ෂී හොංෂුආන් එය කෙතරම් විශ්වාසයෙන් යුතුව පැවසුවේ ද යත් ශෙන් ස'චුආන්ට ඔහු දෙස විමසිලිමත් ආකාරයෙන් බලන්නට සිදුව තිබුණේ ය. නමුත් ෂී හොංෂුආන් තුළ තව දුරටත් සාකච්ජා කරන්නට කැමැත්තක් නොවු අතර ඔහු පැවසුවේ මෙපමණකි, "ඔබට දැන් නවතින්න සුදුසු ස්ථානයකුත් නැහැ , ඉතිං ඒ නිසා චී හුයිලියන්ව ළඟ තබා ගන්න එකත් පහසු නැහැ . ඇයි ඔහුව මා එක්ක තියන්නේ නැත්තේ?"
"ඔබේ තැනක ඔහු වගේ පිස්සෙක්ව තබන එකත් සුදුසු නැහැ." ශෙන් ස'චුආන් සන්සුන්ව පැවසුවේ ය. "ඔබට ඔහුව අවශ්‍ය කුමකටද?"
"මගේ මතය අනුව නම්." ශී හොංෂුආන් තම අත්ල මත අනෙක් හස්තය තලයක් සේ ඇදගෙන ගියේ ය. "හොදම විකල්පය තමයි ඔහුව අවසන් කරලා දමන එක. හැම පැරණි සම්බන්ධයකටම ඔබව ගාවගන්න එක ඒ තරම් සුදුසු නැහැ. ඔබ දැනගෙන ඉන්න තරමට , ඒකෙන් ඔබ අහපතක් වේවි." ෂී හොංෂුආන් තම දෑත් විහිදා ඔහු දෙස බැලුවේ ය. "එහෙමනැත්නම් , ඔබ එයට කැමති නැද්ද?"
ෂී හොංෂුආන් පවසන්නට විය, "ඇත්තටම මම එයට කැමති නැහැ. ඔහු යොංයී පාලන සමයේ සිටි පැරණි අමාත්‍යවරයෙක්. ඔහු ශෙන් වෙයි ව හොඳින් දන්නවා. ඔහුට ජීවත් වෙන්න දෙන එක මට ප්‍රයෝජනවත්."
ශෙන් ස'චුආන් එයට එක්වරම එකඟත්වය පළ කළේ නම්, ෂී හොංෂුආන් ඔහුව පහසුවෙන් විශ්වාස නොකරනු ඇත. ඒ නිසා ඔහු ෂී හොංෂුආන් ඉවතට කිරීම සඳහා සියයට හැත්තෑවක් සත්‍ය සහ සියයට තිහක් අසත්‍ය ලෙස පවසාලූයේ ය.
බලාපොරොත්තු වූ ලෙසම , ෂී හොංෂුආන් ඔහුව මරා දැමීම පිළිබඳ සඳහන් නොකළේ ය. ඔහු පැවසුවේ ය, "ඔබ තවමත් ශෙන් වෙයිගේ නඩුව විමර්ශනය කරන්න සිතනවාද? ඔබට කලින් කියන්න තිබුනා. ලන්ජෞ, මේ කාරණය මගෙන් වසන් කරන්න ඔබ ඔයතරම් දුර යන්න ඕනෙ ද? "
"මම ඒක ඔබෙන් සඟවලා තැබුවේ කවද්ද?" තේ පෝච්චිය ඔසවා ෂී හොංෂුආන් වෙනුවෙන් තේ වත් කරන විට ශෙන් ස'චුආන් සිනාසුණේය. "මේ කාරණය පැහැදිලි නැද්ද? ශෙන් වෙයි වැරදිකරු වෙලා සිටින තාක් කල්, මට කවදාවත් ගෞරවනීය විදිහට ජීවත් වෙන්න බැහැ."
"ඔහුට එරෙහි සාක්ෂි තීරණාත්මකයි වගේම ඔහුගේ අපකීර්තිමත් භාවය දැනටමත් සෑම කෙනෙකුගේම මනසෙ ගැඹුරින් කාවැදී තියෙනවා. ඔහුට එරෙහි චෝදනාව ඉවත් කළත් එය ජනතාවට ඒත්තු ගන්වන්න ප්‍රමාණවත් නොවේවි." ෂී හොංෂුආන් පැවසුවේ ය. "පෞද්ගලික කීර්තිය ලබා ගැනීම සඳහා තම රට විකිණීම වගේ අපරාධයක් ජීවිත කාලය පුරාම කොහොමටවත් පිරිසිදු කළ නොහැකි දෙයක්. ඊට අමතරව, රාජකීය අධිකරණයේ සමාව මත පමණක් විශ්වාසය තැබීම අර්ථ විරහිත යි. මේ ලෝකයේ විවිධ කටකතා තියෙනවා. ඔහු, ශෙන් වෙයිට දැනටමත් කෙළ ගසලා කුරුසියේ ඇණ ගහලා. ඔබ ගැන අනුකම්පා හිතෙනවා. මට ඔබට උපදෙස් දෙන්න පුළුවන් මේ කාරණය අමතක කරන්න කියලා විතරයි. එය ඔබට පැහැදිලි කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි! "
ශෙන් ස'චුආන් නිහඬව තේ පෝච්චිය මේසය මත තැබුවේ ය.
වායුගෝලය බරින් වැඩිවන බව හැගුණු ෂී හොංෂුආන් තවදුරටත් කියා සිටියේ ය, "ඔබ දැනටමත් පස්වන ශ්‍රේණියේ රාජකීය ආරක්ෂකයෙක්, ඔබ තවමත් ඒ කටකතායි අවලාදයි සිතට ගන්නවද? කරුණාකරලා එපා. ඉදිරිය බලන්න. ඔබ මේ මෙහෙයුමේ හොඳ කාර්යයක් කරලා තියෙනවා, ඒ නිසා ඔබට උසස්වීමක් ලැබෙන්න ඕනේ. එහෙම නේද?"
