රාත්‍රී වර්ෂාව නතර වී ඇත, නමුත් තවමත් එහි සරාගී බව පහව ගොස් නොතිබිණි.
උණුදිය උල්පත ප්‍රතිසංස්කරණය කරන ලද්දේ මෑත කාලයේදී ය, එය ප්‍රමාණයෙන් කුඩා එකක් වූ නමුත්, එහි වැඩ කටයුතු මුළුමනින්ම අවසන් වී පැවතියේය. සිය වස්ත්‍ර ඇඟ ලාගත් ෂියාඕ චීඒ, අශ්වයාට සහ උකුස්සාට ආහාර ලබා දෙන්නට විය. පළමු මාඕ යාමයේ තුන් කාලේ සමයේ දී ෆෙං කන්ද මත ශ්‍රවණය කළ හැකි එකම හඬ වනුයේ පියස්සේ කෙළවරින් දිය බිඳු බේරී වැටෙන හඬ පමණකි. ඉදිරිපසින් විවෘතව පැවති වස්ත්‍ර ද සමඟින් ඔහු මොහොතක් ගතවනතුරු එම, කඳුවැටියෙන් ඇදී එන පවන් රැල්ලේ පහස විඳ ගත්තේය. උල්පතෙහි මුල් භාගයේ වන සිසිලසින්, පෙරදා රාත්‍රියේ පැවති කැළැඹුණු සහ උද්වේගකාරී බව ක්‍රමයෙන් සන්සිඳවූයේය. නමුත් ඔහුගේ කාමාශාව තව තවත් දැඩි වී තිබියේ පෙර සිදුවීමෙහි ආදීනව ජනිත වූ සැහැල්ලු සහ සෞම්‍ය බවක් සමඟිනි.
මෙය ආශාවන්ට ඉඩ දීමෙන් ලැබෙන තෘප්තියයි.
ෂ්‍යාඕ චීයේ ලං තාඕ ෂුඒ ජින් ගේ පිටමත වූ සෑදලය ඉවත් කරදමා මෙං ට සංඥා කළේය. මෙං ඌගේ පියාපත් නිසිලෙස දිගහරිමින් ඇසිපිය ගහන ඇසිල්ලෙන් වනානතරය හරහා පියාසරකළේ ය.
ෂ්‍යාඕ චීයේ රාගය සහ උණුසුම තවමත් පහව නොගිය කුටියට පියනගන්නට ආපසු පිටුපසට හැරුණේ ය. ශෙන් ස'චුආන් නිදන කොට්ටය උඩින් වැතිර පොරෝනයකින් තමාව ආවරණය කරගෙන සිටියේ ය. ඔහු නෛසැක වශයෙන්ම නිදාසිටිනවාද නැද්ද යනවග පැවසීම අපහසු විය. හේ අඩක් නිරාවරණය වූ දකුණු සවන් පතෙහි තවමත් ඒ කන් ආභරණය පැළඳ සිටියේ ය.ෂ්‍යාඕ චීයේ තම දෑතින් එය ඔහු වෙනුවෙන් ගලවාදමන්නට සැරසුනත් පසුව ඔහුගේ කරබුව පැළදීමෙන් රත් පැහැ ගැන්වී තිබූ ඔහුගේ සවන්පත පිරිමැද්දේය.
ශෙන් ස'චුආන් ශබ්දයක් පිටකලේ ය. ඔහුට එතරම් නොද නින්දක් තවමත් ලබාගන්නට හැකිව තිබුණේ නැත. මොහොතක් එහි වැතිරී සිට , මඳක් දෙනෙත් විවර කළ ඔහු ෂ්යාඔ චීයේ දෙස බලමින් ගොරෝසු හඬින් පවසන්නට විය. "... දැන් අපිට පිටත්වෙන්න කාලය හරි."
ෂ්‍යාඕ චීයේ පෙරලී ගොස් ශෙන් ස'චුආන් අසල වැතිරගත්තේය. ඔහු ශෙන් ස'චුආන් දෙස බලා සිටියේ ය, "අද නිවාඩු දිනයක්. තවමත් වේලාසන වැඩීයි."
ශෙන් ස'චුආන් එය පිළිගන්නා අටියෙන් හඬක් නැගීය. " රාජකීය බන්ධනාගාරයේ තවමත් කළ යුතු රාජකාරි තිබෙනවා."
"කාර්යබහුල පුද්ගලයෙක්." ෂ්‍යාඕ චීයේ ඔහුගේ ඇගිලි තුඩුවලින් අල්ලාගෙන ඔහුවතමා දෙසට ඇදගත්තේ ය. "එක දවසක් ඇතුලත , ඔබට උතුරු විනිසුරුවරයා විදිහට තනතුරක් ලැබෙනවා., ඒවගේම උප හමූදා අණදෙන නිළදරයෙක් විදිහටත් උසස්වීම් ලැබෙනවා. ඔබට දැන් ගනුදෙනු කරන්න සිදුtවෙලා තිබෙන හැම පුද්ගලයෙක්ම පරම්පරාගත පෙළපත්වල උරුමකරුවොයි. ඔබට ඔවුන්ව හසුරවා ගැනීම අපහසු වේවි.; ඔබව යටපත් කරන්න අවශ්‍ය අයෙක් නිසැකවම හිඳීවි."
ශෙන් ස'චුආන් පවසන්නට විය, " ස්වර්ගයේ පුත්‍රයාගේ අභ්‍යන්තර කවයේ නිලදාරියෙක් වීම සියල්ලටම වඩා අපහසු වේවි."
ශෙන් ස'චුආන් ගේ මුහුණ පුරාවටම , ඔහුගේ භාව ප්රකාශනයෙන් තෘප්තිය ගම්‍ය වූයේ ය. පුද්ගලයන් දෙදෙනාම එකිනෙකා දෙස බලා උන්නහ. වැහිකුණාටුවකින් පසු ඇතිවන සාමකාමි ස්වරූපය මෙන් , ඔවුන්ගේ සිපගැනීම් මෘදු හා මන්දගාමී බවක් ඉසිළුවේ ය.මේ සරල ලෙස වහලය සෙවිලි කර තිබූ ගෘහයේ , ඔවුන් මුළු හදවතින්ම ව්කිනෙකාට සමීප වූවෝය. ඔවුන් චූදූ වලින් පිටව ගිය මේ පැය කිහිපයට , ඔවුන්ට තම විචක්ෂණශීලී පරිණතභාවය පසෙකලා සාමාන්‍ය වයසින් මුහුකුරා ගිය තරුණයන් බවට පත්වෙන්නට හැකියාව ලැබී තිබුණි.
ෂ්‍යාඕ චීයේ කොදුරන්නට විය , "මේ තැන හරිම පුංචියි, දිලෙන ගොඩනැගිලි ප්‍රාකාර වලින් අහස ආවරණය වෙලා , කඳු සහ තැනිතලාත් නඟර වලින් වට වෙලා. ලං තාඕ ෂුඒ ජින්ට උගේ හිතේ හැටියට දුවාගන්න හැටියක් නැහැ... අපි චූදු වලට අනාගතයේ කවදමහරි ගියොත් , මම ඔබව හොංයැන් කඳු දිගේ වේගයෙන් එක්කගෙන යන්නම් ."
