Skip to main content

තිස් හතරවන පරිච්ඡේදය ඇය ෂෙන් ච්‍යාඕගේ නාස් කෙළවර පවා ස්පර්ශ කළා ය!

 

                           තිස් හතරවන පරිච්ඡේදය
ඇය ෂෙන් ච්‍යාඕගේ නාස් කෙළවර පවා ස්පර්ශ කළා ය!

ෂෙන් ච්‍යාඕගේ නෙතු පියන් තවමත් විවර වී නොතිබුණි. ඔහුගේ මුහුණ පැවතියේ ද නිසල ජල කඳක් මෙන් සන්සුන්ව ය. අන් අයගේ ඇස්වලට නම්, පෙනී ගියේ ඔහු අත රැඳි උණ ලීය ඔහු කැමති පරිදි ඕනෑම තැනකට ගොස් ඔහුට අවශ්‍ය දිශාවන්වලට කිසිම රටාවක් නොමැතිව හෝ ඔහුගෙන් අනුබලයක් හෝ නොලැබී පහර දෙන අයුරු පමණි.

එවැනි පරිපූර්ණ අහඹු සටන් ක්‍රමයකට මුහුණ දෙමින් සිටි දුවාන් වෙන්යැං ද එය සැහැල්ලුවට ගැනීමට තරම් එඩිතර වූයේ නැත. ලී චිංයුට මුහුණ දුන් විටදී ඔහුගේ පැවති ප්‍රකාශනයටත් වඩා මෙවර ඔහුගේ ප්‍රකාශනය බරපතල වී තිබුණි. ක්ෂණයකින්, ඔවුන් සිය ගණනක් චලනයන් හුවමාරු කොටගෙන තිබුණි. පොළොවේ සිට වහලය දක්වාත්, වහලයේ සිට තුරු මුදුන් දක්වාත්, ඔවුන්ගේ රූප ඉතා වේගයෙන් සහ තැනින් තැනට චලනය වන්නට වූයේ විටෙක ආලෝක පුංජ ලෙස ද තවත් විටෙක සෙවණැලි ලෙස ද වෙස් ගනිමිනි. විටෙක සෞම්‍ය වූ චලනයන් තවත් විටෙක දරුණු ලෙස ගලා ගියේ ය. ඔවුන් කඩු හරස් කරගන්නා වේගය සිතාගත නොහැකි තරම් වේගවත් වූ අතර සටන් කලාවෙන් තරමක් පහත් අයට ඔවුන්ගේ චලනයන් හඳුනා ගැනීමට පවා නොහැකි විය.

මේ වන විට පැවති තත්වය නිරීක්ෂණයෙන් පැහැදිලි වූයේ ෂෙන් ච්‍යාඕ සතුව අවාසි සහගත තත්වයක් නොමැති බව ය.

දුවාන් වෙන්යැං සටනත් සමඟ කාර්යබහුල වූ මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් සු පවුලේ සාමාජිකයන් යුහුසුළුව පැමිණ සු වෙයිව වට කර ගත් හ. ඉක්බිතිව මව සහ සහෝදරයාව ඇතුල් කුටියට කැටුව යාම සඳහා වෙනත් කෙනෙකු යැවූ සු ච්‍යාඕ තම වේදනාවන් නොතකා එළිමහනේ රැඳී සිටියේ ය.

නරඹන කාලය ක්‍රමයෙන් වැඩි වන විට ඔවුන්ගේ විස්මය ද වඩාත් වැඩි වූ අතර, ඔවුන් අතරින් වඩාත්ම විස්මයට පත් වී සිටි පුද්ගලයා දුවාන් වෙන්යැං විය.

මින් පෙර, ෂෙන් ච්‍යාඕ විසින් දුවාන් වෙන්යැංගේ උපහාසයන්ට හෝ ලී චිංයුගේ සුසුම්වලට කිසිසේත් ප්‍රතිචාර දක්වා තිබුණේ නැත. ෂෙන් ච්‍යාඕගේ වර්තමාන තත්වය දුටු දුවාන් වෙන්යැං පමණක් නොව පැමිණ සිටි අනෙකුත් සියල්ලන් ද මුලදී සිතුවේ ඔහුගේ කුසලතා දැනටමත් අඩක් විනාශ වී ඇති බව ය. එමෙන්ම ඔහුගේ කීර්ති නාමය නැවත ගොඩනැංවිය හැකි නමුත් ඔහුගේ සටන් කලාව නැවත ගොඩනඟා ගැනීම ඉතා අපහසු වනු ඇති බව ද සිතූහ. සටන් කලාවක් නොමැති පුද්ගලයෙකුට සටන්කාමී ලෝකය තුළ රැඳී සිටීමට පාදමක් නොතිබුණි. තමාගේ ආරක්‍ෂකය කෙතරම් බලවත් වුවද වෙනත් කෙනෙකුගේ ආරක්‍ෂාව මත යැපීමට සිදුවුවහොත් අනුන්ගේ ඇසට අනුව ඔහු කුණු කන්දකට වඩා වැඩි දෙයක් නොවී ය. ඕනෑම කෙනෙකුට ඔහු දෙස පහත් කොට බැලීමට අයිතියක් තිබුණි.

නමුත් එය එසේ පැවතියේ එවැනි 'වැඩක් නැති පුද්ගලයෙකු' පැමිණ, එහි සිටි බොහෝ දෙනෙකුට කළ නොහැකි දෙයක් ඉටු කරන තුරු පමණි.  ඔහු දුවාන් වෙන්යැංව නැවැත්වීමට සමත් වූවා පමණක් නොව, ඔහු සමඟ සටන් කරමින් ද සිටියේ ය.

ෂුඅන්දු කන්දේ නිකායේ නායකයා යනු සැබැවින්ම ෂුඅන්දු කන්දේ නිකායේ නායකයා බව බොහෝ දෙනෙකු හට සිතෙන්නට වීම වළක්වා ගත නොහැකි විය. 'ස්වර්ගය යටතේ ඇති අංක එකේ දාඕවාදී නිකාය' යන මාතෘකාව ඉතා ප්‍රශංසනීය වූ අතර, ෂෙන් ච්‍යාඕ ද හේතුවක් නොමැතිව චී ෆංග'ගේ අනුප්‍රාප්තිකයා බවට පත් නොවන්නට ඇත.

එහෙත් ඔහුගේ දක්‍ෂතාවය දුවාන් වෙන්යැං මෙන් තිබුණා නම්, ඔහු කුන්'යට පරාජය වෙන්නේ කොහොමද? මිනිසුන් නොදැන සිටි වෙනත් හේතු තිබේද?

සටනේ දර්ශන මාත්‍රයක් හෝ දෑස්වලින් මඟ හැරේ යැයි බියෙන් සිටි, ඒ වන විටත් සටන දෙසට නෙත් යොමු කර සිටි මිනිසුන්ගේ සිත් තුළ පැතිරී ගිය විවිධාකාර සිතුවිලි දැන් පැවතියේ අවුල් සහගත තත්වයක ය. අවසන, ඔවුන්ට සිතිය හැකි වූයේ එහි චමත්කාරය සුලු මොහොතකට පෙර ඇති වූ ලි චිංයු සහ දුවාන් වෙන්යැං අතර ඇති වූ සටනටත් වඩා අඩු නොවූයේ කෙසේද යන්න පිළිබඳව පමණි.

කෙසේ වෙතත්, යුධ කවය තුළ සටන් කරමින් සිටි ෂෙන් ච්‍යාඕගේ තත්වයනම් පැවතියේ නරඹන්නන් සිතූ පරිදිම සැහැල්ලු ලෙස නොවේ.

දුවාන් වෙන්යැං ඇත්තෙන්ම ඉතා ශක්තිමත් වූ අතර, ඔහුගේ සටන් කලාව කුන්'යගේ සටන් කලාවටත් වඩා උසස් විය. මෙම ප්‍රකාශයන් සත්‍ය බව නැවත නැවතත් පසක් විය.

