වසර ගණනාවක් පුරා බොහෝ භයානක අත්දැකීම්වලට මුහුණ දී සිටි මෙම පිරිස ඉතා දක්ෂ වූ කණ්ඩායමකි. එබැවින් ඔවුන් සතුව තිබූ විශ්වාසය ද සුළුපටු නොවී ය. පූර්ණ විශ්වාසයකින් යුක්තව කටයුතුවල නිරත වන මොවුන්ගේ සුපරික්ෂාව ද නිරායාසයෙන්ම තියුණු ය. එබැවින් පැන් සී විසින් සඳහන් කළ මෙම වැකිය ඇසූ වහාම තත්ත්වය පිළිබඳව හොඳින් වටහාගැනීමට මා හට හැකි විය. ආ-කුයි විසින් මා වෙත හෙලූ බැල්මෙන් ද මට වැටහී ගියේ මා විසින් කරදර ඇති නොකළ යුතු බව ය.
එම බැල්ම දුටු මා හට ද සිනහ පහළ වීම වළක්වා ගත නොහැකි විය. ඇයි මම නිකම් කරදර හොයන්නෙ? ආ-කුයිට එක පහරකින් වුවත් එළදෙනක් බිම හෙළීමට හැකි වූ අතර පැන් සී යනු ද සිරුර පුරා කැළැල් ඇති යුද ප්‍රවීණයෙකි. ඇරත් කුඩා වියේ සිටම සන් මාමා වූකලී රණ්ඩුවට යන වලියට බර පුද්ගලයෙකි. ඒ අය හැරෙන්නට කිසිම ආකාරයක කරුණාවක් නොදක්වන්නාක් මෙන් සිටින ගොළුවත රැකි අවජාතකයා ද සිටියේ ය. මා සම්බන්ධයෙන් ගත් කල... පුරාණ කාලයේ සිටම, උගතුන් යනු සෑම විටම සටනකදී වඩාත්ම නිෂ්ඵල බව ඔප්පු කිරීමට හැකි සාක්ෂියක් පමණක් විය.
මා අසළට පැමිණි සන් මාමා හමුදා පිහියක් ගෙන එය මගේ හස්තය වෙතට දිගු කළේ ය. නමුත් එය අධික බරකින් යුක්ත වූ අතර එහෙයින් මා හට දැණුනේ අපහසුවකි. මම මෙය භාවිතා කළ යුත්තේ කෙසේද?
ආරක්ෂා වීම සඳහා තවත් කුමක් භාවිතා කළ හැකිදැයි යන්න ගැන සිතමින් සිටි මට, ලූ දන්දන් විශාල ශබ්දයක් සමඟ පිහිනමින් ආපසු පැමිණි ආකාරය දැකගන්නට ලැබිණි. කලිසමේ කකුලට දුම් පයිප්පය තට්ටු කළ මහලු මිනිසා ඉනික්බිතිව මෙසේ පැවසී ය, “අපි යමු! බෝට්ටුව එනවා. ”
ඔහු නිවැරදි ය. පැතලි බෝට්ටු දෙකක් කන්ද පිටුපසින් පාවී පැමිණෙමින් තිබිණ. අපට ඉදිරියෙන් පැද්දෙමින් පැමිණි බෝට්ටුවේ සිටගෙන සිටි මැදිවියේ මිනිසා සිටගෙන ඔරුව තුළ සිටිමින් ම අප හට කෑ ගැසීය. (1) මෙම බෝට්ටු තරමක් විශාල වූ අතර අප සහ අපගේ සියලු උපකරණ රඳවා තබා ගැනීමට හැකි බව එය දුටුවනම අප හට පසක් විය. කරත්තයට බැඳ සිටි ගොනාගේ ගෙලට තට්ටු කළ මහලු මිනිසා තවදුරටත් මෙසේ පැවසී ය,“ඔයාලගේ උපකරණ හැම එකක්ම බාන්න ඕනෙ නැහැ. මම ගවයාවයි, කරත්තයයි දෙවනි ඔරුවට දාන්නම්. පළවෙනි බෝට්ටුවේ අපි වාඩි වෙමු. පුලුවන් උපරිමෙන් ඔයාලගෙ ශක්තිය ඉතිරි කරගෙන ඉන්න එක ඇඟට ගුණයි. ”
පැන් සී ද සිනාසෙමින් මෙසේ තෙපළී ය, “අපේ සමහර දේවල්වලට වතුරට නිරාවරණය වෙන්න බැහැ. ඒ වගේ උපකරණ අපිත් එක්කම තියෙන එක හොඳයි. ගොනා වතුරේ ගියොත් මොකද කරන්නේ? එහෙම උනොත්නම් අපි ඇත්තටම කරදරයක. ”
සිනහවකින් යුක්තව හිස සලා එයට එකඟ වූ මහලු මිනිසා, “ඔයා කියන දේ සාධාරණයි. ඒත් මේ ඉන්නේ හරක් මිසක් මී හරක් නෙවෙයි. උන් කවදාවත් වතුරට පනින්නේ නැහැ. බැරි වෙලාවත් පනින්න වුණොත් හැම භාණ්ඩයක්ම නැවතත් ලබාගන්නකල් මේ වයසක මිනිහා ඔයාලට උදව් කරනවා ඒවා ගොඩගන්න."
