Skip to main content

20. ඒත් මං එයාට අහුවුණා

  එයා මුලින්ම ඒක කියවද්දී , එයා සම්පූර්ණ අවධානෙන් ඒක කියවල නැහැ. ඒත් හේ යු කියපු දේ ඇහුණම එයා ඒක බලන්න පටන් ගත්තා. A4 ප්‍රමාණයේ පොතේ කෙළවර " පිරිමි හමුව" කියලා ලියලා තිබුණා. එයාගෙ නම මේ පොතේ ගොඩක් තැන්වල  තියෙන බව එයා දැක්කා.

"....." ෂිඒ චිංචෙං ට අප්‍රසන්න හැඟීමක් දැනුනා.

ඇත්තටම දෙන්නම එකතු වෙලා ලියල තිබ්බ දේවල් කියෙව්වා, ලබ්බ…උන් ඔක්කොම බොටම්ල1

බොටමෝ ටික කතාකර කර ඉදලා තිබුනේ ලඟපාත තියෙන කැම්පස් වල, ස්කෝල වල ලස්සන කොල්ලෝ ඉන්න තැන්ගැන වගේ ..බ්ලා..බ්ලා..බ්ලා.. කෙළින්ම කියනවනම් දවල්ට කරන්න බැරි දේවල් ගැන කතා කරලා.

මුලින්ම ෂිඒ චිංචෙං ගෙ නම ලියපු කෙනා ලියල තිබ්බෙ පෑනකින්. ඒ අකුරු ටිකක් පරණයි වගේම මැකිලා ගිහිල්ලා. ලියපු කෙනා කියලා තිබුණේ අල්ලපු වැටේ තියෙන මෙඩිකල් කොලේජ් එකට ෂිඒ චිංචෙං කියලා අලුත් ප්‍රොෆෙසර් කෙනෙක් ඇවිල්ලා , අමුතුම ලස්සනක් තියෙන්නේ, එයා හැසිරෙන්නේ හරිම තද විදියට වගේම ලොක්කෙක් වගේ..මට ඕනෙ ඔහු එක්ක නිදාගන්න.

අනෙක් අය එයාගෙ ලැජ්ජ නැති කමට හිනා වෙන්න පටන් අරන් තිබුණා.

ඒත් ඉක්මනටම  අලුත් සටහනක් එකතු වෙලා තිබ්බ නිසා කතාව වෙන මුහුණුවරක් ගත්තා. 

"මගුළ.. උඩ ඉන්න කට්ටිය හිනා වෙන්න එපා! කාට හරි ආයෙත් මේ " අමුත්තන් ගේ සටහන් පොත" බලන්න ලැබුනොත්, එයාල මෙඩිකල කොලේජ් එකට අනිවාර්යෙන්ම ගිහිල්ලා මේ පිස්සු වට්ටන ලස්සනක් තියෙන ප්‍රොෆෙසර්ව බලන්නම ඕනේ. එයාගෙ කකුල් දිගයි, උරහිස් පළල්, ඉන හීනියි, හෙල්ලයක් වගේ එයාගෙ ඇග කෙලින් වගේම උසයි.  එයාව දැක්ක දවසේ ඉඳලා, එයා ටයි එක දාලා සූට් එක ඇඳල ඉන්නව දකින එක නිකන් මාව මරනවා මරනවා වගේ. එයත් එක්ක එකදිගට  දවස් තුනක් සෙක්ස් කරනවා මං හීනෙන් දැක්කා."

ඊළග කෙනා ඊටත් වඩා අතිශෝක්තියෙන් වගේම පාලනයෙන් මිදිලා තිබ්බා.

"මට ඇත්තටම එයාගෙන්  රිද්දගන්න ඕනෙ"

" ප්‍රොෆෙසර් ෂිඒ ඩිවෝස් වෙලා කියලා මම අහල තියෙනවා. සමහරවිට එයත් අපේ ටයිප් වෙන්න ඇති"

" දෙයියනේ..ඇත්තද? එයා අපේ ජාතියේ නම් එයා එක්ක එකපාරක් නිදාගන්න ලැබුණොත් මට මුළු ජීවිත කාලෙම තනිකඩව ඉන්න පුළුවන් .."

