Skip to main content

හැත්තෑ හත්වන පරිච්ජේදය : ආරවුල!

  

පැන් ෂියන්ජිඒ ඔහුගේ තනතුරින් අත්හිටුවා තිබුණු අතර ඔහුට තම දෝෂාභියෝගය බලාපොරොත්තුවෙන් රැදී සිටින්නට සිදු විය. දඩුවම් පහර ලැබුණු පසු , ඔහු සිය නිවසට වී තම තුවාල වලට ඖෂධ යොදන යේ කෑගසමින් සිටි අතර ඔහුගේ පුත්‍ර පැව් ලින් ද එයට සමහර අවස්ථා වලදි හවුල් වූයේ ය., ඔහු සෑම දිනකම රාජකීය වාරකයන්ගේ බැනුම් සහ උදහස් දරාගෙන සිටින්නට සිදුවුයේ ය. දින කිහිපයකට පසු , ඔහුවද සේවයෙන් අත් හිටුවා නිවාස අඩස්සියේ දමන ලදී.

තම නිළ තනතුරෙහි සිදුවු උසස්වීමත් සමග , ෂ්‍යාඕ චීයේ භෝජන සංගුහයක් සූදානම් කොට එයට වි​ශේෂයෙන් ම වංශාධිපති හේලියන්ට ආරාධනා ක​ළේ ය. අණ දෙන කුමරි ජාඕයුඒ හා ගැලපීමේ අවසන් වතාවේ වූ උත්සාහය නිසා වංශාධිපති හේලියන් ෂ්‍යාඕ චීයේ ඉදිරියේ පෙනී සිටින්නට මහත් ලැජ්ජා වූයේ ය. මේ දුෂ්ඨයා තමාගේ සාර්ථකත්වය ගැන ආඩම්බර වන අතරේ තමාව අවමානයට පත් කර අනෙක් අය ඉදිරියේ තමාට අවමන් කරනු ඇතැයි ඔහු කනස්සල්ලට පත්ව සිටියේය. ඉතිං , ඔහු බොහො වරක් කල්පනා කිරීමෙන් පසුව , ඔහු තම පුත්‍රයාවද භෝජන සංගුහයට එකතු කර ගත්තේ ය.

කන්ෂ්ඨ වංශාධිපතියා හැදින්වූයේ ෆෙයි ශී යන නමිනි. ඔහු දොංලොං වීදියේ ප්‍රසිද්ධ චරිතයක් ව හිදියේ ය. ඔහු අතීතයේ දි එකවරක් ෂ්‍යාඕ චීයේ සමග මත්පැන් ද පානය කරන්නට ගොස් තිබුණේ ය, නමුත් ඔවුන්ගෙන් නිසිවෙකු ආධිපත්‍යයේ දි කුරිරු භාවය අඩු හෝ ෂ්‍යාඕ චීයේ තරම් කුරිරු භාවය අධික හෝ නොවන්නෝ ය. ඒ පමණක් නොව , ඔහු ෂ්‍යාඕ වංශයට බිය විය. එබැවින් ඔහු තවදුරටත් ෂ්‍යාඕ චීයේ සමඟ විනෝදාස්වාදයන් සඳහා පිටතට නොගිය අතර ඔහු ෂ්‍යාඕ චීයේ සහ ලී ජ්‍යන්හෙං දකින සෑම විටම වෙනත් මාර්ගයක් තෝරා ගනිමින් මඟහැර ගියේ ය.  දැන් ඔහුට ෂ්‍යාඕ චීයේ ගේ භෝජන සංග්‍රහයට සහභාගී වීමට සිදු වූ බැවින්, ඔහු අඩකින් මැලවී ගොස් , පසුව දිශාව වෙනස් කර පැන් ලින් ගේ නිවසට ගොස් ඔහු සමඟ පැමිණෙන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටියේ ය.

"මා සමග යමු. අපිට එයින් අපේකම්මැලි ගතිය අඩු කරගන්න පුළුවන්!" ෆෙයි ෂී ඔහුගේ වස්ත්‍රයෙන් අදිමින් ඔහුට පෙරැත්ත කළේ ය. " මෙවර භෝජන සංග්‍රහය පැවැත්වෙන්නේ කයිලිං ගංඟාවෙයි. එහි හුඟක් අය හිඳිවි."

පැන්ලින්ගේ පුතුට මාසයක් වූවා පමණි. ඔහු යමක් පවසන්නට පෙර ඒ ළද​රුවාට උසුළු විසුළු කරමින් සිටියේ ය, "මම යන්නේ නැහැ. මේ දින කිහිපය මට හරිම කරදරකාරීයි."

"මෙතැන ළදරුවෙක් එක්ක ක්‍රීඩා කරන එකේ ඇති සතුට මොකක් ද?" ෆෙයි ෂී ඔහුට බාධා කරමින් පවසන්නට විය, "මම මේ වතාවේ ඒක මග හරින්න ක්‍රමයක් නැහැ. මගේ පියා ඔහුගේ උපදෙස අනුව විශේෂයෙන්ම එහි යනවා.  එන්න , අපි ගිහින් ඔහු සමග මිතුරු වෙලා ටිකක් විවේක ගමු. මට අහන්න ලැබුණා ඔහුට වාම නිරීක්ෂණ කාර්යන්​ශයේ මිතුරන් ඉන්න බව. ප්‍රධාන නිරීක්ෂණ කාර්යංෂයේ ප්‍රධානි සෙන් යූ. ඔහු ඉදිරියට පැමිණ ඔබ වෙනුවෙන් මැදිහත් වුනොත් නම්, ඔබට එතරම් බැනුම් අපහාස විදින්න සිදු නොවේ වි."

  "ඇත්තටම."  පැන් ලින් අත්පිස්නාව පසෙකට විසි කළේය.  "ෂෙන් ෂුන්යී තමයි මට තරවටු කරන දරුණුම පුද්ගලයා! දෙවන ෂ්‍යාඕ මේ වතාවේ නිළයෙන් උසස් වුනේ උතුමාණෝ එක්ක තියෙන මිත්‍රත්වය නිසා. සෙන් යූට කොච්චර ඒත්තු ගන්වන්න පුලුවන්ද? මම යන්නෙ නෑ. මට ඕන නෑ.  මාවම අපහසුතාවයට පත් කරගන්න!"

