්බන්ධ විය;  එබැවින්, ෂ්‍යාශ් චීයේ ට නොහැකි ය - එතරම් අභිනයකින් යුතුව ආඥාව පිළි නොගත යුතුය.

අධිරාජ්‍ය ආඥාව නිකුත් කළ හැකි බව මහ ලේකම් කාර්යාලයේ අනුමැතිය ලබා දී ඇති බව ද පැහැදිලි ය.  එසේ වුවහොත් මෙම නියෝගය අවලංගු නොවන බව ස්ථිරයි;  ස්වර්ගයේ පුත්‍රයාට ඔහුගේ පිළිවෙළ වෙනස් කිරීමට හේතුවක් තිබුණේ නැත.  නමුත් ෂ්‍යාඕ චීයේ එය දැඩි ප්‍රිතියෙන් යුතුව පිළි නොගත යුතුය.  ඔහුට අසාධාරණ ලෙස ක්‍රියා කිරීමට හෝ කෝපයට පත් වීමට සිදු වුනද, ඔහුට ඔහුගේ ස්ථාවරය ලු වංශයට වෙත පෙන්වන්නට සිදු ව තිබුණි.

අධිරාජ්‍ය අධිකරණය ලූ වංශය ග්‍රහණය කර ගත් නිසා ලි ජ්‍යන්හෙංට ලු වංශය පුරා පාගා දැමිය හැකි වූයේ බලවත් භාවය හා ශක්තිමත් භාවය හෙතුවෙනි.  ඊට හාත්පසින්ම වෙනස්ව, මිත්‍රත්වය නිසා ෂ්‍යාඕ වංශය එසේ සිදු කරන්නට එඩිතර වූයේ නැත, මන්ද පවුල් ද්විත්වයම සැමවිටම අනෙකා තම සහෝදරයා ලෙස සැලකූ බැවිනි.  මෙම මිත්‍රතත්වය බිඳී ගියහොත්, ෂ්‍යාඕ වංශයට ගිනිකොන දෙසින් ඔවුන්ගේ උපකාරක බලය අහිමි වනු ඇත.

ෂ්‍යාඕ චීයේ අදුර වැටෙන තුරුම දණගසාගෙන සිටියේ ය. ෆූමන් අසුන් ගන්නට එඩිතට නෙවෙූ අතර රාජකීය ආඥාව අතෙහි තබාගෙන පසෙකින් සිටගෙන සිටියේ ය. නිශ්චිත වේලාවකට පසු, ඇතුළුවීම් දොරටුවෙන් ඉක්මන් අඩි ශබ්දයක් ඔවුන්ට ඇසුණි.  නපුංසකයෙක් පැමිණ හදිසි ස්වරයෙන් නියෝග ප්‍රකාශ කළේය, “ආණ්ඩුකාරාධිපති සෙනෙවිතුමනි, ඔබ වහාම දණගැසීම නවත්වන්න!  කරුණාකරලා නැගී සිටින්න!  මහ රාජෝත්තමයාණන් වහන්සේ ඔබව හමුවීමක් සඳහා කැඳෙව්වා!”

විරුද්ධත්වයක් නොපෙන්වූ ෂ්‍යාඕ චීයේ තම වස්ත්‍රය ඔසවා නැගී සිට ඔහුගේ අශ්වයා මතට ගොඩ වූයේ එහි පිටත්වීම සඳහා ය. ඔහු වීඩාපත් බවක් නොපෙන්වන බව දුටු ෆූමන් ද ඉක්මනින් තම අශ්වයා මතට ගොඩවිය.

මිංලී ශාලාව දීප්තියෙන් බැබළුණේ ය. ලී ජ්‍යැන්හෙං සිංහාසනයේ හිද යමෙකු ෂ්‍යාඕ චීයේ ගේ පැමිණීම නිවේදනය කරන තෙක් බලා සිටියේ ය. නමුත් ඔහු දෙවැන්නා කැඳවා නොගත් අතර තම අක්ෂර හදුනාගැනීමේ කාර්යයයේ දිගටම නිරතවී සිටින්නට විය.

කැඳවීමකින් තොරව, ෂ්‍යාඕ චීයේ ට ඇතුළු වීමට නොහැකි වූ අතර, ඔහුට මිංලී ශාලාවෙන් පිටත දණ ගසා සිටින්නට සිදු විය. ඒ වන විටත් ප්‍රමාද වී තිබුණු අතර නැවුම් ලෙස අතුල්ලන ලද බිම මත ඉතිරි වී තිබූ සීතල ජලය ඔහුගේ සළුව තෙත් කළේය.  මුළු නපුංසක කණ්ඩායයමම නිහඬව ගමන් කළේ හඬක් නැගීමට තරම් නිර්භීත නොවෙමිණි.

