Skip to main content

හැට තුන්වන පරිච්ජේදය : හෑරීම

 



ෂී හොංෂුආන් මඩ පිටතට දමද්දී වෙව්ලා ගය අකර ඔහුගේ මුහුණ සුදුමැලි වී ​ගියේ ය. හන් ජින් , ඔහු පිටුපසින් සිටි පුද්ගලයා, තත්වය යහපත් නොවන බව දුටු අතර එය නවත්වන්නට ඉක්මන් ව්ය. ෂ්‍යාඕ චීයේ ඔහුගේ දෑත් මුදාහැරි අතර ඔහු ෂී හොංෂුආන්ව පිටතට ගෙන් ගමන් රථයට නංවන ආකාරය දෙස බලා සිටින්නට විය.

 වර්ෂාව තවමත් ඇද හැලෙමින් තිබූණි, ප්‍රධාන සහ සුළු නිලධාරීන් සියල්ලෝම වැළපෙමින් සිටි අතර, ඔවුන් ලී ජ්‍යැන්හෙං ගේ ගමන් රථය පසුපස හඹා යමින් මාලිගාවේ දොරටු දෙසට ගමන් කළහ.

පැන් ෂියන්ජිඒ ඔහුගේ පාවහන් ගැලවෙන කුරුම දිව ගියේ ය. මහළු මිනිසා කමාගේ තෙත් වස්ත්‍රය ඔසවා ගත්තේ ය, එති දමමින් සුවන අතරේම "උතුමාණෙනි" යැයි වැළපෙන්නටද ඔහු අමතක නොකළේ ය. සැවොම ඔවුන් වටා අඩු වැඩි වශයෙන් විසිරී තිබුණේ ය. හායි ලියැංයී පමණක් වෙනදා සේම ගෞරවන්විතව හැසිරුණේ ය. ඔහු මාලිගාවට ආපසු යන මාර්ගය පුරාම ගමන් රථය පසුපස ගියේය.

දිගු කාලයක් පුරාවට බලා සිටි රාජ්‍යකීය වෛද්‍යවරුන් වහ වහා ඔවුන්ව හමුවීමට දිව ගිය අතර , අවුල් සහගත ​පිරිස් සමූහයන් අභ්‍යන්තරඉමාඵිගාව දක්වාම ගමන් කළ අතර එහිදී ඔවුන්ව පිළිගැනීමට සරල වස්ත්‍රයෙන් මූ රූ හැඩවී සිටියා ය. ලී ජ්‍යැන්හෙං රූධිරයෙන් නෑවි සිටින බව දුටු ඇය ගේ දෙනෙතින් කදුළු කඩා හැලෙන්නට පටන් ගත්තේ ය.

වැන්දඹු අධිරාජිනිය හුආ ශියැංයී හට උදව් නරන්නට ඈ​ට ඉඩ දුන් අතර හැන් චෙං වෙත රෞද්‍ර ස්වරයෙන් පවසන්නට වූවාය, "ඔබ කනස්සල්ලට පත් වීම එක දෙයක්, නමුත් ඔබ වැඩිමහල් විශිෂ්ඨයන් රොත්තකට මාර්ගයේ දුවන්න සැළැස්සුවේ ඇයි? ඔවුන් හැමෝම මහළුයි , සහ ඔවුන් සියල්ලෝම වර්ෂාවට හසුවෙලා තෙතබරිතව සිටියා. ඔවුන්ට යමක් සිදු වුනොත් එය තත්වය තවත් උග්‍ර කරනවා නේද?!"

අධිරජ ආරක්ෂකයන් දණ ගසන විට ඝෝෂාකාරී ශබ්දයක් ඇති විය. හැන් චෙං පැවසුවේ ය, "මේ නිමතමානි සේවකයා මිය යන්න සුදුසුයි."

"ඉක්මන් ගිහින් ඔවුන් කැඳවගෙන ඇවිත් උණුසුම් සූපයක් පිළියෙළ කර ඇඳුම්පැළදුම් බෙදා දෙන්න." වැන්දඹු අධිරාජිණිය අමාත්‍යවරුන්ට පවසන්නට වූවා ය. "සියලු දෙනාම කෙතරම් අවංක සහ පක්ෂපාතීද කියලා දකිනඑකම මට මහත් සතුටක්. දැන් අධිරාජ්‍යයා මාලිගාවට පැමිණ ඇති නිසා, මේ වෙලාවෙ කලබල වෙන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. කාලගුණය හරිම සීතලයි. හැමෝම සුළග නොවදින නවාතැන් ශාලාවට ගිහින් උණු සුපයන් පානය කරන්න. මේ අවස්ථාවේදී අසනීප වෙන්න එපා."

විවිධ නිලධාරීන් දණගසමින් තම ස්තුතිය ප්‍රකාශ කළහ.

වැන්දඹු අධිරාජිණිය නැවතත් පවසන්නට විය. "ජේෂ්ඨ ලේකම්තුමනි, මහලේකම් කාර්යාලයත්, විවිධ කාර්‍යාංශත් , කරුණාකරලා විශේෂ සාකච්ජාවකට රුස්වෙන්න"

සෙන් යූ එහි සිටියේ නැත. ඔහු ෂ්‍යාඕ චීයේ දොංලොං යීදියේ වූ අපවිත්‍ර ජලය සහිත මඩ ගොහොරු වළ කණිමින් රුදී සිටියේ ය. යූ ෂාඕසායි, පහත් නිළයක පසුවූ අතර, ඔවුන් පසුපස ගොස් වැහී කබා අතැකිව ඔවුන්ට උපකාර ක​ළේ ය.

