“එහෙමනම් ඔබ මොනවගේ දේවල් වලටද යටත් වෙන්නේ?” ශෙන් ස'චුආන් ඔහුගේ දෑස් පොඩි කරමින් පටු කළේ ඔහු සිටින්නේ අපහසුවෙන් එසේ නැතහොත් තෘප්තිමත්වද යන්න පැවසීමට අපහසුවෙන් මෙනි. ඔහුගේ භාව ප්‍රකාශණයන් චිත්තාකර්ශනීය වූයේ ගිනිදැල් අවුලවන්නාක් මෙනි.
ජනේලයෙන් පේරී එන ආලෝකය දුර්වල විය. ෂ්‍යාඕ චීයේ ශෙන් ස'චුආන්ව සමීපව නිරීක්ෂණය කළ අතර , ඔහු තම හස්තය දිගුකර ශෙන් ස'චුආන්ගේ දෙතොල් අග්‍ර වලට අස්ථි මුදුව සහිත ඇගිල්ලෙන් පහර දුන්නේ ය. ඔහු පැවසුවේ ය. “ඔබම එය සිදු කරලා බලන්න”
“මට බය ඒ පුද්ගලයා පැවසුවේ එක දෙයක් නමුත් අදහස් කළේ තව දෙයක් ද කියලයි.” ශෙන් ස'චුආන් කතා කරද්දී ඔහුගේ මුව විවර වී වැසී ගියේ ය. ඔහුගේ ජීහ්වයේ අග්‍රය නොපැහැදිලි ලෙස පිටතට පැමිණි අතර , ෂ්‍යාඕ චීයේගේ මුදුව උණුසුම් තෙත් බවක් ඇති කරන්නට විය, එහෙත් ෂ්‍යාඕ චීයේට කිසිවක් ස්පර්ශ කරන්නට නොහැකි විය.
“කවුද දැන් මෙතන පරස්පර විරෝධී විදිහට වැඩ කරන්නේ?” ෂ්‍යාඕ චීයේ ඉදිරියට නැමී ශෙන් ස'චුආන් මතට තද වූවේ ය. “දෙවන තරුණ ස්වාමියා හුගක් අවංකයි.”
“අනිවාර්යයෙන්ම අවංකයි.” ශෙන් ස'චුආන් දිගු සුසුමක් හෙළුවේ ය. “ඔබ ඇත්තටම හරිම දැඩීයි..”
“මට සම්පුර්ණයෙන් නින්ද ගිහිල්ලයි තිබුණේ.” ෂ්‍යාඕ චීයේ ගේ හැගීහ් ඔහුට දැනෙන්නට විය. “ මම දින ගණනාවක්ම එයින් වැළකිලා ඒ සියල්ලම ගොඩනගාගත්තා. ඉතිං ඒ නිසා මට පුංචි සංග්‍රහයක්වත් දෙන්න?”
ශෙන් ස'චුආන් ඔහුට මෘදු හාදුවක් ලබා දී පවසන්නට විය, “මම දැන් දරුණු අසනීපයකින් සුවය ලැබුවා විතරයි , ඉතිං ඒක නිසා අබි ඒක තව කාලෙකට නතර කරමු. මට ඇත්තටම… ඒතරම් ශක්තියක් නැහැ.”
“ඔබට සයනයේ ඉදන් වෙහෙසෙන්න කවුද ඉඩ දෙන්නේ?" ෂ්‍යාඕ චීයේ ඇසුවේ ය, “මම කොහොමද ඒ වගේ දෙයක් ඉවසගෙන ඉන්නේ?”
"ඔබ එහෙම කරාවි." ශෙන් ස'චුආන් ඔහු දෙස බලා මෘදු ලෙස පැවසුවේ ය, “ඔබ මොනවා කීවත් ඒ වදන් මාව පොළඹවාගන්නත් රවටාගන්නත් පැවසූ ඒවා විතරයි. අපි සයනයට ගොඩ වුනහම ඒ කිසිම දෙයකින් වැඩක් වෙන්නේ නැහැ.”
ෂ්‍යාඕ චීයේ නිහඩව සිනහවිය. "ඒකත් එහෙම ද? ඉතින් , මම ඔබට මොනවගේ චාටු බස් ද කීවේ ? ”
ශෙන් ස'චුආන් ෂ්‍යාඕ චීයේ ගේ හාදුවක් තියන්නට සූදානම්ව තිබූ දෙතොල් අවහිර කරන්නට ඇගිල්ලක් එසැවූයේ ය. “ඔබට ඒ සියල්ල ගැනම අහන්න අවශ්‍ය නම්, මට මුලින්ම ෂුඒ ෂ්‍යුජුඕ ගැන පවසලා ඉන්න .”
ෂ්‍යාඕ චීයේ තම දෑත් ඔයා වටා යවා තද කළේ ය, “ඔබට මොනවද අහන්න ඕනේ? ඔහු නිළදරයෙක් විදිහට සේවය කරන්න පෙර පසුබිම නම් එතරම් සිත් ඇදගන්නාසුළු නැහැ. ෂුඒ වංශයේ උපභාර්යාවකගේ සාමාන්‍ය උපතක් ඇති අයෙක් තමයි ෂුඒ ෂ්‍යුජුඕ කියන්නේ. ඔහුගේ මුල් අවදියේ ඉදන්ම, ඔහු කවදාවත්ම මොනම විදිහකවත් අනුග්‍රහයක් ලැබුණු අයෙක් නෙමෙයි. බලන්නකෝ ඔහුගේ වයස. ඔහු ෂී හොංෂුආන් සහ යාඕ වෙන්යූ දෙදෙනටමත් වඩා වසර කීපෙකින් වැඩිමල්. හැම තර්කයකටම අනුව , ඔහු ඔවුව් එක්ක එකම කාලයෙදී සිප්හලට යන්න විදියක් නැහැ , එහෙමනම් ඔහු ඔවුන් සමඟ ශිෂ්‍යයෙක් වෙලා හිටියේ කොහොමද? ඒ සේරටම හේතුව ඔහුගේ නිවසේ අය ඔහුව නොසලකා හැර තිබීම සහ ඔහුගේ පවුල ඔහුව අධ්‍යාපනයට යොමු කිරීම ප්‍රමාද කළ එක.”
