Skip to main content

පරිච්ඡේදය 19 : එයා තවත් සද්ද කළේ නෑ

 " බොස්, අයිලන්ඩ් එකේ ගුහාව ඇතුලේ ප්‍රථමාධාර පෙට්ටියක් තියෙනවා. ඒකෙ දෙවැනි තට්ටුවෙ කොන්ඩම් පෙට්ටි ට්කක් තියෙනවා. ඔයාට ඒවා ඕනේ නම් පෙට්ටියෙ හොයලා බලන්න. ඒ වගේම ඔයා ඒවා පාවිච්චි කරනවනම් මට රතුපාට ලියුම් කවරයක් එවන්න මතක තියාගන්න.." 

 මේ මැසේජ් එක එඩිට් කරලා යැව්වා විතරයි හදිස්සියෙම පිටිපස්සෙන් කටහඬක් ඇහුනා 

" පොඩි එකෝ"

ජාවාරම්කාරයෙක් උන සීනියර් තමන් කොච්චර වැරදිද කියලා දැනගෙන හිටියද කියනවනම්, එයාව වතුරටත් වැටෙන්න ගියා.

අනෙක් පුද්ගලයා කොච්චර දක්ෂද කියනවානම්, එයා ක්ෂණිකව බෝට්ටුව ස්ථාවර කළා.

"  පොඩි එකෝ,මං ඔයාව බය කලාද?"

"ඔහ්, නෑ නෑ"

සීනියර් අයියා ඔලුව උස්සලා බැලුවා. එයා දැක්කේ රැවුල වවාගත්ත මිනිහෙක් එයා ඉස්සරහා හිටගෙන ඉන්නවා, එයාට වයස අවුරුදු තිහක් හරි හතළිහක් හරි, එයා ශර්ට් එකක් ඇදලා සෙරෙප්පු දෙකක් දාගෙන හිටියා. තමන් කරන්නේ මොකක්ද කියලා දන්නේ නැති අවුල්සහගත පෙනුම තියෙනවා උනත් එයාගේ ඇස් දිලිසෙනවා.

" මේ බෝට්ටුව ඔයාගේ ද? ඔයා ඒක පාවිච්චි කරනවද? " කියලා හිනාවෙලා ඒ පුද්ගලයා ඇහුවා.

" අහ්. මේ බෝට්ටුව" සීනියර් අයියා ගොත ගැහුව.

" මේ බෝට්ටුව..ඒක කැඩිලා"

"... ඒක කැඩිලා?"

" ඔව් මේ බෝට්ටුවේ පතුලේ සිදුරක් තියෙනවා, ඒක පදින්න බැහැ. ඒක නොගැඹුරු වතුරේ රැදිලා තියෙනවා විතරයි"

" මොන තරම් අහම්බයක්ද? ඔයාලගේ දූපතට තියන වැල් පාලමත් කැඩිලා වගෙයි පේන්නේ" සෙරෙප්පු දා ගත්ත මනුස්සය කිව්වා.

" ඔව්.." සීනියර් අයියා පැහැදිලි කළා. "මම කැපුවා.. මං අදහස් කලේ.. මං හිතනවා කවුරුහරි කපල ඒක. ඔයා කවුද ? "

" මම කැම්පස් එකේ ඉලෙක්ට්‍රිකල් වැඩ බලන කෙනා. එයාලා මට කිව්වා ගිහිල්ලා දූපත ගැන පොඩ්ඩක් බලන්න කියලා. මේ බලන්න, ටූල් බොක්ස් එක මගේ" සෙරෙප්පු දා ගත්ත කෙනා දත් පෙන්නලා හිනා වෙලා කිව්වා. 

එයා ලාවට කැහැලා දෙපැත්ත බැලුවා, පස්සේ සෙරෙප්පු දාගත්ත කෙනා ගාවට ගියා. 

