Skip to main content

තිස්වන පරිච්ඡේදය| මම ඔබට ආහාර සහ ජීවත් වීමට ස්ථානයක් පිරිනමලත් ඔබ තවමත්...

 "බොහෝ කාලයකට කලින් මට අහන්න ලැබුණා ලී චිංයු කියන්නේ, යී බිචෙන් අවසාන කාලයේදී ගත්ත ගෝලයෙක් කියලා. ඔහු සටන් කලාවේ විශිෂ්ටයෙක් වගේම වයස අවුරුදු පහළවේදී චුන්‍යැං දාඕවාදී පන්සලේ ඉන්න කාලයේ සෑම පිටපතක්ම කටපාඩම් කරගෙන ඉගෙනගත්ත කෙනෙක්. කොහොම වුණත් යී බිචෙන්, ඔහුව මිනිස්සුන්ට පේන්න ප්‍රසිද්ධ නොකර ඒ වෙනුවට කුන්ලුන් කඳුකරයේ බටහිර ප්‍රදේශයේ තනිවම ඇවිදින්න යැව්වා. ඒ ගැන දැන් හිතද්දි හිතෙනවා යි බිචෙන් කියන්නේ කල්පනාකාරී කෙනෙක් කියලා.කඩුවේ කොපුව ගලවන දවසට තේජස දීප්තිමත්ව බැබළෙන විදිහට ඔහු ඒ කඩුව ඔප දාන්න වසර දහයක් ගත කළා." ෂෙන් ච්‍යාඕ පැවසී ය.

යැන් වුෂි ද කුතුහලයෙන් යුක්තව මෙසේ විමසී ය, “ඔබ සෑම දිනකම කැමති වුණේ හොඳම මිනිහා වෙන්න. මේ සිදුවීමෙන් පස්සේ, ෂුඅන්දු කන්දට 'ස්වර්ගය යටතේ තියෙන අංක එකේ දාඕවාදී  නිකාය' යන මාතෘකාව පවා අහිමි වෙන්න පුලුවන්. නමුත් ඔබ තවමත් ලී චිංයුට බොහෝ  ප්‍රශංසා කරනවා. ඔබේ බාල සොහොයුරා කරපු විශාල පාඩුවයි, ඔබේ නිකායට සිද්ධ වුණ නින්දාව ගැනයි ඔබට දුකක් දැනෙන්නේ නැද්ද?

ෂෙන් ච්‍යාඕ පිළිතුරු දුන්නේ ය, “යූ අයි තරමක් උඩඟුයි. දෙයක් කළොත් අන්තයටම නැඹුරු වෙනවා. මේ පාරවත් පාඩමක් ඉගෙනගෙන තිබුණොත් හොඳ දෙයක් වෙන්න පුළුවන්. කිසිම දෙයක් සදාකාලිකවම ඉහළ තියෙන්නේ නැහැ. නිකායකට වගේම  පුද්ගලයන්ටත් උස් පහත්වීම් තියෙනවා.”

සිනහ පාමින් සිටි යැන් වුෂි එයට පිළිවදන් ලබා දුන්නේ මෙඅයුරිනි, “ඇත්තටම ඔබ බොහෝ සැහැල්ලුයි.”

ෂෙන් ච්‍යාඕ යළිත් ඇසුවේ ය, “හොඳ ආරංචියක් වගේම නරක ආරංචියකුත් තිබෙනවා කියලා ඔබ කලින් කිව්වා නේද? මොකක්ද හොඳ ආරංචිය?”

“මම කලින් කිව්වේ ශුභාරංචිය තමයි. ලී චිංයු ෂුඅන්දු කන්දේ ප්‍රසිද්ධිය හොරකම් කරලා ඔබේ සහෝදරයා, යූව විශාල අපහසුතාවයකට ඇදලා දැම්මා. ඒක ඔබට හොඳ ආරංචියක් නෙවෙයිද?”

ෂෙන් ච්‍යාඕට දැණුනේ තමන් ගොළු වූවාක් බදු හැඟීමකි. "එහෙනම් නරක ආරංචිය මොකක්ද?"

“නරක ආරංචිය තමයි ඔබ හිතපු දේ අවසානයේ ඇත්තක් වුණ එක. යූ අයිට ඇත්තටම තුජුයේත් එක්ක ගනුදෙනුවක් තියෙනවා වගේ.”

ඔහුගේ වදන් හමුවේ නළල රැලි කොටගත් ෂෙන් ච්‍යාඕ මෙසේ විමසුවේ ය. "එහෙම වෙන්නේ කොහොමද?"

යැන් වුෂි හිතාමතාම හොඳ වේලාවක් බලා කතාව නතර කළේ ය. ෂෙන් ච්‍යාඕ උද්‍යෝගිමත් ප්‍රකාශයකින් යුක්තව එම ගැටලුවේ ඉදිරියට නැඹුරු වීම වළක්වා ගත නොහැකි වන තුරුම නැවතී සිටි ඔහු අවසානයේදී සෙමින් එය පැහැදිලි කළේ ය, “හරිතමණී සමුළුව අවසන් වුණු වහාම, අර්ෆු ඛාන්ගේ නියෝජිතයා ෂුවාන්දු කන්දට ඇවිත් නැගෙනහිර තුජුයේවලට දේශකයෙක් එවන්න පුලුවන්ද කියලා ඇහුවා.”

තවත් බැරෑරුම් ලෙස කල්පනාවේ නිමග්න වූ ෂෙන් ච්‍යාඕගේ ඇහිබැමි පවා තවත් තදින් රැළි විය.

යැන් වුෂි යළිත් වරක් විමසුවේ ය, "ඔබ දන්නවාද අර්ෆු ඛාන් කියන්නේ කවුද කියලා?"

ෂෙන් ච්‍යාඕ නිහඬවම හිස සැලුවේ ය.

ඔහු මේ කාලය ගත කළේ කිසිවක් නොකර නිකමෙකු ලෙස නිකම්ම බලා හිඳිමින් නොවේ. සූර්යවාදයෙහි අඩංගුව තිබූ උපායමාර්ගය අවබෝධ කර ගැනීමට අමතරව, ලොව පුරා සිදු වූ ප්‍රධාන සිදුවීම් කෙරෙහි ද ඔහු සිටියේ හොඳ අවධානයකිනි.