කතාබහ අතරතුරදීම අසළට එන ඔරුව වෙත ගවයාව රැගෙන යාමට ඔහු යුහුසුළුව ක්‍රියා කරමින් සිටියේ ය. අප සියල්ලන් ද අපගේ ගමන් මලු උරහිස් මත එල්ලාගෙන ඔහු පසුපස ගියෙමු. මැදිවියේ මිනිසා ඉතා යුහුසුළුව ඔරුව මෙහෙයවූ අතර ඉක්මනින්ම ඔහුගේ කණුවේ දක්ෂ පහරවල් කිහිපයක් සමඟ ගොඩ බැස්සේය.
මහළු මිනිසා ගවයා සහ කරත්තය දෙවන ඔරුවට ගෙන යමින් සිටිනාතුරදී මම ඔරුව ගෙන යමින් සිටි මැදිවියේ මිනිසා දෙස බැලුවෙමි. අව් රශ්මියෙන් බැට කන්නාක් මෙන් දිස් වූ ඔහුගේ සම අඳුරු පැහැයෙන් යුක්ත වූ අතර පෙනුම ද අතිශයින්ම සාමාන්‍ය වූවක් විය. නමුත් යම් මනෝවිද්‍යාත්මක බලපෑමක් හෝ වෙනත් දෙයක් හෝ නිසාවෙන් මෙම මිනිසාගේ පෙනුම කටුක බවකින් යුක්ත වූවක් බව මා හට නොසිතා සිටීමට නොහැකි විය. සන් මාමාගේ මිනිස් මාංශ අනුභව කරන සිහිපත් වූ මට හදිසියේම හැඟුනේ මේ පුද්ගලයා දෙස බලන තරමට ඔහු බියකරු බවක් පෙනෙන්නට ඇති බවයි.
“අපි ගුහාවට ගියාට පස්සේ, කරුණාකරලා හෙමින් කතා කරන්න, ගංගා දෙවියන්ට බාධා කරන්න එපා.” මිනිසා පැවසී ය. "විශේෂයෙන්ම ගංගා දෙවියන් ගැන නරක දේවල් කතා කරන්න එපා."
"ගුහාව හරහා යන්න කොච්චර කාලයක් යනවද?" සන් මාමා ඔහුගෙන් ඇසුවේ ය.
“වේගෙන් ගියොත් යන්නේ විනාඩි පහක් විතරයි. ඇතුළෙ දිය ප්‍රවාහය ගොඩක් වේගවත්. අඩුම තරමින් ඊයේ වේගයෙන් ගියා."
"ජල පහර මන්දගාමී වෙන වෙලාවල් තියෙනවද?"
“ඔව්, සමහර වෙලාවට වතුර පාර ගලන්නේ ඉහළට. අපි එද්දි එන්නේ පහළට. ඒත් දැන් අපි යන්න ඕනෙ ඉහළට. ඒ නිසා බොහෝ කාලයක් ගතවේවි. මිනිත්තු පහළොවක් ගතවේවි කියලා මං අනුමාන කරනවා. ගුහාවේ සමහර වංගුවලදී ගමන් කරන එක තරමක් භයානකයි."
"එතන ආලෝකය තියෙනවද?"
මිනිසා සිනාසෙමින් පැවසුවේ ය, “එතන කළුවරයි. දීප්තිමත් වේවි කියලා ඔයා හිතන්නේ කොහොමද? එතන මහ රෑ වගේ අඳුරුයි කියලා ඔයාට කියන්න පුලුවන්." ඉන්පසුව ඔහුගේ දෙසවන් යුගළ වෙතට අවධානය යොමු කළ ඔහු, “මම අවුරුදු දහයකට වැඩි කාලයක් බෝට්ටු පදවනවා. මට ඕනෙ වෙන්නේ මේ පොල්ලයි මගේ කන් දෙකයි විතරයි." ලෙස ද පැවසී ය.
"එහෙනම් අපිට ෆ්ලෑෂ් ලයිට් එකක් පාවිච්චි කරන්න පුලුවන්ද?" අත රැඳි පතල් ලාම්පුව එසවූ පැන් සී ඇසුවේ ය, "ඒකට කමක් නැද්ද?"
"ඒකට කමක් නෑ" මිනිහා කිව්වා. “ඒත් ඒකෙන් වතුර දිහා බලන්න එපා. එහෙම උනොත්, ඔයා ඒකෙන් මැරෙන්න තරම් බය වේවි! ”
සිනහවකින් සැරසි සන් මාමා හට ද පැනයක් ඉතිරිව තිබිණි. "මොකක්? ඒකෙන් කියවෙන්නේ ජල අවතාරයක්හරි වෙන දෙයක්හරි ඒ ඇතුළේ තියෙනවා කියලද?"