" අයියේ මම ඔයාට ඇත්ත කියන්නම්. අද පෝසත් කොල්ලෙක් එයාගෙ ආදරේ කියනවා මේ දූපතට ගිහිල්ලා. මේ පලාතම වහලා. ඒ ගැන හිතලා බලන්න, අපි මේකට බාධා කරන්න ගියොත් අපිට කරදර වෙයි. ඒක එහෙම වෙන්න දෙන්න බැහැ"

සෙරෙප්පු දාගත්ත කෙනා ක්ෂණිකව ඒක තේරුම් ගත්තා. එයාගේ ඇස් දිලිසෙන්න පටන් ගත්තා වගේම් ඒක අමුතුයි කියලා දැනුනා. " අහ්, එයාලා ආදරෙයි කියන්න දූපතම වහලා. කොච්චර රොමෑන්ටික් ද, තරුණ ළමයි දන්නවා ඇත්තටම කොහොමද ඒක කරන්නේ කියලා.. හහ් හහ්"

" ඒක ඒ වගේ නෙමෙයි" සීනියර් අයියා එයාගෙ අතර ඇඟිලි එකට ඇතිල්ලිවා. 

" ප්‍රධානම දේ තමයි සල්ලි"

සෙරෙප්පු දාගත්ත කෙනා හිනාවෙලා ඒක හොදින් තේරුම් ගත්තා.

" හොදයි.. එහෙනම් මේ ඔයාගෙ බෝට්ටුව. ඒක කීයටද පිටත් වෙන්නේ?"

" මම හිතන්නේ ඒක ටිකක් රෑවෙයි කියලා. මට සැකයි ඒ දෙන්න ආදරේ කියා ගත්තට පස්සේ එයාලට කන්ට්‍රෝල් නැතිවෙයි කියලා. පලවෙනි පාරට  තහනම් ගහේ ගෙඩි කෑවට පස්සේ එයාලට ඒක නතර කරගන්න බැරි වෙයි. ටිකක් පරක්කු වෙයි එන්න"  මේ පිරිමි ළමයා හොඳ කථිකයෙක් බව දැක්ක වයසක මනුස්සයා, නොසන්සුන් කාන්තාවක් වගේ එයාගේ පස්සෙන් ගියා.

මේ දේවල් ගැන කතා කරන්නේ පිරිමි එකතු උනාම එයාලා කියවිල්ල නතර කරන්නේ නැහැ.

" ඇයි ඔයා හෙට උදේ ආපහු එන්නෙ නැත්තෙ. එයාලා අනිවාර්යෙන්ම හෙට උදේ යාවි. එයාලගෙන් එක්කෙනෙක් මදාවියෙක්. ඒ නිසා එයාට ක්ලාස් කට් කරන්න ඇත්තටම  අමාරුයි" සීනියර් අයියා කිව්වා.    

" මගුල, ලස්සන කෙල්ලෙක්ටවත් මදාවියෙක් ක්ලාස් එකට යන එක නතර කරන්න බැරිද?" සෙරෙප්පු දා ගත්ත කෙනා හිනාවුණා. 

" එහෙම නෙමෙයි, නැත්නම් කොහොමද එයා දිගටම මදාවි කම් කරන්නේ?"

සීනියර් අයියා එක්ක තව ටිකක් කතා කරලා වයසක මනුස්සයා එයාගේ ටූල් බොක්ස් එකත් අරගෙන යන්න ගියා. 

කවුරුවත් නැති පාළු තැනකට ගියපු එයා නතර වුණා. සිගරට් එකක් පත්තු කරගෙන ටූල් බොක්ස් එකෙන් පරණ තාලේ ෆෝන් එකක් එළියට ගත්තා.

" හෙලෝව්.. කැප්ටන් ෂෙන්, අපිට පැය දෙක තුනක් දෙන්න, අපිට දූපතට යන්න විදිහක් නැහැ අද රෑ.. ප්‍රශ්නයක් ? ප්‍රශ්නයක් නැහැ. ළමයි දෙන්නෙක් දූපතට ගිහිල්ලා එයාලගෙ ආදරේ ප්‍රකාශ කරනවා… හරි..මම දන්නවා..මම උදේට යන්නම් බලන්න"

එයා අළු ටික ගසල අසරණ විදියට හුස්මක් ඇතෑරලා මෙහෙම කිව්වා. " අවංකවම අපේ මේ විස්තර  දෙන කෙනා මෙසේජ් එවද්දි ගොඩක් පරිස්සම් වෙනවා, අපිට විස්තර දෙන්න එයාට ඕනි උන වෙලාවට මේ මගුලේ ආරාධිත අමුත්තන්ගේ පොතේ එයාට ලියන්න වෙනවා" 

අහ් මොන මගුලක්ද ඒ, මම ආයෙත් ඔෆිස් එකට යනවා. ඔබ කිව්වා විස්තර ගන්න එන්න කියලා, ඒත් ළමයි දෙන්නෙක් මට බල්ලන්ට කන්න දෙන කෑම දීලයි මේක ඉවර කළේ. මම පොලිස්කාරයෙක්, ඔයා හිතනවද මට ඒක ලේසියි කියලා.

