Skip to main content

හැත්තෑ නමවන පරිච්ජේදය : හෝඬුවාවන්.

) පොත්පත් සහ බෙහෙත් වර්ග දැමීමට භාවිතා කරන කුඩා බෑගයක්  

මිනිසුන්ගේ අමිහිරි කටහඩවල් කයිලිං ගග හරහා දොංකාර දුන්නේ ය. ෂුඒ ෂ්‍යුයි බහන් පුටුව මත දෙපා නමා අසුන්ගෙන රටකජු සපමින් මත්පැන් පානය කළේ ය. ෂ්‍යාඕ චීයේ පැමිණෙන විට ඔහු වහා කම වස්ත්‍ර පිරිසිදු කරගෙන ෂ්‍යාඕ චීයේට ආචාර කිරීම වෙනුවෙන් යහනෙන් බැස ආවේ

 ෂ්‍යාඕ චීයේ සෘජුවම ගොස් ෂුඒ ෂ්‍යුයි ගේ ඉදි​රිපස හසුන්ගත් අතර චෙන් යැං මත්පැන් පිළිගැන්වීමට ඉදිරියට ආයේ ය.

ෂුඒ ෂ්‍යුයි තම ඇඟිලි ඔහුගේ දෙපා දෙපසින් තබාගෙන වස්ත්‍රයෙන් ඒවා අතුල්ලා පිස දැමුවේ ය. ඒ අතර ඔහු පවසන්නට විය, "ඒ ඇති, එය ප්‍රමාණවත්... ස්වාමීනි, මේ මත්පැන් අධික ලෙස පානය කිරීම ඔබේ සෞඛ්‍යයට අහිතකරයි!"

මත්පැන් බදුන අතැතිව, ෂ්‍යාඕ චීයේ සිනහවකින් යුතුව ඔහුට පැවසුවේ ය, "වැඩිමහල් තරුණ ස්වාමියා හරිම සූක්ෂමයි නේ. ඔබ නිවසේදි සෞඛ්‍ය සම්පන්නව ඉන්න ඔබ කොයිතරම් කඩිසර වෙන්න ඕනෙද. නේද?

"ටිකක් විතර." ෂූඒ ෂ්‍යුයි පැහැදිලි අවසරයකින් තොරව අසුන් ගන්නට එඩිතර වූයේ නැත. පළමු ව ඔහු මිටි සහ කුඩා වූ අතර ඉදිරියට නැමී ෂ්‍යාඕ චීයේ අසල සිටීම නිසා ඔහුට වඩාත් නිහතමානී සහ පහත් පෙනුමක් ලැබී තිබුණේ ය.

ෂ්‍යාඕ චීයේ සුහද ලෙස පවසන්නට විය, "කරුණාකරලා වාඩිවෙන්න. මට තවමත් වැඩිමහල් තරුණ ස්වාමියාගේ උපදෙස් ලබා ගන්න අවශ්‍ය වෙලා තියෙනවා. "

යහන අද්දර ඔහුගේ පිටුපස තබා අසුන්ගෙන, ෂුඒ ෂ්‍යුයි පැවසුවේ ය, "මම උපදෙස් දෙන්න තරම් උඩඟු වෙන්න නිර්භීත වෙන්නේ නැහැ."

ෂ්‍යාඕ චීයේ ට දකින්න ලැබුණු ආකාරයට ෂුඒ ෂ්‍යුයි ගේ පෙනුම පැහැදිලිවම දෙවැන්නාට , ෂුඒ ෂ්‍යුජුඕට විරුද්ධ වන බවයි. ෂුඒ ෂ්‍යුජුඕ​ට එවැනි වැඩිමල් සහෝදරයෙකුට යටත් වෙන්නට සිදු වෙනවා නම් , ඔහුට ස්වභාවිකවම එයට මුහුණදීමට අපහසුවනු නියත ය.

"මමත් යැංචිංව දැකලා හුග කාලයක් ගතවෙලා ගිහින්." ෂ්‍යාඕ චීයේ තම මත්පැන් බඳුන පානය කළේ ය. "ඔහු කොං අමාත්‍යවරයා එක්ක නඩු විභාග කිරීම වෙනුවෙන් කාර්ය බහුල වෙලා තියෙන බව මට ආරංචි වුණා. ඒක ඔහුට දුෂ්කර වෙලා වගේ. "

"ලේකම් කාර්යාලයේ වැඬිහිටියා ඔහුව උසස් කරපු නිසා තමයි ඔහු දැන් ඉහළින් වැජඹෙන්නේ." ෂ්‍යු ෂ්‍යුයි දිගු කාලයක් තිස්සේ ෂුඒ ෂ්‍යුජුඕට වෛර කළේ ය. ඔහු මේ බාල පොදු උපතක් හිමි සොහොයුරාට හැකි සෑම ආකාරයකින්ම දේවල් දුෂ්කර කර තිබුණේ ය, නමුත් අනුකම්පා සහගත ෂුඒ ෂ්‍යුජුඕ සෑම විටම ඔහුගේ සියලු වැරදි වලට සමාව දී තිබුණේ සුවපහසු කපු ඇතිරිල්ලක් දවටාගත් අයෙකු මෙනි. එය ඔහුව තව දුරටත් මුරණ්ඩු කරන්නට සමත් විය.

"ඔහු වැඩිමල් තරුණ ස්වාමියාගේ සාමාන්‍ය උපතක් හිමි බාල සහෝදරයා නේද. සිරිත් විරිත් වල විදිහට, රාජකීය අධිකරණයට එක්වෙන්න මග පෙන්වන්න ඕනේ වැඩිමල් තරුණ ස්වාමියා වෙන්න ඕනේ. ඉතිං ඇයි ඔබේ නිවසෙදි ඒකෙ අනිත් පැත්ත වෙන්නේ?"

