Skip to main content

හැට හත්වන පරිච්ජේදය : එකම කොට්ටය බෙදා ගැනීම.

   ක්ෂේත්‍ර පොත්, ක්ෂේත්‍ර සහ ගොවිබිම් වාර්තා කරන ලේඛනයක්


 

ශෙන් ස'චුආන් දුර්වල බැල්මක් සහිතව ෂ්‍යාඕ චීයේ ඔහුගේ හස්තය කැසීමකට ලක්වෙන තරම් තදින් අතුල්ලා දමන අයුරු බලා සිටියේ ය. ඔහු ෂ්‍යාඕ චීයේ දෙස බලා පවසන්නට විය, "... කටු අනිනවා."

"එයින් ස්පර්ශ කරද්දී සුව පහසු බවක් දැනෙන්නේ නැද්ද?" ෂ්‍යාඕ චීයේ ඇසුවේ ය.

ශෙන් ස'චුආන් පිළිතුරු දුන්නේ ය, "පහසුවක් දැනෙනවා."

දෙදෙනාම ඇත් ව සිටියේ කෙටි දුර පරකරයකිනි, නමුත් ඔවුනතර පරතරයක් නොමැතිවාක් සේ පෙනෙන්නට තිබුණි. ෂ්‍යාඕ චීයේ ගේ හිසකෙස් අවුල් ව තිබුණු අකර ඔහු අපිරිසිදු ද වූයේ ය. මේ දින කිහිපයේදී පිළිවෙලට සිටින්නට තරම් වෙලාවක් ඔහුට ලැ​බුණේ නැත. දැන්, ඔහු ශෙන් ස'චුආන් අසලට ළං වී , ඔහු ශෙන් ස'චුආන්ට තමාව ස්පර්ශ කරන්නට ඉඩ දුන් අතර තමා සිටියේ කුමන තත්වයේ ද යන්න ඔහු තැකීමක් නොකළේ ය.

චෙං යැන් දොර රෙද්ද අල්වාගත්තේ කාලය එළඹ ඇති බව සිතමිනි. ඔහුට අනෙකුන්ට ඇතුලට යන්න ඉඩ දෙන්නට අනැසි වූ නමුත් , නමුත් ඔහුට ෂ්‍යාඕ චීයේ ගේ විධානය නොඇසුණු නිසා , ඔහු මුරකරුවන් පිරිස සමඟ දොර අසල රැඳී සිටියේ ය. ඔවුන් සෑම කෙනෙකුම හිස් ප්‍රකාශයකින් අහස සහ පොළව දෙස බලා සිටියෝ ය.

"ඒක ස්පර්ශ කරන එකෙන් හොඳ බවක් දැනෙනවාද?" ෂ්‍යාඕ චීයේට සිනහා නොවී ඉන්නට නොහැකි විය.

"ඔව් ගොඩක්." ශෙන් ස'චුආන් ඔහුගේ දෙතොල් තද කර ෂ්‍යාඕ චීයේ ගේ සවනතට මිමිණුවේ ය. " ඒක හුගක් දැවිල්ලයි , එයින් මට රිදවනවා."

"වේදනාව දැනෙන්නේ කොහෙද?" ෂ්‍යාඕ චීයේ ඔහුගේ හිස ඇල කර ඔහුගේ නළලත ඔහුගේ හිසට තද කළේ ය.

ශෙන් ස'චුආන් ඔහු​ දෙස බැලුවේ මීදුමෙන් වැසෘගත් කඳු පන්තියක් දෙස බලා හිදිනවාක් වැනි දෑසකිනි. ඔහු ඒ දෑසට තව තවත් ආශා කළ අතර ෂ්‍යාඕ චීයේ සමග තම බැල්ම හුවමාරු කරගනිමින් ඔහු එය ​නිරාවරණය කළේ ය. ඔහුගේ දෑස් අඟ පවා රුදී තිබුනේ යාන්තමින් හඳුනාගත හැකි හැඟීම්වල කුඩා ඉඟියකි

ෂ්‍යාඕ චීයේ හදිසියේම ශෙන් ස'චුආන් ගේ දෑස් ආවරණය කළේය. මොහොතක විරාමයකින් පසු, ඔහු පැවසුවේ ය, "මේක මාව පොළඹවාගන්න සුදුසු වෙලාව නෙවෙයි නේද?"

ශෙන් ස'චුආන් කීවේ ය. "ඔබ මොනවද හිතන්නේ? මම ඔබ දිහා බලාගෙන ඉන්නවා විතරයි නේ."

"ඔබ බලන්න දෙන්න බැහැ." ෂ්‍යාඕ චීයේ පැවසුවේ ය, "අපි ආපසු ගියහම එය කරමු."

පිටත, චෙන් යැං කිහිපවරක් ම කහිමින් උගුරපාදමින් පවසන්නට විය, "ස්වාමියාණෙනි..."

ෂ්‍යාඕ චීයේ ඔහුගේ හස්තය ඉවත් කර නැගි සිටිමින් පවසන්නට විය. "ඇතුළට එන්න."

චෙන් යැං තිරය මෑත් කළ පසු , සියල්ලෝ එක පෙළට ඇතුළට පිවිසුනහ.

