Skip to main content

හැට හතරවන පරිච්ජේදය : වර්ෂා වේල්ල

 

 

 

 

උඩු කබාය ඉතා විශාල වූ අතර එය ඔහුගේ දෙඋරහිස් වලින් පහතට ලිස්සා ගියේ ය. ශෙන් ස'චුආන්එය ඉහළට ඇදගත්තේ ය.එහි වූ උණුසුම ශෙන් ස'චුආන්ව මුළුමනින් ම වෙලාගත් අතර එහි වූයේ ෂ්‍යාඕ චීයේ ගේ සුගන්ධයයි.

ශෙන් ස'චුආන් නැවතත් අත්පිස්නාව පිටතට ගෙන ෂ්‍යාඕ චීයේ අතුල්ලා තෙත් කළ දෙකොපුල් පිස දැමුවේ ය. මෙහි වූ ඝෝෂාකාරී වර්ෂාමය පරිසරය හමඅවේ ඔහුට යළිත් ඒ අත් පිස්නාව ආඝ්‍රාණය නොකර සිටින්නට නොහැකි විය. 

එය ෂ්‍යාඕ චියේගේ මය.

ශෙන් ස'චුආන් මොහොතකට තම දෙනෙත් පහතට බර කොට තම නාසයේ අගින් අත්පිස්නාව තද කරද්දී දෑස් අග හා ඇහි බැමි අතර වූ අදුරු බව පහව යන්නට විය.

තම කෑම පෙට්ටියේ ඉහළ තට්ටුව තැම්බූ ඇඹරුණු රෝල්වලින් පිරී තිබූ අතර පතුලේ උණුසුම් ඖෂධීය කසාය අඩංගු විය.පියන එසවූ සැණින් උණුසුම් වාෂ්පය ඉහළ ගියේය. මෙවැනි රාත්‍රියකදි උණුසුම් ආහාරයක් පිළියෙල පහසු නොවීය. ෂ්‍යාඕ චියේට ඉක්මනින් දිව විත් මෙය ලබා දී ආපසු හැරී යන්නට සිදුව තිබුණි

' චිංචිංට මුලදී අවශ්‍ය වූයේ ශෙන් ස'චුආන්ට තේ බදුනක් ලබා දෙන්නටය. ඔහු පියගැටපෙල නැග ඉහළට එද්දී දෙවැන්න ඖෂධ බදුන අතැතිව සිටිනු දකින්න ලැබුනෙන්, ඔහු ප්‍රිතියෙන් යමක් පැවසීමට පෙර පුදුම නොවී සිටින්නට ඔහුට නො හැකිවිය.  “ඉතිං ඔබ හැමදේම පිළියෙල කරලා. එය අනර්ඝයි. මම හිතුවා ඖෂධ බඳුනක් ගෙන්වගන්න කෙනෙක් යවන එක ගැන සිතුවා විතරයි."

ශෙන් ස'චුආන් ඹෟෂධ බදුන පහතට අර ඇගිල්ලකින් දෙතොලේ කොන් පිසදමා ගත්තේ ය. ඔහු අසන්නට විය, “මොනවගේ අභිලාෂයක් වෙනුවෙන් ද මේ මාර්ගය කඩා බිඳ දමන්නේ?”

ඖහුආ මණ්ඩපය අසලට වෙනකල් විතරයං. දරුණු විදිහට අලාභහානි වුන ස්ථාන කඩා දමන්න අපහසුයි.” ග' චිංචිං ඔහුගේ අත්පටි ඉහළට නමා ගත්තේ ය, “මේ කාරණය සම්බන්ධව සැක සහිත බවක් දැනෙනවා.”

තවත් පැහැදිලි රහිත ගිණුමක් තියෙනවා.” ශෙන් ස'චුආන් සිටගත් අතර තමා සමගම මොහොතක් පොරබැදුවේ කිසිවක් පවසන්නට පෙරය, “ඔහුට මාළිගයෙන් පිතට එන්න ඉඩ සැළසුවේ කවුරුද නියන එක ගැන දන්නේ අධිරාජ්‍යයා විතරයි. ඔහු පැවසීම ප්‍රතික්ෂේප කළොත්ත්, මේ  නඩුව සම්පූර්ණයෙන් අවසන් වේවි. ”

මම දකින විදියට නම් මේ කඩාවැටීම අහම්බයක් නෙවෙයි.  දොලොං වීදිය සෑම වසරකම ජලයෙන් යට වෙනයා. නමුත් ඖහුආ මණ්ඩපය කඩා වැටුණේ ඊයේ දිනයෙයි."  ' චිංචිං වර්ෂාව සහිත රාත්‍රි අහස දෙස බලමින් හිඳ ශෙන් ස'චුආන් දෙසට හැරී පවසන්නට විය. "ඔබට මොනවහරි  ඉඟියක් තියෙනවද?"