මත්පැන් බදුන ප්‍රතික්ෂේප කරන්න​ට එඩිතර නොවූ ෂුඒ ෂ්‍යුයි එය පිළිගත්තේ ය. බදුන් කිහිපයක් පානය කිරීමෙන් පසු ඔහු​ට තම සිහිය අහිමිව ගොස් තිබුණු අතර තම දෙපා මුල පොළව කැරකී යන බවක් ඔහුට දැනුනේ ය. ෂ්‍යාඕ චීයේගේ ප්‍රශ්නය හමුවේ , හේ බදුන අල්ලාගෙන ගොරෝසු හඩින් පැවසුවේ ය, "හොඳයි, ඔහුට හැකියාවන් තියෙනවා, නැද්ද? විංශාධිපතිතුමා ඒ ගැන දැනුවත් නැතිව ඇති, නමුත් ඔහු කුජා කල සිටම වාසි තකා බලවත්වත් මිනිසුන් ට අනුග්‍රහයන් දක්වපු කෙනෙක්. ඔහු ගැඹුරු විචක්ෂණශීලි අයෙක්! ඔහු ඉපදුනු වර්ෂයේ දැඩිව හිම පතනය වුනා. ඔහුට 'ෂ්‍යු' පරම්පරාගත නම (1.) යොදන්න කාලය ආවම ඔහුට ඒ වෙද්දි ගුයි විදිහට නම යොදන්න කතා කරගෙන තිබුණත්, දාඕවාදි පූජකයෙක් අනාවැකි පළ කරලා තිබුණා ඔහුට කීර්තිමත් ධනපතියෙක් මුණ ගැහෙන බව , ඉතිං ඔහුගේ උපදෙස් විදිහට ඔහුට මේ නම ලැබුණා. ඔහුව වැදූ මව , බොහෝ සැපසම්පත් තිබුණු කාන්තාවක් වුණා , ඇ හැම විටම අපේ පැරණි ස්වාමියා ට පිංසේන්ඩු වුණා ඔහුට ජුඕ නම තබන්න කියලා. , ගුණධර්ම සහ කැපී පෙනෙන හැකියාවන් වගා කි​රීම යන අර්ථය සහිත ආචාර නාමය (2.) යැන්චිං විදිහට. ඇත්තටම ආකර්ශනීය ජීවිතයක් තියෙනවා ... "

ඔහු මේ කරුණ දක්වා පවසන අතරේ ඔහුගේ දෑස් අදුරුව ගියේ ය.

ෂ්‍යාඕ චීයේ ඔහුව සනසාලන්නට විය. "වැඩිමල් කරුණ ස්වාමීනි, ඇයි ඔහු එක්ක වාද කරන්නේ ? ඔබ ෂුඒ වංශයේ වැඩිමල් නීත්‍යානුකූල උපතක් හිමි අයෙක්නේ; ඔහුට වඩා ඔබට බොහෝ ගෞරවයන් ලැබෙනවා නේද."

ඔහුගේ වදන් ෂුඒ ෂ්‍යුයිගේ වේදනාකාරි ස්ථානයටම වැදුනු අතර ඔහුට තම හුස්ම හිරවන බවක් දැනුනේ ය, ඉන්පසු නිසැක ලෙසම , ෂුඒ ෂ්‍යුයි ඔහුගේ බදුන මේසය තබා දිගු සුසුමක් පිට කළේය.

"වංශාධිපතිතුමනි..." ෂුඒ ෂ්‍යුයි දැනටමත් මත් වී සිටියේ ය, නමුත් දෙවනුව, මේ ධෛර්යය උපදවා ගත්තේ ය. "ලීබෙයි කුමරුගේ දෙවන නීත්‍යානූකුල පුත්‍රයා. ඔබට තර්ජනයක් විදිහට ​සාමාන්‍ය උපතක් සහිත සහෝදරයෙක් නැහැ. ඉතිං ඔබ ඒකේ විෂේශත්වය දන්නෙ නැහැ. අපඅ වගේ මිනිස්සු සාමාන්‍ය උපතක් හිමි සහෝදරයෙක් නිවසේ ඉන්න එකට බියක් දක්වනවා. ඔහු උපතින් පහත් වුනත් ඔහු මට වඩා ඉහළින් ඉන්නවා. ඔහු නිවසේ හිටියට පිටතට හිටියත් වෙන අය ඔහුව අහස කරම් උසට වර්ණනා කරන්නෙ නැද්ද? එතකොට මේ කවුද? මම කොහොමද මේ විදිහට ජීවත් වෙන්නේ? බලන්න අෂ්ඨ මහා වංශ දිහා. ඔවුන්ගෙන් කාටවත් සාමාන්‍ය උපතකින් පැවත එන්නෙක් ඉන්නවද? අපේ ෂුඒ වංශයට විතරක් සාමාන්‍ය උපතක් සහිත අයෙක් ඉන්නේ කොහොමද?!"

ඔහු ෂුඒ ෂ්‍යුජුඕට මේ තරම් පිළිකුල් කළේ ඔහුගේම ආත්මාර්ථකාමී ආශාවන් නිසාය. නමුදු , ෂුඒ වංශයට නැවත පැමිණීමට සහ අෂ්ඨ මහා වංශ අතර තම ස්ථානය තහවුරු කර ගැනීමට හැකි වූයේ ෂුඒ ෂ්‍යුජුඕ නිසා ය. ෂුඒ වංශයේ ප්‍රධාන භාර්යාවන්ට දාව උපන් උරුමකරුවන් පමණක් සිය ගණනක් වූ අතර, ඔවුන් සියල්ලෝම "නීත්‍යානුකූල පුත්‍ර" යන නාමය ලබා ගත්හ. ඔවුන්ට පහලින් උපභාර්යාවන්ට උපන් අසංඛ්‍යාත සාමාන්‍ය උපතක් පුතුන් ද සිටියහ. විවාහ සහ අවමංගල්‍ය කටයුතු, මාසික වැටුප් සහ මුදල් ත්‍යාග, වෙනම නිවාසවල ජීවත් වීමට යන වියදම් මෙන්ම රාජ්‍යයයේ වතු සඳහා වැයවන බදු සහ වියදම් වැනි වැදගත් දෑ සියල්ල පැමිණියේ ෂුඒ වංශයේ භාණ්ඩාගාර සහ වත්කම් මගිනි.