ශෙන් ස'චුආන් පවසන්නට විය, "තවම කිසිම දෙයක් තහවුරු වෙලා නැහැ. මම මගේ දක්ෂිණ විනිසුරු තනතුරවත් භාරගෙන නැහැ. ඉක්වරම ඉහළ මට්ටමකට යන එක ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි."
"මේ වතාවේ, ඔබයි මමයි දෙන්නම කල්පනාකාරීව කටයුතු කරන්න ඕනේ. අපි ඇත්තටම මේ වෙලාවේ ගනුදෙනු කරන්නේ ජීවිත එක්ක." ෂී හොංෂුආන් ඔහුගේ නරි ලොබ් නිසිලෙස පැළඳ පවසන්නට විය, "අපි මේ කාරණයේ පතුලටම විමර්ශනය කරන්න ඕනේ. අනෙත් පාර්ශවය අදුරේ සැගවෙලා ඉදිද්දි, අපි එළිමහනේ නිරාවරණය වෙලා ඉන්නවා. අපට කාරණයේ පහළට යන්න බැරි නම්, සතුරාගෙන් ආරක්ෂා වෙන්න දුෂ්කර වේවි. මම තමයි මේ වෙලාවේ තැළුණු කෙනා. නමුත් ඊළඟ වතාව ගැන මොනවා කියන්න ද? ඔබත් විමසිලිමත් වෙන්න ඕනේ. අද මෙහි වැඩි වේලාවක් ඉඳිම මට අපහසුයි. ලන්ජෞ, මම ඔබව දින කිහිපයකින් නිවසෙදි හමුවෙන්නම්."
එසේ කියමින් ෂී හොංෂුආන් නැඟිට වටපිටාව නැවත නිරීක්ෂණය කළේය.
"මේ මළුව මට පේනවිදිහට හරිම ශිෂ්ඨ සම්පන්නයි වගේ. ඔබට ප්‍රමාණවත් මුදල් නැති නම්, මට දන්වන්න. අද සිදුවුණ දේ හිතට ගන්න එපා හරිද?"
එසේ කියමින් ෂී හොංෂුආන් සිනහවක් පෑවේය. ශෙන් ස'චුආන් ද සිනාසුණේය. දෙදෙනාම සමාදාන විය, ඒ ඔවුන් අතර කිසිදු අමනාපයක් නොතිබුණාක් මෙන්, කලින් සිදු වූයේ ඔවුන් එකිනෙකා සමඟ අසුන් ගැසීමක් පමණක් මෙනි.
ච්‍යාඕ ත්‍යැන්යා ෂී හොංෂුආන්ව පිටත් කර යැවීය. ඔහු නැවත මිදුලට පැමිණි විගස ඔහු දුටුවේ තමාට පිටුපා ප්‍රධාන ශාලාවට මුහුණ ලා සිටින ශෙන් ස'චුආන් ය. ඔහු අත්පිස්නාවකින් දෑත් පිසදමමින් සිටියේය.
මළුවෙන් පිටත බැස යන හිරුගේ ආලෝකය වැදී , පිඹුරෙක් සහිත වූ ශෙන් ස'චුආන්ගේ වස්ත්‍රයට තද රතු පැහැයක් එක්කර තිබුණේ ය. ඔහුගේ මඳක් පහතට නැඹුරු වු ගෙල මාණික්‍යයක් සේ පැහැපත් වූයේ ය. ඔහුඒ පිරිසිදු, නොකැළැල්වූ ඇගිලි පිසදමන්නට විය, ඒවා පැහැදිලි ලෙසම පිරිසිඳු වී තිබුණ ද, ඔහු ඒවා පිළිකුල් කරන බවක් පෙනෙන්නට තිබිණි.
"ඔහු පිටවුණා ද?" ශෙන් ස'චුආන් හිස පසෙකට හරවා විමසුවේය.
"මම දැක්කා ඔහු අශ්ව කරත්තයට නගිනවා." ච්‍යාඔ ත්‍යැන්යා ශෙන් ස'චුආන්ට මදක් ඈතින් නතර විය. ඔහු ඉදිරියට නොගොස් පෑගී බිම වැටී තිබූ කොළයක් අහුලා ගැනීමට නැමී එය මොහොතක් සියුම්ව පරීක්ෂා කළේය. "ඔහු කුලියට ගත් හැම පුද්ගලයෙක්ම යුධ සහෝදරවරු, නමුත් සටනක් ඇති වුනේ නැහැ. බොහෝ දුරට , ජී ගැං ශීෆු ඔහුගේ ආරක්ෂාවට යටතේ ඉන්න ඇති , මහාමාත්‍යතුමා නම් විරුද්ධ වෙන්නේ නැතිව ඇති."
"ශීෆූ ඔහුගේ මුහුණ පුළුස්සාගෙන විකෘති කරගෙන ඉන්නේ, තමන්ගේ අනන්‍යතාවය අනිත් අයගෙන් සඟවගෙන ජීවත් වෙන්නයි. සටනකදී ඉක්මන් නොවීම ඥානවන්ත පියවරක්." ශෙන් ස'චුආන් නිල් පැහැති අත් ලේන්සුව පිළිවෙලට නවා දැමුවේ ය. " ශීෆූ ෂී හොංෂුආන්ගේ ළඟ වැඩි වෙලා තියන්න බැහැ. අපි මේකට ක්‍රමයක් එිතන්න ඕනේ."
ච්‍යාඕ ත්‍යැන්යා ඒ කොළය පොඩි කර දැමුවේ ශෙන් ස'චුආන්ගේ කල්පනාවට බාධාවක් නොවන අයුරිනි. ශෙන් ස'චුආන් හදිසියේම පිටුපසට හැරූණු අතර බැස යන හිරු රෂ්මියෙන් ඔහුව පුදුමයට පත් කළේ ය. නමුත් ඔහු එයින් සැගවෙන්නට හෝ මඟහරින්නට උත්සහ නොකළ අතර ඔහු ඒ තේජාන්විත කුළුණු සහිත මාළිගාව දෙස බලා හිදින්නට විය.