ශෙන් ස'චුආන් ඔහුගේ ළයට බර දෙමින් අසන්නට විය , "ලීබෙයි වල හඳ දුආන්චො වල දි තරම්ම වටකුරුයි ද?"
ෂ්‍යාඕ චියේ යමක් පවසන්නට පෙර බොගෝ වෙලා නිහඬව කල්පනාකලේ ය, "මට දැනටමත් ඒ ගැන අමතකවෙලා ... දුආන්චො වල තණ ගස් ලීබෙයි වල තරම්ම උසැති ද?"
ශෙන් ස'චුආන් ද පැවසුවේය. "මටත් ඒ ගැන අමතක වෙලා."
ඔවුන් දෙදෙනාම එක්වරම සිනහා හඬ නැගූයේ එහි වූ මළානික බව දුරුකරවමිනි. ෂ්‍යාඕ චීයේ ඔහුගේ නිකට ශෙන් ස'චුආන් ගේ හිස් මුදුනට තබා තද කරද්දී ශෙන් ස'චුආන් ෂ්යාඔ චීයේගේ පහස විඳගන්නට විය
ෂ්‍යාඕ චීයේ කීවේය , "අපි එකට යමු."
ශෙන් ස'චුආන් ඇසුවේ ය. "ගෙදර ද?"
ෂ්‍යාඕ චීයේ තම දෑත් ශෙන් ස'චුආන් වටා පටළවා ගත්තේ ය , "ගෙදර ... එහෙනම් ජී ගැන් ශීෆුගෙනුත් අහන්න අපිත් එක්ක යන්න එන්න කියලා. ලීබෙයි හුඟක් විශාලයි ; එහෙ නවතින්න තැන් වුවමනා තරම් තියෙනවා ."
ශෙන් ස'චුආන් මහ හඬින් සිනාසි ඔහුහේ දෙනෙත් පහත් කර ගත්තේ ය, "ශීෆුට ආයෙමත් දුඅන්ජෞ එන්න ඕනෙවෙයි. මට බය අපිට එක්ව යන්න නොහැකිවෙයිද කියලයි."
ෂ්‍යාඕ චීයේද දෙනෙත් පහත් කර පැවසුවේය , "අපි චූදු වලින් පිටත ඉන්න තාක්කල් , අපිට එකතුවෙලා ලෝකයේ ඕනැම තැනකට , අනන්තයටම වුනත් ගමන් කරන්න පුළුවන්."
ශෙන් ස'චුආන් ගේ දෑස් හා ෂ්‍යාඕ චීයේගේ දෑස් එකිනෙක හමුවිය , "වෘක පැටියා ඉන්න ඕනේ ලීබෙයි වල. එහෙම නොවුනොත් දිගුකාලීන අක්‍රියභාවය නිසා ඔහු දුර්වල වීම කණගාටුදායක දෙයක් වේවි. ෂ්‍යාඕ චීයේගේ දෑස් ඔහු කතා කරද්දී සන්සුන් සහ ශාන්ත බවක් ඉසිලුවේය, "ලිබෙයි වල මගේ වැඩිමල් සහෝදරයා ඉන්නවා. ඒවගේම ලීබෙයි සන්නාහ සන්නද්ධ අශ්වාරෝහක සේනාංකයට මගේ පියාණන් ඉන්නවා. මාව ගැලපෙන්නේ අශ්ව තරඟ ධාවනයට තමයි."
ශෙං ස'චුආන් ෂ්‍යාඕ චීයේගේ නිකට ඉහළට ඔසවා ඔහු දෙස බලා පවසන්නට විය, "ස්වභාවයෙන්ම අයෙකුට දක්ෂතා පිහිටන්නේ කුමක්හෝ භාවිතයක් තියෙන නිසයි ; එයට තවම කාලය පැමිණ නැති එක විතරයි. ස'අන් - ස'අන් -- ලීබෙයි වල හැම බලාපොරොත්තුවක්ම රැඳිලා තියෙන්නේ මේ වචන දෙක මත විතරයි."
ෂ්‍යාඕ චීයේ ගැඹුරු කටහඬකින් සිනාසුණු අතර හදිසියේම ශෙන් ස'චුආන් ව පහත් කරගනිමින් පෙරැලී ගියේ ය. ෂෙන් ස'චුආන් ගේ නළලතට ඔහුගේ නළල තදකරමින් ඔහු පවසන්නට විය. "ඔබට මාව අවශ්‍යද නැද්ද?"
ශෙන් ස'චුආන් ගේ ගේ ඉඟටිය වේදනා දුන් අතර ඔහුගේ පිටුපස වේදනාවක් ඇති විය. ඔහු තම ශක්තිය යථා තත්වයට පත් කර ඔහුගේ මාංශ පේශි ලිහිල් කරන විට, ඔහු ෂ්‍යාඕ චීයේ ගේ ගෙල පිටුපස තදකලේ ය, "ඔබ මට එයදෙනවද නැද්ද?" ඔහු බැරෑඬි හඬින් ඇසුවේය.
ෂ්‍යාඕ චීයේ ඔහුව සිප ගන්නට ඔහුගේ හිස පහත් කර ඔවුන් මත ඇති පොරෝනාව ඔවුන් ආවරණය වන සේ ඉහලින් දමාගත්තේ ය.
◈ ◈ ◈
ඒ වර්ෂාව සහිත රාත්‍රියෙන් පසු , චූදු හි කාලගුණ තත්වය උණුසුම් අතට හැරී තිබුණි.
මහා ලේකම් කාර්යාලය පැන් ෂියන්ජිඒ ගේ වැඩ කටයුතු අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා සිටි අතර, ප්‍රධාන නිරීක්ෂණ කාර්යාංශය පැන් ෂියන්ජිඒ ගේ දෝෂාභියෝගය සඳහා එක පෙළට සමරු දහයකට වඩා ඉදිරිපත් කළේය. රාජකීය උසාවියේ දී ඔවුන්ගේ දෛනික වාද විවාද කෙතරම් උණුසුම් වූවා ද යත් එය ලී ජ්යන්හෙංගේ කන් රිදවන්නට හේතු විය.
මුලින්, වෙයි හුඅයිගු සහ අනෙකුත් ගෞරවනීය වංශවල ප්‍රධාන-සම අමාත්‍යවරු අන්‍යෝන්‍ය ප්රතිලාභ සඳහා එකව සිටියෝ ය; එබැවින් ඔවුන් කිසිවෙකු පහසුවෙන් අත් නොහරිනු නොඅනුමානය. නිදසුනක් වශයෙන්, ෆූ ලින්යේ වැනි පුද්ගලයන් අවසානයේ අඩු කරන ලද වැටුපක් සමඟ පහත හෙළන ලද අතර අගනුවරෙන් පිටුවහල් නොකරන්නේ ය. හුආ ස'චියන් ගේ වැටීමෙන් පසු, හායි ලියැංයී මහා ලේකම් කාර්යාලයේ ලේකම් තනතුර භාර ගත්තේය. ඔහු කීර්තිමත් වංශයකින් පැමිණි ෂුඒ ෂ්‍යුජුඕ හට භාරදූර වගකීම් පැවරුවද, ඔහු නිහතමානී පසුබිමක සිට පහත් ශ්‍රේණියේ නිලධාරීන් කිහිප දෙනෙකුට අනුපිළිවෙලින් උසස්වීම් ලබා දී තිබුණේ ය. ඔවුන් අතරින්, කොං ච්‍යු වඩාත් කැපී පෙනෙන අතර, දෙපාර්ශවයම එකිනෙකාට එරෙහිව, ප්‍රසිද්ධියේ සහ රහසිගතව සටන් කළහ. කෙසේ වෙතත් මෙවර සිදුවූයේ ඉතා වැදගත් කාරණයකි. පැන් ෂියන්ජිඒ දෝෂාභියෝගයට ලක් නොකළේ නම්, වෙයි හුඅයිගු දෝෂාභියෝගයට ලක් කිරීමට සිදුවනු ඇත. වැසී ගිය නිල වළවල්වල වරද යමෙකුට භාර ගන්නට සිදුව තිබුණේ ය. මෙහි බිලි දෙන්නට අයෙක් සොයාගන්නට ඉතිරිව තිබුණේ නැත.