වර්තමාන තත්වය අනුව තුජුයේ වූකලී බලවත් රටක් වීම නිසාවෙන්, උතුරු ෂෝ රාජ්‍යය සහ උතුරු චී රාජ්‍යයට පවා ඔවුන් සමඟ ගනුදෙනු කිරීමේදී ශිෂ්ටත්වය මවා පෑමට සිදුව තිබුණි. නමුත් තුජුයේ හි සමාජ ක්‍රමය සහ දේශපාලන ක්‍රමය හන් ක්‍රමයට වඩා හාත්පසින්ම වෙනස් විය. ඒ වන විටත් තුජුයේ හි සිටි ඉහළම පාලකයා වූයේ තස්පර් කාන් වුව ද, නැගෙනහිර සහ බටහිර තුජුයේ ප්‍රදේශ අධීක්ෂණය කිරීම සඳහා ඔහු විසින් පිළිවෙලින් ඔහුගේ බෑණනුවන් සහ බාල සහෝදරයා  පත් කරනු ලැබ තිබිණ.

නැගෙනහිර තුජුයේ හි සඳහන් වූ මෙම අර්ෆු ඛාන් වූයේ වෙන කිසිවෙක් නොව එම තස්පර් ඛාන්ගේ බෑණනුවන් වූ ෂෙතු ය.

ඔහු අතිශයින් අභිලාෂකාමී සහ ආක්‍රමණශීලී මිනිසෙක් බවත්, ඔහුගේ මාමා වන තස්පර් ඛාන් මෙන්ම ඔහුගේ හැකියාව සහ සූක්ෂ්ම භාවය ද අඩු නොවූ බවත් කියැවිණි. ඔහු සාමාන්‍ය මට්ටමේ සිට ඉහළට යාමට නියමිත වූ පුද්ගලයෙකි.

ෂුඅන්දු කන්ද තුජුයේ සිට සැතපුම් දහස් ගණනක් ඈතින් පිහිටා තිබූ අතර වසර ගණනාවක් ලෞකික කටයුතුවලට සම්බන්ධ වී නොතිබුණි.ෂුඅන්දු කන්ද මහජනයා වෙත නැවත විවෘත වූ වහාම තුජුයේ සමඟ සම්බන්ධතාවයක් ඇති කර ගැනීමට පටන් ගැනීම ස්වභාවිකවම බොහෝ සමපේක්ෂන ඇති කළේය. එකෙණෙහිම ෂෙන් ච්‍යාඕ හට සිහිපත් වූයේ යූ අයි විසින් කුන්'ය සමඟ එක් වී තමන්ව ප්‍රපාතයට වැටීම සඳහා කළ උපක්‍රමය ය.

නමුත් ගැටලුව වූයේ තුජුයේ සමඟ සමීප සබඳතාවයක් ගෙන යාමෙන් ෂුඅන්දු කන්දට ගත හැකි ප්‍රයෝජන කවරේද?' යන්න ය.

ෂෙන් ච්‍යාඕ පැවසුවේ ය, "ඔහු කරන්න යන්නේ කොටියෙකුගෙන් උගේ සම ඉල්ලනවා වගේ වැඩක්"

යැන් වුෂි සිනාසෙමින් මෙසේ ඇසී ය, “අවශ්‍ය නැහැ. තුජුයේ දැන් බලවත් නිසා, යුද්ධයක් ආරම්භ කරන්න අකමැති ඕනෑම කෙනෙකුට සහනයක් දෙන්න අවශ්‍යයි. ෂෝ අධිරාජයාත් ඔහුගේ අධිරාජිනිය විවාහ කරගත්තේ තුජුයේවලින් නෙවෙයිද?”

හිස සැලූ ෂෙන් ච්‍යාඕ ද මෙසේ පැවසුවේ ය. “ෂෝ අධිරාජ්‍යයා යුවන් හූගේ අතින් ඔහුගේ බලය අල්ලගෙන එතැන් සිට වසර ගණනාවක් රජකම් කළා. ඔහු දැනටමත් ඉන්නේ සියලුම ආකාරයේ දුෂ්කර තත්වයන් අත්විඳින ගමන්. තුජුයේ පාලනයෙන් මිදෙන්න ඔහු හිතාමතාම අෂිනා ආර්යාවට දැඩි විදිහට සලකනවා කියලා මට ආරංචි වුණා. ඒ නිසා ඔහු නිසැකවම බුද්ධිමත් මිනිසෙක් කියලා කියන්න පුලුවන්. කොහොම වුනත්, යූ අයි කියන්නෙත් බුද්ධිමත් මිනිසෙක් වුනත්, ෂුඅන්දු කන්ද වසර ගණනාවක් තිස්සේ තිබුණේ  හුදෙකලාවේ. තුජුයේ ජනතාවත් එක්ක සහයෝගයෙන් කටයුතු කරන්න අවශ්‍ය තරමටම ඔහු තමන් ගැන ඕනෑවට වඩා විශ්වාස කරනවා. මට බය අවසානයේදී ඔහු තමන්ටම හානියක් කරගනීවි කියලා."

වැඩි කලක් යන්නට මත්තෙන් මේසය මත තැබූ ආරාධනය අතට ගත් යැන් වුෂි එය ෂෙන් ච්‍යාඕගේ පපුවට තද කළේ ය. “ෂුඅන්දු කන්ද දැන් ඔබව දකින්නේ ගෝලයෙක් විදිහට විතරයි. ඇයි ඉතින් ඒ ගැන වද වෙන්නේ? මෙන්න උපන්දින සාදයකට ආරාධනාවක්. මට යන්න වෙලාවක් නැහැ. නමුත් ඔබ උනන්දු වේවි කියලා මට විශ්වාසයි."