ශෙන් ස'චුආන් තමා වටා වූ උඩු කබාය ඇගලාගෙනම කොට්ටයට ​පිටදී සිටියේ ය. ඔහු ඖෂධ පානය කරන අතරේ, පසුගිය සිනවලසිදුවූ සිද්ධින් පිළිබද අවෙකුත් අය පවසන දේවල් වලට අැහුම්කන් දෙන්නට විය. ච්‍යාඕ ත්‍යැන්යා සිය කතාව පවසා අවසන. ඔහු යමක් පවසන්නට පෙර මද වේලාවක් මෙනෙහි කළේ ය. "එය නිවැරදියි. මේ නාරණය ගැන ආරම්භයේ ඉදන් අවසානය වෙනකල්ම සැක සහිත බවක් තියෙනවා.මම සැකකළා ඖහුආ මණ්ඩපයේ කඩා වැටීම අහම්බයක් නෙවෙයිදෝ කියලා , ඒත් දොංලොං වීදියේ පොදු කාණු වළවල් අවහිර කරලා ලැබුණු අවස්ථායෙන් ප්‍රයෝජන ගැනීම නම් හිතාමතාම කරපු ක්‍රියාවක්.

"අධිරාජ්‍යයා සිංහාසනයට පත්වෙලා දැනට වසර භාගයක් ගතවෙලා තියෙනවා. දැන් බොහෝ දේවල් සිදු කරන්න බලා ඉන්න , හැම කෙනෙකුටම විශාල විවේකයක් ගන්න කාලය ඇවිත්." ෂ්‍යාඕ චීයේ ඔහු අසල බංකුවේ අසුන් ගත්තේ ය. "ඔහුට මැරෙන්නට ඉඩ හරින්න පුළුවන් කාටද?"

ශෙන් ස'චුආන්ටද සිතාගත නොහැකි කාරණය වූයේ මෙයයි. ඔහු තම ඖෂධ පානය කර අවසන හිස් බදුන ච්‍යාඕ ත්‍යැන්යාට ලබා දුන්නේ ය , ඉන්පසු පවසන්නට විය, "අපිට නොහොමටවත් මාළිගයේ කරුණු ගැඹුරට සොයා බලන්න බැහැ. අපිට ඒක කරන්න අභ්‍යන්තරයෙන් සුදුසු පුද්ගලයෙක්ව අවශ්‍ය වෙනවා."

චාරිත්‍ර අධ්‍යක්‍ෂ මණ්ඩලයේ බුරුසු රඳවාගෙන සිටින අධ්‍යක්ෂ තනතුර පුරප්පාඩු වීම හොඳ දෙයක් නොවීය. ෂ්‍යාඕ චීයේ සහ ශෙන් ස'චුආන් යන දෙදෙනාටම මාලිගාවේ ප්‍රශ්නවලට මැදිහත් වෙන්නට නොහැකි විය. එය අධිරාජිනියගේ භූමිය විය. අනාගතයේදී එම තනතුරට පත්වන්නේ කවුරුන්ද යන්න පිළිබඳ අවසන් තීරණය ගනු ලබන්නේ ද වැන්දඹු අධිරාජිනියය ම ය. නමුත් එයද වෙන කිසිවකට වඩා යහපත් වූයේ නැත. ඔවුන් තුළ රෝපණය කරන ලද නියෝජිතයෙකු සිටියේ නම්, එය සම්පූර්ණයෙන්ම අන්ධයෙකු වීමට වඩා හොඳ වනු ඇත.

දැන් මේ කාරණය පිළිබඳ සිතමින් සිටි ශෙන් ස'චුආන් හදිසියේම ඔහුගෙන් විමසුවේ ය. " ඔබට මින් පෙර වතාවෙදී ෂියැං යුන්ව විමර්ශණය කරන්න වුවමනා වුනා. ඔබට ඒ පිළිබදව යමක් සොයා ගන්න ලැබුණ ද?"

ෂ්‍යාඕ චීයේ පවසන්නට විය. "මම කාර්යබහුල නිසා මට ඒක අමතක වුණා. ගු ජින්."

ගූ ජින් ඉදිරියට පැමිණ පවසන්නට විය, "මට වැදගත් තොරතුරු කිසිවක් ෂියන්යුන් වලව්වෙදි හමුවුනේ නැහැ. ෂියන්යුන් වලට ඉන්නේ අනුග්‍රාහකයෝ කිහිප දෙනෙක් විතරයි. මම ඔවුන් එ​කිනෙකාව පරික්ෂා කළා, ඔවුන් කාටවත් පසුගිය වකාව සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ ලියකියවිලි තිබුණේ නැහැ."

කෙසේ වූවද ශෙන් ස'චුආන්ට දැනෙන්නට වූයේ තමාට අතපසු වූ දෙයක් ඇති බවයි. මේ සිදුවීම් ඇතිවීමට හේතුවූයේ තිරය පිටුපස අයෙක් නොපෙනෙන ආකාරයෙන් හුය පට අදිනවාක් මෙනි. ඔවුන් අතර කිසියම් හේතු සහගත සම්බන්ධයක් තිබෙන්නට ඇත. ඔහු නැවතත් තම සිතිවිලි සමඟ අතරමං විය. ඒ අසනීපයෙන් මිදී සුවය ලැබූ නිසාදැයි නොදත් ඔහු කෙසේ සිතුවද එයට සම්බන්ධයක් සොයා ගන්නට ඔහු අපොහොසත් විය.

