චන්ද්‍ර වර්ෂයේ දෙවන මාසයේ මල්බෙරි හා හණ වර්ග සිටුවීම තීරණාත්මක විය. විවිධ ප්‍රදේශ තම වාර්ථා ඉදිරිපත් කිරීමෙහිලා යුහුසුළු වූ අතර ආදායම් අමාත්‍යංශයට වියදම් වෙන් කරන්නට බල කළෝ ය. වොවැදගත් වාර්ථා කඳු ගොඩගැසීමත් සමඟ විවිධ දෙපාර්ථමෙන්තු තුළ හුස්ම ගන්නටවත් නොහැකි තරමේ වාතාවරණයක් ඇති වූයේ ය. ලී ජ්‍යන්හෙං ත්‍යාග සහ ප්‍රධානයන් ලබා දුන් අතර , ෂ්‍යාඕ චීයේ ට දිංදු හී වංශාධිපති තනතුරට උසස් කරන ලදී. මේ අතර, ශෙන් ස'චුආන්ට එක් ශ්‍රේණියක් මඟ හැර තුන්වන ශ්‍රේණියේ උප හමුදාපති ලෙස උසස්වීමක් හිමි විය. ඔහු ඒ සමගාමීව උතුරු විනිසුරුවරයාගේ අමාත්‍යධුරය ද භාරගෙන රාජකීය බන්ධනාගාරය ද හොබවන්නට පටන් ගත්තේ ය.
මහා ලේකම් කාර්යාලය මුලදි මෙයට විරෝධය පෑවද, නිර්දේශයන් සඳහා ශක්තිමත් නඬුවක් සෙන් යූ විසින් ඉදිරිපත් කරනු ලැබුවේ ය. හායි ලියැංයීද වසංගතය හමුවේ ශෙන් ස'චුආන් තුළ නව අාලෝකයක් දුටු හෙයින් එයට එකගත්වය පළකල නිසා , එය ක්‍රියාවට නංවනු ලැබ තිබිණ.
ෂ්‍යාඕ චීයේ ඒ කුණ්ඩලාභරණ ඇසුරුම තමා සමඟ ගෙන ගිය නමුත් ඔහුට කිසිම අවස්ථාවක ශෙන් ස'ච්ආන් වෙතට දිව යන්නට අවස්ථාවක් ලැබුණේ නැත. ශෙන් ස'චුආන් රාජකීය බන්ධනාගාරය පුරා ගමන් කරමින් සිටි අතර නව වසරට පෙර එක්රුස්වී තිබූ නඬු සියල්ලෙහිම ගැඹුරට යන්නටද ඔහුට සිදු විය. ඔහුගේ කාර්යබහුලත්වය හේතුවෙන් නින්දත් ආහාර වේලුත් මඟහැරී යන්නට විය. අනෙක් පසින් ,ඔහු ච්‍යාඕ ත්‍යැන්යා ලවා ෂී හොංංෂුආන් පරික්ෂා කරවන්නට සිදුවී තිබුණ අතර චී හුයිලියන් සහ ජී ගැන ආපසු රුගෙන ඒමට ක්‍රමයක් සිතන්නටත් හේ යුහුසුළු වූයේ ය.
කුඩා ලිහිණියෝ වහලයේ බාල්ක මතට බිජු වට්ටා දමමින් ඝෝෂා ඇති කළ අතර , හඬන විලෝ ගස් වල ළපටි අංකුර මතු ව ආයේ ය. දින කිහිපයක් පුරාවටම කාලගුණය පැහැදිලි සහ අව්ව පැවති බැවින් ක්‍රමක්‍රමයෙන් චූදු තුළ වූ දිලෙන බිතු සහ කොළ පැහැති ඔප දැමූ උළු දර්ශණය වන්නට පටන්ගත්තේ ය. වසන්ත වර්ෂාව බාධාවකින් තොරව ඇද හැලෙන දිනයක සෙන් යූ උත්සවයක් පැවැත්වූ අතර නවතම සිදුවීමෙන් පසු මිතුරන් කිහිප දෙනෙකුට ආරාධනා කළේය. හායි ලියැංයී පෞද්ගලික භෝජන සංග්‍රහවලට සහභාගී වූ අයෙක් නොවූ අතර, ඔහු තවමත් ඔහුගේ අසනීපයෙන් සුවය ලබා නොතිබූ නිසා ඔහු මංගල්‍යයට සහභාගී නොවීය.
ශෙන් ස'චුඈන් එහි පැමිණෙන විටත් බොහෝ පමාවි තිබුණි. හේ කෙලින්ම පියමැන්නේ ප්‍රධාන ශාලාව වෙතටය. ඔහු තිර රෙදි විවර කරද්දී , ඔහුට තමාට හුරුපුරුදු මුහුණු රාශියක් හිමි අමාත්‍යවරුන් පිරිසක් දකින්නට ලැබුණේ ය.
