ජාඕ සූයි පන්සලට රාජකීය ආහාව පැමිණියේ ඉකාමත් කඩිනම්ව වූ හෙයින් , ඔෙන් ස'චුආන්ට හෝ ෂ්‍යාඕ චීයේට සිය නිළ ඇඳුම් ඇගලා ගැනීමට කාලයක් නොලැබුනේ ය. සියල්ලෝම එළිමහනට ගොස් රුස්වී දණින් වැටී සිටියහ. ආහාව භාර දීමට එහි පැමිණ සිටි නපුංසකයා වෙතින් දිස්වූයේ නුහුරු නුපුරුදු බවකි. එය ප්‍රකාශ කරන්නට නිර්භීත නොවූ ඔහු, වහා රාජකීය ආහාව කියවවන්නට පටන් ගත්තේ තමා ඉදිරියේ සිටි පුද්ගලයා එය පිළිබදව අපේක්ෂාවෙන් පසුවූ බව දුටු පසුව ය.
නපුංසකයා රාජකීය ආහාව පුකාශයට පත්කර අවසන ඉදිරියට නැමී ආචාර කළේ ය , හේ ෂ්‍යාඕ චීයේ ට පැවසුවේ ය, "ආණ්ඩුකාරධිපති සෙනෙවිතුමා සෙනෙවිතුමනී, කරුණාකරලා නැගී සිටින්න!"
ෂ්‍යාඕ චීයේට රාජකීය ආඥාව ලැබුණු අතර , චෙන් යැං වහා තේ පැන් සූදානම් කරන්නට යමෙකු කැඳවා ගත්තේ ය. ත
"ජාඕ සූයි පන්සල පුරා තවමත් ඒ වසංගතයේ සලකුණු රැදිලා තියෙනවා." ෂ්‍යාඕ චීයේ පැවසුවේ ය, 'ඉතිං අද මං ගොංගොං ට අසුන්ගන්න කියලා ඇතුලට ආරාධනා කරන්න වෙන්නේ නැහැ."
" පුතිරාජ දෙනෙවිතුමාත් දින ගණනාවක් නිදි නොලබාම වෙහෙස වෙලා වැඩ කළා නේද. මුළින්ම අසුන්ගන්න ආරාධනා කරන්න ඕනේ ප්‍රතිරාජසෙනෙවිතුමාට නේද?." නපුංසකයා තේ පැන් උගුරු කිහිපයක් පානය කළේ ප්‍රීතියෙන් යුතුවය, ඉන්පසු ඔහු තම නළල රුළි ගන්වාගෙන පවසන්නට විය, "මේ තේ පැන් කීර්තිමත් පුද්ගලයන්ට සුදුසු වෙන්නේ කොහොමද? ප්‍රතිරාජසෙනෙවිතුමා, දැන් අධිරාජ්‍යයා අවදි වෙලා තියෙන නිසා, මහලේකම් කාර්යාලයේ වැඩිහිටියා අනුව, ගෞරවනීය විනිසුරුතුමාටත් ඔබටත් විවේක ගන්න පුළුවන්."
"තවමත් ලෙඩ රෝගවලින් පෙළෙන අය තවම ඉන්නවා. මම ඉන්නේ නිල රාජකාරියේ නේද? මම නොසැලකිලිමත් වෙන්න එඩිතර වෙන්නේ නැහැ. " ෂ්‍යාඕ චීයේ ප්‍රියමනාප හුවමාරු කරගැනීම් කිහිපයක් හරහා නපුංසකයා දැන හඳුනා අතරේ සැහැල්ලු ලෙස පවසා දැමුවේ ය. දෙදෙනාම එළිමහනේ හිඳ තේ පානය කරමින් සිනහ නගමින් අදහස් හුවමාරු කරගත්තෝ ය " උතුමාණන්ට සිහිය ආවේ අද ද?" ෂ්‍යාඕ චීයේ ඇසුවේ ය.
මේ නපුංසකයාගේ නම ෆූමන් ය, හේ පිළිතුරු දුන්නේ ය, "එය නිවැරදියි. ඔහු අද උදෑසන අවදි වුනා විතරයි. මාළිගයේ හැම න්‍යන්න්‍යැන් කෙනෙක්ම ප්‍රිතියෙන් කදුලැළි පිස දමනවා. වැන්දඹු අධිරාජිණිය පුද්ගලිකව ම ඖෂධ පිළිබඳ රාජකීය විද්‍යාලයට උපදෙස් දුන්නා උතුමාණන්ව රැකබලාගන්න කියලා."
මෙම අධිරාජ්‍ය ආඥාවෙහි සඳහන් සියල්ල හුදෙක් විධිවිධාන විය. මේ කාලය පුරා ඔවුන්ගේ ඉක්මන් ක්‍රියාමාර්ග සහ කාලීන ආරක්‍ෂාව වෙනුවෙන් ඔවුන් හුදෙක් රාජකීය හමුදාවට , රාජකීය ආරක්ෂකයින්ට සහ ආදායම් අමාත්‍යාංශයට ප්‍රශංසා කළහ. නමුත් ඔවුන්ගේ ත්‍යාග පිළිබඳ විස්තර සඳහන් කර තිබුනේ ඉතාමත් කෙටියෙනි.
