Skip to main content

විසි නවවන පරිච්ඡේදය |නමුත් ඔබේ අතනම් හොඳින් දැනෙනවා.

පළමු ප්‍රහාරය මඟින් යුවාන් ෂුෂු බලාපොරොත්තු වූයේ ෂෙන් ච්‍යාඕව පරීක්ෂා කිරීම ය. යැන් වුෂි විසින් ඇයව නැවැත්වීමට උත්සාහ කළේ නම්, ඇය විසින් දිගටම ප්‍රහාර එල්ල නොකෙරෙනු ඇත. නමුත් මෙම සෙල්ලම් කොලුවා එතරම් වැදගත් කෙනෙකු නොවන්නාක් බදු වූ යැන් වුෂිගේ ප්‍රකාශනයන් දුටු ඇයට සිතුණේ ඔහු එතරම් වැදගත් කෙනෙකු නොවන බව ය. සිය තෙවන අත්ල ප්‍රහාරය නොවැළැක්වූ නිසාවෙන් ඒ ගැන සිතමින් සිටි ඇය සිනාසුණා ය. එනිසා ඇය සූදානම් වූයේ හුඕ ෂිජින්ගේ ජීවිතය වෙනුවෙන් ෂෙන් ච්‍යාඕගේ දිවියෙන් වන්දි ගෙවාලීමට සැලැස්වීමට ය.

නමුත් මෙවර දේවල් වෙනස් වූයේ නොසිතු ලෙස ය.

ෂෙන් ච්‍යාඕගේ කෙස් ගසකටවත් හානියක් කිරීමට ඇයට හැකි වූයේ නැත. යුවාන් ෂුෂුගේ ප්‍රකාශය දරුණු ලෙස වෙනස් විය. ඇයගේ සිරුරට ගුවන මධ්‍යයේ නැමී සිටීමට බල කෙරුණු අතර,සිතාගත නොහැකි ඉරියව්වකින්,සිරුරේ නම්‍යශීලීත්වයට අනුගත වූ ඇය පිටුපසින් ඇය දෙසට යොමු වූ ඇඟිලි ප්‍රහාරය මග හැරීමට සමත් විය.

නමුත් ඊලඟ මොහොතේ එම ස්ථානයේ ඇය සිටියේ නැත. අසළ තිබූ ගසෙහි අත්තක් මත ඇඟිලි තුඩු මතින් සිටගෙන සිටි ඇගේ රූපයෙහි සුදු වස්ත්‍ර සුළඟට ළෙල දෙමින් පැවතියේ මාර්තු මාසයේ විලෝ අතු වැනෙන්නාක් මෙනි. වැඩි කල් යන්නට මත්තෙන්, ඇගේ ධවල වස්ත්‍රය සෑම කෙනෙකුගේම දෘශ්‍ය පථයෙන් අතුරුදහන් වී තිබූ අතර, මිහිරි සිනහවක් පමණක් වාතයේ රැව් පිළිරැව් දෙමිනි: “යැන්-ලන් මට ගොඩක්  කුරිරුයි. මම දැන් යනවා, අපි වෙන දවසක අපේ පරණ යාළුකම ගැන කතා කරමු!”

යැන් වුෂි ඔහු වෙනුවෙන් පෙනී සිටිනු ඇතැයි ෂෙන් ච්‍යාඕ සිතුවේ නැත. බියන් යන්මෙයි පවා සිතුවේ නැත. නමුත් ඒ ගැන වචනයක්වත් කතා නොකළ ඔහු ඔවුන්ට ආචාර කිරීම සඳහා ඉක්මන් විය, “ගුරුතුමනි, චන්'අන් වෙතට නැවතත් සාදරයෙන් පිළිගන්නවා. මගේ නොහැකියාවයි අද සිදුවීමට හේතු වුණේ. ඒ සඳහා මට දඩුවම් ලැබිය යුතුයි!”

ඒ සඳහා පිළිතුරු ලබා නොදුන් යැන් වුෂි ෂෙන් ච්‍යාඕ හට නැගී සිටීමට උපකාර කළ අතර මෙසේ විමසී ය, "ඔබ හොඳින්ද?"

පිළිතුරු දීමට තරම්වත් ශක්තියක් නොමැති වූ ඔහු හිස සැලී ය. ඔහු දැනටමත් පසු වූයේ දුර්වල තත්වයකිනි.

ඉන වටා දෑත් යැවූ යැන් වුෂි ඔහුව ඉනෙන් ඔසවා ගත්තේ ය. ෂෙන් ච්‍යාඕ ඒ වන විටත් සිටියේ අඩ නින්දෙන් සහ අඩක් අන්ධ වූ තත්ත්වයකිනි. අරගල කිරීමේ හැකියාව අහිමිව තිබූ ඔහුගේ සිරුරෙන් දිස් වූයේ නම්‍යශීලී බවකි.

පළමුවෙන් ඔබ ආපසු නගරයට යන්න,” ඔහු තම ගෝලයාට පැවසී ය.

යැන් වුෂිගේ සන්සුන් භාවයට ප්‍රතිවිරුද්ධව, ඔහුගේ ක්‍රියාව නිසා බියන් යන්මෙයි හට ඇති වූයේ මහත් කම්පනයකි.

ඔවුන් ද්විත්වය පළමුව දුටු විට ඔහු ඒ පිළිබඳව තැකීමක් නොකළේ ය. පසුව ෂෙන් ච්‍යාඕ විසින් හුඕ ෂිජින් ඝාතනය කරන විට මෙන් ම යැන් වුෂි සහ යුවාන් ෂුෂු අතර සටනේ ද ගිලී සිටි ඔහු, යුවාන් ෂුෂු විසින් ෂෙන් ච්‍යාඕට පහර දෙන තුරු ද එය දැන සිටියේ නැත. කෙසේ වෙතත්, යැන් වුෂි සම්පූර්ණයෙන්ම නොසැලී සිටි ආකාරය දුටු ඔහු ඔහු ඒ පසුපස ගොස් සිතා බැලුවේ ය.

කෙසේ වෙතත්, ඔහු උපකල්පනය කළ ආකාරයට දේවල් සිදු වන බවක් පෙනෙන්නට නොතිබුණි.