හන් චෙං , කොං ච්‍යු සහ සෙන් යූ එක් මේසයකත් සිටි අතර ෂ්‍යාඕ චීයේ ඒ වන විටත් තමාගේ තුන්වන මත්පැන් වටය පානය කරමින් සිටි අතර, ඔහු යූ ෂ්‍යාඕසායි ගේ ශරීරයට අත ගසාගෙන සවන්දෙමින් සිටියේ ය - ඔහු තමාගේ ආසනයට පහළින් සිටි - වැදගත් අමාත්‍යවරුන් පිරි මුළු ශාලාවටම විහිළු සපයමින් සිටියේ ය.
ශෙන් ස'චුආන් ඇකුළුවුන මොාහාතේදෘ, යූ ෂ්‍යාඕසායි ඉක්මනින් ම ඔහුගේ ආචාරය දක්වමින් ඔහුව පිළිගත්තේ ය. "ඔබතුමා ප්‍රමාද වෙලා. ඉක්මන් කරලා පැමිණ ඉහළ අසුනකින් අසුගන්ගන්න."
ශෙන් ස'චුආන් තමාගේ සළුව උනා අතට ගෙන සිනහවකින් යුතුව පවසන්නට විය, "රාජකීය බන්ධනාගාරය තුළ සිදු කරන්න කාර්යයන් බොහොමක් තියෙනවා, ඉතිං ඒ නිසා ගෞරවනීය උතුමන්ලාගෙන් මාව ඉවසා සිටින්න කියලා ඉල්ලන්න මම කැමතියි. මම පහළහසුනක ඉදගන්නම්."
සෙන් යූ නැගී සිට ඔහු වෙතට හස්තය දිගු කඵේ ය, හේ පවසන්නට විය, " පොදු භෝජන සංග්‍රහ වලදී භාවිතා වෙන ආචාර විධි පෞද්ගලික භෝජන සංග්‍රහයකදි භාවිතා කරන්නේ නැහැ. ඔබ මෙහි පැමිණියාට පස්සේ, අපි මෙහි වයස්භේදය නොතකා මිතුරන් ලෙස සළකනවා. ඉතිං ඇයි ඔබ සංග්‍රහයට නොඑන්නේ? වැඩිහිටි හන්, ඔබ ඔහුට පවසන්නකෝ!"
හන් චෙං පවසන්නට විය, "ඒක ඔහු කියූ විදිහම තමයි. ලන්ජෙී, ඉහළට ඇවිත් මෙතැන ඉඳගන්න. අද වංශාධිපති ඇසුරේ සිටීමේ ගෞරවය හිමිවන්නේ වයසක වැඩකට නැති අපි කිහිප දෙනෙකුටයි. ස්වාමියාණෙනි , ඔබ අපි වෙනුවෙන් තමාවම පහතට දමාගෙන බව පවසන්නටම ඕනේ!"
"අණදෙන නිළදාරි තුමනි, ඔබ ඇත්තටම කරන්නෙ මාව පහත හෙළන එක." පෙනෙන හැටියට ෂ්‍යාඕ චීයේ මඳක් මත්ව ඇත. ඔහු ශෙන් ස'චුආන් දෙස නොබලාම සිනහවක් පෑවේ ය. "මෙතැනට ඇවිත් ඉන්නේ ගෞරවනීය වැඩිහිටියෙක් නෙමෙයි ද? අනාගතයේදී උපදෙස් සඳහා මට තවමත් ඔබ සියලු දෙනාගේම උපකාර වෙනුවෙන් බලා ඉන්න සිදුවේවි."
ශෙන් ස'චුආන් ඒ වන විටත් ඔහුගේ ආසනය මත අසුන්ගෙන සිටි අතර, ෂ්‍යාඕ චියේ සිටි මේසය හරහා මඳක් දුරින් හිදි ඔහු දෙපා දිගු කළහොත් ඔහුට දෙවන ස්ථානයට ළඟා වෙන්නට හැකියාව තිබින. දෙදෙනාම එකිනෙකා දෙස බැලුවේවත් අනෙකාට ආචාර කළේවත් නැත. කොං ච්‍යු ඔවුන් දෙපස බලා සිනහවකින් යුතුව පවසන්නට විය. " මට හුඟ කාලයකට කළින් ඔබ දෙදෙනාම එකිනෙකා සමඟ හරක් මාංශ අනුභව කළ බව දැනගන්න ලැබුණා. ඔබ එකිනෙකා හමුවීම ගැන වචනයක්වත් නොපවසන්නේ ඇයි? ඔබ මේ පැවරුමේ දී එකට වැඩ කළා , එය මට හොඳින් පෙනෙන්නට තියෙනවා. ඉතින් ඇයි තාමත් ඒ අතීත අමනාපකම් හිතට ගන්නෙ?"