“ මේ පුද්ගලයට ඇත්තටම පිරිසිදු ස්වභාවයක් තියෙනවා වගේම සමාජයේ හැසිරෙන විදිහ , මිනිසුන් සමග ගනුදෙනු කිරීම ගැන ඔහුට හොද දැනුමක් තියෙනවා. ෂී හොංෂුආන් සමග සැසඳුවම , ඔහු වංශවතුන්ගෙන් පැවතෙන නීත්‍යානූකුල උපතක් හිමි පුත්‍රයෙක් වගේ පෙනෙනවා.”
“ඔහු ශාස්ත්‍රාලය ඇතුලක් වෙද්දී ඔහුට වයස අවුරුදු එකොළහයි .” මේ පුද්ගලයා ගැන තව තවත් මෙනෙහි කරනවාක් මෙන් , ෂ්‍යාඕ චීයේ තවත් පවසන්නට පෙර ප්‍රවේශම් සහගතව සිතා බැලුවේ ය. “ඔහු දක්ෂයි වගේම බුද්ධිමත්. ඔහු වෙහෙස වෙලා ඉගෙනගන්න කැමතියි. වංශවත් වංශයන් අතර කැපී පේන්න ඔහුට වැඩි කාලයක් ගත වුනේ නැහැ. නමුත් හොඳ කාලය වැඩි කල් තිබුණේ නැහැ. වසර කිහිපයකට පස්සේ , යාඕ වෙන්යුත් ශාස්ත්‍රාලය ඇතුළත් වුණා"
“දැන් හැමදෙනාම ‘ඔප නොදැමූ යුආන්ජෞ ’1 සෑබෑ දක්ෂයොද කියලා දැකගන්න කැමැත්තෙන් ඉන්නවා. ඒත් ඒ වෙද්දී, ඔවුන්ගේ ගුරුවරයා වුනේ චන් ජොං, රළු සහ දැඩි ක්‍රියාකලාපය ගැන පුසිස්ධියට පත් වූ කෙනා . යාඕ වෙන් යූ ඔවුන් සමග එකතු වුනාට පස්සේ , අනෙක් අයව විවේචනය කර දඬුවම් කරන වාර ගණන වැඩි විය. එයට හේතුව වූයේ උපාය මාර්ග සහ සාහිත්‍ය රචනා සම්බන්ධයෙන් යාඕ වෙන්යු අභිබවා යන්න කිසිවෙකුටත් නොහැකි වූ නිසයි. ඔහුගේ ලේඛන මතු වූ මොහොතේ ඉදලා, වෙනත් කිසිවකුගේ කෘති නැවත කිසිම දවසක ගුරුවරයාගේ නෙත ගැටුනේ නැහැ. ෂුඒ ෂ්‍යුජුඕගේ ගේ යශෝප්රභාව ඒ වසර කිහිපය තුළදි සොරකම් කරගත්තා. ඊට පස්සේ ආයේ කවදාවත් ඔහු තමන්ගේ දක්ෂතා පෙන්නුවේ නෑ.”
“පසුව, යාඕ වෙන්යු හායි ලියැංයීගේ ශිෂ්‍යයා බවට පත් වුනා. හායි ලියැංයී මොනවගේද කියලා ඔබ දන්නවා, ඒ නිසා යාඕ වෙන්යූට ඔහුගේ ශිෂ්‍යයෙකු වෙන්න හැකි වෙනුන නම් ඔහු කෙතරම් දක්ෂ විය යුතුද කියන එක ගැන අවබෝධයක් ලබා ගන්න පුළුවන්. නමුත් අනෙක් අය නොදැන සිටි දෙය තමයි, හාටි ලියැංයීට වෙත මුලින්ම පරික්ෂා පත්‍රිකාව යවලා තියෙනිනේ ෂුඒ ෂ්‍යුජුඕ කියන එක. ඔහු හායි ලියැංයීට තෙවතාවක්ම ආචාර කරලත් අවසානෙදි හායි ලියැංයී ඔහුව ඔහුගේ ශිෂ්‍යයා ලෙස පිළිගත්තේ නැහැ.
මේක වෙනත් කෙනෙකුට සිද්ධ වුනා නම්, ඔවුන් හායි ලියැංයී සමඟ ගැටුමක් නොතිබුණත් , ඔවුන් ඔහු සමඟ අමනාප වේවි. නමුත් ෂුඒ ෂ්‍යුජුඕ ගැන ආකර්ෂණීය හිතෙන දේ ඒකයි. හායි ලියැංයීගේ ගේ විධිමත් ශිෂ්‍යයෙකු වෙන්න යාඕ වෙන්යූ චාරිත්‍රානුකූලව කටයුතු කළ දිනයේ ඔහු එහි සිටියා. ඔහු එහි සිටියා විතරක් නෙමෙයි, ඔටුන්න පවා අතැතිව සිටියා. හායි ලියැංයී ඔහුට අකමැති වුනත් ෂුඒ ෂ්‍යුජුඕ කිසිම දවසක ඒ ගැන දුක්ගැනවිලිවත් අමනාපය සහිත වචනයක්වත් ප්‍රකාශ කරලා නැහැ. හායි ලියැංයීගේ ගේ නිවස ඔහුට ලබා දුන්නේ එවකට සිටි ගුආන්චෙං අධිරාජ්‍යයායි.
