Skip to main content

Posts

Showing posts from May, 2023

MDZS (මංහුආ ) : පරිච්ඡේදය 31

  පළමු හමුවීම හරිම සුන්දරයි නේද ?? 😍😍😍 රිඇක්ට් කරන කමෙන්ට් කරන හැමෝටම ස්තුතියි 🌷

දසවන පරිච්ඡේදය | සමාවෙන්න

අවසානයේ දී, ශෙන් ජිෂියෑන් හට කුඩා ඉත්තෑවෙකු බඳු වූ සිය ගෝලයා ඇතුළට ඔසවාගෙන යාමට සිදු නොවිණි. ඔහු දැඩි ලෙස බියපත් වූයේ ශෙන් ජිෂියෑන් ඔහුව ඇත්තටම වැළඳගතහොත් ඔහු එම ස්තානයේ දී ම ඇටසැකිල්ලක් බවට පත් වේ යැයි සිතන්නාක් මෙනි. කැමැත්තෙන් ම මීවදයකට ඇතුළු වන්නට ඔහුගේ මනාපයක් නොවුණි. සහනයක් ලද ශෙන් ජිෂියෑන් සතුටින් සිය කුඩා ගෝලයාගේ තුනී උඩුකය වැසුම ඉවත් කළේ, ඔහුගේ හදවත කඩා වැටුණි. තුවාලය ඔහු සිතුවාට වඩා බරපතළ විය. ශික්ෂණ කසයෙන් අවශේෂිත සීතල තවමත් තුවාලය මත ඉතිරි වී තිබුණු අතර තද කළු රුධිර සමුච්චය සමෙහි වූ ඉරිතැලීම මතින් ඇදී ගොස් තිබුණේ ඒ දර්ශනය පවා අති බිහිසුණු විය. අඳුරු රතු පැහැ රුධිරය ඉරිතලා ඇති කබොලු අතරින් පිටතට කාන්දු වෙමින් ගලා ගියේ ආලේපිත ඔසු ආලේපනය විසුරුවා දමමිනි. එය මද ගන්ධයක් සහිත, ඵලදායීතාවය ඉතා අඩු මට්ටමක වූ පොදු ආලේපනයක් විය. ගුණාත්මක බව සැලකුවහොත්, එය ඔහු විසින් යවන ලද අමෘතයට වඩා බොහෝ  පහළ තත්ත්වයක එකක් විය. එය වෙනුවට පසුගිය දින කිහිපය පුරාවට යැන් ජින් මෙම ආලේපනය භාවිතා කරන්නට ඇති බවත් තුවාලය සුව නොවීමට හේතුව එය විය හැකි බවත් ශෙන් ජිෂියෑන් පහදා ගත්තේ ය. ශෙන් ජිෂියෑන් ගෝස් ...

පරිච්ඡේදය 20 : පුචි ආරාමය (02)

  ...    එයා වෙනුවෙන් එයාම පන්සලක් හදාගත්තා 🥰🥰🥰

නවවන පරිච්ඡේදය | කඳුළු බිඳු හැඩැති උපන් ලපය

සිය වත්මන් හැකියා විරහිත තත්ත්වය සැලකිල්ලට ගනිමින් සහ තමන්ට එම තනතුර අනුචිත යැයි සිතමින් ශෙන් ජිෂියෑන් සිය උසස් තනතුර " වැඩිහිටි" යනුවෙන් රහසේ සමච්චලයට ලක් කළ ද, මේ අවස්ථාවේ දී අන් පුද්ගලයන් බිය වැද්දවීමට සිය තනතුර යොදාගැනීම හැර වෙනත් විකල්පයක් නොතිබිණි. බියෙන් පිරි දෙනෙතින් සහ රතු වූ වතින් යුතු වූ ගෝලයා ඒ තෙත් බිම මත දණගැසුවේ ය. හඬක් නැගීමට පවා බියෙනි ඔහු සිටියේ. " එය බිම දමන්න. " යනුවෙන් ශෙන් ජිෂියෑන්ගේ හඬ ඇසෙන විට දී යැන් ජින් සිටියේ යටිකුරු වී තිබූ ලී බාල්දිය අතට ගෙන ආපිට හැරී දිය ඇදීමට සූදානමිනි. නොබෝ වෙලාවකින් මෘදු බලයකින් ඔහුගේ අත නවත්වා, වතුර ඇදීමට බාල්දිය ළිඳට පහත් කිරීම නැවැත්වීය. " මෙහේ එන්න. " යැන් ජින් කීකරු ලෙස ලී බාල්දිය ගල් බිත්තිය මත තැබූ නමුදු ඉක්මනින් ශෙන් ජිෂියෑන් පසුපස නොවැටුණි. ඔහුට අනුව, ශෙන් ජිෂියෑන් සමීපයේ සිටිනවාට වඩා දිනපතා යන් ශෙන්ට වතුර ඇදීම වඩා හොඳ විය. කෙසේවුවත්, වසරකට වැඩි ආධුනිකකත්වය හේතුවෙන් ශෙන් ජිෂියෑන් යනු සිය ආත්ම ගෞරවය වඩාත් අගයන අයෙකු බැව් යැන් ජින් දැන සිටියේ ය. කුඩා ගෝලයෙකු ඉදිරිපිට දී ලැජ්ජාවට පත් වන්නට ඔහු අ...

