Skip to main content

තිස් තුන්වන පරිච්ඡේදය: සුනඛයෙකුටත් වඩා පහත් ජීවිතයක්....

කඩු කලාවේ අදියර හතරක් තිබුණි. එනම් අසිපත් ශක්තිය, අසිපත් චේතනාව, අසිපත් හදවත සහ අසිපත් ආත්මයයි.

ආධුනිකයන් විසින් දකිනු ලැබුවේ මිනිසෙකු තම අසිපත හා එහි අසිපත් ශක්තිය අසීමිත ලෙස වර්ධනය කරමින් පවතින  ආකාරය පමණි. එනිසා ඔවුන් සිතුවේ මෙම මිනිසාට ගැඹුරු කුසලතා තිබිය යුතු බවයි. නමුත් සත්‍ය ලෙසම ගතහොත් එය කඩු කලාවේ අදහාගත නොහැකි ක්ෂේත්‍රයේ පළමු අදියර පමණක් විය.

ඇත්තෙන්ම, කඩු ශක්තියේ පළමු අදියර පවා එතරම් පහසුවෙන් ළඟා කරගත නොහැකි දෙයකි. ඇතැමෙක් මුළු ජීවිත කාලයම වෙහෙස වී එය සෙවූ නමුත් තවමත් ඔවුන්ට මාර්ගය සොයා ගැනීමට නොහැකි වී තිබුණි.බොහෝ මිනිසුන් තවමත් රඳා පැවතියේ ජයග්‍රහණය සඳහා කඩු චලනයන් සහ ශිල්පීය ක්‍රම මගින් තම ප්‍රතිවාදීන්ට එරෙහිව සටන් කිරීම මත පමණි. ෂෙන් ච්‍යාඕට පවා නිවැරදි මාර්ගය සොයාගැනීම අසීරු වී තිබිණි. ඔහුට එය සොයාගැනීමට හැකි වූයේ මීට පෙර යැන් වුෂි විසින් ඔහුගේ ජීවිත සීමාවට තල්ලු කර ජීවිතයත්, මරණයත් අතර මායිමේ රැඳී සිටි අවස්ථාවන්වලදී එයින් මිදීමට මගක් සෙවූ විටදී ය.

එතරම් තරුණ වයසක පසු වූ ලී චිංයු වැන්නෙකු අසිපත් චේතනාව අදියර සාක්ෂාත් කරගෙන තිබීමෙන් පැහැදිලි වූයේ සටන් කලාව කෙරෙහි ඔහුගේ යෝග්‍යතාවය කෙතරම් ඇදහිය නොහැකිද යන්න ය.

කෙසේ වෙතත්, එදින ෂුඅන්දු කදු මුදුනේ යූ අයි සමඟ සටනින් කෙස් ගහකින් පමණක් ජයග්‍රහණයට හේතු වන්නට ඇත්තේ ඔහු අසිපත් චේතනාව වටහාගත්ත ද තවමත් අත්දැකීම් නොමැති වීම නිසාවෙන් හෝ නැත්නම් සමහරවිට ඔහු ඒ වන විටත් එම අවස්ථාවට පැමිණ නොතිබීම නිසාවෙන් විය හැක.

සමස්තයක් වශයෙන් ගත් කල, 'අසිපත් චේතනාව' යන වචන ද්විත්වය හේතුවෙන් ලි චිංයු දෙස මදක් වෙනස් කෝණයකින් බැලීමට සෑම කෙනෙකුටම ප්‍රමාණවත් විය.

ඒ වන විටත් පළමු දස දෙනාගෙන් කෙනෙකු වූ යි බිචෙන්ටත් වඩා ඉහළින්, දැන් ලී චිංයු සිටියේ ය. සරලවම පැවසුවහොත් චුන්යැං දාඕවාදී පන්සලේ නැගී සිටීම නැවැත්විය නොහැකි විය.

දුවාන් වෙන්යැං ඔහුගේ පරාජය නිසා පමණක් ඉල්ලා අස් වූයේ නැත. සැබෑ ලි චිංයු යනු කුමනාකාරයේ 'සෙවණැලි රූපය'ක්දැයි සිතාගැනීමට නොහැකිව ඔහු කාලයක් සිට ඇති අතර, නමුත් අවසානයේදී එම රූප හඳුනා ගැනීමට උත්සාහ කරනවා වෙනුවට තම කසයෙන් පොළොවට ගසා ප්‍රතිබලය යොදාගෙන ගුවනේ ඉහළට පැනීමට ඔහු තෝරාගෙන තිබුණි. අසළ තිබූ පයින් ගසෙහි අත්ත වටා කසය එතූ වහාම ඔහු ද අසළ තිබූ අත්තකට පැන්නේ ය. පසුව හැරී සිටි ඔහු ලි චිංයු අසලට පිනුවේ ය. ඔහුගේ කසය මඟින් ඇති වූ රූප  පහතින් ඇති සියලුම ඡායා රූප ආවරණය කරමින් තට්ටුවක් මත තට්ටුවක් ලෙසින් විහිදුණි!

ඔහුගේ සිරුර පැමිණීමටත් පෙර ඔහුගේ අභ්‍යන්තර චී බලය ඒ වන විටත් ඔහුගේ කසයේ රූප සමඟ පහළට පැමිණෙමින් තිබූ අතර, එයට යටින් මුළු අවකාශයම වැසී ගියේ ය. සැබෑ ලි චිංයු කුමන ආකාරයේ 'රූපයක්' මැවුව ද, එක් දෙයක් ස්ථිර විය. ඔහු සිටි උදාසීන තත්වය නැති කරගැනීම සඳහා දුවාන් වෙන්යැං විසින් ඔහු වටා ගොඩනගා තිබූ 'ප්‍රාකාරය' බිඳ දැමිය යුතු විය.