ෂ්‍යාඕ චීයේ ගේ හිසත් මුහුණත් වර්ෂා ජලයෙන් තෙතබරිත වී තිබුණේ ය. සියළුදෙනාවම ශිතලෙන් වෙව්ලන තරමේ සුළං හමා ආවදඑයින් ඔහුට කිසිදු බලපෑමක් සිදු නොවුනේ ය. එහි වූ මිනිසුන් දෙදෙනා සමග වළ හැරීමෙන් පසු ,ඔහු එහි බර තනිවම දරාගත්තා පමණක් නොව ජින් සියයකට ආසන්න ස්කන්ධයක්ද තමා මත ඔසවාගෙන සිටින්නට සමත් විය. At මේ වන විට, ඔහු සිය අස්ථි මුදුව සහිත මහපට ඇගිල්ල ඒ එහි වූ ඇගිලි කරුව වටා අත්ලේන්සුවෙන් ආවරණය කරගෙන සිටියේ එත​රම් හොඳ මනෝභාවයක් නොමැති ආකාරයට ය.

"ඔක්කොම පහත් බිම්වල ජීවත් වෙන දුප්පත් පවුල්. ඔවුන්ට ජීවත් වෙන්න කැඩිච්ච දර වලින් ගෙයක් හදලා දෙන එක ලේසි නෑ. නිවාස කඩා බිද දමන බව ආරංචි වුණ අයගෙන් දහයෙන් නමයක්ම කැමැත්ත දුන්නෙ නැහැ." ඔහුගේ නිරුවත් දෙපා ජලයට දමමින්, සෙන් යූ තම පෙඟී ගිය නිල ඇඳුමේ වාටිය ඔසවා ඉණ වටා ඔතා ගත්තේය. ඔහු තවදුරටත් කියා සිටියේ ය, "දොංලොං වීදිය කයිලිං ගඟට යාබද නිසයි දොංලොං මේ විදිහට තියෙව්නේ. මේ වැස්ස නතර නොවුණොත් හෙට අනික් වීදිවල ජල මට්ටමත් ඉහළ යාවි."

"අධිරාජ්‍ය අධිකරණය ඒ දරිද්‍රතාවයෙන් පෙළෙන නිවෙස් කඩා දැමූ පවුල් වලට රිදී ටේල් පහක සහනාධාරයක් ලබා දෙන්න කැමති නම්, ඔවුන් සියල්ලන්ම කැමති වනු වේවි." අර්ධ වශයෙන් මඩෙන් වැසී සිටි තන්තායි හූ පැවසුවේ ය, "ඔවුන්ට අවශ්‍ය වන්නේ නවතින්න තැනක්.අපි ඔවුන්ට මුදල් සහනාධාර දීමට කැමති තාක් කල්, එය ගැටළුවක් වෙන්නෙ නැහැ, මේ නිහතමානී පුද්ගලයාට හැඟෙන්නේ හාරන්න බාධා කරන්නේ විශාල වාසස්ථාන අය බවයි.ඒ සෑම නිවාසයක්ම තම ඉඩම් පුළුල් කරන්න නීති කඩ කරලා තියෙනවා. , ඒ වගේම ඔවුන් පෞද්ගලිකව එකිනෙකා සමඟ රණ්ඩු සරුවල් වලට පැමිණෙන අවස්ථා හුඟක් තියෙනවා. අපි දැන් ඔවුන්ගේ නිවාස කඩා දමනවා යැයි පැවසුවත් රිදී ටේල් පහකට පරිපූර්ණ හොඳ නිවසක් විනාශ කරන්න කැමති කවුද? අපි ඔවුන්ගේ දොරට තට්ටු කළත් ඔවුන් ප්‍රතිචාර දක්වන්නෙ නැහැ!"

" සහනාධාරය ගැන එකඟතාවකට එන්න බැරි වෙයිද කියලා මට බයයි.'' දිගු කලක් නිල අමාත්‍ය කවය තුළ රිංගා සිටි සෙන් යූ එහි ඇතුළාන්තය ගැන හොඳින්ම දැන සිටියේය. ඔහු පැවසුවේ ය "ආදායම් අමාත්‍යාංශය ආපදාවට ලක්වූවන්ට සහන සැලසීමට මුදල් ලබා දීමට කැමැත්තෙන් ඉන්නෙ මහ ලේකම්වරයා විකරයි. මේ ඒවගේම කාලය පැමිණි විට මුදල් වෙන වෙනම ගණන් කළ යුතු යි.එක් නිවසකට රිදී කාසි පහක් සහනාධාර දෙන්න තවමත් ඔවුන්ට සිද්ධවඅනොත් ඔවුන් කිසිසේත්ම එකඟ නොවේවි."

"ගෞරවනීය උතුමාණෙනි මේ අසංවර පුද්ගලයා නොහොබිනා දෙයක් පැවසුවානම් එය සිතට ගන්න එපා. , නමුත් ඔබ තවමත් මේ මොහොතේ මුදල් ගැන සිතන්නේ ඇයි?!" තන්තායි හූගේ හදවත ගැහෙන්නට විය. "මේ අපිරිසිදු ජලය ඉහළ ගිහින් මිනිසුන්ට වසංගත පැතිරෙන්න පුළුවන්. ඔවුන් මිය යාවි! එතකොට එහෙම වුනොත් රිදී කාසි තියාගෙන වැඩක් වෙන්නේ නැහැ!"