ලේකම් කාර්යාලයේ වැඩිහිටියා සාමාන්‍යයෙන් ඔහුගේ නිවුනු ගතිගුණත් පිරිසිදුව සිටීම ගැනත් ප්‍රසිද්ධයි. ඔහු ප්‍රාදේශීය නිලධාරීන් පුද්ගලිකව ආගන්තුකයින් ලෙස නොසලකනවා වගේම , ඔහු අධික ලෙස වැඩ පවරන්නෙත් නැහැ. ඔහුගේ මණ්ඩපය එක අවුරුද්දකදි කඩා වැටුණා. ෂුඒ ෂ්‍යුජුඕ ඒ ගැන දැනගත් විට , ඔහු තම ආහාර වේල පවා නොගෙන ඒ වෙනුවට හායි ලියැංයී වෙනුවෙන් පෞද්ගලිකව ගල් උසුලාගෙන ගියා."
"ඔහු ලේකම් කාර්යාලයේ වැඩිහිටි හායිට ඉතා ගෞරවයෙන් සලකනවා." මතක තබා ගනිමින්, ශෙන් ස'චුආන් පැවසුවේ ය. “මම ඔහුගේ අතීත පරීක්ෂණ ඇගයීම් සොයා බැලූ විට, ඔහු රාජ්‍ය සේවයට ඇතුළත් වූ එම වසර කිහිපයේ සමකාලීන දේශපාලනය පිළිබඳ ඔහුගේ රචනා ද මම දුටුවා. ඒවා සියල්ලම ආදායම් වැඩි කිරීම සහ වියදම් අඩු කිරීම සහ දේශීය ක්ෂේත්‍ර යහපත් කිරීම පිළිබඳ දේශනයන් ඇතුලත් පොත්. ඔහු ප්‍රථම වරට මහ ලේකම් කාර්යාලයට ඇතුළු වෙද්දී හායි ලියැංයීට ඔහු හිසරදක් ඇති කරවන අයෙක් වී හිටියා."
“ඔහු යාඕ වෙන්යූ ට වඩා හායි ලියැංයී ගේ ශිෂ්‍යයා හා සමානයි. හායි ලියැංයී වසර දහයකට වැඩි කාලයක් ආදායම් අමාත්‍යාංශයේ සේවය කර තියෙනවා, එ් නිසා ඔහු දේශීය ගිණුම්වල භාවිතා කරන සියලුම අපිරිසිදු උපක්‍රම පිළිබඳව හොඳින් දන්නවා එවිට ගිණුම්වල පහළට ගියොත්, ෂුඒ ෂ්යුජුඕට තමයි ඔහු ඒ පිළිබද පැවරුවේ. ඒ නිසා ෂුඒ ෂ්‍යුජුඕ ආදායම් අමාත්‍යාංශයේ ප්‍රධාන අධීක්ෂණ ලේකම් තනතුර භාර ගත්තේ විවිධ ගිණුම් පරීක්ෂා කිරීම සහ විගණනය කිරීමේ නිශ්චිත අරමුණ ඇතිවයි." ශෙන් ස'චුආන් වැලඳගත් ෂියාඕ චියේ නැවතත් ඇඳ මත වැතිර සිටියේය, “මම හිතන්නේ ඔහුගේ වර්තමාන සමාජ සම්බන්ධතා සියල්ලම ඒ වන විට ස්ථාපිත වෙන්න ඇති කියලයි. ඔහු වසර අටක් ප්‍රධාන අධීක්ෂණ ලේකම් තනතුරේ රැඳී සිටියා, ඔහුගේ ඇගයීම් සියල්ල කැපී පෙනුණා. ඔහුට දිගු කලක් උසස්වීම් ලැබිය යුතුව තිබුනත් ඔහුට කයදාවත් උසස්වීමක් නොලැබුනේ ඇයි? මොකද හායි ලියැංයීට ඔහුව වළක්වන්න චේතනාවක් තිබුණ නිසා.”
“ලේකම් කාර්යාලයේ වැඩිහිටි හායි ඔහුගේ අවංකභාවයට පෙලඹුණා වගේ. ෂුඒ ෂ්යුජුඕව ඔප දමන්න කාලය ගත කරන්න ඔහු කැමති බව ඔහුට හිතෙන්න ඇති. මේ සුහදතාවය එක්ක, පිරිමින් දෙදෙනාම නමින් ගුරුවරයෙකු සහ ශිෂ්‍යයෙකු නොවූවත්, ඔවුන් අතර සම්බන්ධතාවය දැනටමත් එක් අයෙකුගේ සම්බන්ධතාවය ඉක්මවා ගොස් තියෙනවා." ශෙන් ස'චුආන් සෙමෙන් ඔහුගේ ඇහිබැමි රැලි කළේය. “ආදායම් අමාත්‍යාංශයේ ප්‍රධාන අධීක්ෂණ ලේකම්වරයා ලෙස සේවය කරන ඔහුට ප්‍රදේශයට යන්නත් පුළුවන්. ඔහුගේ නායකත්වය යටතේ ගිණුම් හසුරුවන යටත් නිලධාරීන් සිටිනවා , අධිරාජ්‍යයා වෙත සෘජුව පෙත්සම් ඉදිරිපත් කිරීමේ විශේෂ වරප්‍රසාදයද ඔහුට හිමිවෙනවා. ඔහු මිතුරන් වීමට කැමති ඕනෑම අයෙකු සමඟ මිතුරු වීම ඔහුට කේක් කැබැල්ලක් වගේ වේවි."
