එහි වූ වටපිටාව නිශ්ශබ්ද විය ; ඉදිකටඅවක් බිම පතිත වන හඩ පවා ඇසීය හැකි තරම් ය.
ෂී හොංෂුආන් තම දෙ අත් අසුනේ ආධාරක වල රඳවාගෙන, හදවත නතර කරවන තරම් වූ මෙම වාතාවරණයේදී ප්‍රතිචාර දක්වන්නට විය. “බොරුවෙන් ඇත්ත සඟවනවා. ඔබ ආයෙමත් උගුල් අටවන්න හදනවා! ශෙන් ස'චුආන්, ඔබ ඇත්තටම හිතන්නේ මම ඔබව නොමරා ඉඳීවි කියලද?”
“අසිගත දැනටමත් තියෙන්නේ මගේ ගෙල මතයි.” ශෙන් ස'චුආන් සිය හිස හරවා අසිපත දෙසට බැල්මක් හෙළුවේ ය. “ඔබ මගේ හිස පහතට දමන්න අණ කරන්න පුළුවන්.”
ෂී හොංෂුආන් අංශු මාත්රයකටවත් ගැලවෙන්නට ඉඩ නොදුන්නේ ය. මේ ගැටුමේදී, ශෙන් ස'චුආන්ගේ ප්රකාශනයේ ඇති සියුම් කරුණු කිසිවක් මග හරින්නට ඔහු කැමති වූයේ නැත. ඔහු අසුනේ තදින් වාඩි වී සිටියද, ඔහු ශෙන් ස'චුආන් පිළිබදව කනස්සල්ලට පත්ව සිටියේ ය. එසේ වූවද, ශෙන් ස'චුආන්ගේ බලපෑමට හසු නොවන ලෙස ඔහු වැඩි වැඩියෙන් තමාටම අනතුරු අඟවාගන්නා තරමට, ශෙන් ස'චුආන්ගේ ඇස්වල ඉරියව් සහ ඔහුගේ ස්වරයන්ගෙන් ඔහු වඩාත් උද්දීපනය වනු ඇත.
“ඒක හුඟක් වටිනවා , අපි සහෝදරයොනේ.” ෂී හොංෂුආන් අවංක මදහසක් මවාගනිමින් පැවසීය. “ලන්ජෞ, මට ඇත්ත කියන්න, එතකොට මම ඔබේ මළකඳ එක කොටසක් විදිහට ඉතුරු කරලා යන්නම්.”
“ඔය තරම් දුක් වෙන්න ඕනේ නැහැ. ඒක නිදහසේ කරලා දාන්න.” ශෙන් ස'දුආන් ඔහුව පොළඹවාලූයේ ය. “ඉතිං ඒක කරන්න.”
ෂී හොංෂුආන්ගේ හස්තයේ ඇඟිලි අසුනෙහි ආධාරකය හාරාගෙන ගියේ ඔහු ශෙන් ස'චුආන් සමග බැල්මක් හුවමාරු කරන අතරවාරයේදී ය. නමුත් ශෙන් ස'චුුආන් සන්සුන් විය . අනෙක් අතට, ෂී හොංෂුආන් පවසන්නට විය, “ඔබ චී හුයිලියන් ගැනවත් වද වෙන්නේ නැද්ද? ඔබ මැරුණම, මම ඒ වයසක සුනකයාගේ සම ඉවත් කරලා වැන්දඹු අධිරාජිණියට විකූණනවා ඇගේ පහසුව සලසා ගැනීම වෙනුවෙන්.”
ශෙන් ස'චුආන් පවසන්නට විය, “ඔබ වැන්දඹු අධිරාජිණියට වසර විස්සකට කලින් චී හුයිලියන්ව බාර දුන්නා නම් , ඔබේ නොසැලකිළිමත් කමට ඇය මේ වතාවේ අනිවාරෙන්ම සමාව දෙන්න තිබුණා. ඒත් දැන් චී හුයිලියන්ගෙන් වැඩක් ගන්න බැහැ. ඔහු ජීවත් වුනත් නැතත් කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. ඔබ ප්රවිණ වෙළෙන්දෙක් නේද ; මේ වගේ පාඩු ලබන ගණුදෙනුවක් කළාම ඔබට දැනෙන්නේ කොහොමද? මට හිතෙන්නේ ඔබේ සිහිය විකල් වෙලා අධමයෙක් ගානට වැටිලා කියලයි.”
“චී හුයිලියන් උමතුවෙන් බව මවාපානවා විතරයි.” ෂී හොංෂුආන් කීවේ ය. “ඔබ හිතන්නේ මට කියන්න බැහැ කියලද? මරණයේ දොරටුව අසලදිත් පණ බේරගන්න ඔහු නකුට කකුල් අස්සේ ගහගන්නවා. ඔහුට ඒත්තු ගන්වන්න ඕනේ ඒකයි!”
ශෙන් ස'චුආන් සමච්චල් කළේ ය, “ ඔබ උත්සහ කරන්නේ මේ වෙලාවේ මාව කාරණාවෙන් වෙනතකට හරවන්න ද? ඔහු නිකම් ම අධමයෙක්.”