දුවාන් වෙන්යැං අන් අය කෙරෙහි තබා තිබූ හැඟීම මෙන් ම ඔහුගේ අභ්‍යන්තර චී ශක්තිය ද විශ්වාසයෙන් සහ අසීමිතව පැවතිය ද, ඒත් සමඟම එය අසාධාරණ සහ කුරිරු ස්වභාවයකින් ද යුක්ත විය. එම ශක්තිය සෑම තැනකම තිබු අතර එයට ඇතුල් වීමට මගක් නොවී ය. එය දැණුනේ අයිස්වලින් වැසී ගිය ප්‍රපාතයකට නැඟීමකට තැත් කිරීමක් හෝ ගස් අතර සැඟවී ඇති වාත අවකාශයක් සොයා ගැනීමක් ලෙස ය. ආරම්භ කිරීමට තැනක් නොතිබුණි. සෑම විවරයකින්ම ඇතුල් වීමට උත්සාහ කළ නමුත් කිසිදු හෝඩුවාවක් සොයාගත නොහැකි විය. අභ්‍යන්තර චී බලය නතර කළ නොහැකි විය.

අභ්‍යන්තර චී ශක්තිය මගින් ඇසුරුම් කරන ලද මලුවෙහි තිබූ කොළ සියල්ලම විසිරී ඔවුන් දෙදෙනා වටා වේගයෙන් රවුම් ගැසීමට පටන් ගත් අතර, එම ආවරණයෙන් වැසී සිටි නිසාවෙන් අනෙක් අයට ඇතුළත සිදුවෙමින් පවතින සටන දැකීමට නොහැකි වුණි.

දැන් සටන් කරන අයගේ හැඟීම් මොනවාදැයි කිසිවෙකු දැන සිටියේ නැත. නමුත් නරඹන්නන් සියල්ලෝම සිටියේ අතිශය කලබලයෙනි.

ලී චිංයු යනු දැඩි කඩු හරඹකරුවෙකු බව චුන්යැන් දාඕවාදී පන්සලේ සිටියවුන් විසින් දැන සිටියද, අනපේක්ෂිත ප්‍රතිපල පිළිබඳව ඔවුන් සිටියේ බියෙනි. විශේෂයෙන්ම සු චියාඕ සිටියේ තවමත් සැකය මුසු වූ බියකිනි. ඔහු මොහොතකට පෙර දුවාන් වෙන්යැං සමඟ පෞද්ගලිකව සටන් කළ අතර, එම මිනිසා කෙතරම් ශක්තිමත් දැයි අන් සියල්ලන්ට වඩා හොඳින් දැන සිටියේ ය. ඔහුගේ සටන් සහෝදරයාට සටන ජය ගත හැකිද නැද්ද යන්න තවමත් පැහැදිලි නැත.

දුවාන් වෙන්යැං විසින් ලී චිංයු පරාජය කළේ නම්, බොහෝ විට පැමිණ සිටින වෙනත් කිසිවෙකු ඔහුගේ තරඟය නොවනු ඇත. එසේ වුවහොත් සු වෙයිගේ ඥාති සොහොයුරිය සහ ඇගේ ස්වාමිපුරුෂයා රැගෙන යාම ඔවුන්ට සුළුපටු දෙයක් පමණි. ආරංචිය ලැබුනහොත්, එමඟින් මධ්‍යම තැන්නෙහි බලය අඩු වන අතරම තුජුයේ ජනයාගේ චිත්ත ධෛර්යය ද ඉහළ නංවනු ඇත. අද සටනෙහි හේතුව බොහෝ විට එය ද විය හැකි ය.

මෙම සියලු උපකල්පන පිළිබඳව මෙනෙහි කරමින් සිටි සු චියාඕ පියවි සිහියට පැමිණියේ ඔවුන් වටා රොක් වී තිබූ කොළ හදිසියේම නතර වී නැවතත් බිමට වැටුණු හෙයිනි.

ලී චිංයු සහ දුවාන් වෙන්යැං දෙදෙනාම සිටියේ මුහුණට මුහුණ ලා සිටගෙන ය. ලී චිංයු සිටියේ ඔහු සටන ආරම්භ කරන විට සිටි ස්ථානයේම ය. නමුත් ඔහු අතැතිව තිබූ කඩුව ඔහුට නුදුරින් වැටී තිබුණි. දුවාන් වෙන්යැංගේ කසය තවමත් ඔහුගේ අතේ විය.

ඔවුන් දෙදෙනාම සිටියේ කිසිදු තුවාලයක් නොමැති සාමාන්‍ය පෙනුමකිනි. ලි චිංයුගේ මුහුණ හැඟීම් විරහිත වූ අතර දුවාන් වෙන්යැංගේ මුහුණ පෙර පරිදිම දිස් විය.

මෙම දර්ශනය දුටු සියල්ලන්ම සිටියේ ගැටලුකාරී ස්වභාවයකිනි.

පළමුව නිහඬ පිළිවෙත බින්දේ සිනාසෙමින් සිටි දුවාන් වෙන්යැං ය, “මම බලාපොරොත්තු වුණ විදිහටම ලී මහත්මයාගේ කීර්තිය ඉතා සුදුසුයි. මේ තරම් තරුණ වයසකදිම 'අසිපත් චේතනාව' මට්ටමට ආවා කියන්නේ ඔබේ අනාගත අපේක්ෂාවන් අසීමිත වෙන්න ඕනේ. මගේ පරාජය පිළිගන්න මම සූදානම්!”

ලී චිංයු සෙමින් කීවේ ය, “මම ඔබත් එක්ක සටන් කරන්න සුදුසු නැහැ. මට කියන්න දෙයක් නැහැ.”

දුවාන් වෙන්යැං සහ ලී චිංයු අතර දෑස් එහා මෙහා යවමින් සංවාදය අසා සිටි සියල්ලෝම කම්පනයට පත් වූහ.

ඔවුන්ගෙන් එක් අයෙක් “මගේ පරාජය පිළිගන්න කැමතියි” ලෙස පැවසූ අතර අනෙක් පුද්ගලයා “ඔබත් එක්ක සටන් කරන්න සුදුසු නැහැ” ලෙසින් පැවසී ය. ඉතින් අවසානයේ ජයග්‍රාහකයා වූයේ කවුද? සහ පරාජය වූයේ කවුද?