ශෙන් ස'චුආන් උදෑසන සිටම කල්පනා කළේ ද මේ කරුණ පිළිබදවය.  කඩාවැටීම ඖහුආ මණ්ඩපයේ සියලුම දෑ අතුගා දමා තිබූ අතර, මෙය කිසිසේත්ම අහම්බයක් නොවන්නේ ය. ෂී හොංෂුආන් යනු තම ජීවිතය නිධානයක් ලෙස සැලකූ පුද්ගලයෙකි.  ඔහු කලකට පෙර ඖහුආ මණ්ඩපය ප්‍රතිසංස්කරණය කළ අතර, සිදුරු සහිත පතුල පිළිබඳ දන්නා අය සිටියේ ස්වල්පයකි.

ශෙන් ස'චුආන් විසල් වූ දෑසින් වර්ෂාව සහිත රාත්‍රිය දෙස බලා සිටියේය.  තමන්ටම කියාගන්නවාක් මෙන් ඔහු පවසන්නට විය “කලබල වෙන්න අවශ්‍ය නැහැ.  අනිවාර්යයෙන්ම පසු පරික්ෂාවක් අවශ්‍යයි. අපි තවමත් මේ වතාවේ ඉල්ලක්කය කවුද කියලා දැනුවත් නැති නිසා."

         

රාජකීය වෛද්‍යවරයා නිදන කාමරයෙන් පසු බැස වැන්දඹු අධිරාජිනියට සහ අනෙකුත් අයට ආචාර  කළේය.  ඔවුන්ව වෙන් කරන එල්ලෙන තිරය පිටුපස ඇය සිටගත් අතර, වැන්දඹු අධිරාජිනිය ලී ජ්‍යන්හෙංගේ තත්ත්වය පිළිබඳව විමසීමට ඉදිරියට නැමුණා ය.  රාජකීය වෛද්‍යවරයා සිය වාර්තාව විස්තරාත්මකව ලබා දුන්නේය.  රුධිර වහනය නතර වූ බව ඇසූ විට ඇය සැනසුම්දායක සුසුමක් හෙළුවාය.

මේ කාරණය හරිම ගුප්තයි.” වැන්දඹු අධිරාජිණිය තම අසුනේ සීජුව අසුන් ගනිමින් පැවසුවාය, “ස්වර්ගයේ පුත්‍රයා මාලිගාවෙන් පිටවෙලා යන බව එකම එක පුද්ගලයෙක්වත් දැන සිටියේ නැහැ.  දැන් මාලිගාව තුළ සහ පිටත මුර සංචාරයේ තත්වය අනුව අයෙක් සන්සුන් වෙන්නේ කොහොමද? ”

පහත් මණ්ඩපයේ සිටි කිසිදු අමාත්‍යවරයෙක් වදනක් හෝ පැවසුවේ නැත.  ඔවුන් සියල්ලෝම මැටි මූර්ති මෙන් නිහඬව හිස එල්ලාගත්වනම සිටියහ.

වැන්දඹු අධිරාජිණිය පවසන්නට වූවාය, “මම රාජකීය භාර්යාවන්ට අයත් කෙනෙක්. මට රාජ්‍ය කටයුතු වලට ඇගිලි ගහන්න අයිතියක් නැහැ. නමුත් මේක, නැවත වතාවක්, අධිරාජ්‍යයාගේ ආරක්ෂාව පිළිබද ගැටළුවක්. ඔහුගේ මෑණියන් විදිහ​ට , මම මගේ හිසකෙස් අළු පැහැ වෙලා දෑස් වල කඳුළු වියැලෙන තෙක්ම කනස්සල්ලට පත්වෙලයි ඉන්නේ. තවත් මේ වගේ භයානක දෙයක් මම දරාගන්නේ කොහොමද? අමාත්‍යවරුණි, තමුන්ලා දැන් මට මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න ඕනේ!”

මෙය ඇසීමෙන් පසු , පැන් ෂියන්ජිඒ ගේ හදවත ගැහෙන්නට විය.