“ඔහු අධමයෙක් නම් , ඔබ ඉගෙනගත්තේ කා යටතේ ද?” ෂී හොංෂුආන් ඔහුගේ ගෙලඉදිරියට දිගු කළේ ය. “ජාඕ සූයි පන්සල ඔබව අළුත් පුද්ගලයෙක් බවට පත් කළා. මීට වසර හයකට පෙර වීදියේ සරන සුනකයෙක්ට සමාන වුන ශෙන් වංශයේ ඉතිරිව සිටින අවසන් පුද්ගලයා මෙතරම් නිර්භීත වගේම ධනවත් ආයෙක් වුනේ කොහොමද? ලන්ජෞ, ඔබ මට කියන්න!"
“මනුෂ්‍යයන් යෝජනා කරනවා, ස්වර්ගය හෙළාදකිනවා.” ශෙන් ස'චුආන්ගේ ප්රකාශනය අදුරු විය. “ඔබ දන්නවද අනිත් අය වෙනුවෙන් සුනඛ පැට්යෙකෟ වෙලා ඔවුන්ට ඔබට පහර දෙන්න ඉඩ හරින එක මොනවගේ දෙයක් ද කියලා? මම මගේ සම ඉවත් නොකළොත් , මම මගේ දුෂ්කරතා වලින් මිදිලා එතැනින් ඉවත් වෙන්නේ කොහොමද? අන් අය මත රඳා පවතිනවාට වඩා තමා මත.රඳාපවතින එක හොඳයි. ඔබය මමයි දෙන්නම ඉන්නේ අන්තරාදායක තත්ව වලින් ගැලවී පලායමින් වුනත් , අපි දැන් ඉන්නේ අභ්‍යන්තර ආරවුලක පැටළිලයි. ෂී හොංෂුආන්, බූරුවා ඇඹරුම් ගලෙන් පිට වුන වෙලාවෙම මරා දමනවා වගේ අයෙක් ඔහුගේ ප්‍රයෝජනය ඉක්මවා ගිය විගස ඔහුව ඉවත් කරලා ඔබ කරන්නේ හොඳ දෙයක් බව සහතිකයි.”
“If ඔ මේ කාරණය කාන්දු නොකළා නම්, එහෙමනම් ඖහුආ මණ්ඩපය හේතුවක් නැතිව කඩා වැටුණේ කොහොමද? අපි ඇතුලෙදි සහෝදරයෝ බව කියාගන්නවා, ඒත් ඔබ පිටතට ගිය මොහොතේ ඉඳන් , ඔබ මගේ පිටුපසට පිහියෙන් ඇණලා. අනුකම්පා යිරහිත වීමෙත් මාව ඔබ සමග සසඳන්න බැහැ! නමුත් දෛවයේ හැටියට නම් , මම මැරුණේ නැහැ!” ෂී හොංෂුආන් සීතල හඬින් පැවසුවේ ය. “ඔබට අවශෟ දෙපාර්ශවයේම හිත දිනාගන්නයි, ඒත් ඔබ මෙතැන ආහාරත් තබාගෙන එය අනුභව කරන තරමේ අවශ්‍යතාවයක් නැහැ , එහෙම නේද?”
“ඔබේ සැකය මේ තරම් දැඩිව උඩුදඅවන්න තරම් ෂ්‍යාඕ'එර් මට ලබාදෙන්න ඇත්තේ මොනවගේ දේවල් ද?” ශෙන් ස'චුආන් උපහාසාත්මක ලෙස පැවසුවේ ය, "ඔහු ෂ්‍යාඕ ජීමිං නෙමෙයි ; ඔහුට ලිබෙයි කුමාරයා වෙන්න බැහැ වගේම ලිබෙයිවල සන්නාහ සන්නද්ධ අශ්වාරෝහක හමුදාවට අණ දෙන්නත් බැහැ. ඔහු නිකම්ම මේ චූදු වල කොටුකළ මෘගයෙක් විතරයි! ඔහුත් මාත් අතර ඇති වෙනස මොකක් ද? ඔහුට මොනවා තිබුනත් මටත් එයින් අඩුවක් නැහැ."
“ඔබට නැති හොඳ ජීවිතයක් ඔහුට තියෙනවා.” ෂී හොංෂුආන් පැවසුවේ ය. “ඔහු ලීබෙයි කුමරුගේ දෙවන පුත්‍රයා, නිත්‍යානුකූල උපතක් හිමි ෂ්‍යාඕ ජීමිංව බිහි කළ මවමයි ඔහුවත් බිහි කළේ. ඔහුට ලීබෙයි හි කුමර තනතුර භාර ගන්න නොහැකි වුනත් , ඔහුට ඔහු වෙනුවෙන් විශ්වාසවන්ත හමුදාවක් ඉන්නවා. ඔබට අඩු ඔබටම කියලා හමුදාවක් නේද?”