මේ කොටස කියෙව්වට පස්සේ හේ යු ගොඩක් වෙලා මුකුත් කියාගන්න බැරුව සද්ද නැතුව හිටියා.

හේ යු ඊළගට හිනා වෙලා කිව්වා. "ඩොක්ටර් ෂිඒ මං හිතුවේ නෑ එහෙම දෙයක්. ඔයා බොටම් සෙට් එකේ දිව්‍යලෝකෙ කෑමක්නේ, උන් හැමෝටම ඕනේ ඔයා එක්ක නිදාගන්න. ඇයි ඔයා පොඩ්ඩක් ඉවසලා එයාලට චාන්ස් එකක් දෙන්නේ නැත්තේ?"

ෂිඒ චිංචෙං ගෙ මූණ බෙරි වෙලා ගිහින් තිබ්බා. වෙන පිටුවක් පෙරලන්න එයා අත ඉස්සුවා.

"මම තාම ඒක කියවල ඉවර නැහැ" හේ යු පොත අල්ලගෙන කිව්වා.

" ඒක හරවන්න "

" පොඩ්ඩක් ඉන්න"

" ඒක හරවන්න"

 " පොඩ්ඩක් ඉන්න" හේ යු දත් විලිස්සා කිව්වා.

ෂිඒ චිංචෙං ට ලැජ්ජ හිතිලා වගේ , එයා බලෙන්ම පිටු පෙරලුවා. හේ යූ උපහාසෙන් හිනාවෙලා  එයා පෙරලන පිටු දිහා ආයෙත්  බලාගෙන හිටියේ, විශේෂයෙන්  ෂිඒ චිංචෙංගෙ නම   ලියලා තියෙනවද කියලයි.

ඒත් පිටු කීපයක් පහුවුණාට පස්සේ, එයාගෙ හිනාව නැවතුණා. 

ඒ හේ යු එයාගෙම නම දැක්ක නිසයි.

 " පිරිමින්ගේ කාම අදහස් හුවමාරු කවය" කියන පොතයි එයාලා තාමත් බල බල හිටියේ. ඒ වගේම ෂිඒ චිංචෙනුත් මේක පැහැදිලිවම දැක්කා, ඉතිං දෙන්න එක්කම ආයෙත් කියවන්න ගත්තා. 

 සමහර විකාර නම් වලින් පස්සේ හේ යු ගෙ නම පේන්න තිබ්බා.

" හේ යු, එයා හැමෝටම ආචාරශීලී විදියට සලකනවා වගේ පේනවා. ඒත් ඇත්තටම එයා උජාරුවෙන් ඉන්න හැමෝගෙන්ම පුළුවන් තරම් ඈත්වෙලා ඉන්න  කැමති කෙනෙක්. ඒ වගේම විශේෂයෙන්  එයා සියුමැලි, මෘදු , ගොඩාක් උස කෙනෙක්. එයාගෙ හම ගෑණු ළමෙක්ගෙ වගේ පැහැපත්. මම එයා සෙල්ලම් කරනවා දැකලා තියෙනවා. එයා හොද ශක්ති සම්පන්න කෙනෙක්.  එයා අනිවාර්යයෙන්ම එකට නිදියන්න ගැලපෙන කෙනෙක්" 

" උඩ උන්ට පිස්සුද? එයා හේ පවුලේ වැඩිමල් පුතා"

" ඒකයි එයත් එක්ක නිදාගන්න එක මරු කියලා හිතෙන්නේ, ඒක ඇත්තටම පට්ට"

" උඹලා දන්නේ නැද්ද? හේ යු හොද බාස්කට් බෝල් ක්‍රීඩකයෙක් විතරක් නෙමෙයි. මිනිස්සුන්ට ගහන්නත් දක්ෂයි. එයා ලස්සනයි වගේම දක්ෂයි..ඔව්..ඒත් උබලා දැකලා නැද්ද කැම්පස් එකේ පූල් එකේ එයා ඇදුම් ගලෝලා ඉන්න කොට එයාගෙ ඇග..උබලා මැරෙයි එයා ගැහුවොත්.."