එයින් බියන් යන්මෙයි මදක් ව්‍යාකූල විය.

ඔවුන් ආපසු එන අතරමගදී, ඔහු ඒ සඳහා අවස්ථාවක් සොයාගෙන මෙසේ විමසී ය, "ගුරුතුමනි, මම මේ පුද්ගලයාට කතා කරන්නේ කොහොමද?"

යැන් වුෂි ද පිළිතුරු ලබා දුන්නේ ය, "ඔහු ෂෙන් ච්‍යාඕ"

හිස නමා එය පිළිගත් බියන් යන්මෙයි ඔහුගේ මනස තුළ පිරික්සමින් එම නාමය සොයාගන්නට තැත් කළේ ය. එය ඔහුට තරමක් හුරුපුරුදු නාමයක් විය.

යැන් වුෂි තවදුරටත් කියා සිටියේ ය, "ඔහු තමයි ෂුවන්දු කන්දේ නිකායේ නායකයා."

මොකක්?!

බියන් යන්මෙයි නැවත වරක් කම්පනයට පත් විය. ආපසු වරක් ෂෙන් ච්‍යාඕ දෙස බැලූ ඔහුගේ දෑස් කෙතරම් විශාල වී ද යත්, ඒවා ඔහුගේ ඇස් කුහරවලින් පිට වීමට ආසන්න බවකින් දිස් විය.

ෂෙන් ච්‍යාඕ කවුද?

ෂුඅන්දු කන්දේ නිකාය නායකයා.

ෂුඅන්දු කන්ද කුමන ආකාරයේ ස්ථානයක්ද?

ස්වර්ගය යටතේ ඇති අංක එකේ දාඕවාදී නිකාය.

ඔවුන් කන්ද මුද්‍රා තැබීමෙන් පසු එහි ප්‍රතිරූපය වෙනදා මෙන් ආධිපත්‍යය දැරුවේ නැති නමුත් එය තවමත් වරක් චි ෆංග වැන්නෙකු බිහි කළ නිකාය විය. එහි නම ඇසූ සැණින් ඕනෑම අයකු බියට පත් වනු නිසැක ය.

කෙසේ වෙතත්, එවැනි නිකායක නායකයා දැන් තම ගුරුතුමාගේ තුරුලේ වැතිර සිටියේ කෙසේද?

කුන්'ය සමඟ සටනේදී ෂෙන් ච්‍යාඕ කඳු මුදුනෙන් පහළට වැටීම ගැන බියන් යන්මෙයි හට අසන්නට ලැබුණ ද, ඔහු වැඩි වශයෙන් අවධානය යොමු කර තිබුණේ උතුරු ෂෝ අධිරාජ්‍යයේ අධිකරණ කටයුතු කෙරෙහි ය. ඔහු විසින් සටන නැරඹීමට ගොස් නොතිබූ අතර, යැන් වුෂිගේ උපදෙස් පරිදි අර්ධ පියවර කදු පාමුල පුහුණු වීමට ගොස් සිටි නිසාවෙන් ඔහුගේ කනිෂ්ඨ සටන් සොහොයුරා වන යූ ෂෙන්ග්‍යාන්ට ද ඒ ගැන ඔහුට පැවසීමට අවස්ථාවක් ලැබී නොතිබුණි. එහි ප්‍රතිඵලයක් වශයෙන්, පසුව සිදු වූ කතාවේ ඇතුළාන්තය පිළිබඳව බියන් යන්මෙයි දැන සිටියේ නැත.

ඔහු උගුර පෑදුවේ ය, "ෂෙන් ච්‍යාඕ කියන්නේ චි ෆංගගෙන් පස්සේ උරුමය ලැබුණු හොඳම දහ දෙනා අතරට ආව කෙනෙක් කියලයි මට ආරංචි වුණේ. ඉතින් ඔහු වැන්නෙකුට යුවාන් ෂුෂුගෙන් ප්‍රහාර තුනක්වත් දරාගන්න බැරි වුණේ කොහොමද? ”

“ඔහුට ඉතිරි වෙලා තියෙන්නෙ ඔහුගේ සටන් කලාවෙන් අඩක් පමණයි. ඊට අමතරව, මම ඔහුට සෑම රාත්‍රියකම මාත් එක්ක කාර්යබහුල වෙන්න බල කරන නිසාත්, ඔහුට ප්‍රමාණවත් නින්දක් ලැබෙන්නේ නැති නිසාත්, දවල්ට ඔහු තරමක් වෙහෙසට පත් වීම ස්වාභාවිකයි."

ඔහු එය ඉතා අනියම් ආකාරයෙන් පවසා තිබුණ ද, බියන් යන්මෙයිට ඒ පිළිබඳ ඔහුගේ සිතුවිලි පුළුල් වීම වළක්වාගත නොහැකි විය.

'සෑම රාත්‍රියකම කාර්යබහුල වීමට බල කිරීම සහ ප්‍රමාණවත් නින්දක් නොලැබීම' යන්නෙන් ඔහු අදහස් කළේ කුමක්ද?

වාක්‍යය නිවැරදි ලෙස වටහා නොගැනීම ඇත්තෙන්ම ඔහුගේ වරදක් නොවේ.

යථාර්තය වූයේ පසුගිය දින කිහිපය තුළ යැන් වුෂි විසින් ෂෙන් ච්‍යාඕ හට ඔහු සමඟ සටන් කරන ලෙස බලකරමින්  ෂෙන් ච්‍යාඕගේ හැකියාවන් මතුකරගෙන තිබූ බව ය. මෙම සටන් වලදී ඔහු කිසිඳු අනුකම්පාවක් නොදක්වා තිබූ බැවින්, ෂෙන් ච්‍යාඕට ඒ සඳහා මුහුණ දීමට ධෛර්යමත් වීම හැර වෙනත් විකල්පයක් නොතිබුණි, ඒ සෑම අවස්ථාවකදීම ජීවිතය සහ මරණය අද්දර සිට ඔහුව ආපසු ඇදගෙන යනු ලැබී ය. දිවා කාලයේදී, අඳුරු ශක්ති හරය සහ දාඕවාදී ශක්ති හරය වැනි සටන් කලාවන් සම්බන්ධ මාතෘකා ගැන සාකච්ඡා කිරීමට යැන් වුෂි විසින් ඔහුට නැවත නැවතත් බල කෙරුණි. දින ගණනාවකට පසු, ඔහුගේ ශරීරයට ස්වභාවිකවම එය දරාගත නොහැකි වී තිබුණි. එබැවින් ඔහු හුඕ ෂිජින් ඝාතනය කිරීමෙන් පසු නින්දට වැටී තිබුණි.