උදාසින පුකාශනයක් සහිතව, ශෙන් ස'චුආන් පවසන්නට විය, “මම රාජකීය ආරක්ෂකයෙක් විදිහට තනතුරක් දරණවා; මට හමුදාවක් මොනවටද? මට චූදු වල හිටියොත් විතරයි පණ බේරගන්න පුළුවන්. චූදු හැර, මගේ දක්ෂතා වැඩක් වෙන කිසිම තැනක් නැහැ. මම සාමාන්‍ය උපතක් සහිත ශෙන් වෙයිගේ අටවන පුතුයා , එතකොට ඔබ ෂී වංශයේ නීත්‍යානුකූල පුත්‍රයෙක්. ඔබටවත් මටවත් මීට කලින් සුව පහසු කාලයක් අත් විඳින්න ලැබුණද? ඒකෙන් පෙනෙන්නේ නෘත්යානුකූල සහ සාමාන්‍ය උපත්වල කිසිම වෙනසක් නැති බවයි. මිනිසුන් වශයෙන් ගත්තම, ස්වර්ගයට පවා අවසානය වෙනකල් තීන්දුවකට එළැඹෙන්න අපහසුයි.”
“මේ වගේ ද්‍රෝහි වදන් පවසන එකෙන්, ඔබ මේ ලෝකයේ සමාජ පිළිවෙතට කොහොමටවත් නොගැලපෙන බව පෙන්වනවා.” ෂී හොංෂුආන් තව හස්තයේ ඇගිල්ලක් ඔසවා තමාගේම පා ඇගිලි පෙන්වාලූයේ ය. “ඒත් සමහර අය උපත ලබන්නේ ස්වාමිවරුන් වෙන්න බව ඔබට පිළිගන්න වෙනවා , හේතුව ගෞරවනීය වංශවල අනුප්රාප්තියා හැම වෙලාවෙම ඉදිරියට ගෙනයන්න අවශ්‍ය නිසා. මේක තමයි ඉරණම! සාමාන්‍ය උපත් සහ නීත්‍යානුකූල උපත් අතර වෙනසක් නැත්තම්, රුධිරයෙන් පැවත එන පරම්පරාවන් ඔවුන්ගේ නීත්‍යානුකූලභාවය පවත්වා ගන්නේ කොහොමද? ලී වාසගම ඇති ඔහු ඔබට ඉහළින් ඉන්නේ ශෙන් වාසගම නිසා විතරයි!”
ශෙන් ස'චුආන් ෂී හොංෂුආන් දෙස බැලුවේ ගොරවමින් සිනහ නගමිනි. , “ඒක හරි, ඒක හරි…” යැයි ඔහු පවසන විට ඔහුගේ හැගීම්බර දෙනෙත් තුල උමතුසහගත භාවය ඇවිලී යන්නට විය.
ච්‍යාඕ ත්‍යැන්යා එක් තත්පරයක් තුළදි ශෙන් ස'චුආන්ගේ ඝාතන චේතනා අභිනය හදුනාගත් අතර ඔහු සිතුවේ ශෙන් ස'චුආන් තම අසිපත පිටතට ගන්නට සැරසෙන බවයි. නමුත් ඊළඟ ක්ෂණයේ ශෙන් ස'චුආන් ප්‍රබෝධවත් ස්වරයෙන් හඬනඟා පවසනු ඇතැයි ඔහු අපේක්ෂා නොකළේ ය. “එ්කත් එහෙම නම්, ෂ්‍යාඕ'එර් ව අනුගමනය කරන එකෙන් මට ලැබෙන්නේ මොනවගේ අනාගතයක් ද? ඔය කටකතා විශ්වාස කරලා අද මාව මරන්න උගුලක් ඇටෙව්වත් අනාගතයේ දවසක ඒ ගැන ඔබට පසුතැවෙන්න වෙයි.”
ෂී හොංෂුආන් පසුබට විය, සැකය තවත් හේ වෙළාගත් අතර නිවැරදි තීරණයකට එළැඹෙන්නට නොහැකි විය , නමුත් ඔහුගේ මුහුණේ හැගීම් ඔහුව පාවා නොදුන්නේ ය. ඔහු තම දෑස් පහත් කර පවසන්නට විය, “සගමරණයට මුහුණ දෙද්දි පවා , ඍබ තවමත් මවාපාමින් ඉන්නවා! ඔබ ජාඕ සූයි පන්සලෙන් ආ වහාම මෙතැනට ආවා. මේ ස්ථානය ඔබට වැදගත් බව පේන්න එ් සාක්ෂිය ම ප්‍රමාණවත් නේද?”
“අනිවාරෙන්ම.” ශෙන් ස'චුආන් හැඟීම් පිළිබඳ හෝඩුවාවක්වත් නොවූ ගැඹුරු ජල තටාකයක ගිලී සිටියාක් සේ පෙනෙන්නට විය. ඔහු පැවසුවේ ය, “ඒ ඔබ පවසන චී හුයිලියන් ගැන. ඔහු උමතු වී සිටියත් , පෙරදිග මාලිගාවේ ඔටුන්න හිමි කුමරු ප්රමුඛ නිල තනතුරක් භාර ගැනීමට පෞද්ගලිකව ආරාධනා කළ ත්‍රිත්ව යුආන් විභාගයේ ඉහළම විශාරදයා වුන චී හුයිලියනුත් වෙනවා. දැන් ඔහු මගේ ළඟ සිටින නිසා, ඔහු මිය ගිය යනකල් මම ඔහුව වෙන කාටවත් භාර දෙන්නේ නැහැ."