ඉටිපන්දම් එළිය අඳුරු වූ අතර,එනිසා ෂෙන් ච්‍යාඕ එය කියවීමට දෑස් විවර කළේ ද නැත. ආරාධනය අතට ගත් ඔහු එය දෑතින් මද වේලාවක් ස්පර්ශ කරමින් සිටියේ ය. ඔහුගේ ඇඟිලි අතිශයින් සියුම් හා සිනිඳු විය. තුනී තීන්ත තට්ටුවෙන් පමණක්, එහි ඇති චරිත දෙක හඳුනාගැනීමට ඔහු ඒ වනවිටත් සමත්ව තිබුණි. 'සු වෙයි.'

ප්‍රහේලිකාවකින් යුක්තව හිස සැලූ ඔහු මෙසේ පැවසී ය, “මම මේ නම දන්නේ නැහැ”

“සු වෙයි කියන්නේ මෙයියැං දිස්ත්‍රික්කයේ ආදිපාදවරයා. ඒක තමන්ගේ පියාගෙන් ඔහුට උරුම වුණු තනතුරක්. ඔහු යුවන් හූගේ දියණියත් එක්ක විවාහ වුණා. ඒක ඔහුට සම්බන්ධ විය යුතුව තිබුණා, නමුත් ඔහු තරමක දක්ෂයෙක්. හැම වෙලාවෙම දක්ෂ පුද්ගලයින්ට අනුග්‍රහය දෙන ෂෝ අධිරාජ්යයාට ඔහුගේ දක්ෂතාත් භාවිතා කරන්න අවශ්‍ය වුණා. ඒ නිසා ඔහුට නොගැලපෙන විදිහට ඉන්න වුණා. කොහොම වුනත්, ඔහු ඒකට කළ යෝජනාව අසනීප බව කියලා ප්‍රතික්ෂේප කළා. ඒ වෙනුවට නිවසේ ඉගෙන ගත්තා. ඔහුගේ මවගේ පනස්වෙනි උපන්දිනය තව දින දෙකකින් පැවැත්වෙනවා. අධිරාජ්‍යයා පවා ඔහු වෙනුවෙන් සුබපැතුම් තෑගි එවලා.”

“කොහොම වුණත්..,” ඔහු හදිසියේම මාතෘකාව වෙනස් කළේ ය, “සු වෙයිට සු චියාඕ කියලා සහෝදරයෙක් ඉන්නවා., ඔහු  ඇත්තම සටන් කලාකරුවෙක්. ඔහුගේ ගුරුවරයා කවුද කියලා පුලුවන්නම් අනුමාන කරන්න. ”

අනෙක් පුද්ගලයා සාවධානව අසා සිටින බව දුටු ඔහු තවත් වරක් සෙල්ලම් කිරීමට ෂෙන් ච්‍යාඕගේ දෑත් අල්ලාගැනීමට උත්සාහ කළේ ය.

නමුත් ෂෙන් ච්‍යාඕ හොඳින් සූදානම් වී සිටි අතර ඔහු තම දෑත් පිටුපසට තබා ගැනීමට තීරණය කොට තිබුණි. මද කාලයකට පසු, ඔහු මෙම ක්‍රියාවෙහි තිබූ කුඩා බොළඳ බව දුටුවාක් මෙන්, නැවත තම දෑස් ඉදිරිපසට ගෙන වස්ත්‍ර අත් තුළ සඟවා ගත්තේ ය.

යැන් වුෂි ඔහුගේ දිව මඟින් 'ක්ලික්' ශබ්දයක් නැඟුවේ ය, “මම ඔබට ආහාර වගේම ජීවත් වෙන්න ස්ථානයක් පවා දීලා ඔබට බොහෝ තොරතුරුත් ලබා දුන්නා. නමුත් ඔබ කොච්චර  මසුරුද කිව්වොත්, ඔබ මට ඔබේ අත අල්ලන්නවත් ඉඩ දෙන්නේ නැහැ!”

ඔහු පැවසූ දෙයට කිසිසේත්ම නොසැලී සිටි ෂෙන් ච්‍යාඕ මෙසේ පැවසී ය, "නිකායේ, ගණන් කරන්න බැරි තරමට සුරූපිනියන් බොහෝ දෙනෙක් ඉන්නවා. නිකාය නායක යැන් ඔවුන්ට ඉඩ දුන්නොත් ඔබට සේවය කරන්න ඔවුන් බොහෝ කැමති වේවි."

"ආ-ච්‍යාඕ, ඔබ හරිම කම්මැලි කෙනෙක්!"

පැමිණිලි තිබියදීත්, ඔහු තවමත් සිටියේ ෂෙන් ච්‍යාඕට කතාව  පවසන අතරතුර ය: “සු චියාඕ ඉගෙනගන්නේ චුන්‍යැන් දාඕවාදී පන්සල යටතේ. ඔහු යූ අයි පරාජය වුණ ලී චිංයුගේ ජ්‍යෙෂ්ඨ සටන් සහෝදරයා."

ෂෙන් ච්‍යාඕ මොහොතක් කල්පනා කළේ ය. “ලී චිංයු සටන් ශිල්පීන් අතර ප්‍රසිද්ධ කෙනෙක්. මම පවා ඔහු ගැන කලින් අහලා තියෙනවා. ඒත් මම මේ සු චියාඕ ගැන වැඩිය අහලා නැහැ වගේ මතකයි.”

යැන් වුෂි පැහැදිලි කළේ ය, “ඔහු ඉපදුනේ වංශාධිපති පවුලක. ඒ නිසා ඔහුට ස්වභාවිකවම ලී චින්ග්‍යුට වගේ උසස් චරිතයක් නැහැ. කොහොම වුනත්, සු චියාඕයි, ලී චින්ග්‍යුයි සටන් සහෝදරයන් නිසා, අනිද්දා තියෙන සු වෙයිගේ මවගේ උපන්දින සාදයට ලී චින්ග්‍යුත් එන්න පුලුවන්. ෂුඅන්දු කන්දට තනිවම අභියෝග කරලා ඔබේ සහෝදරයාට පහර දුන්න මේ නැගී එන තරුව හමුවෙන්න ඔබට අවශ්‍ය නැද්ද? ”

දෑත් මඟින් ආරාධනා පත්‍රයේ ලියා ඇති චරිත ස්පර්ශ කරමින් සිටි ෂෙන් ච්‍යාඕ පසුව මඳක් හිස සලා මෙසේ කීවේ ය. "මට තේරෙනවා. බොහොම ස්තූතියි, නිකාය නායක යැන්. ”

යැන් වුෂි සිනාසෙමින් පිළිවදන් දුන්නේ ය, “මම මීට පෙර කවදාවත් සු පවුලත් එක්ක ගනුදෙනු කරලා නැහැ. නමුත් මගේ ඉහළ තනතුර නිසා ඔවුන්ට ඒ වෙනුවෙන් ආරාධනා පත්‍රයක් එවන්න සිද්ධ වුණා. ඔබ මගේ ආරාධනා පත්‍රයෙන් යන්න තීරණය කළානම්, මම වෙනුවෙන් තෑග්ගක් ගෙනියන්න. එයින් ප්‍රමාණවත් ශිෂ්ටාචාරයක් පෙන්වන්න පුලුවන් වෙන්න ඕනෙ."