සමහරවිට යැන් වුෂි හට තම ගෝලයා සිතන්නේ කුමක්දැයි සොයා බැලීමට අදහසක් නොතිබුණා විය හැක, නැතහොත් සමහර විට ඔහු එය හිතාමතාම අපැහැදිලි ලෙස පවසන්නට ඇත. කෙසේ වෙතත්, මෙම වාක්‍යය බියන් යන්මෙයි තුළ යම් සැක සහිත වැරදි වැටහීම්වලට සාර්ථක ලෙස ගෙන ගොස් තිබූ අතර, ඔහු වෙනත් කාච යුගලයකින් ෂෙන් ච්‍යාඕ දෙස බැලීමට ආරම්භ කොට තිබුණි.

……

ෂෙන් ච්‍යාඕ අවදි වන විට සිටියේ කණිෂ්ඨ ඇදුරුතුමාගේ වාස භවනේ ය. යැන් වුෂිව ෂෝ අධිරාජ්‍යයා විසින් කැඳවා තිබූ නිසාවෙන් ඒ වන විටත් ඔහු නිවසේ නොසිටි නමුත් අනෙක් අතට බියන් යන්මෙයි ෂෙන් ච්‍යාඕ ගැන බෙහෙවින් උනන්දු වූ ආකාරයක් පෙනෙන්නට තිබුණි. පිටත්ව යාමට ඉක්මන් නොවූ ඔහු තවත් මද වේලාවක් රැඳී සිටියේ ය. ෂෙන් ච්‍යාඕ අවදියෙන් බව සේවකයා වාර්තා කළ වහාම, ඔහු  කෙලින්ම ෂෙන් ච්‍යාඕව බැලීමට ගියේ ය.

ෂෙන් ච්‍යාඕ නිදා සිටින විට සහ ඔහු අවදියෙන් සිටින විට කෙතරම් වෙනස් දැයි සොයාගැනීමට බියන් යන්මෙයි හට හැකි වූයේ මේ මොහොතේ දී ය.

නිදා සිටින විටදී, ෂෙන් ච්‍යාඕගෙන් දිස් වූයේ මෘදු හා හානිකර නොවන බවකි. එය කැමැත්තෙන්ම සිටියාක් මෙන් දිස් විය. ඔහු යැන් වුෂිගේ අතෙහි වැතිර සිටිනු දුටු ඕනෑම කෙනෙකුට සිතෙන්නේ ඔවුන්ගේ සම්බන්ධතාවයෙහි යම් වැරැද්දක් ඇති බව ය.

ඇත්තෙන්ම, බියන් යන්මෙයිගේ සිතුවිලි ද දැන් සම්පූර්ණයෙන්ම එම මාර්ගයට ගොස් තිබුණි. ඔහු පසුව ඒ පිළිබඳව සොයා බැලීමට මිනිසුන් ද යවා තිබුණි. එහෙයින් තමා විසින්ම අසන ලද සහ දුටු දෙයට අමතරව, නිගමනයකට එළඹීම ඔහුට අපහසු නොවී ය: ෂුඅන්දූ කන්දේ මෙම නිකාය නායකයා කුන්'යට පරාජය වූ පසු බරපතල තුවාල ලබා තිබිය යුතු ය. ඔහු ෂුඅන්දූ කන්දට ආපසු යාමට ලැජ්ජා වූ අතර එහෙයින් තම ගුරුතුමාව මුණගැසුණි; එබැවින්, ඔහු අඩ කැමැත්තකින් යුතුව ගුරුතුමාගේ තටුව යට ආරක්ෂාවට පැමිණ ඔහු සඳහා ඇඳ සේවයට පත් වීමට එකඟ විය. එය නින්දිත තීරණයක් වූ අතර, ඒ නිසා ඔහු තම අනන්‍යතාවය ගැන අන් අය දැන ගැනීමට කැමති වූයේ නැත., එය ප්‍රසිද්ධ කිරීමට කොහෙත්ම එඩිතර වූයේ ද නැත.

කෙසේ වෙතත්, පිළිවෙළකට හැඳ පැළඳ මේසය අසල වාඩි වී සිටින ෂෙන් ච්‍යාඕ දුටු පසු, ඔහුට තවදුරටත් ඔහුගේ අනුමානය ගැන නිශ්චිත නොවී ය. මක්නිසාද යත්, අනෙක් පුද්ගලයාගේ නෙත් තවමත් නොගැලපෙන පරිදි සුදුමැලි වී තිබූ අතර, ලෝකෝත්තර තලයට පත් වූවාක් මෙන් අලංකෘත  මුහුණකින් යුක්ත වුව ද, ඔහුව අනෙක් අය සමඟ සම්බන්ධ වූ එවැනි සෙල්ලම් කොල්ලන් සමඟ කිසිසේත්ම සමපාත කිරීමට කිසිවකු හට නොහැකි බැවිනි.

“නිකාය නායක ෂෙන් බොහෝ දුරක් ඇවිත්. ඔබ අපේ අමුත්තා. ගුරුතුමා මේ දවස්වල බොහෝ කාර්යබහුල වේවි කියලා මට හිතෙනවා. ඒ නිසා ඔබට මේ කනිෂ්ඨ ශිෂ්‍ය ඇදුරු නිවහනේ ඉන්න පුළුවන්. ඔබට අවශ්‍ය දෙයක් තියෙනවනම් සේවකයන්ට කියන්න.”

“බොහොම ස්තුතියි බියන් මහත්මයා. මම ඔබට ගොඩක් කරදර කළා."