“ඒ දේ ජල අවතාරයකට සමාන කරන්න බැහැ, ඒත් ඒ මොකක්ද කියලා අනුමාන කරන්න පවා මම නිර්භීත නැහැ. ඔයා නිර්භීත කෙනෙක්නම්, පස්සේ ඒ ගැන හොයලා බලන්න පුලුවන්. මතක තියාගන්න, පොඩ්ඩක් බලන්න. වාසනාව තිබ්බොත් ඔයාට පෙනෙන එකම දේ කළු ජලය විතරයි. ඒත් ඔයා අවාසනාවන්ත වුනොත්, දකින දේවල්වලින් බය වෙලා සිහි විකල් වෙන්න වුනත් පුලුවන්."
සංවාදය අවසන් වෙනවාත් සමඟම කඳු බෑවුම පිටුපස සැඟවී තිබූ ගුහා මුවදොරෙහි දර්ශනය දැනටමත් අපට ඉදිරියෙන් දිස් වෙමින් පවතිනු දැකගත හැකි විය. වෙරළේ සිටිනයදී කිසිසේත්ම ඡායා මාත්‍රයකුදු හෙළි නොවී තිබූ එය දුටු අප මුලින් සිතා සිටියේ එය කන්දේ විශාල සිදුරක් ලෙසිනි. නමුත් සත්‍ය ලෙස ම එය දුටු මට සිනාසිය යුතු ද හෝ ඇඬිය යුතු ද යන්න පවා වටහාගත නොහැකි විය. ගුහා දොරටුව මෙතරම් කුඩා වේ යැයි මවිසින් සිහිනෙකුදු සිතා තිබුණේ නැත. එහි පළල බෝට්ටුවට වඩා සෙන්ටිමීටර දහයක් වැඩි වූ නමුදු වඩාත්ම භයානක දෙය එය නොවී ය. ඒ වූකලී එහි උස ය. වාඩි වී සිටියද එය තුළින් මිනිසෙකුට ඇතුල් විය හැකි වේවිදැයි සිතාගැනීමට නොහැකි වනු ඇත. එයින් අදහස් වූයේ යන්තම් උඩු යටිකුරු කිරීමෙන් පමණක් ඔවුන් හට එය තුළට යා හැකි බව ය. යම් කිසිවෙකු අපව අල්ලාගැනීම උදෙසා ඇතුළත බලා සිටියහොත්, මෙතරම් කුඩා ස්ථානයක ආරක්ෂා වීමටවත් අප හට ඉඩකඩක් නොලැබෙනු ඇත.
“ෂිට්,” පැන් සී හදිසියේම විස්මයෙන් කෑගැසුවේ ය, “මේ ගුහාව පොඩ්ඩක් පුංචි වැඩි නැද්ද?”
“නැහැ, ඒක සෑහෙන්න ලොකුයි. ඊටත් වඩා පටු කොටසක් ඇතුලේ තියෙනවා” ප්‍රතිචාර දැක්වූ මහලු මිනිසා පිටුපස සිට පිළිතුරු ලබා දුන්නේ ය.
“ආහ් මේ තරම් පුංචි ගුහාවක කාටහරි අපිව පැහැරගන්න ඕන උනොත් එයාලටත් බේරෙන්න බැරි වෙයි නේද?” ව්‍යාජ සිනහවකින් මුව සරසාගෙන සිටි පැන් සී දෙස බැලූ සන් මාමා පැවසුවේ ය.
ඔහු එසේ කී සැණින් මැදි වියැති ඔරුකාරයා ඉතා සූක්ෂම ඉරියව්වක් ඉඟි කළ අයුරු මගේ දෑස් මානයට හසු විය. මහලු මිනිසාගේ ද ඉරියව් වෙනස් විය. මෙහි යම් දෙයක් නිවැරදි නොවන බවට වූ සිතුවිල්ලෙන් මගේ සිත නලියමින් පැවතිණි. මෙම නිශ්චිත මොහොතේම ගෙරවුම් ශබ්දයක් දෙසවන් පුරා රැව් පිළිරැව් නංවමින් බෝට්ටුව ලෙන් දොරටුවට ඇතුළු විය.
පැන් සී විසින් පතල් කම්කරුවන් සතු මාදිලියේ ලාම්පුවක් දල්වන ලදි. අප මුලින්ම ඇතුළු වන විටත් ගුහාවේ මුඛය පැවතියේ දීප්තිමත් ආලෝකයකින් යුක්තව ය. නමුත් වැඩි කල් නොගොස් ඉතිරි වූ එකම ආලෝකය පතල් ලාම්පුවේ ආලෝකය පමණක්ම විය.