ඉනි පසුව, වැඩිමල් ෂුඒ ස්වාමියා සැළසුම් කර තිබුණේ ෂුඒ ෂ්‍යුයිට සහය වෘ නීත්‍යානුකූල උපතක් හිමි මේ වැඩිමල් පුත්‍රයාට නිවසේ වගකීම් භාර ගැනීමට හා පවඅලේ කටයුතු කළමනාකරණයට උපකාර කිරීමට ය. නමුත් දෙවැන්නා අමරණීයත්වයේ මාර්ගය වගා කිරීමට හෝ නුසුදුසු වංචනිකයින්ට සහ වංචාකරුවන්ට මුදල් ඉපැයෘම් තම කාර්යය කර ගත්තේ ය. එය මුලදී වැන්දඹු අධිරාජිණිය පැවසුවා වගේමය. වත්මන් ෂුඒ පරම්පරාවෙන් පැවත එන සියල්ලෝම කිසිවකට නොවටිනා අය වූහ. සාමාන්‍ය උපතක් ඇති ෂුඒ ෂ්‍යුජුඕ හැර, අවධානයට සුදුසු වෙනත් කිසිවෙකු නො සිටියේ ය.

වර්තමානයේ දී , ෂුඒ ෂ්‍යුජුඕ අධිකරණයේ සමාලෝචන සහකාර අමාත්‍යවරයා ලෙස කටයුතු කරයි. ඒ අතරේම, ඔහු ෂුඒ වංශයේ ප්‍රධානියා ද වූයේ ය. මේ වසර කිසිපය පුරාවට , හේ ෂුඒ වංශයේ පහත වැටීම නතර කිරීමට ඔහු සමත් වූ අතර ගෞරවනීය වංශ අතර එහි ස්ථානය තහවුරු කර ගත්තේය. ඔහුට නිවසේ ඕනෑ තරම් සොහොයුරන් සිටි අතර ඔවුන් කිසිවකට දායක නොවූ අතර, ඔහුට තවමත් පියාගේ සහ මාමාගේ ඥාතීන් සිටි අතර ඔවුන් වංශයේ මුදල් සූරාකන්නට දවස පුරා සැලසුම් සකස් කළහ. ඔවුන් සියල්ලෝම ෂුඒ ෂ්‍යුජුඕ ට කෙළ ගසන විට පවා ඔහුගෙන් දුරස්ව ජීවත් වූ අතර, ඉතා පහත් අයෙක් ලෙස ඔහුට ශාප කරන අතරම, නිර්ලජ්ජිත ලෙස පෞද්ගලික වාසි අපේක්ෂා කළහ.

ෂ්‍යාඕ චීයේ මේ පිළිබද මනාව දරනුවත් ව සිටියේ ය. ඔහුට ශෙන් ස'චුආන් හා සමාන ලෙසම සිතූ අතර , එනම්, ෂුඒ ෂ්‍යුජුඕ රදළ වංශිකයන් පිටුපස සැඟවී සිටීම , ඔහුගේ අවිනිශ්චිතතාවය නිසා නොවේ නම්, ඔවුන් දක්ෂතා අගයමින්, මේ පුද්ගලයා තම වාසියට ඇද ගැනීමට කැමති වනු ඇත. චුආංචෙන් සේද ගැටළුව එහි ප්‍රධානම යතුරයි. එය ශෙන් ස'චුආන් හා ෂුඒ ෂ්‍යුජුඕ අතර පිළිබඳ දැක්ම වසං කර, ඔවුන් ආරක්ෂා කළ යුතු පුද්ගලයෙකු බවට ඔහුව පත් කළේය - ඔහු අනාගත සැලසුම් දිගුකාලීනව සඳහා පූර්වාරක්ෂාව ලෙස ඒ වන විටත් රූකඩ නූල් සිය දහස් ගනනක් සිටුවා ඇති තරමට සූක්ෂ්ම හා විචක්ෂණ මිනිසෙකි. සෑම දෙයක්ම සිදුවීමට පෙර වෙනත් කෙනෙකුගේ අභිමතය පරිදි තමාව පහසුවෙන්ම පත් නොකළ යුතු ඉව හේ දැන සිටියේ ය.

තම මදුවිත බදුන තට තට්ටු කරමින් සිටි ෂ්‍යාඕ චීයේ මේ කාරණය ගැන සිතන අතරේ පවසන්නට විය, "ඔබ මිනිසෙක් වන තාක් කල්, ඔබ පහත වැටෙන්නේ වාසනාවට විය හැකි අවස්ථා තියෙනවා. වැඩිමහල් තරුණ ස්වාමියා මේ ගැන ඕනෑවට වඩා කලබල විය වෙන්න අවශ්‍ය නැහැ. ඔහු ගැන මට පෙනෙන්නේ ලේකම් කාර්යාලයේ වැඩිමහල්ලාගේ සහ ඇමති කොංගේ නිල රාජකාරිවලට සහභාගී වීමත් එක්ක හුඟක් හොඳ රැකියාවක් කරනවා ව​ගේ. ඔහු සාමාන්‍යයෙන් මත්පැන් පානය කරන්නවත් අනිත් අය සමග අයාලේ යන්නෙවත් නැහැ. ඔහු තම ස්ථානය දන්න විනීත පුද්ගලයෙක්."