"ඔබ දිහා බලන්න. ඔබ කොහොමද මේ  තරම් සෘජු අයෙක් වෙන්නේ?!"  ෆෙයි ෂි ඔහුව දොරෙන් පිටතට යන්නට පොලඹවා ගැනීම සඳහා සැබවින්ම ඔහුගේ මොළය වෙහෙසෙමින් සිටියේය.  " ඔහුට අධිරාජ්‍යයා එක්ක පෙර මිත්‍රත්වයක් තියෙනවා තමයි. උතුමාණන් ඉදිරියේ පැන් වංශයට හොඳ වචන ටිකක් යොදන්න පුළුවන් නම්, ඔබ තවම මේ තරම් දුක් වෙන්න ඕනේ මොන එහෙකටද? එන්න, අපි යමු, ඔහු කලින් මම එක්ක මත්පැන් පානය පානය කරලා තියෙනවා.  මම ඔබට ඔහුව හඳුන්වා දෙන්නම්!"

ෆෙයි ෂි වළක්වා ගැනීමට නොහැකි වූ නිසා, පෑන් ලින්ව නිවසින් පිටතට ඇදගෙන ගොස්, කයිලිං ගඟ දෙසට ගමන් කරන අශ්ව කරත්තය මතට ඇද දමන ලදී.

◈ ◈ ◈

අද රාත්‍රියේ ෂ්‍යාඕ චීයේ විසින් භෝජන සංග්‍රහය වෙනුවෙන් සත්කාරකත්වය දැරීමෙන් කයිලිං ගඟ විනෝදයෙන් පිරි නෞකා වලින් පිරී ගොස් තිබුණි. ඔහු දැන් ප්‍රසිද්ධත්වයට පත්ව සිටි අතර ගණිකා මඩම් සහ තැබෑරුම් එය මාත්‍යකාවක් කොටගෙන ලාභ ප්‍රයෝජන උපයා ගත්තෝ ය. පිටත මුදල් වැසි වැස්සේ ජලය ගලා යන්නාක් මෙනි. ඔහුට මුවවිවර කරන්න​ටවත් අවැසි නොවුනේ ය ; ඔහු වටා ගැවසුන අයවලුන් කුමන අයුරකින්හෝ ඔහුට මුදල් ලබා දෙන්නට උත්සහ කළ අයවලුන් වූයේ ය.

නමුත් මෙහි නොමිලේ දිවා ආහිරය ලැබෙනවාක් වැනි යමක් නොපැවතු​නේ ය. (2.) ඔහු මුදල් භාරගන්නේ නම් , ඔහු ඔවුන්ට ණයගැති විය යුතු ය. ඔහු අද එයසිදු නොකළහොත් , අනාගතයේ දී එය ඔහු ලවා සිදු කරවා ගැනීමට ඕනැතමේ අවකාශ තිබෙනු නොඅනුමානය. ෂ්‍යාඕ චීයේ මෙය හොඳින් දැනුවත් විය , ඉතිං ඔහු එකඳු කාසියක් හෝ භාර ගත්තේ නැත. මෙය ඉතා අනර්ඝ අවස්ථාවක් වූ හෙයින් ඔහු ඒ සියළු වියදම් තම සාක්කුවේ මුදලින් ගෙවා දැමුවේ ය.

තිරය පිටපස සිටි චෙන් යැන් ගණක ඇබකසය ඝෝෂාකාරි ලෙස පසෙකට වීසි කර දැමුවේ ය. ඔහු ගණනය කරන තරමට හේ තව තවත් මන්දගාමී වෙයි, අවසන , ඔහු නොසැලකිලිමත් ලෙස ඇබකසය ඉවතට වීසි කරදමා දිං තාඕ සහ ගූ ජින් ට පවසන්නට විය. " මාළිගයෙන් අපිට කෙත්වතු බොහොමයක් වගේම මන්දිරත් ලබා දීලා තියෙනවා. අපි ඒ සියල්ලම වර්ග කරලා විකුණන්න හොඳ දවසක් හොයා ගමු. "

ෂ්‍යාඕ චීයේ තම වස්ත්‍ර මාරු කර පිටත​ට පැමිණියා පමණකි. ඔහුට තිබුණේ සිත් ිැදගන්නාසුළු පෙනුමකි. රන් ඔටුන්නක් පළදා, නැවුම් ව මසන ලද සළුවත් , කාල වලාකුළු සහිත පාවහනුත් එයට අපූර්ව බවක් එක්කළේ ය. චෙන් යැංගේ වදන් ඇසුණු ඔහුගේ වත වෙනස් ව ගියේ ය. ඔහු තම බැල්ම තම බදපටිය වෙතට ගෙන ගියේ ය, "... මම ඒ තරමට දුප්පත් ද?"

"වසන්තයේ ආරම්භයේ නිසා අපට වියදම් වැඩියි. පිට ගම්මාන යම් මුදලක් ගෙන ඒමට තරම් ස්වයංපෝෂිතයි. ඒත් චූදු වල බොහෝ නිවාස මාලිගාවෙන් අපට ලබා දීලා තියෙනවා. අපට ඒවා කුලියට
දෙන්න බැහැ.  අපට තවමත් ඒවා දිනපතා පිරිසිදු කරන්න අයෙක්ව සූදානම් කරන්න වෙනවා. අපගේ කුමර  නිවස්නය සහ වියළි මිදි පුෂ්ප වාසස්ථානය ස්ථිර වාසස්ථාන විදිහට සළකනවා, ඒ දෙකෙහිම සේවය කරන පුද්ගලයන් අවම වශයෙන් තුන්සියයක් හෝ ඊට වැඩි පිරිසක් ඉන්නවා. මාසික වැටුප්, මුදල් ත්‍යාග ඒවගේම ..."