සෙරෙප්පු දාගත්තේ කෙනා යන්න ගියා. 


නෙවර්ලෑන්ඩ් දූපතේ

ගුහාව ටිකක් පුංචි වුණා වගේම අදුරුයි,  මේ වගේ අධික වැස්සක් නොවුනනම් සාමාන්‍ය කාලගුණයක් යටතේ  මේ ගුහාවේ නතරවෙන්න කාටවත් එන්න ඕනේ වෙයි කියලා  ෂිඒ චිංචෙං හිතුවේ නැහැ. ඒත් එයා ඇතුලට අඩිය තිබ්බම එයා ට තේරුම් ගියා එයා වැරදියි කියලා.


එයාගේ ෆෝන් එකේ දුර්වල එළියෙන් ගුහාව ඇතුලේ තියෙන සාමාන්‍ය  කඳවුරු භාණ්ඩ ටිකක්  දකින්න ලැබුණා. හුළං ආවරණ ලාම්පුවක්,  පෙරලන්න පුළුවන් කුඩා පුටුවක්, තවත් ලාම්පුවක් වගේම එළියෙ උයන්න පාවිච්චි කරන වළං කීපයකුත් තිබුණා.

" සීක්‍රට් යුතෝපියා"

"ඒක..? " ෂිඒ චිංචෙං හැරිලා බැලුවා.

හේ යු එයාගෙ ෆෝන් එකේ ලයිට් එකෙන් ගල් තාප්පේ එළිය කලා.

" ඒක ලියල තියෙන්නෙ මෙතන"

ඊට පස්සෙයි ෂිඒ චිංචෙං ට තේරුම් ගියේ, තෙත ගල් තාප්පේ ඉස්සර වගේම දැන් ඉන්න පරම්පරාවෙ  වීරයෝ ගැන සටහන් ලියලා තියෙනවා කියලා.

ලොකුම සෙල් ලිපිය හදුන්වන්නේ "සීක්‍රට් යුතෝපියා"  කියලා

ෂිඒ චිංචෙං කුරුටු ගීත ගැන උනන්දුවක් වුණේ නැහැ . ඒ නිසා එයා දෙතුන් පාරක් ඒක බලලා, පස්සේ වැස්ස බලන්න ගුහාවේ දොර ගාව වාඩි වුණා.

ඒත් හේ යූ ලේඛකයෙක් වගේම අධ්‍යක්ෂකවරයෙක් වෙන්න ඉගෙන ගනිමින් හිටපු නිසා එයාගෙ ඉස්සරහ පේන්න තියෙන දේවල් හොඳින් කියවන්න කැමැත්තෙන් හිටියා.

" බුදුහාමුදුරුවෝ අතීතයේදී  සියලු ජීවීන් මුදව ගත්තා, වගේම උපත ලැබුවේ වෙනත් ප්‍රදේශයක. ඇයි ඔබ වහන්සේ මාව පොත් සාගරයෙන් ගොඩ ගන්නෙ නැත්තෙ?"

" මිස්ටර් ජෝ මගේ මුළු ජීවිත කාලෙම මගේ ආදරය වේවි. ඒත් මට එයාව හම්බෙනකොටත් එයා බැදලා, ඒ නිසා මං  බැගෑපත්ව උනත් එයාව ලබාගන්න බැරි උනා.   මම එයා ගැන පිස්සුවෙන් වගේ හිතුවා. ඒත් මට එයාට මොකුත් කියන්න බැහැ. ඒ නිසා මට එයාව මගේ හිතේ ගොඩක් කාලයක් තියාගන්න  උනා"     

හේ යු එයාගෙ ෆෝන් එක බිත්තියට අල්ලලා එයාගෙ ඔලුව හොල්ලන ගමන් කියෙව්වා.

" රසවත් වගේම කටුකයි"

ඊට පස්සේ එයා අනෙක් පැත්ත බැලුවා.

