Skip to main content

හැට පස්වන පරිච්ජේදය : වසංගතය

 කියවන කමෙනිට් කරන වෝට් කරන හැමෝටම අනේක වාරයක් ස්තූතියි


 

වැහි බිංදු බිම පතිත වෙද්දී මඩ සහිත ජලය විසිරී ගියේ ය.

මිනිසුන් ජාඕ සූයි පන්සලෙන් පිටත​ටත් ඇතුළටත් දිවගියහ.  ඒ වන විටත් වැස්සෙන් සෙවණක් සලසා දීම සඳහා වන අට්ටාලය තනා තිබූ අතර ඔසු කසායවල තද කටුක ගන්ධය හැමතැනම පැතිර තිබුණේ ය.  ලිප් මතක ඇස ගසාගෙන සිටි රාජකීය ආරක්ෂකයින් පවා මුඛ ආවරණ වලින්  නාසය සහ මුව අවරණය කරගෙන සිටියහ.

හිස වටා ආවරණයක් දමා ගත් චී හුයිලියන් ජී ගැන් සමග එක්ව ඖෂධීය කසායන් බෙදා දුන්නේ ය. සිහිසුන්ව වැටී සිටි උණ රෝගියෙකු නොපැහැදිලි ලෙස වචන කිහිපයක් මුමුණනු දුටු ඔහු මොහොතක් ඔහුව පරීක්ෂා කළේය..

ජි ගැං සියුම් චලනයන් සමඟ භාජන පිරිසිදු කරමින් සිටියද, ඔහු පුතිචාරයක් නොදැක්වූ මහාමාත්‍ය චී දුටුවේ ය, "මොකක්ද ප්‍රශ්නේ?"

මේක තමයි දන්චෙං වල තිබුණු වසංගතය.” චී හුයිලියන් රෝගියගේ ඇදුම් වසා දැමුවේ ය. “කුෂ්ඨ ඔහුගේ මුළු සිරුර පුරාම පැතිරිලා. අපිට ඔහු අසලට යන්න බැ. ඒක බෝවෙන සුළුයි.”

ඒකට ප්‍රතිකාරයක් තියෙනව ද?” ජී ගැන් විමසුවේ ය.

චී හුයිලියන් කිහිප වතාවක්ම තමාගේ හිස කසමින් සිට පවසන්නට විය, “ඔව්, ඒත් ඒක හරිම කරදරකාරීයි. පොදු අපවහන කාණු හාරන්න වෙනවා, ඒත් කවුද දන්නේ කී දෙන්නේගේ මුවට ඒ ජලය ඇතුළු වුනාද කියලා? කැණීම් කරන්නන් නොදැනුවත්වම ආසාදනය වෙලා අනෙක් අය සමඟ සම්බන්ධතා පැවැත්වුවා නම්, ඔවුන්ගෙන් තවත් පිරිසකට ආසාධනය වෙලා ඔවුන් ට පීඩා විඳින්න වෙනවා නේද??”

මේ මොන වගේ පවුකාර කමක් ද.”ජී ගැන් වැහි පීල්ලට යටින් බලා හිඳ පැවසුවේ ය. “එහෙම නම් කරන්න ඕනෙ මොනවද?”

අපි මොනවද කරන්නේ…” චී හුයිලියන් වහා සිය රෙදිකඩින් මුහූණ වසා ගත්තේ පිරිසක් ෂාඕ සූයි පන්සලෙන් ඇතුළට පැමිනෙද්දී ය. ඔහු මිමිණුවේ ය. “ඒ හැමදේම රඳා පවතින්නෙ ඉරණම මත. මුලින්ස, මහ ජනතාව සන්සුන් කරන්න ඕනේ; නොසන්සුන් වෙන්න ඉඩ නොදෙන්න ඕනේ. ඊට පස්සෙ, චූදු වල තියෙන හැම කුඩා මහා පරිමාණ ඖෂධ වෙළදසැලක්ම එක්රුස් කරන්න . ආසාදිතයන් නිරෝධායනය කර හුදකලා කරන්න.”

අපිටත් මෙතැන වැඩි කාලයක් ඉන්න බරහර.” ජී ගරන් බදුන පසෙක තැබුවේ ය.. “මෙතැන මේ කාරණය හසුරවන්න පුළුවන් කෙනෙක් ඉන්නවා. මම වුආන්'එර් ගෙන් පිටතට යන්න අහන්නම්.”