" ඒත් මට තාමත් එයාව ඕනේ"

" නියමයි. ඔයා අනාගතේදී රෑ වෙලා එළියට යනවනම්, වෘකයෝ බයවෙන ෆ්ලෑෂ් ලයිට් එකක් අරන් යනවා නම් හොදයි. ඔයාට ගොඩාක් බය නම් මට කෝල් එකක් දෙන්න. අපි කලින් ඉදන් අදුරන නිසා මට ඔයාට එකක් ගේන්න පුළුවන්" ෂිඒ චිංචෙං පොත බලලා ඉවර කරලා සමච්චල් කටහඩකින් කිව්වා.

"පිටුව පෙරලන්න" හේ යු කිව්වා.

"මම තාම ඉවර නෑ" ෂිඒ චිංචෙං අත උස්සලා  පොත උඩ තියන ගමන් උදාසීන කටහඩකින් කිව්වා.

"....."

හේ යූ මූණ පුම්බගෙන ටික වෙලාවක් හිටියා. අන්තිමට ෂිඒ චිංචෙං එක්ක වාද කරලා එයාට ශක්තිය නාස්ති කරන්න ඕනෙ නෑ කියල හිතුනා. 

එයා පණිවිඩ තිබ්බ පොතෙන් කොළ දෙක ඉරලා අරගෙන, ලයිටරෙන් පත්තු කරලා ගිනි තිබ්බා.

ඒවා ගිනි තිබ්බට පස්සේ එයා පේපර් ටවල් එකක් අරගෙන ඒ කොළ අල්ලපු ඇගිලි ටික කිසිම හැගීමක් නොපෙන්වා පිහදාලා දැම්මා.

හේ යූ ගෙ මූණ අදුරු වෙලා තිබ්බේ, ඒ නිසා ෂිඒ චිංචෙං එයත් එක්ක කතා කරන එක නතර කරලා දිගටම පොතේ පිටු පෙරලනගෙන ගියා.

එළියෙ වැස්ස නොකඩවා ඇදවැටුණා ගොඩාක් වෙලා යනකම් ගුහාව ඇතුළෙන් කිසිම සද්දයක් ආවේ නෑ. 

ගිම්හානේ වැස්ස ඉක්මනට ඇවිල්ලා ඉක්මනට ඉවර වෙනවා.  ෆෝන් එකේ වෙලාව රාත්‍රි අට කියලා පෙන්නනකොට අකුණු ගගහ තිබුණ මහ කුණාටුව පොද වැස්සක් වෙලා තිබ්බා. 

ෂිඒ චිංචෙං පොත වහන්න හදනකොටම එකපාරටම එයාට දැනුණා මොකක් හරි අමුත්තක් තියෙනවා කියලා. එයා ක්ෂණිකව පිටුවෙ කොන දිහා නිරායාසයෙන්ම බැලුවා. 

"……"

ෂිඒ චිංචෙං ගෙ අත් ගල් ගැහුණා, එයා විදුලි පන්දම ඒ පැත්තට හරවගෙන අවධානයෙන් බැරෑරුම් විදියට ඒ කොණ දිහා බලාගෙන හිටියා.

ටික වෙලාවකට පස්සේ අමුතු මොකක් හරි දෙයක් නිසා ගැඹුරු සීතල වෙලා ගිය ෂිඒ චිංචෙං අමුතු කටහඩ හේ යු ට තමන්ගේ පිටිපස්සෙන් ඇහුණා.

" හේ යූ, ඇවිල්ලා බලන්න මේක දිහා.."

ඒක නොපෙනෙන මුල්ලක ලියපු වාක්‍යයක්.

" wzl ව නුදුරු අනාගතයේදී මරා දමාවී"

මේ වාක්‍ය ලියලා තිබ්බේ තීන්ත පෑනකින්. ඇද උන අත් අකුරු නිසා ඒක වම් අතින් ලියලා වගේ පේන්න තිබුණේ. ඒත් ඒ වාක්‍යයෙන් ඇස් අහකට ගන්න බැරි උන හේතුව තිබුණේ  ඒ වාක්‍ය අවසානේයි. ලියපු කෙනාගෙ නමත් ලියලා තිබුණා..

එයාලට කිසිම විදියකින් අමතක කරන්න පුළුවන් නමක් නෙමෙයි ඒක, 

" ජ්‍යං ලාන්පෙයි "

එළියේ අදුරු පැහැ අකුණුක් පුපුරල ගියා, ගුහාව ඇතුල කට්ටක් වැටුණත් ඇහෙන තරම් නිශ්ශබ්දතාවක් තිබුණා.