දේවල් සිදුවෙමින් පවතින ආකාරය අනුව පැහැදිලිවම වැඩ අමාත්‍යාංශයට වඩා ආදායම් අමාත්‍යාංශය ඉතා වැදගත් ස්ථානයක් ඉසිළුවේ ය. ශ්‍රේෂ්ඨ වංශයන්ට, ශ්‍රමයෙන් වැඩ කළ තැනැත්තා පසෙකට කර දැමිය හැකි නමුත් මුදල් කළමනාකරණය කළ තැනැත්තා රඳවා ගන්න ට සිදුව තිබුණි. සේවයෙන් පහ කර නඩු පැවරීමට සිදු වූයේ පෑන් ෂියැංජිඒට පමණක් නොවේ ය. ආදායම් අමාත්‍යාංශයේ උප අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඔහුගේ නීත්‍යානුකූල , උපතින් වැඩිමහල් පුත්‍රයාට පවා දෝෂාභියෝගයක් බලාපොරොත්තුවෙන් තනතුරෙන් ඉවත් කර අත්හිටුවන්නට සිදු විය.
ලී ජ්යන්හෙං තවදුරටත් රාජකීය අධිකරණයේදී එතරම් පහසුවෙන් කටයුතු නොකළේ ය. උසාවිය කල් දැමීමෙන් පසු, ඔහු ෂ්‍යාඕ චීයේ කැඳවූ අතර, දෙදෙනාම වසන්ත පරිසරාලංකාරය අගය කිරීම සඳහා උද්‍යානය වටා සැරිසැරූහ.
"ඔබ දින කිහිපයකට පෙර වර්ෂාවවත් නොතකා අගනුවරෙන් පිටව ගිය බව මට ආරංචි වුනා." දීප්තිමත් කහ පැහැති සාමාන්‍ය ඇඳුමකින් සැරසී සිටි ලී ජ්යන්හෙං මේසයෙන් රසකැවිලි හා පලතුරු කිහිපයක් ගෙන ෂ්‍යාඕ චීයේ සමඟ ඉන් අඩක් බෙදා ගත්තේය. "ඒ මොන හේතුවකට ද?"
"හමුදා අභ්‍යාස භූමිය ෆෙං කන්දට ආසන්නයි. වහින හැම වෙලාවකම මම ඒ ගැන කලබල වෙනවා. ප්‍රසිද්ධ ජල වළවල් කාරණය සිදුවෙලා වී දින කිහිපයක් පමණක් ගත වෙලා තියෙන්නේ., ඒ නිසා මම එදින රාත්‍රියයේ එහි දිව ගියේ ඒ ගැන බලන්නයි." ෂ්‍යාඕ චීයේ සිනාසෙමින් පිළිතුරු දුන්නේ, ලී ජ්යන්හෙං තමා ගැන විමසිල්ලෙන් සිටීමට කෙනෙකු එවා ඇති බව ඔහු නොදැන සිටියාක් මෙනි. "උතුමාණන් ඔය හමුදා අභ්‍යාස භූමිය ගැනත් දන්නවා. ඒ වෙනුවෙන් රාජකීය හමුදාවට විශාල මුදලක් වැය වුණා. එය වර්ෂාව නිසා හානියට පත් වුනොත්, මගේ ඒ මිනිසුන් විසි දහස අෂ්ඨ මහා පුහුණු අංශ සමඟ බෙදාගෙන ඉවසගෙන ඉන්න වෙනවා."
"ඔබ රාජකීය හමුදාව අෂ්ඨ මහා පුහුණු අංශවල හමුදා ක්‍රීඩාංගණය වෙත ගෙන එනවා නම්, ආදායම් අමාත්‍යාංශය විසින් එ් මුදල් කඩිනමින් හෙට ඔබට වෙන් කරාවි." ලී ජ්යන්හෙං පළතුඑු ගෙඩිය තම මුවට විසි කරගනිමින් පැවසුවේ ය, " මම මේ දිනවල තේරුම් ගත්තා ඔවුන් ඔබට එරෙහිව ආරක්ෂාව යොදවා තියෙන බව. ඔවුන් හුඟක් සතුටු වෙනවා ඔවුන්ට ඔබෙන් දුරස්ථව ඉන්න ලැබීම ගැන."
ෂ්‍යාඕ චීයේ තමාටම සමච්චල් කරගනිමින් පැවසුවේ ය, "අපි හැමෝම සිදු කරන්නේ නිළ රාජකාරින්. ඔවුන්ට මෙතරම් අදහස් ලැබුණේ කොහෙන්ද?"
ලී ජ්යන්හෙංට පෙරදී රාජකීය සැසිවාරයේ දී මෙකී පුද්ගලයන් ෂ්‍යාඕ චියේව උගුලකට හසුකර සෑම පසෙකින්ම පහරදුන් ආකාරය මතකයට නැගුණු අතර ඒ වහා ඔහු පවසන්නට වුයේ ය., " ඔවුන් සතුව රෞද්‍ර උපායන් තිබෙනවා. ඒවගේම ඔවුන් කපටියි වගේම වාචාලයි. කාරණා හැසිරවීමේදි වගේම ඔවුන් සෑම අතින්ම කථනයේ පවා දක්ෂයි. නමුත් සත්‍ය වශයෙන්ම , ඔවුන් සැවොම අන් අයව පිහිටුවන්නේ නිශ්චිත අරමුණක් සඳහායි. ඔවුන් මාව බොරුවෙන් මුළා කර රවටන්න පවා එඩිතරයි, ඔබ ගැන කවර කතා ද? අපි මේ පැන් ෂියන්ජිඒ ට මේ වතාවේ දඬුවම් කරන්න ඕනේ. ඔහු තමන්ගේ රාජකාරිය නිසි ලෙස ඉටු නොකිරීම නිසා මම මියයන්නත් තිබුණා. තව මොනවා අනුමාන කරන්නද? ඊයේ රාත්‍රියේ , ජාඔයුඒ අණදෙන නිළධාරිණිය වැන්දඹු අධිරාජිණිය සමඟ පිළිසදරකට මාළිගාවට පැමිනියා. වැන්දඹු අධිරාජිණිය ඒ ගැන හොදින් දැන සිටියා ඇය පැවසුවා ඈ රාජ්‍ය කටයුතුවලට මැදිහත් නොවෙන බව. ඉන් aපසුවයි එයව පිටත්කරහරින්න පුළුවන් වුණේ. මට කියන්න , විවාහ වීමට සිටින කාන්තාවක් මේ වගේ කාරණාවල අභ්‍යන්තරය හා පිටත ගැන දැන ගන්නේ කොහොම ද? ඒ හේලියන් වල වංශාධිපතිතුමා ඇයට ඒ ගැන බලකල නිසා නෙමෙයිද? අනිත් එක, ඒ පවුල් දෙකම නෑදෑ හිතවතුන්!"