"හූ සහෝදරයා, වැඩ කරන එක නවත්තන්න එපා." යූ ෂ්‍යාඕසායි ඔහුගේ දෑත් ඔසයමින් සියල්ලන්වම සමථයකට පත් කරන්නට උත්සහ කළේ ය. ඔහු පවසන්නට විය, "ඔබට මේ ගිණුම් ගැන එතරම් පැහැදිලි අදහසක් නැහැ. ආදායම් අමාත්‍යංශය​ට ඔවුන්ගේම දුෂ්කරලා තියෙනවා. ඔවුන් ඇත්තටම මේ මුදල ගැන පසුතැවෙන්නේ නැහැ, පරික්ෂා නරන්න ආසන්න වෙද්දී, ඔවුන්ට මේ කාරණය සම්බන්ධයෙන් අපූරු දෙයක් කළ හැකිවුනොත් ඔවුන්ට ඇත්තටම මනසට සහනයක් දැනේවි. එය එය ඔවුන්ට යහපත් දෙයක් වගේ පෙනේවි, ඒ නිසා ඔවුන් එය ඇත්තටම සතුටින් සිදු කරාවි, එහෙම නෙමෙයි ද? ඒත් ඔවුන් අකැමැති යෙන්නේ ඇයි? ඒ සියල්ල ඔවුන්ට මුදල් හිඟ නිසයි! අපි හිතමු මේ මුදල් දැන් තියෙන ප්‍රශ්නයට මුහුණ දෙන්න පිටතට ගත්තා කියලා. තව ටික දවසකින් විවිධ ඉඩම්වල වසන්ත ගොයම සීසාන කාලය ළඟාවෙනවා. කලින් වානාශයට පක්වුණ කිසිම තැනක ආහාර වගා කරන්න බැහැ. ප්‍රාදේශීය වාර්තා මත පදනම්ව, ආදායම් අමාත්‍යාංශය ප්‍රදේශ මුදල් වෙන් කිරීම සලකා බැලිය යුතුයි වගේම එමඟින් බලපෑමට ලක් වූ ප්‍රාදේශීය ප්‍රාන්ත යමෙන්* හෝ පළාත් පාලන කොමසාරිස්වරුන්ට එම මුදල්වලින් අසල්වැසි පළාත්වලින් බීජත් අස්වැන්නත් ලබා ගන්න යොදාගන්න පුළුවන්. ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවගේ ආහාර වේල සම්බන්ධයෙන් මේක ප්‍රධාන ප්‍රශ්නයක්. ඉතින් මොවුන් හදිසියේ ක්‍රියාකාරී වෙලා රාජ්‍ය භාණ්ඩාගාරයේ තිබෙන මුදල්වලට අත තබන්න නිර්භීත වෙන්නේ කොහොමද? එපමණක් නෙමෙයි මේ අය නීතියට පටහැනිව තම ඉඩම් පුළුල් කරන බැවින් ඔවුන් ගැන සොයා බලන්න වෙනවා. පොදු ඉඩම් අනවසරයෙන් අල්ලාගෙන සිටීම පිළිබඳ කාරණය විමර්ශනය කරලා ලුහුබඳින්න අවශ්‍ය නම් නීතියට අනුව වරදකරුට දඬුවම් කරන්නත් අවශ්‍යයි."

රාජ්‍ය උසාවිය ඔවුන්ට දඬුවම් දීලා නැති නිසා , ඉතිං ඔවුන්ට තමන්ට රිසි විදිහට මුදල් පරිහරණය කරන්න දෙන්නෙ කොහොමද? ඔවඅන් මේ කාරණය නිසි විදිහට විසදුවේ නැත්තං , අපගේ ප්‍රධාන අධීක්‍ෂණ කාර්යාංශයට ඉදිරියේදී ඔවුන්ගේ ආදායම් අමාත්‍යාංශයට දෝෂාභියෝගයක් එල්ල කරන්න සිද්ධවෙයි. ඒ නිසයි හැම අයෙක්ම එක මතයක ඉන්නේ." "

යූ ෂ්‍යාඔසායිට පුද්ගලයන් සන්සුන් කිරීමේ හැකියාවක් තිබුණි. ඒ මෘදු වදන් ඔහුගේ මුවින් පිටවෙද්දී, ප්‍රධාන ගැටළු වලදී පවා ඉවසීමෙන් සිටීමේ හැකියාවක් ඔවුන්ට ලැබුණි. ඔහු පැවසුවේ සත්‍ය මිස කිසිවෙකුගෙත් පැත්ත ගැනීම නොවෙයි. ඔහු පැවසූවේ පැහැදිලි ලෙසම ඇතිවී තිබූ ගැටළුව පමණකි.

වසන්ත කාලයේ ගොයම සීසෑම සහ රෝපණ වලට මේ වසරේ දජෞ හී ක්‍රියාමාර්ග සෘජුවම අදාළ විය. ප්‍රධාන යුධෝපාය මායිම් ඉඩම් දෙකක් හමුදා සදහා ප්‍රතිපාදන වලට වෙන් කොට තිබුණි. ජුඒෂි හි නගර දහතුනක සහ හේජෞ හි ඉදිරි පෙළේ ධාන්‍ය අස්වැන්න මත රඳා පැවතුනි. එබැවින් කිසිවෙකු ලිස්සා යන්නට තරම් එඩිතර වූයේ නැත. මෙය ඔවුන් ප්‍රථමව අවධානය දුන් කරුණ විය.

ඔවුන් මොනවා කරන්නද?

බලහත්කාරයෙන් කඩා බිඳ දැමීම මහජන කෝපයට හේතු වනු ඇත. රාජකීය හමුදාවේ මිනිසුන්ගෙන් අඩක් දැනට චූදු හමුදා නිවාසවල අය වූහ. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් දොංලොං වීදියේ ජීවත් නොවූ නමුත් කිහිප දෙනෙක් එහි විසුවෝ ය. හායි පියැංයී මේ කාරණය අධිරාජ්‍ය හමුදාවට භාර දෙන විට, ඔහු එය භාර දුන්නේ, ෂ්‍යාඕ චීයේටය. කිමද යත් මේ කාරණය අෂ්ඨ මහා පුහුණු අංශවලට භාර දුන් පසු, කිසිදු නීකියක් හෝ කාරණයක් ගැන සැලකිල්ලක් නොදක්වනු ඇත. හැන් ජින් එම ස්ථාන සම්පූර්ණයෙන්ම සමතලා කරන ලෙස සෘජුවම ඉල්ලා සිටියේ ය. එහෙත් මේ හේතුවෙන් ඇතිවිය හැකි අනතුර නොසලකා හැරීමට ඔවුන්ට හැකියාවක් තිබුණේ ද නැත.