"...."

"ජ්‍යං ලාන්පෙයිව අවුරුදු විස්සක් මානසික රෝහලක හිර කරලා තිබ්බේ නැද්ද?" පහත් හඩකින් කතාකරපු හේ යූ අන්තිමේදී නිහඩබව බින්දේ.

ෂිඒ චිංචෙං නළල රැළි කරගෙන කල්පනා කළා. " එයාට යතුරක් ලාබුණොත්, නිදහසේ එන්න යන්න ඇති තරම් චාන්ස් තිබුණද ?"

" ඒත් මට සැකයි, ඒක චං කං හොස්පිටල් එකට විතරක් සීමා උනා කියලා" හේ යු තවත් කියාගෙන ගියා.  "ඔයා හිතනවද එළියට ගිහිල්ලා කාටවත් නෝට් නොවී ආයෙත් ඇතුළට යන්න පුළුවන් කියලා. ඒ වගේම කැම්පස් එකේ නෙවර්ලෑන්ඩ් දූපතේ තියන ගුහාවට ගිහිල්ලා නෝට් නොවී මේ වගේ වාක්‍යයක්  " ගස් බෙනයක්" පොතේ ලියන්න පුළුවන් කියලා.. නියමයි"

අනිවාර්යයෙන් උත්තරේ "බැහැ"

" අනෙක එයාලා මේක මේ ළගදි ලියලා වගේ මේ වාක්‍ය ගොඩාක් අලුත් වගේ පේන්නේ" ෂිඒ චිංචෙං ලාම්පු එළියෙන් රතු අකුරෙන් ලියලා තිබ්බ වචනය හොදින් පරීක්ෂා කරලා බැලුවා. "එතකොට කවුද මේ wzl?"

මේ දෙන්නා ගොඩාක් වෙලා මේ පොත ගැන කල්පනා කළා.

 " මට මතකයි  පහුගිය දවස් වල කැම්පස් එකේ පැතිරුණ කතාවක් මට ඇහුණා" හේ යු හදිසියෙම කිව්වා.

" මොකද්ද ?"

"කැම්පස් එකේ සමහර ළමයිට හිතනවා ජ්‍යං ලාන්පෙයි භයානකයි කියලා. ඒ වගේම එයාට දුක හිතෙන ඉරණමක් තිබුනට, මහා වීර කතාවල එන චරිත වල ගතිගුණ තිබුණ. තව කියනවනම් එයා මැරෙනකොට ඇඳගෙන හිටියේ, පලිගන්න කැමති ආත්ම විශේෂයෙන් ඇඳගෙන ඉන්න කැමති රතු ගවුමක්. මේ ළමයි කතාවක් හැදුව  කාත් එක්ක හරි තරහක් තියෙනවා නම් ඒ කෙනා මැරෙණ විදිහ කොළ කෑල්ලක් අරගෙන ලියන්න.ඊට පස්සේ ජ්‍යං ලාන්පෙයි ගෙ නම රතු පෑනකින් ලියන්න ඕනේ, එතකොට ජ්‍යං ලාන්පෙයි ගෙ භූතයා ඔයා වෙනුවෙන් එයාව මරාවී" 

" ඒත් ඔබේ හතුරා අනිවාර්යෙන් පිරිමි කෙනෙක් වෙන්න ඕනේ , ඒක ගෑනුන්ට වැඩ කරන්නේ නැහැ" හේ යු ටිකක් කතාව නතර කරලා ආයෙ කිව්වා.

"ඇයි ඒ?

" පත්තර වල ජ්‍යං ලාන්පෙයි වින්ද දුක් ගැන කියල තිබුණ නිසා මේ කටකතාව හදපු ළමයි හිතුවේ ජ්‍යං ලාන්පෙයි ගෙ තරහ තියෙන්නේ පිරිමි අය එක්ක විතරයි කියලා"

හේ යූ ආයෙත් සටහන් පොත දිහා බැලුවා.