"මම එය දකින විදිහට , ඔබ දෙදෙනාම තරුණ සහ අපේක්ෂා සහිත අය වගේම ඔබ එකිනෙකා හා කාර්‍යයන් කරද්දි එකිනෙකාගෙ වගකීම් පැහැර හැරියෙත් නැහැ. ඉතිං ඇයි ඔබ සිනහවක් සමඟ හිස් වැස්ම ගලවා නොදමන්නේ' සෙන් යූ කතා කරන අතරවාරයේ තම දෑත් එසැවූයේය. "රාජකීය ආරක්ෂකයනුත් රාජකීය හමුදාවත් එකිනේකා ගැන අන්‍යෝන්‍ය වශයෙන් සොයා බලන්න ඕනේ. අනාඅගතයේදී ඔබලා දෙන්නටම එකට වැඩ කරන්න ඕනෑතරම් අවස්ථා උදා වේවි. ස්වාමීවරුණි , ඔබ මොනවද හිතන්නේ ? එහෙම කරනවද?"
ෂ්‍යාඕ චීයෙ අලස ලෙස ශෙන් ස'චුආන් දෙස බැලුවේ ය. ඔහුගේ බැල්ම වටහා ගැනීමට අපහසු විය.. ඔහු පැවසුවේ මෙපමණකි. "මට අනුව එහෙම නොවුනොත් කොහොමද? ගෞරවණීය විනිසුරුවරයාගේ සිනහව වෙනුවෙන් මට කළ නොහැකි දේවල් මොනවද? මේ වතාවේ මම ඒ උත්තමයාට නිසි විදිහට ගෞරව කරන්න ඕනේ නේද."
"මම ඔබතුමාට කිසිම දවසක සිනහවකින් තොරව ආචාර කරලා තියෙනවද?" ශෙන් ස'චුආන් මධුවිත බඳුන ස්පර්ශ කළේ ය. "මට අතීතය අමතකවෙලා හුඟ කාලයක්වෙනවා. ඒ මීට කලින් අවස්ථාවක් නොලැබුණු නිසා නේද? එහෙම නේ?"
ෂ්‍යාඕ චියේ සමඟ වැඩිමනක් මධුවිත පානය කර තිබුණේ හැන් චෙං ය. මෙය දුටු ඔහු තමන්ගේ ආහාරකූරු ගෙන ආහාර තෝරන අතරේ පවසන්නට විය. "එහෙමනම් , මත්පැන් ටිකක් පානය කරමු. වංශාධිපති තුමනි, කරුණාකරලා මට අනුග්‍රහය ලබා දෙන්න!"
මේ මුළු කාලය පුරාවටම අසුන් නොගත් යූ ෂ්‍යාඕසායි , ඉක්මනින්ම ඔවුන් දෙදෙනාගේ බඳුන් වලට මත්පැන් පුරවාලූයේ ය. ෂළුාඕ චීයේ ඔහුගේ මත්පැන් බඳුන දෑතින්ම අල්ලා ගනිමින් නොගී නොසිටිමින් පවසන්නට විය. "එහෙමනම්, සව්දිය පුරමු."
ඔවුන්ගේ නිළ ශ්‍රෙණි යටතේ, ෂ්‍යාඕ චීයේ නැගී සිටින්න අවශ්‍ය නොවන බව සත්‍යකි. ශෙන් ස'චුආන් නැගී සිට , තම මත්පැන් බදුන ඔසවද්දී ඔහුගේ අස්ථිමය හස්තය පිටතට නිරාවරණය විය.
ෂ්‍යාඕ චීයේ හදිස්සියේම පවසන්නට විය, "මේ මත්පැන් පැරණි අමනාපකම් නිරාකරණය කරවන්න නම්, එහෙමනම් එය නිසැකවම සාමාන්‍ය ආකාරයට පානය කරන්න බැහැ. විනිසුරුතුමනී , විවාහ මධුවිත හුවමාරුවක් ගැන කොහොමද?"(1)
හැන් චෙං වහා සිනහ හඬ නැගුවේ ය. හේ ෂ්‍යාඕ චීයේ වෙතට ඇගිල්ලක් දිඟු කර හිස සොළවමින් හා සුසුම්ලමින් පවසන්නට විය, "උතුමාණෙනි, ඔබ වෙනුවෙන් එය සදාචාර විරෝධී වෙනවා නේද. ඇයි ඔබ ලන්ජෞව එවැනි තනතුරක තබන්නේ?"
"එය ඔහුව තනතුරකට පත්කරනවා වගේ පෙනෙන්නෙ කොහොම ද?" ෂ්‍යාඕ චීයේ පැවසුවේ ය, "මට ඔහුට ආදරයට කරන්නත් අවංක වෙන්නත් පටන් ගන්න බැරිද. අප මේ හැමදේම සිදු කරන්නේ අධිෂ්ඨානශීලිත්වයේ හැගීමෙන් නෙමෙයි ද?"