එක එක විදිහේ සටහන් වලින් අනෙක් පැත්ත හොද මට්ටමක තිබුණා. හේ යු ආයෙත් කියවන්න ගත්තා.

" උසස් ගණිතය කැම්පස් එකේ විෂය මාලාවෙන් ළඟදීම ඉවත් වේවි"

" මම ඉක්මනින් උපාධිය ගන්නවා. මම බලාපොරොත්තු වෙනවා  මං හොඳ ඩිරෙක්ටර් කෙනෙක් වෙයි කියලා. ඒක කරනවා"

" අපි මෙතැන වැස්සට මුවා උනා"

හේ යු ගෙ කටහඬ හදිස්සියේම අඩු උනා  වගේම එයා දිගටම කියවගෙන ගියේ නැහැ.

ෂිඒ චිංචෙං ට කුතුහලයක් දැනුනා "මොකද්ද ඒකෙන් කියන්නේ?"

" … මුකුත් නෑ.."

ෂිඒ චිංචෙං ඒක විශ්වාස කළේ නැහැ, එයා හැරිලා බලල ගොළු වුණා.

" අපි මෙතන වැස්සට මුවා වෙලා  ආදරෙන් බැදුනේ අහස් දෙවියන්ගේ කරුණාවට ස්තුතිවන්ත වෙන්නයි."

ඒ ලව් බර්ඩ්ස්ල දෙන්නගෙ නම් දෙක ලොකු හදවතකින් වටකරලා පහලින් ලියලා තිබුණා.

මේක අප්‍රසන්න දෙයක් වුණ නිසා , හේ යු මේක දිගටම කිව්වේ නැති එක පුදුමයක් නෙමෙයි.

"මම ඔයාව පහුගිය කාලේ දැක්කේ නැහැ. ඔයාට ඩයිලෙක්ෂියා තියනවා. දෙයක් තේරුම් ගන්න ඔයාට සම්පූර්ණ එකම කියවන්න වෙනවා " ෂිඒ චිංචෙං උදාසීන විදියට කිව්වා.

" ඔයාට හිතෙන්නැද්ද ඒක නියමයි කියලා? මේ ඔක්කොම මිනිස්සු දන්නේ නෑ එයාලා දැන් කොහෙද ඉන්නේ කියලා. මෙතන මෙහෙම එකක් කෙටලා තිබ්බා කියලා එයාලට සමහරවිට ගොඩක් කාලෙකට කලින් අමතක වෙලා ඇති" හේ යු එයාගෙ අත උස්සලා ලියලා තිබුණු අත් අකුරු ටිකක් අතගෑවා. 

" සමහර ඒවා දැනටමත් දූවිලි වෙලා ගිහිල්ලා. ඒත් මේ වචන තාම ඉතුරු ඉතුරුවෙලා තියනවා "

" එහෙනම් අනාගතේ කට්ටියට කියවන්න ඔයාටත් මෙසේජ් එකක් ලියන්න ඕනෙද?" ෂිඒ චිංචෙං කිසිම හැගීමක් නැතුව ඇහුවා.

එයා ව්හිලුවට ඒක කිව්වට, එයා හිතුවෙ නැහැ හේ යු ඇත්තටම බිම බලලා පොඩි ගල් කෑල්ලක් ඇහිදගෙන බිත්‍තියේ හිස් ඉඩක් තියෙන තැනක් හොයාගෙන කල්පනාවෙන් මෙහෙම කියයි කියලා.

"ඒකේ තේරුමක් තියනවා, මං ලියන්න ඕනේ මොනවා කියලද ඔයා හිතන්නෙ"?

හේ යු ඉවර උනාට පස්සේ එයා ෂිඒ චිංචෙං  ඉන්න පැත්ත දිහත් බැලුවා, එයා දිහා ආයෙත් බලාගෙන හිටියේ අමාරුවෙන් හංගගත්ත නුරුස්සනා ගතිය එක්කයි.

