යූ ෂ්යාඕසායි ඒ වන විටත් ඔහුගේ වස්ත්‍රයේ කබා අත ඉහළට ඔසවන්නට සූදානමින් සිටි අතර ෂ්‍යාඕ චීයේ තම මත්පැන් බදුනට බිම මතට වැටෙන්නට ඉඩ දුන්නේ ය. ඒ අසල සිටි හැන් චෙං ගේ වස්තුය එයින් තෙමී ගොස් අපිරිසිඳු විය යූ ෂ්යාඕසායි පත්‍රිකාවන් තබා හැන් චෙංට පිරිසිදු කරගැනීම වෙනුවෙන් අත්පිස්නාවක් ගන්නට පිටත්විය. මත්පැන් තමා මතට ඉහිරෙද්දී සෙන් යූ සිටියේ පත්‍රිකා දෙස බලාගත් වතමය. ඔහු කඩිමුඩියේ එය ද මගහරින්නට උත්සහ කළේ කොං ච්යුව සිනහ ගස්සවමිනි.
හැන් චෙං ඔහුගේ සළුව ගසමින් ෂ්‍යාඕ චීයේට පැවසුවේ ය, "වංශාධිපති උතුමනී, ඔබ ඍ්නැවටත් වඩා මත්පැන් පානය කරලා ; දැන් ඕබේ දෑත් පවා පාලනයෙන් ගිලිහිලා!"
ෂ්‍යාඕ චීයේ සමාව අයැද තම හස්තය ඔසවා පැවසුවේ ය "සමාවෙන්න, මම වන්දිය වශයෙන් හෙට ඔබට යමෙකු අත වෙන දෙයක් එවන්නම්"
"අවශ්‍යතාවක් නැහැ. ඇදුම් කට්ටලයක් කොයිතරම් වටිනවාද?" හැන් චෙං ඇත්තටම ෂ්‍යාඕ චීයේ ට තමා වෙනුවෙන් වන්දි ගෙවීමට ඉඩ දෙන්නේ කෙසේද? "අපි මේ බඳුන ඔබතුමාගේ සව්දිය බදුනක් විදිහට සළකමු!" යැයි සිනහවකින් යුතුව පවසද්දී නොමනාප මුහුණක් හෙළිදරව් කරන්නට ඔහු එඩිතර වූයේ නැත.
ශෙන් ස'චුආන් ඒ වන විටත් ඔහුගේ පාදය ඉවත් කර තිබුණි. ඔහු හේත්තු වී බිම තිබූ පත්‍රිකාව සියතට ගත්තේය. ඔහු එය මේසය මත තබන විට, ෂ්‍යාඕ චීයේ සිනාසෙනු ඔහුට ඇසිණි. ෂ්‍යාඕ චීයේ විසින් තෙරපන ලද ඔහුගේ වළලුකර ඒ උණුසුම් වාතාවරය මධ්‍යයේ දැවී යන්නට තරම් උණුසුම් වූයේ ය.
කොං ච්‍යු දැනටමත් බීමත්ව සිටියේය. ඔහු උසාවියේදී සාමාන්‍යයෙන් කරන ආකාරයට හාත්පසින්ම වෙනස්ව පෙනෙන්නේ ඔහු තම ආහාර කූරු වලින් පෝසිලේන් බදුනට පහර දෙමින් අවුල් සහගත වාතාවරණය තුළ තනිවම නොතේරෙන ගී පද ගායනා කරන විටය.
සෙන් යූ, මෙතරම් නුසුදුසු හා අපිරිසිදු ඝෝෂාවන් සිදු කරනු දුටු කොං ච්‍යු ඔහුගේ කමිසයෙන් ඇදගෙන පවසන්නට විය , "බොරන්! ගායනය නවත්වන්න. අපි නිවසට ගිහින් නිදාගමු! ඔබ තවමත් හෙට අනිද්දා පැවැත්වෙන ෂී හොංෂුආන් ගේ නඩු විභාගයේ පෙනී සිටින්න ඕනේ!