ෂ්‍යාඕ චීයේ පවසන්නට විය, "සහ දිං තාඕගේ රසකැවිලි දීමනාව. ඔබ හැම වසරකම සම්පූර්ණ දේශසීමාවම ඔත්තු බැලීමේ කණ්ඩායමකට වටිනා සලාකයන් අනුභව කරන්න ඕනෙද, එහෙමද? අපි ඔබව ඕනෑවට වඩා නරක් කරලා වගෙයි."

තම කුඩා සටහන් පොත අතට ගත් දිං තාඕ ශබ්දයක් හෝ පිට කරන්නට එඩිතර නොවුණේ ය, "මම නිවසට එනකොට සහකාර කුමරිය මේ වෙනුවෙන් මට විශේෂ අවසරයක් ලබා දුන්නා..." හේ මුමුණන්නට විය.

"ඔබ දැන් වැඩිලා." ෂ්‍යාඕ චීයේ නිර්දය ආකාරයෙන් පවසා දැමුවේ ය. "ඔබට තවදුරටත් රස කැවිලි අවශ්‍ය වෙන්නේ නැහැ. ඒවා ඔබේ දත් නරක් කරාවි."

"මම අද රාත්‍රියේ වියදම් ගණනය කිරීම තාවකාලිකව නවත්වන්නම්."  චෙන් යැං මේසය අල්වාගත්තේ මඳ කරකැවිල්ලක් දැනෙමින් තිබූ හෙයිනි. ඔහු පැවසුවේ ය .  "මම ඒවා හෙට උදෑසනම කරන්නම්."

"කාරණා සමඟ කටයුතු කරද්දෘ."  ගු ජින් කෙටියෙන් පැවසුවේ ය.  "පුද්ගලයන් ඔවුන්ගේ මුදල් වලට මසුරු නොවෙන්න ඕනේ!"

"පි​ටත පිහිටන නිවාසවල ගිණුම් පිළිබඳ නිසි විගණනයක් සිදු කරන්න. අවුරුදු සිය ගණනකින් පවා මම එහි යන්නේ නැති තරම්. දා ග'ත් ඒවා ඔහුගේ පැත්තෙන් කළමනාකරණය කරන්න කාර්යබහුල වෙලා. ඒ යටත් නිලධාරීන් ගැන බොහෝ වේලාවක් නිදැල්ලේ තියලා පරික්ෂා නොකළොත් හෙම ,  ඔවුන් අන් අයට වංචා කරන්න පවා එඩිතර වේවි."  ෂ්‍යාඕ චීයේ දිගු පියවර තබමින් ඉදිරියට ගොස් , නැවතත් පසු පසට ඇවිද ආවේ ය, "දැන් එය ගණනය කරන්න! එය ටේල් දහසකට වඩා වැඩි නොවේවි. කෙනෙක් ඉන්නවා... මේ ගිණුම කළමනාකරණය කරන්න පුළුවන්."

ඔහු ද්වාරයෙන් පිටතට යන අයුරු බලා සිටි ගු ජින් ඇසුවේ ය. "කවුද? අපේ දෙවන තරුණ ස්වාමියා ඔහුගේ මුදල් වියදම් කරන ආකාරය කළමනාකරණය කරන්නේ අපේ නිවසේ සිටින කා වෙනුවෙන් ද?"

චෙන් යැං ඇබකසය ආපසු ගෙන ගොස් මොහොතක් ඒ හරහා සැරිසැරූ අතර ඊට පෙර අවිනිශ්චිත පිළිතුරක් ලබා දෙන්නට විය.

දිං තාඕ තම පාවහන් එකිනෙක අතුල්ලමින් හිස ඉදිරියට දිගු කළේ ය. "ඒ කවුද කියලා මම දන්නවා"

◈ ◈ ◈

මේ භෝජන සංග්‍රහයට එතරම් නිලධාරීන් පිරිසකට ආරාධනය කර තිබුනේ නැත . සිව්වන ශ්‍රේණිය හෝ ඊට ඉහල සභා නිලධරයන් පෞද්ගලික උත්සවය වලට සහභාගී වූයේ නම් ඔවුන්ව ප්‍රධාන දේශන කාර්යාංශය පර්යේෂණවලට ලක් කරනු ඇත. ෂ්‍යාඕ චීයේ  රාජකීය හමුදාවේ අණදෙන හමුදාපතිවරයා වූ හෙයින් ඔහු සමග එක්ව මුර සංචාර භාරව සිටි වැදගත් නිලධාරීන් කිසිවකුට ඔහුට ආරාධනා කිරීමට හැකියාවක් ලැබුනේ නැත. සෙන් යූ විසින් අවසන් වරට පැවැත් වූ භෝජන සංග්‍රහය ද පෞද්ගලික ව වූයේය. ඔහු ප්‍රථම ව මහලේකම් කාර්යාලයට පෙත්සම ඉදිරිපත් කළ අතර හායි ලියැංයී ඔහුගේ අනුමැතිය ලබාදුන් විට පමණක් ඔහු අමුත්තන්ට ආරාධනා කළේය. මෙය ද විය යුත්තේ එසේය. කොං ච්‍යු, ඒම සංග්‍රහයේදී මත් වීමෙන් පසු , පර්යේෂණයට ලක් වීම අවසන් වූ අතර, හායි ලියැංයීගේ ගේ දේශනයකට සහභාගි වෙන්නටද සිදු විය.