ඔහු වැන්නෙකු 'ශිෂ්ටත්වය' පිළිබඳ ගැටලුවක් ගැන අවධානය යොමු කිරීම අමුතු දෙයකි. නමුත් ඒ පිළිබඳව  වැඩිදුර කල්පනා නොකළ ෂෙන් ච්‍යාඕ "හරි" ලෙසින් පිළිතුරු ලබා දුන්නේ ය.

සූ වෙයි උපත ලැබුවේ අගනුවර කැපී පෙනෙන ලෙස සැලකෙන පවුලක ශාඛාවක් වූ සූ පවුලට දාව ය. ඔහුගේ පියා වන සූ චුඕ, බටහිර වෙයි ප්‍රදේශයෙහි වැදගත් නිලධාරියෙක් වූ අතර, ඔහුගේ බිරිඳ වූයේ යුවන් හූගේ දියණිය ය. ඇය අධිරාජ්‍යයාගේ ලේලියයි. ෂෝ අධිරාජ්‍යයා විසින් යුවන් හූව ඔහුගේම මරණය වෙත යවා තිබුණද, ඔහු ඔහුගේ පවුලේ අයව දේශපාලන කටයුතුවලට සම්බන්ධ කර නොගත් අතර ඔහුගේ එම ලේලිය පවා හොඳින් රැකබලා ගත්තේ ය.

එකල බොහෝ ගෞරවනීය පවුල් රාජකීය පවුල සමඟ විවාහ සබඳතා පැවැත්වූ අතර සු පවුල ද එයට වෙනස් නොවී ය. උත්සවය සංවිධානය වී තිබුණේ සු වෙයිගේ මවගේ උපන්දිනය වෙනුවෙන් වූ අතර, ඇයට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමට නන් දෙසින් පැමිණි අමුත්තන්ගෙන් අඩුවක් නොවී ය. සියලු අශ්ව කරත්ත පැමිණ තිබුයේ වාසස්ථානය ඉදිරිපිටට වූ බැවින් වාහන තදබදයෙහි ද අඩුවක් නොවී ය. වීදියෙහි ගමන් කරන අනෙක් මගීන්ට අවහිරයක් නොවන පරිදි වාහන තදබදය පාලනය කිරීම සඳහා පුද්ගලයෙකු යැවීමට පවා සු පවුලට සිදු වී තිබුණි.

ෂෙන් ච්‍යාඕ ද පැමිණියේ රථයකිනි. කණිෂ්ඨ රාජ්‍ය උපදේශක නිවහනෙන් පැමිණි රථය දුටු වහාම එතුළ සිටි අමුත්තන් පිළිගැනීම සඳහා සු වෙයි යුහුසුළුව සූදානම් විය.

යැන් වුෂි අධිරාජ්‍ය අධිකරණයේ දේශපාලන කටයුතු සම්බන්ධයෙන් කිසිදු සැබෑ තනතුරක් දැරුවේ නැති නමුත් ෂෝ අධිරාජ්‍යයා විසින් පවිත්‍ර චන්ද්‍ර නිකාය පිළිබඳව ඇති විශ්වාසය සුළුපටු නොවී ය. යුවන් හූ ඝාතනය කර සාර්ථකව බලය අල්ලා ගැනීමට නිකායේ උපකාර බොහෝ සේ ඉවහල් වූ බව කියැවිණි. සු වෙයි සාමාන්‍ය විද්වත් නිලධාරියෙකි. දේශපාලනය ගැන උනන්දුවක් නොදැක්වූ නමුත් ඔහුට සතුරන් ඇති කර ගැනීමට අවශ්‍ය වූයේ නැත. යැන් වුෂි වෙත ආරාධනා පත්‍රයක් යැවීම ආචාරශීලී ක්‍රියාවක් පමණි. නමුත් කනිෂ්ඨ උපදේශක වාසස්ථානයෙන් කෙනෙකු සැබවින්ම පෙනී සිටිනු ඇතැයි ඔහු කිසිවිටෙක අපේක්ෂා කළේ නැත. ආරංචිය දැනගත් ඔහු වහාම අමුත්තාට ආචාර කිරීම සඳහා  පිටතට පැමිණියේ ය.

එහෙත් මැදිරියේ සිටි පුද්ගලයා බැසගත් මොහොතේ සු වෙයිට දැණුනේ තරමක කම්පාවකි.

යැන් වුෂි සමඟ කිහිප වරක් සම්බන්ධ වී තිබුණ ද, ඔහුගේ ඇස් ඉදිරිපිට සිටින පුද්ගලයා නිසැකවම ඔහු නොවන බව සු වෙයි දැන සිටියේ ය.

"මට අහන්න පුලුවන්ද මේ කවුද කියලා..."

“මම ෂෙන් ච්‍යාඕ. නිකාය නායකතුමා රජතුමාගේ නියෝගයක් නිසා මාලිගාවට ගියා. මම ආවේ ඔහු වෙනුවෙන් සුබ පැතුම් දෙන්න. ඒ ගැන ඔබේ අකමැත්තක් නැති වේවි කියලා බලාපොරොත්තු වෙනවා, සූ වෙයි මහත්මයා.”