සිනාසෙමින්ම සිටි දුවාන් වෙන්යැං මෙසේ ද පැවසුවේ ය, “මම ආවේ යුවාන් සියොන්ගේ පවුල ඉල්ලන්න. ඒත් මට බොහෝ ප්‍රසිද්ධ සමකාලීන නව දක්ෂයෙක් එක්ක සටන් කලාව හුවමාරු කරගන්න අවස්ථාවක් දුන්නා. අඩුම තරමින් මේ පාරවත් මගේ ගමන අපතේ ගියේ නැහැ කියලා හිත හදාගන්න පුලුවන්!”

ෂිඑ ෂියන් ද හදිසියේම කතා කළේ මේ මොහොතේදී ය, "සහෝදර දුවාන් දිගටම සටන් කරන්න කැමති නම්, ලින්චුවන් ආයතනයත් ඔබත් එක්ක සටන් කරන්න බොහෝ  කැමතියි."

වටපිට බැලූ දුවාන් වෙන්යැං ඔහුගේ දෑත් පිටුපසට බැඳගෙන,  මහත් උජාරුවෙන් පැවසුවේ ය, “අනේ? ලින්චුවන් ආයතනයට කරන්න පුලුවන් මොකක්ද? රුයන් ක'හුයි ආවොත් නම් මට ටිකක් හිතන්න පුළුවන්. එත් ඔබ වගේ කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මට ගැලපෙන්නේ නැහැ. මෙතන දක්ෂ සටන් ශිල්පීන්ගේ රැස්වීමක් පැවැත්වෙන්න නියමිතයි කියලා මට ආරංචි වුණා. ලින්චුවන් ආයතනය, චුන්යැං දාඕවාදී පන්සල වගේම සය සහයෝගිතා සංගමය කියන්නෙත් මධ්‍යම තැනිතලාවේ ප්‍රචණ්ඩකාරී කවයේ තියෙන දුර බැහැර පවා ප්‍රසිද්ධ නිකායන් වගේම සංගම්. මේ නිකායන්වල ඇත්ත ස්වභාවයට වඩා ප්‍රසිද්ධිය නිසා හැමෝම  දන්නේ කියලා පැතිරිලා යන කටකතාවල අතිශයෝක්තියක් තියෙනවා කියන එක මට පුදුමයක්. ඇවිල්ලා ඉන්න හැම මිනිහෙක්ම අතරින් මගේ ප්‍රතිවාදියා වෙන්න තරම් සුදුසු ලී මහත්මයා විතරයි. අනෙක් අය ගැන ඒ තරම් හිතන එක වටින්නේ නැහැ. ”

මදක් නැවතී සිටි ඔහු යළිත් දිගටම පැවසී ය."නිකාය නායක ෂෙන් පවා ඉන්නවා. ඔබේ දක්ෂතාවය නිසා ඔබ ඔවුන්ට වඩා හොඳ වෙන්න පුලුවන්. නමුත් ඒ මගේ කනිෂ්ඨ සටන් සොහොයුරා වෙන කුන්'ය අතින් ඔබ පරාජය වෙන්න කලින්. නමුත් දැන් ෂෙන් ච්‍යාඕ කියන්නේ දත් නැති කොටියෙක්. මධ්‍යම තැනිතලාවේ ඉන්න ඔබලාට ඒ වගේ කියමනක් මොකක්ද? අපොයි! කොටියෙක් බිමට බැස්සොත් බල්ලන්ටත් පහර දෙන්න පුළුවන්. දැන් ඔබ දිහා බලන්න. ඔබට ෂුඅන්දු කන්දට ආපහු යන්න බැහැ. ඒ විතරක් නෙවෙයි ඔබට නිකාය නායක යැන්ගේ නවාතැනේ හැංගිලා ඉන්න පවා සිද්ධ වෙලා. අයාලේ යන බල්ලෙක්ටත් ඔබට වඩා හොඳ ජීවිතයක් තියෙනවා. මම ඔබ වුනා නම්, තවදුරටත් මේ ලෝකයේ ජීවත් වෙන්න ලැජ්ජා නිසා බොහෝ කලකට කලින් සියදිවි නසාගෙන ඇති! ”

මුහුණේ සිනහවක් තිබුනද ෂෙන් ච්‍යාඕ දෙස බලා සිටි ඔහුගේ  දෑස් සම්පූර්ණයෙන්ම සීතල සහ උදාසීන විය.

පැහැදිලිවම, ඔහුගේ දෑස් හමුවේ ෂෙන් ච්‍යාඕ යනු තවදුරටත් 'විරුද්ධවාදියෙකු' නොව, නොවැදගත් පසුකර යන්නෙකු' හෝ 'කුණු කූඩයක්'  විය.

එය අතිශයින්ම මහජන අවමානයක් විය. ඒ නින්දා සහගත ප්‍රකාශය අසා සිටි පුලියුරු ජියන්ට පවා සිතුණේ තමා හට එවැන්නක් ඇසුණේනම් ඉවසීමට නොහැකි වන බව ය. එහෙත්, ෂෙන් ච්‍යාඕගේ ප්‍රතිචාරය වූයේ එය නොඇසුණාක් මෙන් නිහඬව හා නිහතමානීව බලා සිටීම පමණි. ඔහු දිස් වූයේ සිටගෙන සිටියදී නින්දට වැටුණාක් මෙන් ය. ඔහු සතුව තිබූ විඳ දරාගැනීම සහ ස්වයං ධ්‍යානවේදය හුදෙක් සිත් ඇදගන්නා සුළු වුවද, ඒ සමඟම එය මිනිසුන් ඔහු දෙස පහත් කොට බැලීමට හේතුවක් ද විය.