කොං ච්‍යු ඔහුගේ කුසලානය ඔසවා, ප්රමෝදයකින් යුතුව එයට පහර දී , "මට ඒක මතකයි. මම ඔහු ගැන විමර්ශනය කරනවා! "
සෙන් යූට ඔහුව අල්ලාගෙන සිටීමට නොහැකි වූ අතර දිගටම පවසන්නට විය, "ස්තුතිපූර්වක ව, අද ඔබට මංගල්‍යයට ආරාධනා කළේ මමයි, එහෙම නොමැතිනම් එවැනි නිර්භීත, නොදැමුණු ලෙස හැසිරීම ගැන ඔබට දෝෂාභියෝගයකට ලක් වෙන්න වෙනවා."
"හරි එහෙනම්, ඔවුන්ට දෝෂාභියෝගයක් දෙන්න!" කොං ච්‍යු පැවසුවේ ය, "ඔවුන්ට දෝෂාභියෝගයට ඉඩ දෙන්න! රාජකීය වාරණයන්ට කතා කරන්න ධෛර්යය තියෙන්න ඕනේ."
"හරි, හොඳටම කිව්වා!" හැන් චෙං ද සිනාසෙමින්, "වසන්තයට පෙර, අපට හුස්ම ගන්නත් අපහසු තරම් විශාල වැඩ ගොඩකින් අපි සිරවී ඥිටියා. අපට අපිව කොපමණ කාලයකට භුක්ති විඳින්න හැකිවේවි ද? ඔහුට ඔහුගේ සිතේ සතුට භුක්ති විදින්න ඉඩ දෙන්න! "
"සුළඟ පහත වැටෙන්න ආසන්නයි. අපි රාත්‍රි වෙනකල් වාද විවාද කළොත් , ලේකම් කාර්යාලයේ වැඩිහිටියා අපි ගැන සතුටු වෙන්නේ නැහැ." ෂ්‍යාඕ චීයේ ඔහුගේ දෙපයින් නැඟිට සෙන් යූට ට කතා කොට කැදවා, "ගෞරවනීය කොංව මගේ අශ්ව කරත්තයෙන් ආපසු පිටත් කර හරින්න!"
සේවකයන් වටේටම ගැවසෙන අතරේ චෙන් යැං කොං ච්යුට ද්වාරයෙන් පිටතට යාමට උදව් කළේය. සෙන් යූ ඔහුගේ උණුසුම් දහඩිය පිස දමා ඉතිරි මිනිසුන්ට මෙසේ පැවසීය: "ඔබ මෙය දන්නේ නැහැ, නමුත් බෝරාන් ත් එක් කාලයක් සාම්ප්‍රදායික නොවන හා බාධාවක් නැති පුද්ගලයෙකි, නමුත් ලේකම් කාර්යාලයේ වැඩිහිටියා විශේෂයෙන් සංයමයෙන් හා නීත්‍යානුකූලව කටයුතු කරන නිසා, ඔහු ඔහුව පිළිවෙලට තබාගන්න ඔහුට කස පහර දුන්නා. මේ මත්පැන් වැඩිපුර පානය කිරීම සුදුසු නැහැ. ඔබව සන්සුන් කිරීම සඳහා සුප් ටිකක් සාද්දනැයි මම සූපවේදියාට පවසන තෙක් සියලු දෙනා මොහොතක් බලා නොසිටින්නේ ඇයි? යන්න කලින් පානය කරන්න!"
"මම මේ කල්පනා කළේ ඔබේ නිවසේ පිටි ගුලිය සහ විවිධ එළවළු සුප් ගැනයි!" හැන් චෙං විධිමත් ක්‍රියා පිළිගත්තේය. "මගේ එකට විනාකිරි ටිකක් එකතු කරන්න. මම යන්න කලින් බොන්නම්."
ශෙන් ස'චුාන් හිස නමා පැවසුවේ ය, "රාජකීය බන්ධනාගාරයේ හෙට උදෑසන හදිසි නඩු විභාග කිරීමට තවමත් ඇති විසා මම තවත් නවතින්නේ නැහැ. හැමෝම, කරුණාකරලා ඔබේ ආහාර වේල භුක්ති විඳින්න. අනාගතයේදී කාලය ඉඩ දුන්නොත් , මම සෑම කෙනෙකුටම තවත් වටයකට ආරාධනා කරන්නම්."