“මාස්ටර් සන්. මේ ගුහාව එච්චර සරල එකක් නෙවෙයි,” ආ-කුයි පැවසී ය. "මේක මංකොල්ලකාරයන්ගේ උමඟක්!"
“හරියටම කිවුවොත් මේක ජල මංකොල්ලකාරයන්ගේ උමඟක්. මේ සලකුණු හතරැස් නොවී ඒ වෙනුවට වෘත්තාකාර වෙලා තියෙන හැටි පේනවද? ඒකෙන් කියවෙන්නේ මේ ලෙන පෞරාණික එකක් කියලා. මේ ගුහාවෙන් වෙන තැනකටත් ඇතුල් වෙන්න පුලුවන් වගේ පේන්නේ."
“අහ් මෙයාට හොඳ දැනුමක් තියෙනවා වගේ. එයා කිව්වා හරි,” එක් දණහිසක් බිමට ඔබා දුන්නක් ආකාරයට ඔරු පත්ලෙහි වාඩි වී සිටි මැදිවියේ මිනිසා පැවසුවේ ය. ඔරුව පදවන අතරතුර ඔහු සිටියේ එක් අතක රැඳි ආධාරක ලීය අල්ලාගෙන ය. නමුත් පුදුමයට කරුණ වූයේ ඔහුගේ එම ආධාරකය කිසිසේත්ම ජලය ස්පර්ශ කර නොතිබීම ය. ඔහුට හුස්ම ගැනීමට පවා නොහැකි විය. ඉන්පසු ඔහු මෙසේ පැවසී ය, “මේ මුළු කන්දම ගොඩක් පැරණි සොහොනක් කියලත්, මේ අවට විවිධ ප්‍රමාණයේ ජල මංකොල්ලකරුවන්ගේ උමං මාර්ග රාශියකුත් තියෙනවා කියලත් මට ආරංචි වුණා. ඒත් ඔයාලා දකින විදිහට මේක ගොඩක් ලොකු වගේම ගැඹුරු ගුහාවක්. මම හිතන්නේ ඒ කාලේ වතුර මට්ටම එච්චර උස නැහැ. ඒ නිසා මේක ඒ කාලේ වියළි ගුහාවක් වෙන්න ඇති.”
"ඔහ්, ඔහෙත් විශේෂඥයෙක් වගේ." සන් මාමා විනීත ලෙසට සිගරට්ටුවක් දිගු කොට පැවසුවේ ය.
හිස දෙපසට වනමින් එසේ නොමැති බව ඉඟි කළ ඔරුකරු ප්‍රතිචාර දැක්වූයේ ය, “මොන විශේෂඥයෙක්ද? ඔහේට කලින් මෙතනට ආපු අයගෙන් මට ඒක අහන්න ලැබුණේ. හොඳට ඇහුම්කන් දුන්නානම් ඔහේටත් කියන්න පුලුවන් වේවි. හොඳට ඇහුම්කන් දුන්නනම් ඔහේටත් කියන්න පුලුවන් වේවි. මම ඔය ගැන වැඩිපුර දන්න කෙනෙක් නෙවෙයි. ඒ නිසා ඔයාට මාව දක්ෂයෙක් කියලා කියන්න බැහැ.”
පැන් සී මෙන්ම දා කුයි දෙදෙනා ද සංවාදයට එක් වී එකිනෙකා සමඟ සිනහසෙමින් අදහස් හුවමාරුවේ යෙදෙමින් සිටින්නට වූ අතර එනිසා වායුගෝලයේ ද දිස් වූයේ ඉතා සුහදශීලී බවකි. නමුත් බාහිරින් එය එසේ වූවත් ඇතුළාන්තයෙන් ගතහොත් සියල්ලන්ම සිටියේ නොසන්සුන් බවකිනි. මා ද සිටියේ, අප පස් දෙනෙක් සඳහා ඔවුන්ගෙන් සිටින්නේ දෙදෙනෙකු පමණක් බව නිරතුරුවම මගේ සිත තුළට අවධාරණය කරමිනි. ඔවුන් හට ඇත්තටම යමක් ආරම්භ කිරීමට අවශ්‍ය වූවානම්, නිසැකවම අප ද පරාජයට පත් නොවනු ඇත. නමුත් ඔවුන් අපව ඉලක්ක කිරීමට තරම් නිර්භීත වූ නිසා, ඔවුන් හොඳින් සූදානම් වී සිටිනු ඇත.
මා ගිලී සිටි එම කල්පනා සාගරයෙන් යළි මතුපිටට පැමිණුනේ යකඩ මුහුණා හදිසියේම හස්තය වනමින් කළ ප්‍රකාශය නිසාවෙනි, “ෂ්, අහන්න! කවුරුහරි කතා කරනවා!"