මොහොතක නිහැඬියාවකින් පසු , කොං ච්‍යු පවසන්නට විය, “අභ්‍යන්තර මාලිගාවේ මුර සංචාරයේ යෙදෙන්නන්ට අවශ්‍ය වුනත් උතුමාණෝව නවත්වන්න අවශ්‍යයෙන්ම ඔවුන් වේවි.  මේ සේවකයාගේ මතය අනුව, ෂී හොංෂුආන්ට මෙවර දැඩි දඬුවම් ලැබෙන්න ඕනේ!  අධිරාජ්‍යයාව පොළඹවා ගන්න විදේශ රටවලින් එන ඒ දේවල් භාවිත නොකළා නම්, අධිරාජ්‍යයා මාලිගාවෙන් පිටව යන්නේ මොනවටද?”

එය නිවැරදියි.” ආදායම් අමාත්‍ය වෙයි හුඅයිගු , මන් පෙර ෂ්‍යාඕ චීයේව හෙළාදුටු වෙයි හුඅයිෂින්ගේ දෙවන දී වැඩිමල් සහෝදරයා විය. ඔහු වත්මන් වෙයි වංශයේ ප්‍රධානියාද විය. ඔහු සාමාන්‍යයෙන් කිසිවක් පවසන ආකාරයේ පුද්ගලයෙක් නොවී ය, නමුත් මේ වතාවේ, ඔහු පවසන්නට විය, “ෂී හොංෂුආන්ට දඬුවම් ලැබිය යුතුයි, නමුත් ඔහුගේ වරදට මරණ දණ්ඩනය හිමිවෙන්නෙ නැහැ.  මෙවර දොස් පැවරිය යුත්තේ වැඩ අමාත්‍යාංශයට බව මේ සේවකයට හැඟෙනවා.  චූදු වල අලුත්වැඩියා කටයුතු භාරව සිටින්නේ ඔවුන්.  ගෞරවනීය නිළදර පැන්, ඔබ මේ තරම් කාලයක් වෙලත් පොදු අපද්‍රව්‍ය වළවල් වසා නොදැමුවේ ඇයි? ”

වෙයි හුඅයිගු තමාට දොස් පවරන්නට සූදානම් වන බව දැනගත් පැන් ෂියන්ජිඒ වහා දණින් වැටී වැන්දඹු අධිරාජිනියට පවසන්නට විය, “සත්‍යය වටහාගෙන සාධාරණ විනිශ්චයක් දෙන ලෙස මම ඔබතුමන්ලගෙන් ඉල්ලා සිටිනවා!  ෂියන්දේ අධිරාජ්‍යයාගේ පාලන සමයේදී පොදු වළවල් අවහිර වීම සම්බන්ධයෙන් අපේ වැඩ අමාත්‍යාංශය දැනටමත් ආදායම් අමාත්‍යාංශයට දැනුම් දීලා තියෙනවා, අලුත්වැඩියා කටයුතු සිදු කිරී​ම වෙනුවෙන්  අපට යම් මුදලක් වෙන් කළ හැකි වේවි කියලා අපි බලාපොරොත්තු වුණා.  ඒත් ආදායම් අමාත්‍යාංශය මුදල් අනුමත කිරීම දිගින් දිගටම ප්‍රමාද කළා.  වැඩ අමාත්‍යංශයට කරන්න පුළුවන් මොනවද?  මේක සුළු ඉදිකිරීම් කටයුත්තක් නෙමෙයි!”

වෙයි හුඅයිගු ඉක්මන් නොවීය.  ඔහු වෙයි හුඅයිෂින් ට වඩා ගනුදෙනු කිරීමේදි දැඩි පුද්ගලයෙක් විය.  ඔහු පවසන්නට විය. “අපේ ආදායම් අමාත්‍යාංශයට මුදල් ලබාගන්නවා නම් මහ ලේකම් කාර්යාලය සමඟ සාකච්ඡා කරන්න ඕනේ.  ඒ වන විට, ලේකම් කාර්යාලයේ වැඩිහිටි හුආ හරහා තවමත් අනුමැතිය ලබා ගන්න නොහැකි වී තිබුණා, ඒ විදිහට අරමුදල් අනවශ්‍ය විදිහට වෙන් කරන්න නිර්භීත වෙන්නේ කවුද?  එම වසර කිහිපය තුළ ජොංබෞ හි ප්‍රාන්ත හය තුළ ඇති අවුල පිරිසිදු කරන්න චූදු වලට සිද්ධවුණා.  භාණ්ඩාගාරය බොහෝ දුරට හිස් වෙලා තිබුණා.  අපිට උපකාර කරන්න අවශ්‍යතාවක් හැගීමක් තිබුණත්, අපට මාර්ගයක් නැහැ. "