ෂෙන් ච්‍යාඕට මෙතරම් කාලයක් සටන් කළ හැකි වූ හේතුව නම්, පළමුවෙන්ම තවමත් ඔහුගේ සටන් බලයෙන් සියයට පනහක් ඔහු සතුව තිබීම ය. දෙවනුව, දුවාන් වෙන්යැං ලී චිංයු සමඟ සටන් කරන විටදී තුවාල ලැබ තිබීම ය. අවසන් හේතුව වූයේ ෂුආන්දු කඳුකරයේ සටන් කලාව අෂ්ඨ ට්‍රයිග්‍රෑම, සී ව'යි දොවු ෂූ යන ජ්‍යෝතිශ්‍ය නියමයන් සහ බොහෝ ජ්‍යෝතිෂ්‍ය පාසල් මගින් ස්ථාපිත කරන ලද නීති සමඟ ඒකාබද්ධ කොට තනන ලද්දක් වීම ය. එහෙයින් එය අතිශය විශිෂ්ඨ සහ අනපේක්ෂිත සටන් කලාවක් විය. දුවාන් වෙන්යැං මීට පෙර කිසි දිනෙක එයට මුහුණ දී නොතිබූ අතර, එනිසා ප්‍රහාරාත්මක වීමට අවස්ථාව ලබා ගැනීමට ස්වභාවිකවම ඔහුට අපහසු වී තිබූ අතර එබැවින් ඔහුට හැකි වූයේ ප්‍රවාහය සමඟ ගසාගෙන යාම පමණි.

එය අන් අයගේ ඇස් හමුවේ විස්මය දනවන සහ විශිෂ්ට සටනක් විය. දුවාන් වෙන්යැංගේ කස පහර එකින් එක එල්ල විය. ඒ සෑම එකක්ම නතර කළ නොහැකි, ගිගුරුම් වැනි ගම්‍යතාවයක් රැගෙන ගියේ ය. කසයෙන් මවන ලද රූප සමඟින් දරාගත නොහැකි තරම් වූ අභ්‍යන්තර චී ශක්තිය එකින් එක ෂෙන් ච්‍යාඕ වෙත ගමන් කළේ ය. එහෙයින් ඔහු කෙරෙහි වූ පීඩනය ක්‍රම ක්‍රමයෙන් වැඩි විය. බිඳෙන්නට ඉතා ආසන්නව පැවතිය ද නොබිඳී පැවතුණාක් මෙන් සිටියද ෂෙන් ච්‍යාඕ ඇත්තෙන්ම සිටියේ අභ්‍යන්තරය බිඳී ගියාක් වන්ව පැවති බඳුනක් මෙන් තවත් පහරක් දරාගන්නට නොහැකි මට්ටමේ ය.

එක්වරම උණ ලීය දෙකඩ විය. වහාම තම අතේ තිබූ 'වසත් ජලය' අසිපත ෂෙන් ච්‍යාඕ දෙසට විසි කළ ලී චිංයු "ඒක  ගන්න!” කියා කෑගැසුවේ ය.

එය පැමිණි දිශාව සවන් දුන් ෂෙන් ච්‍යාඕ ද හිස නොහරවා ම අත දිගු කර එය තදින් අල්ලා ගතේ ය. එක් පැද්දීමකින් පමණක්ම කඩු ශක්තිය ඉහළ සිට පහළට ආ අතර එමඟින් දුවාන් වෙන්යැංගේ කසයෙන් මැවී තිබූ රූප ස්ථර නවය හරි මැදින් දෙකට බෙදා තිබුණි!

කඳු දහස් ගණනක් ක්ෂණිකව කඩා වැටුණි. ඉරිතැලීම් නිසා ඇති වූ නිම්න හරහා ජලය ගලා බසිමින් තිබූ අතර මඟ දිගේ තිබු බැමි බිඳ දමන්නාක් මෙන් වූ අසිපත් ශක්තිය, තලා දැමූ බලවේගයත් සමඟම වේගයෙන් දිව ගියේ ය. මේ ලෝකයේ සිටි අන් කිසිවකට එය නතර කළ නොහැකි විය!

දුවාන් වෙන්යැංගේ මුහුණ තරමක් වෙනස් විය. ඔහුට සිදු වූයේ තම ප්‍රහාරය අත්හැර පසුබැසීමට ය. කසයේ රූප ක්ෂණිකව අතුරුදහන් වූ අතර සුදු පැහැති ආලෝකයක් මගින් එම රූප පැවති ස්ථාන යළිත් ප්‍රතිස්ථාපනය විය.

සුදු ආලෝකය අසිපත් ශක්තියක් නොවී ය. මන්ද එය ස්පර්ශ කළ නොහැකි සහ ආකෘති රහිත වූවක් විය. අභ්‍යන්තර චී ශක්තිය ද එහි තිබුණේ නැත. එය සිනිඳු පීත්ත පටියක් මෙන් සැහැල්ලු සහ වාතය සහිත වූ නමුත් ඒ සමඟම, එයට සිතීමට හැකි වූවාක් මෙන් අනෙක් පුද්ගලයාගේ විලුඹ පසුපස හඹා ගියේ ය. තත්පරයකටවත් ඔහුට ඉඩ දීමට අකමැතිව නොනවත්වා හඹා ගිය එය දුවාන් වෙන්යැං වෙතට ඝෘජුවම පහර දුන්නේ ය.

"ඒ මොකක්ද? ඒ අසිපත් ශක්තියද?” ෂැං ෂිචියන් හට එය ශබ්ද නඟා ඇසීම වළක්වාගන්නට හැකි වූයේ නැත.

“නැහැ, ඒ අසිපත් චේතනාව” ඔහුගේ ජ්‍යෙෂ්ඨ සටන් සොහොයුරා වන ෂිඑ ෂියැන් පිළිතුරු දුන්නේ ය.

ෂැං ෂිචියන් යළිත් ඇසුවේ ය, "එහෙනම් ඒක ලි චිංයු භාවිතා කරපු එකට වඩා වෙනස් ඇයි?"

ෂිඑ ෂියන් පිළිතුරු දුන්නේ ය, "ලී චිංයුගේ අසිපත් චේතනාවට ස්වරූපයක් නැහැ. නමුත් මෙයට ස්වරූපයක් තිබෙනවා."

“ස්වරූපයක් නැති වීම, ස්වරූපයක් තිබෙනවාට වඩා උසස්. ඒ නිසා ලි චිංයු තරමක් උසස් නේද?

ෂිඑ ෂියන් පෙරළා මෙසේ පැවසුවේ ය, “අසිපත් චේතනාව ස්වභාවයෙන්ම ස්වරූපයක් රහිත එකක්. එහෙනම් ස්වරූපයක් ඇති දෙයට වඩා ස්වරූපයක් නැති දෙය අභිබවලා යන්නේ කොහොමද? යමෙකුට අසිපත් චේතනාවට ස්වරූපයක් වඩන්න හැකි නම්, එයින් අදහස් වෙන්නේ මෙම පුද්ගලයා දැනටමත් අසිපත් කලාවේ සාරය ග්‍රහණය කරගෙන, අසිපත් හදවතේ මට්ටමට ආසන්නව ඉන්නවා කියලයි!"

සැණෙකින් එය වටහාගත් ෂැන් ෂිචියන්ගේ හදවතේ ෂෙන් ච්‍යාඕ පිළිබඳව තිබූ හැඟීම මෘදු ස්නේහයේ සිට නමස්කාරය දක්වා ඉහළ යාමට ගත වූයේ ක්ෂණයකි.

