ඇණ පිලිබදව චෞ ෂීශු හැර අන් කිසිවෙකු නොදන්නා රහසක් විය.එදා සිට මේ දක්වා එය දැනසිටි ඉතාමත් සුළුපිරිස මෙන්ම ඔහුත් සමගම එම රහස වැළලී යනුඇත.
පුද්ගලයෙකුගේ සිරුරට එකවර ඇණ හතම ඇතුල්කලහොත්
ඔහු ඉක්මනින්ම රෝගාතුර වේ. චෞ ෂීශු වැනි ගැඹුරු ශක්තියක් ඇති කෙනෙකුට පවා මාලිගා දොරටුව
අසලටයාමට පමණක් හුස්ම ඉතුරු වනුඇත.ගේට්ටුවෙන් පිටව යාමටත් පෙර ඔහු අප්‍රාණික මස් ගුලියක්
බවට පත් වනු නොඅනුමානය.
නමුත් ඔබ මාස තුනකට වරක් එක් ඇණය බැගින්
සිරුරේ රදවාගන්නේ නම්, ඒවා ඔබේ ශරීරයෙන් වෙන්කර හදුනාගත නොහැකි
වනලෙස ශරීරය ඇණ වලට අනුවර්තනය වේ.වසර තුනකින් මරණය නොවැළැක්විය හැකි වුවද, මාස දහඅටක මාරාන්තික වේදනාවක් පැවතියද ,
තවමත් ඔබට ඔබේ මූලික ශක්තියෙන් අඩක්වත් රඳවා තබා
ගත හැකිවේ.එසේම ඔබට සම්පූර්ණයෙන්ම සාමාන්‍ය පුද්ගලයෙකු ලෙස හැසිරීමටද හැකිවේ .
මෙම ක්‍රමය මිනිසුන්ව වේදනාවෙන් පිස්සු
වට්ටන බව පැවසුනත් කටකතාව පදනම් විරහිත බව සොයාගන්නට ලැබීම චෞ ෂීශුගේ සතුටට හේතුවිය.ඔහු
තවමත් හොද සිහියෙන් සිටියා පමණක් නොව,ඔහු
මෙතරම් සතුටින් සහ සාමයෙන් සිටි වෙනත් කාලයක් ඔහුගේ ජීවිතයේ නොමැති බව ඔහුට දැනුනි.
ස්වර්ගයේ කවුළුව හැර ගිය අයගේ සෑම පියවරක්ම
සංවිධානයේ නිරීක්ෂණයට ලක්වේ.ඔවුන් කවුරුන්ද ? ඔවුන් පිටත්ව ගිය ස්ථානය හෝ ඔවුන් මිය ගිය ස්ථානය පිළිබඳ තොරතුරු සියල්ල
විස්තරාත්මකව වාර්තාගත වේ.සංවිධානයේ ජාලය යෝධ මකුළු දැලක් බඳු වූ අතර, ඔබ අවසන් හුස්ම හෙළන තුරු එයින් ගැලවීමට තැත්කිරීම
නිෂ්ඵල වනුඇත.
චෞ ෂීශුගේ වාසනාවට ඔහු ගතකළ පරිත්‍යාගශීලී
ජීවිතයෙන් ඔහු විශ්වාසවන්තයින් කිහිප දෙනෙකු රැස් කර ගෙන සිටියේය.
ස්වර්ගයේ කවුළුවෙහි නායකයා ලෙස සියලු ශිල්පයන්හි
ප්‍රවීණයෙකු වීමට අධිරාජ්‍යයා විසින් චෞ ෂීශුව පුහුණු කරන ලද අතර චෞ ෂීශු සටන් කලාවන් සහ වෙස්වළාගැනීමේ අතිදක්ශයෙකු විය.ඔහු
ජන සමූහයක් අතරට එක් වන මොහොතේ පටන් ඔහුව වෙන්කර හඳුනා ගැනීම දුශ්කරය.
එයාකාරයෙන් මාලිගාවේ සිටි වඩාත්ම බියකරු
පුද්ගලයා අතුරුදහන් විය.ඔහු වෙනුවට සිහින් අශ්වයෙකු පිට නැගී,පිදුරු කටේ ගසා ගෙන ජන ගී මුමුණමින් යන,
දුගී පෙනුමැති නිදැල්ලේ සරන්නෙකු ජනයා අතරට එක්වූයේය.