"හැම අයෙකුටම තමන්ගෙම දුෂ්කරතාවන් තියෙනවා."  පැන් ෂියන්ඩිඒ පැවසුවේ ය, “ඉතින් ඇයි ඔබ අපේ වැඩ අමාත්‍යාංශයට පමණක් වගකිව යුතු බව පවසන්නේ?  වාම වාරණ ප්‍රධානීතුමා , සෙන් ෂුන්යී, කයිලිං ගං ඉවුර සුරක්ෂිත කරන්න අප අසමත් වූ බව පවසමින් වාරිමාර්ග කටයුතුවල නොසැලකිල්ල සම්බන්ධයෙන් වැඩ අමාත්‍යාංශයට දෝෂාභියෝගයක් ඉදිරිපත් කරන්න අවශ්‍ය වෙලා.  නමුත් ඒක කඩා වැටුනේ අද ද?  නැහැ!  එයින් පෙනෙන්නේ වැඩ අමාත්‍යාංශය කිසිවිටෙකත් ද්වල් පැහැර හැරලා නැති බවයි;  අපේ කාර්යයන් සම්බන්ධයෙන් අපි විශ්වාසවන්තයි වගේම ක්‍රියාශීලියි!  අපට මුදල් තිබුණා නම්, අපි බොහෝ කාලයට පෙරම ඒවා ඉවත් කරලා! ”

ආදායම් අමාත්‍යාංශය මෙය  පිළිනොගන්නා අතර වැඩ අමාත්‍යාංශය මේ වරදට භාර ගන්නේද නැත. දෙපක්ෂයම අෂ්ඨ මහා වංශයන්හී වැඩිමහල්ලන් විය.  ඔවුන්ගෙන් කිසිවෙකු පියවරක් පසෙකට ගන්නට කැමති නොවූ අතර, ඒ නිස​ෙ ඔවුන් දෙදෙනාම මෙහි සිටගෙන එකිනෙකාට අනුම්පද කියාගත්තෝ ය.

කොං ච්‍යු​ටද අවලාද නඟන්නට වුවමනා විය.  ඔහු නිහතමානී පසුබිමක සිටි ඔහු, හායි ලියැංයී විසින්ම මේ තනතුරට පත් කළ නිලධාරියෙකි.  ඔහුට උතුම් වංශවලින් පැමිණි ඇමතිවරුන් සමඟ එකට වැඩ කළ හැකි නමුත් ඔවුන් සමඟ එකම මනසකින් යුතුව කටයුතු කරන්නට නොහැකි විය. ඔවුන් පන්දුව එකිනෙකාට වීසි කරමින් හිඳිම ඔහුට මහත් කළකිරීමක් ඇති කරවන්නට සමත් විය.

වැඩ අමාත්‍යාංශය මීට පෙර වාර්තාවක් ගොනු කර තිබූ බව සත්‍යයකි.  නමුත් එය වාර්තා කළ තැනැත්තා කවුද?  ඒ කිසිදා උසාවියට ​​පය නොතැබූ යටත් නිලධාරියෙකි, සුළු නිලධාරියෙකි. පැන් ෂියන්ජිඒ එය බැරෑරුම් ලෙස සැලකුවාද?  ඔහු එසේ කළේ නම්, ඔහු එය ආදායම් අමාත්‍යාංශයට ගෙන යනු ඇත, නමුත් ඔහු එය කළේ නැත.  ආදායම් අමාත්‍යාංශය දැන සිටියාද?  ඔවුන් දැන සිටියා. වෙයි හුඅයිගූ සහ හුආ සීචියන් අතර සම්බන්ධය කුමක්ද?  වංශ ද්විත්වය හාම මනා සම්බන්ධයක් තිබුණි.  මෑත වසරවලදී ඔවුන් සමීප සබඳතා ඇති බවක් පෙනෙන්නට නොතිබුණද, බැඳීම් තවමත් පවතී.  වෙයි හුඅයිගූ සහ වෙයි හුඅයිෂින් ට වඩා බෙහෙවින් සමීප වූ අතර, හුආ ස'චියන් සමඟ දේශපාලන කටයුතු සාකච්ඡා කළ හැකි තැනැත්තා ද ඔහු විය.  නමුත් ඔහු කිසිවිටෙක හුආ ස'චියන් සමඟ මේ කාරණය පිළිබඳ පවසා නොතිබුණි   මෙය ඔවුන් සරලව මඩ ගැසූ කාරණයක් පමණකි - ඔබ දියේ ගිලී මිය ගියහොත්, ඔබ එයට සුදුසුය;  ඔබට දොස් පැවරිය හැක්කේ ඔබේ අවාසනාවට පමණය!