ෆුමන් නිල වශයෙන් වැඩ භාරගෙන ඇති අතර, ඔහු සාමාන්‍යයෙන් සේවය කළේ මහා ලේකම් කාර්යාල පරිශ්‍රයේ ය. මහා ලේකම් කාර්යාලයේ නිලධාරීන් නපුංසකයන්ට අවමන් කළ අතර, විශේෂයෙන්ම හායි ලියැංයී, නපුංසකයන් පිළිකුල් කළේය. ඒ නිසා ෆුමන් මීට පෙර රාජකාරියේ යෙදී සිටි සෑම අවස්ථාවකම ඔහුට හායි ලියැංයි දෙස කෙලින්ම බලන්නට පවා නොහැකි වූයේ ය. ඔහුට පසෙකට ගොස් දණින් වැටී පිළිතුරු දෙන්නට සිදු විය. හායි ලියැංයී ඔහුගෙන් කුමක් ඇසුවත් ඔහු පිළිතුරු දුන්නේ එලෙසය. ඔහු විහිළු කරන්නට හා කෝප ගන්වන්න ට එඩිතර වූයේ නැත, සිනහවක් හෝ පිට නොකළේ ය. දැන් ඔහුට මෙහි ලැබී තිබුණේ උණු තේ කෝප්පයක් පමණක් නොවේ; ප්‍රතිරාජසෙනෙවි ෂ්‍යාඕ ස්වභාවයෙන්ම නොසැලකිලිමත් සහ සුළු සුළු දේවල් ගැන තැකීමක් නොකරන මිනිසෙකු වන ආකාරය ද ඔහු දුටුවේය. මේ අනුව, ඔහු ක්‍රමක්‍රමයෙන් ඔවුන් කතා කරන විට ලිහිල් විය, ෂ්‍යාඕ චීයේට සහය වීමේ අභිප්‍රායෙන් යුතුව ඔහු මෙම අවස්ථාව දෙවැන්නාට පහසුවක් වන සේ භාවිතා කළේ ය.
"මේ නිහතමානී දාසයා මේ දවස්වල මහ ලේකම් කාර්යාලයේ වැඩිහිටියට තේ පැන් පිළිගන්වන්න හැම තැනම දුවමින් කාර්යබහුල වෙලයි ඉන්නේ. ඉතින් මේ නිහතමානී දාසයාට අඩු වැඩි වශයෙන් ආණ්ඩුකාරාධිපති සෙනෙවිතුමා ගැන සමහර කටකතා අහන්න ලැබිලා තියෙනවාැ." ෆුමන් පියවර ද්විත්වයක් පසෙකට ගෙන නිහඬ ස්වරයෙන් කීවේය.
ප්‍රකාශනයේ වෙනසක් නොකළ ෂ්‍යාඕ චීයේ, අනෙකුත් අයට පිටව යන්නට සංඥා කරන්නට හස්තයක් ඔසවාලූයේ ය. ෆූමන්ගේ උරහිස වටා අත දමාගත් ඔහු, පවසන්නට විය. "එහෙනම් ඔබ තමයි ලේකම් කාර්යාලයේ වැඩිමහල්ලාට සමීපව ඉන්න නව ප්‍රියතමයා. මම ක්‍රියා කරන්නටත් පෙර ම අහසේ කාලගුණය දෙස බලන්නටත් , ඉදිරියේදී ඇති වන කුණාටුව මොනවගේද කියලා අනුමාන කරන්නත් සිද්ධවෙනවා. සමහර විට හෙගාංගොංට පුළුවන් වෙයි ද මට ඉඟියක් දෙන්න?"
ෆුමන් ඉක්මනින් පැවසුවේ ය, "මම ඉඟි ලබා දෙන්න සුදුසුයි කියලා මම හිතන්නේ නැහැ. ස්වෛරීභාවය සහ ජනතාව වෙනුවෙන්, ආණ්ඩුකාරධිපති සෙනෙවිතුමා සෙනෙවිතුමා හෘද සාක්ෂියට එකඟව ඔබේ නිල රාජකාරි ඉටු කරනවා; ලේකම් කාර්යාලයේ වැඩිහිටියාත් මේක දන්නවා. මෙවර ත්‍යාග පිරිනැමීම ගැන සම්බන්ධයෙන් මහ ලේකම් කාර්යාලය දින කිහිපයක් සාකච්ඡා කළා. එික නරක දෙයක් නෙමෙයි. ඔබතුමාට කරන්න තියෙන්නේ ටිකක් බලාගෙන ඉන්න විතරයි!"