ප්‍රධාන නිරීක්ෂණ කාර්යාංශයේ පරීක්ෂණවල විස්තර කර ඇති පරිදි ඒවා රාජකීය පර්යේෂණ විය.  ඔවුන්ට ඉහළින් සිටින අධිරාජ්‍යයාට ඒත්තු ගැන්විය හැකි අතර පහළ සිටින විවිධ නිලධාරීන් හෙළා දැකිය හැකිය.  ඔහු මදක් නොසැලකිලිමත් වුවහොත් හායි ලියැංයීට පවා පරීක්ෂණයකට  මුහුණ දෙන්නට සිදුවනු ඇත.  නිදසුනක් වශයෙන්, මෙවර ප්‍රසිද්ධ කානු වලවල්  සිදුවීමේදී, හායි ලියැංයීට මහා ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය මහලේකම් සහ ප්‍රධාන ලේකම් යන තනතුරු අනුපිළිවෙලින් දැරීමට සිදු විය, එබැවින් ගැටලුවක් මතු වුවහොත් ඔහුට දොස් පැවරීමට සිදුවනු ඇත.  මුලදී, ලී ජ්‍යන්යෙං සිංහාසනයට පත් වූ විට, ඔහුට මිංලී ශාලාවේ තිබූ මකර සිංහාසනය ඉතා දැඩිව තව පිටුපසට ඇලී තිබෙන බව ඔහුට සොයාගන්නට ලැබුණේය , ඔහු එය මත වැඩි වේලාවක් අසුන්ගෙන සිටිය හොත් ඔහුගේ තට්ටම් වේදනා දෙන්නට ගනියි.  මේ අනුව, ඔහු ගමිපහ සිටි සියල්ලෝම පිළිබඳව හොඳින් අවධානය යොමු කළේය .  දින කිහිපයකට පසු, ඔහුට රාජකීය පරීක්ෂණවලින්  චෝදනාවක් ලැබී තිබුණි.  අද වනතුරු ඔහු ඝන පහසු කොට්ටයක් මත හිඳ ගැනීමේ කාරණය සභාව වෙතට ගෙන ඒමට නිර්භීත වූයේ නැත.

චීයේ චීයේ ට "බලය පත් නිළදරයන්ට"ආරාධනා කිරීමේ හැකියාව නොතිබුණ බැවින් ඔහුට ආරාධනා කළ හැකි වූයේ  "වංශාධිපතියන්ට", හෝ විශේෂිතව "කැපී පෙනෙන වංශාධිපතියන්" ට පමණකි. ඒ පුද්ගලයා පරිවම්පරාගත වංශාධිපතියෙන වෙන තුරුම , ඔහු ඒ සියල්ලන්ටම ඇරයුම් කරන ලද්දේ ය. ඒ බොහොමයක් පොහොසත් වංශාධිපතීන් යන නාමය දැරූ තරුණයන්ට නිසැක ලෙසම තව පවුලෙන් බලය හෝ ගෞරව නාමයක් ලැබී තිබුණේ නැත, ඉතිං ඔවුන් අවැසි පෙස විනෝදවන්නට ඔවුන් ට කාලය තිබිණි. ෆෙයි ෂී එයට එක් නිදසුනකි. ඔහුගේ පියා තවමත් ජීවතුන් අතර සහ හොද සෞඛ්‍ය තත්වයකින් යුතු නිසා ඔහුගේ වැඩිමහල් සොහොයුරිය ද හැන් වංශයේ අයෙකු සමඟ විවාහ වීමට නියමිතව සිටි නිසා ඔහුට ආහාර සහ ඇඳුම් පැළඳුම් වැනි එදිනෙදා අත්‍යවශ්‍ය දේ ගැන කරදර වෙන්නට අවශ්‍ය නොවී ය. ඔහු දක්ෂ ශිෂ්‍යයෙකුද නොවී ය. ඔහු කිසිවක් ඉගෙනගත්තේ ද නැත. ඔහු මුළු දවසම සිදු කළේ ඉබාගාතේ ඇවිදීම පමණි.

ෆෙයි ෂී ගමන් රථයෙන් බැසගත් වහා පැන් ලින් ව ​ඇදගෙන ඟොස් ෂ්‍යාඕ චීයේට හදුන්වා දුන්නේ ය.

"ස්වාමිතුමනී, සුභ පැතුම්!"

ෂ්‍යාඕ චීයේ සිනාසෙමින් පවසන්නට විය. "මේ පුංචි ස්වාමියා අද ඔබේ පැමිණීමෙන් ම මට ගෞරව කරන්න කැමැත්තෙන් ඉඳීම ගැන මම සතුටු වෙනවා. කරුණාකරලා අද රාත්‍රියේ ඔබට ඕනැ තරම් මත්පැන් පානය කරන්න."

ඔහු කෙතරම් ප්‍රියවූවා ද දුටු ෆෙයි ෂීට විවේකීව සිටීමට නොහැකි විය.  ඔහු පැවසුවේ ය. "ස්වාමිතුමා ඇත්තටම ත්‍යාගශීලීයි. මම අද රාත්‍රියේ බීමත්වෙලා පිට වෙන්නෙ නැහැ!"

ෂ්‍යාඕ චීයේ පැන් ලින් ලෙස බැලුවේ ය, "උප අමාත්‍ය පැන්, කරුණාකරලා ඔබේ හිතේ හැටියට පානය කරන්න. ගෞරවනීය පැන් උතුමාණන් මේ දිනවල සුව අතට හරෙනවා නේද?"

ඔහුගේ සුපුරුදු ස්වරයයෙන්ම පවසනු ඇසු පැන් ලින් ගේ හදවත මුවවිටටම පොළා පයින්නට ආයේ ය., මඳක් සන්සුන් වූ ඔහු. ආපසු ආචාර කරමින් පවසන්නට විය,

"ඔබතුමාගේ සැලකිල්ලට ස්තූතියි. මගේ පියාගේ සෞඛ්‍යය යහපත් අතට හැරෙනවා. අධිරාජ්‍යයාගේ කරුණාව ඉදිරියේ ඔහු ලැජ්ජාවට පත් වුණා. ඔහු මේ දිනවල තමාගේ මාවතේ කළ වැරදි ගැන ස්වයං-ආවර්ජනය කරන්න බිත්තියට මුහුණ ලා ඉන්නවා."

"ගෞරවනීය පෑන් පාලන කාල තුනක ප්‍රවීණ අමාත්‍යවරයෙක්. විචක්ෂණශීලීව ක්‍රියා කරන අතරම රාජ්‍ය කටයුතුවලදී හෘද සාක්ෂියට එකඟව කටයුතු කරනවා. ඔහුට මේ විදිහට අනපේක්ෂිත අවාසනාවන්ත තත්වයකට මුහුණ දෙන්න සිදුවීම සැබවින්ම කණගාටුදායක දෙයක්." ෂ්‍යාඕ චීයේ හැගීම්බරව සුසුම් හෙළනවාක් මෙන් පෙනෙන්නට තිබිණි.