"නීත්‍යානූකූල ලේ සම්බන්ධයක්..." ශෙන් ස'චුආන් මුමුණමින් හිඳ ච්‍යාඔ ත්‍යැන්යාගෙන් අසන්නට විය. "එතැන ජීවත් වෙන්නේ කවුද?"
ච්‍යාඕ ත්‍යැන්යා ඔහුගේ බැල්ම පසුපස හඹා යමින් පවසන්නට විය, "ලී වංශය."
"නැහැ." සමච්චල් සහගත සිනහවකින් යුතුව පවසද්දී ඔහුගේ දෙනෙත් ශීතල හා උදාසීන ලෙස දිස්වූයේ ය, "ඒ මුවන්-ජෞ වලට ඔවුන්ගේ මුවන් අහිමි වුනොත්, වීරයන් සියල්ලන්ම එය හඹායනවා. (1.) අද, ඔබ පවසනවා ඒ ලී වංශය බව. හෙට, ඒ සිටින්නේ මාර්ගයේ ඉන්න අහඹු පුද්ගලයෙක් කියලත් මට පවසන්න පුළුවන්. මකර සිංහාසනයට නැගීය හැකි ඕනැම අයෙක් නීත්‍යානුකූල යුක්තිගරුක අයෙක් විය යුතුයි."
ච්‍යාඕ ත්‍යැන්යා තමා පිළිබඳව කැරළිකාර ද්‍රෝහී නොවන පුද්ගලයෙකු වීම පිළිබඳ ආඩම්බර වු නමුත් ඔහු ශෙන් ස'චුආන් එවැනි වදන් පවසන්නට නිර්භීත වනු ඇතැයි අපේක්ෂා නොකළේ ය. ඔහු පුදුමයෙන් යුතුව පියවර කිහිපයක් පසුපසට ගොස් මාළිගාව දෙස බැලුවේ ය. ඔහු පැවසුවේ ය. "මේ වගේ මුරණ්ඩු වදන් නීතියට ගරු නොකිරීම හා සමානයි" ඔහු පැවසීය.
"මේ ලෝකයේ අසංඛ්‍යාත මහත්වරුන් සිටින බව ඔබ දන්නවා, ඔවුන් සියල්ලෝම නොනැසී පවතින ස්ථාවරත්වය සහ නොසැලෙන පක්ෂපාතීත්වය සහිත යහපත් පුද්ගලයෝ." ශෙන් ස'චුආන් ලේන්සුව නැවත තම අත්වල තබාගෙන මෙසේ පවසන්නට විය, "බ්‍යැන්ෂා වලඅර්ල්වරයා, ලූ පිංයන්, 'මායිම් වූ නගරයේ වෘකයා සහ කොටියා' ලෙස විරුදාවලි ලබනවා. බියන්ජුන් ආඥාපතීන්ව ආරක්ෂා කරන්නත් සහ අල්ලා ගන්නත්, ඔහු තම පවුලේ සියලු ධනය වැය කරලා තියෙනවා. අධිරාජ්‍යයා විසින් පිරිනමන ලද උතුම් පදවිය තිබුනත් ඔහු දිනපතා අනුභව කරන්නේ අච්චාරු දමන ලද එළවළු සහ බතල පමණයි. ඊටත්පසු, යුද්ධයක් ඇති සෑම විටම ලු ගුඅන්බායි හමුදා අරමුදල් නිසා දැඩි පීඩනයකට ලක් වෙනවා. තවද ලූ ගුඅන්බායි අට මහා වංශ සමඟ හොඳ සබඳතාවයක නොසිටින නිසා, ඔහුගේ කොයිතරම් කැපී පෙනෙන සහ කීර්තිමත් යුධ ජයග්‍රහණ තිබුණත් ඔහුට කවදාවත් උතුම් පදවියක් පිරිනැමුවේ නැහැ. ඉතින් මට කියන්න, ඒ වගේ මහත්මයෙක් හා විශ්වාසවන්ත නිලධාරියෙකු වීම සතුටුදායක දෙයක් නෙමෙයි ද?"
"අපි තෘප්තිය ගැන කතා කරන්න කලින් ඔබ ඔබේ හෘද සාක්ෂියෙන් විමසලා ඉන්න. විවෘත සහ අවංක අමාත්‍යවරයෙක් වෙන්න නම් , ඔබට ඔබේ ආත්මාර්ථකාමී ආශාවන් අත්හරින්න වෙනවා. (2) සෞතියන් දුර්ගයේ ෆෙං යීෂෙන් ගේ මුළු පවුලම සටන්වලදී දිවි පිදූ පක්ෂපාතී විරුවන් වෙනවා. මේක අපි ධර්මිෂ්ඨභාවයේ සාරාංශය විදිහට සලකමු."
ශෙන් ස'චුආන් තුළ වූ මැඩපවත්නා සහගත උමතු භාවය නැවතත් ඔහුව වෙළාගන්නට විය. ඔහු නැගී සිට සිනහවෙන්නට විය, "ච්‍යාඕ ත්‍යැන්යා, ඔබ කොහොමටවත් සම්මතයෙන් බැහැර වුණ නීති උලුලංළණය කරන ආකාරයේ කෙනෙක් නෙමෙයි. ඔබ සම්මතය තුළ කොටුවී ඉන්න සිරකරුවෙක්. ඔබ ඇත්තටම මහත්මයෙක්."
ච්‍යාඕ ත්‍යැන්යා පවසන්නට විය, "ස්වාමීනි-"
ක්ෂිතිජයේ ඈතකින් හිරුගේ දීප්තිය මැකී ගිය අතර රාතුී අදුර මුළුමනින්ම වෙලා ගත්තේ ය. පෙයාර් ගසේ මැලවී ගිය අතු ඉවත් වි තිබුණු අතර භයංකාර ලෙස ශෙන් ස'චුආන්ගේ මුහුණමත සෙවණැලි ඇති කරන්නට සමත්ව තිබුණේ ය.