බියන් යන්මෙයි හට තම සිනහව නවත්වාගැනීමට නොහැකි විය, “ඔබව මෙහෙට අරගෙන ආවේ ගුරුතුමා. මේ වාසස්ථානය ගුරුතුමාගේ දේපලක්. ඔබව බලාගන්න එක මගේ යුතුකමක්. ඒ නිසා ඒක මට කරදරයක් කියලා හිතන්න ඕන නෑහැ.”

බියන් යන්මෙයි තවමත් සිටියේ යම් තරමක කලකිරීමකිනි. චි ෆංග වැන්නෙකුගේ අසමසම උරුමය ඇති කෙනෙකුගේ ගෝලයෙකු අනෙක් පුද්ගලයින්ගේ කොල්ලයක් බවට පත්වීම තරමක් කණගාටුදායක බව ඔහුට හැඟී ගියේ ය. පරාජයෙන් පසු ඔහු මිය ගියේ නම්, ඔහුගේ මරණයෙන් සියලු ගැටලු අවසන් වනු ඇති අතර, ඔහු අවම වශයෙන් ඛේදජනක නමුත් ගෞරවනීය හැඟීමක් ඉතිරි කරනු ඇත. නමුත් ඔහු මේ ආකාරයෙන් ජීවත් වීම සඳහා පමණක් ජීවතුන් අතර සිටීම සරලවම පැවසුවහොත් නින්දිත කරුණක් විය.

කෙසේ වෙතත්, ෂෙන් ච්‍යාඕ හිස සැලුවේ ය. “කලින් මම හුඕ ෂිජින්ව ඝාතනය කළේ ඒ පුද්ගලයා සමාව දිය නොහැකි තරම් දරුණු අපරාධයකට වැරදිකරු නිසා. ඔහුගෙන් තවත් ජීවිතවලට හානියක් වෙන එක වළක්වන්න අවශ්‍ය වුණ නිසා ඔහුව මරලා ඔහුගේ අපරාධ නතර කරන එක හැර මට වෙනත් විකල්පයක් තිබුණේ නැහැ. කොහොම වුනත්, හුඕ ෂිජින් කියන්නේ සමගි නිකායේ ගෝලයෙක්. මගේ ක්‍රියාව නිසා ඔබට ප්‍රශ්න ඇති නොවේවි කියලා මම හිතනවා."

ඔහු ඒ පිළිබඳව සඳහන් කරනු ඇතැයි බියන් යන්මෙයි සිතුවේ නැත. එය ඔහුට ආරම්භය සඳහා හොඳ ලක්ෂ්‍යයක් ලබා දුන් නමුත් ඉක්මනින්ම පිළිතුරු ලබා දුන් ඔහු මෙසේ පැවසී ය, “සමඟි නිකායයි පවිත්‍ර චන්ද්‍ර නිකායයි බොහෝ කාලයක ඉඳලාම සතුරන්. හූඕ ෂීජිං මගේ සේවකයාව මරා දැමුවා. ඔහුව මරා දැමීම ගැන ඔබට ස්තූති කරන්න ඕනේ මමයි. ”

ෂෙන් ච්‍යාඕ තමාටම සිනාසුණේ ය, “සාමාන්‍යයෙන් නම් වෙනත් කෙනෙකුට තවත් කෙනෙකුව මරා දැමීමට අවශ්‍ය වුනොත් මම ඔවුන්ව එයින් ඉවත් කිරීමට උත්සාහ කරනවා. ඇත්තෙන්ම මම කුහක කෙනෙක්. ඒත් හුඕ ෂිජින් වගේ කෙනෙක් දැක්කොත් මුලින්ම ඔහුව මරා දාන්නේ මම. මගේ හදවතයි ආකල්පයි වර්ධනය කරගන්න මම අතීතයේ ගත්ත සියලු උත්සාහයන් මටම බොරුවක් විතරයි කියලා ඒකෙන් පැහැදිලියි."

තවමත් සුදුමැලි වී තිබූ ඔහුගේ මුහුණින් දිස් වූයේ වෙහෙසට පත්ව සිටි අයුරකි. ඔහුගේ ස්වයං උපහාසාත්මක වචන පවා කිසිඳු බාධාවක් නොමැති අයුරින් මෘදු විය.

මෙනිසා ඔහු පිළිබඳව අනුකම්පාසහගත සිතුවිලි ජනිත වීම වළක්වා ගත නොහැකි වූ බියන් යන්මෙයි ඔහුව සනසන්නට පවා නොපැකිළව ඉදිරිපත් විය, “කොන්ෆියුෂියානු ධර්මයේ පවා තිබෙනවා 'නපුරට කරුණාවෙන් විපාක දුන්නොත්, කරුණාවට ආපසු ගෙවන්නේ කොහොමද?' කියලා කියමනක්. හුඕ ෂිජින් පව්කාර මිනිසෙක්.මමත් ඒ ශුද්ධ නිකායේම ආරම්භ වූ ශ්‍රාවකයෙක් වුනත්, ඔහු ගැන මට හොඳ හැඟීමක් නැහැ. ඇත්තම කිව්වොත්, ඔහුගේ මරණය ගැන බොහෝ දෙනෙක් ඔබට ස්තූති කිරීමට පවා කැමති වේවි කියලා මට හිතෙනවා."

තවත් මද කාලයක් කතා බහේ නිරත වුව ද තවත් ඉදිරියට කතා කිරීමට නොහැකි අයුරින් වෙහෙසට පත්ව සිටි ෂෙන් ච්‍යාඕගේ ප්‍රකාශනයන් දුටු බියන් යන්මෙයි අවසානයේ දී නැඟිට ඔහුගෙන් සමුගෙන පිටව ගියේ ෂෙන් ච්‍යාඕ හට විවේක ගත හැකි වන පරිද්දෙනි.

කාමරයෙන් පිටව ආ පසු ඔහුගේ මුහුණ සිප ගත් සීතල සුළඟත් සමඟ ඔහුට සිහිපත් වූයේ තමා මුලින්ම පැමිණි විට, ෂෙන් ච්‍යාඕ ගැන තැකීමක් නොකළ ආකාරය ය. කෙසේ වෙතත්, විනීත සංවාදයකින් පසු, ඔහුගේ පිළිකුල සම්පූර්ණයෙන්ම පහව ගොස් තිබුණා පමණක් නොව, අනෙක් පුද්ගලයා තරමක් මිත්‍රශීලී බව ද ඔහුට හැඟී ගොස් තිබූ අතර, මිනිසුන් ඔහු සමඟ සම්බන්ධ වීමට ද කැමති වනු ඇති බව ද ඔහු වටහාගෙන තිබුණි.

