" බොස්, අයිලන්ඩ් එකේ ගුහාව ඇතුලේ ප්‍රථමාධාර පෙට්ටියක් තියෙනවා. ඒකෙ දෙවැනි තට්ටුවෙ කොන්ඩම් පෙට්ටි ට්කක් තියෙනවා. ඔයාට ඒවා ඕනේ නම් පෙට්ටියෙ හොයලා බලන්න. ඒ වගේම ඔයා ඒවා පාවිච්චි කරනවනම් මට රතුපාට ලියුම් කවරයක් එවන්න මතක තියාගන්න.."    මේ මැසේජ් එක එඩිට් කරලා යැව්වා විතරයි හදිස්සියෙම පිටිපස්සෙන් කටහඬක් ඇහුනා   " පොඩි එකෝ"  ජාවාරම්කාරයෙක් උන සීනියර් තමන් කොච්චර වැරදිද කියලා දැනගෙන හිටියද කියනවනම්, එයාව වතුරටත් වැටෙන්න ගියා.  අනෙක් පුද්ගලයා කොච්චර දක්ෂද කියනවානම්, එයා ක්ෂණිකව බෝට්ටුව ස්ථාවර කළා.  "  පොඩි එකෝ,මං ඔයාව බය කලාද?"  "ඔහ්, නෑ නෑ"  සීනියර් අයියා ඔලුව උස්සලා බැලුවා. එයා දැක්කේ රැවුල වවාගත්ත මිනිහෙක් එයා ඉස්සරහා හිටගෙන ඉන්නවා, එයාට වයස අවුරුදු තිහක් හරි හතළිහක් හරි, එයා ශර්ට් එකක් ඇදලා සෙරෙප්පු දෙකක් දාගෙන හිටියා. තමන් කරන්නේ මොකක්ද කියලා දන්නේ නැති අවුල්සහගත පෙනුම තියෙනවා උනත් එයාගේ ඇස් දිලිසෙනවා.  " මේ බෝට්ටුව ඔයාගේ ද? ඔයා ඒක පාවිච්චි කරනවද? " කියලා හිනාවෙලා ඒ පුද්ගලයා ඇහුවා.  " අහ්. මේ බෝට්ටුව" සීනියර් අයියා ගොත ගැහුව.  ...