ෂ්‍යාඕ චීයේ සිදුකළේ සිනහවක් පෑම පමණකි, "මම මේ වතිවෙනම් ණය තියා ගන්න ආස කරන්නෙ නැහැ. මේ වගේ තත්වයකදි මට විතරක් මේ දේවල් සමථයකට පත් කරලා සාමාන්‍ය වෙන්න බැහැනේ. ත්‍යාගය හුගක් අගනා එකක්නම් මට ටිකක් අපහසුකාරී බවක් දැනේවි."
"අනේ මගෙ දෙවියනේ. ආණ්ඩුකාරධිපති සෙනෙවිතුමා සෙනෙවිතුමනී!" ෆූමන් තම පාදයට ගසාගත්තේ ය. "ඔබ නිහතමානී වැඩියි. මෙහෙවර භාරව ඉන්න රාජකීය ආරක්ෂකයන්ගෙන් අයෙක් නේද ශෙන් ස'චුආන් කියන්නේ?"
"ඒක හරි." ෂ්‍යාඕ චීයේ පැවසීය. "ඔහු හරිම ශීතල අයෙක්."
ඔවුන් අතර එතරම් හොඳ සමායමයක් නොතිබුණ බව දැනගන්නට ලැබී තිබුණු ෆුමන් එක්වරම සිනහ වෙන්නට විය. "කවුද දැනගෙන හිටියේ ආණ්ඩුකාරධිපති සෙනෙවිතුමා සෙනෙවිතුමා මේ වගේ වෙලාවක ඔහු එක්ක හොදින් කටයුතු කරයි කියලා? කාරණය දැනටමත් විසඳිලා නිසා , ඔහුටත් හරිනම් ත්‍යාගයක් පිරිනැමෙන්න ඕනේ. ඒත් ඔහු සේවය කරන්නේ රාජකීය ආරක්ෂකයෙක් විදිහට නිසා , ඔහුට කොහොමද ත්‍යාගයක් ලබා දෙන්නේ? මහ ලේකම් කාර්යාලයට ඔවුන්ගේ සීමාව ඉක්මවා යන්න හැකියාවක් නැහැ. ඒ සේරම රඳාපවතින්නේ අධිරාජ්‍යයාගේ අභිප්‍රායයන් මත."
"නව වසරට පෙර දකුණු විනිසුරු ධූරයට උසස් වීමත් එක්ක ඔහුව බැහැර කෙරුණා. ඔහුට දැන් තවත් ත්‍යාගයක් පිරිනමන්න ඉක්මන් වැඩියි. " ෂ්‍යාඕ චීයේ පවසන්නට විය. "මහ ලේකම් කාර්යාලය විරුද්ධ වුණේ නැද්ද?"
ෆුමන් ප්‍රවේශමෙන් තේ බදුන පසෙකින් තබා පවසන්නට, "ආණ්ඩුකාරධිපති සෙනෙවිතුමා සෙනෙවිතුමා ඔහු නිසා වෙහෙසට පත්වෙලා ඉන්නේ, ඒ නිසා ස්වාභාවිකවම ඔබ ඔහු ගැන සැලකිළිමත් වෙනවා. නමුත් දැන් මහ ලේකම් කාර්යාලයේ විවිධ අමාත්‍යවරු සියලු දෙනාම වෙනත් කටයුතු නිසා කාර්යබහුලයි. ඔහුට සැබෑ ලෙසම උසස්වීමක් ලැබෙනවා නම්, මේවගේ කුඩා කාරණයක් නිසා උතුමාණන්ට විරුද්ධ වෙන්නවත් හා ප්‍රතික්ෂේප කරන්නවත් කිසිවකුත් එඩිතර වෙන්නේ නැහැ. අධිරාජ්‍යයා එකපිට එක අවාසනාවන් වලට මුහුණ දුන්නා. ලේකම් කාර්යාලයේ වැඩිහිටි හායි පවා මේ අවස්ථාවේදී ඔහුට එකඟ වේවි. නමුත් මේ නිහතමානී සේවකයා දැඩි විශ්වාසයකින් ඔබතුමාට යමක් කියන්නම්. මේ පුද්ගලයා, ඉක්මනින් උසස් කළහොත්, සැඟවුණු අනතුරක් වේවි. රාජකීය ආරක්ෂකයන්ගේ පස්වන ශ්‍රේණියේ සහ ඊට ඉහළ වත්මන් නිලධාරීන් සියල්ලෝම දිගු ඉතිහාසයක් සහ ගැඹුරු මුදුන් මුල් ඇති පවුල්වලින් ආ කරුණයොයි. ඒ ශෙන් ස'චුආන්... ඔහුගේ මේ පවුල් පසුබිම ගැන හොඳින් සිතන්නේ කවුද? මේ දැන් වීදිවලට ගොස් ඔබට හැකිතරම් හයියෙන් ශෙන් වෙයිගේ නම කියා කෑගහන්න, එවිට ඔබට ලැබෙන්නේ කෙළ පහරවල්. ඔහු ඉහළට යාමෙන් සිදුවෙන්නේ මේ අය ඔහුට ප්‍රසිද්ධියේ සහ පෞද්ගලිකව අවමන් කිරීම විතරයි. කවුරු වුනත් තමාගේ නමට ඇගයීම් ප්‍රශංසාවන් ලැබෙනවා නම්, ඒවායින් ත්‍යාග ලැබූ කෙනෙකුට ඔහු කෙරෙහි ඊර්ෂ්‍යා ඇතිවීම විතරයි වෙන්නේ." රාජකීය ආරක්ෂකයෝ අතීතයේ ඉදන්ම, වෘකයන් සහ කොටියන් වගේ දඩයම් කරන තිරිසනුන්ගේ ඇමක්. ඔහුට ඔහුගේ ත්‍යාගය රඳවා ගන්න අවශ්‍ය නම්, ඔහු තමන්ගේ හැකියාවන් මත රඳා පවතින්න ඕනේ!!"