මෙවර දුවාන් වෙන්යැං පියවර දහයකට වඩා පසු බැස තිබුණි. කෙසේ වෙතත්, දුර්වල හා මෘදු පෙනුමකින් යුක්ත වූ ධවල පැහැ ගත් අසිපත් චේතනාවේ බලය ද එහි තියුණු බව කිසිසේත් අඩු කළේ නැත. එම අසිපත් චේතනාවේ ශක්තිය තව තවත් ග්‍රහණය දැඩි කරමින් තිබූ අතර ඔහුට පැන යාමට හෝ විවේකය සඳහා හුස්මක් ගැනීමටවත් සිදුරක්වත් ඉතිරි නොකර පහර දෙමින් තිබිණ.

කසයේ කෙළවර අසිපත් චේතනාව සමඟ ගැටුණි. දකුණු මුහුදේ කිඹුල් සමින් සහ ඖෂධීය ද්‍රව්‍ය දුසිම් කිහිපයකින් පමණ නිර්මාණය කරන ලද එම කසයෙන් කොටසක් අසිපත් චේතනාව විසින් කපා හැරීමට ගත වූයේ නිමේෂයකි!

අසිපත් චේතනාව දෙසට අත්ලකින් පහර දුන් දුවාන් වෙන්යැංගේ ඉරියව්ව මදක් වෙනස් විය.ක්ෂණයකින්, ශක්තිමත් ගල්පරයක් පිටුපසින් නැඟෙන වලාකුළක් මෙන් ද, ගංගාවක් හරහා විහිදී ගිය සුදු මීදුමක් මෙන් ද වූ ජලය, එකම වර්ණයකට ඒකාබද්ධ වූ අතර අහස ස්පර්ශ කරන තරම් ඉහළ නැගී ගියේ ය. එම ප්‍රවාහය ආරම්භ වූයේ කොතැනකින්ද යන්න පවා සොයාගැනීමට නොහැකි විය!

ශක්තිමත් රළ තරංගය සෑම දිශාවකටම විසිරී ඉහළ යන අතරම සැබෑ ද්‍රව්‍යයන් බවට ද පත් විය. එය දුටු සැවොම සුදුමැලි වී පියවර කිහිපයක් පසු බැස්සේ ඔවුන් වෙත පැමිණෙමින් තිබුණේ සැබෑ රළක් නොව රළ ප්‍රවාහයක් මෙන් වූ අසිපත් චේතනාවෙන් ඉතිරි වූ භෂ්මාවශේෂ පමණක් බව වටහාගෙන ය.

රැස්ව සිටි පිරිස යළිත් පියවි සිහියට පැමිණිය ද ඒ මුහුණුවල  රැඳුණා වූ සීතල තෙත් ගතිය නිසාවෙන් අවසානයේ ඔවුනට කඩු චේතනාව කෙතරම් බලවත්දැයි වැටහුණි.

ෂැන් ෂිචියන් හට එය ඉතා රසවත් අත්දැකීමක් විය. මුහුණ පිසදාගැනීම සඳහා අතේ කිසිවක් නොතිබූ ඔහුට එය ගැටලුවක් නොවූයේ ඔහුට ඒ සඳහාවත් උවමනාවක් ද නොතිබූ බැවිනි. පසෙක සිටි ෂිඑ ෂියන්ගේ කටහඬ යළිත් ඔහුගේ සවණ වැකුණේ මේ මොහොතේදී ය, “ඒ ඔහු නිර්මාණය කරපු අසිපත් චේතනාවේ තත්ත්වය තවමත් සම්පූර්ණ කරලා නැති නිසා. නිර්මාණය කළ අසිපත් චේතනාවක් එහි සම්පූර්ණ මට්ටමට ක්‍රියාත්මක කළොත්, ප්‍රේක්ෂක‍යන්ට එයින් හානියක් නොවේවි කියලා සහතික වෙන්න බැහැ."

සෑම විටම තම කණිෂ්ඨ සටන් සහෝදරයාගේ තීක්ෂණ බුද්ධිය අගය කළ ෂැන් ෂිචියන් එය ඇසීමෙන් පසු මෙසේ ඇසුවේ ය, “මම දැකපු විදිහට ඔහුගේ අභ්‍යන්තර චී ශක්තිය ඔහුගේ අසිපත් චේතනාවත් එක්ක එකතු වෙන්නේ නැහැ. ඒ ඇයි ?"

එකඟත්වය පළ කළ ෂිඑ ෂියන්ගේ දෑස් තවමත් සටන පසුපස හඹා යමින් තිබූ අතර සටන නරඹමින්ම මෙලෙස පැවසී ය, “ඔහු කලින් ආබාධයකින් පෙලුනා. ඒ නිසා ඔහුගේ අභ්‍යන්තර චී ශක්තිය බොහෝ අඩු වුණා. ඒ නිසා ඔහු අසිපත් චේතනාව වටහාගෙන තිබුණත්, එහි හොඳම ස්වරූපයට ගෙන එන්න හැකියාවක් නැහැ. මට බයයි ඔහුට වැඩි කාලයක් සටන කරගෙන යන්න නොහැකි වේවි කියලා.”

ෂැන් ෂිචියන්ගේ දෑස් කඩිමුඩියේ ෂෙන් ච්‍යාඕ දෙසට යොමු විය. ෂෙන් ච්‍යාඕ ගැන හොඳ හැඟීමක් ඇති කර ගත් ඔහු, මෙම සටනින් ෂෙන් ච්‍යාඕ පරාජයට පත් වනවාට කැමති වූයේ නැත. එහෙත් අසිපත් ආලෝක ස්ථර සහ කස රූප හරහා ඔහුට ඔවුන්ගේ ප්‍රකාශනයන් හඳුනා ගැනීමට අපහසු විය.

දුවාන් වෙන්යැං සිටියේ මදක් වෙහෙසට පත් වී ය. ඔහුගේ කසයෙන් කොටසක් කපා දමා තිබූ අතර, එමෙන්ම ඔහු සිටියේ ද ලී චිංයු සමඟ පෙරදී ඇති වූ සටනින් තුවාල ලබා ය. මෙම අවස්ථාවේ ඔහු සිටියේ ෂෙන් ච්‍යාඕව අවතක්සේරු කිරීම ගැන පසුතැවිල්ලෙනි. අනෙක් පුද්ගලයාගේ අභ්‍යන්තර චී ශක්තිය තරමක් දුර්වල වුව ද, ඔහුගේ අසිපත් චේතනාව ඉතා දරුණු විය. දුවාන් වෙන්යැංගේ ශරීරය තුළ කෙතරම් චී ශක්තිය තිබුණත්, ඔහුට එය සදහටම මේ ආකාරයෙන් ගලා යාමට ඉඩ දිය නොහැකි විය. අසිපත් චේතනාවේ වර්ණය නැවතත් දීප්තිමත් වී ඇති බව දුටු ඔහු එය නැවත පැමිණේ යැයි බියෙන් පසු වූ අතර එහෙයින් තවත් සටන් කිරීමට ඔහුට සිතක් නොවී ය. පහර දීම අත්හැර දමා සිනාසෙමින් පසුබසිමින් සිටි ඔහු මෙසේ පැවසීමට ද අමතක නොකළේ ය, “නිකාය නායක ෂෙන්, ඔබ ඔබේ නමට ඉතා සුදුසුයි. මම අද ටිකක් කාර්යබහුල නිසා වෙන වෙලාවක එන්නම් ඔබගෙන් උපදෙස් ගන්න. නැවත හමුවෙමු!"

ඔහුට යාමට අවශ්‍ය වූයේ නම් ඔහුව නතර කිරීමට කිසිවෙකුට නොහැකි විය. තුජුයේ හි උපත ලැබුවද, ඔහු සැහැල්ලු කුසලතාවන් සුවිශේෂී ලෙස හොඳින් දැන සිටියේ ය. එවැනි අවුල්සහගත, ද්‍රෝහී ක්‍රියාවල මූලාරම්භය පැමිණියේ කොහෙන්දැයි පැවසීමට කිසිවෙකුට නොහැකි විය.

ෂෙන් ච්‍යාඕ ද ඔහු පසුපස ගියේ නැත.

