Skip to main content

තිස් දෙවන පරිච්ඡේදය| ඔබ නිකාය නායක යැන් සමඟ ඇති ගැඹුරු සම්බන්ධය ගැන කටකතා සත්‍යයක්ද?

සියල්ලන්ගේම විස්මිත බැල්ම ෂෙන් ච්‍යාඕ වෙත යොමු වී තිබූ නමුත්, ඔහු සිටියේ තරමක සන්සුන් ස්වරූපයකිනි. “ෂෙන් තවදුරටත් නිකාය නායකයා නෙවෙයි. දුවාන් සහෝදරයාගේ බලාපොරොත්තු කඩ වීම ගැන මට කණගාටුයි.”

කුන්'ය විසින් ෂෙන් ච්‍යාඕ වෙත සටන් කිරීම සඳහා යැවූ ලිපිය භාර දුන්නේ දුවාන් වෙන්යැං විසිනි. එහෙයින් ෂෙන් ච්‍යාඕගේ අනන්‍යතාවය ඔහුට රහසක් වූයේ නැත.

ඔහු කුන්'යගේ ජ්‍යෙෂ්ඨ සටන් සොහොයුරා ය. නමුත් ඔහුගේ සිරුරෙහි වූ හන්වල රුධිර උරුමය නිසාවෙන් තුජුයේහි ඔහුට පැවති තත්ත්‍වය කුන්'යගේ තත්වයට වඩා පහත් මට්ටමක පැවතුණි. හූ ලුගුගේ නියෝජිතයා ඔහු නොවී, ඒ වෙනුවට කුන්'ය සටන් කිරීමට ප්‍රධාන හේතුව වූයේ එය ය.

දුවාන් වෙන්යැං ද සිනාසෙමින් මෙසේ පැවසී ය, “ශ්‍රේෂ්ඨතම පුද්ගලයන් ඝෝෂාකාරී තැන්වලදී පසුබසිනවා කියන්නේ ඇත්ත. ඔබේ කීර්තියත් එක්ක, ඔබ කවුද කියලා ඔවුන්ට කිව්වා නම්, චුන්යැං දාඕවාදී පන්සලේ අයට පවා ඔබ පසුපස බලාගෙන ඉන්න වේවි කියලා මට බයයි. නිකාය නායක යැන්ගේ නමින් සාදයට සහභාගී වෙන්න අවශ්‍ය නැහැ. ඔබට නිකාය නායක යැන් එක්ක ගැඹුරු සම්බන්ධතාවයක් තියෙනවා කියලා කටකතා පැතිරෙනවා. ඔබලා දෙන්නා සෑමවිටම ඉන්නෙත් එකට. ඔබ මට කියන්නෙ ඒක ඇත්ත කියලද?"

උපන්දින සාදයකට පමණක් සහභාගි වෙනවා යැයි සිතූ ආගන්තුකයන් එක පෙළට මහා නාට්‍ය ද්විත්වයක් දකිනු ඇතැයි සිහිනෙකුදු බලාපොරොත්තු වූයේ නැත.

මොහොතකට, ශාලාව ඝෝෂාකාරී කෙඳිරිලි වලින් පිරී ගියේ ය. අමුත්තන් සියල්ලෝම එකා පසුපස එකා ලෙස ෂෙන් ච්‍යාඕ දෙසට නෙත් යොමු කළ හ. ඔහු අසලින් වාඩි වී සිටි පුලියුරු ජියන් පවා මහත් විස්මයට පත්ව ෂෙන් ච්‍යාඕ දෙසට හැරුණි.

ෂෙන් ච්‍යාඕ පර්වතයෙන් වැටුණු පසු, ඔහු හෝ ඔහුගේ මළ සිරුර මේ වනතුරුත් හමු වී තිබුණේ නැත. ෂුඅන්දු කන්දට නින්දාවක් ගෙන ඒම ගැන ඔහුට වරදකාරී හැඟීමක් දැනෙන්නට ඇති බවත්, එනිසා ඔහු තම අනන්‍යතාවය සඟවාගෙන කඳුකරයේ ගැඹුරට බැස යාමට ඉඩ ඇති බවත් නැවත පිටතට පැමිණීමට ලැජ්ජාවෙන් සිටින්නට ඇති බවත් මිනිසුන් සියල්ලෝම සිතූ හ. කෙසේ වෙතත්, සියල්ලන්ම පුදුමයට පත් කරමින්, ඔහු උතුරු ෂෝහි වංශාධිපතියන් විසින් පවත්වන ලද උපන්දින සාදයක පෙනී සිටියේ ය.

ඔහුව හොඳින් අධ්‍යයනය කළ ලි චිංයු සිතෙන් සිටියේ ඔහු පිළිබඳව ඇති වූ දැඩි කලකිරීමකිනි.

ෂුඅන්දු කන්දට යාමට පෙර, ෂෙන් ච්‍යාඕ සමඟ සටන් කිරීමට නොහැකි වීම ගැන ඔහු වරක් කණගාටු විය. දැන් අනෙක් පුද්ගලයාගේ රෝගී හා කෘශ සිරුර දෙස බලන විට ඔහුට දැණුනේ ඊටත් වඩා දුකකි. නමුත් මෙවර ඔහු කණගාටු වූයේ ප්‍රතිවාදියෙකු අහිමි වීම නිසා නොව, මෙම ප්‍රතිවාදියා තවදුරටත් ඔහුගේ ප්‍රතිවාදියා වීමට සුදුසු නොවූ බැවිනි.

ෂෙන් ච්‍යාඕ නිහඬ විය. ඔහු දුවාන් වෙන්යැංගේ අනෙකුත්  පැනවලට ද පිළිතුරු දුන්නේ නැත.

සුසුමක් හෙලා මුදුව ගලවා තම පුතාට දුන් චින් ආර්යාව මෙසේ පැවසුවා ය, “මේ මුද්ද මුලින්ම අයිති වුණේ හු ලුගුට. කාලය ගෙවිලා ගිහින්. දේවල් ඒ විදිහටම තිබුණත් මිනිස්සු වගේම තත්වයත් වෙනස් වෙලා. මම දැන් ඒක නියම හිමිකරුට ආපහු දෙන්න ඕනෙ. මෙන්න ඒක ගන්න."