තිරය ​​පිටුපස වාඩි වී සිටින වැන්දඹු අධිරාජිනිය මේ සියල්ල පැහැදිලිව දුටුවාය.  හුආ ෂියැංයී ඇය පිටුපසින් සිට, ඉතාමත් තියුණු ලෙස සවන්දුන්නා ය.

හායි ලියැංයී අවසානයේ කිහිප වතාවක් කහින්නට විය. අත් පිස්නාවකින් මුව වසාගත් ඔහු පැවසුවේ ය “ඇත්තටම මහ ලේකම් කාර්යාලයේ පසුගිය වාර්තාගත ගිණුම්වල මේ එක ගිණුමක් තිබුණා.  එහෙත් එය එක් වරක් පමණයි සදහන් වුනේ. ඉන් පසුව ඒ ගැන විමසන්න කිසිවකුත් උත්සුක වූයේ නැත.  දැන් එම ස්ථානය කඩා වැටිලා නිසා සෑම කෙනෙකුටම එය මතකයි, නමුත් පළමු වරට ජල මට්ටම ඉහළ ගියේ මේ වසරේ පමණක් නෙමෙයි ?  සිදුවුණ දේවල් ආයෙමත් කතා නොකර ඉමු. නමුත් පසුගිය වසරේ වසන්තයේ දී සහ පසුගිය වසරේ ජල මට්ටම ඉහළ ගියේ නැද්ස?  වැඩ අමාත්‍යාංශය එම වැඩිවීම් වාර්තා කළේ නැහැ නේද?

පැන් ෂියන්ජිඒ ඔහුගේ හිස ඉවතට හරවා පසුතැවිලි වෙමින් පැවසුවේ ය.  “මහා ලේකම්වරයා එය ප්‍රකාශ කරන කොට… එය ඇත්තෙන්ම අපගේ වැඩ අමාත්‍යාංශයේ අතපසු වීමක් තමයි.  නමුත් ඇත්ත වශයෙන්ම අපට ඒ ගැන කිසිවක් සිදු කරන්න බැහැ.  දැන් ගොඩක්ම වැදගත්  වෙන්නේ ප්‍රමාදයකින් තොරව වළවල් හාරා දමන එකයි. ”

ආදායම් අමාත්‍යාංශය ආපදාවට ලක්වූවන් වෙනුවෙන් මුදල් වෙන් කර තිබෙනවා.”  වෙයි හුඅයිගූ පැවසීය.  “මේ වෙද්දී තත්ත්වය තීරණාත්මකයි.  දොස් පවරා ගන්න අවශ්‍යනම් පොදු අපවහන වළවල් හාරකල් බලාගෙන ඉන්න. දැන් ඒවා හාරා දමන්නේ අෂ්ඨ මහා පුහුණ අංශ නේද?”

යුධ අමාත්‍ය ප්‍රධානි, චෙන් ජෙන්යන්, කෙටියෙන් පිළිතුරු දුන්නේ ය, “ ඒ රාජකීය හමුදාව. ෂ්‍යාඕ පුතිරාජ සෙනෙවිතුමා තවමත් ජලයේ පෙඟෙමින් සිටින්නේ.”

වැන්දඹු අධිරාජිනිය කතා කරන්න සූදානම් වන විටම ඇතුළත සිටි මාලිගාවේ සේවිකාව කඩිමුඩියේ පිටතට පැමිණ පොළොවෙහි දණින් වැටුණාය.  ඇය පවසන්නට වූවා ය, “උත්තමාවියට වාර්තා කරනවා, අධිරාජ්‍යයාට හදිසියේ උණ වැළදිලා.  ඔහුගේ පිට පුරා කුෂ්ඨවලින් වැසී ගිහින්!”