" කියන්න , ඔයා හිතනන්නේ මේ ළඟකදී කෙනෙක්ට මේ දූපතට ඇවිල්ලා, එයා මේකේ පිටු පෙරළෙනකොට, කලින් ලියපු කෙනාගේ පණිව්ඩේ දැකලා ජ්‍යං ලාන්පෙයි ගෙ අවතාර කතාව මතක් වෙනවා. එතකොට කලින් පණිවිඩේ ලියපු කෙනා වගේම මෙයත් wzl ට වෛර කරනවා. ඉතිං එයා තමන්ගේ හැගීම් සාපයක් පත්කළා"

ෂිඒ චිංචෙං ඔලුව වනලා එයාගෙ ෆෝන් එක එළියට අරගෙන ෆයිල් එකක් වගේ වෙන්න ෆොටෝ ගහගත්තා. 

" මම මේ පොත පස්සේ මහජන ආරක්ෂක මණ්ඩලය ගෙනියන්න ඉන්නේ. ජ්‍යං ලාන්පෙයි මේ කෙනාට මොකක්හරි දෙයක් තියෙනවා ෂැංහයි යුනිවර්සිටි එකත් එක්ක කියල මට දැනෙනවා!

"මමත් එහෙම හිතනවා" හේ යු කියද්දි එයාගෙ ඇස් වල දීප්තිය ටිකක් එහෙ මෙහෙ උනා.

"ඔහ්!"

"පාසල් නිල ඇදුම" හේ යු කිව්වා.

ෂිඒ චිංචෙං බර හුස්මක් ගත්තා. "එහෙනම් ඔයත් හිතන්නේ මං හිතන විදිහටමයි. පොලිසියටත් මීට අඩු වැඩි එකම අදහස තියෙනවා කියලා මං හිතනවා. පහුගිය දවස් ටිකේ වෙස්වලාගත්ත පොලිස් ඔෆිසර්ස්ලා මම කැම්පස් එකේදි දැකලා තියෙනවා. ඒවගේම එයාලගෙන් සමහර අය පරණ නිලධාරි. එයාලා මගේ අම්මයි තාත්තයි එක්ක වැඩ කරලා තියෙනවා වගේම මොකක් හරි හොයන බව තේරෙනවා"

ජ්‍යං ලාන්පෙයි විසින් ලියැං ජිචෙං මරලා දාපු දවසේ එතන වැදගත් නැති බව පේන ඒත් සැකකටයුතු තොරතුරු තිබ්බා.

ජ්‍යං ලාන්පෙයි ඇයි ලොකු වෙහෙසක් ගත්තේ ෂිඒ ෂුඒ ගෙ ෂැංහයි විශ්වවිද්‍යාලේ ආචාර්යවරයකුගේ නිල ඇඳුම එයාගෙන් ගලවලා, ලියැන් ජිචෙංගෙ මළසිරුරු කොටස් කරලා විනාශ කරන්න කලින් එයාට අන්දන්න? 

" මානසික ලෙඩෙකුගේ හැම වැඩක්ම හේතුවක් නැතුව සාමාන්‍ය සිද්ධවෙන්නේ නැහැ.විශේෂයෙන්ම මේ වගේ විශේෂ ඉලක්කයක් සහ අසාමාන්‍ය ක්‍රියාවකදී" ෂිඒ චිංචෙං කිව්වා. " ජ්‍යං ලාන්පෙයි ගෙ සිද්ධියේදී මගේ මතය අනුව නම් ඉක්මනින් හෝ පස්සේ ඔයාගේ කැම්පස් එකෙන් සමහර අයව අරගෙන යාවි"

" අනිවාර්යෙන් මම නෙමෙයි , සමහර අය " හේ යු අත උස්සලා හිනා වුණා.

"..."

" එයාව හිර කරපු අවුරුද්දේ ඉපදිලාවත් නැතුව ඇති "

ෂිඒ චිංචෙං ට ඔලුවෙ කැක්කුමක් හැදිලා වගේ පෙනුනා. " මේක ඔයායි මමයි කරදර වෙන්න ඕනෙ දෙයක් නෙමෙයි. අපි එළියට ගියාට පස්සේ පොත පොලීසියට දෙන්න එයාලට පරීක්ෂා කරලා බලන්න" ෂිඒ චිංචෙං කිව්වා.