දුවාන් වෙන්යැං විසින් ෂෙන් ච්‍යාඕ හට නින්දා කරන අයුරු දෙස සීතල දෑසින් බලා සිටිය හැකි වුව ද, මෙම පුද්ගලයා විසින් ලින්චුවන් ආයතනය නොවැදගත් දෙයක් ලෙස සැලකීම පිළිබඳව නොසලකා හැරීමට ෂිඑ ෂියන් හට නොහැකි විය. දුවාන් වෙන්යැං පැවසූ ආකාරය අනුව විනිශ්චය කරන විටදී වැටහුණේ ඔහු තම විරුද්ධවාදියා වීමට සුදුසු ලෙස සැලකුවේ චුන්යැං දාඕවාදී පන්සල පමණක්  බවත් අනෙක් සියලුම නිකායන් සුළු කොට තැකූ බවත් ය. උපහාසයෙන් ප්‍රතිචාර දැක්වූ ෂිඑ ෂියන්, ඔහුගේ කෝපය සාධාරණීකරණය කිරීමට සූදානම් විය.

නමුත් එක්වරම කතා කළ සු වෙයි, “දුවාන් වෙන්යැං, ඔබ මගේ මවගේ උපන්දින සාදය ඔබගේ පුද්ගලික පුහුණු පිටියක් කරගෙන දැනටමත් ඒකට ඇති තරම් අවුල් ගෙනල්ලා අවසන්. ඔබ ආවේ අධිරාජිනියගේ නියෝජිතයෙක් විදිහට නිසා මම අනිවාර්යයෙන්ම අද මෙතන වුණ දේ ගැන අධිරාජ්‍යයාට වාර්තා කරලා එතුමාගෙන් යුක්තිය ඉල්ලනවා. දැන්, කරුණාකරලා වහාම මෙතැනින් පිටවෙන්න කියලා මම ඔබෙන් ඉල්ලනවා."

හදවතින්ම සිනහසුණ දුවාන් වෙන්යැං ද මෙසේ තෙපළී ය, “ලි මහත්මයාගේ අසිපත් චේතනාව අත්වින්ද නිසා මම දැනටමත් ඉන්නේ බොහොම සතුටින්. මෙයියැං නායකතුමා මාව එළියට දාන්න අණ කළේ නැති වුණත් කොහොමත් දැන් මම යනවා. නමුත් මට විශ්වාසයි අපි ඉක්මනින්ම ආපහු හමුවේවි කියලා!”

එවදන් පැවසූ ඔහු එකෙණෙහිම ඉවතට හැරී නික්ම ගියේ ය. තවදුරටත් එම අපහාස දරාගත නොහැකි වූ ෂිඑ ෂියන් කෑගැසුවේ මේ මොහොතේදී ය, “නවතින්න! ලින්චුවන් ආයතනයේ ෂිඑ ෂියන් ඔබත් එක්ක සටනක් කරන්න කැමතියි, දුවාන් සහෝදරයා!"

කටහඬ මැකී යාමටත් ප්‍රථම, කඩුව ගලවා දමා දැමූ ඔහු, ඔහුගේ සිරුර දුවාන් වෙන්යැං සිටි දෙසට ආරෝපණය කරන්නට වූයේ නැගී එන දේදුන්නක් විලසිනි!

කෙසේ වෙතත්, දුවාන් වෙන්යැං ද ඔහුගෙන් අපේක්ෂා කළේ එවැනි ක්‍රියාවක් බව පෙනෙන්නට තිබුණි. ආපසු හැරී බැලීමටවත් කරදර නොවූ ඔහු බිමට පැන පසුව වහලයට පැන්නේ ය. ඉනික්බිතිව කිසිදු හෝඩුවාවක් නොමැතිව අවකාශය තුළ අතුරුදහන් වූයේ දිගු සිනහවක් පමණක් වාතය තුළ ඉතිරි කරමිනි. “ෂිඑ මහත්මයාට ඔබ වෙනුවෙන්ම නමක් ලබාගන්න අවශ්‍ය නිසා මාව භාවිතා කරන්න ඕනෙ වෙලා වගේ. නමුත් ඔබත් එක්ක ඇසුරු කරන්න මම කැමති නැහැ . ඒ නිසා කරුණාකරලා මට ඒකට සමාව දෙන්න. ඔබත් 'අසිපත් චේතනාව' මට්ටමට එනකල් මම බලාගෙන ඉන්නවා! හහ් හහ් හහ්!”

ෂිඑ ෂියන්ට, ඔහුගේ ඉලක්කය අහිමි විය. අනෙක් පුද්ගලයා අතුරුදහන් වූ දිශාව දෙස වෛරයෙන් බලා සිටි ඔහුට, තම කඩුවත් ගෙන නැවත බිමට බැසීම හැර වෙනත් විකල්පයක් ඉතිරිව නොතිබුණි.

මේ අතර අනෙක් පසින් ඇසුණේ එක්වරම යම් කෙනෙකු විසින් කළ කෑ ගැසීමකි. “ලී මහත්මයා ඔබ හොඳින්ද?”

සියල්ලන්ගේම අවධානය යොමු වූයේ කටහඬ පැමිණි දිශාවට ය. ලේන්සුවක් ගත් ලී චිංයු එයට රුධිරය වැගිරෙමින් තිබූ කෙළ පිඩක් ගැසුවේ ය. පසුව හිස වනා සිටි ඔහු “මම හොඳින්, ඒ පොඩි අභ්‍යන්තර තුවාල ටිකක් පමණයි. දින කීපයක් විවේක ගත්තාම ප්‍රමාණවත් වේවි." ලෙසින් පැවසුවේ ය.

“මම ඔහුත් එක්ක සටනට ගැළපෙන්නේ නැහැ” යනුවෙන් ඔහු විසින් අදහස් කරනු ලැබුවේ කුමක්දැයි අනෙක් අයට අවබෝධ වූයේ එවිට ය. අසිපත් චේතනාව අවබෝධ කර ගත් පසුව ද ලි චිංයු, දුවාන් වෙන්යැං සමඟ සටන් කිරීමට නොගැළපේ නම් නම්, එම තුජුයේ මිනිසාගේ සටන් කලාවේ ශක්තිය කෙතරම් බලවත්ද? ඔහු දෙවන හු ලුගු බවට පත් වේවිද?