"අධිරාජ්‍යයා තවමත් ඉන්නේ සිහිසුන්වයි, ඔහුගේ වසංගත අසනීප තත්වයත් සම්පූර්ණයෙන් සුව වෙලා නැහැ. අපිට ඉතිරිවෙලා තියෙන්වේ තව දින කිහිපයයි; මේ වෙලාවේ අපිට මේ කාරණය ගැන හදීසි වෙන්න බැහැ." ෂ්‍යාඕ චීයේ කතා කරද්දී තම දෙඋර සහ අත් චලනය කළේ ය. "පොදු කාණු දැන් අවහිර​ වෙලා නැහැ.ඒ නිසා මේ දින කිහිපයේ හැමෝම විවේක ගන්න. මේ කාරණය කොහොමහරි විසඳෙවි. ඊළඟ අදියර වෙනුවෙන් අපේ ශක්තිය ඉතිරි කරගන්න එකයි දැන් වඩා වැදගත්."

මුරකරුවන් එකඟතාවය පළ කරමින් නිවසින් පිටතට ගියහ. ඔවුන් සියල්ලෝම ගිය පසු, ෂ්‍යාඕ චීයේ සයනයෙහි මුවවිට අසුන්ගෙන ඔහුගේ පාවහන් ගලවා දැමුවේ ය.

"ඔබට නම් ඔබේ නින්ද ලැබුණා, ඒත් මේ දෙවන තරුණ ස්වාමියා තවමත් ඒක දරාගෙන ඉන්නවා." ෂ්‍යාඕ චීයේ ශෙන් ස'චුආන් අසල වැතිරුණේ ය, "ළඟට එන්න. මගේ පොරොවනය වෙලා මාව ආවරණය කරන්න. "

ශෙන් ස'චුආන් ඔහුගේ හිසඅනෙක් පසට හරවා පවසන්නට විය, "ඔබේ එහා බස වැටී තියෙන උඩු කබාය පොරවගෙන නිදාගන්න.."

ෂ්‍යාඕ චීයේ සිය දෑස් වසාගත්තේ ය. ඔහු පවසන්නට විය, "ඔබම එය කරන්න."

ශෙන් ස'චුආන් ෂ්‍යාඕ චියේගේ ගෙලට යටින් කොට්ටය තැබුවේය. ෂ්‍යාඕ චීයේ දෑස් වසාගත් වතම ශෙන් ස"චුආන්ගේ හස්තය ඇදගන්නට තැන්කළේ ය. ඉන්පසු ඔහු ශෙන් ස'චුආන්ව තමා දෙසට ඇදගනිමින් ඔහුව වැළඳ ගත්තේය.

"හරිම කෙට්ටුයි." ෂ්‍යාඕ චීයේ ඔහුව ස්පර්ශ කළේය. "මම ඔබව බදාගත්තම ඔබේ ඇටකටු මගේ ශරීර​යට ඇනෙනවා වගේ දැනෙනවා . සරත් සමය පැමිණියම, ලිබෙයි වල කැලෑ ක්‍රීඩාත් මෙහි පැමිණේවි. ඒ ​කාලයෙදි නම් ඔබට ලබා ගන්න පුළුවන් හැම පෝෂ්‍යදායි දෙයක්ම අවශ්‍ය වේවි, ශීත කාලය වෙද්දී ඔබට තරබාරු වෙන්න පුළුවන්."

ෂ්‍යාඕ චීයේ ගේ හුස්ම ගැනීම තරමක් බර විය. නිදිබර ගතියක් දැනුණු ඔහු හිස හරවා නාසයේ තුඩ ශෙන් ස'චුආන්ගේ නළලතට තද කළේය. එවිට ඔහු අනිච්ජානුගතවම සිනහවක් පාමින් පවසන්නට විය. "... ඔබේ දෙවන තරුණ ස්වාමියා එක්ක ටික වේලාවක් නිදාගන්න."

ෂ්‍යාඕ චීයේ වෙහෙසට පත් විය. හුදකලා වෘකයෙකු තම පාදම වටා ඇවිදින සේ දිවා රෑ දෙකෙහිම අවදියෙන් සිටීමට ඔහුට සිදුවී තිබුණු අතර මේ දින කිහිපය තුළ ඔහුට දෑස් එක් මොහොතකට හෝ පියාගන්නට නොහැකි විය. ඔහු කෙතරම් ශාරීරිකව ශක්තිමත් වුවද, ඔහුගේ ශක්තිය හා ජවය අවසන් වන කාලයක් පැමිණේ. ශෙන් ස'චුආන් ඔහු මත සිටියේය. ෂ්‍යාඕ චීයේ මේ ස්කන්ධය අගනා බව සොයා ගත්තේය, ඔහු මත ඇති පීඩනය ඔහුට උණුසුම් සහ තෘප්තියක් ඇති කරවූයේ ය.