ඔහු ඇත්තෙන්ම සංවිධානයේ ජාලයෙන් මිදුණු
පළමු පුද්ගලයාය.
ඔහුගේ මුහුණේ සම්පූර්ණයෙන්ම පිරිපහදු නොකළ
අසනීප පෙනුමැති ලප වලින් පිරුණු වෙස් මුහුණක් විය.එබැවින් එම වෙස්වළාගැනීමෙන් පසු බැලූ බැල්මටම ඔහුව පෙනුනේ මරණය අද්දර සිටින්නෙකු
මෙනි.
ගං ඉවුරේ සිට වතුර බොන අතරතුරේ තමාගේ පෙනුම
නිරීක්ෂණය කල චෞ ෂීශුට හැගුනේ, මෙම පෙනුම ඔහුගේ තත්වයට හොඳින්ම ගැලපෙන
බවයි. ඔහු තම වෙස්වළා ගැනීම දෙස බලන තරමටම ඔහු එයින් තෘප්තිමත් විය. පහසුවෙන්ම පාර
අයිනේ තිබූ ගොවි නිවසකින් සරල ඇඳුම් කට්ටලයක් සොරකම් කල ඔහු තමන්ගේ සළු ගලවා පුළුස්සා
දැමුවේය.ඔහුගේ ඉණෙහි බැද තිබූ පැරණි ප්ලාස්කුව අඩක් සහල් වයින් වලින් පුරවා ගත්තේය.
චෞ ෂීශු මෙතෙක් කාලයක් මාලිගාවේ අදුරු මුල්ලක
සගවාගෙන සිටි ඔහුගේ නම කිසිවිටෙක භාවිත නොකල බව වටහා ගැනීමෙන් පසු අන්වර්ථ නාමයක් භාවිතා
කිරීමේ අදහස සතුටින් ඉවත දමා ඔහුගේ ගමන ආරම්භ කළේය.
ඔහුගේ ගමනාන්තය කුමක්ද කියාවත් ඔහු සිතුවේ
නැත.මගදිගේ සිටින දුප්පතුන්ට උදව් කිරීමටත් , තමන්ට සරලව දිවිගැටගසා ගැනීමටත් හැකිවන පරිද්දෙන් කුඩා කුඩා මංකොල්ලකෑම්
කරමින් අවසානයේ , හොද තැනක් ලෙස පෙණුනු ජ්‍යංග්නන් වෙත යාමට
ඔහු තීරනය කළේය.
කෛෆං සහ ෆංලෛ පසුකර ගිය ඔහුට මාස තුනකට
පසුව, අවසානයේ ජියැංග්නන්හි වර්ණවත් දර්ශන සියැසින්ම
දැකබලා ගැනීමට හැකිවිය.
ඔහු වඩාත්ම ප්‍රසිද්ධ තැබෑරුමේ වයින් ගබඩාවට
රිංගා පැණිරස කැසියා වයින් (1)සියල්ලම උත්සාහ කර බීමත්කමේ ගිලී ගියේය.මේ
තරම් සතුටක් ජීවිතයේ තවත් නැති තරම් ඔහුට උද්දාමයක් සහ පාවෙන බවක් දැනුනි.
දින දහයකට පසු, තමාව හසුවීමට ආසන්න බව වැටහුණු චෞ ෂීශු අවසානයේ
තීරණය කලේ වයින් හොද වුවත් එහි රසය පැරණි නිසා තවදුරටත් ඊට කැමැත්තක් නැති බවයි.එනිසා
ඔහු රිදී කැබලි(2) කිහිපයක් තබා එතැනින් පිටව ගියේය.
එම දින දහයෙන් පසු ඔහුගේ පෙනුම තවත් නරක
අතට හැරී තිබුණි.කෙට්ටු වුණු සිරුර හා පැහැදිලිවම පෙණෙන ලෙස රෝගාතුර වූ මුහුණ නිසා
ඔහුගේ පෙනුම වඩාත් කාලකණ්ණි වූ අතර වයින් දුගද හමන ඇඳුම් සහ ඇවිස්සුණු කුරුලු කූඩයක්
වැනි හිසකෙස් ඔහුගේ යාචක පෙනුම සම්පූර්ණ කළේය.