ලී ජ්‍යන්හෙං ඔප දැමූ ලාම්පුව දෙස හිස් බැල්මෙන් බලා සිටියේය.  මේ නිහඬ රාත්‍රියේ ඔහු බොහෝ දේ කල්පනා කරමින් සිටියේය.  ඔහු නැවත පියවි සිහියට එන විට, ඒ වන විටත් චෞ හෝරාව වී තිබුණි. (2.) ඔහු මොහොතක් වාඩිවී සිට, හදිසියේම තම දෙපයින් නැඟිට පිටතට ගියේය.

මාලිගයේ සේවිකාවන් ඉවත් වූ අතර නපුංසකයෝ බිම දණ ගසා ගත්හ.  හෙවනැලී පොළව වසාගෙන පැතිරී තිබුණි.  ෂ්‍යාඕ චීයේ තම හිස නොඑසවූයේ ය.

ලී ජ්‍යන්හෙං ෂ්‍යාඕ චීයේ ව පහත් කොට සැලකීය. අතීතයේදී ඔහු නිතරම ෂ්‍යාඕ චීයේ පිළිබඳ ඉහළින් සිතුවේ ය.  ඔවුන් එකට වීදිවල ගැවසෙන විට, ෂ්‍යාඕ චීයේ ඔහුගේ වැඩිහල් සහෝදරයා යැයි පැවසුවේ ය.  ඔවුන් එකිනෙකා සහෝදරයන් ලෙස හැඳින්වූ අතර, ඔවුන් බොහෝ විට අධමයන් සේ ක්‍රිඩා කළහ. ලී ජ්‍යන්හෙං සිතනා පරිදි ඔහු ෂ්‍යාඕ චීයේ ට සැලකුවේ ඔහුගේ උපරිම අවංකභාවයෙන් යුතුවය.

ඔවුන් අද සිටින තැනට පක්වූයේ කෙසේ ද?

ලී ජ්‍යන්හෙං පටු අත් සහිත දීප්තිමත් කහ, රවුම් ගෙල සහිත වතකින් සැරසී සිටියේය.  ඔහුගේ ඉණෙහි අරුණ වර්ණ පටිය මත දෑත් තබාගෙන, ඔහු ෂ්‍යාඕ චීයේ ගේ පසෙකට ගොස් තේජාන්විත මාලිගාවේ වහළයට ඉහළින් ඇති දීප්තිමත් සඳ දෙස බැල්මක් හෙළුවේ ය.  ඔහු මොහොතක් කල්පනා කර, පවසන්නට විය, “මේ වෙලාවේ මෙතැන කිසිවෙකුත් නැහැ. අපි කතා කරමු."

ශීතල සඳ එළිය ඔවුන් මත පොරවනයක් සේ වැටි තිබුණු අතර  ශීත සුළග ඔවුන් මත දැවටුනේ ය.

ලී ජ්‍යන්හෙං පවසන්නට විය, “ඔබ සාමාන්‍යයෙන් නිර්භීත අයෙන් නෙවේද? මෙවර ඔබට වංශවත් තනතුරක් ලැබීම ගැන සිතීමත් ඔබව යම් තරමකට බිය ගන්වන්න සමත් වෙලා.”

එය හේතු රහිතයි වගේම නෘකිය යටතේදී අතිශය නොමනාකාරී දෙයක් නිසයි.” ෂ්‍යාඕ චීයේ පවසන්නට විය.

ලී ජ්‍යන්හෙං වේගයෙන් ගමන් කරමින් පවසන්නට විය, “මට එහෙම කරන්න එපා. ඔබ කවදාවත් හේතු ගැන කතා කළ කෙනෙන් නෙමෙයි. නන්ලින් දඩයම් බිටියේ සිද්ධියට කළින්, අපි එකිනෙකා වෙනඅවෙන් ජීවිතය පවා අනතුරේ දමාගන්නා කරමට සහෝදරයෝ වී හිටියා. නන්ලින් පිටියේ සිදුවීමෙන් පස්සේ,  අපි සැබැවින් ම විශාල විරසකයකින් යුතු වූවෙන් වූ රජතුමා සහ ඔහුගේ අමාත්‍යවරයා බවට පත් වුණා.  'අන්, මම අධිරාජයා වීමත් ඔබ ආණ්ඩුකාරාධිපති සෙනෙවිතුමා වීමත් හොඳ නැද්ද?  ඇයි ඔබ මා ඉදිරියේ මේ විදිහට හැසිරෙන්නේ?  ඔබට පිරිනමන ත්‍යාග පමණක් පිළි අරගන්න. ඔබ මේ වගේ බියේ හැකිලෙන්නේ නැහැ, ෂ්‍යාඕ ස'අන්.”