හැන් චෙං ඇත්ත වශයෙන්ම ප්‍රමාද වී කාර්යබහුල බව දැන ඔහුට පැවසුවේ ය, "ඔබ මීට පෙර දක්ෂිණ විනිශ්ච්යකාර තනතුර දැරූ විට, හමුදා ශිල්පීන් ඔබ දෙස සමීපව බලා සිටියා. දැන් ඔබ උතුරු විනිසුරු කාර්යාලයට මාරු වී ඇති නිසා, ඔබ වෙනත් කිසිවක් කරන්නට නොහැකි තරම් කාර්යබහුල වන තෙක් අනනත්යටම යන්න තරම් හදිස්සි වෙන්න අවශ්‍ය නැහැ. යටත් නිලධාරීන් ඔවුන්ට ඔබ දක්වන කාරුණික සැලකිල්ල මතක තබාගන්න පුළුවන්. ස්වාභාවිකවම ඔබට දේවල් අපහසු නොවේවි."
ශෙන් ස'චුආන්ට පිළිගැනීමේ ශබ්දයක් පිට කළේය. සෙන් යූ ඔහුව පිටත් කර හැරීමට බල කළේය. ශෙන් ස'චුආන්ට එය ප්‍රතික්ෂේප කිරීම සිදු නොවනු ඇත, එබැවින් ඔවුන් එක්ව දොරටු වලින් පිටතට ගියහ. පිටත දැඩි වර්ෂාවක් ඇද හැලෙමින් තිබූ අතර, සියල්ල ඝන මීදුමකින් වැසී තිබුණි. ඔවුන්ගේ මුහුණු මත නැවුම් වාතය වැදීම නිසෙ ඔවුන්ගේ ශරීරයෙන් මත්පැන් මගින් ඇතිවන තාපය විසුරුවා හරින ලද අතර, ඔවුන් වඩාත් ප්‍රබෝධමත් විය.
සෙන් යූ හා ශෙන් ස'චුආන් පඩිපෙළෙන් බැස, "අද රාත්‍රියේ මංගල්‍යයට සහභාගී වීමට කාලය සොයා ගැනීමට නම්, ඔබ විශාල වැඩ කොටසක් පසුපසට තල්ලු කර තියෙන්න ඕනේ."
"ඇත්තටම නෑ. විසඳිය යුතු හදිසි නඩු අදට මුද්‍රා තබලා අවසන් කර තිබෙන්නේ. ශෙන් ස'චුආන් සිනහවකින් පිළිතුරු දුන්නේය.
සෙන් යූ හිස වනමින් පැවසුවේ ය, "ඒක හොඳයි. පැවරුම් ප්‍රමාද කරන්න බැහැ."
සෙන් යූ ඔහු සමඟ දොරටුව දක්වා ආ අතර පසුව ඔහු වෙනුවෙන් හිරවරණයක් සහ පහන් කූඩුවක් ඔසවන ලෙස යමෙකුට අණ කළේය. ඔහුගේ දක්ෂතා සඳහා ඔහු සැබවින්ම ශෙන් ස'චුආන් අගය කළ නමුත් ශෙන් ස'චුආන් රාජකීය ආරක්ෂකයන්ට සේවය කිරීම කණගාටුවට කරුණකි.