ෂුඒ ෂ්‍යුයී වහාම සියලු කටයුතු ආරම්භ කළේය. ඔහුගේ මත්පැන් ප්‍රේරිත ඉක්කාව දිගටම පැවති අතර, ඔහු නොඉවසිලිමත්ව පැවසුවේ ය, "ඒ දේවල් එක ක්‍රියාවක් විතරයං! වංශාධිපතිතුමනී, ඔබ දොංලොං වීදියේ නිවුන් කුසුමන් ගැන දන්නවා, එහෙම නේද? ඒ ඖහුආ මණ්ඩපය සහ ෂියැන්යුඅන් වලව්ව! වසර කිහිපයකට කලින්, ෂුඒ ෂ්‍යුජුඕ ෂියන්යුන් වලින් පුද්ගලයින් කණ්ඩායමක් මිලට ගෙන මනාලයා ගේ කුටියට යැව්වා ලු."

ෂියැන්යුන් වලව්ව පිළිබද සදහන් කරද්දී ෂ්‍යාඕ චීයේට හදීසියේම සැකයක් පහළ විය. ඔහුගේ දෑස් තියුණු වූ අතරෙ ඔහු කටහඬ අවදි කරද්දි එය අඩු කරන්නට විය. "ඔහු ෂියන්යුන් වලව්වෙන් ද මිනිසුන් ගත්තා කිව්වේ?"

"ඔහු තමයි!" ෂ්‍යු ෂ්‍යුයි ඔහුගේ ඇඟිලි දිගු කළේය. "ඔහු දස දෙනෙකුට වඩා... පිරිමියෝ ... කාන්තාවෝ... හැමෝම ෂියන්යුන් වලව්වෙන් මිළදී ගත්ත අයයි!"

මඳ නිහැඩියාවකින් පසුව, ෂ්‍යාඕ චීයේ නැගී සිට පැවසුවේ ය, "චෙන් යැං, වැඩිමල් තරුණ ස්වාමියා සමඟ කතා කරන්න. මම හිතන විදිහට දැන් යාඕ වෙන්යූ පැමිණෙන්න කාලය හරි. මම ගිහින් ඔහුව පිළිගන්නම්."

ෂුඒ ෂ්‍යුයිට යාඕ වෙන්යූ ගේ නාමය ඇසෙන විටම ඔහු නැවතත් සිටගෙනම එයට එකඟතාවය පල කළේ ය , හේ තවදුරටත් ඔහුට කරදර කිරීමට එඩිතර නොවී ය.

ෂ්‍යාඕ චීයේ දොරින් පිටතට ආ විගස කෑ ගැසුවේ ය , "ගූ ජින්!"

ගූ ජින් ඉහළ සිට පහළට පැන, එක් දණකින් දණගසා පැවසුවේ ය. "ටදවන තරුණ ස්වාමිණි!"

ෂ්‍යාඕ චීයේ ප්‍රශ්ණ කළේ ය, " ඔබ කොහොමද සොයා නොගත්තේ ෂියැන්යුන් වලව්වෙන් ෂුඒ වංශයට මිනිසුන් විකුණලා තියෙන බව මම ඔබට කළින් ඒ ගැන සොයා බලන්න කියලා පවසද්දී?"

මවිතයට පත් වූ ගු ජින් හිස ඔසවන්නට එඩිතර නොවූ අතර, "මට දඬුවම් කරන්න. මම තරුණ ස්වාමියාගෙන් අයදිනවා!"

පසුගිය ඝාතන නඬුවේදී , ෂියැන්යුන් පැති මාරු කර ෂ්‍යාඕ චීයේ අල්ලස් ලබා දුන් බවට අසත්‍ය සාක්ෂි ලබා දුන්නේ ය. මේ කාරණය සැක සහිත විය. මේ දක්වා ඔවුන්ගේ විමර්ශන වලදී කිසිඳු සාක්ෂියකින් තොරව ඈ හදිසියේම රදළ වංශිකයන් සමග එකතු වූයේ මන්ද යන්න සැක සහිත වූයේ ය. ෂුඒ ෂ්‍යුජුඕ ස්ත්‍රී ලෝලියෙක් හෝ වංචාකාරයෙක් නොවීය, එබැවින් ඔහු ෂියැන්යුන් වලව්වෙන් බොහෝ මිනිසුන් මිල දී ගෙන ඔවුන්ව නැවත ඔහුගේ නිවසට ගෙන ගොස් ඒ ගැන එතරම් වචනයක්වත් නොකියා සැඟවීමේ රහස කුමක්ද?

ශෙන් ස'චුආන් නිවැරදිය.

ෂුඒ ෂ්‍යුජුඕ ට එයට කිසිදු සම්බන්ධයක් නොතිබුණද, ඔහු නැන්ලින් දඩයම් ලිටියේ සිද්ධියේ සිට, සමහර විට නැන්ලින් දඩම් පිටියේ සිද්ධියට පෙර සිට සෑම සිදුවීමකදී ම පෙනී සිට ඇත.

"අනිවාරෙන්ම, ඔබට දඬුවමක් දෙන්න ඕනේ. ඔබ අගනුවරට ආ දා ඉදන්ම ඔබ මත්පැන් විශාල ප්‍රමාණයක් පානය කරලා තියෙනවා. ඔබ ඔබේ තියුණු උකුසු දෑස් අන්ධ වන තරමට මත්පැන් පානය කළා ද? ඔබගේ නොහැකියාව සහ යුතුකම පැහැර හැරීම සම්බන්ධයෙන් ඔබට දැඩි දඬුවම් විඳීමට සිදුවෙන බව නොඅනුමානයි. චෙන් යැංගෙන් කස පහර ඉල්ලන්න ඔබම යන්න!"

ගූ ජින් ට දැඩිව දහඩිය දමන්නට ගත්තේ ය.