"ලන්ජෞ ට යන්න බැහැ."  චී හුයිලියන් පැවසීය.  “ඔහු තමයි මේ කාරණය හසුරුවන්නේ.  එවැනි වෙලාවකදි, ඔබට හැන් චෙං ඉදිරියට ගොස් මෙය හසුරවාවි කියලා විශ්වාස කරන්න පුළුවන් ද?  මේ උණ්ඩය සඟවාගෙන බේරිලා බලාගෙන ඉන්න එක ඔවුන් හැමෝටම සිදු කරන්න බැහැ."

"නැත!"  ජි ගැං සුදුමැලි විය.  “ඔහු දැනට පස්වන ශ්‍රේණියේ විනිසුරුවරයෙක් පමණයි.  ඔහුට උසාවියට ​​පැමිණීමට සිව්වන ශ්‍රේණියේ සුදුසුකම්වත් නැහැ.  ඉතින් ඔවුන් ඔහුට එය කරන්න ඉඩ දෙන්නේ කොහොමද?  මේක ප්‍රධාන ගැටළුවක්.  ඔහුට වඩා අධිකාරියක් වගේම බලතල ඇති ඉහළ පෙළේ අය ඕනෑ තරම් ඉන්නවා!"

"ඔබ තර්ක කරන්නේ කා සමඟද?"  චී හුයිලියන් බඳුන බිම තැබුවේය.  “අත්දැකීම් ලබා ගැනීමේ නාමයෙන් හැන් චෙං ඔහුව මෙහි තබා ගත්තොතින් ඔබට කළ හැකි කිසිවක් නැති වෙනවා!  රෝගය පැතිරීමට පටන් ගත්තට පස්සෙ, මොන වගේ උසස් නිළදදාරියෙක්ද මෙතැන​ට එන්න කැමති වෙන්නේ?  හායි ලියැංයී ට පවා පැමිණෙන්න බැරි වේවි!  ඊට අමතරව, ලන්ජෞ පිටව යන්න බැහැ.  මෙය ජීවිත කාලයටම එකවරක් ලැබෙන අවස්ථාවක්.  ඔහු සාර්ථක වුවහොත්, ඔහුට නැවත උසස්වීමක් ලබා ගත හැකිය!  උසස්වීමෙන්-"

ජි ගැං හදිසියේම ඔහුව ඉවතට තල්ලු කළේ ය, "මොන විකාරයක්ද ඔබ මේ දොඩවන්නේ?!"

චී හුයිලියන් බිම වැටී නැවත ඔහුගේ පාදවලින් සිට ගත්තේ ය.  ඔහු පවසන්නට විය, "ඔබ දැන් රඟපාන්න අවස්ථාව ලබා ගන්නෙ නැත්කං නම් ඔබ තවමත් බලා සිටින්නේ මොනවටද?!"  ඔහුගේ කේන්තියද ඇවිලී ගියේය.  “පෞද්ගලික වාසි තකා මිනිසුන් එකිනෙකා පාගා දමන කාලේ තමයි මෙික.  මොනවා උනත් ඔහුට ඒක කරන්න වෙනවා!  ඔබට තේරෙනව ද?"

"මට තේරුම් ගන්න ඕනේ නෑ "  ජි ගැං කෝපයෙන් රතු විය.  "මම ඔහුට යන්න කියනවා.  මහ ඔහුව රැගෙන යනවා! ”

එය පවසා අවසන , ජී ගැන් ඇතුළට ගියේ ය. ච්‍යාඕ ත්‍යැන්යා ඔහු දෙසට ගොස් ඔහුගේ මාර්ගය අවහිර කළේය.

ෂාඕ සූයි පන්සලේ සිටින අය ඉවත් කරනවා.  ඇතුළත ඉන්න පුළුවන් ආසාදිත රෝගීන්ට විතරයි.  ෂිෆු ආයේ ඇතුලට යන්න එපා." ච්‍යාඕ ත්‍යැන්යා පැවසුවේ සිනහවකින් යුතුව ය.  “ෂීෆුගේ සඟරා සහ සටහන් දැනටමත් පැරණි නිවසට ගෙන ගොස් ඇත.  ස්වාහියා මට කිව්වා ඔබලා දෙන්නටම ෂෙන්වු වීදියේ පොඩි ගොඩනැගිල්ලක් කුලියට දෙන්න කියලා.  එය මාලිගාවේ දොරටු ආසන්නයේ ඇති නිසා  ගංවතුරට යට වෙන්න හැකියාවක් නැහැ."

