ලී ජ්යංහෙන් දින කිහිපයක සිට , අසිහියෙන් යුතුව බියකරු සිහින දකිමින් කිසිවෙකුටත් නොතේරෙන දෑ මුමුණමින් සිටියේ ය. මූ රූ ඔහුගේ සයනය අසල හිදිමින්, පෞද්ගලිකව ම ඔහුට කවා පොවා ඔහුගේ සිරුර පිසදමමින් සිටියේ ය. අද වැන්දඹු අධිරාජිණිය ඇගේ රාජකීය ගමන් රථය පාවච්චි නොකළා ය. ඒ වෙනුවට, ඇය තුන්වන හුආ ආර්යාව සමග ඇවිදින්නට යහපත් කාලගුණය හේතු කර ගත්තා ය. ඇය පැවසුවා ය, “මූ ආර්යාව තවමත් ඔහු සමගද ඉන්නේ?”
වැන්දඹු අධිරාජිණියට සහය දක්වමින්ම, ල්යුශියැන් සේවිකාව පවසන්නට වූවා ය, “ඇය කිසිම වෙලාවක පිටවුනේ නැහැ.”
“ඇය සිදු කළ හැම දෙයකින් ම, අධිරාජ්‍යයා ඇයට දක්වන සෙනෙහස හයේ සිට දහය දක්වා වැඩි වේවි.” වැන්දඹු අධිරාජිණිය හුආ ෂියැංයීට පැවසුවා ය, “ඔවුන් එකට ආහාර ගෙන දුක් වේදනා එක්ව විඳදරාගෙන තියෙන නිසා මේ සම්බන්ධතාවය දැන් වැඩි බරක් ගනීවි.”
“මූ ආර්යාවව පෙනෙන්නෙ කඅඩා මෘදු අයෙක් වගේ,” හුආ ෂියැංයී වැන්දඹු අධිරාජිණිය පසුපස පියනගමින් කීවා ය. ඇය වැන්දඹු අධිරාජිණියගේ වදන් මනසේ තබාගත්තා ය, “ඒත් අඅය නිර්භීත තැනැත්තියක්.”
“ඒක නම් ඇත්තටම නිවැරදියි.” වැන්දඹු අධිරාජිණිය පැවසුවා ය, “ඊයේ , රාජකීය වෛද්‍යවරයා පැවසුවා ඔහු හොදින් ඉන්න බවත් බක්මනින් අවදිවිය යුතු බවත්. උතුමාණන් අවදි වුනහම, ඒ මූ ආර්යාවගේ බැබලෙන කාල පරිච්ජේදය වේවි. මීට පෙර ඇයට රාජකීය වාරණ අංශයෙන් කොයිතරම් දරුණු විදිහට අවලාද නගනවද මම දැකලා තියෙනවා, නමුත් අද, හායි ලියැංයී ට පවා ඇය යහපත් කාන්තාවක් බව පවසමින් සුසුම්ලන අතඓ් ඇයට ප්‍රශංසා කරන්න වෙලා තියෙනවා. ඇය ලැජ්ජාශීලී කෙනෙක් නම්, ඇය මේ වගේ අවදානම් සහගත දෙයකට එඩිතර වේවිද?
හුආ ෂියැංයී ඇය සේවිකා ල්යුශියැන්ගෙන් නිල් සහ සුදු පැහැති පිගන් මැටි බදුන ගෙන පොකුණේ සිටි මත්ස්‍යයන්ට ආහාර කැබලි වීසි කරන අතරේ සිනහවූවා ය. ඇ පැවසුවා ය, “ඇයට පුංචි අධිෂ්ඨානයක්වත් නැත්තං ඇය කොහොමද උතුමාණන්ගේ පුියතම භාර්යාව වෙන්නේ? පෑන් රුගුයි සමඟ ගත කළ කාලයෙන් ඉදිරියට යන්නේ කොහොමද සහ කවදාද කියන එක ඇය දැනටමත් දන්නවා.”
පොකුණෙහි ආහාර සඳහා තරඟ වදින කෝයි මත්ස්‍යයෝ දෙස බලමින් වැනදඹු අධිරාජිනිය පවසන්නට විය, “මේ වසංගතය පැතිරීම සැක සහිතයි. අපට මු ආර්යාව සමඟ ගනුදෙනු කරලා ඇගේ වචනවලින් අධිරාජ්‍යයා වසග කරගැනීම සහ නොමඟ යැවීම සිදු කරන්න පුළුවන්. නමුත් ඇය දක්ෂයි. උතුමාණන්ට ළං වීම මරණයෙන් කෙළවර වන දෙයක් බව ඇය දන්නවා. මෙතරම් දුරට ඇය ඔහුව රැකබලා ගැනීමත් එක්ක පසුකාලීනව රළු කාලයකට මුහුණ දෙන්න සිදු වෙන්නේ ෂී හොංෂුආන්ට විතරයි. පෙරදි ෂ්‍යාඕ චීයේව මර්දනය කරද්දී, උතුම් වංශවලට වෙයි හුඅයිෂින් ව අහිමි වුනා. ෆූ ලින්යේවත් හෙළා දැක පහතට දමලා තිබෙනවා. අවසානයේ කිසිවකුටවත් එයින් ප්‍රයෝජනයක් අත් වුනේ නැහැ. දැන් අධිරාජ්‍ය හමුදාව පොදු අගල් හෑරීම වැනි හදිසි කාර්යයන් කර තියෙන නිසා, නිසැකවම ෂ්‍යාඕ චීයේ ට තිළිණයන් ලැබේවි."