ෂ්‍යාඕ චීයේ චෙන් යැං ඔහුව ගෙන යන්නට පැමිණෙන්නට පෙර තවත් මද වේලාවක් පිළිසඳරේ යෙදුනේ ය, ඔහු ෆුමන්ට අත දී ඔහුට නැගිටීමට උදව් කළේය. ෆුමන් අශ්වයා පිට නැඟී ගමන අරඹන විට ඔහුට යම් බර දෙයක් දැනුනේ ය. ඔහු බලන්නට හිස පහතට නවත්ම ප්‍රිතියෙන් ඉපිලී ගියේ ය.
"ආණ්ඩුකාරධිපති සෙනෙවිතුමා සෙනෙවියා ත්‍යාගශීලීයි." ෆුමන් මුදල් ආපසු ඔහුගේ සාක්කුව තුලට පුරවා ගත්තේය. "මිතුරෙක් කරගන්න සුදුසු පුද්ගලයෙක්."
◈ ◈ ◈
ශෙන් ස'චුආන් ලියන් කුයිෂන් හමු වූ අතර ඔහු ගිණුම් පිළිබඳ පැහැදිලි ගණනය කිරීම්වලට සවන් දුන්නේය. හේ ඔහුගෙන් ප්‍රශ්න කිහිපයක් ඇසූ අතර, දෙවැන්නාට ඒ සියල්ලටම පහසුවෙන් හා ක්‍රමානුකූලව පිළිතුරු දෙන්නට හැකි විය. මේ පුද්ගලයා පහත් , ශ්‍රේණිගත කිරීමට ඇතුළත් නොවූ නිලධාරියෙකු වීම ඇත්තෙන්ම ලැජ්ජාවක් විය.
ශෙන් ස'චුආන් පැවසුවේ ය, "මේ දින කිහිපය අවුල් සහගතයි. චූදු වල අසංඛ්‍යාත වශයෙන් කුඩා හා විශාල ඖෂධ අලෙවිසැල් තියෙනවා, ඖෂධ පැළෑටි ගෙනයාම සහ රැගෙන ඒම සංකීර්ණ දෙයක්. මේ සියල්ල ම පැහැදිලිව සටහන් කර ගන්න ඔබ මහත් අසීරු තත්වයකට පත්වෙන්න ඇති."
"මේ නිහතමානී යටත්වැසියා තමන්ගේ රාජකාරංිමය බලයෙන් කරන්නේ ඒකයි. මේක මගේ යුතුකමක්. එ්ක තමයි මට අයත් රාජකාරිය. " ලියැං කුයිෂන් පැවසුවේ කනස්සල්ලෙන් යුතුව ය, "ඔබතුමාත් අද හොඳින් ඉන්න බව පෙනෙනවා."
"ඖෂධ ථලදායි වුන නිසයි ඉක්මනින් ඒක අඩුවෙලා ගියේ. මට දැන් හොදයි." ශෙන් ස'චුආන් පැවසීය. "මේ ගිණුමේ පිටපත්ක් ආදායම් අමාත්‍යාංශයට යවන්න; ඔබ ඉහළ නිලධාරීන් වෙත නැවත වාර්තා කළ යුතුයි. ඉන්පසු රාජකීය හමුදාවටත් පිටපතක් ලබා දෙන්න එවිට ඔවුන් අපේක්ෂා කරන දේ දැන ගන්න හැකි වේවි."
දින කිහිපයකට පෙර වසංගතය පැතිරීමත් සමඟ සියලු දෙනාම පැරණි අමනාපකම් සහ වෛරය පසෙකලා හිඳියෝ ය. නමුත් දැන් වර්ෂාව නැවතී ඇති බැවින්, එක් එක් මිනිසාගේ කුසලතා මත ත්‍යාග හා වරප්‍රසාද තීරණය කරන්නට කාලය එළඹ තිබුණි. මේ කාරණයට පාර්ශව තුනක් සම්බන්ධ වී ඇති හෙයින්, ඔවුන් අතර අන්‍යෝන්‍ය හේළාදැකීමක් සහ පිටුපස හිඳ පිහියෙන් ඇනීමක් සිදු නොවන බව සහතික කිරීම දුෂ්කර වන්නේ ය.