කණිෂ්ඨ උපදේශක වෙනුවෙන් පැමිණි බව පැවසූ ඔහුගේ වදන්වලින් සැහැල්ලු වූ සු වෙයි අවසානයේදී සිනාසෙමින් මෙසේ පැවසී ය, “මට වැටහුණා. ෂෙන් මහත්මයා, කරුණාකරලා මේ පැත්තට යන්න."

නමුත් මෙම පුද්ගලයාව පිළිගෙන තිබුණ ද, ඔහු සිටියේ ගැඹුරු කල්පනා ලෝකයක ය.

යැන් වුෂි යනු සටන්කාමී ලෝකයෙන් පැමිණි අයෙකි. මෙය සු වෙයි විසින් හොඳින්ම දැන සිටි කරුණකි. බොහෝ අය සැලකුවේ පවිත්‍ර චන්ද්‍ර නිකාය අසුර නිකායක් ලෙස ය. මෙය ඔහුගේ සොහොයුරා වන සු චියාඕගෙන් ඔහු අසා තිබූ දෙයකි. නමුත් ඔහු ඉදිරියේ සිටි පුද්ගලයාට තිබුණේ සටන් කලාකරුවෙකුට හෝ අධිකරණ නිලධාරියෙකු සතු පෙනුමක් නොවී ය. මදක් අසනීප තත්වයක සිටිනවාක් බදුව පෙනුණත් ඔහුට උරුම වී තිබුණේ සිල්වතෙක් වැනි පෙනුමකි. 'ඔහු යැන් වුෂි සමඟ මිතුරු වූ කීර්තිමත් බුද්ධිමතෙක් විය හැකිද?'

කල්පනා කරමින් සිටියේ ඔහු පමණක් නොවේ.සත්කාරකයා අන්ධ මිනිසෙකුට පෞද්ගලිකව ආචාර කිරීමට පිටත්ව ගොස් ඇති බව දුටු අමුත්තන්ද සිටියේ කුතුහලයෙනි.

උතුරු ෂෝ ප්‍රදේශයෙහි, යැන් වුෂි යනු ගිගුරුම් හඬක් මෙන් මිනිසුන්ගේ ශ්‍රවණේන්ද්‍රියන්ට වලට පහර දිය හැකි නාමයකි. නමුත් සත්‍ය ලෙස ම ඔහුව පෞද්ගලිකව හමු වී තිබුණේ  කිහිප දෙනෙකු පමණි. එබැවින් සූ වෙයි අසළින් ගමන් කරන ෂෙන් ච්‍යාඕව දුටු බොහෝ පිරිසක් සිතුවේ ෂෙන් ච්‍යාඕ පවිත්‍ර චන්ද්‍ර  නිකායේ නිකාය නායකයා බව ය. තරමක් බැරෑරුම් හා සංයමයෙන් සිටින බව කියැවෙන චිංදු කුමරිය පවා ඔහු සමඟ කතා කිරීමට යන බව දුටු, අමුත්තන්ගේ කුතුහලය තවත් වැඩි විය.

පැමිණ සිටි සියලුම අමුත්තන් බලවත් පවුල්වල නිලධාරීන් ම පමණක් නොවේ. සු චියාඕ සටන් කලාකරුවෙකු වූ බැවින් ඔහු නිසා පැමිණි සමහර සටන් කලාකරුවන් ද අමුත්තන් අතර සිටිය හ.

චුන්යැං දාඕවාදී පන්සලේ නායකයා පැමිණ සිටියේ නැත. නමුත් ඔහු තම ගෝලයා වන ලී චිංයු එවා තිබුණි. ලී චිංයු යනු මීට දින කිහිපයකට පෙර ෂුඅන්දු කන්දේ තිබුණා වූ හරිතමණී දාඕවාදී සමුළුවේ මහත් ආන්දෝලනයක් ඇති කර තිබූ පුද්ගලයා ය. ඔහුගේ නම නෑසූ කෙනෙක් නොමැති තරම් විය. චුන්යැං පන්සලට, ෂුඅන්දු කන්දෙහි තිබූ කීර්තිමත් නාමය ප්‍රතිස්ථාපනය කිරීමේ හැකියාව පෙන්නුම් කරන බව දුටු සෑම කෙනෙකුම අලුතින් පැමිණෙමින් තිබූ එම උසස් සහ බලවන්තයා සමඟ මිත්‍ර වීමට අවස්ථාව ලබා ගැනීමට අවශ්‍ය වී තිබුණි. එබැවින් ඔහු වටා විශාල පිරිසක් රොක් වී සිටිය හ.

සු චියාඕ සහ ලි චිංයු අතර පැවතියේ සමීප සබඳතාවකි. සු චියාඕ විසින් ලි චිංයුව සූ පවුලේ බොහෝ මිතුරන්ට හඳුන්වා දෙනු ලැබූ අතර, ලි චිංයු ද අනෙකුත් සටන්කාමී ලෝකයේ අමුත්තන් සමඟ කතා කරන විටදී ඔහුගේ සටන් සහෝදරයාව ඉදිරිපත් කිරීමට අමතක කර නොතිබුණි.

චිංදු කුමරියට සමීපව අසුන් ගැනීමට කළ ආරාධනය ආචාරශීලීව ප්‍රතික්ෂේප කළ ෂෙන් ච්‍යාඕ සත්කාරකයා විසින් ඔහුට ලබා දුන් අසුනේ රැඳී සිටියේ ය.

ඔහු යැන් වුෂිව නියෝජනය කළ නිසාවෙන්, ලැබුණු ආසනය ද නිසැකවම නරක වූයේ නැත. ෂෙන් ච්‍යාඕගේ දෑස්වල ගැටලුවක් ඇති බව දුටු ඔහු අසළ සිටි අමුත්තා ද, ඔහුට වඩාත් පහසුවෙන් කෑම ගත හැකි වන පරිද්දෙන් පිඟන් කෝප්ප ෂෙන් ච්‍යාඕගේ මේසය මත දකුණු පැත්තට ගෙන යන ලෙස සේවක දැරියගෙන් විශේෂයෙන් ඉල්ලා සිටීමට අමතක නොකළේ ය.