"ඒක හරි. ජුඑිෂි වල පළාත් පරිපාලන කාරක සභාපති වෙන්නේ ජ්‍යැං චිංශන්. ඔහු අවතක්සේරු කළ යුතු අයෙක් නෙමෙයි. අවසන් වරට ෂුඒ ෂ්‍යුජුඕ විසින් හුආ ස'චියන්ට අසුරක් ගසද්දී, ජ්‍යැං චිංශන් ඔහු සමඟ ගිණුම් විමර්ශනය කළ පුද්ගලයා වී හිටියා. ජ්‍යැං චිංශන් ගේ ජයග්‍රහණ විශිෂ්ටයි. එදා , චූදු ජුඒෂි වලට ආධාර සහන අරමුදල් දුන් නිසා පසුබෑමකට ලක් වෙද්ද්, වියදම් දැරීමට හැකි සෑම දෙයක්ම කළේ ඔහුයි, ජුඒෂි නගර දහතුනක් සාගින්නෙන් පෙළීමට ඉඩ නොතබමින් කාරණය හසුරුවා ගන්න පුළුවන් වුනා. ඔහු කරන දෙයෙහිදි නිර්භීතයි වගේම තීරණාත්මක යි ; පළමුව ක්‍රියා කර පසුව වාර්තා කරනුන ඔහුට ධෛර්යයක් තියෙනවා. ඔහු යකඩ හස්තයක් ඇති මිනිසෙක්. නමුත් ඔහුට නරක කෝපයක් තියෙනවා. අගනුවර ඉඳන් පැමිණෙන නිලධාරීන් සමඟ එතරම් ඇසුරු කරන්නෙ නැහැ. හුආ සහ පන් පාර්ශවයන් ඔවුන්ගේ බලයේ උච්චතම අවස්ථාවෙ හිටියත්, ඔහු කිසි විටෙකත් පෑන් රුගුයිට 'හිම ගෞරවය' ලබා දුන්නේ නැහැ. (4) ඔහු නිර්භීත අයෙක්, ඔහුට ඒ සමඟ සටන් කරන්න පුළුවන් වුනා. හුආ ස'චියන් ඔහුට වෛර කළත්, ඔහුව පහත් කරන්න ඔහුට නොහැකි වූනේ ඒ නිසයි. යාඕ වෙන්යූ ගැන වැඩිය නොසිතන ඔහු වගේ මිනිසෙක් ට තවමත් ෂුඒ ෂ්යුජුඕව ඇසුරු කරන්න පුළුවන්.ඔහු ෂුඒ ෂ්යුජුඕට තමන්ගෙ සහෝදරයා වගේ සලකනවා. ඒ නිසා ෂුඒ ෂ්‍යුජුඕගේ මිතුරන් ඇති කර ගැනීමට ඇති හැකියාව කෙතරම් හැකියාවක් තියෙනවද කියලා ඔබට සිතාගන්න පුළුවන්."
ෂ්‍යාඕ චීයේ හිටි හැටියේම නතර කළේ ය.
“ඇත්ත වශයෙන්ම, ෂුඒ ෂ්‍යුජුඕගේ නිපුණතාවය නිසා, ලේකම් කාර්යාලයේ වැඩිහිටි හායි පසුව ඔහුව උසස් කළා. පහුගිය වතාවේ ඔබ කතා කළේ උදාර වංශිකයන් උගුලකට ඇද දැමීම ගැන. මම හිතන්නේ ඔබ හරිම තැනට ඇණය ගැසුවා. ෂුඒ ෂ්‍යුජුඕ ට සැබවින්ම මහා ලේකම් කාර්යාලයට ඇතුළු වෙන්න පුළුවන්ද කියලා හරියටම කියන්න බැහැ."
"මෙම පුද්ගලයා හුඟක් පරස්පර විරෝධී බව මම දැක්කා." ශෙන් ස'චුආන් පැවසීය. “පෙර වසරවලදි සමකාලීන දේශපාලනය පිළිබඳ ඔහුගේ රචනා සාමාන්‍ය ජනතාවගේ සුබසාධනය සහ ජීවනෝපාය පිළිබඳයි . ඔහු ප්‍රදේශ වලට ගිහින්, ඔහු කළ දේවල් සියල්ල ප්‍රායෝගිකයි වගේම සැබෑයි. එහෙත්, ඔහු ෂී හොංෂුආන් වගේ උතුම් වංශවල තරුණ පරම්පරායේ අයගෙන් වෙන් කරන්න බැහැ. චුආන්චෙන් රිදෘ පිළිබඳ කාරණය තීරණාත්මක කරුණක්. මම හිතන්නේ ඔහු සංකීර්ණ පුද්ගලයෙක්; ඔහු ක්‍රියා කරන්නේ අහඹු ලෙස නෙමෙයි, නමුත් බොහෝ ඉදිරියෙන් සැලසුම් කරන අයෙක්.
“ඔබ පැවසුවා නේද චූදු වල සැගවුණ අයෙක් මෙහි මහ මොළකරුවා වෙන්න ඇති කියලා ?” ෂ්‍යාඕ චීයේගේ ප්රකාශනය මදක් බරපතල විය. "ඔහු හොඳ අපේක්ෂකයෙක්."