ෂ්‍යාඕ චීයේ ගූ ජින්ට මේ රැකියාව ලබා දුන්නේ හේ ඔහුගේ සූක්ෂමභාවය අගය කළ නිසා ය. එමෙන්ම ගූ ජින් සෙවීම් අවර්ඝ ලෙස ඉටු කිරීමේ දක්ෂයෙක් ද විය. ලීබෙයි අශ්වාරෝහක සේනාංකයේ හිටපු බාලදක්ෂයෙකු වූ ගූ ජින් කිසිවිටෙකත් අතපසුවීමක් කර නොතිබුණි. ෂ්‍යාඕ චීයේ නිවැරදි ය. ඔහු මෙතරම් කාලයක් චූදු හි රැඳී සිටියා සේම ඔහුගේ පැවරුම් සැහැල්ලු ලෙස තකන්නට පවා හේ නිර්භීත වූයේ ය.

"මම ඔබට තව වතාවක් සොයා බලන්න දින දෙකක් දෙන්නම්. ෂුඒ ෂ්‍යුජුඕ සතුව ඉන්න මිනිසුන් සංඛ්‍යාවේ ගැඹුරටම යන්න, ඔවුන්ගේ නම්, ජීවත් වන ස්ථාන උපන් ස්ථාන , වයස , සහ ඔවුන්ගේ දෙමාපියන් සහ සමීපතමයන් යන සියල්ලන්ගෙම ගැඔුරට යන්න." ෂ්‍යාඕ චීයේ ඔහු පසු කරයන අකරවාරයේ හිම කැබලි මෙන් ශීතල ලෙස පැවසුවේ ය , "තවත් අතපසුවීමක් කරලා තිබුනොත් , ඔබට තවදුරටත් මේ තනතුරේ ඉන්න අවශ්‍ය නොවේ වි."

ගු ජින් කිසිවක් නොපවසූ අතර ආචාර කර ඔහු තම දෙපයින් නැඟිට ෂියැන්යුන් වලව්ව දෙසට පියමැන්නේ ය.

චෙන් යැං නිදහස් වී පිටතට පැමිණි පසු ෂ්‍යාඕ චීයේ ගේ ප්‍රසන්න නොවූ මුහුණුවර දුටුවේය. මේ අනුව, ඔහු පැවසුවේ ය. "ස්වාමිනී, ෂුඒ ෂ්‍යූයි දැන් විවේක ගන්නවා."

"හෙට උදෑසන ඔහුව ඇරලවන්න අයෙක්ව යොදා ගන්න." ෂ්‍යාඕ චීයේ ආපසු හැරි එහි අභ්‍යන්තරය දෙසට බැල්මක් හෙළුවේ ය. "මෙයිහුආ වාසස්ථානයේ දැනට එකම පිටපතක් පමණක් තිබෙන දුර්ලභ පොත් කට්ටලයක් තිබෙනවා. හෙට උදෑසන ඔහු පිටවෙද්දී එය ඔහුට ලබා දෙන්න."

චෙන් යැං ඔහුට මතක් කර දුන්නේ ය. "ඒවා යාඕ වංශයේ පොත් එකතුවක් . අපි ඒ ගැන තරුණ ස්වාමි යාඕ ට දන්වන්න ඕනේ නැද්ද?"

"යාඕ වෙන්යූ මට මෙයිහුආ වාසස්ථානය විකුණුවා, එයින් අදහස් වෙන්නේ ඔහුට ඒවා තවදුරටත් අවශ්‍ය නොවන බව ඔහු දැනටමත් තීරණය කර තියෙනවා කියන එකයි. අවුරුද්දේ වැඩි කාලයක් ඔහු පිටරටවල සංචාරය කරමින් ජීවත් වෙනවා. ඔහුට ඒවා වැඩක් නෑ.." ෂ්‍යාඕ චීයේ අද රාත්‍රියේ විශාල වයින් ප්‍රමාණයක් පානය කර තිබුණත් ඔහු බීමත්ව සිටින බවක් පෙනෙන්නට නොතිබුණි. ඔහු දෑත් පිස දැමීමට භාවිතා කළ අත්පිස්නාව පසෙකට විසි කළේය. "ඊට අමතරව, ඔහු නැවත අගනුවරට පැමිණියත් , ඔහු කෙතරම් අපැහැදිලිද කියනවා නම් , ඔහුව අල්ලා ගන්න තියා ඔහුව දකින්න පවා අපහසුයි. ඔහු අනිවාර්යයෙන්ම මෙවගේ භෝජන සංග්‍රහයකට සහභාගි නොවේවි. ඔහු ආරාධනා කරන්න පහසු අයෙක් නෙවෙයි. "

"තරුණ ස්වාමි යාඕ අධිරාජ්‍ය උසාවියේ නිලධාරීන් අතරට නොපැමිණෙනවා නම් , ෂුඒ ෂ්‍යුජුඕ ට අද කැපී පෙනෙන්න අවස්ථාවක් නොලැබේවි කියලා මම බිය වෙනවා."

තවමත් එතරම් සතුටකින් නොවූ ෂ්‍යාඕ චීයේ පැවසුවේ ය. "දේශපාලනයේ කැලඹීම ශාස්ත්‍රීය ක්‍ෂේත්‍රයේ නියැලීම එක්ක සම කරන්න බැහැ. යාඕ වෙන්යූ අනිවාර්යයෙන්ම ෂුඒ ෂ්‍යුජුඕ ට වඩා හොඳ දෙයක් කරන්නෙ නැහැ. ඒත් මේ දෙපාර්ශවයම සිත් ඇදගන්නාසුළුයි; ඔවුන් සෑම ආකාරයකින්ම විරුද්ධයි."

"ඒ සේරමත් සිදුවුණාට පස්සේ , ඔහු ලේකම් කාර්යාලයේ වැඩිහිටි හායිගේ ශිෂ්‍යයෙක්. ෂුඒ ෂ්‍යුජුඕ ලෞකික ලෝකයේ සංචාරකයෙක් නම්, තරුණ ස්වාමි Yao ලෞකික ලෝකය ඉක්මවා යන අමරණීය පුද්ගලයෙක් " චෙන් යැං ඒ පිළිබඳ කල්පනා කළේය. "නමුත් ලේකම් කාර්යාලයේ වැඩිහිටි හායි දෙස බලන කොට, ඔහු තරුණ ස්වාමි යාඕට හුඟක් ආදරය කරනවා."