"පසෙකට යන්න!"  ජි ගැන් පැවසීය.  “ඇතුලත ඉන්න හැමෝටම ආසාදනය වෙලා තියෙන්නේ, චුආන් එර් විතරක් මේ කරම් වෙලා ඉන්නෙ කොහොමද?  මට ඔහු සමඟ කතා කරන්න ඕනේ! ”

ච්‍යාඕ ත්‍යැන්යා ඔහුගේ සිනහව යටපත් කර ගනිමින් දැඩි මුහුණකින් මෙසේ පවසන්නට විය, "ෂිෆු, ඇයි මාව මෙතැනට දැම්මේ?  ස්වාමියා දැනටමත් උපදෙස් ලබා දී තියෙන නිසා, එය වෙනස් කරන්න කිසිම හේතුවක් නැහැ. හැමෝටම ආසාදනය වී තියෙනවා.  ඔබ මෙහි සිටියහොත් ස්වාමියා කරදර වේවි.  ඔහුගේ කැමැත්ත මෙය නිසා කරුණාකරලා මා සමඟ එන්න.”

අවට දැඩි කැස්ස හඬ ඇසී, ජි ගැන් තව තවත් කනස්සල්ලට පත් විය.  ඔහු ච්‍යාඕ ත්‍යැන්යා ගේ අත්වලින් අල්ලා පසුපසට තල්ලු කළේය.  ච්‍යාඕ ත්‍යැන්යා දැනටමත් ඔහු පියවරක් ගනු ඇතැයි අපේක්ෂා කර තිබූ නිසා ඔහු වහාම පියවරක් ගෙන පහර දුන්නේ ය.  ඔහුගේ අතෙන් අඩක් හිරිවැටී ගියේ ය, නමුත් ඔහුගේ මුළු සිරුරෙන්ම ජී ගැන් අවහිර කරන්නට යද්දී ඔහුගේ පාද වේගවත් විය.

"ෂිෆු!"  ච්‍යාඕ ත්‍යැන්යා දැඩි ස්වරයෙන් පැවසුවේ ය, “සන්සුන් වන්න!  ස්වාමියාට එවැනි විධිවිධානයක් කරන්න නම්, ඔහු ස්වභාවිකවම දැනටමත් එහි පුතිවිපාක මනසේ තබාගෙන තියෙනවා ඇති.  සටත් තව ටික වෙලාවකින් මෙකැනට ආයෙ එන්න වෙනවා.  අපි කලින් පිටත් වෙමු, ස්වාමියාටත් කලින් පිටවෙන්න පුළුවන්, හරිද? මෙතැන ඇස් දස දහස් ගාණක් බලාගෙන ඉන්නවා.  ඔබට ඇත්තටම ඔහුව රැගෙන යා හැකි යැයි ඔබ සිතනවාද?  ඔබට යන්න පුළුවන් කොතැනටද? ”

ඔබට යන්න පුළුවන් කොතැනටද” යන වදන් පෙළ ජී ගැන්ව සන්සුන් කළේ ය.  ඔහු බොහෝ වේලාවක් ඇතුලත දෙස බලා සිටි අතර, පසුව ඔහුගේ අත් දෙපසට කර වෙවුලමින් ඔහු චී හුයිලියන් දෙසට ඇඟිල්ල දිගු කළේය.  නමුත් අවසානයේ ඔහු තව කිසිදු වදනක් පැවසුවේ නැත.

         

ශෙන් ස'චුුආන් බංකුවේ අසුන්ගෙන මද විවේකයක් ලබා ගන්නට දෑස් පියාගත්තා පමණකි. ඔහුගේ සවන් තුළගුම් නද නැගෙමින් තිබුණු අතර, ඔහුට කරකැවිලි ගතියක්ද දැනෙන්නට පටන්ගෙන තිබුණේ ය. නමුත් ඔහුගේ මුහුණෙන් ඒ කිසිඳු විඩාබර ප්‍රකාශයක් විදහාලූයේ ද නැත. මද වේලාවකට පසු කිසිවෙකු අමතන හඩ ඇසෙද්දී ඔහු දෑස් විවෘත කළේ ය. ඔහු දෑස් විවර කළ පසු ​විඩාබර සේයාවක ලකුණකුදු දක්නට නොලැබුණේ ය.