ෂ්‍යාඕ චීයේ ට මුලින් මඳ වේලාවක් නිදා ගන්නට පමණක් අවැසි වූ අතර, ඔහුට පසුගිය දින කිහිපය තුළ සිදු වූ ඖෂධීය පැළෑටි වියදම් සඳහා රාත්‍රියේදී නිසි ගණනය කිරීමක් කරන්න හැකි විය. නමුත් ඔහු පසුදා යින් (1.) පැයේ තුන්වන කාර්තුව දක්වා නිදා ගන්නා බව කවුද දැන සිටියේ? ඔහු අවදි වූ විට තවමත් නිද්‍රාශීලිව සිටි ඔහු අනෙක් පස හැරෙද්දී ශෙන් ස'චුආන්ගේ දෑත් අතරට සිරවූයේ ය.

ඔහුගේ මනස හදිසියේම නිරවුල් වීමට පෙර ෂ්‍යාඕ චීයේ මොහොතකට ත්‍රස්තව හිදියේ ය. ඔහු තමා පිළිබදවම මෙවෙහි කළේ ය. ඊයේ රාත්‍රියේ ඔහුගේ හිස කොට්ටයෙන් ගිලිහී ගොස් ඇති බවත්, ඔහු රාත්‍රියේ අවසාන භාගයේදී ශෙන් ස'චුආන්ගේ හස්තය මත වැතිර සිටි බවත් පෙනෙන්නට තිබුණි. ශෙන් ස'චුආන් කොට්ටය මත හිස තබාගෙන ඔහුගේ පැත්තට හැරී සිටි අතර ඔහුගේ අනෙක් හස්තය උඩ කබාය උඩින් ඇද ඔහුව ආවරණය කර කිබුණි. මෙය ආරක්ෂිත වැළඳ ගැනීමකට සමාන ඉරියව්වක් විය.

තවමත් හිරු එළිය වැටී තිබු​ණේ නැත. නුටිය අදුරේ ගිලී තිබුණි.

ෂ්‍යාඕ චියේ නැවතත් කොට්ටය මතට වැටී ශෙන් ස'චුආන්ව මුහුණට මුහුණ හමු වන සේ වැළඳගත්තේ ය. උඩ කබාය ඔවුන් දෙදෙනාම ආවරණය කළේ ය. ඔහු හඬ නැගෙන සේ ඇසුවේ ය "මම නිසා ඔබේ අත හිරිවැටුණාද?"

අර්ධව අවදිව සිටි ශෙන් ස'චුආන්, "හ්ම්" යැයි ස්ථිර ලෙස පිට කළේය.

ෂ්‍යාඕ චීයේ ශෙන් ස'චුආන්ගේ ගේ මෘදු බාහුව පිරිමදිමින් කීවේ ය, "ඔබට මට කතා කරන්න බැරිද?"

උණුසුම් ව සිටි ශෙන් ස'චුආන් පැවසුවේ ය, "ෂ්‍යාඕ'එර්..."

ෂ්‍යාඕ චියේ, "හ්ම්?"

ශෙන් ස'චුආන් දෑස් හැරඔහු දෙස බලා පවසන්වට විය, "ඔබ නින්දෙදි ශෙන් ලන්චෞ කියනවා මට ඇහුණා."

​ෂ්‍යාඕ චීයේ සිනහවෙමින් තම හඬ මදක් අඩු කරමින් පවසන්නට විය , "දිවා කාලයේ මට සිතෙන දේ ගැන තමයි සිහින දකින්නේ."

ඔවුන් දෙදෙනාම එකිනෙකාට ඉතා සමීප විය. ශෙන් ස'චුආන් ඔහු දෙස බැලූ ආකාරයට ෂ්‍යාඕ චීයේ ගේ ශරීරය සහ හදවත උණුසුම් විය. ප්‍රමාණවත් තරම් නිදා ගැනීමෙන් ඔහුගේ මෑතදී නැවත ආරෝපණය වූ ශක්තිය අහස උසට නැඟී ගියේ ය. ඔහුට ​ශෙන් ස'චුආන්ට සමච්චල් කරන්නට අවශ්‍ය වූ නමුත් ඒ සමඟම ඔහුට අවශ්‍ය වූයේ ශෙන් ස'චුආන්ට නිදා ගැනීමට ඉඩ දෙන්නටය.

කිසියම් අහඹු කුරුල්ලෙක් නිහඩ රාත්‍රිය පුරා දෝංකාර ඇති කරවමින් එළිමහනේ හඬමින් සිටියේය.

ෂ්‍යාඕ චීයේ ඇසුවේ ය., "ඔබ කලින් ෂියැන්යුන් ගැන අහපු හේතුව ඔබ යමක් සිතපු නිසාද?"

ශෙන් ස'චුආන් පැවසුවේ ය "මු රූ කොහේ අයෙක් ද? ඇය හිටපු අධිරාජ්‍යයා මිල දී ගත් දැරියක් ද?

"ඇය එහි පහළ පිහිටි නින්දගමකින් උතුමාණන්ට දුන් උපන්දින තෑග්ගක්." ​ෂ්‍යාඕ චීයේ ශෙන් ස'චුආන් වටා ඔහුගේ දෑත් ඔතා ගත්තේය. "මුලදී ඇයව තබාගෙන සිටියේ මැදුරේයි. ඇයව පුහුණු කරන්න පමණක් විශාල උත්සාහයක් දරන්න සිදු වුණා. ඇය ජින්චෙන් නගරයේ උපන් තැනැත්තියක් බව මම ඇගේ උපත් ස්ථානය ලියාපදිංචි ලේඛනයේ දුටුවා. ඔබ හිතන්නේ ඒ ඇය කියලද?"