"ඒක හරි. හායි ලියැංයී කිසිම අඩුවක් නැතිව යාඕ වෙන්යූ ට ඔහුගේ දැනුම ලබා දෙනවා. ඔහු තම මුල් විශ්වාසයන් බිඳ දමන්න පසුබට නොවුනා වගේම ඔහුව තම ශිෂ්‍යයා ලෙස පිළිගන්න ගෞරවනීය වංශවල අගතිය නොසලකා හැරියා. ඔහුව කොතරම් අගය කරනවාදැයි බලන්න මෙයම ප්‍රමාණවත්. ෂුඒ ෂ්‍යුජුඕ ගේ දේශපාලන ජයග්‍රහණ මේ වසර පුරා විනීත ය, නමුත් හායි ලියැංයී තවමත් ඔහුට සැබෑ ගුරුවරයෙකු සහ ශිෂ්‍යයෙකු වීමේ ගෞරවය ලබා දෙන්නෙ නැහැ. එපමණක් නෙමෙයි , යාඕ වෙන් යූට නිලධාරියෙක් විදිහට සේවය කරන්න බල කිරීමේ සුළු චේතනාවක්වත් මේ වසරෙදි හායි ලියැංයී තුළ තිබුණෙ නැහැ. යුආන්ජෞ, යුආන්ජෞ. එදා හායි ලියැංයි යාඕ වෙන්යුට මේ ආචාරශීලී නාමය ලබා දුන්නේ පිය සෙනෙහස නිසාමයි. ඒ තරමට ම සම්බන්ධකම් ඇති ගුරුවරයෙකුගේ සහ ශිෂ්‍යයෙකුගේ සමීපත්වය දැනටමත් වෙන කිසිවෙකුටවත් තරඟ කළ නොහැකි දෙයක්. ෂ්‍යාඕ චීයේ පැවසුවේ ය, "යාඕ වෙන්යු යනු වැදගත් වංශයක නීත්‍යානුකූල වංශවත් තරුණ ස්වාමියෙක්. ඔවුන්ගේ චින්තන ක්‍රමය අනුව යාඕ වෙන්යූ පැන්, ෆෙයි සහ ෂුඒ වංශවල 'නීත්‍යානුකූල ද්වි පරම්පරාවට' වඩා නීත්‍යානුකූල බව සළකනවා. යාඕ වංශය ගෞරවනීය වගේම කීර්තිමත්. හුආ වංශයේ කාන්තාවන්ට පවා අතීතයේ දී යාඕ වංශය සමඟ විවාහ වීම දුෂ්කර වුණා. රන් රිදී කඳු ඔහුට වල් පැළෑටි බඳුනක් තරම්වත් දුර්ලභ දෙයක් නෙමෙයි."

චෙන් යැං යාඕ වෙන්යුව එතරම් වාර ගණනක් දැක නො තිබුණේ ය. ඔහු වාසස්ථානය මිලදී ගත් විට, ඔහු සමඟ කෙටි හමුවීමක් සිදු වූයේ එක් වරක් පමණි. ඔහු පසුකාලීනව සිහිපත් කරද්දී ඔහුට මතකයට නැගුනේ දෙවැන්නා ජාඕවෙන් බෑගයක් (3) පැළද, අශ්වයන් පිට යන්නටවත් ගමන් රථවල අසුන්ගන්නවත් අකමැති, ඒ වෙනුවට බූරුවෙකු තබාගත් විශාරදයකු ලෙසය.

"දිං තාඕ ආපහු ආවාද?" ෂ්‍යාඕ චීයේ එක්වරම විමසුවේ ය.

චෙන් යැං කීවේ ය, "... ඔහු තවම පිටවුණේ නැහැ."

"ඔහුට ක්‍රීඩා කරන්න ඉඩ දෙන්න." ෂ්‍යාඕ චීයේ නිවසට ඇතුළු වී සාමාන්‍ය ඇඳුම් කට්ටලය වෙනුවට ඔහුගේ සිරුර මත තිබූ හැඩ දැමූ උඩු ඇදුම ඉවත් කළේය. "මේ අවස්ථාවෙදි භෝජව සංග්‍රහයෙදි, මම ඇසුරු කළ යුතු සියලු දෙනා එක්ක දැනටමත් මත්පැන් පානය කරලා තියෙන්න ඕනේ. උදෑසන වෙන්න කලින් තවමත් වෙලාව ඉතිරිවෙලා තියෙනවා. මම ඉක්මනින් ආපසු එන්නම්."

ශෙන් ස'චුආන් පටු මංතීරුවෙන් පිටතට පියමැන්න අතර , ෂී දාන් ඔහුව පිටුපසින් අනුගමනය කළේ ය. ෂී දාන් ඔහුව පසුකර ඉදිරියට යන්නට එඩිතර නොවූ අතර හිස පහතට කර නියෝගයන් ලැබෙන තෙක් බලා සිටියේ ය.

අනපේක්ෂිත ලෙස , ශෙන් ස'චුආන් ඉතා කරුළුාවන්ත අයෙක් වූයේ ය. මඳ වේලාවකට පසු ඔහු දෙස හැරී බැලු හෙතෙම පවසන්නට විය, "ඔබ අද රාත්‍රියේ අනර්ඝ විදිහට කතා කළා."

ෂී දාන් හිස නමා වහා පිළිතුරු දුන්නේ ය.

 "මේ පහත් පුද්ගලයාගේ ලොකුම අපේක්ෂාව තමයි ඔබතුමාගේ කලකිරීම් සහ දුෂ්කරතා මඟහරවාගන්න ඔබතුමාට උපකාර කරන එක."