වැන්දඹු අධිරාජිනිය හදිසියේම ඇගේ දෙපා වලින් නැගී සිටියා ය, "මොකක්ද?" ඈ කම්පනයෙන් යුතුව කෑගැසුවාය.

හායි ලියැංයී නැමී දරුණු ලෙස කහින්නට පටන් ගත්තාය.  හුආ ෂියන්යී වැන්දඹු අධිරාජීනියට සහය වෙමින් ක්ෂණියව තීරණයක් ගත්තා ය.  “රාජකීය වෛද්‍යවරයා කැඳවන්න!  සහ ලේකම් කාර්යාලයේ වැඩිමහල්ලට සහයෝගය දෙන්න, ඉක්මන් කරන්න!

         

ෂී හොංෂුආන්ගේ ශරීරය පුරාද කුෂ්ඨ හටගත්තේ ය. මුලින්ම එය සොයාගත්තේ අෂ්ඨ මහා අංශ වල හමුදා වෛද්‍යවරයා ය. ඔහු වහා තම ඇදුම ඔසවාගෙන හන් ජින් වෙත වාර්තා කරන ද ඉක්මනින් පිට වී ගියේය.

හැන් ජින් ඔහුගේ මුහුණ පිස දමාගත් අතර , තවමත් වික්ෂිප්ත ව සිටියද ඔහු පවසන්නට විය., “ඒවා දද වගේ දෙයක් ද?  ශීතල නිසා එ්වා අඩු වේවි. එහෙම නේද?”

ඒවා දද නෙමෙයි.”  වෛද්‍යවරයා කෙතරම් කනස්සල්ලට පත් වූවාද කිවහොත් ඔහු තමාගේ ම පාදය පාගා ගත්තේ ය.  “ඒවා දද වෙන්නෙ කොහොමද?  ඒක වසංගත රෝගයක්! ”

දැන්, හැන් ජින්ගේ ප්‍රකාශනය වෙනස් වූවා පමණක් නොවේ;  දැන​ටමත් ජලයේ පෙගෙමින් සිටි  අෂ්ඨ මහා පුහුණු සේනාංකවල සෙබළුන් සුදුමැලි ව ගොස් තිබුණි.  හන් ජින් හිස පිටුපසට හරවා ගත් අතර රාජකීය හමුදාව තවමත් අවට කාර්යබහුලව සිටිනු දකින්නට ලැබුණේ ය.  ඔහු ජලය හරහා ඔවුන් වෙතට ගොස් චෙන් යැං අල්ලාගෙන කෑගසන්නට විය, “කෝ ආණ්ඩුකාරධිපති සෙනෙවිතුමා සෙනෙවිතුමා?  ඉක්මනින් ඔහුට කතා කරන්න. මේක හදිසි කාරණයක්! ”

ෂ්‍යාඕ චීයේ කඩා වැටුණු ලීය පසෙකට කරමින් පවසන්නට විය, "කුමක්ද කාරණය?"

හැන් ජින්ගේ දෑත් වෙව්ලුම්කෑවේ තම ඇඳුම් මත අපිරිසිදු ජලය තැවරෙද්දී ය. ඔහු පවසන්නට විය, “අපට ඒවා තවදුරටත් පහතට ඇද දමන්නටවත් හෝ මේ වතුරේ තෙතබරිතව ඉන්නවත් බැහැ!  සෙනෙවිතුමනී, වසංගතයක් පැතිරිලා! ”

ෂ්‍යාඕ චීයේ ගේ දෑස්වල සීතල දිලිසීමක් ඇති විය , "කාවද මුලින්ම අසනීප වුනේ?"

" ෂී හොංෂුආන්."  හන් ජින්ගේ ආශ්වාසය හා ප්‍රාශ්වාසය ඉක්මන් විය.  "තව අධිරාජ්‍යයා..."

"ගු ජින්!"  ෂ්‍යාඕ චීයේ වහාම අණ කළේය.  “ඉක්මනට මාලිගාවට ගොස් මේ කාරණය ලේකම් කාර්යාලයේ වැඩිහිටි හායිට දන්වන්න!”

ගූ ජින් ඉවුර උඩට නැග වේගයෙන් ගියේය.  පියවර කිහිපයකින්, ඔහු වහලය මතට කඩා වැදී, මාලිගාවේ දොරටු දෙසට පනින්නට වහලයේ කඳු මුදුන හරහා ගමන් කළේය.