හිගන ස්වරූපයෙන් ඔහු පාර අයිනේ ඉඳගෙන අව්ව
තපිමින් සිටියදී,තඹ කාසියක් අත්ලෙහි තබාගෙන පැමිණි තරබාරු
කුඩා ගැහැනු දැරියක් එය දැමිය යුත්තේ කොතැනටදැයි සිතාගත නොහැකිව ඔහු වටා විපරම් කළාය."ඒයි
මාමේ(3), කෝ ඔබේ පාත්‍රය?"කෙටි සෝදිසියෙන් පසු ඇය ඇසුවාය.
වැඩිහිටි ඥාතියෙකු විසින් ඇයව වහාම එතැනින්
රැගෙන ගියේ ,ඔහු සිනාසිය යුතුද ඇඩිය යුතුද යන්න සිතාගත
නොහැකිව බලාසිටියදීය.
වසර ගණනාවක් ගත වී ඇත.ඔහුගේ සමීපතමයන්ගෙන්
බොහොමයක් දෙනා දැන් නැත.සමහරු මියගොසින්, සමහරු කනස්සල්ලෙන් පසුතැවීමෙන් දිවිගෙවන අතර තවත් සමහරුන් පිටුවහල් කරලා.දෑත්
දෙපා විහිදාගෙන බිත්තියකට හේත්තු වුණු චෞ ෂීශු අව්වතැපීමෙන් තෘප්තිමත් විය.අවඥාවෙන්
දෙතොල් කොනක් රැළි කරගත් හෙතෙම,මෙතරම් කාලයකට පසු ඔහුට සැබෑවටම අවශ්‍ය
කුමක්ද ? ඔහුගේ ආශාව කුමක්දැයි සිතන්නට ගත්තේය.
ඔහු නොමේරූ තරුණයෙකු ලෙස සිටින අවධියේ දී
,ඔහු කෙතරම් දක්ශද ? කෙතරම් උපායශීලීද යන්න ? සටන්කාලාවට ඔහුගේ පැවති දක්ශතාවය පිලිබදව ඔහුට ලැබෙන
ඕනෑම ප්‍රශංසාවක් පිලිගනිමින් , ඔහු සෑම විටම තමා උසස් කෙනෙකු ලෙස සලකනු
ලැබීය.ඔහු සිතුවේ ජීවිත කාලය තුළ යමක් සාක්ෂාත් කර ගැනීමට උත්සාහ නොකිරීම මනුෂ්‍යත්වයට
කරන විශාලතම නාස්තියක් බවයි. නමුත් දැන්??? දැන් ඔහු ඒ ගැන සිතන විට, ඔහුට ඇත්තටම අවශ්ය වූයේ කුමක්ද? ඔහුට අහිමි වූයේ කුමක්ද?
අදුරේ හිදිමින් රාජකීයයන්ට සේවය කිරීමට
ඔහු තමන්ගේ නිදහස ඉවතදමා තිබුනි. ඔහුගේ ජීවිතය නිමක් නැති කවයක ගිලීතිබුණි.ඔහුට මෙතෙක්
කල් හිමි වූ , හිමිවන ඕනෑම දෙයක් ඔහු කළ ක්‍රියාවන්ට වන්දියක්
විය යුතුය. ඔහු දැන් හිස් අත් ඇති හුදෙකලා මිනිසෙක් වූ අතර ඔහුගේ ජීවිතය අනතුරේ හෙළමින්
කල ජයග්‍රාහී පලායාමේ සැලැස්මෙන් ඔහුගේ මොළය වෙහෙසට පත්ව තිබුනේය. ඔහු පවා සිතුවේ ඔහු
සාර්ථක වීම කොතරම් දක්ෂද කියාය.
ඔහුට හදිසියේම ආත්මානුකම්පා වක් දැනෙන්නට
සිය.වඩාත්ම මෝඩ ලෝකයේ පවා වඩාත්ම මෝඩ මිනිසා තමන් බව ඔහුට හැඟී ගියේය.