ෂ්‍යාඕ චීයේට ඔහු අදහස් කළ දේ පවසන්නට වුවමනා විය, “ඔබතුමාට මට රන් හා මාණික්‍යයන් ත්‍යාග කිරීමට අවශ්‍ය නම්, මම වහාම අගය කොට මගේ ස්තුතිය ප්‍රකාශ කරනවා.  නමුත් උතුම් නිළ තනතුරක් වෙනුවෙන් නෙමෙයි.  මම වසර හයක් නිලධාරියෙකු ලෙස සේවය කර තිබෙනවා, මට පෙන්වීමට හෝ කතා කරන්න චූදු  තුළ කැපී පෙනෙන ජයග්‍රහණ හෝ සඳහන් කළ හැකි කුසලතා කිසිවක් නැහැ.  අධිරාජ්‍යයාගේ කරුණාව ලැබීමත්, හදිසියේ අසුරු සැණින් වංශාධිපතිවරයෙක් වීමත් නිසා මට දැන් අපහසු බවක් දැනෙනවා. "

අපහසු බවක් දැනෙන්නේ මොනවටද?” ලී ජ්‍යන්හෙං සමච්චල් කළේ ය. “අපේ මිත්‍රත්වය නිසා, ඔබට මෙය බොහෝ කළකට පෙර පිරිනැමීය යුතුව තිබුණා.

ලේකම් කාර්යාලයේ වැඩිහිටියා මගේ සෑම පියවරකටම බාධා කරනවා , මා කරන ඕනෑම දෙයක් සහ සෑම දෙයක්ම තෝරා ගන්නවා .  මට කවදාවත් මේක කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. එහෙම නේද?  මේ අවස්ථාවේදී, ඔබ එය උපයාගෙන තියෙනවා.  මීට පෙර, ලූ පිංයන්ට ගෞරව නාමයක් පිරිනැමුටන් ,  ඔහු මායිමේ පිහිටි බ්‍යැන්ෂ්‍යා සේනාංකයට ඵලදායි ලෙස ප්‍රතිරෝධය දැක්වීම සහ පලවා හැරීම නිසායි.  ඔබ චූදු හි අධිරාජ්‍යයා ආරක්ෂා කළා , ඒ තුළ අපගේ අධිරාජ්‍යයේ සහ සමාජයේ ආරක්ෂාව තහවුරු කළා;  මම මේ දෙකේ වෙනසක් දකින්නේ නැහැ.”

"මහා ලේකම් කාර්යාලය මේ ගැන කනස්සලු වෙන නිසා හදීසි වෙන්න අවශ්‍ය නැහැ."  ෂ්‍යාඕ චීයේ පැවසුවේය, "අපට පැරණි නිලධාරීන්ගේ හැඟීම් රිදවන්න බැහැ."

"වැඩිහිටි අය හැම විටම තරබාරුයි  මුරණ්ඩුයි."  ලී ජ්‍යන්හෙං පැවසුවේ ය, “ඔවුන් මෙතරම් නම්‍යශීලී වන්නේ කෙසේද?  මස් වෙළඳාමේ යෙදී සිටින අය පවා නම්‍යශීලී විය යුතු අතර තත්වය කියවා හදුනාගන්න දන්නවා.  නමුත් මේ ප්‍රධාන ඇමැතිවරු තවමත් බිඳිගිය අහුමුළු අල්ලගෙන ඉන්නවා.  කොයිතරම් තේරුමක් නැති දෙයක් ද.  මේ තරම් බිය වුනාටත් පස්සේ , මගේ සුවය ලැබීම අතරතුර දී මම බොහෝ දේ ගැන කල්පනා කළා.  මම අධිරාජ්‍යයා බවට පත් වී ඇති නිසා , මම දිගටම අඬමින් හා කෙඳිරිගාමින් සිටියහොත් එය ඵලදායී වෙන්නේ නැහැ.  අපිට ජීවත් වෙන්න ක්‍රමයක් හොයාගන්න වෙනවා. එහෙම නේද?  මම අසාධාරණ මිනිහෙක් නෙවෙයි.  හොඳ හේතුවක් තිබේ නම් එය වෙනුවෙන්  හඬ නඟනවා;  මම ඒවා ක්‍රියාත්මක කරනවා වගේ නේද?  මේ වතාවේ වගේ, මට ඔබට නිළ තනතුරක් ප්‍රදානය කරන්න අවශ්‍යයි, නමුත් ලේකම් කාර්යාලයේ වැඩිහිටියා එයට එකඟ වුනේ නැහැ , මම ඉක්මන් බවත් මගේ තීරණවල නොසැලකිලිමත් බවත් පවසමින් මා ඉදිරියේ දර්ශනයක් සිදුකරන්න අනෙක් අයව මෙහෙයවුවා.  මම මේ කාරණය සම්බන්ධයෙන් කොතරම් කලබල වුණාද කියනවා නම් මම රාත්‍රිය පුරා එහා මෙහා යමින් ගත කළා. ඔවුන් තවමත් පවසනවා මම ඉක්මන් වැඩි බව! "