අවසාන වශයෙන්, සෙන් යූ පවසන්නට විය, "රාජකීය බන්ධනාගාරයේ ඇති සියලුම නඩු අධිකරණ කාර්යාල තුනකටවත් මැදිහත් විය නොහැකි ප්‍රධාන නඩුයි. ඔබ මේ තනතුර සමඟ විශාල නැගීමක් භුක්ති වින්ද බව පවසන්න පුළුවන්, ඒ නිසා ඔබ ප්‍රවේශමෙන් කතා කළ යුතුයි වගේම විචක්ෂණශීලීව ක්‍රියා කළ යුතුයි. පරමාධිපත්‍යයට සමීප වීම කොටියෙකු සමඟ බොරු කීම තරම් භයානක බව බොහෝ විට පවසනවා. අධිරාජ්‍යයා ඉදිරියේ කටයුතු හැසිරවිය හැකි සියල්ලෝම උපතින් බුද්ධිමත් හා තීක්ෂණ මනසක් සහිත අයයි. එනම්, ඔබ සුදුසුකම් ගැන ඕනෑවට වඩා කරදර විය යුතු නැහැ , මන්ද ඔබ දැනටමත් ඔබේ තරුණ අවධියේ සාර්ථකත්වයට පැමිණ ඇති බව සලකනවා. ඔබට තවමත් බොහෝ කාලයක් යන්නත් සහ ඔබට ඉදිරියෙන් බොහෝ ඉතිරිවත් තියෙනවා. ඒ නිසා මතක තබා ගන්න, ඔබේ පැවරුම් හැර වෙනත් කිසිවක් ගැන කරදර විය යුතු නැහැ. දිංදූ වංශාධිපතියත් ද පටු අදහස් ඇති පුද්ගලයෙක් නෙමෙයි. අනාගතයේ දී දූත මණ්ඩලවල එකට වැඩ කරන්න ඔබ බැඳී සිටීවි. අද රාත්‍රියේ මත්පැන් සමඟ හිස්වැස්ම මිහිදන් කළා. ඔබට ඔහු සමඟ ආත්මීය මිතුරන් වීමට නොහැකි වුනත්, ඔබ එකිනෙකා මුණගැසෙන සෑම අවස්ථාවකම කෝපයට පත් වීමට වඩා එකිනෙකා ගැන සොයා බැලිය හැකි මිතුරන් වීම වඩා හොඳයි. ලන්ජෞ, මම ඔබේ දක්ෂතාවය අගය කරනවා , ඔබ වෙහෙස මහන්සි වී වැඩ කරලා ඔබේ වෘත්තීය ජීවිතය සාර්ථක කර ගනීවි කියලා මම බලාපොරොත්තු වෙනවා! "
සෙන් යූ කෙතරම් අවංක භාවයකින් තම හදවත හෙළි කළේද යත් ශෙන් ස'චුආන් මුළු හදවතින්ම එය පිළිගත්තේ ය. ඔහු ආචාර කළ අතර, සෙන් යූ ඔහුට නැවත නැඟිටීමට උදව් කරමින් පවසන්නට විය, "වැසි සහිත රාත්‍රීවල මාර්ගය ලිස්සන සුළුයි. ඔබේ ගමනේදී පරිස්සම් වන්න. ඔබට යන්න පුළුවන්."
ශෙන් ස'චුආන් ලී ජ්යන්හෙං ඔහුට ප්රදානය කළ සුදු පැහැති ලොම් කබාය ඇඳගෙන සෙන් යූට ට සමු දුන්නේය. ඔහු ගමන් රථයට නැග්ගේ නැත, නමුත් එක් ස්වාමියා සහ එක් සේවකයෙකු වර්ෂාව මධ්‍යයේ ඇවිද යන්නා සේ හේ ච්‍යාඕ ත්යැන්යාට තමා වෙනුවෙන් හිරවරණය අල්ලා ගන්නට ඉඩ දුන්නේ ය.
ඔවුන් දෙදෙනාට වීදි දිගේ වැඩි වේලාවක් ඇවිද යන්නට නොලැබුණු අතර ඔවුන්ට පිටුපසින් කුර ගැටෙන ශබ්දය ඇසුණි. ච්‍යාඕ ත්‍යැන්යා පසෙකට යාමට පෙර වර්ෂා ජලය විසිරි ගිය අතර, අපේක්ෂා කළ පරිදි, ෂ්‍යාඕ චීයේ අශ්වයා මත හිඳ ඔවුන් දෙසට වේගයෙන් ගමන් කරනු හේ දුටුවේය.