ෂෙන් ච්‍යාඕ ද ඔහුගේ කරුණාව අගය කළේ ය, “බොහොම ස්තූතියි. මම ෂෙන් ච්‍යාඕ. මට ඔබේ නම දනගන්න පුලුවන්ද?"

අනෙක් පුද්ගලයා සිනාසෙමින් පිළිතුරු දුන්නේ ය, "ඒක සුලු දෙයක් ෂෙන් මහත්මයා. මං ලොකු දෙයක් කළේ නැහැ. මම කළේ පොඩි දෙයක් කියපු එක විතරයි. මම පුලියුරු වංශයේ කෙනෙක්. මගේ නම ජියන්."

ෂෙන් ච්‍යාඕ අසල වාඩි වී සිටියද,ෂෙන් ච්‍යාඕගෙන් ඔහුගේ තත්වය හෝ පසුබිම ගැන විමසීමට පුලියුරු ජියන් උනන්දු වූයේ නැත. එමෙන්ම ඔහු ෂෙන් ච්‍යාඕගේ ඇස් ගැන කුතුහලයක් හෝ සැලකිල්ලක් දැක්වූයේ ද නැත. ඔහු සිටියේ කාව්‍ය හා නීතිය පිළිබඳ ප්‍රවීණයෙකු වූ දක්ෂ හා කීර්තිමත් මිනිසෙකු බව පවසමින් සත්කාරක සු වෙයි ගැන පමණක් කතා කරමිනි. ඔහුගේ වචනවල තිබුණේ ද පුදුමාකාර පැහැදීමක් සහ ගෞරවයකි.

සාහිත්‍යය ගැන කතා කරන විට විවිධ චින්තන හා ආගම්වාදී පාසල් සම්බන්ධ මාතෘකා ගැන කතාබස් කිරීම වැළැක්විය නොහැක. උතුරු ෂෝ පෙදෙස බුද්ධාගමේ දැඩි බලපෑමට ලක් විය. මීට පෙර, යුවන් හුගේ පාලන සමයේදී, සෙන් නායක ෂුඑටිං හට මහා නායක තනතුර පවා ලබා දී ඇත. නමුත් දැන්, සිංහාසනයේ සිටියේ යුවන් යොං ය. ඔහු උත්සාහ කළේ යුවන් හූගේ බලපෑම ඉවත් කිරීමට ය. නමුත් බුදුදහම කෙරෙහි මිනිසුන්ගේ නැඹුරුව කෙටි කාලයක් තුළ තුරන් කළ හැකි දෙයක් නොවී ය. පුලියුරු ජියන් බෞද්ධයෙකු වූ නමුත් ඔහු දාඕවාදය ගැන ද උනන්දු වූ අතර එයට විරුද්ධ වූයේ නැත. දාඕවාදය පිළිබඳව තිබූ ෂෙන් ච්‍යාඕගේ ගැඹුරු අවබෝධය ගැන ඔහු පුදුමයට පත් විය. කෙටිකාලීන කතාබහකින් පසු, ඔහුට දැණුනේ ඔහු දැනටමත් එම පුද්ගලයා සමඟ සමමුහුර්ත වී ඇති බවකි.

ඔවුන් එකිනෙකාව දැන හඳුනා ගැනීමෙන් පසු, චිංදු කුමරිය නැවතත් ෂෙන් ච්‍යාඕට ආරාධනා කිරීමට කෙනෙකු එවා ඇති බව දුටු පුලියුරු ජියන් විහිළුවක් කිරීමට ද පසුබට නොවී ය, “මුළු අගනුවර පුරාම, ඔවුන්ව දැන හඳුනගන්න තරම් කුමරියව පහත් කරගන්න පුලුවන් ගොඩක් අඩු පිරිසකට විතරයි. මේ ගැන දැනගත්තොත් කී දෙනෙක් ඔබට ඉරිසියා කරයිද කියලා ඔබටවත් හිතාගන්න බැරි වේවි.”

ෂෙන් ච්‍යාඕ ද ප්‍රතිචාර ලබා දුන්නේ ය, " පුලියුරු සහෝදරයා මට විහිලු කරලා විනෝද වෙනවා වගේ."

පුලියුරු ජියන් තවදුරටත් පැවසී ය, “සු වෙයිගේ සහෝදරයා වෙන සු චියාඕ කියන්නේ චුන්යැං දාඕවාදී පන්සලේ කෙනෙක්  කියලා මට ආරංචි වුණා. ඒ නිසා වෙන්න ඇති ගොඩක් සටන් ශිල්පීන් අද මෙතනට එන්න ඇත්තේ."

ෂෙන් ච්‍යාඕ විමසුවේ ය, “පුලියුරු සහෝදරයා ඒ හැමෝම ගැන දන්නවද?”

පුලියුරු ජියන් පිළිතුරු දුන්නේ ය, “ඒ සටන් ශිල්පීන් බාධාවක් නැති ජීවිත ගත කරන එක අගය කරපු නිසා මමත් ඒ වගේ වෙන්න උත්සාහ කළා. ඒ නිසා අශ්වයන් පිටේ නැඟලා තැන තැන වසර කිහිපයක් ගියා. ඒ නිසා මම කීප දෙනෙක්ව දන්නවා.

“එහෙනම් එයාලාව මට හඳුන්වලා දෙන්න පුලියුරු සහෝදරයාට පුලුවන්ද?” ෂෙන් ච්‍යාඕ විමසී ය.

පුලියුරු ජියන් ද, “ප්‍රශ්නයක් නැහැ!” ලෙසින් කඩිසරව පිළිතුරු දුන්නේ ය.