"නමුත්, මේ ලෝකයෙදි, කවුරුන්හරි ද්‍රෝහියා හෝ කරලිකරුවා වෙන්න ඕනේ. මම විශ්වාස කරන්නේ නැහැ ස්වර්ගය දෛවය තීරණය කරන බව. අනාගතයේ යම් දවසක මගේ ගෙල තලයක් එල්ල වුන්, ඒ ලී ජ්‍යන්හෙං වුනත්, ෂී හොංෂුආන් වුනත් මම අනුකම්පා කරන්නේ නැහැ. ෂී හොංෂුආන් කතා කරන නීත්‍යානුකූල ලෙය මෝඩයෙකුගේ විකාර රැවටීම්වලට වඩා වෙනස් වෙන්නේ නැහැ. ගෙල හරහා තලයකින් කැපූ විට ඕනෑම අයෙකු මිය යාවි ; යමෙක් නීත්‍යානුකූල භාර්යාවෙන් උපන් දී අකේ ද උපභාර්යාවකින් උපන් ෂූ අයෙක් ද කියන එක අදාළ නැහැ."
ශීතල, අඳුරු රාත්‍රියේ, කපුටන් සිය කෑගැසීම් සිදු කළේ විලාපයන් විලසිනි. ශෙන් ස'චුආන් ච්‍යාඕ ත්‍යැන්යා දෙස හැරී බැලුවේය.
"මගේ අභිලාෂය මහත්මයෙක් වීමවත් හොඳ පුද්ගලයෙක් වීමවත් නෙවෙයි. පළිගැනීම මා ජීවත් වන මූලධර්මය වී ඇති නිසා , මට දෙන කරුණාවට මම වැවතත් ගෙවනවා. අද සිදු වූ දෙයට ෂී හොංෂුආන් ඔහුගේ ජීවිතයෙන් වන්දි ගෙවන්නයි මට අවශ්‍ය."
සුළඟ විසිරුණු වලාකුළු පසෙකට කළ අකර අත්තේ කෙළවරේ ඉතිරි වූ කොළ ඉරා දැමුවේ ය.
◈ ◈ ◈
ප්‍රධාන නිරීක්ෂණ කාර්යාංශයේ දෝෂාභියෝග ඔවුන් වෙත ගලා ආවේය. ෂී හොංෂුආන්, පැන් ෂියන්ජිඒ, වෙයි හුඅයිෂින් සහ හායි ලියැංයී පවා එකින් එක වාරණයට ලක් විය. පාර්ශ්ව කිහිපයක් අධිරාජ්‍ය අධිකරණයේදී එකිනෙකාට ප්‍රති ප්‍රහාර එල්ල කරගනිද්දී සෙන් යූ ප්‍රධාන විචාරකයා ලෙස කටයුතු කළේය.
යන්තමින් අවධි වූ ලී ජ්‍යැන්හෙං මේ දිනවල බොහෝ දේ නොපැවසූ අතර ඔහු මිංලී ශාලාවේ උසාවිය පවත්වන විට ඔවුන්ට තමන් අතර තර්ක කරන්නට ඉඩ දුන්නේය.
හායි ලියැංයෘ වසංගතය ඇතිවීමට පෙර සිටම රෝගාතුරව සිටි අතර මෑතක සිට ඔහු වඩාත් කෙට්ටු ව තිබුණි. වරක් ඔහුට විවේක ගැනීමට මොහොතක් නොතිබූ අතර, දැන් වැඩ අමාත්‍යාංශය සහ ආදායම් අමාත්‍යාංශය නැවතත් වාදයක් පටන් ගත් විට ඇහුම්කන් දෙන අතරතුර ඔහුට දරුණු කාශයන් පිට වීම වළක්වා ගත නොහැකි විය.
ලී ජ්‍යැන්හෙං කඩිමුඩියේ පැවසුවේ ය, "ලේකම් වැඩිහිටියාණෙනි, නැගිටීන්න අවශ්‍ය නැහැ. ඔබට කියන්න යමක් ඇත්නම්, වාඩි වී සිටින අතරේම ඔබට එය පවසන්න පුළුවන්."
හායි ලියැංයී ඔහුගේ ස්තුතිය දක්වමින් හිස නමා ලේන්සුවකින් ඔහුගේ මුඛය වසා ගත්තේය. ඔහුගේ කැස්ස මඳක් අඩු වූ පසු ඔහු පවසන්නට විය. "මහ ලේකම් කාර්යාලය මේ වතාවේ ත්‍යාග සහ දඬුවම් සඳහා වන වගන්ති ඊයේ උතුමාණන්ගේ මේසයට ඉදිරිපත් කළා. එය පිරික්සීමෙන් පසු මහරජතුමාට යම් කොටසක් නුසුදුසු යැයි හැඟේනවා නම්, ඔබට එය ප්‍රතික්ෂේප කර එය නැවත සාකච්ඡා කරන්න මහා ලේකම් කාර්යාලයට ඉඩ දෙන්න පුළුවන්."
ලී ජ්‍යන්හෙං නොසැලකිලිමත් වූ අතර, හායි ලියැංයී මුලින් සිතුවේ ඔහු එය හඹා යනු ඇති බවයි. මොහොතක විරාමයකින් පසු ඔහු පැවසුවේ ය. "මම එය දුටුවා. මට නොතේරෙන සමහර කොටස් තියෙනවා. මගේ සැකය දුරු කර ගන්න ලේකම් කාර්යාලයේ වඅඩිහිටියගෙන් සහය පතන්න මම කැමතියි."
එම වදන් ඔහුගේ මුවින් පිටවන මොහොතේ මුළු නිලධාරී මඩුල්ලම ගොළු ව ගියේ ය.
ලී ජ්‍යන්හෙං ස්මාරකය විවෘත කරමින් පැවසුවේ, "රාජකීය හමුදාව පොදු වළවල් හෑරීමෙන් යහපත් සේවයක් සිදු කර තියෙනවා. ෂ්‍යාඕ චීයේ දැනටමත් රාජකීය හමුදාවේ දෙවන ශ්‍රේණියේ ආණ්ඩුකාරධිපති සෙනෙවිතුමා සෙනෙවිවරයෙක්. සමහර රත්‍රරන් සහ මැණික් වල ත්‍යාග හරිම ස්වල්පයයි."