ඉදින්, කුන්'ය සහ දුවාන් වෙන්යැං යන දෙදෙනාටම එරෙහිව සටන් කළ එකම පුද්ගලයා බවට ඔහු පත් වී තිබුණේ නිරායාසයෙනි.

කුන්'ය සටන් කලාවට ඉතා දක්ෂ අයෙකු විය. කෙසේ වෙතත්, ෂෙන් ච්‍යාඕට විස මුසු වී නොතිබුණේ නම්, අර්ධ පියවර කදු මුදුනේ පැවති සටනින් කුන්'යගේ පරාජය නිසැකව සිදු වන්නට ඉඩ තිබුණි.

නමුත් දුවාන් වෙන්යැං වෙනස් ය. ෂෙන් ච්‍යාඕ හට සටන් කලාවෙන් බහුතරයක් අහිමි වී තිබුණ ද, ඔහුට තවමත් තීක්ෂණ බුද්ධිය සහ අත්දැකීම් ඉතිරිව තිබුණි. මෙම ප්‍රතිවාදියා කෙතරම් ශක්තිමත්ද යන්න වටහාගත් ෂෙන් ච්‍යාඕ සැබවින්ම පුදුමයට විය. ජයග්‍රහණය ලබන්නාක් මෙන් පෙනුණද ඔහුගේ සීමාව සොයාගැනීමට ෂෙන් ච්‍යාඕ හට හැකි වූයේ නැත. සටන දිගටම පැවතුනේ නම්, ෂෙන් ච්‍යාඕ  නිසැකවම පරාජයට පත් වනු ඇත. නමුත් ඒ වෙනුවට දුවාන් වෙන්යැං විසින්ම එවැනි තීරණාත්මක මොහොතක ඉවත් වීමට තීරණය කොට තිබුණි.

එම ස්ථානයේම සිටගෙන ආශ්වාස ප්‍රශ්වාස කොට තම හුස්ම පාලනය කරගැනීමේ ආයාසයක යෙදී සිටි ෂෙන් ච්‍යාඕ, තමා භාවිතා කළ අසිපත් චේතනාව විසින් අභ්‍යන්තර චී ශක්තියෙන් අඩකට වඩා වැය වී තිබූ බව සොයා ගත්තේ ය. ඒ හේතුවෙන් ඇවිදීමට අපහසු වන තරමට අතිශය දුර්වල වී ද සිටි ඔහුට සිනහවක් බලහත්කාරයෙන් පිට වීම වළක්වාගත හැකි වූයේ නැත.

ඔහු වෙතට ගමන් කළ ලී චිංයු ඔහුට ඇමතුවේ ය, "නිකාය නායක ෂෙන්."

'වසත් ජලය' අසිපත නැවතත් ඔහු වෙත ලබා දුන් ෂෙන් ච්‍යාඕ ස්තූතිය ප්‍රකාශ කළේ ය, “බොහොම ස්තූතියි ලී මහත්මයා මට මේ කඩුව ණයට දුන්නාට. අවාසනාවට, මගේ සටන් බලය ප්‍රමාණවත් නොවුණ නිසා මම ඒ වගේ බලවත් කඩුවකට අපකීර්තියක් කළා."

කඩුව අතට ගත් ලී චිංයු පිළිවදන් දුන්නේ ය. “මම කලින් ඔබට කිව්වේ මම කියන්න අදහස් කරගෙන සිටි දේ නෙවෙයි. ඒක වැරදීමක්. කරුණාකරලා ඒ ගැන හිතන්න එපා.”

ඔහු එතරම් මෘදු ලෙසින් සහ නිහතමානී ලෙසින් කතා කරන්නේ කලාතුරකින් බව බැලූ බැල්මට වුව ද කෙනෙකුට පැවසිය හැකිය. ඔහුගේ සමාව ඉල්ලීම් පවා තරමක් සීතල  හා දැඩි ආකාරයකින් යුක්ත විය.

ෂෙන් ච්‍යාඕ සිනාසුණේ ය, “ලී මහත්මයා, ඔබ ඕනෑවට වඩා ආචාරශීලී වෙනවා. ඔබ මට නියමිත වෙලාවට කඩුව ණයට නොදුන්නා නම්, මේ වන විටත් මම මිය ගිහින් පිට්ටනියේ වැටී සිටීවි."

පැහැදිලි ලෙසම නොපෙනුණ ද ඔහුගේ දෑස් තවමත් නොපැහැදිලි දර්ශන මැවීමට සමත් ය. එම නිසා කාලයත් සමඟම ඔහු මිනිසුන් සහ දේවල් දෙස බලා සිටීමේ පුරුද්දක් වර්ධනය කර ගත්තේ ය. එසේ වුවද ඔහුගේ දෑස් තවමත් අඳුරු ය. නමුත් හිරු එළියෙන් බැබළෙන විටදී එම දෑස් තුළ දිලිසෙන බැබළීමක් ඇති වේ. ඒ බව දුටු සියල්ලන්ටම කණගාටුවෙන් සුසුම්ලෑම වළක්වාගත හැකි වූයේ නැත.

ඔහු දෙස මොහොතක් බලා සිටි ලී චිංයු එක්වරම මෙසේ පැවසුවේ ය, “ඔබට යන්න තැනක් නැත්නම්, චුන්යැං දාඕවාදී  පන්සලෙන් ඔබට ජීවත් වෙන්න ස්ථානයක් ලබා දෙන්න පුලුවන්. අනුන්ගේ දානයෙන් ජීවත් වීමටත්, අකමැති මිනිසුන් එක්ක බැඳිලා ඉන්නත් ඒ තරම් දුරක් ඔබ යා යුතු නැහැ."

මෙය ශ්‍රවණය වූ පසෙකින් සිටි සු චියාඕට පුදුම නොවී සිටිය නොහැකි විය. චුන්යැං දාඕවාදී පන්සලේ සිටි සියලු දෙනාම මෙම කණිෂ්ඨ සටන් සොහොයුරාගේ සීතල සහ වානේ මෙන් දැඩි හදවත පිළිබඳව ද, සටන් කලාව කෙරෙහි ඔහුගේ තිබූ දැඩි අවධානය ගැන ද දැන සිටියහ. ඔහු තම ගුරුතුමා සහ සෙසු ගෝලයන් ඉදිරියේ යම් උණුසුම් බවක් පෙන්විය හැකි නමුත් එය ඔවුන් අතරට පමණක් සීමා වූවක් විය. චුන්යැං පන්සල වෙත වෙනත් මිනිසුන්ට ආරාධනා කිරීම තබා කිසිවෙකුට දිරිගන්වනසුලු බැල්මක් හෙලීමටවත් ඔහු උනන්දු වූ බවක් කිසි දිනෙක අසා තිබුණේ නැත. ඉදින්, ෂෙන් ච්‍යාඕ වැනි සම්පූර්ණයෙන්ම ආගන්තුකයෙකුට, ඔහු මෙතරම් වෙනස් ලෙස සලකනු ඇතැයි සිතිය හැක්කේ කාටද?

ෂෙන් ච්‍යාඕ ද මදක් විස්මයට පත් වූ බවක් පෙනෙන්නට තිබුණි. මොහොතක් බලා සිටි ඔහු සිනහවක් පෑවේ ය, "ඔබේ කරුණාවට ස්තූතියි."

කෘතඥතාව ලබා දී ඇත. නමුත් ඔහුට එය අවශ්‍යද නැද්ද යන්න සඳහන් නොකළ නිසා එයින් අදහස් වූයේ යෝජනාව  ප්‍රතික්ෂේප වූ බව ය.

ඔවුන් වනාහී හදිසි අනතුරක් නිසාවෙන් එකට එකතු වූ නාඳුනන දෙදෙනෙක් පමණි. එහෙයින් එතරම් මිත්‍රත්වයක් ද නොතිබුණි. ඔහුගේ ක්‍රියාවන් නිසා චුන්යැං දාඕවාදී පන්සලට කරදරයක් කිරීමට ෂෙන් ච්‍යාඕ හට අවශ්‍ය නොවී ය.