“වසර හයකට කලින් ජොංබෞ හමුදා පරාජයට පත්වෙද්දී ඔහුගේ නිල ශ්‍රේණිය ඉහළ මට්ටමක තිබුණේ නැහැ ඔහු ඒ වෙද්දි හුගක් ලාබාලයි. එහෙමනම් ඔහු ඒ ගෞරවනීය වංශවල වයසක හිවල්ලු හසුරුවන්නේ කොහොමද? වෙයි වංශය සමග ගනුදෙනු කිරීම වේදනාත්මක දෙයක්. මගේ අනුමානය නම් ඇත්තටම එහෙම කෙනෙක් ඉන්නවා නම් ඔහු හායි ලියැංයී ගේ වයසේම වෙන්න ඕනේ. එහෙම නැත්තං, මේ තරම් විශ්වාසනීය විදිහට , අනිත් අයට ඒත්තු ගැන්වීම දුෂ්කර වේවි.
“කොහොමවුනත් , මෙතැන තියෙන්නේ ඉඟි කිහිපයක් විතරයි. අනාගතයෙදි අපිට ඔවුන් එක්ක ප්‍රවේශමෙන් කටයුතු කරන්න වේවි.” ෂ්‍යාඕ චීයේ ශෙන් ස'චුආන්ගේ මැණික්කටුව පිරිමදිමින් කීවේ ය. “ඖහුආ මණ්ඩපය කඩා වැටීමෙන් ප්‍රයෝජනයක් නැත්තෙත් නැහැ. ෂී හොංෂුආන් මේ පාර තමන්ගේ බුද්ෂි මට්ටම නිසා බියට පත්වෙලයි ඉන්නේ. අනාගතයෙදි ඔහුට ඔබ සමග මධුවිත පානය කරන්න අවශ්‍ය වුනත් , ඔහුට යන්න කිසිම ස්ථානයක් නැහැ.”
“මත්පැන් පානය නම් ඕනැම තැනක සිදු කරන්න පුළුවන්. ඔහුගේ ඖහුආ මණ්ඩපය කඩා වැටුනත් , මෙහි තවත් ආයතන ගණනාවක්ම තියෙනවා. ෂියැන්යුන් අහිමි වෙනවනම් ඒ ඇත්තටම හොදකට තමයි.” ශෙන් ස'චුආන් ඔහු දෙස විමසිල්ලෙන් බැලුවේ ය. "දෙවන තරුණ ස්වාමියාට නම් ඇත්තටම පාඩුවක් වුනා."
"ෂියැන්යුන් නැතත්, මට ඕනැම වෙලාවක වෙනත් කෙනෙක්ව හොයාගන්න පුළුවන්." ෂ්‍යාඕ චීයේ ඔහු දෙස බැලුවේ ය. “සුන්දර අය බහුල යි ; මෙතන අයෙක් ඉන්නවා. නැද්ද?"
ඔහුගේ ඇඟිලි තුඩු වලින්, ශෙන් ස'චුආන් ඔහුගේ අත්ල මත පහරවල් කිහිපයක් ඇද, “ඔබට ටේල් පන්සියයක්වත් නැත්තම් , මම ඔබ සමඟ පානය කරන්නේ නැහැ."
"මම අපිරිසිදුයි ඒවගේම දුප්පත්" ෂ්‍යාඕ චීයේ ඔහුගේ දිවයන ඇඟිලි තුඩු අල්ලා ගත්තේය. "මම ළග නැහැ, ඒ නිසා මට ඔබට වෙන දෙයක් දෙන්න පුළුවන්."
"මගේ හදවත සසල කරන්න තරම් දුර්ලභ දේ මොනව වෙන්න පුළුවන් ද?" ශෙන් ස'චුආන් ඇසුවේය.
ෂ්‍යාඕ චීයේ ඔහුගේ හස්තය තමාගේ ඉණ වටා ගෙන යන්නට විය. “මේ දෙවන තරුණ ස්වාමියා කියන්නේ එයට කදිම පුද්ගලයෙක්. ඉතින්, ඔබ හිතන්නේ මොනවද? ”
"මම , ශෙන් ලන්ජෞත් මමත් හැඩකාර අයෙක්." ශෙන් ස'චුආන් විවේකයෙන් පැවසුවේ ය, “මට කැඩපතකින් මාව අගය කරන්න පුළුවන්. වෙනත් පුද්ගලයෙක් අවශ්‍ය වෙන්නේ නැහැ."
“ඔබ තවමත් දන්නේ නැහැ විනෝද වෙන්නේ කොහොමද කියලා.” ෂ්‍යාඕ චීයේ පැවසුවේ ය. “ආත්ම ප්‍රශංසාව මම අගය කරනවට වඩා ප්‍රියජනක වෙන්නේ කොහොමද? එය සෞන්දර්යාත්මක උද්යෝගිමත් බවක් ලැබෙන්න නම් , අපි දෙන්නම කැඩපතෙන් පිළිබිඹු වෙන්න ඕනේ නේද?"
දිලිසෙන දෑස් ආශාවන්ගෙන් රැලි ගන්වමින්, ශෙන් ස'චුආන් ඇසුවේය, “එහෙම නම් සෞන්දර්යාත්මකව උද්යෝගිමත් වීම කියා සලකන්නේ මොකක් ද?”
“දකින දෙය විශ්වාස කිරීම.” ෂ්‍යාඕ චීයේ ශෙන් ස'චුආන් ගේ උෂ්ණත්වය පරීක්ෂා කළේය. "මේ දවස් කීපයෙන් එකකදි ඒකට උත්සහ කරලා බලන්න, ඔබට ඒ ගැන සොයාගන්න ලැබේවි."