ආදායම් අමාත්‍යාංශයේ නිලධාරියා පවසන්නට විය, “ගෞරවනීය විනිසුරුතුමනි, ඖෂධ පැළෑටි සැපයීම ප්‍රමාණවත් නැහැ.  අපි හෙට මොකද කරන්නේ?"

එය ඉතා වැදගත් කාරණයක්.  ඖෂධ පැළෑටි සැපයීමේ අඩුවීමක් සිද්ධ වෙන්න බැහැ. ”  ශෙන් ස'චුආන් තමාගේ උඩු කබාය සකසා ගත්තේ ය. “රාජකීය වෛද්‍ය විද්‍යාලයේ රාජකීය වෛද්‍යවරයා දැනටමත් මෙතැන ඉන්න ඕනේ. කාලය පැමිණියම , ඔහු සකස් කළ ඖෂධ පැළෑටි ගැන තොරතුරක් රුගෙන ඒවි.  ඖෂධ දිගටම කලවම් කරන්න කියලා පවසන්න.  ඖෂධ පැළෑටි පිරිමහන්න යන්න එපා. ”

ඊට ප්‍රතිචාර වශයෙන් එම නිලධාරියා එය පිළිගන්නා බව හැඟවීය.

ඔහුගේ කලබලකාරී ප්‍රකාශය දුටු ශෙන් ස'චුආන් පවසන්නට විය, “ඔබ ආදායම් අමාත්‍යාංශයේ කුමන අංශයේ නිලධාරියෙක්ද?”

නිලධාරියා ඉක්මනින් පවසන්නට විය, “මේ නිහතමානී යටත් නිලධාරියා ඇත්ත වශයෙන්ම තනි නිලධාරියෙකු නෙමෙයි, නිල ලේඛනවල වාර්තා භාරව සිටින සුළු නිලධාරියෙක් විතරයි.”

අපි හැමෝම වැඩ කරන්නේ ජනතාව වෙනුවෙන්.  ඔබ ප්‍රධාන හෝ සුළු නිලධාරියෙකු වුනත් එක හා සමානයි." ශෙන් ස'චුආන් කතා කරන අතරවාරයේ තම හස්තයෙන් තම ඇහිබැම මධ්‍යය තද කළේ ය.  “ඔබේ නම කුමක්ද?” යැයි අසන්නට පෙර ඔහු මද වෙලාවක් නිශ්ශබ්දව පසුවුනේ ය.

"මේ නිහතමානී යටත් නිලධාරියාගේ නම ලියං සුයිෂන්."

හෙට උදෑසන ඔසු අධීක්‍ෂණය ඔබ භාර ගන්න.  කොච්චර විශාල වුණත් කුඩා වුණත් ඒවා ගැන සවිස්තරාත්මක වාර්තාවක් තියන්න.”  ශෙන් ස'චුආන් පැවසුවේ ය, “මගේ අනුමානය නම් රාජකීය හමුදාව ඒ ඖෂධ පැළෑටි මාරු කිරීම දැනටමත් පටන්ගෙන ඇති කියලයි. එතරම් කාලයක් නැහැ.  අපිට නිසැකවම මාලිගාවෙන් නියෝගයක් එනතෙක් බලා ඉන්න බැහැ, ඒ නිසා මේ දින කිහිපයේ ඖෂධ පැළෑටි සියල්ල පැහැදිලිව සටහන් කරලා තියාගන්න.

ඔහු එක්වරම නැවතී මදක් නතර විය.

"දැන් ගිහින් විවේක ගන්න.  මේ දින කිහිපය තුළ ඔබේ සෞඛ්‍යය ගැන අවධානය යොමු කරන්න.  ඔබට කිසියම් අපහසුතාවයක් දැනේ නම් වහාම එය වාර්තා කරන්න.”

ලියං සුයිෂන් අවසර ලබාගෙන පිටව ගියේ ය.  තිර රෙද්ද නැවත පහළට වැටෙද්දී ශෙන් ස'චුආන්ට ඔහුගේ නළලත ඉතාමත් උෂ්ණාධික බව සොයාගන්නට ලැබුණේ ය.

' චිං චිං පැමිණියේ ඉන් පසුවය.  එම දසුනින් කම්පනයට පත් ඔහු ඉදිරියට ගොස් විමසන්නට  විය. “විනිසුරුතුමණි..” ඔහු මිමිණුයේ ය.

ශෙන් ස'චුආන් සන්සුන්ව විමසන්නට විය, "ෂී හොංෂුආන් ගේ කුෂ්ඨ ඇති වුනේ කවද ද?"