හායි ලියැංයී පිළිතුරු දුන්නේ ය, "ෆෙං කන්දේ හමුදා අභ්‍යාස භූමිය මේ වසරේ පුළුල් කිරීමකට ලක්වෙමින් පවතිනවා , මුදල් සකස් කරන්නේ ආදායම් අමාත්‍යාංශය විසිනුයි. මේක මේ වසරේ ඔහුගේ ලොකුම වියදමක් බව පවසන්න පුළුවන්. මේ නිහතමානී විෂයට හැඟෙන්නේ ත්‍යාගය එතරම් විශාල නොවීය යුතු බවයි. මෙය ප්‍රමාණවත්."
ලී ජ්‍යන්හෙං පවසන්නට යිය, "නමුත් ඖෂධීය පැළෑටි යෙදවීම, රෝගීන් නිරෝධායනය කිරීම සහ පොදු වළවල් හෑරීම සුළු දෙයක් නෙමෙයි. ඔහු ඔවුන් සියල්ලත් එක්ක විශිෂ්ට කාර්යයක් ඉටු කරලා තියෙනවා. "
හායි ලියැංයී එය ගැන මෙනෙහි කරන්නට විය, "ඔහු හොඳ සේවයක් කර ඇති බව ඇත්ත. නමුත් මෙම කාරණා රාජකීය හමුදාවටට තමන්ටම කියා සාක්ෂාත් කරගත හැකි දෙයක් නෙමෙයි. ඔහු ඕනෑවට වඩා විශේෂ අනුග්‍රහයක් දක්වනවා නම්-"
"මට ඔහුගේ වංශවත් වදවිය ඉදිරියට ගෙනියන්න අවශ්‍යයි." ලී ජ්‍යන්හෙං ස්මාරකය වසා හායි ලියැංයී දෙස බැලීය. "ඔහු ලිබෙයි කුමරුගේ නීත්‍යානුකූල උපතේ දෙවැනි පුත්‍රයා ඔහු සටනට ගොස් සතුරන් මරා දැමුවා නම්, ඔහුට මේ වන විට උතුම් නාමයක් සහ පදවියක් තිබිය යුතුයි."
හායි ලියැංයී පිළිතුරු දෙන්නට හදීසි නොවුනේ ය.
ලී ජ්‍යන්හෙං පවසන්නට විය, "මම මගේ අසනීප ඇඳට සීමා වී සිටි දින කිහිපය තුළ මේ ගැටළු ගැන සිතුවා. මම ෂ්‍යාඕ චීයේ ට 'දිංදූ හී වංශාධිපති'(3.) යන පදවිය පිරිනමන්න කැමැතියි. ලේකම් කාර්යාලයේ වැඩිහිටියා මොකද හිතන්නේ?"
හායි ලියැංයී පවසන්නට විය, "මහරජතුමනි, ඔබ එසේ නොකළ යුතුයි. එය යුධ ජයග්‍රහණයක් නෙමෙයි නම්, කෙනෙකුට උතුම් පදවියක් පිරිනැමන්න බැහැ. ෂ්‍යාඕ චීයේ මෙවර විශිෂ්ට දායකත්වයක් ලබා දී ඇති බව ඇත්ත, එය ඔහුව වංශාධිපතියෙක් බවට පත් කළ හැකි ස්ථානයෙන් බොහෝ දුරයි. චීදොං හී බ්‍යැන්ජුන් ආඥාපති ලූ වංශය ඔවුන්ගේ නමට යුධ ජයග්‍රහණ රාශියක් අතිපත් කරගෙන තියෙනවා. එහෙත් දැනට බ්‍යැන්ෂා අර්ල්වර පදවිය පිරිනමලා තියෙන්නේ පැරණි ජෙනරාල් ලූ පිංයන් ට පමණයි. පළවෙනියට, ෂ්‍යාඕ චීයේ දේශසීමා ස්ථාවර කරලා නැහැ
වගේම , දෙවනුව, ඔහු සතුරන් පලවා හැරලත් නැහැ. ඔබ ඔහුව වංශාධිපත්යෙක් කළහොත් මහජනයාට ඒත්තු ගැන්වීම නිල් සඳක් පායනවාටත් වඩා දුෂ්කර වේවි කියලා මම බිය වෙනවා."