"ෂී හොංෂුආන් දඬුවම් ලැබීමට සුදුසුයි." හුආ ශියැංයී පැවසුවා ය. “අනාගතයේ ඇති වන දුෂ්කරතා ගැන නොසිතන තැනැත්තා වඩාත් සමීපව කනස්සල්ලට පත් වෙනවා නිසැකයි. නැන්දණියනි, මම හිතන්නේ ඔහු ආදායම් අමාත්‍යාංශයේ ඇගයීම් කාර්යාංශයට මාරුවීම නිසා සහ තමන්ගේ සාර්ථකත්වය නිසා ඔහු ඕනෑවට වඩා උමතු වෙලා වගෙයි. ඔහුට මේ අවාසනාව උදාවෙලා තියෙන්නේ අහම්බයකින් නෙමෙයි. ඔහු ප්‍රමාණවත් තරම් දූරදර්ශී වූනා නම්, ඔහුට විරුද්ධව කුමන්ත්‍රණය කරන්න වෙනකෙක්ට අවස්ථාවක් ලැබෙන්නේ කොහොමද? දැන් කවුරුහරි ඔහුව දෙවන ෂ්‍යාඕ ට පාගාගෙන යන්න පියවරක් විදිහට තබලා නිසා, ඔහුට දඬුවම් කරන එකයි සුදුසු.
එ් විතරක් නෙමෙයි, මම චීදොං සම්බන්ධ කාරණාව ගැන විමසිලිමත් වෙමින් ඉන්නකොට, මට දැනගන්නට ලැබුණේ ලිබෙයි වල පරම්පරාගත කුමාරයා අලුත් අවුරුද්දට පෙර අධික හිම කාලයේදී සහනාධාර ලෙස චොංබෞ වල ස'ජෞ නගරයට ටේල් 40,000ක් ලබා දීලා තියෙන බවයි. දෙවන ෂ්‍යාඕ ට ආදායම් අමාත්‍යාංශය ඒත්තු ගන්වන්න හැකි වුනේත් මේ ටේල් 40,000 නිසායි. මේ නිසා ස'ජෞ සහ ලීබෙයි දැන් විපත්ති කාලවලදී මිතුරන් විදිහට හැඩගැහිලා ඉන්නවා. අනාගතයේදී, අධිරාජ්‍ය අධිකරණය චොංබෞ ප්‍රාන්ත හය පරිපාලනය කරන්න පළාත් පරිපාලන කොමසාරිස්වරයාව පිටත් කර හරිද්දී, ඔවුන්ට ලීබෙයි සම්බන්ධයෙනුත් යම් සැලකිල්ලක් දක්වන්න සිදුවේවි."
“මෙවර වැඩිපුරම ප්රතිලාභ ලැබෙන්නේ ෂ්‍යාඕ චීයේටයි. වසංගතය මුදා හැරියේ ඔහු අයෙක් ප්‍රකාශ කළත් එ්ක නොලැබී තියෙන්නෙ නැහැ. ” ඇගේ ඇඟිලි තුඩුවලින්, වැන්දඹු අධිරාජිණිය ඇමක් කැබලිවලට කඩා පොකුණට ඉස්සා ය. “මු ආර්යාව මේ තරම් හොඳ සෞඛ්‍ය තත්වයෙන් ඉන්නවා, ඉතින් ඇයි තවමත් රාජකීය උරුමක්කාරයෙක් ගැන ආරංචියක් නැත්තේ? අපට ඇයගෙන් මිදෙන්න නොහැකි නම්, අපට ඇයව අපගේ ග්‍රහණයේ තබා ගන්න පුළුවන්. ඇයට දරුවෙක් ලැබුණට පස්සේ මට අනාගතය ගැන කරදර වෙන්න ඕනේ නැහැ.”
සත්‍ය නම් , ලී වංශයට උරුමකරුවන් ගණනාවක් සිටීම ය. නමුත් ගුආන්චෙංගේ පාලන සමය තුලදී , කිරුළහිමි කුසරු තම ආසනයේ සිටියදීම ගෙල කපාගෙන සියදිවි හානි කරගත් අතර, අනෙකුත් පහළ මට්ටම් වලසිටි කුමාරවරුන් එක්කෝ මරා දමා තිබුණු අතර එසේත් නොවන්නේ නම් බලයෙන් පහකර හෝ තිබුනහ. ඉතිරි වූයේ ෂියන්දේ අධිරාජ්‍යයා හා ලී ජ්යැන්හෙං පමණකි. ෂියන්දේ අධිරාජ්‍යයාගේ පාලන කාලය වසර අටකි. ඔහුගේ සෞඛ්‍ය තත්වය යහපත් නොවූ නිසා , වෙයි උපභාර්යාවට පමණක් දරුවෙකු පිළිසිඳ ගනු ලැබුවා ය. නමුත් ශෝක කාලය අතරතුර දින කිහිපයේදී , කිසිවෙකු හෝ වෙයි උපභාර්යාවව ළිඳකට දමා ගිල්වා මරා දමා තිබුණි. දෙවනුව, මෙහි ඉතිරිව සිටියේ ලී ජ්යැන්හෙං පමණකි. ලී ජ්යන්හෙං සිංහාසනයට පත් වූ පසුව පවා මාලිගාවේ අධිරාජ්‍ය උපභාර්යාවන්ගෙන් ගැබ් ගැනීමක් පිළිබඳ ආරංචියක් තවමත් ලැබී තිබුණේ නැත.