පහළ නිළයන්හි සුළු නිලධාරියෙකු ලෙස, ලියං කුයිෂන් බොහෝ දේ දැක තිබුණි. ඔහු මුලින් සිතුවේ ශෙන් ස'චුආන් රාජකීය හමුදාව සමඟ නොගැලපෙන බවයි, නමුත් දැනට, ශෙන් ස'චුආන් තම මුහුණ රතු වන තුරු අධිරාජ්‍ය හමුදාවේ සිටිය යුතු විය. නමුත් අනපේක්ෂිත ලෙස ප්‍රමාණවත් තරම්, ඔහු ඉදිරියට පැමිණියේ නැත, ඔහු කාරණය ගැන කතා කළේ නැත. කාර්යය ඉටු කළද, ඔහු එහි සම්පූර්ණ ගෞරවය තමාටම තියා ගත්තේ නැත
ලියැං කුයිෂන් මොහොතකට පසුබට වී මෙසේ පවසන්නට තීරණය කළේය, "මේ නිහතමානී යටත් නිලධාරියාට මේ ගිණුම් වාර්තා කරන්න උපදෙස් දුන්නේ ඔබතුමායි. මට මේ විදියට බාර දෙන එක..."
"මම අසනීප වෙලා ඉන්නකොට මම හිටියේ අවුල් සහගත තත්වයක. ඔබ බොහෝ දේවල් තනිවම කළා. " ශෙන් ස'චුආන් පොත වසා දැමීය. "ඔබේ වැඩ සම්බන්ධයෙන් ඔබ ක්‍රමානුකූල බවත්, ඔබ වසර ගණනාවක් ආදායම් අමාත්‍යාංශයේ සේවය කර තියෙන බවත් මට පේනවා. ඉතින් ඔබ තවමත් ලිපිකරුවෙකු විදිහට ඉන්නේ ඇයි?"
ලියැං කුයිෂන් ට කුකුසක් ඇති බවක් පෙනෙන්නට තිබූ අතර වේදනාබර හඬකින් පැවසුවේ ය. "මෙම නිහතමානී යටත්වැසියා ෂියන්දේ දෙවන වසරේ ඉදන් ආදායම් අමාත්‍යාංශයේ සේවය කරන්නේ. ඒ වෙද්දී එහි අධිකාරීත්වය දරන තැනැත්තා හුආ වංශයේ සාමාජිකයෙක්. මේ නිහතමානී යටත් නිලධාරියාට මුදල් හිඟයක් ඇති තියෙනවා, මම දන්නේ ලිපි ගෙන එන්න විතරයි. උසස් අයගේ අත් වලටම ලබාදෙන්න තරම් මට හැකියාවක් නැහැ. වංශවතුන් මට මගේ මුල් තනතුරේ නිල රාජකාරිවලට සහභාගි වෙන්න ඉඩ සලසා දුන්නා , මේ වසර පුරාවටම මගේ ඇගයීම් අඩු-මැද පරාසයේ තියෙනවා , හොඳයි හෝ නරකක් නැතිව."
මොහොතක නිශ්ශබ්දතාවයෙන් පසු, ශෙන් ස'චුආන් පැවසුවේ ය, "අධිරාජ්‍යයා දැන් කෙනෙකුගේ අදහස් ප්‍රකාශ කරන්න අවස්ථා විවෘත කර තිබෙනවා, අමාත්‍යාංශ හයේ දක්ෂතා අඩුය. ඔබ අධෛර්යමත් වෙන්න අවශ්‍ය නැහැ. අවස්ථාව ලැබෙන විට උදාවේවි."
මෙයින් ශෙන් ස'චුආන් ඔහුව උසස්වීමක් සඳහා නිර්දේශ කරන්නට අදහස් කරන බව දැනගත් ලියැං කුයිෂන් ඉක්මනින් ඔහුට හිස නමා ආචාර කළේ ය, "මේ නිහතමානී යටත් කරනවා. ඔබතුමාගේ පිළිගැනීම සහ අගය කිරීම මේ නිහතමානී යටත් නිලධාරියාට කවදාවත් අමතක කරන්නේ නැහැ!"
ශෙන් ස'චුආන් නැඟිට, තිරය ඔසවා පිටතට යද්දී කිසිවක් පැවසුවේ නැත. ලියං කුයිෂන් හිස් බැල්මෙන් බිම බලාගත් අතර, ඒ වන විටත් තම කොපුල් දිගේ කඳුළු ගලා යන බව ඔහුට පසක් වූයේ මඳ වේලාවකට පසුවය.