"මාව ෂී හොංෂුආන් බලන්න රැගෙන යන්න."  ෂ්‍යාඕ චීයේ ස්ථාවර හඬින් පැවසුවේ ය.  "දැන්ම!"

ෂී හොංෂුආන් සෙම්ප්‍රතිශ්‍යාව සහ උණුසුම් සහගත විය.  ඔහුගේ තැළුණු දෙපාවලට පමණක් බෙහෙත් දමා තිබූ අතර, ඔහුගේ දෙපා ඒ වන විටත් දහඩියෙන් තෙත් වී තිබුණි.  ඔහු ඇඳ මත වැතිර සිටියේ සුදුමැලි සහ තෙහෙට්ටු ආකාරයට ය.

වෛද්‍යවරයා දහඩිය පිසදමා මෙසේ පවසන්නට විය, “පැය හතරකට පෙර, ඔහුට මද සෙම්ප්‍රතිශ්‍යාව වැළඳී ඇති බවක් පෙනෙන්නට තිබුණා.  මම ඔහුට ඖෂධ ලබා දුන්නා, එවිට ඔහුගේ උණ අඩු වුණා.  ඒත් කව්ද දන්නේ මම කලින් ඔහුව ස්පර්ෂ කරනකොට ඔහුගේ උණ පෙරටත් වඩා වේගයෙන් වැඩි වෙලා තිබුණ බව!  මම ඔහු දෙපා වලට ඖෂධ මාරු කරලා ඔහුගේ වස්ත්‍ර පහළට ඇදලා බලද්දී ඒ හැම දෙයක්ම කුෂ්ඨ වලින් වැහිලා තිබුණා!”

ෂ්‍යාඕ චීයේ එම කුෂ්ඨ දෙස බැලුවේ ව, “ඒන වසංගත රෝගයක් බව ඔබට විශ්වාසද?” ඔහු ප්‍රශ්න කළේය.

වෛද්‍යවරයා පවසන්නට විය, “යොංයී පාලන සමයේදී දන්චෙං නගරයේ මේ වගේ වසංගතයක් ඇති වෙලා තියෙනවා.  ඒවා රාජකීය වෛද්‍ය විද්‍යාලයට වෙලා තියෙනවා;  ඔවුන් සතුව ඒ ගැන අතීත වාර්තා ගොනුවේ තියෙනවා.  ප්‍රතිරාජසෙනෙවිතුමනී, මේ කුෂ්ඨය ශරීරය පුරා පැතිර ගිය පසු අධික උණ අඩු වෙන්නෙ නැහැ.  තව පැය හතරකින් ආසාධිතයාට සිහි නැතිව ගිහින් වමනය වමාරනවා.  ආපදාවට ලක්වූවන් අතර තවමත් රෝගී පුද්ගලයින් සිටින බව මම විශ්වාස කරනවා.  නාස්ති කරන්න වෙලාවක් නැහැ, පූර්වාරක්ෂාව විදිහට ජාඕ සූයි පන්සල රෝගි අය වෙනුවෙන් පිළියෙල කරන්න වෙනවා.

දැන් බියට පත් වූ හන් ජින් කඩිමුඩියේ ඇසුවේ ය, “මෙයට හේතුව කුමක්ද?  හේතුවක් තියෙන්න ඕන.  නැත්තම් අපි කොහොමද මේ වළ හාරන්නේ?”

වෛද්‍යවරයා පවසන්නට විය, “අපි දැන් සිටින්නේ ශීත ඍතුව වසන්තයට මාරු වන කාලයෙයි. ඒ නිසා මේ කාලය තෙත් සහ සීතලයි.  පහත් බිම්වල වසර පුරාම අපද්‍රව්‍ය හා අපිරිසිදු දේවල් එක්රැස් වනවා.  ඔවුන්ගේ නිවාස ඉතා සමීපව එක්ව පිහිටනවා ;  ඒවා ජනේලයක්වත් නැති තරමට අවහිර වෙලා.  හිරු එළිය නොමැතිකම නිසා මිනිසුන් රෝගාබාධවලට ඉක්මනින් ගොදුරු වෙන ප්‍රවණතාවයත් ඉහළයි. ”

"ඒක එහෙම නම්, ඔහු ආසාදනය වූයේ කොහොමද?"  ෂ්‍යාඕ චීයේ තම ඇහි බැම රැලි කරගත්තේ ය.  “ඖහුආ මණ්ඬපය පහත් ප්‍රදේශයෙන් බොහෝ දුරින් පිහිටා තිබුණත් පිටුපස සම්බන්ධිත මංතීරු පිරිසිදු කරන පුද්ගලයින් ඉන්න නිසා දූෂිත වස්තූන් සමඟ කිසිදු සම්බන්ධයක් නැහැ.  හේතුව කඩාවැටීමෙන් පසු ගතවුණ පැය කිහිපය තුළ ඔහු දියේ ගිළි තෙතබරිත වීම නිසා වත්ද?”