ෂී හොංෂුආන් ඔහුව රැවටීමට උගුලක් අටවන බවට ශෙන් ස'චුආන් තුළ වූ උපකල්පනය නිවැරදි විය. චී හුයිලියන් ඇත්තටම මනස අහිමිවෙලාද නැතිනම් එයා මවාපානවද යන්න ෂී හොංෂුආන් තූළ කිසිම අදහසක් තිබුණේ නැහැ. ඔහුට අවශ්‍ය වූයේ ශෙන් ස'චුආන්ව ආරක්ෂාකාරී ලෙස තොරව අල්වා ගැනීම පමණකි. ෂී හොංෂුආන්ට ට ෂූඒ ෂ්‍යුජුඕ ගේ හැකියාව නොතිබුණද, කෙනෙකුව අභිබවා යන්නට පහසු හැකියාවක් ඔහුට තිබුණි, එ් කථිකත්වය විය. එක තේ පානය කරන රැස්වීමකින් පමණක් රාජකීය ශාස්ත්‍රාලය කැරැල්ලක් ඇති කිරීමට පොළඹවා ගැනීමට හැකි වූයේ ඔහුගේ ඒ තියුණු දිව නිසාය. එමෙන්ම එය ඔහුගේ දුර්වල කරුණ ද විය.
ෂ්‍යාඕ චීයේ සහ ශෙන් ස'චුආන් ඔහුව ඉවත් කරන්නට සත්‍ය වශයෙන්ම උගුලක් අටවන බව ඔහුට විශ්වාස නම් , ඔහු ශෙන් ස'චුආන්ට මුව විවර කරන්නට හෝ ඉඩ නොදෙනු ඇත. ඔහු තම රෝගි වූ ශරීරය මෙහි ඇදගෙන පැමිණියේ, ඔහුට ෂ්‍යාඕ චීයේ සහ ශෙන් ස'චුආන් සැබැවින් ම සහෝයෝගයෙන් කටයුතු කරන්නේ දැයි ඔහුට නිශ්චිතභාවයක් නොතිබුණු නිසා ය.
ඒ නිසාම ඔහුට තමාගේ විශේෂ දක්ෂතා පිටතට ගන්නට සිදු වූ අතර ශෙන් ස'චුආන් රවටා සත්‍යය පිටතට ගන්නට මහත් සටනක නිරත විය.
“ඔබට චී හුයිලියන්ව අවශ්‍ය මොනවටද?” ෂී හොංෂුආන් බිය සහගත බවකින් ඇසුවේ ය.
ශෙන් ස'චුආන්ට හදීසියේම අදහසක් පහළ විය. එය අනුව යමින් , ඔහු ඉදිරියට නැමී ශෙන් ස'චුආන්ට පැවසුවේ ය, “චී හුයිලියන් ඔටුන්න හිමි කුමරුගේ ගුරුවරයා වී හිටියා. අතීතයේ බටහිර මාළිගාවේ යමක් සිදුවී තිබුණා , තවමත් ළදරු වියේ සිටින රාජකීය මුනුබුරෙක් ඉන්න බව මට ආරංචි වුණා. ජි ලෙයි ඔහුගේ මරණයට පෙර රාජකීය මුනුපුරා සිටින ස්ථානය මට හෙළි කළේ නැහැ. මම බය වුණා චී හුයිලියන් ඒ ගැන දන්නවා ඇති කියලා, ඒ නිසා මට ඔහු ගැන දැඩි සෝදිසියෙන් ඉන්න සිද්ධවුනා."
ෂී හොංෂුආන් තමාටම මුමුණාගනිද්දී ඔහුගේ මුහුණේ හැගීම් වෙනස් වෙන්නට විය. ඔහු පවසන්නට විය, “වැන්දඹු අධිරාජිනිය කොහොමටවත් දිවි ගලවා ගත් කාවවත් ඉතිරි කරන්නේ නැහැ. කරදර ඉවත් කිරීම සාමාන්‍ය සිරිතකි! ඉතින් ඔබ දවල් සිහින දකින්නේ මොනවා ගැනද?! ”
ශෙන් ස'චුආන් පැවසුවේ ය, “දැන් රාකීය උරුමකරුවෙක් අපිට නැත්තං, අධිරාජ්‍යයාව ඝාතනය කරන්න කුමන්ත්‍රණය සිදු කරන්න නිර්භීත වෙන්නේ කවුද? ඔහු මිය ගියොත් දජෞ වල ලී වාසගම ඇති වෙනත් කිසිවෙක් සිටින එකක් නෑ. එය සිදු කළේ ඔබත් නෙමෙයි , මමත් නෙමෙයි. මෙතැනදී මා එක්ක අමනාපකම් ඇති කරගන්නවා වෙනුවට, ඇයි ඔබ ඔබේ අසිපත පහත හෙළලා කැරුල්ලක් ගැන සාකච්ජා නොකරන්නේ ඇයි?”