සියල්ලෝම එකිනෙකා දෙස බැලුවේ එවන් සිතුවිල්ලකිනි.

ෂිඑ ෂියන් හට ද දැණුනේ ඔහුගේ හදවතද ගිලිහී යන්නාක් බදු හැඟීමකි.

ඔහුගේ යෝග්‍යතාවය යහපත් බවට විශ්වාස කළ ඔහු, වසර ගණනාවක් පුරා සටන්කාමී ලෝකයේ ගමන් කළ අතරතුරදී හමු වූ විරුද්ධවාදීන් සමඟ මායාවක් හෝ ලබා දීමට සමත් විය. පළමු දස දෙනා අතරට යාමට නොහැකි වුව ද ඔහු ද ඒ මට්ටමට ආසන්නව සිටි දක්ෂයෙකු විය. කෙසේ වෙතත්, හදිසියේම විශේෂඥයින් එකින් එක බිහි වෙන්නට ආරම්භ විය. ප්‍රථමයා වූයේ 'අසිපත් චේතනාව' දැනටමත් අවබෝධ කරගෙන සිටි ලී චිංයු ය. ඊට පසුව සිටියේ ලී චිංයුටත් වඩා ශක්තිමත් දුවාන් වෙන්යැං ය 'අලුත් පරම්පරාව පැරණි දේවල් අභිබවා යයි.' කියමන අනුව යමින් වර්තමාන පරම්පරාව තුළ පවා, උස කඳු නිරන්තරයෙන් හමු වනවාක් මෙන්, පැරණි අය වෙනුවට ද නව මිනිසුන් දැනටමත් පැමිණෙමින් සිටිය හ.

මේ ගැන සිතූ ඔහුට තරමක මානසික අවපීඩනයක් දැනෙන්නට වූ අතර, අනෙක් පසින් ලී චිංයු ඒ වන විටත් ෂෙන් ච්‍යාඕ වෙත ගොස් තිබුණි. "නිකාය නායක ෂෙන්."

ෂෙන් ච්‍යාඕ පිළිතුරු දුන්නේ ය, “ෂෙන් තවදුරටත් නිකාය නායකයෙක් නෙවෙයි. ලි මහත්මයා මට එහෙම කතා කරන්න අවශ්‍ය නැහැ.”

ඔහුව නොසලකා හැරි ලී චිංයු නොනවත්වාම පැවසුවේ ය, “මම දැනටමත් ඉන්නේ අසිපත් චේතනාව අදියර තේරුම් අරන්. නමුත් මම තවමත් දුවාන් වෙන්යැංට වඩා තරමක් පහත්. දුවාන් වෙන්යැංට වඩා ඔහුගේ කනිෂ්ඨ සටන් සොහොයුරා වෙන කුන්'ය ශක්තිමත්ද?

හිස සොලවා ප්‍රතික්ෂේප කිරීමක් ඇඟවූ ෂෙන් ච්‍යාඕ පිළිතුරු දුන්නේ ය, "කුන්'ය ශක්තිමත්, ඒත් දුවාන් වෙන්යැං තරම් හොඳ නැහැ."

ලී චිංයු පැවසුවේ ය, “ඒ කාලයේ ලෝකයේ හොඳම සටන් කලාකරුවා වුණේ චි ෆංග. මම නිතරම හිටියේ ඔහුගේ සටන් කලාවයි, කුසලතායි ගැන හොයන ගමන්. ඒ කොහොම වුණත් නිකාය නායක ෂෙන්, ඔහුගේ උරුමක්කාර ගෝලයා විදිහට ඔබට කුන්'යවවත් පරාජය කරන්න බැරි වුණා."

ෂෙන් ච්‍යාඕ කිසිවක් කීවේ නැත.

ලී චිංයු මෘදු ලෙස සුසුම්ලෑවේ ය, " 'ඔබ ඉපදෙද්දි, මම හිටියේ නැහැ. මම ඉපදෙද්දී ඔබ මහලු වෙලා.'  චි ෆංගගේ සටන් කලාව දකින්න නොලැබීම මොන තරම් දුකක්ද! ඔහුගේ උරුමය ඉදිරියට ගෙනියන්න සුදුසු අනුප්‍රාප්තිකයින් ෂුඅන්දු  කන්දේ ඉදීවි කියලා මම එක වතාවක් හිතුවා. ඒත්, මොනතරම් අවාසනාවක්ද, මොනතරම් අවාසනාවක්ද!"

ඔහුගේ මුහුණ තවමත් සුපුරුදු පරිදි උදාසීන විය. නමුත් 'අවාසනාව' යන වචනය පැවසූ විට, ඔහුගේ කටහඬෙහි තිබුණේ අවංක නොවූ පසුතැවිල්ලක් බව අසා සිටි අයට දැනෙන්නට ඇත.

ඔහු ඉතා අවංකව සටන් කලාවේ මාර්ගය අනුගමනය කළ අයෙකි. යෝග්‍යතාවයෙන් මධ්‍යස්ථ අයව හෝ දක්ෂ ගුරුවරයෙකු යටතේ ඉගෙනීමට නොහැකි අයව ඔහු විසින් පහත් කළේ නැත. ලි චිංයුගේ දෘෂ්ටිකෝණයෙන් බැලූ කල ෂෙන් ච්‍යාඕට මේ කාරණා දෙකෙහිම වාසිය තිබුණි. පසුව ලැබූ පුහුණුව නිසා යෝග්‍යතාවයෙන් සහ අධ්‍යාපනයෙන් අනෙක් අයට වඩා බොහෝ ඉදිරියෙන් සිටි නමුත් ඔහු තවමත් අවසන් සිටියේ එම අකාරයෙන්‍ම ය. එනිසා, ඔහු ෂෙන් ච්‍යාඕ දෙස පහත් කොට බැලුවා පමණක් නොව, ඔහු කෙරෙහි ඇති වූ අතිශය කලකිරීමෙන් උපන් සිහින් කෝපයකින් ද පසු විය.