ලී ජ්‍යන්හෙං කතා කරද්දී පිටුපසට හැරූණු අතර, ඔහුගේ ඔටුන්නෙහි සිටි රන් මකරා සඳ එළියෙන් බැබලුනේ ය, එයින් ඔහු මනා අලංකාරවත් බවත් වංශවත් බවත් එක් කළේ ය. ඔහු ෂ්‍යාඕ චීයේ ට නැගී සිටින්නැයි පැවසුවේ නැත. දිගු විරාමයකින් පසු ඔහු පවසන්නට විය.

මමයි අධිරාජ්‍යයා, මට මගේ වචනය ප්‍රතික්ෂේප කරන්න බැහැ.  ආඥාව සිදු කර ඇති නිසා, ඔබ එය පිළිගත යුතුයි.  අද ඔබ දැනටමත් එය ප්‍රතික්ෂේප කර තියෙනවා, නමුත් අපි සහෝදරයන්, ඒ නිසා මම ඔබට එරෙහිව එය තබාගන්නේ නැහැ.  නමුත් ඔබ නැවතත් මා සමඟ මුරණ්ඩු ලෙස කටයුතු කරනවා නම් , එය සහෝදරයන් අතර සමථයකට පත් කළ හැකි දෙයක් නොවේවි , අපි කිසිවෙකුටත් එය හොඳ දෙයක් නොවේවි.  එකඟයි ද?"

ෂ්‍යාඕ චීයේ මොහොතකට නිශ්ශබ්දව සිටියේ ය, “රජතුමනි, එය සිදු නොවේවි.  පරීක්ෂාව දැන් අන්තිම කෙළවරට ඇවිත්.  වයෝවෘද සේනාධිපති ලුගේ උතුම් නිල තනතුර ඉදිරියට ගෙන යාම හොඳ දෙයක්;  ඔහු එයට සුදුසු යි.  නමුත් මා වෙනුවෙන් එහෙම නැහැ.  අධිරාජ්‍යයාගේ කීර්තිය නිසාම මම එය පිළිගන්නේ නැහැ.  මම ඔබතුමාගේ තනි අතින් උසස්වීම් ලැබූ කෙනෙක්.  මා කරන සෑම දෙයකදීම මහජනතාවට ඒත්තු ගන්වන්න මට නොහැකි නම්, අනාගතයේ දී ඔබතුමාගේ නිල රාජකාරිවලට මම තවමත් සහභාගී වන්නේ කොහොමද?  හමුදා භටයන් භාරව සිටින අය ඔවුන්ගේ කීර්තිය හා ගෞරවය ගැන සැලකිලිමත් වෙනවා.  වයෝවෘද සේනාධිපති ලූ ට නිසි ගෞරවය දීලා මේ ගරුත්වය දුන්නොත් පස්සේ මටත් ඒ ආශ්‍රයෙන් ප්‍රයෝජන ලැබෙනවා.”

ඔබ මා වෙනුවෙන් හරි ෂ්‍යාඕ වංශය වෙනුවෙන් ප්‍රතික්ෂේප කරන්න ඕනැම විදිහේ දෙයක් නිදහසට කරුණක් විදිහට ඉදිරිපත් කරනවාද?  ඔබ ඒක නොකිව්වට මට තේරෙන්නේ නෑ කියලා ඔබ ඇත්තටම හිතනවද?"  ලී ජ්‍යන්හෙං ඔහු දෙස බලා සිටියේය.  “අපි එකිනෙකාට අවංකව හා විශ්වාසවන්ත ලෙස සලකපු සහෝදරයෝ වෙනවා. ඒත් ඔබ දිගටම මට සලකන්නේ මෝඩයෙකුට වගේ.  මම ඔබට ත්‍යාග පිරිනමන්නේ අපගේ මිත්‍රත්වය නිසා යි. නමුත් ඔබ එය ප්‍රතික්ෂේප කළේ ඔබේම ආත්මාර්ථකාමී ආශාව වෙනුවෙන්!  මම ඔබට පැවසුවේ මට අවංක වෙන්න කියලා, ඔබ තාමත් මාත් සමඟ පඳුරට අනිනවා!  ෂ්‍යාඕ චීයේ, ඔබට හෘදය සාක්ෂියක් නැද්ද?!"