හිස සැලූ ලී චිංයු අසිපත ද අතැතිව තවත් වචනයක්වත් නොකියා වහා පිටව ගියේ ය.

කිසිත් නොකිව්ව ද, පැමිණ සිටි සියල්ලන්ගේම හදවත් තුළ ෂෙන් ච්‍යාඕ ගැන තිබූ චිත්‍රය මීට පෙර පැවති සටන දක්වාම පැවතියේ නොවැළැක්විය හැකි ලෙස පිළිකෙව් සහගත ලෙස ය. ඔහුගේ නිකාය නායක පදවිය පවා උපහාසයට ලක් කොට තිබුණි. නමුත් දුවාන් වෙන්යැංට එරෙහි ෂෙන් ච්‍යාඕගේ සටනින් පසුව ඔවුන්ට තවදුරටත් එවැනි සිතුවිලි ඇති වූයේ නැත.

දෙවන වටයේ සටන් කිරීමේ වාසිය ෂෙන් ච්‍යාඕ හට තිබූ බව සත්‍යයක් වුව ද, ඒ අවස්ථාවේ පැවති තත්ත්වය යටතේ ඔහු ඉදිරිපත් වී පිටතට නොපැමිණියේ නම් දුවාන් වෙන්යැං නැවැත්විය හැක්කේ වෙන කවුරුන් හටද?

නිසැකවම දුවාන් වෙන්යැංව ඉවත් කරනා බව පැවසීමට නිර්භීත වන්නේ කවුරුන්ද?

සූ සොහොයුරන් විසින් රැගෙන ගිය චින් ආර්යාව තම සේවිකාවගේ සහාය ඇතිව යළිත් පැමිණි අතර ෂෙන් ච්‍යාඕ හට වැඳ වැටෙන්නට සූදානම් වූයේ දරාගත නොහැකි වූ ගෞරවයෙනි. “ෂෙන් මහත්මයා, නියමිත වේලාවට මගේ පුතාව බේරා ගත්තාට ඔබට ස්තූතියි. මේ මහලු කාන්තාවගේ ගෞරවය පිළිගන්න!”

ඇයව නැවැත්වීමට ඉක්මන් වූ ෂෙන් ච්‍යාඕ මෙලෙස පැවසුවේ ය, “මේ තරම් ආචාරශීලී වීමට අවශ්‍ය නැහැ. දුවාන් වෙන්යැන් පිටව ගිය වහාම ආපසු පැමිණ මියැං ප්‍රදේශයේ නායකයාව ප්‍රාණ ඇපකරුවෙකු ලෙසින් තබා ගැනීම නුසුදුසු ක්‍රියාවක්. ඔබේ නිවසේ ආගන්තුකයෙකු විදිහට, උදව්වක් කිරීම මගේ වගකීමක්! ”

චින් ආර්යාව යළිත් පැවසී ය, “කොහොම වුණත් මෙතැන් පටන් ඔබයි සු පවුලේ මහා ගැලවුම්කරුවා වෙන්නේ. අපේ දොරවල් ඔබ වෙනුවෙන් සදහටම විවෘතයි. ෂෙන් මහත්මයාගේ ඉල්ලීමක් තියෙනවා නම් එය ඉටු කරන්න සු පවුල අපේ උපරිමය කරනවා.”

සූ පවුලට කළ හැකි බොහෝ දේ නොතිබුණ ද, එවැනි පොරොන්දුවක් දීමෙන් චින් ආර්යාවගේ හෘදයාංගම ස්තූතියේ අවංකභාවය පෙන්නුම් කළේ නිතැතිනි.

දුවාන් වෙන්යැංගේ මැදිහත් වීම නිසාවෙන් උපන්දින සාදය අවසන් විය. සියල්ලන්ම පැමිණියේ සතුටින් වුව ද පිටව ගියේ බලාපොරොත්තු සුන්වීමෙනි. පුලියුරු ජියන් ද ෂෙන් ච්‍යාඕ සමඟ එක්ව සූ නිවසින් පිටව ගියේ ය. ඔවුන් වෙන් වූයේ වෙනත් අවස්ථාවක ඔහුගේ ස්ථානයට පැමිණෙන මෙන් ෂෙන් ච්‍යාඕට පුලියුරු ජියන් විසින් කළ ආරාධනාවෙන් පසුව ය.

ෂෙන් ච්‍යාඕ රථයට නැගීමට සූදානම් වුව ද, හදිසියේම ෂැන් ෂිචියන් ඔහුට කතා කළේ ය, “ෂෙන් මහත්මයා!මොහොතක් ඉන්න!"

ෂෙන් ච්‍යාඕ දෙසට තම දෑත් දිගු කොට ආචාර කළ ඔහු කතා කරන්නට විය, “මට ඔබත් එක්ක කලින් කතා කරන්න අවශ්‍ය වුණා. නමුත් මට අවස්ථාවක් හොයාගන්න නොහැකි වුණා. කරුණාකරලා මම වෙනුවෙන් උදව්වක් කරන්න පොරොන්දු වෙන්න පුලුවන්ද?"

ෂෙන් ච්‍යාඕ පුදුමයට පත් විය, "එතරම් බැරෑරුම් විදිහට ඔබ ඉල්ලන උදව්ව මොකක්ද?"

ෂැන් ෂිචියන් සිනාසෙමින්ම පිළිතුරු දුන්නේ ය, "මට, මගේ සිතුවම්වලට ඔබව ඇතුළත් කරන්න ඔබගේ අවසරය ඉල්ලා සිටින්න අවශ්‍යයි."

ෂෙන් ච්‍යාඕ ; "සිතුවම්?"

ෂැන් ෂිචියන් පිළිතුරු දුන්නේ ය, “ඔව්. සුරංගනාවියන් සහ අමරණීයන් පින්තාරු කරන්න මම සෑම විටම විශේෂයෙන් ප්‍රියයි. නමුත් මේ මිනිස් ලෝකයේ මට සැබෑ අමරණීයයෙකු හොයාගන්න පුලුවන් කොතැනින්ද? මගේ හිතේ තිබුණු රූපයට සමීපතම පුද්ගලයාව මට හමු වුණේ ෂෙන් මහත්මයාව මුණගැසුණට පස්සේ. ඒ නිසා කරුණාකරලා මට උදව් කරන්න ඔබට පුලුවන්ද?”

ෂෙන් ච්‍යාඕ මීට පෙර විවිධ අමුතු ඉල්ලීම් ගැන අසා තිබුණ ද, ඔහුව චිත්‍රයකට ඇඳීමට යමෙකු ඉල්ලා සිටි පළමු අවස්ථාව මෙය විය. එම අදහසින් විනෝදයටත්, ලැජ්ජාවටත් පත් වූ ඔහු කුමක් කිව යුතු දැයි දැන සිටියේ නැත.

ෂැන් ෂිචියන් තවත් පියවරක් ඉදිරියට ගෙන ඔහුව තවත් පොළඹවා ගැනීමට උත්සාහ කිරීමට පෙර, ෂිඑ ෂියන් පැමිණ තිබුණි. “ෂෙන් මහත්මයා, කරුණාකරලා ඔහුත් එක්ක අමනාප වෙන්න එපා. මගේ වැඩිමහල් සහෝදරයා චිත්‍රවලට උමතු වෙලා ඉන්නේ. ඔහු නිතරම මේ වගේ දේවල් කරනවා!"

අනතුරුව, ෂෙන් ච්‍යාඕ වෙතට ආචාර කළ ඔහු ෂැන් ෂිචියන්ගේ උරහිසෙන් අල්ලාගෙන පිටත්ව යාමට සූදානම් විය.