ඔහුගේ පහස නිසා ෂෙන් සෙචුවාන් මෘදු ලෙස හුස්ම ගන්නට විය. දෙදෙනාටම දිගු කලකින් සහනයක් නොලැබුණු අතර, ඔවුන් වසංගතයෙන් බේරී සිටියෝ ය. යන්තමින ප්‍රකෘතිමත් ව තිබූ සියලු ශක්තීන් ඔවුන්ගේ යටි උදරයේ එකතු වී තිබුණේ ය. දැන්, මේ සියලු වැළඳගැනීම් සහ ආදරය ආශාවන්ගේ පළමු සංඥා දල්වා තිබුණි.
"පවිත්‍ර හදවතක් සහ ආශාවන් කිහිපයක් ඇති ශෙන් ස'චුආන්." ෂ්‍යාඕ චීයේ ඔහුගේ හුස්ම යට ගැඹුරු හැඟීම් සමඟ සුසුම්ලමින් සිටියේය. "ඇයි මට කියන්න බැරි ඒ මොනවද කියලා?"
“ඒ ශෙන් ස'චුආන් ; ඔබ කතා කරන්නේ ශෙන් ලනිජෞට." ශෙන් ස'චුආන් ඇසුවේ ය, “ඔබට අවශ්‍ය කාවද?”
"මට ඒ දෙන්නම ඕනේ." ෂ්‍යාඕ චීයේ, ශෙන් ස'චුආන්ව ඉහලට ගෙන, ඔහුව එක් පසෙකට හේත්තු කර, පිටුපසින් ඔහුට එරෙහිව තද වෙන්නට විය. "ඔබ මට එය දෙනවද නැද්ද?"
ඔහුගේ මුහුණෙන් අඩක් ඇඳ ඇතිරිලි අතර ගිලී යද්දී, ශෙන් ස'චුආන් වදනක්වත් නොපවසා කෙඳිරිගාන්නට විය. ෂ්‍යාඕ චීයේ ඔහුව සපා කද්දි ඔහුගේ සවන් සංවේදී වූ අතර, ලෙවකෑම සහ සපා කෑම ඔහුගේ හුස්ම හිරවීමට හේතු විය. ඔහුගේ ඇස්වල කෙළවර තද රතු පැහැ විය.
“චෙන් යැං වතුර ටිකක් උනු කරලා ඇති. මම ඔබට එළිවෙන්න කලින් ස්නානය කරන්න දෙන්නම්." ෂ්‍යාඕ චීයේ ඔහුගේ හිස පහත් කර, "ලන්ජෞ" යනුවෙන් නාසික ස්වරයෙන් පවසන්නට විය.
ඇද සාදා තිබුණේ හදීසි භාවිතය වෙනුවෙනි. එය කුඩා හා පටු වූ අතර, එය මතට මිරිකීම දෙදෙනාටම වෙහෙසකර දෙයක් වනු ඇත. ෂ්‍යාඕ චියේ කෙලින්ම ඇතුළට තල්ලු වීමට එඩිතර වූයේ නැත. ඒ වෙනුවට ඔහු සෙමින් හා මෘදු ලෙස පසෙකින් ඇතුළු විය. පිටත සිටි රාජකීය ආරක්ෂකයන් සියල්ලන්ටම තිටුණු ශ්‍රවණයන් ඇසීය හැකි විය. ශෙන් ස'චුආන් ශබ්දයක් නොනැඟූ අතර එම ප්‍රත්‍යාවර්ත ගැඹුරු තෙරපුම් සහ නොගැඹුරු ඉවත් කිරීම් මධ්‍යයේ උඩ කබාය ඇදගත්තේය.
ඔවුන් අසමාන ලෙස හුස්ම ගත්හ - දෙදෙනාම අනෙකා ශබ්ද නගා කෑගසාවි යැයි බියෙන් පසුවූ, ඉකිං ඔවුන් සියගත්තේ ගෙල ප්‍රදේශයන් පමණකි. සයනය සෙලවුනේ මද වශයෙනි. ෂ්‍යාඕ චීයේ ගේ යටපත් කළ ආශාව දැල්වී තිබූ නමුත්, ඔහුට ශෙන් ලන්ජෞට දැඩි ව තද කරන්නට නොහැකි විය. ඔහුට කළ හැකි වූයේ ඇඹරීම පමණි.
සිපගැනීම් අතරේ , ෂ්‍යාඕ චීයේ නිශ්ශබ්ද ස්වරයෙන් පැවසුවේ ය, "නැවතත් මා වෙනුවෙන් කෑගහන්න."
ශෙන් ලන්ජෞ පවසන්නට විය, “ස' …… ම්හ්න්……”
ෂ්‍යාඕ චීයේ සිනහ විය. ඔහු මදක් තදින් තල්ලු කළේ ය, " මොකක් ද ස'අන් , ම්හ්න්....ස'අන් කියන එකෙන් අදහස් කරන්නේ?"
ශෙන් ස'චුආන්ට එය තවදුරටත් දරාගත නොහැකි වූ අතර පිළිතුරු දීමට එඩිතර වූයේ නැත. ෂ්‍යාඕ චීයේ සිය ඇඟිල්ල ඔහුගේ මුඛය තුළට තද කර, චලනය වෙමින් මඳ වේලාවක් ඔහු පසුපස සිට තදින් බදාගත් අතර, ශෙන් ස'චුආන් මහ හඬින් කෙඳිරිගාන තුරු ගැඹුරට තල්ලු කරනු ලැබුවේ ය.