"ඝාතන තැත නිසා අධිරාජ්‍යයා නපුංසකයන්ව සම්පූර්ණයෙන්ම පිළිකුල් කළා. ෂුඅන්ලූ ට පසු ඔහු සමීපව ඇසුරු කරන නපුංසකයෙක් කිසි දිනෙක ඉදලා නැයැ. සාමාන්‍යයෙන් ඔහු දෙස බලා සිටින මාලිගාවේ සේවිකාවන් සියල්ලෝම ප්‍රවේශමෙන් තෝරාගත් අයයි. ඔහුට මාලිගාවෙන් පිටතට යන්න උදව් කළ හැකි එකම පුද්ගලයා මු රූ පමණයි" ඔහු කතා කරන විට ශෙන් ස'චුආන් නැවතත් ඔහුගේ සිතුවිලි වල ගිලී ගියේය. "ඒ ඇය නම්, හේතුවක් තියෙන්න ඕනෙ... ඇයට දැනට රාජ්‍ය උරුමකරුවෙක් නැහැ. ඇයට ජීවත් විය හැක්කේ අධිරාජ්‍යයා ජීවත්ව සිටියහොත් විතරයි. ඒ නිසා ඇය අන් සියල්ලන්ට වඩා උතුමාණන්ගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න ඕනේ."

"ඒක තමයි ප්‍රශ්නය." ෂ්‍යාඕ චීයේ පැවසීය. "ඒවගේ යෝජනා ක්‍රමයක් ඉවත් කළ හැකි තැනැත්තා එ්ක හොඳින් සිතා බලන්න ඕනේ. හේතුවක් තියෙන්න ඕනේ. අභාවප්‍රාප්ත අධිරාජ්‍යයාගේ හදිසි මරණය සහ හුආ වංශය බලය බිඳ වැටීම නිසා හුදෙක් වුෂා හිස්වැසුම් කිහිපයක් ඉවත් වීම නිසා සිදුවුනේ සුළුපටු හානියක් නෙමෙයි. එය දජෞ වල විවිධ ඉඩම්වල තත්ව විධිවිධානවලට පවා බලපෑවා. පසුගිය මාස හය තුළ, හායි ලියැංයී වංශවත් නිකායන් සමඟ මුහුණදෙද්දි එකතැන සිටියා වගේම තත්වය ස්ථාවර කරන්න සමත්වුනේ යන්තමින්. වත්මන් අධිරාජ්‍යයාට දැන් අවාසනාවන්ත විපතක් සිදුවුවහොත් එයින් කිසිවකුට ප්‍රයෝජනයක් නොවේවි.''

"අපිට උතුමාණන් අවදි වෙනකල් බලාගෙන ඉන්න වෙනවා අපිට තව දැනගන්න අවශ්‍ය නම්." ශෙන් ස'චුආන් පැවසුවේ ය.

"වැඩ අමාත්‍යාංශය මේ පාරත් ලිස්සලා ගියා. පැන් ෂියන්ජිඒ ට වරදින් නිදහස් වෙන්න අපහසු වේවි. ඔහු නියත වශයෙන්ම වාරණයට ලක් කර විමර්ශනය කරන්න රඳවා ගනීවි. වැඩ අමාත්‍යාංශයේ රජයේ ලිපිකරු ලියං කුයිෂන් ව ඔබ දැකලා තියෙනව ද? "

"ඔව්, මම ඔහුව දැකලා තියෙනවා." ෂ්‍යාඕ චීයේ මොහොතක් කල්පනා කළේය. "ඔහු කඩිසර පුද්ගලයෙක්."

"මේ දවස් කිහිපයේ ගෙනෙන සහ යවන සියලුම ඖෂධ පැළෑටි පිළිබඳ සවිස්තර වාර්තාවක් තබා ගැනීම මම ඔහු ලවා කරවා ගත්තා. අප පිටතට ගියාට පස්සේ , ආදායම් අමාත්‍යාංශය සහ ප්‍රධාන අධීක්ෂණ කාර්යාංශය ගිණුම් පරීක්ෂා කරන්න පැමිණේවි. ඔබ මේ පොත ඔවුන්ට භාර දෙන්න ඕනේ."

"හොඳින් සිදු කරලා." ෂ්‍යාඕ චීයේ ප්‍රශංසා වලදී මසුරු පුද්ගලයෙකු නොවුනේ ය. "වසංගතය ඇති වෙද්දී, මාලිගාවේ සංදේශය එනතෙක් බලා ඉන්න කාලයක් ලැබුනේ නැහැ. මම මගේ මිනිසුන් ලවා ඖෂධහල් වලින් ඖෂධ පැළෑටි ලබා ගත්තා. අධිරාජ්‍ය හමුදාව සතුව අපේම අතින් ලියපු සටහන් වාර්තාගතව කර තියෙනවා. එ්ත් සියල්ලම පවසලා අවසන් ​වෙද්දී, එය ආදායම් අමාත්‍යාංශයේ මිනිසෙකුගේ සාක්ෂිය එතරම් වැඩකට වෙන්නෙ නැහැ. මේ පුස්ථකය එක්ක, රාජකීය හමුදාව සහ ආදායම් අමාත්‍යාංශයට එකිනෙකාට ඉරා දමන්න සිද්ධ වෙන්නෙ නැති වේවි.