ෂැන් ෂිචියන් විරෝධය දැක්වීමක් ලෙස කෑ ගසන්නට වූවත් ෂිඑ ෂියන්ගේ බලය හමුවේ ඔහුට අත් වූයේ පරාජයකි. නැවත නැවතත් ආපසු හැරෙමින් ෂෙන් ච්‍යාඕ දෙස බලා කෑ ගසමින් ඔහු මෙසේ පැවසුවේ ය: “ෂෙන් මහත්මයා!කරුණාකරලා ඉක්මනින් අගනුවරින් යන්න එපා! මම අනිවාර්යයෙන්ම ඔබේ නවාතැනට කවදා හෝ එනවා! ”

සිනහවකින් හිස සැලූ ෂෙන් ච්‍යාඕ ආපසු හැරී ප්‍රවාහන මැදිරියට ගොඩ විය. ලේන්සුවක් ගෙන මුවින් වහනය වූ රුධිරය පිටතට පැමිණීම වළක්වා ලූ ඔහුගේ පෙනුමෙහි දිස් වූයේ කලකිරීමට පත් ස්වභාවයකි.

ඔහුගේ කඩු චේතනාවෙන් තුවාල ලැබූ දුවාන් වෙන්යැං හට සුවය ලැබීමට අවම වශයෙන් මාස භාගයක්වත් අවශ්‍ය වන බව සත්‍යයකි. එහෙත් එයින් ඔහුට ද කිසිදු වාසියක් අත් වූයේ නැත. ඔහු තම ජීව ශක්තියටද හානි කරගත්තේ ය. එම වේදනාව දැන සිටියේ ඔහු පමණි.

නමුත් ෂිඑ ෂියන් හට එය වැටහෙන්නට ඇත. ෂැන් ෂිචියන් විසින් ෂෙන් ච්‍යාඕව තවදුරටත් එහි තබා ගැනීමට කළ උත්සාහය ඔහු නවත්වාලූයේ එනිසා වන්නට ඇත.

යැන් වුෂි නිතරම භුක්ති වින්දේ සුඛෝපභෝගී දේවල් ය. එබැවින්, සේවකයන් ඔහු කැමති දේ දැන සිටි අතර රථයේ ඇතුළත සුවපහසු සහ සුඛෝපභෝගී ලෙස සකස් කොට තිබුණි. ප්‍රවාහන මැදිරියේ රියදුරුට කණිෂ්ඨ රාජ්‍ය උපදේශකගේ නිවසට යන ලෙස පැවසීමෙන් පසු, ෂෙන් ච්‍යාඕ හට තවදුරටත් තම තත්වය වසන් කිරීමට අවශ්‍ය වූයේ නැත. මැදිරියේ පසෙකට වාරු වී සිටි ඔහුගෙන්, මුළුමනින් වෙහෙසට පත්ව සිටි බවක් දිස් වූ අතර එහෙයින් ඇහිබැම ද මඳක් රැලි වැටී තිබුණි.

දැඩි වෙහෙසට පත්ව සිටි ෂෙන් ච්‍යාඕ දර කොටයක් මෙන් නිශ්චලව නිදාගත්තේ පිටත සිදුවන දේවල් ගැන සම්පූර්ණයෙන්ම නොදැන ය. නමුත් ඔහු අවදි වන විට ද, මැදිරි රෝද පැවතියේ තවමත් තමන්ට පහළින් ගමන් කරමිනි. ඔහුගේ සිත මදක් කලබල වූයේ මේ මොහොතේදී ය.

තිරය ඉහළට ඔසවා පිටත බැලූ ඔහුට දක්නට ලැබුණේ මැදිරිය ඒ වන විටත් නගරයෙන් පිටව ගොස් තිබූ බවත් මේ මොහොතේදී එය නගරයෙන් පිටත ගමන් කරමින් සිටි බවත් ය. කෙසේ වෙතත්, නියත වශයෙන්ම එය කණිෂ්ඨ උපදේශකගේ වාසස්ථානය වෙත යන මාර්ගය නොවී ය.

"වැඩිහිටි වෙයි, ඔබ පිටත ඉන්නවද?"

කිසිවකු පිළිතුරු නොදුන් නමුත් ක්‍රම ක්‍රමයෙන් වේගය අඩු වෙමින් පැවති රථය අනතුරුව සම්පූර්ණයෙන්ම නිශ්චල විය.

මැදිරිය පැදවූ පුද්ගලයා ආපසු හැරී බැලුවේ මේ මොහොතේ ය. එම පුද්ගලයා තවමත් සැරසී සිටියේ වයසක වෙයිගේ වස්ත්‍රවලිනි. නමුත් මුහුණ වෙනස් ය. සිනහ නොවූ විට පවා වළ ගැසුණු නිකටකින් අලංකෘත වූ සියුම් සහ ආකර්ශනීය මුහුණක් දිස් විය.

ෂෙන් ච්‍යාඕ හට පැහැදිලිව පෙනෙන්නේ නැත. නමුත් කතා කළ මොහොතේම ඔහු එම පුද්ගලයා කවුදැයි යන්න දැනගැනීමට ඔහුට හැකි විය.

“සූ පවුලේ මුරකරු ඇත්තටම කම්මැලියි. එහෙම කියන්නේ මම විතරක් නෙවෙයි. මම කළේ වයසක වෙයිගේ ඇඳුම් ඇඳගෙන මගේ හිසට උණ තොප්පියක් පැළඳගැනීම විතරයි. මට ඔහුගේ කටහඬ අනුකරණය කරන්න පුලුවන් තාක් කල්, මට මගේ රූපලාවණ්‍ය ද්‍රව්‍ය වෙනස් කිරීමට පවා අවශ්‍ය වුණේ නැහැ. ඔවුන් මාව කිසිසේත්ම සැක කළේ නැහැ. ඒ වගේ තැනකට ඕන කෙනෙකුට නිදහසේ යන්න එන්න පුලුවන්. ඔබට දුවාන් වෙන්යැංව එක්වරක් පලවා හැරලා ඔවුන්ට උදව් කරන්න පුලුවන්. නමුත් ඊළඟ වතාවේ ඔහුගේ පැමිණීම නවත්තන්න ඔබට නොහැකි වේවි."

ෂෙන් ච්‍යාඕ ඇසුවේ ය, "කොහෙද වැඩිහිටි වෙයි?"

කෝපයට පත් වූ බයි රොං මැසිවිලි නඟන්නට විය, “අහෝ, ඔබ ඉදිරියෙන් මෙතරම් ලස්සන මා වැනි සුන්දරියක් සිටිද්දීත් නිකාය නායක ෂෙන් මහලු මිනිසෙකු ගැන මේ තරම් සැලකිලිමත් වෙන්නේ ඇයි? මා ගැන ඔබේ සැලකිල්ල කොහෙද? හොඳයි, හොඳයි! ඇත්තම කිවුවොත් මම ඔහුව මරලා දැම්මා! ”

ෂෙන් ච්‍යාඕ සිනාසුණේ ය, “ඒක මගේ වැරැද්දක්. ඇත්තටම මට ඒ ප්‍රශ්නය අහන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද ඔබ වගේ බුද්ධිමත් කෙනෙක් ප්‍රවාහන මැදිරි රියදුරෙක් නිසා යැන් වුෂිව කෝප ගන්වන්නේ නැහැ."