"නමුත් ෂී හොංෂුආන් සැක හිතන එක ස්වභාවිකයි ; වදන් කිහිපයකින් විතරක් පවසලා ඔහුගෙන් ඇත්තම මුදල් අරගන්න බැහැ." ශෙන් ස'චුආන් අදහස් දැක්වීය. "ඔබ දැනුවත් ද ඔහු වෙනත් රටවල් වල ව්‍යාපාරයන් ගැන ?"

"ඔව්, ඔව්, මම දන්නවා! ඔහුගේ ගිණුම්, විශාල වුනත් කුඩා වුනත් , හැම මසකම චූදු වල ඔහුගේ නිවසට යවනවා. ඔහු යටතේ ඉන්න විකුණුම්කරුවෝ හැට අටදෙනාම ඔහුටග් ගෘහයේ වහල්ලු විදිහට සළකනවා; මේ අයගේ දෙමාපියන්, භාර්යාවන් සහ දරුවන් සියල්ලෝම ඔහුගේ ග්‍රහණයේ ඉන්නවා. ඔවුන් ම ඔහුගේ ගිණුම් කළමනාකරණය කිරීමේ අරමුණින් විශේෂයෙන් ම හදා වඩාගත්තා. වෙළඳසැල් ඉදිරිපිට තිබෙන ලොකු කුඩා දේවල් ඔහුගේ ඇස්වලින් හංගන්නවත් ක්‍රමයක් නැහැ. ඔහු ඒවා ගැන දන්නවා. මේ වසර පුරාවටම ඔහුගේ ව්‍යාපාරික අධිරාජ්‍යයේ කිසිම දවසක ප්‍රශ්නයක් ඇති නොවුණේ ඒ නිසයි. " ෂී දාන් කීවේ ය.

ශෙන් ස'චුආන් පිළිතුරු දුන්නේ ය, "ෂී හොංෂුආන් ට මේ මිලියන හතර ආපසු ගන්න අවශ්‍ය නම්, මුදල් භාණ්ජාගාරයෙන් මුදල් ලබාගෙන භාණ්ඩාගාරයේ ද්වාරය විවෘත කරන්න යතුර ඔබට ලබා දෙන්න කියලා ඔහු ඔබට දැනුම් දෙන්න ඕනේ. මට අහන්න අවශ්‍ය වන්නේ: මේ මුදල් මාරු කරන්නේ කොහොමද කියලයි?"

ෂී දාන් නිහඩව තම මනසේ සටහන් කිහිපයක් සටන් කර ගත්තේ ය. හේ පැවසුවේ ය. "ඇත්ත වශයෙන්ම ගොඩබිම ගමන් කිරීමේදී විශාල අවදානමක් තියෙනවා. මුදල් කරත්ත ප්‍රවාහනයේදී රිදී සඟවා තබන්න ඉදිරිපස භාණ්ඩ තබන්න අවශ්‍ය වෙනවා. මේ අපි කතා කරන මිලියන හතර ගැන ආවරණය කරන්න දිගු ඉතිහාසයක් ඇති ව්‍යාපාරයක් නැත්තං, ජුඒෂි වල පළාත් පරිපාලන නියෝජිත ජ්‍යැං චින්ෂන් ට එය ඉක්මනින්ම දැක ගන්න හැකි වනවා ඒ විතරක් නෙමෙයි , උතුමාණෙනි , අපි ගොඩබිමෙන් ගමන් කරනවා නම්, අපි මුලින්ම ජුඒෂි වල නගර දහතුන වගේම දීචෙනුත් මඟ හරින්න ඕනේ. මේ සේරම පසු කරන්න අපහසු වුණ මුරපොලවල්. වැදගත්ම දේ තමයි , ෂී හොංෂුආන් නිවැරදි යි ; මේ මුදල චූදු වල සඟවා තබන්න තැනක් නැහැ."

මේවා රිදී කුට්ටි මිස කඩදාසි බිල්පත් නොවන්නේ ය. ඒවා සඟවා තබා ගන්නා කෙනෙකුට හතරෙන් කොටසක් හිස්ව තිබුණද, මිලියන හතරකටම ඉඩ ලබාගත ගත හැකිදැයි නිසැකවම පැවසීය නොහැකි විය. එවිට, මුදල් ලැබුණු පසු මේ මුදල් වියදම් කරන්නේ කෙසේදැයි සිතා හිසරදයද ඇති වන්නේ ය.

ශෙන් ස'චුආන් අදුරු රාතුිය දෙස බලා හිදින අතරේ සිතන්නට විය, ඉන්පසුව හේ පැවසුවේ ය, "මේ ත​රම් මුදලක් චූදු වලට ඇතුළු කරගන්න නොහැකි වේවි."

ෂී දාන් හඬක් හෝ පිට කරන්නට එඩිතර නොවුනේ ය.

නිසැක ලෙසම, ශෙන් ස'චුආන් ටික වේලාවකට පසු දිගටම පවසන්නට විය, "නැව්ගත කරලා හරි ගොඩබිමෙන් හරි මුහුදෙන් ප්‍රවාහනය කළත් ජුඒෂි වලින් පරීක්ෂාවට ලක් කරනවා. මිලියන හතරක් කියන්නේ විශාල මුදලක් නෙමෙයි. මේ කාරණය සම්බන්ධයෙන් දැඩි විනයක් තබා ගන්නත්, නැව්ගත කිරීම පිරික්සීමේ ඇස්වලින් සැගවෙන්නත් අපි අපගේ සැලසුම්වල ගැඹුරින් කළත් , ඇණවුම් ක්‍රියාත්මක කරන්නන් අනිවාර්යයෙන්ම ඒ කාර්යයේ හොඳින් සොයා බලන්නේ නැහැ. මුදල් ලැබෙනකොට එය වියදම් කරන්න බැරි නම් එයිනුත් තේරුමක් නැහැ, මේ මුදල් චූදු වලට ළඟා වෙන්නෙ නැති වේවි."