අනෙක් පසින්, ඔහු සිතුවේ කුමක්දැයි පැහැදිලිව දැන සිටි ෂෙන් ච්‍යාඕ ද, හිතාමතාම හුඕ ෂිජින්ගේ මරණය මාතෘකාවට ගෙන ගොස් තිබුණි. හුඕ ෂිජින්ගේ මරණයට වගකිව යුත්තේ ඔහු බව අවධාරණය කිරීමට අවශ්‍ය වූ ඔහුට අනෙක් පසින් අවධාරණය කිරීමට අවශ්‍ය වූයේ යැන් වුෂි සමඟ සිටියත් ඔහු කිසිවෙකුගේ දේපළක් නොවන බව බියන් යන්මෙයිට දැන ගැනීමට සැලැස්වීමයි.

මෙය වටහාගත් පසු බියන් යන්මෙයිගේ හදවතේ ඉතිරිව තිබූ අවසාන අවමානයත් වාතයේ දුමාරයක් මෙන් පහව ගොස් තිබුණි.

……

යැන් වුෂි නැවත පැමිණෙන විට, ෂෙන් ච්‍යාඕ සිටියේ ඔහුගේ කාමරය තුළ වෙයිචි ක්‍රීඩාවේ යෙදෙමිනි.

ප්‍රතිවාදියෙකු නොමැති වූ නිසාවෙන් එක් අතකින් සුදු ඉත්තන් ද අනෙක් අතින් කළු ඉත්තන් ද හසුරවමින් සිටි ඔහු දෑස් වසාගෙන තමා සමඟම ක්‍රීඩාවේ යෙදෙමින් සිටියේ ය. ඒ වන විටත් වෙයිචි පුවරුවට දමා තිබූ ඉත්තන්ගේ පිහිටීම ස්පර්ශ කරමින් සිටි ඔහු පුවරු සැලැස්ම කටපාඩම් කිරීමට උත්සාහ කරමින් සිටියේ ය.

ඔහුගේ සෑම චලනයක්ම මන්දගාමී විය. එක් ඉත්තෙකුගෙන් පසු තවත් ඉත්තෙකු ඉදිරියට රැගෙන යාම සඳහා බොහෝ වේලාවක් සිතීමට ඔහු හට සිදු විය. නමුත් ඔහු තැබූ සෑම ඉත්තෙකුම තිරස් සහ සිරස් රේඛා අතර ඡේදනය මත නිවැරදි ලෙස ම ගොඩ බැස තිබුණි.

ෂෙන් ච්‍යාඕගේ යුධ ශක්තිය නැවත පැමිණෙමින් තිබුන ද ඔහුගේ ඇස් වල තත්වය තවමත් අස්ථාවර විය. විටෙක අපැහැදිලි රූප දැකීමට ඔහු හට හැකියාවක් තිබුණ ද, තවත් විටෙක ඔහු සහ අන්ධයෙකු අතර වෙනසක් නොවී ය. ඔහු තරමක් සන්සුන්ව එම කාරණය පිළිගත් නමුත් අවට පරිසරය ඇසීමට සහ දැනීමට ඇති හැකියාව හිතාමතාම පුහුණු වෙමින් නරකම අවස්ථාවට සූදානම් වීමට ද ඔහුට සිදු විය.

කාමරය තුළට ඇතුළු වීමට පෙර බොහෝ වේලාවක් දොර අසළ සිටගෙන සිටි යැන් වුෂි සිටියේ ෂෙන් ච්‍යාඕ ක්‍රීඩාවේ යෙදෙන අයුරු නිහඬ ලෙස නරඹමිනි.

ක්‍රීඩාවට මුළුමනින්ම සිත යොදවා එය තුළ ම ගිලී සිටි ෂෙන් ච්‍යාඕ මුලදී යැන් වුෂිව දුටුවේ නැත. අනෙක් පුද්ගලයා තම හස්තයෙහි තිබූ භාණ්ඩය මේසය මත තැබූ පසුව ද තමාගේ දෘෂ්ඨි රේඛාවේ දිස් වූ නොපැහැදිලි රූපය අධ්‍යයනය කිරීමට ඔහු දෑස් විවර කොට නොතිබුණි.

"නිකාය නායක යැන්?"

නමුත් කාමරය තුළට පැමිණි පුද්ගලයාගේ ඡායා මාත්‍රය හසු වූ පසු ඔහුගේ මුහුණට සිනහවක් නැගුණේ නිරායාසයෙනි.

"ඔබට අද චිංදුවල කුමරිය හමුවුණා කියලා ආරංචියි. කොහොමද, ඇය ගැන හොඳ හැඟීමක් ඔබට ඇති වුණාද?" යැන් වුෂි විමසුවේ ය.

සිනහව අවසන් කළ ෂෙන් ච්‍යාඕ ද පිළිතුරු ලබා දුන්නේ ය, “අපි එකිනෙකාව අහම්බෙන් මුණ ගැහුණා. ඒක හොඳ හැඟීමක් විදිහට ගණන් ගන්න බැහැ. ඇය ස්වර්ගය යටතේ සිටින වටිනා සහ දක්ෂ දියණියක්. නමුත් මම සාමාන්‍ය වැසියෙක්. නිකාය නායක යැන් විහිළු කරනවා වගේ."

යැන් වුෂි විසින් ෂෙන් ච්‍යාඕගේ නිදහසට බාධා කිරීම නවත්වනු ලැබුවේ ඔවුන් චන්'අන් වෙත පැමිණි පසුව පමණි. ෂෙන් ච්‍යාඕ හට අවශ්‍ය නම් නගරයේ සැරිසැරීමට හැකි වුවද, හැකි වූයේ එපමණකි. මන්ද යත්, ඔහු නගරයෙන් පිටවීමට සැරසුනහොත්, නගර ද්වාරවල ආරක්ෂකයින් විසින් ඒ ගැන දැනුම්දීමක් වහාම බියන් යන්මෙයි වෙත ලැබෙනු ඇත. මේ වන විටත් බියන් යන්මෙයි විසින් සියලුම නගර ද්වාරවලට දැනුම් දී තිබුණි. ඔවුන් වහාම ෂෙන් ච්‍යාඕව නවත්වා නැවත වාර්තා කරනු ඇත.