ලී ජ්‍යන්හෙං විසින් ඇසූ මෙම ප්‍රශ්නය කෙතරම් ප්‍රබලද යත්, එය සීතල, අඳුරු රාත්‍රිය හරහා යාන්තමින් දෝංකාර දුන්නේය.

ඔබ ලූ පිංයන් ව අමනාප කරගන්න බියයි.  ඇයි ඒ?!"  ලී ජ්‍යන්හෙං එකපාරටම ඔහුගේ අත් දෙක සෙලවූයේ ය.  “ඔබ මට පක්ෂපාතී බව පවසන්න ඔබ තවමත් නිර්භීත වෙනවද?  ඔබ ඒ සියල්ල කරන්නේ ඔබ වෙනුවෙන්මයි!  ඔබ එය පැවසීමට නිර්භීත වෙන්නේ නැහැ, එබැවින් මම එය ඔබ වෙනුවෙන් පවසන්නම්.  ඔබ ලූ පිංයන් ව අමනාප කර ඔබේ වංශ දෙක අතර මිත්‍රත්වය විනාශ කරන්න බියයි , ඒ නිසා ඔබට එකිනෙකා ගැන අන්‍යෝන්‍ය වශයෙන් සොයා බැලීම දුෂ්කර කරවනවා.  නමුත් මම ඔබෙන් අහන්නේ, ෂ්‍යාඕ සහ ලු දෙපාර්ශවයටම දේශසීමා ආරක්ෂා කරන්නම් ඔවුන්ගේම හමුදා බලකායන් තිබෙනවා, එහෙමනම් ඔබ එකිනෙකා ගැන සොයා බලන්නේ කුමකටද? "

ෂ්‍යාඕ චීයේ තම මාපටැඟිල්ල තද කර ගත් අතර, ඔහුගේ මාපටැඟිල්ලී මුද්ද හා හා මහපට ඇඟිල්ල අතර ප්‍රදේශයේ ඔහුගේ මුදුව සිරවී ගියේ ය.

"ඔබලා හැමෝම වෘකයන් සහ ව්‍යාඝ්‍රයන්."  ලී ජ්‍යන්හෙං ෂ්‍යාඕ චීයේ වෙත ඇඟිල්ල දිගු කළේය.  “ඔබේ මිනිසුන් ඔබේ මනස චූදු තුළ සිර කළා!  මම ඔබ වෙනුවෙන් හඬ නැගුවා පමණක් නෙමෙයි , ඔබ ඔබේ සැබෑ ස්වරූපය පෙන්නුවා!  හමුදාමය බලවතුන් එකිනෙකා සමඟ කල්ලි ගැසෙනවා , ෂ්‍යාඕ වංශයට ලූ වංශය වගේ එකම කන්ඩායමක ඉන්න අවශ්‍ය වෙනවා. එතකොට ඊළඟට මොනවද වෙන්නේ?  මට කියන්න, ඔබ මොනවා කරන්නද යන්නේ?! ”

ෂ්‍යාඕ චීයේ හදිසියේම මඳක් අඩපණ ව ගියේ ය.  ඔහු හොඳින් ගොඩනඟන ලද ශක්තිමත් ශරීරයක් තිබුණු අතර, මේ ආකාරයෙන් එක් දණහිසකින් දණ ගසා සිටීමෙන් ඔහු ප්‍රහාරයකට ගොදුරු වීමට සූදානම්ව සිටින හදුන් දිවියෙක් මෙන් පෙනෙන්නට විය.  ලී ජ්‍යන්හෙං වහාම පියවර කිහිපයක් පසුපසට ගෙන ඔහු දෙස බැලුවේ දැඩි ලෙස වෙව්ලමිනි.

“—අනිවාර්යෙන් ඒ බ්‍යැන්ෂ්‍යා සේනාංක තමයි!” ලී ජ්‍යන්හෙං දෙස බලද්දී ෂ්‍ය්‍යාඕ චීයේ ගේ මුහූණ බිය ජනක විය.