ශෙන් ස'චුආන් සිතන්නේ කුමක්දැයි වටහා ගැනීමට උත්සාහ කරමින්, ෂී දාන් තාවකාලිකව විමර්ශනය කළේය, "ඔබතුමා අදහස් කරන්නේ ... ඔහුව රවටලා මුදල් අරං , ඒවා එහි තබාගෙන, වෙළඳාම හරහා බෙදා හරින්නද?"

ශෙන් ස'චුආන් පැවසුවේ ය. "එය ඉටු කරන්න. එයින් අඩක් ඔබට ලබා දෙන්නස්," මම අනෙක් භාගය වෙනුවෙන් යමක් ඉදිරිපත් කරන්නම්. සූදානම් වෙන්න. ෂී වංශයේ ව්‍යාපාර පුළුල් වනවා වගේම කළමනාකරුවෙක් නැතිව ඔවුන්ට කිසිවක් කරන්න බැහැ. ෂී හොංෂුආන් බිඳ වැටෙන කොට , ඔබ ඊළඟ පුද්ගලයා වේවි."

ෂී දාන් ඉක්මනින් එකඟත්වය පළ කළේ ය.

තවත් කිසිඳු වදනක් නොපවසා, අශ්ව කරත්තයට ගොඩ වූයේ ය, ෂී දාන්ගෙන් දැනට සමුගත්තේ ය. ඔහුට තවමත් රාජකීය බන්ධනාගාරයට පැමිණෙන්ට සිදුව තිබුණේ ය. පසුගිය දශක දෙක තුළ සියලුම ශීතල නඩු ගොනුවලින් යම් හෝඩුවාවක් ලබා ගන්නටත් ඒවා සමාලෝචනය කරන්නටත් සිදුව තිබුණේ ය. අඩුම නිවසට ගොස් නින්දක් ලබන්නටවත් වේලාවක් නොතිබුණේ ය.

අශ්ව කරත්තය රාජකීය බන්ධනාගාරය වෙත ළගා විය. රාතුී මුර සංචාරයේ නියුතු ග' චිංචිං , ච්‍යාඕ ත්‍යැන්යා වෙනුවෙන් බොහෝ වෙලාවකට පෙරම දොරටු විවර කර තිබුණේ ය.

ශෙන් ස'චුආන් කරත්තයෙන් පිටතට බසින විට , ' චිංචිං අමලට පැමිණ කොඳුලේ ය, "වංශාධිපති උතුමාණෝ මෙහි ඇවිත් ඉන්නවා."

ශෙන් ස'චුආන් ඔහුගේ පිටත සළුව ගලවා දමා ඉදිරිපස ආලින්දයට ගොඩ වූයේ ය. පසුව ඔහු පිටත්ව ගිය ග' චිංචිංට හිස නමා ආචාර කළේ ය. දොර තල්ලු කරන විට ශෙන් ස'චුආන් තම සළුව ගලවා හස්තයේ එල්ලා ගත්තේය.

මත්පැන් පානය කර සිටි ෂ්‍යාඕ චීයේ​, වස්ත්‍ර මාරු කළද මත්පැන් සුවදින් ඔහුට බේරි සිටීය නොහැකි විය.

හේ විවෘත පොතකින් මුහුණ වසාගෙන ශෙන් ස'චුආන්ගේ සයනය මත වැතිර සිටියේය. ශබ්දය ශ්‍රවණය ව එය ඔසවා බැලුවද නොසෙල්වී ම සිටියේ ය.

"එන්න මෙතනින් වාඩිවෙන්න." ෂ්‍යාඕ චීයේ පොත මේසය මතට විසි කළේය.

ශෙන් ස'චුආන් දොර වසා දැමුවේ ය. ඔහු තම පිටත සළුව ඇඳුම් රාක්කයේ එල්ලා, පසුකරමින් ඔහුගේ ඇඳුම්වල පටි ගැලවූයේ ය. ෂ්‍යාඕ චීයේ ගේ බැල්ම හමුවේ, ඔහු සිය එක් පාද​යකු ෂ්‍යාඕ චීයේ ගේ කලවා මතින් ඔසවා, ඔහු හා මුහුණට මුහුණ ලා පැමිණ, හදිසියේම ඔහුට තවත් සමීප වූයේ ය. ෂ්‍යාඕ චීයේ ගේ ශෙන් ස'චුආන් ගේ ඉණ පිටුපසින් දෙඅත් යැවූ අතර ඔවුන් තම දෙතොල්වලින් සිදුකල පළසු සිප ගැන්මෙන් ම ඔවුන්ගේ හදවතේ අභ්‍යන්තරයට ළගා වූවෝ ය.

__________________________________

3080 Words

අරුත් පැහැදිලි කිරීම

1.) පරම්පරාවේ නම, එකම පරම්පරාවකට අයත් සෑම සාමාජිකයෙකුම (එනම්, එකම පරම්පරාවේ සහෝදර සහෝදරියන් සහ පියාගේ ඥාති සහෝදරයන්) එකම අක්ෂර මාලාවක් බෙදා ගනී. ෂුඒ වංශයේ මේ චරිතය සඳහා "ෂ්‍යුයි" සහ "ෂ්‍යුජුඕ" ලෙස.

2.) සාහිත්‍ය නාමයක් හෝ ආචාරශීලී නාමයක්, එය ගෞරව ලෙසද හැඳින්වේ, එය කෙනෙකුගේ නමට අමතරව වැඩිහිටි වියේදී කෙනෙකුට පිරිනමන නාමය කි.

3.) පොත්පත් සහ බෙහෙත් වර්ග දැමීමට භාවිතා කරන කුඩා බෑගයක්.

Comments

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-