ෂ්‍යාඕ චීයේගේ කෝපය පිළිබඳ දැනසිටි සෙන් යූ සිතුවේ ඔහු තවමත් චොංබෞ කෙරෙහි එදිරිවාදි කමින් යුතුව සිටින බවත් ඔහු සිකා මතාම ශෙන් ස'චුආන්ට සේවල් අපහසු කරවන බවත් ය. ඔහු ෂ්‍යාඕ චීයේව අධෛර්යමත් කිරීමට කතා කිරීමට සූදානම් වූවා සේම, ශෙන් ස'චුආන් ද සිනාසුණේය.
"ඇත්තෙන්ම." ශෙන් ස'චුආන් පැවසීය. "උතුමාණන් පවසන ආකාරයටම අපි සිදු කරමු."
ශෙන් ස'චුආන් මත්පැන් බඳුන ගෙන ඉදිරියට නැමී ය, ෂ්‍යාඕ චීයේ ට ඔහුගේ ලිහිල් වූ කරපටි දැකගත හැකි විය. දෙදෙනාගේම දෑත් එකිනෙක බැදී තිබුණි. ශෙන් ස'චුආන් මත්පැන් පානය කරද්දි ඔහුගේ උගුරු ඇටය චලනය විය. ඔහුගේ උගුර හරහා මත්පැන් ගලා වයද්දී ඒ හාම ෂ්‍යාඕ චීයේගේද බැල්මදඒ හඹා ගියේ ය.
ෂ්‍යාඕ චීයේ පානය කළේ ඉතා සෙමිනි. ඔහු මත්පැන් හුව තුල තබාගෙන සිටි අතර ඔහුගේ බැප්ම කිසි විටෙකත් ශෙන් ස'චුආන්ගේ දර්ශනය මඟ නොහැරියේ ය. ඔහුගේ හස්තය ශෙන් ස'චුආන්ගේ වටා බැඳුණු සෑම අවස්ථාවකම, ශෙන් ස'චුආන්ට ඔහුගේ ශක්තිමත් බව පැහැදිලිව දැනෙන්නට විය.
ෂ්‍යාඕ චීයේ මත්පැන් පානය කර අවසන සිනහවක් පිට කළ බවක් පෙනෙන්නට තිබුණත් එය කිසිවෙකුට ඇසුණේ නැත. ශෙන් ස'චුආන් පමණක් ඔහු දෙස බැලීමට ඔහුගේ දෑස් පහතට හෙළුවේ ය. ඔහුගේ බැල්ම නිර්ව්‍යාජ වූ අතර භයානක වූ ආශාවකින් පිරී තිබුණේ ය.
ශෙන් ස'චුආන් ඔහුගේ අත උදුරා ගෙන පිටුපසින් හිඳගත්තේ ඔහුගේ පිටුපස දහඩියෙන් තෙත් වෙද්දී ය. ෂ්‍යාඕ චීයේ නැවතත් දෑත් ඔසවා සංවාදයට සවන් දීමට හිස නමද්දී නොසැලකිලිමත් ලෙස පෙනුණේ ය.
සෙන් යූ පවසන්නට විය "වසන්ත සී සෑමෙන් පස්සේ, ඊළඟට වසන්ත විභාගය පැවැත්වේ වි. (2.) මේ වසරෙදි රාජකීය සිප්හලට නවක සිසුන් බඳවගන්න අවශ්‍යයි. පේන හැටියට ඒක ආදායම් අමාත්‍යංශයට තවත් කරදරයක් වෙවා සිකුරුයි."
කොං ච්‍යු සිනහවක් නගා පැවසුවේ ය, "එතකොට වෙයි හුඅයිගූට කොහොම දැනෙයි ද? ඔහු තමයි මුදල් භාරකරු! ඔහු ඒවා ගණනය කරන්න ඕනේ. ආරම්භයේ ඉදන්ම , මේ සියල්ලම සුපුරුදු විදිහට සකස් කරලා තියන්න ඕනේ. ඔහු එසේ කරන්න මේ වන තෙක් බලා ඉන්නවා නම් එය දැනටමත් රාජකාරි පැහැර හැරීමක් විදිහට සලකනවා."
"ඔහු මුදල් භාරකරුවා, ඔබ අපායේ ජීවමාන රජු!" හැන් චෙං ඔහුගේ ආහාරකූරු පසෙක තැබුවේය. මත්පැන් සහ ආහාර වේල පුරවාගත් ඔහු පැවසුවේ ය. "චෙංබෞ දැනටමත් පවතින්නේ ඒ වගේ අන්තරාදායක තත්වයකට පත්වෙලා , අධිකරණ අමාත්‍යාංශයට ඉදිරිපත් කළ නඩු ප්‍රමාණය ගවයෙකුගේ හිසකෙස් ප්‍රමාණයට වඩා වැඩියි වගේම ගණනය කරන්නත් අපහසුයි. එහි තත්ත්වය භාර ගන්න යමෙකු පිටත් කරන්න ප්‍රමාද කරන්න අවශ්‍ය වෙන්නෙ නැහැ, එහෙම නේ ද? "
"මම හිතන්නේ ලේකම් කාර්යාලයේ වැඩිහිටියා යවන්නේ කුමන පුද්ගලයාද කියලා කල්පනා කරනවා." සෙන් යූ විලාප තැබුවේ ය. "ලන්ජෞ නිල වශයෙන් මධ්‍යම පරිපාලනයට සම්බන්ධ වන්නේ නම්, ඔහුට මේ වතාවේ අවස්ථාවක් ලැබෙන්න පුළුවන්."