ක්ෂණිකව හුස්ම සිර කොට ගත් අප හට ද ඊලඟ මොහොතේ ගුහාව ගැඹුරින් පැන නැඟි එම කලබලකාරී මලකඩ හඬ ඇසුණි. ප්‍රවේසම්සහගත ලෙස එම කටහඬින් පැවසෙන වදන් ග්‍රහණයට ගැනීම සඳහා මා උත්සාහ කළ නමුත් ඒවා ශ්‍රවණේන්ද්‍රියන්ට ග්‍රහණය කරගත හැකි වුව ද මනසේ ග්‍රහණයට අපොහොසත් වූ නොතේරෙන බවකින් යුක්ත විය. මද කාලයක් එවෙතට සවන් යොමු කරමින් සිටි මා ඔරුකරු දෙසට හැරුණේ යමක් විමසීමේ අටියෙනි.මට දැනගැනීමට ඇවැසි වූයේ මේ ශබ්දය මේ ගුහාවේ නිතර ඇසෙනවාද යන්න ය. නමුත් යම් දෙයක් වැරදී ගොස් තිබූ බව මා හට අවබෝධ වූයේ මේ මොහොතේදී ය. මැදි වියේ ඔරුකරු අනපේක්ෂිත ලෙස අතුරුදහන් වී ගොසිනි! ක්ෂණිකව අනෙක් ඔරුව වෙතට නෙත් යොමු කළ මට වැටහුණේ මහලු ඔරුකරු ද අතුරුදහන්ව ගොස් තිබූ බව ය.
"පැන් සී, එයාලා කොහෙද ගියේ?!" සන් මාමා කලබලයෙන් කෑගැසුවේ ය.
“මම දන්නේ නැහැ, එයාලා වතුරට පනින හඬක්වත් මට ඇහුණේ නැහැ,” පැන් සී ද සිටියේ කලබලයෙනි. "මේ දැන් ඒ සද්දේ ඇහුන ගමන් මගේ අවධානය වෙනතකට යොමු වුණා."
සන් මාමා සිටියේ කෝපයෙනි, “ෂිට්! දැන් අපි ළඟ මළමිනී ගඳකුත් නෑ. මම දන්නේ නැහැ මොනවා වෙයිද කියලා! පැන් සී, ඔයා වියට්නාමයේ සටන් කරපු කෙනෙක්නේ. කවදාහරි මිය ගිය මිනිස්සු අනුභව කරලා තියෙනවද? ”
“ඔයා විහිළු කරනවද? මම හැමදාම කරේ හෝල් එකේ මේස පිඟන් හෝදන එක විතරයි! ඉනික්බිතිව ඔහු ආ-කුයිව පෙන්වා, “කුයි, ඔයා කිව්වා නේද ඔයාලගේ ගෙදර අය මිනිස් මස් බනිස් විකුණනවා කියලා? ඒ කියන්නෙ ඔයත් පොඩි කාලෙ ගොඩක් කන්න ඇති."
“ගොනා, ඒවා හැදුවේ මං කියලා කිව්වේ! ඒ නැතත්, ඒවා විකුණන්නේ අනික් අයට. තමන්ගේම නිෂ්පාදනයක් කන්න තරම් පිස්සුවක් තියෙන්නෙ මොන වගේ මිනිස් මස් බනිස් වෙළෙන්දෙක්ටද?
කඩිමුඩියේම පියවි සිහියට එළඹි මම කාල සීමාව ඉක්මවා ගොස් ඇති බවට සන් කළ ඉඟියක් කළෙමි, “ඔයාලා තුන්දෙනා එකතුවෙලා වැඩ කරන්න අරන් අවුරුදු එකසිය පනහකටත් වඩා වැඩියි වගේ නේද! මේකනම් ලැජ්ජාවක්! ”
මවිසින් එය පවසා නිම වනවාත් සමඟම ඔරුව ගැස්සී ගියේ ය. කඩිමුඩියේ පතල් කම්කරුවන්ගේ ලාම්පුව අතට ගත් පැන් සි ජලය වෙතට එය එල්ල කළේ ය. පහළ බැලූ අප හට දක්නට ලැබුණේ බෝට්ටුවට පහළින් විශාල සෙවනැල්ලක් පිහිනන ආකාරයයි.
හටගත් භීතිය නිසාවෙන් ආ-කුයිගෙ මුහුණ සුදුමැලි වී තිබූ අතර කැලතෙන ජලය දෙස බලා සිටි ඔහුගේ මුව ද නිශ්ශබ්ද ලෙස විවර වී වැසී යන්නට විය. ඔක්සිජන් නොමැතිකම නිසා ඔහු මිය යනු ඇතැයි බිය වූ සන් මාමා ඔහුගේ මුව හරහා කම්මුල් පහරක් ගැසුවේ බැණ වැදීමට මොහොතකට පෙරාතුව ය, “වැඩක් නෑ! ඔහේට මොනවද වෙලා තියෙන්නේ?! මේ කාලකණ්ණි නරුමයො දෙන්නා වචනයක්වත් කිව්වෙ නෑ. ඒත් උඹලා අවුරුදු ගාණක් මාත් එක්ක ඉදලත් පිස්සු නටනවද?! හෙණ ගහපන්!"