වංශවත් පවුලක උපත ලැබුවද, ඇය ඉගෙනීම සඳහා දුර කතර ගෙවා ගොස් තුජුයේ වෙත ගමන් කොට එහි සටන් විශේෂඥයෙකු වූ හු ලුගු සමඟ පවා එතරම් ගැඹුරු සම්බන්ධයක් පවත්වා තිබුණි. කුඩා කල සිටම සු වෙයි සහ සු චියාඕ නිතරම සිතුවේ තම මව හොඳින් හැදී වැඩුණු සාමාන්‍ය  කාන්තාවක් බව ය. ඔවුන්ගේ පියා සමඟ ඇයගේ සම්බන්ධතාවය ද අතිශයින් ආදරණීය සහ සුහදශීලී විය. නමුත් දැන් තත්වය අනුව, ඔවුන්ගේ මවගේ වචනවල ඇති සංකීර්ණ හැඟීම් විනිශ්චය කරන විට, වැටහුණේ  හු ලුගු සමඟ ඇගේ සම්බන්ධතාවය සාමාන්‍ය ගුරු ගෝල සබඳතාවට වඩා ඔබ්බට ගොස් තිබූ අයුරකි.

හු ලුගුගේ ස්වභාවයෙහි ඊටත් වඩා විකේන්ද්‍රික බවක් පෙනෙන්නට තිබුණි. එවැනි භාණ්ඩයක් අහිමි වී මෙතරම් කාලයක් ප්‍රමාද ගත වී ගොස් තිබුණ ද ඔහු විසින් එය ආපසු ලබා දෙන ලෙස ඉල්ලා සිටියේ නැත. වසර තිහකට පසු පෙනී සිටි දුවාන් වෙන්යැං අවසානයේදී සත්‍යය ලොවට හෙළි කරන තුරුම ඔහු විසින් එය ලබා ගැනීමට තැතක් දරා නොතිබුණි.

සත්‍යය නිසි ලෙස දැන ගැනීමට ඇති මහත් වූ උනන්දුවකින් පසු වූ සූ චියාඕට ද වත්මන් පසුබිම තුළ එය විමසීමට නොහැකි විය. එබැවින් ඔහුට හැකි වූයේ සූ පවුලේ සේවකයෙකුට මුදුව ලබා දී ඔහු විසින් එය දුවාන් වෙන්යැං වෙත භාර දෙන තුරු බලා සිටීම පමණි.

මුදුව අතට ගත් දුවාන් වෙන්යැං තුජුයේ ක්‍රමයට ආචාරයක් කළේ ය. “ඔබ කෙතරම් උසස් ප්‍රතිපත්තිගරුක කෙනෙක්ද කියලා වැටහුණා චින් ආර්යාවනි. මට ස්තූති කරන්න වචන හොයාගන්න පවා බැහැ. මේ සිහිවටනයත් එක්ක අවසානයේ දී මට මගේ ගුරුතුමාගේ ආත්මය බලන්න යන්න පුලුවන්."

චින් ආර්යාව;  "හු ලුගු මිය ගියේ කොහොමද?"

දුවාන් වෙන්යැං සුසුම්ලමින් පැවසුවේ ය, “මගේ ගුරුතුමාට ස්වර්ගයයි, මිනිසායි අතරෙ සමගිය ඇති කරගන්න ඕනෙ වුණා. ඒ නිසා ඔහු සංවෘත භාවනාවට ගියා. ඔහු ඒකට වසර තුනක කාලසීමාවක් නියම කරලා ඒ කාලය තුළ ඔහුට බාධා කරන්න එපා කියලාත් ඉල්ලුවා. කාලය ගෙවිලා ගිහින් අපි ඔහුව බලන්න ගියාම ගුරුතුමා ඉඳගෙන හිටපු ඉරියව්වෙන්ම  මිය ගිහින් ඇති කියලා කියලා කවුද හිතුවේ!”

පසුගිය වසරවලදී හු ලුගු විසින් මධ්‍යම තැනිතලාවේ සිටි ප්‍රවීණයන් අභිලාෂකාමී ලෙස හඹා ගොස් තිබූ අතර අවසානයේදී චි ෆංග විසින් නතර කළ ආකාරය එම ස්ථානයේ සිටි වැඩිහිටි වියේ පසුවන අයට තවමත් මතක පුරාවෘත්තයකි. කනගාටුවට කරුණක් වූයේ, ඔවුන්ගේ පරම්පරාවල සිටි ප්‍රභූන්ට පවා එම ඉරණම අත් වී මේ වන විට ඔවුන් ද දූවිලි ගොඩක් බවට පත් වී විසිර ගොස් තිබීම ය. අනාගත අභ්‍යන්තර ආරවුල් සහ සටන්, දේශපාලන හා සටන්කාමී ලෝකයේ කෙතරම් දරුණු හා වීරෝදාර වුවත්, එයට තවදුරටත් හු ලුගු හෝ චි ෆංග සමඟ සම්බන්ධයක් නොතිබුණි.

සියලුම දක්ෂ පුද්ගලයින් අවසානයේදී සුළඟ සමඟ හමා ගොස් තිබුණේ විලාප සහ සෝ සුසුම් පමණක් ඉතිරි කරමිනි.

චින් ආර්යාව පසු වූයේ නිහඬව ය. ඇය ඒ ගැන සිතන්නේ කුමක්දැයි යන්න පිළිබඳව කිසිවෙකු දැන සිටියේ නැත.

නමුත් සු වෙයි සහ සු චියාඕගේ තත්වය ඊට හාත්පසින්ම වෙනස් විය. තම මවගේ උපන්දින සාදය කඩාකප්පල් කළ නිසා දුවාන් වෙන්යැංට වෛර කළ ඔවුහු, ආචාරශීලීව සිටීමට වෙහෙසුනේ නැත. "ඔබ දැනටමත් මුද්ද අරගෙන අවසන්. ඒ නිසා කරුණාකරලා ඉක්මනින් අපේ නිවසින් පිටවෙන්න!"

“මාව එළියට දාන්න ඔච්චර හදිස්සි වෙන්න එපා මහත්මයා. මේ පාර මම ආව හේතුවලට තවත් අරමුණක් තියෙනවා. මම ඔබෙන් පුද්ගලයෙක්ව ඉල්ලන්න කැමතියි.

මෙම තත්ත්වය තම මවට අවාසිදායක කිරීමට ඔහු විසින් ගන්නා ප්‍රයත්නයක් බව සිතූ සු චියාඕ, “ඔබට අවශ්‍ය පුද්ගලයා අපි ළඟ නැහැ.” යනුවෙන් සීතලෙන් පිළිතුරු දුන්නේ ය.