උෂ්ණත්වය සහ මත්පැන් වල බලපෑම නිසා ශෙන් ස'චුආව් ගේ මුහුණ මදක් රත්පැහැ ගත්තේ ය, ඔහු පැවසුවේ ය, "මට බැහැ. ඔහු කිව්වා, "මට බැහැ. මට අගනුවරෙන් පිට කාර්යයන් පැවරීමට තරම් සුදුසුකම් සහ පළපුරුද්දක් නැහැ. මට නොසන්සුන්තාව සමනය කරන්න නොහැකි වේවි. "
"තව අත්දැකීම් ලබා ගන්න එය හොඳ දෙයක් වේවි." හැන් චෙං උනන්දු සහගතව පැවතුවේ ය, "පවසන්නේ අගනුවර නිළඳරයන් කපටීන් බවයි. එහෙත් ප්‍රාග්ධන නිලධාරීන් ප්‍රාදේශීය නිලධාරීන් මෙන් ලිස්සන සුළු හා කපටි වෙන්නේ කොහොමද? මීට වසර කිහිපයකට කලින්, මම ප්‍රධාන නිරීක්ෂණ කාර්යාංශය සමඟ ගිණුම් පරීක්ෂා කරන්න ගියා , ඒ සියලු 'ප්‍රාග්ධන ස්වාමිවරුන්' සහ 'පරණ ස්වාමිවරුන්' සියල්ලෝම ඉතා කපටියෝ සහ නීචයෝ! ඔවුන්ගේ නිවාසවල ගිණුම් පොත් සියල්ලේම පිටපත් දෙකක් තිබුණා. ඔබ, සෙන් ෂුන්යී ගියත්, ඔබට සැබෑ ගිණුම් ව්‍යාජ ගිණුම් වලින් වෙන්කර හඳුනා ගන්න නොහැකි වේවි. සෑම වසරකම, රාජකීය දූතයා පහතට වැටෙන විට, ක්‍රියාකාරකම්වල විශාල කලබලයක් ඇති වෙනවා. ඔවුන් එන බව කලින්ම දැනසිටි ඔවුන්, ඔබ පැමිණීමට පෙර ඔවුන්ගේ ප්‍රදේශවල සිටින සියලුම විපත්තිවලට ගොදුරු වූවන් සහ සරණාගතයින් ඔබ දැකීමෙන් වළක්වා ගන්න පලවා හරීවි. ඇගයීම්වලදී ඔබ නිත දකින 'භූමියෙහි බඩගින්නක් නැත' යැයි බවසන්නේ මේකටයි. ඔබ පැමිණි පසු, ඔවුන් භෝජන සංග්‍රහයක් පවත්වාවි, මත්පැන් වලින් ඔබව ගිල්වා දමන්න හේතු සොයා බලාවි. ඔබ දිවා කාලය වන තුරු පානය කරනවා, පසුව රාත්‍රිය වන තුරු නිදනවා. ඔබට ප්‍රාන්ත යමෙන් වලින් පිටතට යන්න පවා නොහැකි වන තරමට ඔබ බීමත්ව සිටීවි. එසේනම් ගිණුම් පරීක්ෂා කරන්න ඔබට තවමත් ශක්තියක් තියේවි ද? කාලය අවසන් ව ගොස් තිබුණත් රිදී සාක්කුවල ඇති නිසා, ඇගයීම කැපී පෙනෙන ලෙස සලකුණු කරාවි. ඉන්පසු ඔහු පානය කරන්න ඊලඟ තිප්පොලට යාවි. එය තමයි සොයාබැලීමේ අවසානය විදිහට සලකන ස්ථානය."
"නමුත් තවමත් ඔවුන්ගේ රැකියාව කරන අය ඉන්නවා. ඔබට ඔවුන් සියල්ල එකම බුරුසුවකින් විනාශ කරන්න බැහැ."ඒ සමගම සෙන් යූ නැවතත් සුසුම් හෙළුවේ ය. "මීට වසර කිහිපයකට පෙර ෂුඒ ෂ්‍යුජුඕ පහළට යද්දී, ඔහු දකින්න ම ඕ පුද්ගලයෙක් බවට පත් වුනා. ජුඒෂි වල නගර දහතුනෙහි සියලුම ගිණුම් එකදු දෝෂයකින් තොරව පරිපූර්ණ විදිහට පිළිවෙළකට සකස් කර තිබුණා. මම මුලින් හිතුවේ ඔහුව ආදායම් අමාත්‍යාංශයට පත් කරයි කියලා. නමුත් ඒ වෙනුවට ලේකම් කාර්යාලයේ වැඩිහිටියා ඔහුව අධිකරණ සමාලෝචන අධිකරණයට මාරු කරාවි කියලා අපේක්ෂා කළේ කවුද?