"හොඳ වේලාවට. මට __"
ශෙන් ස'චුආන් රැගෙන යාමට නැමුණු ෂ්‍යාඕ චීයේ ඔහු සමඟ පිටව යද්දී ච්‍යාඕ ත්යැන්යාට ට ඔහුගේ වාක්‍යය අවසන් කිරීමටවත් නොහැකි විය. අශ්වයාගේ කුරවලින් නැගී ආ ජල බිඳිති ච්‍යාඕ ත්‍යැන්යා පුරා විසිරී ගියේය. ඔහු තම දෑත් විවර කර සෙමෙන් ඔහුගේ වාක්‍යය අවසන් කළේය, "... ෂාඕජියු ටිකක් බොන්න ඕන." (1.)
ෂ්‍යාඕ චීයේ හොඳින් හැදපැළඳ සිටියේ ය. ශෙන් ස'චුආන් තම හස්තයන් මත සිටියද ඔහුට එය අපහසුවක් නොවීය. ඔහු වෙහෙසකින් තොරව තම අශ්වයා පිටව යන විට ශෙන් ස'චුආන් වැළඳ ගත්තේ මේ ආකාරයටය. ශෙන් ස'චුආන් ළයට බර වෙද්දී එය දැඩි ලෙස දැණුනු අතර නොබිඳිය හැකි රිදී යකඩ පවුරක් මෙන් ශක්තිමත් විය.
ලං තාඕ ෂුඒ ජින් වර්ෂාව හරහා කඩා වැදුනේ කළුවර රාත්‍රිය හරහා දැල්වෙන අකුණු සැරයක් මෙනි. ඌ නගර දොරටු දෙසට කෙළින්ම ආරෝපණය වන විට ගණන් කළ නොහැකි ජල වලවල් වලට පා තැබුවේය.
"කවුද මේ මහ රෑ අශ්වයා පිට නැගල මෙහෙට යන්නේ?!" මුරටැඹ මුදුනේ සිටි මුරකරු තම පහන් කූඩුව ඔසවා අසා සිටියේය.
ෂ්‍යාඕ චීයේ ඉණ අවසරපත එසවීමට පෙර ශෙන් ස'චුආන්ව ආවරණය කරගන්නට ඔහුගේ සළුව ඇද ගත්තේය. "ද්වාරය අරින්න" ඔහු පැවසුවේ ය.
"හමුදා-. වංශාධිපති තුමනි!" මුරටැඹේ මුදුනේ සිටි පාබල හමුදා අණදෙන නිලධාරියා වහා ආචාර කර, දෑත් වනා , "ඉක්මනින් , ද්වාර අරින්න!" යැයි අණ කළේය.
මහා ඝෝෂාවක් සමඟ දොරටු විවෘත වූ අතර, ලං තාඕ ෂුඒ ජින් ජින් කෙළින්ම පිටතට දිව ගියේය. රාත්‍රී සුළඟ ඔවුන්ගේ දෙකොපඅල් වලට පහර දීමත් සමඟ, ලං තාඕ ෂුඒ ජින් තව තවත් වේගය වැඩි කළ අතර, උකුස්සා ද වර්ෂාව දෙසට පැමිණ සමීපව පසුපසින් පියා සැරුවේ ය.
ශෙන් ස'චුආන් අශ්වයාගේ මත එල්ලී මෙසේ කීවේය, "අපට වැඩි දුරක් යන්න බැහැ. හෙට උදෑසන-"
ෂ්‍යාඕ චීයේ ශෙන් ස'චුආන් ගේ නිකට අල්ලා, තමා දෙසට ඇද, ඔහු සිප ගැනීමට ඔහුගේ හිස ඇල කළේය. ශෙන් ස'චුආන්ට අශ්වයන් පදින්නට දක්ෂතාවයක් නොතිබූ අතර, ෂ්‍යාඕ චීයේ හැර, ඔවුන් සුළඟ මෙන් වේගයෙන් දිව යන විට ඔහුට අල්ලා ගැනීමට වෙනත් තැනක් නොතිබුණි. එක් අතක් අශ්වයාගේ මතත් අනෙක් අතෙන් ෂ්‍යාඕ චියේගේ සිරුරත් අල්ලාගෙන ඔහුට ඉදිරියෙන් ඇති මාර්ගය දෙස බැලීමට ක්‍රමයක් නොවීය. ඔවුන් සිප ගන්නා විට ෂෝෂාකාරි වර්ෂාව ඔහුගේ දෑස් තෙත් කළේය.