පාර අයිනේ නිකම්ම අව්වේ වාඩිවී ඔහු කෙතරම්
වෙලාවක් සිටියාද නොදත්තේය. කඩිමුඩියේ ඇවිද යන පදිකයින් දෙස බලාසිටීම අඩක් මියගිය ඔහුට
හාස්‍යජනක විය.
අසල තිබූ ආපන ශාලාවකින් දීප්තිමත් තරුණ
කාන්තා කටහඬක් නැඟිණි." ස්වාමීනී! (4)ඔබ දැක්කද අර මිනිසා? ඔහු හිගන්නෙක් නම් ඔහු ලග පාත්‍රයක් නැත්තෙ ඇයි?
ඔහු හිගන්නෙක් නෙවෙයි නම් ඔහු මුලු උදෑසන
පුරාවටම කිසිවක් නොකර වාඩිවී මෝඩ ලෙස සිනාසෙමින් ඉන්නෙ ඇයි? ඔහු මෝඩයෙක්ද ? ඔබ එහෙම හිතන්නෙ නැද්ද ?"
චෞ ෂීශු ට ඔහුගේ සටන්කලා කුසලතාවලින් අඩක්
පමණ අහිමි වුවද ඔහුගේ ශ්‍රවණ හැකියාව වෙන කවරදාටත් වඩා විශිෂ්ට විය.තරුණිය සිටියේ ඝෝෂාකාරී
තැනක වුවත් ඇය උස් හඩින් කතානොකලත් ඇය පැවසූ දෙයින් වචනයක්වත් ඔහුට මගහැරුනේ නැත.
නිශ්ශබ්දව තමාටම සමච්චල් කරගැනීමට පෙර චෞ
ෂීශු ට පිරිමි කටහඬක් පිළිතුරු දෙන බව ඇසිණි."ඔහු නිකම්ම අව්ව තපිනවා විතරයි
"
සෑම වචනයක්ම සෙමින් හා පැහැදිලිව උච්චාරණය
කරන ලද ගැඹුරු පිරිමි කටහඩ ඇසීමට ඉතාම ප්‍රසන්න විය.
චෞ ෂීශු හට හිසඔසවා බැලීම වළක්වා ගත නොහැකි
විය. ඔහුට මුහුණ ලා ඇති ආපන ශාලාවේ දෙවන මහලේ බැල්කනියට හේත්තු වූ දම් පැහැති ඇදුමින්
සැරසුණු රූමත් තරුණියක් අසල අළු පැහැති ඇඳුමින් සැරසුණු මිනිසෙක් වාඩි වී සිටියේය.සුදුමැලි
පැහැයක් තිබූ ඔහුගේ අඳුරු ඇස් වලට සියලු දීප්තිය ගිල දැමිය හැකි බවක්
පෙනෙන්නට තිබුණි.ඔහුගේ ස්වරූපය ,මුහුණුවර විශේෂයෙන්ම වෙනස් බවක් දිස්විනි.සැබෑවටම
ඔහු එතරම් මිනිසෙකු ලෙස පෙණුනේ නැත.චෞ ෂීශු හිස ඔසවා බැලූ මොහොතේ ඔවුන්ගේ දෑස් හමුවිය.
අළු පැහැයෙන් සැරසුණු මිනිසා මුහුණේ කිසිදු
ඉරියව්වක් නොමැතිව ආපසු හැරී බලා හිස ඉවතට හරවා ගත්තේය.ඔහුගේ අවධානය නැවත ආහාරය වෙත
යොමු විය.
නාඳුනන මිනිසුන් පිරුණු මේ විශාල මුහුදේ,කෙසේ හෝ තවමත් ඔහුව තේරුම් ගත හැකි කෙනෙකු හමුවූයේ
කෙසේද යන්න ගැන සිතමින් චෞ ෂීශු හඩනගා සිනාසුණේය.