සිනාසෙමින් සිටි දුවාන් වෙන්යැං තවදුරටත් පැවසුවේ ය, “සු පවුලේ දෙවන තරුණ ස්වාමියා, ඔබ ප්‍රතික්ෂේප කරන්න කලින් ඒ පුද්ගලයාගේ විස්තරයක්වත් ඉල්ලුවේ නැහැ නේද? බය වෙන්න එපා. මම චින් ආර්යාවට කරදරයක් කරන්නේ නැහැ. මුද්ද ආපහු ලබා දීලා මගේ ගුරුතුමාගේ ආශාව ඉෂ්ට කරපු නිසා, ඇයට තවදුරටත් බාධා කරන්න මට හේතුවක් නැහැ. මම කතා කරන පුද්ගලයා තස්පර් ඛාන් විසින්ම මට සොයා දෙන්න කියලා අණ කළ අයෙක්."

සු වෙයි ප්‍රතිචාර දැක්වූයේ ය, “එහෙනම්, ඔබට ඒ ගැන හොයන්න උත්තමාවියව හොයන්න තිබුණා. සු වාසස්ථානය කුඩා තැනක්. ඔබව මෙතනදී හොයාගන්න නොහැකි තරම් මේක ආකර්ෂණීයයි! ආරක්ෂකයිනි!ඔහුව අල්ලගන්න! ”

"තත්පරයක් ඉන්න! මෙයියැං පළාත් ආදිපාදතුමා, ඔබට යුආන් සියොන් එක්ක විවාහ වුණ සහෝදරියක් ඉන්නවාද?ඔහුයි, තුජුයේයි අතරෙ දිගුකාලීන අමනාපයක් තියෙනව. දැන් රටවල් දෙක එකතු වෙලා නිසා අපේ ඛාන් මට අණ කරලා තියෙනවා දඬුවම් දෙන්න ඇයවයි ඇයගේ පවුලේ අයවයි ආපහු තුජුයේට ගේන්න කියලා. කරුණාකරලා ඔවුන්ව ආපහු යවන්න කියලා මම මෙයියං නායකයගෙන් ඉල්ලා සිටින්න කැමතියි."

සු වෙයිගේ මුහුණ මදක් වෙනස් විය.

අනෙක් පාර්ශ්වය කතා කළේ ඔහුගේ ඥාති සහෝදරිය සහ ඇගේ පවුලේ අය පිළිබඳව ය. ඔහුගේ ඥාති සොහොයුරියගේ ස්වාමිපුරුෂයා වන යුවාන් සියොන් විසින් තුජුයේව දැඩි ලෙස අමනාප කර තිබූ බැවින්, තුජුයේ ජනතාව සන්ධානයෙන් ප්‍රයෝජන ගෙන ඔවුන්ව ඉල්ලනු ඇතැයි බියට පත් වූ ඔවුන්, ඔහුගේ නිවසට පලා විත් ඇත. සු වෙයි විසින් ඔවුන්ව රහසිගතව රැගෙන එන ලද මුත්, අනපේක්ෂිත ලෙස දුවාන් වෙන්යැං මෙය සොයාගෙන ඇති අතර ඔහුට මුහුණ දීම සඳහා කිසිදු මවාපෑමක් කිරීමට පවා අවශ්‍ය නොවීය.

“ඔවුන් කොහෙද ගියේ කියලා මම දන්නේ නැහැ. ඔබ කෙනෙක්ව හොයනවා නම්, ඔවුන්ව ඔබම සොයාගන්න!මේකට සු පවුලේ කිසිම සම්බන්ධයක් නැහැ!

දුවාන් වෙන්යැං යළිත් වරක් පැවසුවේ ය, “මාව දුෂ්කර තත්වයකට පත් කරන්න එපා කියලා මෙයියැං පළාත්  ආදිපාදතුමාගෙන් ඉල්ලන්න මම කැමතියි. මම මගේ මියගිය ගුරුතුමායි, චින් ආර්යාවයි අතරෙ තියෙන සම්බන්ධය සැලකිල්ලට අරගත්ත නිසයි ඔවුන්ව ඉල්ලුවේ. නැත්නම් මට අධිරාජ්‍යයාගෙන් කෙලින්ම අහන්න තිබුණා. ෂෝ අධිරාජ්‍යයා අණ දෙනකල් බලාගෙන හිටියොත්, ඔබේ පවුලත් බොහෝ අපහසුතාවයට පත් වේවි කියලා මට බයයි."

සු චියාඕ දැඩි ලෙස කෝපයට පත් විය, “ඔබ මේකට විශේෂයෙන්ම  මගේ මවගේ උපන්දිනය තෝරා ගත්තේ ඔබේ දක්ෂතා පෙන්වන්න! පළමුව ඔබ මුද්ද ඉල්ලුවා. අපි ඒක ඔබට දුන්නා. දැන් ඔබ සීමාව තව තවත් තල්ලු කරනවාද?ඇත්තටම ඔබ හිතන්නේ අපි ඔබට බයයි කියලාද? මම එක වතාවක් කිව්වා ඔවුන් මෙහි නැහැ කියලා. ඒක තමයි ඇත්ත. මකබෑවිලා පලයන්!"

දුවාන් වෙන්යැංගේ සිනහව ද අතුරුදහන් විය. සූ චියාඕ  වෙත එල්ල වූ සිය දෑස් කුඩා කළ ඔහු පසුව සෙමින් පැවසුවේ ය, “සු පවුලේ දෙවන තරුණ ස්වාමියා චුන්යැං දාඕවාදී පන්සලේ ගෝලයෙක් කියලා මට ආරංචි වුණා. ඒ නිසා ඔබේ සටන් කලාවත් විශිෂ්ට ඇති කියලා මම උපකල්පනය කරනවා. අද අපි මුණගැහුණු නිසා, මගේ කුසලතා ගැන උපදෙස් කිහිපයක් ඔබෙන් ඉල්ලන්න මම කැමතියි! ”

සු චියාඕගේ වදන් සමච්චල්සහගත විය , "ආහ්-හහ්! ඉතින් ඔබ අවසානයේදී ඔබේ සැබෑම චේතනාව හෙළි කළා. පැහැදිලිවම ඔබ ආවේ සාදය කඩාකප්පල් කරන්න. නමුත් ඒ අතරෙම ඔබට ඕනෙ වුණේ අහිංසක, හානිකර නැති කෙනෙක් විදිහට පෙනී ඉන්න. අද මෙතනට ඇවිත් සටනක් ඉල්ලුවේ ඔබමයි. ඒ නිසා ඔබ මිය ගියොත්, නැත්නම් ආබාධිත වුණොත්, ඔබේ ඛාන් ඉදිරිපිට අඬලා අපිට වැරදි  කියන්න එපා! ”

අවසන් වූ වහාම, ඔහු විසින් දුවාන් වෙන්යැං වෙතට පහර එල්ල කළේ ය.