ෂ්‍යාඕ චීයෙ ලී ජියන්හෙංව අනුගමනය කරමින් පියගැට පෙල බැසගිය අතර නැවුම්ව දළුලා තිබුණු අතුරිකිළි යටින් ඇවිද ගිය හ. ඔහු පවසන්නට විය , " අධිරාජ්‍යයා නියතවම පැන් ෂියන්ජිඒට දැඩිව දඩුවම් කරන්නට ඔබේ මනස සකස් කර ගත්තා ද?"
ලී ජ්යන්හෙං පැවසුවේ ය. "නිසැකවම . අපිට ඔහුට පහසුවෙන් යන්න දෙන්න බැහැ. පහත් බිම් ප්‍රදේශවල ආපදාවට පත්වූවන්ගේ ජායාරූපයක් සෙන් යූ ඉදිරිපත් කළ ස්මාරකයේ තිබෙනවා.; ඔවුන් ඇත්තටම කණගාටුභාවය උපදවන සුළුයි. රාජකීය මාළිගයේ වෙසෙන අධිරාජ්‍යයා මමයි. ලේකම් කාර්යාලයේ වැඩිහිටියා පවසන විදිහට , මට කට වචනයෙන් විතරක් දැනගන්න හැකි දේවල් බොහොමයක් තිබෙනවා. පැන් ෂියන්ජිඒ ගේ නොසැලකිල්ල සහ අවහිර වූ වළවල් ඉවත් කිරීමට ප්‍රමාද වීම නිසා අනෙක් අයට බොහෝ හානි සිදුවුණා. මම අනිවාර්යයෙන්ම ඔහුට දඬුවම් කළ යුතුයි. ලේකම් කාර්යාලයේ වැඩිහිටියටත් ඒ අදහසම තියෙනවා."
ත්‍යාග ලබා දී මිහිරි රස විඳිමින් සහ රාජකීය වාරණයන් වල ප්‍රශංසාවට ලක් වූ ඔහුට දැන් අවශ්‍ය වූයේ ඔහුගෙන් ආදර්ශයක් ලබා ගැනීම සඳහා පැන් ෂියන්ජිඒව හුදකලා කිරීමට ය.
"මම ලේකම් කාර්යාලයේ වැඩිහිටියා සමඟ එකඟ වෙන්නේ නැහැ." ෂ්‍යාඕ චීයේ නිහතමානීව පැවසුවේය. "පැන් ෂියන්ජිඒ දඬුවම් ලබන්න සුදුසුයි. ඒත් මේ පුද්ගලයව ලේසියෙන් තනතුරෙන් අයින් කරන්න බෑ."
ලී ජ්යැන්හෙං ඔහුගේ හිස පිටුපසට හරවා නළල රැළි කරගනිමින් පවසන්නට විය, "ඔහු එවැනි වරදක් කළ පසුත් අපි ඔහු සමඟ ගනුදෙනු නොකරනවා නම්, ඔබ ඔහුට තවත් යමක් සිදු කරන්න හැකිවෙන විදිහට ඔබ අසල තියා ගන්නවද?"
ෂ්‍යාඕ චීයේ තම හිසට ඉහළින් වූ පැහැදිලි අහස දෙස නෙත් යෙමුවේ ය ඔහුට පෙරදී ශෙන් ස'චුආන් පැවසූ දෑ සිහියට නැඟුණේ ය. ඔහු හදීසියේව සිනහ ව ලී ජ්යන්හෙංට පැවසුවේ ය,
"ඇත්ත වශයෙන්ම උතුමාණෝ ඔහු සමඟ කටයුතු කන්න ඕනේ. නමුත් ඔබ ඔහුව ඔහුගේ තනතුරෙන් නෙරපා දැමුවහොත් එය ඔහුගේ වෘත්තීය මාවත කපා හැරීමකට සමාන වේවි. පැන් ෂියන්ජිඒ දැනටමත් වයසින් වැඩීයි, ඔහු වැඩ අමාත්‍යාංශයේ අමාත්‍ය ධුරයේ දි වුනත් යම් දායකත්වයක් ලබා දී තියෙනවා. උතුමාණෙනි, මේ වතාවේ පොදු වළවල් අවහිර වීම නිසා බෑවුමේ වැඩිවීමක් ඇති වුනා , ඇත්ත වශයෙන්ම ජලයෙන් යට වෙලා වීදිවලට හානි සිදුවෙලා තිබෙනවා. ඒත් කයිලිං ගඟේ බැමි යකඩ පවුරක් මෙන් ඝනව හා සුරක්ෂිතව තිබුණා. මීට පෙර වසරවල ප්‍රදේශ ගංවතුරට වලින් පීඩාවට ලක් වූ විට රැඳවිය හැකි වේලි සහ බැමි තිබුණේ ඉතා ස්වල්පය යි. පැහැදිලිවම, පැන් ෂියන්ජිඒ මේ සම්බන්ධයෙන් දේවල් සිතුවත් එයට අත්තිවාරම දමලා නැහැ.
"නමුත් ඔහුගේ නොසැලකිලිමත්කම සහ පොදු වළවල් පිළිබඳ අධීක්ෂණයත් සත්‍යයක්. කයිලිං ගංගාව නිසා ඔහුට සැහැල්ලුවෙන් යන්නට හේතුවක් ලැබෙන්නේ නැහැ.
"උතුමාණනි." ෂ්‍යාඕ චීයේ පවසන්නට විය, "අද උදෑසන උසාවි රැස්වීම වසන්ත සීසෑමට මුදල් වෙන් කිරීම ගැන සාකච්ඡා කළා. මේ සම්බන්ධයෙන් ආදායම් අමාත්‍යාංශය ප්‍රදේශයන් සමඟ පොරබදමින් සිටිනවා වගේම මාස භාගයක් තිස්සේ මේ කාරණය අවුල් සහගත තත්ත්වයක පවතිනවා. අපි තවත් බලා සිටියහොත් අපට කාලය මඟ හැරේවි."
"පැන් ෂියන්ජිඒව සේවයෙන් පහ නොකරන්න මේකට ඇති සම්බන්ධය මොකක් ද?" ලී ජ්යන්හෙං එතරම් තුටු බවක් පල නොකළේ ය. "අපි ඔහුව රඳවා ගත්තත් ආදායම් අමාත්‍යාංශය අරමුදල වෙන් කරන්නේ නැහැ. වෙයි හුඅයිගූ ගේ යටත් නිලධාරීන් සියල්ලෝම හරිම ප්‍රකාශිත යි. ලේකම් කාර්යාලයේ වැඩිහිටියට පවා ඔවුන්ගේ හුස්ම නාස්ති කරන්න කරදර වෙන්න බැහැ. අන් අයට තරවටු කිරීම සහ හෙළා දැකීම සම්බන්ධයෙන් ඔවුන් සමඟ සම්බන්ධ වෙන්න පුළුවන් ප්‍රධාන ඔත්තු නිරීක්ෂණ කාර්යාංශයේ රාජකීය වාරණයන් වලට පමණයි."