" අපි වැස්සට මෙතන නතර වෙලා හිටියා වගේම ආදරෙන් බැදුනා,  අහස් දෙයියන්ගේ කරුණාවට ස්තුතියි " මේ විදිහට කොච්චර සම්භාවනීය  ආදර කතා පටන් ගන්න ඇද්ද. සුදු නයා, ෂූ හන්ලින්ට හිනා වෙවී සැහැල්ලු බෝට්ටුවකට වෙලා හිටියෙ එයාගෙන් කුඩයක් ඉල්ලගන්න. බර්නි වැස්සට වෙලා  නිකොලා එනකන් බලාගෙන හිටියේ එයාට ඇවිදගෙන යන්න  රතු කාපට් එකක් එලන්නයි.

සමහරවිට  ඒ ෂිඒ ෂුඒ වුණා නම් හවස් කාලයේ ගොඩක් විනෝදජනක වෙන්න තිබුණා. සමහරවිට ඒ දෙන්නත් කලින් අයව ආදර්ශයට අරගෙන "අපිත්" කියලා මහවැස්සේ ආදරෙන් බැඳුනු වැඩිහිටියෝ දෙන්නෙක්ගේ අත්අකුරින් ලියන්න තිබ්බා.

අවාසනාවකට  එයා දැන් දූපතේ හිර වෙලා හිටියේ ෂිඒ චිංචෙං එක්ක.

විෂමලිංගික පිරිමියෙක් එක්ක තවත් විෂමලිංගික පිරිමියෙක් තනි වෙලා ඉන්න එක හරිම නීරසයි, එයාලගෙ සම්බන්ධතාවයත් විශේෂයෙන්ම හොඳ නැති බව සඳහන් කළ යුත්තේ නැහැ.

ෂිඒ චිංචෙංට දැනුනා හේ යු තමන් දිහා නරක විදියට බලාගෙන ඉන්න බව, ඒ නිසා  ඊටත් වඩා නරක බැල්මකින් ෂිඒ චිංචෙං එයා දිහා බැලුවා.

" ඇයි මං දිහා බලාගෙන ඉන්නේ?"

" සොරි. මට බලාගෙන ඉන්න වෙන කවුරුවත් නැහැ" හේ යු ගල් දෙකක් තෝරගෙන අහම්බෙන් වචනෙ කීපයක් ලිව්වා. " සිහින සැබෑ වෙනවා"

හේ යු ලියලා උනාම ගල විසික් කරලා හැරිලා බැලුවා. 

" ඩොක්ටර් , ඔයාටත් ළාමක වැඩක් කරන්න ඕනෙද?"

මීදුමේ උණුසුම් ආලෝකේ ඇතුලේ හුළගට හෙලවෙන කඩදාසි කොළයක් වගේ සිහින් ෂිඒ  චිංචෙං ගෙ චායාව එළියෙ ඇදගෙන හැලෙන වැස්ස දිහා ආපහු හැරිලා බලන්න කලින් එයාගෙ ඇස් ටිකක් ගැස්සුනා.

"ඕනෙ නෑ.. දවල් හීන දකින එක මගෙ වැඩක්"

"අහ්" හේ යු සැහැල්ලුවෙන් කිව්වා. "එහෙනම් මට කියන්න ඒක මොනවගේ හීනයක්ද කියලා, එහෙම මං අහන්නද? ඔයාට තරහ යන්නේ නෑ නේද?"

ෂිඒ චිංචෙංට ගොඩාක් වෙලා කතාකරන්න බැරි තරමට එළියේ වැස්ස වගේම හුළග වැඩිවෙලා තිබුණා. හේ යු ට ආයෙත් ඒක අහන්න එපා වෙලා තියෙද්දිම වගේ, ගුහාවෙන් එළියෙ එකතු උන වැහි වතුර දිහා බලාගෙන  ෂිඒ චිංචෙං හෙමින් කිව්වා " කළින් කවදාවත් මට ඩොක්ටර් කෙනෙක් වෙන්න ඕනෙ උනේ නෑ"

"ඔයා දැනුත් ඩොක්ටර් කෙනෙක් නෙමෙයි නේ"

" මුලින්ම මෙඩිසින් ඉගෙනගන්න මං කවදාවත් හිතුවේ නෑ" 

හේ යු ට මේ වෙලාවෙ ටිකක් පුදුම හිතුනා. එයා ගෙ ඇප්‍රිකොට් ඇස් දෙකෙන්  බලාගෙන මෙහෙම ඇහුවා.

" එහෙනම් ඔයාට මොනවද ඉගෙනගන්න ඕනෙ උනේ?"