ෂ්‍යාඕ චීයේ ආදායම් අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ ගනුදෙනු කරන්නට අකමැති විය. සෑම වසරකදී ම ඔවුන් සමඟ ගිණුම් සංසන්දනය කිරීම පමණක් ම බොහෝ කරදර ගෙනදෙන කාරණයක් විය. මෙහි ප්‍රධාන ප්‍රශ්නය වන පොදු කාණු වැසී යාමත් සමග, මහ ලේකම් කාර්යාලයේ වසසක හිවලුන් තැනින් තැන ආරක්ෂාව සදහා රාජකීය හමුදාව මඩ ගොහොරුවට ඇද දැමීමට පවා සිතනු ඇත. සියල්ලට ම පසු, සෑම කෙනෙකුම වැරදිකරුවන් නම් නීතිය ක්‍රියාත්මක කරන්නටද නොහැක! වසන්තයේ ආරම්භය දේශපාලන කටයුතු සඳහා වඩාත් සංකීර්ණ කාලය ද වූ අතර, ගොඩගැසී ඇති නිල ලේඛන කඳු මහ ලේකම් කාර්යාලයටද මහත් හිසරදයක් විය.

"ඔබට ආදායම් අමාත්‍යාංශය දකින්න කිසිම කැමැත්තක් නැහැ, ඔවුන් ඔබව දකින්නත් බයයි." ​ශෙන් ස'චුආන් සිනාසුණේය. "චුඅංචෙන් රිදී පිළිබඳ කාරණය අවසන් වරට වං ශියන් සම්බන්ධ වුණා. මම දකින විදිහට ඔහු දැනටමත් චාරිත්‍ර අමාත්‍යාංශයට මාරු කරලා තිබෙනවා. ඒක ඔබේ වැඩක්?"

"මට ඔහු ගැන පුද්ගලික තරහක් නැහැ. අතීතයේ ණය එකතු කිරීම හුදෙක් නිල කටයුත්තක් විතරයි. මම නිසා ඔහුට අල්ලස් දීම සම්බන්ධයෙන් අපකීර්තියක් ඇති වුවා වගේම මඩ පහර වැදුනා. ඔහුව චාරිත්‍ර වාරිත්‍ර අමාත්‍යාංශයට මාරු කිරීම හුදෙක් නැවත්වීමේ පියවරක් පමණයි." ෂ්‍යාඕ චීයේ පැවසීය. "මේ පරීක්‍ෂණය 'විශිෂ්ඨ' ඇගයුමක් ලබා ගැනීමේ ඔහුගේ බලාපොරොත්තුව නියත වශයෙන්ම බිඳ වට්ටනවා. ඔහු අගනුවරෙන් පිටත තනතුරකට පත් කළත්, ඔහු යවනු ලබන්නේ දුරස්ථ හා දුෂ්කර තැනකටයි."

වං ශියන් අවාසනාවන්තයෙකු විය. ඔහු මුලින් ආදායම් අමාත්‍යාංශයේ ලේකම් ලෙස සේවය කළ අතර ෂ්‍යාඕ චීයේ සමඟ ගනුදෙනු කිරීම ඉතා අපහසු විය. වසර කිහිපයකට පෙර, රාජකීය හමුදාවේ උපකරණ ක්‍රියා විරහිත වූ විට, ෂ්‍යාඕ චීයේ යනු ඔවුන් අතින් ශ්‍රමය ලබා ගන්නා කරන සෑම අවස්ථාවකම ගිණුම් සමථයකට පත් කරන්නටත් සහ මුදල් සොයන්නටත් ඔහුව පෞද්ගලිකව සම්බන්ධ කර ගත් තැනැත්තා විය.

ඔහුට ෂ්‍යාඕ චීයේ සමඟ කිසිසේත්ම කතා කිරීමට තරම් පෞද්ගලික සම්බන්ධයක් තිබුණේ නැත. අනපේක්ෂිත විපතක් නිල් පැහැතිව ඉවතට පියාසර කරනු ඇතැයි අපේක්ෂා කළේ කවුද? ෂ්‍යාඕ චීයේ ව අධිරාජ්‍යයා ඉදිරියේ හෙළා දකින ලද අතර, අහම්බෙන් මෙන්, එම චුආන්චෙං සේද ඔහුගේ දෑත් හරහා ගමන් කළේය; ඔහුට තමාව පැහැදිලි කර ගැනීමට ක්‍රමයක් නොතිබුණි. අවසානයේදී, ෂ්‍යාඕ චීයේ සහ ලී ජ්‍යැන්හෙංගේ සහෝදර බැඳීම් බිඳවැටුණු අතර අවසානයේ සමගි පාලකයෙකුගේ සහ ඔහුගේ ඇමතිවරයාගේ භූමිකාවන් ඉටු කරන්නට ඔහුට සිදුවී තිබුණේ ය.