ඔවුන් එකිනෙකාව දින හතක් හෝ අටකින් දැක තිබුණේ නැත.
ෂ්‍යාඕ චීයේ එක අතකින් ශෙන් ස'චුආන්ව තදින් වැළඳ ගත්තේ, ඔහුගේ කොපුල් දිගේ ගෙලෙහි එක් පෙදෙසක් සිප ගනිමින් හා ඔහුව තමාගේ ලයට තද කරගනිමිනි.
ශෙන් ස'චුආන්ගේ වස්ත්‍ර අපිරිසිඳු විය. ඔහුගේ සුදු ලොම් කබායට යටින් තිබූ නිල ඇඳුම මදක් ඇදී ගොස් තිබුණි. ඔහු දෑස් එසවූ විට ඔහුට පෙනුනේ අන්ධකාර වර්ෂාව සහිත රාත්‍රිය පමණි. ජල බිංදු ඔහුගේ කරපටිය තුළට වක්‍රාකාරව ගලා ආවේය, ඔහුගේ ඇඳුම් සේම ඔහු ද ගිලී ගියේය. ෂ්‍යාඕ චීයේ ඔහුගේ හුස්ම හිර කරද්දී පවා ඔහුගේ පහස වූයේ ෂ්‍යාඕ චීයේගේ වතය.
ලං තාඕ ෂුඒ ජින් රාත්‍රියේ අන්ධ ලෙස දිව ගිය විට වර්ෂාව වඩාත් දැඩි හා ඝෝෂාකාරී විය. ඔවුන් ඉදිරියෙන් ඇති මාර්ගය ඒ වන විටත් දිගු අඳුරු රාත්‍රියේ සැඟවී තිබූ අතර අශ්වයා රහසිගත හමුවක පෙම්වතුන් යුවළක් රැගෙන යන හුදකලා නෞකාවක් පමණක් විය.
ඒ සියල්ල එසේ වන අතරතුර ශෙන් ස'චුආන් දෑස් පියාගත්තේ දහඩියෙන් හා වැසි ජලයෙන් වෙව්ලමිනි. අශ්වයාගේ කුර මඩ පාගද්දී ෂ්‍යාඕ චීයේ වදනක් හෝ කීවේ නැත. මාර්ගය කෙතරම් අසමාන සහ සැරිසැරීමට අපහසු වූවාද යත්, පසුව ඇති වූ ගැටිති සහ කම්පන කිහිපයක් නිසා ශෙන් ස'චුආන්ගේ උගුරෙන් ශබ්දයක් පිට විය.
ෂ්‍යාඕ චීයේටද මඳක් දහදිය දමාතිබුණි. ප්‍රබල මත්පැන් වලින් උද්දීපනය වී සිටි ඔහු, මේ විනෝදකාමී උමතුව මධ්‍යයේ ශෙන් ස'චුආන්ව ග්‍රහණය කර ගත් අතර, සෑම නැගීමක්ම සහ වැටීමක්ම නිවැරදි ස්ථානයට පත් කළේය. මත්පැන් පානය කිරීමෙන් පසු ඔහු වඩාත් උද්දීපනය වූ අතර, ඔහු තම ශක්තිය දක්ෂ ලෙස භාවිතා කළේය, ශෙන් ස'චුආන්ට විරෝධය දැක්වීමට නොහැකි වූ අතර පැන යාමට ද නොහැකි විය.
"ගැටීම හොඳින් දැනෙනවාද?" ශෙන් ස'චුආන් ට ඉවත් වීමට අවශ්‍ය බව දුටු ෂ්‍යාඕ චීයේ ඔහුගේ දෑත් බැඳ ඔහුව වැලඳගනිමින් ආපසු ඇද ගත්තේය.
ඔහුට එරෙහිව තද කළ ශෙන් ස'චුආන් "ම්ම්ම්..." යැයි හඬ නැගීය.