"මුල ඉදන් ම, ඔහු නන්ලින් දඩයම් පිටියේදී මාව ආරක්ෂා කරලා යපතක් කළා , ඔහු නැවතත්, මෙවර අනතුර හමුවේ කිසිදු බියක් දැක්වුවේ නැහැ. වසංගතය පැතිර නොගිය එක හොඳ දෙයක්. මේ කාරණය චූදු හි සාමය සහ ස්ථාවරත්වය ගැන සැලකිලිමත් වෙනවා; මෙය තවමත් යහපත් කාර්යයක් ලෙස සලකන්නේ නැද්ද? බ්‍යැන්ෂා හි අර්ල්වරයා, ලූ පිංයැන, බ්‍යැන්ජුන් අණදෙන සේනාංකයේ ආරක්ෂක භටයින් කිහිප වතාවක්ම පුද්ගලිකව මාරු කර තියෙනවා. ඔහුගේ උතුම් වංශවත් කියල නොදියුණු වෙන්න හේතුව ඔහුගේ යහපත් දෑ අයහපතෙන් ආවරණය වනනිසයි. අනෙත් අතට...." ලී ජ්‍යැන්හෙං කතා කරන විට ඔහුගේ දෑස් රතු විය. ඔහු මුහුණ වසාගෙන හඬන්නට විය. "මට කියන්න එපා මගේ ජීවිතය ගැනත් සඳහන් කරන්න වටින දෙයක් නැහැ කියලා? ඔහුට වාංශාධිපති යන පදවිය පිරිනැමීමේ අරමුණ ඔහුට ප්‍රශංසා කිරීම සහ ගෞරව කිරීම යි. රාජකීය හමුදාවේ සොල්දාදුවන්ගේ සංඛ්‍යාවේ වැඩි වීමක් සිදු නොවේවි, ඒවගේම පුද්ගලික අයිතිවාසිකම් ස්ථාපිත කිරීමක් සිදු නොවේවි. එය නමට පමණක් තියෙන මාතෘකාවක්. මෙය පිළිගත නොහැකි ද? "
වෙයි හුඅයිගු මුලින් අදහස් කළේ අවසරයකින් තොරව ඖෂධීය පැළෑටි පුද්ගලිකව යෙදවීම සම්බන්ධයෙන් ෂ්‍යාඕ චීයේ ට ට දෝෂාභියෝගයක් ගෙන ඒමටයි, නමුත් තත්වය ඔහුගේ අරමුණට හිතකර නොවන බව දුටු ඔහු තම අදහස වෙනස් කර, "මහරජතුමා සිතන දේ සාධාරණයි. අනතුරුදායක අවස්ථාවලදී ෂ්‍යාඕ චීයේ ගේ තීරණාත්මක බව සහ නිර්භීතකම අගය කළ යුතුයි වගේම ත්‍යාගය ලැබෙන්න ඕනේ. නමුත් ලේකම් කාර්යාලයේ වැඩිහිටියා කියන දේත් ඇත්ත. මේ නිහතමානී පුද්ගලයාගේ මතය අනුව, ෂ්‍යාඕ චියේට 'දිංදූ හි අර්ල්වරයා' යන පදවි නාමය මුලින්ම ලබා නොදෙන්නේ ඇයි?"
"නැහැ." හායි ලියැංයී නොසැලුණේ ය. "එසේ සිදු කිරිම කිසිසේත්ම තර්කානුකූල නැහැ. උතුමාණෙනි, ඔබ ෂ්‍යාඕ චියේට අද ගෞරව නාමයක් ප්‍රධානය කරනවානම්, එයින් ඔබ හම්සා මායිම් වල ඉන්න පැරණි ජෙනරාල්වරයා ව බෙහෙවින් කලකිරීමට පත් කරවාවි. ඔහුගේ නමට හමුදා ජයග්‍රහණ නැතිව උතුම් පදවියක් ප්‍රදානය කළ නොහැකි යන්න රාජකීය අධිකරණයේ ස්ථාපිත කළ රීතියක්. "
ලී ජ්‍යන්හෙං පැවසුවෙි ය, "එහෙනම් අපි ලූ පිංයන් ට වංශාධිපති තණතුරට උසස් කරලා , ෂ්‍යාඕ චීයේට අර්ල්වරයාගේ තනතුර ලබා දෙමු ද? ලේකම්තුමා මෙයටත් එකඟ නැද්ද?"
ඔහු ප්‍රදානය ගැන කතා කළේ එය ළමා ක්‍රීඩාවක් විලසට ය.
හායි ලියැංයී ගේ කාශය උත්සන්න විය. ඔහුට තවත් පවසන්නට අවශ්‍ය වූ නමුත් , පැන් ෂියන්ජිඒ ඔහුට පහර දුන්නේ ය. ඔහු කලබලකාරී ලෙස පැවසුවේ ය, "මේ නිහතමානි සේවකයා එය හොඳ දෙයක් කියලා හිතනවා. උතුමාණන් සිංහාසනාරෑඩ වීමෙන් පස්සෙ ලබාදෙන පලමු ප්‍රධානය මෙය වේව. ඒක විශේෂ ගෞරවයක්. මහලේකම් කාර්යාලයේ වැඩිහිටියා , එය විශේෂ ගෞරවයක්. මහලේකම් කාර්යාලයේ වැඩිමහල්ලෙක්, සෑම කාරණයක් සම්බන්ධයෙන්ම සම්මුතීන් සඳහා ඇලුම් කරන්නෙක් නොවෙන්න පුළුවන්. ඒත් දැන් ඔහු සැබවින්ම දායකත්වයක් ලබා දී ඇති නිසා, බැහැර කිරීමෙන් ඇති ඵලය කුමක් ද?"
උතුම් වංශයන් ඒකමතිකව ලී ජ්‍යංහෙන්ගෙන් ඉල්ලා සිටිනු දුටු කොං ච්‍යු ට ආචාර කර වැඳවැටීම වළක්වාගත නොහැකි විය. "මේ නිහතමානී පුද්ගලයා ලේකම් කාර්යාලයේ වැඩිහිටියා නිවැරදි බව හිතනවා. මහරජතුමනි, ලූ පිංයන් කරන්න බ්‍යැන්ජුන් සේනාංකය ආරක්ෂා කරන්න හැම දෙයක්ම කැම කර තියෙනවා. ඔහුට පදවි නාමයක් පිරිනැමිය යුතු වුනත් , එය එතරම් හදිසි හා අලස ලෙස සිදු නොකරන්න ඕනේ-"
"ඉක්මන්? මම නැවත නැවතත් මෙහි සිටින ඔබ හැමෝගෙම අදහස් විමසද්දිත් ඔබ තවමත් පවසන්නේ මම ඉක්මන් බවයි!" ලී ජ්‍යන්හෙං තම දෙපයින් නැඟිට, කොං ච්‍යු දෙසට ඇඟිල්ල දිගු කරමින් පවසන්නට විය, "මට පේනවා ඔබ හැම විටම අධිරාජ්‍ය උසාවියේදී ලේකම් කාර්යාලයේ වැඩිමහල්ලාගේ වචනවලට අනුව යන බව. අධිරාජ්‍යයා සහ ඔහුගේ අමාත්‍යවරු. ඇත්තටම ඔබේ අධිරාජ්‍යයා කවුද ඒවගේම ඔබ කාගේ අමාත්‍යවරයා ද?! "
විවිධ ඇමැතිවරු දණින් වැටෙමින් එකා වන්ව අහඬනගන්නට වූවෝ ය "අධිරාජ්‍යයාණෙනි , සංසිඳුවනු මැනවී"
කොං ච්‍යු වහාම පවසන්නට විය. "ඔබකුමා මේ නිහතමානි සේවකයාගේ පරමාධිපත්‍ය වගේම මේ නිහතමානි සේවකයා අධිරාජ්‍යයාගේ ඉල්ලීම් ඉටු කරන්න බැඳි සිටිනවා! නමුත් රෙගුලාසි මඟහැර ප්‍රදානය වෙනුවෙන් ඉදිරියට යාම ඇත්තෙන්ම නුසුදුසු යි!"