“මම කොහොමද දන්නේ ඒ ඔබ නෙමෙයි මද කියලා?” ෂී හොංෂුආන් නොසෙල්වුණේ ය. “ඖහුආ මණ්ඩපයේ ව්‍යුහය ඔබ හැර වෙන කිසිවෙක් දන්නේ නැහැ. ඔබට එය විකෘති කරන එක්ක සරලවම පහසු දෙයක්. ඊට අමතරව, මම එක පිට කරදර වලට මුහුණ දෙනකොට, ඔබ නැවත නැවතත් උසස්වීම් ලබා ගන්නවා. ඔබේ ප්‍රශංසනීය කාර්යයන් ඉහළ යනවා නිසැකයි!”
මම අධිරාජ්‍යයාගේ කරුණාව ලැබුවා විතරයි. මට මගේ මාර්ගයේ ඉහළට ගමන් කරන්න කාලය උදාවෙලා.ඉතිං ඇයි මම ඔහුව මරා දමන්නේ? ඒ විතරක් නෙමෙයි, ඔබත් මමත් ටික කාලයක් තිස්සේ එක්වෙලා කුමන්ත්‍රණය කරමින් සිටියා, ඉතිං ෂ්‍යාඕ'එර් පුහු පොරොන්දු මත මාව විශ්වාස කරන්නේ ඇයි?” ශෙන් ස'චුආන් ඔහුට මඳ සිනහවක් පෑවේ ය “මම ඔබව මරනවා නම් , ඒ මට මීට වඩා සම්පත් බොහොමයක් තියෙන වෙලාවක් වෙන්න ඕනේ.”
ඔහු පැවසුවේ අඬක් විහිළුකාරී ලෙස වූවද එය අසා සිටින පුද්ගලයන්ගේ රුධිරය ශීතල වූයේ ය. ෂී හොංෂුආන් ඔහුගේ මුව වසා කාශය පිට කළේ ය, ශෙන් ස'චුආන් ගේ බැල්ම මග හැරීමට ඔහු මේ පරතරය භාවිතා කළේය.
බොහෝ මිනිසුන් ඝාතනය කරන්නට ඔවුන් එක්ව කුමන්ත්‍රණය කළද, ශෙන් ස'චුආන්ට මුහුණ දීමට ෂී හොංෂුආන්ට තවමත් නොහැකි විය. මේ එක් මොහොතකට ඇති වූ බියක් නොව, ඔවුන්ගේ දැන හැඳුනුම්කම මත එකතු වූ බියකි. ජි ලෙයිගේ සම ගැලවී ගිය ආකාරය ඔහුට අමතක කළ නොහැකි විය. ඒ නිසාම දැන් ඔහුගේ සැකය ඇවිළී ඇති නිසා ඉක්මනින් ක්‍රියාත්මක වෙන්නට ඔහුට අවශ්‍ය විය.
මේ පුද්ගලයාට ජීවත් වෙන්නට ඉඩ නොදීය යුතුය.
ෂී හොංෂුආන් සිතුවේය.
කාලය නිසැකවම පැමිණි විට, හේ ඔහුව කුමන හෝ අයුරකින් මරා දැමීය යුතුමය! එවැනි මිනිසෙකු ෂී හොංෂුආන් ගේ අරමුණු සඳහා යොදා ගන්නට නිසැකවම ඉඩ නොතැබීය යුතුය. නීත්‍යානුකූල සහ සාමාන්‍ය උපත් අතර වෙනසක් නොමැති බව ගැන ඔහු කළ කතාවෙන් ඒ වන විටත් අෂ්ඨ මහා වංශයන් කෙරෙහි ඔහු තුළ ගෞරවය හෝ යටහත් පහත්භාවයක් නොමැති බව වැටහී තිබුණි. කොටියෙකු සමඟ තම ගොඳුර වෙනුවෙන් කේවල් කරන්නා සේ තම විරුද්ධවාදීන්ගේ අවශ්‍යතාවලට පටහැනිව කළ නොහැකි දේ කරන්නට සෑම කෙනෙකුම උත්සාහ කළෝ ය. ඉදිරි දිනවලදී වේගවත් වන්නේ කුමන පුද්ගලයා දැයි බලන්නට ඔවුන් තරඟ කළෝ ය.
ෂී හොංෂුආන් රහසෙිම තම මනස සකස් කරගත්තේ ය. ඔහුද සිනහවෙමින් පවසන්නට විය “මම ඔබට බිය වෙන්නේ මම ඒ වගුරට වැටිලා තැලී ඉන්න නිසායි. ලන්ජෞ, ඔබට එය වැටහෙන්නේ ඔබටත් එතැන වැතිරිලා ඉන්න සිදුවුනා නම් විතරයි. ඔබලා ඇයි මෙතැන සිටගෙන ඉන්නේ? ඔබේ අසිපත් ඉවත් කරන්න. විනිසුරුතුමාට හානියක් කරන්න එපා.”