හේ යූ බිත්තියෙ කොටපු "සිහින සැබෑ වෙනවා" වාක්‍ය දිහා බලාගෙන,ෂිඒ චිංචෙං නැගිටලා ආයෙත් ගුහාව ඇතුළට ආවා. "දැන් ගොඩාක් කල්, මට මතක නෑ" 

මේ සංවාදේ දිගටම ගෙනියන්න අකමැත්තෙන් වගේ ෂිඒ  චිංචෙං ඔලුව අනෙක් පැත්තට හරවගත්ත. ගුහාව ඇතුලත ආපු එයා හේ යු ගෙන් මෙහෙම ඇහුවා.

"කන්න මොකුත් නැද්ද ?"

කෑම කන්න වෙලාවත් ඇවිල්ලා. ඒත් හේ යු දූපතට අරගෙන ආපු එකම කෑම ජාතිය උනේ ෂිඒ ෂුඒ වෙනුවෙන් විශේෂයෙන් හදපු අඹ මූස් කෑල්ලක්.

ඒත් දැන් ඒක දෙන්නට බෙදලා ගන්න ඕනෙ වගෙයි පේන්න තිබුණේ.

කොහොම උනත් හේ යු ට ෂිඒ චිංචෙං ගැන කැමැත්තක් තිබුනේ නැහැ. ඒවගේම ෂිඒ චිංචෙංට ත් එයාගෙ ඉස්සර කාලේ සැලසුම් ගැන කතාකරන්න ඕනෙ උනේ නැහැ. එයාට ෂිඒ ගෙන් අහන්න අදහසක් තිබුනේ නැහැ.

හේ යු කේක් එක එළියට අරගෙන මූස් කෑල්ලක් ෂිඒ චිංචෙංට දුන්නා. ෂිඒ බොහෝවිට ගොඩාක් බඩගින්නේ ඉන්න ඇත්තේ, ඒ නිසා ඒක දිහා බලන්නෙවත් නැතුව ඉක්මනට අරගෙන කෑවා.

"ටිෂූ තියනවද?" ෂිඒ චිංචෙං පිරිසුදුවට වගේම පිළිවෙලට කැමති කෙනෙක්. එයා කාලා ඉවර උනාට පස්සේ හේ යු ගෙන් පේපර් ටිෂූ ඉල්ලුවා.

හේ යු වට පිට බලනකොට දැක්කා කදවුරු මේසේ උඩ තියන ප්‍රථමාධාර පෙට්ටිය. ප්‍රථමාධාර පෙට්ටියෙ ටිෂූ වගේ දෙයක් තියේවි. ඒ නිසා හේ යූ ඒව හොයන්න එතනට ඇවිදගෙන ගියා.

විදුලි එළියත් හරිම අදුරුයි. එයා ටිෂූ පෙට්ටියක ප්‍රමාණෙට ගැලපෙන පෙට්ටියක් හොයාගෙන ඒක ෂිඒ චිංචෙංට විසිකළා.

ෂිඒ චිංචෙං ඒක අල්ලගෙන අරින්න හදනකොටම එයාට ක්ෂණිකව  දැනුනා පෙට්ටියෙ වැරැද්දක් තියනවා කියලා.

ඒක කාඩ්බෝඩ් පෙට්ටියක්.

ෂිඒ චිංචෙං "....."

" මොකද්ද ප්‍රශ්නේ?"

ෂිඒ චිංචෙං ගොරෝසු බැල්මකින් හේ යුට කොන්ඩම් පෙට්ටිය විසික් කළා.

"තමුසෙට ඇස් පෙන්නේ නැද්ද ? නැත්නම් වෙන ලෙඩක්ද?"

හේ යු බලලා තත්පර කීපයකට පස්සේ කතා නැතුවම, පෙට්ටිය ආපහු ප්‍රථමාධාර කට්ටලේට දැම්මා.

එයා හරිම දක්ෂයි.

ඒක  මන්දක් වගේම රබර් පබලු සහිත  කාමුක මාදිලියේ එකක්.