දම්පාට හැඳ සිටි යුවතිය තවමත් දීප්තිමත්
දෙනෙතින් ඔහු දෙස බලා සිටියාය.ටික වෙලාවක් ඔහුව නිරීක්ෂණය කළ ඇයට තම කුතුහලය තවදුරටත්
යටපත් කර ගත නොහැකි විය.ඇය සමඟ සිටි මිනිසාට යමක් පවසා උද්යෝගයෙන් පහළට පනිමින්,
ඇය චෞ ෂීශු වෙත ආවාය.“ඒයි හිඟන්නා, මම ඔබට කෑම වේලකින් සැලකුවොත් කොහොමද ?"
චෞ ෂීශු ඇයව එතරම් නොතකා කම්මැලි ලෙස හිස
වැනුවේය, "මම කැමතියි ඔබ මට වයින් මිලදී ගත්තා නම්,
කරුණාවන්ත තරුණ නෝනා"
දැරිය මනරම් ලෙස සිනාසෙමින්, අළු ඇදුමින් සැරසුණු මිනිසා දෙසට හැරී කෑගැසුවාය.“ස්වාමීනී,මේ මෝඩයා මම කරුණාවන්තයිලු”
ඔහු ඇයට ඇහුම්කන් දෙන බවක් පෙනෙන්නට නොතිබුණි.ඔහු
ඇය වෙත අවධානය යොමු කළේ නැත.ඒ මොහොතේ අහස කඩන් වැටුනත් ඔහු තවමත් ඔහුගේ ආහාර වේල ගැන
සැලකිලිමත් වනු ඇත.
ඇය නැවතත් ඇසුවාය, “අනිත් හැමෝම ඉල්ලන්නෙ ආහාර.ඔබ මෙතරම් ආශාකරන වයින්වල
ඇති හොදක් තියෙනවද? බිව්වොත් බඩ පිරෙනවද?”
ඇය ඉතා ලස්සන බව දුටු ඔහුට විහිළු කිරීම
නතරකරගත නොහැකි විය. “ඔබ දන්නේ නැද්ද? වයින්වලට ලස්සන කාන්තාවන් ආකර්ෂණය කර ගත හැකියි.”
ඔහුගේ පිළිතුරෙන් තරුණ කෙල්ල පුදුමයට පත්
වූවාය.ඇය පාලනය කරගත නොහැකි ලෙස සිනාසුනාය.සැබවින්ම ජ්‍යංග්නාන්හි සුන්දර මිනිසුන්
පිරී සිටි හෙයින් වාසනාවේ කාන්තාව තමා දෙස බලා සිනාසුණාක් මෙන් චෞ ෂිෂුට හැඟුණි. ඔහු
සුසුම්ලමින් ඇයව අගය කළේය, “පින්වත්
සුන්දර තරුණ නෝනා, මේ දුප්පත් මහලු මිනිසාට අනුකම්පා කරන්න.මිනිසුන්ගේ
දුක්ඛිත තත්වයට සිනාසීම හොඳ නෑ(5)”
තවත් වරක් ඇය පුදුම වූවාය. "ඔබ
දැන් පණ්ඩිතයෙක් වගේ හැසිරෙන්න පටන්ගත්තද?" විදුලි වේගයෙන් ඔහුගේ ඉන වටා වූ වයින් ප්ලාස්කුව
ලිහා ගත් ඇය නැවත තැබෑරුම වෙත දිව ගොස් මිනිත්තු කිහිපයකින් ආපසු පැමිණියාය.
චෞ ෂීශු වයින් කුප්පිය ආපසු ගැනීමට සැරසුනද
,ඇය සිනහවෙමින් පසුගාමී වූවාය."මම
ඔබෙන් දෙයක් අහන්නම්.ඔබ එය නිවැරදිව තේරුම් ගත්තොත් තවත් බොහෝ දේ සමග මම මෙය ඔබට ආපසු
දෙනවා.ඔබට පිළිතුරු දෙන්න නොහැකිවුනොත් මම මේකට වස දාලා ඔබේ බඩ කුණු වෙන්න සලස්වන්නම්"
ලස්සන මුහුණක් පිටුපස මොනතරම් කරදරකාරී
ආත්මයක්ද? චෞ ෂීශු අසරණ ලෙස සිනාසුණේය.“මම ඒ කුප්පිය දිනුවේ වෙනත් මහලු යාචකයෙකුගෙන්. ඔහුතමයි
දන්නෙ ඒකෙ උකුණො කොච්චර ඉන්නවද කියලා.ඔබට අවශ්‍ය නම් ඔබට ඒක ගන්න පුළුවන්.ඇත්තටම ඔබ
එහෙම කරනවනම් මම වඩාත් සතුටුයි”
ඇය ඇස් කරකවමින් සිනාසුනාය. “ඉතින් මම ඔබට ගෙනා මේ වයින් සියල්ලම නිෂ්ඵලද?