චං කං මානසික රෝහල ගැන කතා කරනකොට හේ යූ එක පාරටම ඇහුවා "එහෙම උනානම්"

"මොකද්ද? "

"මම පහුගිය ටිකේම කල්පනා කළා,  එදා අපි එතනට යනකොට ඇත්තටම ෂිඒ ෂුඒ මරලා දාලා තිබ්බා නම්, අපි දැන් මොනවා කර කර ඉදීවිද?"

ෂිඒ චිංචෙං එයාගෙ අදුරු ඇස් එයාගෙ පැත්තට නොසැලකිල්ලෙන් හැරෙව්වා. "තමුන්ට හොද දෙයක් හිතන්න බැරිද?"

" මේ ලෝකේ හැමෝටම වඩා මං එයාට හොදක් වෙන්න ප්‍රාර්ථනා කරනවා"

ෂිඒ චිංචෙං ටිකක් කලබල උනා. හේ යු කියපු දේට අවධානය නොදී, කලබල ගතිය මගහැරලා  " මමත්" කියලා කිව්වා.

"ඒත් එයාට මොනවා හරි වුණා නම්.. "

"එහෙනම් මගේ පණ තියෙනකම් මං මේ දැන් ඉන්න විදිහටම ජීවත් වේවි"

_මම ඒ වගේ දෙයක් අත්විඳලා නෑ කියලා නෙමෙයි කියන්නේ_

ඒ කාලේ නිදහසක්වත් , ඒ දේවල් වෙනස් වුනේ වත් නැහැ.

ඇද වැටෙන වැස්ස වැතිරිලා තියන තමන්ගේ දෙමාපියන්ගේ සීතල සිරුරු, එයාලගේ පිටිපස්සෙ හිටිය කහ පාට සුදු පාට  ඇඳුම් ඇඳ ගත්ත පොලිස් කණ්ඩායම, අවේලාවේ ඇහෙන කන් අඩි පැලෙන සයිරන් සද්දේ දිහා එයා බලාගෙන හිටියා. ට්‍රක් එකේ ඉස්සරහ දරුණු විදිහට ගිනි ගනිමින් තිබ්බා. අහසට නැගෙන ගිනිදැල් අස්සෙන් එයා දැක්කේ තමන්ගේ අම්මගේ ශරීරයෙන් අඩක් විතරක් ඉතුරු වෙලා තියෙනවා කියලයි. අම්මගේ ඇස් දෙක ලොකු වෙලා තිබුනේ  හරියට එයා හිටගෙන ඉන්න පැත්ත දිහා බලන් ඉන්නව වගෙයි. ඉතිරිවෙලා තිබ්බ අතක් රෝදෙට අහුවෙලා තැලිලා වෙන්වෙලා එයාගේ කකුල් ඉස්සරහ වැටිලා තිබුණා.    

ඊට පස්සේ එයාට හිතුනේ කවදාවත් එයාට ජීවත් වෙන්න බැරි වෙයි කියලා.

ඒත් අවුරුදු දහනවයක් ගෙවිලා ඉවරයි.

හේ යු දැනගෙන හිටියේ නෑ එයා මොනවද හිතන්නේ කියලා. එයා ඒක කියනවා ඇහුණට පස්සේ හේ යු ගොඩාක් වෙලා යනකම් කතා නොකර හිටියා. හේ යු අනපේක්ෂිත බැල්මකින් ෂිඒ චිංචෙං දිහා බැලුවා, " ෂිඒ චිංචෙං, ඔයා ඇත්තටම ෂිඒ චිංචෙං වෙන්න සුදුසුයි. ඔයා හැමතිස්සෙම සන්සුන් විදියට ඉන්නවා, ඔයාගේ සන්සුන් බව නැතිවෙනවා කියන්නේ විනාඩියක වගේ දෙයක්"   ඊට පස්සේ හිනාවෙලා හැගීම් විරහිත බැල්මකින් කිව්වා.