සිනාසෙමින් සිටි බයි රොං යළිත් තම හඬ අවදි කළා ය, “මට මැදිරි රියදුරෙකු විදිහට පමණක් සැරසිලාත් ඔබව පැහැරගෙන යන්න පුලුවන් වුණා. ඔබ එහෙම දෙයක් කිව්වෙ මම ඇත්ත කියන්නෙ නැති වෙයි කියලා බයටද? හොඳයි, හොඳයි, ඔබට කිව්වට වරදක් නෑ. ඔබ හරි. ඒ වගේ කෙනෙක්ව මරන්න මට කිසිම උවමනාවක් නැහැ. මම ඔහුව පිටතට ඇදලා දාලා සු පවුලේ ඉස්තාලයට දැම්මා. දැන් ඔහුගේ ජීවිතය ඔහුටම භාරයි! ඔහුව අශ්වයෙක් පාගලා මරලා දැම්මත් මට ගැටලුවක් නැහැ! නමුත් ඒක කිව්වත් යැන් වුෂි ඔබට හොඳින් සලකන්නේ නැහැ. ඔබ මේ වෙද්දි ඉන්නේ දුර්වල සෞඛ්‍ය තත්ත්වයෙන් කියලත්, විටින් විට කැස්ස සමඟ රුධිරය පිට කරනවා කියලත් ඔහු පැහැදිලිවම  දන්නවා. එහෙම වෙලත් ඔබත් සමඟ යන්න ඔහු එව්වේ මැදිරි රියදුරෙක් පමණයිද? අද වෙන්න තිබුණ දේ ඔහු කලින්ම දැනගෙන සිටියාද?"

හිස අතගාමින් සිටි ෂෙන් ච්‍යාඕ පිළිවදන් දුන්නේ ය, “ඔබ අප අතර අමනාපකම් ඇති කරවන්න අවශ්‍ය නැහැ. අපේ සම්බන්ධය ඔබ හිතන ආකාරයේ දෙයක් නොවේ. ඉතින් බයි මෙනෙවිය  මාව මෙතැනට ගේන්න හේතුව මොකක්ද?”

හදිසියේම බයි රොන් ඉදිරියට නැවුණා ය. ඇගේ උණුසුම්, සුවඳැති හුස්ම ෂෙන් ච්‍යාඕගේ හස්තයෙහි ස්පර්ශ වන තරම් සමීප විය. නළල රැලි කොටගත් ෂෙන් ච්‍යාඕ යටි සිතෙහි පෙළඹවීමෙන් ඇයව මග හැරීම සඳහා අනිච්චානුගව පියවරක් පසුපසට ගත්තේ ය. අනෙක් පුද්ගලයා ඔහුව අල්ලා ගැනීමට උත්සාහ කරමින් සිටියා ය. ඔහුගේ උණ බම්බු ලීය ඒ වන විටත් සු පවුලේ අරගලය නිසාවෙන් කැඩී ගොස් තිබූ නිසා ඔහුට එය අවහිර කිරීමට සිදු වූයේ හිස් අතිනි. ක්ෂණයකින් ඔවුන් දෙදෙනා චලනයන් දුසිම් කිහිපයක් හුවමාරු කරගෙන තිබුණි.

බයි රොංගේ චලනයන් අතිශය වේගවත් වූ අතර, එමෙන්ම ඇගේ අතැඟිලි ද පුෂ්පයක් මෙන් අසංඛ්‍යාත හැඩතලවලට වේගයෙන් වෙනස් වෙමින් පැවතිණ. එක් හුස්මකින් තවත් හුස්මක් ගැනීමට ගත වන අතර කාලය තුළ, මෙම පුෂ්පය ඒ වන විටත් පිපීම, පිපී වියළීම යන සමස්ත ක්‍රියාවලිය හරහා ගොස් තිබුණි. ජීවිත කාලයක නැගීම සහ වැටීම, ජීවිතය සහ මරණය යන සියලුම සිදුවීම් එක මොහොතක් තුළ අඩංගු විය.

කෙසේ වෙතත්, ඇයගේ එම විශිෂ්ට "සියපත් මුද්‍රණ" කුසලතාවය ෂෙන් ච්‍යාඕ විසින් අවහිර කරන ලදි. අනෙක් පුද්ගලයා සෑම අවස්ථාවකදීම බයි රොංට වඩා මඳක් වේගවත් බව තහවුරු වූයේ ඇය කළ සියලු චලනයන් අපේක්ෂා කළාක් මෙන්, ඔහු කාල නියම කර ඇති බවක් පෙනෙන්නට තිබූ බැවිනි.

ෂෙන් ච්‍යාඕ සහ දුවාන් වෙන්යැං අතර පැවති සටන බයි රොං දුටුවේ නැත. ඇය සිතුවේ ෂෙන් ච්‍යාඕ තවමත් සිටියේ හුවායි ප්‍රාන්ත නගරයේ මෙන් රෝගාතුරව හා බරපතල තුවාල සහිතව බවයි. නමුත් ඇයගේ අභිමානවත් "සියපත් මුද්‍රණ" කුසලතාව සතු ප්‍රහාර සියල්ල සාර්ථක ලෙස අවහිර කළ ෂෙන් ච්‍යාඕ දුටු, ඇය තුල වූ විස්මය අමුතුවෙන් කිව යුතු නොවී ය."

“ඔබ මගේ සටන් සහෝදරයාව ඝාතනය කළා කිව්වම මම ඒක විශ්වාස කළේ නැහැ.ඒත් දැන් ඒක ඇත්ත කියලා හිතෙනවා. ඔබ ඔබේ සටන් කලාව යථා තත්ත්වයට පත් කරගත්තාද? ”

එය පැවසීමෙන් පසු, බයි රොං ෂෙන් ච්‍යාඕ වෙතින් තම අත්ල ඉවත් කළා ය. පසුව ඔහු වටා ගොස් ඔහුගේ ගත නිශ්චල වීමේ නිල ස්ථානයට පහර දුන්නාය. ඉක්බිතිව, පිටුපසින් ඔහු වටා දෑත් යවා, හිස ඇල කර, “දාඕවාදී පූජකයෙකු වෙලත් ඔබ මේ තරම් ලස්සන ඇයි? අසුර නිකායේ ගෝලයන් වුණ අපව පවා ඔබ නොමඟ යවනවා!”

කතා කරන අතරම ෂෙන් ච්‍යාඕගේ නාස් කෙළවර පවා ස්පර්ශ කිරීමට ඇය පසුබට වූයේ නැත!

සිදුවීම් මාලාව ඉතා වේගයෙන් සිදු විය. ෂෙන් ච්‍යාඕගේ ජීව ශක්තිය දැනටමත් බරපතල ලෙස හානි වී තිබූ නිසා ඇයට එරෙහිව සටන් කිරීමට එය ප්‍රමාණවත් වූයේ යන්තමිනි. ඇය මෙවන් දෙයක් කරනු ඇතැයි ඔහු බලාපොරොත්තු වූයේ නැත. එහෙයින් මහත් කම්පනයට පත් වූ ඔහුගේ මුහුණේ ඉරියව්ව තරමක් බිහිසුණු විය.

සිනාසෙමින් සිටි බයි රොං තවදුරටත් මෙසේ පැවසී ය, "ඔබව දැක්ක දවසේ ඉඳන්ම මට මේක කරන්න ඕන වුණා. අවසානයේ, අද මගේ පැතුම ඉටු වුණා! ”

නිල ස්ථානයට එල්ල වූ ප්‍රහාරය හේතුවෙන් ඔහුට චලනය වීමේ හැකියාව නැති විය. එම නිසා උත්සාහයක් නොමැතිවම අනවශ්‍ය අරගලය අත්හැරි ඔහු විමසුවේ ය, "ඔබට අවශ්‍ය කුමක්ද?"

බයි රොං පිළිතුරු දුන්නා ය, “ඔබ හුඕ ෂිජින්ව මැරුවා. දැන් ඔබ මගෙන් අහන්නේ මට මොනවද ඕනේ කියලාද? ඒ මිනිහා නිතරම නායකයාට ළඟින්ම ඉන්න දක්ෂයි, නායකයාත් ඔහුට බොහෝ කැමතියි. ඒ නිසා ඔබ කරපු දේට ඔහු ඉන්නේ ගොඩක් කෝප වෙලා. ඔබව ආපසු ගෙනත් දඩුවම් දෙන්න කියලා මට කිවුවා!”