අවට වූ අසිපත් එකින් එක කොපුව වෙත ඇදී ගියේය. නමුත් ෂී හොංෂුආන් තම මිනිසුන්ට කාමරයෙන් ඉවත් වන ලෙස පැවසුවේ නැත. ඔහුගේ තවමත් සිටියේ සිගාල වෙස් ගෙනය., “මේ දින කිහිපය තුළ ශැමදේම සිදුවුනේ හදිස්සියෙන්. අපේ සන්නිවේදන මට්ටම බිඳ වැටීමත් එක්ක අපි එකිනෙකා ගැන එදිරිවාදී විදිහට සැක කිරීම වළක්වන්න බැහැ. දැන් සියල්ලම යහපත් අතට හැරිලා සුළඟ හැමීම නතර කරලා තිබීම හොඳ දෙයක්. එන්න, ලන්ජෞ. අසුන්ගන්න, අපි කතා කරමු.
ශෙන් ස'චුආන් පැවසුවේ ය, “අසිපත් සහ තලවලට ඇස් නැහැ. දෙවන තරුණ ස්වාමීනි, ඊළඟ වතාවේ, මට මුලින්ම අවවාදයක් කරලා ඉන්න, එතකොට මට ඒ වෙනුවෙන් සූදානම් වෙන්න පුළුවන් , අද වගේ ඉක්මන් නොවී. ”
"අනතුර හමුවේ ඔබ සන්සුන්ව ඉන්න ආකාරය අනර්ඝයි." ෂී හොංෂුආන් තේ පුරවා ගැනීම සඳහා තේ පෝච්චිය ඔසවා ගත්තේය. “ඔබ දන්නා විදිහට, අප කරන දේ අනුව තමයි අපේ හිස රදනවද නැද්ද කියලා තීරණය කරන්නේ. මම මේ කතාවේ ඇත්තටම මුල්ලකට වුණා ; එහෙම නැත්තම් , මම ඔබට ඒ විදිහට සලකන්නේ කොහොමද? ඒ සේරම මට බල කළ නිසායි! නුදුරේදීම සාර්ථකත්වයේ ලාංඡනය හිස් මුදුනෙන් පැළදෙන යන දෙවන ෂ්‍යාඕ සතුටට පත්වෙලා ඉන්නඅ ආකාරය දැකලා මම කනස්සල්ලට පත්වෙලා හිටියේ. එන්න එන්න. ඉක්මනින් අසුන් ගන්න. මට විරුද්ධව තවමත් ඒක තියාගෙන ඉන්නවද? ”
“මම, ශෙන් වාසගම එක්ක, ඉහළ නිළයක ඉන්න නම් සුදුසු නැහැ.” ශෙන් ස'චුආන් කාමරය සිසාරා බැලුවේ ය. “මම කොහොමද ඔබ අසලින් අසුන්ගන්න හිතන්නෙවත්?"
ෂී හොංෂුආන් මහ හඬින් සිනාසෙමින් පවසන්නට විය, “ඕවා ඔක්කොම විකාර කතා! ඒවා හුදෙක් අන්‍යයන්ට අවමන් කරන්න භාවිතා කරන වචන විතරයි. ඔබ අනෙක් අයට සමාන වෙන්නේ කොහොමද? අසුන්ගන්න."
ශෙන් ස'චුආන් අසුනේ වාඩි වූයේ ඉන් පසුවය.
ෂී හොංෂුආන් ඔහු වෙත තේ පැන් දිගු කර සමාව අයැදීමේ සිනහවකින් යුතුව පැවසුවේ ය, “ඔබ මගෙන් ඇසුවොත්, ශෙන් වාසගම ඔබව ඇත්තටම පසුපසට අදිනවා. ඔබත් එහෙම හිතනවා නෙමෙයි ද? ඔබ හන් වංශයේ හරි ෆෙයි වංශයේ ඉපදුණා නම් අපි අතර මේ තරම් වෛරයක් ඇති වෙන්නේ නැහැ නේද? ලන්ජෞ, කරුණාකරලා සන්සුන් වෙන්න! දැන් මට ඇත්තටම කියන්න. ඔබ මේ චී හුයිලියන්ව තියා ගන්නේ මොකක් වෙනුවෙන් ද? ”
ශෙන් ස'චුආන් ඔහුගේ කබා අත අල්ලා ගත්තේ තම විජිණිපත අස්ථානගතවූ බව මතක් වෙන්නට පෙරය. ඔහු පැවසුවේ ය, “ඒ වයසක අධමයා බය වෙලයි හිටියේ පෙරදි ඔටුන්න හිමි කුමරු තමන්ගෙම ගෙල කපාගෙන සියදිවි නසාගත්ත නිසා. මම ජාඕ සූයි පන්සලේ සිටි හැමවෙලාවකම ඔහු ළගට වරන් වර දිවගියා ඔහුගේ කෑගැසීම් ඇහුණු නිසා , මේ හිතුවා අනාගතයෙදි හදීසි අවශ්‍යතාවයක් වෙනුවෙන් ඔහුව තියාගන්න එක හොඳයි කියලා.”
"ඔබට තිබුණේ රාජකීය මුනුපුරා සම්බන්ධ කාරණය ගැන මගෙන් අහන්න." ෂී හොංෂුආන් තේ පෙන පසෙකට තල්ලු කළේය. “තවත් මේ කාරණය ගැන හිතන්න එපා. ඒක කරන්න බැරි දෙයක්.”