වසර හයකට පෙර, චොංබෞ හමුදා පරාජය වූ විට, මගේ වැඩිමහල් සහෝදරයා අධිරාජ්‍යයා බේරා ගන්න රාත්‍රිය පුරා නොනවත්වා ගමන් කළේය.  සීචෞ හි එම සටන කොතරම් භයානකද!  මේ අතර, ලූ ගුඅන්බායි වටලෑම බිඳ දැමීමට පෙර ඔහුගේ හෙල්ලය හස්තයෙනුත් සහ ඔහුගේ මුඛයේන් කිනිස්සත් අල්ලාගෙන රාත්‍රී තුනක් සටන් කළා.  ඔහු චූදු  අසීරු තත්ත්වයෙන් මුදවගන්න විවේක ගැනීමටවත් නොනැවතී වහාම චූදු වලට පැමිණියා.  අධිරාජ්‍යයාණෝ අද ප්‍රකාශ කර තිබෙන සෑම දෙයක්ම ෂ්‍යාඕ සහ ලූ වංශවල පක්ෂපාතිත්වයට අපහාසයක්.  ඒක හරි, මම අද උතුම් නිලය නොපිළිගන්න හේතුව ලූ පිංයන් තමයි, නමුත් ඊටත් වඩා වටින්නේ දේශසීමාවේ විවිධ සෙන්පතියන්ගේ නොසැලෙන පක්ෂපාතිත්වය.  කිසිම දෙයකට නොගැලපෙන ෂ්‍යාඕ ස'අන්, මට මගේ ජීවිතය සහ මරණය ගැන කරදර නොවී, යුද්ධයට යාම ගැන ආතතියකින් තොරව මේ චූදු තුළ ජීවත් වීමට හැකි වුනේ අධිරාජ්‍යයාගේ  කරුණාව නිසායි.  මට මෙයින් උසස් හා බලසම්පන්න වංශාධිපති කෙනෙකු වෙන්න පවා හැකි නම්, මායිම්වල තවමත් දුෂ්කරතා විඳිමින් සිටින අණදෙන නිළදාරී චී සහ සේනාධිපති ලූ කුමක් සිතාවි ද? ”

"මෙච්චර දේවල් පැවසුවට පස්සේත් ඔබ ඒක කරන්නේ ඔබගෙම අපිරිසිදු කීර්තිය වෙනුවෙන්!"

ෂ්‍යාඕ චීයේ ගේ වචන ස්ථීර සහ ඝෝෂාකාරී විය.  “මගේ ජීවිතය නිෂ්ඵල යි, නමුත් අපේ සමෘද්ධිමත් දේශයේ පාලකයා ඔබතුමායි.  මේ කුඩා දායකත්වය වෙනුවෙන් ඔබ මට ත්‍යාග පිරිනමනවා නම් සහ එය අවසානයේ ඔබතුමා සහ සේනාධිපකිවරුන්ගේ පක්ෂපාතිත්වය හීන කරනවා නම්, වැඩි වැඩියෙන් අහිමි වන්නේ කාටද?  අධිරාජ්‍යයාට ද මට ද?”

ලී ජ්‍යන්හෙං දෙගිඩියාවෙන් හා සැකයෙන් බලා සිටියේය.

ෂ්‍යාඕ චීයේ මෙයට ඉඩ දීම ප්‍රතික්ෂේප කර දිගටම පවසාගෙන ගියේය.  “මෙය ඇත්තටම මම ලූ වංශය සමඟ හවුල් වෙන්න ඉදිරිපත් කළ සංදර්ශනයක් නම්, මහලේකම් කාර්යාලයේ වැඩිහිටි හායි ඔබතුමාට ඒත්තු ගන්වන්න මෙතරම් උත්සාහ කළේ ඇයි?  මහරජතුමනි, ඔබ මාව විශ්වාස කරන්නේ නැහැ, නමුත් දිවංගත අධිරාජ්‍යයා පත් කළ සහ තුන් වතාවක් අධිරාජ්‍යයා බේරා ගැනීමට පැමිණි හායි ලියැංයී ඔබ විශ්වාස කරන්නේ නැද්ද?  ඔබතුමා නැවත නැවතත් අනතුරට හා අවාසනාවට මුහුණ ​දී තියෙනවා , එත් ඒ වහාම, ඔබ අසමානුපාතික ලෙස ත්‍යාග ලබා දෙනවා.  අධිරාජ්‍යයාව පොළඹවන සහ අනුබල දෙන කවුරුන් වුනත් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න ඕනේ! ”

ලී ජ්‍යන්හෙං එක්වරටම පියවි සිහියට පැමිණියාක් මෙන් පවසන්නට විය.  ඔහු පසුබැස, ආධාර වෙන්නට එහි වූ කණුව අල්ලාගත්තේ ය, “නමුත් අධිරාජ්‍ය ආඥාව දැනටමත් නිකුත් කර තිබෙනවා...”