ඉන්පසු ඔහු මිනිසුන්ව ෂෙන් ච්‍යාඕ වෙත පෙන්වා දීම ආරම්භ  කළේ ය, “සු චියාඕව ඔබ දැනටමත් දන්නවා ඇති. ඔහු ළඟ ඉන්නේ ලි චිංයු. කීර්තිය අනුව, ලි චිංයු තරමක් ප්‍රසිද්ධ වුනත්, ඔවුන් එකතු වුණාම කියන්නේ චින්චෙන්වලා ජේඩ් දෙන්නා කියලා. මීට දින කිහිපයකට කලින් ෂුඅන්දු කන්දේ ඔහුගේ ආකර්ෂණීය ක්‍රියා ගැන ඔබත් අහලා ඇති. දැන් ඔවුන් එක්ක කතා කරන්නේ ෂොංනන් නිකායේ ගෝලයෙක් වෙන ෂැංසුන් ශෙං. ෂැංසුන් නිකාය කුඩා නිකායක්. ඒත් ෂැංසුන් ශෙන් කියන්නෙ වංශවත් පවුලකින් එන කෙනෙක්. ඔහුට දුන්නෙන් විඳින්න හොඳට පුලුවන්. ඔහුට විරුද්ධව තරඟ කරන්න පුලුවන් බොහොම පොඩි දෙනෙක්ට විතරයි. ඔහු ළඟ ඉන්න  කහ පාට ඇඳුම් ඇඳන් ඉන්න පුද්ගලයාගේ නම දුඔ යන්ෂාන්.

පුදුම සහගත හුස්මක් පිට කළ ෂෙන් ච්‍යාඕ, "සය සහයෝගිතා සංවිධානයේ නායකයා?"

"ඒක හරි."

එදින රාත්‍රියේ මේඝ තරණ ආරාමයෙහි දී, බොහෝ පාර්ශවයන් විසින් සූර්යවාදයෙහි නිදහස් කැමැත්ත  පිළිබඳ පුස්ථකය අතට ගැනීමට උත්සාහ කරන ලදි. නමුත් සය සහයෝගිතා සංගමය විසින් ප්‍රවාහනය කිරීමට වෙහෙස වූ එම පිටපත යැන් වුෂි විසින් විනාශ කළේ ය. යුන් ෆුයි සහ අනෙකුත් අයට ෂෙන් ච්‍යාඕ විසින් ශබ්ද නඟා කියවූ දේ ඇසුණු බව සත්‍යයක් වූ නමුත් ආපසු නිකාය වෙත ගිය පසු, ඔවුන් ලියාගත් දෙයෙහි වරදක් නොමැති බව සහතික කරගැනීමට සමත් වන්නේ කෙසේද? යැන් වුෂිගේ ක්‍රියාව මිනිසුන්ගේ විශ්වාසය සාර්ථක ලෙස නඩු විභාගයකට පත් කර තිබුණි.

ඇතුල් වූයේ යැන් වුෂි නොව ෂෙන් ච්‍යාඕ බව දුටු ඔහු ෂෙන් ච්‍යාඕ දෙසට බැල්මක් හෙළා තම අසුනේම සිටියේ ආචාර හුවමාරු කරගැනීම සඳහා පැමිණීමටවත් කිසිදු අදහසක් නොමැති බව පෙන්වමිනි.

පුලියුරු ජියන් තවදුරටත් පැවසුවේ ය,"එක්වරක් යුවන් හූ, සෙන් නායක ෂුඑටිංට මහා නායක තනතුර දුන්නා. ඒ නිසා, යුවන් හූ දැනටමත් මිය ගිහින් වුණත්, ඔහුයි සූ පවුලයි අතරෙ තවමත් ගැඹුරු සම්බන්ධයක් තියෙනවා. ඉතින් ඇත්තම කියනවා නම්, ඔහු අද අනිවාර්යයෙන්ම මෙතනට එන්න ඕනෙ. ඒත් තවමත් ඔහු ඇවිත් නැහැ. ගෝලයෙක්වත් එවලා නැහ, ඒක ටිකක් අමුතුයි. ”

“අතන ඉන්න පිරිමි කෙනායි ගැහැනු කෙනායි තායි කන්දේ ජේඩ් වළා නිකායෙන් සහ ෆැංෂාන් දූපතේ වීදුරු මාලිගයෙන් ආව දෙන්නෙක් වෙන්න ඕනෙ.ඒ නිකායන් දෙක චුන්යැං පන්සල එක්ක හොඳ සම්බන්ධයක් තියෙනව. ඔවුන් ආවේ ඒ නිසා වෙන්න පුලුවන්."

“ඉතිරි අය කැපී පෙනෙන අය නෙවෙයි. සාමාන්‍ය නිකායන්වලට අයිති සමහර අය පමණයි. ඒ ගැන දැනගත්තා කියලා ඔබට එතරම් උපකාරයක් වෙන්නේ නැති වේවි. ඒ නිසා ඔවුන් ගැන කියන්න මම මගේ හුස්ම නාස්ති කරන්නේ නැහැ."

ඔහු හඳුන්වා නොදුන් බොහොමයක් අය අතර ප්‍රසිද්ධ ප්‍රවීණයන් ද සෑහෙන පිරිසක් සිටි මුත්, පුලියුරු ජියන්ගේ විවරණය අනුව ඔවුන් සියල්ලන්ව අයත් වූයේ 'නිකමුන්' ගණයට ය.'ශක්තිමත් අධිකාරිය විසින් පාලනය ගෙනියයි' සටන්කාමී ලෝකයේ තිබූ මෙම රීතිය එහි උපරිමයෙන්ම පිළිඹිබු වූයේ එම මොහොතේදී ය. ඔවුන් තමන්ගේම කුඩා බිම් කැබලි මත දියේ ගිලී සිටින තාරාවන් මෙන් විය හැකි නමුත්, පුලියුරු ජියන් දිනපතා ගනුදෙනු කළ මිනිසුන් සියල්ලෝම ෂෝ හි සිටි ඉහළම පන්තියේ ප්‍රවීණයන් වූ බැවින් ඔහුට, ඔවුන් ගැන කිසිවක් නොසිතීම ස්වාභාවික ය.

ඔහු සඳහන් කළ සෑම පුද්ගලයෙකුම සටහන් කරගැනීමට ෂෙන් ච්‍යාඕ අමතක නොකළේ ය. ඔහු ඔවුන්ගෙන් බොහෝ දුරස් වූ අතර ඔහුගේ අක්ෂි ආබාධය නිසා එම මිනිසුන්ගේ මුහුණු පැහැදිලි කිරීමට පවා ඔහු හට නොහැකි විය. ඔහුට ඔවුන්ව මතක තබාගත හැකි වූයේ ඔවුන්ගේ රූපවල හැඩ, ඇඳුම්වල වර්ණ සහ හැසිරීම් රටා අනුව පමණි.