නපුංසකයෙකුගේ නිවසක සිට පැමිණි මු රූට වැන්දඹු අධිරාජිනිය විසින් අවමන් කරනු ලැබුවා ය. ඇය මූලික අදහස දීචෙං හි හුආ වංශයේ ඉතිරි තරුණියන්ගෙන් දක්ෂ හා තීක්ෂණ ගැහැණු ළමයෙකු තෝරා ගැනීමට සහ අධිරාජ්‍ය භාර්යාවක් ලෙස ලී ජ්යන්හෙං සමඟ විවාහ කර දෙන්නටයි. ලී ජ්යන්හෙං ආදරය ගැන උමතු ව සිටි දැඩි ආශාවක් ඇති පුද්ගලයෙකු නොවීය. එබැවින් ඔහුට නව පෙම්වතියක ලැබුණු පසු, ඔහු නිසැකවම ඔහුගේ පැරණි ගිනිදැල් වලට සීතල උරහිසක් ලබාදෙනු නියතය. සයනයේදී අධිරාජ්‍යයා පොළඹවා ගැනීමටත්, වැන්දඹු අධිරාජිනිය වෙනුවෙන් නොයෙක් වර කතා කරන්නටත් මූ රූ දක්ෂ මෙන්ම නිර්භීත වනු ඇතැයි අපේක්ෂා කළේ කවුද? අනාගත ඔටුන්න හිමි කුමාරු තම මාලිගාවේ ඇති දැඩි කරන්නට වැන්දඹු අධිරාජිනියට අවශ්‍ය නම්, ඇයට දැන් මු රූගේ උදරය දෙස බලා හිඳින්නට සිදුවනු ඇත.
“ප්රයෝජනයන් ගැන කියනවා නම් , මූ ආර්යාවටත් මේ අවාසනාවන්ත තත්ත්වයෙන් ගැලවීමක් ලැබෙන්නේ නැහැ” හුආ ෂියැංයී ඇගේ දෑත් පිස දැමුවාය. “ඇයට තවම සහෝදරයෙක් ඉන්නවා. නැන්දණියට මතකද?"
"ඔහුට පවසන්නේ ෆෙං චුඅන් කියලයි." ල්යුෂියැන් සේවිකාව නිශ්ශබ්දව පිටුපසින් සිට වැන්දඹු අධිරාජිනියට මතක් කළා ය.
"මට ඒවගේ පුද්ගලයෙක් ගැන අපැහැදිලි විදිහට මතකයක් කියෙනවා." වැන්දඹු අධිරාජිනිය පැවසුවා ය “ඔහු පැන් රුගුයි තම මුත්තනුවන් විදිහට පිළිගත්තේ නැද්ද? පැන් රූගුයි එය ක්‍රියාත්මක කරලා අධිරාජ්‍යයා ඔහුව තබා ගත්තේ මූ රූ ආර්යාව නිසා නෙමෙයි ද?”
“ෆෙං චුඅන් වරක් නැන්දණිගෙන් උසස්වීමක් වෙනුවෙන් නිර්දේශවෙලා හිටියා නේද. මට විශ්වාසයි ඔහුගේ තවමත් නැන්දණියගෙ කරුණාව මතක ඇති කියලා.” හුආ ෂියැංයී අධිරාජිනිය ව අල්ලාගෙන සහය දුන්නා ය. “නැන්දණිය මේ අක්කඩියටයියි සහෝදරයටයි දෙන්නට දැන් යැපෙන්න කවුරුත් නෑ. උසස්වීමක් වෙනුවෙන් ඔබ ඔවුන්ට පුංචි අනුමැතියක් ලබා දුන්නොත් , එවිට ඔවුන්ට, ඔබ දයාවේ දේවතාවිය වෙන ගුආන්යින් වගේ වේවි."
වැන්දඹු අධිරාජිනිය පියවර කිහිපයක් ඇවිච ගියා ය, “ඒ ෆෙංචුවාන් නපුංසකයෙක්. ඔහුව නැවත එන්න කියන්න. යමෙන් වල පුරප්පාඩු හුඟක් තියෙනවා. ල්යුශියැන්, ඔහුට හොඳ තනතුරක් සංවිධානය කරන්න. එය සහෝදර සහෝදරියන්ගේ ආශාව ඉටු කිරීමක් විදිහට සලකන්න."
ල්යුශියැන් පිළිගන්නවාක් මෙන් ආචාර කරන්නට විය.
වැන්දඹු අධිරාජිනිය නැවතත් ඇසුවාය, “චීදොං වලින් පිළිතුරක් ලැබුනද? සරත් සෘතුවේ දී විවාහ දිනය සැලසුම් කරන්නෙ කොහොමද? චීදොං වල සං අණදෙන ස්ථානයේ සරත් සෘතුවේ සුළඟ ශක්තිමත් වෙනවා.ඒ කාල සීමාවේ ඔබව කසාද බඳින්න දෙන එක මට දරාගන්න බෑ.”
හුආ ශියැංයී සිනාසුණා පමණි. සේවිකා ල්යුශියැන් පැවසුවා ය, “පැරණි අණ දෙන නිලධාරියා පිළිතුරු දුන්නා, සුබ දවසක් සහ හෝරාවක් මත වැටෙන තාක් කල්, තීරණය ගැනීම ඔබතුමියට භාර දෙනවා ලු. දූතයා තුන්වෙනි ආර්යාව වෙනුවෙන් සඳහා හේජෞවල සේද සහ බුරුත පෙට්ටගම් කිහිපයක් පවා පණිවිඩකරුවා ගෙනවිත් තියෙනවා. ශීර්ෂ ආභරණ ද පරිස්සමෙන් හා අවධානයෙන් සකස් කරලා - ඔහු පැහැදිලිවම ඔහුගේ හදවත මේ සඳහා යොමු කරලා තියෙන පාටයි."