ඔබ මාව හොදටම කේන්ති ගස්වනවා.මට ඔබව මරන්න
හිතෙනවා "
මේ පුංචි යක්ශනී, ඇගේ සුන්දරත්වය මොනතරම් නාස්තියක්ද කියා සිතූ ඔහු
අවසානයේ එකඟ විය, "හොදයි
එහෙනම්,අහන්න මගෙන් "
"පාත්‍රයක්වත් නොමැතිව ඔබ මෙහි හිඟාකන්නේ
ඇයි?”
චෞ ෂීශු ඇය දෙස බැලුවේය."කව්ද කිව්වෙ
මම මෙතන හිගාකනවා කියලා ? ඇත්තටම මං නිකම්ම මෙතන මුල්ලට වෙලා අව්ව තපිනවා විතරයි"
දැරිය තිගැස්සී,වහාම හැරී ආපන ශාලාවේ දෙවන මහලේ සිටි මිනිසා දෙස
බැලුවාය. ඔහුටද සුවිශේෂී ශ්‍රවණයක් තිබූ බව පැහැදිලිය.නමුත් සංවාදයෙන් පසු තත්පරයකට
පමණක් නිශ්චල වූ ඔහු කිසිඳු සැලකිල්ලක් නොදක්වා නැවතත් තම ආහාර වේලට අවධානය යොමුකලේය.
ඇය මදක් ව්‍යාකූලව හිස ඔසවා හිරු දෙස බැලුවාය."ඇයි
මට පේන්නෙ නැත්තෙ ඒකෙ වටිනාකමක්?"
චෞ ෂීශු ඔහුගේ හිස සෙලවමින් බලාසිට තරුණියගේ
අවධානය ගිලිහුණු මොහොතේම ඉක්මනින් වයින් ප්ලාස්කුව ආපසු උදුරා ගත්තේය. ඇය කෑගසමින්
ඔහු දෙස වික්ෂිප්තව බලා සිටියාය.හිගන පෙනුමැති මිනිසා ඇයව ඇමතුවේය."ඔබ තවමත්
තරුණයි පුංචි නෝනා,ඔබට
කිරීමට අවශ්‍ය බොහෝ දේ ඇති. ඔබේ ජීවිතය හොඳම ලෙස ගත කිරීමට ඔබේ කාලය ප්‍රයෝජනයට
ගැනීම ස්වාභාවිකය.මට??? මම දැනටමත් එක අඩියක් මිනීවලේ තබාගෙන සිටින්නෙක්.මගේ මරණය බලාපොරොත්තුවෙන් මත්පැන් පානය කිරීමත්,
අව්ව තැපීමත් හැර මට වෙන කුමක් කළ හැකිද?
”
ඔහු තලුගසමින් එක හුස්මට වයින් කුප්පිය
හිස් කළේය.“හොඳ වයින්! බොහොම ස්තුතියි, තරුණ නෝනා!"
හදිසියේ ක්‍රියාත්මක වූ ඇය ක්ශනිකව ඉවත්ව
යන චෞ ෂීශු වෙත කඩාපැන්නාය.දැරිය ඇගේ කුංෆු ඉතා දක්ෂ බව සැලකුවාය. නමුත් අනපේක්ෂිත
ලෙස, මිනිසා අතේ දුරින් සිටියත්,ඇය ඔහුව ස්පර්ශ කිරීමටවත් සමත් වූයේ නැත.සෙනඟ අතරට
වැදුණු යාචකයා නොබෝ වෙලාවකින්ම ඔවුන් අතරේ අතුරුදහන් විය.