පෑන් ලින් දිනෙන් දින පසුබෑමකට ලක් විය.  ඔවුන් වෙනුවෙන් මැදිහත් වන ලෙසත් ඔවුන්ගේ දඩුවම් අඩු කරන ලෙසත් ඔහු විශාල පිරිසකගෙන් ඉල්ලා සිටියේය.  ඔවුන්ගේ දුෂ්කරතාවයෙන් මිදීමට තවමත් හදවතක් ඇති ෆෙයි වංශය හැර, අනෙක් සියල්ලෝම ඔහුව හරවා යැවීමට සෑම ආකාරයකම නිදහසට කරුණු ඉදිරිපත් කළහ.  ඔහු උපත ලැබුවේ නීත්‍යානුකූල පරම්පරාවකින් - උතුම් වංශයකින් වන අතර, ඔහුගේ වෘත්තිය බොහෝ දුරට "සුමට යාත්‍රා" කිරීමකි.  ඔහුට ලෝකය පිළිබඳ එතරම් අනුදැන්මක් නොවූ අතර  සමාජය කෙතරම් චපලද කුහකද කියා හදුනාගත්තේ දැන්ය.  මේ අනුව, ඔහු ෂ්‍යාඕ චීයේ ගේ වදන්වලින් මහත් පුදුමයටත් හා ප්‍රහර්ෂයටත් පත් විය.

"මගේ පියාණන්..." පෑන් ලින්ට හැඟුම්බර බවක් දැනුණත්, ආචාර විධි මතකයට නැගී ඔහු සිනහවක් මුවමතට නගාගෙන , "ඒක අමතක කරන්න. මම අද රාත්‍රියේ මෙතැන ඉන්නේ ඔබේ ඔබතුමාගේ සතුටුදායක අවස්ථාවට සුබ පතන්න සහ සමරන්න, ඒ නිසා අපි වෙන කිසිම දෙයක් ගැන සඳහන් නොකර ඉමු. උතුමාණෙනි, සුභ පැතුම්!"

"අධිරාජ්‍යයා මට කරුණාව සහ අනුග්‍රහය දැක්වීම ගැන මම භාග්‍යවන්ත වෙනවා. මම කළේ මඩේ පෙරළෙමින් බඩගා යෑම විතරයි. මාව උප අමාත්‍යතුමාටවත් දවස පුරාම රාජ්‍යය ගැන කරදර වන ගෞරවනීය පැන් සමඟවත් සසඳන්න බැහැ.  චෙන් යැං!."  ෂ්‍යාඕ චීයේ පසෙකට විය.  "පුංචි ස්වාමියට සහ උප අමාත්‍ය පැන්ට නෞකාවකට ආරාධනා කරලා ඔවුන්ට හොඳින් සේවය කරන්න."

චෙන් යැං හිස නමා ගෞරවාන්විතව ඔවුන් දෙදෙනාව ඇතුළට කැඳවාගෙන ගියේය.  නෙෘකාවේ අභ්‍යන්තරයේ එක් පැත්තක් එල්ලා වැටෙන රෙදිවලින් සරසා තිබූ අතර පිපාවෙහි සංගීත ශබ්දය රාත්‍රී අඳුර හරහා ගලා ගියේ ය.  උසස් මට්ටම් අනුව ආසන සකස් කර ඇත.  චෙන් යැං ඔවුන් දෙදෙනාම ගෞරවනීය ආසන කරා ගෙන ගියේය.  මෙම මේසයේ අසුන්ගෙන සිටියේ සියලුම උතුම් වංශවලින් පැවත එන අයයි.

පෑන් ලින් දන්නා හඳුනන අයවලුන් කිහිප දෙනෙකු දුටු නමුත් ඔහු ඔවුන්ට ආචාර කළේ නැත.  වාතාවරණය යහපත් නොවන බව දුටු ෆෙයි ෂි වහා මැදිහත්වෙමින් සිටගත්තේ ය.  ඔහු පවසන්න​ට විය, "මේ වැඩිහිටි තරුණ ස්වාමි ෂුඒ නේද? ඇත්තෙන්ම දුර්ලභ දසුනක්!"

ෂුඒ ශ්‍යුයි ෂුඒ ෂ්‍යුජුඕගේ ගේ නීත්‍යානුකූල උපතක් හිමි වැඩිමහල් සහෝදරයා වුවේ ය.  නමුත් මේ පුද්ගලයාට දක්ෂතා හෝ මොළයක් නොතිබූ අතර වසර ගණනාවක් ෂුඒ ෂ්‍යුජුඕ පාගා දමන්නට ඔහුගේ උපත මත පමණක් විශ්වාසය තැබුවේය.4 ඔහු අභිලාෂකාමී මිනිසෙක් වූ අතර දැන් පැන් වංශය පිරිහෙමින් පවතිනු දැකීමෙන් පසු ඔහු පැන් ලින්ටද ශීතල උරහිසක් ලබා දෙන්නට කටයුතු කළේ ය.

ෂුඒ ෂ්‍යුජුඕ ඔහුගේ මත් පැන් බඳුන  පානය කර, "හම්ප්!. එතකොට පුංචි ස්වාමියාට කොහොමද ?"

ෆෙයි ෂි ඔහුගේ විජිණිපතට පහරදී පවසන්නට විය. "මම? නරක නැහැ. වැඩිමහල් තරුණ ස්වාමියා මෑතකදී කළේ මොනවද? විනෝද වෙන්න එළියට යනවා විතරනේ!"

මහත් උඩඟු බවින් යුතුවූ ෂුඒ ෂ්යුයි පවසන්නට විය. "මම කාර්‍ය බහුලයි. මම එකම පිටපත සහිත පොත් කිහිපයක් අධ්‍යයනය කරමින් සිටිනවා."

ෆෙයි ශී සිනහවකින් යුතුව පවසන්නට විය , "අනේ , අනේ. වැඩිමල් තරුණ ස්වාමියා හරිම විශිෂ්ටයෙක් නේ. ඉතිං ඔබට අද කොහොමද වෙලාවක් හොයාගන්න පුළුවන් වුණේ?"