නමුත් ඔහු එල්ල කළේ අහඹු ප්‍රහාරයක් නොවේ. ගුවනට පිනූ ඔහු සහ ඔහුගේ කඩු කලාව එකට යුගල වී තිබුණි. ඔහුගේ චලනයන් වනාහී වෙහෙසක් නොදරා, නිශ්චිත ලෙස ම එල්ල කළ ඇදහිය නොහැකි තරම් අලංකාර වූවකි. ඇතැම් නරඹන්නන් ප්‍රශංසා ඝෝෂා කිරීමට පවා යුහුසුළු විය.

දෙව්ලොව පුෂ්පයක් මෙන් සංකීර්ණ වූ සු චියාඕගේ සටන් කලාවට මුහුණ දුන් දුවාන් වෙන්යැං කලබල වී හෝ ඉක්මන් වී පසුබැස්සේ නැත. ඔහු තම ප්‍රතිවාදියාගේ කඩු ආලෝකය තමා ඉදිරිපිටට ඍජුවම පැමිණෙන තෙක් බලා සිටියේ ය. ඉන්පසු ඔහුගේ හිස්ව තිබූ අත කඩු ආලෝකයේ කේන්ද්‍රය දෙසට දිගු කළේ ය.

ඔහුගේ එම හස්තය කඩුව සමඟ මුහුණට මුහුණ මුණගැසුණ ද, එයින් ඔහුට කිසිදු හානියක් අත් වී නොතිබුණි. දෑත් නිරුපද්‍රිතව පැවතියා පමණක් නොව, කඩුව ද සම්පූර්ණයෙන්ම නතර කරලිමට එමඟින් ඔහු සමත් ව තිබුණි.

ප්‍රේක්ෂකයන් නිශ්චලව බලා සිටි අතර, දුවාන් වෙන්යැංගේ දකුණු අත කඩු තලයට තදින් ග්‍රහණය වී තිබෙනු දැකගත හැකි විය. කඩු තලය තල්ලු කරමින් ඔහු තම මැණික් කටුව මදක් ඇඹරූ අතර ශක්තියක් භාවිතා නොකළ බව පෙනුනද, එමඟින් එම කගපත ශබ්දයක් පිට කරන තරමටම වෙව්ලන්නට විය.

සු චියාඕගේ කඩුව ඔහුගේ හස්තය මඟින් බොහෝ දුරට ඉගිලී ගියාක් වැනි විය.

අවිශ්වාසයේ ප්‍රකාශයක් ඔහුගේ මුහුණේ දිස් වීමට ගත වූයේ නිමේෂයකි.

ඔහුගේ සටන් කලාව ඔහුගේ බාල සටන් සොහොයුරා වන ලී චිංයුගේ සටන් කලාව සමඟ සැසඳිය නොහැකි වුව ද, ඔහු ද සටන්කාමී ලෝකයේ ඉහළම නිලයන් තුළ සිටි ලෙස තවමත් ගණන් ගත හැකි පුද්ගලයෙකි. පළමු ප්‍රහාරයෙනම පරාජයට පත් වූ සටනකට ඔහු කිසිදා මුහුණ දී තිබුණේ නැත.

ඔහුගේ ප්‍රතිවාදියා හු ලුගුගේ ගෝලයෙකු වූ නිසා ඔවුන් ඒ වන විටත් සිටියේ විවිධ මට්ටම්වලද?

සු චියාඕ එවැනි කරුණක් පිළිගැනීම ප්‍රතික්ෂේප කළේ ය. ඉක්මනින්ම උපක්‍රම වෙනස් කළ ඔහු තවදුරටත් පසුබට වූයේ නැත. ඒ වෙනුවට අත පසුපසට ගෙන පියවර කිහිපයක් පසුපසට ගොස් කණුවේ ආධාරයෙන් තියුණු හැරීමක් සිදු කළේ ය. ඔහුගේ අභ්‍යන්තර චී ශක්තියෙන් වැසී ගිය අසිපත් ආලෝකය නැවත වරක් දුවාන් වෙන්යැංගේ මුහුණ දෙසට වේගයෙන් දිව ගිය අතර ශක්තියෙන් ආරෝපණය වූ ඔහුගේ අනෙක් අත ප්‍රතිවාදියා දෙසට දිගු විය.

"සටනක් කරන්න මේ කාමරය කුඩා වැඩියි.!" නමුත් දුවාන් වෙන්යැං එම කරුණ තම මනසට ගත්තේ නැත. ඒ වෙනුවට  දීප්තිමත් ලෙස සිනාසෙමින් සිටි ඔහු පිටතට පැන්නේ ය.

සු චියාඕ ද ඔහු පසුපස හඹා ගියේ ඔහුට යාමට ඉඩ දීමට අකැමැතිව ය. ශාලාවෙන් පිටතට පිනූ දෙදෙනා, ඇසිල්ලකින් සෑම දෙසටම අසිපත් ආලෝක විහිදුවමින් සටනෙහි යෙදෙන්නට වූ අතර වටපිටාව ද එහි ඝන සහ සිසිලස දනවන රශ්මියෙන් වැසී තිබුණි. අමුත්තන් ද නිරායාසයෙන්ම  ඔවුන් පසුපස හඹා ගිය හ.

එක් පුද්ගලයෙකුගේ කඩුව දැවැන්ත ගංගාවක් මෙන් බලවත් වූ අතර, එය ඉහළට නැඟෙන විට අහස සහ පොළව එහි ශක්තියෙන් වැසී යන්නට විය. අනෙක් පුද්ගලයා සම්පූර්ණයෙන්ම නිරායුධව සිටි අතර කඩු ආලෝකය තුළ සැරිසරමින් නිරන්තරයෙන් අවදානමට ලක්ව සිටින බවක් පෙනෙන්නට තිබුණි. ඔහුගේ තත්වයෙහි අවිනිශ්චිත බවක් පෙනුනද, ඒ සමඟම නැවත නැවතත් අනතුර පසුකර තම ජීවිතය රැක ගැනීමට ඔහු සමත්ව තිබුණි. එය නරඹන්නන්ට විශ්මයජනක දර්ශනයක් වූ අතර, චිංදු කුමරිය වැනි සටන් කලාවන් පිළිබඳ දැනුමක් නොතිබූ සහ රුධිරය වැගිරෙනු දැකීමට අකමැති වූ අය පමණක් චින් ආර්යාව සමඟ ඇතුළත රැඳී සිටිය හ.