ඇය ඔහු පසුපස හඹා යාමට සැරසෙද්දී උඩුමහලේ
සිටි පුද්ගලයා ශාන්ත ස්වරයෙන් ඇයව ඇමතුවේය."අහ්-ෂියැං(6), ඔබට ප්‍රමාණවත් තරම් හැකියාවක් නැති වුනත් ඔබේ ඇස්
පෙනීම එතරම් නරක බව මම දැන සිටියේ නෑ.තවදුරටත් ඔබවම අපහසුතාවයට පත් කරගැනීම නවත්වන්න.
”
ඔහුගේ ස්වරය කෙඳිරිළි හඩකට වඩා මදක් උස්
විය.ප්‍රබල නොවුනත් එය දෙවන මහලේ සිට ජනාකීර්ණ වීදිය හරහා කෙලින්ම ගැහැණු ළමයාගේ කන්
වෙත ලගාවිය.
තම ස්වාමියා ඉදිරියේ හදිසි තීරණ ගැනීමට
ඇය නිර්භීත නොවූවාය.නැවත ආපන ශාලාව වෙත යාමට පෙර ඇය දුර්මුඛව පදිකයින් දෙස මොහොතක්
හැරී බැලුවාය.
මේ අතරේ, චෞ ෂීශු කොතැන ගියත් ඔහු සමග රැගෙනයන වයින් ප්ලාස්කුවත් සමඟ වැනෙමින්
සිටියේය.ජ්‍යැංග්නන්හි ජල මාර්ගවලින් පිරී ඇති බවට කටකතා පැවතිණි.නමුත් කුඩා පාලමක්
ඔස්සේ යමින් පහළ බැලූ චෞ ෂීශු ට හැගුනේ කටකතා එතරම් සත්‍ය නොවන බවයි.
නගරයේ කිසිදු තානායමක් ඔහුව පිලිගන්නේ නැතිබව
වටහාගත් ඔහු නගරයෙන් පිටත ගං ඉවුර දිගේ ඇවිද ගියේය.
ගඟේ කුඩා ධීවර යාත්‍රා තිබූ අතර ඒවා මගීන්
සඳහා පාරු ලෙසද ක්‍රියා කළේය. එය වසන්ත සමය වූ බැවින් බෝට්ටු සියල්ලම පාහේ නරඹන්නන්ගෙන්
පිරී තිබුණි.සෑහෙන මහන්සියකින් පසු චෞ ෂීශු යාත්‍රාංගනයේ තම බෝට්ටුව නැංගුරම් ලාගෙන
සිටි ධීවරයෙකු සොයා ගත්තේය.
කළු රුවල් සහිත මෙම යාත්‍රාවද අනෙක් කාර්යබහුල
යාත්‍රා අසලම පාවෙමින් තිබුණි.මෙතරම් ජනාකීර්ණ ස්ථානයක මේ යාත්‍රාව පමණක් හිස්ව තිබීම
ඔහුට ප්‍රෙහේලිකාවක් විය.ධීවරයා වෙරළේ,ඔහුගේ
පිටුපසට නැමී, පිදුරු තොප්පියකින් මුහුණ වසාගෙන නිදාගෙන
සිටියේය.අළු හිසකෙස් සහිත හිසක් පමණක් පිටතට පෙනෙන්නට තිබුණි.චෞ ෂීශු ඔහු අසල වාඩි
වී, මහලු මිනිසා අවදි වන තෙක් බලා සිටියේය.
නමුත් මිනිත්තු කිහිපයකට පසු, ධීවරයාට තවදුරටත් නිදා ගැනීමට නොහැකි විය.ඔහු පිදුරු
තොප්පිය ඔහුගේ මුහුණෙන් ඉවතට ඇද දමා කේන්තියෙන් චෞ ෂීශු දෙස බැලුවේය."මොන මගුලක්
ද?...හෙන ගහන්ඩ !උබට පේන්නෙ නැද්ද මං නිදාගෙන
ඉන්නවා කියලා ?"
චෞ ෂීශු කිසිසේත්ම අමනාප වූයේ නැත,
"ඒයි මනුස්සයො, ඔහේට කීයක්හරි හම්බකරගන්න වුවමනාවක් නැද්ද ?"