" කෙනෙක්ට තමන්ගේ ජීවිතේ ඉවර වෙනකම්  දුක් වෙවී ජීවත් වෙන්න බැහැ. සිද්ධ වෙන දේවල ඒ වෙලාවෙදි සරලව අපිට පිළිගන්න බැරි උනාට ටිකෙන් ටික ඒවා හෙමින් ඒවා මැකිලා යනවා. දුකේ කිමිදිලා ඒකෙන් ගොඩ එන්න බැරුව ඉන්නවා වෙනුවට ඇයි ඔයා කාලේ නාස්ති කරන එක නතර කරන්නේ නැත්තේ? ඔයා ඒකට හැඩගැහිලා,  ඔයාට කරන්න ඕනේ දේවල් කරන්න. තවත් නරක දේවල් වෙන්න ඉඩ තියන්න එපා" ෂිඒ චිංචෙං කිව්වා. 

"අහ්.. ඔයාට පැහැදිලි තර්ක තියෙනවා " හේ යූ මෘදු කටහඩකින් කිව්වා. 

ඒක කිව්වට පස්සේ එයාට තවත් ෂිඒ චිංචෙං  එක්ක එතන ඉන්න ඕන වුණේ නැහැ. ඒ වගේම එළියේ තද  වැස්සක් තිබ්බෙ නැති නිසා එයා තනියම එළියට ගියා. 

හරියටම දොළහ වෙලා ගගේ අනිත් පැත්තේ සෙලවීමක් දකිනකන් හේ යූ ටිකක් වෙලා විවේකයක් ගත්තා.

වැඩේට මුදල් ගත්ත කෙනා එයාගේ වැඩේ ඉවර කරලා හරියටම වෙලාවට තාර බෝට්ටුවෙන් ආයේ එනවා.

හේ යූ ව දැක්ක ගමන්  එයා කොච්චර උද්යෝගිමත් වුණාද කියනවනම් පැද්දෙන බෝට්ටුවේ හිටගෙන අත වනන්න පටන් ගත්තා. " කොහොමද ඒක! මම වෙලාවට වැඩ කරනවා නේද? මිස්ටර් හේ යූ ගෑණු ළමයට ආදරේ කිව්වද?"

මේක කිව්වට පස්සේ නොඉසිල්ලෙන් හේ යු ගේ පිටිපස්සෙ දිහා බැලුවා.

" හේයි.. කෝ මහත්තයාගේ නෝනා?"

කාට ආදරේ කියන්නද?

මේ දූපතේ ඉන්නේ එක මනුස්සයයි, ඉතින් එයා කාටද ආදරෙයි කියන්නේ?

හේ යූ බෝට්ටුවේ හිටපු මෝඩයට හිනා වුණා. " ඒක අයි වැඩිය අහන්න ඕනේ  දෙයක් නෙමෙයි"

" බලන්න ඔයා දිහා. ඔයා තාමත් ලැජ්ජාවෙන් ඉන්නේ. මට තේරුණා.. මට තේරුණා.."  සීනියර් අයියා හේ යු දිහා බලලා ඇහැක් ගහලා එයාගේ ෆෝන් එක අරගෙන Alipay QR කෝඩ් එක පෙන්නුවා.

" අවසාන ගෙවීම " 

හේ යු සද්ද නැතුව එයාගේ ඇස් දෙක කරකවලා තාමත් සංඥා නැති එයාගේ ෆෝන් එක එලියට අරගෙන " ප්ලීස් ෂීල්ඩ් එක අන්ලොක් කරන්න" කියලා හැඟීම් විරහිත මුහුණකින් කිව්වා.

" මම ඔයාට එවපු මැසේජ් එක දැක්කද? ඒක අනෙක් ෆෝන් එකේ" සීනියර් අයියා ඒක අන්ලොක් කරලා නොඉවසිල්ලෙන් ආයෙමත් ඇහුවා.

"මොන මැසේජ් එකද?"

හේ යු අනෙක් ෆෝන් එක එලියට අරගෙන බැලුවා.

" මිස්ටර් හේ යු, දූපතේ ගුහාව ඇතුලේ ප්‍රථමාදාර පෙට්ටියක් තියෙනවා. ඒකෙ දෙවැනි තට්ටුවේ කොන්ඩම් සහ උපත් පාලන පෙට්ටි ටිකක් තියෙනවා. ඔයාට ඒවා ඕනේ වෙනවා නම් මට රතුපාට ලියුම් කවරයක් දෙන්න මතක් කරලා"

සීනියර් අයියා ඕපදූප හොයන බැල්මක් දාලා සද්ද නැතුවම ළං උනා. 