පරිච්ඡේදය 19 : පුචි ආරාමය (01)

  ඔන්න ලියාන් ආවා පුචි වලට... එයාගෙ ජීවිතේ ලස්සනම කාලේ ගෙවෙන්නේ මේ පුංචි ගමේ 🥰

අටවන පරිච්ඡේදය | අංකුර පැළය

  " අංකුර පැළය? අංකුර පැළය! " ගෙවුණු දින කිහිපය ශෙන් ජිෂියෑන් හට මහත් වෙහෙසකර විය. යැන් ජින් සමඟ ගනුදෙනු කිරීමට සිදුවුවත්, සොන් මින් සමග ආචාරශීලීව කටයුතු කරන්නට සිදු වුවත් ඒවා එතරම් ම වෙහෙසකර නොවීය. අඩු තරමින් ඔවුන් තමන්ට තේරුම් ගත හැකි, තමන් හා සන්නිවේදනය කළ හැකි  හුස්ම ගන්නා ප්‍රාණය සහිත අයවලුන් වූහ. "  චර්ප්! " තද කොළ පැහැ, තණපත් මෙන් වූ පත්‍ර සහිත කුඩා පොහොට්ටුව, ඔහුගේ හිස් මුදුනින් දළුලා එන්නාක් මෙන් විය. එය උද්‍යෝගයෙන් ශෙන් ජිෂියෑන් දෙස බලා කුඩා තෘණ පත්‍රිකාවක් සිය හිස දෙසට යොමු කළේ අවුල් ව පැටලුණු ස්වභාවයක් ගත් සිය තෘණ හිසකෙස් සියුම් ව පීරන ලෙස ඉල්ලන්නාක් මෙනි. ශෙන් ජිෂියෑන් ගැඹුරු හුස්මක් ගෙන අංකුර පැළයේ හිසින් අල්ලා එසවූයේ ය. ඒ කුඩා දෙය ඩම්ප්ලින් එකක් කර ඉවතට විසි කිරීමට තරම් ඇති වූ ආශාව මැඩපැවැත්වූ ඔහු නපුරු ලෙස දිස් නොවෙන සේ සිය මුහුණේ ඉරියව් පාලනය කරගත්තේ ය. දත්මිටි කමින් ම ඔහු පැවසූවේ "මින් පසු කිසි ම දවසක මගේ හිස මුදුනේ නුඹේ කූඩුව තබන්නට ඉල්ලන්නට එපා. " ඔහු සාමාන්‍ය තරමේ වැඩුණු මිනිසෙකු වූ අතර එම හරිත පැහැ දෙය හිස මත තබාගෙන සිටින්නට ඔහුට...

​හතලිස් පස්වන පරිච්ජේදය | ​දෞනින් කන්ද

එහෙම ශිසුන් කෙනෙක් මටත් ඕන! 🥺🥺🥺 පෙර පරිච්ජේදය | සියළුම පරිච්ජේද | පසු පරිච්ජේදය  

MDZS (මංහුආ ) : පරිච්ඡේදය 30

  අද කොටසේ විශේෂත්ව කිහිපයක්ම තියෙනවා . අතීත කතාව පටන් ගත්තා 😍 පරණ වෙයි ඉන්නවා ඒ වගේම කතාවේ මහ මොළකාරයත් ඔන්න ආවා අද.. ඊළඟ කොටසෙන් මොනවා වෙයිද 😕😕 ඒ රෑ තමයි රෑ 🥰🥰🥰