"ආදායම් අමාත්‍යාංශයද? දැනට නිල රාජකාරිවලට සහභාගී වීමට හැකියාව තිබෙන යටත් නිලධාරීන් සියලු දෙනාම වෙයි හුඅයිගූ ගේ අනුගාමිකයින් , ස්වභාවිකවම, වෙයි හුඅයිගූ ගේ කැමැත්තට අනුව වැඩ කරාවි. ඒත් පැන් ෂියන්ජිඒගේ පුතුයා පැන් ලින්, ආදායම් අමාත්‍යාංශයේ උප අමාත්‍ය ධූරයත් දරනවා. මෙවර පෑන් ෂියැංජිඒ සමඟ ගනුදෙනු කරද්දි උතුමාණන්ට සරලව කටයුතු කරන්න පුළුවන් නම් , රාජකීය අනුග්‍රහයෙන් පිරිපුන් ඔවුන්ගේ පැන් වංශය, අධිරාජ්‍යයාගේ කරුණාව නිසැකවම සිහිපත් කරාවි. ඒ වන විට ඔහුගේ පුත්‍රයාත් අධිරාජ්‍යයාගේ පුත්‍රයා වගේ සැලකේවි. අනාගතයේදී උතුමාණන්ට ආදායම් අමාත්‍යාංශය සමඟ ගනුදෙනු කිරීමට සිදුවුණොත් , ඔබ වෙනුවෙන් කතා කළ හැකි ඔබේම පුද්ගලයෙක් ආදායම් අමාත්‍යාංශයේ ඉදිවි. ඒ වගේම, පැන් ෂියන්ජිඒ සේවයෙන් පහ කර නඩු පැවරුවට පස්සේ, වැඩ අමාත්‍යාංශයට අමාත්‍ය ධුරය භාර ගැනීම සඳහා වෙනත් අයෙකු නම් කරන්න සිදුවේනි. නව පුද්ගලයා පැන් ෂියන්ජිඒට වඩා විශ්වාසවන්ත නොවෙන්න පුළුවන්." ෂ්‍යාඕ චීයේ මෙහි විරාමයක් තබා ලී ජ්යන්හෙංට ස්මරණය පිණිස කාලය ලබා දුන්නේ ය.
ලී ජ්යන්හෙං පියවර කීපයක් ඉදිරියට ගොස් දෙගිඩියාවෙන් යුතුව පිටුපසට හැරි පැවසුවේය , "නමුත් ඔහු සේවයෙන් පහ නොකරනවා නම්, මහජනතාවට ඒත්තු ගැන්විය හැකි දඬුවමක් තවමත් තිබෙන්න ඕනේ."
"පැන් සහ වෙයි වංශ විවාහයන් හරහායි සම්බන්ධ වෙන්නේ. ෆෙයි සහ ෂී එකිනෙකා හා සමීපයි. ඔවුන්ට වැඩිපුරම හිඟ නොවන්නේ මුදලුයි. අධිරාජ්‍යයාට පෑන් ෂියැංජිඒට දඩ නියම කරන්න පුළුවන් පොදු වළවල් හෑරීමේදී සිදු වූ සියලු වියදම් පියවා ගන්න ඔහු ලවා තමන්ටම කස පහර එල්ල කර ගැනීමේ දඬුවම ලබා දෙන්න පුළුවන්."
"කස පහර ලබා දෙන්න?" ලී ජ්යන්හෙං පුදුමයෙන් කීවේය. "ඔහු ගොඩක් මහළුයි; ඔහුට පහර දීමෙන් ඔහු මිය යන්න පුළුවන් නේද?!"
"ඔබ ඔහුට 'මරණයේ' රස විඳීමට ඉඩ දෙන්නෙ නැති නම් ඔහු තමන්ගේ මාර්ග සකස් කරගෙන ඔබතුමා කෘතඥ වෙන්නේ කොහොමද?" ෂ්‍යාඕ චීයේ සිනාසුණේය. "රාජකීය වාරකයන්ට ඔවුන්ට ඇති තරම් තෘප්තිමත් වන විදිහට ඔහුට තරවටු කරන්න දෙන්න. උතුමාණන් ඔහුව නැවත සභාවට කැඳවන අවස්ථාව වෙද්දී, වියදම් පියවා නොගත්තොත් ප්‍රසිද්ධියේ සුනකයෙක් මෙන් බුරන ලෙස ඔහුට පැවසුවත් ඔහු බෙහෙවින් කෘතඥ වේවි."
ප්‍රීතියට පත් ලී ජ්යැන්හෙං පිටුපසට වටයක් කැරකෙමින් තුටු ව පවසන්නට විය., "සුපුරුදු විදිහටම, ඔබ හරිම උපායශීලී අයෙක්නේ!"
"මෙවර වියදම් පිළිබඳ විගණනය මෙහෙයවූයේත් වෙයි හුඅයිගුයි. ඔහු අපිරිසිදු චේතනාවලින් යුතුව ගිණුම් සකස් කරලද කියලයි මට බය. ඒ නිසා ඔබතුමා නැවතත් මේ නඩුව විමර්ෂණය කරලා විචක්ෂණශීලීව කටයුතු කිරීම වඩා හොඳයි."
බලාපොරොත්තු වූ පරිදි, ලී ජ්යන්හෙං එයින් නිවැරදි මාවතට පිවිසුනා සේ ය, "මේක ආදායම් අමාත්‍යාංශයේ රුකියාවක්. මම මිනිසුන් ලබා ගන්නෙ කොහෙන් ද? අනෙක් අමාත්‍යාංශවලටත් මේ ප්‍රශ්නයට මැදිහත් වෙන්න බැහැ."
"එහෙනම් එය සිදු කරන්න ආදායම් අමාත්‍යාංශයේ අයෙක් ව හොයාගන්න. ඉහළින් සිටින නිලධාරියාට පැහැදිලි පැහැදිලි කරන්න ක්‍රමයක් ලැබෙන්නෙ නැහැ, නමුත් පහළ සිටින සුළු නිලධාරීන් හැමෝම අධිරාජ්‍යයා වෙනුවෙන් කාර්යයන් ඉටු කරන අවංක පුද්ගයොයි. ෂ්‍යාඕ චීයේ අතු ශාඛාවක් පසෙකට දමා, දිගටම පවසන්නට පෙර කල්පනාකාරී වන බවක් යැගවුයේ ය., "මට ජාඕ සූයි පන්සලේ දී දක්ෂ නිලධාරියෙක් මුණගැසුණා, ඔහු තමයි රාජකීය හමුදාව කලින් ඉදිරිපත් කළ ඖෂධ පැළෑටි පිළිබඳ ගිණුම් වාර්තා තබා ගත්තේ. ලේකම් කාර්යාල වැඩිහිටියා පවා ඔහු ගැන ප්‍රශංසාවෙන් පිරිලා. උතුමාණෙනි, ඔහුට උත්සාහ කරන්න දුන්නොත් කොහොමද?