ඔහු සිතුවේ ෂ්‍යාඕ චීයේට යම් මාර්ගයක් තිඉෙනු ඇති බවයි

ෂ්‍යාඕ චීයේ තම මාපටැඟිල්ල සහ දබර ඇඟිල්ල අතර ප්‍රදේශය තදින් වෙලුවේ ය. ඔහු කතා කරන්න​ට සූදානම් වන විට ඔහු වර්ෂාව මධ්‍යයේ එහා මෙහා යන අයෙක් දුටුවේය.

ශෙන් ස'චුආන් ඔවුන්ට ආචාර කරමින් තම දෑත් අල්ලාගෙන මෙසේ කීවේය.

"මම අනුමාන කළ විදිහටම. හැම වැදගත් මහත්මයෙක්ම මෙතැන ඉන්නවා. මහජන ඉඩම් වල තත්වය කොහොමද?"

"ඒවා එක්ක කටයුතු කරන එකනම් හරිම අපහසුයි." සෙන් යූ දිගු සුසුමක් මුදා හැරියේ ය. "අපිට කොහොමටවත් ඒවා ඉරා සමතලා කරන්න බැහැ."

"අවසාන වශයෙන්, ආදායම් අමාත්‍යාංශයට අපහසු වෙන හේතුව, එළඹෙන වසන්ත සීසෑම සඳහා වියදම් සොයා ගන්න ඔවුන්ට නොහැකි වෙන එකයි." ශෙන් ස'චුආන් සන්සුන්ව සිටින බව පෙනුනද, ඔහුගේ කොපුල් රතු වී තිබුණි. ඔහු වර්ෂාව දෙස බලා පවසන්නට විය. , "මෙම ගිණුම ඇත්ත වශයෙන්ම තක්සේරු කරන්න පුළුවන්. මේ දක්ෂතා නොමැති තැනැත්තා අධිරාජ්‍ය ආරක්ෂකයින්ගේ වාර්තා ලේඛනාගාරය දැකලා තියෙනවා, ඒ නිසා මට ඒ සම්බන්ධයෙන් යම් අවබෝධයක් තියෙනවා. මට පවසන්න තියෙන දේ පුකිරාජ සෙනෙවිතුමා අහන්න කැමති වේවිද?"

ෂ්‍යාඕ චීයේ ඔහු දෙස බලා පැවසුවේ ය, "විනිසුරුතුමනි, කරුණාකරලා ඉදිරියට ගිහින් පවසන්න."

ශෙන් ස'චුආන් මොහොතකට සිතන්නට විය, "ගිය අවුරුද්දේ, නව අධිරාජ්‍යයා සිංහාසනයට පත් වුනාම විවිධ ඉඩම් සඳහා පොදු සමා කාලයක් ලබා දී තිබුණා. එහි ප්‍රතිඵලයක් ලෙස ජුඒෂි වලින් 30% බදු වලින් නිදහස් කළා. ඔවුන්ට පසුගිය වසර සාර්ථක වසරක් වුණා. ජොංබෝ හි හුඅයිජෞ සහ දුන්ජෞ හැරුණු විට, ආපදාවලින් සිදු වූ හානිය වාර්තා කළ අනෙක් සියල්ලටම කිසිදු ගැටළුවක් නැහැ. ධාන්‍යාගාර පිරී ඉතිරී යන ස'ජෞ ප්‍රාන්ත වලින් යමෙන් ධාන්‍ය මිලදී ගැනීම නියත වශයෙන්ම සිදුවේවි. වසර ආරම්භයේදී දැඩි හිම පතනයක් පැවතුනා, ජොංබෞ හි හිම නිසා හැම නිවාසයක්ම වැසී ගියා. පරම්පරාගත කුමාරයා මේ වසරේ ලීබෙයි ආයුධ සන්නද්ධ අශ්වාරෝහක හමුදා අරමුදල්වලින් ටේප් හතලිස්දාහක් ස'ජෞ වෙනුවෙන් වෙන් කළේ ඔවුන්ට සහනාධාර සඳහා එය ප්‍රමාණවත් වෙන නිසාද? ඔබට ස'ජෞ ලවා මෙම අනුග්‍රහය දැන් ආපසු ලබාගන්න පුළුවන්. ජෞ ගුයි වෙත ලිපියක් යවලා, එම ටේල් 40,000 මත පදනම්ව ඔහු දුන්ජෞ වෙත විකුණන ධාන්‍ය සඳහා වට්ටමක් ලබා දෙන්න කියලා පරම්පරාගත කුමාරයාගෙන් ඉල්ලීමක් නරන්න. එමගින්, ආදායම් අමාත්‍යාංශයට ස'ජෞ වෙනුවෙන් ඔවුන්ගේ අරමුදල් වෙන කරලා ඉතිරි කර ගන්නත් එම මුදල් වත්මන් නිවාස කඩා ඉවත් කරලා සහනාධාර වෙනුවෙන් යොදවන්නත් හැකි වේවි."

"නමුත් නීති විරෝධී ලෙස පොදු ජනතා ඉඩම් අල්ලාගෙන සිටීමේ ප්‍රශ්නය තවදුරටත් ඉදිරියට ගියොත් එය විශාල අපරාධයක් වේවි. ආදායම් අමාත්‍යාංශයට ඒක කරන්න බැහැ, එහෙම නේද?"