පළමුව දුවාන් වෙන්යැංගේ අවඥාව ද, පසුව ලී චිංයුගේ දුක්ගැනවිලි ද, එමෙන්ම ඔහු වටා සිටි මිනිසුන්ගේ අමුතු පෙනුමට ද මුහුණ දුන් තමන් ගැන උපන් ආඩම්බරය සහ ධෛර්යය ඇති ඕනෑම කෙනෙකුට, කෝපයෙන් පුපුරා යා නොහැකි වුවහොත්, අවම වශයෙන් නිර්ලජ්ජිත ලෙස මෙම ස්ථානයේ රැඳී සිටීමට පවා නොහැකි වනු ඇත.

කෙසේ වෙතත්, සාමාන්‍ය මිනිසුන්ට කළ නොහැකි දේ සරලව විඳදරාගැනීමට ෂෙන් ච්‍යාඕ සමත් විය. නැතහොත් සමහර විට ඔහු කිසිවක් විඳදරාගන්නේ නැතිවා විය හැක. මදක්වත් නොසැලී සිටි ඔහුගේ මුහුණ සුපුරුදු පරිදි සන්සුන් විය. ලි චිංයු පැවසූ දෙයට පවා හිස වනා එකඟ වූ ඔහු, “ඇත්තටම ගුරුතුමාට අසාමාන්‍ය කුසලතා තිබුනා. ඔහුත් එක්ක සසඳන්න පුලුවන් අය ඉන්නේ කීප දෙනායි. ඔහු ජීවත්ව ඉද්දී ඔහුව දකින්න ලි මහත්මයාට අවස්ථාවක් නොලැබීම කණගාටුවට කාරණයක්. නැත්නම් ලි මහත්මයාගේ විස්මිත දක්ෂතා දැක්කානම් ගුරුතුමා නිසැකවම ඔබවත් බොහෝ  අගය කරන්න තිබුණා." ලෙස පැවසුවේ ය.

ඔහු කෙරෙහි අනෙක් පුද්ගලයන් කළ පහත් විනිශ්චය මඟ හරිමින් යමක් කීමට සමත් ෂෙන් ච්‍යාඕගේ ආත්ම සංයමය දුටු පුලියුරු ජියන්ට පවා ඔහු කෙරෙහි ඇති වූ ගරුත්වය පිළිබඳ හැඟීම පුළුල් විය.

ලී චිංයු, ෂෙන් ච්‍යාඕගෙන් එවැනි ප්‍රතිචාරයක් බලාපොරොත්තු වූ බවක් පෙනෙන්නට නොතිබුණි. ඔහු නැවතත්, “ඔබ හොඳ මිනිසෙක්. ඉතින් ඇයි ඔබ සියලු දේම අතහැරලා යක්ෂයාත් එක්ක ඉන්න තීරණය කළේ?” යැයි ඍජුවම ඇසුවේ ය.

ඔහු සඳහන් කළ 'යක්ෂයා' වූයේ යැන් වුෂි ය.

ෂෙන් ච්‍යාඕ යනු දාඕවාදී නිකායක නිකාය නායකයා ය. නමුත් ඔහු සම්බන්ධ වූයේ යැන් වුෂි වැනි 'යක්ෂයෙකු' සමඟ ය. අන් අයගේ ඇස් හමුවේ මෙය නියත වශයෙන්ම පරිහානියකි.

කෙසේ වෙතත්, අනෙකුත් සටන් ශිල්පීන්ගේ ඇස් හමුවේ යැන් වුෂි යනු යක්‍ෂ නිකායක නිකාය අධිපති වුව ද, ඇත්තෙන්ම ඔහු සතුව අධිරාජ්‍යයා විසින් පත් කරන ලද ඔටුන්න හිමි කුමරුගේ කනිෂ්ඨ පූජකයා යන තනතුර ද තිබුණි. පුලියුරු ජියන් නළල රැලි කළේ ය. ෂෙන් ච්‍යාඕ පිළිතුරු දීමට පෙර, මැදිහත් වූ ඔහු, “ලී මහත්මයාගේ දක්ෂතාවය විශිෂ්ටයි, ජියන් ඔබව ගොඩක් අගය කරනවා. කොහොම වුණත් පුද්ගලයෙක් වඩාත් දක්ෂ වෙන තරමටම ඔහුට, නිහතමානී විවෘත මනසක් තිබ්බොත් තවත් වඩා හොඳයි. ෂෙන් මහත්මයාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් නැහැ. ඔහු ඔබව කිසිම ආකාරයකින් අමනාප කරලත් නැහැ. කීර්තිමත් නිකායකින් එන කෙනෙක් සංවාදයක් ආරම්භ කරද්දි මේ තරම් ආක්‍රමණශීලී වීමයි, ප්‍රකෝපකාරී වීමයි සුදුසුයි කියලා මම හිතන්නේ නැහැ.”

ලි චිංයු පුලියුරු ජියන් දෙස බැලුවේ ය. කිසිවක් නොපැවසූ ඔහු වැඩි වේලාවක් සිටීමට අදහස් කළේ ද නැත. ඒ වෙනුවට ඔහු ආපසු හැරී වහාම පිටත්ව යාමට තීරණය කළේ ය.