"වෙයි හුඅයිගුගේ යටත් නිලධාරියා විදිහට ඔහුට ඕනෑම තැනකට යන්න පුළුවන් නේද?" කොං ච්‍යු අසුනට හේත්තු විය. "ආදායම් අමාත්‍යාංශයේ වත්මන් උප ඇමැතිවරයා ඉන්නේ නමට විතරයි. වෙයි හුඅයිගූ පමණක් පහර කාගෙන තනිවම මූල්‍ය කටයුතුවල සමස්ත කළමනාකාරිත්වයේ අවසාන ප්‍රකාශය දරනවා. ඔහු කොයි තරම් ඉහලට ගියත් එය ප්‍රමාණවත් වෙන්නෙ නැහැ. ලේකම් කාර්යාලයේ වැඩිහිටියට ඔහුව ඔප දැමීමේ අරමුණක් තියෙනවා. ඔහු අනාගතයේදී විශාල දේවල් අත්කර ගන්න අදහස් කරනවා."
කොං ච්‍යුට කිසිවිටක වෙයි හුඅයිගූ සහ පැන් ෂියන්ජිඒ අතර කිදසිදු අයුරක සමාජීය ගනුදෙනුවක් නොතිබුණි. ඔහු මතුපිටින් පමණක් ඔවුන් සමඟ මිත්‍ර වූ නමුත් ගැඹුරින් ඔවුන්ගෙන් විරසක වූ බව කවුරුත් දන්නා කරුණකි. එබැවින් ඔහු හැන් චෙං ඉදිරියේ කතා කරන්නට බිය නොවීය.
හැන් චෙං මහ හඬින් සිනහවෙන්නට විය, "පෞද්ගලික උත්සවයකදි රාජ්‍ය කටයුතු සාකච්ඡා කරන්න එපා! මේක අමතක කරන්නේ කොහොමද? පැරණි කොං, ඔබට දඬුවම් කරන්න වෙනවා!
ඔවුන් තම තමන්ගේ ආහාර වේල් අවසන් වී ඇති බව සිතූ සෙන් යූ පවසන්නට යිය, "යෞජින් (3) දින කිහිපයකට පෙර ආපසු පැමිණියම, ඔහු මට ක්‍රීඩාවක් ගැන පැවසුවා. තවමන් වේලාසන වැඩි මට හිතෙනවා, ඒ නිසා අපි ඒක උත්සාහ නොකරන්නේ ඇයි? යෞජිං, ඔය පත්‍රිකා ටික පිටතට ගන්න."
යූ ෂ්‍යාඕසායි ලී පෙට්ටියක් ගෙන, කැටයම් කළ කුඩා ලී පත්‍රිකාපත් පිටතට ගන්නට විය, "මේ නිහතමානී යටත් නිලධාරියා යොංයී වරාය අධීක්ෂණය සහ පරීක්ෂාව සඳහා ගිය විට අනෙක් අය සෙල්ලම් කරනවා දුටු දෙයක් - පත්‍රිකා ගලපා යුගල කරන්නයි තිබෙන්නේ. ගෞරවනීය උතුමනී, එය සිදු කරමු ද?
හැන් චෙං ෂ්‍යාඕ චියේට පැවසුවේ ය, "මම මේවගේ සාහිත්‍යමය ක්‍රීඩා කිරීමට දක්ෂ නැහැ. ස්වාමීනි, මට මඟපෙන්වීමක් බලා දෙනවනම් හොඳයි නේද?
ෂ්‍යාඕ චීයේ ඔහුගේ මත්පැන් බඳුන පානය කරමින් පවසන්නට විය "ඇයි හමුදාපතිවරයා මම ගැන , ෂ්‍යාඕ ස'අන් ගැන එතරම් ඉහළින් සිතන්නේ? මම පොත්පත් කියවන පුද්ගලයෙක් වගේ පේනවද?"
"ඒ විනෝදය සදහා පමණයි. අපි එය සමග පමණක් සිදු කරමු. යෞජිං, පත්‍රිකාපත් බෙදා දෙන්න!"
යූ ෂ්‍යාඕසායි ඔවුන් තිදෙනාට පත්‍රිකාවන් ලබා දුන්නේය. ඔහුගේ මත්පැන් බඳුනද අතතැතිව වෙව්ලමින්, ෂ්‍යාඕ චීයේ පත්‍රිකා දෙස බලා සිටියදී ඔහුගේ බත්කෙණ්ඩ මතට යමක් පහර දුන්නේය. ඔහු හදිසියේම ත හැන් දෙංගේ පත්‍රිකා වෙත තම බැල්ම යොමු කළේය.