"එහෙම වෙන්න අවස්ථාවක් ඇත්තෙම නැද්ද?" ශෙන් ස'චුආන් තේ කෝප්පය මෘදු ලෙස හරවා බැලුවේය. ඔහු එය පානය නොකළේ ය.
ෂී හොංෂුආන් තේ පානය කර, දෙවරක් කාරමින් පැවසුවේ ය, “ඒ කාර්යය ජි ලෙයි සහ ෂෙන් වෙයි එක්ව සිදු කළා, ඔවුන් දෙදෙනාම අනුකම්පා විරහිත යි. ඔටුන්න හිමි කුමරිය පවා ඔවුන් විසින් ගෙල සිරකර මරා දැමුවා, රාජකීය මුනුපුරාට දයාව පෙන්වමින් ඔවුන් කෙරෙහි ඔබේ බලාපොරොත්තු තබා ගන්න ඔබට අවශ්‍යද? ඒ විතරක් නෙමෙයි , ඔවුන් තම පියා මරා දැමීම වෙනුවෙන් රාජකීය මුනුපුරාගේ දිවුරුම් දුන් සතුරන් බවට පත්වෙලා හිටියා. තමන් වෙනුවෙන්ම අනාගත කරදරවල බීජ වපුරනවාට වඩා හොඳ දෙයක් ඔවුන්ට කළ නොහැකි වේවි ඔබ සිතනවාද?
“ෂුඒ ෂ්‍යුජුඕ පැවසුවෙත් එයම ද?”
ෂී හොංෂුආන් ඔහු දෙස බලා පවසන්නට විය "ඇයි ඔබ විශේෂයෙන් යැන්චින් ගැන අහන්නේ?"
"ඔබ එකිනෙකාට හුරුපුරුදුයි." ශෙන් ස'චුආන්ගේ බැල්ම නොසැලුනේ ය. "ඔබට ඔහු එක්ක හොඳ සම්බන්ධයක් තියෙනවා. මෙවර ඔබේ ඇගයීම් කාර්යාංශයට උසස්වීමක් ලැබුණේ හරියටම ඔබ ඔහුගේ උපදෙස්වලට ඇහුම්කන් දීම නිසා නෙමෙයි ද?"
"ඔබ දෙදෙනාම ජූග' ලියාං ලා. ෂී හොංෂුආන් නැවතත් පන්දුවට පහර දුන්නේ ය “ඔවුන් කිව්වේ විද්වතුන් එකිනෙකා දෙස පහත් කරලා බලනවා නියලයි. ඔබලා ඔයතරම් බුද්ධිමත් නම් එකිනෙකා හෑල්ලු කරන්නේ ඇයි?
"ඇත්තටම ඒක එහෙම නෙවෙයි." ශෙන් ස'චුආන් පැවසීය. “පරීක්ෂා කිරීමට පෙර ඔබව ඇගයීම් කාර්යාංශයට මාරු කළා, පසුව, මේ රතු-උණුසුම් පැවරුම ඔබ මතට කඩාගෙන වැටුණා. ඒකෙන් අනිත් අය ඊර්ෂ්‍යාවෙන් කොළ පාට වුනා. ඔබ පිහිටුවා ඇති හේතුව මෙය නොවන බව නම් කියන්න අපහසුයි. ෂුඒ ෂ්‍යුජුඕ වසර ගණනාවක් තිස්සේ නිලධාරියෙක් විදිහට කටයුතු කරලා තියෙනවා , ඔහු කිසිම වෙලාවක ඒ ගැන සිතුවේ නැහැ? ඔහු එහෙම කළා නම්, ඔහු තවමත් ඔබව
පොළඹවා ගන්නේ ඇයි? ”
ෂී හොංෂුආන් තේ පානය කරමින් සිටියදී ඔහුගේ හස්තය චලනය නතර විය. ඔහු පැවසුවේ ය, “කවුද බලාපොරොත්තු වුනෙු කවුරුහරි මට ඇත්තටම පහර දේවි කියලා? ඒක යැන්චිංගේ වරදක් නෙමෙයි.”
“නැන්ලින් දඩයම් පිටියේදී අධිරාජයා ආරක්ෂා කරමින් ඔහු යහපත් සේවයක් කර තියෙනවා. එහෙත් ඔහු තම හැකියාවන් සඟවා ගන්න සැන මිටියා. ඔහු ඒ මුළු කාලය පුරාම පිටතට ගියේ නැහැ. ඒ වෙනුවට ඔහු අත්දැකීම් වැඩි කරගන්න අධිකරණ සමාලෝචන උසාවියට ගියා." මේ කාරණය පැවසූ පසු, ශෙන් ස'චුආන් තවදුරටත් නොනැවතී ෂී හොංෂුආන් දෙස බලා සිනාසුණේය. "මට ඒක අමුතුයි වගේ."
එය නෑසුනාක් මෙන්, ෂී හොංෂුආන් ද සිනහ හඬ නැගුාව් ය, “අනේ, දෙවියනේ!