"ජනතා ඉඩම් නීති විරෝධී ලෙස අල්ලා ගැනීම නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදක්. නමුත් විශේෂ වේලාවට විශේෂ සැලකිල්දක් දක්වන්න අවශ්‍ය වෙනවා. අපිට නීති අනුගමනය කරන්න සිද්ධ වුනත් හැම පුශ්නයකදිම පැරණි නීති යොදා ගන්න බැහැ." ශෙන් ස'චුආන් මොහොතකට විරාමයක් තැබීය. "අධිරාජ්‍ය අධිකරණයට ආපදාවට ලක්වූවන් හමුවෙන්න බැහැ. එබැවින් මෙම සහනාධාරය කරුණාවන්ත දෙයක්, රාජකීය උදාරත්වයේ ක්‍රියාවක්. මේ සම්බන්ධයෙන් ඉදිරිපත් වී සාකච්ඡා කිරීම ගෞරවනීය සෙන් උතුමාණන් වීම වඩාත් සුදුසුයි. ඇත්තටම ආදායම් අමාත්‍යාංශය එකරම් අපහසු තැනක් නෙමෙයි, එය වැරදි නොවන තාක් කල්, ගිණුම පැහැදිලි වන තාක් කල්, මුදල් ප්‍රමාණවත් වන තාක් කල්, ඔවුන් එකවරම නිවැරදිව ක්‍රියාත්මක වන බව සහතිකයි."

පරීක්‍ෂණය ආසන්නයටම පැමිණ තිබූ අතර, විවිධ කාර්‍යාංශවල නිලධාරීන්ගේ උසස්වීම්වලට අදාළ තක්සේරු කිරීම් සහ ඇගයීම් සිදු විය. සියලු දෙනාම "කැපී පෙනෙන" ඇගයීමක් ලබා ලන්නට කැමැත්තෙන් සිටියෝය. එබැවින්, එය ප්‍රමාණවත් වන තාක් කල්, ඔවුන් එසේ කරනු ඇත. නිසැකවම එය කරන්නට සිසුවනු ඇත.

"අපි නැවතත් ස'ජෞ ගැන කතා කරමු." ශෙන් ස'චුආන්  දෙස බැලීය. "ජොංබෝ වලට මේ වසරේ හිටපු නගරය ඉදිකරන්න අවශ්‍ය වෙලා තියෙනවා. ඒත් මොන වගේ උත්තමයෙක්ට ඒක පැවරේවිද කියලා අපි දන්නෙ නැහැ, නමුත් තවමත් මිනිස් බලය යොදවන්න වියදමක් යාවි. කාලය එද්දී මේ වර ප්‍රශ්නය නිසා පුතිරාජසෙනෙවිතුමාට ස'ජෞ පැත්ත ගන්න වෙනවා. පෙරදි නගරය නිර්මාණය කරද්දි අද නිවාස විනාශ කලා නම් ඒ ශ්‍රම වියදම වෙනුවෙන් විවිධ නිවාස ස'ජෞ වලට මිනිස් ශ්‍රමය යොදන්න මාසයක් පමණ කාලයක් පුරා අධිරාජ්‍ය හමුදාව ඔවුන්ව රුගෙන එය පිරිමහගන්නත් පුළුවන්. එය මහජන ඉඩම් අල්ලාගැනීම ​වෙනුවෙන් ලැබෙන දඩුවමක් ලෙස සලකන්නත් පුළුවන්. මේ රිදී ටේල් පහ ප්‍රමාදයක් වත් ණයක්වත් වෙන්න අවශ්‍ය නැහැ. ඒවා නිකුත් කරන අය සහ ඒවා පිළිගන්නා සියලු දෙනාටම සන්සුන්ව ඉන්න පුළුවන්."

එපමනක් නොව, මේ කාරණය සමඟ, 'ජෞ ද ලීබෙයි වෙත ණයගැති වීමේ සිට අන්‍යෝන්‍ය උදව් සහ සහයෝගී සබඳතාවයකට අත ගසනු ඇත. ජෞ ගුයි අධමයෙකු නොවන තාක් කල්, මෙය මිතුරන් ඇති කර ගැනීමට අවස්ථාවක් ලෙස ඔහු තේරුම් ගනු ඇත.

එම වචන ශෙන් ස'චුආන් මුවින් පිට වූ විගස යූ ෂ්‍යාඕසායි වැහි කබාය සොලවා සෙන් යූ ට ලබා දුන්නේ ය.

සෙන් යූ එය වහාම සිදු කරන්නට ගියද, ඔහු ඉදිරියට ගොස් ශෙන් ස'චුආන්ගේ උරහිසට තදින් එය දමා ගැසුවේ ය, "ගෞරවනීය විනිසුරුතුමනි, කාලය නැහැ, ඒ නිසා මම වැඩි යමක් කියන්නෙ නැහැ, මේ කාරණය අවසන් වූ පසු, මම, සෙන් යූ, මගේ නිහතමානී වාසස්ථානයේ මත්පැන් සමඟ සරල ආහාර වේලක් පිළියෙළ කරලා ඔබේ පැමිණීම වෙනුවෙන් ගෞරවයෙන් බලාගෙන ඉන්නම්.! "

ඔහු උණ තොප්පිය පැළඳ යූ ෂ්‍යාඕසායි සමඟ පිටව ගියේ ය.

"කොහොමද මාලිගයට යන්නේ?" ශෙන් ස'චුආන්ගේ මැණික් කටුවෙන් අල්ලාගත් ෂ්‍යාඕ චියේ පැවසුවේ ය

තන්තායි හූ යමක් පවසන්නට උත්සහ කළත් කිසිවක් පැවසුවේ නැත.

ශෙන් ස'චුආන්  ඉණ අවසරපත පිටුපසට කර තබාගෙන මොහොතක් ඒ දෙස බලා මෙසේ පැවසුවේ ය. "වැන්දඹු අධිරාජිනිය විවිධ කාර්‍යාංශවල ප්‍රධාන අමාත්‍යවරුන් කැඳවා ඔවුන් සමඟ ගිණුම් විසඳා ගැනීමට සූදානම්වෙලා ඉන්නවා. ඔබ ඒ අතර නැහැ. පොදු කාණු කඩිනමින් හාරන්න ඕන. මීට පෙර ගෞරවාන්විතව කළ ප්‍රකාශ කිහිපයක් තියෙනවා. නමුත් ඔබ තේරුම් ගත යුතු කරුණක් තමයි ඔබ තවමත් මේ දින කිහිපය තුළ වළවල් වසා දැමුවෙ නැත්නම් , එවිට ඔබට එය ගණන් ගන්න වේවි."