හැන් චෙං ඔහුගේ පතුිකා දෙස නෙත් යොමා, "අනේ මේ පුෂ්පයන් සහ තණ මාව පුදුමයට පත් කළා! උතුමාණෙනි, ඔබට මේක හඳුනගන්න පුළුවන් ද?"
ෂ්‍යාඕ චීයේ පවසන්නට විය, "ඔවුන් දෙන්නටම හිවල් වලිගය සහිත තෘණ රේඛා ඇති පත්‍ර වීසි කරන්න. මම සහතික වෙනවා __"
පිරිසිදු පා වැසුම් සහිත එම පාදය ෂ්‍යාඕ චීයේ ගේ දණහිසට තට්ටු කළ අතර, එහි යටි පතුල ඔහුගේ දණහිස මත පා තැබුවේ එහි පිහිටීම පරීක්ෂා කරන්නාක් මෙනි.
"ඔවුන් අමාරුවේ වැටෙන බව සහතිකයි!" හැන් චෙං පත්‍රිකාවක් ඉවතට විසි කර සිනහවකින් යුතුව මෙසේ පැවසීය: "ලිහිණියෝ නරියාට විහිළු කරනවා , වසන්තය පැමිණිලා. මම අහම්බෙන් යුගලයක පළමු පේළිය හැදුවා. දැන්, ෂුන්යී, ඒවා යුගයක් විදිහට ගලපන්න!
හැන් චෙං සැබවින්ම උගත් මිනිසෙක් නොවූ නමුත් ඔහු එය වළක්වන්නට ඉඩ දුන්නේ නැත. මෙය ඇසූ කොං ච්‍යු සහ සෙන් යූට සිනහා පහළ විය. මිනිසුන් තිදෙනා කතා කරමින් සිටින අතරතුර, ෂ්‍යාඕ චියේ ශෙන් ස'චුආන් දෙස බැලුවේය.
ශෙන් ස'චුආන් ඔහුගේ විජිණිපත,ෂ්‍යාඕ චීයේ විසින් කිසිවකු අත එවා තිබූ කුජා හැඩ දැමූ උණබට විජිණිය ග්‍රහණය කර ගත්තේ ය. ඔහු කඩින් කඩ විජිණිපතෙන් තට්ටු කරගනිමින් ඔවුන්ගේ සංවාදයට සවන් දුන්නේ ය. ෂ්‍යාඕ චීයේගේ දෑස් ඔහු වෙත එල්ලවනු ඇති බව දැනුණු ශෙන් ස'චුආන්ගේ දෙනෙත්වල කොන් සිනහවන සේ මඳක් වක්‍ර විය.
ඔහුලේ පාදය ඒ වන විටත් ෂ්‍යාඕ චීයේ ගේ පාද අතරින් රිංගා තිබුණි. එය ඔහුගේ කලවා අභ්‍යන්තරයට හේත්තු වූයේ තව තවත් අවශ්‍ය වූවාක් මෙනි. ෂ්‍යාඕ චීයේ මාපටැගිල්ල මත්පැන් බදුනේ දාරයට තද කරගත්තේ හැගීම් නොමැති ආකාරයටයි.
"ඒ හිවලෙක් නේද?" මද වෙලාවකට පසු ෂ්‍යාඕ චීයේ සිනහවූයේ ය. ඔහු හැන් චෙං ගේ පත්‍රිකා වලික් තීන්ත ආලේප කළ හිවලෙකු තෝරා ගන්නට අත ඔසවා එය මේසය මතට විසි කළේය. "මගේ නිවසේ වහලය හරහා වර්ෂාව ගලා යනවිට රාත්‍රිය තෙත් සහගත වනවා. මගේ සිහිනවල උමතු හිවලුන්ගේ ගී ඇසෙනවා. වසන්තයේ සමෘදිය සෙවිය යුත්තේ කොතැනින්ද? ඒ තෙත්, නොනවතින වර්ෂා බිඳු තමයි ඉඟිය වෙන්නේ - අසභ්‍ය භාවයට සමාවෙන්න!"
හැන් චෙං ෂ්‍යාඕ චීයේ සමඟ සව්දිය හුවමාරු කර , සිනහවකින් යුතුව පවසන්නට විය. "අපි මෙතැන බරපතල විදිහට සළකනවා, නමුත් ඔබේ වාරය පැමිණි විට ඔබට හිවලෙක්ව වලසෙක් බවට පත් කරන්න සිදු වුනේ ඇයි?!" මේසය යට සිට පාදයක් දිගු විය. එහි ඇගිලි ෂ්‍යාඕ චීයේ ගේ කලවා දිගේ සෙමෙන් ලිස්සා ගියේය, ඔහුගේ කලවා වල වක්‍රය මත කිහිප වතාවක් එහාටත් මෙහාටත් චලනය වෙමින් ක්‍රීඩා කළේය.