නමුත් සු වෙයි ඔහුව නැවැත්වී ය. පළමුව ලී චිංයු දෙසට හිස නමා, පසුව ශබ්ද නඟා, “අද උපන් දින සාදය නොගැලපෙන අමුත්තෙක් නිසා ටිකක් බලාපොරොත්තු සුන් වුණා. ඒ වැරැද්දේ සම්පූර්ණ දෝශය අපේ. අපි වෙනුවෙන් පෙනී ඉඳලා අපට උදව් කළාට ඔබලා හැමෝටම ස්තූති කරන්න මට වචන නැහැ. බාල සහෝදරයාට තුවාල වෙලා නිසා මට හරිම කණගාටුයි අපිට භෝජන සංග්‍රහය අවලංගු කරන්න සිද්ධ වුණ එකට. මම හැම අමුත්තෙක්ගෙගෙන්ම සමාව ඉල්ලනවා. ඒ වගේම වෙනත් දවසක තවත් රාත්‍රී භෝජන සංග්‍රහයක් පිළියෙල කරනවා කියලා පොරොන්දු වෙනවා. ඒ නිසා ඔබ සියල්ලන්ම කරුණාකරලා අපට සමාව දේවි කියලා  මම බලාපොරොත්තු වෙනවා."

අද සිදු වූ සිදුවීම සියලු දෙනාගේම අපේක්ෂාවන් ඉක්මවූ දෙයකි. එහෙයින් ස්වභාවිකවම ඒ සඳහා සත්කාරකයාට දොස් නොපැවරූ ඔවුහු ඔවුන්ගේ සැනසිලි බස් පවා ඉදිරිපත් කළ හ. සූ පවුලට සමීප සමහර රදළයන් විසින් සිදු වූ දේ ගැන අධිරාජයාට පැවසීමට කරුණු පවා ඔහු සමඟ සාකච්ඡා කරමින් සිටිය හ.

තවත් සමහර අමුත්තන් පිට වූ අතර, ලී චිංයුව ද විවේක ගැනීම සඳහා සහ ඔහුගේ තුවාලයට ප්‍රතිකාර කිරීම සඳහා චින් ආර්යාවගේ සේවිකාවක් විසින් පිටුපසට ගෙන යන ලදි

පුලියුරු ජියන් ද ෂෙන් ච්‍යාඕට මෙසේ යෝජනා කළේ ය, “ෂෙන් මහත්මයා, ඇයි අපිත් යන්නෙ නැත්තෙ?”

ෂෙන් ච්‍යාඕ හිස සැලුවේ ය. නමුත් ඔහු කිසිවක් පැවසීමටත් පෙර, බලාපොරොත්තු නොවූ දෙයක් සිදු විය!

“මම යන්න කලින් හොඳ අදහසක් හිතුවා. ඔබලා හැමෝම යුවාන් සියොන්වයි, ඔහුගේ බිරිඳවයි ආපහු එවන්න කැමති නැති නිසා මම මුලින්ම මගේ ස්ථානයට එන්න කියලා චින් ආර්යාවට ආරාධනා කරනවා. අපි බලමු ඔබට වඩාත් වැදගත් පුද්ගලයා කවුද කියලා. ඔබේ මවද? නැත්නම් ඔබේ ඥාති සහෝදරයාද?! ”

කටහඬ ඇසුණේ ඈතින් වුව ද, එය පැමිණියේ ඔවුන්ගේ කන් අසලින්ම කතා කරන්නාක් මෙන් ඉතා හැපෙනසුළු හා පැහැදිලි ලෙස ය. කෙනෙකුගේ කටහඬ කදම්භයක් තුළට සංකේන්ද්‍රණය කිරීමේ මෙම කුසලතාව සැඟවුනු ධ්වනි කලාවට වඩා දුෂ්කර වූ අතර, අන් අයට නොඇසෙන පරිදි තම කටහඬ ඍජුවම තවත් අයෙකුගේ ශ්‍රවණේන්ද්‍රියන්ට  යැවීම සඳහා වඩාත් පුළුල් ලෙස ප්‍රකට කුසලතාවයකි.

සූ චියාඕ සහ සූ වෙයිගේ මුහුණ එකවරම තිගැස්මෙන් වෙනස් විය. ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙක් කුකුළෙකු සමඟ පොරබැදීමටවත් ශක්තියක් නොතිබූ පිවිතුරු උගතෙකූ වූ අතර, දෙවැන්නා මීට මොහොතකට පෙර දුවාන් වෙන්යැංට පරාජය වුණි. ඔහුගේ දකුණු අත තවමත් පැවතියේ අබාධිතව ය. නමුත් එතරම් සිතන්නට කාලයක් ගත නොකළ ඔහු වහාම තම මව සිටි දෙසට ආරෝපණය විය.

නමුත් ඔහු ළං වීමටත් පෙර සිදු වූයේ නොසිතු දෙයකි. හදිසියේම ප්‍රතිවිරුද්ධ දිශාවට විසි වී විශාල ප්‍රහාරයක් සමඟ බිම ඇද වැටුණු ඔහු තුවාල වූ ආකාරය කෙසේදැයි පැවසීමටවත් අන් අයට නොහැකි විය!

ගිය වහාම හැරෙන තැපෑලෙන් යළිත් දුවාන් වෙන්යැං පැමිණෙනු ඇතැයි කිසිවෙකු අපේක්ෂා කළේ නැත!

එහෙත් ඒ ගැන හොඳින් සිතා බැලූ ඔහු යුවාන් සියොන් සහ ඔහුගේ බිරිඳ ඔහුත් සමඟ රැගෙන යාමට කිසි විටෙකත් එකඟ නොවී ය. එම නිසා, එය පැහැදිලිවම ඔහුගේ සැලැස්මේ කොටසක් වූ අතර, ඔහු එතරම් දුරක් ගියේ නැත.

මෙවන් තීරණාත්මක මොහොතක, වචනය නොපිළිපැදීම ගැන ඔහු කෙතරම් නින්දිත සහ නිර්ලජ්ජිතද යන්න පවසමින් ඔහුට බැණ වදිමින් තවදුරටත් වචන සමඟ කාලය අපතේ යැවීමෙන් පලක් නැත. එය සටන්කාමී ලෝකය හෝ අධිරාජ්‍ය අධිකරණය හෝ සමස්තයක් ලෙස ලෝකයේ දේශපාලන තත්වය වේවා, ඒ සියල්ල කැලෑ නීතියට බැස ඇත. අවසාන තීරණය සතු වූයේ සෑම විටකම විශාල බලයක් තිබූ පුද්ගලයාට ය.