ධීවරයා නැවතත් ශාප කළේය.“උබ පුංචි ජරාගොඩ ! උබේ කට තියෙන්නෙ කතා කරන්නද නැත්නම්
පඩ අරින්නද ? මගුල් කියවන්නෙ නැතුව උබට යාත්‍රාව අවශ්‍ය
නම් ඒක කියපං"
පිටුපස ගසාදමමින් ඔහු නැගීසිටියේය. නමුත්
චෞ ෂීශු තවමත් වාඩි වී සිටින බව දුටු විට ඔහුගේ කෝපය නැවතත් පුපුරා ගියේය. "තමුන්
දැන් බිමට ඇලිලාද?"
චෞ ෂීශු ඇසිපිය හෙළුවේය,අනෙක් යාත්‍රාමෙන් නොවී මෙම යාත්‍රාව පමණක් හිස්ව
නිකරුණේ තිබුනේ මන්දැයි ඔහුට හදිසියේම වැටහුණි. ඔහු නැඟිට මහලු මිනිසා පසුපස ගියේය.
"ඔබ ලග කන්න මොනවා හරි තියෙනවද? ඉතුරු වුණු බත් ටිකක් වුනත් කමක් නැහැ"වයසක ධීවරයාගේ සාපකිරීම් මද්‍යයේම ඔහු ලැජ්ජාවකින්
තොරව ඇසුවේය.
මහල්ලා කෙළ ගැසුවේය."හහ්! කුසගින්නෙන්
පෙළෙන පුනරුත්පත්ති අවතාරයක්ද (7)? ". මදක් සෝදිසි කල ඔහු පැහැදිලිවම පෙනෙන පරිදි දත් සලකුණු වැදී තිබුණු රොටියක් බාලයා වෙත විසිකලේය.
යාත්‍රාව වෙත යමින්,කිසිදු සැලකිල්ලක් නොමැතිව එය සපා කෑ චෞ ෂිශු සිනාසුණේය.
ධීවරයා ඔරු පැදීම ආරම්භ කළේය.ඔහු තවමත් කේන්තියෙන් දුම් දමමින් චෞ ෂීශු වෙත බැලුම් හෙලුවේය."මේ
මගුල..!"
-----------------
2- 銀子 (yínzi) පුරාණ චීනයේ මුදල් ඒකකයක් ලෙස භාවිතා වූ
සම්මත ප්‍රාමාණයේ රිදී කුට්ටියක්
3- 大叔 (dàshū), ඥාති නොවන වැඩිහිටි පිරිමින් ඇමතීමට භාවිතවන
යෙදුමක්.
4- 公子 (gōngzǐ), 公子 (gōngzǐ), තරුණ වංශවත් පිරිමින් ඇමතීමට භාවිතා කරන යෙදුමක්.
5- Liu Xiyi විසින් රචිත The Old Man's
Great Sadness කවියෙන් පේළි දෙකක්.
6- 阿 (අහ්) යනු සමීප සම්බන්ධතාවයක් ඇති පුද්ගලයින්
අතර භාවිතා කරන ආදරයේ උපසර්ගයකි; චරිතයේ
මුල් නම Xiang පමණි.
7- මරණයට පෙර තම ජීවිතයේ අකුසල කර්ම කළ මිනිසුන්ගේ
ප්‍රේතයන් නිරයට වැටෙන අතර ඔවුන් සදාකාලිකව කුසගින්නෙන් පෙළෙති
නියමයි .දිගටම ලියන්න 👍👍💖
ReplyDelete🥰
Delete❤️❤️❤️❤️❤️
ReplyDelete🥰
DeleteNiyamai halo
ReplyDeleteThanks 🥰
DeleteThenk you oyata lassana pariwarathayak denawata godak ආදරෙයි
ReplyDeleteආදරෙයි 🥰
Delete💚💚💚💚💚💙💙
ReplyDelete🥰
Delete😍😍😍😍😍
ReplyDelete🥰
Delete😘😘😘😘
ReplyDelete🥰
DeleteThenk you sudu
ReplyDelete💚💚💚💌💌💌😍😍😍😍
ReplyDelete