මේ කාලය පුරාවටම  ෂුඒ ෂ්‍යුයි ඔවුන් සමඟ සිටියේ පැන් ලින් දෙස බැලීමත් අපහසුවක් ගෙනදෙන ලෙසිණි. ඔහු කිවෙය., "මට දැනගන්න ලැබුණා යාඕ වෙන්යූ අඟනුවරට පැමිණිලා බව. මම හිතුවේ අද රාත්‍රියේදි මට ඔහුව දැනගන්න ලැබෙයි කියල. ඉතිං මම ආවා. මට ඔහු එක්ක කතා කරන්න කාරණා ටිකක් තියෙනවා."

පැන් ලින් දිගු කලක් තිස්සේ ඔහුව ඉවසා සිටියේ ය. ඔහුගේ මේ ආකල්ප දුටු ඔහු , සමච්චල් සහගත රාවයක් පිටකර පවසන්නට විය."අනිවාර්‍යයෙන්ම එහෙමවෙන්නේ නැහැ. යුඅන්ජෞ ගේ දැනුම උකහාගන්න කැමති පුද්ගලයන් හොංයැන් කඳුවැටියහ් දක්වාම විහිදෙනවා එකිනෙකාගේ ඉගෙනුම් මට්ටම් සහ ජයග්‍රහණ වලට අනුව. වැඩිමහල් තරුණ ස්වාමියා මෙහි එල්ලී බලා සිටියත් තේරුමක් වෙන්නේ නැහැ. තවමත් ඔබේ වාරයෙන් බොහෝ දුරයි! "

ෂ්යූ ෂ්යුයි වඩාත්ම පිළිකුල් කළේ ඔහුගේ දක්ෂතා සහ දැනුම එතරම් නොමැතිකම නිසා අනෙක් අය ඔහුව හෑල්ලු කිරීමයි. ඔහු එක්වරම මත්පැන් බඳුන පහතට කර ශීතල හඬින් පවසන්නට විය, "හොඳයි. මම වටින්නෙ නැතිව ඇති. ඒත් මම මගේ සීමාවන් ගැන හොඳින් දන්නවා. මම දන්නවා මම ගැලපෙන්නේ මොනවගේ දේවල් වලටද කියලා. මම දන්නවා මම මේ තනතුරේ ඉන්න සුදුසුද නැද්ද කියලා!"

ඔහුගේ දෙපැත්ත කැපෙන වදන් සමූහය සමඟ ඔහුද තම දෙපයින් නැගී සිටියේ ය.

ෂුඒ ෂ්‍යුයි ට තිබුණෙ දරුණු වාග් විලාසයකි , පැන් ලින්ගේ රතුව ගිය මුහුණ දුටු ඔහු සමච්චල් කරන්නට විය. කෝපයට පත්වෙනවා වෙනුවට , ඔහු දරුණු වදන් වාග් ප්‍රහාර ලෙස එල්ල කරන්නට විය., "ඒන ඉතිං , චෙංජී, ඇවිත් අසුන්ගන්න. ඇයි? හසුනේ ඉදිකටුවත් තියෙනවද? නෞකාවේ හැමෝම ඔබ දිහා බලාගෙන ඉන්නවා. ඔබ අද රාත්‍රියේ තේජසින් බැබලෙන්නයි යන්නේ. ඔබේ පැන් වංශය ඇත්තටම සිත් ඇදගන්නා සුළුයි, ඔබට කාලයකට කලින් පුතෙක් නොලැබුණා නම්."

පැන් ලින්ගේ පළමු බිරිඳ රෝගාබාධයක් හේතුවෙන් මියගොස් තිබුණා ය. එමෙන්ම ඔහුගේ උපභාර්‍යාවෝද ගැබ් ගැනීම හේතුවෙන් මියගොස් තිබුණ හ. ඔහුට දැනටමත් වයස අවුරුදු තිහකට වැඩි බවත් එකඳු පුත්‍රයෙකු හෝ නොමැතිබවත් දුටු මහළු පැන් ආර්‍යාව බුඳුහුට යාඥා කරමින් ඒ සඳහා බෙහෙත් වට්ටෝරු සෙව්වේ ඔහුට පුත්‍රයෙකු ලැබීම සඳහා ය. 5 ඈ කාන්තාවෝ බොහොමයක් ඔහුගේ කාමරයට කැඳවාගෙන ආවාය., මේ පිළිබද සියල්ල දත් සැවොම ඔහුගේ පිටුපසින් හිඳ හූ හඬ නඟමින් සිටියේ ය.

කෝපය පැන් ලින්ව යටපත් කරනු ලැබුවේය. ෂුඒ ෂ්‍යුයි වෙතට ඇගිල්ල දිගුකරගෙන සිටියේ වෙව්ලමිනි., sඔහු කෙතරම් කෝපයට පත්ව සිටියේද යත් ඔහු සිය හුස්ම වේගයෙන් ඉහල පහල දැම්මෙ ය. "තමුන් , තමුන් ... තමුන් කවුරු කියලද හිතාගෙන ඉන්නේ?! ඔබ තමන්ගේ පොදු උපතක් සහිත සහෝදරයට නිවසේ සියළුම දේවල් සිදුකරන්න දීලා බලාගෙනඉන්නවා. උඹ නිකම්ම නිකම්.... මෝඩ බූරුවෙක් විතරයි!"

ෂුඒ ෂ්‍යුයි මේසයට ගසා නැගිට්ටේ ය, "තෝ කටවහගනින්! තමුන් වංශාධිපතියන්ට අගතියක්! තමුන් ඒක දන්නවා අපතයෝ!"

පැන් ලින්ද ප්‍රතිප්‍රහාර එල්ල කළේය. "තමුනුත් යක්ෂයෙකුට වඩා අන්තයි!"

මධ්‍යයේ සිරවී සිටී ෆෙයි ශී මත්පැන් බඳුනද අතැතිව සිටි අතර මුවෙහි වූ මත්පැන් පිටතට දමන්නට විය.. ඔහු තම දෑස් වසාගෙන කෑ ගැසුවේ ය, "මොන කෙහෙල්මලක් ද?! වැඩිමල් තරුණ ස්වාමිතුමණි , චෙංජී , රණ්ඩු කරන එක නවත්වන්න! ඇයි මේ ලස්සන මොහොත විනාස—"

ෂුඒ ෂ්‍යුයි පැවසුවේ, "මාව ඔහු හා සමාන ගණයට දමන්න එපා. ඔහු වටින්නේ නැහැ. ඔහු මගේ පාවහන් රැගෙන යන්නවත් සුදුසු නැහැ!"