වෘත්තිකයන් සටන අධ්‍යයනය කරන විට ආධුනිකයන් සිටියේ නාට්‍ය නැරඹීම සඳහා පමණි. දුවාන් වෙන්යැං තැබූ සෑම පියවරක්ම අනතුරකින් පිරී ඇති සේ දිස් වුව ද, ඇත්තෙන්ම ඔහු සිටියේ ඉහළම අත අල්ලාගෙන බව ඉහළ මට්ටමේ සටන් කලාවන් තිබූ අය සොයාගත් හ.

පුදුමයෙන් යුක්තව හුස්ම හෙළමින් සිටි පුලියුරු ජියන් ෂෙන් ච්‍යාඕට මුමුණමින් සිටියේ ය, “මට පෙනෙන්නේ දෙවන තරුණ ස්වාමියා, සූ විහිළුවට ලක් වෙනවා වගේ.”

ෂෙන් ච්‍යාඕ ද හිස සලා එකඟ විය. "මටත් එහෙම පෙනෙනවා."

“ඔබට දැන් පේනවද?” ෂෙන් ච්‍යාඕගේ ප්‍රතිචාරයෙන් පුලියුරු ජියන් පුදුමයට පත් විය.

ෂෙන් ච්‍යාඕ සිනහවකින් පිළිතුරු දුන්නේ ය, "මට පෙනෙන්නේ නැහැ, නමුත් මට ඇහෙනවා."

පුලියුරු ජියන්; "කොහොමද?"

“ඔහුගේ කඩුවේ චලනයට, අභ්‍යන්තර චී ශක්තියට, පියවරවලට වගේම ඔහුගේ හුස්මට පවා ඔවුන්ටම ආවේණික වුණ ශබ්දයක් තියෙනවා. අන්ධ අයට තියෙන්නෙ තියුණු කන්. දුවාන් වෙන්යැං කරන්නේ චුන්යැං පන්සලේ සටන් කලාව පරීක්ෂා කිරීම පමණයි. ඒ නිසා ජයග්‍රහණය කරන්න ඔහු ඉක්මන් වෙන්නේ නැහැ. අවාසනාවකට, සු චියාඕට ඒක වැටහිලා නැහැ. ඒ නිසා ඔහුගේ උගුලට හසු වෙලා."

නිසැකවම එය අවබෝධ කරගෙන සිටි එකම පුද්ගලයින් දෙදෙනා ෂෙන් ච්‍යාඕ සහ පුලියුරු ජියන් නොවී ය. නමුත්, ජයග්‍රාහකයා තවමත් තීරණය කර නොමැති බැවින්, කවුරුන් හෝ මේ මොහොතේ මැදිහත් වුවහොත්, එය එක් අතකින් අසාධාරණයක් වන අතර, අනෙක් පසින් සිතෙන්නේ ඔවුන් සු චියාඕ ගැන අඩුවෙන් සිතන බවකි. එම නිසා, ඔහුගේ සටන් සොහොයුරා වන ලී චිංයුට පවා ඔවුන්ගේ සටනේ ප්‍රතිඵලය බලා සිටීම හැර වෙනත් විකල්පයක් ඉතිරිව නොතිබුණි.

ඔහු එසේ පවසනු ඇසූ පුලියුරු ජියන් සැහැල්ලුවෙන් ඇසුවේ ය, “ඔවුන් දෙන්නම හු ලුගුගේ ගෝලයෝ. දුවාන් වෙන්යැං එක්ක සසඳද්දි කුන්'ය කොහොමද?"

එය ඇසීම නුසුදුසු විය හැකි බව ඔහුට වැටහුණේ උස් හඬින් එය විමසූ පසුව පමණි. එහෙයින් “මම හිතාමතාම ෂෙන් සහෝදරයාට රිදවන්න හිතුවේ නැහැ!” යැයි කඩිමුඩියේ එකතු කිරීමට ද ඔහු පසුබට නොවී ය.

සිනාසෙමින් සිටි ෂෙන් ච්‍යාඕ ප්‍රතිචාර දැක්වූයේ ය, “කරදර වෙන්න එපා. කුන්'ය ශක්තිමත් වුනත් ඔහුගේ සටන් කලාව දරුණුයි. ගොඩක් ම්ලේච්ඡ ශෛලියක් තියෙන්නෙ. ඔහුට දුවාන් වෙන්යැං තරම් නිදහසේ ඒවා භාවිතා කරන්න බැහැ. මගේ මතය අනුව, ඔවුන්ගේ ගුරුතුමාගේ සටන් කලාවේ සාරය පිළිබඳ වඩාත්ම හොඳින් අවබෝධ කරගෙන ඉන්නේ දුවාන් වෙන්යැං. ඒ නිසා මම හිතන්නේ ඔහු කුන්'යට වඩා තරමක දක්ෂයෙක්."

ෂෙන් ච්‍යාඕගේ වදන් ඇසූ පුලියුරු ජියන්ගේ ප්‍රකාශය බරපතල විය. "ඒක ඇත්තක් නම්, අද ඔහු ආවේ සිහිවටනය ආපසු ගැනීමටවත්, නායක සූගේ මස්සිනා රැගෙන යන්නවත් විතරක් නෙවෙයි, තමන්ටම නමක් දිනාගන්නත් වේවි කියලා මට හිතෙනව."

ෂෙන් ච්‍යාඕ ද හිස සලා එකඟ විය. "හරියටම කිවුවොත්, මමත් හිතන විදිහට ඒක එහෙමයි. "

සු චියාඕ නිසා, අද උපන්දින සාදයට සහභාගී වූ අමුත්තන්ගෙන් අඩකටත් වඩා වැඩි පිරිසක් සිටියේ සටන්කාමී ලෝකයට සම්බන්ධ වූවන් ය. ලි චිංයු වැනි තරුණ පරම්පරාවේ ප්‍රවීණයන් ද ඇතුළුව, ගතහොත් එම සියල්ලන්ම හොඳම දස දෙනා සඳහා උත්සාහ කිරීමට පවා හැකියාවක් ඇතියවුන් ය. දුවාන් වෙන්යැංට ඔවුන්ව පරාජය කළ හැකි වුවහොත්, එයින් අදහස් වූයේ ඔහුගේ සටන් කලාව මෙහි සිටි සියලු දෙනාටම වඩා ඉහළ මට්ටමකට පැමිණ ඇති බවත්, එදින කුන්'ය සහ ෂෙන් ච්‍යාඕ අතර ඇති වූ සටනටත් වඩා එය කුඩා නොවන කැළඹීමක් ඇති කරන බවත් ය.