“මා-මාස්ටර් සන්, මේක ලොකු වැඩියි! මට බයයි අපි හැමෝම එකතු වුණත් ඒකේ රෑ කෑමට මදි වෙයි කියලා.” තවත් වරක් එවෙතට බියකරු බැල්මක් හෙලූ ආ-කුයි පැවසී ය. මුලදී ඔහු සිටියේ බෝට්ටුවේ පසෙක වාඩිලා ගෙන ය. නමුත් දැන් ඔහුගේ පාදය බෝට්ටුවේ මධ්‍යයට ගොස් තිබුණේ හදිසියේම වතුරේ ඇති යමක් පිටතට පැන ඔහුව රැගෙන යනු ඇතැයි බියකින් මෙන් ය.
"බාහ්!" සන් මාමා ඔහු දෙසට දැඩි බැල්මක් යොමු කළේ ය. “අපට ඕනෙ කරන හැම උපකරණක්ම අපි ළඟ තියෙනවා. දක්ෂ පුද්ගලයොත් ඉන්නවා! මම වූ පවුලේ තුන්වෙනි පුතා. වසර ගණනාවක් සොහොන් බින්දා. මම නොදැකපු භූතයෝ අවතාර තියෙනවද? විකාර කතා නවත්තන්න!”
පැන් සී ද බොහෝ බියට පත් වී සිටි නමුත් ඔහුට එය කම්පනයක් තරම් බියක් නොවීය. මෙතරම් පටු ඉඩක දිය යට පිහිනන දැවැන්ත දෙයක් සමඟ, සෑම කෙනෙකුම සිතන්නට වෙහෙසීම පුදුමයක් නොවේ. වටපිට බලමින් සිටි පැන් සි මෙසේ ඇසුවේ ය, “මාස්ටර් සන්, මේ ගුහාව හරිම අමුතුයි. හිතාගන්න බැරි තරම්, මගේ හදවත පුපුරන්න වගේ දැනෙන තරමට බය හිතෙනව. අපි මෙතනින් ගියාට පස්සේ මේ ගැන කතා කරමු, හරිද?"
ආ කුයි වහාම එකඟ වූ අතර මම පවා මෙම ස්ථානයෙන් පිටව යාමට ආශාවෙන් සිටියෙමි. නමුත් මම සන් මාමාගේ පවුලේ කෙනෙකු වූ නිසා කතා කිරීමට පෙර ඔහුගේ අදහස ඔහු පවසන තෙක් බලා සිටීමට සිදු විණි.
නමුත් මේ මොහොතේ සන් මාමාගේ ප්‍රකාශය මා බලාපොරොත්තු වූවාට වඩා හාත්පසින්ම වෙනස් වූවකි. ඔහු යකඩයක් මෙන් හැඟීම් නොමැති මුහුණක් තිබූ පුද්ගලයා දෙස බලමින් සිටියේ ඔහුගේ උපදෙස් පතන්නාක් මෙන් බැල්මකිනි. සන් මාමාගේ පෞරුෂය සමඟ, ඔහු සාමාන්‍යයෙන් අවට සිටින උසස් හෝ අධිකාරී පුද්ගලයන් කෙරෙහි අවධානය යොමු කරන කෙනෙකු නොවී ය. නමුත් දැන් ඔහු මෙම තරුණයාගේ උපදෙස් පතන බවක් පෙනෙන්නට තිබුණි. කුමක් වෙන්නේදැයි කල්පනා කරමින් සිටි මා ද හිස වැනුවේ මේ මිනිසා පවසන දෑ කුමක්දැයි ඇසීමේ අටියෙනි. අප පවසන දෑවලට නෑසූ කන්ව සිටි මුත්, මුලදී ශෛලමය පිළිමයක් මෙන් දැඩි වූ ඔහුගේ ප්‍රකාශනය දැන් අතුරුදහන් වී ගොස් තිබූ අතර දෑස් ජලය වෙත යොමාගෙන සිටියේ යමක් සොයමින් සිටින්නාක් මෙනි.
ඇත්තෙන්ම මට ඇවැසි වී තිබුණේ මේ මිනිසා කවුදැයි යන්න පිළිබඳව සන් මාමාගෙන් ඇසීමට ය. නමුත් එයට සුදුසු කාලය එළඹ නොතිබූ නිසාවෙන් ඒ වෙනුවට පැන් සීගෙන් රහසින් ඒ පිළිබඳව අසන්නට මා සමත් විණි. යන්තම් හිස දෙපසට සැලූ පැන් සී ද සන් කළේ ඔහු නොදන්නා බව ය. ඔහු දැන සිටියේ ද මේ මිනිසා සැබවින්ම දක්ෂයෙකු බව පමණි. ඔහුගේ නිකට එම පුද්ගලයාගේ අත දෙසට ඉඟියෙන් යොමු කළ පැන් සි , “බලන්න, ඔයා හිතන විදිහට ඒ වගේ අතක් ලබාගන්න වසර කීයක් ගතවේවිද?”