වෛද්‍යවරයා පසුබට විය.  ඔහු නැවතත් සිය දහදිය පිස දමා ධෛර්යය උපදවා ගත්තේ ය, “මම ආණ්ඩුකාරාධිපති සෙනෙවිතුමා සමඟ අවංක ව වැඩ කරන්නම්.  කඩා වැටීමට පෙර ඔහු ගණිකා මඩම තුළ  සිටියදී ඔහුට මේ රෝගය වැළදුනාද කියලා මට බියයි.  දෙවන තරුණ ස්වාමී ෂී මේ වන විටත් හුගක් අසාධ්‍ය වෙලා, එවිට උතුමාණෙන්"

"ප්‍රතිරාජසෙනෙවිතුමා!"  මෙං රූයි තිරය ඔසවා බියජනක වතකින් යුතුව ඇතුළු විය.  “සාඕ සූයි පන්සලේ දස දෙනෙකුට වැඩි පිරිසක් හදිසියේම සිහිසුන් වෙලා.  මෙහෙ රාජකාරි කරන අදායම් අමාත්‍යාංශයේ දෙදෙනෙක්වත් සිහිසුන් වෙලා!”

ෂ්‍යාඕ චීයේ තම අණ පවසන්නට ප්‍රථමව,  වර්ෂා ජලයෙන් තෙත් වූ චෙන් යැං, ඇතුළට පැමිණියේ ය, “ස්වාමීනි!  ලාඕහුටත් උණ වැළදිලා!”

පිටත වර්ෂාවේ ශබ්දය හදිසියේම වැඩි වෙන්නට විය.  සෑම පැත්තකින්ම යුධ බෙර හඬක් වැයෙනවාක් මෙන්, වර්ෂාව ඇද හැලුනේ මේ අදුරු රාත්‍රියේ දි ඔවුන්ට ඒ සියල්ල ය​ට කර දමන්නට අවශ්‍යව ඇති ලෙසය.

ෂ්‍යාඕ චීයේ එක්වරම තිරය ඔසවා බිටතට ගියේ ය.  ඔහු කීවේ ය, "අනුමැතිය ලැබෙනකල් ප්‍රමාද වෙන්න බැහැ.  ඖෂධ ලබා ගන්න ෂෙන්වු වීදියේ විවිධ ප්‍රධාන ඖෂධ ගබඩා වලට යන්න.  සෙම්ප්‍රතිශ්‍යාව වැළඳී ඇති, උණ ඇති, වමනය කරන හෝ ශාරීරිකව දුර්වල වූ ඕනෑම අයෙක්ව ජාඕ සූයි පන්සලට රුගෙන යන්න උදව් කරන්න.  ඉතිරි පිරිමියන්ව ඉවත් කරන්න.  ඖෂධ හදන්න ආරම්භ කරන්න ආදායම් අමාත්‍යාංශයෙන් රාජකාරියේ යෙදෙන පිරිමින් ලවා කරවගන්න!  දිං තාඕ!"

දිං තාඕ පැවසුවේ ය. “තරුණ ස්වාමියාණෙනි!"

ෂ්‍යාඕ චීයේ බරුති හුස්මක් ඇද ගනිමින් දිං තාඕව අසලට ඇද ගත්තේ ය. ඔහු දිං තාඕගේ සවනතට කොඳුලේ ය. "ශෙන් ලන්ජෞට වහාම එතැනින් ඉවත් වෙන්න කියලා පවසන්න!"

අරුත් පැහැදිලි කිරීම

ලාඕහු : වැඩිහිටියා

වැඩිහිටි දී සොහොයුරා : එකම නිත්‍යානුකූල බිරිඳගේ දරුවා.

 

කියවන කමෙන්ට් කරන හැමෝටම ගොඩක් ස්තූතියි. ❤️

 

Comments

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-