එම නිසා, සු චියාඕ පසෙකට විසි වෙන මොහොතේම, ලි චිංයු, ඩවු යන්ෂාන්, ෂිඑ ෂියන් සහ තවත් කිහිප දෙනෙකු එකවරම සටනට අවතීර්ණ වූයේ දුවාන් වෙන්යැං නැවැත්වීමට උත්සාහ කිරීමට ය.

මෙම පුද්ගලයින් සියලු දෙනාම වත්මන් සටන් කලාවේ ප්‍රථම මට්ටමේ ප්‍රවීණයන් ය. ඔවුන් සහ පළමු දස දෙනා අතර තවමත් වෙනසක් තිබුණ ද, ඔවුන් එම තත්වයට ළඟා වීමට සිටියේ බොහෝ දුරින් නොවී ය. ලී චිංයු නම්, දැනටමත් හොඳම දස දෙනා අතරට ලැයිස්තුගත වීමට සුදුසුකම් ලබා ඇත. ඔවුන් තනි තනිව සටන් කරන විට ඔහු දුවාන් වෙන්යැංට වඩා තරමක් පහත් වන්නට ඇත. නමුත් දැන්, කිහිප දෙනෙකු එකවර ප්‍රහාර දියත් කිරීම නිසා, ඔවුන්ව මග හැරිය නොහැකි වනු ඇත.

කෙසේ වෙතත්, ඔවුන්ගේ ගණනය නිවැරදි නොවී ය.

දුවාන් වෙන්යැං ගමන් කළේ චින් ආර්යාව දෙසට නොව, මධ්‍යයේදී තම ඉලක්කය වෙනස් කළ ඔහු ඍජුවම ගියේ සු වෙයි වෙත ය!

චින් ආර්යාව මුල් අවදියේ හු ලුගුගේ ගෝලයෙකි. ඇය අවසන් වරට සටන් කර වසර ගණනාවක් ගත වුව ද, ඇගේ සටන් කලාව තවමත් එතරම් නරක නැත. නමුත් සු වෙයි වෙනස් ය. මෙයියැං දිස්ත්‍රික්කයේ නායකයා වනාහී සටන් කලාව ගැන කිසිවක් නොදන්නා පිරිසිදු පණ්ඩිතයෙක් පමණි. දුවාන් වෙන්යැංගේ චලනය කිසිදු පැකිලීමකින් තොර සෘජු හා තියුණු විය. ඔහු සතුව දැනටමත් පැහැදිලි සැලැස්මක් තිබූ අතර වචන යනු දැන් ඇමක් පමණක්ම විය.

ලී චිංයු ඇතුලු පිරිස ඒ වන විටත් සිටියේ මඳක් පිටුපසිනි. අනෙක් පුද්ගලයා ඔහුගේ අත් ගසා තවත් අත්ල ප්‍රහාරයකින් පහර දෙන විටදී ඔවුන් නැවත වරක් නතර විය. ඔවුන් නැවතත් පහර දීමට සමත් වන විට, දුවාන් වෙන්යැංගේ ඇඟිලි ඒ වන විටත් සූ වෙයිගේ ගෙල ග්‍රහණය කොටගෙන තිබුණි. නියමිත වේලාවට ඔහුව බේරා ගැනීමට ඔවුනට ක්‍රමයක් තිබුණේ නැත.

සු චියාඕ කෑ ගැසුවේ ය, “සහෝදරයා!”

“මගේ පුතාට රිද්දන්න එපා!” චින් ආර්යාවගේ මුහුණ ද දැඩි ලෙස වෙනස් විය.

එහෙත් බලාපොරොත්තු නොවූ ශබ්දයක් ද මේ මොහොතේ වා තලයට මුසු විය. එම කටහඬ අයත් වූයේ දුවාන් වෙන්යැංට ය.

ඒ සු චියාඕ සහ චින් ආර්යාවගේ බැණ වැදීම නිසාවත්, ලී චිංයු සහ අනෙකුත් අයට නියමිත වේලාවට පැමිණීමට නොහැකි වූ නිසාවත් නොවේ.

කොහේදෝ සිට පැමිණි උණ බම්බු ලීයක් මඟින් දුවාන් වෙන්යැංගේ මාර්ගය ඉදිරියෙන් අවහිර කොට තිබුණි.

එය ඉවතට තල්ලු කිරීමට සිතා ඔහු, යටි සිතින් අත දිගු කළ ද, සැරයටිය ද මඩෙහි දඟලන මාළුවෙකු මෙන් සෑම අවස්ථාවකදීම ලිස්සා යාමට සමත් විය. එය කෙතරම් ලිස්සනසුලුද යත්, මිනිසුන්ට එය අල්ලාගැනීමට නොහැකි විය. උණ බම්බු ලීයෙහි චලනය පුරාවටම අභ්‍යන්තර චී ශක්තිය රැලි ගැසෙමින් පැවතුණි. නමුත් ඒ සියල්ල අතිමහත් ශක්තියක් සහිත නොවී ය. ඒ වෙනුවට එය මෘදු, අඛණ්ඩ සහ ප්‍රබල වූ අතර, හදිසියේ පැමිණි මෙම ප්‍රතිවාදියා සමඟ ගනුදෙනු කිරීමට අවධානය යොමු කිරීම සඳහා සූ වෙයිව තාවකාලිකව අත්හැරීමට දුවාන් වෙන්යැංට බල කළේ ය.

අවසානයේ තම ප්‍රතිවාදියා කවුදැයි දුටු විට ඔහුගේ මුහුණ පුදුමයෙන් පිරී ඉතිරී ගියේ සිතාගත නොහැකි විස්මයක් දුටුවාක් මෙන් ය.



Comments

  1. ම්ම්ම් දැන් තමයි සටන පටන් ගන්නේ

    ReplyDelete
  2. Thank you❤️❤️

    ReplyDelete
  3. ❤️❤️❤️❤️❤️

    ReplyDelete
  4. හරිම ලස්සනයි

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-