"බෙහෙත් ආලේප කර පැය හතරකට පස්සේ."  ' චිංචිං පැවසීය.  "ඔහුගේ කකුල් වලිනුයි  කුෂ්ඨ පැතිරෙන්න පටන් ගත්තේ."

"ඒත් මට නම්, උණට පෙරයි කුෂ්ඨ ඇති වුණේ."  ශෙන් ස'චුආන්  පැහැදිලි මනසකින් පවසන්නට විය.  “රෝග ලක්ෂණ ගැලපෙන්නේ නැහැ, ඒ නිසා එය බොහෝ විට වසංගත රෝගයක් නොවේවි.  නමුත් පූර්වාරක්ෂාව විදියට මම ඒ ඖෂධ පානය කරන්නම්."

' චිංචිංට සහනයක් දැනුනේ ය.  ඔහු පවසන්නට විය., “වාසනාවකට, ඔබ අද උදෑසන පිටතට නොගියේ!”

අධිරාජ්‍යයා වසංගත රෝගයෙන් පීඩා විදිමින් සිටියේ ය. සෑම රාජකීය වෛද්‍යවරයෙකුම ඔහුව මෝඩයාට ඇන්දුවා විනා , නිසැකවම ඔහුට එය වැළදී ඇති බව ප්‍රකාශ කරන්නට තරම් නිර්භීත නොවුනේ ය. ඔහුගේ නොසැලකිලිමත්කම නිසා එය ආසාදනය වී ඇති බව පවසමින් අනෙක් සියල්ලන්ම පොළඹවා ගන්නටත් ඔවුන්ට නිදහසට කරුණු සොයාගන්නට හැකි විය.  නමුත් අධිරාජ්‍යයාට රෝගය ආසාදනය කළ හැක්කේ කාටද?  ඔහුගේ පුද්ගලික නපුංසකයන් නොවේ නම්, බොහෝ විට අධිරාජ්‍යයා වටා ගමන් කළේ ආරක්ෂකයින් ය. දැනට, ශෙන් ස'චුආන්ට අධිරාජ්‍යයා ඉදිරියේ ක්‍රියා කරන්නට නිල වශයෙන් පැවරී තිබුණි.  ඔහු අද උදෑසන නිවාඩු ලබා ගෙන ඇති බව උපකල්පනය කළ අතර, එම කාරණයෙන් පසු යමෙකු ඔහුට විරුද්ධව හසුරුවමින් ඔහුගේ දද වසංගත රෝගයෙන් වූ කුෂ්ඨ බවට කතා පැතිරෙව්වේ ය, එවිට ඔහුට අධිරාජ්‍යයා ඉදිරියේ රැඳී සිටීමට ඇති අයිතිය අහිමි වනු ඇත.  ශෙන් ස'චුආන් තවමත් ශෙන් වෙයිගේ ගේ අපරාධයේ බර ඔහුගේ පිට මත දරා සිටියේය. ඔහු පහතට ඇදවැටුණු විට , ඔහුට නැවත නැගී සිටීම ඇත්තෙන්ම දුෂ්කර වනු ඇත.

ශෙන් ස'චුආන්ටද මේ මොහොතේ ආශ්වාස ප්‍රාශ්වාසය සිදු කරන්නට අපහසු වූයේය. යෝජනාවන් හා කුමන්ත්‍රණයන් පිළිබද කතිකා නිරීම හා සසඳන විට, මෙවැනි අනපේන්ෂිත උවදුරු වලින් ආරක්ෂා වීම ඔහුට තරමක් අපහසු විය.

ඔහු එතරම් සුපරීක්ෂාකාරී නොවූයේ නම්, ඔහු දැනටමත් වෙනත් කෙනෙකුගේ ග්‍රහණයට  හසු වී සිටින්නට ඉඩ තිබුණි.  එවිට ඔහුගේ ජීවිතය සහ මරණය සදහා එක් ප්‍රකාශයක් පමණක් ප්‍රමාණවත් වනු නියතය.

දෑස් වසාගෙන සිට්න ශෙන් ස'චුආන්  දුටු ග' චිංචිං පිටව ගියේ ය.