මීට පෙරදී එම මිනිසාගේ අත ගැන අවධානයෙන් බැලීමට තරම් මා සැලකිලිමත් වූයේ නැත. නමුත් දැන් එය දුටු විට මා හට වැටහී ගියේ එය ඇත්තෙන්ම අසාමාන්‍ය බව ය.
ඔහුගේ මැදඟිල්ල සහ දබරැඟිල්ල සාමාන්‍ය මනුෂ්‍යයන්ට සාපේක්ෂව දිගු විය. මට එක්වරම මතකයට නැඟුණේ මගේ සීයාගේ සටහන්වල මා කියවා තිබූ පුරාණ ෆ'චියු ෂොංලන් ජියැංගේ (2) ඇඟිලි දෙකේ පරීක්ෂණ ක්‍රමවේදය ගැන ය. එකල ෆ'චුයි ෂොංලන් ජියැං විශේෂඥයින් විසින් සොහොන් කොත්වල ඇති කුඩා උගුල් පහසුවෙන් අක්‍රිය කිරීමට තායි කන්ද තරම් දැඩි හා බලවත් වූ ක්‍රමයක් භාවිතා කොට තිබූ අතර එයට උපයෝගී කොටගෙන තිබුණේ මෙම ඇඟිලි ද්විත්වය ය. නමුත් මෙම කුසලතාව ප්‍රගුණ කිරීමට අවශ්‍ය නම්, කුඩා කල සිටම එය ආරම්භ කළ යුතු වූ අතර, එපමණක් නොව එම ක්‍රියාවලිය කාලකණ්ණි ද වනු ඇත.
ඔහු තම දකුණු අත ඉහළට ඔසවා විදුලියක් මෙන් යුහුසුළුව වතුරට තල්ලු කරනු දුටු විට ද මම තවමත් සිටියේ කල්පනා කරමිනි. චලනය කෙතරම් වේගවත් වීද යත්, ඔහුගේ අත ඒ වන විටත් ආපසු දිය තුළින් පිටතට පැමිණ තිබූ අතර අපට දැකගත හැකි වූයේ සුදු පැහැති ක්ෂණික ආලෝකයක් පමණි. එමෙන්ම, ඔහුගේ අමුතු දිගු ඇඟිලි දෙක අතර කළු පැහැ දෙයක් තදින් ග්‍රහණය වී තිබුණි. එම දෙය බෝට්ටු තට්ටුවට දැමූ ඔහු පසුව, “මේක තමයි දැන් වුණේ” කියා කීවේය.
සැනසුම් සුසුමක් හෙලූ මා එවෙතට දෑස් යොමු කොට ඇසුවෙමි, “මේ කිමිදෙන කුරුමිණියෙක් නේද? ඒ කියන්නේ දැන් අපි දැක්ක ඒ ලොකු හෙවනැල්ල කිමිදුම් කුරුමිණියන් ගොඩ දෙනෙක් පීනපු නිසා පෙණුනු එකක්ද?"
"ඔව්." තරුණයා ඔහුගේ ඇඳුම් මත දෑත් පිස දැමී ය.
සම්පූර්ණයෙන්ම වටහාගැනීමට අප සමත් නොවුණ ද, එය ඇසීමෙන් අප හට සහනයක් දැනෙමින් තිබුණි. මේ මොහොතේදී ආ-කුයි නොසිතූ චලනයක් සිදු කළේ ය. එක්වරම එම කෘමියාව දෙපයින් පාගා විනාශ කළ ඔහු, "ෂිට්, ඌ මාව මරන්න තරම් බය කළා." යනුවෙන් පවසා ශාප කළේ ය.
නමුත් ඒ ගැන සිතන තරමට මට දැණුනේ එහි යම් කිසි වැරැද්දක් ඇති බව ය. 'එකවර චලනය වන කිමිදුම් කුරුමිණියන් විශාල ප්‍රමාණයක් සිටියේ කෙසේද?' අනෙක් කරුණ වූයේ මෙම කුරුමිණියා ඉතා විශාල වීම ය! යකඩ මුහුණාගේ ප්‍රකාශයන්ගෙන් පිළිඹිබු වූ ආකාරයට ඔහු සිටියේ ද එතරම් සහනයකින් නොවන බවක් පෙනෙන්නට තිබූ අතර ගැටලුව ගැන සිතමින් සිටින බවක් ද පෙනෙන්නට තිබුණි.