මේ බාධාව නිසා මට ඒක අමතක වෙන්න සැලැස්සුවා. ලන්ජෞ, දැන් මම සුවවෙලා ඉන්නේ, අධිාජ්යයා අවදි වී ඇති නිසා , ප්‍රධාන නිරීක්ෂණ කාර්යාංශය මට දෝෂාභියෝග එල්ල කරන්න පටන් ගනීවි. මට ක්‍රමයක් ගැන හිතන්න උදව් කරන්න. මාව චූදු වලින් පිටතට මාරු කරන්න දෙන්න බැහැ."
“වරද මේ වෙලාවේ මහරජාණන්ගේ. නමුත් කිසිවෙකුත් ඔහුට දොස් කියන්නේ නැහැ. ඒ වගේම වැඩ අමාත්‍යාංශය සහ ආදායම් අමාත්‍යාංශය වගකීම් පැහැර හරිමින් දොස් පවරමින් සිටියා. ඔබ මැදින් ගොඩ බැස්සේය. හැම කෙනෙකුම ස්වභාවිකවම ඔබව ඉලක්ක කරාවි." ශෙන් ස'චුආන් තේ කෝප්පය පසෙකින් තැබුවේය. "මෙය කටයුතු කරන්න අපහසු එකක්."
“ජැන් ෂියන්ජිඒ සහ වෙයි හුඅයිගු , හහ්!” ෂී හොංෂුආන් පැවසුවේ ය. “හැම දේකටම පස්සේ , ඔවුන් ට වුවමනා මුදල් විතරයි. බැනුම් අහන එක ඇත්තටම ලොකු දෙයක් නෙවෙයි.ඔවුන් අය මට ළං වෙලා ඉන්නේ ඒ තත්ත්වයෙන් ප්‍රයෝජන අරගෙන මිල වැඩි කරලා මගේ සල්ලිවලින් ඒ අඩුව ගෙවාගන්න සල්ලි හම්බ කරන්නයි. මේ වෙලාවේ කී දෙනෙක් මැරුණාද? අධිරාජ්‍යයා හොඳින් සිටින තාක් කල්, ඕනැම දෙයක් මිලට ගන්න පුළුවන්.”
"මේ වතාවේ ටේල් දස දහසක්වත් නැතිව, එය විසඳන්න අපහසු වේවි කියලයි මට බය" ශෙන් ස'චුආන් සිනාසෙමින් කීවේය.
"මට මුදල් තියෙනවා." ෂී හොංෂුආන් තේ කෝප්පයත් පසෙකින් තබා පැවසුවේ ය, “නමුත් මම එය ඔවුන්ට දෙන්න කැමති නැහැ. උතුමාණන්ව ගණිකා මඩමට කැටුව යාම ගැන මම වැරදියි තමයි. නමුත් පොදු වළවල් ගැන මට කරන්න දෙයක් නැහැ. ඔවුන්ට අසාධාරණ ඉල්ලීම් මට එල්ල කර මාව බිල්ලක් විදිහට භාවිතා කරන්න අවශ්‍ය නම් මම එයට බැඳී ඉන්නෙ නැහැ. ”
“ ශ්‍රේණියේ ඉහළ නිලධාරියෙකුට ඔහුට වඩා පහළ ශ්‍රේණියේ නිලධාරියෙකු පීඩාවට පත් කරන්න පුළුවන්. ඔබ වරදක නොකළත් එය ඔබගේ වරදක් බවට පත්වේවි. ඔවුන් සමඟ තර්ක කිරීම සාර්ථක නැතිවේවි, ප්‍රශ්ණය එලෙසම තැබීම අර්ථ විරහිත වැඩක්. ” ශෙන් ස'චුආන් සන්සුන්ව සිටිමින් පවසන්නට විට, “තවමත් ගනුදෙනු කරන්න අපහසු දෙයක්”
ෂී හොංෂුආන් පවසන්නට විය, "එය අපහසු නැහැ. මම ඔබට කියන්නේ, අධිරාජ්‍යයාගේ හදවත මා සමඟ තියෙන්නේ. මට දැඩි දඩුවම් දෙන්න අවශ්‍ය වුනත් , ඔවුන් තවමත් අධිරාජ්‍යයා සිතන්නේ කුමක්දැයි සොයා බලන්න ඕනේ. ෂ්යාඔ'එර් සමඟ කටයුතු කරන්න කලින් අපි හාස් අහිමි කර නොගෙන ඉන්න ඕනේ. අධිරාජ්‍යයා මේ වතාවේ අවදි වුනාට පස්සේ වෙනදා වගේ නොවෙන බව
බව මට හොදටම විශ්වාසයි.”
_____________________________________
අරුත් පැහැදිලි කිරීම.
1). ජූ ග' ලියාං (诸葛亮) ත්‍රිත්ව රාජධානි සමයේ ප්‍රසිද්ධ රාජ්‍ය තාන්ත්‍රිකයෙක්, දෘෂ්ටිවාදියා සහ උපායමාර්ගිකයෙක් විය; ෂූ-හන් රාජවංශයේ නිර්මාතෘ ලියු බෙයිගේ කීර්තිමත් උපදේශකයා ද වේ. එය මහ මොළකරුවෙකු හැඳින්වීමට ද භාවිතා වේ.
😍😍😍😍😍😍
ReplyDelete