ඔහු දෙස බලන තරමට, ෂෙන් ච්‍යාඕ තව තවත් ලස්සන බව ඇයට දැණුනි. සමඟි නිකායේ පිරිමි පාර්ශ්වය හෝ ගැහැණු පාර්ශ්වය හෝ වේවා ඒ කවුරුන් වුවද අලංකාර ය. එමෙන්ම ඔවුන් මායාවන් පුරුදු කළ නිසාත්, බොහෝ විට නොසැලකිලිමත්ව හැසිරුණු නිසාත්, ඔවුන්ගේ සුන්දරත්වය කෙරෙහි කිසි විටෙකත් සීතල හෝ වෙනත් කුරිරු හැඟීමක් ලබා දීමට මිනිසුන් හට හැකි වූයේ නැත.

සමඟි නිකායේ මිනිසුන් මිනිස් ලෝකයේ ආශාවන් තුළ පෙරළෙමින් හා ගිලෙමින් සිටින වසඟකාරී යක්ෂයන් නම්, ෂෙන් ච්‍යාඕ වූකලී පන්සලක තනා තිබූ දුකක් හෝ සතුටක් නොදැනෙන ප්‍රතිමාවක් මෙන් විය.

නමුත් අපහාස කරන්නන්ට වැඩි වැඩියෙන් අවශ්‍ය වන්නේ ප්‍රතිමාව අපවිත්‍ර කිරීමට ය.

බයි රොං ප්‍රීතියෙන් පවසන්නට විය, “නමුත් මට දැන් ඔබව රැගෙන යන්න ලෝභයි වගේ. ඔබ බොහෝ ලස්සනයි. ඔබව මගේ නායකයාගේ අතට හසු වුණොත් ඔහුගේ වධ හිංසා නිසා ඔබ මිය නොගියත් දරුණු ලෙස දුක් විඳීමට සිදු වේවි. ඔබ අවසන් වරට කියවපු නිදහස් කැමැත්ත පොතේ තිබුණු සියලුම කරුණු මට මතක නැහැ. ඔබ මාත් එක්ක දෙවනි වරටත් එය නැවත කියවලා අඩුපාඩු පරීක්‍ෂා කරන්න කැමති නම්, මම ඔබට යන්න දෙන්නම්. මම නිකාය නායක  යැන්ට එරෙහි වෙන්න තරම් දක්ෂ නැහැ කියලා ආපසු ගිහින් මගේ නායකයාට කියන්නම්. එහෙම කොහොමද?”

ෂෙන් ච්‍යාඕ ඇසුවේ ය, "සූර්‍යවාදයේ තවත් පිටපතක් වෙන 'ඉබාගාතේ යන ආත්ම' පොත සඟවලා තියෙන්නෙ ෂුආන්දු කන්දේ. ඇයි ඔබ මට ඒක කියන්න නොකියන්නේ?”

බයි රොං ද සිනහසිණ., “ඔබ හිතන්නේ මම මෝඩයෙක් කියලද? මම ඒ පොතේ අන්තර්ගතය මීට කලින් අහලා නැහැ. ඔබ වචන මිශ්‍ර කළත්, අහඹු වාක්‍ය කිහිපයක් කියෙව්වත් මට එය නිවැරදිද කියලා කියන්න බැහැ. නමුත් නිදහස් කැමැත්ත පොතේ බොහොමයක් කරුණු මට මතකයි. ගැටලුව වෙන්නේ මට ඒ සියල්ලම මතක නැති එක විතරයි. නමුත් ඔබ හිතාමතාම එම පිටපත වෙනස් කළොත්, අවම වශයෙන් මට කියන්න පුළුවන්."

ෂෙන් ච්‍යාඕ යළිත් ඇසුවේ ය, "මට සහයෝගයෙන් කටයුතු කරන්න අවශ්‍ය නැත්නම් ඔබ මොකක්ද කරන්නේ?"

බයි රොං ද ඇගේ හුරුබුහුටි කටහඬින් පිළිතුරු දුන්නා ය, “එහෙමනම් මට ඔබව මගේ නායකයාට භාර දෙන්න වෙනවා. මගේ නායකයා වෙන සැන් ජිංෂින්ගේ කීර්තිය ගැන ඔබ අහලා ඇති කියලා මට විශ්වාසයි. ඔහු මගේ සහෝදරයා වෙන හුඕ ෂිජින්ට වඩා කිහිප ගුණයකින් කුරිරු කෙනෙක්. ඔහු පිරිමි සහ ගැහැණු කියන දෙඅංශයටම කැමතියි. විශේෂයෙන්ම ලිංගිකත්වයෙන් ධ්‍යාන වඩන්න බොහෝ ප්‍රියයි. මිනිසුන් මිය යන තුරුම ඇඳට වෙලා වධ දීමෙන් ඔහු බොහෝ සතුටු වෙනවා. ඔබ ඔහුගේ අතට ලැබුණොත් ඔබ වගේ සුන්දර කෙනෙක්ට අත් වෙන ඉරණම කොහොම වේවිද කියලා මට හිතාගන්නවත් බැහැ!"

ෂෙන් ච්‍යාඕ සුසුමක් හෙලුවේ ය, “ඔබ සියල්ලන්ම මට  සලකන්නේ හිස් සමතලා කෙතක කොටු වෙලා ඉන්න කොටියෙක් ආකාරයට. ඕනෑම කෙනෙකුට තමන්ට අවශ්‍ය ආකාරයෙන් මට හිරිහැර කරන්න පුලුවන්. මම දැලකට හසු වුන මැස්සෙක් වගේ. ඒක එහෙම වෙනවානම්, මමත් නිශ්චලව ඉන්නේ කොහොමද? මම පීඩකයා නොවුණත්, අඩුම තරමින් අනුන්ගෙන් පීඩාවට පත් නොවී සිටිය යුතුයි!”

බයි රොං පුදුමයට පත් විය. ෂෙන් ච්‍යාඕ අදහස් කළේ කුමක්දැයි තේරුම් ගැනීමටත් පෙර, ඇය හදිසියේම දුටුවේ ඔහු තම සිහින් ඇඟිල්ල ඇය දෙසට දිගු කරන ආකාරයයි!

"උදක උල්පත් අංගුලිකා ප්‍රහාරය?! ඔබ ඒක ඉගෙන ගත්තේ කොහොමද?

පසුබැසීමට ඉක්මන් වූ බයි රොංගේ මුහුණ දරුණු ලෙස වෙනස් විය.



පරිවර්තක සටහන්:

Trigrams= චීන පේන කීමේ භාවිතා වන සම්පූර්ණ හෝ කැඩුණු රේඛා තුනකින් සෑදූ රූපයක්.

Zhi Wei Dou Shu = ඉංග්‍රීසියෙන් Purple Star Astrology ලෙස හඳුන්වයි. චීන සංස්කෘතියේ වාසනාව කීමේ ආකාරයකි. දෛවය පිළිබඳ අධ්‍යයනය (චීන: ming xue) චීන පාරභෞතික විද්‍යාවේ කලා පහෙන් එකකි. Bazi chart සමඟින්, Zi Wei Dou Shu යනු මෙම අධ්‍යයනයේ දී භාවිතා කරන ලද වඩාත් කීර්තිමත් වාසනාවන්ත ක්‍රමවලින් එකකි. බටහිර ජ්‍යොතිෂය මෙන්ම, පෞරුෂය, වෘත්තිය සහ විවාහ අපේක්ෂාවන් සහ තවත් බොහෝ දේ පිළිබඳව, කෙනෙකුගේ උපතේදී විශ්වයේ පිහිටීම භාවිතා කරන බව Zi Wei Dou Shu ප්‍රකාශ වේ.

Comments

  1. ශෙන් ච්‍යාඕ ට බයි රොං ටිකක් කැමති වගේ නැද්ද ඈ?

    ReplyDelete
  2. ❤❤මේක දෙනකම් බලන් හිටියෙ.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-