මිනිසුන් දෙදෙනාම මේ ස්ථානයේ සිටගෙන සිටියදී ෂ්‍යාඕ චීයේ ශෙන් ස'චුආන් ස්පර්ශ කිරීම නුසුදුසු වූයේ ය. නමුත් පෙනෙන ආකාරයට රෝගාතුර වන තෙක්ම ශෙන් ස'චුආන්  වර්ෂා ජලයෙන් නෑවි සිටිනු දු​ටු ඔහු, "ලේකම් කාර්යාලයේ වැඩිමහල්ලා ඔබට මාළිගාව ගැන සෝදිසියෙන් සිටින ලෙස පැවසුවා. ඒ නිසා ආපසු යන්න, ඔබට කාර්යාලයේ ද්වාරය දෙස බලාගෙන උණුසුම් තේ බදුනක් පානය කරන්න පුළුවන්.

"ඒක හැන් චෙංගේ රාජකාරිය." ශෙන් ස'චුආන්  වැනුවේ ය. "... ශීෆු ඉන්න ෂාඕ සූයි පන්සලේ වීම ගැන මට කනස්සල්ලක් දැනෙනවා. නිකං ඉන්න වෙලාවක් නෑ. මුලින්ම ඔබේ කාර්යය කරගෙන යන්න. මට ආදායම් අමාත්‍යාංශයේ අයව අනුගමනය කරන්න වෙනවා සහ විපතට පත් වූවන් සඳහා වන ආධාර සහන තිරය පිටුපස හසුරුවන්නත් වෙනවා."

ෂ්‍යාඕ චීයේට තවමත් යමක් පවසන්නට අවශ්‍ය වූ නමුත් අනෙක් කෙළවරේ සිටි හන් ජින්, ඒ වන විටත් ඔහුගේ පාවහන් ඔසවා ඔහුට අඬගසමින් සිටියේය. එබැවින් ෂ්‍යාඕ චීයේට ඔහුගේ දෑත් පමණක් මුදා හැරිය හැකි වූයේ පියවර කිහිපයක් පසුපසට හැරී තන්තායි හූ ඔහුව ඇදගෙන යාම නිසයි.

ඇද හැලෙන වර්ෂාව නිසා ශෙන් ස'චුඇන්ට හිසේ කැක්කුමක් ඇති විය. ඔහුගේ සිත සන්සුන් කරන්නට වර්ෂාවට හැකිවිය. ඔහු ග' චිංචිංට කතා කරන්න​ට හැරී ඔහුව පහත් ස්ථානයක් දෙසට රැගෙන ආවේය.

පොදු කාණු හෑරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවීය.එය අපිරිසිදු හා වෙහෙසකරය.ආදායම් අමාත්‍යාංශයේ මිනිසුන්ට වතුරට බසින විට පාවහන් මාරුකර වස්ත්‍රය ඔසවා ගැනීමට පවා සිදු කාර්යය කරමින් සිටි සියල්ලෝම යට වී සිටියෝය. වර්ෂාවෙන් තෙතබරිත වෙන්නට ඔවුන්ට අවශ්‍ය නොවිය. කෙසේ වූවද මෙය හායි ලියැංයී විසින් වැඩ අමාත්‍යාංශයට සහ අධිරාජ්‍ය හමුදාවට පැවරූ කාර්යයකි. ඔවුන් මෙහි පැමිණ සිටියේ සහය වීමට පමණි.

ශෙන් ස'චුආක් පැමිණි විට ඔහු දුටුවේ අතේ ඇඟිලි දහයෙන් ගණන් කරන්නට පවා හැකි රැස්ව සිටි පිරිස ප්‍රමාණවත් නොවන බවයි. මඩ ගසන්නට පුරුදුව සිටි ආදායම් අමාත්‍යාංශයේ පහළ ඉනිමඟේ සිටින අය වැඩිමනක් ලිස්සා යන අය බව ඔහු දැන සිටියේය. ඔවුන්ට ලබා ගන්නට යමක් තිබුණේ නම්, ඔවුන් ඒවා ගැන කිසිවක් නොපවසනු ඇත.

' චිංචිං අසන්නට විය, "අදුරු වෙන්නත් ආසන්නයි. ඇයි මෙතන මෙතරම් අඩු ප්‍රමාණයක් ඉන්නේ?"

යටහත් පහත් වී ශෙන් ස'චුඇන්ට හිස නමා ආචාර කළ නිලධාරියා ඔහුට අසුන් ගැනීමට ආරාධනා කළේ ය, "අපට ඔවුන් සියල්ලන්ම ගෙන එන්න නොහැකි වුණා. අපට ඉදිරියෙන් සිටි අධිරාජ්‍ය හමුදාව කැණීම් කර අවසන් කළේ නැහැ, එහෙම නෙමෙයි ද? කැඳවන්න ප්‍රමාද නැහැ. හෙට උදැසනසම තව පිරිසක් කැඳවන්න පුළුවන්. අද රෑ කැණීම් කරලා ඉවරවේව්, උතුමාණෙනි, ඇවිත් අසුන්න්න! බලන්න ඔබ කොයිතරම් තෙතබරිත වෙලාද කියලා! මේ උණුසුම් තේ බදුන පානය කරන්න. අඩුම තරමේ ඔබව උණුසුම් කරගන්න. ඔබව ශීතලේ ගල් වෙන්න දෙන්න එපා!"

ශෙන් ස'චුආන්  සෙලවුණේ නැත .ඔහු උණුසුම් කරවනය දෙස බලා සිනාසුනේ ය "මේක සිදු කළෙ ඔබමද..හොඳ වැඩක්"

එම නිලධාරියා තේ බඳුන දිගු කර, කොදුරන්නට විය. "ඇත්තෙන්ම! හැමෝම ගොඩක් කාර්යබහුලයි; කවුද අපි ගැන කරදර වෙන්නේ? අපි ගැන බලගෙන්න පුළුවන් අපිට විතරයි..."