තුජුයේ ජනතාව ක්‍රමක්‍රමයෙන් හා ප්‍රවේශමෙන් ඉදිරියට යමින් සිටිය හ. ඔවුන් උතුරු ෂෝ සමඟ මිත්‍ර වූ අතර, ඒ සමඟම උතුරු චී සමඟ ද නොපැහැදිලි සබඳතාවක් පවත්වාගෙන ගිය හ. එක් අතකින්, ඔවුන් උතුරු ෂෝ වෙත ප්‍රහාරයක් දියත් කිරීමට උතුරු චී රාජ්‍යයට උදව් කරමින් සිටි අතර, අනෙක් පැත්තෙන් චී රාජ්‍ය තුළ සිටි වැඩවසම් රදළයන්ට සහ රැකවරණය පතා සිටින නිලධාරීන්ට  නවාතැන් දුන් හ. ඔවුන්ට තිබුණේ හිත් දෙකක් බවත්,  දෝලනය වෙමින් සිටින බවත් දකින කෙනෙකුට කිව හැකි ය. කෙසේ වෙතත්, ඔවුන් සතුව තිබූ ශක්තිමත් ජාතික බලය නිසා, උතුරු ෂෝ හෝ උතුරු චී යන රාජ්‍යයන් ද්විත්වයම ඔවුන්ව අමනාප කිරීමට එඩිතර වූයේ නැත. ඔවුන් ද කිසි විටෙකත් තම අභිලාෂකාමී ආශාවන් සඟවා නොතිබුණි.

වත්මන් නව පරපුරේ සිටි තුජුයේ විශේෂඥයින් මධ්‍යම තැනිතලාවට එකා පිට එක ලෙසින් පැමිණෙමින් තිබුණේ  හු ලුගුගේ ජීවිත කාලය තුළ අවසන් කළ නොහැකි වූ මහා ආධිපත්‍යය දිගටම කරගෙන යාමට අවශ්‍ය වූවාක් මෙනි. ප්‍රථමයෙන්, කුන්'ය විසින් ෂෙන් ච්‍යාඕ සමඟ සටනක් ඉල්ලා සිටිනු ලැබූ අතර, එම සටනින් පසුව නමක් ද දිනාගෙන තිබුණේ, ෂුඅන්දු කන්ද තිබුණේ ඔහුගේ පාදයට යටින් බව අන් අයට අඟවමිනි. දැන් දුවාන් වෙන්යැං විසින් සූ වාසස්ථානයට පැමිණ සියලු සටන් ශිල්පීන්ට අභියෝග කරමින් සිටියේ ය. යැන් වුෂි අතින් කුන්'යට පාඩු සිදු නොවන්නට, තුජුයේ ජනයා තව තවත් අහංකාර වී උල්ඉදිමෙන්නට ඉඩ තිබුණි.

ඔවුන් කතා කරමින් සිටියදී, එක්වරම දුවාන් වෙන්යැං විසින්  මහ හඬින් සිනහවක් නඟනු ලැබූ අතර එකෙණෙහිම , දීප්තිමත් කඩු ආලෝකය ද අතුරුදහන් විය. බොහෝ අය දුවාන් වෙන්යැං කුමන ආකාරයේ චලනයක් භාවිතා කළේද යන්න සොයා ගැනීමට උත්සුක වුව ද, ඊට පෙර ගොළු වූ හඬක් නඟමින් සු චියාඕ වහලයෙන් පහළට වැටී තිබුණි.

"සහෝදරයා!" සු වෙයි වහා නැගිට ඔහුට ආධාර විය. "ඔබට තුවාලද?"

සු ච්‍යාඕ හිස සැලුවේ ය. මුහුණ වේදනාවෙන් රැළි වැටී තිබුණත් හඬක් නැගීමට පවා ඔහු අකමැති විය.

දුවාන් වෙන්යැං ද තරමක් අනියම් ආකාරයෙන් වහලෙන් බිමට පැන්නේ ය. පැමිණ සිටි කිසිවකුට ඔහු ගැන හොඳ මතයක් නොතිබුණත්, ඔහුගේ ශක්තිය ඔවුන් සියල්ලන්ටම පිළිගැනීමට සිදු විය.

සු වෙයි කෝපයෙන් කෑගැසුවේ ය, “දුවාන් වෙන්යැං! ඒක ඕනෑවට වඩා වැඩියි! ඔබ ඇත්තටම හිතනවද සු පවුලේ කාටවත් ඔබව නවත්වන්න බැරි වේවි කියලා."

දුවාන් වෙන්යැං ද උපහාස කළේ ය, “සහෝදරයා, ඔබ වැරදියි. ඔබගේ කුඩා සහෝදරයා තමයි ඉස්සෙල්ලම සටනට ආවේ, ඔබ කොහොමද ඒකට මට බනින්නේ? ඔබ යුවාන් සියොන්වයි, ඔහුගේ පවුලේ අයවයි ආපහු එවන්න එකඟ වුණොත්, මම තවදුරටත් බාධා නොකර මෙතනින් පිටවෙනවා කියලා දිවුරලා පොරොන්දු වෙනවා."

“කොතරම් ආක්‍රමණශීලීද! අපි බොහෝ සහන ලබා දී දීලාත් ඔබ අපට සලකන්නේ මෙහෙමයි! හොඳයි, ඒක එහෙම නිසා හු ලුගු ඔබට කොපමණ කුසලතා උගන්වලාද බලන්න මට ඉඩ දෙන්න!" චින් ආර්යාව ද ඇතුලත සිට පිටතට පැමිණ තිබුණේ මේ මොහොතේදී ය. ඒ වන විටත් වයස අවුරුදු පනහක් වූ ඇය අභ්‍යන්තර කලාව ප්‍රගුණ කොට තිබූ නිසා වියපත් බවක් පෙණුනේ නැත. ඇත්තෙන්ම, ඇය අලංකාර සහ මැදිවියේ කාන්තාවක් මෙන් පෙනෙන පරිණත හා අලංකාර යමක් ඇය තුළ තිබුණි.

දුවාන් වෙන්යැං සුසුම් හෙළමින් මෙසේ පැවසී ය, “ඒ ගැන කතා කරනවා නම්, මට ඔබට කතා කරන්න තිබුණේ මගේ ජ්‍යෙෂ්ඨ සටන් සහෝදරිය කියලා. අවාසනාවකට, ඔබ ඔහුගේ මුද්දත් අරගෙන තුජුයේවලින් පලා ආවට පස්සේ ගුරුතුමා ඔබව පලවා හැරලා දැනටමත් ගොඩක් කල්. ඒ දවස්වල ගුරුතුමා ඔබ ගැන ලොකු සැලකිල්ලක් දැක්වූවා කියලා මට ආරංචි වුණා. ඔහුගේ උරුමය ගෙනියන නායක ගෝලයා පවා කරන්නයි ඔහු සූදානම් වුණේ. ඒත් චින් ආර්යාව කළේ මුලින්ම ඔබේ අලංකාරයට ගුරුතුමාව පොළඹවලා පස්සේ ඔහුගේ මුද්ද හොරකම් කරලා පිට වුණා. අද ඒ ගැන ආපහු හිතද්දී ඔබ කරපු දේ අපරාදයක් කියලා හිතෙන්නේ නැද්ද?"