පැන් ලින් ඔහුගේ වම් සහ දකුණ බලා, පසුව තේ කෝප්පය රැගෙන එය කඩා දැමීය.  මේ මුළු මේසයම අවුල් ජාලයකට ඇද දමන ලදී.  ෆෙයි ෂිට ඔවුන්ව නවත්වන්නට නොහැකි වුනා.  ඔවුන් දෙදෙනාම එකිනෙකා සමඟ පැටලී සටන් කරන විට ඔවුන්ගේ අභිමානය ගැන කිසිසේත්ම සැලකිල්ලක් දැක්වූයේ නැත.

ෂුඒ ෂ්‍යුයි වසර පුරා නිවසේ රැඳී සිටියේය.  ඔහු කුඩා හා කෙට්ටු වූ අතර, ඔහු මුෂ්ටි සටන් සහ ප්‍රහාර ඉල්ල කිරීමට දක්ෂ නොවීය.  පසුව, පැන් ලින් විසින් ඔහුව බිමට තල්ලු කර ඔහුගේ ඉණට තදින් පහර දී අවසන් විය.  ඔහු නැවත නැවතත් විලාප නැඟුවේ, "ආයි ආවා!... ඔබ මට ගහන්න විතරයි එඩිතර වෙන්නේ!"

පෑන් ලින්ට කඩා දැමීමට කිසිවක් ඉතිරිව නොතිබූ නිසා, ඔහු තම සපත්තුව ගලවා එය ඔහුගේ මුහුණට ගසා දැමුවේ ය, "මම ඔබට පැරණි ෂුඒ ස්වාමියා වෙනුවෙන් වෙනුවෙන් පාඩමක් උගන්නම්! ඔබ තමන් ගැනම අභිමානයෙන් ඉන්නේ. ඔබේ  ජරා කටට කම්මුල් පාරක් දෙන්නම ඕනේ!"

වටපිටාවෙහි ඝෝෂාවක් ඇති විය.  ෆෙයි ෂී එම සපත්තුව මඟ හැරියේ ය, "රණ්ඩුව නවත්වන්න! ඉක්මන් කරන්න, නවත්වන්න! සේවකයිනි, මිනිසුනී!"

ෂ්‍යාඕ චියේ තිරය ඔසවා ඇතුළු වූ අතර ඔහුගේ ප්‍රකාශය බරපතල විය.  චෙන් යැං ඔවුන්ව නැවැත්වීමට ආරක්ෂකයින් ඉදිරියට ගෙන ගොස් දෙදෙනාම වෙන් කළේය.

ෂුඒ ෂ්‍යුයි ගේ මුහුණේ රතු ලප එනතුරු පහර දී තිබුණි.  ඔහු තම මුහුණ වසාගෙන කකුල දිගු කළේ පෑන් ලින්ට පයින් ගැසීමට අවශ්‍යවය.  ගෙල මිරිකමින් ඔහු ද්වේශ සහගත ලෙස කෙළ ගැසුවේය, "මෙික තාම ඉවර නෑ. මේක ඉවර නෑ!"

පැන් ලින් ගේ තත්වය ඇත්තෙන්ම කණගාටුදායක දසුනක් විය.  ඔහු දැන් පියවි සිහියට පැමිණ ඇත;  ඔහු කිසිවිටෙකත් ප්‍රසිද්ධියේ විකටයෙකු වෙන්නට බලාපොරොත්තු වූයේ නැත.  ඔහු දෙස බලා සිටින සියලු දෑස් මගහැර ඔහු තම දුක්ඛිත තත්වය විඳදරා ගනිමින් ඔහු අධිෂ්ඨානශීලීව පැවසුවේ ය, "පෑන් චෙංජී නම් මම අනාගතයේදී කුසගින්නෙන් මිය ගියත්, මම කිසි විටෙකත් ඔබ මෙන් එකම මේසයක වාඩි වෙන්නෙ නැහැ, ෂුඒ ෂ්‍යුයි! එහෙම වුනත්!  අපේ දන්චෙං හි පැන් වංශය මිය යන්න නියමිතයි, මම කිසි විටෙකත් ඔබේ ෂුඒ වංශයෙන් උදව් ඉල්ලන්නේ නැහැ!"

ඒ සමඟම පෑන් ලින් සපත්තුව බිමට විසි කළේය.  ඔහු හිස එසවූ නමුත් කිසිවෙකු දෙස නොබලා, ඔහුගේ  ළයට ඉදිරියෙන් තම දෑත් ෂ්‍යාඕ චීයෙ වෙත පා අාචාරය සිදු කළේය.

"මම, පැන් චෙංජී, ස්වාමිතුමාගේ විනෝදෝත්වය කඩාකප්පල් කිරිම වෙනුවෙන් ස්වාමියට වන්දි ගෙවන්නෙම්! ඒ වගේම පැන් චෙංජී, මම අද රාත්‍රියේ මම කඩා දැමූ සියලුම දේවල් සඳහා දෙගුණයක් ඔබට ආපසු ගෙවන්නෙම්! ඒ විතරක් නෙමෙයි, පැන් චෙංජී, මේ මුළු කයිලිං ගංගාව ඔබතුමාට විනෝද වෙන්න අරගන්නම්! උතුමාණෙනි, මම මගේ පිටත්වීම සිදු කරන්නම්! මම සමාව අයැදින්න වෙනත් දවසක ඔබ වෙත එන්නම්!"

ඔහු අනෙක් පාවහන ද ගලවා දැමුවේය.  එලෙසම, ඔහු තම පිරිසිදු මේස් වලින් බිම ඇති අවුල්සහලත ජාලයෙන් මිදී යමිල්, පිටතට යාම සදහා ෆෙයි ෂි ව ද පසෙකට තල්ලු කළේය.