"ඒත් මම වගේ පිරිමියෙක්..." මත්පැන් පානය කළ ෂ්‍යාඕ චීයේ ශෙන් ස'චුආන් දෙස බැලීය. "... සරලවම හිවලුන් ආකර්ෂණය කර ගන්නවා."
"ඒක ඕනෑම ගෞරවනීය පුද්ගලයෙකුට දිගටම කරගෙන යන්න හැකි වෙන්නේ කොහොමද? එය ගොරහැඩි වැඩියි. " කොං ච්‍යු සිනාසෙමින් සුසුම්ලමින් සිටියේය. "ඔබ, ෂ්‍යාඕ ස'අන්, ඔබ නිදද්දී දොර තදින් වසා දමන්න එපා, ඔබ තවමත් ඔබව සොයමින් අන් අයට දොස් පවරනවා. ඔබ පැහැදිලිවම එය ඔබටම බලාපොරොත්තු වෙනවා නේද?"
ෂ්‍යාඕ චීයේ වදනක් හෝ පැවසුවේ නැත. ඒත් ඒ පාදය ඔහුගේ *සදහන් කළ නොහැකි දෙය* පාගා දමද්දී ඔහුට සිනහා නොවී සිටින්නට නොහැකි විය. ශෙන් ස'චුආන් ගේ සිරුරේ ඉහළ භාගය කිසිවක් නොපෙනෙන තරමට ස්ථායී විය. ඔහු විජිණිපතට තට්ටු කරමින් සිටි තම ඇඟිලි තුඩු පිරිමැද්දේය. උණුසුමෙන් පිරුණු මේ කුටිය තුළ ඔහුගේ ඇස් කොන් පවා රතු වෙන්නට පටන් ගත්තේ ය.
සෙන් යූ අතින් පත්‍රිකාව බිම මතට පතිත වුනා පමණි. යූ ෂ්‍යාඕසායි ඉක්මනින් ඔහු කරමින් සිටි දේ නවතා එය ගැනීමට බිමට නැමුණේ ය
ශෙන් ස'චුආන් ඔහුගේ පාදය ආපසු ගැනීමට සූදානම් විය. නමුත් අනපේක්ෂිත ලෙස, ෂ්‍යාඕ චීයේ ඔහුගේ වළලුකර අල්ලා ගැනීමට ඔහුගේ අත පහත් කළේය. ඔහුගේ යටි පතුල රෙදි අතරින් ෂ්‍යාඕ චීයේ චියේගේ *සඳහන් කළ නොහැකි ස්ථානයට* පා තබන්නට විය. ෂ්‍යාඕ චීයේ තම දෑඟිලි ද්විත්වයකින් පිරිසිදු පා වැසුම් සහිත ශෙන් ස'චුආන්ගේ පාදයට පහර දුන්නේ ය.
ශෙන් ස'චුආන්ගේ විජිනිපත මේසය මත විය. යූ ෂ්‍යාඕසායි ඒ වන විටත් ඔහුගේ වස්ක්‍රයේ අත් වාටිය ඔසවා තිබූ අතර ඔහුගේ ඉණ ඒ වන විටත් මඳක් නැමී තිබුණි, "උතුමාණෙනි, කරුණාකර ඔබේ පාදය ඔසවන්න. මේ නිහතමානී යටත් නිලධාරියාට එය වැටුනේ කොයි හරියටද බලන්න..."
ශෙන් ස'චුආන්ගේ වළලුකර ක්‍රමානුකූලව ග්‍රහණය කරගත් ෂ්‍යාඕ චියේ අංශු මාත්‍රයක්වත් කලබල වූයේ නැත. ඔහු තම මාපටැඟිල්ලෙන් මඳ මඳ බලයක් යෙදුවේ, ශෙන් ස'චුආන්ව ළං කරගනිමින්, ශෙන් ස'චුආන්ට තම කොඳු ඇට පෙළ දිගේ හිරිවැටීමක් දැනෙන තුරුත් හේ ඔහුගේ විජිනිපතේ ග්‍රහණය තද කර ගත්තේය.
පැහැදිරි කීරිම
1. 交杯酒 විවාහ කුසලානය ; විවාහ යුවලක් අතර මත්පැන් හුවමාරු කිරීම.
මනාලයා සහ මනාලියගේ මනා සම්බන්ධතාව නිරූපනය කරන චාරිත්‍රයකි.එකිනෙකාගේ දෑත් බාහු පටලා මත්පැන් පානය කරයි.
2. 春闱 රාජකීය විභාගය, සාමාන්‍යයෙන් වසන්ත සමයේ පැවැත්වෙයි.
3. යූ ෂ්‍යාඕසායිගේ පෞද්ගලික නම
T/pov - What do you think about Xiao Chiye Situation??
I feel pity for him. 🤭😭
Lanzhou , Oh Lanzhou! You Are Really Cunning Foxie!!
Comments
Post a Comment