ශෙන් ස'චුආන් වර්ෂාව ගැටෙන හඩන සවන්දුන් නමුත් ඒ වන විටත් ඔහුගේ මිතුවිලි බොහෝ ඇතට ගොස් තිබුණි. වර්ෂාවේ හඩ පරදවා එ් අදුරු පැරණි මතක ඔහුගේ මනස වෙලා ගත්තේ ය. ඔහු ඔහුගේ වෙහෙසකාරී තෙහෙට්ටුව මධ්‍යයේ ඔහුගේ ඇහිබැමි රැලි කළේය.

ඔහු හිම සහිත දිනවලට අකමැති විය, වැසි දිනවලට ද ඔහු කැමති වූයේ නැත.  සීතල සහ තෙත් බව ඔහුට චාෂි ගංගාවේ ගිලා බැසීම, ජි මූ ගැන, ඔහු තවත් කෙනෙකුගේ අනුකම්පාව අයදිමින් දණින් වැටී සිටි සෑම අවස්ථාවක්ම ඔහුට මතක් කර දුන්නේ ය.  ඊට අමතරව, සීතල හා තෙත් බව ඔහුව නොසන්සුන් කරවන්නේ ය, එපමණක් නොව අදුරු බවටද ඔහු අකමැති ය.  එය ඔහුව මාංශමය භාජනයක් බවට පත් කරනු ඇත. ඒ සියළු ඉවසීම් කැටිවී   කෝපයට පත් වනු ඇත.

මේ ආකාරයටම, ශෙන් ස'චුආන් බිත්තියට හේත්තු වී මොහොතකට නිදිබර වූයේ ය.  නමුත් ඔහු නිදාගන්නා තරමට, ඔහු සැබෑ ලෙසම නින්දට වැටෙන තරම් ඔහු වීඩාබර විය.

ෂ්‍යාඕ චීයේ ෂාඕ සූයි පන්සල පැමිණෙන විට ඉතා ප්‍රමාද වී තිබුණි.  ඔහු ඉක්මනින් පැමිණ අධිරාජ්‍ය වෛද්‍යවරයා සමඟ ෂාඕ සූයි පන්සලට ඇතුළු විය.  ඔහු පිටුපසින්, දිං තාඕ දුක්ඛිත ආකාරයෙන් පැමිණියේ ය, ඒ ඔහු ශෙන් ස'චුආන් ව සොයා ගන්නට නොහැකි වූ නිසාත්, කාලය මඟ හැරුණු නිසාත් ය.

ෂ්‍යාඕ චියේ ඖෂධ කසාය කරමින් සිටි අධිරාජ්‍ය ආරක්ෂකයාගෙන් ඇසුවේ ය, “කොහෙද විනිසුරුතුමා?  මම ඔහුව සොයනවා! ”

රාජකීය ආරක්ෂකයා මුහුණෙන් බාගයක් වසාගෙන ඔහුට බෙහෙත් බඳුනක් ලබා දුන්නේ ය “කවුරු හොයන්න ආවත් ඔප ඉස්සෙල්ලම බෙහෙත් පානය කරන්න ඕනේ.  ආණ්ඩුකාරධිපති සෙනෙවිතුමා සෙනෙවිතුමනී, ඔබේ රාජකීය හමුදාව තවමත් ජලයෙන් පෙගෙන්න සිදුවෙනවා. කරුණාකරලා පරිස්සමින් ඉන්න ඒ වගේම පරිස්සම් වන්න! ”

කිසිදු වදනක් පුකාශ නොකල ෂ්‍යාඕ චීයේ ඖෂධ බදුන බිම මතට හැලුවේ ය.

රාජකීය ආරක්ෂකයා වර්ෂා අට්ටාලයෙන් යට නැඟිට කෑගැසුවේය, "චිං - ග'!  චිං-ග' ඉන්නවාද?  කෝ අපේ විනිසුරුතුමා?  කරුණාකර ඔහුට දන්වන්න ආණ්ඩුකාරධිපති සෙනෙවිතුමා සෙනෙවි ෂ්‍යාඕ ඔහුව සොයනවා කියලා."

' චිංචිං බංකුව මත වැතිරී නිදාගෙන සිටියේය.  මෙය ඇසූ ඔහු වේගයෙන් වාඩි වී තම ඇඳුම් ඇඳගෙන පිටතට ගියේය.  ඔහු ෂ්‍යාඕ චීයේ දුටු අතර, ඔහු පවසන්නට විය, “විනිසුරුවරයා ඇතුළත විවේක ගන්නවා... ඔහු මුළු රාත්‍රියම නිදාගෙන නැහැ.  කරුණාකරලා ඔබත් විවේක ගන්න උතුමාණෙනි.  අෂ්ඨ මහා පුහුණු සේනාංක නුවර දොරටු මුරකරන්නට යන බව කී නිසා හෙට අනිද්දා මේ නිම නොකළ වළේ ඉතිරි කොටස හාරමින් ඉන්නේ අපි විතරයි.”