ඔහුගේ කටහඬ මැකී ගියේය. රාජකීය ආරක්ෂකයන් ශෙන් ස'චුආන් පිටුපසින් ගාම්භීර ලෙස සිටගෙන සිටි අතර එතරම් සිනහවකින් තොරව ඔහු දෙස බලා සිටියේ ය.

තේ බදුන ගත් ශෙන් ස'චුආන් අයින් උගුරක් පානය කළේ ය. එය එතරම් නරක නොවීය.

නිලධාරියා ඔහු වෙතට කඩා පැන්නේ ය. "මේ හේ ජෞ වල අනර්ඝම තේ, විශේෂයෙන් ඔබතුමා වෙනුවෙන්මයි පිළියෙල කළේ-"

ශෙන් ස'චුආන් ඔහුගේ මැණික් කටුව පෙරළා ඔහුගේ මුහුණ පුරා තේ පැන් වැගිරවූයේ ය. නිලධාරියා තිගැස්සී කෑ ගසා පසුපසට ගියේය. ශෙන් ස'චුආන් උඩු යටිකුරු වූ තේ කෝප්පයේ පතුලට ඇඟිලි තුඩුවලින් තට්ටු කර තේ දළු කෝප්පයෙන් ඉවත් කළේය. තවමත් ඔහුගේ මුහුණේ සිනහව රුදී තිබුණේ ය. මහ වර්ෂාව මධ්‍යයේ ඔහුගේ සිනාමුසු මුහුණ ඊටත් වඩා ප්‍රසන්න වූ අතර ඇස් නිලංකෘත කරවනසුළු වූයේ ය.

"මේ තේ ගැන..." ශෙන් ස'චුආන් මෘදු ලෙස කතා කළේය, "එය මගෙන් ඔබට පිළිගැන්වීමක් ලෙස සලකන්න. ඇයි ඔබ එය පානය නොකළේ?"

නිලධාරියා කඩිමුඩියේ ඔහුගේ මුහුණේ තේ දළු පිස දමා පවසන්නට විය, "ඉක්මන් වැඩියි..."

"නිරයේ රජු ඔබට කතා කරන කොට, ඔබ එයටත් මේ විදිහටම පිළිතුරු දෙනවද?" තේ කෝප්පය පසෙකට විසි කරමින් ශෙන් ස'චුආන් පැවසුවේ ය, "මහා ලේකම්වරයා අධිරාජ්‍ය ආරක්ෂකයින්ට දැඩි නියෝග ලබා දුන්නා මේ කාරණය අධීක්ෂණය කරලා වාර්ථා කරන්න කියලා. ඔබේ ගෙල සිරකර මරා දැමීමත් වහාම ක්‍රියාත්මක කිරීමේ නියෝගය අපට ලැබිලා තියෙන නිසා මම එය දැඩි විදිහට සළකන්නෙ නැහැ. මම බිමට දමපු තේ සියල්ල ඔබ පානය කළ යුතුයි. ඔබට එය සිටගෙන පානය කරන්න නොහැකි නිසා, මට ඔබව ඔබේ ගමනාන්තයට ඇරලවන්න ඉඩ දෙන්න, එවිට ඔබට අඩි හයක් යට ඉදන් ඒ තේ පානය අවසන් කරන්න පුළුවන්."

භීතියට පත් නිලධාරියා බිම දණ ගසා කීවේය: "උතුමාණෙනි, ඔබ මෙහෙම කරන්නෙ කොහොමද? කොහොම වුනත්, මේ නිහතමානී යටත් නිලධාරියා අධිරාජ්‍ය අධිකරණයේ හයවන ශ්‍රේණියේ නිලධාරියෙක්. ඉතිං-ඔබට අවශ්‍ය පරිදි ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නෙ කොහොමද..."

"රාජකීය බන්ධනාගාරය කවදාවත් හතරවන ශ්‍රේණියට පහළින් කිසිවකුවත් බඳවාගෙන නැහැ!" ග' චිංචිං තම වතෙහි වූ වස්ත්‍රය ඔසවා ජලය ඉවතට වීසි කළේ ය. "විනිසුරුවරයා ඔබට පානය කරන්න අණ කරලා තියෙනවා නම්, ඔබ පානය කළ යුතුයි. ඔබට තීරණය කරන්න පුළුවන් ඔබ එය පණපිටින් පානය කරනවද එහෙම නැත්තං ඔබ මිය ගිහින් නිරයේ ඉඳන් එය පානය කරනවද කියලා."

නිලධාරියා ජලට මතට පෙරළී ගියේය. තම තලයට අත තබා තමා දෙස බලා සිටින ශේන් සෙචුවාන් දුටු ඔහු වහා තම හස්තයේ තිබූ වතුර කෝප්පය මුවෙහි ඉහිරවා ගත්තේ ය, "මම පානය කරන්නම්! මම පානය කරන්නම්!"

විවිධ ඉරියව්වලින් සිටගෙන සහ වාඩි වී විහිළු කරමින් හා ඇද කරමින් අවට සිටි මිනිසුන් සියල්ලෝම නිහඬව පැක්තකට වී සිටියෝ ය.

ශෙන් ස'චුආන්  ඔවුන් දෙසට බැල්මක් හෙළමින් විමසුවේ ය, "මේ කාර්යය ඉක්මනින් කරන්න පුළුවන් ද?"

සියල්ලෝම එක හඬින් පිළිතුරු දුන්හ, "අපි ඉන්නෙ ඔබ වෙනුවෙනුයි ගෞරවනීය විනිශ්චයකාර තුමනි."