"මම ඔහුට තනතුරක් පිරිනමනවා!" ලී ජ්‍යන්හෙං හඬා වැළපෙමින් ම පවන්නට විය: "මට එකපිට එක විපතට මුහුණ දෙන සෑම අවස්ථාවකම, මට අනතුර වළක්වා ගෙන හානියකින් තොරව බේරීමට හැකි වූයේ ස'අන් ගේ උපකාරයෙන් විතරයි. මට ඔහුට පදවියක් දීමට අවශ්‍ය වූ විට පවා, ඔබලා මා ප්‍රතික්ෂේප කර මගේ ගමනට බාධා කරනවා! මේ අධිරාජ්‍ය උසාවියේ සියලු කාරණා සම්බන්ධයෙන් අවසාන තීරණය ඇත්තේ ලේකම් කාර්යාලයේ වැඩිහිටියාටයි, ඉතිං එහෙනම් ලේකම් කාර්යාලයේ වැඩිහිටියාට මේ සිංහාසනයේ අසුන් ගන්න ඉඩ නොදෙන්නේ ඇයි?! "
මේ වදන් වලින් ඇත්තෙන්ම පහර වැදුනේ හායි ලියැංයී ගේ වේදනාත්මකම ස්ථානයටය! ඔහුගේ දණහිස් දුබල ව ගිය අතර හායි ලියැංයී මුව වසාගෙන දරුණු ලෙස කාශය පිට කරන්නට විය. ඔහු කිසි දිනක උසාවියෙන් සහ අගනුවරෙන් පිටත නිලධාරීන් හමු නොවූ අතර ඔහු කිසි දිනක පෞද්ගලික භෝජන සංග්‍රහ පවත්වා නොකිබුණි. කුමන්ත්‍රණකාරී පිළකට එක් නොවීම වෙනුවෙන් ඔහු දිවා රෑ වෙහෙස මහන්සි වී වැඩ කළේය. ඒ වගේම ඔහු ලී ජ්‍යන්හෙං ට ඉගැන්වූයේත් , මඟ පෙන්වූයේත් ඉතාමත් සැලකිල්ලෙන් යුතුව ය, ඒ සියල්ලම ඔහුට අපහාස කිරීමටත් පිටට පිහියෙන් ඇනීමට බිය වූ බැවිනි. ඔහු විශ්වාසවන්තම ඇමතිවරයා, අධිරාජ්‍යයාගේ දකුණත් මිනිසෙක් මිස බලයේ සිටින කෑදර කුරිරු නිලධාරියෙක් නොවේ!
හායි ලියැංයී හති වැටෙන තුරු කහිනවා දුටු ලී ජ්‍යන්හෙං තවදුරටත් සංදර්ශනය කරන්නට නිර්භීත නොවූ අතර හායි ලියැංයීට නැගිටීමට උදව් කරන්නට කෙනෙකු ලබා ගත්තේය. කෙසේ වෙතත්, ඔහු තවමත් පවසන්නට විය, "මොනවා වුණත්, ෂ්‍යාඕ චීයේ ට තනතුරක් ලබා දෙනවා!"
මිංලී ශාලාවේ ඇති වූ කලබැගෑනියත් සමඟ දින කිහිපයකට පසු අධිරාජ්‍ය ආඥාව නිකුත් විය. තද නිල් පැහැ ගිගුරුම් හඬක් මෙන්, එය සංදේශයන් ගංගා රුල්ලක් ඇති කරන්නට සමත් විය.
ලු ගුඅන්බායි තම පියාව අධිරාජ්‍ය ආඥාව ලබා ගන්නට බ්‍යැන්ජුන් සේනාංකයට රැගෙනාවේ ය. ලු පිංයන් ව වංශවතුන්ගේ නිලයට උසස් කරන ලදී. ඔහු පවා ආඥාව ලබා ගනිද්දී ප්‍රතිචාර දක්වන්නේ කෙසේදැයි කරන්නේ කෙසේද යන්න ගැන සිතමින් සිටියේ ය.
ලූ වංශය මේ කහ පැහැ වැලි කතරේ තම මිනිසුන් පරම්පරාවෙන් පරම්පරාව වළලනු ලැබුවෝ ය. ඔහුගේ සමෘද්ධිමත් අවධියේදී ලූ පිංයන් හැඳින්වූයේ 'මායිම් නගරයේ වෘකයා සහ කොටියා' යනුවෙනි. ඔහු ෂ්‍යාඕ ෆංෂූ සහ චී ෂීයු සමඟ ඔහුගේ හමුදා සූරාකෑම් සඳහා ප්‍රසිද්ධ ව සිටියේ ය. දැන්, තුවාල හා අසනීපයෙන් සිටියේ ය. ඔහු උපදේශක තනතුරක් භාර ගැනීම වෙනුවෙන් ක්‍රියාකාරි රාජකාරියෙන් විශ්‍රාම ගැනීමට පෙර - අවසානයේ ඔහුට ඔහුගේ ත්‍යාගය ලැබී තිබුණි. එහෙත්, ඒ සියල්ල තරුණ පරම්පරාවේ කනිෂ්ඨයෙකුට මාර්ගය හෙළි කර දීම වෙනුවෙනි.
අධිරාජ්‍ය ආඥාව පැමිණීම ගැන අසෙන විට ෂ්‍යාඕ චියේ මුලින් නිදා සිටියේ ඔහුගේ නිවසේ ය. ඔහු තව වස්ත්‍ර විසි ලෙස පැළඳ එය පිළිගැනීමට පිටතට ආවේ ය.