හැබැයි මේ සම්බන්ධව දෙන්නටම තිබුණේ තරමක  තද අදහස්. හේ යු ට මේ වගේ දේවල් වලට තියෙන පිළිගැනීම ගොඩක් වැඩියි, ඒක සුළු දෙයක්, ඒක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. මේ සම්බන්ධයෙන් ෂිඒ චිංචෙංට නම් තිබ්බේ සන්සුන් අදහස්. ඕනෙවට වඩා සිතුවිලි උඩ පහල යන එක ලේසි දෙයක් නෙමෙයි. එයා විවාහ වෙලා දික්කසාද වුණ කෙනෙක්, ඒ වගේම මේ වගේ දේවල් ගැන වැඩි උනන්දුවක් එයාට තිබුණෙ නැති උනත් වැඩිහිටි නිෂ්පාදන දැක්කට එයා පුදුම වෙන එකක් නැහැ.

" මේ කාළේ ළමයි.. ඇයි මෙච්චර අවුල්!" ෂිඒ චිංචෙං නළල රැලි කරගෙන කිව්වා.

" කමක් නෑ" හේ යු දුර්වල විදිහට කිව්වා. " ඔයා තාම නරකම දේ දැකලා නැහැ "

එයා ඒක කියනකොටම , ප්‍රථමාධාර පෙට්ටියට එහා පැත්තේ මේසෙ උඩ තියෙන තවත් පොතක් දැක්කා.

යුතෝපියා අමුත්තන්ගේ සටහන් පොත.


මේ වගේ පොත් සාමාන්‍යයෙන් හඳුන්වන්නේ  "සැගවුනු පණිවිඩ" සටහන් පොත් කියලයි. යම් කෙනෙක් මේකෙ සටහනක් තිබ්බම මුලින් සටහන තියපු කෙනාට බලන්න බැරි උනත්, ඊලගට එන කෙනාට ඒකට සම්බන්ධ වෙන්න පුළුවන් වගේම එයාලා  දිගටම කරගෙන යනවා. ඒක සිත්ගන්නා සුළු වැඩක්.

ඇත්තටම මේවගේ පොත් බොහෝ විට අවසන් වෙන්නේ ආදර පොත් බවට පත්වෙලයි. මේ පොත් ඇතුලෙ තියෙන දේවල් තරමක් උණුසුම් වගේ පේනවා.

හේ යු මොහොතක් කල්පනා කළා. පොත අතට අරගෙන ෂිඒ චිංචෙං ට මෙහෙම කිව්වා.

" ඩොක්ටර් ෂිඒ මේක බලන්න කැමතිද? අනිවාර්යෙන් ඔයාට අද කාලේ පරම්පරාව තරමක් හොඳින් තේරුම් ගන්න මේ පොත ඇතුළේ  තියෙන දේවල් උදව්වක් වේවි" 

එයාලට කරන්න දෙයක් තිබුණේ නෑ. ඒ නිසා ඒ දෙන්නා එකතු වෙලා ඒක කියෙව්වා.

බලාපොරොත්තු උන විදියටම, පොතේ පිරිලා තිබුනේ එක එක විදියේ සටහන් වලින්, වැඩිපුරම තිබ්බේ ආදරේ නතර කරපු ඒවා. ආදරේ ප්‍රකාශ කරන ඒවා, රහසින් ආදරේ කරන ඒවා වගේම කැමති අය ගැන සටහන් තිබුණා.

එයාලා පොතේ පිටු පෙරලගෙන යද්දී හේ යු එකපාරටම "හ්ම්ම්ම්!" කිව්වා.

"ෂිඒ චිංචෙ, ඔයාගෙ නම කවුරුහරි ලියලා තියනවා"



පරිවර්තනක සටහන්

"සැඟවුණු පණිවිඩ " කියලා මම translate කලාට ඔරිජිනල් එකේ තිබුනේ hole in the tree කියලයි .

හැමෝටම තේරුම් ගන්න පහසු වෙන්නයි මේ විදිය නමක් දැම්මෙ.

ඔන්න මේ chapte 1 complete කළා 🙃



 

තහනම් ගහේ ගෙඩි 😅😅😅😅



Comments

  1. 😍 ගොඩක් ලස්සනයි කතාව. .. ඉක්මනට එන්න! ❤❤

    ReplyDelete
    Replies
    1. තැන්කූ 🌷 ඉක්මනට ගේන්නම්

      Delete
  2. ithuru tikath upload karannamko ikamanata💚💜

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-