"ඔහු තම හදවත එයට යොදා ගන්න ඕනේ නේද ?" වැන්දඹු අධිරාජිනියගේ සිනහව මැකී ගියේ ය. "ඔහුට එතරම් වැදගත් රාජකීය අනුග්රහයන් ලැබිලා නේද."
ල්යැශියැන් වහා පහතට නැමී ආචිර කළා ය, “ඔහු කරන්න ඕනේ. තුන්වන ආර්යාවට නොසැලකිලිමත් බවක් සහ අමනාපයක් ඇති නොවන විදිහට, චීදොං මනාලියන්ගේ පරිවාර සංචිතය වෙනුවෙන් තෝරා ගත් පිරිමියන් සියල්ලෝම ගෞරවනීය ජෙනරාල්වරුයි , පෙරහැර මෙහෙයවන්නේ අන් කිසිවෙකුත් නෙමෙයි සේනාධිනායිකා චී."
වැන්දඹු අධිරාජිණියගේ ප්‍රකාශයන්හී සියුම් වෙනසක් සිදු විය. අවසන, ඇය කෝපයට පත්වෙන්නට ඉඩ නොදී මෙසේ පැවසුවා ය. “බ්යැන්ෂාහි අර්ල් ලූ පැංයැන්ට මනමාලිය රැගෙන එන්න කියලා මම විශේෂයෙන් බ්‍යැන්ජුන් ආඥාපතිට ලිපියක් යවා තියෙනවා. එහෙත් ඔහු ප්‍රතික්ෂේප කරන්න නොයෙක් ආකාරයේ නිදහසට කරුණු ඉදිරිපත් කළා. ලිබෙයි කුමාරයා නිසා ඔහු පිළිගන්නට එඩිතර නොවුනවත් ද? ලු වංශයේ අය හරිම අමාරුකරයන් පිරිසක්! ලීබෙයි වලට අනාගතයේදී ඔවුන්ට උපකාර කරන්නේ කුමන විදිහටද කියලා මට බලන්න සිදුවේවි. චී ජූයිනුයි මනමාලිය රැගෙන එන්න නියමිත... ගැහැණු ළමයෙක් වගේම දියණියක විදිහට, ඇගේ ජ්‍යෙෂ්ඨත්වය දැනටමත් තරමක් පහළ මට්ටමකයි පවතින්නේ. චී ශීයූට ඒ ගැන සිතන්න තිබුනා!”
වැනිදඹු අධිරාජිණියගේ කෝපාන්විත ප්‍රකාශය හදිසියෙම දියව ගියේ නපුංසයෙකු හදීසියේම දිවවිත් බිම මත දණගසද්දී ය, “උත්තමාවියට ආචාර කරනවා. අධිරාජ්‍යයා අවදි වූ බව දන්වන්න කුටියේ සිටි අයෙක් කලින්ම පැමිණීලා.!”
ල්යුශියැන් ඉක්මනින් පවසන්නට වූවාය. "පිටත්වෙන්න සූදානම් වෙන්න!"
◈ ◈ ◈
තන්තායි හූ , තම වස්තු පැළදගෙන , දිං තාඕ සහ ෂ්‍යාඕ වූ වෙනු වෙන් රළු ලෙස සාදන ලද යෝධ කැරපොත්තන් ලී මත කැටයම් කරමින් සිටියේය. චෙන් යැං තිර රෙද්ද එසවූ සැණින් සියල්ලෝම යහනෙන් බැස පිළිවෙළට නිසි ගෞරවය දැක්වූහ.
"ඔබ අවදි වෙලා, ඒනිසා අසුන්ගෙන හිටියට කමක් නැහැ." ෂ්‍යාඕ චීයේ ඔවුන්ට නැඟිටින ලෙස සංඥා කර පුටුවේ වාඩි විය. "ඔබට අද කොහොම ද?"
"ආපසු ආණ්ඩුකාරධිපති සෙනෙවිතුමා සෙනෙවිතුමාට වාර්ථා කරනවා." තන්තයි හූ හස්තයේ වූ ලී කැබලි පිස දැමුවේය. “මගේ උණ අඩුයි, මම ආහාර ගත්තා. මට අද ආපහු රාජකාරියට යන්න පුළුවන්.”
"හදිස්සියක් නෑ." ෂ්‍යාඕ චීයේ ගේ පැරණි වස්ත්‍රය ඉතා දක්ෂ ලෙස පහතට වැටුනි. ඔහු මොහොතක් පුටුවේ වාඩි විය. “ඔබ එදා හදිසියේ අසනීප වුණා. ඔබේ සෞඛ්‍යය සාමාන්‍යයෙන් හුගක් හොඳ මට්ටමක තියෙනවා, ඉතින් මොකද වුණේ? හමුදා වෛද්‍යවරයා මොනවද කිව්වේ?"