ආ කුයි ඒ වන විටත් සිටියේ තලපයක් මෙන් සුණුවිසුණු වූ කුරුමිණියාගේ සිරුර පාගමිනි. එම දර්ශනය දුටු මට සිතුණේ ඔහුට ඇවැසි වී තිබුණේ පෙරදී ඔහුගෙන් ගිලිහී ගිය නම්බුව යළි බේරාගැනීමට බව ය. මේ අතර කෘමියාගේ කැඩුණු කකුලක් ඔසවා එය ආඝ්‍රාණය කළ සන් මාමා පුදුමයෙන් මෙසේ පැවසී ය, “මේ කිමිදෙන කුරුමිණියෙක් නෙවෙයි. මිනී කන එකෙක්”
අපි සියල්ලෝම ඔහු දෙස බලා සිටියේ හිස් බැල්මකිනි. නම පමණක් මෙතරම් අශුභ නම්, එය කෙසේදැයි දුටුවහොත් ලැබෙන තොරතුරු සැනසිලිදායක නොවනු ඇත.
“ෂිට්, මූ මළකුණු කනවා. මැරිච්ච දේවල් තියෙන හැමතැනකම මේ මකුණෝ විශාල ප්‍රමාණයක් ඉන්නවා. හොඳට කෑවොත් ලොකු වෙනවා. මළ සිරුරු ගොඩක් තියෙන ගඟක් තව උඩහට යද්දී තියෙනවා වගේ පේන්නේ. ඒ වගේම ඒකත් ලොකු ගුහාවක් වගේ.” ඉදිරියෙන් තිබූ අඳුරු ගුහාව දෙස බලමින් සන් මාමා පැවසුවේ ය.
"මේ වගේ උන් ජීවත් වෙලා ඉන්න අයටත් දෂ්ට කරනවාද?" ආ කුයි ඇසුවේ ලැජ්ජාවෙනි.
“සාමාන්‍ය ප්‍රමාණයේ එකෙක් නම් අනිවාර්යයෙන්ම හපන්නෙ නෑ. හැබැයි මුගේ ප්‍රමාණය බලන්න. ඇත්තටම ඌ හපා කයිද නැද්ද කියලා මට විශ්වාස නෑ.” සන් මාමා ඒ දෙස බැලුවේ පැහැදිලිවම ප්‍රහේලිකාවකිනි. “සාමාන්‍යයෙන් මුන් ඉන්නේ බොහෝ මළ සිරුරු ඇති ස්ථානවල. ඇරත් ගොඩක් වෙලාවට පිහිනන්නේ නැහැ. මේ තරම් විශාල පිරිසක් මේ වෙලාවේ එකට ගියේ ඇයි? ”
මෙම අවස්ථාවේදී, යකඩ මූහුණා හදිසියේම ගුහාවේ ගැඹුර දෙසට හිස හරවා ගත්තේ ය. "මට බයයි එයාලා දිව්වේ ජීවිතේ බේරගන්නද කියලා."
"මොකක්? පණ බේරගන්න දුවනවා?" දා කුයි ඇසුවේ ය. "එහෙනම් මේ ගුහාවේ..."
හිස වැනූ යකඩ මුහුණා හදිසියෙන් මෙන් මෙසේ පැවසුවේ මේ මොහොතේදී ය, “ඇතුලෙ ඉදලා අපි දිහාවට මොකක් හරි එනවා වගේ මට . ඒ මොනවා වුණත් ඒක පොඩි දෙයක්නම් නෙවෙයි.”
ඉංග්‍රීසි පරිවර්තකගේ සටහන්:
(1) ගං පතුලට කණුවක් තල්ලු කර ඔරුවක් මෙහෙයවීමයි.
(2) මම පින්යින් අත්හැරියෙමි. චරිත 发丘中郎将 වේ. එය මූලික වශයෙන් රාජවංශ ආන්ඩුවල නිල සොහොන් කොල්ලකන තනතුරක් වැනි ය. මම හිතන්නේ මෙය "අවතාරය ආලෝකය විහිදුවයි"ට වඩා වැඩි දෙයකි, මන්ද මා සොයා ගන්නා දෙය නම් චීන යුධ නායකයා වන කාඕ කාඕ ඔහුගේ යටත් නිලධාරීන් සොහොන් කොල්ලකෑමට රැගෙන ගිය බවයි. සොහොන් මංකොල්ලයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා, විශේෂයෙන් තනතුරු දෙකක් පිහිටුවන ලදී: Faqiu Zhonglang Jiang සහ Mojin Xiaowei (මේ කිසිවක් ඇත්ත වශයෙන්ම ඔප්පු වී නැත. මිනිසුන් එය කෙසේ හෝ විශ්වාස කරයි). ෆා යනු "කැණීම්", කියු යනු "ගොඩැල්ල" හෝ "සොහොන්" හෝ "සොහොන්" යන්නයි. Zhonglang Jiang සහ Xiaowei එකල හමුදාපති තනතුරු දෙක විය. Zhonglang Jiang ගේ තත්ත්වය දෙවැනි වන්නේ ජෙනරාල්ට පමණක් වන අතර එය ඉහළ මට්ටමේ ජෙනරාල්වරුන්ගේ සංචිතයට තරමක් සමාන වේ.
Comments
Post a Comment