ෂ්‍යාඕ චීයේ පවසන්නට විට, "ඊළඟ වතාවේ, මම නිවැරදි ස්ථානයටම එය තද කරන්නම්."
ෂ්‍යාඕ චීයේ ශෙන් ස'චුආන්ගේ ගේ සවන් පෙත්තට පහර දී යම් වස්තුවක් පැළදුවේ ය. ඔහු ඒ තෙමුණු කෙස් රොද පසෙකට තල්ලු කර ඔහුව සිපගත්තේය.
ශෙන් ස'චුආන් හිස ඔසවන විට, සූරියකාන්ත පාෂාණමය කරාබුව ඔහුගේ චලනය සමඟ සෙලවිණ. ඔහු තුෂ්නිම්භූතව එය එක ස්පර්ශ කළේ ය. කිහිප වතාවක්ම ඔහු කතා කිරීමට මුව විවර කළේ ය, නමුත් ඔහුගේ හුස්ම හිරවීම ඔහුට නිතරම බාධා කළේය. ඔහු ප්රමෝදයේ උදම් රළ මත ගමන් කරන විට, ඔහු ෂ්‍යාඕ චීයේ දෙස බැලුවේ අවබෝධයේ සහ දුරවබෝධයේ පරස්පර මිශ්‍රණයක් සහිතවය.
ෂ්‍යාඕ චීයේ ඔහුට ඉතිරිව තිබූ එකම මෘදු ස්වභාවය විනාශ කර දැමුවේ ය.
සීතල කාලයකින් පසු වසන්ත දින පැමිණ උණුසුම් වීම ඇත්තෙන්ම නරක යමක් විය, මන්ද මෙය විනෝද වීමට කාලය වන බැවිණි. නින්දිතයන් සියල්ලෝම විනෝද වීමට කැමැත්තෝ ය. ඔවුන් එකට සිටින තාක් කල්, කිසිවෙකුත් නොමැති තැන කැළඹීමක් ඇති කළ හැකිය. ඔවුන්ගේ දෑස් මුණගැසෙන විට ඔවුන්ගේ දෙනෙත්වල ඇති විනිවිදින සුළු භාවය සහ ඔවුන්ගේ කොඳු ඇට පෙළ හිරිවැටෙන කිතිය කෙතරම් ප්‍රබලද යත්, ඔහුගේ විනීතභාවයේ වෙස්මුහුණ ඉරා දැමීමටත් අනෙකා කෝපයට පත් කිරීමටත් ඔවුන් තුළ කැසීමක් ඇති කරන්නට සමත් විය. තම නිල ඇදුමට යටින් සිදුවන අමනකාරි ක්‍රියා කිසිවකුටත් වැටහුණේ නැත.
වෙනත් කිසිවෙකුත් නොමැති ඕනෑම ස්ථානයක ඔවුන් තමන්ගේ සැබෑ ස්වරූපය පෙන්වනු ඇත.
අරුත් පැහැදිලි කිරීම.
1.) ශාඕජූ, බයිජ්යු ලෙසද හදුන්වයි (白酒), බඩ ඉරිඟු පල් කරන සාදන මත්පැනකි. එමෙන්ම, එය තං (Tang) රාජ්යවංශ සමයේ බොහෝ ප්‍රසිද්ධ මත්පැන් වර්ගයක් බව සදහන් වෙයි.
________________
කොල්ලෝ දෙන්නා හොදටම කරනවා නේ හොරාට! 😏😏😏😏🤘🏼🤘🏼🤘🏼අරුත් පැහැදිලි කිරීම.
1.) ශාඕජූ, බයිජ්යු ලෙසද හදුන්වයි (白酒), බඩ ඉරිඟු පල් කරන සාදන මත්පැනකි. එමෙන්ම, එය තං (Tang) රාජ්යවංශ සමයේ බොහෝ ප්‍රසිද්ධ මත්පැන් වර්ගයක් බව සදහන් වෙයි.
________________
කොල්ලෝ දෙන්නා හොදටම කරනවා නේ හොරාට! 😏😏😏😏🤘🏼🤘🏼🤘🏼
Comments
Post a Comment