"මේ රෝගයට හේතුව වෛද්‍යවරයාට පැහැදිලි කරන්න බැරිලු." තන්තයි හූ කීවේය. “මම කල්පනා කළා. ඇයි මම ම? අපේ අධිරාජ්‍ය හමුදාව හමුදා සරඹ පිටියේ පුහුණුවීම් කළ හැම කාලයකම මම වර්ෂාව නිරුවත් ළය එක්ක පුහුණුවීම් කළත් මට කවදාවත් සෙම්ප්‍රතිශ්‍යාවක්වත් වැළදුනේ නැහැ. මම දැක්කා ආණ්ඩුකාරධිපති සෙනෙවිතුමා සෙනෙවිතුමා චෙන් යැං ට හදන්න කිව්වා කියලා අසනීප වෙච්ච අයගේ නම් ලැයිස්තුවක්. වැඩිහිටියන් හා තරුණයනුත් හිටියත්, ඔවුනුත් බොහෝ දුරට තරුණ හා ශක්තිමත් අය."
"මේ වසංගතය අමුතුයි." චේන් යැං මේ කාරණය ඉදිරිපත් කළේ ය. “ගෞරවනීය විනිසුරුතුමා හරි වෙන්න පුළුවන්. මෙවර එය ස්වභාවික විපතක් නෙමෙයි.මනුෂ්‍යයන් විසින් නිර්මාණය කරන ලද්දක්.”
ෂ්‍යාඕ චීයේ එය ගැන මෙනෙහි කරන්නට පිටුපසට නැමුනේ ය, “ඒ මොනවා වුනත්, එතැන් සිට බොහෝ කාලයක් ගත වී වෙලා තියෙනවා . ඉඟි බොහෝ දුරට දැනටමත් බැහැර කරලායි තියෙන්නේ. ”
"තවමත් නරක නැහැ මොකද මම තමයි අසනීප වුණේ." තන්තයි හූ තවමත් සිටියේ චකිතයකිනි. “ඒ වෙනුවට අසනීප වුණේ ආණ්ඩුකාරධිපති සෙනෙවිතුමා සෙනෙවිතුමා නම්, චූදු වල මුර සංචාර අවුල් සහගත වෙන්න තිබුනා!”
තිගැස්සී ගිය ෂ්‍යාඕ චීයේ ගේ මාපටැඟිල් මුද්ද පිරිමදිමින් සිටි අත එම ස්ථානයේම නතර විය. ඔහු කිසිවක් කීවේ නැත, අනෙක් අය ඔහුගේ කල්පනාවට බාධා කරන්නට එඩිතර වූයේ නැත.
"ඔබ කියන්න කලින් මේක මට හිතුනෙවත් නැහැ." බොහෝ වේලාවකට පසු ෂ්‍යාඕ චීයේ බියෙන් තොර සිනහවක් පිට කළේය. "ගණන් ගන්න එපා. ඒක බොල් ණයක් නේ නේද? හොඳ වෙලාවට අපිට අමතර සැලැස්මක් තියෙනවා. ඒ කිසිවක් කනස්සල්ලට කරුණක් නෙමෙයි. අද හොඳ විවේකයක් ගන්න. මේ දවස්වල ඔබේ ගෙදර ඉන්න දරුවෝ ටික බලාගන්නේ කවුද?”
තන්තායි හූ ෂ්‍යාඕ චීයේ දරුවන් සිහිපත් කරනු ඇතැයි අපේක්ෂා නොකළේය. “ඇතුළට එන්න කලින් මම ඒක චෙන් යැංට භාර කළා” යැයි පවසන විට ඔහුගේ දෑස් උණුසුම් වූයේ ය. " ඔහු ඔවුන්ව රාජකීය හමුදාවේ කාර්යාල පරිශ්‍රයේ තියා ගත්තා. ඔවුන්ව රැකබගේලා ගන්න සහෝදරයන් ඉන්නවා, ඔවුන් ආහාර ගැන කරදර වෙන්න ඕනේ නැහැ. ඔක්කොම හොඳින් වෙනවා”
“රාජකීය හමුදාවේ බොහෝ මුල් කුටුම්භයන් චූදුවල ප්රදේශවාසීන්ගෙයි. ඔබ මෙහි තනතුරු පුරවන්න බඳවා ගත් අය චූදු වලින් පිටත නැති අය. ඔබලා හැමෝටම නිවසක් නැති බිරින්දෑවරුන් ඉන්න විදිහක් නැති නිසා දරුවන් කිහිප දෙනකු ඇති දැඩි කිරීම ඔබට පහසු නොවෙනවා ඇති. මෙවර ආපදාවකට මුහුණ දීලා වළවල් හාරමින් ඉදිද්දී ඔබ රෝගාතුර වුනා. ඒක පින් අතේ වැඩක් කියලා හිතන්න. වසන්තය ආරම්භයේදී ඔබට උසස්වීමක් ලබා ගන්න චෙන් යැං ඒ ගැන යුද අමාත්‍යාංශයට වාර්තා කරාවි. අනාගතයේදී, ඔබේ මාසික වැටුපට අමතරව, අධිරාජ්‍ය හමුදාවේ අභ්‍යන්තර අංශය මගේ පුද්ගලික ගිණුමෙන් ඔබට ළමා අරමුදල් කිහිපයක් ද වෙන් කරාවි."
ෂ්යාඕචීයේ ගේ පෞද්ගලික ගිණුමෙන් මුදල් වෙන් කිරීම යනු ෂ්‍යාඕ චීයේ ගේ නිල වැටුපෙන් මුදල් ලබා ගැනීමක් වැනිය - එය ෂ්‍යාඕ චීයේ විසින් ඔහුට ලබාදුන් මුදල් යැයි පවසන්නට පුළුවන.