දෙදෙනාගේ සංවාදය අතරතුරදී තවත් දෙදෙනෙකු කාමරයට ඇතුළු විය. ෂෙන් ච්‍යාඕට ඔවුන් කෙරෙහි දැණුනේ මද හුරුපුරුදු ගතියකි. සත්කාරකයා සමඟ සුබපැතුම් හුවමාරු කර අවසන් වූ පසු වටපිට බැලූ ඔවුන්ගේ දෑස් ෂෙන් ච්‍යාඕ සමඟ සම්බන්ධ විය.

ෂිඑ ෂියැං මදක් තිගැස්සී ඔහු දෙස බලා හිස සැලුවා පමණි. නමුත් ඔහු අසල සිටි ෂැං ෂිචියන් ඒ වන විටත් ඇවිදගෙන යමින් සිටියේ ය. "ෂෙන් මහත්මයා, එහෙනම් ඔබත් මෙතන!"

ෂෙන් ච්‍යාඕ සිනාසෙමින් පිළිවදන් දුන්නේ ය, “ෂැං  සහෝදරයා. මොනතරම් අහම්බයක්ද! ”

"ඔව්!" ෂෙන් ච්‍යාඕ ගැන හොඳ හැඟීමක් ඇති වූ ෂැං ෂිචියන්ට ඇවැසි වූයේ තවදුරටත් පිළිසඳරෙහි යෙදීම සඳහා ඔහු අසලින් වාඩි වීමට ය. නමුත් ෂිඑ ෂියන් පැමිණ මෙසේ පැවසුවේ ය, "සහෝදරයා, සත්කාරකයෝ එන අයට ආසන පනවලා තියෙන්නෙ. අපේ කැමැත්තේ විදිහට වාඩි වුණොත් අශිෂ්ටයි නේද?”

මේ නිසා යමින් සිටි පියවර නතර කිරීමට ෂැං ෂිචියන් හට සිදු විය. “අද මෙතැනදී ෂෙන් මහත්මයාව හමුවෙන්න ලැබීම ලොකු වාසනාවක්. ඇත්තටම මට ෂෙන් මහත්මයාගෙන් අහන්න දෙයක් තියෙනවා. රාත්‍රී ආහාරයෙන් පස්සේ ඔබට මොහොතක් ඉන්න පුළුවන්ද?"

ෂෙන් ච්‍යාඕ ලින්චුවන් ආයතනයට කිසිසේත්ම සම්බන්ධ නොවූ අයෙකු වූ අතර ෂැං ෂිචියන් ද ඔහුගේ අනන්‍යතාවය ගැන දැන සිටියේ නැත. ඔවුන් අහම්බෙන් හමු වූ ආගන්තුකයන් දෙදෙනෙකු පමණක් වූ අතර, අනෙක් පුද්ගලයාට ඔහුගෙන් උදව් ඉල්ලා සිටීමට තරම් අවශ්‍ය කිසිවක් තිබේවිදැයි යන්න ගැන ෂෙන් ච්‍යාඕට සිතාගත නොහැකි විය. නමුත් ඔහු, “හරි” යැයි පවසා හිස සලා එකඟ විය.

ෂිඑ සහ ෂැං පිටත්ව ගිය වහාම පුලියුරු ජියන් නැවතත් පැවසී ය, “ලින්චුවන් ආයතනය කියන්නේ දකුණු චෙන් රාජ්‍යයේ ප්‍රමුඛම නිකායක්. එයාලා තමන්වම උසස් විදිහටයි සලකන්නේ. ෂිඑ ෂියන් දිහා බැලුවම ඒක කියන්න පුළුවන්. මේ වතාවේ චී රාජ්‍යයට පහරදෙන්න, චෙන් රාජ්‍යයත් එක්ක මිත්‍ර වෙන්න ෂෝ රාජ්‍යයට අවශ්‍යයි. ඒ නිසා චෙන්වල නියෝජිතයාත් එක්ක එකතු වෙන්න ඔවුන්ට ඕනෙ වෙනවා.  කොහොම වුනත්, චන්'අන්වලට ආවට පස්සේ, ඒක තවදුරටත් ඔවුන්ට භාර තැනක් නෙවෙයි. ඒ නිසා ඔබ ඔවුන්ට ඒ තරම් ආචාරශීලී වෙන්න ඕනෙ නැහැ."

ෂෙන් ච්‍යාඕ සිනාසුණේ ය, "ෂිඑ ෂියන් ටිකක් අහංකාරයි, ඒත් ෂැං ෂිචියන් තරමක් මිත්‍රශීලීයි."

පසුගිය දිනක ඔවුන්ගේ සටනේදී හැකිතාක් කුඩා සටන් කවයක් පවත්වා ගැනීම සඳහා ෂිඑ ෂියන් කටයුතු කොට තිබූ අතර එයින් පැහැදිලිවම පෙන්නුම් කළේ ඔහු හුදෙක් අහංකාර නමුත් ස්වභාවයෙන් දුෂ්ට නොවන බව ය. එවැනි වෙනසක් යටතේ, ෂිඑ ෂියන් ඔහු ඉදිරියේ ප්‍රදර්ශනය කළ හුදෙකලා බව ෂෙන් ච්‍යාඕ හට දරා ගැනීමට අපහසු වූයේ නැත.

ඔවුන් සංවාදයේ යෙදී සිටිනාතුර රාත්‍රී ආහාරය ඒ වන විටත් ආරම්භ වී තිබුණි.

 


කතෘගේ සටහන:

ආ-ච්‍යාඕ මෙම පරිච්ඡේදයේදී ලේ වමනය කළේ නැහැ කියලා රට පුරාම ජනතාව සුබ පැතුම් එවලා.

යැන් වුෂි: මට තේරෙනවා. (අර්ථවත් ලෙස)

ෂෙන් ච්‍යාඕ: මට නරක හැඟීමක් දැනෙනවා...

Comments

  1. 💙💙💜💜

    ReplyDelete
  2. ආහ් ච්‍යාඕ මගෙයි.... මම තමා ලියුම් එව්වේ

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-