"කට වහපන්!" ඔහු තම මවට අපහාස කරන අයුරු ඇසූ සූ සහෝදරයෝ නිරායාසයෙන්ම කෝපයට පත් වූ හ.

නමුත් චින් ආර්යාව උපහාසාත්මක සිනහවකින් පිළිතුරු දුන්නා ය, “ඔබ වගේ කනිෂ්ඨයෙක් මා සහ හු ලුගු අතර ඉතිහාසය ගැන කිව්වේ කවදා සිටද?! හු ලුගුට ඔබ වගේ කටින් පමණක් සටන් කළ හැකි ගෝලයන් ගැනීමට තරම් තුජුයේ දක්ෂතා එතරම් හීන වෙලාද? ”

පසුව ඇය සු වෙයිට “ඔබේ සහෝදරයාගේ කඩුව මට ගෙනෙන්න!” කියා පැවසුවා ය.

සු වෙයි චලනය වීමට පෙර, යමෙක් විසින් මෙසේ ප්‍රකාශ කළේ ය, “චින් ආර්යාවනි, තුජුයේ ම්ලේච්ඡයන් එක්ක වාද කරලා ඔබේ තත්වය පහත් කරගන්න කරදර වෙන්න ඕනෙ නැහැ. ඔබ කරදර වෙන්න අවශ්‍ය නැහැ. ඔහු සටන් කළේ  චුන්යැං දාඕවාදී පන්සලේ ගෝලයෙක් එක්ක නිසා ඒක අවසන් කරන්න ඕනෙත් අපිමයි."

කතා කළ පුද්ගලයා අන් කිසිවෙක් නොව ලි චිංයු ය. ඔහුගේ ප්‍රකාශනය උදාසීන වූ අතර ප්‍රකාශනයක් රහිත වූ ඔහුගේ ස්වයෙහි ද වූයේ ඝාතන චේතනාවක් හෝ නොමැති පැතලි ස්වභාවයකි.

නමුත් එවැනි ස්වරයකින් පවා දුවාන් වෙන්යැංගේ මුහුණ බැරෑරුම් විය. ලි චිංයුව හොඳින් අධ්‍යයනය කළ ඔහු, “ඔබ චිංචෙන්වල ජේඩ්ස් දෙන්නාගෙන් අනික් කෙනා වෙන ලි මහත්මයා වෙන්න ඕනෙ. මම දැකපු විදියට ඔබගේ ලොකු සහෝදරයා ඔබගේ ඇඟිල්ලක් තරම්වත් වටින්නේ නැහැ. ඔබට ඔහුත් එක්ක ජේඩ් දෙකේ මාතෘකාව බෙදාගන්න වුණ සිදුවීම මොනතරම් දුකක්ද! ”

ඔහුගේ ප්‍රකෝප කිරීම් නොසලකා හැරි ලි චිංයු තම කඩුව කොපුවෙන් ගලවා, එහි කෙළවර බිම වෙතට යොමු කළේ ය. ඔහුගේ මැණික් කටුව අඩක් එල්ලී අඩක් එසවී ඇති බවක් දිස් වුණි. ඔහුගේ සම්පූර්ණ ඉරියව්වෙහි යම්කිසි උදාසීන සහ නොසැලකිලිමත් බවක් තිබූ අතර, මොහොතකටවත් පෙර සිටියාට වඩා බැරෑරුම් බවක් එහි දිස් වූයේ නැත.

දුවාන් වෙන්යැංගේ ප්‍රකාශනය ද ක්‍රමයෙන් නරක අතට හැරුණි. කිසිවෙකු නොදුටු මොහොතකදී, ඔහු තම අතට කසයක් ග්‍රහණය කොටගෙන තිබුණි. කාල වර්ණ කසයක් වූ එය සිහින් විය. එය සෑදී ඇත්තේ කුමකින්දැයි පැවසීමට පවා අපහසු විය. සම්පූර්ණයෙන්ම අඳුරු නොවූ සහ විනිවිද නොපෙනෙන පෙනුමකින් යුක්ත වූ එය ඒ සමඟම සම්පූර්ණයෙන්ම සාමාන්‍ය බවකින් ද දිස් විය.

පුලියුරු ජියන්ට එහි ඇති දක්‍ෂතා හඳුනා ගැනීමට නොහැකි විය. ඔහු සිය කටහඬ පහත් කර ෂෙන් ච්‍යාඕගෙන් ඇසුවේ ය, “ෂෙන් සහෝදරයා, ඔහුගේ කසයේ තියෙන විශේෂත්වය මොකක්ද කියලා ඔබට දැනගන්න පුලුවන්ද?”

ෂෙන් ච්‍යාඕ හිස වැනුවේ ය. “මට පැහැදිලිව පෙනෙන්නේ නැහැ. ඒක මොන වගේ කසයක්ද?

පුලියුරු ජියන් එය ඔහුට විස්තර කළේ ය.

මොහොතක් කල්පනා කළ ෂෙන් ච්‍යාඕ මිමිණුවේ ය්, “මගේ අනුමානය නිවැරදි නම්, කසය හදලා තියෙන්නෙ මියාඕ ගෝත්‍රිකයන්ගේ රහස් බඳුන්වලට දකුණු මුහුදේ ඇලිගේටර්වරුන්ගේ හම් පොඟවලා. ඒක අතිශයින්ම ශක්තිමත්. මෙතන තියෙන බොහොමයක් තියුණු ආයුධවලට පවා ඒක කපලා දාන්න බැහැ."

පුලියුරු ජියන්ගේ ගත කිළිපොලා ගියේ ය, “ඒ කියන්නේ ඇත්තටම ඒක නිධානයක්. ලි මහත්මයාට ඔහුගේ සැබෑම ප්‍රතිවාදියා මුණගැහිලා වගේ!”

ඔහු පමණක් නොව සියල්ලෝම ඒ දෙස බලා සිටියේ කුතුහලයෙනි. අරුම පුදුම සටනක් ආරම්භ වීමට නියමිතව තිබුණි. ඉතින් ඔවුන් උද්‍යෝගිමත් නොවන්නේ කෙසේද?

පුලියුරු ජියන් අවසන් වූ වහාම ලි චිංයුගේ චලනයන් ද ආරම්භ විය.