මෙය ඇසෙන විට තන්තයි හු එක දණහිසක් මත දණ ගසා සිටියේ ය. ඔහු පැවසුවේ ය, “එ්ක කරන්නේ කොහොමද? ආණ්ඩුකාරධිපති සෙනෙවිතුමා සෙනෙවිතුමා මාව පලයෙන් පහ නොකර රාජකාරියේ තියා ගැනීම ගැන පවා මම දැනටමත් සෑහීමකට පත්වෙලා ඉන්නේ!"
“ණය ගෙවන්න ඕනෙ නම් ණයක් වෙන්න ඕනේ; ඔබ එයට සුදුසුයි. මම එය ඔබට දෙනවා, ඒ නිසා එය අරගන්න. ” ෂ්‍යාඕ චීයේ නැඟිට චෙන් යැං ට පැවසුවේ ය. “මේ විදිහට වළවල් හාරපු සොල්දාදුවන් පිළිබඳ වාර්තාවක් සකසලා ඔවුන්ට මුදල් බෙදා දෙන්න. වසංගතය විහිළුවක් නෙමෙයි ; සෑම කෙනෙක්ම මෙහි සිටින්නේ තම ජීවිතය පරදුවට තියලයි, ඉතිං මේ වගේ බරපතල වෙලාවක මුදල් නොගෙන කොහොමද? අනාගතයේ නැවතත් මෙය සිදුවුවහොත් සියලු උසස්වීම් සහ පැවරුම් තමන්ගේ හොඳ නරක භාවය අනුව තක්සේරු කරන බව දන්වන්න. ලාඕහු වගේ අය වෙනුවෙන්, මම, ෂ්‍යාඕ ස'අන්, මුළු පවුලම බලාගන්නම්."
තන්තායි හූ තුලඔහු පිළිබද වූ අප්‍රසාදය මුළුමනින්ම පහව ගියේය. ඔහුට ලැබුණු කරුණාව නිසා නැවත ශෙන් ස'චුආන් ගැන ප්රශ්නය ගෙන ඒමෙන් ඔහුට වාසියක් අත් නොවනු ඇත. ෂ්‍යාඕ චීයේ ද රාජකීය හමුදාවේ රෝගාතුර වූ කිහිප දෙනෙකු පිළිබදව බැලූ අතර, ඔහු ඔවුන්ට පැවසුවේ ද එයම ය. දිං තාඕ වැනි තරුණයින්ට පවා මුදල් ත්‍යාගයක් ලැබුණේ ය.
ජනේලයෙන් පිටත කලබලකාරී දර්ශනය නරඹමින් ශෙන් ස'චුආන් තම ඖෂධ පානය කළේය.
ච්‍යාඕ ත්‍යැන්යා අග්නි උදුන සකස් කර අල කිහිපයක් පුළුස්සෙන්නට දැමුවේ ය. ඔහු ගින්න අවුස්සමින් පවසන්නට විය, “බලන්න අනෙක් අයට උසස්වීම් වගේම හදිසි අවස්ථාවනුත් ලැබිලා තියෙන හැටි. ස්වාමියාණෙනි, එතකොට මට මොනවද වෙන්නේ?
" මම ඉස්සරහට ඒ ගැන මතක තියා ගන්නම්." ශෙන් ස'චුආන් බඳුන පැත්තකින් තැබුවේය.
ච්‍යාඕ ත්‍යැන්යා අල දෙස අවධානයකින් යුතුව බලන්නට විය, “දෙවන ෂ්‍යාඕ ඔහුගේ යටත් නිලධාරීන් කළමනාකරණය කරද්දි හරිම නිවැරදියි විදිහට කරනවා. ඔහු සැබවින්ම වසර කිහිපයක කාලය තුළ අධිරාජ්‍ය හමුදාව තහවුරු කර ගන්නත් ඔවුන් තමාගේම නොබිඳිය හැකි ආරක්ෂාව බවට පත් කරගන්නත් හුඟක් සිතලා වගේම උත්සාහයන් දරලා තියෙනවා."
“ඔහුගේ පරිස්සම සහ ආරක්ෂාව ගැන සැලකිලිමත් වන කාරණා සම්බන්ධයෙන් ඔහු මදක් සිතා බැලීම සහ උත්සාහයන් දැරීම පුදුමයක් නෙමෙයි.” ශෙන් ස'චුආන්. “රාජකීය හමුදාව තමයි ඔහුගේ අලුතින් මුවහත් කළ තලය. ස්වාභාවිකවම, ඔහුට එය වඩාත් සුමට ලෙස භාවිතා කළ හැකි තරමට වඩා හොඳ වේවි. තන්තයි හූ කියන්නේ ඔහු පිටතින් අධිරාජ්‍ය හමුදාවට බඳවා ගත් උසස් හමුදා නිලධාරියෙක්. නිසි ලෙස කළමනාකරණය නොකළහොත්, මේ තන්තායි හූ ප්‍රධානියා ලෙස සිටින පිරිස කරදරවලට මුල වේවි."