යැන් වුෂි සිනාසෙමින්ම පැවසී ය, “ඔබට ඒක ස්ථිරවම කියන්න බැහැ. ඔබ යූ ෂෙන්ග්‍යාන් එක්ක යේ නගරයට ගිය ගමනේදීත් ඔබට හැන් ෆෙන්ග්ගේ දියණිය හමුවුණා කියලා මට ආරංචි වුණා. ඇයත් ඔබට කැමති වුණේ නැද්ද? හොඳයි, චිංදු කුමරිය බරපතල විදිහට හිතන පුද්ගලයෙක් වීම කණගාටුවක්. ඔබ මගේ නිවසේ ජීවත් වුණා කියලා ඇය දන්නවානම්, නිසැකවම ඔබව යහපත් මිනිසෙකු විදිහට ඇය සලකන්නේ නැහැ. ඔබට ඒ වගේ විශිෂ්ට විවාහයක් මග හැරුණා. නැත්නම්, ඔබ කුමරියක් සමඟ විවාහ වුණා නම්, ෂුඅන්දු කන්දට ආපසු යාම අධිරාජ්‍ය අධිකරණයේ සහාය නිසා කේක් කෑල්ලක් වගේ පහසු දෙයක් වේවි."

මදක් අසරණ භාවයට පත් වූ ෂෙන් ච්‍යාඕ මෙසේ පැවසී ය. “නිකාය නායක යැන්ට කම්මැලි නැද්ද? මම චිංදු කුමරියත් එක්ක සුබපැතුම් කිහිපයක් හුවමාරු කරගැනීම හැර වෙනත්  කිසිවක් කළේ නැහැ. නමුත් ඔබ දැනටමත් ඒ වගේ කතාවක් හදලා."

ෂෙන් ච්‍යාඕගේ මුහුණ ස්පර්ශ කළ යැන් වුෂි ද නිහතමානී ස්වරයකින් පිළිතුරු දුන්නේ ය, “චිංදු කුමරිය කියන්නේ ඕනෑම කෙනෙකුට සුහදව කතා කරන නිහතමානී පවුලක ලස්සන දියණියක් කියලද ඔබ සිතුවේ? ඔබට ඔබේ සටන් කලාවයි, ඔබේ තරාතිරමයි නැති වුණ බව ඇත්ත. නමුත් ඔබේ මුහුණ නැති වෙලා නැහැ. ඔබේ මේ මුහුණට පමණක් වුණත් පෙම් සබඳතා කිහිපයක් ආකර්ෂණය කරගන්න පුලුවන්. මූ ටිපෝත් එහෙම කෙනෙක් නෙවෙයිද? මම නම් කියන්නේ ඊලග පාර එලියට යනකොට ඔය උතුම් පවුල්වල කාන්තාවෝ වගේ වේල් එකක් දාගෙන යන්න. එවිට ඔය තරම් කරදර ඇති වෙන්නේ නෑ. එහෙම නැතිව කටකතා පැතිරිලා මගේ කොල්ලා එහෙන් මෙහෙන් ආලවන්ත හැඟීම් පානවා කියලා හැමෝම කියන්න ගත්තොත් ඒක මට ලොකු ලැජ්ජාවක්."

ඇසුරු කළ කාලයේ අත්දැකීම් අනුව ගත් අවබෝධය නිසාවෙන් යැන් වුෂි ඔහුව මෙතරම් උද්දීපනය කරන්නේ ඔහු විශේෂයෙන් හොඳ මනෝභාවයකින් හෝ ඊට හාත්පසින්ම විරුද්ධ වූ අවස්ථාවල සිටින විටදී පමණක් බව ෂෙන් ච්‍යාඕ දැන සිටියේ ය.

දැන් එකම ගැටලුව වූයේ අද එය කුමක්ද යන්න පමණි.

අපේක්ෂා කළ පරිදිම ඊළඟ මොහොතේ, යැන් වුෂි විසින් මෙසේ අසනු ඔහුට ඇසිණි, “මං ළඟ හොඳ ආරංචියක් සහ නරක ආරංචියක් තිබෙනවා. ඔබ මුලින්ම අහන්න කැමති මොකක්ද?"

ෂෙන් ච්‍යාඕ ද ඇසුවේ ය, "ඒක හොඳ ආරංචියක් වෙන්නේ මටද? නැත්නම් ඔබටද? ”

“ඇත්තටම එය ඔබටම ගෙනා හොඳ ආරංචියක්! ඔබ මා ගැන මෙතරම් ද්වේෂසහගත සැකයකින් සිතනවා දකිද්දී හද කම්පා වෙනවා.”

කතා කරමින්ම ඔහු සමීපයට පැමිණි යැන් වුෂිගේ කටහඬ තරමක් පහත් වූ අතර එහි ගැබ්ව තිබුණේ තරමක සැක සහිත ස්වරූපයකි.

මේ දිනවලදී මෙවැනි අවස්ථාවන් සඳහා කෙතරම් මුහුණ දී තිබුණ ද තවමත් එයට පුරුදු විමට ෂෙන් ච්‍යාඕ සමත් වී තිබුණේ නැත. එක්වරම හිස පසෙකට හරවා ගත් ෂෙන් ච්‍යාඕ අනෙක් පුද්ගලයා තම මුහුණට පිඹීමට යන උණුසුම් හුස්ම වළක්වාගැනීමට තැත් දැරුවේ ය.

නමුත් මුහුණ ඉවතට හරවා ගත්ත ද එයින් අදහස් වූයේ ඔහුගේ ශ්‍රවණේන්ද්‍රියන් ද හරවාගැනීමට ඔහුට හැකි වූ බව නොවේ.

ඔහුගේ කන සහ කන් පෙත්ත ක්ෂණිකව සිහින් රතු පැහැති තට්ටුවකින් වැසී ගියේ ය. සුදු ජේඩ් මත රෝස සලකුණක් දිස් වූවාක් මෙන්, දර්ශනය වූ එම කන් පෙති ස්පර්ශ කිරීමට ස්වභාවිකවම මිනිසුන්ට අවශ්‍ය වනු ඇත.