ඔහු ශෙන් ස'චුආන් ට නොකී දෙය නම් ඔහු ජුඒෂී සිට පැමිණි අයෙකු බවත්, ඔහුගේ මුල් දශක කිහිපය ගත කළේ දීර්ඝ කාලයක් අධ්‍යාපනය ලැබීමට බවත්; ඒ නිසා ඔහු වසර කිහිපයක් ප්‍රමාද වී අධිරාජ්‍ය විභාග සමත් වූ බවත් ය. මුලදී, ඔහු පුද්ගල අමාත්‍යාංශයේ රාජකාරි භාර ගැනීමට නියමිතව සිටියද, ඔහුගේ ස්ථානය ගැනීමට යමෙකු අල්ලස් මුදලක් වැය කර තිබුණි. ඉන්පසු ඔහු වැඩ අමාත්‍යාංශයට මාරු කරන ලද අතර එහිදී ඔහු එහි සේවය කළ වසර කිහිපය සඳහා කැපී පෙනෙන ඇගයීම් ලැබීය. ඔහු ගණිතයට දක්‍ෂ වූ නිසා නැවත වරක් ආදායම් අමාත්‍යාංශයට මාරු විය. ඔහු මුලින් සිතුවේ ආදායම් අමාත්‍යාංශයේදී තම දක්ෂතා පෙන්විය හැකි බවත්, ඒ සඳහා යොදාගත හැකි බවත්ය. නමුත් අවසානයේදී, හුආ වංශයෙන් දුරස්ථව සම්බන්ධ වූ පරම්පරාවකින් ඔහුව පීඩාවට පත් කරන ලද්දේ ය- ඔවුන් හුදෙක් ම ඔහුගේ මාර්ගය අවුල් කළ අතර සම්පූර්ණ නින්දා කළේ ය. ඔහු කාර්යයක් සිදු කරළද, නමුත් ඉහළට ඉදිරිපත් කරන ලද වාර්තාවල ඔහුගේ නම තිබුණේ නැත. ඔහු වෙනත් ස්ථානයකට මාරුවක් ලබා ගැනීම සඳහා ඔහුගේ සම්බන්ධතාවලින් උපකාර පැතීමට උත්සාහ කළ නමුත් ඔවුන් එකඟ නොවූ අතර කම්කරුවෙක් ලෙස සූරාකන්නට අවශ්‍ය ඔවුන්ට කර තිබුනේ ය. අවසානයේ ඔහු නීත්‍යානුකූල නිලධාරියෙකු ලෙස සැලකිය නොහැකි තරම් සුළු නිල තනතුරක ලිපිකරුවෙකු වන තෙක් ඔහු නැවත නැවතත් මර්දනය වන්නත් පීඩාවට පත් වන්නත් සිදු විය.
ඔහු මුලදී සිතුවේ ලෞකික කටයුතු ගැන කලකිරී මේ ජීවිතයේ කීර්තිය පිළිබඳ සිහින අත්හරින්නට ය. අවාසනාව වෙස්වළාගත් ආශීර්වාදයක් වනු ඇතැයි අපේක්ෂා කළේ කවුද? සෑම වලාකුළකම ඇත්ත වශයෙන්ම රිදී රේඛාවක් පවතින්නේමය.
◈ ◈ ◈
මාලිගාවට ඇතුළුවීම සහ ඉන් පිටවීම තහනම් කිරීමේ නියෝගය ඉවත් කළේ දින දෙකකට පසුවය. අමාත්‍යාංශ හයේ මෙහෙයුම් යථා තත්ත්වයට පත් වූ අතර ජාඕ සූයි පන්සලේ මිනිසුන් ඉවත් කර ගන්නා ලදී. තවමත් යථා තත්ත්වයට පත් නොවූ සියලු දෙනා රාජකීය වෛද්‍ය විද්‍යාලයේ අඛණ්ඩ රැකවරණය යටතේ සිටියෝ ය.
ශෙන් ස'චුආන් ද්වාරය අසල සිටගෙන සිටිද්දී සියල්ලම පිරිසිදුව තිබුණි. නැවත වරක් ඔහුගේ ගෙත්තම් කළ පිඹුරෙක් සහිත ලෝගුව සහ දිව්‍ය පක්ෂී-වලිගය සහිත ඉණ පටිය සහිතව හා ඔහුගේ ඉණෙහිඉරාජකීය අවසරපතද ඔහුගේ අසිපතද පසෙකින් එල්ලා තිබුණේ ය. ෂ්‍යාඍ් චීයේ ද නිසිලෙස පැළඳගෙන , මසන ලද සිංහයෙක් සහිත නිල ලාංඡනයක් සහිත තද රතු පැහැ උසාවි ලෝගුවෙන් සැරසී සිටි අතර එයින් ඔහු තවත් උස් වූ බවක් පෙනෙන්නට තිබුණි.
දෙදෙනාම එකිනෙකාගෙන් සමුගැනීමේ දී ක්‍රියා කළේ කුහකයන් ලෙසය.