අධිරාජ්‍යයාණෝ නව පාලනයක සහ අධිරාජ්‍ය අධිකරණයක පරමාධිපත්‍ය වෙනවා.  ඊට පෙර රාජ්‍ය ශෝක කාලය තුළ ත්‍යාග පිරිනැමීම නුසුදුසු යි.  නමුත් දැන් වසන්ත සීසෑම සහ පරීක්ෂාව යන මහා අධිරාජ්‍ය කටයුතු දෙක ක්‍රියාත්මක වෙමින් පවතින නිසා, ලෝකයට පොදු සමාවක් ප්‍රකාශ කිරීමේ අවස්ථාව ප්‍රයෝජනයට නොගෙන යුද අමාත්‍යාංශයේ කුසලතා ඇගයීමට අනුව දේශසීමාවේ සිටින විවිධ ජෙනරාල්වරුන්ට ත්‍යාග ලබා නොදෙන්නේ ඇයි?  ලූ පිංයන් බියන්ෂා හි වංශාධිපති තනතුරට උසස් කරන්න පමණයි අවසර හිමි නොවෙන්නේ.  බියන්ජුන් ආඥාපති කාර්යාලයේදී ලූ වංශයේ ගේ වැඩිම සතුරු ඝාතන සංඛ්‍යාවේ පදනම මත, ඔවුන්ට නැවත හමුදා ප්‍රතිපාදන වැඩි කිරීමකින් ත්‍යාග පිරිනැමිය හැකියි - ජුඒෂී පසුගිය වසරේ විශිෂ්ට අස්වැන්නක් ලබා ගත්තා , ඔවුන්ගේ ධාන්‍යාගාර පිරී ඉතිරී ගිහින්.  මෙමගින් රාජ්‍ය භාණ්ඩාගාරයේ මුදල් ත්‍යාග ලබා දීම සඳහා වන අතිරේක වියදම් කපා හැරීම පමණක් නෙමෙයි, බ්‍යැන්ජුන් අණදෙන සේනාංකයේ දැඩි අවශ්‍යතාවලින් මිදේවි.  පැරණි අණදෙන නිළදාරි චී ගේ විවාහ මංගල්‍යය ඉතා ඉක්මනින් ළඟා වෙමින් තියෙනවා.  මහරජතුමනි, ඔබ තෙවැනි හුආ ආර්යාවට අණදෙන කුමරිය යන පදවි නාමය ද පිරිනැමුවොත්, එවිට ඔබ චීදොංහි කීර්තිය ඉහළ නංවාවි.”  ෂ්‍යාඕ චීයේ ගේ වචන අවංක වූ අතර ඔහුගේ බැල්ම අවංක විය.  “ඔබ මහා අධිරාජ්‍යයක පරමාධිපත්‍යය, ලෝකය යටතේ සිටින සියල්ලන්ගේම පොදු පාලකයා ඔබයි.  ඔබ මෙතරම් කරුණාව සහ අනුග්‍රහය ලබා දුන් විට තවමත් අතෘප්තියක් ඇති කරගන්නේ කවුද? ”

ෂියන්දේ අධිරාජ්‍යයා සිංහාසනයට පත් වූ විට, ඔහු වෙනුවෙන් තීරණ ගනු ලැබුවේ වැන්දඹු අධිරාජිනිය වන අතර, ප්‍රතිඵලයක් ලෙස, ඔහුගේ පාලන කාලය තුළ මෙතරම් විශාල ප්‍රබෝධයක් ඇති කරන්නට ඔහුට තිබූ අවස්ථාව ඔහුට අහිමි විය.  දැන් ලී ජ්‍යන්හෙංට වඩාත්ම වැදගත් ප්‍රශ්නය වූයේ තමන් අධිරාජ්‍යයෙකු බව ඔප්පු කර ගැනීමයි.  ඔහු සැක සහිත වූ අතර වෙනත් කෙනෙකුගේ උසිගැන්වීම්වලට ප්‍රතිචාර දැක්වූයේ ඔහු තම තනතුරට නුසුදුසු යැයි ප්‍රකාශ කරනු ඇතැයි යන බිය නිසා පමණකි.  ෂ්‍යාඕ චීයේ ගේ වචන ඔහුගේ  බොත්තම් සියල්ලම තල්ලු කර දමන්නට සමත් විය!