අධිරාජ්‍ය ආඥාව කියවීමෙන් පසු, ෆුමන් සතුටින් යුතුව ඔහුට උදව් කිරීමට පෙලඹුණේ, ආඥාව ලබා ගන්නට කිසිදු අදහසක් නැති බව පෙනෙන සුදුමැලි පෙනුමක් ඇති ෂ්‍යාඕ චීයේ දුටු විටය.
- මේ තනතුර පිළි නොගත යුතු ය!
හායි ලියැංයී පවසපු දෙය සත්‍යකි. ඔහු, ෂ්‍යාඕ චීයේ, නැන්ලින් දඩයම් පිටියේදී අධිරාජ්‍යයා ආරක්ෂා කරමින් යහපත් සේවයක් කර ඇතත්, නවතම සිදුවීම්වල තීරණාත්මක කාර්යභාරයක් ඉටු කර ඇතත්, ඔහුගේ දායකත්වය දේශසීමා මායිමේ හිඳ සැබෑ ආයුධ සමඟ සටන් කිරීමෙන් ලබා ගත් දුෂ්කර හමුදා කුසලතා සමඟ සසඳද්දී තවමත් අඩු මට්ටමේ විය.
ලූ පිංයන් යනු කවරෙක් ද?
ඒ ඔහුගේ වැඩිහිටි පුද්ගලයා වන ෂ්‍යාඕ චීයේ සමඟ සහෝදර සබඳතා පැවැත්වූ පුද්ගලයායි!
දැන් ඔවුන් ලු පිංයන්ව අවමානයට පත් කර පාගා දමා ඔහුට, ෂ්‍යාඕ චියේ ට ඔහුගේ පදවි නාමය ප්‍රදානය කර ඇත. ෂ්‍යාඕ චියේට දේශසීමාවේ විවිධ හමුදා භට පිරිස්වල බලය භාර ගන්නට හැකි වන්නේ කෙසේද? ඔහු එය ජනතාවට ඒත්තු ගන්වන්නට සමත් වන්නේ කෙසේද? වඩාත්ම තීරණාත්මක දෙය නම්, එවිට ලූ වංශය සිතන්නේ කුමක්ද? ෂ්‍යාඕ සහ ලූ වංශයන්ට තවමත් සහෝදරයන් ලෙස සිටීය හැකිද?
දිංදූ, දිංදූ. මෙය චූදු වලදි ඔහුව ඇණ ගසා මරා දමන්නට පොර කනවාක් වැනි ය. ලී ජ්‍යන්හෙංට අසනීපයෙන් පසු මොළයට කුමන හෝ "විකාරයක්" සිදුවෙලාවත් ද?!
ෂ්‍යාඕ චීයේ ගේ කෝපය උත්සන්න විය. එපමණක්ද නොව, ඔහුට හොඳ නින්දක් නොලැබුණේ ය. ඔහු හරිහැටි නොඇඳ සිටි නිල ඇඳුම ඇදගනිමින් තම කෝපය යටපත් කරගනිමින් ප්‍රකාශයකින් තොරව මෙසේ පවසන්නට විය, "ඔබ ගොස්, ෂ්‍යාඕ ස'අන් එම පදවියට සුදුස්සෙකු නොවන බවත්, උතුමාණන්ගේ මේ අතිමහත් අනුග්‍රහය පිළිගන්න එඩිතර නොවන බවත්, පැවසූ බව උතුමාණන්ට වාර්තා කරන්න. ඔහු මේ ස්වර්ගයෙන් එවූ ගෞරවනීය නිළ නාමය පිළිගන්න එඩිතර නොවන බවත් පවසන්න. "
_______________________
අරුත් පැහැදිලි කිරීම
1.) මුල් උපුටා දැක්වීම | 周若失其鹿,天下群雄皆可逐之 |Zhōu ruò shī qí lù, tiānxià qúnxióng jiē kě zhú zhī | ජෞ රෞ ශි චී ලූ , ත්‍යැන්ෂ්‍යා චුන්ශ්‍යොං ජිඒ ක' ජූ චී
."ජෞ වලට ඔහුගේ මුවන් අහිමි වන්නේ නම් , ස්වර්ගයම ඒ පසු පස හඹා යනු ඇත" වංශාධිපතිවරුන් ගේ චරිතාපදානයේ සඳහන් වන පරිඳි මුවන් යනු සිංහාසනය සඳහා රූපකයකි. එය චිං රාජවංශය යේ අහිමි වූ අධිරාජ්‍යය ත්‍යාගය අල්ලා ගැනීම මෙන් ආධිපත්‍යය සඳහා තරඟ කරන බොහෝ ප්‍රතිවාදී යුධ නායකයින්ගේ නැගීම පිළිබඳ සඳහන් වූ නිදර්ශනයකි. ඉතින් ශෙන් ස'චුආන් පවසන ලෙසට දජෞ සිංහාසනය / අධිරාජ්‍යය මත තියෙන නීත්‍යානුකූල භාවය නොමැති වුවහොත් , ලෝකේ ඉන්න සියලුම වීරයන්ට ඒ වෙනුවෙන් නිදහස ලැබෙයි.
2.) යහපත උදෙසා (උදා: කණ්ඩායම හෝ රාජ්‍යය, ආදිය) ආත්ම පරිත්‍යාගය.
3.) 定都 (Ding Du) පළමුව ඇති අක්ෂරයෙන් අගනුවරත් (දිං) , සන්සුන් /ස්ථාවරත්වය (දූ) දෙවෙනි අක්ෂරයෙනුත් ගම්‍ය වෙයි. එහි අර්ථය නම්, ප්‍රතිෂ්ඨාපනය කිරීමට උපකාර කිරීම වෙනුවෙන් ඔහුට ගෞරව කරනවා යන්නයි.
__________________________
Cang_Yan ❤️
(නොතේරෙන තැනත් තිබ්බොත් ඇවිත් අහන්න. කියවන හැමෝටම ගොඩක් ස්තුතියි.)
Comments
Post a Comment