යැන් වුෂි ද කළේ එයයි. පැන යාමට ස්ථානයක් නොතිබූ ෂෙන් ච්‍යාඕ හට ඉතිරිව තිබූ එකම විකල්පය වූයේ ඔහුව අවහිර කිරීමට අතක් එසවීම පමණි. ඔවුන්ගෙන් එක් අයෙක් වාඩි වී සිටි අතර අනෙකා සිටියේ එම ආකාරයට හේත්තු වී ය. ඔවුන් දුසිමක් හෝ ඊට වැඩියෙන් චලනයන් හුවමාරු කර ගත් අතර, පුදුම සහගත ලෙස එය අවසන් වූයේ ෂෙන් ච්‍යාඕගේ සිරුර සම්පූර්ණයෙන්ම යැන් වුෂිගේ දෑත් මතට ඇද  වැටීමෙනි.

'ක්ලික්' ශබ්දයක් දිව මඟින් නිකුත් කළ යැන් වුෂි මෙසේ පැවසී ය, “ඔබ බොහෝ කෙට්ටුයි. ඒ නිසා ඔබව බදාගන්න හොඳ නැහැ.

ඉනික්බිතිව ඔහු ෂෙන් ච්‍යාඕව තම දෑතින් ඉවතට තල්ලු කළේ ය.

ෂෙන් ච්‍යාඕ: "..."

යැන් වුෂි: "නමුත් ඔබේ අතනම් එහෙම නැහැ."

ෂෙන් ච්‍යාඕ හට තිබුණේ දිගු සහ සිහින් ඇඟිලි ය. ඔහුගේ අසනීපය නිසා, ඒවා සීතල හා සුදුමැලි ලෙස දිස් වූ අතර අනෙකාගේ අතට තරමක් හොඳ හැඟීමක් දනවන්නට සමත් වී තිබුණි. යැන් වුෂි ද සුදු ජේඩ් කැබැල්ලක් සමඟ සෙල්ලම් කරන්නාක් මෙන් ඔහුගේ දෑත්වලින් ෂෙන් ච්‍යාඕගේ ඇඟිලි සෙල්ලම් කළේ ය. මෙම ක්‍රියාව මුලින් සීතල අත උණුසුම් කළ අතර එය දැන් දැණුනේ උණුසුම් ජේඩ් කැබැල්ලක් මෙනි.

ඔහු සෑම විටම ඔහුට රිසි පරිදි කටයුතු කළ අතර, අන් අයගේ හැඟීම් පිළිබඳව කිසිදා තැකීමක් නොකළේ ය. ඔහු එය රසවිඳින තාක් ෂෙන් ච්‍යාඕ එයට කැමතිද නැද්ද යන්න ඔහුට ප්‍රශ්නයක් නොවී ය. ඇත්තෙන්ම, ෂෙන් ච්‍යාඕ ඒ පිළිබඳව අසතුටට පත් වූවා නම්, ඔහුට එය සිත්ගන්නාසුළු කරුණක් වන අතර බොහෝ විට එය තවත් ඉදිරියට කරගෙන යනු ඇත.

අපේක්ෂා කළ පරිදිම හිස ඔසවා බැලූ ඔහුට ෂෙන් ච්‍යාඕගේ මුහුණේ ඉරියව් දුටු පසු සිනහවක් නැඟුණි, “ආ-ච්‍යාඕ, ඔබ අසතුටින්ද? මම ඔබට කියන්න හිටියේ ෂුඅන්දු කන්ද ගැන ආරංචියක්. ඔබට ඒක දැනගන්න ඕන නැද්ද?"

යාන් වුෂිගේ ආරක්‍ෂාව අඩු වූ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් ෂෙන් ච්‍යාඕ ද වහාම ඔහුගේ ඇඟිලි ග්‍රහණයෙන් නිදහස් කොටගෙන අත නැවතත් වස්ත්‍රය වෙතට ඇද ගත්තේ එහි තවත් අඟලක් හෝ පෙන්වීම ප්‍රතික්ෂේප කරමිනි.

අනුකම්පාවෙන් ඔහුගේ දෙඅත් දෙස බැලූ යැන් වුෂි තවදුරටත් මෙසේ පැවසී ය,“ඔබ එදා ෂුඅන්දු කන්දේ තිබුණු 'හරිතමණී මාලක' දාඕවාදී සමුළුව බලන්න නොගිය එක අවාසනාවක්. චුන්යැං නිකායේ යි බිචෙන්ගේ ශ්‍රාවකයා වුණ ලී චිංයු පළමු වතාවට කන්දෙන් බැස්සා කියලා මට ආරංචි වුණා. නමුත් ඔහු ෂුඑටිං භික්ෂුවගේ ගෝලයා වුණ ලියන්ෂෙංවයි, ලින්චුවන් ආයතනයේ හේ සියොන්වයි ෂුඅන්දු කන්දේ වැඩිහිටියන් දෙදෙනෙකුත්  පරාද කළා. අවසානයේදී ඔබේ කනිෂ්ඨ සොහොයුරා යූ පවා තරගයට එකතු වුණා. නමුත් එක් පහරකින් ඔහුව අඩකින් පමණ පරාජය කිරීමට ඔහුට හැකි වුණා. චිංචෙන් කන්දේ චුංයැන් නිකායේ ලී චිංයු කියන නම එතන හිටපු සියල්ලන්වම පුදුමයට පත් කළා. ඒ වගේම ලෝක ප්‍රසිද්ධ නමක් වුණා."

එම ආරංචිය ඇසූ ෂෙන් ච්‍යාඕ ද විස්මයට පත් විය. “ලී චිංයු? ඔහු යී බිචෙන්ගේ අවසාන ගෝලයා කියලයි මට ආරංචි වුණේ. නමුත් ඔහු අනෙක් අය ඉදිරියේ පෙනී ඉන්නේ කලාතුරකින්."