" ඒක ඒ වගේම විශේෂ මොඩල් එකක්, ඒකෙන් මිස්ටර් ගෙ වයිෆ් ගෙ දනිස් දුර්වල කරනවා කියලා සහතික කරන්න පුළුවන්"

 "....." හේ යු ලාවට හිනා උනා. " මීට පස්සේ ඔය වගේ දේවල් ප්‍රථමාධාර පෙට්ටියට දාන්න එපා. කොච්චර කැතද, අයිය එහෙම හිතන්නේ නැද්ද?

සීනියර් අයියට තේරුණා මෙයා ඒ ගැන සතුටු නැහැ කියලා.

සීනියර් අයියා තුෂ්නිම්භූත වුණා. පස්සේ තේරුම් ගත්තා එයාට කෑම වේල මග ඇරිලා කියලා.

ඒත් තාමත් පේන්න ආවේ නැති මීටර් 1.8ක් උස ගෑණු ළමයව අගය නොකර ඉන්න බැරි උනා.

එයා මුලින්ම හිතුවේ ගෑණු ළමයා ගොඩාක් මනන්සි වෙලා නිසාත්, අලුත් කෙනෙක් ලැබුණ සතුට නිසාත් හේ යු ගෙ පස්සෙන් ආවේ නැහැ කියලයි.

ඒත් උස කෙල්ල සල්ලිකාර, තන්හාවක් නැති සීතල චරිතයක් වගෙයි පේන්නේ.

 ඒක හරිම අවාසනාවක්! එයා කොහොමද මේ වගේ කෙනෙක් එක්ක ආදරෙන් බැදුනේ.. දෙයියනේ දෙයියනේ.. සතුට සල්ලි වලට ගන්න බැහැ.. සතුට සල්ලි වලට ගන්න බැහැ..

එයා තමන්ගේ තව යාළුවෙක්ට  බෝට්ටුවක් ගෙන්න ගන්න කතාකළා. තාර බෝට්ටුව හේ යු ට පාවිච්චි කරන්න තියලා ඒ දෙන්නා මුලින්ම පිටත් වෙලා ගියා.

හේ යු මේ වැඩේ එක්ක ගනුදෙනු කරලා, ෂිඒ චිංචෙං ට එන්න කියලා කතා කරන්න ගුහාවට යන්න කියලා හැරෙනකොට එයා දැක්ක දෙයින් ගල් ගැහුනා.

එයා මේ වෙනකොටත් හඳ එළිය වැටුන  වැටුණ කැලේ ඉස්සර තිබ්බ සයිප්‍රස් ගහකට හේත්තු වෙලා කලිසම්  සාක්කුවල අත් දෙක දාගෙන කිසිම හැඟීමක් නැතුව බලාගෙන හිටියා. ගහ යටට වෙලා කොච්චර වෙලාවක් අහන් හිටියද කියලා එයා දැනගෙන හිටියේ නෑ.

ෂිඒ චිංචෙං සිගරට් එකක් පත්තු කරගෙන හිරකාරයෙක්ගෙන් අහනවා වගේ කිව්වා " මම ඔයාට පැහැදිලි කරන්න අවස්ථාවක් දෙන්න"  

හිමින් නිල්පාට දුමක් පිටකරන ගමන් " අපි කතාකරමු" ෂිඒ චිංචෙං කිව්වා.



සටහන්

මෙතන සම්පුර්ණයෙන් චැප්ටර් එක නැහැ.. ඉක්මනට දෙන්නම්.කාලෙකින් ගෙනාවෙ නැති නිසා දැම්මා ❤️

කතාව ගැන දැනෙන දේ කියම් යන්න අමතක කරන්න එපා 👈


ඔක්කොම දැම්මා...❤️





Comments


  1. ikamanatama anith tikath one
    💚💜

    ReplyDelete
  2. ඉක්මනට ඉතුරු ටික ඕනා 😍😍

    ReplyDelete
  3. Godak lassanai.. me karhawa denakam balan hitiye. ❤️❤️

    ReplyDelete
    Replies
    1. ඉක්මනට දාන්නම්කෝ

      Delete
  4. හොදම තැනකින් ඉවර වුණා 😒

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-