"ගෞරවනීය උතුමාණෙනි, කරුණාකර රැඳී සිටින්න."  ෂ්‍යාඕ චියේ නොසන්සුන් ස්වරයෙන් කීවේය.  "චෙන් යැං, උප අමාත්‍යවරයාව  මුලින්ම වස්‍ත්‍ර මාරු කරවන්න ගෙනියන්න."

ෆෙයි ෂි ඉක්මනින් පැවසුවේ ය, "හරි, හරි, චෙංෂි! අපි මුලින්ම ඔබේ ඇඳුම් මාරු කරගෙන ඉමු!"

සියල්ල අවසන් වූ විට, පැන් ලින්, උදාර වංශික තරුණ ස්වාමියෙක් විය.  එපමණක්ද නොව, ඔහු රාජකීය අධිකරණයේ බලයලත් නිලධාරියෙකි.  ඔහුට දැඩි ලෙස කතා කිරීමට සිදු විය, නමුත් ඔහුට ඇත්තටම මෙම තත්වය තුළ වීදිවල ඇවිදීමට සිදුවුවහොත්, ඔහුව මරා දැමීම වඩා හොඳය.  එබැවින්, චෙන් යැං සහ ෆෙයි ෂි ඔහුගෙන් ඉල්ලා සිටීමත් සමඟ, ඔහු පසුබට වී ඔවුන් සමඟ ගියේය.

"වැඩිමහල් තරුණ ස්වාමියා."  ෂ්‍යාඕ චියේ ගු ජින්ට කතා කිරීම සඳහා ඇඟිල්ලක් එසවීය.  "ඔබට පස්සේ " ඔහු අතින් සංඥා කළේ ය.


අරුත් පැහැදිලි කිරීම

1.) සමාජයේ රුදු බව සහ කුහක බව, එනම්, මිනිසුන් තුළ ඔබට යහපත්ද නැද්ද යන්න ඔබේ සාර්ථකත්වය සහ තත්ත්වය මත රඳා පවතී.

2.) එදා දරුවන් වර්ගීකරණය කළේ ඔවුන් ප්‍රධාන භාර්යාවට දාව උපන් දරුවෙක් ද, උපභාර්යාවන් ද යන්න අනුව ය.  නීත්‍යානුකූල භාර්යාට නීත්‍යානුකූල පුතෙකු උපත ලබන්නේ ය. (මෙය පවුල තුළ නිල වශයෙන් විවාහ වී ඇති බිරිඳ, ප්‍රධාන බිරිඳ ලෙසද හැඳින්වේ).  නීත්‍යානුකූල බිරිඳගේ වැඩිමලා වීම ඔහු නීත්‍යානුකූල උරුමක්කාරයා බවට පත් කළේය.  උපභාර්යාවන් විසින් උපදින අනෙකුත් සාමාන්‍ය පුතුන් හා සසඳන විට ඔවුන්ට උසස් සමාජ තත්වයක් ද බොහෝ විට ලැබුණි.  මෙය නවකතාවේ පුනරාවර්තන තේමාවක් වන බැවින් මෙය මතක තබා ගැනීම ඔබට පහස් වනු ඇත.

3.) ඒ දිනවල දූවරුන්ට වඩා පුතුන්ව අගය කළා, විශේෂයෙන්ම පවුල් ජීවිතය කරගෙන යාමේදි.  පුතෙකු නොමැති අය (එමගින් ඔවුන්ගේ පවුල් පරම්පරාව අවසන් වේ) අනුකම්පා විරහිත අය ලෙස සලකනු ලැබූ අතර, ඒ දිනවල පුතුයෙකුට උපත දීම මහඟු කාර්යයක් ලෙස සැළකුණි.

Credite Goes To Artist


"ඔබට පස්සේ " ඔහු අතින් සංඥා කළේ ය

අරුත් පැහැදිලි කිරීම

1.) සමාජයේ රුදු බව සහ කුහක බව, එනම්, මිනිසුන් තුළ ඔබට යහපත්ද නැද්ද යන්න ඔබේ සාර්ථකත්වය සහ තත්ත්වය මත රඳා පවතී.

2.) එදා දරුවන් වර්ගීකරණය කළේ ඔවුන් ප්‍රධාන භාර්යාවට දාව උපන් දරුවෙක් ද, උපභාර්යාවන් ද යන්න අනුව ය.  නීත්‍යානුකූල භාර්යාට නීත්‍යානුකූල පුතෙකු උපත ලබන්නේ ය. (මෙය පවුල තුළ නිල වශයෙන් විවාහ වී ඇති බිරිඳ, ප්‍රධාන බිරිඳ ලෙසද හැඳින්වේ).  නීත්‍යානුකූල බිරිඳගේ වැඩිමලා වීම ඔහු නීත්‍යානුකූල උරුමක්කාරයා බවට පත් කළේය.  උපභාර්යාවන් විසින් උපදින අනෙකුත් සාමාන්‍ය පුතුන් හා සසඳන විට ඔවුන්ට උසස් සමාජ තත්වයක් ද බොහෝ විට ලැබුණි.  මෙය නවකතාවේ පුනරාවර්තන තේමාවක් වන බැවින් මෙය මතක තබා ගැනීම ඔබට පහස් වනු ඇත.

3.) ඒ දිනවල දූවරුන්ට වඩා පුතුන්ව අගය කළා, විශේෂයෙන්ම පවුල් ජීවිතය කරගෙන යාමේදි.  පුතෙකු නොමැති අය (එමගින් ඔවුන්ගේ පවුල් පරම්පරාව අවසන් වේ) අනුකම්පා විරහිත අය ලෙස සලකනු ලැබූ අතර, ඒ දිනවල පුතුයෙකුට උපත දීම මහඟු කාර්යයක් ලෙස සැළකුණි.

පුතෙකු නොමැති අය (එමගින් ඔවුන්ගේ පවුල් පරම්පරාව අවසන් වේ) අනුකම්පා විරහිත අය ලෙස සලකනු ලැබූ අතර, ඒ දිනවල පුතුයෙකුට උපත දීම මහඟු කාර්යයක් ලෙස සැළකුණි

Credite Goes To Artist

Comments

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-