නමුත් දැන් ඔහු සැබෑ ලෙසම ඔහුගේ ලේකම් තනතුරෙන් ඉවත් කර සිරකරුවෙකු බවට පත් විය. ඔහුට දැන් චූදු හි නිලධාරියෙකු විය නොහැකි අතර, ඔහුට අගනුවරෙන් පිටත තනතුරක් පැවරීමට නියමිත වුවද, යාමට සුදුසු තැනක් නොතිබුණි. ඔහු පරීක්ෂණය සඳහා "රාජකාරිය නොසැලකිලිමත් ලෙස ඉටු කිරීම" පිළිබඳ තක්සේරුවක් පවා ලබා සිටියේ ය. විචක්ෂණශීලීභාවයෙන් හා ප්‍රවේශමෙන් කටයුතු නොකිරීමෙන් ජීවිතයෙන් අඩක් අපතේ ගියේය. මොනතරම් බරපතල අසාධාරණයක්ද?

යමක් ශෙන් ස'චුආන්ගේ මනසෙහි රුව්දෙන්නට විය, ඔහු පැවසුවේ ය, "ඔබ මේ අවස්ථාවෙන් ප්‍රයෝජන අරං ඔහුව ජොංබෞ වලට පවරන්න සිතන බව නම් මට කියන්න එපා?"

ෂ්‍යාඕ චීයේ සිනහවෙමින් පවසන්නට විය, "ඔබට එය අනුමාන කරන්න හැකිවේවි කියලා සිතුනා."

ෂ්‍යාඕ චියේ වං ශියන්ට උපකාර කළ අතර ඔහුව චාරිත්‍ර අමාත්‍යාංශයට ගෙන ගියේය. අවම වශයෙන්, දෙවැන්නා තම රැකියාව සහ ජීවනෝපාය සුරක්ෂිත කර ගන්නට සමත් විය. අතීතයේදී, වං ශියන් ඔහුට අකමැති වූ නමුත් දැන් ඔහුට ගැඹුරින් කෘතඥ විය යුතු වූයේ ය. ෂ්‍යාඕ චීයේ සැලසුම් කළේ වං ශියන්ව අගනුවරෙන් පිටත තනතුරකට පත් කළ විට ජොංබෞ වෙත මාරු කර යැවීමටයි. මේ වන විට, ජොංබෙී තක්කඩියන් සහ කොල්ලකරුවන්ගෙන් පිරී තිබුණි. සියල්ලන්ට අවැසි වූයේ තමන්ගේ මිවිසුන් එයට ඇද දමන්නට ය.

"අපිට වෙනත් තැන්වලට කිට්ටු වෙන්න බැහැ. නමුත් අපි සීජෞ හි මිනිස් බලය රෝපණය කරන්න අවශ්‍යයි." ෂ්‍යාඕ චීයේ සැහැල්ලුවෙන් කීවේය. "එය කඩා ඉවත් කරන්න සහනාධාරය දීම ඔබ දුන් හොඳ යෝජනාවක්. සීජෞ හී ප්‍රාන්ත ශිෂ්‍ය නායක, ජෞ ගුයි, දැන් අපි එක්ක හොඳ සබඳතාවයක ඉන්නවා. අපි වං ශියන් ඔහුගේ අණට යටත් කළහොත් ඔහුට නිරායාසයෙන්ම එහි යටි අරුත වැටහේවි. ජොංබෙී හි ප්‍රාන්ත හය අනිවාර්යයෙන්ම මේ වසරේ අධීක්ෂණය කෙරෙහි අවධාරණය කරාවි. නමුත් අධිරාජ්‍ය උසාවිය කවුරුන් වෙනුවෙන් යෙදවුවත් මගේ අධීක්ෂණය යටතේ ඉන්න ඕනෙ."

සිජෞ ඊසානදිග පාලම් මාර්ගයට සමීප විය. මෙය සිදු කිරීමෙන්, ෂ්‍යාඕ චීයේ ලීබෙයි සන්නද්ධ අශ්වාරෝහක හමුදාව සඳහා ධාන්‍යාගාර වෙත චූදු හි ප්‍රධාන පිවිසුම් දොරටුවේ ස්ථානයෙන් නෙත් යොමා සිටියේය. ඔහු සහ ෂ්‍යාඕ ජීමිං ලිපි හුවමාරු කර ගත්තේ නැති තරම් ය, නමුත් සහෝදරයන් දෙදෙනා එකිනෙකාව හොඳින් තේරුම් ගත්හ.

"චුආන්චෙං රිදී කියන්නේ සැඟවුණු අනතුරක්. ෆූ ලින්යේ වේගවත් ආපසු පැමිණීම් වෙනුවෙන් ඕනෑවට වඩා උනන්දු නොවුන නම් සහ කිසියම් අහඹු සිදුවීමකින් අවුල් වී තියෙනවා නම් , මෙම ගිණුම අධිරාජ්‍ය හමුදා ගිණුම් පොතේ ගැඹුරට වැදුණු කිනිස්සක් වගේ වේවි. ශෙන් ස'චුආන් ඔහුගේ හිස චලනය කර පවසන්නට විය, "මේ ගිණුම ෂුඒ ෂ්‍යුජුඕ හසුරුවා තියෙනවද?"