ඉමහත් ප්‍රීතියෙන් යුතුව ලී ජ්යන්හෙං පවසන්නට විය, "ලේකම් කාර්යාලයේ වැඩිහිටියා පවා ඔහුට ප්‍රශංසා කරනවා නම්, අපිට ඔහු ගැන වරදක් කියන්න අපහසුයි!"
ෂ්යාඍ් චීයේ ස්ථාවර හඬින් කියන්නට විය. "මේ පුද්ගලයාගේ නම ලියං කුයිෂන්." ය
◈ ◈ ◈
ෂී හොංෂුආන්ව බන්ධනාගාරය තුළදි අත්අඩංගුවට ගනු ලැබුවේ ය. ඔහු සැබෑවටම සිතුවේ ලී ජ්යන්හෙං ඔහුව ආරක්ෂා කරන්න උපකාර කිරීමට ෂුඒ ෂ්‍යුජුඕ යොදවා තම බලය යොදාගනු ඇති බවයි , ඔහුට ඉක්මනින් නිදහස් වීමට ඉඩ සැලසෙනුඇති බවයි. නමුත් කවුද හිතුවේ , ඔහුට මෙතරම් දින ගණනාවක් සිරගත වී ඉන්න සිදුවේවි කියා? ඔහුව යාවත්කාලීන ව තබන්නට කිසිවකු පණිවිඩ ගෙනවිත් දුන්නේ ද නැත. මේ අනුව, එහි කොතැනක හෝ යමක් වැරදී ඇති බව ඔහු අනුමාන කළේය.
ශෙන් ස'චුආන් බන්ධනාගාරය තුළට පිවිසෙද්දී ඔහු සතුව තමාගේ ඉණ පළදනාවද තිබුණේ ය. ඔහු කොං ච්‍යු සමග පෙරදා මත්පැන් පානය කළ අයෙකි. ඔහු වේගයෙන් ප්‍රසිද්ධියට පත් වූ අලුතින් උසස්වීම් ලද නිලධාරියෙකි. ඉතින් ච්‍යාඕ ත්යැන්යාට පාලිකාවෝ සමඟ කතා කරන්නට බිළාලයෙක් සේ මත්පැන් වැය කරන්නට සිදුව තිබුණා පමණකි.
ෂී හොංෂුආන් ශෙන් ස'චුආන් දුටු විට, ඔහු ඉක්මනින් නැඟිට සිර කපොලු අතරින් විමසුවේ ය, "කොහොමද? ඇයි කිසිම ආරංචියක් ආවේ නැත්තේ? පැන් ෂියන්ජිඒට දඬුවම් කරලද? එහෙමනම්, මාව නිදහස් කරන්න කාලය හරිනේ! "
ශෙන් ස'චුආන්ගේ ගේ ඉණේ අවසරපත පැළඳ සිටියද ඔහු නිල ඇඳුම ඇඳ සිටියේ නැත. ඔහු තද නිල් පැහැති සාමාන්‍ය ඇඳුමකින් සැරසී සිටි අතර ඔහුගේ කරපටි තදින් පියවා තිබුණේ ය. ඔහු ඇතුළු වන විට ඔහුගේ මුහුණ අඳුරු වලාකුළකින් වැසී තිබූ අතර, ඔහුගේ සමේ වර්ණය හා සසදන කල ඔහුගේ ඇඳුම්වල වෙනස නිසාවෙන් ම ඔහු අතිශයින් ම සුදු පැහැයක් දිස් වූයේ තුහින කැටිති සිහි ගන්වන පරිද්දෙනි.
"ඔබ තවමත් පැන් ෂියන්ජිඒ ට නඩු පවරන තෙක් බලා සිටිනවද?" ශෙන් ස'චුආන් ඇසුවේ ය, "මේ දවස්වල පැන් ෂියන්ජිඒ ගැන කිසිවක් සඳහන් වෙන්නෙ නැහැ."
"ඔහු වැඩ අමාත්‍යාංශය භාරව ඉන්නවා. මහජන අගල් සම්බන්ධයෙන් මෙතරම් විශාල ගැටලුවක් ඇති වුනාට පස්සෙත් ඔහුට දඬුවම් නොකළහොත් ඔවුන් එය සාධාරණීකරණය කරන්නේ කොහොමද? උතුමාණන්ට පවා එය සාධාරණීකරණය කරන්න නොහැකි වේවි. ෂී හොංෂුආන් තම අත් මිටමොළවා ගත්තේය. "මොකද්ද දැන් වැරදිලා තියෙන්නේ?"
"වගකීම පැහැර හැරලා දොස් පවරන්න , වී වෙයි හුඅයිගු හරිම නිර්දය විදිහට පැන් ෂියන්ජිඒට ඇලිලා හිටියා. නමුත් ඔබ දන්න විදිහට , සීමාවට ළගා වුනාම ඕනැම දෙයක් හසුරවන්න පුළුවන්. මාණික්‍ය හාවෙකුට පවා ඌව මිනිසුන් කොනකට කොටු කරද්දි හපා කන්න පුළුවන් නම් , පෑන් ෂියැංජිඒටත් එයම කරන්න හැකි වේවි නේද? ඔවුන්ගේ අපරාධ අවම කිරීම වෙනුවෙන්, පැන් වංශයට මෙවර වියදම් පියවා ගන්න අවශ්‍යයි. ජාඕ සූයි විහාරස්ථානයේ ඇති තාවකාලික කැඳ කුටිය තවමත් ඉවත් කරලා නැහැ, පැන් වංශයේ කාන්තාවන් දැනටමත් ආපදාවට ලක්වූවන්ට කැඳ ලබා දෙන්න පිටව ගිහින්. ඔවුන් ඉතා සූක්ෂ්ම ලෙස සංදර්ශනයක් ඉදිරිපත් කළා අනෙක් අයගෙන් කායික හා වාචික අපයෝජනයන්ට යටත් වන්නාක් මෙන් නිහතමානීව ආහාර ගන්නවා අයවලුන් ලෙස උපකල්පනය කරමින් තමන්ගේ තත්වය ප්‍රවේශමෙන් සකසා ගත්තා. ඔවුන් පවසනවා වගේ හිමිවරුන් වෙනුවෙන් නෙවෙයි නමුත් බුදුරජාණෝ වෙනුවෙන්.( 3.) ඉතින් ලේකම් කාර්යාලයේ වැඩිහිටියට වුණත් මේ ගැන හිතලා තමන්ගෙ දඬුවම ගැන නැවත සලකා බලන්න වෙනවා." ෂෙන් ස'චුආන් පැවසුවේ සිය මුහුණේ සිනහවක සේයාවකුදු නොපෙන්වා ය. "ආදායම් අමාත්‍යාංශයේ ගිණුම් ප්‍රමාදය වසන් කළ හැකි ක්‍රමයක් නැහැ. හැම කෙනෙක්ගෙම යහපත ට, වෙයි හුඅයිගඅට ඔහුගේ වැරදි පිළිගෙන බැණ වැදීම දරාගන්න වෙනවා. එහෙත්, ඔහු හුදෙක් ඕනෑවට වඩා නොසැලකිලිමත් වෙනවා වගේම ඉදිරියට යනුනත් පසුබසින්න වෙන්නෙත් කවදාදැයි හදුනන්නෙ නැහැ. දෙවන තරුණ ස්වාමිතුමනි, පැන් ෂියන්ජිඒ සේවයෙන් පහ කර නැති නිසා සහ වෙයි හුඅයිගුට දඬුවම් නොලැබෙන නිසා, ඔවුන්ට පුළුවන් මේ වතාවේ ඔබව තනි කරලා මාංශ කපන පලගානට දමන්න විතරයි."