“කාලය සහ මිනිසුන්ගේ හදවත් අත්‍යවශ්‍ය සහ අත්හැරීය නොහැකි දෙයක් බවට පත් කරනවා. ඒ සියල්ල ගැන ඔහුට ඇත්තේ පරිපූර්ණ ග්‍රහණයක්. ඔහු ඔවුන්ව යටපත් කර ඔවුන්ට ප්රතිලාභ ලබා දුන්නා , ඔවුන් සියල්ලන්ටම යටත්ව හා කීකරු වන තෙක් ඔවුන්ව වර්ග කළා. කරදරවල මූලය පවා ස්ථාවර බලවේගයක් බවට පත්වෙලා අවසන්.තන්තයි හූගේ ස්වභාවය අනුව, අනාගතයේදී යමෙකු ඔහුට රන් දහසක් අල්ලස් දීමට ගියත්, ඔහුගේ පක්ෂපාතිත්වය සොලවන්න අපහසු වේවි." ච්‍යාඕ ත්‍යැන්යා අල ලෙලි ගසමින් සුසුම් හෙලුවේ ය. "දැන් මම එය මේ ආකාරයෙන් සංසන්දනය කළා ... ස්වාමියාණෙන්, ඔබ ඇත්තටම හරිම සීතල රුධිරය තියෙන අයෙක්."
“රැජකීය ආරක්ෂකයින් අධිරාජ්‍ය හමුදාවට වඩා වෙනස්. රාජකීය ආරක්ෂකයන් විදිහට ඉන්න සියලුම දෙනා වංශවත් වංශවල මිනිසුන්. ඔවුන් එක් එක් විදිහේ අභිලාෂකාමී සහ අහංකාර ගති පැවතුම් ඇති අය. සීතල වීම හොඳ දෙයක්. ජීවිතය හා මරණය වගේ දුක්ඛිත තත්වයන් නැතුව සැබෑ මිත්‍රත්වයන් ඇති වෙන්නේ නැහැ. සෑම කෙනෙකුගේම හදවතේ ඉඩක් තියෙනවා. හැන් චෙං අණදෙන නිලධාරි තනතුර භාරගෙන දින කිහිපයක් ගත වෙලා , ඔහුට පහළින් සිටින අයට අල්ලසක් වශයෙන් ඔහු ලබා දුන් ත්‍යාග රාශියක් තියෙනවා. නමුත් ඔවුන්ගෙන් කීදෙනෙක් ඔහු ගැන පෞද්ගලිකව හොඳින් සිතනවාද?" ශෙන් ස'චුආන් මොහොතකට නැවතිලා, ඉන්පසු දිගටම පවසන්නට වූයේ ය, “දැන් ඔබ අර්තාපල් ආහාරයට ගන්නවා නම්, පසුව මාංශ ආහාරයට ගන්න එපා. ඔබ මා අනුගමනය කරන්න ගත්ත දා ඉදන් ඔබ අවම වශයෙන් ජින්හතක් හෝ අටක් වත් බර සහිත දේවල් පළඳිනවා නෙමෙයි ද?"
ච්‍යාඕ ත්‍යැන්යා පැවසුවේ ය. “ස්වාමියාට තාලයකට සවන් දීමට අවශ්‍යද? මට වාදනය කරන්න වගේම සින්දු කියන්නත් පුළුවන්. මට මුදල් මඟ හරින්න පුළුවන්, නමුත් ඔබට අඩුම තරමින් මට මස් කැබලි දෙකක් වත් පිරිනමන්න පුළුවන් නේද?”
ශෙන් ස'චුආන් අනුකම්පා විරහිතව පැවසුවේ ය "පිටතට යන්න"
ඒ සමඟම ච්‍යාඕ ත්‍යැන්යා පිටතට ගිය අතර, ෂ්‍යාඕ චීයේ ආපසු පැමිණියේය. ච්‍යාඕ ත්‍යැන්යා මාර්ගයේ ඉඩ දීම සදහා පසෙකට ගිය අතර, ෂ්‍යාඕ චීයේ දොර හරහා ගොස්, ඔහුගේ පාදයෙන් පුටුවක් අල්ලාගෙන, ඇඳ අසල වාඩි විය.
“ඔබට හොඳට නින්ද ගියාද?”
ශෙන් ස'චුආන් පිළිතුරු දුන්නේ ය, “ඔව්-ඉතිං.”
ෂ්‍යාඕ චීයේ පවසන්නට විය “ඔබේ එම නිවසත් කඩා දමාවි. දින දෙකකට පස්සේ ඔබ පිටතට ගියාම ඔබ ජීවත් වෙන්නේ කොහේද? ”
ශෙන් ස'චුආන් සුසුම්ලමින් සිටියේය. "මම හිතන්නේ වීදිවල ජීවත් වෙන්න."
ෂ්‍යාඕ චීයේ එයට හූමිටි තබමින්, අසුරක් ගැසුවේ ය, “මට චෙරි මල් නවාතැන පිටුපස කුඩා මළුවක් තියෙනවා. ඔබට ඒක අවශ්‍යද?"
"ඒක ඉතා සමීප තැනක් වගේම අනෙක් අයගේ සැකයන් ඇති කිරීම පහසු කරවනවා." ශෙන් ස'චුආන් ඔහුගේ ඇදුම් තමා වටා දමා කරගත්තේ ඔහුගේ ගෙලෙහි වූ සලකුණු පිළිබඳ දෙස බලමිනි.
"බොහෝ දුරට, අපට දින කිහිපයකට වරක් හමුවෙන්න පවා අපහසු වේවි." ශෙන් ස'චුආන්ගේ පිටුපස කොලරය මෘදුව පහතට දැමීම සදහා ෂියාඕ චියේ තම අත දිගු කළේය. ඔහුගේ දෑස් ඒ දත් සලකුණු මත රැඳී තිබුණි.