"මම නිකම්ම නිකම් අධීක්ෂකයෙක් සහ පරීක්ෂකයෙක් පමණයි; දේවල් වල ඇති අගහිඟකම් ගැන මම මොනවද දන්නේ?" ශෙන් ස'චුආන් ඔහුගේ දෑත් පිස දමන්නට නිල් පැහැ අත් පිස්නාව පිටත​ට ගෙන සිනහවකින් යුතුව මෙසේ පැවසීය. " විවිධ මහත්වරුන්ව මගේ අභිමතය පරිදි හසුරවන්න මම නිර්භීත වෙන්නෙ නැහැ, අපේ අධිරාජ්‍ය ආරක්ෂකයින් ඔබ පසුපස පැමිණේවි, ඉතින් අපි පිටත් වෙමුද?"

තවමත් පිටුපසින් සිටීමට නිර්භීත වන්නේ කවුද?!

ඔහු ද ඉහළට යන්නට උත්සාහ කරන විට එම නිලධාරියා වෙව්ලන්නට විය. ශෙන් ස'චුආන්  ඔහු දෙස බැලූ අතර ඔහු පසුබැස ගොතගසන්නට වූයේ ය. "උතු-උතුමාණෙනි..."

"අපි ඉන්නේ මේ මාර්ගයේ." පිටත්ව යාමට පෙර ශෙන් ස'චුආන්  මෘදු ලෙස පැවසුවේ ය, "ඔබ එන්න කලින් සියල්ලම පානය කරන්න."

ඒ වන විටත් අහස සම්පූර්ණයෙන්ම අඳුරු වී තිබුණ ද වර්ෂාව තවමත් නතර වන ලකුණු පෙන්වා නොකිබුණි. රාජකීය ආරක්ෂකයින් කෙතරම් ආකර්ශනීය හා විස්මය දනවනසුලු වුවත්, ඔවුන්ටද ජලයට බැස තෙත බරිත වන්නට සිදු වුනහ. ඔහු නැගිටින විට හිස ඹමනවාක් මෙත් දැනුණු ශෙන් ස'චුආන්  පොදු කාණු ලෑල්ලක් මත අත තබාගෙන මොහොතක් සන්සුන් විය. ඔහු වටා සිටි සියල්ලෝම කාර්යබහුල වූ නිසා කිසිවෙකු එය දුටුවේ නැත.

'චිංචිං පමණක් වහා ඔහුට ඒත්තු ගන්වන්නට උත්සාහ කළේ ය, "දැනට හදිසියක් නැහැ. මොහොතක් විවේක ගන්න එක හොඳයි නේද!"

ශෙන් ස'චුආන්  බලෙන් සිනහවක් මුව විවර කළද එය සිදු කළ නොයුතු බව වහා හැගී ගියේ ය; ඒ වන විටත් ඔක්කාරය ඔහුගේ උගුරට ගොස් තිබුණි. ලෑල්ල වාරු කර​ගෙන නැගී සිටිමින්, ඔහු ඉහළට ගොස් අර්ධ වශයෙන් කඩා වැටුණු නිහතමානී වාසස්ථානයට යටින් ජල මල්ලක් සොයමින් සිටියේය.

කවුරුන්හෝ ශෙන් ස'චුඇන්ගේ හිස වසාගත් නිසා ඔහුගේ පිටේ හදිසි බරක් ඇති විය. ශෙන් ස'චුආන්  තවමත් වකුටු වී සිටි අතර, ඔහු ඉදිරිපිට තිබූ බාධාව නැවත වරක් ඉවත් විය. ෂ්‍යාඕ චීයේ එක්වරම දැඩි හුස්මක් ගත් අතර හදිසියේම තම අතෙහි වූ උණුසුම් ආහාර පෙට්ටිය ඔහුට ලබාදුන්නේ ය. ඊළඟ මොහොතේ, ඔහු පිටතට යන මාර්ගය වසා දමමින් පිටත් වෙන්නට ඔහුගේ පාදය එසැවූයේ ය.

ශෙන් ස'චුආන්  ඔහුගේ හිස වසාගෙන සිටි කබාය පසෙකට තල්ලු කළේය.ඒ වන විටත් පියවර කිහිපයක් ඉවතට ගිය පුද්ගලයා ඔහු පැමිණි තැනටම නැවත පිවිසියේ ය. කඩා වැටුණු සුන්බුන් මත පා තැබූ ශෙන් ස'චුආන්ගේ මුහුණ තම අත්ලෙන් අල්ලා ගන්නට වකුටු වී ඔහුව තදින් සිපගත්තේය. ඔහුගේ සිපගැනීමෙන් පසු, ඔහු ශෙන් ස'චුආන් ගේ දෙකොපුල් තදින් පිරිමැද්දේය..

වර්ෂා ජලය ඝෝෂාකාරී ලෙස ගලා ගියේය. ෂ්‍යාඕ චියේ දැඩිව හුස්ම ඉහළ පහළ හෙළුවේ ය. ඔහු තත්පරයකින් අඳුරු වූ ශෙන් ස'චුආන් දෙස බලා සිටියේය. වචනයක්වත් නොකියා ඔහු හැරී දිව ගියේය. ඔහු කඩිසරව හා ජවයෙන් යුතු වූවද , තවමත් අපිරිසිදු, තෙත් වස්ත්‍රය පැළඳ සිටියේය. ඔහු මංසන්ධියට වේගයෙන් යන විට ඔහුගේ වැහි කබා සළුව හස්තයේ එල්ලා ගත්තේ ය.

ඒක බලහත්කාරයෙන් වුණ වෙලාවක් නෙමෙයි නම්?

ෂ්‍යාඕ චීයේ නටබුන් හරහා ගමන් කරන විට ඔහුගේ කර ඇදුමෙන් ඇද ගත්තේය, ඔහු අපිරිසිඳු ලෙස අධිරාජ්‍ය හමුදාව තිබෙන ස්ථානයට වේගයෙන් යන විට ඔහු ශාප කළේ ය--.

හෙනම ගහපිය!

Comments

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-