"ඒ ඔහු, හරියටම හරි." ෂ්‍යාඕ චීයේ පැවසුවේ ය. "ෂුඒ ෂ්‍යුජුඕ, හහ්... ඔබ ඔහු ගැන මොනවද හිතන්නේ?"

මම මුලින් ඔහුට කිසිම දැනුම්දීමක් කළේ නැහැ.  නමුත් මම පසුගිය වසර කිහිපය තුළ ඔහුගේ ඇගයීම් පරීක්ෂා කළ අතර ඒවා සියල්ලම කැපී පෙනෙන ඒවා විය.  ගුආන්චෙං අධිරාජ්‍යයාගේ අවසන් වසර තුන වන යොංයී පාලන සමයේදී ඔහු රාජකීය අධිකරණයට සම්බන්ධ විය.  ෂියන්දේ අධිරාජ්‍යයා සිංහාසනයට පත් වූ විට පමණක් ඔහු ආදායම් අමාත්‍යාංශයේ ප්‍රධාන අධීක්ෂණ ලේකම් තනතුර භාර ගත්තා.  පසුගිය වසරේ නැන්ලින් දඩයම් පිටියේ ඇති වූ හදිසි කැරැල්ල තෙක් ඔහු වසර අටක් මේ තනතුර දැරුවා.

ඉන්පසුව උසස්වීම් ලබාගෙන අධිකරණ සමාෙලෝචන අධිකරණයට ස්ථාන මාරුවක් ලද අතර එහිදී ඔහු අධිකරණ සමාලෝචන අධිකරණයේ සහකාර අමාත්‍යවරයා බවට පත් වුනා.  පසුව ඔහු අධිරාජ්‍යයාගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වන ප්‍රධාන නඩු දෙකක් - හුආ සහ පැන් ගේ කැරලිකාර නඩුව සහ නිලධාරීන් සියයකගේ ඝාතන නඩුව සම්බන්ධයෙන් කටයුතු කළා.  ඔහුට හොඳ නමක් තියෙනවා, අෂ්ඨ මහා වංශවල පුළුල් සම්බන්ධතාත් තිබෙනවා, හායි ලියැංයීගේ නායකත්වයෙන් යුත් නිහතමානී පසුබිමක නිලධාරීන් සමඟ හොඳ සබඳතාවයක් ඇත.  “නමුත් ඔහු අධිරාජ්‍ය අධිකරණයට ඇතුළු වීමට පෙර ඔහුගේ පසුබිම ගැන මම කිසිවක් දන්නේ නැහැ” යැයි පවසන්නට පෙර ශෙන් ස'චුආන් මොහොතක් ඒ ගැන කල්පනා කළේය.

"මම ඒ ගැන හොඳටම දන්නවා."  ෂ්‍යාඕ චීයේ කීවේ ය, "මගෙන් අහන්න"

ශෙන් ස'චුආන් ඔහුගේ ඇහිබැමි මඳක් ඉහළට ඔසවා පවසන්නට විය. “මට කියන්න”

ඇයි එයින් දෙයක් අහන්න එතරම් රැවි නොවෙන බවක් පෙනෙන්නේ?” ෂ්‍යාඕ චීයේ උඩු කබායෙන් ශෙන් ස'චුආන්ගේ හිස ආවරණය කළේ ය “මම ඔබට ඒ ගැන පවසන්නේ ඔබ මාව පොලඹවගෙන සතුටු කළොත් විතරයි.”

ඔහු පැවසූ ආකාරය ශෙන් ස'චුආන්ව අඩාල කරන්නට සමත් විය.  ශෙන් ස'චුආන් ඔහු දෙස බලා, හුස්මක් පිට කරන්නට දෙතොල් මෑත් කර, “'ආන් ~” යනුවෙන් උණුසුම් හා මෘදු ලෙස පවසන්නට විය.

ඒ කුඩා උණුසුම් සුසුම් රුල්ල ශෙන් ස'චුආන්ගේ කොපුල් මතට වැදුණු අතර , ඔහුගේ දෙතොල් අතරට එහි උණුසුම දැනෙන්නට විය. මිනිසුන් දෙදෙනාම සමීප ව එකිනෙකා හා ස්පර්ශ වෙමින් සිටියෝ ය.

ෂ්‍යාඕ චීයේ හදිසියේම පසෙකට ගොස් ශෙන් ස'චුආන්ට ඉහළින් හිදිමින් ඔවුන් අතර දුර පරතරයක් තබා ගන්නට විය.  ඔහු ශෙන් ස'චුආන්ගේ නිකට ඇගිල්ලෙන් තද කර නිසි පිහිටීමට හැරවූයේ ය. “කතා කරන්නත් බැහැ , කිසිවක් කරන්නත් බැහැ - මේ දෙවන තරුණ ස්වාමියා එයට රැවටෙන්නේ නැහැ.”

_______________________________

අරුත් පැහැදිලි කිරීම.

යැන් හෝරාව - උදෑසන 5 - 7

Comments

  1. අනේ ඉතිංමේ දෙන්නා😍😍😍😍😍

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-