"ශාරීරික වැඩ ස්වභාවිකවම ශක්තිමත් නිරෝගි අය සිදු කරන්න ඕනේ."  ෂ්‍යාඕ චියේ ඇවිදින අතරවාරයේ පැවසුවේ ය.  “දොර දෙස බලාගෙන ඉන්න.  කාටවත් ඇතුලට එන්න දෙන්න එපා."

ෂ්‍යාඕ චීයේ තිර රෙදිකඩ ඔසවා ඇතුල් විය.  ඇතුළත ආලෝකයක් දැල්වුණේ නැත.  ඔහු වටපිට බැලූ නමුත් ඔහු සොයන පුද්ගලයා ඔහුට හමු නොවීය.  තවත් පියවර කිහිපයක් ඉදිරියට ගමන් කරන විට ඔහු බිත්තිය මතට වාරු දී සිටින  ශෙන් ස'චුආන්ව දුටුවේ ය.

ෂ්‍යාඕ චීයේ අපිරිසිදු වූ නිසා, ඔහු තම පිට ඇඳුම ගලවා ශෙන් ස'චුආන් අසල වාඩි වී ඔහුගේ පාවහන් වල ජලය ඉවත් කළේ ය.  ඒ කාමරය ශීතල විය.  ඔහු පාවහන් නැවත දමාගෙන උණුසුම් උදුනක් අසලට ගොස් එය ගින්නෙන් අවුලුවා දැමුවේ ය.

ශෙන් ස'චුආන් ඔහුගේ දෑස් විවර කළේ ය, "ඔබ දොංලොං වීදියේ හෑරීම අවසන් කළා ද?"

"ඔව්."  ෂ්‍යාඕ චියේ එහි වූ  ගින්දර ඇවිස්සුවේය.  "ඇයි ඔබ සයනයේ නිදාගන්නේ නැත්තේ?"

"ඒක කෙටි නින්දක් විතරයි" ශෙන් ස'චුආන් පැවසීය.  "මම වැතිරුනොත් මට නැගිටින්න අපහසු වේවි."

ෂ්‍යාඕ චීයේ එහි වූ බේසම සයනය පසෙකින් තැබුවේ ය.  “එන්න සයනයට ඇවිත් නිදාගන්න.  මම ඔබට පස්සේ කතා කරලා ඇහැරවන්නම්."

ශෙන් ස'චුආන්  මදකුදු නැගි සිටියේ නැත.  ඔහු බිම වැතිර සිටි අතර, ෂ්‍යාඕ චීයේ ඔහුව පිටුපසින් වැළඳගෙන ඔහුගේ කම්මුලට මුහුණ තද කළේය. ශෙන් ස'චුආන්ට තවමත් ෂ්‍යාඕ චියේ ගේ කෙඳිරිලි හඬ ඇසෙන්නට විය, නමුත් එය ක්‍රමයෙන් නොපැහැදිලි විය.

ශෙන් ස'චුආන්ගේ හුස්ම මදක් ගැඹුරු වන බව ඇසුණ ෂ්‍යාඕ චීයේ ඔහුගේ ඇදුමේ කරපටි ගලවා දමා එම රතු කුෂ්ඨ දෙස සමීපව විපරම් කරන්වට අත දිගු කළේය.

ඒවා ෂී හොංෂුආන් හා සමාන නැත.

ෂ්‍යාඕ චීයේ ශෙන් ස'චුආන්ගේ වස්ත්‍ර නැවතත් සකස් කර ඔහුව වැළදගත්තේ ඔහුව නින්දට වැටෙන තෙක් ය..

ෂ්‍යාඕ චීයේ ඔහුගේ අත් දැවෙන තරම්  උණුසුම් බවක් දැනෙන තුරු තරමක වේලාවක් නිදාගත්තේය.  ඔහු දෑස් අඩක් විවර කරන විට එතරම් නොපෙනුනද , ඔහු වැලඳගත් පුද්ගලයාව නිවැරදි ලෙසම පෙනුනු පසු, ඔහුගේ මනස ක්ෂණිකව නිරවුල් විය.