මොහොතක නිහැඬියාවකින් පසුව, ෂී හොංෂුආන් පැවසුවේ ය, "වෙයි හුඅයිගු මුදල් ගැන හිතන කෙනෙක්. ඔහු මේ කාරණය යටපත් කරන්නත් සහ පසුතැවිලි වීම ප්‍රතික්ෂේප කරන්න හේතුව ඔහු තම වැරදි පිළිගත් පසු ආදායම් අමාත්‍යාංශයේ විෂමතාවය වසන් කළ නොහැකි වීමත් තමයි, එවිට හායි ලියැංයී ඔහුව ග්‍රහණය කරගනීවි කියලා ඔහු බිය වුණා. ඔහුගේ ස්වභාවය අනුව, ඔහුට දොස් පවරන්න පැන් ෂියන්ජිඒව පන්නා දැමිය නොහැකි නම්, ඔහු මට මුදල් සොයා ගන්න බල කරන්න ඉඩ තියෙනවා. මොනව උනත් ඔහු තමන්ට දුක් විදින්න ඉඩ දෙන්නෙ නෑ. ඒ කපටි මහළු නරියාට හෙණම ගහපං!"
ඔවුන් සියල්ලෝම එක්ව ෂ්‍යාඕ චීයේ ට ගරහද්දී, ඔවුන් සියලු දෙනාටම අවශ්‍ය වූයේ අෂ්ඨ මහා පුහුණු අංශවල කබාය පිට නැග අෂ්ඨ මහා පුහුණු අංශවලින් ලැබෙන ප්රතිලාභවලින් කොටසක් ලබා ගන්නටය. නමුත් දැන්, ෂ්‍යාඕ චීයේ පිටතට වීසි වී නොතිබූ අතර, ඔවුන් එකිනෙකා හා අඩදබර ඇති කරගත්තෝ ය. ෂී හොංෂුආන් කෝපයට පත් වූයේ ය. ඔහු මීට පෙර ෂී ගූ'අන් සම්බන්ධ කාරණය සඳහා සෑහෙන මුදලක් වියදම් කර තිබුණි. යහපත් දෙය නම් ඔවුන්ගේ පවුලේ ලුණු ආකර රාජසන්තක කර මුද්‍රා නොතැබුව නිසා ඔවුන්ට තවමත් මුදල් උපයන්නට හැකියාව තිබීමයි. කෙසේ වෙතත්, ෂී වංශයේ පුද්ගලික ගිණුම් ගැන රාජකීය අධිකරණයට අදහසක් නොතිබුණි. නමුත් වෙයි හුඅයිගු හට මුදල් අවශ්‍ය වූ විට එය වෙනස් විය. අෂ්ඨ මහා වංශ කෙබඳු ද යන්න අෂ්ඨ මහා වංශයෙන් හොඳින්ම දැන සිටියෝ ය. ෂී වංශය ලුණු විකුණාගන්නට මුහුද බසිති, ඔවුන් යොංචුආන් වරායේ විශාල නැව් සමූහයක් තබාගෙන නඩත්තු කළෝ ය -මේවා අෂ්ඨ මහා වංශයන් සියල්ලම හොඳින් දැන සිටි කාරණාවන් වේ.
"විපත්ති වළක්වා ගන්න අවශ්‍ය නම් මුදල් වියදම් කරන්න." ශෙන් ස'චුආන් බැරෑරුම් ලෙස හා උනන්දුවෙන් පැවසුවේ ය, "දැන් ඔබ සිරගතව සිටින විට, ඔබට පිටතින් මේ කාරණය හසුරවන්න ඔබට විශ්වාස කළ හැකි මිනිසෙකු තෝරා ගන්න ඕනේ. ඔබ පුද්ගලික ගිණුම් තුළ මුදල් මාරු කරනවා. වෙයි වංශයට ටේල් දසදහසක් අවශ්‍ය නම්, ප්‍රවාහනය පමණක් ම විශාල ගැටලුවක් වෙනවා. ඔබ වෙනුවෙන් ඒ සියල්ල සංවිධානය කළ හැකි කෙනෙකු සිටින්න ඕනේ. ඒ වගේම , මෙම කාරණය ඉතා කාලීන අවශ්‍යතාවයක් නිසා එය හැකි ඉක්මනින් සිදු කරන තරමට වඩා හොඳයි. "
"යැංචිංව හොයාගන්න" ෂී හොංෂුආන් අපරික්ෂාකාරි ලෙස පැවසුවේ ය. එය සිදු කළද නැවතත් ඔහු පසුබට වූයේ ය.
ෂුඒ ෂ්‍යුජුඕ ෂී හි ඇතුලාන්තයන් දැන සිටි අතර, ක්‍රියාවලිය අතරතුර ඔහුට වෙනත් අදහස් ලබා ගත හැකිදැයි කීමට අපහසු විය. ෂී වංශය විසින් රැස් කරන ලද රන් සහ රිදී කන්ද පෙර පරම්පරා කිහිපය තම ජීවිත පරදුවට තබා රැස් කර ගත් දෑ වූ අතර, ඔවුන්ට ජුඒෂි සහ හේජෞ හි අසංඛ්‍යාත අනුප්‍රාප්තික වෙළඳසැල් සහ ව්‍යාපාර තිබුණි. ෂී හොංෂුආන්ට ට මුදල් දැරිය හැකි නමුත් ඔහුට එය භාර දිය හැකි කිසිවෙක් සිටියේ නැත. ෂී ගූ'අන් ගේ මිය යාමත් සමඟ, ෂී වංශයේ උපභාර්යාවන් කිහිප දෙනෙක් සැබවින්ම ඔවුන්ගේ ගණනය කිරීම් කරමින් එහි විසුවෝ ය. සමහර විට ඔහු, ෂී හොංෂුආන් බන්ධනාගාරයේ දී මිය යාමටත් පෙර, ඔහුගේම පවුලේ සාමාජිකයන් අතින් මිය යනු නොඅනුමාන ය.