ඔහුගේ ප්‍රහාරය සු චියාඕගේ ප්‍රහාරයට වඩා බෙහෙවින් වෙනස් විය.

සු චියාඕ ඉතා වේගවත් සහ දරුණු අයෙකි. ඔහු තම කඩු ශක්තියෙන් සතුරා වසාගෙන, අනෙක් පුද්ගලයාට ගැලවීමට ස්ථානයක්වත් නොමැති කර වේගයෙන් ජය ගැනීමට උත්සාහ කළේ ය. එය ඔහුගේ විරුද්ධවාදියාගේ මානසිකත්වයට පවා බලපෑ හැකි ය. ඔහුට වඩා දුර්වල පුද්ගලයින්ට එරෙහිව එය ඉතා ඵලදායී වූ ශෛලියකි. කෙසේ වෙතත්, දුවාන් වෙන්යැං වැනි ප්‍රවීණයෙකුගේ අභ්‍යන්තර චී ශක්තිය යකඩ බලකොටුවක් මෙන් ඝන වූ අතර, සු චියාඕගේ  කඩු ශක්තිය නොසලකා හැර ඔහුගේ සතුරා වෙත කෙලින්ම යාමට තරම් ඔහු ශක්තිමත් විය.

එය හා සසඳන විට, ලි චිංයුගේ චලනයන් සිදු වූයේ බොහෝ සෙමිනි. දුටුවන්ට පෙනී ගියේ ඔහු එම ප්‍රහාරයන් සන්සුන්ව ගන්නවාක් මෙන් ය. අන් අයගෙ දැක්මට අනුව ඔහු සිදු කලේ කඩුව එක පසෙකින් ඉදිරියට යවා මදක් කරකැවීම පමණ ය. ඔහුගේ කඩුවේ තුඩ දුවාන් වෙන්යැං දෙසට නොව, පොළව දෙසට යොමු වී තිබුණි. ක්‍රියාව කෙතරම් තැන්පත්ව සිදු කළාදැයි යන්න පැවසුවහොත් එය සම වූයේ හිරු යට සෙමෙන් පිපෙන අංකුරයකට ය.

කෙසේ වෙතත්, දුවාන් වෙන්යැංගේ දැක්ම තුළ දිස් වූයේ වෙනත් අයුරකි. එම කරකැවිල්ල සමඟ, අභ්‍යන්තර චී ශක්තිය අනෙක් පුද්ගලයාගේ සිරුරේ සිට කඩු කෙළවර දක්වා ද, පසුව කඩුවෙන් බිමට ද, චලනය වෙමින් තිබූ අතර එමඟින් දුහිවිලි සහ ගල් කැබලි පුපුරවා හරිමින් සිටියේ ය. හදිසියේම බිම පුරා ඉරිතැලීම් මතු වූ අතර, ඒවා ඔතා තිබූ වායු ධාරාවත් සමඟ එම ගල් කැබලි ඔහු දෙසට ඍජුවම පැමිණෙමින් තිබුණි!

ඒ අතරම, දුවාන් වෙන්යැංගේ මීළඟ පියවරට පෙර ඉහළට පිනූ ලී චිංයු තම කඩුව මඟින් චී ශක්තිය එක් කොට සුදු කදම්භයක් නිර්මාණය කළේ ය. දුවාන් වෙන්යැං වටා බාධකයක් ලෙස සේවය කළ එම අභ්‍යන්තර චී ශක්තිය හුදෙක් දිස් වූයේ නොපවතින්නාක් මෙන් ය. හදිසි ගිගුරුම් සහිත කුණාටුවෙන් ඇති වූ දම් සහ නිල් ගිනි පුපුරු සහ විදුලි කෙටීම් සමඟ කදම්බය ද කෙලින්ම සිදුරු විය!

සෙමින් වේගයෙන්, ක්‍රමයෙන් වේගයෙන්, මේ සියලු වෙනස්කම් සිදු වූයේ තත්පරයක් ඇතුළත ය. සම්පූර්ණ අවධානය යොමු නොකළ ඕනෑම කෙනෙකුට සිදුවන්නේ කුමක්ද යන්න පවා නොතේරෙනු ඇත.

කසය ඉදිරියට ගත් දුවාන් වෙන්යැං ඍජුවම එය පුද්ගලයාට මෙන්ම ඔහුගේ කඩුවට ද එල්ල කළේ ය!

අභ්‍යන්තර චී ධාරා දෙක එකිනෙක ගැටුනේ රජවරුන් දෙදෙනෙක් මුහුණට මුහුණ මුහුණට මුහුණ ලා සිටින්නාක් සේ ය. කුණාටුවක් පැමිණ මුහුද පෙරළීමට සූදානම් වූවාක් මෙන් මොහොතකට සුළඟ පවා දැඩි ලෙස ඉහළ ගියේ ය. තිබුණේ අවස්ථා දෙකක් පමණි. ඒවානම්, දුවාන් වෙන්යැංගේ කසය මඟින් ලි චිංයුගේ කඩුව කැබලිවලට ඉරා දැමීම හෝ ලි චිංයුගේ කඩු ශක්තිය මඟින්  දුවාන් වෙන්යැංගේ කසය විනාශ කිරීම විය.

කෙසේ වෙතත්, සියල්ලන්ගේම අපේක්ෂාවන් ඉක්මවා ගොස්, දුවාන් වෙන්යැංගේ කස පහර මග හැරී ගියේ ය. කසයෙන් වියන ලද සෙවණැල්ලට ඒ වන විටත් ලී චිංයු වැටී ඇති බව අනෙක් සියල්ලන්ම දුටු නමුත් කෙසේ හෝ ඔහුව සම්පූර්ණයෙන්ම වට කර ගැනීමට සෙවනැල්ල අසමත් වී තිබුණි. ඒ වෙනුවට, ඔහුගේ රූපය බොඳ වූ අතර, ඔහු හදිසියේම වම, දකුණ සහ දුවාන් වෙන්යැංගේ පිටුපසින් පෙනී සිටියේ ය. තුන් දිශාවේම සිටි "ලි චිංයුලා" එකම ක්‍රියාව නැවත නැවතත් කරමින් කඩු තුඩු ඉදිරියට යවමින් සිටිය හ.

එවිටම, ෂෙන් ච්‍යාඕ ඇතුළු පිරිසට ඇසුණේ කිසිවකු විසින් කළ නිශ්ශබ්ද කෑ ගැසීමකි, “කඩු චේතනාව! ලී චිංයු කඩුවේ  චේතනාව ඉගෙන ගෙන!



Comments

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-