ශෙන් ස'චුආන්ට දැනුනේ දැවෙන්නාක් මෙන්ය.  ඒ වන විටත් ඔහුගේ නළලත දහදියෙන් තෙත් වී තිබුණි.  ෂ්‍යාඕ චීයේට ඔහුව දැනුනේ ;  ශෙන් ස'චුආන්ගේ මුළු සිරුරම දැවී යනවාක් මෙනි.

ෂ්‍යාඕ ඡීයේ එක්වරම සෘජු වූයේ ය, “ලන්ජෞ, ලන්ජෞ?”

ශෙන් ස'චුආන්ගෙන් දාඩිය බිංදු ගලමින් සිටියේය.  ඔහුගේ ඇහිබැම තදින් රැලි වී ඇති අතර ඔහුගේ හුස්ම ගැනීම තරමක් වේගවත් විය.  ෂ්‍යාඕ චීයේ නිසා අඩක් අවදි වූ ඔහු, “එහාට...අහකට යන්න. ඔබ ජලය අසල නොසිටියත් ඔබට මේ රෝගය ආසාදනය වෙන්න පුළුවන්.”

ෂ්‍යාඕ චියේ ඔහුව උඩු කබායෙන් ඔතා දැමුවේ ය, “චෙන් යැං, අධිරාජ්‍ය වෛද්‍යවරයාය කැඳවන්න!” හේ කෑගැසුවේය.

එළිමහනේ බිත්තියට හේත්තු වී නිදාගත් චෙන් යැං ක්ෂණයකින් අවදි විය.  ඔහු නැඟිට පඩිපෙළෙන් බැස, පසුව වර්ෂා අට්ටාලය යටට ගොස් අධිරාජ්‍ය වෛද්‍යවරයා ඇතුලට ඇදගෙන ආවේ ය.

රාජකීය වෛද්‍යවරයා කබාය විවෘත කර, මොහොතක් බලා සිට, හදිසි ස්වරයෙන් පැවසුවේ ය, “ප්‍රතිරාජසෙනෙවිතුමා, විනිසුරුවරයාට වසංගත රෝගය වැළඳී ඇත!  මට පේන විදියට ඔහුට ඉස්සෙල්ලම සෙම්ප්‍රතිශ්‍යාව වැළදුනා..."

ෂ්‍යාඕ චීයේ අධිරාජ්‍ය වෛද්‍යවරයාගේ අත අල්ලා ගත්තේය.  රාජකීය වෛද්‍යවරයා දෙස බලා සිටි ඔහු ශීතල හඬින් පවසන්නට විය, “විනිසුරුවරයාට මොකක් ද?”

භීතියට පත් වූ රාජකීය වෛද්‍යවරයා තමාවම නිවැරදි කරගත්තේ ය. “ඔහු... වැඩ අධික නිසා සහ අධික ආතතියකින් හිටි නිසා... ඒ නිසා ඔහු අසනීප වුණා...”

"ඒක හරි.  අදයි විනිසුරුතුමා අසනීප වුනේ."  ෂ්‍යාඕ චීයේ ඔහුගේ ග්‍රහණය දැඩි කළේය.  "මීට කලින් ඔහුට අසනීපයක් තිබ්බෙ නෑ."

රාජකීය වෛද්‍යවරයා නැවත නැවතත් පවසන්නට විය.  “හරි, හරි, හරි...”

චූදු වල සියලුම ඖෂධ මෙහි තියෙනවා.  වෛද්‍ය ක්ෂේත්‍රයේ සුව කරන්නෙකුගේ ආශ්චර්යමත් දෑත් ඔබතුමාට ඇති බව මම දන්නවා."  ෂ්‍යාඕ චීයේ හදිසියේම ඔහුගේ ස්වරය මෘදු කළේය.  "ඔබට ඔහුව සුව කරන්න පුලුවන් නේද?"

ෂ්‍යාඕ චියේගේ දෑස් දුටු රාජකීය වෛද්‍යවරයාගේ දණහිස් දුර්වල විය.  ඔහු ආධාරය සඳහා සවන ආධාරකය අල්ලාගෙන කලබලයෙන් හිස වැනුවේ ය. "මට පුළුවන්, මට පුළුවන්..."

 

කියවන කමෙනිට් කරන වෝට් කරන හැමෝටම අනේක වාරයක් ස්තූතියි. ❤️❤️❤️❤️

#CangYan

 


Comments

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-