"මම මේ පැත්තටයි යන්නේ." ෂ්‍යාඕ චීයේ ලං තාඕ ජින් කැඳවීමට අසුරක් නැගුවේ ය. ඔහු තම අශ්වයාගේ පිටට තට්ටු කළේය. " විනිසුරුතුමා මා එක්ක මාලිගාවට ඇතුළු වෙනවාද?"
"කරුණාකර ඔබ මුලින්ම ඉදිරියට යන්න. පුතිරාජ සෙනෙවිතුමනී" ශෙන් ස'චුආන් ආචාරශීලීව කීවේය. "මේ නිහතමානී යටත් නිලධාරියාට වාර්තාවක් හදන්න සේනාධිනායකයවරයා වෙතට යන්න වෙනවා."
"යටත් නිළදාරියෙක් වෙන එක නරක දෙයක්." ෂ්‍යාඕ චීයේ ඔහුගේ අශ්වයා පිට පෙරලුනේ ය. "ඔබ කවද්ද ක්‍රිඩා කරන්න එන්නේ?"
"මම උස් තැන්වලට බයයි." ශෙන් ස'චුආන් ඔහු දෙස බැලුවේය. "ඔබ තදින් වාඩි වී ඉන්න එක හොඳයි."
“කල් යද්දි එකට වැඩ කරන්න අපහසු වේවි. මට තදින් අසුන්ගන්න හැකිද කියන එක රඳා පවතින්නේ ඔබ දයාව පෙන්වීමට කැමතිද නැද්ද කියන එක මත. " ෂ්‍යාඕ චීයේ තමාව පෙන්වා අශ්ව කසයෙන් තමාගේම පපුවට තට්ටු කරගත්තේ ය. "අාචාරසම්පන්න වෙන්න."
ඔවුන් දෙදෙනාම ජාඕ සූයි පන්සල ඉදිරිපිට දී වෙන් විය. වහාම හන් චෙං සොයා යනවා වෙනුවට, ශෙන් ස'චුආන් ඔහු ජි ගැන් සහ චී හුයිලියන් පදිංචි වූ ස්ථානයට කරත්තය පදවාගෙන ගියේය.
මෙම කුඩා ගොඩනැගිල්ල මළුවකින් වටවී තිබූ අතර, බිත්තියේ මුදුනේ සිට අඩක් මැරී ගිය පෙයාර්ස් ගසක් තිබුණේ ය. ශෙන් ස'චුආන් සෙචුවාන් ඇතුළු වී, මිදුල පසුකර, පඩිපෙළ නැග එද්දී, ප්‍රධාන ශාලාවේ දොරවල් තදින් වසා ඇති බව දුටුවේය. ජී ගැං හෝ චී හුයිලියන් පිළිබඳ කිසිදු සලකුණක් නොතිබුණි.
ච්‍යාඕ ත්‍යැන්යා එහි වූ වාතයේ ඇති අපූර්වත්වය දැනුනි. පොළවේ ඇති අවුල් සහගත පා සටහන් වලින් ඔහුට පෙනුනේ මෙහි මිනිසුන් සිටි බවකි. තම අත්ලෙන් තලයෙහි මිට අල්ලා ගත් ඔහු අඩියක් ඉදිරියට ගොස් සිනාමුසු මුහුණින් පැවසුවේ “මෙතැන කවුරුත් නැද්ද? නැත්නම් මේ නිහතමානී සේවකයා ඔහුගේ තලය අරගෙන...”
හදිස්සියේ හමා ආ සුළගකින් ගසෙහි වියැකී ගිය අතු සෙලවී ගිය අතර මිදුලේ වූ පැලෑටි ඔහුගේ ඇදුමට පහර දුන්නේ ය ච්‍යාඕ ත්‍යැන්යා තියුණු ඇස්වලින් එම ස්ථානය සමීක්ෂණය කළේය; ඔහු ඒ වන විටත් එම ස්ථානය මිදුල තුළ සහ පිටත මිනිසුන්ගෙන් පිරී තිබූ බව සොයා ගෙන සිටියේ.
“මොකටද ඔබ අසිපතක් අදින්න හදන්නේ? අපි හැමෝම මෙතන අඳුනන අය." තරමක් දුර්වල හා කර්කෂ කටහඬක් ගේ ඇතුලෙන් ශ්‍රවණය විය. "ලන්ජෞ, ඇයි ඔබ වචනයක්වත් කියන්නේ නැත්තේ?"
ශෙන් ස'චුආන් ගේ ඇස්වල නිර්දය භාවය අඳුරු ලෙස පෙනුනද, ඔහු බලහත්කාරයෙන් සිනාසුනේ ය, "දෙවන තරුණ ස්වාමියාණෙනි, ඔබ සුවය ලැබුවාද?"