ඔවුන් නොදැනුවත්වම දවස ආරම්භ වන්නට පටන් ගෙන තිබුණේ ඔවුන්ගේ ආලය කිරීම් හමුවේ ඔවුන් දහදියෙන් තෙත් ව තිබුණ අතරේ ය. ශෙන් ස'චුආන් දැන් අවදි වී ඇති බවත්, එය මෙයට සුදුසු ස්ථානය නොවන බවත් සලකන විට, ෂ්‍යාඕ චීයේ එය සිදු කර තිබුනේ එක් වරක් පමණි. ඔවුන් හැකි ඉක්මනින් ඒවා අස්පස් කර අවසන් වූ පසුවත්, ශෙන් ස'චුආන් බොහෝ වේලාවක් රතු ව හිදියේ ය. පිරිසිදු කිරීමේදී ඇඟිල්ලක් ඔසවන්නටවත් ඔහුට අවැසි නොවුනේ ය.
◈ ◈ ◈
අනෙක් කෙළවරේ, ලියන් කුයිෂාන් අහස දෙස බැලූ අතර, ඉර උදාවීමට ආසන්න බව දුටු ඔහු ශෙන් ස'චුආන්ව හමු වූ විට ඔහුගේ වාර්තාව සකස් කිරීම සඳහා මේ දින කිහිපයේ පොත් වර්ග කර ඒවා පිළිවෙලට තැබීය. ඔහු එම ස්ථානයට වක්‍රව ගොස් වර්ෂා නවාතැන යට තේ පානය කරමින් සිටි ග' චිංචිංව දැක , ඔහුට ආචාර කළේ ය. “ගෞරවනීය විනිසුරුතුමා අද හොඳින් ද? මේ නිහතමානී යටත් නිලධාරියා ගිණුම් පිළිවෙලට තබාගෙන වාර්තා කරන්නයි විශේෂයෙන් ම ආවේ."
ග' චිංචිං කතා කළේ නැත. චෙන් යැං පිමට බැස පිළිතුරු දුන්නේ ය, “උතුම් විනිසුරුතුමා බරපතල රෝගාබාධයකින් සුවය ලැබුවා, වසංගතය දැන් පහව ගිහින්. ඔබ සැමට ආසාදනය වීම ගැන විනිසුරුතුමා ද සැලකිලිමත් වන නිසා අද ඔහු අමුත්තන් පිළිගන්නේ නැහැ. මේ ගිණුමේ ස්වභාවය කීවොත් , මට එය ඔබතුමා වෙනුවෙන් පසුව එවන්න හැකි වේවි ද?"
ගිණුම් වාර්තා කරන්නට නියෝග කළේ ශෙන් ස'චුආන් ය, ලියං කුයිශන් අලස වීමට එඩිතර වූයේ නැත. ස්වාභාවිකවම, ඔහුට ගිණුම් පමණක් චෙන් යැං වෙත පැවරීමට නොහැකි විය. එබැවින්, ඔහු පවසන්නට විය, “ උතුමාණන් හොඳින් සිටීම ගැන මම සතුටු වෙනවා. අද එතරම් පහසු දවසක් නොවෙන නිසා, මේ නිහතමානී යටත්වැසියා හෙට නැවතත් ඇවිත් ඒවා ඔබට පෙන්වන්නම්."
චෙන් යැං හිස සැලූ අතර, ලියං කුයිශන් ඔහුගේ පිටවීම් අවසරය ගත්තේය. ඔහු පිටත්ව යන්නට පෙර, ඒ නිවස අවට වෙනත් කිසිවෙකු නොසිටි බව ඔහු දුටුවේය, එබැවින් ප්‍රදේශය මිනිසුන්ගෙන් ඉවත් කර ඇති බවත්, පුද්ගලික ආරක්ෂකයින් මුර සංචාරයේ යෙදී සිටින බවත් ඔහු දැන සිටියේය. අධිරාජ්‍ය ආරක්ෂකයින් රාජකාරියේ යෙදී සිටි අතර, ශෙන් ස'චුආන්ව අධිරාජ්‍යයා විසින්ම පෞද්ගලිකව පත් කරන ලදී, එබැවින් බොහෝ විට තවමත් කළ යුතු දෑ තිබෙන බව ඔහු දැන සිටියේ ය. නැවත බැලීමට හෝ වෙනත් ප්‍රශ්නයක් ඇසීමට නිර්භීත නොවූ ඔහු ඉක්මන් විය.
වැඩි වේලා නොගොස්, දොර ඉදිරිපිට සෙවනැල්ල තරමක් සෙලවෙන්නට විය. ෂ්‍යාඕ චීයේ තිරයට ඔසවා පිටතට ගියේ ය. ඔහු ඒ වන විටත් පිරිසිදු වස්ත්‍රයකට මාරු වී සිටියේය. ඔහුගේ පාදවල මඳක් ගෙවී ගිය බූට් පාවහන් යුගලයක් සහ ඔහුගේ හස්තයේ ශෙන් ස'චුආන්ගේ ඇත්දළ විජිණියද විය. ඔහු ඇසුවේ ය, "ඔහු මෙහි සිටියේ ගිණුම් වාර්තා කරන්න ද?"
"මම ඔහුට පැවසුවා හෙට එන්න කියලා" චෙන් යැං පැවසීය.
ෂ්‍යාඕ චීයේ පඩිපෙළ බැස ගියේය. දැන් ඔහුට ප්රබෝධයක් දැනුණු නිසා දින කිහිපයකට පෙර ඔහුගේ ප්රකාශනයේ ගැබ්ව බියජනක ප්‍රකාශය පහව ගොස් තිබුණේ ය. ඔහු අසන්නට විය, "ලාඕහුගේ උණ අඩු වෙලා ද?"