ෂී හොංෂුආන් හදිසියේම පැවසුවේ ය, “ලන්ජෞ, ඔබ උප හමුදාපති ලෙස උසස් කර තියෙනවා, ඔබ අධිරාජ්‍ය බන්ධනාගාරයත් කළමනාකරණය කරනවා. නඩු හැසිරවන්න වගේම චූදු වෙත ඇතුළු වෙන්නත් සහ පිටාවන්නත් ඔබට විශේෂ බලතල තියෙනවා. යැන්චිංට එය අපහසු කාර්යයක් වේවි. ඔහු දැනට අධිකරණ සමාලෝචන උසාවියේ සේවය කරනවා ඔහු ඕනෑවට වඩා කැපී පෙනෙනවා වගේම අනෙක් අය විසින් විමර්ශනය කරාවි කියලා මට සිතෙනවා. ඒ වෙනුවට ඔබ මේ කාරණය එක්ක කටයුතු කළොත් කොහොමද? ”
ශෙන් ස'චුආන් තරමක් පුදුමයට පත් විය, “මම මීට පෙර වෙයි හුඅයිගු එක්ග ගිණුම් කළමනාකරණය කරලවත් ගනුදෙනු කරලවත් නැහැ , සහ පිටතින් ඔබේ ව්‍යාපාර ගැනත් මට හුරු නැහැ. ඉතින් මම කොහොමද මේක හොඳින් හසුරවාගන්නේ?"
ඔහුට අවශ්‍ය වූයේ ඒ නුපුරුදුභාවය ය!
ෂී හොංෂුආන් පැවසුවේ ය, “ලුණු ගබඩාවල මා විසින් පත් කළ කළමනාකරුවන් ඉන්නවා. ඔවුන් ඉක්මන් හා කාර්යක්ෂමයි, ඒ නිසා ඔබ මුදල් ගැන කරදර වෙන්න ඕනේ නැහැ. එකතුව ඉතා විශාල නම් ප්‍රවාහනය විශේෂයෙන් කරදරකාරී බව ඔප්පු කරාවි. කරත්තවලට පටවන විට දස දහස් ගණනක් වටිනා මුදල් කඳුවලට ගොඩ ගැසේවි. ඔබට ජල මාර්ගවල ගමන් කරන්න බැහැ. මගේ පවුලේ සියලු ම මාර්ග පදනම් වෙන්නේ මුහුද මතයි. උතුරට ඇතුළු වන්න, චීචෙං වල හුආ වංශයට අවසාන ප්‍රකාශය හිමි වෙනවා, හේජෞ වල යැන් වංශය දකුණේ ප්‍රහාර භරව සිටිනවා. ඒ නිසා ඔබට ගමන් කරන්න පුළුවන් ගොඩබිම් මාර්ගයෙන් විතරයි, ඔබට ජුඒෂි හි නගර දහතුන හරහා ගමන් කරන්න සිදුවේවි… _&##@&! මම විශ්වාස කරන්නේ නැහැ මේ තරම් මුදලකට ඒ වෙයි හුඅයිගු පණපිටින් වළලන්න බැහැ කියලා! ඕනෑම අවස්ථාවක, ඔබ ජුඒෂි හරහා ගමන් කරන විට වෙනත් කිසිම දෙයකට බිය විය යුතු නැහැ, නමුත් ඔබ ජ්යැන් චිංෂන්ගෙන් ආරක්ෂා වෙන්න ඕනේ. මේ පුද්ගලයා අමාරුකාරයෙක්. ඔහු අපිව එක අතටම අල්ලා ගත්තොත්, මාව පණ පිටින් හම ගැහේවි! ”
ශෙන් ස'චුආන් එකඟ වෙන්නට ඉක්මන් නොවීය. ඔහු පැවසුවේය, “මෙය වැදගත් ප්‍රශ්නයක්. ඔබ ෂුඒ ෂ්‍යුජුඕ සමඟ වදනක් දෙකක් කතා කරලා ඔහුට දන්වන්න."
"බැහැ." ෂී හොංෂුආන් එය ප්‍රවේශමෙන් සලකා බැලුවේ ය. “යැන්චිං කියන්නේ මේ වගේ කාරණා හසුරුවන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. ඔහු නැවත මැදිහත් වුනොත් එය ඊට පටහැනිව ක්‍රියාත්මක වේවි. ඔබ ඔහුට පැවසිය යුත්තේ රාජකීය උසාවියේදී මම වෙනුවෙන් දයාව ඉල්ලන්න ක්‍රමයක් ගැන දිගටම සිතන්න කියලා විතරවි. අධිරාජ්‍යයා තාවකාලික ව පැකිලීම ලොකු දෙයක් නෙමෙයි, නමුත් මම මේ වතාවේ එළියට එන විට, මම මරා දමන පළමු තැනැත්තා වෙයි හුඅයිගු වේවි!"
ඔහු එසේ පැවසූ පසු ශෙන් ස'චුආන් දෙස බලා සිනාසුණේ ය.
“ඔබ කලබල වෙන්න අවශ්‍ය නැහැ. ඔබ මීට පෙර කිසිම දවසක ව්‍යාපාරික ගනුදෙණුවක් කර නැති බව මම දැනුවත්. මම මගේ චූදු නිවස්නයේ පොත් ළග තබාගන්නෙක් තබලා ආවා. ඔහුගේ නම ෂී දන් , මගේ රැකියාවේ පැරණි හස්තයක්. ඔහුට ඔබ සමඟ එන්න ඉඩ දෙන්න... මම ඔහුව දුටුවට පස්සේ මට ස්වභාවිකවම මගේ සැලසුම් තිබේවි.
ෂී හොංෂුුඅන් යුහුසුළුව කල්පනාකාරී විය. ඔහු තවමත් ශෙන් ස'චුආන් විශ්වාස කරන්නට එඩිතර වූයේ නැත. ජි ලෙයි මරණයට පත් වූ ආකාරය ඔහුට සිහිපත් වූ අතර, ඔහු නැවතී සිටියේ ය, ඔහු තම මුදල් ලබා ගැනීමට පෙර තමාගේම පුද්ගලයා හමුවන්නට අවස්ථාව සලසන ලෙස බල කළේය. ෂී වංශයේ යතුරු තිබුණේ ඔහු පමණක් දන්නා ස්ථානයක ය. යතුර නොමැතිව, ෂී වංශයේ සියලුම මුදල් සුරක්ෂිතාගාර විවෘත කළ නොහැකි වනු ඇත.
" ඒකට දින කිහිපයක් දෙන්න." ශෙන් ස'චුආන් සෙචුවාන් මෘදු ලෙස පැවසුවේ ය. "මම ඔහුව ඔබව බලන්න එක්කගෙන එන්නම්."
(මේක Cosplay එකක් ලු දෙන්නගේ. ලස්සනයි නේ.)
අරුත් පැහැදිලි කිරීම.
1.) 卯时 මාඕ හෝරාව - අළුයම 5 - 7 අතර කාලයයි.
2.) වචනාර්ථයෙන් කලවා අක්‍රිය වීම නිසා දුර්වල ව යාම. ලෙස හදුන්වයි, එනම්, කෙනෙකුගේ අභිලාෂයන් සාක්ෂාත් කර නොගෙන දිගු හිදිමෙන් ක්‍රියා විරහිත වනු ඇත , යන්නයි.
3.) ගෞරවයක් හෝ වැඩි වැදගත්කමක් ඇති වෙනත් කෙනෙකු කෙරෙහි සැලකිල්ලිමත් ව ඔහු වෙනුවෙන් යමක් සිදු කිරීම.
________________
කියවන හැමෝටම ස්තූතියි 😭❤️
අනාව් මගේ ස'ජෞ! 🥺
❤️❤️❤️
ReplyDelete