ඒ දත් සලකුණු නම් ඔහුගේ ඒවා ය. ඔහු ඒ ස්ඛානය සපා දැමුවේ ගොඳුරක් ගිල දමන විලෝපිකයෙක් පරිද්දෙනි.
ශෙන් ස'චුආන් ඔහුගේ දෑස් ඔසවා ඔහු දෙස බැලුවේ ය, "ඔබව රාජකීය අධිකරණයේදී හමුවෙන්වම්... හ්ම්?"
ෂ්‍යාඕ චීයේ ඔහුගේ බැල්ම මග හැරියේ ය. "එයින් හරිම දුරයි වගේ හැහෙනවා."
"එහෙනම් මොකක්ද කරන්න ඕනේ?" ශෙන් ස'චුආන් ඔහු දෙස බැලුවේ ය. "කෝ මගේ විජිනිපත?"
චෙන් යැං තිරය ඔසවන විට බන්දේසියක් අතැතිව සිටියේය. ඒ පිළිබදව කිසිත් නොපැවසු ෂ්‍යාඕ චීයේ පැවසුවේ ය “නැතිවුණා. චෙන් යැං අතින් ඒක අතුරුදහන් වෙලා.
ශෙන් ස'චුආන් චෙන් යැං දෙස බැලූ අතර, ඔහුගේ කම්පන සහගක මුහුණ නොතැකුවේ ය, සන්සුන්ව හිස වනමින්, බර හඬින් ශෙන් ස'චුආන්ට පැවසුවේ ය, "විනිසුරුතුමනී, මේ නිහතමානී යටත්වැසියා..."
“එ්ක විජිණිපතක් විතරයි. මේ දෙවන තරුණ ස්වාමියා එය වෙනුවෙන් ඔබට වන්දියක් ගෙවන්නම්.” ෂ්‍යාඕ චීයේ විවේකයෙන් කීවේය. “ඔය ඇත්දළ විජිණිය හරිම අශෝභනයි. මම ඔබට එකක් තෑගි කරන්නම්. ”
"එ්ක අශෝභන වුනත් , එ්ක ලැබුනේ ෂී හොෂුආන්ගෙන්." ශෙන් ස'චුආන් පැවසීය. "ඒ විජිනිපත නැතුව ඔහුව හමුවෙන්න ගිහින් රස්තියාදුකාරයෙක් වගේ හැසිරෙන්නෙ කොහොමද?"
"මම ඊටත් වඩා අශෝභන දෙයක් දෙන්නම්." ෂ්‍යාඕ චීයේ පැවසුවේ ය, “ හරිතමණි මාණික්‍ය සමඟ රන් ඔබ්බවා ඇති එකක්. මේ දෙවැනි තරුණ ස්වාමියා ළඟ සල්ලි ගොඩක් තියෙනවා.”
"ෆෙෆෙංන්ග් කන්දේ හමුදා සරඹ භූමිය වසන්තයේ ආරම්භයේ දී ප්‍රතිසංස්කරණය කරන්න වෙනවා." ශෙන් ස'චුආන් ඔහුගේ අත දිග හැරියේය. “දෙවන තරුණ ස්වාමී ෂ්‍යාඕ, ඔබ ඔබේ පටිය තදගෙන නේද ඉන්නේ? ඔබ ඉක්මනින්ම දුප්පත් වේවි. ඔබට නිර්මාංශ වෙන්නත් සිද්ධවේවි. රත්තරන් සහ හරිතමණී ඔබ්බවන්න ඔබට කොහෙන්ද සල්ලි තියෙන්නේ?"
චෙන් යැං බන්දේසිය බිම තබා කාමරයෙන් පිටව ගියේය.
ෂ්‍යාඕ පැවසුවේ ය, “මොකක්ද? මේවා මගේ රහස් ගබඩාවෙන්වත්ද? ”
ශෙන් ස'චුආන් පැවසුවේ ය. "ඔව්, රහස් ගබඩාවක් පවා තියෙනවා."
ෂ්‍යාඕ චීයේ පැවසුවේ ය, "මට ඒවා ඕනෑ තරම් තියෙනවා"
ශෙන් ස'චුආන් සිනාසෙමින් පැවසුවේ, "එහෙනම් ඒක ඇත්තටම..."
මේ දැන් පිටව ගිය චෙන් යැං ආපසු හැරී තිරය ඔසවා පිටත මෙසේ කීවේය. "ස්වාමිවරුනී! මාලිගාවෙන් රාජකීය ආඥාවක් ලැබිලා තියෙනවා."
දෙදෙනාම තම ප්රකාශනයන් පාලනය කර ගත්හ. ෂ්‍යාඕ චීයේ වහාම නැඟිට තනි හස්තයෙන් ශෙන් ස'චුආන්ව නැගිටුවා ගත්තේ ය.
--------------------------
Sinhala Translator Pov - වෙන්න පුළුවන් , වසංගතය පතුරවන එක කාගෙ හරි සැලැස්මක් වෙන්න ඉඩ තියෙනවා. 😲
ෂ්‍යාඕ චීයේ ඇත්තටම නියම නායකයෙක්. අන්න ඒවගේ අය ඇත්තටම ආදර්ශයක්. 😘
කියවන කමෙන්ට් කරන්න වෝට් කරන හැමෝටම ස්තුතියි! ❤️❤️❤️
මූ රූ නිකම් සැකයි වගේ..🤔🤔🤔
ReplyDeleteසැකයි මටත්!
Deleteස'අන් හරීම කපටී අප්පා😍😍
ReplyDeleteමගේ කපටියා!
Delete