ෂී හොංෂුආන් නිවස තුළ සිටියේ නරි සමකින් වසාගෙන ය.. ඔහු තරමක් බර අඩු කරගෙන ඇති අතර, ඔහු එතරම් හොඳ පෙනුමක් නොසිටියේ ය. තේ කෝප්පය අතැතිව, ඔහු දොර දෙස බලා සිටියේ අඳුරු ලෙසය., “මට සනීප නොවුණා නම් මම ඔබව හමුවෙන්න එඩිතර වෙයිද? මගේ හොඳ සහෝදරයා, ඇයි ඔබ මට පැවසුවේ නැත්තේ ඔබ මේ වගේ වැදගත් කෙනෙක් මෙතන හංගගෙන ඉන්නවා කියලා?!"
ශෙන් ස'චුආන් මහ හඬින් සිනාසෙමින් ච්‍යාඕ ත්‍යැන්යාට පසුබසින්නට ඉඟි කළේ ය. ඔහු හදිසියේම දොර තල්ලු කළේ කාමරය තුළ දූවිලි අවුස්සමිනි. මුරකරුවන්ගේන් පිරි මුළු කාමරයම ඔහු දෙස බලන්නට හැරුණේ ය, ඔවුන්ගේ සෑම තලයක්ම හිම-සුදු ආලෝකය සහිත වූ අතර දැනටමත් පිටතට ගෙන තිබුණේ ය
ෂී හොංෂුආන් තේ බදුන අතැතිව එහි මධ්‍යයේ අසුන්ගෙන සිටියේ ය.
බියෙහි කිසිදු සලකුණක් පිටතට නොපෙන්වූ ශෙන් ස'චුආන් , ඇතුළට පියනගා පවසන්නට විය, “එක් අයෙක් අධමයෙක් අනෙකා සිහි විකල් වෙච්ච අයෙක්. ඔවුන් මොනතරම් වැදගත් අය වෙන්න පුළුවන් ද? ඔබට ඔවුන්ව අවශෟ නම්, ඇයි ඔබ මට ඒ ගැන නොකියන්නේ?”
ෂී හොංෂුආන්ට සිනහ නැගීම වළක්වාගත නොහැකි විය. ඔහු පැවසුවේ ය, “චී හුයිලියන් වැදගතෙක් නෙමෙයි නම් හායි ලියැංයීත් එහෙම නෙමෙයි! පන්ජෞ. අනේ , ලන්ජෞ , ඔබ ඇත්තටම අමුතු කෙනෙක් මේ කාලය පුරාම ඒක සඟවලා තියාගත්ත එක! යොංයී වංශයේ මහාමාත්‍යවරයා ඔබට පෞද්ගලිකව උගන්වලා ඒවගේම මඟ පෙන්වලා. හාහා! ඔහු ඔබව අධිරාජ්‍යයා කරන්න බලාපොරොත්තු වෙනව වත්ද?
"ඔහුට දැනටමත් ආබාධිතයි." ශෙන් ස'චුආන් හිමින් දූවිලි පිස දමන්නට තම ලේන්සුව ඇද ගත්තේය. ඔහු ෂී හොංෂුආන් දෙස බැලුවේය. "ඔබ ඒ වගේ අයෙකුටත් බයද?"
"මම!" ෂී හොංෂුආන් හදිසියේම තේ කෝප්පය පහළට විසි කළේය. "අධමයෙක් පිස්සු බල්ලෙකුට උගන්වලා අතර, ඔහුගේ ලේ පිපාසය නිසා මාව රුධිර ගොහොරුවක් බවට පත් වුනා!"
අවට අසිපත් තල වේගයෙන් තද විය.
ශෙන් ස'චුආන් සිනාසුනේ ය, “ඒක තේරුමක් නැහැ. ඔබ මාව මරන්න ඕන නම් ඒ ඇයි කියලා දැනගෙනවත් මට මැරෙන්න දෙන්න.
“ඔබ කළාද...” ෂී හොංෂුආන් නපුරු හඬින් පැවසුවේ ය “... මාව අවුල් කරන්න දෙවෙනි ෂ්‍යාඕ සමඟ එකතු වුනාද?”
කාමරයේ වායුගෝලය හදිසියේම ශීතල විය. ශෙන් ස'චුආන්ගේ මුහුණ දෙපස සෙවනැලි වැටුණි. මොහොතක නිහැඬියාවකින් පසු ඔහු එක්වරම සිනහවක් පාමින් මේසයේ කෙළවරට හේත්තු විය.
"ඒක හරි."
ශෙන් ස'චුආන් ෂී හොංෂුආන් දෙස බලා අවඥාවෙන් හා දුෂ්ට ලෙස පවසන විට ඔහුගේ දෑස්වල රෞද්‍ර ලෙස ඔහුව පරීක්ෂා කළේය.
"මම එහෙම පවසන්න තරම් නිර්භීත වෙනවා නම්, ඔබට එය විශ්වාස කරන්නත් හැකි වේවි ද?"
මොන ගිනි ගෙඩියක් ද අප්ප මේ🤔😍
ReplyDelete