"ඒක හරි. ෂුඅන්දු කන්දේ තිබුණු දාඕවාදී සමුළුව තමයි හරියටම කිවුවොත් ඔහුගේ නම ලෝකයට හඳුන්වාදීමේ පළමු සටන.

ලියන්ෂෙං සහ හේ සියොං කියන දෙන්නාම තරුණ පරම්පරාව අතර කීර්තිමත් විශේෂඥයන්. ඔවුන් සුපිරිම දස දෙනා තරම් දක්‍ෂ නොවුණත් ඔවුන්ට විරුද්ධව ජයග්‍රහණය කරන්න තරම් දක්ෂ අය සටන්කාමී ලෝකයේ බොහෝ දෙනෙක් නැහැ."

"අවසානයේ යූ අයි එක් පහරකින් අඩකින් පැරදුණත් යූ අයිගේ තරාතිරමයි, ජ්‍යෙෂ්ඨත්වයයි සැලකුවොත් එය ඔහුට ගෞරවයක් වෙනවා මිසක් ලැජ්ජාවක් වෙන්නේ නැහැ."

පොඩ්ඩක් හිතන්න. යූ අයි කියන්නේ චි ෆංග'ගේ ගෝලයා. චී ෆංග කියන්නේ ඔහුගේ කාලයේ සිටි හොඳම සටන් කලාකරුවා. ඔහු යූ අයි එක්ක සටනෙන් අඩකින් පමණක් පැරදුනා කියන්නේ, එයින් ඇඟවෙන්නේ ඔවුන් දැනටමත් සමාන මට්ටමක ඉන්නවා කියලත් ලී චිංයු වසර කිහිපයකින් යූ අයිව පවා අභිබවා යනවා කියලා නෙවෙයිද? ඔහු තවමත් තරුණ කෙනෙක්. ඒ විතරක් නෙවෙයි සාමාන්‍ය ලෝකයට අඩිය තියපු පළමු අවස්ථාවත් මේක. නමුත් ඔහු ඒ වන විටත් බොහෝ දේවල් අත්කරගෙන තිබුණා. ප්‍රමාණවත් කාලයක් තිබුණොත්, ඔහු ස්වර්ගය යට සිටින තවත් අංක එකේ සටන් කලාකරුවෙක් නොවේවි කියලා ඔබ කියන්නේ කොහොමද?

අනෙක් අතට, ෂුඅන්දු කන්ද ගැන කිවුවොත් පළමුව, කුන්'ය එක්ක සටනින් ෂෙන් ච්‍යාඕ පරාජය වුණා. ඒ පිටුපස විශාල හේතුවක් තිබුණත්, අනෙක් අය කතාව දන්නේ නැහැ. ඒ නිසා සිතන්නේ ෂෙන් ච්‍යාඕ ඔහුගේ නමට නුසුදුසුයි කියලත් ඔහුගේ සටන් කලාව ඔහුගේ ස්වාමියාට වඩා බෙහෙවින් පහත් කියලත් විතරයි. ෂුඅන්දු කන්දේ පවත්වපු දාඕවාදී  සමුළුවට ලෝකය පුරාම ඉන්න නිකායන්ට යූ අයි ආරාධනා කළේ අන් කිසිවක් නිසා නොවේ ෂුඅන්දු කන්ද නැවත වරක් ලෝකයට විවෘත වන බව නිල වශයෙන් ප්‍රකාශ කරන්න. ඔහුට ඒ අවස්ථාව ආරම්භයක් විදිහට භාවිතා කරන්න පුලුවන්. සෑම කෙනෙක්ම ෂුඅන්දු කන්දේ නම ගැන බියෙන් සිටීවි. කොහොම වුනත්, ලි චිංයු වගේ කෙනෙක් සිටීවි කියලා ඔවුන් හිතන්න නැතුව ඇති. ඔහුගේ පැමිණීම නිසා ෂුඅන්දු කන්දේ විශ්මයජනක ප්‍රතිරූපය නැවත ගෙන එන්න සමුළුව අසමත් වුණා. ඒ විතරක් නෙවෙයි ඒ වෙනුවට එය අවසන් වුණේ ලි චිංයුගේ නම පවා ලෝක ප්‍රසිද්ධ කරලා."

ෂුඅන්දු කන්ද දෙවන හෝ තුන්වන මට්ටමේ නිකායක් දක්වා අඩු කරාවි කියලා ඒකෙන් අදහස් වෙන්නේ නැහැ. නමුත් නිසැකවම එය යූ අයි සහ අනෙක් අයට විපත්තිදායක ආරම්භයක් වෙන්න පුලුවන්. අනාගතයේදී අනෙක් මිනිසුන් ෂුඅන්දු කන්ද ගැන නැවත කතා කරද්දි අනිවාර්යයෙන්ම ඒ ගැන අඩු ගෞරවයකින් කතා කරාවි.

'සියල්ලට පසු, ලෝකයටම සිටියේ එක් චි ෆංග කෙනෙක් විතරයි. ඔහු නැතිව, ෂුඅන්දු කන්දට තවදුරටත් පෙර තිබූ විශිෂ්ට ස්ථානය හිමි වෙන්නේ නැහැ. ඔහු විසින් කන්ද මුද්‍රා තැබීමට ගෙන තිබූ තීරණය කිරීම පුදුමයක් නෙවෙයි. ඔහුගේ පසුකාලීන ගෝලයන් බලාපොරොත්තු සුන් කරාවි කියලා ඔහු බොහෝ විට මුලදීම දකින්න ඇති. ඒ නිසා ඒ වගේ නරක තීරණයක් ගැනීම හැර ඔහුට වෙනත් විකල්පයක් ඉතිරිව තිබෙන්නේ නැතිව ඇති.'

හැමෝම මෙහෙම හිතාවි.

ෂෙන් ච්‍යාඕ යනු තීක්ෂණ බුද්ධියක් ඇති පුද්ගලයෙකි. යැන් වුෂි කීවේ වාක්‍ය කිහිපයක් පමණි. නමුත් ඊට පසු සිදුවීමට යන සියල්ල ඔහු විසින් දැනටමත් අනුමාන කර තිබුණි.



Comments

  1. හම්මේ ඉතින් yan Wushi පැණියා නේ

    ReplyDelete
  2. පව් අනේ A'Qiao

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-