හොඳයි...” ඔහුගේ මුහුණ ප්‍රීතියෙන් බැබළුණු අතර, ලී ජ්‍යන්හෙං නැවතත් ෂ්‍යාඕ චීයේ දෙසට ගමන් කරමින් පහළට පැමිණියේය.  “හොඳයි!  'අන්, ඉක්මනින් නැගිටින්න. බිම මත හුඟක් සීතලයි! ”

පහළ දණින් වැටී සිටි ෆුමන් පුදුමයෙන් සවන් දුන්නේය.  පැය කිහිපයකින් ෂ්‍යාඕ චීයේ ට ප්‍රතිප්‍රහාරයකට මුහුණ දී අර්බුදය මඟහරවා ගැනීමට අවස්ථාව ලබා ගත හැකි වනු ඇතැයි සිතුවේ කවුද?  ලී ජ්‍යන්හෙං ගේ ස්වභාවය සහ මානසිකත්වය පිළිබඳ දැඩි අවබෝධයක් නොතිබුනේ නම්, ඔහුට කිසි විටෙකත් එකම පහරකින් ඉලක්කයට නිවැරදිව පහර දීමට නොහැකි වනු ඇත.

ඔහු සිතන තරමට, ඔහු වඩාත් උද්‍යෝගිමත් විය.

ඔහු දෙවන තරුණ ස්වාමියාට ඔහුගේ පංගුව විසි කළහොත් ඔහුට බලාපොරොත්තුවක් තිබෙනු නොඅනුමානය!

**අරුත් පැහැදිලි කිරීම**

1. ) නැවත මතක් කිරීම සඳහා : ලූ පිංයන් ගේ දියණීය ෂ්‍යාඕ ෆංෂූ ගේ ලේලිය වෙයි, ෂ්‍යාඕ ජීමිං ගේ බිරිඳ, ලූ යීජී.

2. චෞ හෝරාව, පෙර කාලයේදී පැය දොළොසේ කාල වකවානු ද්විත්වයකට කාලය ගණනය කර තිබුණි.

මේ අළුයම 1.00ත් 3.00ත් අතර කාල පරිච්ජේදය හදුන්වන්නට යොදා ගන්නා හැදුනුමකි.

Translator Note

මම පෙරදී ආණ්ඩුකාරධිපති සෙනෙවිතුමා සෙනෙවිතුමා ලෙස ෂ්‍යාඕ චීයේ ගේ වත්මන් තනතුර සදහන් කර තිබුණත් එහි English වචනය

Viceroy යන නාමයේ අර්ථය සිංහල බසින් ගත් විට ආණ්ඩුකාරධිපති සෙනෙවිතුමා යන අර්ථය ගනියි. පෙ​ර කාලයේ ආණ්ඩුකාරධිපති සෙනෙවිතුමා යනු රජුගේ පෞද්ගලික කටයුතු ආදිය සිදු කළ පුද්ගලයෙකි.

නමුත් මෙහි , සුරා නිමන්ත්‍රණයේ දී චීන බසෙහි එය සඳහන් වන්නේ The Govener නොහෝත් ආණ්ඩුකාරයා ලෙසයි. මේ කතාංගයේදී බොහෝ විට තනතුරේ ප්‍රභලත්වය නිරුපණය කිරීම වැදගත්ම අංගයක් වෙයි.

මෙහි ෂ්‍යාඕ චීයේ සතුව රාජකීය හමුදාව , ලීබෙයි සන්නාහ සන්නද්ධ අශ්වාරෝහක සේනාංකය හා රාත්‍රී මුර සංචාර පවතියි. එපමණක් නොව ඔහු රාජකීය අධිකරණයේ හතරවැනි ශ්‍රේණියේ අමාත්‍ය තනතුරක් ද හොබවයි. මේ සියළු දෑ ආණ්ඩුකාරාධිපති යන තනතුර ට හිමිය. එමනිසා ඔහුගේ තනතුර අද ප​ටන් ආණ්ඩුකාරධිපති සෙනෙවිතුමා සෙනෙවිතුමා නොව  " ආණ්කාරාධිපති සෙනෙවිතුමා" යන බව සිහියේ තබාගන්න. මෙම වචනය ඇති වෙනත් ස්ථාන මම ඉදිරියේදී නිවැරදි කරන්නම්.

ස්තූතියි ❤️




Comments

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-