"ඔව්. ඔහු ද වඩාත් උද්යෝගිමත් වගේම, ඔහු අද උදෑසන ටිකක් ආහාර අරගත්තා. ඔහුට අවශ්‍ය වුනේ ස්වාමියාට ගෞරව දැක්වන්නයි. මම ඔහුටත් කිව්වා හෙට එන්න කියලා.
"මම ඔහුව බලන්න යන්නම්." ෂ්‍යාඕ චීයේ තම හස්තයේ තිබූ විජිනිපත රික්ෂා කරන්නට විය, “වීදිවල ජලය බැස ගිහින් තියෙන්නේ, දැන් අහස පැහැදිලියි. අපිට දින දෙකක්වත් ජාඕ සූයි පන්සලේ රැඳී ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ මාළිගාවෙන් අණක් ලැබුනොතින් ෂී හොංෂුආන්ට කොහොමද?"
“ඔහු අවදි වෙලා ඉනිනේ. නමුත් අෂ්ඨ මහා පුහුණු අංශවල මිනිසුන් ඔහු ගැන දැඩි සෝදිසියෙන් ඉන්නවා. ඔවුන් කාටවත් ඔහුව බලන්න දෙන්නේ නැහැ.”
"හදිස්සියක් නෑ." ෂ්‍යාඕ චීයේ පැවසුවේ සිනහවක් මුසු කරමිනි. “අධිරාජ්‍යයාත් දැනටමත් අවදි වී තියෙන්න ඕනේ. ෂී හොංෂුආන් ට මෙයින් ගැලවෙන්න බැහැ. නිරීක්ෂණ කාර්යාංශය ඔහුව දෝෂාභියෝග කරන්න බලා ඉන්නවා.”
පොදු වළවල් හාරා ඇති අතර, වසංගතය සම්පූර්ණයෙන් පැතිර යාමට සමත් වූයේ නැත. මුළු කාරණයම අලංකාරව හසුරුවා ඇත. ඉහළ ඉන්න මිනිස්සුන්ට විඳවන්නට සිදු නොවුණේ ය. එය පහතට බඩගා ආ අයගේ පිනය. දැන් ලකුණු සම කරන්නට කාලය එළඹ ඇත. ඔහු, ෂ්‍යාඕ ස'ආන් , දැන් පුරප්පාඩු ව තිබූ ඔහුගේ නින්දත් ගෙන තම ප්‍රමාණයට ආහාරද ගත්තේ ය. ඒවා සමඟ කල් මරන්නට ඔහුට ආත්ම ශක්තියත් ආත්මයකුත් තිබුණි.
ෂ්‍යාඕ චීයේ හදිසියේම අසන විට චෙන් යැං ඔහු අසල සිටියේය, “ඔබට අවසන් වරට මා දුන් කරාබුව, ඔවුන් එය නිර්මාණය කරලා අවසන්ද? අපි දින කිහිපයකින් නැවත පදිංචියට ගියාම, මම එය අතරමගදී රුගෙන යන්නම්. ”
චෙන් යැං පැවසුවේ, “මම ඔවුන්ට කිව්වා හැකි ඉක්මනින් එය සකස් කරන්න කියලා; එය මේ වන විට සිදු කරලා තියෙන්න ඕනේ. නමුත් ස්වාමියාට මේ තරම් පෞද්ගලික විදිහට ඒක දෙන්න ඕනේ කාටද? මම ඔබ වෙනුවෙන් එය එකතු කරන්නම්. ”
“මට මේක පෞද්ගලිකව අරගන්න වෙනවා,” ෂ්‍යාඕ චීයේ ඔහුගේ අතේ තිබූ ඇත්දළ විජිණිපත චෙන් යැං වෙත විසි කර ඔහු ඉවතට යන අතරේ පෙරමුණ ගත්තේ ය. “අපි යමු. අපි තන්තායි හූ ව බලන්න යමු."
අරුත් පැහැදිලි කිරීම.
සටහන:
මෙය මුල් පිටපතේ ඒකාබද්ධ අනුවාදයයි, වාරණය නොකළ අනුවාදය සහ සංශෝධිත, වාරණය කළ අනුවාදය. සහිතය.
1. 璞玉元琢 (පූ යූ යූඇන්ජුඕ) වචනාර්ථයෙන්, ඔප නොදමන දල මාණික්යයි යුවාන්ෂුඕ (යුවාන්සුඕ යනු යාඕ වෙන්යුගේ අනුග්‍රාහක නාමයයි); මෙහි ඔප නොදැමූ මාණික්‍යය යන්නෙන් අදහස් කරන්නේ තවමත් නොදන්නා නමුත් ඔහුට දීප්තිමත් අනාගතයක් ඇති ඉහළම විශාරදයෙකු (zhuangyuan (状元) ලෙසද හඳුන්වනු ලබන) වීමේ හැකියාව ඇකි බවයි.
2. තම සංචාරය ගැන අනෙක් පාර්ශ්වයට දැනුම් දීම සඳහා නිලධාරීන්, ප්‍රභූවරුන් හෝ කීර්තිමත් පුද්ගලයින් විසින් ලියන ලද හෝ කඩදාසි හෝ ලී නාම කාඩ්පතක් (හෝ පැමිණීමේ කාඩ්පත). එය සාමාන්‍යයෙන් ඔහුගේ නම, තනතුර සහ යනාදිය සඳහන් කරයි. එය නූතන ලෝකයේ නම් ID එකට සමානය.
3. ක්ෂේත්‍ර පොත්, ක්ෂේත්‍ර සහ ගොවිබිම් වාර්තා කරන ලේඛනයක්.
Comments
Post a Comment